ත්‍රිපිටකය
11. සොතාපත්තිසංයුත්තං 11. සොතාපත්ති සංයුත්තය
1. වෙළුද්වාරවග්ගො 1. වේළුද්වාර වර්ගය
1. චක්කවත්තිරාජසුත්තං 1. චක්කවත්තිරාජ සූත්‍රය
2. බ්‍රහ්මචරියොගධසුත්තං 2. බ්‍රහ්මචරියොගධ සූත්‍රය
3. දීඝාවුඋපාසකසුත්තං 3. ආබාධික දීඝාවූ සූත්‍රය
4. පඨමසාරිපුත්තසුත්තං 4. සාරිපුත්තානන්ද සූත්‍රය
5. දුතියසාරිපුත්තසුත්තං 5. සොතාපත්තියංග සූත්‍රය
6. ථපතිසුත්තං 6. ඉසිදත්ත පුරාණ සූත්‍රය
7. වෙළුද්වාරෙය්‍යසුත්තං 7. වෙළුද්වාර සූත්‍රය
8. පඨමගිඤ්ජකාවසථසුත්තං 8. ගිඤ්ජකාවසථ සූත්‍රය
9. දුතියගිඤ්ජකාවසථසුත්තං 9. අසොක ධම්මා‘දාස සූත්‍රය
10. තතියගිඤ්ජකාවසථසුත්තං 10. කකුධ ධම්මාදාස සූත්‍රය
2. රාජකාරාමවග්ගො 2. රාජකාරාම වර්ගය
1. සහස්සභික්ඛුනිසඞ්ඝසුත්තං 1. සහස්ස භික්ඛුනී සූත්‍රය
2. බ්‍රාහ්මණසුත්තං 2. උදය ගාමිනි සූත්‍රය
3. ආනන්දත්ථෙරසුත්තං 3. ආනන්ද සොතාපත්තියංග සූත්‍රය
4. දුග්ගතිභයසුත්තං 4. දුග්ගති භය සූත්‍රය
5. දුග්ගතිවිනිපාතභයසුත්තං 5. විනිපාතභය සූත්‍රය
6. පඨමමිත්තාමච්චසුත්තං 6. පඨම මිත්තා’මච්ච සූත්‍රය
7. දුතියමිත්තාමච්චසුත්තං 7. දුතිය මිත්තා‘මච්ච සූත්‍රය
8. පඨමදෙවචාරිකසුත්තං 8. පඨම දෙවචාරිකා සූත්‍රය
9. දුතියදෙවචාරිකසුත්තං 9. දුතිය දෙවචාරිකා සූත්‍රය
10. තතියදෙවචාරිකසුත්තං 10. තතිය දෙවචාරිකා සූත්‍රය
3. සරණානිවග්ගො 3. සරකානි වර්ගය
1. පඨමමහානාමසුත්තං 1. මා භායි මහානාම සූත්‍රය
2. දුතියමහානාමසුත්තං 2. යෙන නින්න මහානාම සූත්‍රය
3. ගොධසක්කසුත්තං 3. ගොධසක්ක සූත්‍රය
4. පඨමසරණානිසක්කසුත්තං 4. පඨම සරකානි සූත්‍රය
5. දුතියසරණානිසක්කසුත්තං 5. දුතිය සරකානි සූත්‍රය
6. පඨමඅනාථපිණ්ඩිකසුත්තං 6. ආබාධික අනාථ පිණ්ඩික සූත්‍රය
1022
සාවත්ථිනිදානං . තෙන ඛො පන සමයෙන අනාථපිණ්ඩිකො ගහපති ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි - ‘‘එහි ත්වං, අම්භො පුරිස, යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කම; උපසඞ්කමිත්වා මම වචනෙන ආයස්මතො සාරිපුත්තස්ස පාදෙ සිරසා වන්ද - ‘අනාථපිණ්ඩිකො, භන්තෙ, ගහපති ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. සො ආයස්මතො සාරිපුත්තස්ස පාදෙ සිරසා වන්දතී’ති. එවඤ්ච වදෙහි - ‘සාධු කිර, භන්තෙ, ආයස්මා සාරිපුත්තො යෙන අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා’’’ති.
