ත්‍රිපිටකය
11. සොතාපත්තිසංයුත්තං 11. සොතාපත්ති සංයුත්තය
1. වෙළුද්වාරවග්ගො 1. වේළුද්වාර වර්ගය
1. චක්කවත්තිරාජසුත්තං 1. චක්කවත්තිරාජ සූත්‍රය
2. බ්‍රහ්මචරියොගධසුත්තං 2. බ්‍රහ්මචරියොගධ සූත්‍රය
3. දීඝාවුඋපාසකසුත්තං 3. ආබාධික දීඝාවූ සූත්‍රය
4. පඨමසාරිපුත්තසුත්තං 4. සාරිපුත්තානන්ද සූත්‍රය
5. දුතියසාරිපුත්තසුත්තං 5. සොතාපත්තියංග සූත්‍රය
6. ථපතිසුත්තං 6. ඉසිදත්ත පුරාණ සූත්‍රය
7. වෙළුද්වාරෙය්‍යසුත්තං 7. වෙළුද්වාර සූත්‍රය
1003
එවං මෙ සුතං - එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන වෙළුද්වාරං නාම කොසලානං බ්‍රාහ්මණගාමො තදවසරි. අස්සොසුං ඛො තෙ වෙළුද්වාරෙය්‍යකා බ්‍රාහ්මණගහපතිකා - ‘‘සමණො ඛලු, භො, ගොතමො සක්‍යපුත්තො සක්‍යකුලා පබ්බජිතො කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං වෙළුද්වාරං අනුප්පත්තො. තං ඛො පන භවන්තං ගොතමං එවං කල්‍යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා (භගවාති (සී. ස්‍යා. කං. පී.)). සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමණබ්‍රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙති’. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී’’ති.
අථ ඛො තෙ වෙළුද්වාරෙය්‍යකා බ්‍රාහ්මණගහපතිකා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා අප්පෙකච්චෙ භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතා සද්ධිං සම්මොදිංසු; සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතො සන්තිකෙ නාමගොත්තං සාවෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ තුණ්හීභූතා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ වෙළුද්වාරෙය්‍යකා බ්‍රාහ්මණගහපතිකා භගවන්තං එතදවොචුං - ‘‘මයං, භො ගොතම, එවංකාමා එවංඡන්දා එවංඅධිප්පායා - පුත්තසම්බාධසයනං අජ්ඣාවසෙය්‍යාම, කාසිකචන්දනං පච්චනුභවෙය්‍යාම, මාලාගන්ධවිලෙපනං ධාරෙය්‍යාම, ජාතරූපරජතං සාදියෙය්‍යාම, කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්‍යාම. තෙසං නො භවං ගොතමො අම්හාකං එවංකාමානං එවංඡන්දානං එවංඅධිප්පායානං තථා ධම්මං දෙසෙතු යථා මයං පුත්තසම්බාධසයනං අජ්ඣාවසෙය්‍යාම...පෙ.... සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්‍යාමා’’ති.
‘‘අත්තූපනායිකං වො, ගහපතයො, ධම්මපරියායං දෙසෙස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ; භාසිස්සාමී’’ති. ‘‘එවං, භො’’ති ඛො තෙ වෙළුද්වාරෙය්‍යකා බ්‍රාහ්මණගහපතිකා භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘කතමො ච, ගහපතයො, අත්තුපනායිකො ධම්මපරියායො? ඉධ, ගහපතයො, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති - ‘අහං ඛොස්මි ජීවිතුකාමො අමරිතුකාමො සුඛකාමො දුක්ඛප්පටිකූලො. යො ඛො මං ජීවිතුකාමං අමරිතුකාමං සුඛකාමං දුක්ඛප්පටිකූලං ජීවිතා වොරොපෙය්‍ය, න මෙතං අස්ස පියං මනාපං. අහඤ්චෙව ඛො පන පරං ජීවිතුකාමං අමරිතුකාමං සුඛකාමං දුක්ඛප්පටිකූලං ජීවිතා වොරොපෙය්‍යං, පරස්සපි තං අස්ස අප්පියං අමනාපං. යො ඛො ම්‍යායං ධම්මො අප්පියො අමනාපො, පරස්ස පෙසො ධම්මො අප්පියො අමනාපො. යො ඛො ම්‍යායං ධම්මො අප්පියො අමනාපො, කථාහං පරං තෙන සංයොජෙය්‍ය’න්ති! සො ඉති පටිසඞ්ඛාය අත්තනා ච පාණාතිපාතා පටිවිරතො හොති, පරඤ්ච පාණාතිපාතා වෙරමණියා සමාදපෙති, පාණාතිපාතා වෙරමණියා ච වණ්ණං භාසති. එවමස්සායං කායසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.
