11. සොතාපත්තිසංයුත්තං | 11. සොතාපත්ති සංයුත්තය |
1. වෙළුද්වාරවග්ගො | 1. වේළුද්වාර වර්ගය |
1. චක්කවත්තිරාජසුත්තං | 1. චක්කවත්තිරාජ සූත්‍රය |
997
සාවත්ථිනිදානං
‘‘කතමෙහි චතූහි? ඉධ
|
997
[1] මා විසින් මෙසේ අසනලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේ පිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
[2] “මහණෙනි, හුදෙක් සක්විති රජතෙම සතර මහාද්වීපයට අධිපති වූ, රාජ්‍යය කරවා කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ගලෝකයෙහි උපදියිද, තව්තිසා දෙවියන් හා එක්වීමට පැමිණෙයිද ඒ සක්විති රජතෙම ඒ දෙව්ලොවදී දෙවඟනන් විසින් පිරිවරන ලද්දේ දිව්‍යමය වූ පඤ්චකාම ගුණයෙන් සම්පූර්ණවූයේ යුක්තවූයේ ඉන්ද්රියයන් පිනවයිද එහෙත් හෙතෙම ධර්ම සතරකින් යුක්තවූයේ නොවෙයි, එහෙයින් ඒ සක්විති රජ තෙම වනාහි නිරයෙන් නො මිදුනේම වෙයි. තිරිසන් යෝනියෙන් නො මිදුණේම වෙයි. ප්‍රෙත විෂයෙන් නොමිදුණේම වෙයි. නපුරු ගති ඇති, විසම වැටීම් ඇති අපායෙන් නො මිදුණේ වෙයි.
[3] ‘මහණෙනි, හුදෙක් ආර්‍ය්‍යශ්‍රාවකතෙම පිණ්ඩපාතයෙන් යැපෙයිද, කඩරෙදි දරයිද, එහෙත් හෙතෙම ධර්ම සතරකින් යුක්තවූයේ වෙයි, එහෙයින් ඒ ආර්‍ය්‍යශ්‍රාවකතෙම වනාහි නිරයෙන් මිදුණේ වෙයි. තිරිසන් යෝනියෙන් මිදුණේ වෙයි. ප්‍රේත විෂයෙන් මිදුණේ වෙයි. නපුරු ගති ඇති, විසමවූ වැටීම් ඇති අපායෙන් මිදුණේ වෙයි.
[4] “කවර සතරකින්ද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම, ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අර්හත් වෙන සේක, සම්‍යක් සම්බුද්ධ වනසේක, විජ්ජාචරණ සම්පන්න වනසේක. සුගත වනසේක, ලෝකවිදූ වනසේක. අනුත්තර පුරිසදම්මසාරථි වනසේක. දෙවි මිනිසුන්ගේ ශාස්තෲ වනසේක. චතුස්සත්‍යය අවබෝධ කළසේක. භාග්‍යවත් වනසේකැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද,
[5] “ධර්මය තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල්නොයවා විපාක දෙන්නේය. එව බලවයි පෙන්වියහැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩියයුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුත්තේයයි මෙසේ ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද,
[6] “භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිස යුගසතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙළකළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූ සේක. ඇඳිළිකිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පින් කෙතය. මෙසේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද,
[7] “නොකැඩුනාවූ, සිදුරු නොවූ, කබර නොවූ කැළල් නොවූ නිදහස්වූ නුවණ ඇත්තන් විසින් ප්‍රසංසා කරන ලද්දාවූ, තෘෂ්ණා දෘෂ්ටීන් විසින් පරාමර්ශනය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවතින්නාවූ ආර්‍ය්‍යයන් කැමති ශීලයෙන් යුක්තවූයේ වෙයිද,
[8] “මහණෙනි, යම් සතරමහා දිවයින ලැබීමක් වේද, යම් ධර්ම සතරක් ලැබීමක් වේද, ඒ සතර මහා දිවයින ලැබීම මේ ධර්මසත ධර්මයන්ගේ ලැබීමෙන් සොළොස් කලාවෙන් කලාවකුදු නොවටීයයි” වදාළේය.
|
2. බ්‍රහ්මචරියොගධසුත්තං | 2. බ්‍රහ්මචරියොගධ සූත්‍රය |
998
‘‘චතූහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො.
‘‘කතමෙහි චතූහි? ඉධ, භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... අරියකන්තෙහි සීලෙහි
ඉදමවොච භගවා. ඉදං වත්වාන
(වත්වා (සී. පී.) එවමීදිසෙසු ඨානෙසු) සුගතො අථාපරං එතදවොච සත්ථා -
‘‘යෙසං සද්ධා ච සීලඤ්ච, පසාදො ධම්මදස්සනං;
තෙ වෙ කාලෙන පච්චෙන්ති, බ්රහ්මචරියොගධං සුඛ’’න්ති. දුතියං;
|
998
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡේදය මෙනි.)
“මහණෙනි, ධර්මසතරකින් යුක්තවූ, ආර්‍ය්‍යශ්‍රාවකතෙම අපායෙහි නොවැටෙන ස්වභාව ඇති, රහත්බව නියතවූ, රහත් බව පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වෙයි. කවර සතරකින්ද?
“මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම, ඒ භාග්‍යවතුන්වහන්සේ මෙසේත් අර්හත් වනසේක. සම්‍යක් සම්බුද්ධ වනසේක. විජ්ජාචරණසම්පන්න වනසේක සුගත වනසේක. ලෝකවිදූ වනසේක. අනුත්තර පුරිස ධම්මසාරථි වනසේක. දෙවි මිනිසුන්ගේ ශාස්තෲ වනසේක. චතුස්සත්‍යය අවබෝධ කළසේක. භාග්‍යවත් වනසේකැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද,
“භාග්‍යවතුන් වහන්සේ විසින් සද්ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙනඵල ඇත්තේය. කල්නොයවා විපාක දෙන්නේය. එව බලවයි පෙන්වියහැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩියයුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙනවෙනම දතයුත්තේ යයි මෙසේ ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවෙයිද,
“භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිස යුග සතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙළකළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූ සේක. අඤ්ජලිකර්මයට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පින් කුඹුරය. මෙසේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයි.
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 7 වෙනි ඡේදය මෙනි.)
“මහණෙනි, මේ ධර්ම සතරින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම අපායෙහි නොවැටෙන ස්වභාව ඇති, රහත් බව නියතවූ, රහත්බව පිහිටකොට ඇත්තාවූ සෝවාන් වූයේ වෙයි.” භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. මෙය වදාරා අනතුරුව සුගතවූ ශාස්තෲන් වහන්සේ මෙසේද වදාළසේක.
“යමෙක්හට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්රසාදයද, ධර්මය කෙරෙහි ප්රසාදයද, සංඝයා කෙරෙහි ප්රසාදයද, ආර්‍ය්‍යයන් කැමතිවූ සීලයද ඇත්තාහුද ඔවුහු සුදුසු කාලයෙහි ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි බැස සිටි මතු මාර්ගත්රය හා යෙදුණ සැපයට සුදුසු කාලයෙහි පැමිණෙත් යනුයි.”
|
3. දීඝාවුඋපාසකසුත්තං | 3. ආබාධික දීඝාවූ සූත්‍රය |
999
එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන දීඝාවු උපාසකො ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො දීඝාවු උපාසකො
අථ ඛො භගවා නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන දීඝාවුස්ස උපාසකස්ස නිවෙසනං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා
‘‘යානිමානි, භන්තෙ, භගවතා චත්තාරි සොතාපත්තියඞ්ගානි දෙසිතානි, සංවිජ්ජන්තෙ තෙ ධම්මා මයි, අහඤ්ච තෙසු ධම්මෙසු සන්දිස්සාමි. අහඤ්හි, භන්තෙ, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො - ඉතිපි
‘‘යෙමෙ, භන්තෙ, භගවතා ඡ විජ්ජාභාගියා ධම්මා දෙසිතා, සංවිජ්ජන්තෙ තෙ ධම්මා මයි, අහඤ්ච තෙසු ධම්මෙසු සන්දිස්සාමි. අහඤ්හි, භන්තෙ, සබ්බසඞ්ඛාරෙසු අනිච්චානුපස්සී විහරාමි, අනිච්චෙ දුක්ඛසඤ්ඤී, දුක්ඛෙ අනත්තසඤ්ඤී පහානසඤ්ඤී විරාගසඤ්ඤී නිරොධසඤ්ඤී. අපි ච මෙ, භන්තෙ, එවං හොති - ‘මා හෙවායං ජොතිකො ගහපති මමච්චයෙන විඝාතං ආපජ්ජී’’’ති
(ආපජ්ජති (ක.)). ‘‘මා
අථ ඛො භගවා දීඝාවුං උපාසකං ඉමිනා ඔවාදෙන ඔවදිත්වා උට්ඨායාසනා පක්කාමි. අථ ඛො දීඝාවු උපාසකො අචිරපක්කන්තස්ස භගවතො කාලමකාසි. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා
|
999
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම් ලත් උණවනයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි දීඝාවූ උපාසකතෙම රෝගාතුරවූයේ, දුකට පත්වූයේ, දැඩි ගිලන් වූයේ වෙයි. ඉක්බිති දීඝාවූ උපාසක තෙම පියාවන ජොතික නම් ගහපතියාහට කථාකොට මෙසේ කීය.
[2] “ගහපතිය, ඔබ මෙහි එනු මැනවි. භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි යනු මැනව ගොස් ‘ස්වාමීනි, දීඝාවූ උපාසකතෙම රෝගාතුරවූයේ, දුකටපත්වූයේ, දැඩි ගිලන්වූයේ වෙයි. හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයන් සිරසින් වඳීයයි’ කියා මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදය සිරසින් වඳිනු මැනවි (වැඳ) මෙසේත් කියන්න. ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දීඝාවූ උපාසකයාගේ ගෙදර යම් තැනෙක්හිද අනුකම්පා උපදවා එතැන්හි වඩිනසේක් නම් හොඳය’ කියායි.”
[3] “දරුව එසේයයි” ජොතිය ගෘහපතිතෙම දීඝාවූ උපාසකයාහට පිළිතුරුදී, භාග්‍යවතුන්වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි ගියේය. ගොස් භාග්‍යවතුන්වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ජොතිය ගහපති තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ස්වාමීනි, දීඝාවූ උපාසකතෙම රෝගාතුරවූයේ, දුකට පත්වූයේ දැඩි ගිලන්වූයේ වෙයි. හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳියි. මෙසේත් කියයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දීඝාවූ උපාසකයාගේ ගෙදර යම් තැනෙක්හිද අනුකම්පා උපදවා එතැන්හි වඩිනසේක්නම් හොඳය’ කියායි.”
[4] “භාග්‍යවතුන් වහන්සේ එය නිශ්ශබ්ද භාවයෙන් ඉවසූසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැඳ, පාත්‍ර සිවුරු ගෙන, දීඝාවූ උපාසකයාගේ ගෙදර යම්තැනෙක්හිද එතැන්හි වැඩිසේක. වැඩ, පණවන ලද ආසනයෙහි වැඩ සිටිසේක. වැඩ හුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දීඝාවූ උපාසකයාහට මෙය වදාළසේක.
“කිම, දීඝාවූ, නුඹට ඉවසිය හැකිද? කිම, යැපිය හැකිද? කිම, දුක් වේදනාවෝ සංසිඳෙත්ද? නොවැඩෙත්ද? සංසිඳෙන බවක් පෙනේද? වැඩෙන බවක් නොපෙනේද?’
“ස්වාමීනි, මට ඉවසිය නොහැක. යැපිය නොහැක. මාගේ බලවත්වූ දුක් වේදනාවෝ නොසංසිඳෙත්. වැඩෙන බව පෙනෙත්. සංසිඳෙන බවක් නොපෙනේයයි කීය. දීඝාවූ, එසේ නම් මෙහිදී නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි.
[5] “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අර්හත්වන සේක. සම්‍යක් සම්බුද්ධවන සේක. විද්යාචරණසම්පන්නවන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තර පුරිසදම්ම සාරථි වන සේක දෙවි මිනිසුන්ගේ ශාස්තෲ වන සේක. චතුස්සත්‍යය අවබෝධකළ සේක. භාග්‍යවත් සේකැයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද, මෙසේ වනාහි හික්මිය යුතු වන්නේය.
“භාග්‍යවතුන්වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය, කල් නොයවා දෙන විපාක දෙන්නේය. එව බලවයි, පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තළා එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේයයි මෙසේ ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයිද, මෙසේ වනාහි හික්මිය යුතු වන්නේය.
“භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය, ගරු බුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අට දෙනෙක් වෙත්ද? මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසුවූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැන්මට සුදුසුවූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූසේක. ඇඳිලි කිරීම (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පින් කුඹුරය. මෙසේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේද, මෙසේ වනාහි හික්මිය යුතු වන්නේය.
[6] (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 7 වෙනි ඡේදය මෙනි.)
[7] “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සොතා පත්තියංග ධර්ම සතරක් දේශනා කරන ලද්දාහුද ඒ ධර්මයෝ මා කෙරෙහි ඇත්තාහුය. ඒ ධර්මයන්හි මම දකිනු ලබමි. ස්වාමීනි, මම වනාහි ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අර්හත් වන සේක. විද්‍යාචරණසම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූවන සේක. අනුත්තර පුරිසදම්ම සාරථි වන සේක. දෙවි මිනිසුන්ගේ ශාස්තෲවන සේක. චතුස්සත්‍යය අවබෝධකළ සේක භාග්‍යවත්සේකැයි බුදුරජාණන්වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද,
“ධර්මයතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ලද ඵල ඇත්තේය. කල් නොයවා දෙන විපාක දෙන්නේය. එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේයයි මෙසේ ධර්මයෙහි නොසෙල් වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද,
“භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම (ශාසන ප්රතිපත්තියෙහි) මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරු බුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අට දෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසුවූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැන්මට සුදුසුවූයේය, කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූසේක. ඇඳිලි කිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පින් කුඹුරය. මෙසේ සංඝා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේද,
[8] “දීඝාවූ, එසේනම් මෙහිදී නුඹ මේ සතර සෝතාපත්ති අංගයන්හි පිහිටා මතු හය වැදෑරුම් විජ්ජාභාගීය ධර්මයන් වඩව. දීඝාවූ, නුඹ මෙහිදී සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍යය අනුව බලමින් අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව ඇතිව දුකෙහි අනාත්ම සංඥා පහාණ සංඥා ඇතිව විරාග සංඥා ඇතිව නිරෝධ සංඥා ඇතිව වාසය කරව දීඝාවූ මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුවන්නේය.
[9] “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම් මේ විජ්ජාභාගීය ධර්මයෝ සය දෙනෙක් දේශනා කරන ලද්දාහුද, ඒ ධර්මයෝ මා කෙරෙහි ඇත්තාහුය. මම ඒ ධර්මයන්හි දකිනු ලබමි. ස්වාමීනි, මම වනාහි සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍යය අනුව බලමින්, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව ඇතිව දුකෙහි අනාත්ම සංඥාව ඇතිව, පහාණ සංඥාව ඇතිව, විරාග සංඥා ඇතිව, නිරෝධ සංඥා ඇතිව වාසය කරමි. ස්වාමීනි, එතකුදුවුවත් මට මෙසේ සිතේ. මේ ජොතිය ගහපතිතෙම මාගේ මරණයෙන් පසු දුකට පත් නොවේවායි” කියායි.
[10] “දරුව, දීඝාවූ, නුඹ මෙසේ නොසිතව. දරුව දීඝාවූ, යමක් භාග්‍යවතුන්වහන්සේ වදාළේනම් නුඹ එයම මනාකොට මෙනෙහි කරව. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දීඝාවූ උපාසකයාහට මේ අවවාදයෙන් අවවාදකොට හුනස්නෙන් නැඟිට වැඩිසේක ඉක්බිති දීඝාවූ උපාසකතෙම භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් කළුරිය කෙළේය.
[11] එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නාහුය. එක්පසක හුන්නාවූ ඒ භික්ෂූහු වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කෙටි අවවාදයකින් අවවාද කරන ලද්දාවූ යම් ඒ දීඝාවූ නම් උපාසකයෙක් වූයේද, හෙතෙම කළුරිය කෙළේය. ඔහුට කිනම් ගතියක්වීද පරලොව කුමක්ද?” යනුයි.
[12] “මහණෙනි, දීඝාවූ උපාසකතෙම පණ්ඩිතයෙක් විය. ලොකොත්තර ධර්මයට අනුකූල ධර්මයෙහි පිළිපැද්දේය. ධර්මාවබොධය කරුණුකොට මා නොවෙහෙසවිය. දීඝාවූ උපාසකතෙම ඔරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් ඒ බඹලොව පිරිනිවෙන්නාවූ ඒ ලෝකයෙන් නැවත ආපසු නොඑන්නාවූ ඔපපාතිකයෙක් වන්නේයයි’ වදාළේය.
|
4. පඨමසාරිපුත්තසුත්තං | 4. සාරිපුත්තානන්ද සූත්‍රය |
1000
එකං සමයං ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච ආනන්දො සාවත්ථියං විහරන්ති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා ආනන්දො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො...පෙ.... එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච - ‘‘කතිනං නු ඛො, ආවුසො සාරිපුත්ත, ධම්මානං සමන්නාගමනහෙතු එවමයං පජා
‘‘කතමෙසං චතුන්නං? ඉධාවුසො, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... අරියකන්තෙහි
|
1000
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිර තෙමේද ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේද සැවැත් නුවර අනේපිඬු සිටුහුගේ ජේතවනාරාමයෙහි වාසය කෙරෙත්. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම සවස් කාලයෙහි විවේකස්ථානයෙන් නැඟීසිටියේ ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිර තෙමේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ හා සමග සතුටුවූයේය. සතුටු විය යුතු සිහිකටයුතු කථාව කොට අවසාන කර එක්පසෙක හුන්නේය. එක්පසක හුන්නාවූ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය.
“ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්ස, කවර ධර්මයන්ගෙන් යුක්තවීම හේතු කොට ගෙන, මෙසේ මේ ප්‍රජාව අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බවට නියතවූ රහත් බව පිහිට කොට ඇත්තාවූ සෝවාන් වූවෝයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහුද?”
“ඇවැත්නි, ධර්ම සතරකින් යුක්තවීමේ හේතුවෙන් මෙසේ මේ ප්‍රජාව අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බව නියතවූ රහත්බව පිහිටකොට ඇත්තාවූ සෝවාන් වූවෝයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදහ.
(මේ ඡේදය මේ වර්ගයේ 3 සූත්‍රයේ 5 වෙනි ඡේදය මෙනි.)
“ඇවැත්නි, මේ ධර්ම සතරින් යුක්තවීම හේතුකොට ගෙන මෙසේ මේ ප්‍රජාව අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ රහත්බවට පිහිටකොට ඇත්තාවූ සෝවාන්වූවෝයයි’ භාග්‍යවතුන්වහන්සේ විසින් වදාරණලදහ.
|
5. දුතියසාරිපුත්තසුත්තං | 5. සොතාපත්තියංග සූත්‍රය |
1001
අථ ඛො ආයස්මා සාරිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං සාරිපුත්තං භගවා එතදවොච - ‘‘‘සොතාපත්තියඞ්ගං, සොතාපත්තියඞ්ග’න්ති හිදං, සාරිපුත්ත, වුච්චති. කතමං නු ඛො සාරිපුත්ත, සොතාපත්තියඞ්ග’’න්ති? ‘‘සප්පුරිසසංසෙවො හි, භන්තෙ, සොතාපත්තියඞ්ගං, සද්ධම්මස්සවනං සොතාපත්තියඞ්ගං, යොනිසොමනසිකාරො සොතාපත්තියඞ්ගං, ධම්මානුධම්මප්පටිපත්ති සොතාපත්තියඞ්ග’’න්ති. ‘‘සාධු සාධු, සාරිපුත්ත! සප්පුරිසසංසෙවො හි, සාරිපුත්ත, සොතාපත්තියඞ්ගං, සද්ධම්මස්සවනං සොතාපත්තියඞ්ගං, යොනිසොමනසිකාරො සොතාපත්තියඞ්ගං, ධම්මානුධම්මප්පටිපත්ති සොතාපත්තියඞ්ගං’’.
‘‘‘සොතො, සොතො’ති හිදං, සාරිපුත්ත, වුච්චති. කතමො නු ඛො, සාරිපුත්ත, සොතො’’ති? ‘‘අයමෙව හි, භන්තෙ, අරියො අට්ඨඞ්ගිකො මග්ගො සොතො, සෙය්යථිදං - සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පො, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මාවායාමො, සම්මාසති, සම්මාසමාධී’’ති. ‘‘සාධු
‘‘‘සොතාපන්නො
|
1001
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක් පසක හුන්නාවූ ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන්හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“සාරිපුත්තය, සොතාපත්ති අංගය, ශොතාපත්ති අංගයයි කියනු ලැබේ. සාරිපුත්තය, සොතාපත්ති අංගය වනාහි කවරක්ද?”
“ස්වාමීනි, සත්පුරුෂයන් සේවනය කිරීම වනාහි සොතාපත්ති අංගයකි ධර්මශ්රවණය සොතාපත්ති අංගයකි. නුවණින් මෙනෙහි කිරීම සොතාපත්ති අංගයකි. ලොකොත්තර ධර්මයට අනුව පිළිපැදීම සොතාපත්ති අංගයකියි’
“සාධු! සාධු!! සාරිපුත්තය, සාරිපුත්තය, සත්පුරුෂයන් සේවනය කිරීම වනාහි සොතාපත්ති අංගයකි. ධර්ම ශ්‍රවණය කිරීම වනාහි සොතාපත්ති අංගයකි. නුවණින් මෙනෙහි කිරීම සොතාපත්ති අංගයකි. ලොකොත්තර ධර්මයට අනුව පිළිපැදීම සොතාපත්ති අංගයකි. සාරිපුත්තය, සොතය-සොතයයි කියනු ලැබේ. සාරිපුත්තය, සොතය නම් කවරේද”?
“ස්වාමීනි, මේ ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්ගයම සොතය නමි. හේ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධියයි.
“සාධු! සාධූ!! සාරිපුත්තය සාරිපුත්තය, මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම ශ්‍රොතය නමි. හේ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධියයි.
“සාරිපුත්තය, සෝතාපන්නය, සෝතාපන්නයයි කියනු ලැබේ. සාරිපුත්තය සෝතාපන්න තෙම කවරේද?”
“ස්වාමීනි, යමෙක් මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්තවූයේද මෙතෙමේ සෝතාපන්නයයි කියනු ලැබේ. ඒ ආයුෂ්මත් තෙමේ මෙනම් ඇත්තේය. මෙනම් ගොත්‍ර ඇත්තේය.”
“සාධූ! සාධූ! සාරීපුත්තය, සාරිපුත්තය යමෙක් මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්තවූයේද හෙතෙමේ සෝතාපන්නයයි කියනු ලැබේ. ඒ ආයුෂ්මත් තෙමේ මෙනම් ඇත්තේය. මෙනම් ගොත්‍ර ඇත්තේයයි’ වදාළේය.
|
6. ථපතිසුත්තං | 6. ඉසිදත්ත පුරාණ සූත්‍රය |
1002
සාවත්ථිනිදානං. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ භගවතො චීවරකම්මං කරොන්ති - ‘‘නිට්ඨිතචීවරො භගවා තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සතී’’ති. තෙන ඛො පන සමයෙන ඉසිදත්තපුරාණා ථපතයො සාධුකෙ පටිවසන්ති කෙනචිදෙව කරණීයෙන. අස්සොසුං ඛො ඉසිදත්තපුරාණා ථපතයො - ‘‘සම්බහුලා කිර භික්ඛූ භගවතො චීවරකම්මං කරොන්ති - ‘නිට්ඨිතචීවරො භගවා තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සතී’’’ති.
අථ ඛො ඉසිදත්තපුරාණා ථපතයො මග්ගෙ පුරිසං ඨපෙසුං - ‘‘යදා ත්වං, අම්භො පුරිස, පස්සෙය්යාසි භගවන්තං ආගච්ඡන්තං අරහන්තං සම්මාසම්බුද්ධං, අථ අම්හාකං ආරොචෙය්යාසී’’ති. ද්වීහතීහං ඨිතො ඛො සො
අථ ඛො ඉසිදත්තපුරාණා ථපතයො යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධිංසු. අථ ඛො භගවා මග්ගා ඔක්කම්ම යෙන අඤ්ඤතරං රුක්ඛමූලං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ
‘‘යදා මයං, භන්තෙ, භගවන්තං සුණාම - ‘සාවත්ථියා කොසලෙසු චාරිකං පක්කමිස්සතී’ති, හොති නො තස්මිං සමයෙ අනත්තමනතා හොති දොමනස්සං - ‘දූරෙ නො භගවා භවිස්සතී’ති. යදා පන මයං, භන්තෙ, භගවන්තං සුණාම - ‘සාවත්ථියා කොසලෙසු චාරිකං පක්කන්තො’ති
‘‘යදා
‘‘යදා පන මයං, භන්තෙ, භගවන්තං සුණාම - ‘මල්ලෙහි වජ්ජීසු චාරිකං පක්කමිස්සතී’ති, හොති නො තස්මිං සමයෙ අනත්තමනතා හොති දොමනස්සං - ‘දූරෙ නො භගවා භවිස්සතී’ති. යදා පන මයං, භන්තෙ, භගවන්තං සුණාම - ‘මල්ලෙහි වජ්ජීසු චාරිකං පක්කන්තො’ති, හොති නො තස්මිං සමයෙ අනත්තමනතා හොති දොමනස්සං - ‘දූරෙ නො භගවා’’’ති.
