ත්‍රිපිටකය
12. සච්චසංයුත්තං 12. සච්ච සංයුත්තය
1. සමාධිවග්ගො 1. සමාධි වර්ගය
1. සමාධිසුත්තං 1. සමාධි සූත්‍රය
2. පටිසල්ලානසුත්තං 2. පටිසල්ලාන යොග සූත්‍රය
3. පඨමකුලපුත්තසුත්තං 3. පඨම කුලපුත්තාභිසමය සූත්‍රය
4. දුතියකුලපුත්තසුත්තං 4. දුතිය කුලපුත්තාභිසමය සූත්‍රය
5. පඨමසමණබ්‍රාහ්මණසුත්තං 5. පඨම සමණබ්‍රාහ්මණාභි සමය සූත්‍රය
6. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 6. දුතිය සමණබ්‍රාහ්මණාභි සමය සූත්‍රය
7. විතක්කසුත්තං 7. අකුසල විතක්ක සූත්‍රය
8. චින්තසුත්තං 8. පාපක චින්තා සූත්‍රය
9. විග්ගාහිකකථාසුත්තං 9. විග්ගාහිත කථා සූත්‍රය
10. තිරච්ඡානකථාසුත්තං 10. තිරච්ඡාන කථා සූත්‍රය
2. ධම්මචක්කප්පවත්තනවග්ගො 2. ධම්මචක්කප්පවත්ත වර්ගය
1. ධම්මචක්කප්පවත්තනසුත්තං 1. ධම්මචක්කප්පවත්ත සූත්‍රය
1081
එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ. තත්‍ර ඛො භගවා පඤ්චවග්ගියෙ භික්ඛූ ආමන්තෙසි - ‘‘ද්වෙමෙ, භික්ඛවෙ, අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා. කතමෙ ද්වෙ? යො චායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථසංහිතො, යො චායං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථසංහිතො. එතෙ ඛො, භික්ඛවෙ, උභො අන්තෙ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති’’.
‘‘කතමා ච සා, භික්ඛවෙ, මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. අයං ඛො සා, භික්ඛවෙ, මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති.
‘‘ඉදං ඛො පන, භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං - ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, බ්‍යාධිපි දුක්ඛො, මරණම්පි දුක්ඛං, අප්පියෙහි සම්පයොගො දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං - සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා (පඤ්චුපාදානක්ඛන්ධාපි (පී. ක.)) දුක්ඛා. ඉදං ඛො පන, භික්ඛවෙ, දුක්ඛසමුදයං අරියසච්චං - යායං තණ්හා පොනොබ්භවිකා (පොනොභවිකා (සී. පී.)) නන්දිරාගසහගතා තත්‍රතත්‍රාභිනන්දිනී, සෙය්‍යථිදං (සෙය්‍යථීදං (සී. ස්‍යා. කං. පී.)) - කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා. ඉදං ඛො පන, භික්ඛවෙ, දුක්ඛනිරොධං අරියසච්චං - යො තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො. ඉදං ඛො පන, භික්ඛවෙ, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං - අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි.
‘‘‘ඉදං දුක්ඛං අරියසච්ච’න්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. ‘තං ඛො පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤෙය්‍ය’න්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ...පෙ.... උදපාදි. ‘තං ඛො පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤාත’න්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි.
‘‘‘ඉදං දුක්ඛසමුදයං අරියසච්ච’න්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. ‘තං ඛො පනිදං දුක්ඛසමුදයං අරියසච්චං පහාතබ්බ’න්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ...පෙ.... උදපාදි. ‘තං ඛො පනිදං දුක්ඛසමුදයං අරියසච්චං පහීන’න්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි.
‘‘‘ඉදං දුක්ඛනිරොධං අරියසච්ච’න්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. ‘තං ඛො පනිදං දුක්ඛනිරොධං අරියසච්චං සච්ඡිකාතබ්බ’න්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ...පෙ.... උදපාදි. ‘තං ඛො පනිදං දුක්ඛනිරොධං අරියසච්චං සච්ඡිකත’න්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි.
