ත්‍රිපිටකය
11. සොතාපත්තිසංයුත්තං 11. සොතාපත්ති සංයුත්තය
1. වෙළුද්වාරවග්ගො 1. වේළුද්වාර වර්ගය
1. චක්කවත්තිරාජසුත්තං 1. චක්කවත්තිරාජ සූත්‍රය
997
සාවත්ථිනිදානං . තත්‍ර ඛො භගවා...පෙ.... එතදවොච - ‘‘කිඤ්චාපි, භික්ඛවෙ, රාජා චක්කවත්තී (චක්කවත්ති (ස්‍යා. කං. පී. ක.)) චතුන්නං දීපානං ඉස්සරියාධිපච්චං රජ්ජං කාරෙත්වා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති දෙවානං තාවතිංසානං සහබ්‍යතං, සො තත්ථ නන්දනෙ වනෙ අච්ඡරාසඞ්ඝපරිවුතො දිබ්බෙහි ච පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙති, සො චතූහි ධම්මෙහි අසමන්නාගතො, අථ ඛො සො අපරිමුත්තොව (අපරිමුත්තො ච (ස්‍යා. කං. ක.)) නිරයා අපරිමුත්තො තිරච්ඡානයොනියා අපරිමුත්තො පෙත්තිවිසයා අපරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා. කිඤ්චාපි, භික්ඛවෙ, අරියසාවකො පිණ්ඩියාලොපෙන යාපෙති, නන්තකානි ච ධාරෙති, සො චතූහි ධම්මෙහි සමන්නාගතො, අථ ඛො සො පරිමුත්තො (පරිමුත්තො ච (ස්‍යා. කං. ක.)) නිරයා පරිමුත්තො තිරච්ඡානයොනියා පරිමුත්තො පෙත්තිවිසයා පරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා’’.
‘‘කතමෙහි චතූහි? ඉධ , භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති . ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’ති. සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ‘සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, උජුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, සාමීචිප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං - චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා, එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක්ඛිණෙය්‍යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’ති. අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි අච්ඡිද්දෙහි අසබලෙහි අකම්මාසෙහි භුජිස්සෙහි විඤ්ඤුප්පසත්ථෙහි අපරාමට්ඨෙහි සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි චතූහි ධම්මෙහි සමන්නාගතො හොති. යො ච, භික්ඛවෙ, චතුන්නං දීපානං පටිලාභො, යො චතුන්නං ධම්මානං පටිලාභො චතුන්නං දීපානං පටිලාභො චතුන්නං ධම්මානං පටිලාභස්ස කලං නාග්ඝති සොළසි’’න්ති. පඨමං.
997
[1] මා විසින් මෙසේ අසනලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේ පිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
[2] “මහණෙනි, හුදෙක් සක්විති රජතෙම සතර මහාද්වීපයට අධිපති වූ, රාජ්‍යය කරවා කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ගලෝකයෙහි උපදියිද, තව්තිසා දෙවියන් හා එක්වීමට පැමිණෙයිද ඒ සක්විති රජතෙම ඒ දෙව්ලොවදී දෙවඟනන් විසින් පිරිවරන ලද්දේ දිව්‍යමය වූ පඤ්චකාම ගුණයෙන් සම්පූර්ණවූයේ යුක්තවූයේ ඉන්ද්‍රියයන් පිනවයිද එහෙත් හෙතෙම ධර්ම සතරකින් යුක්තවූයේ නොවෙයි, එහෙයින් ඒ සක්විති රජ තෙම වනාහි නිරයෙන් නො මිදුනේම වෙයි. තිරිසන් යෝනියෙන් නො මිදුණේම වෙයි. ප්‍රෙත විෂයෙන් නොමිදුණේම වෙයි. නපුරු ගති ඇති, විසම වැටීම් ඇති අපායෙන් නො මිදුණේ වෙයි.
[3] ‘මහණෙනි, හුදෙක් ආර්‍ය්‍යශ්‍රාවකතෙම පිණ්ඩපාතයෙන් යැපෙයිද, කඩරෙදි දරයිද, එහෙත් හෙතෙම ධර්ම සතරකින් යුක්තවූයේ වෙයි, එහෙයින් ඒ ආර්‍ය්‍යශ්‍රාවකතෙම වනාහි නිරයෙන් මිදුණේ වෙයි. තිරිසන් යෝනියෙන් මිදුණේ වෙයි. ප්‍රේත විෂයෙන් මිදුණේ වෙයි. නපුරු ගති ඇති, විසමවූ වැටීම් ඇති අපායෙන් මිදුණේ වෙයි.