‘‘යදා පන මයං, භන්තෙ, භගවන්තං සුණාම - ‘වජ්ජීහි කාසීසු චාරිකං පක්කමිස්සතී’ති, හොති නො තස්මිං සමයෙ අනත්තමනතා හොති දොමනස්සං - ‘දූරෙ නො භගවා භවිස්සතී’ති. යදා පන මයං, භන්තෙ භගවන්තං සුණාම - ‘වජ්ජීහි කාසීසු චාරිකං පක්කන්තො’ති, හොති නො තස්මිං සමයෙ අනත්තමනතා හොති දොමනස්සං - ‘දූරෙ නො භගවා’’’ති.
‘‘යදා පන මයං, භන්තෙ, භගවන්තං සුණාම - ‘කාසීහි මාගධෙ චාරිකං පක්කමිස්සතී’ති, හොති නො තස්මිං සමයෙ අනත්තමනතා
‘‘යදා
‘‘යදා පන මයං, භන්තෙ, භගවන්තං සුණාම - ‘කාසීහි වජ්ජීසු චාරිකං පක්කමිස්සතී’ති, හොති නො තස්මිං සමයෙ අත්තමනතා හොති සොමනස්සං
‘‘යදා පන මයං, භන්තෙ, භගවන්තං සුණාම - ‘වජ්ජීහි මල්ලෙසු චාරිකං පක්කමිස්සතී’ති, හොති නො තස්මිං සමයෙ අත්තමනතා හොති සොමනස්සං - ‘ආසන්නෙ නො භගවා භවිස්සතී’ති. යදා පන මයං, භන්තෙ, භගවන්තං සුණාම - ‘වජ්ජීහි මල්ලෙසු චාරිකං පක්කන්තො’ති, හොති නො තස්මිං සමයෙ අත්තමනතා හොති සොමනස්සං - ‘ආසන්නෙ නො භගවා’’’ති.
‘‘යදා පන මයං, භන්තෙ, භගවන්තං සුණාම - ‘මල්ලෙහි කොසලෙ චාරිකං පක්කමිස්සතී’ති, හොති නො තස්මිං සමයෙ අත්තමනතා
‘‘යදා පන මයං, භන්තෙ, භගවන්තං සුණාම - ‘කොසලෙහි සාවත්ථිං චාරිකං පක්කමිස්සතී’ති, හොති නො තස්මිං සමයෙ අත්තමනතා හොති සොමනස්සං - ‘ආසන්නෙ නො භගවා භවිස්සතී’ති. යදා පන මයං, භන්තෙ, භගවන්තං සුණාම - ‘සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ’ති, හොති අනප්පකා නො තස්මිං සමයෙ අත්තමනතා හොති අනප්පකං සොමනස්සං - ‘ආසන්නෙ නො භගවා’’’ති.
‘‘තස්මාතිහ, ථපතයො, සම්බාධො ඝරාවාසො රජාපථො, අබ්භොකාසො පබ්බජ්ජා. අලඤ්ච පන
‘‘ඉධ මයං, භන්තෙ, යදා රාජා පසෙනදි කොසලො උය්යානභූමිං නිය්යාතුකාමො හොති, යෙ තෙ රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස නාගා ඔපවය්හා තෙ කප්පෙත්වා, යා තා රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස පජාපතියො පියා මනාපා තා එකං පුරතො එකං
‘‘තස්මාතිහ, ථපතයො, සම්බාධො ඝරාවාසො රජාපථො, අබ්භොකාසො පබ්බජ්ජා. අලඤ්ච පන වො, ථපතයො, අප්පමාදාය. චතූහි ඛො, ථපතයො, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො.
‘‘කතමෙහි චතූහි? ඉධ, ථපතයො, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... විගතමලමච්ඡෙරෙන චෙතසා අජ්ඣාගාරං වසති මුත්තචාගො පයතපාණි වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො. ඉමෙහි ඛො, ථපතයො, චතූහි ධම්මෙහි සමන්නාගතො
‘‘තුම්හෙ ඛො, ථපතයො, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... යං ඛො පන කිඤ්චි කුලෙ දෙය්යධම්මං සබ්බං තං අප්පටිවිභත්තං සීලවන්තෙහි කල්යාණධම්මෙහි. තං කිං මඤ්ඤථ, ථපතයො, කතිවිධා
|
1002
මා විසින් මෙසේ අසනලදී. එසමයෙහි වනාහි බොහෝ භික්ෂූහු මසා කටයුතු නිමකරන ලද සිවුර ඇති භාග්‍යවතුන් වහන්සේ මාස තුනකින් පසු චාරිකාවෙහි වඩින්නේයයි භාග්‍යවතුන්වහන්සේගේ සිවුරෙහි වැඩ කෙරෙත්.
“එසමයෙහි වනාහි ඉසිදත්ත සහ පුරාණ යන ගෘහපති දෙදෙන කිසියම් කරුණක් නිසා සාධුකයෙහි වෙසෙත්. ඉසිදත්ත සහ පුරාණ යන ගෘහපති දෙදෙන වනාහි නිමකරන සිවුර ඇති භාග්‍යවතුන් වහන්සේ මාස තුනකින් පසු චාරිකාවෙහි වඩින්නේයයි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේගේ සිවුරෙහි වැඩ කෙරෙත්’ (යන මේ කථාව) ඇසුවාය.
ඉක්බිති ඉසිදත්ත, පුරාණ ගෘහපති යන දෙදෙන මාර්ගයෙහි මිනිසෙකු තැබ්බවූහ ‘පින්වත් පුරුෂය, වඩින්නාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ යම් කලක නුඹ දකින්නෙහිද, එවිට අපට දැනුම් දෙව’ කියායි. දෙතුන් දිනක් සිටියාවූ ඒ පුරුෂ තෙම වනාහි වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දැක්කේය. දැක ඉසිදත්ත පුරාණ යන ගෘහපති දෙදෙන යම් තැනෙක්හිද, එතැන්හි ගියේය. ගොස් ඉසිදත්ත පුරාණ යන ගෘහපති දෙදෙනාහට මෙය කීයේය. “ස්වාමීනි, ඒ මේ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, භාග්‍යවතුන් වහන්සේ වඩිනසේක. එයට සුදුසු කාලය දැනගන්න” කියායි.
ඉක්බිති ඉසිදත්ත-පුරාණ යන ගෘහපති දෙදෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ භාග්‍යවතුන් වහන්සේගේ පසුපස ලුහුබැන්දාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මගින් ඉවත්වී, එක්තරා රුක්මුලක් යම්තැනෙක්හිද එතැන්හි වැඩියේය. වැඩ, පණවන ලද ආසනයෙහි වැඩහුන්සේක. ඉසිදත්ත, පුරාණ යන ගෘහපති දෙදෙනත් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නාහුය. එක්පසෙක හුන් ඉසිදත්ත පුරාණ නම් ගෘහපති දෙදෙන භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරින් නික්ම කොසොල් රට චාරිකාවෙහි වඩිනසේකැයි යම් කලක අපි අසමුද එකල්හි භාග්‍යවතුන් වහන්සේ අපගෙන් ඈත්වෙන සේකැයි අපට නොසතුටු බව ඇතිවෙයි. දොම්නස ඇති වෙයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරින් නික්ම කොසොල් රට චාරිකාවෙහි වැඩියාහුයයි යම් කලක අපි අසමුද එකල්හි අපට භාග්‍යවතුන් වහන්සේ අපගෙන් ඈත්වුණු සේකැයි අපට නොසතුටු බව ඇතිවෙයි. දොම්නස ඇති වෙයි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කොසොල් රටින් නික්ම මල්ල රට චාරිකාවෙහි වඩිනසේකැයි යම් කලක අපි අසමුද, එකල්හි භාග්‍යවතුන් වහන්සේ අපගෙන් ඈත්වෙනසේකැයි අපට නොසතුට ඇතිවෙයි. දොම්නස ඇතිවෙයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කොසොල් රටින් නික්ම මල්ල රට චාරිකාවෙහි වැඩිසේකැයි යම් කලක අපි අසමුද, එකල්හි භාග්‍යවතුන් වහන්සේ අපගෙන් ඈත්වුණු සේකැයි අපට නොසතුට ඇතිවෙයි. දොම්නස ඇතිවෙයි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මල්ල රටින් නික්ම වැදෑරට චාරිකාවෙහි වඩිනසේකැයි යම් කලක අපි අසමුද, එකල්හි භාග්‍යවතුන් වහන්සේ අපගෙන් ඈත්වනසේකැයි අපට නොසතුටු බව ඇතිවෙයි. දොම්නස ඇතිවෙයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මල්ල රටින් නික්ම වැදෑරට චාරිකාවෙහි වඩිනසේකැයි යම් කලක අපි අසමුද, එකල්හි භාග්‍යවතුන් වහන්සේ අපගෙන් ඈත්වූසේකැයි අපට නොසතුටු බව ඇතිවෙයි දොම්නස ඇතිවෙයි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වැදෑරටින් නික්ම කසී රට චාරිකාවෙහි වඩිනසේකැයි යම් කලක අපි අසමුද, එකල්හි භාග්‍යවතුන් වහන්සේ අපගෙන් ඈත්වන සේකැයි අපට නොසතුටු බව ඇතිවෙයි. දොම්නස ඇතිවෙයි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වැදෑරටින් නික්ම කසී රට චාරිකාවෙහි වැඩිසේකැයි යම් කලක අපි අසමුද, එකල්හි භාග්‍යවතුන් වහන්සේ අපගෙන් ඈත්වූසේකැයි අපට නොසතුටු බව ඇතිවෙයි. දොම්නස හටගනියි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කසීරටින් නික්ම මගධ රට චාරිකාවෙහි වඩිනසේකැයි යම් කලක අපි අසමුද, එකල්හි භාග්‍යවතුන් වහන්සේ අපගෙන් ඈත්වනසේකැයි අපට නොසතුටු බව ඇතිවෙයි. දොම්නස ඇතිවෙයි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කසීරටින් නික්ම වජ්ජීන්ගේ නුවර චාරිකාවෙහි වඩිනසේකැයි යම් කලක අපි අසමුද, එකල්හි භාග්‍යවතුන් වහන්සේ අපට ඈත්වූසේකැයි අපේ කලකිරීම ඇතිවෙයි. නොසතුට ඇතිවෙයි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මගධ රටින් නික්ම කසී රට චාරිකාවෙහි වඩිනසේකැයි යම් කලක අපි අසමුද, එකල්හි භාග්‍යවතුන් වහන්සේ අපට ළංවෙන සේකැයි අපට සතුට උපදියි. සොම්නස පහළවෙයි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මගධ රටින් නික්ම කසීරට චාරිකාවෙහි වැඩිසේකැයි යම් කලක අපි අසමුද, එකල්හි භාග්‍යවතුන් වහන්සේ අපට ළංවූ සේකැයි සතුට උපදියි සොම්නස් ඇතිවෙයි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කසීරටින් නික්ම වැදෑරට චාරිකාවෙහි වැඩිසේකැයි යම් කලක අපි අසමුද එකල්හි භාග්‍යවතුන් වහන්සේ අපට ළංවූසේකැයි සතුට උපදියි සොම්නස් ඇතිවෙයි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වැදෑරටින් නික්ම මල්ල රට චාරිකාවෙහි වැඩිසේකැයි යම් කලක අපි අසමුද, එකල්හි භාග්‍යවතුන් වහන්සේ අපට ළංවූ සේකැයි සතුට උපදියි. සොම්නස් ඇතිවෙයි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මල්ලරටින් නික්ම කොසොල් රට චාරිකාවෙහි වැඩිසේකැයි යම් කලක අපි අසමුද, එකල්හි භාග්‍යවතුන් වහන්සේ අපට ළංවූසේකැයි සතුට උපදියි. සොම්නස් ඇතිවෙයි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කොසොල් රටින් නික්ම සැවැත් නුවර චාරිකාවෙහි වැඩිසේකැයි යම් කලක අපි අසමුද, එකල්හි භාග්‍යවතුන් වහන්සේ අපට ළංවූසේකැයි සතුට උපදියි. සොම්නස් ඇතිවෙයි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේකැයි යම් කලක අපි අසමුද, එකල්හි භාග්‍යවතුන් වහන්සේ අපට ළංවූසේකැයි මහත් සතුටක් උපදියි. මහත් සොම්නසක් පහළවෙයි.”
“එසේනම් ගෘහපතියෙනි, කෙලෙසුන්ට ස්ථානවූ ගිහිගෙයි විසීම කරදර සහිතය. පැවිදිබව නිදහස්ය. ගෘහපතියෙනි, තොප විසින් අප්‍රමාදවීම සුදුසුයි” වදාළේය.
“ස්වාමීනි, අපට මීට වඩා ඉතා මහත්වූ ඉතා අධිකවූ විශේෂයෙන් අධිකවූ කරදරයක් ඇත්තේය.”
“ගෘහපතියෙනි, මීට වඩා ඉතා මහත්වූ ඉතා අධිකවූ විශේෂයෙන් අධිකවූ කරදරය කුමක්ද?”
“ස්වාමීනි, මෙහි අපි යම් කලක පසේනදී කොසොල් රජතෙම උයනට පැමිණෙනු කැමති වෙයිද, (එකල්හි) පසේනදී කොසොල් රජුට නැගීමට සුදුසුවූ යම් ඒ ඇත්තු වෙත්ද, ඔවුන් සරසා, පසේනදී කොසොල් රජුට ප්‍රියවූ, මනාපවූ, යම් ඒ බිසෝවරු වෙත්ද ඒ බිසෝවරුන් ගෙන් එක් බිසවක් ඉදිරියෙන්ද එක් බිසවක් පස්සෙන්ද හිඳුවමු.
“ස්වාමීනි, ඒ නැගෙනියන්ගේ වනාහි මෙවැනි වූ සුවඳ ඇත්තේ වෙයි. යම් ඒ රජවරුන්හට සුදුසු වූ සුගන්ධයෙන් අලංකාරවූ සුවඳ පෙට්ටියක් ඇරී කෙණෙහි යම් සේද එමෙනි. ස්වාමීනි, ඒ නැගෙනියන්ගේ වනාහි මෙවැනි වූ කායස්පර්ශය ඇත්තේ වෙයි.
“ඉඹුල් පුළුන් හෝ කපු පුළුන් යම්සේද සැපසේ වැඩුනාවූ ඒ රාජකන්යාවන්ගේ ස්පර්ශයද, එමෙනි ස්වාමීනි, එකල්හි වනාහි ඇතාද රැකිය යුත්තේ වෙයි. ඒ නැගෙනිවරුද රැකිය යුත්තෝ වෙත්. තමා ද රැකියයුතු වෙයි. ස්වාමීනි, අපි වනාහි ඒ නැගනියන් කෙරෙහි පාප සිතක් ඉපදවූ බවක් නොදනිමු. ස්වාමීනි, මෙය වනාහි අපට මීට වඩා මහත්වූද, අධිකවූද විශේෂයෙන් අධිකවූද, කරදරය වන්නේයයි” කීහ.
“ගෘහපතියෙනි, එසේනම් කෙලෙස් උපදින ස්ථානයවූ ගිහිගෙයි විසීම කරදර සහිතය. පැවිදි බව නිදහස්ය. ගෘහපතියෙනි, තොප විසින් අප්රමාදවීමට සුදුසුයි” වදාළේය.
“ගෘහපතියෙනි, ධර්ම සතරකින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම වනාහි අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බවට නියතවූ රහත්බව පිහිටකොට ඇත්තාවූ නිවන පිහිට කොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වෙයි. කවරසතරකින්ද?
“ගෘහපතියෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම බුදුරජාණන්වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූවාහුය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අර්හත්යහ. සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ ලොකවිදූහ. පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු හා සමානය. දෙවි මිනිසුන්ගේ ශාස්තෲහ. චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කළසේක. භාග්‍යවත්හ කියායි.
“ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූවාහුය. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල් නොයවා විපාක දෙන්නේය. එව, බලවයි, පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩියයුතු ගුණයෙන් යුක්ත වූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුත්තේය, කියායි.
“සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූවාහුය. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක්වෙත්ද, ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙළ කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්පල අදහාදෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූ සේක. ඇඳිලි කිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පිංකුඹුරය, කියායි
‘පහවූ මසුරුමල ඇති අතින් මුදන ලද ත්‍යාග ඇත්තෙක්ව සෝදන ලද අත් ඇත්තාවූ ත්‍යාගයෙහි ඇළුනෙක්ව යාචකයන් කෙරෙහි දීමෙහි යෙදුනෙක්ව දන් බෙදා දීමෙහි නිරතවූවෙක්ව ගිහි ගෙයි වාසය කෙරේද,
“ගෘහපතියෙනි, මේ සතර ධර්මයන්ගෙන් යුක්තවූ ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම වනාහි අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බව නියතවූ රහත්බව පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වෙයි.
“ගෘහපතියෙනි, තොපි වනාහි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවූවාහුය, මෙසේ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ. සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ. ලෝකවිදූහ පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු හා සමානයහ. දෙවි මිනිසුන්ගේ ශාස්තෲහ. චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කළසේක. භාග්‍යවත්හ කියායි.
“ධර්මයන් කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවූවාහුය, භාග්‍යවතුන්වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල් නොයවා විපාක දෙන්නේය. එව බලවයි, පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන්තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්ත වූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේය, කියායි.
“සංඝයා කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවූවාහුය. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය ගරු බුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙළ කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූ සේක. ඇඳිලි කිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පිංකුඹුරය, කියායි.
“ගෘහපතියෙනි, ඒ කිමැයි හඟින්නෙහුද? කල්‍යාණ ධර්මයන්ගෙන් යුක්තවූ සීලවන්තයන් කෙරෙහි නොබෙදා දෙන ලද සියලු වස්තුව ඇති යම්කිසි කුලයයෝ වෙද්ද, කොසොල් රට යම් ඒ මිනිස්සු වෙත්ද, ඔවුහු කෙසේ දන් දීමෙන් තොප හා සමාන වෙත්ද?
“ස්වාමීනි, අපට ලාභයකි. ස්වාමීනි, අපට මනා ලාභයකි. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ අප මෙසේ දන්නා සේක්ද එහෙයිනියි” කීය.
|
7. වෙළුද්වාරෙය්‍යසුත්තං | 7. වෙළුද්වාර සූත්‍රය |
1003
එවං මෙ සුතං - එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන වෙළුද්වාරං නාම කොසලානං බ්රාහ්මණගාමො
අථ
‘‘අත්තූපනායිකං
‘‘කතමො
‘‘පුන චපරං, ගහපතයො, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති - ‘යො ඛො මෙ අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියෙය්‍ය, න මෙතං අස්ස පියං මනාපං. අහඤ්චෙව ඛො පන පරස්ස අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියෙය්යං, පරස්සපි තං අස්ස අප්පියං අමනාපං. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, පරස්ස පෙසො ධම්මො අප්පියො අමනාපො. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, කථාහං පරං තෙන සංයොජෙය්‍ය’න්ති
‘‘පුන චපරං, ගහපතයො, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති - ‘යො ඛො මෙ දාරෙසු චාරිත්තං ආපජ්ජෙය්ය, න මෙතං අස්ස පියං මනාපං. අහඤ්චෙව ඛො පන පරස්ස දාරෙසු චාරිත්තං ආපජ්ජෙය්යං, පරස්සපි තං අස්ස අප්පියං අමනාපං. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, පරස්ස පෙසො ධම්මො අප්පියො අමනාපො. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, කථාහං පරං තෙන සංයොජෙය්‍ය’න්ති! සො ඉති පටිසඞ්ඛාය අත්තනා ච කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො
‘‘පුන චපරං, ගහපතයො, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති - ‘යො ඛො මෙ මුසාවාදෙන අත්ථං භඤ්ජෙය්ය, න මෙතං අස්ස පියං මනාපං. අහඤ්චෙව ඛො පන පරස්ස මුසාවාදෙන අත්ථං භඤ්ජෙය්යං, පරස්සපි තං අස්ස අප්පියං අමනාපං. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, පරස්ස පෙසො ධම්මො අප්පියො අමනාපො. යො
‘‘පුන චපරං, ගහපතයො, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති - යො ඛො මං පිසුණාය වාචාය මිත්තෙ භින්දෙය්ය
(මිත්තෙහි භෙදෙය්ය (ස්‍යා. කං. පී. ක.)), න මෙතං අස්ස පියං මනාපං. අහඤ්චෙව ඛො පන පරං පිසුණාය වාචාය මිත්තෙ භින්දෙය්යං, පරස්සපි තං අස්ස අප්පියං අමනාපං...පෙ.... එවමස්සායං වචීසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.
‘‘පුන චපරං, ගහපතයො, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති - යො ඛො මං ඵරුසාය වාචාය සමුදාචරෙය්‍ය, න මෙතං අස්ස පියං මනාපං. අහඤ්චෙව ඛො පන පරං ඵරුසාය වාචාය සමුදාචරෙය්යං, පරස්සපි තං අස්ස අප්පියං අමනාපං. යො ඛො ම්යායං ධම්මො...පෙ.... එවමස්සායං වචීසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.
‘‘පුන චපරං, ගහපතයො, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති - ‘යො ඛො මං සම්ඵභාසෙන සම්ඵප්පලාපභාසෙන සමුදාචරෙය්‍ය, න මෙතං අස්ස පියං මනාපං. අහඤ්චෙව ඛො පන පරං සම්ඵභාසෙන සම්ඵප්පලාපභාසෙන සමුදාචරෙය්යං, පරස්සපි තං අස්ස අප්පියං අමනාපං. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, පරස්ස පෙසො ධම්මො අප්පියො අමනාපො. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, කථාහං පරං තෙන සංයොජෙය්‍ය’න්ති! සො ඉති පටිසඞ්ඛාය අත්තනා ච සම්ඵප්පලාපා පටිවිරතො හොති
‘‘සො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති; ධම්මෙ
එවං වුත්තෙ වෙළුද්වාරෙය්‍යකා බ්රාහ්මණගහපතිකා භගවන්තං එතදවොචුං - ‘‘අභික්කන්තං, භො ගොතම...පෙ.... එතෙ මයං භවන්තං ගොතමං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකෙ නො භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතෙ
(පාණුපෙතං (ක.)) සරණං ගතෙ’’ති. සත්තමං.
|
1003
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් නුවර චාරිකාවෙහි හැසිරෙනසේක් මහත්වූ භික්ෂු සංඝයා සමග කොසොල් රට වෙළුද්වාර නම් බමුණුගම යම් තැනෙක්හිද, එතැනට වැඩිසේක. වෙළුද්වාර ගම්වාසී බ්‍රාහ්මණ ගෘහපතියෝ ශාක්‍යපුත්‍රවූ ශාක්‍යකුලයෙන් පැවිදිවූ, ශ්‍රමණ භවත් ගෞතමතෙම මහත්වූ භික්ෂු සංඝයා සමග කොසොල්රට චාරිකාවෙහි වඩින්නේ වෙළුද්වාර ගමට පැමිණියේයයි ඇසුවාහුය.
ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මෙවැනි යහපත් වූ කීර්ති ඝෝෂාවක් උස්ව පැනනැංගේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ අර්හත් වනසේක. සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ. ලෝකවිදූහ. පුරුෂයන් දමනය කිරීමෙහි තමහට වඩා උතුම් කෙනෙක් නැතියහ. දෙවිමිනිසුන්හට ශාස්තෲ වනසේක. බුද්ධයහ. භාග්‍යවත් වන සේක. උන්වහන්සේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මහණ බමුණන් සහිත, දෙවිමිනිසුන් සහිත මේ සත්ව ප්‍රජාව තෙමේම දැන, ප්රත්යක්ෂකොට දේශනා කරනසේක. උන්වහන්සේ මුල යහපත් වූ, මැද යහපත් වූ, අග යහපත්වූ අර්ථ සහිතවූ ව්‍යඤ්ජන සහිතවූ, ධර්මය දේශනා කරනසේක. මුළුමනින් සම්පූර්ණවූ, පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරනසේක. එවැනි රහතුන්ගේ දැකීම වනාහි යහපත් වේයයි සිතූහ.
ඉක්බිති වෙළුද්වාර ගම්වාසී බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය පැමිණ ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වූවාහුය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එක් පසෙක හුන්නාහුය. ඇතැම්කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිළිබැඳ හිඳගත්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි (තමන්ගේ) නම් ගොත් කියා එක්පසෙක හුන්නාහුය. ඇතැම් කෙනෙක් නිශ්ශබ්දව එක් පසෙක හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ වෙළුද්වාර ගම්වාසී බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය.
