ත්‍රිපිටකය
5. පණිහිතඅච්ඡවග්ගො 5. පණිහිත (නොහොත් අච්ඡන්න) වර්ගය
41
‘‘සෙය්‍යථාපි , භික්ඛවෙ, සාලිසූකං වා යවසූකං වා මිච්ඡාපණිහිතං හත්ථෙන වා පාදෙන වා අක්කන්තං හත්ථං වා පාදං වා භෙච්ඡති (භිජ්ජිස්සති (ස්‍යා. කං. ක.), භෙජ්ජති (සී.) මොග්ගල්ලානබ්‍යාකරණං පස්සිතබ්බං) ලොහිතං වා උප්පාදෙස්සතීති නෙතං ඨානං විජ්ජති. තං කිස්ස හෙතු? මිච්ඡාපණිහිතත්තා, භික්ඛවෙ, සූකස්ස. එවමෙවං ඛො, භික්ඛවෙ, සො වත භික්ඛු මිච්ඡාපණිහිතෙන චිත්තෙන අවිජ්ජං භෙච්ඡති, විජ්ජං උප්පාදෙස්සති, නිබ්බානං සච්ඡිකරිස්සතීති නෙතං ඨානං විජ්ජති. තං කිස්ස හෙතු? මිච්ඡාපණිහිතත්තා, භික්ඛවෙ, චිත්තස්සා’’ති. පඨමං.
41
මිච්ඡාපණිහිතචිත්ත සූත්‍රය.
“මහණෙනි, ඇල්වී නණ්ඩුවක් හෝ යවවී නණ්ඩුවක් හෝ වරදවා (තුඩ යටිකුරුකොට, නො ඇණෙනසේ) තබන ලදුව අතින් හෝ පයින් හෝ මඩනා ලද්දේ අත හෝ පය හෝ බිඳෙන්නේය. ලේ හෝ උපදවන්නේයයි ඒ කාරණය විද්‍යාමාන නොවේ. මක්නිසාදයත්, මහණෙනි, නණ්ඩුව (නො ඇණෙන ලෙස) වරදවා තබන ලද හෙයිනි.
“මහණෙනි, ඒ පරිද්දෙන් ම ඒකාන්තයෙන් යම් භික්ෂුවක් වරදවා තබන ලද සිතින් අවිද්‍යාව බිඳින්නේය. විද්‍යාව උපදවන්නේය. නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන්නේයයි’ (කියතොත්) ඒ කාරණය ඇත්තක් නොවේ. මක්නිසාදයත්, මහණෙනි, සිත වරදවා යොදනලද හෙයිනි.
42
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, සාලිසූකං වා යවසූකං වා සම්මාපණිහිතං හත්ථෙන වා පාදෙන වා අක්කන්තං හත්ථං වා පාදං වා භෙච්ඡති ලොහිතං වා උප්පාදෙස්සතීති ඨානමෙතං විජ්ජති. තං කිස්ස හෙතු? සම්මාපණිහිතත්තා, භික්ඛවෙ, සූකස්ස. එවමෙවං ඛො, භික්ඛවෙ, සො වත භික්ඛු සම්මාපණිහිතෙන චිත්තෙන අවිජ්ජං භෙච්ඡති, විජ්ජං උප්පාදෙස්සති, නිබ්බානං සච්ඡිකරිස්සතීති ඨානමෙතං විජ්ජති. තං කිස්ස හෙතු? සම්මාපණිහිතත්තා, භික්ඛවෙ, චිත්තස්සා’’ති. දුතියං.
42
සම්මාපණිහිත සූත්‍රය.
“මහණෙනි, ඇල්වී නණ්ඩුවක් හෝ යව වී නණ්ඩුවක් හෝ තබන ලදුව අතින් හෝ පයින් හෝ මඩනා ලද්දේ අත හෝ පය හෝ බිඳෙන්නේය, ලේ හෝ උපදවන්නේය යන කාරණය සත්‍යයක් වන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, නණ්ඩුව මනා කොට තබන ලද හෙයිනි.
