12. සච්චසංයුත්තං | 12. සච්ච සංයුත්තය |
1. සමාධිවග්ගො | 1. සමාධි වර්ගය |
1. සමාධිසුත්තං | 1. සමාධි සූත්‍රය |
1071
සාවත්ථිනිදානං
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො, ‘අයං දුක්ඛසමුදයො’ති යොගො කරණීයො, ‘අයං දුක්ඛනිරොධො’ති යොගො කරණීයො, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. පඨමං.
|
1071
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. මහණෙනි, සමාධිය වඩව්. මහණෙනි, එකඟවූ සිත් ඇති භික්ෂුතෙමේ තත්වූ පරිදි දනී. තත්වූ පරිදි කුමක් දනීද?
[2] “මේ දුකයයි තත්වූ පරිදි දනී. මේ දුක ඉපදීමේ හේතුවයයි තත්වූ පරිදි දනී. මේ දුක් නැති කිරීමයයි තත්වූ පරිදි දනී. මේ දුක් නැතිකිරීමේ පිළිවෙතයයි තත්වූ පරිදි දනී.
[3] “(එහෙයින්) මහණෙනි, සමාධිය වඩව්. මහණෙනි, එකඟවූ සිත් ඇති භික්ෂුතෙම තත්වූ පරිදි දනී. මහණෙනි, එබැවින් මෙහිදී (නුඹලා විසින්) මේ දුකයයි (තත්වූ පරිද්දෙන් දැනගැනීම පිණිස) උත්සාහ කටයුතුයි. මේ දුක් ඉපදීමේ හේතුවයයි තත්වූ පරිදි දැන ගැනීම පිණිස උත්සාහ කටයුතුයි. මේ දුක් නැතිකිරීමයයි (තත්වූ පරිදි දැනගැනීම පිණිස) උත්සාහ කටයුතුයි. මේ දුක් දුරුකිරීමේ පිළිවෙතයයි (තත්වූ පරිදි දැනගැනීම පිණිස) උත්සාහ කටයුතුය.”
|
2. පටිසල්ලානසුත්තං | 2. පටිසල්ලාන යොග සූත්‍රය |
1072
‘‘පටිසල්ලානෙ, භික්ඛවෙ, යොගමාපජ්ජථ. පටිසල්ලීනො, භික්ඛවෙ, භික්ඛු යථාභූතං පජානාති. කිඤ්ච යථාභූතං පජානාති? ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. පටිසල්ලානෙ
‘‘තස්මාතිහ
|
1072
(මෙතැන් සිට මේ ඡේද මහාප්‍රඥා වර්ගයේ 1 වෙනි සූත්‍රයේ මුල් ඡේදය මෙනි.)
“මහණෙනි, හුදකලා භාවනාවෙහි යෙදෙව්. මහණෙනි, හුදකලා භාවනාවෙහි යෙදෙන භික්ෂුතෙම ඇති සැටි දනියි. කුමක් ඇතිසැටි දනීද?
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡේදය මෙනි)
“මහණෙනි, හුදකලා භාවනාවෙහි යෙදෙව්. හුදකලා භාවනාවෙහි යෙදෙන භික්ෂුතෙම ඇතිසැටි දනියි. මහණෙනි, එබැවින් මෙහිදී (භික්ෂුතෙම) මේ දුකයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි. මේ දුක් හේතුවයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි. මේ දුක් නැතිකිරීමයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි. මේ දුක් නැතිකිරීමේ පිළිවෙතයයි දැන ගැනීම පිණිස උත්සාහ කටයුතුයයි” වදාළසේක.
|
3. පඨමකුලපුත්තසුත්තං | 3. පඨම කුලපුත්තාභිසමය සූත්‍රය |
1073
‘‘යෙ
‘‘කතමෙසං චතුන්නං? දුක්ඛස්ස අරියසච්චස්ස දුක්ඛසමුදයස්ස අරියසච්චස්ස දුක්ඛනිරොධස්ස අරියසච්චස්ස දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්චස්ස. යෙ හි කෙචි, භික්ඛවෙ, අතීතමද්ධානං කුලපුත්තා සම්මා අගාරස්මා අනගාරියං පබ්බජිංසු...පෙ.... පබ්බජිස්සන්ති...පෙ.... පබ්බජන්ති, සබ්බෙ තෙ ඉමෙසංයෙව චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසමයාය.
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො, ‘අයං දුක්ඛසමුදයො’ති යොගො කරණීයො, ‘අයං දුක්ඛනිරොධො’ති යොගො කරණීයො, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. තතියං.
|
1073
[2] “මහණෙනි, පූර්වකාලයෙහි යම්කිසි කුලපුත්‍රයෝ ගිහිගෙය හැර පියා මනාකොට සස්නෙහි පැවිදි වූවාහුද, ඒ සියලු දෙන වනාහි චතුස්සත්‍ය තත්වූ පරිදි දැන ගැනීම සඳහා පැවිදි වූවාහුය.
[3] “මහණෙනි, යම්කිසි කුලපුත්‍රයෝ ගිහිගෙයි හැරපියා මනාකොට සස්නෙහි පැවිදි වන්නාහුද ඒ සියළුදෙනා වනාහි චතුස්සත්‍ය තත්වූ පරිදි දැනගැනීම සඳහා පැවිදි වන්නාහුය.
[4] “මහණෙනි, දැනුදු යම්කිසි කුලපුත්‍ර කෙනෙක් ගිහි ගෙය හැර මනාකොට සස්නෙහි පැවිදි වෙත්ද ඒ සියලුදෙනද චතුස්සත්‍ය තත්වූ පරිදි දැනගැනීම සඳහා පැවිදිවෙති.
“කවර සතරක්ද? දුක්ඛ ආර්‍ය්‍යය සත්‍යයද දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යයද දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යයද දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ආර්‍ය්‍යය සත්‍යයද වෙති.
[5] “මහණෙනි, යම්කිසි අතීත කාලයෙහි කුලපුත්‍රයෝ ගිහිගෙය හැරපියා මනාකොට සස්නෙහි පැවිදි වූවාහුද (අනාගතයෙහි) පැවිදි වන්නාහුද (දැන්) පැවිදිවෙත්ද ඒ සියලුදෙන මේ චතුරාර්‍ය්‍ය සත්‍යයන් තත්වූ පරිදි දැනුම සඳහා (පැවිදිවූහ පැවිදිවන්නාහ. පැවිදි වෙත්.)
[6] ‘මහණෙනි එබැවින් තොප විසින් මේ දුකයයි තත්වූ පරිදි දැනුම සඳහා උත්සාහ කටයුතුයි. මේ දුක් ඉපදීමේ හේතුවයයි තත්වූ පරිදි දැනුම සඳහා උත්සාහ කටයුතුයි. මේ දුක්ඛ නිරෝධයයයි තත්වූ පරිදි දැනුම සඳහා උත්සාහ කටයුතුයි. මේ දුක් නැතිකිරීමට පැමිණෙන පිළිවෙතයයි තත්වූපරිදි දැනුම සඳහා උත්සාහ කටයුතුයි.
|
4. දුතියකුලපුත්තසුත්තං | 4. දුතිය කුලපුත්තාභිසමය සූත්‍රය |
1074
‘‘යෙ හි කෙචි, භික්ඛවෙ, අතීතමද්ධානං කුලපුත්තා සම්මා අගාරස්මා අනගාරියං පබ්බජිතා යථාභූතං අභිසමෙසුං, සබ්බෙ තෙ චත්තාරි අරියසච්චානි යථාභූතං අභිසමෙසුං. යෙ හි කෙචි, භික්ඛවෙ, අනාගතමද්ධානං කුලපුත්තා සම්මා අගාරස්මා අනගාරියං පබ්බජිතා
‘‘කතමානි චත්තාරි? දුක්ඛං අරියසච්චං, දුක්ඛසමුදයං අරියසච්චං, දුක්ඛනිරොධං අරියසච්චං, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං. යෙ හි කෙචි, භික්ඛවෙ, අතීතමද්ධානං කුලපුත්තා සම්මා අගාරස්මා අනගාරියං පබ්බජිතා යථාභූතං අභිසමෙසුං
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. චතුත්ථං.
|
1074
“මහණෙනි යම්කිසි අතීත කාලයෙහි කුලපුත්‍රයෝ ගිහිගෙය හැරපියා යහපත්කොට සස්නෙහි පැවිදිව තත්වූ පරිදි අවබෝධ කළාහුද, ඒ සියලුදෙන චතුස්සත්‍යය තත්වූ පරිදි අවබෝධ කළහ
“මහණෙනි, යම්කිසි අනාගත කාලයෙහි කුලපුත්‍රයෝ ගිහිගෙය හැරපියා මනාකොට සස්නෙහි පැවිදිවූවාහු තත්වාකාරයෙන් අවබෝධ කළාහුද ඒ සියලුදෙන චතුස්සත්‍යම තත්වූ පරිදි අවබෝධ කරන්නාහ.
“මහණෙනි මෙකල යම්කිසි කුලපුත්‍රයෝ ගිහිගෙය හැරපියා මනාකොට සස්නෙහි පැවිදිව තත්වූ පරිදි අවබෝධ කරත්ද ඒ සියලුදෙන චතුස්සත්‍යම තත්වූ පරිදි අවබෝධ කරත්
(මේ ඡේදය 3 වෙනි සූත්‍රයේ 5 වෙනි ඡේදය මෙනි.)
“මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි කුලපුත්‍රයෝ ගිහිගෙයින් නික්ම මනාකොට සස්නෙහි පැවිදි වූවාහු තත්වූ පරිදි අවබෝධ කළාහුද (මතු) අවබෝධ කරන්නාහුද (දැන්) අවබෝධ කරත්ද, ඒ සියලුදෙන මේ චතුස්සත්‍යම තත්වූ පරිදි අවබෝධ කරත්.
(මේ ඡේදය මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡේදය මෙනි.)
|
5. පඨමසමණබ්‍රාහ්මණසුත්තං | 5. පඨම සමණබ්‍රාහ්මණාභි සමය සූත්‍රය |
1075
‘‘යෙ හි කෙචි, භික්ඛවෙ, අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා යථාභූතං අභිසම්බොජ්ඣිංසු, සබ්බෙ තෙ චත්තාරි අරියසච්චානි යථාභූතං අභිසම්බොජ්ඣිංසු. යෙ හි කෙචි, භික්ඛවෙ, අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා යථාභූතං අභිසම්බොජ්ඣිස්සන්ති, සබ්බෙ තෙ චත්තාරි අරියසච්චානි යථාභූතං අභිසම්බොජ්ඣිස්සන්ති. යෙ හි කෙචි, භික්ඛවෙ, එතරහි සමණා වා බ්රාහ්මණා වා යථාභූතං අභිසම්බොජ්ඣන්ති, සබ්බෙ තෙ චත්තාරි අරියසච්චානි යථාභූතං අභිසම්බොජ්ඣන්ති.
‘‘කතමානි චත්තාරි? දුක්ඛං අරියසච්චං...පෙ.... දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං. යෙ හි කෙචි, භික්ඛවෙ, අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා
‘‘තස්මාතිහ
|
1075
‘මහණෙනි, අතීතයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ වෙත්. තත්වූ පරිදි මනාකොට අවබෝධ කළාහුද, ඒ සියල්ලෝ සතර ආර්‍ය්‍ය සත්‍යයන් තත්වූ පරිදි මනාකොට අවබෝධ කළාහුය.
“මහණෙනි, අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ තත්වාකාරයෙන් අවබෝධ කරන්නාහුද, ඒ සියල්ලෝ සතර ආර්‍ය්‍ය සත්‍යයන් තත්වූ පරිදි මනාකොට අවබෝධ කරන්නාහුය.
“මහණෙනි, මෙකල වනාහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ තත්වූ පරිදි මනාකොට අවබෝධ කරත්ද, ඒ සියල්ලෝ සතර ආර්‍ය්‍ය සත්‍යයන් තත්වූ පරිදි මනාකොට අවබෝධ කරත්.
ඒ සතර කවරහුද? දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ නිරෝධ ආර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්‍ය්‍ය සත්‍යය යනුයි
“මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ තත්වූ පරිදි මනාකොට අවබෝධ කළාහුද, (මතු) මනාකොට අවබෝධ කරන්නාහුද, මෙකල මනාකොට අවබෝධ කරත්ද, මේ සතර ආර්‍ය්‍ය සත්‍යයන් තත්වූ පරිදි මනාකොට අවබෝධ කරත්.
(මේ ඡේදය මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡේදය මෙනි.)
|
6. දුතියසමණබ්‍රාහ්මණසුත්තං | 6. දුතිය සමණබ්‍රාහ්මණාභි සමය සූත්‍රය |
1076
‘‘යෙ හි කෙචි, භික්ඛවෙ, අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා යථාභූතං අභිසම්බුද්ධං පකාසෙසුං, සබ්බෙ තෙ චත්තාරි අරියසච්චානි යථාභූතං අභිසම්බුද්ධං පකාසෙසුං. යෙ හි කෙචි, භික්ඛවෙ, අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා යථාභූතං අභිසම්බුද්ධං පකාසෙස්සන්ති, සබ්බෙ තෙ චත්තාරි අරියසච්චානි යථාභූතං අභිසම්බුද්ධං පකාසෙස්සන්ති. යෙ හි කෙචි, භික්ඛවෙ, එතරහි සමණා වා බ්රාහ්මණා වා යථාභූතං අභිසම්බුද්ධං පකාසෙන්ති, සබ්බෙ තෙ චත්තාරි අරියසච්චානි යථාභූතං අභිසම්බුද්ධං පකාසෙන්ති.
‘‘කතමානි
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. ඡට්ඨං.
|
1076
“මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ තත්වාකාරයෙන් මැනවින් අවබෝධ කළ කෙනෙකැයි ප්‍රකාශ කළාහුද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍ය සත්‍යයන්ම තත්වූ පරිදි මැනවින් අවබෝධ කළ කෙනෙකැයි ප්‍රකාශ කළාහුය.
“මහණෙනි, අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ තත්වූ පරිදි මැනවින් අවබෝධ කළ කෙනෙකැයි ප්‍රකාශ කරන්නාහුද ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍ය සත්‍යයන් තත්වූ පරිදි මැනවින් අවබෝධ කළ කෙනෙකැයි ප්‍රකාශ කරන්නාහුය.
“මහණෙනි, මෙකල යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ තත්වූ පරිදි මැනවින් අවබෝධ කළ කෙනෙකැයි ප්‍රකාශ කරත්ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍ය සත්‍යයන් තත්වූ පරිදි මැනවින් අවබෝධ කළ කෙනෙකැයි පවසත්. ඒ සතර කවරහුද? දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ නිරෝධ ආර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්‍ය්‍ය සත්‍යය යනුයි.
“මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ තත්වූ පරිදි මැනවින් අවබෝධ කළ කෙනෙකැයි ප්‍රකාශ කළාහුද, (මතු) ප්‍රකාශ කරන්නාහුද, මෙකල අවබෝධ කරත්ද ඒ සියලුදෙන මේ සතර ආර්‍ය්‍යය සත්‍යයන් තත්වූ පරිදි මැනවින් අවබෝධ කළ කෙනෙකැයි ප්‍රකාශ කළහ, ප්‍රකාශ කරන්නාහුය, ප්‍රකාශ කරත්.
(මේ ඡේදය මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡේදය මෙනි.)
|
7. විතක්කසුත්තං | 7. අකුසල විතක්ක සූත්‍රය |
1077
‘‘මා, භික්ඛවෙ, පාපකෙ අකුසලෙ විතක්කෙ විතක්කෙය්යාථ
(විතක්කෙථ (සී. ස්‍යා. කං.)), සෙය්යථිදං
‘‘විතක්කෙන්තා ච ඛො තුම්හෙ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති විතක්කෙය්යාථ, ‘අයං දුක්ඛසමුදයො’ති
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. සත්තමං.
|
1077
“මහණෙනි, අකුශල විතර්ක කල්පනා නොකරව්, ඒ කවරහුද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක (යනුයි) ඊට හේතු කවරේද? මහණෙනි, මේ විතර්කයෝ අර්ථය පිණිස පවත්නාහු නොවෙති. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් වන්නාහු නොවෙත්. කළකිරීම් පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද, සංසිඳීම පිණිසද විශේෂයෙන් දැනීම පිණිසද මනා අවබෝධය පිණිසද නිවන් පිණිසද නොපවතිත්.
“තෙපි වනාහි කල්පනා කරන්නාහු නම් මේ දුකයයි කල්පනා කරව්. මේ දුක්ඛ සමුදයයි කල්පනා කරව්. මේ දුක්ඛ නිරෝධයයි කල්පනා කරව්. මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව යයි කල්පනා කරව්. ඊට හේතු කවරේද?
“මහණෙනි, මේ කල්පනාවෝ අර්ථය පිණිස පවත්නාහුය. මේ කල්පනාවෝ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව මුල් වෙති. මේ කල්පනාවෝ කළකිරීම පිණිසද, විරාගය පිණිසද, නිරෝධය පිණිසද, සංසිඳීම පිණිසද, විශේෂයෙන් දැනීම පිණිසද, මනා අවබෝධ පිණිසද, නිවන් පිණිසද පවතිත්.
(මේ ඡේදය මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡේදය මෙනි.)
|
8. චින්තසුත්තං | 8. පාපක චින්තා සූත්‍රය |
1078
‘‘මා, භික්ඛවෙ, පාපකං අකුසලං චිත්තං චින්තෙය්යාථ
(චින්තෙථ (සී. ස්‍යා. කං.)) - ‘සස්සතො ලොකො’ති වා ‘අසස්සතො ලොකො’ති වා, ‘අන්තවා ලොකො’ති වා ‘අනන්තවා ලොකො’ති වා, ‘තං ජීවං තං සරීර’න්ති වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර’න්ති වා, ‘හොති තථාගතො පරං මරණා’ති වා ‘න හොති තථාගතො පරං මරණා’ති වා, ‘හොති ච න ච හොති
‘‘චින්තෙන්තා ච ඛො තුම්හෙ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති චින්තෙය්යාථ, ‘අයං දුක්ඛසමුදයො’ති චින්තෙය්යාථ, ‘අයං දුක්ඛනිරොධො’ති චින්තෙය්යාථ, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති චින්තෙය්යාථ. තං කිස්ස හෙතු? එසා, භික්ඛවෙ, චින්තා අත්ථසංහිතා, එසා ආදිබ්රහ්මචරියකා, එසා නිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. අට්ඨමං.
|
1078
“මහණෙනි, ලෝකය සදාකාලිකය කියාද ලෝකය සදාකාලික නොවේයයි කියාද ලොව කෙළවර ඇත කියාද ලොව කෙළවර නැත කියාද, ජීවිතයත් එයමය, ශරීරයත් එයමය කියාද, ජීවය අනිකක්ය, ශරීරය අනිකක්ය කියාද සත්වතෙමේ මරණින් මතු වෙයි හෝ නොවෙයි කියාද, සත්ව තෙමේ මරණින්මතු වන්නේ නොවෙයි හෝ නොවන්නේ නොවෙයි කියාද, ලාමක අකුසල සිත් නොසිතමි. ඊට හේතුව කවරේද?
“මහණෙනි, මේ සිතීම අර්ථය පිණිස පවත්නාහු නොවෙති. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් නොවෙති. කළකිරීම පිණිසද, විරාගය පිණිසද, නිරෝධය පිණිසද, සංසිඳීම පිණිසද විශේෂයෙන් දැනීම පිණිසද, මනා අවබෝධය පිණිසද නොපවතී, නිවන් පිණිසද නොපවතියි.
“මහණෙනි, සිතන්නාවූ තෙපි වනාහි මේ දුකයයි සිතව්. මේ දුක් ඉපදීමේ හේතුවයයි සිතව්. මේ දුක් නැති කිරීමයයි සිතව්. මේ දුක් නැතිකිරීමේ පිළිවෙතයයි සිතව්. ඊට හේතු කවරේද?
“මහණෙනි, මේ සිතීම අර්ථය පිණිස පවත්නේය. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් වන්නේය. මේ සිතීම කළකිරීම පිණිසද, නොඇල්ම පිණිසද, නිරෝධය පිණිසද සංසිඳීම පිණිසද විශේෂයෙන් දැනීම පිණිසද, මනා අවබෝධය පිණිසද නිවන් පිණිසද පවතියි.
(මේ ඡේදය මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡේදය මෙනි.)
|
9. විග්ගාහිකකථාසුත්තං | 9. විග්ගාහිත කථා සූත්‍රය |
1079
‘‘මා
‘‘කථෙන්තා ච ඛො තුම්හෙ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති කථෙය්යාථ
|
1079
“මහණෙනි, ‘නුඹ මේ ධර්මවිනය නොදන්නෙහිය. මම මේ ධර්මය විනය දනිමි. කිම, ඔබ මේ ධර්ම විනය දන්නෙහිද? ඔබ වරදවා පිළිපදින්නෙක් වෙහිය. මම මනාකොට පිළිපදින්නෙක් වෙමි. මුලදී කියයුත්ත පසුව කීවෙහිය, පසුව කිවයුත්ත පළමුව කීයෙහිය. මගේ කීම සත්‍යය. ඔබගේ කීම අසත්‍යය. විරුද්ධ මඟ ගැනීම නුඹගේ පුරුද්දය, ඔබට වාදය නංවන ලදී. වාදයෙන් මිදීම පිණිස උත්සාහ කරව. නිග්‍රහ කරන ලද්දෙහිය. ඉදින් හැකිනම් නිරවුල් කරවයි’ විරුද්ධ කථා නොකරව්. ඊට හේතු කවරේද?
“මහණෙනි, මේ කථාව අර්ථය පිණිස පවත්නේ නොවෙයි, මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වන්නේ නොවෙයි, කළකිරීම පිණිසද, විරාගය පිණිසද, නිරෝධය පිණිසද, සංසිඳීම පිණිසද විශේෂයෙන් දැනීම පිණිසද, මනා අවබෝධය පිණිසද නිවන් පිණිසද නොපවතියි.
“මහණෙනි, තෙපි කථාකරන්නාහු නම් මේ දුකයයි කථා කරව්. මේ දුක් ඉපදීමේ හේතුවයයි කථා කරව්, මේ දුක් නැතිකිරීමයයි කථා කරව්, මේ දුක් නැතිකිරීමේ පිළිවෙතයයි කථා කරව්. ඊට හේතු කවරේද?
“මහණෙනි, මේ කථාව අර්ථය පිණිස පවත්නේ වෙයි මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වෙයි. කලකිරීම පිණිසද, විරාගය පිණිසද, නිරෝධය පිණිසද, සංසිඳීම පිණිසද, විශේෂයෙන් දැනීම පිණිසද, මනා අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි.
(මේ ඡේදය මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡේදය මෙනි.)
|
10. තිරච්ඡානකථාසුත්තං | 10. තිරච්ඡාන කථා සූත්‍රය |
1080
‘‘මා
‘‘කථෙන්තා ච ඛො තුම්හෙ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති කථෙය්යාථ, ‘අයං දුක්ඛසමුදයො’ති කථෙය්යාථ, ‘අයං දුක්ඛනිරොධො’ති කථෙය්යාථ, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති කථෙය්යාථ. තං කිස්ස හෙතු? එසා, භික්ඛවෙ, කථා අත්ථසංහිතා, එසා ආදිබ්රහ්මචරියකා, එසා නිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති.
‘‘තස්මාතිහ
|
1080
“මහණෙනි, සග මොක් දෙකට බාධා කරන (තිරච්ඡාන කථා) කථා නොකරව්. ඒ කවරහුද? රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, ඇමතියන් පිළිබඳ කථාය, සේනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, පානවර්ග පිළිබඳ කථාය, වස්ත්‍ර පිළිබඳ කථාය, යහන් පිළිබඳ කථාය, මල්දම් පිළිබඳ කථාය, සුවඳ පිළිබඳ කථාය, ඤාතීන් පිළිබඳ කථාය, යානා පිළිබඳ කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නගර පිළිබඳ කථාය, දනව් පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය, සූරයන් පිළිබඳ කථාය, වීථින් පිළිබඳ කථාය, පැන්තොටවල් පිළිබඳ කථාය, පෙර මියගිය නෑයන් පිළිබඳ කථාය, මෙයින් අන්‍යවූ නොයෙක් නිරර්ථක කථාය, ලොව අගමුල පිළිබඳ කථාය, සමුද්‍ර පිළිබඳ කථාය, දියුණුව මෙසේ වෙයි, පිරිහීම මෙසේ වෙයි යනුවෙන් කරන තීර්ථක කථාය යන මොහුයි. ඊට හේතු කවරේද?
“මේ කථා අර්ථය පිණිස පවත්නේ නොවෙයි. ආදි බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූයේ නොවෙයි. කලකිරීම පිණිස නොඇලීම පිණිස, නිරෝධය පිණිස සංසිඳීම පිණිස විශේෂයෙන් දැනීම පිණිස, මනා අවබෝධය පිණිස නිවන් පිණිස නොපවතියි.
“මහණෙනි, තෙපි කථාකරන්නහු නම් මේ දුකයයි කථා කරව්, මේ දුක්ඛ සමුදයයි කථා කරව්, මේ දුක්ඛ නිරෝධ යයි
කථා කරව්, මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදායයි කථා කරව්. ඊට හේතු කවරේද?
“මහණෙනි, මේ කථාව අර්ථය පිණිස පවත්නේ වෙයි. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් වූයේ වෙයි. කලකිරීම පිණිස නොඇල්ම පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශේෂ නුවණින් දැනීම පිණිස, මනා අවබෝධය පිණිස, නිවන් පිණිස පවතී
‘මහණෙනි, එහෙයින් මේ දුකයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි, මේ දුක් ඉපදීමේ හේතුවයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි, මේ දුක්ඛ නිරෝධයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි, මේ දුක් නැතිකිරීමේ පිළිවෙතයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයයි” වදාළසේක.
|
2. ධම්මචක්කප්පවත්තනවග්ගො | 2. ධම්මචක්කප්පවත්ත වර්ගය |
1. ධම්මචක්කප්පවත්තනසුත්තං | 1. ධම්මචක්කප්පවත්ත සූත්‍රය |
1081
එකං
‘‘කතමා ච සා, භික්ඛවෙ, මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං - සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. අයං ඛො සා, භික්ඛවෙ, මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති.
‘‘ඉදං
‘‘‘ඉදං දුක්ඛං අරියසච්ච’න්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. ‘තං ඛො පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤෙය්‍ය’න්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ...පෙ.... උදපාදි. ‘තං ඛො පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤාත’න්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි.
‘‘‘ඉදං
‘‘‘ඉදං දුක්ඛනිරොධං අරියසච්ච’න්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. ‘තං ඛො පනිදං දුක්ඛනිරොධං අරියසච්චං සච්ඡිකාතබ්බ’න්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ...පෙ.... උදපාදි. ‘තං ඛො පනිදං දුක්ඛනිරොධං අරියසච්චං සච්ඡිකත’න්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි.
‘‘‘ඉදං
‘‘යාවකීවඤ්ච මෙ, භික්ඛවෙ, ඉමෙසු චතූසු අරියසච්චෙසු එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං න සුවිසුද්ධං අහොසි, නෙව තාවාහං, භික්ඛවෙ
‘‘යතො ච ඛො මෙ, භික්ඛවෙ, ඉමෙසු චතූසු අරියසච්චෙසු එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං සුවිසුද්ධං අහොසි, අථාහං, භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය ‘අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති පච්චඤ්ඤාසිං. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි - ‘අකුප්පා මෙ විමුත්ති
ඉමස්මිඤ්ච පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ ආයස්මතො කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි - ‘‘යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම’’න්ති.
පවත්තිතෙ ච පන භගවතා ධම්මචක්කෙ භුම්මා දෙවා සද්දමනුස්සාවෙසුං - ‘‘එතං භගවතා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පටිවත්තියං සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මි’’න්ති. භුම්මානං දෙවානං සද්දං සුත්වා චාතුමහාරාජිකා දෙවා සද්දමනුස්සාවෙසුං - ‘‘එතං භගවතා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං, අප්පටිවත්තියං සමණෙන වා බ්රාහ්මණෙන වා
ඉතිහ තෙන ඛණෙන (තෙන ලයෙන)
(( ) නත්ථි (සී. ස්‍යා. කං.)) තෙන මුහුත්තෙන යාව බ්රහ්මලොකා සද්දො අබ්භුග්ගච්ඡි. අයඤ්ච දසසහස්සිලොකධාතු සඞ්කම්පි සම්පකම්පි සම්පවෙධි, අප්පමාණො ච උළාරො ඔභාසො ලොකෙ පාතුරහොසි අතික්කම්ම දෙවානං දෙවානුභාවන්ති.