“භවත් ගෞතමයන් වහන්ස, අපි ගිහිගෙයි වෙසෙන්නෙමු. කසීසලු සහ සඳුන්සුවඳ පරිභොග කරන්නෙමු මල් ගඳ විලවුන් දරන්නෙමු. රන් රිදී මසු කහවණු ඉවසන්නෙමු. (ඒ අපි) කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගතිඇති ස්වර්ගලෝකයෙහි උපදින්නෙමු යන කැමැත්ත ඇත්තෝ ඡන්දය ඇත්තෝ, අභිප්‍රාය ඇත්තෝ වෙමු. මෙසේ කැමැත්තා වූ, මෙසේ ඡන්දය ඇත්තාවූ මෙසේ අභිප්‍රාය ඇත්තාවූ ඒ අපට යම් සේ ගිහිගෙයින් වසන්නෙමුද, කසීසලු සහ සඳුන් සුවඳත් පරිභොග කරන්නෙමුද, මල් ගඳ විලවුනුත් දරන්නෙමුද, රන්රිදී මසු කහවණුත් ඉවසන්නෙමුද, කයබිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහිත් උපදින්නෙමුද එවැනි ධර්මයක් අපට දේශනාකරන සේක්වා.”
“ගෘහපතියෙනි, තොපට තමා කෙරෙහි පමුණුවා දතයුතු ධර්ම ක්‍රමයක් දේශනා කරන්නෙමි එය අසව්. මනා කොට මෙනෙහි කරව්. දෙසනා කරන්නෙම්.”-“එසේය, පින්වතුන් වහන්සැයි” වෙළුද්වාර ගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නාහුය. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
“ගෘහපතියෙනි, තමා කෙරෙහි පමුණුවා දැනගතයුතු ධර්ම ක්‍රමය කවරේද? ගෘහපතියෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම මෙසේ සිතයි. ‘මම වනාහි ජීවත්වෙනු කැමැත්තේ, නො මැරෙනු කැමැත්තේ, සැප කැමැත්තේ වෙමි’ දුක් පිළිකුල් කරන්නෙමි.
‘යමෙක් වනාහි ජීවත්වෙනු කැමති, නොමැරෙනු කැමති, සැප කැමති දුක් පිළිකුල් කරන මා ජීවිතයෙන් තොර කරන්නේද, එය මට අප්‍රිය වෙයි. මනාප නොවෙයි. මම ජීවත්වෙනු කැමැත්තාවූ, නොමැරෙනු කැමැත්තාවූ, සැප කැමැත්තාවූ, දුක් පිළිකුල් කරන්නාවූ, අන්‍යයෙකු ජීවිතයෙන් තොර කරන්නෙම්ද, අන්‍යයාටත් එය අප්‍රිය වෙයි අමනාපවෙයි. යම් මේ ධර්මයක් තෙම මට අප්‍රිය අමනාපවේද, එය අනුන්ටත් ඒ ධර්මය අප්‍රිය වෙයි. අමනාප වෙයි. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රියවේද, අමනාපවේද, කෙසේ මම අනිකෙකු ඒ හා සම්බන්ධ කෙරෙම්ද’ යනුවෙනි. හෙතෙම මෙසේ සලකා තමාද ප්‍රාණඝාතයෙන් වෙන්වූයේ වෙයි. අනුන්ද ප්‍රාණඝාතයෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. ප්‍රාණඝාතයෙන් වෙන්වීමෙහි ගුණද කියයි. මෙසේ ඔහුගේ මේ කායික පැවැත්ම තුන් ආකාරයකින් පිරිසිදු වූයේ වෙයි.
“නැවතද ගෘහපතියෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම මෙසේ කල්පනා කෙරෙයි. ‘යමෙක් වනාහි මා සතු නුදුන් දෙයක් සොරෙන් පැහැර ගනීද, එය මට ප්‍රිය නොවෙයි. මනාප නොවෙයි. මමද අන්සතු නුදුන් දෙයක් සොරෙන් පැහැර ගන්නෙම්ද, එය අනුන්හටද ප්‍රිය නොවෙයි. මනාප නොවෙයි. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රිය වෙයිද, අමනාප වෙයිද, අනුන්ටත් ඒ ධර්මය අප්‍රිය වෙයි. අමනාප වෙයි. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රියවේද, අමනාප වෙයිද, මම කෙසේ අනිකකු ඒ හා සම්බන්ධ කෙරෙම්ද?’ යනුවෙනි. හෙතෙම මෙසේ සලකා තමාද හොරකමින් වැලකුණේ වෙයි. අනුන්ද හොරකමින් වැලකීමෙහි සමාදන් කරවයි. හොරකමින් වෙන්වීමෙහි ගුණද කියයි. ඔහුගේ මේ කාය සමාචාරය මෙසේ තුන් ආකාරයකින් පිරිසිදු වූයේ වෙයි.
“නැවතද ගෘහපතියෙනි, ආර්‍ය්‍යශ්‍රාවකතෙම මෙසේ කල්පනා කෙරෙයි. ‘යමෙක් වනාහි මාගේ ස්ත්රින් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නේද, එය මට ප්‍රිය නොවෙයි. මනාප නොවෙයි. මමද අනුන්ගේ ස්ත්‍රීන් කෙරෙහි හැසිරෙන්නෙම්ද එය අනුන්ටත් ප්‍රිය නොවේ. මනාප නොවේ. යම් මේ ධර්මයක් මට අප්‍රියද අමනාපද ඒ ධර්මය වනාහි අනුන්ටත් අප්‍රිය වෙයි. අමනාප වෙයි. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රියවේද අමනාප වේද, මම කෙසේ අනිකෙකු ඒ හා සම්බන්ධ කෙරෙම්ද?” කියායි. හෙතෙම මෙසේ සලකා, තෙමේද කාමයන්හි වරදවා හැසිරීමෙන් වැලකුණේ වෙයි. අනුන්ද කාමයන්හි වරදවා හැසිරීමෙන් වැලකීමෙහි සමාදන් කරවයි. කාමයන්හි වරදවා හැසිරීමෙන් වැලකීමෙහි ගුණද කියයි. ඔහුගේ මේ කාය සමාචාරය මෙසේ තුන් ආකාරයකින් පිරිසිදු වූයේ වෙයි.
“නැවතද ගෘහපතියෙනි, ආර්‍ය්‍යශ්‍රාවක තෙම මෙසේ කල්පනා කෙරෙයි. ‘යමෙක් වනාහි බොරු කීමෙන් මාගේ අර්ථය බිඳින්නේද, එය මට ප්‍රිය නොවෙයි. මනාප නොවෙයි. මමද අනුන්ගේ අර්ථය බොරු කීමෙන් බිඳින්නෙම්ද, එය අනුන්ටත් අප්‍රිය වෙයි. අමනාප වෙයි. යම් මේ ධර්මයක් මට අප්‍රියවේද, අමනාප වේද, ඒ ධර්මය අනුන්ටත් අප්‍රිය වෙයි. අමනාප වෙයි. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රියද අමනාපද මම කෙසේ අනිකෙකු ඒ හා සම්බන්ධ කෙරෙම්ද?’ යනුවෙනි. හෙතෙම මෙසේ කල්පනා කොට, තමාද බොරුකීමෙන් වෙන්වූයේ වෙයි. අනුන්ද බොරු කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. බොරු කීමෙන් වෙන් වීමෙහි ගුණද කියයි. ඔහුගේ වචනයේ පැවැත්ම මෙසේ තුන්ආකාරයකින් පිරිසිදුවූයේ වෙයි.
“නැවතද ගෘහපතියෙනි, ආර්‍ය්‍යශ්‍රාවක තෙම මෙසේ කල්පනා කෙරෙයි. ‘යමෙක් වනාහි කේලාම් කියා මාගේ මිතුරන් බිඳින්නේද එය මට ප්‍රිය නොවෙයි. මනාප නොවෙයි. මමද කේලාම් කියා අනුන්ගේ මිතුරන් බිඳින්නෙම් නම් එය අනුන්ටද ප්‍රිය නොවෙයි. මනාප නොවෙයි. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රියද අමනාපද ඒ ධර්මය අනුන්ටත් අප්‍රියවෙයි. අමනාප වෙයි. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රියද අමනාපද මම අනිකෙකු කෙසේ ඒ හා සම්බන්ධ කරන්නෙම්ද?” යනුවෙනි. හෙතෙම මෙසේ කල්පනා කොට, තමාද කේලාම් කීමෙන් වෙන්වූයේ වෙයි. අනුන්ද කේලාම් කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. කේලාම් කීමෙන් වෙන්වීමෙහි ගුණද කියයි. මෙසේ ඔහුගේ වචනයේ පැවැත්ම තුන්ආකාරයකින් පිරිසිදුවූයේ වෙයි.
“නැවතද ගෘහපතියෙනි, ආර්‍ය්‍යශ්‍රාවක තෙම මෙසේ කල්පනා කෙරෙයි. ‘යමෙක් වනාහි මට ඵරුස වචනයෙන් ගටා බණින්නේද එය මට ප්‍රිය නොවේ. මනාප නොවේ. මමද ඵරුස බසින් අනුන්ට ගටා බණින්නෙම් නම් එය අනුන්ටද ප්‍රිය නොවේ මනාප නොවේ. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රියද අමනාපද ඒ ධර්මය අනුන්ටත් අප්‍රිය වෙයි. අමනාප වෙයි. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රියද අමනාපද මම අනිකකු ඒහා කෙසේ සම්බන්ධ කරවන්නෙම්ද?’ කියායි. හෙතෙම මෙසේ කල්පනාකොට තමාද ඵරුස වචනයෙන් වෙන්වූයේ වෙයි. අනුන්ද ඵරුස වචනයෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි ඵරුස වචනයෙන් වෙන්වීමෙහි ගුණද කියයි. මෙසේ ඔහුගේ වචනයේ පැවැත්ම තුන්ආකාරයකින් පිරිසිදුවූයේ වෙයි.
“නැවතද ගෘහපතියෙනි, ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ කල්පනා කෙරෙයි. ‘යමෙක් වනාහි මට හිස් වචන කියන්නේද එය මට ප්‍රිය නොවෙයි. මනාප නොවෙයි. මමද අනුන්ට හිස්වචන කියන්නෙම් නම් එය අනුන්ටද ප්රියනොවේ මනාප නොවෙයි. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රියද අමනාපද ඒ ධර්මය අනුන්ටත් අප්‍රිය වෙයි, අමනාප වෙයි. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රියද අමනාපද මම එහි අනිකකු කෙසේ සම්බන්ධ කරවන්නෙම්ද? කියායි. හෙතෙම මෙසේ කල්පනාකොට තමාද හිස් වචන කීමෙන් වෙන්වූයේ වෙයි. අනුන්ද හිස් වචන කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. හිස් වචන කීමෙන් වෙන්වීමෙහි ගුණද කියයි මෙසේ ඔහුගේ වචනයේ පැවැත්ම තුන් ආකාරයකින් පිරිසිදුවූයේ වෙයි.
“හෙතෙම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූවාහුය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විජ්ජාචරණ සම්පන්නයහ, සුගතයහ, ලොකවිදූහ, පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු හා සමානයහ, දෙවිමිනිසුන්ගේ ශාස්තෲහ, චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කළසේක, භාග්‍යවත්හ කියායි.
“ධර්මය කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්ත වූවාහුය. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල් නොයවා විපාක දෙන්නේය. එව බලවයි, පෙන්විය හැකිගුණ ඇත්තේය තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්ත වූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේය කියායි.
“සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූවාහුය. භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්‍රතිත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරු බුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙළ කළ දෙය පිළිගැනීමට සුදුසු වූසේක. ඇඳිලි කිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පිං කුඹුරය, කියායි.
“ගෘහපතියෙනි, යම් තැනක සිට ආර්‍ය්‍යශ්‍රාවක තෙම වනාහි මේ ධර්ම සතෙන් යුක්ත වන්නේද හෙතෙම කැමතිවන්නේ මේ කැමැති වන්නාවූ කරුණු සතරින් තෙමේම තමහට ප්‍රකාශකරන්නේය කෙසේද? මම ක්ෂය කළ නිරය ඇත්තේ වෙමි. ක්ෂය කළ තිරිසන් අපාය ඇත්තේ වෙමි. ක්ෂය කළ ප්‍රේතවිෂය ඇත්තේවෙමි. ක්ෂය කළ නපුරු ගති ඇති, විසම වැටීම් ඇති අපාය ඇත්තේ වෙමි. අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බව නියතවූ, රහත් බව පිහිට කොට සෝවාන්වූවෙක් වෙමි’ කියායි.
මෙසේ වදාළ කල්හි වෙළුද්වාර ගම්වාසී බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු හෝ කෙරේද, සැඟවූවක් විවෘත හෝ කෙරේද මංමුළාවූවෙකුට මාර්ගය හෝ කියයිද, ඇස්ඇත්තෝ රූප දකිත්වායි, අන්ධකාරයෙහි තෙල් පහනක් හෝ දරාද, එපරිද්දෙන් භවත් ගෞතමයන්වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්මය දේශනා කරනලදී. ස්වාමීනි, අපද අද පටන් දිවිහිමියෙන් භාග්‍යවතුන් වහන්සේද ධර්මයද සංඝයාද සරණ යමු. භවත් ගෞතමයන් වහන්සේ දිවිහිමිකොට සරණ ගිය උපාසකයන් කොට අප දරණ සේක්වා.”
|
8. පඨමගිඤ්ජකාවසථසුත්තං | 8. ගිඤ්ජකාවසථ සූත්‍රය |
1004
එවං මෙ සුතං - එකං සමයං භගවා ඤාතිකෙ විහරති ගිඤ්ජකාවසථෙ. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි
‘‘සාළ්හො නාම, භන්තෙ, භික්ඛු කාලඞ්කතො; තස්ස කා ගති කො අභිසම්පරායො? නන්දා නාම, භන්තෙ, භික්ඛුනී කාලඞ්කතා; තස්සා කා ගති කො අභිසම්පරායො? සුදත්තො නාම, භන්තෙ, උපාසකො කාලඞ්කතො; තස්ස කා ගති කො අභිසම්පරායො? සුජාතා නාම, භන්තෙ, උපාසිකා කාලඞ්කතා; තස්සා කා ගති, කො අභිසම්පරායො’’ති?
‘‘සාළ්හො
‘‘අනච්ඡරියං ඛො පනෙතං, ආනන්ද, යං මනුස්සභූතො කාලං කරෙය්ය; තස්මිං තස්මිං චෙ මං කාලඞ්කතෙ උපසඞ්කමිත්වා එතමත්ථං පටිපුච්ඡිස්සථ. විහෙසා පෙසා, ආනන්ද, අස්ස තථාගතස්ස. තස්මාතිහානන්ද
‘‘කතමො ච සො, ආනන්ද, ධම්මාදාසො ධම්මපරියායො; යෙන සමන්නාගතො අරියසාවකො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්යාකරෙය්ය - ‘ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනි ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො, සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’’’?
‘‘ඉධ, ආනන්ද, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි...පෙ.... සමාධිසංවත්තනිකෙහි. අයං ඛො සො, ආනන්ද, ධම්මාදාසො ධම්මපරියායො; යෙන සමන්නාගතො අරියසාවකො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්යාකරෙය්ය - ‘ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනි ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො, සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’’’ති. අට්ඨමං.
(තීණිපි සුත්තන්තානි එකනිදානානි).
|
1004
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ඤාතික නම් ගමෙහිවූ උළුගෙහි වැඩ වසනසේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
[2] “ස්වාමීනි, සාළ්හ මහණතෙම කළුරිය කෙළේය. උන්වහන්සේගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද, ස්වාමීනි, නන්දානම් මෙහෙණ කළුරිය කළාය. ඇගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? ස්වාමීනි, සුදත්ත නම් උපාසකතෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද? පරලොව කුමක්ද, ස්වාමීනි, සුජාතා නම් උපාසිකාව කළුරිය කළාය. ඇගේ ගතිය කුමක්ද? පරලොව කුමක්ද?” යනුයි
[3] “ආනන්දය, කළුරිය කළ සාළ්හ මහණතෙම ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තෙමේ දැන, ප්රත්යක්ෂ කොට ඊට පැමිණ විසීය.
“ආනන්දය, කළුරිය කළාවූ නන්දා මෙහෙණ ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් ඕපපාතිකවූවා, ඒ බ්‍රහ්ම ලෝකයෙන් නැවත නොඑන ස්වභාව ඇත්තී එහිදී පිරිනිවන් පාන්නීය.
“ආනන්දය, කළුරිය කළාවූ සුදත්ත ගෘහපතිතෙම ත්‍රිවිධ සංයෝජනයන් ක්ෂය කිරීමෙන් රාග ද්වේෂ මෝහයන් තුනී කිරීමෙන් සකෘදාගාමීව එක් වරක් පමණක් මේ ලෝකයට අවුත් දුක් කෙළවර කරන්නේය.
“ආනන්දය, කාලක්‍රියා කළාවූ සුජාතා උපාසිකාතොමෝ ත්‍රිවිධ සංයෝජනයන් ක්ෂය කිරීමෙන් අපායෙහි නොවැටීම ස්වභාව කොට ඇත්තාවූ රහත්බවට මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් තැනැත්තියක් වූවාය.
[4] “ආනන්දය, මිනිසෙකු මැරෙන්නේය යන මෙය පුදුමයක් නොවේ. ඉදින් ඒ ඒ මිනිසුන් මළ කල්හි මා කරා පැමිණ, මේ කරුණ අසන්නහුනම්, ආනන්දය, මේ ඇසීම තථාගතයන් වහන්සේට වෙහෙසක්ම වන්නේය. ආනන්දය, ඒ නිසා ධර්මාදාස (දහම් කැටපත) නම් ධර්ම ක්‍රමයක් දේශනා කරන්නෙමි. එයින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවකතෙම කැමතිවන්නේ නම් ‘මම ක්ෂය කරනලද නිරය ඇත්තේ වෙමි. ක්ෂය කරන ලද තිරිසන් යෝනි ඇත්තේ වෙමි. ක්ෂය කරන ලද ප්‍රේත විෂය ඇත්තේ වෙමි. ක්ෂය කරන ලද විෂම වැටීම් ඇති දුර්ගති නම්වූ අපාය ඇත්තේ වෙමි. අපායෙහි වැටෙන ස්වභාවය නැත්තාවූ නියතවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වෙමැයි’ තෙමේම තමහට කියන්නේය.
[5] “ආනන්දය, යම් ධර්මයකින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම වනාහි කැමැතිවන්නේ ‘මම ක්ෂය කරන ලද නිරය ඇත්තේවෙමි. ක්ෂය කරන ලද තිරිසන් යෝනි ඇත්තේ වෙමි. ක්ෂය කරන ලද ප්‍රේත විෂය ඇත්තේ වෙමි. ක්ෂය කරන ලද විෂම වැටීම් ඇති දුර්ගති නම්වූ අපාය ඇත්තේවෙමි. අපායෙහි වැටෙන ස්වභාවය නැත්තාවූ, නියතවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වෙමියි තෙමේම තමහට ප්‍රකාශ කරන්නේද ඒ ධම්මාදාස නම්වූ ධර්මක්රමය කවරේද?
[6] “ආනන්දය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අර්හත්වනසේක. සම්‍යක් සම්බුද්ධවන සේක. විජ්ජාචරණ සම්පන්නවන සේක. සුගතවන සේක ලෝකවිදූවන සේක. අනුත්තර පුරිසදම්මසාරථි වන සේක. දෙවිමිනිසුන්ගේ ශාස්තෲවන සේක. චතුස්සත්‍යය අවබෝධකළ සේක. භාග්‍යවත්සේකැයි බුදුරජාණන්වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයි.
‘භාග්‍යවතුන්වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල් නොයවා විපාක දෙන්නේය. එව බලවයි, පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්ත වූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේයයි මෙසේ ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයි.
“භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙලකළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූසේක. ඇඳිලි කිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පිං කුඹුරය. මෙසේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි.
“නොකැඩුනාවූ, සිදුරු නොවූ, කබර නොවූ, කැළල් නොවූ, නිදහස්වූ, නුවණ ඇත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාවූ තෘෂ්ණා දෘෂ්ටීන් විසින් පරාමර්ෂණය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවතින්නාවූ ආර්‍ය්‍යයන් කැමැති ශීලයෙන් යුක්ත වූයේවෙයි.
[7] “ආනන්දය, යම් ධර්ම ක්‍රමයකින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම කැමැතිවන්නේ ‘මම ක්ෂය කරන ලද නිරය ඇත්තේ වෙමි ක්ෂය කරන ලද තිරිසන් යෝනි ඇත්තේ වෙමි ක්ෂය කරන ලද ප්‍රේත විෂය ඇත්තේ වෙමි. ක්ෂයකරන ලද විසමවූ වැටීම් ඇති, දුර්ගති නම්වූ අපාය ඇත්තේ වෙමි. අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ නියතවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වෙමියි’ තෙමේම තමහට ප්‍රකාශ කරන්නේද, ආනන්දය මේ ධර්මාදාස නම්වූ ඒ ධර්මක්රමය වෙයි.”
|
9. දුතියගිඤ්ජකාවසථසුත්තං | 9. අසොක ධම්මා‘දාස සූත්‍රය |
1005
එකමන්තං
‘‘අසොකො, ආනන්ද, භික්ඛු කාලඞ්කතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි...පෙ.... (පුරිමවෙය්යාකරණෙන එකනිදානං).
‘‘අයං ඛො සො, ආනන්ද, ධම්මාදාසො ධම්මපරියායො; යෙන සමන්නාගතො අරියසාවකො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්යාකරෙය්ය - ‘ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනි ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො, සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’’’ති. නවමං.
|
1005
(මේ ඡේදය මේ වර්ගයේ 8 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡේදය මෙනි)
“ස්වාමීනි, අසොක නම් මහණතෙම කළුරිය කෙළේය ඒ මහණහුගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? ස්වාමීනි, අසෝක නම් මෙහෙණ කළුරිය කළාය. ඒ මෙහෙණගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? ස්වාමීනි, අසෝක නම් උපාසක තෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? ස්වාමීනි, අසොක නම් උපාසිකාව කළුරිය කළාය. ඇගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද?
“ආනන්දය, කළුරිය කළ අසෝක මහණතෙම ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තෙමේ දැන ප්රත්යක්ෂ කොට ඊට පැමිණ විසීය.
“ආනන්දය, කළුරිය කළාවූ අසොක මෙහෙණ ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් ඔපපාතික වූවා, ඒ බ්‍රහ්ම ලෝකයෙන් නැවත නොඑන ස්වාභාව ඇත්තී එහිදී පිරිනිවන් පාන්නීය.
“ආනන්දය, කළුරිය කළාවූ අසොක ගෘහපතිතෙම ත්‍රිවිධ සංයෝජනයන් ක්ෂය කිරීමෙන්, රාග ද්වේෂ මෝහයන් තුනී කිරීමෙන් සකෘදාගාමීව එක්වරක් පමණක් මේ ලෝකයට අවුත් දුක් කෙළවර කරන්නේය.
“ආනන්දය, කාලක්‍රියා කළාවූ අසොක උපාසිකා තොමෝ ත්‍රිවිධ සංයෝජනයන් ක්ෂය කිරීමෙන් අපායෙහි නොවැටීම ස්වභාව කොට ඇත්තාවූ රහත් බවට නියතවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් තැනැත්තියක් වූවාය.
(මේ ඡේද මේ වර්ගයේ 8 වෙනි සූත්‍රයේ 4, 5, 6, 7 වෙනි ඡේද මෙන් වේ)
|
10. තතියගිඤ්ජකාවසථසුත්තං | 10. කකුධ ධම්මාදාස සූත්‍රය |
1006
එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච - ‘‘කක්කටො නාම, භන්තෙ, ඤාතිකෙ උපාසකො කාලඞ්කතො; තස්ස කා ගති, කො අභිසම්පරායො? කළිභො නාම, භන්තෙ, ඤාතිකෙ උපාසකො...පෙ.... නිකතො නාම, භන්තෙ, ඤාතිකෙ උපාසකො...පෙ.... කටිස්සහො නාම, භන්තෙ, ඤාතිකෙ උපාසකො...පෙ.... තුට්ඨො නාම, භන්තෙ, ඤාතිකෙ උපාසකො...පෙ.... සන්තුට්ඨො නාම, භන්තෙ, ඤාතිකෙ උපාසකො...පෙ.... භද්දො නාම, භන්තෙ, ඤාතිකෙ උපාසකො...පෙ.... සුභද්දො නාම, භන්තෙ, ඤාතිකෙ උපාසකො කාලඞ්කතො; තස්ස කා ගති කො අභිසම්පරායො’’ති?
‘‘කක්කටො
‘‘පරොපඤ්ඤාස, ආනන්ද, ඤාතිකෙ උපාසකා කාලඞ්කතා පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකා තත්ථ පරිනිබ්බායිනො අනාවත්තිධම්මා තස්මා ලොකා. සාධිකනවුති, ආනන්ද, ඤාතිකෙ උපාසකා කාලඞ්කතා තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමිනො; සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති. ඡාතිරෙකානි ඛො, ආනන්ද, පඤ්චසතානි ඤාතිකෙ උපාසකා කාලඞ්කතා තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා.
