ත්‍රිපිටකය
7. වීරියාරම්භාදිවග්ගො 7. විරීයාරම්භ වර්ගය
61
‘‘නාහං , භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා වා අකුසලා ධම්මා පරිහායන්ති යථයිදං, භික්ඛවෙ, වීරියාරම්භො (විරියාරම්භො (සී. ස්‍යා. කං. පී.)). ආරද්ධවීරියස්ස, භික්ඛවෙ, අනුප්පන්නා චෙව කුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා ච අකුසලා ධම්මා පරිහායන්තී’’ති. පඨමං.
61
විරියාරම්භ සූත්‍රය
“මහණෙනි, යම් සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයක් හේතුකොටගෙණ නූපන් කුශලධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තා තුළ නූපන් කුශලධර්මයෝත් උපදිත් උපන්නාවූ අකුශලධර්මයෝත් පිරිහෙත්.”
62
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නා වා අකුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා වා කුසලා ධම්මා පරිහායන්ති යථයිදං, භික්ඛවෙ, මහිච්ඡතා. මහිච්ඡස්ස, භික්ඛවෙ, අනුප්පන්නා චෙව අකුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා ච කුසලා ධම්මා පරිහායන්තී’’ති. දුතියං.
62
මහිච්ඡ සූත්‍රය
“මහණෙනි, යම් දැඩි ලෝබකමක් හේතුකොටගෙණ නූපන් අකුශලධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ දැඩි ලෝබකම වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, දැඩිලෝබ පුද්ගලයා තුළ පෙර නූපන් අකුශලධර්මයෝත් උපදිත්. උපන්නාවූ කුශලධර්මයෝත් පිරිහෙත්.”
63
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා වා අකුසලා ධම්මා පරිහායන්ති යථයිදං, භික්ඛවෙ, අප්පිච්ඡතා. අප්පිච්ඡස්ස, භික්ඛවෙ, අනුප්පන්නා චෙව කුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා ච අකුසලා ධම්මා පරිහායන්තී’’ති. තතියං.
63
අප්පිච්ඡ සූත්‍රය
“මහණෙනි, යම් අලෝභිබවක් හේතුකොටගෙණ නූපන් කුශලධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ අකුශලධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ අලෝභිබව වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අලෝභිවූ තැනැත්තා තුළ නූපන් කුශලධර්මයෝත් උපදිත්, උපන්නාවූ අකුශලධර්මයෝත් පිරිහෙත්.”
64
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නා වා අකුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා වා කුසලා ධම්මා පරිහායන්ති යථයිදං, භික්ඛවෙ, අසන්තුට්ඨිතා. අසන්තුට්ඨස්ස, භික්ඛවෙ, අනුප්පන්නා චෙව අකුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා ච කුසලා ධම්මා පරිහායන්තී’’ති. චතුත්ථං.
64
අසන්තුට්ඨ සූත්‍රය
“මහණෙනි, යම් ලද දෙයින් සතුටු නොවන බවක් හේතුකොටගෙණ පෙර නූපන් අකුශලධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ ලද දෙයින් සතුටු නොවන බව වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, ලදදෙයින් සතුටු නොවන්නාවූ පුද්ගලයා තුළ නූපන් අකුශලධර්මයෝත් උපදිත්. උපන්නාවූ කුශලධර්මයෝත් පිරිහෙත්.”
65
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා වා අකුසලා ධම්මා පරිහායන්ති යථයිදං, භික්ඛවෙ, සන්තුට්ඨිතා. සන්තුට්ඨස්ස, භික්ඛවෙ, අනුප්පන්නා චෙව කුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා ච අකුසලා ධම්මා පරිහායන්තී’’ති. පඤ්චමං.
65
සන්තුට්ඨ සූත්‍රය.
“මහණෙනි, යම් ලදදෙයින් සතුටුවීමක් හේතුකොටගෙණ නූපන් කුශලධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ ලදදෙයින් සතුටුවීම වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, ලදදෙයින් සතුටු වන්නා තුළ නූපන් කුශලධර්මයෝත් උපදිත්. උපන්නාවූ අකුශලධර්මයෝත් පිරිහෙත්.”
