ත්‍රිපිටකය
11. සොතාපත්තිසංයුත්තං 11. සොතාපත්ති සංයුත්තය
1. වෙළුද්වාරවග්ගො 1. වේළුද්වාර වර්ගය
1. චක්කවත්තිරාජසුත්තං 1. චක්කවත්තිරාජ සූත්‍රය
2. බ්‍රහ්මචරියොගධසුත්තං 2. බ්‍රහ්මචරියොගධ සූත්‍රය
3. දීඝාවුඋපාසකසුත්තං 3. ආබාධික දීඝාවූ සූත්‍රය
4. පඨමසාරිපුත්තසුත්තං 4. සාරිපුත්තානන්ද සූත්‍රය
5. දුතියසාරිපුත්තසුත්තං 5. සොතාපත්තියංග සූත්‍රය
6. ථපතිසුත්තං 6. ඉසිදත්ත පුරාණ සූත්‍රය
7. වෙළුද්වාරෙය්‍යසුත්තං 7. වෙළුද්වාර සූත්‍රය
8. පඨමගිඤ්ජකාවසථසුත්තං 8. ගිඤ්ජකාවසථ සූත්‍රය
9. දුතියගිඤ්ජකාවසථසුත්තං 9. අසොක ධම්මා‘දාස සූත්‍රය
10. තතියගිඤ්ජකාවසථසුත්තං 10. කකුධ ධම්මාදාස සූත්‍රය
2. රාජකාරාමවග්ගො 2. රාජකාරාම වර්ගය
1. සහස්සභික්ඛුනිසඞ්ඝසුත්තං 1. සහස්ස භික්ඛුනී සූත්‍රය
2. බ්‍රාහ්මණසුත්තං 2. උදය ගාමිනි සූත්‍රය
3. ආනන්දත්ථෙරසුත්තං 3. ආනන්ද සොතාපත්තියංග සූත්‍රය
1009
එකං සමයං ආයස්මා ච ආනන්දො ආයස්මා ච සාරිපුත්තො සාවත්ථියං විහරන්ති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා සාරිපුත්තො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මතා ආනන්දෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං ආනන්දං එතදවොච - ‘‘කතිනං ඛො, ආවුසො ආනන්ද , ධම්මානං පහානා, කතිනං ධම්මානං සමන්නාගමනහෙතු, එවමයං පජා භගවතා බ්‍යාකතා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා’’ති? ‘‘චතුන්නං ඛො, ආවුසො, ධම්මානං පහානා, චතුන්නං ධම්මානං සමන්නාගමනහෙතු, එවමයං පජා භගවතා බ්‍යාකතා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා’’ති.
‘‘කතමෙසං චතුන්නං? යථාරූපෙන ඛො, ආවුසො, බුද්ධෙ අප්පසාදෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති තථාරූපස්ස බුද්ධෙ අප්පසාදො න හොති. යථාරූපෙන ච ඛො, ආවුසො, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො සුතවා අරියසාවකො කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති තථාරූපස්ස බුද්ධෙ අවෙච්චප්පසාදො හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’’ති.
‘‘යථාරූපෙන ච ඛො, ආවුසො, ධම්මෙ අප්පසාදෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති තථාරූපස්ස ධම්මෙ අප්පසාදො න හොති. යථාරූපෙන ච ඛො, ආවුසො, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො සුතවා අරියසාවකො කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති තථාරූපස්ස ධම්මෙ අවෙච්චප්පසාදො හොති - ස්වාක්ඛාතො භගවතා ධම්මො...පෙ.... විඤ්ඤූහීති.
‘‘යථාරූපෙන ච ඛො, ආවුසො, සඞ්ඝෙ අප්පසාදෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති තථාරූපස්ස සඞ්ඝෙ අප්පසාදො න හොති. යථාරූපෙන ච ඛො, ආවුසො, සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො සුතවා අරියසාවකො කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති තථාරූපස්ස සඞ්ඝෙ අවෙච්චප්පසාදො හොති - සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
‘‘යථාරූපෙන ච ඛො, ආවුසො, දුස්සීල්‍යෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති තථාරූපස්ස දුස්සීල්‍යං න හොති. යථාරූපෙහි ච ඛො, ආවුසො, අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො සුතවා අරියසාවකො කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති තථාරූපානි අරියකන්තානි සීලානි හොන්ති අඛණ්ඩානි...පෙ.... සමාධිසංවත්තනිකානි. ඉමෙසං ඛො, ආවුසො, චතුන්නං ධම්මානං පහානා ඉමෙසං චතුන්නං ධම්මානං සමන්නාගමනහෙතු එවමයං පජා භගවතා බ්‍යාකතා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා’’ති. තතියං.