‘‘පුන චපරං, ගහපතයො, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති - ‘යො ඛො මෙ අදින්නං ථෙය්‍යසඞ්ඛාතං ආදියෙය්‍ය, න මෙතං අස්ස පියං මනාපං. අහඤ්චෙව ඛො පන පරස්ස අදින්නං ථෙය්‍යසඞ්ඛාතං ආදියෙය්‍යං, පරස්සපි තං අස්ස අප්පියං අමනාපං. යො ඛො ම්‍යායං ධම්මො අප්පියො අමනාපො, පරස්ස පෙසො ධම්මො අප්පියො අමනාපො. යො ඛො ම්‍යායං ධම්මො අප්පියො අමනාපො, කථාහං පරං තෙන සංයොජෙය්‍ය’න්ති ! සො ඉති පටිසඞ්ඛාය අත්තනා ච අදින්නාදානා පටිවිරතො හොති, පරඤ්ච අදින්නාදානා වෙරමණියා සමාදපෙති, අදින්නාදානා වෙරමණියා ච වණ්ණං භාසති. එවමස්සායං කායසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.
‘‘පුන චපරං, ගහපතයො, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති - ‘යො ඛො මෙ දාරෙසු චාරිත්තං ආපජ්ජෙය්‍ය, න මෙතං අස්ස පියං මනාපං. අහඤ්චෙව ඛො පන පරස්ස දාරෙසු චාරිත්තං ආපජ්ජෙය්‍යං, පරස්සපි තං අස්ස අප්පියං අමනාපං. යො ඛො ම්‍යායං ධම්මො අප්පියො අමනාපො, පරස්ස පෙසො ධම්මො අප්පියො අමනාපො. යො ඛො ම්‍යායං ධම්මො අප්පියො අමනාපො, කථාහං පරං තෙන සංයොජෙය්‍ය’න්ති! සො ඉති පටිසඞ්ඛාය අත්තනා ච කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති, පරඤ්ච කාමෙසුමිච්ඡාචාරා වෙරමණියා සමාදපෙති, කාමෙසුමිච්ඡාචාරා වෙරමණියා ච වණ්ණං භාසති. එවමස්සායං කායසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.
‘‘පුන චපරං, ගහපතයො, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති - ‘යො ඛො මෙ මුසාවාදෙන අත්ථං භඤ්ජෙය්‍ය, න මෙතං අස්ස පියං මනාපං. අහඤ්චෙව ඛො පන පරස්ස මුසාවාදෙන අත්ථං භඤ්ජෙය්‍යං, පරස්සපි තං අස්ස අප්පියං අමනාපං. යො ඛො ම්‍යායං ධම්මො අප්පියො අමනාපො, පරස්ස පෙසො ධම්මො අප්පියො අමනාපො. යො ඛො ම්‍යායං ධම්මො අප්පියො අමනාපො, කථාහං පරං තෙන සංයොජෙය්‍ය’න්ති! සො ඉති පටිසඞ්ඛාය අත්තනා ච මුසාවාදා පටිවිරතො හොති, පරඤ්ච මුසාවාදා වෙරමණියා සමාදපෙති, මුසාවාදා වෙරමණියා ච වණ්ණං භාසති. එවමස්සායං වචීසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.
‘‘පුන චපරං, ගහපතයො, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති - යො ඛො මං පිසුණාය වාචාය මිත්තෙ භින්දෙය්‍ය (මිත්තෙහි භෙදෙය්‍ය (ස්‍යා. කං. පී. ක.)), න මෙතං අස්ස පියං මනාපං. අහඤ්චෙව ඛො පන පරං පිසුණාය වාචාය මිත්තෙ භින්දෙය්‍යං, පරස්සපි තං අස්ස අප්පියං අමනාපං...පෙ.... එවමස්සායං වචීසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.
‘‘පුන චපරං, ගහපතයො, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති - යො ඛො මං ඵරුසාය වාචාය සමුදාචරෙය්‍ය, න මෙතං අස්ස පියං මනාපං. අහඤ්චෙව ඛො පන පරං ඵරුසාය වාචාය සමුදාචරෙය්‍යං, පරස්සපි තං අස්ස අප්පියං අමනාපං. යො ඛො ම්‍යායං ධම්මො...පෙ.... එවමස්සායං වචීසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.
