6. අච්ඡරාසඞ්ඝාතවග්ගො | 6. අච්ඡරාසංඝාත වර්ගය |
51
‘‘පභස්සරමිදං
|
51
අස්සුතවා සූත්‍රය.
“මහණෙනි, මේ සිත ඉක්මනින් ආගන්තුකවූ (පසුව උපදිනා) රාගාදි කෙලෙසුන් විසින් කිලිටිකරණ ලද්දේය. ඒ සිත ධර්මය අසා පුරුදු නැති පෘථග්ජන තෙම තත්වූ පරිද්දෙන් නොදනී. එහෙයින් ධර්මය අසා පුරුදු නැති පෘථග්ජනයාහට සිතෙහි වැඩීමක් නැතැයි කියමි”
|
52
‘‘පභස්සරමිදං
|
52
සුතවා සූත්‍රය
“මහණෙනි, මේ සිත පැහැවිහිදුවන්නේය. ඉක්මනින් ආගන්තුකවූ රාගාදි කෙලෙසුන්ගෙන් මිදුනේය. ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සිත (ඇතිසැටියෙන්) දනී. එහෙයින් ඇසූපිරූතැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවකයාහට සිතෙහි වැඩීමක් ඇතැයි කියමි.”
|
53
‘‘අච්ඡරාසඞ්ඝාතමත්තම්පි චෙ, භික්ඛවෙ, භික්ඛු මෙත්තාචිත්තං
(මෙත්තං චිත්තං (සී.), මෙත්තචිත්තං (ස්‍යා. කං. පී. ක.)) ආසෙවති; අයං වුච්චති, භික්ඛවෙ - ‘භික්ඛු අරිත්තජ්ඣානො විහරති සත්ථුසාසනකරො ඔවාදපතිකරො, අමොඝං රට්ඨපිණ්ඩං භුඤ්ජති’. කො පන වාදො යෙ නං බහුලීකරොන්තී’’ති! තතියං.
|
53
මෙත්තාසෙවන සූත්‍රය
මහණෙනි, ඉදින් යම් භික්ෂුවක් තෙම ඇසුරු සතක් ගසන පමණ කාලයකුදු මෛත්‍රී චිත්තය පුරුදු කෙරේද මහණෙනි, ඒ භික්ෂුතෙම හිස් නොවූ ධ්‍යාන ඇත්තේ ශාස්තෲන් වහන්සේගේ ඉගැන්වීම පිළිපදිමින් අවවාදය මනාකොට රකිමින් වාසය කෙරෙයි. රටවැසියාගෙන් ලත් පිණ්ඩපාතය නිරර්ථක නොවනසේ අනුභව කෙරේයයි ද කියනු ලැබේ. යමෙක් ඒ මෙත් සිත බහුල කෙරෙත්නම් (එහි අනුසස්) කියනුම කවරේද?”
|
54
‘‘අච්ඡරාසඞ්ඝාතමත්තම්පි
|
54
මෙත්තාභාවනා සූත්‍රය.
“මහණෙනි, ඉදින් යම් මහණෙක් තෙම අසුරක් ගසන පමණ කාලයකුදු මෛත්‍රී චිත්තය වඩාද, මහණෙනි, ඒ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇත්තේ ශාස්තෲන් වහන්සේගේ ඉගැන්වීම පිළිපදිමින් ශාස්තෲන් වහන්සේගේ අවවාදය රකිමින් රටවැස්සන්ගේ පිණ්ඩපාතය නිරර්ථක නොවනසේ අනුභව කෙරේයයි ද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ සිත බහුල වශයෙන් වඩත්නම් (එහි අනුසස්) කියනුම කවරේද?
|
55
‘‘අච්ඡරාසඞ්ඝාතමත්තම්පි
|
55
මෙත්තාමනසිකාර සූත්‍රය.