‘‘‘ඉදං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්ච’න්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං භාවෙතබ්බ’න්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ...පෙ.... උදපාදි. ‘තං ඛො පනිදං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං භාවිත’න්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි.
‘‘යාවකීවඤ්ච මෙ, භික්ඛවෙ, ඉමෙසු චතූසු අරියසච්චෙසු එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං න සුවිසුද්ධං අහොසි, නෙව තාවාහං, භික්ඛවෙ , සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය ‘අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති පච්චඤ්ඤාසිං (අභිසම්බුද්ධො පච්චඤ්ඤාසිං (සී. ස්‍යා. කං.)).
‘‘යතො ච ඛො මෙ, භික්ඛවෙ, ඉමෙසු චතූසු අරියසච්චෙසු එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං සුවිසුද්ධං අහොසි, අථාහං, භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය ‘අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති පච්චඤ්ඤාසිං. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි - ‘අකුප්පා මෙ විමුත්ති (චෙතොවිමුත්ති (සී. පී.)), අයමන්තිමා ජාති, නත්ථිදානි පුනබ්භවො’’’ති. ඉදමවොච භගවා. අත්තමනා පඤ්චවග්ගියා භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
ඉමස්මිඤ්ච පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤමානෙ ආයස්මතො කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි - ‘‘යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම’’න්ති.
පවත්තිතෙ ච පන භගවතා ධම්මචක්කෙ භුම්මා දෙවා සද්දමනුස්සාවෙසුං - ‘‘එතං භගවතා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පටිවත්තියං සමණෙන වා බ්‍රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්මුනා වා කෙනචි වා ලොකස්මි’’න්ති. භුම්මානං දෙවානං සද්දං සුත්වා චාතුමහාරාජිකා දෙවා සද්දමනුස්සාවෙසුං - ‘‘එතං භගවතා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං, අප්පටිවත්තියං සමණෙන වා බ්‍රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්මුනා වා කෙනචි වා ලොකස්මි’’න්ති. චාතුමහාරාජිකානං දෙවානං සද්දං සුත්වා තාවතිංසා දෙවා...පෙ.... යාමා දෙවා...පෙ.... තුසිතා දෙවා...පෙ.... නිම්මානරතී දෙවා...පෙ.... පරනිම්මිතවසවත්තී දෙවා...පෙ.... බ්‍රහ්මකායිකා දෙවා සද්දමනුස්සාවෙසුං - ‘‘එතං භගවතා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පටිවත්තියං සමණෙන වා බ්‍රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්මුනා වා කෙනචි වා ලොකස්මි’’න්ති.
ඉතිහ තෙන ඛණෙන (තෙන ලයෙන) (( ) නත්ථි (සී. ස්‍යා. කං.)) තෙන මුහුත්තෙන යාව බ්‍රහ්මලොකා සද්දො අබ්භුග්ගච්ඡි. අයඤ්ච දසසහස්සිලොකධාතු සඞ්කම්පි සම්පකම්පි සම්පවෙධි, අප්පමාණො ච උළාරො ඔභාසො ලොකෙ පාතුරහොසි අතික්කම්ම දෙවානං දෙවානුභාවන්ති.
අථ ඛො භගවා ඉමං උදානං උදානෙසි - ‘‘අඤ්ඤාසි වත, භො, කොණ්ඩඤ්ඤො, අඤ්ඤාසි වත, භො, කොණ්ඩඤ්ඤො’’ති! ඉති හිදං ආයස්මතො කොණ්ඩඤ්ඤස්ස ‘අඤ්ඤාසිකොණ්ඩඤ්ඤො’ ත්වෙව නාමං අහොසීති. පඨමං.
1081
[1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවර සමීපයෙහිවූ මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ පස්වග භික්ෂූන්ට ඇමතූහ.