‘‘පුන චපරං, ගහපතයො, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති - ‘යො ඛො මං සම්ඵභාසෙන සම්ඵප්පලාපභාසෙන සමුදාචරෙය්‍ය, න මෙතං අස්ස පියං මනාපං. අහඤ්චෙව ඛො පන පරං සම්ඵභාසෙන සම්ඵප්පලාපභාසෙන සමුදාචරෙය්‍යං, පරස්සපි තං අස්ස අප්පියං අමනාපං. යො ඛො ම්‍යායං ධම්මො අප්පියො අමනාපො, පරස්ස පෙසො ධම්මො අප්පියො අමනාපො. යො ඛො ම්‍යායං ධම්මො අප්පියො අමනාපො, කථාහං පරං තෙන සංයොජෙය්‍ය’න්ති! සො ඉති පටිසඞ්ඛාය අත්තනා ච සම්ඵප්පලාපා පටිවිරතො හොති , පරඤ්ච සම්ඵප්පලාපා වෙරමණියා සමාදපෙති, සම්ඵප්පලාපා වෙරමණියා ච වණ්ණං භාසති. එවමස්සායං වචීසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.
‘‘සො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති; ධම්මෙ ...පෙ.... සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති. අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි...පෙ.... සමාධිසංවත්තනිකෙහි. යතො ඛො, ගහපතයො, අරියසාවකො ඉමෙහි සත්තහි සද්ධම්මෙහි (ධම්මෙහි (සී.)) සමන්නාගතො හොති ඉමෙහි චතූහි ආකඞ්ඛියෙහි ඨානෙහි, සො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්‍යාකරෙය්‍ය - ‘ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනි (ඛීණතිරච්ඡානයොනියො (සී. ස්‍යා. කං. පී.), ඛීණතිරච්ඡානයොනිකො (ක.)) ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො, සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’’’ති.
එවං වුත්තෙ වෙළුද්වාරෙය්‍යකා බ්‍රාහ්මණගහපතිකා භගවන්තං එතදවොචුං - ‘‘අභික්කන්තං, භො ගොතම...පෙ.... එතෙ මයං භවන්තං ගොතමං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකෙ නො භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතෙ (පාණුපෙතං (ක.)) සරණං ගතෙ’’ති. සත්තමං.
1003
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් නුවර චාරිකාවෙහි හැසිරෙනසේක් මහත්වූ භික්ෂු සංඝයා සමග කොසොල් රට වෙළුද්වාර නම් බමුණුගම යම් තැනෙක්හිද, එතැනට වැඩිසේක. වෙළුද්වාර ගම්වාසී බ්‍රාහ්මණ ගෘහපතියෝ ශාක්‍යපුත්‍රවූ ශාක්‍යකුලයෙන් පැවිදිවූ, ශ්‍රමණ භවත් ගෞතමතෙම මහත්වූ භික්ෂු සංඝයා සමග කොසොල්රට චාරිකාවෙහි වඩින්නේ වෙළුද්වාර ගමට පැමිණියේයයි ඇසුවාහුය.
ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මෙවැනි යහපත් වූ කීර්ති ඝෝෂාවක් උස්ව පැනනැංගේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ අර්හත් වනසේක. සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ. ලෝකවිදූහ. පුරුෂයන් දමනය කිරීමෙහි තමහට වඩා උතුම් කෙනෙක් නැතියහ. දෙවිමිනිසුන්හට ශාස්තෲ වනසේක. බුද්ධයහ. භාග්‍යවත් වන සේක. උන්වහන්සේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මහණ බමුණන් සහිත, දෙවිමිනිසුන් සහිත මේ සත්ව ප්‍රජාව තෙමේම දැන, ප්‍රත්‍යක්ෂකොට දේශනා කරනසේක. උන්වහන්සේ මුල යහපත් වූ, මැද යහපත් වූ, අග යහපත්වූ අර්ථ සහිතවූ ව්‍යඤ්ජන සහිතවූ, ධර්මය දේශනා කරනසේක. මුළුමනින් සම්පූර්ණවූ, පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරනසේක. එවැනි රහතුන්ගේ දැකීම වනාහි යහපත් වේයයි සිතූහ.