‘‘අනච්ඡරියං ඛො පනෙතං, ආනන්ද, යං මනුස්සභූතො කාලං කරෙය්ය; තස්මිං තස්මිං චෙ මං කාලඞ්කතෙ උපසඞ්කමිත්වා එතමත්ථං පටිපුච්ඡිස්සථ. විහෙසා පෙසා, ආනන්ද, අස්ස තථාගතස්ස. තස්මාතිහානන්ද, ධම්මාදාසං නාම ධම්මපරියායං දෙසෙස්සාමි; යෙන සමන්නාගතො අරියසාවකො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්යාකරෙය්ය - ‘ඛීණනිරයොම්හි
‘‘කතමො ච සො, ආනන්ද, ධම්මාදාසො ධම්මපරියායො; යෙන සමන්නාගතො අරියසාවකො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්යාකරෙය්ය - ‘ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනි ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො, සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’’’.
‘‘ඉධානන්ද
|
1006
(මේ ඡේදය මේ වර්ගයේ 8 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡේදය මෙනි)
“ස්වාමීනි, ඤාතිකයෙහි කකුධ නම් උපාසක තෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? ස්වාමීනි, ඤාතිකයෙහිවූ කාලිංග නම් උපාසක තෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද?
“ස්වාමීනි, ඤාතිකයෙහි තික්ඛ නම් උපාසක තෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? ස්වාමීනි, ඤාතිකයෙහි කටිස්සහ නම් උපාසක තෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? ස්වාමීනි, ඤාතිකයෙහි තුට්ඨ නම් උපාසක තෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? ස්වාමීනි, ඤාතිකයෙහි සන්තුට්ඨ නම් උපාසක තෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? ස්වාමීනි, ඤාතිකයෙහි භද්ද නම් උපාසක තෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? ස්වාමීනි, ඤාතිකයෙහිවූ සුභද්ද නම් උපාසක තෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද පරලොව කුමක්ද?”
“ආනන්දය, කළුරිය කළාවූ කකුධ උපාසකතෙම තෙම ඔරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බ්‍රහ්ම ලෝකයෙන් මේ ලෝකයට නොඑන ස්වභාව ඇත්තේ ඔපපාතිකව එහිම පිරිනිවන් පාන්නේ වෙයි.
“ආනන්දය, කළුරිය කළාවූ කාලිංග උපාසකතෙම ඔරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බ්‍රහ්ම ලෝකයෙන් මේ ලෝකයට නොඑන ස්වභාව ඇත්තේ ඔපපාතිකව එහිම පිරිනිවන් පාන්නේ වෙයි.
“ආනන්දය, කළුරිය කළාවූ නික්ඛ උපාසකතෙම ඔරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බ්‍රහ්ම ලෝකයෙන් නැවත මේ ලෝකයට නොඑන ස්වභාව ඇත්තේ ඔපපාතිකව එහිම පිරිනිවන් පාන්නේ වෙයි.
“ආනන්දය, කළුරිය කළාවූ කටිස්සහ උපාසකතෙම ඔරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බ්‍රහ්ම ලෝකයෙන් මේ ලෝකයට නොඑන ස්වභාව ඇත්තේ ඔපපාතිකව එහිම පිරිනිවන් පාන්නේ වෙයි.
‘ආනන්දය, කළුරිය කළාවූ තුට්ඨ උපාසකතෙම ඔරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බ්‍රහ්ම ලෝකයෙන් නැවත මේ ලෝකයට නො එන ස්වභාව ඇත්තේ ඔපපාතිකව එහිම පිරිනිවන් පාන්නේ වෙයි.
“ආනන්දය, කළුරිය කළාවූ සන්තුට්ඨ උපාසකතෙම ඔරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බ්‍රහ්ම ලෝකයෙන් නැවත මේ ලෝකයට නොඑන ස්වභාව ඇත්තේ ඔපපාතිකව එහිම පිරිනිවන් පාන්නේ වෙයි.
“ආනන්දය, කළුරිය කළාවූ භද්ද උපාසකතෙම ඔරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බ්‍රහ්ම ලෝකයෙන් නැවත මේ ලෝකයට නොඑන ස්වභාව ඇත්තේ ඔපපාතිකව එහිම පිරිනිවන් පාන්නේ වෙයි.
“ආනන්දය, කළුරිය කළාවූ භද්ද උපාසකතෙම ඔරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බ්‍රහ්ම ලෝකයෙන් මේ ලෝකයට නැවත නොඑන ස්වභාව ඇත්තේ ඔපපාතිකව එහිම පිරිනිවන් පාන්නේ වෙයි.
“ආනන්දය, කළුරිය කළාවූ ඥාතිකයෙහිවූ පනසකට අධික උපාසකයෝ තුමූ ඔරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් ඒ බඹ ලෝකයෙන් මේ කාම ලෝකයට නැවත නො එන ස්වභාව ඇත්තේ ඔපපාතිකව එහිම පිරිනිවන් පාන්නේ වෙයි.
“ආනන්දය, කළුරිය කළාවූ ඥාතිකයෙහිවූ අනූවකට අධික උපාසකයෝ තුමූ ත්‍රිවිධ සංයෝජනයන් ක්ෂයකිරීමෙන් රාග-ද්වේෂ-මෝහයන් තුනී කළ සකෘදාගාමිව වරක් පමණක් මේ ලෝකයට අවුත් දුක් කෙළවර කෙරෙත්.
“ආනන්දය, කළුරිය කළාවූ පන්සිය සයදෙනෙකුට අධික වූ ඤාතිකයෙහි වූ උපාසකයෝ තුමූ ත්‍රිවිධ සංයෝජනයන් ක්ෂය කිරීමෙන් අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ, නිවන නියතවූ, මතුමාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෝ වූහයි” වදාළේය.
(මේ ඡේද මේ වර්ගයේ 8 වෙනි සූත්‍රයේ 4, 5, 6, 7 වෙනි ඡේද මෙනි.)
|
2. රාජකාරාමවග්ගො | 2. රාජකාරාම වර්ගය |
1. සහස්සභික්ඛුනිසඞ්ඝසුත්තං | 1. සහස්ස භික්ඛුනී සූත්‍රය |
1007
එකං
‘‘චතූහි ඛො, භික්ඛුනියො, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො. කතමෙහි චතූහි? ඉධ, භික්ඛුනියො, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ
|
1007
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ රාජකාරාමයෙහි වාසය කරනසේක. ඉක්බිති සහස්ස නම් භික්ඛුනී සමූහයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක සිටියේය. එක්පසෙක සිටියාවූ ඒ භික්ඛුනීන්හට භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
[2] “මෙහෙණෙනි, ධර්ම සතරකින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බවට නියතවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වන්නේය. කවර සතරකින්ද? මෙහෙණනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම, ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අර්හත් වනසේක. සම්‍යක් සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තර පුරිසදම්ම සාරථි වන සේක. දෙව් මිනිසුන්ගේ ශාස්තෲ වනසේක. චතුස්සත්‍යය අවබෝධ කළසේක. භාග්‍යවත්සේකැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයිද,
“ධර්මය තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල් නොයවා විපාක දෙන්නේය. එව, බලවයි පෙන්වියහැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුත්තේයයි මෙසේ ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයිද,
“භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය යම් මේ පුරුස යුග සතරක් වෙත්ද පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. තුටු පඬුරු පිණිස පිළියෙළ කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූසේක. ඇඳිලි කර්මයට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පිං කෙතය මෙසේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේද,
නොකැඩුනාවූ, සිදුරු නොවූ, කබර නොවූ කැළල් නොවූ නිදොස්වූ නුවණ ඇත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාවූ, තෘෂ්ණා දෘෂ්ටීන් විසින් පරාමර්ෂණය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවතින්නාවූ ආර්‍ය්‍යයන් කැමති සීලයෙන් යුක්තවූයේ වෙයිද,
[3] “මෙහෙණනි, මේ ධර්ම සතරින් යුක්තවූ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බවට නියතවූ මතුමාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වන්නේයයි” වදාළේය.
|
2. බ්රාහ්මණසුත්තං | 2. උදය ගාමිනි සූත්‍රය |
1008
සාවත්ථිනිදානං
‘‘තං
‘‘කතමා ච සා, භික්ඛවෙ, උදයගාමිනී පටිපදා; යා එකන්තනිබ්බිදාය...පෙ.... නිබ්බානාය සංවත්තති? ඉධ
|
1008
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡේදය මෙනි.)
මහණෙනි, බ්‍රාහ්මණයෝ “උදයගාමිණී” නම් ප්‍රතිපදාවක් පණවත්. ඔවුහු ශ්‍රාවකයන් මෙසේ සමාදන් කරවත්. (කෙසේද?) පින්වත් පුරුෂය, නුඹ මෙහි එව. උදෙන්ම නැගිට පෙරදිගට මුහුණලා යව. ඒ නුඹ මඩ වගුරද ප්‍රපාතයද කණුද කටුවලින් ගැවසී තැනද ගවරවලද කුණුවලද අත් නොහරුව. යම් තැනක වැටෙන්නෙහිද, එහිදීම මරණයට පැමිණෙව. පින්වත් පුරුෂය, මෙසේ වනාහි නුඹ කය බිඳීමෙන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ගලෝකයෙහි උපදින්නේය’ කියායි.
“මහණෙනි, මෙය වනාහි ඒ බමුණන්ගේ අඥාන ගමනකි. මෝඩගමනකි. (එය) කලකිරීම පිණිස, විරාගය පිණිස නිරෝධය පිණස, සංසිඳීම පිණිස, දැනගැනීම පිණිස අවබෝධ කිරීම පිණිස නො පවතියි.
“මහණෙනි, මමද ආර්‍ය්‍ය විනයෙහි උදය ගාමිනී ප්‍රතිපදාවක් පනවමි. එය ඒකාන්තයෙන් කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, දැනගැනීම පිණිස, අවබෝධ කිරීම පිණිස පවතියි.
මහණෙනි, එය ඒකාන්තයෙන් කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, දැනගැනීම පිණිස අවබෝධ කිරීම පිණිස පවතින්නාවූ උදයගාමිණී පටිපදාව කවරීද?
“මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අර්හත් වන සේක. සම්‍යක් සම්බුද්ධ වනසේක. විද්‍යාචරණසම්පන්න වනසේක. සුගත වනසේක. ලෝකවිදූ වනසේක. අනුත්තර පුරිසදම්මසාරථි වන සේක. දෙව් මිනිසුන්ගේ ශාස්තෲ වනසේක, චතුස්සත්‍යය අවබෝධ කළසේක. භාග්‍යවත්සේකැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද,
“ධර්මයතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනාකරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල්නොයවා දෙන විපාක දෙන්නේය. එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුත්තේයයි මෙසේ ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද,
“භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය නිවනට සුදුසුව පිළිපන්නේය. ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද පුද්ගලයන් අට දෙනෙක් වෙත්ද මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්ඵල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූ සේක. ඇඳිලි කර්මයට (වැඳීමට) සුදුසුවූයේය. ලෝකයාගේ උතුම් පිංකෙතය. මෙසේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේද,
“නොකැඩුනාවූ, සිදුරුනොවූ, කබරනොවූ, කැළල්නොවූ නිදොස්වූ, නුවණ ඇත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාවූ, තෘෂ්ණා දෘෂ්ටීන් පරාමර්ෂණය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවත්නාවූ ආර්‍ය්‍යයන් කැමැති ශීලයෙන් යුක්ත වූයේ වෙයිද,
“මහණෙනි, මේ වනාහි ඒකාන්තයෙන් කලකිරීම පිණිස, විරාගය පිණිස නිරෝධය පිණිස. සංසිඳීම පිණිස, දැනගැනීම පිණිස, අවබෝධකිරීම පිණිස, නිවන පිණිස පවතියි.
|
3. ආනන්දත්ථෙරසුත්තං | 3. ආනන්ද සොතාපත්තියංග සූත්‍රය |
1009
එකං සමයං ආයස්මා ච ආනන්දො ආයස්මා ච සාරිපුත්තො සාවත්ථියං විහරන්ති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා සාරිපුත්තො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මතා ආනන්දෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං
‘‘කතමෙසං
‘‘යථාරූපෙන ච ඛො, ආවුසො, ධම්මෙ අප්පසාදෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති තථාරූපස්ස ධම්මෙ අප්පසාදො න හොති. යථාරූපෙන ච ඛො, ආවුසො, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො සුතවා අරියසාවකො කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති තථාරූපස්ස ධම්මෙ අවෙච්චප්පසාදො
‘‘යථාරූපෙන ච ඛො, ආවුසො, සඞ්ඝෙ අප්පසාදෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති තථාරූපස්ස සඞ්ඝෙ අප්පසාදො න හොති. යථාරූපෙන ච ඛො, ආවුසො, සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො සුතවා අරියසාවකො කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති තථාරූපස්ස සඞ්ඝෙ අවෙච්චප්පසාදො හොති - සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
‘‘යථාරූපෙන ච ඛො, ආවුසො, දුස්සීල්යෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති තථාරූපස්ස දුස්සීල්යං න හොති. යථාරූපෙහි ච ඛො, ආවුසො, අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො සුතවා අරියසාවකො
|
1009
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිර තෙමේද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේද සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කෙරෙත්. ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිර තෙම සවස් කාලයෙහි විවේකයෙන් නැඟීසිටියේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් හා සමග සතුටුවිය. සතුටුවිය යුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිර තෙමේ වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙය කීයේය.
“ඇවැත් ආනන්දය, කෙතෙක් ධර්මයන් නැතිකිරීම කෙතෙක් ධර්මයන්ගෙන් යුක්තවීම හේතුකොටගෙන මෙසේ මේ ප්‍රජාව අපායෙහි වැටීමක් නැති රහත් බවට නියතවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් බවට පැමිණියායි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේද?”
“ඇවැත්නි, ධර්ම සතරක් නැතිකිරීමත් ධර්ම සතරකින් යුක්තවීමත් හේතුකොටගෙන මෙසේ මේ ප්‍රජාව අපායෙහි වැටීමක් නැති රහත් බවට නියතවූ මතුමාර්ගත්රයට පිහිටවූ සෝවාන් බවට පැමිණියා යයි’ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. කවර සතරකින්ද? ඇවැත්නි, බුදුන් කෙරෙහි යම්බඳුවූ අප්‍රසාදයකින් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, විසම වැටීම් ඇති නිරයෙහි උපදියිද, බුදුන් කෙරෙහි ඔහුට එවැනි අප්‍රසාදයක් නැත. ඇවැත්නි, බුදුන් කෙරෙහි යම්බඳුවූ අචල ශ්‍රද්ධාවකින් යුත් ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදියිද, ඔහුට බුදුන් කෙරෙහි එවැනි නොසෙල්වෙන ප්‍රසාදයක් ඇත්තේය. මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත් වනසේක සම්‍යක්සම්බුද්ධ වන සේක. විජ්ජාචරණසම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තර පුරුසදම්මසාරථි වන සේක දෙව් මිනිසුන්ගේ ශාස්තෲ වන සේක චතුස්සත්‍යය අවබෝධ කළ සේක. භාග්‍යවත්සේකැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයි.
4 ‘ඇවැත්නි, ධර්මය කෙරෙහි යම්බඳුවූ අප්‍රසාදයෙන් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, විසම වැටීම් ඇති නිරයෙහි උපදියිද, ඔහුට ධර්මය කෙරෙහි එබඳු අප්‍රසාදයක් නැත. ඇවැත්නි, ධර්මය කෙරෙහි යම්බඳු අචල ප්‍රසාදයෙන් යුක්තවූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය බිඳීමෙන් මරණින්මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියිද. ඔහුට ධර්මය කෙරෙහි එබඳු අචල ප්‍රසාදය ඇත්තේය.
“ධර්මය තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනාකරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල්නොයවා දෙන විපාක දෙන්නේය. එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේය, කියායි.
“ඇවැත්නි, සංඝයා කෙරෙහි යම්බඳුවූ අප්‍රසාදයෙන් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති, විසම වැටීම් ඇති, නිරයෙහි උපදියිද, ඔහුට සංඝයා කෙරෙහි එබඳුවූ අප්‍රසාදය නැත්තේය ඇවැත්නි, සංඝයා කෙරෙහි යම්බඳුවූ අචලප්‍රසාදයෙන් යුක්තවූ ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදියිද ඔහුට සංඝයා කෙරෙහි එබඳු අචල ප්‍රසාදය ඇත්තේය.
“භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අට දෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැන්මට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූ සේක. ඇඳිලි කර්මයට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ පින් කෙතය, කියායි. මෙසේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේද,
“ඇවැත්නි, යම්බඳුවූ දුස්සීල බවකින් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, විසම වැටීම් ඇති නිරයෙහි උපදියිද, ඔහුට එබඳුවූ දුශ්ශීල බවක් නැත්තේය. ඇවැත්නි, යම්බඳුවූ ආර්‍ය්‍යයන් කැමති සීලයෙන් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියිද, ඒ ඔහුට නොකැඩුනාවූ, සිදුරු නොවූ, කබර නොවූ, කැළැල් නොවූ, දොස් නොවූ, නුවණැත්තන් විසින් පසස්නා ලද්දාවූ තෘෂ්ණාදෘෂ්ටීන් විසින් පරාමර්ෂණය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවත්නාවූ ආර්‍ය්‍යයන් කැමති සීලය ඇත්තේ වෙයි.
“ඇවැත්නි, මේ සතර ධර්මයන් නැතිකිරීම හා මේ සතර ධර්මයන්ගෙන් යුක්තවීම හේතුකොට ගෙන මෙසේ මේ ප්‍රජාව වනාහි අපායෙහි වැටෙන ස්වභාව නැත්තාවූ, රහත් බවට නියතවූ මතු මාර්ගත්රයට පැමිණීම ඒකාන්තවූ සෝවාන් බවට පැමිණියේයයි” භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී.
|
4. දුග්ගතිභයසුත්තං | 4. දුග්ගති භය සූත්‍රය |
1010
‘‘චතූහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සබ්බදුග්ගතිභයං සමතික්කන්තො හොති. කතමෙහි චතූහි? ඉධ, භික්ඛවෙ, අරියසාවකො
|
1010
[1] මා විසින් මෙසේ අසනලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේ පිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
“මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම සියලු දුර්ගති භය ඉක්මවූයේ වෙයි.
[2] “කවර සතරකින්ද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අර්හත් වන සේක, සම්‍යක් සම්බුද්ධ වනසේක, විද්‍යාචරණ සම්පන්න වන සේක, සුගත වන සේක, ලෝකවිදූ වන සේක, අනුත්තර පුරිස දම්ම සාරථි වනසේක. දෙව් මිනිසුන්ගේ ශාස්තෲ වන සේක. චතුස්සත්‍යය අවබෝධ කළ සේක. භාග්‍යවත් සේකැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද,
[3] “ධර්මයතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනාකරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල්නොයවා දෙන විපාක දෙන්නේය. එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුත්තේයයි මෙසේ ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද,
“භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළීගැනීමට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූ සේක. ඇඳිලි කර්මයට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පින් කෙත විය. මෙසේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේද,
“නොකැඩුනාවූ, සිදුරු නොවූ, කබර නොවූ, කැළල් නොවූ, නිදොස්වූ, නුවණ ඇත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාවූ, තෘෂ්ණාදෘෂ්ටීන් විසින් පරාමර්ෂණය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවත්නාවූ ආර්‍ය්‍යයන් කැමති ශීලයෙන් යුක්ත වූයේ වෙයිද,
[4] “මහණෙනි, මේ සතර ධර්මයන් ගෙන් යුක්තවූ ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම වනාහි සියලු දුර්ගති භය ඉක්මවූයේ වෙයි.”
|
5. දුග්ගතිවිනිපාතභයසුත්තං | 5. විනිපාතභය සූත්‍රය |
1011
‘‘චතූහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සබ්බදුග්ගතිවිනිපාතභයං සමතික්කන්තො හොති. කතමෙහි චතූහි? ඉධ, භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි...පෙ.... සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛො, භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සබ්බදුග්ගතිවිනිපාතභයං සමතික්කන්තො හොතී’’ති. පඤ්චමං.
|
1011
(මේ ඡේදය මේ වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡේදය මෙනි.)
“මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම සියලු නපුරු ගති ඇති අපාය භය ඉක්මවූයේ වෙයි.
(මේ ඡේදය මේ වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.)
“මහණෙනි, මේ සතර ධර්මයන්ගෙන් යුක්තවූ ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම වනාහි සියලු නපුරු ගති ඇති අපාය ඉක්මවූයේ වෙයි.”
|
6. පඨමමිත්තාමච්චසුත්තං | 6. පඨම මිත්තා’මච්ච සූත්‍රය |
1012
‘‘යෙ තෙ, භික්ඛවෙ, අනුකම්පෙය්යාථ, යෙ ච සොතබ්බං මඤ්ඤෙය්යුං - මිත්තා වා අමච්චා වා ඤාතී වා සාලොහිතා වා - තෙ, භික්ඛවෙ, චතූසු සොතාපත්තියඞ්ගෙසු සමාදපෙතබ්බා
|
1012
[1] (මේ ඡේදය මේ වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡේදය මෙනි.)
[2] “මහණෙනි, යමෙකුන්ට අනුකම්පා කරන්නහු නම් ඇසිය යුත්තන් වශයෙන් යම් මිත්‍රයෝ හෝ, විශ්වාසයෝ හෝ නෑයෝ හෝ සහලේ නෑයෝ හෝ හඟින්නාහුද, මහණෙනි ඔවුහු තොප විසින් සොතාපත්ති අංග සතරෙහි සමාදන් කරවිය යුත්තාහුය. වාසය කරවිය යුත්තාහුය. පිහිටුවිය යුත්තාහුය. කවර සතරෙක්හිද?
[3] (මේ ඡේදය මේ වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.)
[4] “මහණෙනි, යමෙකුන්ට අනුකම්පා කරන්නහු නම් ඇසිය යුත්තන් වශයෙන් යම් මිත්‍රයෝ හෝ, විශ්වාසයෝ හො නෑයෝ හෝ, සහලේ නෑයෝ හෝ හඟින්නාහුද, මහණෙනි, ඔවුහු තොප විසින් සොතාපත්ති අංග සතරෙහි සමාදන් කරවිය යුත්තාහුය. වාසය කරවිය යුත්තාහුය. පිහිටුවිය යුත්තාහුය.”
|
7. දුතියමිත්තාමච්චසුත්තං | 7. දුතිය මිත්තා‘මච්ච සූත්‍රය |
1013
‘‘යෙ තෙ, භික්ඛවෙ, අනුකම්පෙය්යාථ, යෙ ච සොතබ්බං මඤ්ඤෙය්යුං - මිත්තා වා අමච්චා වා ඤාතී වා සාලොහිතා වා - තෙ, භික්ඛවෙ, චතූසු සොතාපත්තියඞ්ගෙසු සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා, පතිට්ඨාපෙතබ්බා. කතමෙසු චතූසු? බුද්ධෙ අවෙච්චප්පසාදෙ සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා, පතිට්ඨාපෙතබ්බා - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’’ති.
‘‘සියා, භික්ඛවෙ, චතුන්නං මහාභූතානං අඤ්ඤථත්තං - පථවීධාතුයා, ආපොධාතුයා, තෙජොධාතුයා, වායොධාතුයා - න ත්වෙව බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතස්ස අරියසාවකස්ස සියා අඤ්ඤථත්තං. තත්රිදං අඤ්ඤථත්තං - සො වත බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො අරියසාවකො නිරයං වා තිරච්ඡානයොනිං වා පෙත්තිවිසයං වා උපපජ්ජිස්සතී’’ති - නෙතං ඨානං විජ්ජති. ‘‘ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... අරියකන්තෙසු සීලෙසු සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා, පතිට්ඨාපෙතබ්බා අඛණ්ඩෙසු...පෙ.... සමාධිසංවත්තනිකෙසු. සියා, භික්ඛවෙ, චතුන්නං මහාභූතානං අඤ්ඤථත්තං - පථවීධාතුයා, ආපොධාතුයා, තෙජොධාතුයා, වායොධාතුයා - න ත්වෙව අරියකන්තෙහි
|
1013
(මේ ඡේදය මේ වර්ගයේ 6 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡේදය මෙනි.)
(මේ ඡේදය මේ වර්ගයේ 6 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡේදය මෙනි.)
“බුදුරජාණන්වහන්සේ කෙරෙහි නොසැලෙන පැහැදීමෙහි සමාදන් කරවිය යුත්තාහුය. වාසය කරවිය යුත්තාහුය. පිහිටුවිය යුත්තාහුය. (කෙසේද?) භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අර්හත් වන සේක. සම්‍යක් සම්බුද්ධ වනසේක. විද්‍යාචරණසම්පන්න වන සේක සුගත වන සේක. ලොකවිදූ වන සේක. අනුත්තර පුරිස දම්ම සාරථි වන සේක. දෙවි මිනිසුන්ගේ ශාස්තෲ වන සේක. චතුස්සත්‍යය අවබෝධ කළ සේක. භාග්‍යවත් සේකැයි කියායි.
“මහණෙනි, පඨවිධාතු, ආපෝධාතු, තේජෝධාතු, වායෝධාතු යන සතර මහා භූතයින් හෝ (තදදෙය මොළොක් වීම යනාදි) වෙනස්වීම ඇත්තේය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවකයාගේ වෙනස්වීමක් නැත්තේය. එහි ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූ ඒ ආර්‍ය්‍යශ්‍රාවක තෙම නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ, ප්‍රේතවිෂයෙහි හෝ උපදින්නේය යන මේ කරුණ විද්‍යමාන නොවේ.
“ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙහි සමාදන් කරවිය යුත්තාහුය. වාසය කරවිය යුත්තාහුය. පිහිටුවිය යුත්තාහුය. (කෙසේද?) භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනාකරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල්නොයවා දෙන විපාක දෙන්නේය. එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්ත වූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුත්තේයයි කියායි.
“මහණෙනි, පඨවිධාතු, ආපෝධාතු, තේජොධාතු, වායොධාතු යන සතර මහාභූතයින් හෝ (තදදෙය මොළොක් වීම යනාදී) වෙනස්වීම ඇත්තේය. ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූ ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ වෙනස්වීමක් නැත්තේය. එහි ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූ ඒ ආර්‍ය්‍යශ්‍රාවකතෙම නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ, ප්‍රේතවිෂයෙහි හෝ උපදින්නේය යන මේ කරුණ විද්‍යමාන නොවේ.
“සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙහි සමාදන් කරවිය යුත්තාහුය. වාසය කරවිය යුත්තාහුය. පිහිටුවිය යුත්තාහුය. (කෙසේද?) භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසනප්රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරු බුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසුවූයේය. තුටුපඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැන්මට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූ සේක. ඇඳිලිකර්මයට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පිං කෙතය කියායි.
“මහණෙනි, පඨවිධාතු, ආපෝධාතු, තේජෝධාතු, වායොධාතු යන සතර මහා භූතයින් හෝ (තදදෙය මොළොක් වීම යනාදි) වෙනස්වීම ඇත්තේය. සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවකයාගේ වෙනස්වීමක් නැත්තේය. එහි ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූ ඒ ආර්‍ය්‍යශ්‍රාවකතෙම නිරයෙහි හෝ ප්‍රේතවිෂයෙහි හෝ උපදින්නේය යන මේ කරුණ විද්‍යමාන නොවේ.
‘නොකැඩුනාවූ සිදුරු නොවූ, කබර නොවූ කැළල් නොවූ නිදොස්වූ නුවණ ඇත්තන් විසින් ප්‍රසංසා කරන ලද්දාවූ, (තෘෂ්ණා දෘෂ්ටීන් විසින්) පරාමර්ෂණය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවතින්නාවූ ආර්‍ය්‍යයන් කැමතිවෙනු ලබන්නාවූ ශීලයෙහි සමාදන් කරවිය යුත්තාහුය වාසය කරවිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහුය.”
‘මහණෙනි, පඨවිධාතු, ආපෝධාතු, තේජෝධාතු, වායෝධාතු යන සතර මහාභූතයින් හෝ (තදදෙය මොළොක් වීම යනාදි) වෙනස්වීම ඇත්තේය. ආර්‍ය්‍යයන් කැමති වන්නාවූ ශීලයෙන් යුක්තවූ ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ වෙනස්වීමක් නැත්තේය. එහි ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූ ඒ ආර්‍ය්‍යශ්‍රාවකතෙම නිරයෙහි හෝ තිරිසන් යොනියෙහි හෝ ප්‍රේතවිෂයෙහි හෝ උපදින්නේය යන මේ කරුණ විද්‍යමාන නොවේ.
(මේ ඡේදය මේ වර්ගයේ 6 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදය මෙනි.)
|
8. පඨමදෙවචාරිකසුත්තං | 8. පඨම දෙවචාරිකා සූත්‍රය |
1014
සාවත්ථිනිදානං. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො - සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා
‘‘සාධු ඛො, ආවුසො, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො, ආවුසො, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො, ආවුසො, ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... සාධු ඛො, ආවුසො, අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනං හොති අඛණ්ඩෙහි...පෙ....
‘‘සාධු ඛො, මාරිස මොග්ගල්ලාන, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො, මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො, මාරිස මොග්ගල්ලාන, ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනං හොති අඛණ්ඩෙහි...පෙ.... සමාධිසංවත්තනිකෙහි. අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනහෙතු ඛො, මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තී’’ති. අට්ඨමං.
|
1014
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම සැවැත්නුවර අනේපිඬුසිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කෙරෙයි. එකල්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙම යම්සේ බලවත් පුරුෂයෙක් හකුළුවනලද අතක් දිගහරින්නේද, දිගහරිනලද, අතක් හකුළුවන්නේද එමෙන් ජේතවනාරාමයෙන් අතුරුදහන්ව තව්තිසා දෙවියන් අතරෙහි පහළවිය. එකල්හි බොහෝ වූ තව්තිසා දෙවියෝ මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වැඳ එක්පසෙක හුන්නාහුය එක්පසෙක හුන්නාවූ, ඒ දෙවියන්ට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම මෙය කීයේය.
[2] “ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවීම යහපත් වෙයි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ. සම්‍යක් සම්බුද්ධයහ විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ. ලෝකවිදූහ. පුරුෂයන් දමනය කිරීමෙහි අතිඋතුම් රියදුරෙකු හා සමානයහ. දෙවි මිනිසුන්ගේ ශාස්තෲහ. චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කළසේක. භාග්‍යවත්හ කියායි.
“ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවීම හේතුකොටගෙන මෙසේ සමහර සත්වයෝ කය බිඳීමෙන්. මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ගලෝකයෙහි උපදිත්.
[3] “නිදුකාණනි, ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවීම යහපත් වෙයි.
“භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල් නොයවා විපාක දෙන්නේය. එව. බලවයි, පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්ත වූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුත්තේය කියායි.
[4] “නිදුකාණනි, ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවීම හේතුකොටගෙන මෙසේ සමහර සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු, යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදිත්.
“නිදුකාණනි, සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වීම යහපත් වෙයි.
“භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අට දෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙළකළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූසේක. ඇඳිලි කිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පිංකුඹුරය කියායි.
නිදුකාණනි, සංඝයා කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවීම හේතුකොටගෙන මෙසේ සමහර සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු, යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදිත්.
[5] “ඇවැත්නි, නොකැඩුනාවූ, කැළල් නොවූ, නිදොස්වූ, නුවණ ඇත්තන් විසින් ප්‍රසංසා කරනලද්දාවූ, (තෘෂ්ණා දෘෂ්ටීන් විසින්) පරාමර්ෂණය නොකරන ලද්දාවූ, සමාධිය පිණිස පවතින්නාවූ ආර්‍ය්‍යයන් විසින් කැමැතිවෙනු ලබන්නාවූ ශීලයෙන් යුක්තවීම යහපත් වෙයි ඇවැත්නි, ආර්‍ය්‍යයන් කැමති ශීලයෙන් යුක්තවීම හේතුකොටගෙන මෙසේ සමහර සත්වයෝ කයබිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ගලෝකයෙහි උපදිත්.
[6, 7, 8, 9] (2, 3, 4, 5 ඡේදයන්හි ඇති ‘ඇවැත්නි,’ වෙනුවට ‘නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස,’ කියා වෙනස්කොට ගැනීමෙන් මේ ඡේද හතර සම්පූර්ණ කරගන්න.)
|
9. දුතියදෙවචාරිකසුත්තං | 9. දුතිය දෙවචාරිකා සූත්‍රය |
1015
සාවත්ථිනිදානං
‘‘සාධු
‘‘සාධු ඛො, මාරිස මොග්ගල්ලාන, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො, මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා. සාධු ඛො, මාරිස මොග්ගල්ලාන, ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනං හොති අඛණ්ඩෙහි...පෙ.... සමාධිසංවත්තනිකෙහි. අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනහෙතු ඛො, මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’’ති. නවමං.
|
1015
(මේ වර්ගයේ 8 සූත්‍රයේ 1-9 ඡේදයන්හි අග තිබෙන “උපදිත්” යනු මෙහිදී “උපන්නාහුය” කියා වෙනස් කොට ගැනීමෙන් මේ සූත්‍රය සම්පූර්ණවේ.)
|
10. තතියදෙවචාරිකසුත්තං | 10. තතිය දෙවචාරිකා සූත්‍රය |
1016
අථ ඛො භගවා - සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය, එවමෙව - ජෙතවනෙ අන්තරහිතො දෙවෙසු තාවතිංසෙසු පාතුරහොසි. අථ
‘‘සාධු ඛො, ආවුසො, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො, ආවුසො, එවමිධෙකච්චෙ සත්තා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා. සාධු ඛො, ආවුසො
‘‘සාධු ඛො, මාරිස, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො, මාරිස, එවමයං පජා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා. සාධු ඛො, මාරිස, ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනං හොති අඛණ්ඩෙහි...පෙ.... සමාධිසංවත්තනිකෙහි. අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනහෙතු ඛො, මාරිස, එවමයං පජා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා’’ති. දසමං.
|
1016
[1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ යම්සේ බලවත් පුරුෂයෙක් වක් කළ අතක් දික් කරන්නේද, දික් කළ අතක් වක් කරන්නේද, එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දෙව්ලොව පහළවූහ.
ඉක්බිති බොහෝවූ, තව්තිසා දෙව්ලොව වැසි දෙවතාවෝ භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියාහුය පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ ඒ දෙවියන්හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “ඇවැත්නි, බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වීම යහපත් වෙයි.
“මෙසේ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ. සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ. ලෝකවිදූහ. පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු හා සමානයහ. දෙවි මිනිසුන්ගේ ශාස්තෲහ. චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කළසේක. භාග්‍යවත්හ කියායි.
“ඇවැත්නි, බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවීම හේතුකොටගෙන වනාහි ඇතැම් කෙනෙක් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්රයට පැමිණීම ඒකාන්තවූ සෝවාන්වූවෝ වන්නාහුය.
[3] “ඇවැත්නි, ධර්මයෙහි අචලප්‍රසාදයෙන් යුක්තවීම යහපත් වෙයි.
“ධර්මය තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනාකරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල් නොයවා දෙන විපාක දෙන්නේය. එව, බලවයි, පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්ත වූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුත්තේයයි මෙසේ ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද, ලෝකයාගේ අති උතුම් පින්කෙත වන්නේය කියායි.
“ඇවැත්නි, ධර්මය කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවීම හේතුකොට ගෙන ඇතැම් කෙනෙක් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්රයට පැමිණීම ඒකාන්තවූ සෝවාන්වූවෝ වන්නාහුය.
[4] “ඇවැත්නි, සංඝයා කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවීම යහපත් වෙයි.
“භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙළ කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූසේක, ඇඳිලිකිරීමට (වැඳීමට) සුදුසුවූයේය. ලෝකයාගේ උතුම් පිංකුඹුරය කියායි.
“ඇවැත්නි, සංඝයා කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවීම හේතුකොටගෙන ඇතැම් කෙනෙක් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්රයට පැමිණීම ඒකාන්තවූ සෝවාන්වූවෝ වන්නාහුය.
[5] “ඇවැත්නි, නොකැඩුනාවූ, කැළල් නොවූ, නිදොස්වූ, නුවණ ඇත්තන් විසින් ප්‍රසංසා කරන ලද්දාවූ, (තෘෂ්ණා දෘෂ්ටීන් විසින්) පරාමර්ෂණය නොකරන ලද්දාවූ, සමාධිය පිණිස පවතිනනාවූ ආර්‍ය්‍යයන් විසින් කැමැති ශීලයෙන් යුක්තවීම යහපත් වෙයි.
‘ඇවැත්නි, කඩනොවූ අචලප්‍රසාදයෙන් යුක්තවීම හේතු කොටගෙන ඇතැම් කෙනෙක් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්රයට පැමිණීම ඒකාන්තවූ සෝවාන්වූවෝ වන්නාහුය.”
[6, 7, 8, 9] (මේ ඡේද මේ සූත්‍රයේ 2, 3, 4, 5 ඡේද මෙන් වෙත්. “ඇවැත්නි” වෙනුවට “නිදුකාණනි” යොදාගත යුතුයි.)
|
3. සරණානිවග්ගො | 3. සරකානි වර්ගය |
1. පඨමමහානාමසුත්තං | 1. මා භායි මහානාම සූත්‍රය |
1017
එවං
‘‘මා භායි, මහානාම, මා භායි, මහානාම! අපාපකං තෙ මරණං භවිස්සති අපාපිකා කාලංකිරියා
(කාලකිරියා (සී. ස්‍යා. කං.)). යස්ස කස්සචි, මහානාම, දීඝරත්තං සද්ධාපරිභාවිතං චිත්තං සීලපරිභාවිතං චිත්තං සුතපරිභාවිතං චිත්තං චාගපරිභාවිතං චිත්තං පඤ්ඤාපරිභාවිතං චිත්තං, තස්ස යො හි ඛ්වායං කායො රූපී චාතුමහාභූතිකො
(චාතුම්මහාභූතිකො (සී. ස්‍යා. කං.)) මාතාපෙත්තිකසම්භවො
‘‘සෙය්යථාපි, මහානාම, පුරිසො සප්පිකුම්භං වා තෙලකුම්භං වා ගම්භීරං උදකරහදං ඔගාහිත්වා භින්දෙය්ය. තත්ර යා අස්ස සක්ඛරා වා කඨලා
(කථලා (පී. ක.)) වා සා අධොගාමී අස්ස, යඤ්ච ඛ්වස්ස තත්ර සප්පි වා තෙලං වා තං උද්ධගාමි අස්ස විසෙසගාමි. එවමෙව ඛො, මහානාම, යස්ස
|
1017
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත්පුරයෙහි නිග්‍රොධාරාමයෙහි වාසය කරන සේක. ඉක්බිති මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය එක්පසෙක හුන්නාවූ මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
[2] “ස්වාමීනි, මේ කිඹුල්වත් නුවර ආහාරපානාදියෙන් සමෘද්ධය. හැම දෙයින් සම්පූර්ණය. බොහෝ මිනිසුන්ගෙන් යුක්තය. මිනිසුන්ගෙන් අතරක් නැත. කෙළවරක් නොදත හැකි වීථීන්ගෙන් යුක්තය. ස්වාමීනි, ඒ මම වනාහි භාග්‍යවතුන් වහන්සේ හෝ සිත දියුණු කළ භික්ෂුවක් හෝ ආශ්‍රය කොට සවස් කාලයෙහි කිඹුල්වත් නුවරට ඇතුල්වන කල්හි කලබලවූ ඇතුන් ඉදිරියටද පැමිණෙමි. කලබලවූ අසුන් ඉදිරියටද පැමිණෙමි. කලබලවූ රිය ඉදිරියටද පැමිණෙමි. කලබලවූ ගැල් ඉදිරියටද පැමිණෙමි. කලබලවූ පුරුෂයකු ඉදිරියටද පැමිණෙමි. ස්වාමීනි, ඒ මට එකල්හි භාග්‍යවතුන් වහන්සේ අරබයා පවත්නා සිහිය නැතිවෙයි. ධර්මය අරබයා පවත්නා සිහිය නැතිවෙයි. සංඝයා අරබයා පවත්නා සිහිය නැතිවෙයි. ස්වාමීනි, ඒ මට ඉදින් එකල්හි කළුරිය කරන්නෙම් නම් ‘මාගේ ගතිය කුමක්ද, පරලොව කුමක්දැයි’ යන අදහස පහළවිය.
[3] “මහානාමය, බිය නොවව. මහානාමය, බිය නොවව තොපට ලාමක නොවන්නාවූ මරණයක්, ලාමක නොවන්නාවූ කාලක්‍රියාවක් වන්නේය. මහානාමය, යමෙකුට වනාහි බොහෝ කාලයක් ශ්‍රද්ධාවෙන් වඩනාලද සිතක් ඇත්තේද, සීලයෙන් වඩනාලද සිතක් ඇත්තේද, ශ්‍රැතයෙන් වඩනාලද සිතක් ඇත්තේද, ත්‍යාගයෙන් වඩනාලද සිතක් ඇත්තේද, ප්‍රඥාවෙන් වඩනාලද සිතක් ඇත්තේද, ඔහුගේ යම් මේ කයක් වේද එය වනාහි රූපයන්ගෙන් යුක්තය. සතර මහා භූතයන්ගෙන් හටගත්තේය. මව්පිය (ශුක්‍ර ශ්‍රොණිත) යන්ගෙන් උපන්නේය. බත් කොමු පිඩුවලින් එක්වූවකි. අනිත්‍ය ඉලීම් පිරිමැදීම්, බිඳීම් විනාශවීම් ස්වභාවයෙන් යුක්තය. ඒ කය මෙහිදීම කපුටෝ හෝ කා දමත්. ගිජුළිහිණියෝ හෝ කා දමත්. උකුස්සෝ හෝ කා දමත්. සුනඛයෝ හෝ කා දමත්. හිවල්ලු හෝ කා දමත් නොයෙකුත් සත්තු හෝ කා දමත්. බොහෝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රද්ධාවෙන් වඩනා ලද සීලයෙන් වඩනාලද ශ්‍රැතයෙන් වඩනාලද ත්‍යාගයෙන් වඩනාලද ප්‍රඥාවෙන් වඩනාලද ඔහුගේ යම් සිතක්වේද එය උඩට යන්නාවූ විශේෂයට පැමිණෙන්නාවූ සිතක් වෙයි
[4] “මහානාමය, යම්සේ බලවත් පුරුෂයෙක් වනාහි ගිතෙල් සැළියක් හෝ තෙල් සැළියක් හෝ ගැඹුරුවූ දියක ගිල්වා බිඳින්නේ වේද, (එවිට) එහි යම් කැට හෝ කැබිලිති හෝ වේද, ඒ යට යන්නේය. එහි යම් ගිතෙලක් හෝ තෙලක් හෝ වේද, එය උඩට මතුවන්නේ, විශේෂයට පැමිණෙන්නේ වේද, මහානාමය, එසේම යම් කිසිවෙකුගේ ශ්‍රද්ධාවෙන් වඩනාලද, සීලයෙන් වඩනාලද ශ්‍රැතයෙන් වඩනාලද ත්‍යාගයෙන් වඩනාලද ප්‍රඥාවෙන් වඩනාලද සිතක් වේද එය උඩට යන්නාවූ විශේෂයට පැමිණෙන්නාවූ සිතක් වෙයි.
“ඔහුගේ මේ කය වනාහි රූපයන්ගෙන් යුක්තය. සතර මහාභූතයන්ගෙන් හටගත්තේය. මව්පිය (ශුක්‍ර ශ්‍රොණිතයන්) ගෙන් උපන්නේය. බත් කොමු පිඬුවලින් එක්වූවකි. අනිත්‍ය ඉලීම්, පිරිමැදීම්, බිඳීම්, විනාශවීම්, ස්වභාවයෙන් යුක්තය. ඒ කය මෙහිදීම කපුටෝ හෝ කා දමත්. ගිජුළිහිණියෝ හෝ කා දමත්. උකුස්සෝ හෝ කා දමත්. සුනඛයෝ හෝ කා දමත්. හිවල්ලු හෝ කා දමත්. නොයෙකුත් සත්තු හෝ කාදමත් බොහෝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රද්ධාවෙන් වඩනා ලද සීලයෙන් වඩනාලද ශ්‍රැතයෙන් වඩනාලද ත්‍යාගයෙන් වඩනාලද ප්‍රඥාවෙන් වඩනාලද ඔහුගේ යම් සිතක්වේද එය උඩට යන්නාවූ විශේෂයට පැමිණෙන්නාවූ සිතක් වෙයි.
[5] “මහානාමය, තොපගේ සිත බොහෝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රද්ධාවෙන් වඩනා ලද්දේය. සීලයෙන් වඩනා ලද්දේය. ශ්‍රැතයෙන් වඩනා ලද්දේය. ත්‍යාගයෙන් වඩනා ලද්දේය. ප්‍රඥාවෙන් වඩනා ලද්දේය. මහානාමය, බය නොවව. මහානාමය, බය නොවව. තොපට උතුම්වූ මරණයත් උතුම්වූ කාලක්‍රියාවක් වන්නේයයි” වදාළේය.
|
2. දුතියමහානාමසුත්තං | 2. යෙන නින්න මහානාම සූත්‍රය |
1018
එවං
‘‘මා භායි, මහානාම, මා භායි, මහානාම! අපාපකං තෙ මරණං භවිස්සති අපාපිකා කාලංකිරියා. චතූහි ඛො, මහානාම, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. කතමෙහි චතූහි? ඉධ, මහානාම, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ...පෙ.... සඞ්ඝෙ
‘‘සෙය්යථාපි
|
1018
(මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 2 වෙනි ඡේද මෙනි)
“මහානාමය, බය නොවව. මහානාමය, බය නොවව. ඔබට උතුම් මරණයක්, උතුම් කාලක්‍රියාවක් වන්නේය. මහානාමය, ධර්ම සතරකින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවකතෙම නිවනට නැමුණේ, නිවනට හැරුණේ, නිවනට බරවූයේ වෙයි.
කවර සතරකින්ද? මහානාමය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවිය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අර්හත්යහ. සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ. ලොකවිදූහ. පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු හා සමානයහ. දෙවි මිනිසුන්ගේ ශාස්තෲහ. චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කළසේක භාග්‍යවත්හ කියායි.
“ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූවාහුය. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය, කල් නොයවා දෙන විපාක දෙන්නේය. එව බලවයි. පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේය කියායි.
“සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූවාහුය. “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝතෙම ශාසන ප්රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය, ගරු බුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අට දෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසුවූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැන්මට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූයේය. ඇඳිලි කිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පින් කුඹුරය කියායි.
“නොකැඩුනාවූ, සිදුරුනොවූ, කබරනොවූ, කැළල්නොවූ නිදොස්වූ, නුවණ ඇත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාවූ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් පරාමර්ෂණය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවත්නාවූ ආර්‍ය්‍යයන් කැමැති ශීලයෙන් යුක්ත වූයේ වෙයි කියායි.
මහානාමය, යම්සේ නැගෙනහිරට නැමුණාවූ නැගෙනහිරට හැරුණාවූ නැගෙනහිරට බරවූ ගසක්වේද, එය මුලින් කපන ලද්දේ කවර දිශාවට වැටෙන්නේද?
“ස්වාමීනි, යම් දිසාවකට නැමුණේවේද, යම් දිසාවකට හැරුණේ වේද, යම් දිසාවකට බරවූයේ වේද (ඒ දිසාවටය)
“මහානාමය, එසේම මේ ධර්ම සතරින් යුක්තවූ ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම නිවනට නැමුණේ, නිවනට හැරුණේ, නිවනට බරවූයේ වෙයි.”
|
3. ගොධසක්කසුත්තං | 3. ගොධසක්ක සූත්‍රය |
1019
කපිලවත්ථුනිදානං
‘‘තීහි ඛ්වාහං, මහානාම, ධම්මෙහි සමන්නාගතං සොතාපන්නපුග්ගලං ආජානාමි අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණං. කතමෙහි තීහි? ඉධ, මහානාම, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ...පෙ.... සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති. ඉමෙහි ඛ්වාහං, මහානාම, තීහි ධම්මෙහි සමන්නාගතං සොතාපන්නපුග්ගලං ආජානාමි අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණං.
‘‘ත්වං පන, මහානාම, කතිහි ධම්මෙහි සමන්නාගතං සොතාපන්නපුග්ගලං
‘‘ආගමෙහි ත්වං, මහානාම, ආගමෙහි ත්වං, මහානාම! භගවාව එතං ජානෙය්ය එතෙහි ධම්මෙහි සමන්නාගතං වා අසමන්නාගතං වා’’ති. ‘‘ආයාම, ගොධෙ, යෙන භගවා තෙනුපසඞ්කමෙය්යාම; උපසඞ්කමිත්වා
‘‘ඉධාහං
‘‘තීහි ඛ්වාහං, මහානාම, ධම්මෙහි සමන්නාගතං සොතාපන්නපුග්ගලං ආජානාමි අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණං. කතමෙහි තීහි? ඉධ, මහානාම, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ...පෙ.... සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති. ඉමෙහි ඛ්වාහං, මහානාම, තීහි ධම්මෙහි සමන්නාගතං සොතාපන්නපුග්ගලං ආජානාමි අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණං. ත්වං පන, මහානාම, කතමෙහි ධම්මෙහි සමන්නාගතං සොතාපන්නපුග්ගලං ආජානාසි අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණ’’න්ති?
‘‘එවං වුත්තාහං, භන්තෙ, ගොධං සක්කං එතදවොචං - ‘චතූහි ඛ්වාහං, ගොධෙ, ධම්මෙහි සමන්නාගතං සොතාපන්නපුග්ගලං ආජානාමි අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණං. කතමෙහි චතූහි? ඉධ, ගොධෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි...පෙ.... සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛ්වාහං, ගොධෙ, චතූහි ධම්මෙහි සමන්නාගතං සොතාපන්නපුග්ගලං ආජානාමි අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණ’’’න්ති.
‘‘එවං
|
1019
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යයන්ගේ ජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්‍රොධාරාමයෙහි වාසය කරන සේක. එකල්හි මහානාම ශාක්‍යතෙම “ගොධ” නම් ශාක්‍යතෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, “ගොධ” නම් ශාක්‍යයාහට මෙය කීයේය.
“ගොධය, ඔබ කෙතෙක් ධර්මයකින් යුක්තවූවෙකු අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙකැයි දන්නෙහිද?