[2] “මහණෙනි, පැවිද්දා විසින් සේවනය නොකළ යුතු මේ දෙකෙළවරකි. (එනම්) ලාමකවූ ගැමියන්ට අයත්වූ පෘථග්ජනයන්ට අයත්වූ උතුම් නොවූ අනර්ථය පිණිස පවතින්නාවූ වස්තු කාමයන්හි ක්ලෙශ කාමය කරණකොට යම් ඇලී වාසය කිරීමක් වේද දුක්වූ ලාමකවූ අනර්ථය පිණිස පවත්නාවූ යම් ඒ කයට දුක් ගෙන දෙන පිළිවෙතක යෙදීමක් වේද යන මේ අන්ත දෙකය.
“මහණෙනි, ඒ මේ දෙකෙළවරට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ප්‍රඥාචක්ෂුව ඇති කරන්නාවූ, ඥානය ඇති කරන්නාවූ මධ්‍යම ප්‍රතිපදාව කෙලෙසුන්ගේ සංසිඳීම පිණිස චතුස්සත්‍යය දැනීම පිණිස චතුස්සත්‍යය අවබෝධය පිණිස නිවන් පිණිස පවතිත්.
“මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දාවූ ප්‍රඥා චක්ෂුව ඇති කරන්නාවූ ඥානය ඇති කරන්නාවූ කෙළෙසුන්ගේ සංසිඳීම පිණිස චතුස්සත්‍යයාගේ දැනීම පිණිස චතුස්සත්‍යය අවබෝධය පිණිස නිවන් පිණිස පවතින්නාවූ ඒ මධ්‍යම ප්‍රතිපදාව කවරීද?
“මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ කවරේදයත්? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාවය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මොහුයි.
“මහණෙනි, මේ වනාහි තථාගතයන් විසින් අවබෝධ කරන ලද ප්‍රඥා චක්ෂුස ඇති කරන්නාවූ ඥානය ඇති කරන්නාවූ කෙළෙසුන්ගේ සංසිඳීම පිණිස චතුස්සත්‍යයාගේ දැනීම පිණිස චතුස්සත්‍ය අවබෝධය පිණිස නිවන් පිණිස පවතින්නාවූ මධ්‍යම ප්‍රතිපදාව වෙයි.
“මහණෙනි, මේ වනාහි දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි. ඉපදීම දුකය, ජරාවද දුකය, රෝගයද දුකය, මරණයද දුකය, අප්‍රියයන් හා එක්වීම දුකය, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකය, කැමති යමක් නොලැබේද, එයද දුකය. සැකෙවින් පඤ්ච උපාදානස්කන්ධයෝම දුක් වන්නාහුය.
“මහණෙනි, මේ වනාහි දුක්ඛ සමුදයාර්ථර්‍ය්‍ය සත්‍යයයි. නැවත නැවත ඉපදීම ඇති කරන්නාවූ නන්දිරාගය හා එක්වූ ඒ ඒ ආත්මභාවයෙහි ඇලෙන්නාවූ යම් ඒ තෘෂ්ණාවක් වේද, ඒ කවරේද යත්. කාම තෘෂ්ණාවය, භවතෘෂ්ණාවය, විභව තෘෂ්ණාවයි යන මොව්හුයි
“මහණෙනි, මේ වනාහි දුක්ඛ නිරෝධ ආර්‍ය්‍ය සත්‍යයවේ. යම් ඒ තෘෂ්ණාවගේ ඉතිරි නොකොට නිරුද්ධ කිරීමක් වේද, දුරු කිරීමක් වේද, නැති කිරීමක් වේද, මිදීමක් වේද, ආලය අත්හැරීමක් වේද එයයි.
‘මහණෙනි, මේ වනාහි දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්‍ය්‍යසත්‍යය වේ. එනම් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගමැයි. හේ කවරේද යත්? සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මොහුයි.
“මහණෙනි, පෙර නොඇසූවිරූ ධර්මයන්හි මට මේ දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යයයි. නුවණැස පහළවිය. ඥානය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.