ඉක්බිති වෙළුද්වාර ගම්වාසී බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය පැමිණ ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වූවාහුය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එක් පසෙක හුන්නාහුය. ඇතැම්කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිළිබැඳ හිඳගත්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි (තමන්ගේ) නම් ගොත් කියා එක්පසෙක හුන්නාහුය. ඇතැම් කෙනෙක් නිශ්ශබ්දව එක් පසෙක හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ වෙළුද්වාර ගම්වාසී බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය.
“භවත් ගෞතමයන් වහන්ස, අපි ගිහිගෙයි වෙසෙන්නෙමු. කසීසලු සහ සඳුන්සුවඳ පරිභොග කරන්නෙමු මල් ගඳ විලවුන් දරන්නෙමු. රන් රිදී මසු කහවණු ඉවසන්නෙමු. (ඒ අපි) කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගතිඇති ස්වර්ගලෝකයෙහි උපදින්නෙමු යන කැමැත්ත ඇත්තෝ ඡන්දය ඇත්තෝ, අභිප්‍රාය ඇත්තෝ වෙමු. මෙසේ කැමැත්තා වූ, මෙසේ ඡන්දය ඇත්තාවූ මෙසේ අභිප්‍රාය ඇත්තාවූ ඒ අපට යම් සේ ගිහිගෙයින් වසන්නෙමුද, කසීසලු සහ සඳුන් සුවඳත් පරිභොග කරන්නෙමුද, මල් ගඳ විලවුනුත් දරන්නෙමුද, රන්රිදී මසු කහවණුත් ඉවසන්නෙමුද, කයබිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහිත් උපදින්නෙමුද එවැනි ධර්මයක් අපට දේශනාකරන සේක්වා.”
“ගෘහපතියෙනි, තොපට තමා කෙරෙහි පමුණුවා දතයුතු ධර්ම ක්‍රමයක් දේශනා කරන්නෙමි එය අසව්. මනා කොට මෙනෙහි කරව්. දෙසනා කරන්නෙම්.”-“එසේය, පින්වතුන් වහන්සැයි” වෙළුද්වාර ගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නාහුය. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
“ගෘහපතියෙනි, තමා කෙරෙහි පමුණුවා දැනගතයුතු ධර්ම ක්‍රමය කවරේද? ගෘහපතියෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම මෙසේ සිතයි. ‘මම වනාහි ජීවත්වෙනු කැමැත්තේ, නො මැරෙනු කැමැත්තේ, සැප කැමැත්තේ වෙමි’ දුක් පිළිකුල් කරන්නෙමි.
‘යමෙක් වනාහි ජීවත්වෙනු කැමති, නොමැරෙනු කැමති, සැප කැමති දුක් පිළිකුල් කරන මා ජීවිතයෙන් තොර කරන්නේද, එය මට අප්‍රිය වෙයි. මනාප නොවෙයි. මම ජීවත්වෙනු කැමැත්තාවූ, නොමැරෙනු කැමැත්තාවූ, සැප කැමැත්තාවූ, දුක් පිළිකුල් කරන්නාවූ, අන්‍යයෙකු ජීවිතයෙන් තොර කරන්නෙම්ද, අන්‍යයාටත් එය අප්‍රිය වෙයි අමනාපවෙයි. යම් මේ ධර්මයක් තෙම මට අප්‍රිය අමනාපවේද, එය අනුන්ටත් ඒ ධර්මය අප්‍රිය වෙයි. අමනාප වෙයි. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රියවේද, අමනාපවේද, කෙසේ මම අනිකෙකු ඒ හා සම්බන්ධ කෙරෙම්ද’ යනුවෙනි. හෙතෙම මෙසේ සලකා තමාද ප්‍රාණඝාතයෙන් වෙන්වූයේ වෙයි. අනුන්ද ප්‍රාණඝාතයෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. ප්‍රාණඝාතයෙන් වෙන්වීමෙහි ගුණද කියයි. මෙසේ ඔහුගේ මේ කායික පැවැත්ම තුන් ආකාරයකින් පිරිසිදු වූයේ වෙයි.