“මහණෙනි, ඒ පරිද්දෙන් ම ඒකාන්තයෙන් යම් මහණෙක් තෙම මනා කොට තබන ලද සිතින් ‘මහා අවිද්‍යාව බිඳින්නේය, විද්‍යාව උපදවන්නේය, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන්නේයයි’ ඒ කාරණය ඇත්තක් වන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, ඔහුගේ සිත මනා කොට පිහිටුවන ලද හෙයිනි.”
43
‘‘ඉධාහං (ඉදාහං (සී.)), භික්ඛවෙ, එකච්චං පුග්ගලං පදුට්ඨචිත්තං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි - ‘ඉමම්හි චෙ අයං සමයෙ පුග්ගලො කාලං කරෙය්‍ය, යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ’. තං කිස්ස හෙතු? චිත්තං හිස්ස , භික්ඛවෙ, පදුට්ඨං. ‘‘චෙතොපදොසහෙතු පන, භික්ඛවෙ, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්තී’’ති. තතියං.
43
පදුට්ඨචිත්ත සූත්‍රය. “මහණෙනි, මේ ලෝකයෙහි ඉතා දූෂිතවූ ඇතැම් පුද්ගලයෙකුගේ සිත මම මාගේ සිතින් මෙසේ පිරිසිඳ දනිමි මෙසමයෙහි මේ පුද්ගලයා ඉදින් කලුරිය කෙළේ නම්, (අතින්) ගෙණ එන ලද්දක් බහා තබන්නාක් මෙන් හෙතෙම නරකයෙහි උපදනේය. මක්නිසාද යත්, ඔහුගේ සිත ඉතා දූෂිතවූ හෙයිනි. “මහණෙනි, සිත බොහෝසේ කෙලසීම හේතු කොට ගෙණ ද මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු අපාය නම්වූ, දුගති නම්වූ, විනිපාත නම්වූ නරකයෙහි උපදිත්.”
44
‘‘ඉධාහං, භික්ඛවෙ, එකච්චං පුග්ගලං පසන්නචිත්තං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි - ‘ඉමම්හි චෙ අයං සමයෙ පුග්ගලො කාලං කරෙය්‍ය, යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ’. තං කිස්ස හෙතු? චිත්තං හිස්ස, භික්ඛවෙ, පසන්නං. ‘‘චෙතොපසාදහෙතු පන, භික්ඛවෙ, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තී’’ති. චතුත්ථං.
44
පසන්තචිත්ත සූත්‍රය.
“මහණෙනි, මේ ලෝකයෙහි ප්‍රසන්න වූ සිත් ඇති ඇතැම් පුද්ගලයෙකුගේ සිත මම මාගේ සිතින් මෙසේ පිරිසිඳ දනිමි. ඉදින් මෙසමයෙහි මේ පුද්ගලතෙම කාලක්‍රියා කෙළේ නම්, ගෙණ එන ලද්දක් යම්සේ බහා තබනු ලැබේද, එසේම මෙතෙම ස්වර්ගයෙහි පිහිටියෙක් වේය කියායි. ඊට හේතු කවරේද? මහණෙනි, ඔහුගේ සිත ප්‍රසන්න හෙයිනි. මහණෙනි, සිතෙහි පැහැදීම හේතුකොටගෙණ ද, මේ ලෝකයෙහි සමහර සත්ත්වයෝ මෙසේ ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු සුගති නම්වූ, ලෝකයෙහි උපදිත්.”
