ත්‍රිපිටකය
11. සොතාපත්තිසංයුත්තං 11. සොතාපත්ති සංයුත්තය
1. වෙළුද්වාරවග්ගො 1. වේළුද්වාර වර්ගය
1. චක්කවත්තිරාජසුත්තං 1. චක්කවත්තිරාජ සූත්‍රය
2. බ්‍රහ්මචරියොගධසුත්තං 2. බ්‍රහ්මචරියොගධ සූත්‍රය
3. දීඝාවුඋපාසකසුත්තං 3. ආබාධික දීඝාවූ සූත්‍රය
999
එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන දීඝාවු උපාසකො ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො දීඝාවු උපාසකො පිතරං ජොතිකං ගහපතිං ආමන්තෙසි - ‘‘එහි ත්වං, ගහපති, යෙන භගවා තෙනුපසඞ්කම; උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්ද - ‘දීඝාවු, භන්තෙ , උපාසකො ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. සො භගවතො පාදෙ සිරසා වන්දතී’ති. එවඤ්ච වදෙහි - ‘සාධු කිර, භන්තෙ, භගවා යෙන දීඝාවුස්ස උපාසකස්ස නිවෙසනං තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා’’’ති. ‘‘එවං, තාතා’’ති ඛො ජොතිකො ගහපති දීඝාවුස්ස උපාසකස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජොතිකො ගහපති භගවන්තං එතදවොච - ‘‘දීඝාවු, භන්තෙ, උපාසකො ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො . සො භගවතො පාදෙ සිරසා වන්දති. එවඤ්ච වදෙති - ‘සාධු කිර, භන්තෙ, භගවා යෙන දීඝාවුස්ස උපාසකස්ස නිවෙසනං තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා’’’ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
අථ ඛො භගවා නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන දීඝාවුස්ස උපාසකස්ස නිවෙසනං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා දීඝාවුං උපාසකං එතදවොච - ‘‘කච්චි තෙ, දීඝාවු, ඛමනීයං, කච්චි යාපනීයං? කච්චි දුක්ඛා වෙදනා පටික්කමන්ති, නො අභික්කමන්ති; පටික්කමොසානං පඤ්ඤායති, නො අභික්කමො’’ති? ‘‘න මෙ, භන්තෙ, ඛමනීයං, න යාපනීයං. බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති, නො පටික්කමන්ති; අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමො’’ති. ‘‘තස්මාතිහ තෙ, දීඝාවු, එවං සික්ඛිතබ්බං - ‘බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො භවිස්සාමි - ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො භවිස්සාමි අඛණ්ඩෙහි...පෙ.... සමාධිසංවත්තනිකෙහි’. එවඤ්හි තෙ, දීඝාවු, සික්ඛිතබ්බ’’න්ති.
‘‘යානිමානි, භන්තෙ, භගවතා චත්තාරි සොතාපත්තියඞ්ගානි දෙසිතානි, සංවිජ්ජන්තෙ තෙ ධම්මා මයි, අහඤ්ච තෙසු ධම්මෙසු සන්දිස්සාමි. අහඤ්හි, භන්තෙ, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො අඛණ්ඩෙහි...පෙ.... සමාධිසංවත්තනිකෙහී’’ති . ‘‘තස්මාතිහ ත්වං, දීඝාවු, ඉමෙසු චතූසු සොතාපත්තියඞ්ගෙසු පතිට්ඨාය ඡ විජ්ජාභාගියෙ ධම්මෙ උත්තරි භාවෙය්‍යාසි. ඉධ ත්වං, දීඝාවු, සබ්බසඞ්ඛාරෙසු අනිච්චානුපස්සී විහරාහි, අනිච්චෙ දුක්ඛසඤ්ඤී, දුක්ඛෙ අනත්තසඤ්ඤී පහානසඤ්ඤී විරාගසඤ්ඤී නිරොධසඤ්ඤීති. එවඤ්හි තෙ, දීඝාවු, සික්ඛිතබ්බ’’න්ති.