“නැවතද ගෘහපතියෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම මෙසේ කල්පනා කෙරෙයි. ‘යමෙක් වනාහි මා සතු නුදුන් දෙයක් සොරෙන් පැහැර ගනීද, එය මට ප්‍රිය නොවෙයි. මනාප නොවෙයි. මමද අන්සතු නුදුන් දෙයක් සොරෙන් පැහැර ගන්නෙම්ද, එය අනුන්හටද ප්‍රිය නොවෙයි. මනාප නොවෙයි. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රිය වෙයිද, අමනාප වෙයිද, අනුන්ටත් ඒ ධර්මය අප්‍රිය වෙයි. අමනාප වෙයි. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රියවේද, අමනාප වෙයිද, මම කෙසේ අනිකකු ඒ හා සම්බන්ධ කෙරෙම්ද?’ යනුවෙනි. හෙතෙම මෙසේ සලකා තමාද හොරකමින් වැලකුණේ වෙයි. අනුන්ද හොරකමින් වැලකීමෙහි සමාදන් කරවයි. හොරකමින් වෙන්වීමෙහි ගුණද කියයි. ඔහුගේ මේ කාය සමාචාරය මෙසේ තුන් ආකාරයකින් පිරිසිදු වූයේ වෙයි.
“නැවතද ගෘහපතියෙනි, ආර්‍ය්‍යශ්‍රාවකතෙම මෙසේ කල්පනා කෙරෙයි. ‘යමෙක් වනාහි මාගේ ස්ත්‍රින් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නේද, එය මට ප්‍රිය නොවෙයි. මනාප නොවෙයි. මමද අනුන්ගේ ස්ත්‍රීන් කෙරෙහි හැසිරෙන්නෙම්ද එය අනුන්ටත් ප්‍රිය නොවේ. මනාප නොවේ. යම් මේ ධර්මයක් මට අප්‍රියද අමනාපද ඒ ධර්මය වනාහි අනුන්ටත් අප්‍රිය වෙයි. අමනාප වෙයි. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රියවේද අමනාප වේද, මම කෙසේ අනිකෙකු ඒ හා සම්බන්ධ කෙරෙම්ද?” කියායි. හෙතෙම මෙසේ සලකා, තෙමේද කාමයන්හි වරදවා හැසිරීමෙන් වැලකුණේ වෙයි. අනුන්ද කාමයන්හි වරදවා හැසිරීමෙන් වැලකීමෙහි සමාදන් කරවයි. කාමයන්හි වරදවා හැසිරීමෙන් වැලකීමෙහි ගුණද කියයි. ඔහුගේ මේ කාය සමාචාරය මෙසේ තුන් ආකාරයකින් පිරිසිදු වූයේ වෙයි.
“නැවතද ගෘහපතියෙනි, ආර්‍ය්‍යශ්‍රාවක තෙම මෙසේ කල්පනා කෙරෙයි. ‘යමෙක් වනාහි බොරු කීමෙන් මාගේ අර්ථය බිඳින්නේද, එය මට ප්‍රිය නොවෙයි. මනාප නොවෙයි. මමද අනුන්ගේ අර්ථය බොරු කීමෙන් බිඳින්නෙම්ද, එය අනුන්ටත් අප්‍රිය වෙයි. අමනාප වෙයි. යම් මේ ධර්මයක් මට අප්‍රියවේද, අමනාප වේද, ඒ ධර්මය අනුන්ටත් අප්‍රිය වෙයි. අමනාප වෙයි. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රියද අමනාපද මම කෙසේ අනිකෙකු ඒ හා සම්බන්ධ කෙරෙම්ද?’ යනුවෙනි. හෙතෙම මෙසේ කල්පනා කොට, තමාද බොරුකීමෙන් වෙන්වූයේ වෙයි. අනුන්ද බොරු කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. බොරු කීමෙන් වෙන් වීමෙහි ගුණද කියයි. ඔහුගේ වචනයේ පැවැත්ම මෙසේ තුන්ආකාරයකින් පිරිසිදුවූයේ වෙයි.
“නැවතද ගෘහපතියෙනි, ආර්‍ය්‍යශ්‍රාවක තෙම මෙසේ කල්පනා කෙරෙයි. ‘යමෙක් වනාහි කේලාම් කියා මාගේ මිතුරන් බිඳින්නේද එය මට ප්‍රිය නොවෙයි. මනාප නොවෙයි. මමද කේලාම් කියා අනුන්ගේ මිතුරන් බිඳින්නෙම් නම් එය අනුන්ටද ප්‍රිය නොවෙයි. මනාප නොවෙයි. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රියද අමනාපද ඒ ධර්මය අනුන්ටත් අප්‍රියවෙයි. අමනාප වෙයි. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රියද අමනාපද මම අනිකෙකු කෙසේ ඒ හා සම්බන්ධ කරන්නෙම්ද?” යනුවෙනි. හෙතෙම මෙසේ කල්පනා කොට, තමාද කේලාම් කීමෙන් වෙන්වූයේ වෙයි. අනුන්ද කේලාම් කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. කේලාම් කීමෙන් වෙන්වීමෙහි ගුණද කියයි. මෙසේ ඔහුගේ වචනයේ පැවැත්ම තුන්ආකාරයකින් පිරිසිදුවූයේ වෙයි.