[4] “කවර සතරකින්ද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම, ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අර්හත් වෙන සේක, සම්‍යක් සම්බුද්ධ වනසේක, විජ්ජාචරණ සම්පන්න වනසේක. සුගත වනසේක, ලෝකවිදූ වනසේක. අනුත්තර පුරිසදම්මසාරථි වනසේක. දෙවි මිනිසුන්ගේ ශාස්තෲ වනසේක. චතුස්සත්‍යය අවබෝධ කළසේක. භාග්‍යවත් වනසේකැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද,
[5] “ධර්මය තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල්නොයවා විපාක දෙන්නේය. එව බලවයි පෙන්වියහැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩියයුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුත්තේයයි මෙසේ ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද,
[6] “භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිස යුගසතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙළකළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූ සේක. ඇඳිළිකිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පින් කෙතය. මෙසේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද,
[7] “නොකැඩුනාවූ, සිදුරු නොවූ, කබර නොවූ කැළල් නොවූ නිදහස්වූ නුවණ ඇත්තන් විසින් ප්‍රසංසා කරන ලද්දාවූ, තෘෂ්ණා දෘෂ්ටීන් විසින් පරාමර්ශනය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවතින්නාවූ ආර්‍ය්‍යයන් කැමති ශීලයෙන් යුක්තවූයේ වෙයිද,
[8] “මහණෙනි, යම් සතරමහා දිවයින ලැබීමක් වේද, යම් ධර්ම සතරක් ලැබීමක් වේද, ඒ සතර මහා දිවයින ලැබීම මේ ධර්මසත ධර්මයන්ගේ ලැබීමෙන් සොළොස් කලාවෙන් කලාවකුදු නොවටීයයි” වදාළේය.
2. බ්‍රහ්මචරියොගධසුත්තං 2. බ්‍රහ්මචරියොගධ සූත්‍රය
3. දීඝාවුඋපාසකසුත්තං 3. ආබාධික දීඝාවූ සූත්‍රය
4. පඨමසාරිපුත්තසුත්තං 4. සාරිපුත්තානන්ද සූත්‍රය
5. දුතියසාරිපුත්තසුත්තං 5. සොතාපත්තියංග සූත්‍රය
6. ථපතිසුත්තං 6. ඉසිදත්ත පුරාණ සූත්‍රය
7. වෙළුද්වාරෙය්‍යසුත්තං 7. වෙළුද්වාර සූත්‍රය
8. පඨමගිඤ්ජකාවසථසුත්තං 8. ගිඤ්ජකාවසථ සූත්‍රය
9. දුතියගිඤ්ජකාවසථසුත්තං 9. අසොක ධම්මා‘දාස සූත්‍රය
10. තතියගිඤ්ජකාවසථසුත්තං 10. කකුධ ධම්මාදාස සූත්‍රය
2. රාජකාරාමවග්ගො 2. රාජකාරාම වර්ගය
1. සහස්සභික්ඛුනිසඞ්ඝසුත්තං 1. සහස්ස භික්ඛුනී සූත්‍රය
2. බ්‍රාහ්මණසුත්තං 2. උදය ගාමිනි සූත්‍රය
3. ආනන්දත්ථෙරසුත්තං 3. ආනන්ද සොතාපත්තියංග සූත්‍රය
4. දුග්ගතිභයසුත්තං 4. දුග්ගති භය සූත්‍රය
5. දුග්ගතිවිනිපාතභයසුත්තං 5. විනිපාතභය සූත්‍රය
6. පඨමමිත්තාමච්චසුත්තං 6. පඨම මිත්තා’මච්ච සූත්‍රය
7. දුතියමිත්තාමච්චසුත්තං 7. දුතිය මිත්තා‘මච්ච සූත්‍රය
8. පඨමදෙවචාරිකසුත්තං 8. පඨම දෙවචාරිකා සූත්‍රය
9. දුතියදෙවචාරිකසුත්තං 9. දුතිය දෙවචාරිකා සූත්‍රය
10. තතියදෙවචාරිකසුත්තං 10. තතිය දෙවචාරිකා සූත්‍රය
3. සරණානිවග්ගො 3. සරකානි වර්ගය
1. පඨමමහානාමසුත්තං 1. මා භායි මහානාම සූත්‍රය
2. දුතියමහානාමසුත්තං 2. යෙන නින්න මහානාම සූත්‍රය