“මහානාමය, මේ ධර්ම තුනකින් යුක්තවූවාහු අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙකැයි දනිමි.
“කවර තුනකින්ද? මහානාමය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූවාහුය. මෙසේ භාග්‍යවතුන්වහන්සේ අර්හත්හ. සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නය, සුගතයහ, ලෝකවිදූහ. පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු හා සමානයහ. දෙවි මිනිසුන්ගේ ශාස්තෲහ. චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කළසේක. භාග්‍යවත්හ කියායි.
“ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූවාහුය. “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මයතෙම මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ලද ඵල ඇත්තේය. කල් නොයවා දෙන විපාක දෙන්නේය. එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේය” කියායි.
“සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූවාහුය. මෙසේ “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම (ශාසන ප්රතිපත්තියෙහි) මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරු බුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අට දෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසුවූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැන්මට සුදුසුවූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූසේක. ඇඳිලි කිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පින් කුඹුරය කියායි.
“මහානාමය, මම මේ ධර්ම තුනින් යුක්තවූවාහු අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ පුද්ගලයායයි දනිමි.
‘මහානාමය, ඔබ වනාහි කොතෙක් ධර්මයකින් යුක්තවූවාහු අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයායයි දන්නෙහිද?
‘පින්වත් ගොධය, මම වනාහි ධර්ම සතරකින් යුක්ත වූවහු අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතුමාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයායයි දනිමි.
“කවර සතරකින්ද? පින්වත් ගොධය, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූවාහුය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අර්හත්ය. සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ. ලෝකවිදූහ. පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු සමානයහ. දෙවි මිනිසුන්ගේ ශාස්තෲහ. චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කළසේක භාග්‍යවත්හ කියායි.
“ධර්මයන් කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවූවාහුය. “ධර්මයතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල්නොයවා විපාක දෙන්නේය. එව බලවයි පෙන්වියහැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩියයුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුත්තේය කියායි.
“සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූවාහුය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිස යුගසතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙළකළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූයේය. ඇඳිලිකිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පින් කෙතය කියායි.
“නොකැඩුනාවූ, සිදුරුනොවූ, කබරනොවූ, කැළල්නොවූ, නිදොස්වූ, නුවණ ඇත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාවූ, තෘෂ්ණා දෘෂ්ටීන් විසින් පරාමර්ෂණය නොකරන ලද්දාවූ, සමාධිය පිණිස පවතින්නාවූ, ආර්‍ය්‍යයන් කැමැති ශීලයෙන් යුක්තවූයේ වෙයි කියායි.
“ගොධය, මම මේ ධර්ම සතරින් යුක්තවූවහු වනාහි අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයායයි දනිමි.
“මහානාමය, ඔබ නවතිනු මැනව. මහානාමය, ඔබ නවතිනු මැනව. මේ ධර්මයන්ගෙන් යුක්තවූවකු බව හෝ යුක්තනොවූවකු බව හෝ භාග්‍යවතුන් වහන්සේම දන්නාසේක.
“ගොධය, යමු. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට යමු. ගොස්, භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කියන්නෙමුයි” කීය.
ඉක්බිති මහානාම ශාක්යතෙමේද, ගොධ ශාක්‍ය තෙමේද භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ මහානාම ශාක්‍ය තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, මම ගොධ ශාක්‍යතෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි. ගොස් ගොධ ශාක්‍යයාහට මෙසේ කීවෙමි. ‘ගොධය, නුඹ කෙතෙක් ධර්මයකින් යුක්තවූවහු අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සොවාන් පුද්ගලයායයි දන්නෙහිද? ස්වාමීනි, මෙසේ කී කල්හි ගොධ ශාක්‍යතෙම මට මෙය කීයේය. “මහානාමය, මම වනාහි ධර්ම තුනකින් යුක්තවූවහු අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයායයි දනිමි.
“කවර තුනකින්ද? මහානාමය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූවාහුය මෙසේ භාග්‍යවතුන් වහන්සේ අර්හත්යහ. සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ, ලෝකවිදූහ, පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු හා සමානයහ. දෙවි මිනිසුන්ගේ ශාස්තෲහ. චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කළසේක භාග්‍යවත්හ කියායි.
“ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූවාහුය. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ධර්මයතෙම මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ලද ඵල ඇත්තේය. කල් නොයවා දෙන විපාක දෙන්නේය. එව, බලවයි, පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුත්තේය කියායි.
“සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූවාහුය. ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරු බුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසුවූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැන්මට සුදුසුවූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූසේක. ඇඳිලි කිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පින් කුඹුරය, කියායි.
“මහානාමය, මම මේ ධර්ම තුනකින් යුක්තවූවහු අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයායයි දනිමියි’ කීය.
“මහානාමය, නුඹ වනාහි ධර්ම කීයෙකින් යුක්තවූවහු අපායෙහි නොවැටෙන ස්වභාවය ඇති රහත්බවට නියතවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සොවාන් පුද්ගලයෙකැයි දන්නෙහිදැයි’ ඇසීය.
“ස්වාමීනි, මෙසේ කී කල්හි මම ගොධ ශාක්‍යයාහට මෙසේ කීයෙමි. ‘ගොධය, මම ධර්ම සතරකින් යුක්තවූවහු අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සොවාන් පුද්ගලයෙකැයි දනිමියි කීවෙමි.
කවර සතරකින්ද? ගොධය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූවාහුය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ. සම්‍යක් සම්බුද්ධයහ, විජ්ජාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූහ. පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු හා සමානයහ, දෙවි මිනිසුන්ගේ ශාස්තෲහ. චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළසේක, භාග්‍යවත් වෙයි, කියායි.
“ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූවාහුය. ‘ධර්මතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ලද ඵල ඇත්තේය. කල් නොයවා දෙන විපාක දෙන්නේය. එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේය’ කියායි.
“සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූවාහුය. ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය, ගරු බුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙළ කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. තුටුපඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැන්මට සුදුසු වූයේය. කම්ඵල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූයේය. ඇඳිලි කිරීමට (වැඳීමට) සුදුසුවූයේය. ලෝකයාගේ උතුම් පින්කුඹුරය’ කියායි.
“නොකැඩුනාවූ, සිදුරුනොවූ, කබරනොවූ, කැළල් නොවූ නිදොස්වූ, නුවණ ඇත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාවූ, තෘෂ්ණා දෘෂ්ටීන් විසින් පරාමර්ෂණය නොකරන ලද්දාවූ, සමාධිය පිණිස පවතින්නාවූ ආර්‍ය්‍යයන් කැමැති ශීලයෙන් යුක්තවූයේ වෙයි.
“ගොධය, මම මේ ධර්ම සතරින් යුක්තවූවහු අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සොවාන් පුද්ගලයායයි දනිමි යනුයි.
“ස්වාමීනි, මෙසේ කී කල්හි ගොධ ශාක්‍යතෙම මට මෙය කීයේය. ‘මහානාමය. ඔබ නැවතුන මැනවි. මහානාමය, ඔබ නැවතුන මැනවි. මේ ධර්මයන්ගෙන් යුක්තවූවෙකු බව හෝ යුක්ත නොවූවෙකු බව හෝ භාග්‍යවතුන් වහන්සේම දන්නා සේක’ කියායි.
“ස්වාමීනි, මෙහිදී කිසියම් ධර්ම කාරණයක් උපදින්නේය. එහි භාග්‍යවතුන් වහන්සේ එක් පැත්තක වන්නාහුද භික්ෂු සංඝයා එක්පැත්තක වන්නේද භාග්‍යවතුන් වහන්සේ යම් පැත්තක වන්නේ නම් මමද ඒ පැත්තෙහි වන්නෙමි. ස්වාමීනි, මා මෙසේ පැහැදුණෙකැයි භාග්‍යවතුන් වහන්සේ දරණසේක්වා.
“ස්වාමීනි, මෙහිදී කිසියම් ධර්ම කාරණයක් උපදින්නේය. එහි භාග්‍යවතුන් වහන්සේ එක් පැත්තක වන්නාහුද භික්ෂු සංඝයා එක් පැත්තක වන්නේද භික්ඛුණී සංඝයා එක් පැත්තක වන්නේද භාග්‍යවතුන් වහන්සේ යම් පැත්තක නම් මමද ඒ පැත්තෙහි වන්නෙමි. ස්වාමීනි, මා මෙසේ පැහැදුණෙකැයි භාග්‍යවතුන් වහන්සේ දරණ සේක්වා.
“ස්වාමීනි, මෙහිදී කිසියම් ධර්ම කාරණයක් උපදින්නේය. එහි භාග්‍යවතුන් වහන්සේ එක් පැත්තක වන්නාහුද භික්ෂු සංඝයා එක් පැත්තක වන්නේද භික්ඛුණී සංඝයා එක් පැත්තක වන්නේද උපාසකයෝ එක් පැත්තක වන්නාහුද භාග්‍යවතුන් වහන්සේ යම් පැත්තක නම් මමද ඒ පැත්තෙහි වන්නෙමි. ස්වාමීනි, මා මෙසේ පැහැදුණෙකැයි භාග්‍යවතුන් වහන්සේ දරණසේක්වා.
“ස්වාමීනි, මෙහිදී කිසියම් ධර්ම කාරණයක් උපදින්නේය. එහි භාග්‍යවතුන් වහන්සේ එක් පැත්තක වන්නාහුද භික්ෂු සංඝයා එක් පැත්තක වන්නේද භික්ඛුණී සංඝයා එක් පැත්තක වන්නාහුද උපාසකයෝ එක් පැත්තක වන්නාහුද උපාසිකාවෝ එක් පැත්තක වන්නාහුද භාග්‍යවතුන්වහන්සේ යම් පැත්තක නම් මමද ඒ පැත්තෙහි වන්නෙමි. ස්වාමීනි, මා මෙසේ පැහැදුණෙකැයි භාග්‍යවතුන් වහන්සේ දරණ සේක්වා.
“ස්වාමීනි, මෙහිදී යම්කිසි ධර්ම කාරණයක් උපදින්නේය. එහි භාග්‍යවතුන් වහන්සේ එක් පැත්තක වන්නාහුද භික්ෂු සංඝයා එක් පැත්තක වන්නේද භික්ඛුණී සංඝයා එක් පැතතක වන්නාහුද උපාසකයෝ එක් පැත්තක වන්නාහුද උපාසිකාවෝ එක් පැත්තක වන්නාහුද දෙවියන් සහිතවූ මරුන් සහිතවූ මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ සත්වලෝකයාද එක් පැත්තක වන්නේද භාග්‍යවතුන් වහන්සේ යම් පැත්තක නම් මමද ඒ පැත්තෙහි වන්නෙමි. ස්වාමීනි, මා මෙසේ පැහැදුණෙකැයි භාග්‍යවතුන් වහන්සේ දරණසේක්වා.
“ගොධය, මෙසේ කියන්නාවූ මහානාම ශාක්‍යයාහට නුඹ කුමක් කියන්නෙහිද?
“ස්වාමීනි, මෙසේ කියන්නාවූ මහානාම ශාක්‍යයාහට මම යහපත්ය, දක්ෂය, කීම හැර අන් කිසිවක් නොකියමියි” කීයේය.
|
4. පඨමසරණානිසක්කසුත්තං | 4. පඨම සරකානි සූත්‍රය |
1020
කපිලවත්ථුනිදානං
අථ ඛො මහානාමො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මහානාමො සක්කො භගවන්තං එතදවොච - ‘‘ඉධ, භන්තෙ, සරණානි සක්කො කාලඞ්කතො. සො භගවතා බ්යාකතො - ‘සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’ති. තත්ර සුදං, භන්තෙ, සම්බහුලා සක්කා සඞ්ගම්ම සමාගම්ම උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති - ‘‘අච්ඡරියං
‘‘යො සො, මහානාම, දීඝරත්තං උපාසකො බුද්ධං සරණං ගතො ධම්මං සරණං ගතො සඞ්ඝං සරණං ගතො, සො කථං විනිපාතං ගච්ඡෙය්ය! යඤ්හි තං, මහානාම, සම්මා වදමානො වදෙය්ය - ‘දීඝරත්තං උපාසකො බුද්ධං සරණං ගතො ධම්මං සරණං ගතො සඞ්ඝං සරණං ගතො’ති, සරණානි සක්කං සම්මා වදමානො වදෙය්ය. සරණානි
‘‘ඉධ, මහානාම, එකච්චො පුග්ගලො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... හාසපඤ්ඤො ජවනපඤ්ඤො විමුත්තියා ච සමන්නාගතො. සො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො, මහානාම, පුග්ගලො පරිමුත්තො නිරයා පරිමුත්තො තිරච්ඡානයොනියා පරිමුත්තො පෙත්තිවිසයා පරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා.
‘‘ඉධ පන, මහානාම, එකච්චො පුග්ගලො බුද්ධෙ අවෙච්චප්පසාදෙන
‘‘ඉධ
‘‘ඉධ පන, මහානාම, එකච්චො පුග්ගලො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති; ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... න හාසපඤ්ඤො න ජවනපඤ්ඤො න ච විමුත්තියා සමන්නාගතො. සො තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති
‘‘ඉධ පන, මහානාම, එකච්චො පුග්ගලො න හෙව ඛො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති... න ධම්මෙ...පෙ.... න සඞ්ඝෙ...පෙ.... න හාසපඤ්ඤො න ජවනපඤ්ඤො න ච විමුත්තියා සමන්නාගතො. අපි චස්ස ඉමෙ ධම්මා හොන්ති - සද්ධින්ද්රියං, වීරියින්ද්‍රියං, සතින්ද්රියං, සමාධින්ද්රියං, පඤ්ඤින්ද්රියං. තථාගතප්පවෙදිතා චස්ස ධම්මා පඤ්ඤාය මත්තසො නිජ්ඣානං ඛමන්ති. අයම්පි ඛො, මහානාම, පුග්ගලො අගන්තා නිරයං අගන්තා තිරච්ඡානයොනිං අගන්තා පෙත්තිවිසයං අගන්තා අපායං දුග්ගතිං විනිපාතං.
‘‘ඉධ පන, මහානාම, එකච්චො පුග්ගලො න හෙව ඛො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති... න ධම්මෙ...පෙ.... න සඞ්ඝෙ...පෙ.... න හාසපඤ්ඤො න ජවනපඤ්ඤො න ච විමුත්තියා සමන්නාගතො, අපි චස්ස ඉමෙ ධම්මා හොන්ති සද්ධින්ද්රියං...පෙ.... පඤ්ඤින්ද්රියං. තථාගතෙ චස්ස සද්ධාමත්තං හොති පෙමමත්තං. අයම්පි ඛො, මහානාම, පුග්ගලො අගන්තා නිරයං අගන්තා තිරච්ඡානයොනිං අගන්තා පෙත්තිවිසයං අගන්තා අපායං දුග්ගතිං විනිපාතං. ඉමෙ චෙපි, මහානාම, මහාසාලා සුභාසිතං දුබ්භාසිතං ආජානෙය්යුං, ඉමෙ චාහං
(ඉමෙවාහං (ස්‍යා. කං.), ඉමෙසාහං (ක.)) මහාසාලෙ බ්යාකරෙය්යං - ‘සොතාපන්නා අවිනිපාතධම්මා
|
1020
[1] මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නීග්‍රොධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි සරකානි නම් ශාක්‍යතෙම කාලක්‍රියා කෙළේය භාග්‍යවතුන් වහන්සේ විසින් හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බවට නියතවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙකැයි වදාරණලදී.
[2] “එහිදී බොහෝ ශාක්‍යයෝ එක්ව රැස්ව, මෙසේ දොස් කියත්, ගර්හා කරත්, බැණවදිත් කෙසේද? පින්වතුනි, ආශ්චර්‍ය්‍යයකි පුදුමයකි. සාරකානි ශාක්‍යතෙම කළුරිය කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බවට නියතවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙකැයි ප්‍රකාශ කරනලදී. එසේ නම් මෙහි කවරෙක් සෝවාන් වූවෙක් නොවන්නේද? සරකානි ශාක්‍යතෙම ශීලයෙන් දුර්වලවූ මත්පැන් පානය කරන්නෙක් විය යනුවෙනි.”
[3] ඉක්බිති මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන්වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මෙහි සරකානි ශාක්‍යතෙම කළුරිය කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බවට නියතවූ මතු මාර්ගත්රය පිහිට කොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙකැයි වදාරණලදී.
“ස්වාමීනි, එහි බොහෝ ශාක්‍යයෝ එක්ව රැස්ව මෙසේ දොස් කියත්, ගර්හා කරත්, බැණ වදිත්. කෙසේද? පින්වත්නි, ආශ්චර්‍ය්‍යයකි, පුදුමයකි. සරකානි ශාක්‍යතෙම කළුරිය කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බවට නියතවූ මතුමාර්ගත්‍රය පිහිට කොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙකැයි ප්‍රකාශ කරන ලදී. එසේ නම් මෙහි කවරෙක් සෝවාන් වූවෙක් නොවන්නේද? සරකානි ශාක්‍යතෙම ශීලයෙන් දුර්වලවූ මත්පැන් පානය කරන්නෙක් විය යනුවෙනි.”
[4] “මහානාමය, යම් ඒ උපාසකයෙක් තෙම බොහෝ කාලයක් මුළුල්ලෙහි බුදුන් සරණකොට ගියේ වේද, ධර්මය සරණකොට ගියේ වේද, සංඝයා සරණකොට ගියේ වේද, හෙතෙම කෙසේ අපායට යන්නේද? මහානාමය, යමෙකුට වනාහි බොහෝ කාලයක් මුළුල්ලෙහි බුදුරජාණන් වහන්සේ සරණකොට ගියාවූ, ධර්මය සරණකොට ගියාවූ සංඝයා සරණකොට ගියාවූ උපාසකයෙකැයි මනාව කියන්නේ නම් සරකානි ශාක්‍යයාහට මනාකොට කියන්නේය. මහානාමය, සරකානි ශාක්‍යතෙම බොහෝ කාලයක් මුළුල්ලෙහි බුදුන් සරණ ගියාවූ ධර්මය සරණ ගියාවූ සංඝයා සරණ ගියාවූ උපාසකයෙක් වන්නේය. හෙතෙම කෙසේ අපායට යන්නේද?
[5] “මහානාමය, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද, (මෙහි මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදයේ බුදුගුණ, දහම් ගුණ, සඟගුණ කොටස් යොදන්න.) මහත් නුවණින් යුක්ත වූයේද තියුණු නුවණින් යුක්ත වූයේ වෙයිද, අර්හත් ඵලයෙන් යුක්ත වූයේ වෙයිද, හෙතෙම ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියත් අර්හත් ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිදීම තෙමේ දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ, වාසය කෙරෙයි.
මහානාමය, මේ පුද්ගලතෙමේද, නිරයෙන් මිදුනේ, තිරිසන් යොනියෙන් මිදුනේ, ප්‍රෙත විෂයෙන් මිදුනේ, නපුරු ගති ඇති, විෂමවූ වැටීම් ඇති අපායෙන් මිදුනේ වෙයි.
[6] “මහානාමය, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේම වෙයිද, (මෙහි මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදයේ බුදුගුණ, දහම්ගුණ, සඟගුණ කොටස් යොදන්න) මහත් නුවණ ඇත්තේ තියුණු නුවණ ඇත්තේ අර්හත් ඵලයෙන් යුක්ත නොවූයේ වෙයිද හෙතෙම පඤ්චවිධවූ ඔරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් ඕපපාතිකව එහිදී පිරිනිවන් පාන්නාවූ ඒ බඹලොවින් නැවත නොඑන ස්වභාවය ඇතියෙක් වෙයි. මහානාමය, මේ පුද්ගල තෙමේද, නිරයෙන් මිදුනේ, තිරිසන් යොනියෙන් මිදුනේ, ප්‍රේත විෂයෙන් මිදුනේ, නපුරු ගති ඇති, විෂමවූ වැටීම් ඇති, අපායෙන් මිදුනේ වෙයි.
[7] “මහානාමය, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේම වෙයිද (මෙහි මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදයේ බුදුගුණ, දහම්ගුණ, සඟගුණ කොටස් යොදන්න.) මහත් නුවණින් යුක්ත නොවූයේ, තියුණු නුවණින් යුක්ත නොවූයේ අර්හත් ඵලයෙන් යුක්ත නොවූයේ වේද, හෙතෙම ත්‍රිවිධ සංයෝජනයන් ක්ෂය කිරීමෙන් රාග-ද්වේෂ-මෝහයන් තුනී කිරීමෙන් මේ ලෝකයට එක් වරක් පමණක් අවුත් දුක් කෙළවර කෙරෙයි. මහානාමය, මේ පුද්ගල තෙමේද නිරයෙන් මිදුනේ, තිරිසන් යොනියෙන් මිදුනේ, ප්‍රේතවිෂයෙන් මිදුනේ නපුරු ගති ඇති, විෂමවූ වැටීම් ඇති, අපායෙන් මිදුනේ වෙයි.
[8] “මහානාමය, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේම වෙයිද, (මෙහි මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදයේ බුදුගුණ, දහම්ගුණ, සඟගුණ කොටස් යොදන්න.) මහත් නුවණින් යුක්ත නොවූයේ තියුණු නුවණින් යුක්ත නොවූයේ අර්හත් ඵලයෙන් යුක්තනොවූයේ වේද හෙතෙම සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ, රහත් බවට නියතවූ, මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වෙයි. මහානාමය, මේ පුද්ගල තෙමේද නිරයෙන් මිදුනේ, තිරිසන් යොනියෙන් මිදුනේ ප්‍රේතවිෂයෙන් මිදුනේ, නපුරු ගති ඇති, විෂමවූ වැටීම් ඇති අපායෙන් මිදුනේ වෙයි.
[9] “මහානාමය, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත නොවූයේම වෙයිද, ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තනොවූයේම වෙයිද, සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත නොවූයේ වෙයිද, මහත් නුවණින් යුක්තනොවූයේ, තියුණු නුවණින් යුක්ත නොවූයේ අර්හත් ඵලයෙන් යුක්ත නොවූයේත් වේද, එහෙයින් සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය යන මේ ධර්මයෝ වෙත්ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දාවූ ධර්මයෙන් නුවණින් ප්‍රමාණකොට බලත්ද, මහානාමය, මේ පුද්ගලතෙමේද නිරයට නොයන්නේ, තිරිසන් යොනියට නොයන්නේ, ප්‍රේතවිෂයට නොයන්නේ, විෂමවූ වැටීම් ඇති දුර්ගති නම් ලත් අපායට නොයන්නේ වෙයි.
[10] “මහානාමය, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම වනාහි බුදුන් කෙරෙහි අවලප්රසාදයෙන් යුක්ත නොවූයේ වෙයිද, ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තනොවූයේ වෙයිද, සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තනොවූයේ වෙයිද, මහත් ප්‍රඥාවෙන් යුක්ත නොවූයේ තියුණු ප්‍රඥාවෙන් යුක්ත නොවූයේ. අර්හත් ඵලයෙහි යුක්ත නොවූයේත් වෙයිද එහෙත් සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය සහ පඤ්ඤින්ද්රිය යන මේ ධර්මයෝ වෙත්ද තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රෙම මාත්‍රයක් ඇත්තේද තථාගතයන් වහන්සේ විසින් වදාරණලද ධර්මයන් නුවණින් ප්‍රමාණකොට බලත්ද මහානාමය, මේ පුද්ගල තෙමේද, නිරයට නොයන්නේ තිරිසන් යෝනියට නොයන්නේ, ප්රෙතවිෂයට නොයන්නේ, විෂම වූ පතිතවීම් ඇති දුර්ගති නම් ලත් අපායට නොයන්නේ වෙයි.
[11] “මහානාමය, මේ මහ සල්ගස් ඉදින් සුභාෂිත දුර්භාෂිත දනිත් නම් මේ සල්ගස්පවා අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්රය පිහිට කොට ඇත්තාවූ සෝවාන් වූවෝයයි මම ප්‍රකාශ කරන්නෙමි. සරකානි ශාක්‍යයා ගැන කියනුම කවරේද? මහානාමය, සරකානි ශාක්‍යතෙම වනාහි මැරෙන කාලයෙහි ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කෙළේයයි” (වදාළසේක.)
|
5. දුතියසරණානිසක්කසුත්තං | 5. දුතිය සරකානි සූත්‍රය |
1021
කපිලවත්ථුනිදානං
‘‘ඉධ, භන්තෙ, සරණානි සක්කො කාලඞ්කතො. සො භගවතා බ්යාකතො - ‘සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’ති. තත්ර සුදං, භන්තෙ, සම්බහුලා සක්කා සඞ්ගම්ම සමාගම්ම උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති - ‘අච්ඡරියං වත, භො, අබ්භුතං වත, භො! එත්ථ දානි කො න සොතාපන්නො භවිස්සති! යත්ර හි නාම සරණානි සක්කො කාලඞ්කතො. සො භගවතා බ්යාකතො - සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති. සරණානි සක්කො සික්ඛාය අපරිපූරකාරී අහොසී’’’ති.