“මහණෙනි, පෙර නොඇසූවිරූ ධර්මයන්හි මට ඒ මේ දුක්ඛාර්‍ය්‍ය සත්‍යය පිළිසිඳ දත යුතුයයි නුවණැස පහළවිය. ඥානය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.
“මහණෙනි, පෙර නොඇසූ විරූ ධර්මයන්හි මට මේ දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යය පිළිසිඳ දැනගන්නාලදැයි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.
“මහණෙනි, මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි මේ දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යයයි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.
“මහණෙනි, මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි ඒ දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය පහකළ යුතුයයි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.
“මහණෙනි, මට පෙර නොඇසූ විරූ ධර්ම ඒ මේ දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යය ප්‍රහීන කරනලදැයි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.
“මහණෙනි, පෙර නොඇසූවිරූ ධර්මයෙහි මට මේ දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යයයි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.
“මහණෙනි, මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි මේ දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය ප්‍රත්‍යක්ෂකළ යුතුයයි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.
“මහණෙනි, මට පෙර නොඇසූවිරූ ධර්මයෙහි මේ දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය ප්‍රත්‍යක්ෂ කරන ලදැයි මට නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.
“මහණෙනි, පෙර නොඇසූවිරූ ධර්ම විෂයෙහි මට මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යයයි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.
“මහණෙනි, පෙර නොඇසූවිරූ ධර්මය විෂයෙහි මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යය වැඩිය යුතු යයි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.
“මහණෙනි, පෙර නොඅසන ලද ධර්මයන්හි මට දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්‍ය්‍ය සත්‍යය වඩන ලදැයි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.
“මහණෙනි, මට යම්තාක් කල් මෙසේ තුන් පැවැත්මක් (තිපරිවට්ට) ඇති, දොළොස් ආකාරයක් ඇති මේ චතුස්සත්‍යයන්හි යථාභූතඥාන දර්ශනය මනාව පිරිසිඳ නොවීද, මහණෙනි, ඒතාක් කල් මම දෙවියන් සහිතවූ බඹුන් සහිතවූ සත්වලෝකයෙහිද මහණ බඹුන් සහිතවූ දෙවි මිනිසුන් සහිත ප්‍රජාව අතරෙහිද අනුත්තරවූ සම්‍යක් සම්බොධිය අවබෝධ කෙළෙමියි ප්‍රතිඥා නොකෙළෙමි.
“මහණෙනි, මට වනාහි යම් අවස්ථාවක මෙසේ තුන් පැවැත්මක් (තිපරිවට්ට) ඇති, දොළොස් ආකාරයක් ඇති, මේ චතුරාර්‍ය්‍ය සත්‍යයන්හි යථාභූතඥාන දර්ශනය මනාව පිරිසිඳ වූයේද, මහණෙනි, මම එකල්හි දෙවියන් සහිත බඹුන් සහිත ලෝකයෙහිද මහණ බමුණන් ඇතුළු දෙවි මිනිසුන් සහිතවූ ප්‍රජාවෙහිද අනුත්තරවූ සම්‍යක් අවබෝධිය අවබෝධ කෙළෙමියි, ප්‍රතිඥා කෙළෙමි.
“මට වනාහි ඥාන දර්ශනය පහළවිය. මාගේ අර්හත් ඵල විමුක්තිය වෙනස් කළ නොහැකිය. මේ අන්තිම ජාතිය වන්නීය. දැන් මට නැවත ඉපදීමක් නැත” භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
සතුටු සිත් ඇති පස්වග භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ. මේ සූත්‍රය දේශනා කරනු ලැබීමෙහිදී ආයුෂ්මත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ භික්ෂුවට කෙලෙස් රජස් නැති පහවූ කෙළෙස් මල ඇති ධර්මචක්ෂුස හෙවත් ශ්‍රොතාපත්ති මාර්ග ඥානය පහළවූයේය (කෙසේද?) ‘යම් කිසිවක් ඇතිවීම ස්වභාවකොට ඇත්තේද, ඒ සියල්ල නැතිවීමද ස්වභාවය කොට ඇත්තේය’ කියායි,
“භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මචක්‍රය පැවැත්වූ කල්හි වනාහි භූමිය ඇසුරුකොට වසන දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයේදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් හෝ නොපැවැත්විය හැකි මේ අනුත්තරවූ ධර්මචක්‍රය පවත්වන ලදැයි” සාධුනාද පැවැත්වූහ.