1009
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිර තෙමේද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේද සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කෙරෙත්. ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිර තෙම සවස් කාලයෙහි විවේකයෙන් නැඟීසිටියේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් හා සමග සතුටුවිය. සතුටුවිය යුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිර තෙමේ වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙය කීයේය.
“ඇවැත් ආනන්දය, කෙතෙක් ධර්මයන් නැතිකිරීම කෙතෙක් ධර්මයන්ගෙන් යුක්තවීම හේතුකොටගෙන මෙසේ මේ ප්‍රජාව අපායෙහි වැටීමක් නැති රහත් බවට නියතවූ මතු මාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් බවට පැමිණියායි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේද?”
“ඇවැත්නි, ධර්ම සතරක් නැතිකිරීමත් ධර්ම සතරකින් යුක්තවීමත් හේතුකොටගෙන මෙසේ මේ ප්‍රජාව අපායෙහි වැටීමක් නැති රහත් බවට නියතවූ මතුමාර්ගත්‍රයට පිහිටවූ සෝවාන් බවට පැමිණියා යයි’ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. කවර සතරකින්ද? ඇවැත්නි, බුදුන් කෙරෙහි යම්බඳුවූ අප්‍රසාදයකින් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, විසම වැටීම් ඇති නිරයෙහි උපදියිද, බුදුන් කෙරෙහි ඔහුට එවැනි අප්‍රසාදයක් නැත. ඇවැත්නි, බුදුන් කෙරෙහි යම්බඳුවූ අචල ශ්‍රද්ධාවකින් යුත් ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදියිද, ඔහුට බුදුන් කෙරෙහි එවැනි නොසෙල්වෙන ප්‍රසාදයක් ඇත්තේය. මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත් වනසේක සම්‍යක්සම්බුද්ධ වන සේක. විජ්ජාචරණසම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තර පුරුසදම්මසාරථි වන සේක දෙව් මිනිසුන්ගේ ශාස්තෲ වන සේක චතුස්සත්‍යය අවබෝධ කළ සේක. භාග්‍යවත්සේකැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයි.
4 ‘ඇවැත්නි, ධර්මය කෙරෙහි යම්බඳුවූ අප්‍රසාදයෙන් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, විසම වැටීම් ඇති නිරයෙහි උපදියිද, ඔහුට ධර්මය කෙරෙහි එබඳු අප්‍රසාදයක් නැත. ඇවැත්නි, ධර්මය කෙරෙහි යම්බඳු අචල ප්‍රසාදයෙන් යුක්තවූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය බිඳීමෙන් මරණින්මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියිද. ඔහුට ධර්මය කෙරෙහි එබඳු අචල ප්‍රසාදය ඇත්තේය.
“ධර්මය තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනාකරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල්නොයවා දෙන විපාක දෙන්නේය. එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේය, කියායි.
“ඇවැත්නි, සංඝයා කෙරෙහි යම්බඳුවූ අප්‍රසාදයෙන් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති, විසම වැටීම් ඇති, නිරයෙහි උපදියිද, ඔහුට සංඝයා කෙරෙහි එබඳුවූ අප්‍රසාදය නැත්තේය ඇවැත්නි, සංඝයා කෙරෙහි යම්බඳුවූ අචලප්‍රසාදයෙන් යුක්තවූ ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදියිද ඔහුට සංඝයා කෙරෙහි එබඳු අචල ප්‍රසාදය ඇත්තේය.
“භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අට දෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැන්මට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූ සේක. ඇඳිලි කර්මයට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ පින් කෙතය, කියායි. මෙසේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේද,
“ඇවැත්නි, යම්බඳුවූ දුස්සීල බවකින් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, විසම වැටීම් ඇති නිරයෙහි උපදියිද, ඔහුට එබඳුවූ දුශ්ශීල බවක් නැත්තේය. ඇවැත්නි, යම්බඳුවූ ආර්‍ය්‍යයන් කැමති සීලයෙන් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියිද, ඒ ඔහුට නොකැඩුනාවූ, සිදුරු නොවූ, කබර නොවූ, කැළැල් නොවූ, දොස් නොවූ, නුවණැත්තන් විසින් පසස්නා ලද්දාවූ තෘෂ්ණාදෘෂ්ටීන් විසින් පරාමර්ෂණය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවත්නාවූ ආර්‍ය්‍යයන් කැමති සීලය ඇත්තේ වෙයි.
“ඇවැත්නි, මේ සතර ධර්මයන් නැතිකිරීම හා මේ සතර ධර්මයන්ගෙන් යුක්තවීම හේතුකොට ගෙන මෙසේ මේ ප්‍රජාව වනාහි අපායෙහි වැටෙන ස්වභාව නැත්තාවූ, රහත් බවට නියතවූ මතු මාර්ගත්‍රයට පැමිණීම ඒකාන්තවූ සෝවාන් බවට පැමිණියේයයි” භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී.
4. දුග්ගතිභයසුත්තං 4. දුග්ගති භය සූත්‍රය
5. දුග්ගතිවිනිපාතභයසුත්තං 5. විනිපාතභය සූත්‍රය
6. පඨමමිත්තාමච්චසුත්තං 6. පඨම මිත්තා’මච්ච සූත්‍රය
7. දුතියමිත්තාමච්චසුත්තං 7. දුතිය මිත්තා‘මච්ච සූත්‍රය
8. පඨමදෙවචාරිකසුත්තං 8. පඨම දෙවචාරිකා සූත්‍රය
9. දුතියදෙවචාරිකසුත්තං 9. දුතිය දෙවචාරිකා සූත්‍රය
10. තතියදෙවචාරිකසුත්තං 10. තතිය දෙවචාරිකා සූත්‍රය
3. සරණානිවග්ගො 3. සරකානි වර්ගය
1. පඨමමහානාමසුත්තං 1. මා භායි මහානාම සූත්‍රය
2. දුතියමහානාමසුත්තං 2. යෙන නින්න මහානාම සූත්‍රය
3. ගොධසක්කසුත්තං 3. ගොධසක්ක සූත්‍රය
4. පඨමසරණානිසක්කසුත්තං 4. පඨම සරකානි සූත්‍රය
5. දුතියසරණානිසක්කසුත්තං 5. දුතිය සරකානි සූත්‍රය
6. පඨමඅනාථපිණ්ඩිකසුත්තං 6. ආබාධික අනාථ පිණ්ඩික සූත්‍රය
7. දුතියඅනාථපිණ්ඩිකසුත්තං 7. ආනන්ද අනාථපිණ්ඩික සූත්‍රය
8. පඨමභයවෙරූපසන්තසුත්තං 8. අනාථ පිණ්ඩික වෙරභය සූත්‍රය
9. දුතියභයවෙරූපසන්තසුත්තං 9. අරියසාවක වෙරභය සූත්‍රය
10. නන්දකලිච්ඡවිසුත්තං 10. නන්දක ලිච්ඡවි සූත්‍රය
4. පුඤ්ඤාභිසන්දවග්ගො 4. පුඤ්ඤාභිසන්ද වර්ගය
1. පඨමපුඤ්ඤාභිසන්දසුත්තං 1. පුඤ්ඤාභිසන්ද සූත්‍රය (1)