‘‘එවං , භන්තෙ’’ති ඛො සො පුරිසො අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස පටිස්සුත්වා යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො පුරිසො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච -
‘‘අනාථපිණ්ඩිකො, භන්තෙ, ගහපති ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. සො ආයස්මතො සාරිපුත්තස්ස පාදෙ සිරසා වන්දති. එවඤ්ච වදති - ‘සාධු කිර, භන්තෙ, ආයස්මා සාරිපුත්තො යෙන අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා’’’ති. අධිවාසෙසි ඛො ආයස්මා සාරිපුත්තො තුණ්හීභාවෙන.
අථ ඛො ආයස්මා සාරිපුත්තො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ආයස්මතා ආනන්දෙන පච්ඡාසමණෙන යෙන අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො ආයස්මා සාරිපුත්තො අනාථපිණ්ඩිකං ගහපතිං එතදවොච - ‘‘කච්චි තෙ, ගහපති, ඛමනීයං කච්චි යාපනීයං? කච්චි දුක්ඛා වෙදනා පටික්කමන්ති, නො අභික්කමන්ති; පටික්කමොසානං පඤ්ඤායති, නො අභික්කමො’’ති? ‘‘න මෙ, භන්තෙ, ඛමනීයං, න යාපනීයං. බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති, නො පටික්කමන්ති; අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමො’’ති.
‘‘යථාරූපෙන ඛො, ගහපති, බුද්ධෙ අප්පසාදෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති තථාරූපො තෙ බුද්ධෙ අප්පසාදො නත්ථි. අත්ථි ච ඛො තෙ, ගහපති, බුද්ධෙ අවෙච්චප්පසාදො - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. තඤ්ච පන තෙ බුද්ධෙ අවෙච්චප්පසාදං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්‍ය.
‘‘යථාරූපෙන ඛො, ගහපති, ධම්මෙ අප්පසාදෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපො තෙ ධම්මෙ අප්පසාදො නත්ථි. අත්ථි ච ඛො තෙ, ගහපති, ධම්මෙ අවෙච්චප්පසාදො - ස්වාක්ඛාතො භගවතා ධම්මො...පෙ.... පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති. තඤ්ච පන තෙ ධම්මෙ අවෙච්චප්පසාදං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්‍ය.
‘‘යථාරූපෙන ඛො, ගහපති, සඞ්ඝෙ අප්පසාදෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපො තෙ සඞ්ඝෙ අප්පසාදො නත්ථි. අත්ථි ච ඛො තෙ, ගහපති, සඞ්ඝෙ අවෙච්චප්පසාදො - සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති. තඤ්ච පන තෙ සඞ්ඝෙ අවෙච්චප්පසාදං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්‍ය.
‘‘යථාරූපෙන ඛො, ගහපති, දුස්සීල්‍යෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපං තෙ දුස්සීල්‍යං නත්ථි. අත්ථි ච ඛො තෙ, ගහපති, අරියකන්තානි සීලානි...පෙ.... සමාධිසංවත්තනිකානි. තානි ච පන තෙ අරියකන්තානි සීලානි අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්‍ය.
‘‘යථාරූපාය ඛො, ගහපති, මිච්ඡාදිට්ඨියා සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපා තෙ මිච්ඡාදිට්ඨි නත්ථි. අත්ථි ච ඛො තෙ, ගහපති, සම්මාදිට්ඨි. තඤ්ච පන තෙ සම්මාදිට්ඨිං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්‍ය.
‘‘යථාරූපෙන ඛො, ගහපති, මිච්ඡාසඞ්කප්පෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති , තථාරූපො තෙ මිච්ඡාසඞ්කප්පො නත්ථි. අත්ථි ච ඛො තෙ, ගහපති, සම්මාසඞ්කප්පො. තඤ්ච පන තෙ සම්මාසඞ්කප්පං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්‍ය.
‘‘යථාරූපාය ඛො, ගහපති, මිච්ඡාවාචාය සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපා තෙ මිච්ඡාවාචා නත්ථි. අත්ථි ච ඛො තෙ, ගහපති, සම්මාවාචා. තඤ්ච පන තෙ සම්මාවාචං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්‍ය.