45
‘‘සෙය්‍යථාපි , භික්ඛවෙ, උදකරහදො ආවිලො ලුළිතො කලලීභූතො තත්ථ චක්ඛුමා පුරිසො තීරෙ ඨිතො න පස්සෙය්‍ය සිප්පිසම්බුකම්පි (සිප්පිකසම්බුකම්පි (ක.)) සක්ඛරකඨලම්පි මච්ඡගුම්බම්පි චරන්තම්පි තිට්ඨන්තම්පි. තං කිස්ස හෙතු? ආවිලත්තා, භික්ඛවෙ, උදකස්ස. එවමෙවං ඛො, භික්ඛවෙ, සො වත භික්ඛු ආවිලෙන චිත්තෙන අත්තත්ථං වා ඤස්සති පරත්ථං වා ඤස්සති උභයත්ථං වා ඤස්සති උත්තරිං වා මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරිස්සතීති නෙතං ඨානං විජ්ජති. තං කිස්ස හෙතු? ආවිලත්තා, භික්ඛවෙ, චිත්තස්සා’’ති. පඤ්චමං.
45
ආවිලචිත්ත සූත්‍රය
“මහණෙනි, නොපැහැදුනාවූ, කැළඹුණු, කලල්වූ, මඩවූ, යම් දියවිලක් වේද, ඇස් ඇති පුරුෂයෙක් තෙම ඉවුරෙහි සිටියේ විලෙහි ඔබමොබ හැසිරෙන්නාවූද, නැවතී සිටින්නාවූද, සිප්පිබෙල්ලන්ද, හා සක්බෙල්ලන්ද, කැට හා කැබිලිතිද මත්ස්‍ය සමූහයාද නොදක්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, ජලය නොපැහැදුනු බවයි.
“මහණෙනි, එපරිද්දෙන් ම ඒකාන්තයෙන් යම් භික්ෂුවක් තෙම නොපැහැදුනාවූ සිතින් යුක්තව ආත්මාර්ථය හෝ දැන ගන්නේය, පරාර්ථය හෝ දැනගන්නේය. උභයාර්ථය හෝ දැනගන්නේය. මනුෂ්‍යධර්මයෙන් මත්තෙහි වූ ආර්‍ය්‍යභාව කරණයට (අර්හත් බවසැලසීමට) සමර්ථවූ ඥානදර්ශනවිෂයෙක් හෝ ප්‍රත්‍යක්ෂ කරන්නේයයි (කියතොත්) ඒ කාරණය විද්‍යමාන නොවේ. ඊට හේතු කවරේද? මහණෙනි, (ඔහුගේ) සිත නොපැහැදුනු බවයි.”
46
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, උදකරහදො අච්ඡො විප්පසන්නො අනාවිලො තත්ථ චක්ඛුමා පුරිසො තීරෙ ඨිතො පස්සෙය්‍ය සිප්පිසම්බුකම්පි සක්ඛරකඨලම්පි මච්ඡගුම්බම්පි චරන්තම්පි තිට්ඨන්තම්පි. තං කිස්ස හෙතු? අනාවිලත්තා, භික්ඛවෙ, උදකස්ස. එවමෙවං ඛො, භික්ඛවෙ, සො වත භික්ඛු අනාවිලෙන චිත්තෙන අත්තත්ථං වා ඤස්සති පරත්ථං වා ඤස්සති උභයත්ථං වා ඤස්සති උත්තරිං වා මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරිස්සතීති ඨානමෙතං විජ්ජති. තං කිස්ස හෙතු? අනාවිලත්තා, භික්ඛවෙ, චිත්තස්සා’’ති. ඡට්ඨං.
46
අනාවිලචිත්ත සූත්‍රය.
“මහණෙනි, පිරිසිදුවූ, අතිශයින් ප්‍රසන්නවූ, නො කැළඹුනාවූ යම් දියවිලක් වේද, ඇස් ඇති පුරුෂයෙක් තෙම ඒ විල ඉවුරෙහි සිටියේ විලෙහි ඔබමොබ හැසිරෙන්නාවූද, නැවතී සිටින්නාවූද, සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලන්ද කැට කැබිලිතිද මත්ස්‍ය සමූහයාද දක්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, ජලය පැහැදුනු බවයි.