“නැවතද ගෘහපතියෙනි, ආර්‍ය්‍යශ්‍රාවක තෙම මෙසේ කල්පනා කෙරෙයි. ‘යමෙක් වනාහි මට ඵරුස වචනයෙන් ගටා බණින්නේද එය මට ප්‍රිය නොවේ. මනාප නොවේ. මමද ඵරුස බසින් අනුන්ට ගටා බණින්නෙම් නම් එය අනුන්ටද ප්‍රිය නොවේ මනාප නොවේ. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රියද අමනාපද ඒ ධර්මය අනුන්ටත් අප්‍රිය වෙයි. අමනාප වෙයි. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රියද අමනාපද මම අනිකකු ඒහා කෙසේ සම්බන්ධ කරවන්නෙම්ද?’ කියායි. හෙතෙම මෙසේ කල්පනාකොට තමාද ඵරුස වචනයෙන් වෙන්වූයේ වෙයි. අනුන්ද ඵරුස වචනයෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි ඵරුස වචනයෙන් වෙන්වීමෙහි ගුණද කියයි. මෙසේ ඔහුගේ වචනයේ පැවැත්ම තුන්ආකාරයකින් පිරිසිදුවූයේ වෙයි.
“නැවතද ගෘහපතියෙනි, ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ කල්පනා කෙරෙයි. ‘යමෙක් වනාහි මට හිස් වචන කියන්නේද එය මට ප්‍රිය නොවෙයි. මනාප නොවෙයි. මමද අනුන්ට හිස්වචන කියන්නෙම් නම් එය අනුන්ටද ප්‍රියනොවේ මනාප නොවෙයි. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රියද අමනාපද ඒ ධර්මය අනුන්ටත් අප්‍රිය වෙයි, අමනාප වෙයි. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රියද අමනාපද මම එහි අනිකකු කෙසේ සම්බන්ධ කරවන්නෙම්ද? කියායි. හෙතෙම මෙසේ කල්පනාකොට තමාද හිස් වචන කීමෙන් වෙන්වූයේ වෙයි. අනුන්ද හිස් වචන කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. හිස් වචන කීමෙන් වෙන්වීමෙහි ගුණද කියයි මෙසේ ඔහුගේ වචනයේ පැවැත්ම තුන් ආකාරයකින් පිරිසිදුවූයේ වෙයි.
“හෙතෙම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූවාහුය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විජ්ජාචරණ සම්පන්නයහ, සුගතයහ, ලොකවිදූහ, පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු හා සමානයහ, දෙවිමිනිසුන්ගේ ශාස්තෲහ, චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කළසේක, භාග්‍යවත්හ කියායි.
“ධර්මය කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්ත වූවාහුය. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල් නොයවා විපාක දෙන්නේය. එව බලවයි, පෙන්විය හැකිගුණ ඇත්තේය තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්ත වූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේය කියායි.
“සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූවාහුය. භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්‍රතිත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරු බුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙළ කළ දෙය පිළිගැනීමට සුදුසු වූසේක. ඇඳිලි කිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පිං කුඹුරය, කියායි.
“ගෘහපතියෙනි, යම් තැනක සිට ආර්‍ය්‍යශ්‍රාවක තෙම වනාහි මේ ධර්ම සතෙන් යුක්ත වන්නේද හෙතෙම කැමතිවන්නේ මේ කැමැති වන්නාවූ කරුණු සතරින් තෙමේම තමහට ප්‍රකාශකරන්නේය කෙසේද? මම ක්ෂය කළ නිරය ඇත්තේ වෙමි. ක්ෂය කළ තිරිසන් අපාය ඇත්තේ වෙමි. ක්ෂය කළ ප්‍රේතවිෂය ඇත්තේවෙමි. ක්ෂය කළ නපුරු ගති ඇති, විසම වැටීම් ඇති අපාය ඇත්තේ වෙමි. අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බව නියතවූ, රහත් බව පිහිට කොට සෝවාන්වූවෙක් වෙමි’ කියායි.