‘‘යථාරූපෙන ඛො, ගහපති, මිච්ඡාකම්මන්තෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපො තෙ මිච්ඡාකම්මන්තො නත්ථි. අත්ථි ච ඛො තෙ, ගහපති, සම්මාකම්මන්තො. තඤ්ච පන තෙ සම්මාකම්මන්තං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්‍ය.
‘‘යථාරූපෙන ඛො, ගහපති, මිච්ඡාආජීවෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපො තෙ මිච්ඡාආජීවො නත්ථි. අත්ථි ච ඛො තෙ, ගහපති, සම්මාආජීවො. තඤ්ච පන තෙ සම්මාආජීවං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්‍ය.
‘‘යථාරූපෙන ඛො, ගහපති, මිච්ඡාවායාමෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපො තෙ මිච්ඡාවායාමො නත්ථි. අත්ථි ච ඛො තෙ, ගහපති, සම්මාවායාමො. තඤ්ච පන තෙ සම්මාවායාමං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්‍ය.
‘‘යථාරූපාය ඛො, ගහපති, මිච්ඡාසතියා සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපා තෙ මිච්ඡාසති නත්ථි. අත්ථි ච ඛො තෙ, ගහපති, සම්මාසති. තඤ්ච පන තෙ සම්මාසතිං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්‍ය.
‘‘යථාරූපෙන ඛො, ගහපති, මිච්ඡාසමාධිනා සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති , තථාරූපො තෙ මිච්ඡාසමාධි නත්ථි. අත්ථි ච ඛො තෙ, ගහපති, සම්මාසමාධි. තඤ්ච පන තෙ සම්මාසමාධිං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්‍ය.
‘‘යථාරූපෙන ඛො, ගහපති, මිච්ඡාඤාණෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපං තෙ මිච්ඡාඤාණං නත්ථි. අත්ථි ච ඛො තෙ, ගහපති, සම්මාඤාණං. තඤ්ච පන තෙ සම්මාඤාණං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්‍ය.
‘‘යථාරූපාය ඛො, ගහපති, මිච්ඡාවිමුත්තියා සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපා තෙ මිච්ඡාවිමුත්ති නත්ථි. අත්ථි ච ඛො තෙ, ගහපති, සම්මාවිමුත්ති. තඤ්ච පන තෙ සම්මාවිමුත්තිං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්‍යා’’ති.
අථ ඛො අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස ඨානසො වෙදනා පටිප්පස්සම්භිංසු. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති ආයස්මන්තඤ්ච සාරිපුත්තං ආයස්මන්තඤ්ච ආනන්දං සකෙනෙව ථාලිපාකෙන පරිවිසි. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති ආයස්මන්තං සාරිපුත්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං අඤ්ඤතරං නීචාසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං ආයස්මා සාරිපුත්තො ඉමාහි ගාථාහි අනුමොදි -
‘‘යස්ස සද්ධා තථාගතෙ, අචලා සුප්පතිට්ඨිතා;
සීලඤ්ච යස්ස කල්‍යාණං, අරියකන්තං පසංසිතං.
‘‘සඞ්ඝෙ පසාදො යස්සත්ථි, උජුභූතඤ්ච දස්සනං;
අදලිද්දොති (අදළිද්දොති (සී. ස්‍යා. කං.)) තං ආහු, අමොඝං තස්ස ජීවිතං.
‘‘තස්මා සද්ධඤ්ච සීලඤ්ච, පසාදං ධම්මදස්සනං;
අනුයුඤ්ජෙථ මෙධාවී, සරං බුද්ධානසාසන’’න්ති.
අථ ඛො ආයස්මා සාරිපුත්තො අනාථපිණ්ඩිකං ගහපතිං ඉමාහි ගාථාහි අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමි.
අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච - ‘‘හන්ද! කුතො නු ත්වං, ආනන්ද, ආගච්ඡසි දිවාදිවස්සා’’ති? ‘‘ආයස්මතා, භන්තෙ, සාරිපුත්තෙන අනාථපිණ්ඩිකො ගහපති ඉමිනා ච ඉමිනා ච ඔවාදෙන ඔවදිතො’’ති. ‘‘පණ්ඩිතො, ආනන්ද, සාරිපුත්තො; මහාපඤ්ඤො, ආනන්ද, සාරිපුත්තො, යත්‍ර හි නාම චත්තාරි සොතාපත්තියඞ්ගානි දසහාකාරෙහි විභජිස්සතී’’ති. ඡට්ඨං.