“බූමාටු දෙවියන්ගේ ශබ්දය අසා චාතුර් මහාරාජික දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයේදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් නොපැවැත්විය හැකි උතුම් මේ ධර්මචක්‍රය පවත්වනලදැයි’ සාධුනාද පැවැත්වූහ.
චාතුර් මහාරාජික දෙවියන්ගේ ශබ්දය අසා තාවතිංස දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයේදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් නොපැවැත්විය හැකි උතුම්වූ මේ ධර්ම චක්‍රය පවත්වනලදැයි’ තාවතිංස දෙවියෝ සාධුනාද පැවැත්වූහ.
තාවතිංස දෙවියන්ගේ ශබ්දය අසා යාම දෙවියෝ ‘භාග්‍යවතුන්වහන්සේ විසින් බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයේදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් නොපැවැත්විය හැකි උතුම් මේ ධර්මචක්‍රය පවත්වනලදැයි’ යාම දෙවියෝ සාධුකාර දුන්හ.
යාම දෙවියන්ගේ ශබ්දය අසා තුසිත දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයේදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් නොපැවැත්විය හැකි උතුම්වූ මේ ධර්ම චක්‍රය පවත්වන ලදැයි’ තුසිත දෙවියෝ සාධුකාර දුන්හ.
තුසිත දෙවියන්ගේ සාධුකාර අසා නිම්මානරතී දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයේදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් නොපැවැත්විය හැකි උතුම් මේ ධර්මචක්‍රය පවත්වනලදැයි’ නිම්මානරතී දෙවියෝ සාධුකාර දුන්හ.
නිම්මානරතී දෙවියන්ගේ සාධුකාර අසා පරනිර්මිත වසවර්ති දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයේදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් නොපැවැත්විය හැකි උතුම් මේ ධර්ම චක්‍රය පවත්වන ලදැයි’ පරනිර්මිත වසවර්ති දෙවියෝ සාධුකාර දුන්හ.
පරනිර්මිත වසවර්ති දෙවියන්ගේ ශබ්දය අසා බ්‍රාහ්මකායික දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදායනම්වූ ඉසිපතනාරාමයේදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් නොපැවැත්විය හැකි උතුම්වූ මේ ධර්මචක්‍රය පවත්වනලදැයි’ බ්‍රහ්මකායික දෙවියෝ සාධුකාර දුන්හ.
මෙසේ ඒ ක්ෂණයකින් ඒ මොහොතින් බඹලොව දක්වා (සාධුකාර) ශබ්දය පැනනැංගේය. මේ දසසහශ්‍ර ලෝක ධාතුව කම්පාවිය. අතිශයින් කම්පාවිය. මහත්සේ වෙව්ලා ගියේය, දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා අප්‍රමාණවූ පහත්වූ ආලෝකයක් ලෙව්හි පහළවූයේය.
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ “පින්වත්නි, කොණ්ඩඤ්ඤතෙම ඒකාන්තයෙන් අවබෝධ කෙළේය. පින්වත්නි, කොණ්ඩඤ්ඤතෙමේ ඒකාන්තයෙන් අවබෝධ කෙළේයයි” ප්‍රීතිවාක්‍යයක් පහළ කෙළේය. මෙය නිමිතිකොට ආයුෂ්මත් කොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේට අඤ්ඤා කොණ්ඩඤ්ඤ යන නාමය වූයේය.
