ත්‍රිපිටකය
2. නීවරණප්පහානවග්ගො 2. නීවරණ වර්ගය
11
‘‘නාහං , භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නො වා කාමච්ඡන්දො උප්පජ්ජති උප්පන්නො වා කාමච්ඡන්දො භිය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තති යථයිදං, භික්ඛවෙ, සුභනිමිත්තං. සුභනිමිත්තං, භික්ඛවෙ, අයොනිසො මනසි කරොතො අනුප්පන්නො චෙව කාමච්ඡන්දො උප්පජ්ජති උප්පන්නො ච කාමච්ඡන්දො භිය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තතී’’ති. පඨමං.
11
කාමච්ඡන්දුප්පාද සූත්‍රය.
“මහණෙනි, යම් සුභ නිමිත්තක් (රාගය ඇති කරණ අරමුණක්) නිසා නූපන් කාම ආශාව උපදීද, උපන්නාවූ කාම ආශාව නැවත නැවත ඉපදීම හා විශාලලෙස රැස්වීම වන්නේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. මහණෙනි, රාගය ඇතිකරණ අරමුණ අනුවණින් වැරදිලෙස මෙණෙහි කරන්නා තුළ නූපන් කාමආශාවක් උපදී, උපන්නාවූ කාමආශාවෙහි බහුලභාවය හා විශාල භාවයත් ඇතිවන්නේය.”
12
‘‘නාහං , භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නො වා බ්‍යාපාදො උප්පජ්ජති උප්පන්නො වා බ්‍යාපාදො භිය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තති යථයිදං, භික්ඛවෙ, පටිඝනිමිත්තං. පටිඝනිමිත්තං, භික්ඛවෙ, අයොනිසො මනසි කරොතො අනුප්පන්නො චෙව බ්‍යාපාදො උප්පජ්ජති උප්පන්නො ච බ්‍යාපාදො භිය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තතී’’ති. දුතියං.
12
ව්‍යාපාදුප්පාද සූත්‍රය.
“මහණෙනි, සිතෙහි නුරුස්නා බව ඇතිකරණ යම් අරමුණක් නිසා නූපන් ක්‍රෝධය උපදී ද, උපන්නාවූ ක්‍රෝධයෙහි නැවත නැවත ඉපදීම හා විසාලලෙස රැස්වීම ඇති වන්නේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. මහණෙනි, සිතෙහි නුරුස්නා බව ඇතිකරණ අරමුණ අනුවණින් වැරදිලෙස මෙනෙහිකරන්නා තුළ (කලින්) නූපන් ආශාවත් උපදී, උපන්නාවූ ආශාවත් බහුලභාවයට හා විපුලභාවයට පැමිණේ”
13
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නං වා ථිනමිද්ධං (ථීනමිද්ධං (සී. ස්‍යා. කං. පී.)) උප්පජ්ජති උප්පන්නං වා ථිනමිද්ධං භිය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තති යථයිදං, භික්ඛවෙ, අරති තන්දී (තන්දි (ක.)) විජම්භිතා (විජම්භිකා (සී. ස්‍යා. කං. පී.)) භත්තසම්මදො චෙතසො ච ලීනත්තං. ලීනචිත්තස්ස, භික්ඛවෙ, අනුප්පන්නඤ්චෙව ථිනමිද්ධං උප්පජ්ජති උප්පන්නඤ්ච ථිනමිද්ධං භිය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තතී’’ති. තතියං.
13
ථීනමිද්ධුප්පාද සූත්‍රය.
“මහණෙනි, යම්සේ කුශලධර්මයන්හි නොඇලීම, අලස බව, ඇඟමැලිකැඩීම, බත්මත, සිතෙහි හැකුළුණු බව යන මේ කරුණු නිසා නූපන් ථීනමිද්ධය (සිතෙහි අලස බව හා කයෙහි අලස බව) උපදී ද, උපන්නාවූ ථීනමිද්ධයෙහි බහුලභාවය විපුලභාවය ඇතිවන්නේ ද, මහණෙනි, එබඳු වූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. මහණෙනි, මැලි සිත් ඇත්තා කෙරෙහි නූපන් ථීනමිද්ධයත් උපදී, උපන්නාවූ ථීනමිද්ධයෙහි බහුලභාවය හා විපුලභාවයත් ඇතිවන්නේය.”