1022
මා විසින් මෙසේ අසන ලදී. එසමයෙහි වනාහි අනාථපිණ්ඩික ගෘහපති තෙම ලෙඩවූයේ දුකට පත්වූයේ බලවත් සේ ගිලන්වූයේ විය. ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපති තෙම එක්තරා පුරුෂයෙකුට කථා කෙළේය. ‘පින්වත් පුරුෂය, නුඹ මෙහි එව. ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම්තැනෙක්හිද, එතැනට යව. ගොස් මාගේ වචනයෙන් ආයුෂ්මත් සාරිපුත්‍රස්ථවිරයන් වහන්සේගේ දෙපා හිසින් වඳුව. ස්වාමීනි, අනාථපිණ්ඩික ගෘහපති තෙම රොගාතුරව දුක් සහිතව දැඩිගිලන්ව වෙසෙයි. හෙතෙම ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දෙපා සිරසින් වඳියි’ කියායි. මෙසේත් කියව. ස්වාමීනි, ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අනාථ පිණ්ඩික ගෘහපතිහුගේ ගෙදර යම් තැනෙක්හිද, එතැනට අනුකම්පා කර වඩිනසේක් නම් යහපත කියායි.
“එසේය ස්වාමීනියි කියා ඒ පුරුෂතෙම අනාථ පිණ්ඩික ගෘහපතිහට උත්තරදී ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ පුරුෂතෙම ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, අනාථපිණ්ඩික ගෘහපතිතෙම ලෙඩව දුකට පැමිණ බලවත්සේ ගිලන්ව වාසය කරයි. හෙතෙම ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ පාදයන් සිරසින් වඳියි. මෙසේත් කියයි. ස්වාමීනි ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අනාථපිණ්ඩික ගෘහපතියාගේ ගෙදර යම් තැනෙක් හිද, අනුකම්පාකර එහි වඩිනසේක් නම් යහපති” යනුයි. ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ තූෂ්ණීම් භාවයෙන් ඉවසූසේක.
“ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරතෙම උදේ කාලයෙහි හැඳ පාත්‍ර සිවුරු ගෙන, පසුව යන ශ්‍රමණයන් වශයෙන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් කැටුව අනාථපිණ්ඩික ගෘහපතිහුගේ ගෙය යම් තැනෙක්හිද එහි වැඩියේය. වැඩ, පණවනලද ආසනයෙහි වැඩ උන්නේය. වැඩ උන්නාවූ ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ අනාථ පිණ්ඩික ගෘහපතිහට මෙය කීහ.
“ගෘහපතිය, කිම නුඹට ඉවසිය හැකිද? කිම යැපිය හැකිද? කිම දුක්වේදනාවෝ සංසිඳෙත්ද? නොවැඩෙත්ද? සංසිඳෙන සැටියක් පෙනේද? වැඩීමක් නොපෙනේද?”
“ස්වාමීනි, මට ඉවසිය නොහැක. යැපිය නොහැක. මාගේ බලවත් දුක්වේදනාවෝ වැඩෙත්. නොසංසිඳෙත්. වැඩෙන සැටියක් පෙනේ. සංසිඳෙන සැටියක් නොපෙනේ.’
“ගෘහපතිය, බුදුරජාණන්වහන්සේ කෙරෙහි යම්බඳු නොපැහැදීමකින් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම වනාහි කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති, විෂමවූ වැටීම් ඇති, නරකයෙහි උපදීද තොපට එබඳුවූ ඔවුන්ගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොපැහැදීමක් නැතද ගෘහපතිය, තොපහට බුදුරජාණන් වහන්සේ කෙරෙහිවූ අචල ප්‍රසාදයක් ඇත්තේය.