‘‘යෙමෙ, භන්තෙ, භගවතා ඡ විජ්ජාභාගියා ධම්මා දෙසිතා, සංවිජ්ජන්තෙ තෙ ධම්මා මයි, අහඤ්ච තෙසු ධම්මෙසු සන්දිස්සාමි. අහඤ්හි, භන්තෙ, සබ්බසඞ්ඛාරෙසු අනිච්චානුපස්සී විහරාමි, අනිච්චෙ දුක්ඛසඤ්ඤී, දුක්ඛෙ අනත්තසඤ්ඤී පහානසඤ්ඤී විරාගසඤ්ඤී නිරොධසඤ්ඤී. අපි ච මෙ, භන්තෙ, එවං හොති - ‘මා හෙවායං ජොතිකො ගහපති මමච්චයෙන විඝාතං ආපජ්ජී’’’ති (ආපජ්ජති (ක.)). ‘‘මා ත්වං, තාත දීඝාවු, එවං මනසාකාසි. ඉඞ්ඝ ත්වං, තාත දීඝාවු, යදෙව තෙ භගවා ආහ, තදෙව ත්වං සාධුකං මනසි කරොහී’’ති.
අථ ඛො භගවා දීඝාවුං උපාසකං ඉමිනා ඔවාදෙන ඔවදිත්වා උට්ඨායාසනා පක්කාමි. අථ ඛො දීඝාවු උපාසකො අචිරපක්කන්තස්ස භගවතො කාලමකාසි. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං - ‘‘යො සො, භන්තෙ, දීඝාවු නාම උපාසකො භගවතා සංඛිත්තෙන ඔවාදෙන ඔවදිතො සො කාලඞ්කතො. තස්ස කා ගති, කො අභිසම්පරායො’’ති? ‘‘පණ්ඩිතො, භික්ඛවෙ, දීඝාවු උපාසකො, පච්චපාදි (අහොසි සච්චවාදී (ස්‍යා. කං. පී. ක.)) ධම්මස්සානුධම්මං, න ච මං ධම්මාධිකරණං (න ච ධම්මාධිකරණං (ස්‍යා. කං. පී. ක.)) විහෙසෙසි (විහෙඨෙසි (ඉතිපි අඤ්ඤත්ථ)). දීඝාවු, භික්ඛවෙ, උපාසකො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා’’ති. තතියං.
999
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම් ලත් උණවනයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි දීඝාවූ උපාසකතෙම රෝගාතුරවූයේ, දුකට පත්වූයේ, දැඩි ගිලන් වූයේ වෙයි. ඉක්බිති දීඝාවූ උපාසක තෙම පියාවන ජොතික නම් ගහපතියාහට කථාකොට මෙසේ කීය.
[2] “ගහපතිය, ඔබ මෙහි එනු මැනවි. භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි යනු මැනව ගොස් ‘ස්වාමීනි, දීඝාවූ උපාසකතෙම රෝගාතුරවූයේ, දුකටපත්වූයේ, දැඩි ගිලන්වූයේ වෙයි. හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයන් සිරසින් වඳීයයි’ කියා මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදය සිරසින් වඳිනු මැනවි (වැඳ) මෙසේත් කියන්න. ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දීඝාවූ උපාසකයාගේ ගෙදර යම් තැනෙක්හිද අනුකම්පා උපදවා එතැන්හි වඩිනසේක් නම් හොඳය’ කියායි.”
[3] “දරුව එසේයයි” ජොතිය ගෘහපතිතෙම දීඝාවූ උපාසකයාහට පිළිතුරුදී, භාග්‍යවතුන්වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි ගියේය. ගොස් භාග්‍යවතුන්වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ජොතිය ගහපති තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ස්වාමීනි, දීඝාවූ උපාසකතෙම රෝගාතුරවූයේ, දුකට පත්වූයේ දැඩි ගිලන්වූයේ වෙයි. හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳියි. මෙසේත් කියයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දීඝාවූ උපාසකයාගේ ගෙදර යම් තැනෙක්හිද අනුකම්පා උපදවා එතැන්හි වඩිනසේක්නම් හොඳය’ කියායි.”