අථ ඛො භගවා ඉමං උදානං උදානෙසි - ‘‘අඤ්ඤාසි වත, භො, කොණ්ඩඤ්ඤො, අඤ්ඤාසි වත, භො, කොණ්ඩඤ්ඤො’’ති! ඉති හිදං ආයස්මතො කොණ්ඩඤ්ඤස්ස ‘අඤ්ඤාසිකොණ්ඩඤ්ඤො’ ත්වෙව නාමං අහොසීති. පඨමං.
|
1081
[1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවර සමීපයෙහිවූ මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ පස්වග භික්ෂූන්ට ඇමතූහ.
[2] “මහණෙනි, පැවිද්දා විසින් සේවනය නොකළ යුතු මේ දෙකෙළවරකි. (එනම්) ලාමකවූ ගැමියන්ට අයත්වූ පෘථග්ජනයන්ට අයත්වූ උතුම් නොවූ අනර්ථය පිණිස පවතින්නාවූ වස්තු කාමයන්හි ක්ලෙශ කාමය කරණකොට යම් ඇලී වාසය කිරීමක් වේද දුක්වූ ලාමකවූ අනර්ථය පිණිස පවත්නාවූ යම් ඒ කයට දුක් ගෙන දෙන පිළිවෙතක යෙදීමක් වේද යන මේ අන්ත දෙකය.
“මහණෙනි, ඒ මේ දෙකෙළවරට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ප්රඥාචක්ෂුව ඇති කරන්නාවූ, ඥානය ඇති කරන්නාවූ මධ්‍යම ප්‍රතිපදාව කෙලෙසුන්ගේ සංසිඳීම පිණිස චතුස්සත්‍යය දැනීම පිණිස චතුස්සත්‍යය අවබෝධය පිණිස නිවන් පිණිස පවතිත්.
“මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දාවූ ප්‍රඥා චක්ෂුව ඇති කරන්නාවූ ඥානය ඇති කරන්නාවූ කෙළෙසුන්ගේ සංසිඳීම පිණිස චතුස්සත්‍යයාගේ දැනීම පිණිස චතුස්සත්‍යය අවබෝධය පිණිස නිවන් පිණිස පවතින්නාවූ ඒ මධ්‍යම ප්‍රතිපදාව කවරීද?
“මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ කවරේදයත්? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාවය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මොහුයි.
“මහණෙනි, මේ වනාහි තථාගතයන් විසින් අවබෝධ කරන ලද ප්‍රඥා චක්ෂුස ඇති කරන්නාවූ ඥානය ඇති කරන්නාවූ කෙළෙසුන්ගේ සංසිඳීම පිණිස චතුස්සත්‍යයාගේ දැනීම පිණිස චතුස්සත්‍ය අවබෝධය පිණිස නිවන් පිණිස පවතින්නාවූ මධ්‍යම ප්‍රතිපදාව වෙයි.
“මහණෙනි, මේ වනාහි දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි. ඉපදීම දුකය, ජරාවද දුකය, රෝගයද දුකය, මරණයද දුකය, අප්‍රියයන් හා එක්වීම දුකය, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකය, කැමති යමක් නොලැබේද, එයද දුකය. සැකෙවින් පඤ්ච උපාදානස්කන්ධයෝම දුක් වන්නාහුය.
“මහණෙනි, මේ වනාහි දුක්ඛ සමුදයාර්ථර්‍ය්‍ය සත්‍යයයි. නැවත නැවත ඉපදීම ඇති කරන්නාවූ නන්දිරාගය හා එක්වූ ඒ ඒ ආත්මභාවයෙහි ඇලෙන්නාවූ යම් ඒ තෘෂ්ණාවක් වේද, ඒ කවරේද යත්. කාම තෘෂ්ණාවය, භවතෘෂ්ණාවය, විභව තෘෂ්ණාවයි යන මොව්හුයි
“මහණෙනි, මේ වනාහි දුක්ඛ නිරෝධ ආර්‍ය්‍ය සත්‍යයවේ. යම් ඒ තෘෂ්ණාවගේ ඉතිරි නොකොට නිරුද්ධ කිරීමක් වේද, දුරු කිරීමක් වේද, නැති කිරීමක් වේද, මිදීමක් වේද, ආලය අත්හැරීමක් වේද එයයි.
‘මහණෙනි, මේ වනාහි දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්‍ය්‍යසත්‍යය වේ. එනම් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගමැයි. හේ කවරේද යත්? සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මොහුයි.
“මහණෙනි, පෙර නොඇසූවිරූ ධර්මයන්හි මට මේ දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යයයි. නුවණැස පහළවිය. ඥානය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.
“මහණෙනි, පෙර නොඇසූවිරූ ධර්මයන්හි මට ඒ මේ දුක්ඛාර්‍ය්‍ය සත්‍යය පිළිසිඳ දත යුතුයයි නුවණැස පහළවිය. ඥානය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.
“මහණෙනි, පෙර නොඇසූ විරූ ධර්මයන්හි මට මේ දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යය පිළිසිඳ දැනගන්නාලදැයි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.
“මහණෙනි, මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි මේ දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යයයි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.
“මහණෙනි, මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි ඒ දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය පහකළ යුතුයයි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.
“මහණෙනි, මට පෙර නොඇසූ විරූ ධර්ම ඒ මේ දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යය ප්‍රහීන කරනලදැයි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.
“මහණෙනි, පෙර නොඇසූවිරූ ධර්මයෙහි මට මේ දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යයයි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.
“මහණෙනි, මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි මේ දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය ප්‍රත්‍යක්ෂකළ යුතුයයි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.
“මහණෙනි, මට පෙර නොඇසූවිරූ ධර්මයෙහි මේ දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය ප්රත්යක්ෂ කරන ලදැයි මට නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.
“මහණෙනි, පෙර නොඇසූවිරූ ධර්ම විෂයෙහි මට මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යයයි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.
“මහණෙනි, පෙර නොඇසූවිරූ ධර්මය විෂයෙහි මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යය වැඩිය යුතු යයි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.
“මහණෙනි, පෙර නොඅසන ලද ධර්මයන්හි මට දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්‍ය්‍ය සත්‍යය වඩන ලදැයි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.
“මහණෙනි, මට යම්තාක් කල් මෙසේ තුන් පැවැත්මක් (තිපරිවට්ට) ඇති, දොළොස් ආකාරයක් ඇති මේ චතුස්සත්‍යයන්හි යථාභූතඥාන දර්ශනය මනාව පිරිසිඳ නොවීද, මහණෙනි, ඒතාක් කල් මම දෙවියන් සහිතවූ බඹුන් සහිතවූ සත්වලෝකයෙහිද මහණ බඹුන් සහිතවූ දෙවි මිනිසුන් සහිත ප්‍රජාව අතරෙහිද අනුත්තරවූ සම්‍යක් සම්බොධිය අවබෝධ කෙළෙමියි ප්‍රතිඥා නොකෙළෙමි.
“මහණෙනි, මට වනාහි යම් අවස්ථාවක මෙසේ තුන් පැවැත්මක් (තිපරිවට්ට) ඇති, දොළොස් ආකාරයක් ඇති, මේ චතුරාර්‍ය්‍ය සත්‍යයන්හි යථාභූතඥාන දර්ශනය මනාව පිරිසිඳ වූයේද, මහණෙනි, මම එකල්හි දෙවියන් සහිත බඹුන් සහිත ලෝකයෙහිද මහණ බමුණන් ඇතුළු දෙවි මිනිසුන් සහිතවූ ප්‍රජාවෙහිද අනුත්තරවූ සම්‍යක් අවබෝධිය අවබෝධ කෙළෙමියි, ප්‍රතිඥා කෙළෙමි.
“මට වනාහි ඥාන දර්ශනය පහළවිය. මාගේ අර්හත් ඵල විමුක්තිය වෙනස් කළ නොහැකිය. මේ අන්තිම ජාතිය වන්නීය. දැන් මට නැවත ඉපදීමක් නැත” භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
සතුටු සිත් ඇති පස්වග භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ. මේ සූත්‍රය දේශනා කරනු ලැබීමෙහිදී ආයුෂ්මත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ භික්ෂුවට කෙලෙස් රජස් නැති පහවූ කෙළෙස් මල ඇති ධර්මචක්ෂුස හෙවත් ශ්‍රොතාපත්ති මාර්ග ඥානය පහළවූයේය (කෙසේද?) ‘යම් කිසිවක් ඇතිවීම ස්වභාවකොට ඇත්තේද, ඒ සියල්ල නැතිවීමද ස්වභාවය කොට ඇත්තේය’ කියායි,
“භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මචක්රය පැවැත්වූ කල්හි වනාහි භූමිය ඇසුරුකොට වසන දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයේදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් හෝ නොපැවැත්විය හැකි මේ අනුත්තරවූ ධර්මචක්රය පවත්වන ලදැයි” සාධුනාද පැවැත්වූහ.
“බූමාටු දෙවියන්ගේ ශබ්දය අසා චාතුර් මහාරාජික දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයේදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් නොපැවැත්විය හැකි උතුම් මේ ධර්මචක්රය පවත්වනලදැයි’ සාධුනාද පැවැත්වූහ.
චාතුර් මහාරාජික දෙවියන්ගේ ශබ්දය අසා තාවතිංස දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයේදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් නොපැවැත්විය හැකි උතුම්වූ මේ ධර්ම චක්‍රය පවත්වනලදැයි’ තාවතිංස දෙවියෝ සාධුනාද පැවැත්වූහ.
තාවතිංස දෙවියන්ගේ ශබ්දය අසා යාම දෙවියෝ ‘භාග්‍යවතුන්වහන්සේ විසින් බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයේදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් නොපැවැත්විය හැකි උතුම් මේ ධර්මචක්රය පවත්වනලදැයි’ යාම දෙවියෝ සාධුකාර දුන්හ.
යාම දෙවියන්ගේ ශබ්දය අසා තුසිත දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයේදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් නොපැවැත්විය හැකි උතුම්වූ මේ ධර්ම චක්‍රය පවත්වන ලදැයි’ තුසිත දෙවියෝ සාධුකාර දුන්හ.
තුසිත දෙවියන්ගේ සාධුකාර අසා නිම්මානරතී දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයේදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් නොපැවැත්විය හැකි උතුම් මේ ධර්මචක්රය පවත්වනලදැයි’ නිම්මානරතී දෙවියෝ සාධුකාර දුන්හ.
නිම්මානරතී දෙවියන්ගේ සාධුකාර අසා පරනිර්මිත වසවර්ති දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයේදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් නොපැවැත්විය හැකි උතුම් මේ ධර්ම චක්‍රය පවත්වන ලදැයි’ පරනිර්මිත වසවර්ති දෙවියෝ සාධුකාර දුන්හ.
පරනිර්මිත වසවර්ති දෙවියන්ගේ ශබ්දය අසා බ්‍රාහ්මකායික දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදායනම්වූ ඉසිපතනාරාමයේදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් නොපැවැත්විය හැකි උතුම්වූ මේ ධර්මචක්රය පවත්වනලදැයි’ බ්‍රහ්මකායික දෙවියෝ සාධුකාර දුන්හ.
මෙසේ ඒ ක්ෂණයකින් ඒ මොහොතින් බඹලොව දක්වා (සාධුකාර) ශබ්දය පැනනැංගේය. මේ දසසහශ්‍ර ලෝක ධාතුව කම්පාවිය. අතිශයින් කම්පාවිය. මහත්සේ වෙව්ලා ගියේය, දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා අප්‍රමාණවූ පහත්වූ ආලෝකයක් ලෙව්හි පහළවූයේය.
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ “පින්වත්නි, කොණ්ඩඤ්ඤතෙම ඒකාන්තයෙන් අවබෝධ කෙළේය. පින්වත්නි, කොණ්ඩඤ්ඤතෙමේ ඒකාන්තයෙන් අවබෝධ කෙළේයයි” ප්‍රීතිවාක්‍යයක් පහළ කෙළේය. මෙය නිමිතිකොට ආයුෂ්මත් කොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේට අඤ්ඤා කොණ්ඩඤ්ඤ යන නාමය වූයේය.
|
2. තථාගතසුත්තං | 2. අනුනුස්සුත අරියසච්ච සූත්‍රය |
1082
‘‘‘ඉදං දුක්ඛං අරියසච්ච’න්ති, භික්ඛවෙ, තථාගතානං පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. ‘තං ඛො පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤෙය්‍ය’න්ති
‘‘‘ඉදං දුක්ඛසමුදයං අරියසච්ච’න්ති භික්ඛවෙ, තථාගතානං පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. ‘තං ඛො පනිදං දුක්ඛසමුදයං අරියසච්චං පහාතබ්බ’න්ති, භික්ඛවෙ, තථාගතානං පුබ්බෙ...පෙ.... උදපාදි. ‘තං ඛො පනිදං දුක්ඛසමුදයං අරියසච්චං පහීන’න්ති, භික්ඛවෙ, තථාගතානං පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි.
‘‘‘ඉදං
‘‘‘ඉදං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්ච’න්ති, භික්ඛවෙ, තථාගතානං පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. ‘තං ඛො පනිදං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං භාවෙතබ්බ’න්ති, භික්ඛවෙ, තථාගතානං පුබ්බෙ...පෙ.... උදපාදි. ‘තං ඛො පනිදං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං භාවිත’න්ති, භික්ඛවෙ, තථාගතානං පුබ්බෙ
|
1082
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡේදය මෙනි.)
“මහණෙනි, මේ දුක්ඛ ආර්‍ය්‍යය සත්‍යයයි කියා තථාගතයන් වහන්සේලාට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළවිය. විද්‍යාව පහළවිය. ඥානය පහළවිය ප්‍රඥාව පහළවිය. ආලෝකය පහළවිය.
“මහණෙනි, ඒ මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය පිරිසිඳ දතයුතුයයි තථාගතයන් වහන්සේලාට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළවිය. විද්‍යාව පහළවිය. ඥානය පහළවිය ප්‍රඥාව පහළ විය. ආලෝකය පහළවිය.
“මහණෙනි, ඒ මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය පිරිසිඳ දන්නාලදැයි තථාගතයන් වහන්සේලාට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළවිය. විද්‍යාව පහළවිය. ඥානය පහළවිය. ප්‍රඥාව පහළවිය. ආලෝකය පහළවිය.
“මහණෙනි, මේ දුක්ඛසමුදයආර්ය්යය සත්‍යයයි. තථාගතයන් වහන්සේලාට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළවිය. විද්‍යාව පහළවිය. ඥානය පහළවිය. ප්‍රඥාව පහළවිය. ආලෝකය පහළවිය.
“මහණෙනි, මේ දුක්ඛ සමුදය ආර්‍ය්‍යය සත්‍යය පහකළ යුතුයි තථාගතයන් වහන්සේලාට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළවිය. විද්‍යාව පහළවිය. ඥානය පහළවිය ප්‍රඥාව පහළවිය. ආලෝකය පහළවිය.
“මහණෙනි, මේ දුක්ඛසමුදයආර්ය්යයසත්යය පහකරන ලදැයි තථාගතයන් වහන්සේලාට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළවිය. විද්‍යාව පහළවිය. ඥානය පහළවිය. ප්‍රඥාව පහළවිය. ආලෝකය පහළවිය.
“මහණෙනි, මේ දුක්ඛ නිරෝධ ආර්‍ය්‍යසත්‍යයයි තථාගතයන් වහන්සේලාට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළවිය, විද්‍යාව පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය. ආලෝකය පහළවිය.
“මහණෙනි, මේ දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය ප්රත්යක්ෂ කටයුතුයි. තථාගතයන් වහන්සේලාට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය
“මහණෙනි, මේ දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය ප්රත්යක්ෂ කරන ලදැයි තථාගතයන් වහන්සේලාට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළවිය. ඥානය පහළවිය. ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.
“මහණෙනි, මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්‍ය්‍ය සත්‍යයයි තථාගතයන් වහන්සේලාට පෙර නොඅසූවිරූ ධර්මයන්හි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය,
“මහණෙනි, මේ දුක්ඛනිරෝධගාමිණී පටිපදා ආර්‍ය්‍යසත්‍යය වැඩිය යුතුයයි පෙර නො ඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.
“මහණෙනි, මේ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්‍ය්‍ය සත්‍යය වඩනලදැයි තථාගතයන් වහන්සේලාට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය,
|
3. ඛන්ධසුත්තං | 3. ඛන්ධ සච්ච සූත්‍රය |
1083
‘‘චත්තාරිමානි, භික්ඛවෙ, අරියසච්චානි. කතමානි චත්තාරි? දුක්ඛං අරියසච්චං, දුක්ඛසමුදයං අරියසච්චං, දුක්ඛනිරොධං අරියසච්චං
(දුක්ඛසමුදයො අරියසච්චං දුක්ඛනිරොධො අරියසච්චං (ස්‍යා.)) දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං.
‘‘කතමඤ්ච
‘‘කතමඤ්ච, භික්ඛවෙ, දුක්ඛසමුදයං අරියසච්චං? යායං තණ්හා පොනොබ්භවිකා නන්දිරාගසහගතා තත්රතත්රාභිනන්දිනී, සෙය්යථිදං - කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා. ඉදං වුච්චති, භික්ඛවෙ, දුක්ඛසමුදයං අරියසච්චං.
‘‘කතමඤ්ච
‘‘කතමඤ්ච, භික්ඛවෙ, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි - ඉදං වුච්චති, භික්ඛවෙ, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං. ඉමානි
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. තතියං.
|
1083
[1] (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡේදය මෙනි.)
[2] “මහණෙනි, මේ ආර්‍ය්‍ය සත්‍යයෝ සතරක් වෙති. කවරක්හුද? දුක්ඛාර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ නිරෝධ ආර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්‍ය්‍ය සත්‍යය, යනුයි.
[3] “මහණෙනි, දුක්ඛාර්‍ය්‍ය සත්‍යය කවරහුද? එයට පඤ්ච උපාදාන ස්කන්ධයයි කියයුතුය. කවර පසක්ද? එනම් රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදාන ස්කන්ධය, සඩ්ඛාර උපාදාන ස්කන්ධය, විඤ්ඤාණ උපාදාන ස්කන්ධය, යන මොහුයි. මහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබේ
[4] “මහණෙනි, දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යය කවරේද? නැවත ඉපදීම ඇති කරන්නාවූ නන්දිරාගය හා යෙදුනාවූ ඒ ඒ භවයෙහි ඇලෙන්නාවූ යම් තෘෂ්ණාවක් වේද, ඒ කවරේද යත්, කාම තෘෂ්ණාවය, භව තෘෂ්ණාවය, විභව තෘෂ්ණාවය. යන මොහුයි. මහණෙනි, මේ දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබේ.
[5] “මහණෙනි, දුක්ඛ නිරෝධාර්ය්යසත්යය කවරේද? ඒ තෘෂ්ණාවගේම යම් ඉතිරිනොකොට නැතිකිරීමක් දුරුකිරීමක් අත්හැරීමක් මිදීමක් නොඇල්මක් වේද, මහණෙනි, මේ දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබේ.
[6] “මහණෙනි, දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්‍ය්‍ය සත්‍යය කවරේද? මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයමැයි. හේ කෙසේදයත් සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මෙයයි. මහණෙනි, මේ දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්‍ය්‍ය සත්‍යයයි කියනුලැබේ. මහණෙනි, මේ වනාහි චතුරාර්‍ය්‍ය සත්‍යයෝයි.
[7] “මහණෙනි, එහෙයින් මෙහිලා මේ දුකයයි දැන ගැනීම පිණිස උත්සාහ කටයුතුයි මේ දුක්ඛ සමුදයයි දැනගැනීම පිණිස උත්සාහකටයුතුයි. මේ දුක්ඛ නිරෝධයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතු, මේ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාව යයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි කියායි.
|
4. අජ්ඣත්තිකායතනසුත්තං | 4. ආයතනසච්ච සූත්‍රය |
1084
‘‘චත්තාරිමානි, භික්ඛවෙ, අරියසච්චානි. කතමානි චත්තාරි? දුක්ඛං අරියසච්චං, දුක්ඛසමුදයං අරියසච්චං, දුක්ඛනිරොධං අරියසච්චං, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං? ‘ඡ අජ්ඣත්තිකානි ආයතනානී’ තිස්ස වචනීයං. කතමානි ඡ? චක්ඛායතනං...පෙ.... මනායතනං - ඉදං වුච්චති, භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, දුක්ඛසමුදයං අරියසච්චං? යායං තණ්හා පොනොබ්භවිකා නන්දිරාගසහගතා තත්රතත්රාභිනන්දිනී, සෙය්යථිදං - කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා - ඉදං වුච්චති, භික්ඛවෙ, දුක්ඛසමුදයං අරියසච්චං.
‘‘කතමඤ්ච
‘‘කතමඤ්ච, භික්ඛවෙ, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි - ඉදං වුච්චති, භික්ඛවෙ, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං. ඉමානි
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. චතුත්ථං.
|
1084
(මේ ඡේදය මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡේදය මෙනි.)
“මහණෙනි, දුක්ඛාර්‍ය්‍යසත්‍ය කවරේද? අධ්‍යාත්මික ආයතන සයයයි කියයුතුය ඒ සය කවරහුද? චක්ඛායතනය, සොතායතනය, ඝානායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනය, යන මොහුයි. මහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබේ.
(මේ ඡේද මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 4 5, 6, 7, ඡේද මෙනි.)
|
5. පඨමධාරණසුත්තං | 5. පඨම සච්චධාරණ සූත්‍රය |
1085
‘‘ධාරෙථ නො තුම්හෙ, භික්ඛවෙ, මයා චත්තාරි අරියසච්චානි දෙසිතානී’’ති? එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච
‘‘සාධු සාධු, භික්ඛු! සාධු ඛො ත්වං, භික්ඛු, ධාරෙසි මයා චත්තාරි අරියසච්චානි දෙසිතානීති. දුක්ඛං ඛො, භික්ඛු, මයා පඨමං අරියසච්චං දෙසිතං, තථා නං ධාරෙහි; දුක්ඛසමුදයං
(දුක්ඛසමුදයො (ස්‍යා. කං.)) ඛො, භික්ඛු, මයා දුතියං අරියසච්චං දෙසිතං, තථා නං ධාරෙහි; දුක්ඛනිරොධං
(දුක්ඛනිරොධො (ස්‍යා. කං.)) ඛො, භික්ඛු, මයා තතියං අරියසච්චං දෙසිතං, තථා නං ධාරෙහි; දුක්ඛනිරොධගාමිනී පටිපදා
(දුක්ඛනිරොධගාමිනිපටිපදං (පී.), දුක්ඛනිරොධගාමිනිං පටිපදං (ක.)) ඛො, භික්ඛු, මයා චතුත්ථං අරියසච්චං දෙසිතං, තථා නං ධාරෙහි. එවං ඛො, භික්ඛු, ධාරෙහි මයා චත්තාරි අරියසච්චානි දෙසිතානීති.
‘‘තස්මාතිහ
|
1085
[2] “මහණෙනි, මා විසින් නුඹලාට චතුරාර්‍ය්‍යසත්‍යයෝ දේශනා කරණ ලදහයි දරාගනිව්.” මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනාකරනලද චතුරාර්‍ය්‍යසත්‍යයන් දරමියි” සැලකෙළේය.
[3] “මහණ, නුඹ මවිසින් දේශනා කරනලද චතුරාර්‍ය්‍ය සත්‍යයන් කෙසේ දරන්නෙහිදැයි” විචාළහ.
“ස්වාමීනි, මම දුක්ඛය භාග්‍යවතුන් වහන්සේ විසින් පළමුකොට දේශනා කරනලද ආර්‍ය්‍යසත්‍යයයි දරමි. ස්වාමීනි, මම දුක්ඛසමුදය, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙවනුව දේශනාකරණලද ආර්‍ය්‍යසත්‍යයයි දරමි. ස්වාමීනි, මම දුක්ඛනිරෝධය භාග්‍යවතුන් වහන්සේ විසින් තුන්වෙනුව දේශනාකරණලද, ආර්‍ය්‍යසත්‍යයයි දරමි. ස්වාමීනි, මම දුක්ඛනිරෝධගාමිනී පටිපදාව භාග්‍යවතුන් වහන්සේ විසින් සතරවෙනුව දේශනා කරණලද ආර්‍ය්‍ය සත්‍යයයි දරමි. ස්වාමීනි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණලද සතර ආර්‍ය්‍යසත්‍යයන් මෙසේ දරමියි” කීයේය.
[4] “මහණ, යහපති, යහපති, මහණ නුඹවනාහි මවිසින් දේශනා කරණලද සතරආර්‍ය්‍යසත්‍යය දරන්නෙහි (ඉතා) මැනවි. මහණ, මවිසින් වනාහි පළමුකොට දුක්ඛාර්‍ය්‍යසත්‍යය දේශනා කරනලදී. එය එසේ දරාගනුව. මහණ, මවිසින් වනාහි දෙවනුව දුක්ඛසමුදාර්‍ය්‍යසත්‍යය දේශනා කරනලදී. එය එසේ දරාගනුව. මහණ, මා විසින් තෙවනුව දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය දේශනාකරනලදී. එය එසේ දරාගනුව. මහණ, මවිසින් වනාහි සතරවෙනුව දුක්ඛනිරෝධගාමිණීපටිපදා ආර්‍ය්‍යසත්‍යය දේශනා කරන ලදී, එය එසේ දරාගනුව.
[5] “මහණ, මෙසේ වනාහි මා විසින් දේශනා කරණලද සතර ආර්‍ය්‍යසත්‍යයන් දරාගනුව. මහණ, එබැවින් මෙහිලා මේ දුක්ඛයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි. මේ දුක්ඛ සමුදයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි. මේ දුක්ඛ නිරෝධයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි. මේ දුක්ඛ නිරෝධගාමිණී පටිපදාවයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි.”
|
6. දුතියධාරණසුත්තං | 6. දුතිය සච්චධාරණ සූත්‍රය |
1086
‘‘ධාරෙථ නො තුම්හෙ, භික්ඛවෙ, මයා චත්තාරි අරියසච්චානි දෙසිතානී’’ති? එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘අහං ඛො, භන්තෙ, ධාරෙමි භගවතා චත්තාරි අරියසච්චානි දෙසිතානී’’ති.
‘‘යථා කථං පන ත්වං, භික්ඛු, ධාරෙසි මයා චත්තාරි අරියසච්චානි දෙසිතානී’’ති? ‘‘දුක්ඛං
‘‘සාධු සාධු, භික්ඛු! සාධු ඛො ත්වං, භික්ඛු, ධාරෙසි මයා චත්තාරි
‘‘තස්මාතිහ, භික්ඛු, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. ඡට්ඨං.
|
1086
(මේ ඡේදය මේ වර්ගයේ 5 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡේදය මෙනි.)
“මහණ නුඹ වනාහි මවිසින් දේශනා කරනලද සතර ආර්‍ය්‍ය සත්‍යයන් කෙසේ දරන්නෙහිදැයි” අසා වදාළහ. “ස්වාමීනි මම වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් පළමුවැනි ආර්‍ය්‍යසත්‍යය දුක්ඛාර්‍ය්‍යසත්‍යයයි දරමි. ස්වාමීනි, යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් දේශනා කරනලද මේ පළමුවන ආර්‍ය්‍යසත්‍යය දුක්ඛාර්‍ය්‍යසත්‍ය නොවේ. මම මේ පළමුවෙනි දුක්ඛආර්ය්යසත්යය ප්රතික්ෂෙපකොට අනික් පළමුවන දුක්ඛාර්‍ය්‍යසත්‍යයක් පනවන්නෙමියි’ මෙසේ කියන්නේ නම් ඒ කාරණය සිදුනොවෙයි.
“ස්වාමීනි, මම වනාහි දුක්ඛසමුදාර්‍ය්‍යසත්‍යය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනලද දෙවෙනි ආර්‍ය්‍ය සත්‍යය දරමි. කිසියම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් දේශනාකරනලද දෙවැනි ආර්‍ය්‍යසත්‍යය දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍ය නොවේ. මම මේ දෙවැනි දුක්ඛසමුදය ආර්‍ය්‍යසත්‍යය ප්රතික්ෂෙපකොට අනික් දෙවැනි දුක්ඛ සමුදය ආර්‍ය්‍යසත්‍යයක් පනවන්නෙමියි’ මෙසේ කියන්නේනම් ඒ කාරණය සිදුනොවේ.
“ස්වාමීනි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනලද තෙවෙනි ආර්‍ය්‍යසත්‍යය දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යයයි දරමි යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් දේශනා කරනලද මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය තෙවෙනි ආර්‍ය්‍යසත්‍යය නොවේ. මම මේ තෙවැනි දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය ප්රතික්ෂෙපකොට අන්‍යවූ තෙවෙනි දුක්ඛ නිරෝධාර්ය්යසත්යයක් පනවන්නෙමියි’ කියන්නේ නම් ඒ කාරණය සිදුනොවේ.