2. තථාගතසුත්තං 2. අනුනුස්සුත අරියසච්ච සූත්‍රය
3. ඛන්ධසුත්තං 3. ඛන්ධ සච්ච සූත්‍රය
4. අජ්ඣත්තිකායතනසුත්තං 4. ආයතනසච්ච සූත්‍රය
5. පඨමධාරණසුත්තං 5. පඨම සච්චධාරණ සූත්‍රය
6. දුතියධාරණසුත්තං 6. දුතිය සච්චධාරණ සූත්‍රය
7. අවිජ්ජාසුත්තං 7. සච්ච නිඤ්ඤාණ සූත්‍රය
8. විජ්ජාසුත්තං 8. සච්ච ඤාණ සූත්‍රය
9. සඞ්කාසනසුත්තං 9. සච්ච සංකාසනා සූත්‍රය
10. තථසුත්තං 10. තථාවිතථ සූත්‍රය
3. කොටිගාමවග්ගො 3. කොටිගාම වර්ගය
1. පඨමකොටිගාමසුත්තං 1. කොටිගාම සූත්‍රය
2. දුතියකොටිගාමසුත්තං 2. නජාතිජරූපග සූත්‍රය
3. සම්මාසම්බුද්ධසුත්තං 3. යථාභූත සම්බුද්ධ සූත්‍රය
4. අරහන්තසුත්තං 4. යථාභූත අරහන්ත සූත්‍රය
5. ආසවක්ඛයසුත්තං 5. සච්ච ආසවක්ඛය සූත්‍රය
6. මිත්තසුත්තං 6. අනුකම්පෙය්‍යාථ සූත්‍රය
7. තථසුත්තං 7. අරියධම්ම සූත්‍රය
8. ලොකසුත්තං 8. අරිය තථාගත සූත්‍රය
9. පරිඤ්ඤෙය්‍යසුත්තං 9. සච්ච පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
10. ගවම්පතිසුත්තං 10. ගවම්පති සූත්‍රය
4. සීසපාවනවග්ගො 4. සිංසපා වර්ගය
1. සීසපාවනසුත්තං 1. සිංසපා වන සූත්‍රය
2. ඛදිරපත්තසුත්තං 2. ඛදිරපත්ත සූත්‍රය
3. දණ්ඩසුත්තං 3. දණ්ඩනීරතන සූත්‍රය
4. චෙලසුත්තං 4. ආදිත්තචෙල සූත්‍රය
5. සත්තිසතසුත්තං 5. සත්ති සත සූත්‍රය
6. පාණසුත්තං 6. සුලාවුණය සූත්‍රය
7. පඨමසූරියසුත්තං 7. සූරියොපම සූත්‍රය
8. දුතියසූරියසුත්තං 8. චන්දිම සුරියොපම සූත්‍රය
9. ඉන්දඛීලසුත්තං 9. ඉන්ද ඛීලොපම සූත්‍රය
10. වාදත්ථිකසුත්තං 10. වාදර්ථක (හෝ) සිලායූප සූත්‍රය
5. පපාතවග්ගො 5. පපාත වර්ගය
1. ලොකචින්තාසුත්තං 1. ලොකචින්තා සූත්‍රය
2. පපාතසුත්තං 2. පපාත සූත්‍රය (හෝ) පටිභාණකූට සූත්‍රය
3. මහාපරිළාහසුත්තං 3. මහා පරිළාහ නිරය සූත්‍රය
4. කූටාගාරසුත්තං 4. කූටාගාරොපම සූත්‍රය
5. වාලසුත්තං 5. ලිච්ඡවි සන්ථාගාර සූත්‍රය
6. අන්ධකාරසුත්තං 6. ලොකන්තරික (හෝ) අන්ධකාර සූත්‍රය
7. පඨමඡිග්ගළයුගසුත්තං 7. පඨමඑකච්ඡිග්ගල සූත්‍රය