[4] “භාග්‍යවතුන් වහන්සේ එය නිශ්ශබ්ද භාවයෙන් ඉවසූසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැඳ, පාත්‍ර සිවුරු ගෙන, දීඝාවූ උපාසකයාගේ ගෙදර යම්තැනෙක්හිද එතැන්හි වැඩිසේක. වැඩ, පණවන ලද ආසනයෙහි වැඩ සිටිසේක. වැඩ හුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දීඝාවූ උපාසකයාහට මෙය වදාළසේක.
“කිම, දීඝාවූ, නුඹට ඉවසිය හැකිද? කිම, යැපිය හැකිද? කිම, දුක් වේදනාවෝ සංසිඳෙත්ද? නොවැඩෙත්ද? සංසිඳෙන බවක් පෙනේද? වැඩෙන බවක් නොපෙනේද?’
“ස්වාමීනි, මට ඉවසිය නොහැක. යැපිය නොහැක. මාගේ බලවත්වූ දුක් වේදනාවෝ නොසංසිඳෙත්. වැඩෙන බව පෙනෙත්. සංසිඳෙන බවක් නොපෙනේයයි කීය. දීඝාවූ, එසේ නම් මෙහිදී නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි.
[5] “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අර්හත්වන සේක. සම්‍යක් සම්බුද්ධවන සේක. විද්‍යාචරණසම්පන්නවන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තර පුරිසදම්ම සාරථි වන සේක දෙවි මිනිසුන්ගේ ශාස්තෲ වන සේක. චතුස්සත්‍යය අවබෝධකළ සේක. භාග්‍යවත් සේකැයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද, මෙසේ වනාහි හික්මිය යුතු වන්නේය.
“භාග්‍යවතුන්වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය, කල් නොයවා දෙන විපාක දෙන්නේය. එව බලවයි, පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තළා එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේයයි මෙසේ ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයිද, මෙසේ වනාහි හික්මිය යුතු වන්නේය.
“භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය, ගරු බුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අට දෙනෙක් වෙත්ද? මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසුවූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැන්මට සුදුසුවූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූසේක. ඇඳිලි කිරීම (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පින් කුඹුරය. මෙසේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේද, මෙසේ වනාහි හික්මිය යුතු වන්නේය.
[6] (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 7 වෙනි ඡේදය මෙනි.)
[7] “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සොතා පත්තියංග ධර්ම සතරක් දේශනා කරන ලද්දාහුද ඒ ධර්මයෝ මා කෙරෙහි ඇත්තාහුය. ඒ ධර්මයන්හි මම දකිනු ලබමි. ස්වාමීනි, මම වනාහි ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අර්හත් වන සේක. විද්‍යාචරණසම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූවන සේක. අනුත්තර පුරිසදම්ම සාරථි වන සේක. දෙවි මිනිසුන්ගේ ශාස්තෲවන සේක. චතුස්සත්‍යය අවබෝධකළ සේක භාග්‍යවත්සේකැයි බුදුරජාණන්වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද,
“ධර්මයතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ලද ඵල ඇත්තේය. කල් නොයවා දෙන විපාක දෙන්නේය. එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේයයි මෙසේ ධර්මයෙහි නොසෙල් වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද,
“භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම (ශාසන ප්‍රතිපත්තියෙහි) මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරු බුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අට දෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසුවූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැන්මට සුදුසුවූයේය, කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූසේක. ඇඳිලි කිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පින් කුඹුරය. මෙසේ සංඝා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේද,
[8] “දීඝාවූ, එසේනම් මෙහිදී නුඹ මේ සතර සෝතාපත්ති අංගයන්හි පිහිටා මතු හය වැදෑරුම් විජ්ජාභාගීය ධර්මයන් වඩව. දීඝාවූ, නුඹ මෙහිදී සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍යය අනුව බලමින් අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව ඇතිව දුකෙහි අනාත්ම සංඥා පහාණ සංඥා ඇතිව විරාග සංඥා ඇතිව නිරෝධ සංඥා ඇතිව වාසය කරව දීඝාවූ මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුවන්නේය.