66
‘‘නාහං , භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නා වා අකුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා වා කුසලා ධම්මා පරිහායන්ති යථයිදං, භික්ඛවෙ, අයොනිසොමනසිකාරො. අයොනිසො, භික්ඛවෙ, මනසි කරොතො අනුප්පන්නා චෙව අකුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා ච කුසලා ධම්මා පරිහායන්තී’’ති. ඡට්ඨං.
66
අයොනිසොමනසිකාර සූත්‍රය
“මහණෙනි, යම් අනුවණින් වරදවා මෙනෙහි කිරීමක් හේතුකොටගෙණ නූපන් අකුශලධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අනුවණින් මෙනෙහි කරන්නා තුළ නූපන් අකුශල ධර්මයෝත් උපදිත්. උපන්නාවූ කුශලධර්මයෝත් පිරිහෙත්.
67
‘‘නාහං , භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා වා අකුසලා ධම්මා පරිහායන්ති යථයිදං, භික්ඛවෙ, යොනිසොමනසිකාරො. යොනිසො, භික්ඛවෙ, මනසි කරොතො අනුප්පන්නා චෙව කුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා ච අකුසලා ධම්මා පරිහායන්තී’’ති. සත්තමං.
67
යොනිසොමනසිකාර සූත්‍රය
“මහණෙනි, යම් නුවණින් මෙනෙහිකිරීමක් හේතුකොටගෙණ නූපන් කුශලධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ අකුශලධර්මයෝත් පිරිහෙත්ද මහණෙනි, මේ වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොමදකිමි. මහණෙනි, නුවණින් මෙනෙහිකරන්නා තුළ නූපන් කුශලධර්මයෝත් උපදිත්. උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්.”
68
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නා වා අකුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා වා කුසලා ධම්මා පරිහායන්ති යථයිදං, භික්ඛවෙ, අසම්පජඤ්ඤං. අසම්පජානස්ස, භික්ඛවෙ, අනුප්පන්නා චෙව අකුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා ච කුසලා ධම්මා පරිහායන්තී’’ති. අට්ඨමං.
68
අසම්පජඤ්ඤ සූත්‍රය
“මහණෙනි, යම් සම්‍යක්ප්‍රඥා රහිත භාවයක් මෝහයක් හේතුකොටගෙණ නූපන් අකුශලධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොමදකිමි. මහණෙනි, මනා නුවණ නැත්තා තුළ නූපන් අකුශල ධර්මයෝත් උපදිත්. උපන්නාවූ කුශලධර්මයෝත් පිරිහෙත්.”
69
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා වා අකුසලා ධම්මා පරිහායන්ති යථයිදං, භික්ඛවෙ, සම්පජඤ්ඤං. සම්පජානස්ස, භික්ඛවෙ, අනුප්පන්නා චෙව කුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා ච අකුසලා ධම්මා පරිහායන්තී’’ති. නවමං.
69
සම්පජඤ්ඤ සූත්‍රය
“මහණෙනි, යම් ප්‍රඥාඇතිබවක් හේතු කොටගෙණ නූපන් කුශලධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ අකුශලධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, මනා ප්‍රඥා ඇත්තාතුළ නූපන් කුශලධර්මයෝත් උපදිත්. උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්.”
70
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නා වා අකුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා වා කුසලා ධම්මා පරිහායන්ති යථයිදං, භික්ඛවෙ, පාපමිත්තතා. පාපමිත්තස්ස, භික්ඛවෙ, අනුප්පන්නා චෙව අකුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා ච කුසලා ධම්මා පරිහායන්තී’’ති. දසමං.
70
පාපමිත්ත සූත්‍රය
“මහණෙනි, යම් පාපමිත්‍රයන් ඇති බවක් හේතුකොටගෙණ නූපන් අකුශල ධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, පාපමිත්‍රයන් ඇත්තාතුළ නූපන් අකුශල ධර්මයෝත් උපදිත්. උපන්නාවූ කුශලධර්මයෝත් පිරිහෙත්.”