8. දුතියඡිග්ගළයුගසුත්තං 8. දුතිය එකච්ඡිග්ගල සූත්‍රය
9. පඨමසිනෙරුපබ්බතරාජසුත්තං 9. පඨම සිනෙරුසක්ඛරොපම සූත්‍රය
10. දුතියසිනෙරුපබ්බතරාජසුත්තං 10. දුතිය සිනෙරුසක්ඛරොපම සූත්‍රය
6. අභිසමයවග්ගො 6. අභි සමය වර්ගය
1. නඛසිඛසුත්තං 1. නඛ සිඛොපම සූත්‍රය
2. පොක්ඛරණීසුත්තං 2. පොක්ඛරණොපම සූත්‍රය
3. පඨමසංභෙජ්ජසුත්තං 3. පඨම සම්භෙජ්ජොදක සූත්‍රය
4. දුතියසංභෙජ්ජසුත්තං 4. දුතිය සම්භෙජ්ජොදක සූත්‍රය
5. පඨමමහාපථවීසුත්තං 5. පඨම කොලට්ඨිකොපම සූත්‍රය
6. දුතියමහාපථවීසුත්තං 6. දුතිය කොලට්ඨිකොපම සූත්‍රය
7. පඨමමහාසමුද්දසුත්තං 7. පඨම සමුද්දඵුසිතොපම සූත්‍රය
8. දුතියමහාසමුද්දසුත්තං 8. දුතිය සමුද්දඵුසිතොපම සූත්‍රය
9. පඨමපබ්බතූපමසුත්තං 9. පඨම පබ්බත සක්ඛරොපම සූත්‍රය
10. දුතියපබ්බතූපමසුත්තං 10. දුතිය පබ්බත සක්ඛරොපම සූත්‍රය
7. පඨමආමකධඤ්ඤපෙය්‍යාලවග්ගො 7. චක්ක පෙය්‍යාලයේ පඨම ආමකධඤ්ඤ වර්ගය
1. අඤ්ඤත්‍රසුත්තං 1. අප්පකමනුස්ස (හෝ) අඤ්ඤාහු සූත්‍රය
2. පච්චන්තසුත්තං 2. පච්චන්තජායන සූත්‍රය
3. පඤ්ඤාසුත්තං 3. පඤ්ඤචක්ඛු සූත්‍රය
4. සුරාමෙරයසුත්තං 4. සුරාමෙරය සූත්‍රය
5. ඔදකසුත්තං 5. ඔදකථලජ සූත්‍රය
6. මත්තෙය්‍යසුත්තං 6. මත්තෙය්‍ය සූත්‍රය
7. පෙත්තෙය්‍යසුත්තං 7. පෙත්තෙය්‍ය සූත්‍රය
8. සාමඤ්ඤසුත්තං 8. සාමඤ්ඤ සූත්‍රය
9. බ්‍රහ්මඤ්ඤසුත්තං 9. බ්‍රහ්මඤ්ඤ සූත්‍රය
10. පචායිකසුත්තං 10. ජෙඨාපචායී සූත්‍රය
8. දුතියආමකධඤ්ඤපෙය්‍යාලවග්ගො 8. දුතිය ආමකධඤ්ඤ වර්ගය
1. පාණාතිපාතසුත්තං 1. පාණාතිපාත සූත්‍රය
2. අදින්නාදානසුත්තං 2. අදින්නාදාන සූත්‍රය
3. කාමෙසුමිච්ඡාචාරසුත්තං 3. කාමමිච්ඡාචාර සූත්‍රය
4. මුසාවාදසුත්තං 4. මුසාවාද සූත්‍රය
5. පෙසුඤ්ඤසුත්තං 5. පිසුණාවාචා සූත්‍රය
6. ඵරුසවාචාසුත්තං 6. ඵරුසාවාචා සූත්‍රය
7. සම්ඵප්පලාපසුත්තං 7. සම්ඵප්පලාප සූත්‍රය
8. බීජගාමසුත්තං 8. බීජගාමසමාරම්භ සූත්‍රය
9. විකාලභොජනසුත්තං 9. විකාලභොජන සූත්‍රය
