ත්‍රිපිටකය
3. අකම්මනියවග්ගො 3. අකම්මනීය වර්ගය
21
‘‘නාහං , භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං අභාවිතං අකම්මනියං හොති යථයිදං, භික්ඛවෙ, චිත්තං (යථයිදං චිත්තං (සී. පී.) එවමුපරිපි). චිත්තං, භික්ඛවෙ, අභාවිතං අකම්මනියං හොතී’’ති. පඨමං.
21
අකම්මනීය සූත්‍රය.
“මහණෙනි, යම්සේ නොවඩනලද සිත කර්මයට යෝග්‍ය නොවේද, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ කර්මයට යොග්‍ය නොවේ.”
22
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං භාවිතං කම්මනියං හොති යථයිදං, භික්ඛවෙ, චිත්තං. චිත්තං, භික්ඛවෙ, භාවිතං කම්මනියං හොතී’’ති. දුතියං.
22
කම්මනීය සූත්‍රය.
“මහණෙනි, යම්සේ වඩනලද සිත කර්මයට යොග්‍ය වේද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත වඩනලද්දේ කටයුත්තට යොග්‍යවේ.”
23
‘‘නාහං , භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං අභාවිතං මහතො අනත්ථාය සංවත්තති යථයිදං, භික්ඛවෙ, චිත්තං. චිත්තං, භික්ඛවෙ, අභාවිතං මහතො අනත්ථාය සංවත්තතී’’ති. තතියං.
23
මහානත්ථ සූත්‍රය.
“මහණෙනි, යම්සේ නොවඩන ලද සිත මහත්වූ අනර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ මහත්වූ අනර්ථය පිණිස පවතී.”
24
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං භාවිතං මහතො අත්ථාය සංවත්තති යථයිදං, භික්ඛවෙ, චිත්තං. චිත්තං, භික්ඛවෙ, භාවිතං මහතො අත්ථාය සංවත්තතී’’ති. චතුත්ථං.
24
මහත්ථ සූත්‍රය.
“මහණෙනි, යම්සේ සිත වඩනලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත වඩනලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතී.”
25
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං අභාවිතං අපාතුභූතං මහතො අනත්ථාය සංවත්තති යථයිදං, භික්ඛවෙ, චිත්තං. චිත්තං, භික්ඛවෙ, අභාවිතං අපාතුභූතං මහතො අනත්ථාය සංවත්තතී’’ති. පඤ්චමං.
25
අපාතුභූත සූත්‍රය.
“මහණෙනි, යම්සේ සිත නොවඩන ලද්දේ සංසාරයෙන් වෙන්වීම පිණිස පහළ නොවූයේ මහත්වූ අනර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ පහළ නොවන ලද්දේ මහත් අනර්ථය පිණිස පවතී.”
26
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං භාවිතං පාතුභූතං මහතො අත්ථාය සංවත්තති යථයිදං, භික්ඛවෙ, චිත්තං. චිත්තං, භික්ඛවෙ, භාවිතං පාතුභූතං මහතො අත්ථාය සංවත්තතී’’ති. ඡට්ඨං.
26
පාතුභූත සූත්‍රය.
“මහණෙනි, යම්සේ සිත වඩන ලද්දේ සංසාරයෙන් වෙන්වීම පිණිස පහළවන ලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතීද එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත වඩන ලද්දේ සංසාරයෙන් වෙන්වීම පිණිස පහළවන ලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතී.”
27
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං අභාවිතං අබහුලීකතං මහතො අනත්ථාය සංවත්තති යථයිදං, භික්ඛවෙ, චිත්තං. චිත්තං, භික්ඛවෙ, අභාවිතං අබහුලීකතං මහතො අනත්ථාය සංවත්තතී’’ති. සත්තමං.
27
අබහුලීකත සූත්‍රය.
“මහණෙනි, යම්සේ සිත නොවඩන ලද්දේ, පුරුදු නොකරණ ලද්දේ මහත්වූ අනර්ථය පිණිස පවතීද, එබඳු වූ අනික් එකම ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ නැවත නැවත පුරුදු නොකරණ ලද්දේ මහත් අනර්ථය පිණිස පවතී.”
28
‘‘නාහං , භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං භාවිතං බහුලීකතං මහතො අත්ථාය සංවත්තති යථයිදං, භික්ඛවෙ, චිත්තං. චිත්තං, භික්ඛවෙ, භාවිතං බහුලීකතං මහතො අත්ථාය සංවත්තතී’’ති. අට්ඨමං.
28
බහුලීකත සූත්‍රය.
“මහණෙනි, යම්සේ සිත වඩන ලද්දේ පුරුදු කරණ ලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතීද, එබඳු වූ අනික් එකම ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, සිතවඩන ලද්දේ පුරුදු කරණ ලද්දේමහත් අර්ථය පිණිස පවතී.”
29
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං අභාවිතං අබහුලීකතං දුක්ඛාධිවහං හොති යථයිදං, භික්ඛවෙ, චිත්තං. චිත්තං, භික්ඛවෙ, අභාවිතං අබහුලීකතං දුක්ඛාධිවහං හොතී’’ති. නවමං.
29
දුක්ඛාවහචිත්ත සූත්‍රය.
“මහණෙනි, යම්සේ සිත නොවඩන ලද්දේ පුරුදු නොකරණ ලද්දේ දුක් (පමුණුවන්නේ) වේද, එබඳු වූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ පුරුදු නොකරණ ලද්දේ දුක් පමුණුවන්නේ වේ.”
30
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං භාවිතං බහුලීකතං සුඛාධිවහං හොති යථයිදං, භික්ඛවෙ, චිත්තං. චිත්තං, භික්ඛවෙ, භාවිතං බහුලීකතං සුඛාධිවහං හොතී’’ති. දසමං.
30
සුඛාවහචිත්ත සූත්‍රය.
“මහණෙනි, යම්සේ සිත වඩන ලද්දේ පුරුදු කරණ ලද්දේ සැප පමුණුවන්නේ වේද, එබඳු වූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත වඩන ලද්දේ පුරුදු කරණ ලද්දේ සැප පමුණුවන්නේ වේ.”