2. දුතියපුඤ්ඤාභිසන්දසුත්තං 2. පුඤ්ඤාභිසන්ද සූත්‍රය (2)
3. තතියපුඤ්ඤාභිසන්දසුත්තං 3. පුඤ්ඤාභි සන්ද සූත්‍රය (3)
4. පඨමදෙවපදසුත්තං 4. දෙවපද සූත්‍රය. (1)
5. දුතියදෙවපදසුත්තං 5. දෙවපද සූත්‍රය. (2)
6. දෙවසභාගසුත්තං 6. සභාගත සූත්‍රය
7. මහානාමසුත්තං 7. මහානාම සූත්‍රය
8. වස්සසුත්තං 8. වස්සූ‘පම සූත්‍රය
9. කාළිගොධසුත්තං 9. කාලිගොධා සූත්‍රය
10. නන්දියසක්කසුත්තං 10. නන්දිය සක්ක සූත්‍රය
5. සගාථකපුඤ්ඤාභිසන්දවග්ගො 5. සගාථක පුඤ්ඤාභිසන්ද වර්ගය
1. පඨමඅභිසන්දසුත්තං 1. පඨමකුසලාභිසන්ද සූත්‍රය
2. දුතියඅභිසන්දසුත්තං 2. දුතිය කුසලාභිසන්ද සූත්‍රය
3. තතියඅභිසන්දසුත්තං 3. තතිය කුසලාභිසන්ද සූත්‍රය
4. පඨමමහද්ධනසුත්තං 4. පඨම මහද්ධන සූත්‍රය
5. දුතියමහද්ධනසුත්තං 5. දුතිය මහද්ධන සූත්‍රය
6. සුද්ධකසුත්තං 6. අරියකන්ත සූත්‍රය
7. නන්දියසුත්තං 7. නන්දිය සක්ක සූත්‍රය
8. භද්දියසුත්තං 8. භද්දිය සක්ක සූත්‍රය
9. මහානාමසුත්තං 9. මහානාම සක්ක සූත්‍රය
10. අඞ්ගසුත්තං 10. චතුරංග සූත්‍රය
6. සප්පඤ්ඤවග්ගො 6. සප්පඤ්ඤ වර්ගය
1. සගාථකසුත්තං 1. අදළිද්ද (සගාථක) සූත්‍රය
2. වස්සංවුත්ථසුත්තං 2. වස්සවුත්ථ සූත්‍රය
3. ධම්මදින්නසුත්තං 3. ධම්මදින්න සූත්‍රය
4. ගිලානසුත්තං 4. අස්සාසනිය ධම්ම (ගිලායන) සූත්‍රය
5. සොතාපත්තිඵලසුත්තං 5. සොතාපත්ති ඵල සූත්‍රය
6. සකදාගාමිඵලසුත්තං 6. සකෘදාගාමි ඵල සූත්‍රය
7. අනාගාමිඵලසුත්තං 7. අනාගාමි ඵල සූත්‍රය
8. අරහත්තඵලසුත්තං 8. අරහන්ත ඵල සූත්‍රය
9. පඤ්ඤාපටිලාභසුත්තං 9. පඤ්ඤා පටිලාභ සූත්‍රය
10. පඤ්ඤාවුද්ධිසුත්තං 10. පඤ්ඤාබුද්ධි සූත්‍රය
11. පඤ්ඤාවෙපුල්ලසුත්තං 11. පඤ්ඤාවෙපුල්ලතා සූත්‍රය
7. මහාපඤ්ඤවග්ගො 7. මහාප්‍රඥා වර්ගය
1. මහාපඤ්ඤාසුත්තං 1. මහා පඤ්ඤතා සූත්‍රය
2. පුථුපඤ්ඤාසුත්තං 2. පුථුපඤ්ඤතා සූත්‍රය
3. විපුලපඤ්ඤාසුත්තං 3. විපුලපඤ්ඤතා සූත්‍රය
4. ගම්භීරපඤ්ඤාසුත්තං 4. ගම්භිර පඤ්ඤතා සූත්‍රය
5. අප්පමත්තපඤ්ඤාසුත්තං 5. අසාමන්ත පඤ්ඤතා සූත්‍රය
6. භූරිපඤ්ඤාසුත්තං 6. භූරිපඤ්ඤතා සූත්‍රය
7. පඤ්ඤාබාහුල්ලසුත්තං 7. පඤ්ඤා බාහුල්ලතා සූත්‍රය
8. සීඝපඤ්ඤාසුත්තං 8. සීඝ පඤ්ඤතා සූත්‍රය
9. ලහුපඤ්ඤාසුත්තං 9. ලහු පඤ්ඤතා සූත්‍රය
10. හාසපඤ්ඤාසුත්තං 10. හාසු පඤ්ඤතා සූත්‍රය
11. ජවනපඤ්ඤාසුත්තං 11. ජවන පඤ්ඤතා සූත්‍රය
12. තික්ඛපඤ්ඤාසුත්තං 12. තික්ඛ පඤ්ඤතා සූත්‍රය
13. නිබ්බෙධිකපඤ්ඤාසුත්තං 13. නිබ්බෙධික පඤ්ඤතා සූත්‍රය