3. ගොධසක්කසුත්තං 3. ගොධසක්ක සූත්‍රය
4. පඨමසරණානිසක්කසුත්තං 4. පඨම සරකානි සූත්‍රය
5. දුතියසරණානිසක්කසුත්තං 5. දුතිය සරකානි සූත්‍රය
6. පඨමඅනාථපිණ්ඩිකසුත්තං 6. ආබාධික අනාථ පිණ්ඩික සූත්‍රය
7. දුතියඅනාථපිණ්ඩිකසුත්තං 7. ආනන්ද අනාථපිණ්ඩික සූත්‍රය
8. පඨමභයවෙරූපසන්තසුත්තං 8. අනාථ පිණ්ඩික වෙරභය සූත්‍රය
9. දුතියභයවෙරූපසන්තසුත්තං 9. අරියසාවක වෙරභය සූත්‍රය
10. නන්දකලිච්ඡවිසුත්තං 10. නන්දක ලිච්ඡවි සූත්‍රය
4. පුඤ්ඤාභිසන්දවග්ගො 4. පුඤ්ඤාභිසන්ද වර්ගය
1. පඨමපුඤ්ඤාභිසන්දසුත්තං 1. පුඤ්ඤාභිසන්ද සූත්‍රය (1)
2. දුතියපුඤ්ඤාභිසන්දසුත්තං 2. පුඤ්ඤාභිසන්ද සූත්‍රය (2)
3. තතියපුඤ්ඤාභිසන්දසුත්තං 3. පුඤ්ඤාභි සන්ද සූත්‍රය (3)
4. පඨමදෙවපදසුත්තං 4. දෙවපද සූත්‍රය. (1)
5. දුතියදෙවපදසුත්තං 5. දෙවපද සූත්‍රය. (2)
6. දෙවසභාගසුත්තං 6. සභාගත සූත්‍රය
7. මහානාමසුත්තං 7. මහානාම සූත්‍රය
8. වස්සසුත්තං 8. වස්සූ‘පම සූත්‍රය
9. කාළිගොධසුත්තං 9. කාලිගොධා සූත්‍රය
10. නන්දියසක්කසුත්තං 10. නන්දිය සක්ක සූත්‍රය
5. සගාථකපුඤ්ඤාභිසන්දවග්ගො 5. සගාථක පුඤ්ඤාභිසන්ද වර්ගය
1. පඨමඅභිසන්දසුත්තං 1. පඨමකුසලාභිසන්ද සූත්‍රය
2. දුතියඅභිසන්දසුත්තං 2. දුතිය කුසලාභිසන්ද සූත්‍රය
3. තතියඅභිසන්දසුත්තං 3. තතිය කුසලාභිසන්ද සූත්‍රය
4. පඨමමහද්ධනසුත්තං 4. පඨම මහද්ධන සූත්‍රය
5. දුතියමහද්ධනසුත්තං 5. දුතිය මහද්ධන සූත්‍රය
6. සුද්ධකසුත්තං 6. අරියකන්ත සූත්‍රය
7. නන්දියසුත්තං 7. නන්දිය සක්ක සූත්‍රය
8. භද්දියසුත්තං 8. භද්දිය සක්ක සූත්‍රය
9. මහානාමසුත්තං 9. මහානාම සක්ක සූත්‍රය
10. අඞ්ගසුත්තං 10. චතුරංග සූත්‍රය
6. සප්පඤ්ඤවග්ගො 6. සප්පඤ්ඤ වර්ගය
1. සගාථකසුත්තං 1. අදළිද්ද (සගාථක) සූත්‍රය
2. වස්සංවුත්ථසුත්තං 2. වස්සවුත්ථ සූත්‍රය
3. ධම්මදින්නසුත්තං 3. ධම්මදින්න සූත්‍රය
4. ගිලානසුත්තං 4. අස්සාසනිය ධම්ම (ගිලායන) සූත්‍රය
5. සොතාපත්තිඵලසුත්තං 5. සොතාපත්ති ඵල සූත්‍රය
6. සකදාගාමිඵලසුත්තං 6. සකෘදාගාමි ඵල සූත්‍රය
7. අනාගාමිඵලසුත්තං 7. අනාගාමි ඵල සූත්‍රය
8. අරහත්තඵලසුත්තං 8. අරහන්ත ඵල සූත්‍රය
9. පඤ්ඤාපටිලාභසුත්තං 9. පඤ්ඤා පටිලාභ සූත්‍රය
10. පඤ්ඤාවුද්ධිසුත්තං 10. පඤ්ඤාබුද්ධි සූත්‍රය
11. පඤ්ඤාවෙපුල්ලසුත්තං 11. පඤ්ඤාවෙපුල්ලතා සූත්‍රය
7. මහාපඤ්ඤවග්ගො 7. මහාප්‍රඥා වර්ගය
1. මහාපඤ්ඤාසුත්තං 1. මහා පඤ්ඤතා සූත්‍රය
2. පුථුපඤ්ඤාසුත්තං 2. පුථුපඤ්ඤතා සූත්‍රය
3. විපුලපඤ්ඤාසුත්තං 3. විපුලපඤ්ඤතා සූත්‍රය
4. ගම්භීරපඤ්ඤාසුත්තං 4. ගම්භිර පඤ්ඤතා සූත්‍රය
5. අප්පමත්තපඤ්ඤාසුත්තං 5. අසාමන්ත පඤ්ඤතා සූත්‍රය
6. භූරිපඤ්ඤාසුත්තං 6. භූරිපඤ්ඤතා සූත්‍රය
7. පඤ්ඤාබාහුල්ලසුත්තං 7. පඤ්ඤා බාහුල්ලතා සූත්‍රය
8. සීඝපඤ්ඤාසුත්තං 8. සීඝ පඤ්ඤතා සූත්‍රය
9. ලහුපඤ්ඤාසුත්තං 9. ලහු පඤ්ඤතා සූත්‍රය
10. හාසපඤ්ඤාසුත්තං 10. හාසු පඤ්ඤතා සූත්‍රය
11. ජවනපඤ්ඤාසුත්තං 11. ජවන පඤ්ඤතා සූත්‍රය
12. තික්ඛපඤ්ඤාසුත්තං 12. තික්ඛ පඤ්ඤතා සූත්‍රය
13. නිබ්බෙධිකපඤ්ඤාසුත්තං 13. නිබ්බෙධික පඤ්ඤතා සූත්‍රය