[9] “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම් මේ විජ්ජාභාගීය ධර්මයෝ සය දෙනෙක් දේශනා කරන ලද්දාහුද, ඒ ධර්මයෝ මා කෙරෙහි ඇත්තාහුය. මම ඒ ධර්මයන්හි දකිනු ලබමි. ස්වාමීනි, මම වනාහි සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍යය අනුව බලමින්, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව ඇතිව දුකෙහි අනාත්ම සංඥාව ඇතිව, පහාණ සංඥාව ඇතිව, විරාග සංඥා ඇතිව, නිරෝධ සංඥා ඇතිව වාසය කරමි. ස්වාමීනි, එතකුදුවුවත් මට මෙසේ සිතේ. මේ ජොතිය ගහපතිතෙම මාගේ මරණයෙන් පසු දුකට පත් නොවේවායි” කියායි.
[10] “දරුව, දීඝාවූ, නුඹ මෙසේ නොසිතව. දරුව දීඝාවූ, යමක් භාග්‍යවතුන්වහන්සේ වදාළේනම් නුඹ එයම මනාකොට මෙනෙහි කරව. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දීඝාවූ උපාසකයාහට මේ අවවාදයෙන් අවවාදකොට හුනස්නෙන් නැඟිට වැඩිසේක ඉක්බිති දීඝාවූ උපාසකතෙම භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් කළුරිය කෙළේය.
[11] එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නාහුය. එක්පසක හුන්නාවූ ඒ භික්ෂූහු වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කෙටි අවවාදයකින් අවවාද කරන ලද්දාවූ යම් ඒ දීඝාවූ නම් උපාසකයෙක් වූයේද, හෙතෙම කළුරිය කෙළේය. ඔහුට කිනම් ගතියක්වීද පරලොව කුමක්ද?” යනුයි.
[12] “මහණෙනි, දීඝාවූ උපාසකතෙම පණ්ඩිතයෙක් විය. ලොකොත්තර ධර්මයට අනුකූල ධර්මයෙහි පිළිපැද්දේය. ධර්මාවබොධය කරුණුකොට මා නොවෙහෙසවිය. දීඝාවූ උපාසකතෙම ඔරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් ඒ බඹලොව පිරිනිවෙන්නාවූ ඒ ලෝකයෙන් නැවත ආපසු නොඑන්නාවූ ඔපපාතිකයෙක් වන්නේයයි’ වදාළේය.