“මෙසේ භාග්‍යවතුන් වහන්සේ අර්හත්ය. සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ. ලෝකවිදූහ. පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු හා සමානයහ. දෙවිමිනිසුන්ගේ ශාස්තෲහ. චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කළසේක. භාග්‍යවත්හ කියායි.
බුදුරජාණන් වහන්සේ කෙරෙහිවූ ඒ අචල ප්‍රසාදය තමා කෙරෙහි දක්නාවූ තොපගේ ඒ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
“ගෘහපතිය, ධර්මය කෙරෙහි යම්බඳුවූ නොපැහැදීමකින් යුත් අශ්‍රැතවත් පෘථග්ජනතෙම වනාහි කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති විෂමවූ වැටීම් ඇති, නරකයෙහි උපදීද තොපට එබඳුවූ ධර්මය කෙරෙහි නොපැහැදීමක් නැතද ගෘහපතිය, තොපට ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයක් ඇත්තේය.
“ධර්මයන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූවාහුය. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල් නොයවා විපාක දෙන්නේය. එව බලවයි, පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේය කියායි.
“ධර්මය කෙරෙහිවූ ඒ අචලප්‍රසාදය තමා කෙරෙහි දකින්නාවූ තොපගේ ඒ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
“ගෘහපතිය, සංඝයා කෙරෙහි යම්බඳුවූ නොපැහැදීමකින් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම වනාහි කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති, විෂමවූ වැටීම් ඇති, නරකයෙහි උපදියිද, නොපට එබඳුවූ සංඝයා කෙරෙහි නොපැහැදීමක් නැතද ගෘහපතිය, තොපට සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයක් ඇත්තේය.
“භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූ සේක. ඇඳිලි කිරීමට (වැඳීමට) සුදුසු වූයේය ලෝකයාගේ උතුම් පිංකුඹුරය” කියායි. සංඝයා කෙරෙහිවූ ඒ අචල ප්‍රසාදය තමා කෙරෙහි දකින්නාවූ තොපගේ ඒ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
“ගෘහපතිය, යම්බඳුවූ දුශ්ශීල භාවයකින් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම වනාහි කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති, විෂමවූ වැටීම් ඇති, නරකයෙහි උපදියිද තොපහට එබඳුවූ දුශ්ශීල භාවයක් නැත්තේය. ගෘහපතිය, තොපහට කඩනොවූ සිදුරු නොවූ, කබරනොවූ, කැළල් නොවූ, නිදොස්වූ, නුවණ ඇත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාවූ තෘෂ්ණාදෘෂ්ටීන් පරාමර්ෂණය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවත්නාවූ, ආර්‍ය්‍යයන් විසින් කැමතිවූ ශීලයෝ ඇත්තාහ. ඒ ආර්‍ය්‍යයන් විසින් කැමතිවූ ශීලයෝ තමා කෙරෙහි දක්නාවූ තොපගේ ඒ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
“ගෘහපතිය, යම්බඳුවූ මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්තවූ අශ්‍රැතවත් පුද්ගලතෙම කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති විෂමවූ වැටීම් ඇති නරකයෙහි උපදියිද, තොපහට එබඳුවූ මිථ්‍යාදෘෂ්ටියක් නැත. ගෘහපතිය, තොපහට සම්‍යක් දෘෂ්ටිය ඇත්තේය. ඒ සම්‍යක් දෘෂ්ටිය තමා කෙරෙහි දකින්නාවූ තොපගේ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
“ගෘහපතිය, යම්බඳුවූ මිථ්‍යාසංකල්පනාවකින් යුක්තවූ අශ්‍රැතවත් පුද්ගලතෙම වනාහි කය බිඳීමෙන් මරණින් මතු, පහවූ සැප ඇති, විෂමවූ වැටීම් ඇති නරකයෙහි උපදියි. තොපට එබඳුවූ මිථ්‍යාසංකල්පනාවක් නැත. ගෘහපතිය, තොපට සම්‍යක් සංකල්පනාව ඇත්තේය. ඒ සම්‍යක් සංකල්පනාව තමා කෙරෙහි දකින්නාවූ තොපගේ ඒ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