“මහණෙනි, ඉදින් යම් මහණෙක් තෙම අසුරක් ගසන පමණ කාලයකුදු මෛත්‍රී චිත්තය මෙනෙහි කෙරේද, ඒ මහණතෙමේ හිස් නොවූ ධ්‍යාන ඇත්තේ ශාස්තෲන්වහන්සේගේ ඉගැන්වීම පිළිපදිමින් ශාස්තෲන්වහන්සේගේ අවවාදය පිළිපදිමින් රටවැස්සන්ගේ පිණ්ඩපාතය නිරර්ථක නොවනසේ අනුභව කෙරේයි කියනු ලැබේ. යම් කෙනෙක් ඒ සිත බහුල කෙරෙත් නම් (එහි අනුසස් කියනු ම කවරේද?”
|
56
‘‘යෙ කෙචි, භික්ඛවෙ, ධම්මා අකුසලා අකුසලභාගියා අකුසලපක්ඛිකා, සබ්බෙ තෙ මනොපුබ්බඞ්ගමා. මනො තෙසං ධම්මානං පඨමං උප්පජ්ජති, අන්වදෙව අකුසලා ධම්මා’’ති. ඡට්ඨං.
|
56
අකුසලභාගිය සූත්‍රය
“මහණෙනි, අකුසල් වූ, අකුසල් භජනය කරන්නාවූ අකුශලපක්ෂයෙහිවූ, යම්කිසි ධර්ම කෙනෙක් වෙත් ද ඒ සියලු ධර්මයෝ සිත පෙරටු කොට ඇත්තාහ. සිත ඒ ධර්මයන්ට පළමුකොට උපදී. අකුශල ධර්මයෝ සිත අනුව ම උපදිත්.
|
57
‘‘යෙ
|
57
කුසලභාගිය සූත්‍රය.
“මහණෙනි, කුසල්වූ, කුසල් භජනය කරන්නාවූ කුශලපක්ෂයෙහිවූ, යම්කිසි ධර්මකෙනෙක් වෙත්ද, ඒ සියලු ධර්මයෝ සිත පෙරටුකොට ඇත්තාහ. සිත ඒ ධර්මයන්ට පළමු කොට උපදී කුශලධර්මයෝ ඒ අනුව ම උපදිත්.”
|
58
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නා වා අකුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා වා කුසලා ධම්මා පරිහායන්ති යථයිදං, භික්ඛවෙ, පමාදො. පමත්තස්ස, භික්ඛවෙ, අනුප්පන්නා චෙව අකුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා ච කුසලා ධම්මා පරිහායන්තී’’ති. අට්ඨමං.
|
58
පමාද සූත්‍රය.
“මහණෙනි, යම් ප්‍රමාදයක් කරණ කොටගෙණ නූපන්නාවූ අකුශලධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශලධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, එබඳුවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, ප්‍රමාදීවූ පුද්ගලයා තුළ (පෙර) නූපන් අකුශලධර්මයෝ උපදිත්. උපන්නාවූ කුශලධර්මයෝ පිරිහෙත්.”
|
59
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා වා අකුසලා ධම්මා පරිහායන්ති යථයිදං, භික්ඛවෙ, අප්පමාදො. අප්පමත්තස්ස, භික්ඛවෙ, අනුප්පන්නා චෙව කුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා ච අකුසලා ධම්මා පරිහායන්තී’’ති. නවමං.
|
59
අප්පමාද සූත්‍රය.
“මහණෙනි, යම් අප්‍රමාදයක් කරණකොටගෙණ නූපන්නාවූ කුශලධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශලධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ බඳුවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අප්‍රමාදිවූ තැනැත්තා තුළ නූපන් කුශල ධර්මයෝ උපදිත්. උපන්නාවූ අකුශල ධර්මයෝ පිරිහෙත්.”
|
60
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නා වා අකුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා වා කුසලා ධම්මා පරිහායන්ති යථයිදං, භික්ඛවෙ, කොසජ්ජං. කුසීතස්ස, භික්ඛවෙ, අනුප්පන්නා චෙව අකුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා ච කුසලා ධම්මා පරිහායන්තී’’ති. දසමං.
|
60
කොසජ්ජ සූත්‍රය.
“මහණෙනි, යම් අලසබවක් කරණ කොටගෙණ නූපන්නාවූ අකුශල ධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ බඳුවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි මහණෙනි, අලසයා තුළ නූපන් අකුශල ධර්මයෝත් උපදිත්. උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහෙත්.”
|