“මහණෙනි, එපරිද්දෙන්ම ඒකාන්තයෙන් යම් මහණෙක් තෙම පැහැදුනාවූ සිතින් යුක්තව ආත්මාර්ථය හෝ දැනගන්නේය, පරාර්ථය හෝ දැනගන්නේය, උභයාර්ථය හෝ දැන ගන්නේය, මනුෂ්‍යධර්මයෙන් මත්තෙහි වූ ආර්‍ය්‍යභාවය කරණයට (අර්හත්බව සැලසීමට) සමර්ථවූ ඥානදර්ශන විශේෂයක් හෝ ප්‍රත්‍යක්ෂ කරන්නේයයි (කියතොත්) ඒ කාරණය විද්‍යමාන වේ. ඊට හේතු කවරේද? මහණෙනි, (ඔහුගේ) චිත්තය පැහැදුනු බවයි.”
47
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, යානි කානිචි රුක්ඛජාතානං ඵන්දනො තෙසං අග්ගමක්ඛායති යදිදං මුදුතාය චෙව කම්මඤ්ඤතාය ච. එවමෙවං ඛො අහං, භික්ඛවෙ , නාඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං භාවිතං බහුලීකතං මුදු ච හොති කම්මඤ්ඤඤ්ච යථයිදං චිත්තං. චිත්තං, භික්ඛවෙ, භාවිතං බහුලීකතං මුදු ච හොති කම්මඤ්ඤඤ්ච හොතී’’ති. සත්තමං.
47
මුදුචිත්ත (අථවා පන්දන) සූත්‍රය
“මහණෙනි, යම් කිසි වෘක්ෂ වර්ගයෝ වෙත්ද, ඔවුන් අතුරෙන් මෘදු බැවින් හා කටයුත්තකට සුදුසු බැවින් කොළොම් ගස යම්සේ අග්‍රයයි කියනු ලැබේද, මහණෙනි එපරිද්දෙන්ම වඩනලද, නැවත නැවත පුරුදු කරණ ලද සිත හා, සමාන මෘදුබව හා කටයුත්තට සුදුසු බව ඇති අනික් එකම ස්වභාවයකුදු මම නොමදකිමි මහණෙනි’ වඩන ලද නැවත නැවත පුරුදුකරණලද සිත මෘදුවද වේ, කටයුත්තට සුදුසුද වේ.”
48
‘‘නාහං , භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං ලහුපරිවත්තං යථයිදං චිත්තං. යාවඤ්චිදං, භික්ඛවෙ, උපමාපි න සුකරා යාව ලහුපරිවත්තං චිත්ත’’න්ති. අට්ඨමං.
48
ලහුපරිවත්ත සූත්‍රය.
“මහණෙනි, යම්සේ සිත වහා ඉපිද වහා නැසෙන ස්වභාවද එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත කොතරම් වහා ඉපිද වහා නස්නා ස්වභාවද යත්, ඊට උපමාවකුදු පහසු නොවේ.”
49
‘‘පභස්සරමිදං, භික්ඛවෙ, චිත්තං. තඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨ’’න්ති. නවමං.
49
උපක්කිලිට්ඨචිත්ත සූත්‍රය.
“මහණෙනි, මේ සිත පැහැ විහිදුවන්නේය. එය වනාහි ආගන්තුකවූ (රාගාදි) උපක්ලෙශයන් විසින් කිලිටි කරණ ලද්දේය.
50
‘‘පභස්සරමිදං, භික්ඛවෙ, චිත්තං. තඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි විප්පමුත්ත’’න්ති. දසමං.
50
විප්පමුත්තචිත්ත සූත්‍රය.
“මහණෙනි, මේ සිත වනාහි ආගන්තුකවූ (රාගාදි) උපක්ලෙශයන් ගෙන් හාත්පසින් මිදුනේය.