14
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නං වා උද්ධච්චකුක්කුච්චං උප්පජ්ජති උප්පන්නං වා උද්ධච්චකුක්කුච්චං භිය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තති යථයිදං, භික්ඛවෙ, චෙතසො අවූපසමො. අවූපසන්තචිත්තස්ස, භික්ඛවෙ, අනුප්පන්නඤ්චෙව උද්ධච්චකුක්කුච්චං උප්පජ්ජති උප්පන්නඤ්ච උද්ධච්චකුක්කුච්චං භිය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තතී’’ති. චතුත්ථං.
14
උද්ධච්චකුක්කුච්චුප්පාද සූත්‍රය
“මහණෙනි, යම්සේ සිත්හි නොසංසිඳුනු බව නිසා නූපන් උද්ධච්චකුක්කුච්චය උපදී ද, උපන් උද්ධච්චකුක්කුච්චය හෝ බහුලභාවයට හා විපුලභාවයට පැමිණේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. නොසන්සුන් සිත් ඇත්තා තුළ නූපන් උද්ධච්චකුක්කුච්චයත් උපදී, උපන් උද්ධච්චකුක්කුච්චයත් බහුලභාවයට හා විපුලභාවයට පැමිණේ.”
15
‘‘නාහං , භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නා වා විචිකිච්ඡා උප්පජ්ජති උප්පන්නා වා විචිකිච්ඡා භිය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තති යථයිදං, භික්ඛවෙ, අයොනිසොමනසිකාරො. අයොනිසො, භික්ඛවෙ, මනසි කරොතො අනුප්පන්නා චෙව විචිකිච්ඡා උප්පජ්ජති උප්පන්නා ච විචිකිච්ඡා භිය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තතී’’ති. පඤ්චමං.
15
විචිකිච්ඡුප්පාද සූත්‍රය.
“මහණෙනි, යම්සේ අයෝනිසෝමනසිකාරය (අනුවණින් වැරදිලෙස මෙනෙහිකිරීම) නිසා නූපන් විචිකිච්ඡාව (සැකය) හෝ උපදී ද, උපන් විචිකිච්ඡාව හෝ බහුලභාවයට හා විපුලභාවයට පැමිණේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. අනුවණින් වැරදිලෙස මෙනෙහි කිරීම ඇත්තා තුළ නූපන් විචිකිච්ඡාවත් උපදී, උපන් විචිකිච්ඡාවත් බහුලභාවයට හා විපුලභාවයට පැමිණේ.”
16
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නො වා කාමච්ඡන්දො නුප්පජ්ජති උප්පන්නො වා කාමච්ඡන්දො පහීයති යථයිදං, භික්ඛවෙ, අසුභනිමිත්තං. අසුභනිමිත්තං, භික්ඛවෙ, යොනිසො මනසි කරොතො අනුප්පන්නො චෙව කාමච්ඡන්දො නුප්පජ්ජති උප්පන්නො ච කාමච්ඡන්දො පහීයතී’’ති. ඡට්ඨං.
16
කාමච්ඡන්දප්පහාන සූත්‍රය.
“මහණෙනි, යම්සේ අසුභනිමිත්තක් (රාගය තුනී කරණ අරමුණක්) නිසා නූපන් කාමච්ඡන්දය (පඤ්චකාමයන් කෙරෙහි ආසාව) හෝ නූපදී ද, උපන් කාමච්ඡන්දය හෝ විනාසයට යේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි අසුභ නිමිත්ත නුවණින් මෙනෙහිකරන්නා තුළ (පෙර) නූපන් කාමච්ඡන්දයත් නූපදන්නේය, උපන් කාමච්ඡන්දයත් විනාසයට යන්නේය.”
17
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නො වා බ්‍යාපාදො නුප්පජ්ජති උප්පන්නො වා බ්‍යාපාදො පහීයති යථයිදං, භික්ඛවෙ, මෙත්තා චෙතොවිමුත්ති. මෙත්තං, භික්ඛවෙ, චෙතොවිමුත්තිං යොනිසො මනසි කරොතො අනුප්පන්නො චෙව බ්‍යාපාදො නුප්පජ්ජති උප්පන්නො ච බ්‍යාපාදො පහීයතී’’ති. සත්තමං.