මෙසේ වදාළ කල්හි වෙළුද්වාර ගම්වාසී බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු හෝ කෙරේද, සැඟවූවක් විවෘත හෝ කෙරේද මංමුළාවූවෙකුට මාර්ගය හෝ කියයිද, ඇස්ඇත්තෝ රූප දකිත්වායි, අන්ධකාරයෙහි තෙල් පහනක් හෝ දරාද, එපරිද්දෙන් භවත් ගෞතමයන්වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්මය දේශනා කරනලදී. ස්වාමීනි, අපද අද පටන් දිවිහිමියෙන් භාග්‍යවතුන් වහන්සේද ධර්මයද සංඝයාද සරණ යමු. භවත් ගෞතමයන් වහන්සේ දිවිහිමිකොට සරණ ගිය උපාසකයන් කොට අප දරණ සේක්වා.”
8. පඨමගිඤ්ජකාවසථසුත්තං 8. ගිඤ්ජකාවසථ සූත්‍රය
9. දුතියගිඤ්ජකාවසථසුත්තං 9. අසොක ධම්මා‘දාස සූත්‍රය
10. තතියගිඤ්ජකාවසථසුත්තං 10. කකුධ ධම්මාදාස සූත්‍රය
2. රාජකාරාමවග්ගො 2. රාජකාරාම වර්ගය
1. සහස්සභික්ඛුනිසඞ්ඝසුත්තං 1. සහස්ස භික්ඛුනී සූත්‍රය
2. බ්‍රාහ්මණසුත්තං 2. උදය ගාමිනි සූත්‍රය
3. ආනන්දත්ථෙරසුත්තං 3. ආනන්ද සොතාපත්තියංග සූත්‍රය
4. දුග්ගතිභයසුත්තං 4. දුග්ගති භය සූත්‍රය
5. දුග්ගතිවිනිපාතභයසුත්තං 5. විනිපාතභය සූත්‍රය
6. පඨමමිත්තාමච්චසුත්තං 6. පඨම මිත්තා’මච්ච සූත්‍රය
7. දුතියමිත්තාමච්චසුත්තං 7. දුතිය මිත්තා‘මච්ච සූත්‍රය
8. පඨමදෙවචාරිකසුත්තං 8. පඨම දෙවචාරිකා සූත්‍රය
9. දුතියදෙවචාරිකසුත්තං 9. දුතිය දෙවචාරිකා සූත්‍රය
10. තතියදෙවචාරිකසුත්තං 10. තතිය දෙවචාරිකා සූත්‍රය
3. සරණානිවග්ගො 3. සරකානි වර්ගය
1. පඨමමහානාමසුත්තං 1. මා භායි මහානාම සූත්‍රය
2. දුතියමහානාමසුත්තං 2. යෙන නින්න මහානාම සූත්‍රය
3. ගොධසක්කසුත්තං 3. ගොධසක්ක සූත්‍රය
4. පඨමසරණානිසක්කසුත්තං 4. පඨම සරකානි සූත්‍රය
5. දුතියසරණානිසක්කසුත්තං 5. දුතිය සරකානි සූත්‍රය
6. පඨමඅනාථපිණ්ඩිකසුත්තං 6. ආබාධික අනාථ පිණ්ඩික සූත්‍රය
7. දුතියඅනාථපිණ්ඩිකසුත්තං 7. ආනන්ද අනාථපිණ්ඩික සූත්‍රය
8. පඨමභයවෙරූපසන්තසුත්තං 8. අනාථ පිණ්ඩික වෙරභය සූත්‍රය
9. දුතියභයවෙරූපසන්තසුත්තං 9. අරියසාවක වෙරභය සූත්‍රය
10. නන්දකලිච්ඡවිසුත්තං 10. නන්දක ලිච්ඡවි සූත්‍රය
4. පුඤ්ඤාභිසන්දවග්ගො 4. පුඤ්ඤාභිසන්ද වර්ගය
1. පඨමපුඤ්ඤාභිසන්දසුත්තං 1. පුඤ්ඤාභිසන්ද සූත්‍රය (1)
2. දුතියපුඤ්ඤාභිසන්දසුත්තං 2. පුඤ්ඤාභිසන්ද සූත්‍රය (2)
3. තතියපුඤ්ඤාභිසන්දසුත්තං 3. පුඤ්ඤාභි සන්ද සූත්‍රය (3)