4. පඨමසාරිපුත්තසුත්තං 4. සාරිපුත්තානන්ද සූත්‍රය
5. දුතියසාරිපුත්තසුත්තං 5. සොතාපත්තියංග සූත්‍රය
6. ථපතිසුත්තං 6. ඉසිදත්ත පුරාණ සූත්‍රය
7. වෙළුද්වාරෙය්‍යසුත්තං 7. වෙළුද්වාර සූත්‍රය
8. පඨමගිඤ්ජකාවසථසුත්තං 8. ගිඤ්ජකාවසථ සූත්‍රය
9. දුතියගිඤ්ජකාවසථසුත්තං 9. අසොක ධම්මා‘දාස සූත්‍රය
10. තතියගිඤ්ජකාවසථසුත්තං 10. කකුධ ධම්මාදාස සූත්‍රය
2. රාජකාරාමවග්ගො 2. රාජකාරාම වර්ගය
1. සහස්සභික්ඛුනිසඞ්ඝසුත්තං 1. සහස්ස භික්ඛුනී සූත්‍රය
2. බ්‍රාහ්මණසුත්තං 2. උදය ගාමිනි සූත්‍රය
3. ආනන්දත්ථෙරසුත්තං 3. ආනන්ද සොතාපත්තියංග සූත්‍රය
4. දුග්ගතිභයසුත්තං 4. දුග්ගති භය සූත්‍රය
5. දුග්ගතිවිනිපාතභයසුත්තං 5. විනිපාතභය සූත්‍රය
6. පඨමමිත්තාමච්චසුත්තං 6. පඨම මිත්තා’මච්ච සූත්‍රය
7. දුතියමිත්තාමච්චසුත්තං 7. දුතිය මිත්තා‘මච්ච සූත්‍රය
8. පඨමදෙවචාරිකසුත්තං 8. පඨම දෙවචාරිකා සූත්‍රය
9. දුතියදෙවචාරිකසුත්තං 9. දුතිය දෙවචාරිකා සූත්‍රය
10. තතියදෙවචාරිකසුත්තං 10. තතිය දෙවචාරිකා සූත්‍රය
3. සරණානිවග්ගො 3. සරකානි වර්ගය
1. පඨමමහානාමසුත්තං 1. මා භායි මහානාම සූත්‍රය
2. දුතියමහානාමසුත්තං 2. යෙන නින්න මහානාම සූත්‍රය
3. ගොධසක්කසුත්තං 3. ගොධසක්ක සූත්‍රය
4. පඨමසරණානිසක්කසුත්තං 4. පඨම සරකානි සූත්‍රය
5. දුතියසරණානිසක්කසුත්තං 5. දුතිය සරකානි සූත්‍රය
6. පඨමඅනාථපිණ්ඩිකසුත්තං 6. ආබාධික අනාථ පිණ්ඩික සූත්‍රය
7. දුතියඅනාථපිණ්ඩිකසුත්තං 7. ආනන්ද අනාථපිණ්ඩික සූත්‍රය
8. පඨමභයවෙරූපසන්තසුත්තං 8. අනාථ පිණ්ඩික වෙරභය සූත්‍රය
9. දුතියභයවෙරූපසන්තසුත්තං 9. අරියසාවක වෙරභය සූත්‍රය
10. නන්දකලිච්ඡවිසුත්තං 10. නන්දක ලිච්ඡවි සූත්‍රය
4. පුඤ්ඤාභිසන්දවග්ගො 4. පුඤ්ඤාභිසන්ද වර්ගය
1. පඨමපුඤ්ඤාභිසන්දසුත්තං 1. පුඤ්ඤාභිසන්ද සූත්‍රය (1)
2. දුතියපුඤ්ඤාභිසන්දසුත්තං 2. පුඤ්ඤාභිසන්ද සූත්‍රය (2)
3. තතියපුඤ්ඤාභිසන්දසුත්තං 3. පුඤ්ඤාභි සන්ද සූත්‍රය (3)
4. පඨමදෙවපදසුත්තං 4. දෙවපද සූත්‍රය. (1)
5. දුතියදෙවපදසුත්තං 5. දෙවපද සූත්‍රය. (2)
6. දෙවසභාගසුත්තං 6. සභාගත සූත්‍රය
7. මහානාමසුත්තං 7. මහානාම සූත්‍රය