‘‘යො
‘‘ඉධ, මහානාම, එකච්චො පුග්ගලො බුද්ධෙ එකන්තගතො හොති අභිප්පසන්නො - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... හාසපඤ්ඤො ජවනපඤ්ඤො විමුත්තියා ච සමන්නාගතො
‘‘ඉධ පන, මහානාම, එකච්චො පුග්ගලො බුද්ධෙ එකන්තගතො හොති අභිප්පසන්නො - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... හාසපඤ්ඤො ජවනපඤ්ඤො න ච විමුත්තියා සමන්නාගතො. සො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අන්තරාපරිනිබ්බායී හොති, උපහච්චපරිනිබ්බායී හොති, අසඞ්ඛාරපරිනිබ්බායී හොති, සසඞ්ඛාරපරිනිබ්බායී හොති, උද්ධංසොතො හොති
‘‘ඉධ පන, මහානාම, එකච්චො පුග්ගලො බුද්ධෙ එකන්තගතො හොති අභිප්පසන්නො - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... න හාසපඤ්ඤො න ජවනපඤ්ඤො න ච විමුත්තියා සමන්නාගතො. සො තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමී හොති, සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරොති. අයම්පි ඛො, මහානාම
‘‘ඉධ පන, මහානාම, එකච්චො පුග්ගලො බුද්ධෙ එකන්තගතො හොති අභිප්පසන්නො - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... න හාසපඤ්ඤො න ජවනපඤ්ඤො න ච විමුත්තියා සමන්නාගතො. සො තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො. අයම්පි ඛො, මහානාම, පුග්ගලො පරිමුත්තො නිරයා පරිමුත්තො තිරච්ඡානයොනියා පරිමුත්තො පෙත්තිවිසයා පරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා.
‘‘ඉධ පන, මහානාම, එකච්චො පුග්ගලො න හෙව ඛො බුද්ධෙ එකන්තගතො හොති අභිප්පසන්නො...පෙ.... න ධම්මෙ...පෙ.... න සඞ්ඝෙ...පෙ.... න
‘‘ඉධ පන, මහානාම, එකච්චො පුග්ගලො න හෙව ඛො බුද්ධෙ එකන්තගතො හොති අභිප්පසන්නො... න ධම්මෙ...පෙ.... න සඞ්ඝෙ...පෙ.... න හාසපඤ්ඤො න ජවනපඤ්ඤො න ච විමුත්තියා සමන්නාගතො; අපි චස්ස ඉමෙ ධම්මා හොන්ති - සද්ධින්ද්රියං...පෙ.... පඤ්ඤින්ද්රියං. තථාගතෙ චස්ස සද්ධාමත්තං හොති පෙමමත්තං. අයම්පි ඛො, මහානාම, පුග්ගලො අගන්තා නිරයං අගන්තා තිරච්ඡානයොනිං අගන්තා පෙත්තිවිසයං අගන්තා අපායං දුග්ගතිං විනිපාතං.
‘‘සෙය්යථාපි, මහානාම, දුක්ඛෙත්තං දුබ්භූමං අවිහතඛාණුකං, බීජානි චස්සු ඛණ්ඩානි පූතීනි වාතාතපහතානි අසාරාදානි අසුඛසයිතානි
(අසුඛාපස්සයිතානි (ක.)), දෙවො ච න සම්මා
(දෙවො පන සම්මා (ස්‍යා. කං.), දෙවො න සම්මා (ක.) දී. නි. 2.438) ධාරං අනුප්පවෙච්ඡෙය්ය. අපි නු තානි බීජානි වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්‍යු’’න්ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘එවමෙව ඛො, මහානාම, ඉධ ධම්මො දුරක්ඛාතො
(ද්වාක්ඛාතො (පී. ක.)) හොති දුප්පවෙදිතො අනිය්යානිකො අනුපසමසංවත්තනිකො අසම්මාසම්බුද්ධප්පවෙදිතො - ඉදමහං දුක්ඛෙත්තස්මිං වදාමි. තස්මිඤ්ච
‘‘සෙය්යථාපි, මහානාම, සුඛෙත්තං සුභූමං සුවිහතඛාණුකං, බීජානි චස්සු අඛණ්ඩානි අපූතීනි අවාතාතපහතානි සාරාදානි සුඛසයිතානි; දෙවො ච
(දෙවො චස්ස (ස්‍යා. කං. ක.)) සම්මා ධාරං අනුප්පවෙච්ඡෙය්ය. අපි නු තානි බීජානි වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්‍යු’’න්ති? ‘‘එවං, භන්තෙ’’. ‘‘එවමෙව ඛො, මහානාම, ඉධ ධම්මො ස්වාක්ඛාතො හොති සුප්පවෙදිතො නිය්යානිකො උපසමසංවත්තනිකො සම්මාසම්බුද්ධප්පවෙදිතො - ඉදමහං සුඛෙත්තස්මිං වදාමි. තස්මිඤ්ච ධම්මෙ සාවකො විහරති ධම්මානුධම්මප්පටිපන්නො සාමීචිප්පටිපන්නො අනුධම්මචාරී - ඉදමහං සුබීජස්මිං වදාමි. කිමඞ්ගං පන සරණානිං සක්කං! සරණානි, මහානාම, සක්කො මරණකාලෙ සික්ඛාය පරිපූරකාරී අහොසී’’ති. පඤ්චමං.
|
1021
(මේ ඡේදය මේ වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡේදය මෙනි)
එහිදී බොහෝවූ ශාක්‍යයෝ එක්ව, රැස්ව, මෙසේ දොස් කියත්, ගර්හා කරත්. බැණවදිත්, කෙසේද, පින්වතුනි, ආශ්චර්‍ය්‍යයකි. පුදුමයකි. සරකානි ශාක්‍යතෙම කළුරිය කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බව නියතවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙකැයි ප්‍රකාශ කරනලදී. එසේනම් මෙහි කවරෙක් සෝවාන්වූවෙක් නොවන්නේද? සරකානි ශාක්‍යතෙම සීලය සම්පූර්ණ කරන්නෙක් නොවීය කියායි.
ඉක්බිති මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ ස්වාමීනි, මෙහි සරකානි ශාක්‍යතෙම කළුරිය කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බවට නියතවූ මතු මාර්ගත්රය පිහිට කොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙකැයි වදාරණලදී.
“ස්වාමීනි, එහි බොහෝ ශාක්‍යයෝ එක්ව රැස්ව මෙසේ දොස් කියත්, ගර්හා කරත්, බැණවදිත්. කෙසේද? පින්වත්නි, ආශ්චර්‍ය්‍යයකි, පුදුමයකි. සරකානි ශාක්‍යතෙම කළුරියකෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්රය පිහිට කොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙකැයි ප්‍රකාශ කරන ලදී. එසේ නම් මෙහි කවරෙක් සෝවාන් වූවෙක් නොවන්නේද? සරකානි ශාක්‍යතෙම සීලය සම්පූර්ණ නොකෙළෙක් විය කියායි.
(මේ ඡේදය මේ වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදය මෙනි.)
(මේ ඡේදයන්හි ඇති “අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයි.” යන්න මෙහිදී “ස්ථිරගති ඇත්තෙක්, අතිශයින් ප්‍රසන්න වූයෙක් වෙයි” කියා වෙනස්කොට මේ වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 5-10 ඡේද යොදාගන්න.)
“මහානාමය, යම්සේ වනාහි නොනසන ලද කටු කොහොල් ඇත්තාවූ විෂමවූ කෙතක් විෂමවූ භූමියක් වෙයිද කැඩුනාවූ කුණුවූ වාතයට සහ අව්වට අසුවූ හරය නැත්තාවූ මනාකොට නොතබන ලද්දාවූ බීජයෝ වන්නාහුද, වැස්ස මනාව වසින්නේය. එහෙත් ඒ බීජයෝ වැඩීමට හැදීමට මහත් බවට පැමිණෙන්නාහුද? ස්වාමීනි, එය නොවේමය.
“මහානාමය, එසේම මේ ලෝකයෙහි ධර්මය නපුරු කොට කියන ලද්දේද නපුරු කොට ප්‍රකාශ කරන ලද්දේද නෛර්‍ය්‍යාණික නොවන්නේද සංසිඳීම පිණිස නොපවත්නේද සම්‍යක්සම්බුද්ධ නොවූවකු විසින් ප්‍රකාශ කරන ලද්දේද ඒ ධර්මය මම විෂම ක්ෂෙත්රයෙහිලා කියමි. ඉදින් ඒ ධර්මයෙහි ශ්‍රාවක තෙම ධර්මානුකූල ප්රතිපත්තියෙහි පිළිපදිමින් ගෞරවයට සුදුසුසේ පිළිපදිමින් ධර්මය අනුව හැසිරෙමින් වාසය කෙරෙයිද මම එය අයහපත් බීජයයි කියමි.
‘මහානාමය, යම්සේ වනාහි නසනලද කටු කොහොල් ඇත්තාවූ යහපත් කෙතක්, යහපත් භූමියක් වෙයිද, කඩනොවූ, කුණු නොවූ, වාතයට සහ අව්වට අසුනොවූ හරය ඇත්තාවූ, මනාකොට තබන ලද්දාවූ බීජයෝ වෙත්ද, වැසිද මනාව වසින්නේය. ඒ බීජයෝ වැඩීමට හැදීමට මහත් බවට පැමිණෙන්නාහුද?”-“එසේය ස්වාමීනි”
“මහානාමය, එසේම මේ ලෝකයෙහි ධර්මය තෙම මනාකොට කියන ලද්දේද, මනාකොට ප්‍රකාශකරන ලද්දේද නෛර්‍ය්‍යාණික වේද, සංසිඳීම පිණිස පවත්නේද සම්‍යක් සම්බුදු කෙනකු විසින් වදාරන ලද්දේද මම එය යහපත් කෙතයයි කියමි. ඉදින් ඒ ධර්මයෙහි ශ්‍රාවකතෙම ධර්මයට අනුකූල ප්රතිපත්තියෙහි පිළිපදිමින් ගෞරවයට සුදුසුසේ පිළිපදිමින් ධර්මය අනුව හැසිරෙමින් වාසය කෙරෙයිද, මෙය මම යහපත් බීජයයි කියමි. සරකානි ශාක්‍යයා ගැන කියනුම කවරේද? මහානාමය සරකානි ශාක්‍යතෙම මැරෙන කාලයෙහි ශික්ෂාව සම්පූර්ණ කෙළේ වීය.”
|
6. පඨමඅනාථපිණ්ඩිකසුත්තං | 6. ආබාධික අනාථ පිණ්ඩික සූත්‍රය |
1022
සාවත්ථිනිදානං
‘‘එවං
‘‘අනාථපිණ්ඩිකො, භන්තෙ, ගහපති ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. සො ආයස්මතො සාරිපුත්තස්ස පාදෙ සිරසා වන්දති. එවඤ්ච වදති - ‘සාධු කිර, භන්තෙ, ආයස්මා සාරිපුත්තො යෙන අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා’’’ති. අධිවාසෙසි ඛො ආයස්මා සාරිපුත්තො තුණ්හීභාවෙන.
අථ ඛො ආයස්මා සාරිපුත්තො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ආයස්මතා ආනන්දෙන පච්ඡාසමණෙන යෙන අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො ආයස්මා සාරිපුත්තො අනාථපිණ්ඩිකං ගහපතිං එතදවොච - ‘‘කච්චි තෙ, ගහපති, ඛමනීයං කච්චි යාපනීයං? කච්චි දුක්ඛා වෙදනා පටික්කමන්ති, නො අභික්කමන්ති; පටික්කමොසානං පඤ්ඤායති, නො අභික්කමො’’ති? ‘‘න මෙ, භන්තෙ, ඛමනීයං, න යාපනීයං. බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති, නො පටික්කමන්ති; අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමො’’ති.
‘‘යථාරූපෙන ඛො, ගහපති, බුද්ධෙ අප්පසාදෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා
‘‘යථාරූපෙන ඛො, ගහපති, ධම්මෙ අප්පසාදෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරං මරණා
‘‘යථාරූපෙන ඛො, ගහපති, සඞ්ඝෙ අප්පසාදෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපො තෙ සඞ්ඝෙ අප්පසාදො නත්ථි. අත්ථි ච ඛො තෙ, ගහපති, සඞ්ඝෙ අවෙච්චප්පසාදො - සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති. තඤ්ච පන තෙ සඞ්ඝෙ අවෙච්චප්පසාදං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්ය.
‘‘යථාරූපෙන ඛො, ගහපති, දුස්සීල්යෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපං තෙ දුස්සීල්යං නත්ථි. අත්ථි ච ඛො තෙ, ගහපති, අරියකන්තානි සීලානි...පෙ.... සමාධිසංවත්තනිකානි. තානි ච පන තෙ අරියකන්තානි සීලානි අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්ය.
‘‘යථාරූපාය ඛො, ගහපති, මිච්ඡාදිට්ඨියා සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො
‘‘යථාරූපෙන ඛො, ගහපති, මිච්ඡාසඞ්කප්පෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා
‘‘යථාරූපාය
‘‘යථාරූපෙන ඛො, ගහපති, මිච්ඡාකම්මන්තෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපො තෙ මිච්ඡාකම්මන්තො නත්ථි. අත්ථි ච ඛො තෙ, ගහපති, සම්මාකම්මන්තො. තඤ්ච පන තෙ සම්මාකම්මන්තං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්ය.
‘‘යථාරූපෙන
‘‘යථාරූපෙන ඛො, ගහපති, මිච්ඡාවායාමෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපො තෙ මිච්ඡාවායාමො නත්ථි. අත්ථි ච ඛො තෙ, ගහපති, සම්මාවායාමො. තඤ්ච පන තෙ සම්මාවායාමං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්ය.
‘‘යථාරූපාය ඛො, ගහපති, මිච්ඡාසතියා සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපා තෙ මිච්ඡාසති නත්ථි. අත්ථි ච ඛො තෙ, ගහපති, සම්මාසති. තඤ්ච පන තෙ සම්මාසතිං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්ය.
‘‘යථාරූපෙන
‘‘යථාරූපෙන
‘‘යථාරූපාය ඛො, ගහපති, මිච්ඡාවිමුත්තියා සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපා තෙ මිච්ඡාවිමුත්ති නත්ථි. අත්ථි ච ඛො තෙ, ගහපති, සම්මාවිමුත්ති. තඤ්ච පන තෙ සම්මාවිමුත්තිං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්යා’’ති.
අථ ඛො අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස ඨානසො වෙදනා පටිප්පස්සම්භිංසු. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති ආයස්මන්තඤ්ච සාරිපුත්තං ආයස්මන්තඤ්ච ආනන්දං සකෙනෙව ථාලිපාකෙන පරිවිසි. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති ආයස්මන්තං සාරිපුත්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං අඤ්ඤතරං නීචාසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං
‘‘යස්ස සද්ධා තථාගතෙ, අචලා සුප්පතිට්ඨිතා;
සීලඤ්ච යස්ස කල්‍යාණං, අරියකන්තං පසංසිතං.
‘‘සඞ්ඝෙ පසාදො යස්සත්ථි, උජුභූතඤ්ච දස්සනං;
අදලිද්දොති
(අදළිද්දොති (සී. ස්‍යා. කං.)) තං ආහු, අමොඝං තස්ස ජීවිතං.
‘‘තස්මා
අනුයුඤ්ජෙථ මෙධාවී, සරං බුද්ධානසාසන’’න්ති.
අථ ඛො ආයස්මා සාරිපුත්තො අනාථපිණ්ඩිකං ගහපතිං ඉමාහි ගාථාහි අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමි.
අථ
|
1022
මා විසින් මෙසේ අසන ලදී. එසමයෙහි වනාහි අනාථපිණ්ඩික ගෘහපති තෙම ලෙඩවූයේ දුකට පත්වූයේ බලවත් සේ ගිලන්වූයේ විය. ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපති තෙම එක්තරා පුරුෂයෙකුට කථා කෙළේය. ‘පින්වත් පුරුෂය, නුඹ මෙහි එව. ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම්තැනෙක්හිද, එතැනට යව. ගොස් මාගේ වචනයෙන් ආයුෂ්මත් සාරිපුත්රස්ථවිරයන් වහන්සේගේ දෙපා හිසින් වඳුව. ස්වාමීනි, අනාථපිණ්ඩික ගෘහපති තෙම රොගාතුරව දුක් සහිතව දැඩිගිලන්ව වෙසෙයි. හෙතෙම ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දෙපා සිරසින් වඳියි’ කියායි. මෙසේත් කියව. ස්වාමීනි, ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අනාථ පිණ්ඩික ගෘහපතිහුගේ ගෙදර යම් තැනෙක්හිද, එතැනට අනුකම්පා කර වඩිනසේක් නම් යහපත කියායි.
“එසේය ස්වාමීනියි කියා ඒ පුරුෂතෙම අනාථ පිණ්ඩික ගෘහපතිහට උත්තරදී ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ පුරුෂතෙම ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, අනාථපිණ්ඩික ගෘහපතිතෙම ලෙඩව දුකට පැමිණ බලවත්සේ ගිලන්ව වාසය කරයි. හෙතෙම ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ පාදයන් සිරසින් වඳියි. මෙසේත් කියයි. ස්වාමීනි ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අනාථපිණ්ඩික ගෘහපතියාගේ ගෙදර යම් තැනෙක් හිද, අනුකම්පාකර එහි වඩිනසේක් නම් යහපති” යනුයි. ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ තූෂ්ණීම් භාවයෙන් ඉවසූසේක.
“ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරතෙම උදේ කාලයෙහි හැඳ පාත්‍ර සිවුරු ගෙන, පසුව යන ශ්රමණයන් වශයෙන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් කැටුව අනාථපිණ්ඩික ගෘහපතිහුගේ ගෙය යම් තැනෙක්හිද එහි වැඩියේය. වැඩ, පණවනලද ආසනයෙහි වැඩ උන්නේය. වැඩ උන්නාවූ ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ අනාථ පිණ්ඩික ගෘහපතිහට මෙය කීහ.
“ගෘහපතිය, කිම නුඹට ඉවසිය හැකිද? කිම යැපිය හැකිද? කිම දුක්වේදනාවෝ සංසිඳෙත්ද? නොවැඩෙත්ද? සංසිඳෙන සැටියක් පෙනේද? වැඩීමක් නොපෙනේද?”
“ස්වාමීනි, මට ඉවසිය නොහැක. යැපිය නොහැක. මාගේ බලවත් දුක්වේදනාවෝ වැඩෙත්. නොසංසිඳෙත්. වැඩෙන සැටියක් පෙනේ. සංසිඳෙන සැටියක් නොපෙනේ.’
“ගෘහපතිය, බුදුරජාණන්වහන්සේ කෙරෙහි යම්බඳු නොපැහැදීමකින් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම වනාහි කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති, විෂමවූ වැටීම් ඇති, නරකයෙහි උපදීද තොපට එබඳුවූ ඔවුන්ගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොපැහැදීමක් නැතද ගෘහපතිය, තොපහට බුදුරජාණන් වහන්සේ කෙරෙහිවූ අචල ප්‍රසාදයක් ඇත්තේය.
“මෙසේ භාග්‍යවතුන් වහන්සේ අර්හත්ය. සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ. ලෝකවිදූහ. පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු හා සමානයහ. දෙවිමිනිසුන්ගේ ශාස්තෲහ. චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කළසේක. භාග්‍යවත්හ කියායි.
බුදුරජාණන් වහන්සේ කෙරෙහිවූ ඒ අචල ප්‍රසාදය තමා කෙරෙහි දක්නාවූ තොපගේ ඒ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
“ගෘහපතිය, ධර්මය කෙරෙහි යම්බඳුවූ නොපැහැදීමකින් යුත් අශ්‍රැතවත් පෘථග්ජනතෙම වනාහි කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති විෂමවූ වැටීම් ඇති, නරකයෙහි උපදීද තොපට එබඳුවූ ධර්මය කෙරෙහි නොපැහැදීමක් නැතද ගෘහපතිය, තොපට ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයක් ඇත්තේය.
“ධර්මයන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූවාහුය. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල් නොයවා විපාක දෙන්නේය. එව බලවයි, පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේය කියායි.
“ධර්මය කෙරෙහිවූ ඒ අචලප්රසාදය තමා කෙරෙහි දකින්නාවූ තොපගේ ඒ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
“ගෘහපතිය, සංඝයා කෙරෙහි යම්බඳුවූ නොපැහැදීමකින් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම වනාහි කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති, විෂමවූ වැටීම් ඇති, නරකයෙහි උපදියිද, නොපට එබඳුවූ සංඝයා කෙරෙහි නොපැහැදීමක් නැතද ගෘහපතිය, තොපට සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයක් ඇත්තේය.
“භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූ සේක. ඇඳිලි කිරීමට (වැඳීමට) සුදුසු වූයේය ලෝකයාගේ උතුම් පිංකුඹුරය” කියායි. සංඝයා කෙරෙහිවූ ඒ අචල ප්‍රසාදය තමා කෙරෙහි දකින්නාවූ තොපගේ ඒ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
“ගෘහපතිය, යම්බඳුවූ දුශ්ශීල භාවයකින් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම වනාහි කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති, විෂමවූ වැටීම් ඇති, නරකයෙහි උපදියිද තොපහට එබඳුවූ දුශ්ශීල භාවයක් නැත්තේය. ගෘහපතිය, තොපහට කඩනොවූ සිදුරු නොවූ, කබරනොවූ, කැළල් නොවූ, නිදොස්වූ, නුවණ ඇත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාවූ තෘෂ්ණාදෘෂ්ටීන් පරාමර්ෂණය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවත්නාවූ, ආර්‍ය්‍යයන් විසින් කැමතිවූ ශීලයෝ ඇත්තාහ. ඒ ආර්‍ය්‍යයන් විසින් කැමතිවූ ශීලයෝ තමා කෙරෙහි දක්නාවූ තොපගේ ඒ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
“ගෘහපතිය, යම්බඳුවූ මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්තවූ අශ්‍රැතවත් පුද්ගලතෙම කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති විෂමවූ වැටීම් ඇති නරකයෙහි උපදියිද, තොපහට එබඳුවූ මිථ්‍යාදෘෂ්ටියක් නැත. ගෘහපතිය, තොපහට සම්‍යක් දෘෂ්ටිය ඇත්තේය. ඒ සම්‍යක් දෘෂ්ටිය තමා කෙරෙහි දකින්නාවූ තොපගේ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
“ගෘහපතිය, යම්බඳුවූ මිථ්යාසංකල්පනාවකින් යුක්තවූ අශ්‍රැතවත් පුද්ගලතෙම වනාහි කය බිඳීමෙන් මරණින් මතු, පහවූ සැප ඇති, විෂමවූ වැටීම් ඇති නරකයෙහි උපදියි. තොපට එබඳුවූ මිථ්යාසංකල්පනාවක් නැත. ගෘහපතිය, තොපට සම්‍යක් සංකල්පනාව ඇත්තේය. ඒ සම්‍යක් සංකල්පනාව තමා කෙරෙහි දකින්නාවූ තොපගේ ඒ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
“ගෘහපතිය, යම්බඳුවූ මිථ්‍යාවචනයෙන් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම වනාහි කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති, විෂමවූ වැටීම් ඇති, නරකයෙහි උපදීද, තොපට එබඳුවූ මිථ්යාවචනයක් නැත. ගෘහපතිය, තොපහට සම්‍යක් වචනය ඇත්තේය. ඒ සම්‍යක් වචනය තමා කෙරෙහි දකින්නාවූ තොපගේ ඒ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
“ගෘහපතිය, යම්බඳුවූ මිථ්‍යා කර්මාන්තයෙන් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම වනාහි කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති, විෂමවූ වැටීම් ඇති නරකයෙහි උපදියිද තොපට එබඳුවූ මිථ්‍යා කර්මාන්තයක් නැත. ගෘහපතිය, තොපහට සම්‍යක් කර්මාන්තය ඇත්තේය. ඒ සම්‍යක් කර්මාන්තය තමා කෙරෙහි දකින්නා තොපගේ ඒ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
“ගෘහපතිය, යම් බඳුවූ මිථ්‍යා ආජීවයෙන් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම වනාහි කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති විෂමවූ වැටීම් ඇති නරකයෙහි උපදියිද තොපට එබඳුවූ මිථ්‍යා ආජීවයක් නැත්තේය. ගෘහපතිය, තොපට සම්‍යක් ආජීවය ඇත්තේය. ඒ සම්‍යක් ආජීවය තමා කෙරෙහි දකින්නාවූ තොපගේ ඒ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
“ගෘහපතිය, යම් බඳුවූ මිථ්‍යා ව්‍යායාමයෙන් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති විසමවූ වැටීම් ඇති නරකයෙහි ‘උපදියිද, තොපට එබඳුවූ මිථ්‍යා ව්‍යායාමයක් නැත්තේය ගෘහපතිය, තොපට සම්‍යක් ව්‍යායාමය ඇත්තේය. ඒ සම්‍යක් ව්‍යායාමය තමා කෙරෙහි දකින්නාවූ තොපගේ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
“ගෘහපතිය, යම්බඳුවූ මිථ්‍යා ස්මෘතියෙන් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති විසමවූ වැටීම් ඇති නරකයෙහි උපදියිද, තොපට එබඳුවූ මිථ්‍යා ස්මෘතියක් නැත. ගෘහපතිය, තොපට සම්‍යක් ස්මෘතිය ඇත්තේය. ඒ සම්‍යක් ස්මෘතිය තමා කෙරෙහි දකින්නාවූ තොපගේ ඒ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
“ගෘහපතිය, යම් බඳුවූ මිථ්‍යා සමාධියෙන් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති විසමවූ වැටීම් ඇති නරකයෙහි උපදියිද තොපට එබඳුවූ මිථ්‍යා සමාධියක් නැත්තේය. ගෘහපතිය, තොපට සම්‍යක් සමාධිය ඇත්තේය. ඒ සම්‍යක් සමාධිය තමා කෙරෙහි දකින්නාවූ තොපගේ ඒ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
“ගෘහපතිය, යම්බඳුවූ මිථ්‍යා ඥානයෙන් යුක්තවූ, අශ්‍රැතවත් පෘථග්ජනතෙම කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති, විසමවූ වැටීම් ඇති නරකයෙහි උපදියිද, තොපට එබඳුවූ, මිථ්යාඥානයක් නැත්තේය. ගෘහපතිය, තොපට සම්‍යක් ඥානය ඇත්තේය. ඒ සම්‍යක් ඥානය කෙරෙහි දකින්නාවූ තොපගේ ඒ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
“ගෘහපතිය, යම්බඳුවූ මිථ්‍යා විමුක්තියෙන් යුක්තවූ, අශ්‍රැතවත් පෘථග්ජනතෙම කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති, විසමවූ වැටීම් ඇති, නරකයෙහි උපදියිද, තොපට එබඳුවූ, මිථ්‍යා විමුක්තියක් නැත්තේය. ගෘහපතිය, තොපට සම්‍යක් විමුක්තිය ඇත්තේය. ඒ සම්‍යක් විමුක්තිය තමා කෙරෙහි දකින්නාවූ තොපගේ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපතිහුගේ වේදනාව ක්ෂණයකින් සංසිඳුනේය. ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපති තෙම ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද තමාගේම බත් තලියෙන් වැළඳවිය. ඉක්බිති අනාථ පිණ්ඩික ගෘහපතිතෙම වනාහි සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ වළඳා, පාත්‍රයෙන් අත පිටතට ගත් කල්හි එක්තරා පහත් ආසනයක් ගෙන එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ අනාථ පිණ්ඩික ගෘහපතිහට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන්ගෙන් අනුමෝදනා කළසේක.