4. පඨමදෙවපදසුත්තං 4. දෙවපද සූත්‍රය. (1)
5. දුතියදෙවපදසුත්තං 5. දෙවපද සූත්‍රය. (2)
6. දෙවසභාගසුත්තං 6. සභාගත සූත්‍රය
7. මහානාමසුත්තං 7. මහානාම සූත්‍රය
8. වස්සසුත්තං 8. වස්සූ‘පම සූත්‍රය
9. කාළිගොධසුත්තං 9. කාලිගොධා සූත්‍රය
10. නන්දියසක්කසුත්තං 10. නන්දිය සක්ක සූත්‍රය
5. සගාථකපුඤ්ඤාභිසන්දවග්ගො 5. සගාථක පුඤ්ඤාභිසන්ද වර්ගය
1. පඨමඅභිසන්දසුත්තං 1. පඨමකුසලාභිසන්ද සූත්‍රය
2. දුතියඅභිසන්දසුත්තං 2. දුතිය කුසලාභිසන්ද සූත්‍රය
3. තතියඅභිසන්දසුත්තං 3. තතිය කුසලාභිසන්ද සූත්‍රය
4. පඨමමහද්ධනසුත්තං 4. පඨම මහද්ධන සූත්‍රය
5. දුතියමහද්ධනසුත්තං 5. දුතිය මහද්ධන සූත්‍රය
6. සුද්ධකසුත්තං 6. අරියකන්ත සූත්‍රය
7. නන්දියසුත්තං 7. නන්දිය සක්ක සූත්‍රය
8. භද්දියසුත්තං 8. භද්දිය සක්ක සූත්‍රය
9. මහානාමසුත්තං 9. මහානාම සක්ක සූත්‍රය
10. අඞ්ගසුත්තං 10. චතුරංග සූත්‍රය
6. සප්පඤ්ඤවග්ගො 6. සප්පඤ්ඤ වර්ගය
1. සගාථකසුත්තං 1. අදළිද්ද (සගාථක) සූත්‍රය
2. වස්සංවුත්ථසුත්තං 2. වස්සවුත්ථ සූත්‍රය
3. ධම්මදින්නසුත්තං 3. ධම්මදින්න සූත්‍රය
4. ගිලානසුත්තං 4. අස්සාසනිය ධම්ම (ගිලායන) සූත්‍රය
5. සොතාපත්තිඵලසුත්තං 5. සොතාපත්ති ඵල සූත්‍රය
6. සකදාගාමිඵලසුත්තං 6. සකෘදාගාමි ඵල සූත්‍රය
7. අනාගාමිඵලසුත්තං 7. අනාගාමි ඵල සූත්‍රය
8. අරහත්තඵලසුත්තං 8. අරහන්ත ඵල සූත්‍රය
9. පඤ්ඤාපටිලාභසුත්තං 9. පඤ්ඤා පටිලාභ සූත්‍රය
10. පඤ්ඤාවුද්ධිසුත්තං 10. පඤ්ඤාබුද්ධි සූත්‍රය
11. පඤ්ඤාවෙපුල්ලසුත්තං 11. පඤ්ඤාවෙපුල්ලතා සූත්‍රය
7. මහාපඤ්ඤවග්ගො 7. මහාප්‍රඥා වර්ගය
1. මහාපඤ්ඤාසුත්තං 1. මහා පඤ්ඤතා සූත්‍රය
2. පුථුපඤ්ඤාසුත්තං 2. පුථුපඤ්ඤතා සූත්‍රය
3. විපුලපඤ්ඤාසුත්තං 3. විපුලපඤ්ඤතා සූත්‍රය
4. ගම්භීරපඤ්ඤාසුත්තං 4. ගම්භිර පඤ්ඤතා සූත්‍රය
5. අප්පමත්තපඤ්ඤාසුත්තං 5. අසාමන්ත පඤ්ඤතා සූත්‍රය
6. භූරිපඤ්ඤාසුත්තං 6. භූරිපඤ්ඤතා සූත්‍රය
7. පඤ්ඤාබාහුල්ලසුත්තං 7. පඤ්ඤා බාහුල්ලතා සූත්‍රය
8. සීඝපඤ්ඤාසුත්තං 8. සීඝ පඤ්ඤතා සූත්‍රය
9. ලහුපඤ්ඤාසුත්තං 9. ලහු පඤ්ඤතා සූත්‍රය
10. හාසපඤ්ඤාසුත්තං 10. හාසු පඤ්ඤතා සූත්‍රය
11. ජවනපඤ්ඤාසුත්තං 11. ජවන පඤ්ඤතා සූත්‍රය
12. තික්ඛපඤ්ඤාසුත්තං 12. තික්ඛ පඤ්ඤතා සූත්‍රය
13. නිබ්බෙධිකපඤ්ඤාසුත්තං 13. නිබ්බෙධික පඤ්ඤතා සූත්‍රය