“ගෘහපතිය, යම්බඳුවූ මිථ්‍යාවචනයෙන් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම වනාහි කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති, විෂමවූ වැටීම් ඇති, නරකයෙහි උපදීද, තොපට එබඳුවූ මිථ්‍යාවචනයක් නැත. ගෘහපතිය, තොපහට සම්‍යක් වචනය ඇත්තේය. ඒ සම්‍යක් වචනය තමා කෙරෙහි දකින්නාවූ තොපගේ ඒ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
“ගෘහපතිය, යම්බඳුවූ මිථ්‍යා කර්මාන්තයෙන් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම වනාහි කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති, විෂමවූ වැටීම් ඇති නරකයෙහි උපදියිද තොපට එබඳුවූ මිථ්‍යා කර්මාන්තයක් නැත. ගෘහපතිය, තොපහට සම්‍යක් කර්මාන්තය ඇත්තේය. ඒ සම්‍යක් කර්මාන්තය තමා කෙරෙහි දකින්නා තොපගේ ඒ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
“ගෘහපතිය, යම් බඳුවූ මිථ්‍යා ආජීවයෙන් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම වනාහි කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති විෂමවූ වැටීම් ඇති නරකයෙහි උපදියිද තොපට එබඳුවූ මිථ්‍යා ආජීවයක් නැත්තේය. ගෘහපතිය, තොපට සම්‍යක් ආජීවය ඇත්තේය. ඒ සම්‍යක් ආජීවය තමා කෙරෙහි දකින්නාවූ තොපගේ ඒ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
“ගෘහපතිය, යම් බඳුවූ මිථ්‍යා ව්‍යායාමයෙන් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති විසමවූ වැටීම් ඇති නරකයෙහි ‘උපදියිද, තොපට එබඳුවූ මිථ්‍යා ව්‍යායාමයක් නැත්තේය ගෘහපතිය, තොපට සම්‍යක් ව්‍යායාමය ඇත්තේය. ඒ සම්‍යක් ව්‍යායාමය තමා කෙරෙහි දකින්නාවූ තොපගේ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
“ගෘහපතිය, යම්බඳුවූ මිථ්‍යා ස්මෘතියෙන් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති විසමවූ වැටීම් ඇති නරකයෙහි උපදියිද, තොපට එබඳුවූ මිථ්‍යා ස්මෘතියක් නැත. ගෘහපතිය, තොපට සම්‍යක් ස්මෘතිය ඇත්තේය. ඒ සම්‍යක් ස්මෘතිය තමා කෙරෙහි දකින්නාවූ තොපගේ ඒ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
“ගෘහපතිය, යම් බඳුවූ මිථ්‍යා සමාධියෙන් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති විසමවූ වැටීම් ඇති නරකයෙහි උපදියිද තොපට එබඳුවූ මිථ්‍යා සමාධියක් නැත්තේය. ගෘහපතිය, තොපට සම්‍යක් සමාධිය ඇත්තේය. ඒ සම්‍යක් සමාධිය තමා කෙරෙහි දකින්නාවූ තොපගේ ඒ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
“ගෘහපතිය, යම්බඳුවූ මිථ්‍යා ඥානයෙන් යුක්තවූ, අශ්‍රැතවත් පෘථග්ජනතෙම කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති, විසමවූ වැටීම් ඇති නරකයෙහි උපදියිද, තොපට එබඳුවූ, මිථ්‍යාඥානයක් නැත්තේය. ගෘහපතිය, තොපට සම්‍යක් ඥානය ඇත්තේය. ඒ සම්‍යක් ඥානය කෙරෙහි දකින්නාවූ තොපගේ ඒ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
“ගෘහපතිය, යම්බඳුවූ මිථ්‍යා විමුක්තියෙන් යුක්තවූ, අශ්‍රැතවත් පෘථග්ජනතෙම කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති, විසමවූ වැටීම් ඇති, නරකයෙහි උපදියිද, තොපට එබඳුවූ, මිථ්‍යා විමුක්තියක් නැත්තේය. ගෘහපතිය, තොපට සම්‍යක් විමුක්තිය ඇත්තේය. ඒ සම්‍යක් විමුක්තිය තමා කෙරෙහි දකින්නාවූ තොපගේ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපතිහුගේ වේදනාව ක්ෂණයකින් සංසිඳුනේය. ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපති තෙම ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද තමාගේම බත් තලියෙන් වැළඳවිය. ඉක්බිති අනාථ පිණ්ඩික ගෘහපතිතෙම වනාහි සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ වළඳා, පාත්‍රයෙන් අත පිටතට ගත් කල්හි එක්තරා පහත් ආසනයක් ගෙන එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ අනාථ පිණ්ඩික ගෘහපතිහට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන්ගෙන් අනුමෝදනා කළසේක.