“ස්වාමීනි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනලද සතරවෙනි ආර්‍ය්‍යසත්‍යය දුක්ඛ නිරෝධ ගාමිණී ප්රතිපදාර්ය්යසත්යයයි දරමි. යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් දේශනාකරනලද මේ දුක්ඛ නිරෝධගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය සතරවෙනි ආර්‍ය්‍යසත්‍යය නොවේ. මම මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්‍ය්‍යසත්‍යය ප්රතික්ෂෙපකොට අන්‍යවූ දුක්ඛ නිරෝධගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යයක් පනවන්නෙමියි’ කියන්නේ නම් ඒ කාරණය සිදුනොවේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනාකරන ලද ආර්‍ය්‍ය සත්‍යයන් මෙසේ දරමියි කීය.
“මහණ, යහපති, යහපති. මහණ, නුඹ වනාහි මා විසින් දේශනා කරනලද සතර ආර්‍ය්‍යසත්‍යයන් මනාව දන්නෙහිය. මහණ, මා විසින් පළමුව දුක්ඛාර්‍ය්‍යසත්‍යය දේශනා කරනලදී. එය එසේ දරව. මහණ, යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘ශ්‍රමණ ගෞතමයන් විසින් දේශනා කරන ලද එය පළමුවෙනි ආර්‍ය්‍යසත්‍යය නොවේ මම වනාහි මේ පළමුවැනි දුක්ඛාර්‍ය්‍යසත්‍යය ප්රතික්ෂෙපකොට අනිකක් පළමුවැනි දුක්ඛාර්‍ය්‍යසත්‍යයයි පනවන්නෙමියි’ කියන්නේ නම් ඒ කාරණය සිදුනොවේ.
“මහණ, මා විසින් දෙවැනිව දුක්ඛසමුදය ආර්‍ය්‍යසත්‍යය වදාරණලදී. එය එසේ දරනු. මහණ යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් දෙවැනිව දේශනා කරණ ලද එය දුක්ඛසමුදය ආර්‍ය්‍යසත්‍යය නොවේ. මම වනාහි මේ දෙවැනි දුක්ඛසමුදය ආර්‍ය්‍යසත්‍යය ප්රතික්ෂෙපකොට අනික් දෙවැනි දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යයක් පනවන්නෙමියි’ කියන්නේ නම් ඒ කාරණය සිදුනොවේ.
“මහණ, මා විසින් තෙවැනිව දුක්ඛනිරෝධ ආර්‍ය්‍ය සත්‍යයයි වදාරණලදී. එය එසේ දරණු. මහණ යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘ශ්‍රමණ ගෞතමයන් විසින් තෙවැනිව දේශනා කරණලද එය දුක්ඛනිරෝධ ආර්‍ය්‍ය සත්‍යය නොවේ. මම වනාහි මේ තෙවැනි දුක්ඛනිරෝධයආර්ය්ය සත්‍යය ප්රතික්ෂෙපකොට අනික් දුක්ඛනිරෝධ සත්‍යයක් පනවන්නෙමියි’ කියන්නේ නම් ඒ කාරණය සිදුනොවේ.
“මහණ, මා විසින් සතරවැනිව දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්‍ය්‍ය සත්‍යය වදාරණ ලදී. එය එසේ දරණු. මහණ, යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් සතර වැනිව දේශනා කරන ලද එය දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යය නොවේ. මම වනාහි සතරවැනි දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්‍ය්‍යසත්‍යය ප්රතික්ෂෙප කොට අනික් දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්‍ය්‍ය සත්‍යයක් පනවන්නෙමියි’ මෙසේ කියන්නෙමි ඒ කාරණය සිදුනොවේ.
(මේ ඡේදය මේ වර්ගයේ 5 වෙනි සූත්‍රයේ 5 වෙනි ඡේදය මෙනි.)
|
7. අවිජ්ජාසුත්තං | 7. සච්ච නිඤ්ඤාණ සූත්‍රය |
1087
එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘‘අවිජ්ජා, අවිජ්ජා’ති භන්තෙ, වුච්චති. කතමා නු ඛො, භන්තෙ, අවිජ්ජා; කිත්තාවතා ච අවිජ්ජාගතො හොතී’’ති? ‘‘යං ඛො, භික්ඛු, දුක්ඛෙ අඤ්ඤාණං, දුක්ඛසමුදයෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං - අයං වුච්චති, භික්ඛු, අවිජ්ජා; එත්තාවතා ච
‘‘තස්මාතිහ, භික්ඛු, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. සත්තමං.
|
1087
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස මිගදාය නම් ලත් ඉසිපතනයෙහි වාසයකරන සේක. එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කෙළේය. “ස්වාමීනි, අවිද්‍යාවය අවිද්‍යාවයයි කියනු ලැබේ. ස්වාමීනි, අවිද්‍යාව නම් කුමක්ද? කොපමණකින් අවිද්‍යාවට පැමිණියේ වේදැයි” විචාළේය.
“මහණ, දුකෙහි යම් නොදැනීමක් වෙයිද දුක්ඛ හේතුවෙහි යම් නොදැනීමක් වේද, දුක් නැතිකිරීමෙහි යම් නොදැනීමක් වේද, දුක් නැතිකිරීමට පැමිණෙන පිළිවෙතෙහි යම් නොදැනීමක් වේද, මහණ මේ අවිද්‍යාවයයි කියනු ලැබේ. මෙපණකින් අවිද්‍යාවට පැමිණියේද වෙයි
(මේ ඡේදය මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 7 වෙනි ඡේදය මෙනි.)
|
8. විජ්ජාසුත්තං | 8. සච්ච ඤාණ සූත්‍රය |
1088
අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘‘විජ්ජා, විජ්ජා’ති, භන්තෙ, වුච්චති. කතමා නු ඛො, භන්තෙ, විජ්ජා; කිත්තාවතා ච විජ්ජාගතො හොතී’’ති? ‘‘යං
‘‘තස්මාතිහ
|
1088
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස මිගදාය නම් ලත් ඉසිපතනයෙහි වාසය කරන සේක. “එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, විද්‍යාව විද්‍යාවයයි කියනු ලැබේ. ස්වාමීනි, කුමක් නම් විද්‍යාවද? කෙතෙකින් විද්‍යාවට පැමිණියේ වේද?” යනුයි.
“මහණ, දුකෙහි යම් දැනීමක් වෙයිද දුකට හේතුවෙහි යම් දැනීමක් වෙයිද දුක්ඛ නිරෝධයෙහි යම් දැනීමක් වෙයිද දුක්ඛ නිරෝධයට පැමිණෙන මාර්ගයෙහි යම් දැනීමක් වේද, මෙය විද්‍යාවයයි කියනු ලැබේ. මෙතෙකින් විද්‍යාවට පැමිණියේ වෙයි.
(මේ ඡේදය මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 7 වෙනි ඡේදය මෙනි.)
|
9. සඞ්කාසනසුත්තං | 9. සච්ච සංකාසනා සූත්‍රය |
1089
‘‘‘ඉදං දුක්ඛං අරියසච්ච’න්ති භික්ඛවෙ, මයා පඤ්ඤත්තං. තත්ථ අපරිමාණා වණ්ණා අපරිමාණා බ්යඤ්ජනා අපරිමාණා සඞ්කාසනා - ‘ඉතිපිදං දුක්ඛං අරියසච්ච’න්ති
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. නවමං.
|
1089
“මහණෙනි, මා විසින් මෙය දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි පනවන ලද්දේද ඒ දුක්ඛාර්‍ය්‍ය සත්‍යයෙහි අක්ෂර අප්‍රමාණයහ. ව්‍යංජන අප්‍රමාණයහ. මෙසේද දුක්ඛාර්‍ය්‍ය සත්‍ය වෙයි යනාදීන් බෙදීම් අප්‍රමාණයහ.
“මහණෙනි, මා විසින් මේ දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යයයි පනවන ලද්දේද එහි අක්ෂර අප්‍රමාණයහ ව්‍යංජන අප්‍රමාණයහ. මෙසේද දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍ය වන්නේය යනාදීන් බෙදීම් අප්‍රමාණයහ.
“මහණෙනි, මා විසින් මේ දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යයයි පනවන ලද්දේද, එහි අක්ෂර අප්‍රමාණයහ. ව්‍යංජන අප්‍රමාණයහ, මෙසේද දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍ය වේයයි බෙදීම් අප්‍රමාණයහ.
“මහණෙනි, මා විසින් යම් දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යයක් පනවන ලද්දේද එහි අක්ෂර අප්‍රමාණයහ, ව්‍යංජන අප්‍රමාණයහ. මෙසේද දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍ය වේයයි බෙදීම්ද අප්‍රමාණයහ.
(මේ ඡේදය මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 7 වෙනි ඡේදය මෙනි.)
|
10. තථසුත්තං | 10. තථාවිතථ සූත්‍රය |
1090
‘‘චත්තාරිමානි, භික්ඛවෙ, තථානි අවිතථානි අනඤ්ඤථානි. කතමානි චත්තාරි? ‘ඉදං දුක්ඛ’න්ති, භික්ඛවෙ, තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙතං
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. දසමං.
|
1090
“මහණෙනි, තථවූ (ස්වභාවය වෙනස් නොවන්නාවූ) අවිතථවූ (ස්වභාව වශයෙන් හිස් නොවන්නාවූ) අනඤ්ඤථවූ (අන් ස්වභාවයකට නොපෙරෙළෙන්නාවූ) මේ ධර්මයෝ සතර දෙනෙක් වෙත්. කවර සතරක්ද යත්? මහණෙනි, මෙය දුකය යන මෙය ස්වභාවය වෙනස් නොවන්නේය, ස්වභාවයෙන් හිස් නොවන්නේය, අන් ස්වභාවයකට නොපෙරළෙන්නේය.
“මහණෙනි, මෙය දුකට හේතුවය යන මෙය ස්වභාවය වෙනස් නොවන්නේය. ස්වභාවයෙන් හිස් නොවන්නේය, අන් ස්වභාවයකට නොපෙරළෙන්නේය.
‘මහණෙනි, මෙය දුක්ඛ නිරෝධය යන මෙය ස්වභාවය වෙනස් නොවන්නේය ස්වභාවයෙන් හිස් නොවන්නේය. අන් ස්වභාවයකට නොපෙරළෙන්නේය.”
“මහණෙනි, මෙය දුක්ඛ නිරෝධගාමිණී පටිපදාවය යන මෙය ස්වභාවය වෙනස් නොවන්නේය. ස්වභාවයෙන් හිස් නොවන්නේය, අන් ස්වභාවයකට නොපෙරළෙන්නේය. මහණෙනි, මේ වනාහි ස්වභාවය වෙනස් නොවන්නාවූ ස්වභාවයෙන් හිස් නොවන්නාවූ අන් ස්වභාවයකට නොපෙරළෙන්නාවූ ධර්ම සතර වෙත්.
(මේ ඡේදය මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 7 වෙනි ඡේදය මෙනි.)
|
3. කොටිගාමවග්ගො | 3. කොටිගාම වර්ගය |
1. පඨමකොටිගාමසුත්තං | 1. කොටිගාම සූත්‍රය |
1091
එකං
‘‘කතමෙසං
ඉදමවොච භගවා. ඉදං වත්වාන සුගතො අථාපරං එතදවොච සත්ථා -
‘‘චතුන්නං අරියසච්චානං, යථාභූතං අදස්සනා;
සංසිතං
(සංසරිතං (ස්‍යා. කං. ක.) දී. නි. 2.155) දීඝමද්ධානං, තාසු තාස්වෙව ජාතිසු.
‘‘තානි
උච්ඡින්නං මූලං දුක්ඛස්ස, නත්ථිදානි පුනබ්භවො’’ති. පඨමං;
|
1091
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වැදෑරට කෝටි නම් ගමෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්හට කථා කළ සේක.
“මහණෙනි, චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ නොකිරීම හේතුකොටගෙන ප්‍රතිවෙධ නොකිරීම හේතුකොට ගෙන මෙසේ මාද තොපද බොහෝ කාලයක් මුළුල්ලෙහි සසර ගමන් කරන ලදී. සැරිසරණ ලදී.
“කිනම් සතරකගේද? මහණෙනි, දුක්ඛාර්‍ය්‍ය සත්‍යය අවබෝධ නොකිරීම හේතුකොටගෙන ප්‍රතිවේධ නොකිරීම හේතුකොට ගෙන මෙසේ මාද තොපද බොහෝ කාලයක් මුළුල්ලෙහි සසර ගමන් කරන ලදී, සැරිසරණ ලදී.
“දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යය අවබෝධ නොකිරීම හේතුකොට ගෙන ප්‍රතිවේධ නොකිරීම හේතුකොට ගෙන මෙසේ මාද තොපද බොහෝ කාලයක් මුළුල්ලෙහි සසර ගමන් කරන ලදී, සැරිසරණ ලදී.
“දුක්ඛ නිරෝධ ආර්‍ය්‍ය සත්‍යය අවබෝධ නොකිරීම හේතුකොටගෙන ප්‍රතිවේධ නොකිරීම හේතුකොට ගෙන මෙසේ මාද තොපද බොහෝ කාලයක් මුළුල්ලෙහි සසර ගමන් කරන ලදී, සැරිසරණ ලදී.
“දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යය අවබෝධ නොකිරීම හේතුකොට ගෙන ප්‍රතිවේධ නොකිරීම හේතුකොට
ගෙන මෙසේ මාද තොපද බොහෝකාලයක් මුළුල්ලෙහි සසර ගමන් කරන ලදී, සැරිසරණ ලදී.
“මහණෙනි, මා විසින් ඒ මේ දුක්ඛාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කරන ලදී. ප්‍රතිවේධ කරන ලදී. දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යය අවබෝධ කරන ලදී ප්‍රතිවේධ කරන ලදී. දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කරන ලදී. ප්‍රතිවේධ කරන ලදී. දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කරන ලදී, ප්‍රතිවේධ කරන ලදී. භව තණ්හාව සිඳින ලදී. භවයෙන් භවයට පැමිණීම ක්ෂය කරන ලදී. දැන් නැවත ඉපදීමක් නැත.” මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
“සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත ශාස්තෲන් වහන්සේ මෙයද වදාළසේක. චතුරාර්‍ය්‍යසත්‍යය ඇති පරිදි නො දැක්මෙන් සසර බොහෝ කාලයක් මුළුල්ලෙහි ඒ ඒ ජාතීන්හි හැසුරුනෙමි. මේ චතුරාර්‍ය්‍ය සත්‍යය මා විසින් දක්නා ලදී. ඒ භවයෙන් භවයට යාම නැති කරන ලදී. දුක්ඛයාගේ මුල් සිඳින ලදී. දැන් නැවත ඉපදීමක් නැත.”
|
2. දුතියකොටිගාමසුත්තං | 2. නජාතිජරූපග සූත්‍රය |
1092
‘‘යෙ
‘‘යෙ ච ඛො කෙචි, භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානන්ති, ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානන්ති, ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානන්ති, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානන්ති, තෙ ඛො මෙ, භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා
ඉදමවොච භගවා. ඉදං වත්වාන සුගතො අථාපරං එතදවොච සත්ථා -
‘‘යෙ දුක්ඛං නප්පජානන්ති, අථො දුක්ඛස්ස සම්භවං;
යත්ථ ච සබ්බසො දුක්ඛං, අසෙසං උපරුජ්ඣති.
‘‘තඤ්ච මග්ගං න ජානන්ති, දුක්ඛූපසමගාමිනං;
චෙතොවිමුත්තිහීනා
අභබ්බා තෙ අන්තකිරියාය, තෙ වෙ ජාතිජරූපගා.
‘‘යෙ
යත්ථ ච සබ්බසො දුක්ඛං, අසෙසං උපරුජ්ඣති.
‘‘තඤ්ච මග්ගං පජානන්ති, දුක්ඛූපසමගාමිනං;
චෙතොවිමුත්තිසම්පන්නා, අථො පඤ්ඤාවිමුත්තියා;
සබ්බා තෙ අන්තකිරියාය, න තෙ ජාතිජරූපගා’’ති. දුතියං;
|
1092
“මහණෙනි, යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙය දුකයයි” තත්වූ පරිදි නොදනිත්ද, මේ දුකට හේතුවයයි, තත්වූ පරිදි නොදනිත්ද, මේ දුක නැතිවීමයයි තත්වූ පරිදි නොදනිත්ද, මේ දුක නැතිකිරීමට පැමිණෙන මාර්ගයයි තත්වූ පරිදි නොදනිත්ද, මහණෙනි, මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි ශ්‍රමණයයි සම්මතද, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණයයි සම්මතද නොවෙත්. ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණභාවයේ ඵලය හෝ බ්‍රාහ්මණ භාවයේ ඵලය හෝ මේ ආත්මයේදීම තෙමේ දැන ප්රත්යක්ෂකොට, ඊට පැමිණ වාසය නොකෙරෙත්.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙය දුකයයි තත්වූ පරිදි දනිත්ද, මේ දුකට හේතුවයයි තත්වූ පරිදි දනිත්ද මේ දුක නැතිවීමයයි තත්වූ පරිදි දනිත්ද, මේ දුක නැතිකිරීමට පැමිණෙන මාර්ගයයි තත්වූ පරිදි දනිත්ද, මහණෙනි, මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි ශ්‍රමණයයි සම්මතද බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණයයි සම්මතද වෙත් ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණභාවයේ ඵලය හෝ බ්‍රාහ්මණ භාවයේ ඵලය හෝ මේ ආත්මභාවයේ දීම තෙමේ දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ වාසය කෙරෙත්.
“භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත ශාස්තෲන් වහන්සේ මෙයද වදාළසේක යම් කෙනෙක් දුක් නොදනිත්ද වැලි දුකට හේතුව නොදනිත්ද යම් ධර්මයෙක්හි දුක ඉතිරි නොවී සර්වප්රකාරයෙන් නිරුද්ධවේද, එය නොදනිත්ද දුක් නැතිකිරීමට පැමිණෙන මාර්ගය නොදනිත්ද, ඔව්හු අර්හත් ඵල සමාධියෙන් පිරිහුණාහ. තවද අර්හත් ඵල ප්‍රඥාවෙන් පිරිහුණාහ. ඔව්හු දුක් කෙළවර කිරීමට නුසුදුස්සෝය. ඔව්හු ඒකාන්තයෙන් ජාති ජරා දුක් වලට පැමිණෙන්නාහ.
“යම් කෙනෙක් දුක දනිත්ද යලි දුකටහේතුව දනිත්ද යම් තැනෙක දුක ඉතිරි නොවී සර්වප්රකාරයෙන් නිරුද්ධ වෙයිනම් එයද දනිත්ද, දුකසංසිඳීමට පැමිණෙන මාර්ගය දනිත්ද, අර්හත් ඵල සමාධියෙන් හා අර්හත් ඵල ප්‍රඥාවෙන් යුත් ඔව්හු දුක් කෙළවර කිරීමට සුදුස්සෝය. ඔව්හු ජාති ජරා දුකට නොපැමිණෙන්නාහ.”
|
3. සම්මාසම්බුද්ධසුත්තං | 3. යථාභූත සම්බුද්ධ සූත්‍රය |
1093
සාවත්ථිනිදානං. චත්තාරිමානි, භික්ඛවෙ, අරියසච්චානි. කතමානි චත්තාරි? දුක්ඛං අරියසච්චං...පෙ.... දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං - ඉමානි ඛො, භික්ඛවෙ, චත්තාරි අරියසච්චානි. ඉමෙසං ඛො, භික්ඛවෙ, චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසම්බුද්ධත්තා තථාගතො ‘අරහං සම්මාසම්බුද්ධො’ති වුච්චති.
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. තතියං.
|
1093
(මේ ඡේදය ධම්මචක්කප්පවත්තන වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 2 ඡේදය මෙනි.)
‘මහණෙනි, මේ ආර්‍ය්‍ය සත්‍ය සතර තත්වූ පරිදි මනාව අවබෝධකළ හෙයින් තථාගතතෙම සම්මාසම්බුද්ධයයි කියනු ලැබේ.
(මේ ඡේදය ධම්මචක්කප්පවත්තන වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 7 වෙනි ඡේදය මෙනි.)
|
4. අරහන්තසුත්තං | 4. යථාභූත අරහන්ත සූත්‍රය |
1094
සාවත්ථිනිදානං. යෙ හි කෙචි, භික්ඛවෙ, අතීතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා යථාභූතං අභිසම්බුජ්ඣිංසු, සබ්බෙ තෙ චත්තාරි අරියසච්චානි යථාභූතං
‘‘කතමානි චත්තාරි? දුක්ඛං අරියසච්චං, දුක්ඛසමුදයං අරියසච්චං, දුක්ඛනිරොධං අරියසච්චං, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං. යෙ හි, කෙචි, භික්ඛවෙ, අතීතමද්ධානං
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. චතුත්ථං.
|
1094
මහණෙනි, අතීතයෙහි යම් අර්හත් සම්‍යක් සම්බුදුවරයෝ ඇති සැටි අවබෝධ කළාහුද ඒ සියලු බුදුවරයෝ චතුරාර්‍ය්‍ය සත්‍යයන් ඇතිසැටියෙන් අවබෝධ කළාහුය. මහණෙනි, අනාගතයෙහි යම් අර්හත් සම්‍යක් සම්බුදුවරයෝ තත්වූ පරිදි අවබෝධ කරන්නාහුද ඒ සියලු බුදුවරයෝ චතුරාර්‍ය්‍ය සත්‍යයන් ඇති සැටි අවබෝධ කරන්නාහුය. මහණෙනි, මේ කාලයෙහි යම් අර්හත් සම්‍යක් සම්බුදුවරයෝ තත්වූ පරිදි අවබෝධ කරත්ද ඒ සියලු බුදුවරයෝ චතුරාර්‍ය්‍ය සත්‍යයන් තත්වූ පරිදි අවබෝධ කරත්.
(මේ ඡේදය ධම්මචක්කප්පවත්තන වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡේදය මෙනි.)
(මේ ඡේදය මේ සූත්‍රයේ 2 වෙනි ඡේදය මෙනි.)
(මේ ඡේදය ධම්මචක්කප්පවත්තන වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 7 වෙනි ඡේදය මෙනි.)
|
5. ආසවක්ඛයසුත්තං | 5. සච්ච ආසවක්ඛය සූත්‍රය |
1095
‘‘ජානතොහං, භික්ඛවෙ, පස්සතො ආසවානං ඛයං වදාමි, නො අජානතො අපස්සතො. කිඤ්ච, භික්ඛවෙ, ජානතො පස්සතො ආසවානං ඛයො හොති? ‘ඉදං දුක්ඛ’න්ති, භික්ඛවෙ, ජානතො පස්සතො ආසවානං ඛයො හොති, ‘අයං දුක්ඛසමුදයො’ති ජානතො පස්සතො ආසවානං ඛයො හොති, ‘අයං දුක්ඛනිරොධො’ති ජානතො පස්සතො ආසවානං ඛයො හොති, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති ජානතො පස්සතො ආසවානං ඛයො හොති. එවං ඛො, භික්ඛවෙ, ජානතො එවං පස්සතො ආසවානං ඛයො හොති.
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. පඤ්චමං.
|
1095
“මහණෙනි, මම දන්නාවූ දක්නාවූ පුද්ගලයාගේ ආශ්‍රවයන් ක්ෂය කිරීම කියමි. නොදන්නාහුගේ නොදක්නහුගේ නොකියමි. මහණෙනි, කුමක් දන්නහුගේ දක්නහුගේ ආශ්‍රවයන් ක්ෂයවේද?
“මහණෙනි, මෙය දුකයයි දන්නහුගේ දක්නහුගේ ආශ්‍රව ක්ෂයවෙයි. මේ දුකට හේතුවයි දන්නහුගේ දක්නහුගේ ආශ්‍රව ක්ෂයවෙයි මේ දුක නැති කිරීමයයි දන්නහුගේ දක්නහුගේ ආශ්‍රව ක්ෂය වෙයි. මේ දුක නැතිකරන මාර්ගයයි දන්නහුගේ දක්නහුගේ ආශ්‍රව ක්ෂයවෙයි. මහණෙනි, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ ආශ්‍රව ක්ෂයවෙයි.
(මේ ඡේදය ධම්මචක්කප්පවත්තන වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 7 වෙනි ඡේදය මෙනි.)
|
6. මිත්තසුත්තං | 6. අනුකම්පෙය්යාථ සූත්‍රය |
1096
‘‘යෙ හි කෙචි, භික්ඛවෙ, අනුකම්පෙය්යාථ, යෙ ච සොතබ්බං මඤ්ඤෙය්යුං - මිත්තා වා අමච්චා වා ඤාතී වා සාලොහිතා වා
‘‘කතමෙසං
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. ඡට්ඨං.
|
1096
“මහණෙනි, යම් කිසිවෙකුට අනුකම්පා කරන්නාහුද, යම්කිසි මිත්‍රයෝ හෝ යහළුවෝ හෝ නෑයෝ හෝ සහලේ නෑයෝ හෝ ඇසිය යුත්තෝයයි හඟින්නාහුද? මහණෙනි, ඔවුහු චතුරාර්‍ය්‍ය සත්‍යයන් ඇති පරිදි අවබෝධ කිරීම පිණිස සමාදන් කරවිය යුත්තාහ. යෙදිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහ.
(මේ ඡේදය මේ වර්ගයේ ධම්මචක්කප්පවත්තන වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡේදය මෙනි.)
(මේ ඡේදය මේ සූත්‍රයේ 2 වෙනි ඡේදය මෙනි.)
(මේ ඡේදය ධම්මචක්කප්පවත්තන වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 7 වෙනි ඡේදය මෙනි.)
|
7. තථසුත්තං | 7. අරියධම්ම සූත්‍රය |
1097
‘‘චත්තාරිමානි, භික්ඛවෙ, අරියසච්චානි. කතමානි චත්තාරි? දුක්ඛං අරියසච්චං, දුක්ඛසමුදයං අරියසච්චං, දුක්ඛනිරොධං අරියසච්චං, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං - ඉමානි ඛො, භික්ඛවෙ, චත්තාරි අරියසච්චානි තථානි අවිතථානි අනඤ්ඤථානි; තස්මා ‘අරියසච්චානී’ති වුච්චන්ති.
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. සත්තමං.
|
1097
(මේ ඡේදය ධම්මචක්කප්පවත්තන වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡේදය මෙනි.)
“මහණෙනි, මේ ආර්‍ය්‍යසත්‍ය සතර වෙනස් නොවන ස්වභාව ඇත්තාහ. හිස් නොවූ ස්වභාවය ඇත්තාහ. අන් ස්වභාවයකට නොපෙරෙලෙන්නාහ. එහෙයින් ආර්‍ය්‍යසත්‍යයෝ යයි කියනු ලැබෙත්.
(මේ ඡේදය ධම්මචක්කප්පවත්තන වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 7 වෙනි ඡේදය මෙනි.)
|
8. ලොකසුත්තං | 8. අරිය තථාගත සූත්‍රය |
1098
‘‘චත්තාරිමානි, භික්ඛවෙ, අරියසච්චානි. කතමානි චත්තාරි? දුක්ඛං අරියසච්චං, දුක්ඛසමුදයං අරියසච්චං, දුක්ඛනිරොධං අරියසච්චං, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං. සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය තථාගතො අරියො; තස්මා ‘අරියසච්චානී’ති වුච්චන්ති’’.
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො
|
1098
(මේ ඡේදය ධම්මචක්කප්පවත්තන වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡේදය මෙනි.)
“මහණෙනි, දෙවියන් සහිත, මරුන් සහිත ලෝකයෙහි, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්වයන් අතරෙහි තථාගතතෙමේ ‘අරිය’ නම් වෙයි. එහෙයින් ආර්‍ය්‍ය සත්‍යයෝ යයි කියනු ලැබෙත්.
(මේ ඡේදය ධම්මචක්කප්පවත්තන වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 7 වෙනි ඡේදය මෙනි.)
|
9. පරිඤ්ඤෙය්‍යසුත්තං | 9. සච්ච පරිඤ්ඤෙය්‍ය සූත්‍රය |
1099
‘‘චත්තාරිමානි
‘‘කතමඤ්ච, භික්ඛවෙ, අරියසච්චං පරිඤ්ඤෙය්යං? දුක්ඛං, භික්ඛවෙ, අරියසච්චං පරිඤ්ඤෙය්යං, දුක්ඛසමුදයං අරියසච්චං පහාතබ්බං, දුක්ඛනිරොධං අරියසච්චං සච්ඡිකාතබ්බං, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං භාවෙතබ්බං.
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. නවමං.
|
1099
(මේ ඡේදය ධම්මචක්කප්පවත්තන වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡේදය මෙනි.)