8. වස්සසුත්තං 8. වස්සූ‘පම සූත්‍රය
9. කාළිගොධසුත්තං 9. කාලිගොධා සූත්‍රය
10. නන්දියසක්කසුත්තං 10. නන්දිය සක්ක සූත්‍රය
5. සගාථකපුඤ්ඤාභිසන්දවග්ගො 5. සගාථක පුඤ්ඤාභිසන්ද වර්ගය
1. පඨමඅභිසන්දසුත්තං 1. පඨමකුසලාභිසන්ද සූත්‍රය
2. දුතියඅභිසන්දසුත්තං 2. දුතිය කුසලාභිසන්ද සූත්‍රය
3. තතියඅභිසන්දසුත්තං 3. තතිය කුසලාභිසන්ද සූත්‍රය
4. පඨමමහද්ධනසුත්තං 4. පඨම මහද්ධන සූත්‍රය
5. දුතියමහද්ධනසුත්තං 5. දුතිය මහද්ධන සූත්‍රය
6. සුද්ධකසුත්තං 6. අරියකන්ත සූත්‍රය
7. නන්දියසුත්තං 7. නන්දිය සක්ක සූත්‍රය
8. භද්දියසුත්තං 8. භද්දිය සක්ක සූත්‍රය
9. මහානාමසුත්තං 9. මහානාම සක්ක සූත්‍රය
10. අඞ්ගසුත්තං 10. චතුරංග සූත්‍රය
6. සප්පඤ්ඤවග්ගො 6. සප්පඤ්ඤ වර්ගය
1. සගාථකසුත්තං 1. අදළිද්ද (සගාථක) සූත්‍රය
2. වස්සංවුත්ථසුත්තං 2. වස්සවුත්ථ සූත්‍රය
3. ධම්මදින්නසුත්තං 3. ධම්මදින්න සූත්‍රය
4. ගිලානසුත්තං 4. අස්සාසනිය ධම්ම (ගිලායන) සූත්‍රය
5. සොතාපත්තිඵලසුත්තං 5. සොතාපත්ති ඵල සූත්‍රය
6. සකදාගාමිඵලසුත්තං 6. සකෘදාගාමි ඵල සූත්‍රය
7. අනාගාමිඵලසුත්තං 7. අනාගාමි ඵල සූත්‍රය
8. අරහත්තඵලසුත්තං 8. අරහන්ත ඵල සූත්‍රය
9. පඤ්ඤාපටිලාභසුත්තං 9. පඤ්ඤා පටිලාභ සූත්‍රය
10. පඤ්ඤාවුද්ධිසුත්තං 10. පඤ්ඤාබුද්ධි සූත්‍රය
11. පඤ්ඤාවෙපුල්ලසුත්තං 11. පඤ්ඤාවෙපුල්ලතා සූත්‍රය
7. මහාපඤ්ඤවග්ගො 7. මහාප්‍රඥා වර්ගය
1. මහාපඤ්ඤාසුත්තං 1. මහා පඤ්ඤතා සූත්‍රය
2. පුථුපඤ්ඤාසුත්තං 2. පුථුපඤ්ඤතා සූත්‍රය
3. විපුලපඤ්ඤාසුත්තං 3. විපුලපඤ්ඤතා සූත්‍රය
4. ගම්භීරපඤ්ඤාසුත්තං 4. ගම්භිර පඤ්ඤතා සූත්‍රය
5. අප්පමත්තපඤ්ඤාසුත්තං 5. අසාමන්ත පඤ්ඤතා සූත්‍රය
6. භූරිපඤ්ඤාසුත්තං 6. භූරිපඤ්ඤතා සූත්‍රය
7. පඤ්ඤාබාහුල්ලසුත්තං 7. පඤ්ඤා බාහුල්ලතා සූත්‍රය
8. සීඝපඤ්ඤාසුත්තං 8. සීඝ පඤ්ඤතා සූත්‍රය
9. ලහුපඤ්ඤාසුත්තං 9. ලහු පඤ්ඤතා සූත්‍රය
10. හාසපඤ්ඤාසුත්තං 10. හාසු පඤ්ඤතා සූත්‍රය
11. ජවනපඤ්ඤාසුත්තං 11. ජවන පඤ්ඤතා සූත්‍රය
12. තික්ඛපඤ්ඤාසුත්තං 12. තික්ඛ පඤ්ඤතා සූත්‍රය
13. නිබ්බෙධිකපඤ්ඤාසුත්තං 13. නිබ්බෙධික පඤ්ඤතා සූත්‍රය