“යමෙකුහට තථාගතයන් වහන්සේ කෙරෙහි අචලවූ ශ්‍රද්ධාව පිහිටියාද යහපත්වූ ආර්‍ය්‍යයන් විසින් කැමතිවන්නාවූ ප්‍රශංසා කරන ලද්දාවූ, ශීලය යමෙකුට ඇත්තේද, යමෙකුහට සංඝයා කෙරෙහි ප්‍රසාදයක් ඍජුවූ දෘෂ්ටියක් ඇත්තේද, හෙතෙම දුප්පතෙක් නොවේයයි කීහ. ඔහුගේ ජීවිතය හිස් නොවේ. එහෙයින් බුදුවරයන්ගේ අනුශාසනය සිහිකරන්නාවූ නුවණැති පුද්ගලතෙමේ ශ්‍රද්ධාවද, ශීලයද, ප්‍රසාදයද, ධර්මය දැකීමද, අනුව යෙදෙන්නේය.
ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අනාථ පිණ්ඩික ගෘහපතිහට මේ ගාථාවන්ගෙන් අනුශාසනා කොට හුනස්නෙන් නැඟිට වැඩිසේක.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ “ආනන්දය, නුඹ මේ දවල් කාලයෙහි කොහිසිට එන්නෙහිදැයි” ඇසූහ.
“ස්වාමීනි, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විසින් අනාථපිණ්ඩික ගෘහපතිතෙම මේ අවවාදයෙන් අවවාද කරන ලද්දේයයි” කීය.
“ආනන්දය, සාරිපුත්තතෙම පණ්ඩිතය, ආනන්දය, සාරිපුත්ත තෙම මහා ප්‍රාඥයෙක. යම් හෙයකින් සොතාපත්ති අංග සතර දස ආකාරයකින් බෙදන්නේද එහෙයිනි.”
7. දුතියඅනාථපිණ්ඩිකසුත්තං 7. ආනන්ද අනාථපිණ්ඩික සූත්‍රය
8. පඨමභයවෙරූපසන්තසුත්තං 8. අනාථ පිණ්ඩික වෙරභය සූත්‍රය
9. දුතියභයවෙරූපසන්තසුත්තං 9. අරියසාවක වෙරභය සූත්‍රය
10. නන්දකලිච්ඡවිසුත්තං 10. නන්දක ලිච්ඡවි සූත්‍රය
4. පුඤ්ඤාභිසන්දවග්ගො 4. පුඤ්ඤාභිසන්ද වර්ගය
1. පඨමපුඤ්ඤාභිසන්දසුත්තං 1. පුඤ්ඤාභිසන්ද සූත්‍රය (1)
2. දුතියපුඤ්ඤාභිසන්දසුත්තං 2. පුඤ්ඤාභිසන්ද සූත්‍රය (2)
3. තතියපුඤ්ඤාභිසන්දසුත්තං 3. පුඤ්ඤාභි සන්ද සූත්‍රය (3)
4. පඨමදෙවපදසුත්තං 4. දෙවපද සූත්‍රය. (1)
5. දුතියදෙවපදසුත්තං 5. දෙවපද සූත්‍රය. (2)
6. දෙවසභාගසුත්තං 6. සභාගත සූත්‍රය
7. මහානාමසුත්තං 7. මහානාම සූත්‍රය
8. වස්සසුත්තං 8. වස්සූ‘පම සූත්‍රය
9. කාළිගොධසුත්තං 9. කාලිගොධා සූත්‍රය
10. නන්දියසක්කසුත්තං 10. නන්දිය සක්ක සූත්‍රය