“මහණෙනි, මේ චතුරාර්‍ය්‍යසත්‍යයන් අතර පිරිසිඳ දතයුතු ආර්‍ය්‍යසත්‍යයන් ඇත්තේය. පහකළ යුතු ආර්‍ය්‍ය සත්‍යයක් ඇත්තේය. ප්රත්යක්ෂ කළයුතු ආර්යසත්යයක් ඇත්තේය. වැඩියයුතු ආර්ය සත්‍යයක් ඇත්තේය. මහණෙනි, පිරිසිඳ දතයුතු ආර්‍ය්‍යසත්‍යය කවරේද?
“මහණෙනි, දුක්ඛාර්‍ය්‍යසත්‍යය පිරිසිඳ දතයුත්තේය. දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය පහකළයුත්තේය. දුක්ඛනිරෝධාර්‍ය්‍ය සත්‍යය ප්රත්යක්ෂ කළයුත්තේය. දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය වැඩිය යුත්තේය
(මේ ඡේදය ධම්මචක්කප්පවත්තන වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 7 වෙනි ඡේදය මෙනි.)
|
10. ගවම්පතිසුත්තං | 10. ගවම්පති සූත්‍රය |
1100
එකං සමයං සම්බහුලා ථෙරා භික්ඛූ චෙතෙසු
(චෙතියෙසු (ස්‍යා.)) විහරන්ති සහඤ්චනිකෙ
(සහජනියෙ (සී. ස්‍යා. කං.)). තෙන ඛො පන සමයෙන සම්බහුලානං ථෙරානං භික්ඛූනං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං මණ්ඩලමාළෙ සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරාකථා උදපාදි - ‘‘යො නු ඛො, ආවුසො, දුක්ඛං පස්සති දුක්ඛසමුදයම්පි සො පස්සති, දුක්ඛනිරොධම්පි පස්සති, දුක්ඛනිරොධගාමිනිං පටිපදම්පි පස්සතී’’ති.
එවං වුත්තෙ ආයස්මා ගවම්පති ථෙරො
(ගවම්පතිත්ථෙරො (ස්‍යා. කං.)) භික්ඛූ එතදවොච - ‘‘සම්මුඛා
|
1100
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි බොහෝ ස්ථවිරභික්ෂූහු සහජාති නුවර සමීපයෙහිවූ චෛත්‍යයන්හි වාසය කෙරෙත්. එසමයෙහි වනාහි සවස් කල්හි පිණ්ඩපාතයෙන් වැළකී මණ්ඩල මාලයෙහි රැස්වී වැඩහුන්නාවූ, බොහෝවූ ස්ථවිර භික්ෂූන් අතරෙහි මේ කථාව පහළවිය. ‘ඇවැත, යමෙක් වනාහි දුක දකීද, හෙතෙම දුකට හේතුවත් දකී. දුක නැති කිරීමත් දකී. දුක නැතිකරන මාර්ගයත් දකීය” කියායි
මෙසේ කී කල්හි ආයුෂ්මත් ගවම්පති ස්ථවිරතෙම භික්ෂූන්හට මෙය කීයේය. ඇවැත, මෙය මා විසින් භාග්‍යවතුන් වහන්සේගේ සම්මුඛයෙන් අසනලදී. සම්මුඛයෙන් පිළිගන්නාලදී.
“මහණෙනි, යමෙක් දුක දකීද හෙතෙම දුකට හේතුවත් දකී. දුක නැතිකිරීමත් දකී. දුක නැතිකරන මාර්ගයත් දකී යමෙක් දුකට හේතුව දකීද, හෙතෙම දුකද දකියි. දුක නැතිකිරීමද දකියි. දුක නැතිකරන මාර්ගයද දකියි. යමෙක් දුක නැතිකිරීම දකියිද හෙතෙම දුකද දකියි. දුකට හේතුවක් දකියි. දුක නැතිකරන මාර්ගයද දකියි. යමෙක් දුක නැතිකරන මාර්ගය දකියිද, හෙතෙම දුකද දකියි. දුකට හේතුවද දකියි. දුක නැතිවීමද දකීය” කියායි.
|
4. සීසපාවනවග්ගො | 4. සිංසපා වර්ගය |
1. සීසපාවනසුත්තං | 1. සිංසපා වන සූත්‍රය |
1101
එකං
‘‘කිඤ්ච, භික්ඛවෙ, මයා අක්ඛාතං? ‘ඉදං දුක්ඛ’න්ති, භික්ඛවෙ, මයා අක්ඛාතං, ‘අයං දුක්ඛසමුදයො’ති මයා අක්ඛාතං, ‘අයං දුක්ඛනිරොධො’ති මයා අක්ඛාතං, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති මයා අක්ඛාතං’’.
‘‘කස්මා
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. පඨමං.
|
1101
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඇට්ටේරිය වනයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වනාහි ඇට්ටේරිය කොළ ස්වල්පයක් ශ්‍රී හස්තයෙන් ගෙන භික්ෂූන් ඇමතූසේක.
[2] “මහණෙනි, ඒ කිමැයි හඟින්නෙහිද? මා විසින් අතින් ගන්නා ලද ඇට්ටේරිය කොළ ස්වල්පයද මේ ඇට්ටේරිය වනයෙහි ඉතිරි ඇට්ටේරිය කොළද යන දෙකින් කවරක් වැඩිද”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අතින් ගන්නා ලද ඇට්ටේරිය කොළ ඉතා ස්වල්පය. ඇට්ටේරිය වනයෙහි ඉතිරි ඇට්ටේරිය කොළම වැඩිය.”
[3] “මහණෙනි, එසේම මා විසින් අවබෝධ කොට නොකියන ලද්දේම අධිකය. කියන ලද දේ ස්වල්පය. මහණෙනි, කවර හෙයකින් මා විසින් නොකියන ලද්දේද? මහණෙනි, එය අර්ථයෙන් යුක්තවූයේ නොවෙයි. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වන්නේද නොවෙයි. කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, දැනීම පිණිස, අවබෝධ කිරීම පිණිස, නිවන පිණිස නොපවතියි. එහෙයින් මා විසින් එය නොවදාරණ ලදී.
[4] “මහණෙනි, කුමක් මා විසින් කියන ලදද? මහණෙනි, මෙය දුකයයි මා විසින් කියන ලදී මේ දුකට හේතුවයයි මා විසින් කියන ලදී. මේ දුක නැතිවීමයයි මා විසින් කියන ලදී. මේ දුක නැති කිරීමට පැමිණෙන මාර්ගයයි මා විසින් කියන ලදී.
[5] “මහණෙනි, කුමක් නිසා මා විසින් මෙය කියන ලදද? මහණෙනි, මෙය අර්ථයෙන් යුක්තය. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් වූයේ වෙයි. මෙය කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස විශේෂයෙන් දැනගැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතියි.
[6] “මහණෙනි, එහෙයින් මෙය දුකයයි දැනගැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුකට හේතුවයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මෙය දුක නැතිවීමයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මේ දුක නැතිකරන මාර්ගයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි”
|
2. ඛදිරපත්තසුත්තං | 2. ඛදිරපත්ත සූත්‍රය |
1102
‘‘යො, භික්ඛවෙ, එවං වදෙය්ය - ‘අහං දුක්ඛං අරියසච්චං යථාභූතං අනභිසමෙච්ච, දුක්ඛසමුදයං අරියසච්චං යථාභූතං අනභිසමෙච්ච, දුක්ඛනිරොධං අරියසච්චං යථාභූතං අනභිසමෙච්ච, දුක්ඛනිරොධගාමිනිං පටිපදං අරියසච්චං යථාභූතං අනභිසමෙච්ච සම්මා දුක්ඛස්සන්තං කරිස්සාමී’ති - නෙතං ඨානං විජ්ජති.
‘‘සෙය්යථාපි
‘‘යො ච ඛො, භික්ඛවෙ, එවං වදෙය්ය - ‘අහං දුක්ඛං අරියසච්චං යථාභූතං අභිසමෙච්ච, දුක්ඛසමුදයං අරියසච්චං යථාභූතං අභිසමෙච්ච, දුක්ඛනිරොධං අරියසච්චං යථාභූතං අභිසමෙච්ච, දුක්ඛනිරොධගාමිනිං පටිපදං අරියසච්චං යථාභූතං අභිසමෙච්ච සම්මා දුක්ඛස්සන්තං කරිස්සාමී’ති - ඨානමෙතං විජ්ජති.
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, යො එවං වදෙය්ය - ‘අහං පදුමපත්තානං වා පලාසපත්තානං වා මාලුවපත්තානං වා පුටං කරිත්වා උදකං වා තාලපත්තං වා ආහරිස්සාමී’ති - ඨානමෙතං විජ්ජති; එවමෙව ඛො, භික්ඛවෙ, යො එවං වදෙය්ය - ‘අහං දුක්ඛං අරියසච්චං යථාභූතං අභිසමෙච්ච
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. දුතියං.
|
1102
[2] “මහණෙනි, යමෙක් ‘මම දුක්ඛාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ නොකොට, දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ නොකොට, දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ නොකොට, දුක්ඛ නිරෝධගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ නොකොට මනාකොට දුක් කෙළවර කරන්නෙමි’යි මෙසේ කියන්නේ නම් එය සිදු නොවේ.
[3] “මහණෙනි, යම්සේ යමෙක් ‘මම කිහිරි කොළයකින් හෝ ඉඟුරු පියලිය කොළයකින් හෝ නෙල්ලි කොළයකින් හෝ ගොටුවක් කොට, දිය හෝ තල් කොළයක් හෝ ගෙන යන්නෙමි’ යි මෙසේ කියන්නේ නම් එය සිදු නොවන්නේද මහණෙනි, මෙසේම යමෙක් වනාහි ‘මම දුක්ඛාර්‍ය්‍ය ශාක්‍යය තත්වූ පරිදි අවබෝධ නොකොට, දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ නොකොට, දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ නොකොට, දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය පරිදි අවබෝධ නොකොට මනාකොට දුක් කෙළවර කරන්නෙමි’ යි මෙසේ කියන්නේ නම් එය සිදු නොවේ.
[4] “මහණෙනි, යමෙක් වනාහි ‘මම දුක්ඛාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ කොට, දුක්ඛසමුදයාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ කොට දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ කොට, දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ කොට, දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි දැන මනාකොට දුක් කෙළවර කරන්නෙමි’ යි මෙසේ කියන්නේ නම් ඒ කාරණය සිදුවෙයි.
[5] ‘මහණෙනි, යම්සේ යමෙක් ‘මම නෙළුම් කොළයකින් හෝ කොළ පතකින් හෝ ඕලුවා පතකින් හෝ ගොටුවක් කොට, දිය හෝ තල් කොළයක් හෝ ගෙන යන්නෙමි’ යි මෙසේ කියන්නේ නම් ඒ කාරණය සිදුවන්නේද, මහණෙනි, එසේම යමෙක් වනාහි ‘මම දුක්ඛාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ කොට, දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ කොට දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ කොට, දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි දැන මනාකොට දුක් කෙළවර කරන්නෙමි’ යි මෙසේ කියන්නේ නම් මේ කරුණ සිදුවෙයි.
[6] (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡේදය මෙනි.)
|
3. දණ්ඩසුත්තං | 3. දණ්ඩනීරතන සූත්‍රය |
1103
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, දණ්ඩො උපරිවෙහාසං ඛිත්තො සකිම්පි මූලෙන නිපතති, සකිම්පි අග්ගෙන නිපතති; එවමෙව ඛො, භික්ඛවෙ, අවිජ්ජානීවරණා සත්තා තණ්හාසංයොජනා සන්ධාවන්තා සංසරන්තා
(තණ්හාසංයොජනබන්ධා සන්ධාවතා (ක.)) සකිම්පි අස්මා ලොකා පරං ලොකං ගච්ඡන්ති, සකිම්පි පරස්මා ලොකා ඉමං ලොකං ආගච්ඡන්ති. තං කිස්ස හෙතු? අදිට්ඨත්තා, භික්ඛවෙ, චතුන්නං අරියසච්චානං. කතමෙසං චතුන්නං? දුක්ඛස්ස අරියසච්චස්ස...පෙ.... දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්චස්ස.
‘‘තස්මාතිහ
|
1103
“මහණෙනි, උඩ අහසට විසිකරන ලද දණ්ඩක් වනාහි යම්සේ වරක් මුලින් බිම වැටේද, වරක් මැදින් බිම වැටේද, වරක් අගින් බිම වැටේද. මහණෙනි, එසේම අවිද්‍යාවෙන් වැසුණාවූ, තණ්හාවෙන් බැඳුනාවූ, සසර ගමන් කරන් කරන්නාවූ, සැරිසරන්නාවූ සත්වයෝ වනාහි වරක් මෙලොවින් පරලොවට යෙත්. වරක් පරලොවින් මෙලොවට එත්. ඊට හේතු කවරේද? මහණෙනි, චතුරාර්‍ය්‍ය සත්‍යය නොදක්නා ලද හෙයිනි. කිනම් සතරක්ද?
(මේ ඡේදය මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදය මෙනි.)
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡේදය මෙනි.)
|
4. චෙලසුත්තං | 4. ආදිත්තචෙල සූත්‍රය |
1104
‘‘ආදිත්තෙ
‘‘ආදිත්තං, භික්ඛවෙ, චෙලං වා සීසං වා අජ්ඣුපෙක්ඛිත්වා අමනසිකරිත්වා අනභිසමෙතානං චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසමයාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. චතුත්ථං.
|
1104
“මහණෙනි, රෙද්දට හෝ හිසට හෝ ගිනි ඇවිළුණු කල්හි කුමක් කළ යුතුද?
“ස්වාමීනි, රෙද්දට හෝ හිසට හෝ ගිනි ඇවිළුණු කල්හි ඒ රෙද්ද හෝ හිස හෝ නිවීම පිණිස බලවත් කැමැත්තද වෑයමද, උත්සාහයද, වීර්‍ය්‍යයද, නොපසුබස්නා වීර්‍ය්‍යයද, සිහියද, නුවණද ඇති කළ යුතුයි.”
“මහණෙනි, ඇවිල ගත් රෙද්ද හෝ හිස හෝ නොබලා, මෙනෙහි නොකොට, අවබෝධ නොකරන ලද, චතුරාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ කිරීම පිණිස බලවත් කැමැත්තද, වෑයමද, උත්සාහයද, වීර්‍ය්‍යයද, නොපසුබස්නා වීර්‍ය්‍යයද, සිහියද නුවණද ඇතිකළ යුතුය කවර සතරක්ද?
(මේ ඡේදය මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදය මෙනි.)
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡේදය මෙනි.)
|
5. සත්තිසතසුත්තං | 5. සත්ති සත සූත්‍රය |
1105
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, පුරිසො වස්සසතායුකො වස්සසතජීවී. තමෙනං එවං වදෙය්ය - ‘එහම්භො පුරිස, පුබ්බණ්හසමයං තං සත්තිසතෙන හනිස්සන්ති, මජ්ඣන්හිකසමයං සත්තිසතෙන හනිස්සන්ති, සායන්හසමයං සත්තිසතෙන හනිස්සන්ති. සො ඛො ත්වං, අම්භො පුරිස, දිවසෙ දිවසෙ තීහි තීහි සත්තිසතෙහි හඤ්ඤමානො වස්සසතායුකො වස්සසතජීවී වස්සසතස්ස අච්චයෙන අනභිසමෙතානි චත්තාරි අරියසච්චානි
‘‘අත්ථවසිකෙන, භික්ඛවෙ, කුලපුත්තෙන අලං උපගන්තුං. තං කිස්ස හෙතු? අනමතග්ගොයං, භික්ඛවෙ, සංසාරො; පුබ්බා කොටි නප්පඤ්ඤායති සත්තිප්පහාරානං අසිප්පහාරානං උසුප්පහාරානං ඵරසුප්පහාරානං
(අසිප්පහාරානං ඵරසුප්පහාරානං (ක.)). එවඤ්චෙතං, භික්ඛවෙ, අස්ස. න ඛො පනාහං, භික්ඛවෙ, සහ දුක්ඛෙන, සහ දොමනස්සෙන චතුන්නං අරියසච්චානං අභිසමයං වදාමි; අපි චාහං, භික්ඛවෙ, සහාව සුඛෙන, සහාව සොමනස්සෙන චතුන්නං අරියසච්චානං අභිසමයං වදාමි. කතමෙසං චතුන්නං? දුක්ඛස්ස අරියසච්චස්ස...පෙ.... දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්චස්ස.
‘‘තස්මාතිහ
|
1105
“මහණෙනි, අවුරුදු සීයක් ආයුෂ ඇති, අවුරුදු සීයක් ජීවත්වෙන පුරුෂයෙක් වෙයි’ ඔහුට පින්වත් පුරුෂය, තට උදේ කාලයෙහි යවුල් සීයකින් අනින්නාහුය. දවල් කාලයෙහි යවුල් සීයකින් අනින්නාහුය සවස් කාලයෙහි යවුල් සීයකින් අනින්නාහුයයි කියන්නාහුය. පින්වත් පුරුෂය, දිනපතා යවුල් තුන් සීයකින් අනිනු ලබන්නාවූ ඒ නුඹ වනාහි වර්ෂ සීයක් ආයුෂ ඇතිව වර්ෂ සීයක් ජීවත් වන්නෙහි වර්ෂ සීයකින් පසුව අවබෝධ නොකළාවූ චතුරාර්‍ය්‍ය සත්‍යයන් අවබෝධ කරන්නේයයි කියන්නාහුද, මහණෙනි, අර්ථය කැමැති වන්නාවූ කුලපුත්‍රයා විසින් එයට පැමිණීමට (එය ඉවසීමට) සුදුසුය. ඊට හේතු කවරේද?
“මහණෙනි, මේ සංසාරය නොදතහැකි කෙළවර ඇත්තේය. මහණෙනි, මෙසේ මේ යවුල් පහරවල හා කඩු පහරවල කෙළවරක් නොපෙනේ. මහණෙනි, එය එසේ වූයේවී නමුත් මම දුකින් යුක්තව, දොම්නසින් යුක්තව චතුරාර්‍ය්‍ය සත්‍යයන් අවබෝධ කිරීම නොකියමි. මහණෙනි, එතකුදු වුවත් මම සැපයෙන් යුක්තව, සොම්නසින් යුක්තව චතුරාර්‍ය්‍ය සත්‍යයන් අවබෝධ කිරීම කියමි. කවර සතරක්ද?
(මේ ඡේදය මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදය මෙනි.)
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡේදය මෙනි.)
|
6. පාණසුත්තං | 6. සුලාවුණය සූත්‍රය |
1106
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, පුරිසො යං ඉමස්මිං ජම්බුදීපෙ තිණකට්ඨසාඛාපලාසං
‘‘අථ ඉමස්මිං ජම්බුදීපෙ තිණකට්ඨසාඛාපලාසං පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය. ඉතො බහුතරා ඛො, භික්ඛවෙ, මහාසමුද්දෙ සුඛුමකා පාණා, යෙ න සුකරා සූලෙසු ආවුනිතුං. තං කිස්ස හෙතු? සුඛුමත්තා
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. ඡට්ඨං.
|
1106
“මහණෙනි, පුරුෂයෙක් මේ දඹදිව යම් තණ-දර අතු සහ කොළ වෙත්ද ඒ සියල්ල සැස, එක්තැනකට රැස් කරන්නේය එක්රැස්කොට, හුල්කරන්නේය. හුල්කොට මහාසමුද්‍රයෙහි යම් මහත් ප්‍රාණීහු වෙත්ද, ඔවුහු මහත් හුල්හි අමුණන්නේය. මහා සමුද්‍රයෙහි යම් මධ්‍යම ප්‍රාණීහු වෙත්ද, ඔව්හු මධ්‍යම හුල්හි අමුණන්නේය. මහාසමුද්‍රයෙහි යම් සියුම් ප්‍රාණීහු වෙත්ද, ඔවුහු සියුම් හුල්හි අමුණන්නේය. මහණෙනි, එහෙත් මහා සමුද්‍රයෙහි මහත් ප්‍රාණීහු අවසාන නොවන්නාහුය. මේ දඹදිව තණ, දර, අතු සහ කොළ අවසානයට පැමිණෙන්නේය. මහණෙනි, මහා සමුද්‍රයෙහි හුලින් අමුණා ගැනීමට පහසු නොවූ, සියුම් ප්‍රාණීහු ඊටද වඩා අධිකය. ඊට හේතු කවරේද? මහණෙනි, ආත්ම භාවයන් සියුම් බැවිනි. මහණෙනි, අපාය වනාහි මෙසේ මහත් වේ.
“මහණෙනි, යමෙක් මෙය දුකයයි තත්වූ පරිදි දනියිද, මේ දුකට හේතුවයයි තත්වූ පරිදි දනියිද, මේ දුක නැතිකිරීම යයි තත්වූ පරිදි දනියිද, මේ දුක නැතිකරන මාර්ගයයි තත්වූපරිදි දනියිද, ඒ මාර්ග සම්‍යක්දෘෂ්ටියෙන් යුත් පුද්ගලතෙම වනාහි මෙසේ මහත් අපායෙන් මිදුනේ වෙයි.
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡේදය මෙනි.)
|
7. පඨමසූරියසුත්තං | 7. සූරියොපම සූත්‍රය |
1107
‘‘සූරියස්ස
(සුරියස්ස (සී. ස්‍යා. කං. පී.)), භික්ඛවෙ, උදයතො එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං, යදිදං - අරුණුග්ගං. එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛුනො චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසමයාය එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං, යදිදං - සම්මාදිට්ඨි. තස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං - ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානිස්සති...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානිස්සති.
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති
|
1107
“මහණෙනි, යම් මේ අරුණ නැඟීමක් වේද, එය ඉර උදාවීමට පෙරටු වෙයි. පෙරනිමිත්ත වෙයි. මහණෙනි, එසේම යම් මේ සම්‍යක්දෘෂ්ටියක් වේද එය මහණහුගේ චතුරාර්‍ය්‍යසත්‍යය තත්වූ පරිදි අවබෝධ කිරීමට පෙරටු වෙයි. පෙර නිමිත්ත වෙයි.
‘මහණෙනි, සම්‍යක් දෘෂ්ටියෙන් යුත් භික්ෂුවම මෙය දුකයයි තත්වූ පරිදි දැනගන්නේය. සම්‍යක් දෘෂ්ටියෙන් භික්ෂුවම මෙය දුකට හේතුවයයි තත්වූ පරිදි දැනගන්නේය සම්‍යක් දෘෂ්ටියෙන් යුත් භික්ෂුවම මෙය දුක නැතිකිරීමයයි තත්වූ පරිදි දැනගන්නේය. සම්‍යක් දෘෂ්ටියෙන් යුත් භික්ෂුවම මේ දුක නැතිකරන මාර්ගයයි තත්වූ පරිදි දැනගන්නේය. යන මෙය කැමතිවිය යුතුය.
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡේදය මෙනි.)
|
8. දුතියසූරියසුත්තං | 8. චන්දිම සුරියොපම සූත්‍රය |
1108
‘‘යාවකීවඤ්ච
‘‘යතො ච ඛො, භික්ඛවෙ, චන්දිමසූරියා ලොකෙ උප්පජ්ජන්ති, අථ මහතො ආලොකස්ස පාතුභාවො හොති මහතො ඔභාසස්ස. නෙව
‘‘යතො ච ඛො, භික්ඛවෙ, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො, අථ මහතො ආලොකස්ස පාතුභාවො හොති මහතො ඔභාසස්ස. නෙව අන්ධතමං තදා හොති න අන්ධකාරතිමිසා. අථ ඛො චතුන්නං අරියසච්චානං ආචික්ඛණා හොති දෙසනා පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං. කතමෙසං චතුන්නං? දුක්ඛස්ස අරියසච්චස්ස...පෙ.... දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්චස්ස
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. අට්ඨමං.
|
1108
[2] “මහණෙනි, යම්තාක් සඳ හිරු දෙදෙන ලෝකයෙහි පහළ නොවෙත්ද ඒතාක් මහත්වූ ආලෝකයාගේ, මහත්වූ බැබලීමක් පහළ නොවෙයි. එකල්හි ගනඳුර වෙයි. අඳුරෙන් වැඩීම වෙයි. ඒතාක් රෑ දවල් නොපෙනෙත්. මාස අර්ධ මාසයෝ නොපෙනෙත්. ඍතු වර්ෂයෝ නොපෙනෙත්. මහණෙනි, යම් තැනක පටන් සඳ හිරු දෙදෙන ලෝකයෙහි උපදිත්ද, එකල්හි මහත්වූ ආලෝකයාගේ, මහත්වූ දීප්තියේ පහළවීම වෙයි. එකල්හි අඳුර නැත්තේ වෙයි. එකල්හි රෑ දාවල් පෙනෙත්. මාස අර්ධ මාසයෝ පෙනෙත්. ඍතු වර්ෂයෝ පෙනෙත්.
[3] “මහණෙනි, එසේම යම්තාක් අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ තථාගත තෙමේ ලෝකයෙහි පහළ නොවේද ඒ තාක් මහත්වූ ආලෝකයාගේ, මහත්වූ දීප්තියේ පහළවීම නොවෙයි. එකල්හි ගනඳුර ඒතාක් චතුරාර්‍ය්‍ය සත්‍යය දැකීමක් දේශනාකිරීමක්, පැණවීමක්, තැබීමක්, විවරණය කිරීමක්, බෙදීමක් උඩුකුරු කිරීමක් නොවෙයි. මහණෙනි, යම් තැනක පටන් අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ තථාගත තෙමේ ලෝකයෙහි පහළ වෙයිද, එකල්හි මහත්වූ ආලෝකය සහ දීප්තිය පහළ වෙයි. එකල්හි ගනදුර දුරුවෙයි. එකල්හි චතුරාර්‍ය්‍ය සත්‍යය කීම, දේශනාකිරීම, පැණවීම, තැබීම, විවරණයකිරීම, බෙදීම උඩුකුරු කිරීම වෙයි. කවර සතරක්ද?
[4] “දුක්ඛාර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ නිරෝධ ආර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යය වෙත්.
[5] (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡේදය මෙනි.)
|
9. ඉන්දඛීලසුත්තං | 9. ඉන්ද ඛීලොපම සූත්‍රය |
1109
‘‘යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං නප්පජානන්ති...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං නප්පජානන්ති, තෙ අඤ්ඤස්ස සමණස්ස වා බ්රාහ්මණස්ස වා මුඛං උල්ලොකෙන්ති
(ඔලොකෙන්ති (සී. ස්‍යා.)) - ‘අයං නූන භවං ජානං ජානාති, පස්සං පස්සතී’’’ති.
‘‘සෙය්යථාපි
‘‘යෙ ච ඛො කෙචි, භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානන්ති...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානන්ති, තෙ න අඤ්ඤස්ස සමණස්ස වා බ්රාහ්මණස්ස
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, අයොඛීලො වා ඉන්දඛීලො වා ගම්භීරනෙමො සුනිඛාතො අචලො අසම්පකම්පී. පුරත්ථිමාය චෙපි දිසාය ආගච්ඡෙය්ය භුසා වාතවුට්ඨි, නෙව සඞ්කම්පෙය්ය
(නෙව නං සඞ්කම්පෙය්ය (සී. පී.)) න සම්පකම්පෙය්ය න සම්පචාලෙය්ය; පච්ඡිමාය චෙපි දිසාය...පෙ.... උත්තරාය චෙපි දිසාය...පෙ.... දක්ඛිණාය චෙපි දිසාය ආගච්ඡෙය්ය භුසා වාතවුට්ඨි, නෙව සඞ්කම්පෙය්ය න සම්පකම්පෙය්ය න සම්පචාලෙය්ය. තං කිස්ස හෙතු? ගම්භීරත්තා, භික්ඛවෙ, නෙමස්ස සුනිඛාතත්තා ඉන්දඛීලස්ස. එවමෙව ඛො, භික්ඛවෙ, යෙ ච ඛො කෙචි සමණා වා බ්රාහ්මණා වා ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානන්ති...පෙ.... අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානන්ති, තෙ න අඤ්ඤස්ස සමණස්ස වා බ්රාහ්මණස්ස වා මුඛං උල්ලොකෙන්ති - ‘අයං නූන භවං ජානං ජානාති, පස්සං පස්සතී’ති. තං කිස්ස හෙතු? සුදිට්ඨත්තා, භික්ඛවෙ, චතුන්නං අරියසච්චානං. කතමෙසං චතුන්නං? දුක්ඛස්ස
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. නවමං.
|
1109
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙය දුකයයි තත්වූ පරිදි නොදනිත්ද, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙය දුකට හේතුවයයි තත්වූ පරිදි නොදනිත්ද, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙය දුක නැතිකිරීමයයි තත්වූ පරිදි නොදනිත්ද, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ දුක නැති කරන මාර්ගයයි තත්වූ පරිදි නොදනිත්ද, ඔවුහු අන්‍යවූ ශ්රමණයකුගේ හෝ බ්‍රාහ්මණයකුගේ හෝ මුහුණ බලත්. මේ පින්වතා ඒකාන්තයෙන් දැනගත යුත්ත දනී. දැක්ක යුත්ත දකීය” කියායි.