17
ව්‍යාපාදප්පහාන සූත්‍රය.
“මහණෙනි, යම්සේ මෛත්‍රීසහගතව මිදුනු සිත නිසා නූපන් ක්‍රෝධය හෝ නූපදීද, උපන්නාවූ ක්‍රෝධය හෝ විනාසයට යේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. මෛත්‍රීසහගතව මිදුනු සිත නුවණින් මෙනෙහි කරන්නා තුළ නූපන් ක්‍රෝධයත් නූපදන්නේය, උපන් ක්‍රෝධයත් විනාසයට යන්නේය”
18
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නං වා ථිනමිද්ධං නුප්පජ්ජති උප්පන්නං වා ථිනමිද්ධං පහීයති යථයිදං, භික්ඛවෙ, ආරම්භධාතු නික්කමධාතු පරක්කමධාතු. ආරද්ධවීරියස්ස, භික්ඛවෙ, අනුප්පන්නඤ්චෙව ථිනමිද්ධං නුප්පජ්ජති උප්පන්නඤ්ච ථිනමිද්ධං පහීයතී’’ති. අට්ඨමං.
18
ථීනමිද්ධප්පහාන සූත්‍රය.
“මහණෙනි, යම්සේ ප්‍රථමාරම්භ වීර්‍ය්‍යය, කුසීතභාවයෙන් තොරවූ ඊට වඩා බලවත් වීර්‍ය්‍යය, මතු මත්තෙහි සම්පතට පමුණුවමින් උපදනා ඊටත් වඩා බලවත්වූ වීර්‍ය්‍යය නිසා නූපන් ථීනමිද්ධය හෝ නූපදීද, උපන් ථීනමිද්ධය හෝ විනාසයට යේද මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. මහණෙනි, පරිපූර්ණ වූද අල්වාගන්නාලද්දාවූද වීර්‍ය්‍යය ඇත්තා තුළ නූපන් ථීනමිද්ධයත් නූපදී, උපන් ථීනමිද්ධයත් විනාසයට යයි.”
19
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නං වා උද්ධච්චකුක්කුච්චං නුප්පජ්ජති උප්පන්නං වා උද්ධච්චකුක්කුච්චං පහීයති යථයිදං, භික්ඛවෙ, චෙතසො වූපසමො. වූපසන්තචිත්තස්ස, භික්ඛවෙ, අනුප්පන්නඤ්චෙව උද්ධච්චකුක්කුච්චං නුප්පජ්ජති උප්පන්නඤ්ච උද්ධච්චකුක්කුච්චං පහීයතී’’ති. නවමං.
19
උද්ධච්චකුක්කුච්චප්පහාන සූත්‍රය.
“මහණෙනි, යම්සේ සිතෙහි සංසිඳවීම නිසා නූපන් උද්ධච්චකුක්කුච්චය හෝ නූපදීද, උපන් උද්ධච්චකුක්කුච්චය හෝ විනාසයටයේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණ කුදු මම නොම දකිමි. මහණෙනි, සන්හුන් සිත් ඇත්තා තුළ නූපන් උද්ධච්චකුක්කුච්චයත් නූපදී, උපන් උද්ධච්චකුක්කුච්චයත් විනාසයට යයි.”
20
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නා වා විචිකිච්ඡා නුප්පජ්ජති උප්පන්නා වා විචිකිච්ඡා පහීයති යථයිදං, භික්ඛවෙ, යොනිසොමනසිකාරො . යොනිසො, භික්ඛවෙ, මනසි කරොතො අනුප්පන්නා චෙව විචිකිච්ඡා නුප්පජ්ජති උප්පන්නා ච විචිකිච්ඡා පහීයතී’’ති. දසමං.
20
විචිකිච්ඡප්පහාන සූත්‍රය.
“මහණෙනි, යම්සේ (යෝනිසෝමනසිකාරය) නුවණින් මෙනෙහිකිරීම නිසා නූපන් සැකය හෝ නූපදීද, උපන් සැකය හෝ විනාසයටයේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කාරණයකුදු මම නොම දකිමි. මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම ඇත්තා තුළ නූපන් සැකයත් නූපදී, උපන් සැකයත් විනාසයට යයි”