5. සගාථකපුඤ්ඤාභිසන්දවග්ගො 5. සගාථක පුඤ්ඤාභිසන්ද වර්ගය
1. පඨමඅභිසන්දසුත්තං 1. පඨමකුසලාභිසන්ද සූත්‍රය
2. දුතියඅභිසන්දසුත්තං 2. දුතිය කුසලාභිසන්ද සූත්‍රය
3. තතියඅභිසන්දසුත්තං 3. තතිය කුසලාභිසන්ද සූත්‍රය
4. පඨමමහද්ධනසුත්තං 4. පඨම මහද්ධන සූත්‍රය
5. දුතියමහද්ධනසුත්තං 5. දුතිය මහද්ධන සූත්‍රය
6. සුද්ධකසුත්තං 6. අරියකන්ත සූත්‍රය
7. නන්දියසුත්තං 7. නන්දිය සක්ක සූත්‍රය
8. භද්දියසුත්තං 8. භද්දිය සක්ක සූත්‍රය
9. මහානාමසුත්තං 9. මහානාම සක්ක සූත්‍රය
10. අඞ්ගසුත්තං 10. චතුරංග සූත්‍රය
6. සප්පඤ්ඤවග්ගො 6. සප්පඤ්ඤ වර්ගය
1. සගාථකසුත්තං 1. අදළිද්ද (සගාථක) සූත්‍රය
2. වස්සංවුත්ථසුත්තං 2. වස්සවුත්ථ සූත්‍රය
3. ධම්මදින්නසුත්තං 3. ධම්මදින්න සූත්‍රය
4. ගිලානසුත්තං 4. අස්සාසනිය ධම්ම (ගිලායන) සූත්‍රය
5. සොතාපත්තිඵලසුත්තං 5. සොතාපත්ති ඵල සූත්‍රය
6. සකදාගාමිඵලසුත්තං 6. සකෘදාගාමි ඵල සූත්‍රය
7. අනාගාමිඵලසුත්තං 7. අනාගාමි ඵල සූත්‍රය
8. අරහත්තඵලසුත්තං 8. අරහන්ත ඵල සූත්‍රය
9. පඤ්ඤාපටිලාභසුත්තං 9. පඤ්ඤා පටිලාභ සූත්‍රය
10. පඤ්ඤාවුද්ධිසුත්තං 10. පඤ්ඤාබුද්ධි සූත්‍රය
11. පඤ්ඤාවෙපුල්ලසුත්තං 11. පඤ්ඤාවෙපුල්ලතා සූත්‍රය
7. මහාපඤ්ඤවග්ගො 7. මහාප්‍රඥා වර්ගය
1. මහාපඤ්ඤාසුත්තං 1. මහා පඤ්ඤතා සූත්‍රය
2. පුථුපඤ්ඤාසුත්තං 2. පුථුපඤ්ඤතා සූත්‍රය
3. විපුලපඤ්ඤාසුත්තං 3. විපුලපඤ්ඤතා සූත්‍රය
4. ගම්භීරපඤ්ඤාසුත්තං 4. ගම්භිර පඤ්ඤතා සූත්‍රය
5. අප්පමත්තපඤ්ඤාසුත්තං 5. අසාමන්ත පඤ්ඤතා සූත්‍රය
6. භූරිපඤ්ඤාසුත්තං 6. භූරිපඤ්ඤතා සූත්‍රය
7. පඤ්ඤාබාහුල්ලසුත්තං 7. පඤ්ඤා බාහුල්ලතා සූත්‍රය
8. සීඝපඤ්ඤාසුත්තං 8. සීඝ පඤ්ඤතා සූත්‍රය
9. ලහුපඤ්ඤාසුත්තං 9. ලහු පඤ්ඤතා සූත්‍රය
10. හාසපඤ්ඤාසුත්තං 10. හාසු පඤ්ඤතා සූත්‍රය
11. ජවනපඤ්ඤාසුත්තං 11. ජවන පඤ්ඤතා සූත්‍රය
12. තික්ඛපඤ්ඤාසුත්තං 12. තික්ඛ පඤ්ඤතා සූත්‍රය
13. නිබ්බෙධිකපඤ්ඤාසුත්තං 13. නිබ්බෙධික පඤ්ඤතා සූත්‍රය