“මහණෙනි, යම්සේ සමභූමිභාගයෙහි තබන ලද්දාවූ සැහැල්ලුවූ වාතයෙන් ගෙනයන්නාවූ ඉඹුල් පුළුන් හෝ කපු පුළුන් හෝ වේද, එය පෙරදිග වාතයෙන් අපරදිගට ගෙන යන්නේය. අපරදිග වාතයෙන් පෙරදිගට ගෙනයන්නේය, උතුරුදිග වාතයෙන් දකුණුදිගට ගෙනයන්නේය, දකුණුදිග වාතයෙන් උතුරුදිගට ගෙනයන්නේය. ඊට හේතුව කවරේද? මහණෙනි, කපු පුළුන් සැහැල්ලු බැවිනි.
“මහණෙනි, එසේම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙය දුකයයි තත්වූ පරිදි නොදනිත්ද, මෙය දුකට හේතුවයයි තත්වූ පරිදි නොදනිත්ද, මෙය දුක නැති කිරීම යයි තත්වූ පරිදි නොදනිත්ද, මේ දුක නැති කරන මාර්ගයයි තත්වූ පරිදි නොදනිත්ද, ඔවුහු අන්‍යවූ ශ්රමණයෙකුගේ හෝ බ්‍රාහ්මණයෙකුගේ හෝ මුහුණ බලත්. “මේ පින්වතා ඒකාන්තයෙන් දතයුත්ත දන්නේය. දැකිය යුත්ත දක්නේය” කියායි. ඊට හේතුව කවරේද? මහණෙනි, චතුරාර්‍ය්‍ය සත්‍යය නොදක්නා ලද හෙයිනි.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙය දුකයයි තත්වූ පරිදි දනිත්ද, මෙය දුකට හේතුවයයි තත්වූ පරිදි දනිත්ද, මෙය දුක නැතිකිරීම යයි තත්වූ පරිදි දනිත්ද, මෙය දුක නැති කරන මාර්ගයයි තත්වූ පරිදි දනිත්ද ඔවුහු අන්‍යවූ ශ්රමණයෙකුගේ හෝ බ්‍රාහ්මණයෙකුගේ හෝ මුහුණ නොබලත්. ‘මේ පින්වතා ඒකාන්තයෙන් දතයුත්ත දන්නේය. දැකිය යුත්ත දක්නේය” කියායි.
“මහණෙනි, යම්සේ ගැඹුරු බැස්ම ඇත්තාවූ මනාකොට සිටුවන ලද්දාවූ, නොසෙල්වෙන්නාවූ, කම්පානොවෙන්නාවූ, යකඩ කණුවක් හෝ ලී කණුවක් හෝ වෙයිද, එය පෙරදිගින් හමන්නාවූ මහත්වූ කුණාටුවකින්ද කම්පානොවන්නේය. නැවත නැවත කම්පා නොවන්නේය. නොසැලෙන්නේය. අපරදිගින් හමන්නාවූ මහත්වූ කුණාටුවකින්ද කම්පා නොවන්නේය. නැවත නැවත කම්පා නොවන්නේය. නොසැලෙන්නේය. උතුරු දිගින් හමන්නාවූ මහත්වූ කුණාටුවකින්ද කම්පා නොවන්නේය. නැවත නැවත කම්පා නොවන්නේය, නොසැලෙන්නේය. දකුණු දිගින් හමන්නාවූ මහත්වූ කුණාටුවකින්ද කම්පා නොවන්නේය. නැවත නැවත කම්පා නොවන්නේය. නොසැලෙන්නේය. ඊට හේතුව කවරේද? මහණෙනි, කණුව ගැඹුරෙහි බස්වා මනාව සිටුවන ලද බැවිනි.
“මහණෙනි, එසේම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙය දුකයයි තත්වූ පරිදි දනිත්ද, මෙය දුකට හේතුව යයි තත්වූ පරිදි දනිත්ද, මෙය දුක නැතිවීමයයි තත්වූ පරිදි දනිත්ද, මේ දුක නැති කරන මාර්ගයයි තත්වූ පරිදි දනිත්ද, ඔවුහු අන්‍ය ශ්රමණයෙකුගේ හෝ බ්‍රාහ්මණයෙකුගේ හෝ මුහුණ නොබලත්. “මේ පින්වතා ඒකාන්තයෙන් දතයුත්ත දන්නේය. දැකිය යුත්ත දක්නේය” කියායි. ඊට හේතුව කවරේද? චතුරාර්‍ය්‍ය සත්‍යය මනාකොට දක්නා ලද හෙයිනි. කිනම් සතරක්ද?
(මේ ඡේදය මේ වර්ගයේ 8 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදය මෙනි.)
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡේදය මෙනි.)
|
10. වාදත්ථිකසුත්තං | 10. වාදර්ථක (හෝ) සිලායූප සූත්‍රය |
1110
‘‘යො
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, සිලායූපො සොළස කුක්කුකො. තස්සස්සු අට්ඨ කුක්කු හෙට්ඨා නෙමඞ්ගමා, අට්ඨ කුක්කු උපරිනෙමස්ස. පුරත්ථිමාය චෙපි දිසාය ආගච්ඡෙය්ය භුසා වාතවුට්ඨි, නෙව සඞ්කම්පෙය්ය න සම්පකම්පෙය්ය න සම්පචාලෙය්ය; පච්ඡිමාය චෙපි දිසාය...පෙ.... උත්තරාය චෙපි දිසාය...පෙ.... දක්ඛිණාය චෙපි දිසාය ආගච්ඡෙය්ය භුසා වාතවුට්ඨි, නෙව සඞ්කම්පෙය්ය න සම්පකම්පෙය්ය න සම්පචාලෙය්ය. තං කිස්ස හෙතු? ගම්භීරත්තා, භික්ඛවෙ, නෙමස්ස සුනිඛාතත්තා සිලායූපස්ස. එවමෙව ඛො, භික්ඛවෙ, යො හි කොචි භික්ඛු ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති; පුරත්ථිමාය
‘‘තස්මාතිහ
|
1110
“මහණෙනි, යම් කිසි මහණෙක් තෙම වනාහි, මෙය දුකයයි තත්වූ පරිදි දනීද, මෙය දුකට හේතුවයයි තත්වූ පරිදි දනීද, මෙය දුක නැතිකිරීමයයි තත්වූ පරිදි දනීද, මෙය දුක නැති කරන මාර්ගයයි තත්වූ පරිදි දනීද, ඉදින් පෙරදිගින් වාදය කැමැත්තාවූ, වාදය සොයන්නාවූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මොහුට වාදය ආරොපනය කරන්නෙමියි එන්නේවේද, ඒකාන්තයෙන් ඔහු කරුණු සහිතව කම්පා කරන්නේය. විශේෂයෙන් කම්පා කරන්නේය. සොලවන්නේය යන මීට හේතු නැත්තේය. අපර දිගින්ද, වාදය කැමැත්තාවූ වාදය සොයන්නාවූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මොහුට වාදය ආරොපනය කරන්නෙමියි එන්නේවේද, ඒකාන්තයෙන් ඔහු කරුණු සහිතව කම්පාකරන්නේය. විශේෂයෙන් කම්පාකරන්නේය. සොලවන්නේය යන මීට හේතු නැත්තේය.
“උතුරු දිගින්ද, වාදය කැමැත්තාවූ, වාදය සොයන්නාවූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මොහුට වාදය ආරොපනය කරන්නෙමියි එන්නේවේද, ඒකාන්තයෙන් ඔහු කරුණු සහිතව කම්පා කරන්නේය. විශේෂයෙන් කම්පා කරන්නේය. සොලවන්නේය. යන මීට හේතු නැත්තේය.
“දකුණු දිගින්ද, වාදය කැමැත්තාවූ, වාදය සොයන්නාවූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මොහුට වාදය ආරොපනය කරන්නෙමියි එන්නේවේද, ඒකාන්තයෙන් ඔහු කරුණු සහිතව කම්පා කරන්නේය. විශේෂයෙන් කම්පා කරන්නේය. සොලවන්නේය. යන මීට හේතු නැත්තේය.
“මහණෙනි, සොළොස් රියන් ගල්ටැඹක් ඇත්තේය. එහි අට රියනක් වල යටට බැස ඇත්තේද අට රියනක් වලින් මතුවී සිටියේ වේද ඉදින් පෙර දිගින් මහත්වූ කුණාටුවක් හමන්නේ නමුත් එය කම්පා නොකරන්නේය. විශේෂයෙන් කම්පා නොකරන්නේය. නොසොල් වන්නේය.
“ඉදින් අපර දිගින් මහත්වූ කුණාටුවක් හමන්නේ නමුත් එය කම්පා නොකරන්නේය. විශේෂයෙන් කම්පා නොකරන්නේය. නොසොල් වන්නේය.
“ඉදින් උතුරු දිගින් මහත්වූ කුණාටුවක් හමන්නේ නමුත් එය කම්පා නොකරන්නේය. විශේෂයෙන් කම්පා නොකරන්නේය. නොසොල් වන්නේය.
“ඉදින් දකුණු දිගින් මහත්වූ කුණාටුවක් හමන්නේ නමුත් එය කම්පා නොකරන්නේය විශේෂයෙන් කම්පා නොකරන්නේය. නොසොල් වන්නේය.
“ඊට හේතුව කුමක්ද? මහණෙනි, ගල් කණුව ගැඹුරු වළක මනාව සිටුවන ලද හෙයිනි.
“මහණෙනි, එසේම යම් කිසි මහණෙක් තෙම වනාහි මෙය දුකයයි තත්වූ පරිදි දනීද. මේ දුකට හේතුවයයි තත් පරිදි දනීද, මෙය දුක නැතිකිරීමයයි තත්වූ පරිදි දනීද, මෙය දුක නැති කරන මාර්ගයයි තත් පරිදි දනියිද ඉදින් පෙර දිගින් වාදය කැමැත්තාවූ, වාදය සොයන්නාවූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මොහුට වාදාරොපනය කරන්නෙමියි එන්නේ වේද, ඒකාන්තයෙන් ඔහු කරුණු සහිතව ධර්මයෙන් කම්පා කරන්නේය. විශේෂයෙන් කම්පා කරන්නේය. විශේෂයෙන් සොලවන්නේය. යන මීට හේතු නැත්තේය.
අපර දිගින්ද, වාදය කැමැත්තාවූ වාදය සොයන්නාවූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මොහුට වාදය ආරොපනය කරන්නෙමියි එන්නේවේද, ඒකාන්තයෙන් ඔහු කරුණු සහිතව කම්පා කරන්නේය. විශේෂයෙන් කම්පාකරන්නේය. සොලවන්නේය යන මීට හේතු නැත්තේය.
“දකුණු දිගින්ද, වාදය කැමැත්තාවූ, වාදය සොයන්නාවූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මොහුට වාදය ආරොපනය කරන්නෙමියි එන්නේවේද, ඒකාන්තයෙන් ඔහු කරුණු සහිතව කම්පා කරන්නේය. විශේෂයෙන් කම්පා කරන්නේය. සොලවන්නේය. යන මීට හේතු නැත්තේය.
මේ ඡේදය මේ වර්ගයේ 8 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදය මෙනි
මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡේදය මෙනි.
|
5. පපාතවග්ගො | 5. පපාත වර්ගය |
1. ලොකචින්තාසුත්තං | 1. ලොකචින්තා සූත්‍රය |
1111
එකං
‘‘අථ ඛො සො, භික්ඛවෙ, පුරිසො නගරං පවිසිත්වා මහාජනකායස්ස ආරොචෙසි - ‘උම්මත්තොස්මි නාමාහං, භන්තෙ, විචෙතොස්මි නාමාහං, භන්තෙ! යං ලොකෙ නත්ථි තං මයා දිට්ඨ’’’න්ති. ‘‘කථං පන ත්වං, අම්භො පුරිස, උම්මත්තො කථං විචෙතො? කිඤ්ච ලොකෙ නත්ථි යං තයා දිට්ඨ’’න්ති? ‘‘ඉධාහං, භන්තෙ, රාජගහා නික්ඛමිත්වා ‘ලොකචින්තං චින්තෙස්සාමී’ති යෙන සුමාගධා පොක්ඛරණී තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා සුමාගධාය පොක්ඛරණියා තීරෙ නිසීදිං ලොකචින්තං චින්තෙන්තො. අද්දසං ඛ්වාහං, භන්තෙ, සුමාගධාය පොක්ඛරණියා තීරෙ චතුරඞ්ගිනිං සෙනං භිසමුළාලං
‘‘තං ඛො පන, භික්ඛවෙ, සො පුරිසො භූතංයෙව අද්දස, නො අභූතං. භූතපුබ්බං, භික්ඛවෙ, දෙවාසුරසඞ්ගාමො සමුපබ්යූළ්හො අහොසි. තස්මිං ඛො පන, භික්ඛවෙ, සඞ්ගාමෙ දෙවා ජිනිංසු, අසුරා පරාජිනිංසු. පරාජිතා
‘‘තස්මාතිහ, භික්ඛවෙ, මා ලොකචින්තං චින්තෙථ - ‘සස්සතො ලොකො’ති වා ‘අසස්සතො ලොකො’ති වා, ‘අන්තවා ලොකො’ති වා ‘අනන්තවා ලොකො’ති වා, ‘තං ජීවං තං සරීර’න්ති වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර’න්ති වා, ‘හොති තථාගතො පරං මරණා’ති වා ‘න හොති තථාගතො පරං මරණා’ති වා, ‘හොති ච න ච හොති තථාගතො පරං මරණා’ති වා, ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා’ති වා. තං කිස්ස හෙතු? නෙසා, භික්ඛවෙ, චින්තා අත්ථසංහිතා නාදිබ්රහ්මචරියකා න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති.
‘‘චින්තෙන්තා ඛො තුම්හෙ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති චින්තෙය්යාථ...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති චින්තෙය්යාථ. තං කිස්ස හෙතු? එසා, භික්ඛවෙ, චින්තා අත්ථසංහිතා එසා ආදිබ්රහ්මචරියකා එසා නිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. පඨමං.
|
1111
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ කලන්දක නිවාප නම් වෙළුවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්හට අඬගා මෙසේ වදාළේය.
[2] “මහණෙනි, පෙරවූ දෙයක් කියමි. එක්තරා පුරුෂයෙක් රජගහ නුවරින් නික්මී, ලෝකය ගැන සිතන්නෙමියි’ කියා, සුමාගධ නම් පොකුණ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ සුමාගධ නම් පොකුණු තෙර ලෝකය ගැන සිතමින් හුන්නේය. මහණෙනි, ඒ පුරුෂතෙම වනාහි සුමාගධ නම් පොකුණෙහි නෙළුම් දණ්ඩක සිදුරු වලට ඇතුල් වන්නාවූ සිව්රඟ සෙනඟක් දැක්කේය. දැක, ඔහුට මේ සිත ඇතිවිය. ‘මම නම් පිස්සෙක්මි. මම නම් වික්ෂිප්ත සිත් ඇත්තෙක්මි. මා විසින් ලෝකයෙහි නැති දෙයක් දක්නා ලද්දේය’ කියායි.
[3] “මහණෙනි, ඉක්බිති ඒ පුරුෂතෙමේ රජගහනුවරට පැමිණ මහාජනයා හට මෙය කීයේය. පින්වත්නි, මම නම් පිස්සෙක්මි. පින්වත්නි, මම නම් විසුරුණු සිත් ඇත්තෙක්මි. මා විසින් ලෝකයෙහි නැති දෙයක් දක්නා ලද්දේය’ කියායි.
“පින්වත් පුරුෂය, කෙසේ නම් නුඹ පිස්සෙක් වූයෙහිද කෙසේ විසුරුණු සිත් ඇත්තෙක් වූයෙහිද, නුඹ විසින් දක්නා ලද ඒ ලෝකයෙහි නැති දෙය නම් කුමක්ද?
[4] “ස්වාමීනි, මම මේ රජගහ නුවරින් නික්මී ලෝකය ගැන සිතන්නෙමියි සුමාගධ නම් පොකුණ යම් තැනෙක් හිද එතැනට ගියෙමි ගොස්, සුමාගධ නම් පොකුණු තෙර ලෝකය ගැන සිතමින් හුන්නෙමි. ස්වාමීනි, මම වනාහි සුමාගධ නම් පොකුණු ඉවුරෙහි නෙළුම් දණ්ඩකට ඇතුල්වන්නාවූ සිව්රඟ සෙනගක් දැක්කෙමි. ස්වාමීනි, මෙසේ වනාහි මම පිස්සෙක් වූයෙමි, විසුරුණු සිත් ඇත්තෙක් වූයෙමි. ලෝකයෙහි නැත්තාවූ මෙය මා විසින් දක්නා ලදැයි’ කීය. පින්වත් පුරුෂය, එසේ නම් නුඹ ඒකාන්තයෙන් පිස්සෙක් වෙහිය. ඒකාන්තයෙන් විසුරුණු සිත් ඇත්තෙක් වෙහිය. නුඹ විසින් ලෝකයෙහි නැති දෙයක් දක්නා ලදැයි කීවාහුය.
[5] “මහණෙනි, ඒ පුරුෂ තෙම වනාහි වූ දෙයක්ම දුටුවේය. එය නොවූ දෙයක් නොවේමය.
“මහණෙනි, පෙර වූ දෙයක් කියමි. එනම් සුරා’සුර යුද්ධය එළඹ සිටියේ විය. මහණෙනි, ඒ යුද්ධයෙහිදී වනාහි දෙවියෝ දිනුවාහුය. අසුරයෝ පැරදුනාහුය. මහණෙනි, පැරදුණු අසුරයෝ වනාහි බිය වූවාහු, දෙවියන් මුළා කරමින් නෙළුම් දණ්ඩකට රිංගන්නාක් මෙන් පෙනෙන සේ මායාවක් කොට අසුර පුරයට ගියාහුය. මහණෙනි, එහෙයින් ලෝකය නිත්‍යයි කියා හෝ ලෝකය නිත්‍ය නොවේයයි කියා හෝ ලෝකයෙහි කොණක් ඇත්තේය කියා හෝ, ලෝකයෙහි කොණක් නැත්තේය කියා හෝ එයම ජීවය, එයම ශරීරයයි කියා හෝ ජීවය අනිකකි, ශරීරය අනිකකියි කියා හෝ සත්වතෙම මරණින් මතු වන්නේය කියා හෝ සත්වතෙම මරණින් මතු නොවන්නේය කියා හෝ, සත්වතෙම මරණින් මතු වන්නෙත් වෙයි, නොවන්නෙත් වෙයි කියා හෝ, සත්ව තෙම මරණින් මතු නොවෙයි, නොවන්නෙත් නොවෙයි කියා හෝ ලෝකය ගැන කල්පනා නොකරව්. ඊට හේතු කවරේද?
[6] “මහණෙනි, මේ සිතීම අර්ථය පිණිස නොවෙයි. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූයේ නොවෙයි. කලකිරීම පිණිස, නො ඇලීම පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස විශේෂයෙන් දැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස නොපවතියි.
[7] මහණෙනි, සිතන්නාවූ තෙපි වනාහි මෙය දුකයයි සිතව්. මෙය දුක නැතිවීමයයි සිතව්. මෙය දුක නැති කරන මාර්ගයයි සිතව්. ඊට හේතු කවරේද?
[8] ‘මහණෙනි, මේ සිතීම අර්ථය පිණිස වෙයි. මෙය මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වෙයි. මෙය කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශේෂයෙන් දැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතියි.
[9] “මහණෙනි, එහෙයින් මෙය දුකයයි දැනීම පිණිස උත්සාහ කටයුතුයි. මෙය දුකට හේතුවයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැතිකිරීමයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැති කරන මාර්ගයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි.
|
2. පපාතසුත්තං | 2. පපාත සූත්‍රය (හෝ) පටිභාණකූට සූත්‍රය |
1112
එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. අථ ඛො භගවා භික්ඛූ
‘‘කතමො
‘‘යෙ ච ඛො කෙචි, භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානන්ති...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානන්ති, තෙ ජාතිසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු නාභිරමන්ති, ජරාසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු නාභිරමන්ති, මරණසංවත්තනිකෙසු
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. දුතියං.
|
1112
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කරන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භිකෂූන්හට අඬගා මෙසේ වදාළේය.
[2] “මහණෙනි, යමු. පටිභානකූටය යම් තැනෙක්හිද, එතැන දවල් වාසය පිණිස පැමිණෙමු” කියායි. “එසේය ස්වාමීනියි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂූන් හා සමග ‘පටිභානකූටය’ යම් තැනෙක්හිද එතැනට වැඩිසේක
[3] එක්තරා භික්ෂුවක් වනාහි පටිභාන පර්වතයෙහි මහත්වූ ප්රපාතයක් දුටුවේය. දැක භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මේ ප්රපාතය විශාලය. ස්වාමීනි, මේ ප්රපාතය අතිශයින් විශාලය. ස්වාමීනි, මේ ප්‍රපාතයට වඩා විශාල වූත්, භයානකවූත් වෙන ප්රපාතයක් ඇත්තේද?” කියායි.
“මහණ, මෙයට වඩා විශාලවූත්, භයානකවූත් වෙන ප්රපාතයක් ඇත්තේය.
“ස්වාමීනි, මේ ප්‍රපාතයට වඩා විශාලවූත් භයානකවූත් අන්‍යවූ ප්රපාතය කවරේද?”
[4] “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙය දුකයයි තත්වූ පරිදි නොදනිත්ද, මේදුකට හේතුව යයි තත්වූ පරිදි නොදනිත්ද, මේ දුක නැතිවීම යයි තත්වූ පරිදි නොදනිත්ද, මේ දුක නැතිකරන මාර්ගයයි තත්වූ පරිදි නොදනිත්ද ඔවුහු ඉපදීම පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි ඇලෙත්. දිරීම පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි ඇලෙත්. මරණය පිණිස පවතින්නාවූ සංස්කාරයන් කෙරෙහි ඇලෙත්. ශොක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස උපායාසයන් පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි ඇලෙත්.
“ඔව්හු ඉපදීම පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි ඇලුනාවූ දිරීම පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි ඇලුනාහු. මරණය පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි ඇලුනාහු ශොක, පරිදෙව, දුක්ඛ දොමනස්ස, උපායාසයන් පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි ඇලුනාහු ඉපදීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කෙරෙත්. දිරීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කෙරෙත්. මැරීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කෙරෙත්. ශොක-පරිදෙව-දුක්ඛ-දොමනස්ස උපායාසයන්ද පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කෙරෙත්.
[5] “ඔවුහු ඉපදීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කොට, ජරාව පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කොට මරණය පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කොට, ශොක-පරිදෙව-දුක්ඛ-දොමනස්ස සහ උපායාස යන පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කොට ඉපදීම් නැමති ප්‍රපාතයෙහිද වැටෙත්. ජරා නමැති ප්‍රපාතයෙහිද වැටෙත්. මරණය නමැති ප්‍රපාතයෙහිද වැටෙත්. ශොක පරිදෙව-දුක්ඛ-දොමනස්ස උපායාසයන් පිණිස පවතින්නාවූ ප්රපාතයන්හිද, වැටෙත්. ඔවුහු ජාති-ජරා-මරණ-ශොක - පරිදෙව - දුක්ඛ - දොමනස්ස - උපායාසයන්ගෙන් නොමිදෙත්. දුකින් නොමිදෙත් යයි කියමි.
[6] “මහණ, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙය දුකයයි තත්වූ පරිදි දනිත්ද,
මෙය දුකට හේතුවයයි තත්වූපරිදි දනිත්ද, මෙය දුක නැතිකරන මාර්ගයයි තත්වූ පරිදි දනිත්ද, ඔවුහු ඉපදීම පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි නොඇලෙත්. ජරාව පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි නො ඇලෙත්. මරණය පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි නො ඇලෙත්. ශොක-පරිදෙව-දුක්ඛ දොමනස්ස උපායාසයන් පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි නොඇලෙත්.
[7] “ඔවුහු ඉපදීම, පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි නොඇලෙන්නාහු ජරාව පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි නො ඇලෙන්නාහු, මරණය පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි නොඇලෙන්නාහු, ශොක-පරිදෙව-දුක්ඛ-දොමනස්ස උපායාසයන් පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි නොඇලෙන්නාහු, ඉපදීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්නොකෙරෙත්. ජරාව පිණිස පවත්නාවූ, සංස්කාරයන්ද රැස්නොකෙරෙත්. මරණය පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්නොකෙරෙත්. ශොක-පරිදෙව-දුක්ඛ-දොමනස්ස උපායාසයන් පිණිස පවත්නාවූ සංස්කාරයන්ද, රැස්නොකෙරෙත්.
[8] “ඔවුහු ඉපදීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස් නොකොට, දිරීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්නොකොට, මැරීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්නොකොට ශොක-පරිදෙව-දුක්ඛ-දොමනස්ස උපායාසයන් පිණිස පවතින්නාවූ සංස්කාරයන්ද රැස්නොකොට, ඉපදීම් නමැති ප්‍රපාතයෙහිද නොවැටෙත්. දිරීම් නමැති ප්‍රපාතයෙහිද නොවැටෙත්. මැරීම නමැති ප්‍රපාතයෙහිද නො වැටෙත්. ශොක-පරිදෙව-දුක්ඛ-දොමනස්ස, උපායාසයන් පිණිස පවතින්නාවූ ප්රපාතයන්හිද නොවැටෙත්. ඔවුහු ජාති, ජරා, මරණ, ශොක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස උපායාසයන්ගෙන් මිදෙත්. දුක්ඛයන්ගෙන් මිදෙත්යයි කියමි.
[9] (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 9 වෙනි ඡේදය මෙනි.)
|
3. මහාපරිළාහසුත්තං | 3. මහා පරිළාහ නිරය සූත්‍රය |
1113
‘‘අත්ථි, භික්ඛවෙ, මහාපරිළාහො නාම නිරයො. තත්ථ යං කිඤ්චි චක්ඛුනා රූපං පස්සති, අනිට්ඨරූපඤ්ඤෙව පස්සති
එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘මහා වත සො, භන්තෙ, පරිළාහො, සුමහා වත සො, භන්තෙ, පරිළාහො! අත්ථි නු ඛො, භන්තෙ, එතම්හා පරිළාහා අඤ්ඤො පරිළාහො
‘‘කතමො පන, භන්තෙ, එතම්හා පරිළාහා අඤ්ඤො පරිළාහො මහන්තතරො ච භයානකතරො චා’’ති? ‘‘යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං නප්පජානන්ති...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං නප්පජානන්ති, තෙ ජාතිසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අභිරමන්ති...පෙ.... අභිරතා...පෙ.... අභිසඞ්ඛරොන්ති...පෙ.... අභිසඞ්ඛරිත්වා ජාතිපරිළාහෙනපි පරිඩය්හන්ති, ජරාපරිළාහෙනපි පරිඩය්හන්ති, මරණපරිළාහෙනපි පරිඩය්හන්ති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසපරිළාහෙනපි පරිඩය්හන්ති
‘‘යෙ ච ඛො කෙචි, භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානන්ති...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. තතියං.
|
1113
(මේ ඡේදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 1 වෙනි ඡේදයමෙනි.)
“මහණෙනි, ‘මහාපරිළාහ, නම් නිරයක් ඇත්තේය. එහි ඇසින් යම් කිසි රූපයක් දකියිද, අනිෂ්ට රූපයක්ම දකියි. ඉෂ්ට රූපයක් නොදකියි. නොකැමති රූපයක් ම දකියි. කැමැති රූපයක් නොදකියි. අමනාප රූපයක් ම දකියි. මනාප රූපයක් නොදකියි.
“කනින් යම් කිසි ශබ්දයක් අසයිද, අනිෂ්ට ශබ්දයක්ම අසයි ඉෂ්ට ශබ්දයක් නොඅසයි. නො කැමති ශබ්දයක් ම අසයි. කැමැති ශබ්දයක් නොඅසයි. අමනාප ශබ්දයක්ම ම අසයි. මනාප ශබ්දයක් නොඅසයි.
“නහයෙන් යම්කිසි ගන්ධයක් ආඝ්‍රාණය කෙරෙයිද අනිෂ්ට ගන්ධයක්ම ආඝ්‍රාණය කරයි. ඉෂ්ට ගන්ධයක් ආඝ්‍රාණය නො කරයි. නොකැමති ගන්ධයක්ම ආඝ්‍රාණය කරයි. කැමැති ගන්ධයක් ආඝ්‍රාණය නොකරයි. අමනාප ගන්ධයක් ම ආඝ්‍රාණය කරයි. මනාප ගන්ධයක් ආඝ්‍රාණය නොකරයි
“දිවෙන් යම්කිසි රසයක් විඳියිද අනිෂ්ට රසයක්ම විඳියි. ඉෂ්ට රසයක් නොවිඳියි නොකැමති රසයක් ම විඳියි. කැමැති රසයක් නො විඳියි. අමනාප රසයන් ම විඳියි. මනාප රසයක් නො විඳියි.