10. ගන්ධවිලෙපනසුත්තං 10. ගන්ධවිලෙපන සූත්‍රය
9. තතියආමකධඤ්ඤපෙය්‍යාලවග්ගො 9. තතිය ආමකධඤ්ඤ වර්ගය
1. නච්චගීතසුත්තං 1. නච්චගීත සූත්‍රය
2. උච්චාසයනසුත්තං 2. උච්චාසයන සූත්‍රය
3. ජාතරූපරජතසුත්තං 3. ජාතරූපරජත සූත්‍රය
4. ආමකධඤ්ඤසුත්තං 4. ආමකධඤ්ඤ සූත්‍රය
5. ආමකමංසසුත්තං 5. ආමකමංස සූත්‍රය
6. කුමාරිකසුත්තං 6. ඉත්ථිකුමාරි සූත්‍රය
7. දාසිදාසසුත්තං 7. දාසිදාස සූත්‍රය
8. අජෙළකසුත්තං 8. අජෙළක සූත්‍රය
9. කුක්කුටසූකරසුත්තං 9. කුක්කුට සූකර සූත්‍රය
10. හත්ථිගවස්සසුත්තං 10. හත්ථිගවාස්ස සූත්‍රය
10. චතුත්ථආමකධඤ්ඤපෙය්‍යාලවග්ගො 10. චතුර්ථ ආමකධඤ්ඤ වර්ගය
1. ඛෙත්තවත්ථුසුත්තං 1. ඛෙත්තවත්ථු සූත්‍රය
2. කයවික්කයසුත්තං 2. කායවික්කය සූත්‍රය
3. දූතෙය්‍යසුත්තං 3. දූතෙය්‍ය ගමන සූත්‍රය
4. තුලාකූටසුත්තං 4. තුලාකූටාදි සූත්‍රය
5. උක්කොටනසුත්තං 5. උක්කෝටනාදි සූත්‍රය
6-11. ඡෙදනාදිසුත්තං 6-11. ඡෙදන ආදී සූත්‍ර
11. පඤ්චගතිපෙය්‍යාලවග්ගො 11. පක්‍ද්චම ආමකධඤ්ඤ වර්ගය
1. මනුස්සචුතිනිරයසුත්තං 1. මනුස්සගති සූත්‍රය
2. මනුස්සචුතිතිරච්ඡානසුත්තං 2. තිරච්ඡානගති සූත්‍රය
3. මනුස්සචුතිපෙත්තිවිසයසුත්තං 3. පෙත්තිවිසය සූත්‍රය
4-6. මනුස්සචුතිදෙවනිරයාදිසුත්තං 4-6. මනුස්සචුතිදෙවනිරයාදිසුත්තං
7-9. දෙවචුතිනිරයාදිසුත්තං 7-9. දෙවචුතිනිරයාදිසුත්තං
10-12. දෙවමනුස්සනිරයාදිසුත්තං 10-12. දෙවමනුස්සනිරයාදිසුත්තං
13-15. නිරයමනුස්සනිරයාදිසුත්තං 13-15. නිරයමනුස්සනිරයාදිසුත්තං
16-18. නිරයදෙවනිරයාදිසුත්තං 16-18. නිරයදෙවනිරයාදිසුත්තං
19-21. තිරච්ඡානමනුස්සනිරයාදිසුත්තං 19-21. තිරච්ඡානමනුස්සනිරයාදිසුත්තං
22-24. තිරච්ඡානදෙවනිරයාදිසුත්තං 22-24. තිරච්ඡානදෙවනිරයාදිසුත්තං
25-27. පෙත්තිමනුස්සනිරයාදිසුත්තං 25-27. පෙත්තිමනුස්සනිරයාදිසුත්තං
28-29. පෙත්තිදෙවනිරයාදිසුත්තං 28-29. පෙත්තිදෙවනිරයාදිසුත්තං
30. පෙත්තිදෙවපෙත්තිවිසයසුත්තං 30. පෙත දෙවගති සූත්‍රය