“කයින් යම් කිසි ස්පර්ශයක් ස්පර්ශ කෙරෙයිද, අනිෂ්ට ස්පර්ශයක් ම ස්පර්ශ කරයි. ඉෂ්ට ස්පර්ශයක් ස්පර්ශ නො කරයි. නොකැමති ස්පර්ශයක් ම ස්පර්ශ කරයි. කැමැති ස්පර්ශයක් ස්පර්ශ නොකරයි අමනාප ස්පර්ශයක් ම ස්පර්ශ කරයි. මනාප ස්පර්ශයක් ස්පර්ශ නොකරයි.
“සිතින් යම්කිසි ධර්මයක් දනියිද අනිෂ්ට ධර්මයක්ම දනියි. ඉෂ්ට ධර්මයක් නො දනියි. නො කැමති ධර්මයක් ම දනියි. කැමැති ධර්මයක් නො දනියි. අමනාප ධර්මයක් ම දනියි. මනාප ධර්මයක් නො දනියි.
මෙසේ කී කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, ඒ දැවීම ඒකාන්තයෙන් මහත්ය. ස්වාමීනි, ඒ දැවීම අතිශයින් මහත්ය. ස්වාමීනි, මේ දැවීමට වඩා මහත්වූද, භයානකවූද, අන්‍යවූ දැවීමක් ඇත්තේ ද?”
“මහණ මේ දැවීමට ඉතා මහත්වූද ඉතා භයානකවූ ද අන්‍යවූ දැවීමක් ඇත්තේය.”
“ස්වාමීනි, මේ දැවීමට වඩා ඉතා මහත් වූ ද, ඉතා භයානක වූ ද අන්‍ය දැවීම නම් කුමක්ද?”
(මේ ඡේදය මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදය මෙනි.)
“ඔවුහු ඉපදීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස් කොට දිරීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස් කොට මැරීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස් කොට ශොක-පරිදෙව-දුක්ඛ-දොමනස්ස උපායාසයන් පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස් කොට ඉපදීම් නමැති දැවීමෙන්ද දැවෙත්. දිරීම් නමැති දැවීමෙන්ද දැවෙත් මැරීම් නමැති දැවීමෙන්ද දැවෙත් ශොක-පරිදෙව-දුක්ඛ දොමනස්ස සහ උපායාස නැමැති දැවීමෙන්ද දැවෙත්. ඔවුහු ජාති-ජරා-මරණ ශොක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස උපායාසයන්ගෙන් නොමිදෙත්. දුකින් නොමිදෙත්යයි කියමි.
(මේ ඡේද දෙක මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 6-7 වෙනි ඡේද මෙනි.)
“ඔවුහු ඉපදීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්නොකොට දිරීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස් නොකොට මැරීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස් නොකොට ශොක-පරිදෙව-දුක්ඛ දොමනස්ස උපායාසයන් පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස් නොකොට ඉපදීම් නමැති දැවීමෙන්ද නො දැවෙත්. දිරීම් නමැති දැවීමෙන්ද නො දැවෙත්. මැරීම් නමැති දැවීමෙන්ද නො දැවෙත් ශොක-පරිදෙව-දුක්ඛ-දොමනස්ස සහ උපායාස නමැති දැවීමෙන්ද නොදැවෙත්. ඔවුහු ජාතිජරා-මරණ ශොක, පරිදේව, දුක්ඛ, දොමනස්ස උපායාසයන්ගෙන් මිදෙත්. දුකින් මිදෙත්. යයි කියමි.
(මෙතැන් සිට මේ වර්ගයේ සියලු සූත්‍රයන්හි අන්තිමට මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 9 වෙනි ඡේදය යොදාගන්න)
|
4. කූටාගාරසුත්තං | 4. කූටාගාරොපම සූත්‍රය |
1114
‘‘යො හි, භික්ඛවෙ
(යො ච ඛො භික්ඛවෙ (ස්‍යා. ක.)), එවං වදෙය්ය - ‘අහං දුක්ඛං අරියසච්චං යථාභූතං අනභිසමෙච්ච...පෙ.... දුක්ඛනිරොධගාමිනිං පටිපදං අරියසච්චං යථාභූතං අනභිසමෙච්ච සම්මා දුක්ඛස්සන්තං කරිස්සාමී’ති - නෙතං ඨානං විජ්ජති.
‘‘සෙය්යථාපි
‘‘යො ච ඛො, භික්ඛවෙ, එවං වදෙය්ය - ‘අහං දුක්ඛං අරියසච්චං යථාභූතං අභිසමෙච්ච...පෙ.... දුක්ඛනිරොධගාමිනිං පටිපදං අරියසච්චං යථාභූතං අභිසමෙච්ච සම්මා දුක්ඛස්සන්තං කරිස්සාමී’ති - ඨානමෙතං විජ්ජති.
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, යො එවං වදෙය්ය - ‘අහං කූටාගාරස්ස හෙට්ඨිමං ඝරං
‘‘තස්මාතිහ
|
1114
“මහණෙනි, යමෙක් ‘මම දුක්ඛාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ නොකොට, දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ නොකොට, දුක්ඛ නිරෝධආර්ය්ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ නොකොට. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ නොකොට මනාකොට දුක් කෙළවර කරන්නෙමි’යි මෙසේ කියන්නේ නම් ඒ කාරණය සිදු නොවේ.
“මහණෙනි, යමෙක් ‘මම දෙමහල් ගෙයක (කූටාගාරයක) යට මහල නොකොට උඩු මහල කරන්නෙමියි කියන්නේ නම් යම් සේ එය සිදු නොවන්නේද මහණෙනි, එසේම වනාහි යමෙක් මම දුක්ඛාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ නොකොට, දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ නොකොට, දුක්ඛ නිරෝධ ආර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ නොකොට, දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ නොකොට මනාකොට දුක් කෙළවර කරන්නෙමියි මෙසේ කියන්නේ නම් ඒ කාරණය සිදු නොවේ.
“මහණෙනි, යමෙක් වනාහි ‘මම දුක්ඛාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ කොට, දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ කොට, දුක්ඛනිරෝධ ආර්‍ය්‍යසත්‍යය තත්වූ පරිදි අවබෝධ කොට. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ කොට මනාකොට දුක් කෙළවර කරන්නෙමි’ යි මෙසේ කියන්නේ නම් ඒ කාරණය සිදු වන්නේය.
“මහණෙනි, යමෙක් වනාහි ‘මම දෙමහල් ගෙයක යට මහල කොට උඩු මහල කරන්නෙමියි කියන්නේ නම් යම්සේ එය සිදුවන්නේද, මහණෙනි, එසේම වනාහි යමෙක් මම දුක්ඛාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ කොට, දුක්ඛ සමුදයආර්ය්යසත්යය තත්වූ පරිදි අවබෝධ කොට, දුක්ඛ නිරෝධ ආර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ කොට, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ කොට, මනාකොට දුක් කෙළවර කරන්නෙමි’ යි මෙසේ කියන්නේ නම් එය සිදුවන්නේය.
|
5. වාලසුත්තං | 5. ලිච්ඡවි සන්ථාගාර සූත්‍රය |
1115
එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො ආයස්මා ආනන්දො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය වෙසාලිං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො ආයස්මා ආනන්දො සම්බහුලෙ ලිච්ඡවිකුමාරකෙ සන්ථාගාරෙ උපාසනං කරොන්තෙ, දූරතොව සුඛුමෙන තාළච්ඡිග්ගළෙන අසනං අතිපාතෙන්තෙ, පොඞ්ඛානුපොඞ්ඛං
(පොඛානුපොඛං (ස්‍යා. කං.)) අවිරාධිතං. දිස්වානස්ස එතදහොසි - ‘‘සික්ඛිතා වතිමෙ ලිච්ඡවිකුමාරකා, සුසික්ඛිතා වතිමෙ ලිච්ඡවිකුමාරකා; යත්ර හි නාම දූරතොව සුඛුමෙන තාළච්ඡිග්ගළෙන අසනං අතිපාතෙස්සන්ති පොඞ්ඛානුපොඞ්ඛං අවිරාධිත’’න්ති.
අථ
‘‘තං
‘‘තස්මාතිහානන්ද, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. පඤ්චමං.
|
1115
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර මහ වනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ උදය කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන විසාලා මහනුවරට පිණ්ඩපාතයේ වැඩියහ.
ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ වනාහි ශාස්ත්‍රශාලාවෙහි ඉගෙණ ගන්නාවූ දුරදීම සියුම්වූ යතුරු සිදුරෙන් මුල් හීයේ අග දෙවෙනි හීයේ මුල වදිනසේ නොවරද්දා හී විදින්නාවූ බොහෝ ලිච්ඡවී කුමාරයන් දැක්කේය. දැක, උන්වහන්සේට මේ සිත ඇතිවිය. ‘මේ ලිච්ඡවි කුමරුවෝ ඒකාන්තයෙන් (ශිල්පයෙහි) හික්මුණාහුය. ඒකාන්තයෙන් මේ ලිච්ඡවි කුමරුවෝ අතිශයින් හික්මුණාහුය. යම්හෙයකින් දුරදීම සියුම්වූ යතුරු සිදුරෙන් මුල්හීයේ අග දෙවෙනි හීයේ මුල වදිනසේ නොවරද්දා හී විදිත්ද එහෙයිනි”
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසාලා මහනුවර පිඬු පිණිස හැසිර සවස පිණ්ඩපාතයෙන් වැළකුණේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ හට මෙය කීයේය.
“ස්වාමීනි, මම මෙහිදී උදේ කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන විසාලා මහනුවරට පිඬු පිණිස පැමිණියෙමි. ස්වාමීනි, එහිදී මම ශාස්ත්‍ර ශාලාවෙහි ඉගෙන ගන්නාවූ, දුරදීම සියුම්වූ යතුරු සිදුරෙන් මුල් හීයේ අග දෙවෙනි හීයේ මුල වදිනසේ නොවරද්දා හී විදින්නාවූ බොහෝ වූ ලිච්ඡවි කුමාරයන් දැක්කෙමි. දැක මට මේ සිත ඇතිවීය. “මේ ලිච්ඡවි කුමරුවෝ ඒකාන්තයෙන් (ශිල්පයෙහි) හික්මුණාහුය. මේ ලිච්ඡවි කුමරුවෝ ඒකාන්තයෙන් විශේෂයෙන් හික්මුණාහුය. යම් හෙයකින් දුරදීම සියුම් වූ යතුරු සිදුරෙන් මුල් හීයේ අග දෙවෙනි හීයේ මුල වදිනසේ නොවරද්දා හී විදිත්ද එහෙයිනි”
“ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? යමෙක් දුරදීම සියුම් වූ කෙසි සිදුරෙන් මුල් හීයේ අග දෙවෙනි හීයේ මුල වදින සේ නොවරද්දා හී විදින්නේද, යමෙක් සත්කඩක් කොට පලන ලද අස්ලොම් කොණක අස්ලොම් කොණක් වදින සේ විදින්නේද යන මේ දෙකින් කවරක් වනාහි අතිශයින් දුෂ්කර වූයේත් අතිශයින් නොවියහැකි වූයේත් වේද?”
“ස්වාමීනි, යමෙක් සත්කඩක් කොට පළන ලද අස්ලොම් කොණක අස්ලොම් කොණක් වදිනසේ විදින්නේ වේද මෙයම වනාහි අතිශයින් දුෂ්කර වූයේත් අතිශයින් නොවියහැකි වූයේත් වෙයි.”
“ආනන්දය, යමෙක් මෙය දුකයයි තත්වූ පරිදි දනීද, දුකට හේතුවයයි තත්වූ පරිදි දනීද දුක නැතිවීමයයි තත්වූ පරිදි දනීද මේ දුක නැති කරන මාර්ගයයි තත්වූ පරිදි දනියිද ඔවුහු ඊටද වඩා අතිශයින් දුෂ්කරවූද අතිශයින් නොවිය හැකි වූද විඳීමක් කරත්.”
|
6. අන්ධකාරසුත්තං | 6. ලොකන්තරික (හෝ) අන්ධකාර සූත්‍රය |
1116
‘‘අත්ථි, භික්ඛවෙ, ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා, යත්ථමිමෙසං චන්දිමසූරියානං එවංමහිද්ධිකානං එවං මහානුභාවානං ආභාය නානුභොන්තී’’ති.
එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘මහා වත සො, භන්තෙ, අන්ධකාරො, සුමහා වත සො, භන්තෙ, අන්ධකාරො! අත්ථි
‘‘කතමො පන, භන්තෙ, එතම්හා අන්ධකාරා අඤ්ඤො අන්ධකාරො මහන්තතරො ච භයානකතරො චා’’ති? ‘‘යෙ හි කෙචි, භික්ඛු, සමණා වා බ්රාහ්මණා වා ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං නප්පජානන්ති...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී
‘‘යෙ ච ඛො කෙචි, භික්ඛු, සමණා වා බ්රාහ්මණා වා ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානන්ති...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානන්ති, තෙ ජාතිසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු නාභිරමන්ති...පෙ.... අනභිරතා...පෙ.... නාභිසඞ්ඛරොන්ති...පෙ.... අනභිසඞ්ඛරිත්වා ජාතන්ධකාරම්පි නප්පපතන්ති
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. ඡට්ඨං.
|
1116
“මහණෙනි, ලෝකයන්ගෙන් අතරෙහිවූ වැස්මක් නැත්තාවූ අඳුරෙන් පිරී ගියාවූ මේ මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ ආලෝකය නොවැටෙන්නාවූ ආකාශ කුහරයෝ ඇත්තාහ”
මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් “ස්වාමීනි, ඒ අන්ධකාරය මහත්ය ඒ අන්ධකාරය ඉතා මහත්ය. ස්වාමීනි, මේ අන්ධකාරයට වඩා ඉතා මහත්වූද ඉතා භයානකවූද අනික් අන්ධකාරයක් ඇත්තේදැයි?” ඇසීය.
“මහණ, මේ අන්ධකාරයට වඩා ඉතා මහත්වූද ඉතා භයානකවූද අනික් අන්ධකාරයක් ඇත්තේය.”
“ස්වාමීනි, මේ අන්ධකාරයට වඩා ඉතා මහත්වූද, ඉතා භයානකවූද අන්ධකාරය කුමක්දැයි?” විචාළේය.
(මේ ඡේදය මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදය මෙනි)
ඔව්හු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්ද රැස් කොට, ජරාව පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කොට, මරණය පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කොට සොක පරිදෙව දුක්ඛ දොමනස්සයන් පිණිස පවත්නාවූ සංස්කාරයන් ද, රැ ස්කොට ජාති අන්ධකාරයෙහිද වැටෙත්. ජරා අන්ධකාරයෙහිද වැටෙත්. මරණ අන්ධකාරයෙහිද වැටෙත්.
“ඔව්හු ජාතියෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයන්ගෙන්ද, පරිදේවයන්ගෙන්ද, දුක්ඛයන්ගෙන්ද, දොමනස්සයන්ගෙන්ද, උපායාසයන්ගෙන්ද නොමිදෙත්. දුකින් නොමිදෙත්යයි කියමි.
(මේ ඡේද දෙක මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 6-7 වෙනි ඡේද මෙනි)
ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්ද රැස් නොකොට, ජරාව පිණිස පවත්නා සංස්කාරයන්ද රැස්නොකොට මරණය පිණිස පවත්නාවූ සංස්කායන්ද රැස්නොකොට සොක පරිදෙව දුක් දොම්නස් උපායාසයන් පිණිස පවත්නා සංස්කාරයන්ද රැස්නොකොට ජාති අන්ධකාරයටද නොවැටෙත්. ජරා අන්ධකාරයටද නොවැටෙත් මරණ අන්ධකාරයටද නොවැටෙත්. සෝක පරිදෙව දුක් දොම්නස් උපායාස අන්ධකාරයටද නොවැටෙත්. ඔව්හු ජාතියෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, සෝකයන්ගෙන්ද, පරිදේවයන් ගෙන්ද, දුක්ඛයන්ගෙන්ද, දොම්නස්සයන්ගෙන්ද, උපායාසයන් ගෙන්ද, මිදෙත්. (ඔව්හු) දුකෙන් මිදෙත් යයි කියමි
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 9 වෙනි ඡේදය මෙනි)
|
7. පඨමඡිග්ගළයුගසුත්තං | 7. පඨමඑකච්ඡිග්ගල සූත්‍රය |
1117
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, පුරිසො මහාසමුද්දෙ එකච්ඡිග්ගළං යුගං පක්ඛිපෙය්ය. තත්රාපිස්ස කාණො කච්ඡපො. සො වස්සසතස්ස වස්සසතස්ස අච්චයෙන සකිං සකිං උම්මුජ්ජෙය්ය. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, අපි නු ඛො කාණො කච්ඡපො වස්සසතස්ස වස්සසතස්ස
‘‘ඛිප්පතරං ඛො සො, භික්ඛවෙ, කාණො කච්ඡපො වස්සසතස්ස වස්සසතස්ස අච්චයෙන සකිං සකිං උම්මුජ්ජන්තො අමුස්මිං එකච්ඡිග්ගළෙ යුගෙ ගීවං පවෙසෙය්ය, න ත්වෙවාහං, භික්ඛවෙ, සකිං විනිපාතගතෙන බාලෙන
(විනීතගතෙන බහුලෙන (ක.)) මනුස්සත්තං වදාමි’’.
තං කිස්ස හෙතු? න හෙත්ථ, භික්ඛවෙ, අත්ථි ධම්මචරියා, සමචරියා, කුසලකිරියා, පුඤ්ඤකිරියා. අඤ්ඤමඤ්ඤඛාදිකා එත්ථ, භික්ඛවෙ, වත්තති දුබ්බලඛාදිකා. තං කිස්ස හෙතු? අදිට්ඨත්තා, භික්ඛවෙ, චතුන්නං අරියසච්චානං. කතමෙසං චතුන්නං? දුක්ඛස්ස අරියසච්චස්ස...පෙ.... දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්චස්ස.
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. සත්තමං.
|
1117
2 “මහණෙනි, පුරුෂයෙක්තෙමේ එක් සිදුරක් ඇති වියදණ්ඩක් මහ සයුරෙහි දමන්නේය. එහි (මහසයුරෙහි) කණ කැස්බෙක් වාසය කරන්නේය. ඌ සියක් වසකට සියක් වසකට වරක් මතුවන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? සියක් වසකට, සියක් වසකට වරක් උඩඑන්නාවූ කණකැස්බා ඒ කියනලද එක් සිදුරක් ඇති දණ්ඩෙහි (වියදඬු සිදුරෙහි) බෙල්ල දමන්නේද?”
“ස්වාමීනි, දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් කිසියම් කලෙක ඉදින් සිදුවියහැකි වන්නේය.”
“මහණෙනි, සියක් වසකට සියක්වසකට වරක් උඩඑන්නාවූ ඒ කණකැස්බා ඒ එක්සිදුරක් ඇති වියදණ්ඩෙහි බෙල්ල දමයි නම් එය ඉක්මනින් වියහැකිය. මහණෙනි, එය සිදුවූවත් වරක් දුගතියට පැමිණි බාලයාහට මිනිසත් බවක් ලැබිය හැකියයි මම නොකියමි. මහණෙනි, ඊට හේතුව කවරේද?
“මහණෙනි, එහි ධර්මයෙහි හැසිරීමක් නැත්තේය. පින් කිරීමක් නැත්තේය. මහණෙනි එහි ඔවුනොවුන් කාගැනීම බලවන්තයා, දුබලයා කාදැමීම පවත්නේය. ඊට හේතුව කවරේද? සතර ආර්‍ය්‍යසත්‍යයන් නොදක්නාලද බැවිනි. කවර සතරක්ද?
(මේ ඡේදය සිංසපා වර්ගයේ 8 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදය මෙනි)
|
8. දුතියඡිග්ගළයුගසුත්තං | 8. දුතිය එකච්ඡිග්ගල සූත්‍රය |
1118
‘‘සෙය්යථාපි
‘‘එවං අධිච්චමිදං, භික්ඛවෙ, යං මනුස්සත්තං ලභති. එවං අධිච්චමිදං, භික්ඛවෙ, යං තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො. එවං අධිච්චමිදං, භික්ඛවෙ, යං තථාගතප්පවෙදිතො
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. අට්ඨමං.
|
1118
“මහණෙනි, යම්සේ මේ මහාපඨවිය එකම ජලාසයක් වන්නේද. එහි කිසියම් පුරුෂයෙක් එක් සිදුරක් ඇති විය දණ්ඩක් බහා ලන්නේය. ඒ වියදණ්ඩ පෙරදිග වාතයෙන් අපරදිගට ගසායන්නේය. අපරදිග වාතයෙන් පෙරදිගට ගසායන්නේය. උතුරුදිග වාතයෙන් දකුණුදිගට ගසායන්නේය. දකුණුදිග වාතයෙන් උතුරුදිගට ගසායන්නේය. එහි කණකැස්බෙක් වාසය කරන්නේය. ඌ සියවසකට සිය වසකට වරක් උඩට එන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද?”
“සිය වසකට සිය වසකට වරක් උඩ එන ඒ කැස්බා ඒ එක් සිදුරක් ඇති වියදණ්ඩෙහි බෙල්ල දමන්නේද?”
“ස්වාමීනි, මෙය බොහෝ කලකින් කරුණු යෙදෙන සැටියෙන් වියහැකිද වන්නේය.”
“යම්හෙයකින් සියක් වසකට සියක් වසකට වරක් උඩ එන්නාවූ ඒ කැස්බා එක් සිදුරකින් යුත් වියදණ්ඩෙහි බෙල්ල ඇතුල් කරන්නේද. මහණෙනි, එපරිද්දෙන් බොහෝ කලකින් කරුණු යෙදෙන සැටියෙන් මිනිසත් බවක් ලබන්නේය.
“මහණෙනි, එපරිද්දෙන් බොහෝ කලකින් කරුණු යෙදෙන සැටියෙන් අර්හත් සම්යක්සම්බුද්ධවූ තථාගත තෙමේ ලොව උපදින්නේය. මහණෙනි, එපරිද්දෙන් බොහෝ කාලයකින් කරුණු යෙදෙන සැටියෙන් තථාගතයන් විසින් දෙසිත ධර්මවිනය ලෝකයෙහි බබලන්නේය. මහණෙනි, ඒ මිනිසත් බව ලබන ලදී. ලෝකයෙහි ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතතෙමේ පහළවිය. තථාගතයන් විසින් අවබෝධ කරනලද ධර්ම විනය ලෝකයෙහි බබලන්නේය.”
|
9. පඨමසිනෙරුපබ්බතරාජසුත්තං | 9. පඨම සිනෙරුසක්ඛරොපම සූත්‍රය |
1119
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, පුරිසො සිනෙරුස්ස පබ්බතරාජස්ස සත්ත මුග්ගමත්තියො පාසාණසක්ඛරා උපනික්ඛිපෙය්ය. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. නවමං.
|
1119
“මහණෙනි, යම්සේ පුරුෂයෙක් මුංඇට සතක් පමණවූ ගල්කැටයක් මහාමේරු පර්වතයාගේ සමීපයෙහි තබන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මුංඇට සතක් පමණවූ ඒ ගල්කැටයක් මහාමේරු පර්වතයත් යන දෙකින් කුමක් මහත් වන්නේද?”
‘ස්වාමීනි, ඒ මහාමේරු පර්වතයම ඉතා මහත් වන්නේය. මුංඇට සතක් පමණවූ ගල ඉතා කුඩාය. ඒ තබනලද මුංඇට සතක් පමණවූ ගල්කැටය මහාමේරු පර්වතය හා සසඳන කල ගණනකට නොපැමිණෙයි. උපමාවකටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.”
“මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් මෙය දුකයයි තත්වූ පරිදි දැනගනියිද මේ දුකට හේතුවයයි තත්වූ පරිදි දැනගනියිද, මේ දුක නැතිකිරීම යයි තත්වූපරිදි දැනගනියිද, මේ දුක් නැතිකිරීමේ මාර්ගයයි තත්වූ පරිදි දැනගනියිද, චතුස්සත්‍ය අවබෝධ කළාවූ සෝවාන්වූ ඒ ආර්‍ය්‍ය පුද්ගලයා විසින් ක්ෂය කරනලද කෙළවර කරනලද දුකම අතිශයින් විශාලය. ක්ෂය කරනලද, කෙළවර කරනලද පළමු දුඃඛ ස්කන්ධය හා සසඳනකල භව සතකට සීමාවූ ඒ ඉතිරිව පවත්නාවූ දුක ගණනටද නොගැනේ. උපමාවටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.
|
10. දුතියසිනෙරුපබ්බතරාජසුත්තං | 10. දුතිය සිනෙරුසක්ඛරොපම සූත්‍රය |
1120
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, සිනෙරුපබ්බතරාජායං පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය, ඨපෙත්වා සත්ත මුග්ගමත්තියො පාසාණසක්ඛරා. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං - යං වා සිනෙරුස්ස පබ්බතරාජස්ස පරික්ඛීණං පරියාදින්නං, යා වා සත්ත මුග්ගමත්තියො පාසාණසක්ඛරා
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. දසමං.
|
1120
“මහණෙනි, මුං සතක් පමණවූ ගල්කැටය තිබියදී මහාමේරු පර්වතය ක්ෂයවීමට කෙළවර වීමට යන්නේනම් මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? ක්ෂයවූ, කෙළවරවූ, ඒ මහාමේරු පර්වතය මහත්ද, ඉතිරිවූ මුංඇට සතක් පමණවූ ගල මහත්ද?
“ස්වාමීනි, ඒ ක්ෂයකළ කෙළවර කළ මහාමේරු පර්වතයම ඉතා මහත්ය. ඉතිරිවූ මුංඇට සතක් පමණවූ ගල ඉතා ස්වල්පය. ක්ෂය කළ කෙළවර කළ මහාමේරු පර්වතය හා සමකරන කල මුංඇට සතක් පමණවූ ගල ගණනකටද නොගැනේ. උපමාවටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.
“මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් මෙය දුකයයි තත්වූ පරිදි දනීද මේ දුකට හේතුවයයි තත්වූ පරිදි දනීද මේ දුක් නැතිකිරීමයයි තත්වූ පරිදි දනීද, මේ දුක නැති කිරීමේ මගයයි තත්වූපරිදි දනීද චතුස්සත්‍යය අවබෝධ කළාවූ සෝවාන් ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් ක්ෂයකරනලද කෙළවර කරනලද දුකම අතිශයින් විශාලය. ක්ෂයකරන ලද, කෙළවර කරන ලද පළමු දුඃස්කන්ධය හා සසඳන කල සත් සත්භාවයකට සීමාවූ ඉතිරිවූ දුක ගණනකටද නොගැනේ. උපමාවටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.
|
6. අභිසමයවග්ගො | 6. අභි සමය වර්ගය |
1. නඛසිඛසුත්තං | 1. නඛ සිඛොපම සූත්‍රය |
1121
අථ
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. පඨමං.
|
1121
[1] එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිය පිටට පස්ටිකක් නගා භික්ෂූන්ට කථා කොට මෙසේ වදාළේය. “මහණෙනි, ඒ කුමක් දැයි සිතන්නහුද? මා විසින් නිය පිටට ගන්නා ලද මේ ස්වල්පවූ පසත් මහ පොළොවත් යන මේ දෙකින් කුමක් නම් අතිශයින් බොහෝ වන්නේද?” කියායි.
[2] “ස්වාමීනි, යම් ඒ මහා පෘථුවියක් වන්නීද එයම අතිශයින් බොහෝ වන්නීය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නාලද මේ පස ඉතා ස්වල්ප වන්නේය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද පස මහා පෘථුවිය හා සමාන කරන කල ගණනකටද නොපැමිණෙයි. උපමාවකටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.”
[3] “මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් මේ දුකයයි තත්වූ පරිදි දනීද, දුක ඇතිවීමේ හේතුව තත්වූ පරිදි දනීද, දුක නැතිකිරීම තත්වූ පරිදි දනීද, දුක නැතිකරන මාර්ගය තත්වූ පරිදි දනීද,
ඒ චතුස්සත්‍යය අවබෝධ කළ ඒ සෝවාන් ආර්‍ය්‍ය පුද්ගලයා විසින් ක්ෂය කරන ලද කෙළවර කරන ලද යම් ඒ දුකක්වේද එයම අතිශයින් බොහෝ වෙයි. භව සතකට සීමාවූ ඉතිරි දුක ඉතා ස්වල්ප වෙයි. පළමු ක්ෂය කරන ලද දුක්ඛය හා සමකරන කල මේ සත් භවයකට සීමාවූ ස්කන්ධ දුක ගණනටද නොගැනේ, උපමාවකටද නොපැමිණෙයි, කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.
[4] “මහණෙනි, එහෙයින් මෙය දුකයයි දැනීම පිණිස උත්සාහ කටයුතුයි. මෙය දුකට හේතුවයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැතිකිරීමයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැති කරන මාර්ගයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි.
|
2. පොක්ඛරණීසුත්තං | 2. පොක්ඛරණොපම සූත්‍රය |
1122
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, පොක්ඛරණී පඤ්ඤාසයොජනානි ආයාමෙන, පඤ්ඤාසයොජනානි විත්ථාරෙන, පඤ්ඤාසයොජනානි උබ්බෙධෙන, පුණ්ණා උදකස්ස සමතිත්තිකා කාකපෙය්යා. තතො පුරිසො කුසග්ගෙන
|
1122
“මහණෙනි, පණස් යොදුනක් දික්වූ පණස් යොදුනක් පලල්වූ පණස් යොදුනක් ගැඹුරුවූ කවුඩන් විසින් බිය හැකිසේ මුවවිට දක්වා පිරුණු පොකුණක් වෙයි, පුරුෂයෙක් එයින් කුසතණ අගින් වතුර ගන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද, කුසතණ අගින් යම් ජලයක් වේනම් එයත් පොකුණෙහි, තිබෙන යම් ජලයක් වේනම් එයත් යන දෙකින් කුමක නම් අතිශයින් බොහෝ වේද?
“ස්වාමීනි, පොකුණෙහි යම් ඒ ජලයක් වේද එයම අතිශයින් බොහෝ වෙයි, කුසතණ අගින් ගත් ජලය ඉතා ස්වල්පවෙත්, පොකුණෙහි ජලය හා සමාන කරන කල්හි කුස තණ අගින් ගත් ජලය ගණනකටද නොපැමිණෙයි. උපමාවකටද නොපැමිණෙයි, කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.
(මෙතැන් සිට ඇති සියලු සූත්රයන්හිම අනිත්මට මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 3, 4 වෙනි ඡේද දෙක යොදාගන්න.)
|
3. පඨමසංභෙජ්ජසුත්තං | 3. පඨම සම්භෙජ්ජොදක සූත්‍රය |
1123
‘‘සෙය්යථාපි
|
1123
‘මහණෙනි, යම් තැනෙක්හි ගංගා යමුනා අචිරවති සරභූ මහී යන මේ පඤ්ච මහා ගංගාවෝ එකට එක්වෙත්ද පුරුෂයෙක් එතැනින් වතුර බින්දු දෙකක් හෝ තුනක් හෝ ගන්නේය. මහණෙනි, හේ කුමැකැයි සිතන්නහුද? ගත් දිය බිංදු දෙක තුනත් ඒ පඤ්ච මහා ගංගා එක්වන තැන ජලය යන දෙකින් කුමක් නම් අතිශයින් බොහෝ වේද?”
“ස්වාමීනි, යම් ඒ ගංගා එක්වන තැන පවත්නා ජලයක් වේද එයම අතිශයින් බොහෝ වෙත්. පුරුෂයා විසින් ගන්නා ලද දිය බින්දු දෙක තුන ඉතා ස්වල්ප වන්නේය. ගන්නාලද දිය බින්දු දෙක තුන ඒ ජලය සමාන කරන කලද ගණනටද නො පැමිණෙයි. උපමාවකටද නොපැමිණෙයි කලාවෙන් කලාවටද නොපැමිණෙයි.
|
4. දුතියසංභෙජ්ජසුත්තං | 4. දුතිය සම්භෙජ්ජොදක සූත්‍රය |
1124
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, යත්ථිමා මහානදියො සංසන්දන්ති සමෙන්ති, සෙය්යථිදං - ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී, තං උදකං පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය, ඨපෙත්වා ද්වෙ වා තීණි වා උදකඵුසිතානි
|
1124
“මහණෙනි, යම් තැනෙක්හි ගංගා යමුනා අචිරවතී සරභූ මහී යන පඤ්ච මහා ගංගාවෝ එකට එක්වෙත්ද දිය බින්දු දෙකක් හෝ තුනක් හෝ හැර ඒ ජලය ක්ෂය වීමට කෙළවර වීමට පැමිණෙන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද ඒ ක්ෂයවූ කෙළවරවූ ගංගා එක්වන තැන ජලයත් ඉතිරිවූ දිය බින්දු දෙක තුනත් යන මෙයින් කුමක් නම් අතිශයන් බොහෝ වේද?
“ස්වාමීනි, ඒ ක්ෂය භාවයට ගියාවූ කෙළවරවූ ගංගා එක්වූ තැන ජලයම අතිශයින් බොහෝ වෙයි. ඉතුරුවූ දිය බින්දු දෙක හෝ තුන හෝ ඉතා ස්වල්ප වෙයි. ගංගා එක්වූ තැන ජලය හා ඉතිරිවූ දිය බින්දු දෙක තුන සමාන කරන කල්හි ගණනටද නොගැනේ. උපමාවටද නොපැමිණෙයි. කලාවෙන් කලාවටද නොපැමිණෙයි.
|
5. පඨමමහාපථවීසුත්තං | 5. පඨම කොලට්ඨිකොපම සූත්‍රය |
1125
‘‘සෙය්යථාපි
|
1125
“මහණෙනි, පුරුෂයෙක් ඩෙබර ගෙඩි පමණ මැටි ගුලි සතක් මහපොළොව හා එකට තබන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මහ පොළොව හා එකට තබන ලද ඩෙබර ගෙඩි සතක් පමණවූ ඒ මැටි ගුළි සතත් මහපොළවත් යන දෙකින් කුමක් වඩා මහත්ද? ස්වාමීනි, මහ පොළොවම අතිශයින් මහත් වන්නේය. එකට තබන ලද ඩෙබර ගුළි සතක් පමණවූ මැටි ගුළි සත ඉතා කුඩාවන්නාහ. ඩෙබර ගෙඩි සතක් පමණවූ මැටි ගුළි සත මේ මහා පොළොව හා සමාන කරන කල්හි සංඛ්‍යාවකට නොපැමිණෙයි. උපමාවකටද නොපැමිණෙයි. කලාවෙන් කලාවටද නොපැමිණෙයි.
|
6. දුතියමහාපථවීසුත්තං | 6. දුතිය කොලට්ඨිකොපම සූත්‍රය |
1126
‘‘සෙය්යථාපි
|
1126
“මහණෙනි, මේ මහපොළොව ඩෙබරගෙඩි පමණවූ මැටි ගුළි සතක් ඉතිරිව තිබියදී ක්ෂයවීමට යන්නේය. කෙළවරට යන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? ක්ෂයවූ කෙළවරට ගියාවූ ඒ මහ පොළවත් ඉතිරිවූ ඩෙබර ගෙඩි පමණවූ මැටි ගුලි සතත් යන මෙයින් කුමක් නම් අතිශයින් මහත් වන්නේද?”
“ස්වාමීනි, ක්ෂයවූ කෙළවරවූ මහ පොළවම අතිශයින් බොහෝ වන්නේය. ඉතුරුවූ ඩෙබර ඵල පමණ මැටි ගුළි සත ඉතා ස්වල්ප වෙයි. ක්ෂයවූ කෙළවරවූ මහ පොළොව හා ඉතිරිවූ ඩෙබර ඵල පමණ මැටි ගුළි සත ගණනකටද නොපැමිණෙයි. උපමාවකටද නොපැමිණෙයි. කලාවෙන් කලාවටද නොපැමිණෙත්.
|
7. පඨමමහාසමුද්දසුත්තං | 7. පඨම සමුද්දඵුසිතොපම සූත්‍රය |
1127
‘‘සෙය්යථාපි
|
1127
“මහණෙනි, පුරුෂයෙක් තෙමේ මහ මුහුදෙන් දිය බින්දු දෙකක් හෝ තුනක් හෝ ගන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද මහමුහුදෙන් දිය බින්දු දෙක තුනක් මහ මුහුදෙහි ජලයත් යන දෙකින් කුමක් නම් අතිශයින් බොහෝ වේද?”
“ස්වාමීනි, යම් ඒ මහ මුහුදෙහි ජලයක් වේද මෙයම අතිශයින් බොහෝ වන්නේය. එයින් ගත් දිය බින්දු දෙක හෝ තුන හෝ ස්වල්ප වන්නාහ. එයින් දිය බින්දු දෙක තුන මහ මුහුදෙහි ජලය සමාන කරන කල සංඛ්‍යාවකටද නොපැමිණෙයි. උපමාවකටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.”
|
8. දුතියමහාසමුද්දසුත්තං | 8. දුතිය සමුද්දඵුසිතොපම සූත්‍රය |
1128
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, මහාසමුද්දෙ උදකං පරික්ඛයං
(මහාසමුද්දො පරික්ඛයං (සී. ස්‍යා. කං.) සං. නි. 2.81) පරියාදානං ගච්ඡෙය්ය ඨපෙත්වා ද්වෙ වා තීණි වා උදකඵුසිතානි. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං - යං වා මහාසමුද්දෙ උදකං
|
1128
‘මහණෙනි, මහ මුහුද දිය බින්දු දෙකක් හෝ තුනක් හෝ ඉතිරිව ක්ෂය වීමට කෙළවරවීමට යන්නේය. මහණෙනි ඒ කුමකැයි සිතන්නහුද? මහණෙනි, මහ මුහුදෙහි ක්ෂයවූ කෙළවරවූ යම් ඒ ජලයක් වෙයිද ඉතුරුවූ යම් ඒ දිය බින්දු දෙක තුනක් වෙයිද, එයින් කුමක් නම් අතිශයින් බොහෝ වේද?”
“ස්වාමීනි, මහ මුහුදෙහි යම් ඒ ජලයක් ක්ෂයවූයේද කෙළවරවූයේද එයම අතිශයින් බොහෝ වෙයි. ඉතුරුවූ දිය බින්දු දෙක තුන ස්වල්ප වෙයි. මහමුහුදෙහි ක්ෂයවූ කෙළවරවූ ජලය හා සමාන කරන කල ඉතුරුවූ දිය බින්දු දෙක තුන ගණනකටද නොපැමිණෙයි උපමාවකටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි”
|
9. පඨමපබ්බතූපමසුත්තං | 9. පඨම පබ්බත සක්ඛරොපම සූත්‍රය |
1129
‘‘සෙය්යථාපි
|
1129
“මහණෙනි, පුරුෂයෙක් තෙමේ හිමාලය පර්වත රාජයාගේ සමීපයෙහි අබැට සතක් පමණවූ ගල් කැටයක් තබන්නේය. මහණෙනි, ඒ කුමකැයි හඟින්නහුද, ඒ තබන ලද යම් ඒ අබැට සතක් පමණවූ ගල් කැටය හිමාලය පර්වත රාජයා ය යන දෙකින් කුමක් නම් අතිශයින් මහත් වෙයිද?” “ස්වමීනි, යම් ඒ හිමාලය පර්වත රාජයෙක් වේද එයම අතිශයින් මහත් වන්නේය. සමීපයෙහි තබන ලද සත් අබැටක් පමණවූ ගල් කැටය ඉතා ස්වල්ප වෙයි. හිමාලය පර්වත රාජයා හා සමාන කරන කල ළඟ තබන ලද සත් අබැටක් පමණවූ කැටගල් සංඛ්‍යාවටද නොපැමිණෙයි, උපමාවකටද නොපැමිණෙයි, කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.”
|
10. දුතියපබ්බතූපමසුත්තං | 10. දුතිය පබ්බත සක්ඛරොපම සූත්‍රය |
1130
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, හිමවා පබ්බතරාජා පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය, ඨපෙත්වා සත්ත සාසපමත්තියො පාසාණසක්ඛරා. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං - යං වා හිමවතො පබ්බතරාජස්ස
‘‘තස්මාතිහ
|
1130
“මහණෙනි, හිමාලය පර්වතරාජයා අබැට සතක් පමණවූ ගල් කැටයක් ඉතිරිව තිබියදී ක්ෂය වීමට කෙළවර වීමට යන්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? ක්ෂයවූ කෙළවරවූ හිමාලය පර්වත රාජයාත් ඉතිරිවූ අබඇට සතක් පමණවූ ගල් කැටයත් යන මේ දෙකින් කුමක් නම් අතිශයින් බොහෝ වේද?”
“ස්වාමීනි, ක්ෂයවූ කෙළවරවූ හිමාලය පර්වත රාජයාම බොහෝ වෙයි. ඉතිරිවූ අබ ඇට සතක් පමණවූ ගල්කැටය ඉතා ස්වල්පවෙතියි ක්ෂයවූ කෙළවරවූ හිමාලය පර්වත රාජයා හා සමාන කරන කල අබ ඇට සතක් පමණවූ ගල් කැටය ගණනකටද නොගැනේ. උපමාවකටද නොපැමිණේ. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.”
|
7. පඨමආමකධඤ්ඤපෙය්‍යාලවග්ගො | 7. චක්ක පෙය්‍යාලයේ පඨම ආමකධඤ්ඤ වර්ගය |
1. අඤ්ඤත්රසුත්තං | 1. අප්පකමනුස්ස (හෝ) අඤ්ඤාහු සූත්‍රය |
1131
අථ
‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අප්පමත්තකා තෙ සත්තා යෙ මනුස්සෙසු පච්චාජායන්ති; අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ අඤ්ඤත්ර මනුස්සෙහි
(මනුස්සෙසු (පී. ක.)) පච්චාජායන්ති. තං කිස්ස හෙතු? අදිට්ඨත්තා, භික්ඛවෙ, චතුන්නං අරියසච්චානං. කතමෙසං චතුන්නං? දුක්ඛස්ස අරියසච්චස්ස...පෙ.... දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්චස්ස’’.
‘‘තස්මාතිහ
|
1131
[1] එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිය පිටට පස්ටිකක් නගා භික්ෂූන්ට කථා කොට මෙසේ වදාළේය. “මහණෙනි, ඒ කුමක් දැයි සිතන්නහුද? මා විසින් නිය පිටට ගන්නා ලද මේ ස්වල්පවූ පසත් මහ පොළොවත් යන මේ දෙකින් කුමක් නම් අතිශයින් බොහෝ වන්නේද?” කියායි.
[2] “ස්වාමීනි, යම් ඒ මහා පෘථුවියක් වන්නීද එයම අතිශයින් බොහෝ වන්නීය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නාලද මේ පස ඉතා ස්වල්ප වන්නේය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද පස මහා පෘථුවිය හා සමාන කරන කල ගණනකටද නොපැමිණෙයි. උපමාවකටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.”
[3] “මහණෙනි, එපරිද්දෙන් වනාහි යම් සත්වකෙනෙක් මිනිස් ලොව උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යම් සත්වකෙනෙක් මිනිස්ලොවින් අන්තන්හි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝවෙත්. ඊට හේතු කවරේද යත්, මහණෙනි, චතුස්සත්‍යයන් නොදක්නාලද හෙයිනි. කවර සතරක්ද?
[4] “මහණෙනි, කුමක් මා විසින් කියන ලදද? මහණෙනි, මෙය දුකයයි මා විසින් කියන ලදී මේ දුකට හේතුවයයි මා විසින් කියන ලදී. මේ දුක නැතිවීමයයි මා විසින් කියන ලදී. මේ දුක නැති කිරීමට පැමිණෙන මාර්ගයයි මා විසින් කියන ලදී.
[5] “මහණෙනි, කුමක් නිසා මා විසින් මෙය කියන ලදද? මහණෙනි, මෙය අර්ථයෙන් යුක්තය. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් වූයේ වෙයි. මෙය කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස විශේෂයෙන් දැනගැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතියි.
|
2. පච්චන්තසුත්තං | 2. පච්චන්තජායන සූත්‍රය |
1132
අථ ඛො භගවා පරිත්තං නඛසිඛායං පංසුං ආරොපෙත්වා භික්ඛූ ආමන්තෙසි - ‘‘තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං - යො වායං
‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අප්පමත්තකා තෙ සත්තා යෙ මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජායන්ති; අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ පච්චන්තිමෙසු ජනපදෙසු පච්චාජායන්ති අවිඤ්ඤාතාරෙසු මිලක්ඛෙසු
(මිලක්ඛූසු (ස්‍යා. කං. ක.)) ...පෙ..... දුතියං.
|
1132
(මේ වර්ගයේ සියලු සූත්රයන්හිම මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 2 ඡේද මෙන් වෙත්.)
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් මධ්‍යම ජනපදයෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. අප්‍රසිද්ධ ප්‍රත්‍යන්ත ම්ලෙච්ඡ ජනපදයන්හි උපදිත්ද, ඔව්හුම අතිශයින් බොහෝ වෙති ඊට හේතු කවරේද යත්, චතුස්සත්‍යයන් නොදක්නාලද හෙයිනි කවර සතරක්ද?
(මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
|
3. පඤ්ඤාසුත්තං | 3. පඤ්ඤචක්ඛු සූත්‍රය |
1133
... ‘‘එවමෙව
|
1133
(මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්‍රයේ 1, 2 ඡේද මෙන් වෙත්.)
මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ආර්‍ය්‍යවූ ප්‍රඥා චක්ෂුසින් යුක්තවූවාහුද ඔව්හු ඉතා ස්වල්පවෙත්. යම් සත්ව කෙනෙක් අවිද්‍යාවෙන් මුළා වූවාහුද ඔව්හුම බොහෝ වෙත්.
(මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
|
4. සුරාමෙරයසුත්තං | 4. සුරාමෙරය සූත්‍රය |
1134
... ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ සුරාමෙරයමජ්ජප්පමාදට්ඨානා පටිවිරතා; අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ සුරාමෙරයමජ්ජප්පමාදට්ඨානා අපටිවිරතා...පෙ..... චතුත්ථං.
|
1134
(මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්‍රයේ 1, 2 ඡේද මෙන් වෙත්.)
“මහණෙනි, එපරිද්දෙන්ම මත්වීමට සහ ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය කිරීමෙන් වැළකුනාවූ යම් සත්වයෝ වෙත්ද, ඔවුහු අතිශයින් ස්වල්ප වෙති. මත්වීමට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පානය කරන්නාවූ යම් සත්වයෝ වෙත්ද, ඔවුහුම අතිශයින් බොහෝවෙති. ඊට හේතු කවරේද යත්, මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන් නොදැනීමය. කවර සතරක්ද?
(මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
|
5. ඔදකසුත්තං | 5. ඔදකථලජ සූත්‍රය |
1135
...
|
1135
(මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්‍රයේ 1, 2 ඡේද මෙන් වෙත්.)
“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි ගොඩබිම ඉපදුනාවූ යම් සත්වයෙක් වෙත්ද ඔවුහු ඉතා ස්වල්ප වෙත්. දියෙහි ඉපදුනාවූ යම් සත්වයෝ වෙත්ද ඔවුහුම ඉතා බොහෝ වෙත්. ඊට හේතු කවරේද මහණෙනි, සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදැනීමය, කවර නම් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේද, යත්?
(මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
|
6. මත්තෙය්යසුත්තං | 6. මත්තෙය්‍ය සූත්‍රය |
1136
... ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ මත්තෙය්යා; අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ අමත්තෙය්යා...පෙ..... ඡට්ඨං.
|
1136
(මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්‍රයේ 1, 2 ඡේද මෙන් වෙත්.)
“මහණෙනි, එපරිද්දෙන්ම මවු කෙරෙහි මනාව පිළිපදින්නාවූ යම් සත්වයෝ වෙත්ද, ඔවුහු ස්වල්ප වෙති. මවුට උපකාර නොකරන්නාවූ යම් සත්වයෝ වෙත්ද, ඔවුහුම බොහෝ වෙත්. ඊට හේතු කවරේද, චතුස්සත්‍යයන්ගේ නොදත් බැව්ය. කවර නම් චතුස්සත්යයන්ගේද යත්?
(මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
|
7. පෙත්තෙය්යසුත්තං | 7. පෙත්තෙය්‍ය සූත්‍රය |
1137
... ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ පෙත්තෙය්යා; අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ අපෙත්තෙය්යා...පෙ..... සත්තමං.
|
1137
(මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්‍රයේ 1, 2 ඡේද මෙන් වෙත්.)
“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි පියා කෙරෙහි මනාව පිළිපදින්නාවූ යම් සත්වයෝ වෙත්ද ඔවුහු ඉතා ස්වල්ප වෙත් පියාට උපකාර නොකරන්නාවූ යම් සත්වයෝ වෙත්ද, ඔවුහුම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදැනීම වෙති. කවර නම් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේද යත්?
(මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
|
8. සාමඤ්ඤසුත්තං | 8. සාමඤ්ඤ සූත්‍රය |
1138
... ‘‘එවමෙව
|
1138
(මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්‍රයේ 1, 2 ඡේද මෙන් වෙත්.)
“මහණෙනි, එපරිද්දෙන්ම ශ්රමණයන් කෙරෙහි මනාකොට පිළිපදින්නාවූ යම් ඒ සත්වයෝ වෙත්ද ඔවුහු ඉතා ස්වල්ප වෙති. ශ්රමණයන් කෙරෙහි මනාකොට නො පිළිපදින්නාවූ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්,
(මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
|
9. බ්රහ්මඤ්ඤසුත්තං | 9. බ්‍රහ්මඤ්ඤ සූත්‍රය |
1139
... ‘‘එවමෙව
|
1139
(මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්‍රයේ 1, 2 ඡේද මෙන් වෙත්.)
“මහණෙනි, එපරිද්දෙන්ම බ්‍රාහ්මණයන් කෙරෙහි මනාකොට පිළිපන්නාවූ යම් ඒ සත්වයෝ වෙත්ද ඔව්හු ඉතා ස්වල්ප වෙති, බ්‍රාහ්මණයන් කෙරෙහි මනාව නොපිළිපදින්නාවූම සත්වයෝ ඉතා බොහෝ වෙති. ඊට හේතු කවරේද? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර නම් සතරකගේද යත්?
(මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
|
10. පචායිකසුත්තං | 10. ජෙඨාපචායී සූත්‍රය |
1140
... ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ කුලෙ
|
1140
(මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්‍රයේ 1, 2 ඡේද මෙන් වෙත්.)
“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි යමෙක් තුමූ කුල දෙටුවන් පුදත්ද එබඳු සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යමෙක් තමාගේ කුල දෙටුවන් නොපුදත්ද එබඳු සත්වයෝ ඉතා බොහෝ වෙති. ඊට හේතු කවරේද? මහණෙනි, සතර ආර්‍ය්‍ය සත්‍යයන් නොදත්බවය, කවර නම් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේද යත්,
(මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
|
8. දුතියආමකධඤ්ඤපෙය්යාලවග්ගො | 8. දුතිය ආමකධඤ්ඤ වර්ගය |
1. පාණාතිපාතසුත්තං | 1. පාණාතිපාත සූත්‍රය |
1141
...පෙ.... ‘‘එවමෙව
|
1141
[1] එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිය පිටට පස්ටිකක් නගා භික්ෂූන්ට කථා කොට මෙසේ වදාළේය. “මහණෙනි, ඒ කුමක් දැයි සිතන්නහුද? මා විසින් නිය පිටට ගන්නා ලද මේ ස්වල්පවූ පසත් මහ පොළොවත් යන මේ දෙකින් කුමක් නම් අතිශයින් බොහෝ වන්නේද?” කියායි.
[2] “ස්වාමීනි, යම් ඒ මහා පෘථුවියක් වන්නීද එයම අතිශයින් බොහෝ වන්නීය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නාලද මේ පස ඉතා ස්වල්ප වන්නේය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද පස මහා පෘථුවිය හා සමාන කරන කල ගණනකටද නොපැමිණෙයි. උපමාවකටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.”
[3] “මහණෙනි, එපරිද්දෙන්ම ප්‍රාණඝාතයෙන් වැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඔව්හු ඉතා ස්වල්ප වෙති. ප්‍රාණඝාතයෙන් නොවැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඔව්හු ඉතා බොහෝ වෙත්, ඊට හේතු කවරේද යත්, සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදැනීම වෙති. කවර නම් සතරකගේද යත්,
[4] “මහණෙනි, කුමක් මා විසින් කියන ලදද? මහණෙනි, මෙය දුකයයි මා විසින් කියන ලදී මේ දුකට හේතුවයයි මා විසින් කියන ලදී. මේ දුක නැතිවීමයයි මා විසින් කියන ලදී. මේ දුක නැති කිරීමට පැමිණෙන මාර්ගයයි මා විසින් කියන ලදී.
[5] “මහණෙනි, කුමක් නිසා මා විසින් මෙය කියන ලදද? මහණෙනි, මෙය අර්ථයෙන් යුක්තය. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් වූයේ වෙයි. මෙය කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස විශේෂයෙන් දැනගැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතියි.
|
2. අදින්නාදානසුත්තං | 2. අදින්නාදාන සූත්‍රය |
1142
...පෙ.... ‘‘එවමෙව
|
1142
(මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්‍රයේ 1, 2 ඡේද මෙන් වෙත්.)
“මහණෙනි, එපරිද්දෙන්ම සොරකම් කිරීමෙන් වැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද ඔව්හු ඉතා ස්වල්පවෙති. සොරකම් කිරීමෙන් නොවැළකුණාවූ සත්වයෝ ඉතා බොහෝ වෙත්. ඊට හේතුව කවරේද යත්, සතරආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදැනීම වෙති. කවරනම් සතරකගේද යත්,
(මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
|
3. කාමෙසුමිච්ඡාචාරසුත්තං | 3. කාමමිච්ඡාචාර සූත්‍රය |
1143
...පෙ.... ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ කාමෙසුමිච්ඡාචාරා පටිවිරතා; අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ කාමෙසුමිච්ඡාචාරා අප්පටිවිරතා...පෙ..... තතියං.
|
1143
(මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්‍රයේ 1, 2 ඡේද මෙන් වෙත්.)
මහණෙනි, එපරිද්දෙන්ම කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද ඔව්හු ඉතා ස්වල්පවෙති. කාමයෙහි වරදවා හැසිරීමෙන් නොවැළකුණාවූ සත්වයෝම බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්, සතරආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදැනීම වෙති. කවරනම් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේද යත්,
(මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
|
4. මුසාවාදසුත්තං | 4. මුසාවාද සූත්‍රය |
1144
...පෙ.... ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ මුසාවාදා පටිවිරතා; අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ මුසාවාදා අප්පටිවිරතා...පෙ..... චතුත්ථං.
|
1144
(මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්‍රයේ 1, 2 ඡේද මෙන් වෙත්.)
“මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් තුමූ බොරු කීමෙන් වැළකුණාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යමෙක් තුමූ බොරුකීමෙන් නොවැළකුණාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතුව කවරේද යත්, සතරආර්ය්යසත්යයන් නොදැනීම වෙත්, කවරනම් සතරකගේද යත්,
(මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
|
5. පෙසුඤ්ඤසුත්තං | 5. පිසුණාවාචා සූත්‍රය |
1145
...පෙ.... ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ පිසුණාය වාචාය පටිවිරතා; අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ පිසුණාය වාචාය අප්පටිවිරතා...පෙ..... පඤ්චමං.
|
1145
“මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් තුමූ කේළාම් කීමෙන් වැළකුණාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යමෙක් තුමූ කේළාම් කීමෙන් නොවැළකුණාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතුව කවරේද යත්, සතරආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නාලද බවය, කවරනම් සතරකගේද?
|
6. ඵරුසවාචාසුත්තං | 6. ඵරුසාවාචා සූත්‍රය |
1146
...පෙ.... ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ ඵරුසාය වාචාය පටිවිරතා; අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ ඵරුසාය වාචාය අප්පටිවිරතා...පෙ..... ඡට්ඨං.
|
1146
“මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් තුමූ ඵරුෂවචන කීමෙන් වැළකුණාහුද, ඒ සත්වයෝම ඉතා ස්වල්පවෙත්. යමෙක් තුමූ ඵරුෂවචන කීමෙන් නොවැළකුණාහුද. ඒ සත්වයෝම ඉතා බොහෝවෙත්. ඊට හේතුව කවරේද යත්, සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නාලද බවය. කවර නම් සතරකගේද යත්,
|
7. සම්ඵප්පලාපසුත්තං | 7. සම්ඵප්පලාප සූත්‍රය |
1147
...පෙ.... ‘‘එවමෙව
|
1147
“මහණෙනි, එපරිදිම යමෙක් තුමූ ප්‍රලාප කීමෙන් වැළකුණාහුවෙද්ද, එබඳු සත්වයෝ තුමූ ඉතා ස්වල්පවෙති. යමෙක් තුමූ ප්රලාපකීමෙන් නොවැළකුණාහුද ඔව්හුම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතුව කවරේද යත්, සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදැනීම වෙත්. කවර සතරකගේද?
|
8. බීජගාමසුත්තං | 8. බීජගාමසමාරම්භ සූත්‍රය |
1148
...පෙ.... ‘‘එවමෙව
|
1148
“මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් තුමූ බීජ වර්ග සහ ගස් වැල් කැඩීමෙන් බිඳීමෙන් වැළකුණාහු වෙත්ද එබඳු සත්වයෝ ඉතා ස්වල්පවෙති. යමෙක් තුමූ බීජ වර්ග සහ ගස් වැල් කැඩීමෙන් බිඳීමෙන් වෙන්නොවූවාහු වෙත්ද, එබඳු සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතුව කවරේද යත්, සතරආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නාලද බවය. කවර සතරකගේද යත්?
|
9. විකාලභොජනසුත්තං | 9. විකාලභොජන සූත්‍රය |
1149
...පෙ.... ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ විකාලභොජනා පටිවිරතා; අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ විකාලභොජනා අප්පටිවිරතා...පෙ..... නවමං.
|
1149
“මහණෙනි, එපරිද්දෙන් යමෙක් තුමූ විකාලභෝජනයෙන් වැළකුණාහුද ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්ප වෙත්. යමෙක් තුමූ විකාල භොජනයෙන් නොවැළකුණාහු වෙත්ද. ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතුකවරේද? මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන් නොදක්නා ලද බවය. ඒ සතර කවරේද,
|
10. ගන්ධවිලෙපනසුත්තං | 10. ගන්ධවිලෙපන සූත්‍රය |
1150
...පෙ.... ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ මාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතා; අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ මාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා අප්පටිවිරතා...පෙ..... දසමං.
|
1150
“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි යමෙක් තුමූ (අලංකාරය වශයෙන්) මල් ගඳ විලවුන් දැරීම අඩුතැන්පිරවීම සැරසීම යන මෙයින් වැළකුණාහුද ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්ප වෙත්. යමෙක් තුමූ මල් ගඳ විලවුන් දැරීම අඩුතැන් පිරවීම සැරසීම යන මෙයින් නො වැළකුණාහු වෙත්ද? ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතුව කවරේද යත්? මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නාලද බවය. ඒ සතර කවරේද?
|
9. තතියආමකධඤ්ඤපෙය්‍යාලවග්ගො | 9. තතිය ආමකධඤ්ඤ වර්ගය |
1. නච්චගීතසුත්තං | 1. නච්චගීත සූත්‍රය |
1151
...පෙ....
‘‘එවමෙව
|
1151
(මේ වර්ගයේ මේ 1, 2 ඡේද සියල්ලම 1 වෙනි ඡේදය පඨම ආමකධඤ්ඤ පෙය්යාල වර්ගයේ 1 වෙනි සූත්‍රයේ මෙනි.)
“මහණෙනි, එපරිද්දෙන් යම්කෙනෙක් තුමූ නැටුම් ගැයුම් වැයුම් විසුළු දැකීම් යන මෙයින් වැළකුණාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යම් කෙනෙක් නැටුම් ගැයුම් වැයුම් විසුළු දැකීම් යන මෙයින් නොවැළකුණාහුද ඒ සත්වයෝම ඉතා බොහෝ වෙත්. ඊට හේතුව කවරේද, මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදැකීම වෙති. කවර සතරකගේද යත්,
(මේ ඡේද සියල්ලම ඉහත වර්ගයේ සූත්‍රවල 4, 5 වෙනි ඡේද මෙන් වෙත්.)
|
2. උච්චාසයනසුත්තං | 2. උච්චාසයන සූත්‍රය |
1152
...පෙ.... ‘‘එවමෙව
|
1152
“මහණෙනි, එපරිද්දෙන්ම යම් කෙනෙක් උස් ආසන මහ ආසන පරිභොගයෙන් වැළකුණාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙති. යම් කෙනෙක් උස් ආසන මහ ආසන පරිභොගයෙන් වැළකුණාහුද ඒ සත්වයෝම ඉතා බොහෝ වෙත්. ඊට හේතුව කවරේද, මහණෙනි, සතරආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නාලද බවය. කවර සතරකගේද යත්?
|
3. ජාතරූපරජතසුත්තං | 3. ජාතරූපරජත සූත්‍රය |
1153
...පෙ.... ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ ජාතරූපරජතපටිග්ගහණා පටිවිරතා; අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ ජාතරූපරජතපටිග්ගහණා අප්පටිවිරතා...පෙ..... තතියං.
|
1153
“මහණෙනි, එපරිද්දෙන්ම යම් කෙනෙක් රන්රිදී මසු, කහවණු පිළිගැන්මෙන් වැළකුණාහු වෙත්ද ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්පවෙත්. යම් කෙනෙක් රන්, රිදී, මසු කහවණු පිළිගැන්මෙන් නොවැළකුණාහුද, ඒ සත්වයෝම ඉතා බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්, මහණෙනි සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නාලද බවය. කවර සතරකගේද යත්?
|
4. ආමකධඤ්ඤසුත්තං | 4. ආමකධඤ්ඤ සූත්‍රය |
1154
...පෙ....
|
1154
“මහණෙනි, එපරිද්දෙන්ම යම් කෙනෙක් අමු ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් වැළකුණාහුවෙත්ද ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්පවෙත්. යම් කෙනෙක් අමු ධාන්‍ය වර්ග පිළිගැනීමෙන් නොවැළකුණාහුවෙත්ද ඔව්හුම ඉතා බොහෝ වෙත්, ඊට හේතුව කවරේද යත්, මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නාලද බවය. කවරනම් සතරකගේද යත්?
|
5. ආමකමංසසුත්තං | 5. ආමකමංස සූත්‍රය |
1155
...පෙ.... ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ ආමකමංසපටිග්ගහණා පටිවිරතා; අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ ආමකමංසපටිග්ගහණා අප්පටිවිරතා...පෙ..... පඤ්චමං.
|
1155
“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි යම් සත්වකෙනෙක් අමු මස් පිළිගැණීමෙන් වැළකුණාහු වෙත්ද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වකෙනෙක් අමු මස් පිළිගැන්මෙන් නොවැළකුණාහුවෙත්ද, ඒ සත්වයෝ තුමූ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද, මහණෙනි, සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නාලද බවය කවර සතරකගේද යත්?
|
6. කුමාරිකසුත්තං | 6. ඉත්ථිකුමාරි සූත්‍රය |
1156
...පෙ.... ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ ඉත්ථිකුමාරිකපටිග්ගහණා
(ඉත්ථිකුමාරිකාපටිග්ගහණා (ක.)) පටිවිරතා; අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ ඉත්ථිකුමාරිකපටිග්ගහණා අප්පටිවිරතා...පෙ..... ඡට්ඨං.
|
1156
“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි යම් සත්වකෙනෙක් ස්ත්‍රීන්, තරුණියන් පිළිගැන්මෙන් වැළකුණාහු වෙත්ද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යම් සත්වකෙනෙක් ස්ත්‍රීන් තරුණියන් පිළිගැන්මෙන් වැළකුණාහු වෙත්ද ඒ සත්වයෝ ඉතා බොහෝ වෙත්. මහණෙනි, ඊට හේතුව කවරේද, සතර ආර්‍ය්‍යසත්‍යයන් නොදක්නාලද බවය, කවර සතරකගේද යත්?
|
7. දාසිදාසසුත්තං | 7. දාසිදාස සූත්‍රය |
1157
...පෙ.... ‘‘එවමෙව
|
1157
“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි යම් සත්වකෙනෙක් දාස දාසීන් පිළිගැන්මෙන් වැළකුණාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යම් සත්වකෙනෙක් දාස දාසීන් පිළිගැන්මෙන් නොවැළකුණාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතුව කවරේද?
මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නාලද බවය. කවරනම් සතරකගේද යත්?
|
8. අජෙළකසුත්තං | 8. අජෙළක සූත්‍රය |
1158
...පෙ.... ‘‘එවමෙව
|
1158
“මහණෙනි, එපරිද්දෙන් වනාහි යම් සත්වකෙනෙක් එළුවන් බැටළුවන් පිළිගැන්මෙන් වැළකුණාහු වෙත්ද, ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්පවෙත්. යම් සත්වකෙනෙක් එළුවන් බැටළුවන් පිළි ගැනීමෙන් වැළකුණාහු වෙත්ද, ඒ සත්වයෝම ඉතා බොහෝවෙත්. ඊට හේතුව කවරේද?
මහණෙනි, සතරආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද යත්?
|
9. කුක්කුටසූකරසුත්තං | 9. කුක්කුට සූකර සූත්‍රය |
1159
...පෙ.... ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ කුක්කුටසූකරපටිග්ගහණා පටිවිරතා; අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ කුක්කුටසූකරපටිග්ගහණා අප්පටිවිරතා...පෙ..... නවමං.
|
1159
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ව කෙනෙක් ඌරන් කුකුළන් පිළිගැනීමෙන් වැළකුණාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යම් සත්ව කෙනෙක් ඌරන් කුකුළන් පිළිගැනීමෙන් නොවැළකුණාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙති. ඊට හේතු කවරේද සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද යත්?
|
10. හත්ථිගවස්සසුත්තං | 10. හත්ථිගවාස්ස සූත්‍රය |
1160
...පෙ.... ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ හත්ථිගවස්සවළවපටිග්ගහණා
(හත්ථිගවස්සවළවාපටිග්ගහණා (ස්‍යා. කං. පී. ක.)) පටිවිරතා; අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ හත්ථිගවස්සවළවපටිග්ගහණා අප්පටිවිරතා...පෙ..... දසමං.
|
1160
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝතුමූ ඇතුන් ගවයන් අශ්වයන් වෙළඹුන් පිළිගැනීමෙන් වැළකුණාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යම් සත්ව කෙනෙක් ඇතුන් ගවයන් අශ්වයන් වෙළඹුන් පිළිගැන්මෙන් නො වැළකුණාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්, ඊට හේතු කවරේද යත් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද යත්?
|
10. චතුත්ථආමකධඤ්ඤපෙය්‍යාලවග්ගො | 10. චතුර්ථ ආමකධඤ්ඤ වර්ගය |
1. ඛෙත්තවත්ථුසුත්තං | 1. ඛෙත්තවත්ථු සූත්‍රය |
1161
...පෙ....
|
1161
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෙක් තුමූ කෙත්වතු පිළිගැණීමෙන් වැළකුණාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙති. යම් සත්වයෝ කෙත්වතු පිළිගැණීමෙන් නොවැළකුණාහුද ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නාලද බවය.
කවර සතරකගේද යත්,
|
2. කයවික්කයසුත්තං | 2. කායවික්කය සූත්‍රය |
1162
...පෙ.... ‘‘එවමෙව
|
1162
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ මිලදී ගැනීමෙන් හා විකිණීමෙන් වෙන්වූවාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්, යම් සත්වයෝ මිලදී ගැනීමෙන් හා විකිණීමෙන් වෙන් නොවූවාහුද ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙති. ඊට හේතු කවරේද යත් “මහණෙනි, සතර ආර්‍ය්‍ය සත්‍යයන් නොදක්නාලද බවය.
|
3. දූතෙය්යසුත්තං | 3. දූතෙය්‍ය ගමන සූත්‍රය |
1163
...පෙ.... ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ දූතෙය්යපහිනගමනානුයොගා පටිවිරතා; අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ දූතෙය්යපහිනගමනානුයොගා අප්පටිවිරතා...පෙ..... තතියං.
|
1163
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ දූතනම් පණිවුඩ පණත්කම් කිරීමෙහි යෙදීමෙන් වෙන්වූවාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යම් සත්වයෝ දූතකම් පණිවුඩ පණත් කම් කිරීමෙහි යෙදීමෙන් වෙන් නොවූවාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්, ඊට හේතුකවරේද යත්, සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද?
|
4. තුලාකූටසුත්තං | 4. තුලාකූටාදි සූත්‍රය |
1164
...පෙ.... ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ තුලාකූටකංසකූටමානකූටා පටිවිරතා; අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ තුලාකූටකංසකූටමානකූටා අප්පටිවිරතා...පෙ..... චතුත්ථං.
|
1164
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ තුමූ හොර තරාදිවලින් කිරීම හොඳ රන් සේ බොරු රන් දීම හොරට මැනීම මෙයින් වෙන් වූවාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යම් සත්වයෝ හොර තරාදි වලින් කිරීම හොඳ රන් සේ බොරු රන් දීම හොරට මැනීම් යන මෙයින් වෙන් නොවූවාහුද ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද? සතර ආර්‍ය්‍ය සත්‍යයන් ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද යත්,
|
5. උක්කොටනසුත්තං | 5. උක්කෝටනාදි සූත්‍රය |
1165
...පෙ.... ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ උක්කොටනවඤ්චනනිකතිසාචියොගා
|
1165
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ අයුක්ති වඤ්චා රැවටිලි වංක කම් වලින් වෙන් වූවාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යම් සත්වයෝ තුමූ අයුක්ති වඤ්චා රැවටිලි වංකකම් වලින් වෙන් නොවූවාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්, ඊට හේතු කවරේද? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නාලද බවය, කවර සතරකගේද යත්,
|
6-11. ඡෙදනාදිසුත්තං | 6-11. ඡෙදන ආදී සූත්‍ර |
1166-1171
...පෙ.... එවමෙව ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ ඡෙදනවධබන්ධනවිපරාමොසආලොපසහසාකාරා
(සාහසාකාරා (ක.)) පටිවිරතා
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. එකාදසමං.
|
1166-1171
6. ඡෙදන සූත්‍රය
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ තුමූ කැපීම් මැරීම් බැඳීම් රැවටීම් පැහැරගැනීම් සැහැසිකම්වලින් වෙන් නොවූවාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නාලද බවය, කවර සතරකගේද යත්,
7. වධ සූත්‍රය
“මහණෙනි, එසේම වධකිරීමෙන් වැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝ ස්වල්පයහ. එහෙත් වධ කිරීමෙන් නොවැළකුණුවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝම බොහෝවූහ. ඊට හේතු කවරේද? මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍යය නොදක්නා ලද හෙයිනි. කිනම් සතරක්ද?
8. බන්ධන සූත්‍රය
“මහණෙනි, එසේම වධබන්ධනයෙන් වැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝ ස්වල්පයහ. එහෙත් වධබන්ධනයෙන් නොවැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝම බොහෝවූහ. ඊට හේතු කවරේද? මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍යය නොදක්නා ලද හෙයිනි. කිනම් සතරක්ද?
9. විපරාමොස සූත්‍රය
“මහණෙනි, එසේම වඤ්චාකිරීමෙන් වැළකුණාවූ යම් සත්වයෝ ස්වල්පයහ. එහෙත් වඤ්චාකිරීමෙන් නොවැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝම බොහෝ වූහ. ඊට හේතුව කවරේද? මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍යය නොදක්නා ලද හෙයිනි. කිනම් සතරක්ද?
10. ආලෝප සූත්‍රය
“මහණෙනි, එසේම කොල්ලකෑමෙන් වැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝ ස්වල්පයහ. එහෙත් කොල්ලකෑමෙන් නොවැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝම බොහෝවූහ. ඊට හේතුව කවරේද? මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍යය නොදක්නාලද හෙයිනි. කිනම් සතරක්ද?
11. සහසාකාර සූත්‍රය
“මහණෙනි, එසේම බලහත්කාරකමින් වැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝ ස්වල්පයහ. එහෙත් බලහත්කාරකමින් නොවැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝම බොහෝ වූහ. ඊට හේතු කවරේද? මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍යය නොදක්නාලද හෙයිනි. කිනම් සතරක්ද?
|
11. පඤ්චගතිපෙය්යාලවග්ගො | 11. පක්‍ද්චම ආමකධඤ්ඤ වර්ගය |
1. මනුස්සචුතිනිරයසුත්තං | 1. මනුස්සගති සූත්‍රය |
1172
අථ ඛො භගවා පරිත්තං නඛසිඛායං පංසුං ආරොපෙත්වා භික්ඛූ ආමන්තෙසි - ‘‘තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං - යො වායං මයා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතො, අයං වා මහාපථවී’’ති? ‘‘එතදෙව, භන්තෙ, බහුතරං, යදිදං - මහාපථවී; අප්පමත්තකායං
|
1172
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව නැවත මිනිස් ලොව උපදින්නාහුද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්, යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව නරකයෙහි උපදිත්ද ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද, මහණෙනි, සතර ආර්‍ය්‍ය සත්‍යයන් නොදක්නා ලද බවය, ඒ සතර කවරහුද?
|
2. මනුස්සචුතිතිරච්ඡානසුත්තං | 2. තිරච්ඡානගති සූත්‍රය |
1173
...පෙ.... ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ මනුස්සා චුතා මනුස්සෙසු පච්චාජායන්ති; අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ මනුස්සා චුතා තිරච්ඡානයොනියා පච්චාජායන්ති...පෙ..... දුතියං.
|
1173
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව මිනිස් ලොව උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව තිරිසන් යෝනියෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්? සතර ආර්‍ය්‍ය සත්‍යයන් නොදක්නා ලද බැවිනි, කවර ඒ සතරකගේද,
|
3. මනුස්සචුතිපෙත්තිවිසයසුත්තං | 3. පෙත්තිවිසය සූත්‍රය |
1174
...පෙ.... ‘‘එවමෙව
|
1174
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව මිනිස් ලොව උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව ප්‍රේත ලෝකයෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා බොහෝ වෙත්, ඊට හේතු කවරේද? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදැනීම වෙත්, කවර සතරකගේද යත්?
|
4-6. මනුස්සචුතිදෙවනිරයාදිසුත්තං | 4-6. මනුස්සචුතිදෙවනිරයාදිසුත්තං |
1175-1177
...පෙ.... ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ මනුස්සා චුතා දෙවෙසු පච්චාජායන්ති; අථ ඛො එතෙව
|
1175-1177
4. නිරයගති සූත්‍රය.
“මහණෙනි, එපරිද්දෙන්ම මිනිස් ලොවින් චුතවූවාහු දෙවියන් අතරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව නරකයෙහි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද යත්?
5. දෙවගති සූත්‍රය. (1)
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව දෙවියන් අතරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව තිරිසන් යෝනියෙහි උපදිත්ද ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්, සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවයි. කවර සතරකගේද යත්?
6. දෙවගති සූත්‍රය. (2)
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව දෙවියන් අතරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්, යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව ප්‍රේත ලෝකයෙහි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද?
|
7-9. දෙවචුතිනිරයාදිසුත්තං | 7-9. දෙවචුතිනිරයාදිසුත්තං |
1178-1180
...පෙ....
|
1178-1180
7. දෙව නිරයගති සූත්‍රය.
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ දෙව්ලොවින් චුතව දෙවියන් අතර උපදිත්ද, ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්ප වෙත්, එතකුදු වුවත් යම් සත්වයෝ දෙව් ලොවින් චුතව නිරයෙහි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද?
8. දෙවතිරච්ඡානගති සූත්‍රය.
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ දෙව් ලොවින් චුතව දෙවියන් අතරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්, යම් සත්වයෝ දෙව් ලොවින් චුතව තිරිසන් යෝනියෙහි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද?
9. දේවපෙත්තිවිසය සූත්‍රය.
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ දෙවියන් කෙරෙන් චුතව දෙවියන් අතරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වයෝ දෙවියන් කෙරෙන් චුතව ප්‍රේත ලෝකයෙහි උපදිත්ද, ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද යත්?
|
10-12. දෙවමනුස්සනිරයාදිසුත්තං | 10-12. දෙවමනුස්සනිරයාදිසුත්තං |
1181-1183
...පෙ.... ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ දෙවා චුතා මනුස්සෙසු පච්චාජායන්ති; අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ දෙවා චුතා නිරයෙ පච්චාජායන්ති...පෙ.... තිරච්ඡානයොනියා පච්චාජායන්ති...පෙ.... පෙත්තිවිසයෙ පච්චාජායන්ති...පෙ..... ද්වාදසමං.
|
1181-1183
10. දෙවනිරයගති සූත්‍රය.
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ දෙව් ලොවින් චුතව දෙවියන් කෙරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති යම් සත්වයෝ දෙවියන් කෙරෙන් චුතව නිරයෙහි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද?
11. දෙවමනුස්සගති සූත්‍රය.
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ දෙවියන් කෙරෙන් චුතව මනුෂ්‍යයන් අතරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්, යම් සත්වයෝ දෙවියන් කෙරෙන් චුතව තිරිසන් යෝනියෙහි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්, ඊට හේතු කවරේද යත්? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද?
12. දෙවපෙත්ති විසය සූත්‍රය.
“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි යම් සත්වයෝ දෙව් ලොවින් චුතව මිනිසුන් අතරෙහි උපදිත්ද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති යම් සත්වයෝ දෙව් ලොවින් චුතව ප්‍රේතයන් කෙරෙහි උපදිත්ද, ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද?
|
13-15. නිරයමනුස්සනිරයාදිසුත්තං | 13-15. නිරයමනුස්සනිරයාදිසුත්තං |
1184-1186
...පෙ.... ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ නිරයා චුතා මනුස්සෙසු පච්චාජායන්ති; අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ නිරයා චුතා නිරයෙ පච්චාජායන්ති...පෙ.... තිරච්ඡානයොනියා පච්චාජායන්ති...පෙ.... පෙත්තිවිසයෙ පච්චාජායන්ති...පෙ..... පන්නරසමං.
|
1184-1186
13. නිරය නිරය ගති සූත්‍රය.
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ නිරයෙන් චුතව මිනිසුන් අතර උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වයෝ නිරයෙන් චුතව නිරයෙහි උපදිත්ද, ඒ සත්වයෝම ඉතා බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද යත්?
14. නිරය තිරච්ඡානගති සූත්‍රය.
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ නිරයෙන් චුතව මිනිසුන් අතරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වයෝ නිරයෙන් චුතව තිරිසන් යෝනියෙහි උපදිත්ද, ඒ සත්වයෝම ඉතා බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්? මහණෙනි, සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බැවිනි, කවර සතරකගේද?
15. නිරයපෙතගති සූත්‍රය.
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ නරකයෙන් චුතව මිනිසුන් අතර උපදිත්ද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වයෝ නරකයෙන් චුතව ප්‍රේත විෂයෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්, ඊට හේතු කවරේද? සතර ආර්‍ය්‍ය සත්‍යයන් නොදක්නා ලද බැවිනි. කවර සතරකගේද?
|
16-18. නිරයදෙවනිරයාදිසුත්තං | 16-18. නිරයදෙවනිරයාදිසුත්තං |
1187-1189
...පෙ.... ‘‘එවමෙව
|
1187-1189
16. නිරය නිරයගති සූත්‍රය.
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ නිරයෙන් චුතවූවාහු දෙවියන් අතර උපදිත්ද, එබඳු සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වයෝ නිරයෙන් චුතවූවාහු නිරයෙහිම උපදිත්ද? ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්, ඊට හේතු කවරේද යත්? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද?
17. නිරය තිරච්ඡානගති සූත්‍රය
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ නිරයෙන් චුතව දෙවියන් අතර උපදිත්ද එබඳු සත්වයෝ අතිශයින් ස්වල්පවෙත්. යම් සත්වයෝ නිරයෙන් චුතව තිරිසන්යෝනියෙහි උපදිත්ද ඒ සත්වයෝ ඉතා බොහෝ වෙත්. ඊට හේතු කවරේද? මහණෙනි, සතර ආර්‍ය්‍ය සත්‍යයන් ගේ නොදක්නාලද බවය. කවර සතරකගේද?
(මෙහි කොටසක් අඩුය)
|
19-21. තිරච්ඡානමනුස්සනිරයාදිසුත්තං | 19-21. තිරච්ඡානමනුස්සනිරයාදිසුත්තං |
1190-1192
...පෙ....
|
1190-1192
(මෙහි කොටසක් අඩුය)
|
22-24. තිරච්ඡානදෙවනිරයාදිසුත්තං | 22-24. තිරච්ඡානදෙවනිරයාදිසුත්තං |
1193-1195
...පෙ.... ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ තිරච්ඡානයොනියා චුතා දෙවෙසු පච්චාජායන්ති; අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ තිරච්ඡානයොනියා චුතා නිරයෙ පච්චාජායන්ති...පෙ.... තිරච්ඡානයොනියා පච්චාජායන්ති...පෙ.... පෙත්තිවිසයෙ පච්චාජායන්ති...පෙ..... චතුවීසතිමං.
|
1193-1195
22. තිරච්ඡාන නිරයගති සූත්‍රය
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ තිරිසන් යෝනියෙන් චුතව දෙවියන් අතර උපදිත්ද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්, යම් සත්වයෝ තිරිසන් යෝනියෙන් චුතව නිරයෙහි උපදිත්ද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද?
23. තිරච්ඡාන තිරච්ඡානගති සූත්‍රය.
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ තිරිසන් යොනියෙන් චුතවූවාහු දෙවියන් අතර උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යම් සත්වයෝ තිරිසන් යොනියෙන් චුතව තිරිසන් යෝනියෙහි උපදිත්ද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්, සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නාලද බවය, කවර සතරකගේද,
24. තිරච්ඡාන පෙත්තිගති සූත්‍රය
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ තිරිසන් යෝනියෙන් චුතව දෙවියන් අතර උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යම් සත්වයෝ තිරිසන් යෝනියෙන් චුතව ප්‍රේත ලෝකයෙහි උපදිත්ද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද, මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නාලද බවය. කවර නම් සතරකගේද?
|
25-27. පෙත්තිමනුස්සනිරයාදිසුත්තං | 25-27. පෙත්තිමනුස්සනිරයාදිසුත්තං |
1196-1198
...පෙ.... ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ පෙත්තිවිසයා චුතා මනුස්සෙසු පච්චාජායන්ති; අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ පෙත්තිවිසයා චුතා නිරයෙ පච්චාජායන්ති...පෙ.... තිරච්ඡානයොනියා පච්චාජායන්ති...පෙ.... පෙත්තිවිසයෙ පච්චාජායන්ති...පෙ..... සත්තවීසතිමං.
|
1196-1198
25. පෙත නිරයගති සූත්‍රය.
“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි යම් සත්වයෝ ප්‍රේත විෂයෙන් චුතව මිනිසුන් අතර උපදිත්ද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්, යම් සත්වයෝ ප්‍රේත විෂයෙන් චුතව නිරයෙහි උපදිත්ද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්, මහණෙනි, සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නාලද බවය, කවර නම් සතරකගේද,
26. පෙත තිරච්ඡානගති සූත්‍රය
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ ප්‍රේත විෂයෙන් චුතව මිනිසුන් අතර උපදිත්ද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙති. යම් සත්වයෝ ප්‍රේත විෂයෙන් චුතව තිරිසන් යෝනියෙහි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද, සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද යත්?
27. පෙත පෙත ගති සූත්‍රය.
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ ප්‍රේත විෂයෙන් චුතව මිනිසුන් අතර උපදිත්ද, ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්පවෙත්. යම් සත්වයෝ ප්‍රෙතවිෂයෙන් චුතව ප්‍රෙත විෂයෙහි උපදිත්ද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන් නොදක්නාලද බැවිනි. කවර සතරකගේද,
|
28-29. පෙත්තිදෙවනිරයාදිසුත්තං | 28-29. පෙත්තිදෙවනිරයාදිසුත්තං |
1199-1200
...පෙ.... ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ පෙත්තිවිසයා චුතා දෙවෙසු පච්චාජායන්ති; අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ පෙත්තිවිසයා චුතා නිරයෙ පච්චාජායන්ති...පෙ.... එවමෙව
|
1199-1200
28. පෙත නිරය ගති සූත්‍රය.
‘මහණෙනි, එපරිද්දෙන් යම් සත්වයෝ ප්‍රෙත යෝනියෙන් චුතවූවාහු දෙවියන් අතර උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වයෝ ප්‍රෙත යෝනියෙන් චුතව නිරයෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්, සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද යත්,
29. පෙත තිරච්ඡානගති සූත්‍රය.
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ ප්‍රෙතවිෂයෙන් චුතව දෙවියන් අතර උපදිත්ද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වයෝ ප්‍රෙත විෂයෙන් චුතව තිරිසන් යෝනියෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්, මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද යත්.
|
30. පෙත්තිදෙවපෙත්තිවිසයසුත්තං | 30. පෙත දෙවගති සූත්‍රය |
1201
...පෙ....
‘‘තස්මාතිහ
|
1201
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ ප්රෙතලෝකයෙන් චුතව දෙවියන් අතර උපදිත්ද, ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්පවෙත්. යම් සත්වයෝ ප්‍රෙත ලෝකයෙන් චුතව ප්‍රෙත ලෝකයෙහි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝවෙත්. ඊට හේතු කවරේද, මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නාලද බවය. කවර සතරකගේද?
|