“යමෙකුහට තථාගතයන් වහන්සේ කෙරෙහි අචලවූ ශ්‍රද්ධාව පිහිටියාද යහපත්වූ ආර්‍ය්‍යයන් විසින් කැමතිවන්නාවූ ප්‍රශංසා කරන ලද්දාවූ, ශීලය යමෙකුට ඇත්තේද, යමෙකුහට සංඝයා කෙරෙහි ප්‍රසාදයක් ඍජුවූ දෘෂ්ටියක් ඇත්තේද, හෙතෙම දුප්පතෙක් නොවේයයි කීහ. ඔහුගේ ජීවිතය හිස් නොවේ. එහෙයින් බුදුවරයන්ගේ අනුශාසනය සිහිකරන්නාවූ නුවණැති පුද්ගලතෙමේ ශ්රද්ධාවද, ශීලයද, ප්රසාදයද, ධර්මය දැකීමද, අනුව යෙදෙන්නේය.
ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අනාථ පිණ්ඩික ගෘහපතිහට මේ ගාථාවන්ගෙන් අනුශාසනා කොට හුනස්නෙන් නැඟිට වැඩිසේක.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ “ආනන්දය, නුඹ මේ දවල් කාලයෙහි කොහිසිට එන්නෙහිදැයි” ඇසූහ.
“ස්වාමීනි, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විසින් අනාථපිණ්ඩික ගෘහපතිතෙම මේ අවවාදයෙන් අවවාද කරන ලද්දේයයි” කීය.
“ආනන්දය, සාරිපුත්තතෙම පණ්ඩිතය, ආනන්දය, සාරිපුත්ත තෙම මහා ප්‍රාඥයෙක. යම් හෙයකින් සොතාපත්ති අංග සතර දස ආකාරයකින් බෙදන්නේද එහෙයිනි.”
|
7. දුතියඅනාථපිණ්ඩිකසුත්තං | 7. ආනන්ද අනාථපිණ්ඩික සූත්‍රය |
1023
සාවත්ථිනිදානං. තෙන ඛො පන සමයෙන අනාථපිණ්ඩිකො ගහපති ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො අනාථපිණ්ඩිකො
‘‘එවං, භන්තෙ’’ති ඛො සො පුරිසො අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස පටිස්සුත්වා යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො පුරිසො ආයස්මන්තං ආනන්දං එතදවොච - ‘‘අනාථපිණ්ඩිකො, භන්තෙ, ගහපති ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. සො ආයස්මතො ආනන්දස්ස පාදෙ සිරසා වන්දති. එවඤ්ච වදති - ‘සාධු කිර, භන්තෙ, ආයස්මා ආනන්දො යෙන අනාථපිණ්ඩිකස්ස
අථ ඛො ආයස්මා ආනන්දො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො ආයස්මා ආනන්දො අනාථපිණ්ඩිකං
‘‘චතූහි
‘‘පුන චපරං, ගහපති, අස්සුතවා පුථුජ්ජනො ධම්මෙ අප්පසාදෙන සමන්නාගතො හොති. තඤ්ච පනස්ස ධම්මෙ අප්පසාදං අත්තනි සමනුපස්සතො හොති උත්තාසො, හොති ඡම්භිතත්තං, හොති සම්පරායිකං මරණභයං.
‘‘පුන චපරං, ගහපති, අස්සුතවා පුථුජ්ජනො සඞ්ඝෙ අප්පසාදෙන සමන්නාගතො හොති. තඤ්ච පනස්ස සඞ්ඝෙ අප්පසාදං අත්තනි සමනුපස්සතො හොති උත්තාසො, හොති ඡම්භිතත්තං, හොති සම්පරායිකං මරණභයං.
‘‘පුන චපරං, ගහපති, අස්සුතවා පුථුජ්ජනො දුස්සීල්යෙන සමන්නාගතො හොති. තඤ්ච පනස්ස දුස්සීල්යං අත්තනි සමනුපස්සතො හොති උත්තාසො, හොති ඡම්භිතත්තං, හොති සම්පරායිකං මරණභයං. ඉමෙහි ඛො, ගහපති, චතූහි ධම්මෙහි සමන්නාගතස්ස අස්සුතවතො
‘‘චතූහි
‘‘පුන චපරං, ගහපති, සුතවා අරියසාවකො ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ස්වාක්ඛාතො භගවතා ධම්මො...පෙ.... පච්චත්තං වෙදිතබ්බො
‘‘පුන චපරං, ගහපති, සුතවා අරියසාවකො සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති. තඤ්ච පනස්ස සඞ්ඝෙ අවෙච්චප්පසාදං අත්තනි සමනුපස්සතො න හොති උත්තාසො, න හොති ඡම්භිතත්තං, න හොති සම්පරායිකං මරණභයං.
‘‘පුන චපරං, ගහපති, සුතවා අරියසාවකො අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි...පෙ.... සමාධිසංවත්තනිකෙහි. තානි ච පනස්ස අරියකන්තානි සීලානි
‘‘නාහං, භන්තෙ ආනන්ද, භායාමි. ක්යාහං භායිස්සාමි! අහඤ්හි, භන්තෙ, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොමි - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ...පෙ.... සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොමි - සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති. යානි චිමානි, භන්තෙ, භගවතා ගිහිසාමීචිකානි සික්ඛාපදානි දෙසිතානි, නාහං තෙසං කිඤ්චි අත්තනි ඛණ්ඩං සමනුපස්සාමී’’ති
|
1023
මා විසින් මෙසේ අසනලදී. එසමයෙහි වනාහි බොහෝ භික්ෂූහු මසා කටයුතු නිමකරන ලද සිවුර ඇති භාග්‍යවතුන් වහන්සේ මාස තුනකින් පසු චාරිකාවෙහි වඩින්නේයයි භාග්‍යවතුන්වහන්සේගේ සිවුරෙහි වැඩ කෙරෙත්.
එසමයෙහි වනාහි අනාථපිණ්ඩික ගෘහපතිතෙම ලෙඩව, දුකට පත්ව, බලවත්සේ ගිලන්ව වාසය කරයි. ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපතිතෙම වනාහි එක්තරා පුරුෂයෙකුට කථාකළේය. ‘පින්වත් පුරුෂය, නුඹ මෙහි එව, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණෙව, පැමිණ, මාගේ වචනයෙන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ පාද සිරසින් වඳුව.
“ස්වාමීනි, අනාථ පිණ්ඩික ගෘහපතිතෙම රොගාතුරව දුක් සහිතව, දැඩි ගිලන්ව, වෙසෙයි. හෙතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ දෙපා සිරසින් වඳියි’ කියායි. මෙසේත් කියව, ‘ස්වාමීනි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අනාථපිණ්ඩික ගෘහපතිහුගේ ගෙදර යම් තැනෙක්හිද එතැනට අනුකම්පාකර වඩිනසේක් නම් යහපත.’
‘එසේය, ස්වාමීනියි කියා ඒ පුරුෂතෙම අනාථපිණ්ඩික ගෘහපතිහට උත්තරදී, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ, ඒ පුරුෂතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, අනාථපිණ්ඩික ගෘහපතිතෙම ලෙඩව දුකට පැමිණ, බලවත්සේ ගිලන්ව වාසය කරයි. හෙතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ පාදයන් සිරසින් වඳියි. මෙසේත් කියයි. ‘ස්වාමීනි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අනාථපිණ්ඩික ගෘහපතියාගේ ගෙදර යම් තැනෙක්හිද, අනුකම්පාකර එහි වඩිනසේක්නම් යහපති’ යනුයි”
ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ තූෂ්ණීම් භාවයෙන් ඉවසූසේක.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ උදේ කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන අනාථ පිණ්ඩික ගෘහපතිහුගේ
ගෙය යම් තැනෙක්හිද එතැනට පැමිණියහ පැමිණ, පණවන ලද ආසනයෙහි වැඩ උන්හ. වැඩහුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම අනාථපිණ්ඩික ගෘහපතියාට මෙය කීයේය.
“ගෘහපතිය, කිම නුඹට ඉවසිය හැකිද? කිම යැපිය හැකිද? කිම දුක් වේදනාවෝ සංසිඳෙත්ද? සංසිඳෙන සැටියක් පෙනේද? වැඩිවන සැටියක් නොපෙනේද?” යනුයි.
“ස්වාමීනි, මට ඉවසිය නොහැක. යැපිය නොහැක. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩිවෙත්. නො සංසිඳෙත්. වැඩිවීම පෙනේ. අඩුවීම නොපෙනේ.”
“ගෘහපතිය, ධර්ම සතරකින් යුක්තවූ, අශ්‍රැතවත් පෘථග්ජනයාට බය උපදියි. තැතිගැනීම් උපදියි. පරලොව පිළිබඳ මරණ භය උපදියි. කවර සතරකින්ද? ගෘහපතිය, මේ ලෝකයෙහි අශ්‍රැතවත් පෘථග්ජනතෙම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහිවූ අප්‍රසාදය තමා කෙරෙහි දක්නාහට බය ඇතිවෙයි. තැතිගැනීම ඇතිවෙයි. පරලොව පිළිබඳ මරණ භය ඇතිවෙයි.
“ගෘහපතිය, නැවතද අශ්‍රැතවත් පෘථග්ජනතෙම ධර්මය කෙරෙහි අප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද ඒ ධර්මය කෙරෙහි වූ අප්‍රසාදය තමා කෙරෙහි දකින්නාහට බය ඇති වෙයි. තැතිගැනීම ඇතිවෙයි. පරලොව පිළිබඳ මරණ භය ඇතිවෙයි.
“ගෘහපතිය, නැවතද අශ්‍රැතවත් පෘථග්ජනතෙම සංඝයා කෙරෙහි අප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද, ඒ සංඝරත්නය කෙරෙහිවූ අප්‍රසාදය තමා කෙරෙහි දක්නාහට බය ඇතිවෙයි තැතිගැනීම ඇතිවෙයි. පරලොව පිළිබඳ මරණභය ඇතිවෙයි.
“ගෘහපතිය, නැවතද අශ්‍රැතවත් පෘථග්ජනතෙම දුස්සීල භාවයෙන් යුක්තවූයේවේද ඒ දුස්සීල භාවය තමා කෙරෙහි දක්නාහට බය ඇතිවෙයි තැතිගැනීම ඇති වෙයි. පරලොව පිළිබඳ මරණභය ඇතිවෙයි. ගෘහපතිය, මේ ධර්ම සතරින් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජනයාට බය හටගනියි. තැතිගැනීම හටගනියි. පරලොව පිළිබඳ මරණභය හටගනියි.
“ගෘහපතිය, ධර්ම සතරකින් යුක්තවූ ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්රාවකයාට භය ඇති නොවෙයි. තැතිගැනීම ඇති නොවෙයි. පරලොව පිළිබඳ භය ඇති නොවෙයි. කවර සතරකින්ද? ගෘහපතිය, ලෝකයෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම බුදු රජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අර්හත්ය. සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ. ලෝකවිදූය. පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු හා සමානයහ දෙවි මිනිසුන්ගේ ශාස්තෲහ. චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කළසේක. භාග්‍යවත්හ කියායි.
“ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහිවූ අචලප්රසාදය තමා කෙරෙහි දක්නාහට භය ඇතිනොවෙයි. තැතිගැනීම ඇති නොවෙයි. පරලොව ගැන බිය ඇතිනොවෙයි.
“ගෘහපතිය, නැවතද ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ධර්මය කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවූවාහුය. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල් නොයවා විපාක දෙන්නේය. එව බලවයි, පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩි යුතු ගුණයෙන් යුක්ත වූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුත්තේය, කියායි.
ඒ ධර්මය කෙරෙහිවූ අචල ප්‍රසාදය තමා කෙරෙහි දක්නාහට භය ඇති නොවෙයි. තැතිගැනීම ඇතිනොවෙයි. පරලොව ගැන බිය ඇති නොවෙයි.
‘ගෘහපතිය, නැවතද ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරු බුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙළ කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූයේය. ඇඳිලිකිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පිංකුඹුරය, කියායි.
“ඒ සංඝරත්නය කෙරෙහිවූ අචල ප්‍රසාදය තමා කෙරෙහි දක්නාහට බය ඇති නොවෙයි. තැතිගැනීම් ඇති නොවෙයි. පරලොව ඇති නොවෙයි.
“ගෘහපතිය, නැවතද ආර්‍ය්‍යශ්‍රාවකතෙම නොකැඩුනාවූ, සිදුරු නොවූ, කබර නොවූ, කැළල් නොවූ, නිදොස්වූ, නුවණ ඇත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාවූ තෘෂ්ණා දෘෂ්ටීන් විසින් පරාමර්ෂණය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවත්නාවූ ආර්‍ය්‍යයන් කැමැති ශීලයෙන් යුක්තවූයේ වෙයි. ඒ ආර්‍ය්‍යයන් විසින් කැමතිවන්නාවූ ශීලය තමා කෙරෙහි දකින්නාහට බිය ඇතිනොවෙයි. තැතිගැනීම ඇතිනොවෙයි, පරලොව ගැන බිය ඇතිනොවේයයි” කීය.
“ආනන්ද ස්ථවිරයන් වහන්ස, මම භය නොවෙමි. කවරහෙයින් මම බිය වන්නෙම්ද? ස්වාමීනි, මම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙමි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විජ්ජාචරණ සම්පන්නයහ, සුගතයහ, ලොකවිදූහ, පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු හා සමානයහ, දෙවිමිනිසුන්ගේ ශාස්තෲහ, චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කළ සේක, භාග්‍යවත්හ කියායි.
“ධර්මය කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්ත වූවාහුය. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනාකරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල් නොයවා විපාකදෙන්නේය. එව බලවයි, පෙන්විය හැකිගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්ත වූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේය කියායි.
“සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූවාහුය. භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරු බුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙළ කළ දෙය පිළිගැනීමට සුදුසු වූසේක. ඇඳිලි කිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පිං කුඹුරය, කියායි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ ගිහියන්හට සුදුසුවූ ශික්ෂාපද පණවන ලදද, ඔවුන්ගෙන් කඩවූ කිසි ශික්ෂාපදයක් තමා කෙරෙහි නොදක්නෙමි.”
“ගෘහපතිය, නුඹට ලාභයකි. ගෘහපතිය, නුඹට මහත් ලාභයකි. ගෘහපතිය, නුඹ විසින් සෝවාන් ඵලය ප්‍රකාශ කරන ලදී.”
|
8. පඨමභයවෙරූපසන්තසුත්තං | 8. අනාථ පිණ්ඩික වෙරභය සූත්‍රය |
1024
සාවත්ථිනිදානං. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච - ‘‘යතො ඛො, ගහපති, අරියසාවකස්ස පඤ්ච භයානි වෙරානි වූපසන්තානි ච හොන්ති, චතූහි ච සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති, අරියො චස්ස ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො, සො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්යාකරෙය්ය - ‘ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනි
‘‘කතමානි
‘‘කතමෙහි චතූහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති? ඉධ, ගහපති, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි...පෙ.... සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි චතූහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති.
‘‘කතමො චස්ස අරියො ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො? ඉධ, ගහපති, අරියසාවකො
‘‘යතො ඛො, ගහපති, අරියසාවකස්ස ඉමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති, ඉමෙහි චතූහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති, අයඤ්චස්ස අරියො ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො
|
1024
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි අනාථ පිණ්ඩික ගෘහපතිතෙම භාග්‍යවතුන්වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ අනාථ පිණ්ඩික ගෘහපතියාහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
“ගෘහපතිය, යම්තැනක පටන් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ යම් භය පසක් වෛර පසක් සංසිඳුනාහු වෙත්ද, සිව් වැදෑරුම් ශ්‍රොතාපත්ති අංගයන්ගෙන් යුක්තවූයේ වෙයිද, ඔහු විසින් ආර්‍ය්‍ය න්‍යාය ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලද්දේද, මනාකොට ප්‍රතිවේධ කරන ලද්දේද, හෙතෙම කැමැති වන්නේ තමාම තමහට ‘ක්ෂය කරන ලද නිරය ඇත්තේවෙමි. ක්ෂය කරන ලද, තිරිසන් යොනිය ඇත්තේ වෙමි. ක්ෂය කරන ලද ප්‍රේත විෂය ඇත්තේ වෙමි. ක්ෂය කරන ලද නපුරුගති ඇති විසම පතිතවීම් ඇති අපාය ඇත්තේ වෙමි. මම අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතු මාර්ගත්රය පිහිට කොට ඇත්තාවූ සොවාන් වෙමැයි’ ප්‍රකාශ කරන්නේය.
“කිනම් භය පසක් වෛර පසක් සංසිඳුනාහු වෙත්ද? ගෘහපතිය, ප්‍රාණඝාත කරන තැනැත්තේ ඒ ප්‍රාණඝාත කිරීම හේතුකොට ගෙන මේ ආත්මයෙහිත් බියද වෛරයද රැස්කරයි. පරලොවත් බියද වෛරයද රැස්කරයි. මානසික දුකද දොම්නසද විඳියි. ප්‍රාණඝාතයෙන් වෙන්වූවහුට මේ බිය සහ වෛරය සංසිඳුනේ වෙයි.
“ගෘහපතිය, හොරකම් කරන තැනැත්තේ ඒ සොරකම් කිරීම් හේතුකොට ගෙන මේ ආත්මයෙහිත් බියද වෛරයද රැස්කරයි. පරලොවත් බියද වෛරයද රැස්කරයි. මානසික දුකද දොම්නසද විඳියි. සොරකම් කිරීමෙන් වෙන්වූවහුට මේ බිය සහ වෛරය සංසිඳුනේ වෙයි.
“ගෘහපතිය, කාමයන්හි වරදවා හැසිරෙන තැනැත්තේ, ඒ කාමයන්හි වරදවා හැසිරීම හේතුකොටගෙන මේ ආත්මයෙහිත් බියද වෛරයද රැස්කරයි. පරලොවත් බියද වෛරයද රැස්කරයි. මානසික දුකද දොම්නසද විඳියි. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවහුට මේ බිය සහ වෛරය සංසිඳුනේ වෙයි.
“ගෘහපතිය, බොරු කියන තැනැත්තේ ඒ බොරු කීම හේතුකොටගෙන මේ ආත්මයෙහිත් බියද වෛරයද රැස්කරයි. පරලොවත් බියද වෛරයද රැස්කරයි. මානසික දුකද දොම්නසද විඳියි. බොරු කීමෙන් වෙන් වූවහුට මේ බිය සහ වෛරය සංසිඳුනේ වෙයි.
“ගෘහපතිය, මදයට හා ප්‍රමාදයට හේතුවන රහමෙර පානය කරන තැනැත්තේ ඒ මදයට හා ප්‍රමාදයට හේතුවන රහමෙර පානය කිරීම හේතුකොටගෙන මේ ආත්මයෙහිද වූ බිය සහ වෛරය රැස්කරයි. පරලොවත් බිය සහ වෛරයද රැස්කරයි. මානසික දුකද දොම්නසද විඳියි. මදයට හා ප්‍රමාදයට හේතුවන රහමෙර පානය කිරීමෙන් වෙන් වූවහුට මේ බිය සහ වෛර සංසිඳුනේ වෙයි. මේ පස් බිය සහ වෛරයෝ සංසිඳුනාහු වෙත්.
“කිනම් සොතාපත්ති අංග සතරකින් යුක්තවූයේ වේද?
“ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූයේවෙයි. මෙසේ භාග්‍යවතුන්වහන්සේ අර්හත්වෙයි. සම්‍යක් සම්බුද්ධ වෙයි. විජ්ජාචරණ සම්පන්නවෙයි. සුගතවෙයි. ලෝකවිදූ වෙයි. අනුත්තර පුරිසදම්මසාරථි වෙයි. දෙවි මිනිසුන්ගේ ශාස්තෲ වෙයි. චතුස්සත්‍යය අවබෝධ කෙළේ වෙයි. භාග්‍යවත්හයි’ කියායි
“ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයි ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල් නොයවා විපාක දෙනනේය. එව බලවයි, පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේය’ කියායි.
“සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූයේවෙයි “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙළ කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූසේක. ඇඳිලිකිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පිං කුඹුරවූයේ වෙයි, කියායි.
“නොකැඩුනාවූ, සිදුරු නොවූ, කබර නොවූ, කැළල් නොවූ, නිදොස්වූ, නුවණ ඇත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාවූ තෘෂ්ණා දෘෂ්ටීන් විසින් පරාමර්ෂණය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවතින්නාවූ ආර්‍ය්‍යයන් කැමැති ශීලයෙන් යුක්තවූයේ වෙයි.
“මේ සොතාපත්ති අංග සතරින් යුක්තවූයේ වෙයි.
“කිනම් ආර්‍ය්‍ය න්‍යායක් ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලද්දේ මනාකොට අවබෝධ කරන ලද්දේද? ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම පටිච්චසමුප්පාදයම නුවණින් මනාකොට මෙනෙහි කෙරෙයිද, මෙසේ මේ හේතුව ඇති කල්හි මේ ඵලය ඇතිවෙයි. මේ ඉපදීම හේතුකොටගෙන මේ ඵලය ඇතිවෙයි මෙසේ මේ හේතුව නැති කල්හි මේ ඵලය ඇති නොවෙයි මේ හේතුව නැතිවීම හේතුකොටගෙන මේ ඵලය ඇති නොවෙයි හේ කෙසේද යත්.
“අවිද්‍යාව නිසා සංස්කාරයෝ ඇතිවෙත්. සංස්කාරයන් නිසා විඥානය ඇතිවෙයි. විඥානය නිසා නාමරූප දෙක ඇතිවෙයි, නාමරූපයන් නිසා සළායතන ඇතිවෙයි සළායතන නිසා ස්පර්ශය ඇතිවෙයි. ස්පර්ශය නිසා වේදනාව ඇති වෙයි වේදනාව නිසා තණ්හාව ඇතිවෙයි. තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි. උපාදානය නිසා භවය ඇතිවෙයි. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවෙයි. ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයෝ ඇති වෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුඃඛ ස්කන්ධයාගේ හටගැනීම ඇතිවෙයි
“අවිද්‍යාවගේම ඉතිරි නොකොට නැති කිරීමෙන් සංස්කාරයන් නැතිවෙත්. සංස්කාරයන් නැතිවීමෙන් විඥානය නැතිවෙයි. විඥානය නැතිවීමෙන් නාමරූප දෙක නැතිවෙයි. නාමරූප දෙක නැතිවීමෙන් සළායතන නැතිවෙයි සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැති වෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම්) නැතිවෙයි. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුඃඛස්කන්ධයාගේ නිරෝධය වෙයි. මේ තෙම ආර්‍ය්‍ය න්‍යායය, ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලද්දේ මනාකොට අවබෝධ කරන ලද්දේ වෙයි.
“ගෘහපතිය, යම්තැනක පටන් ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් මේ පස්බිය සහ වෛරයෝ සංසිඳුවන ලද්දාහු වෙත්ද, මේ ශ්‍රොතාපත්ති අංග සතරින් යුක්තවූයේ වෙයිද, ආර්‍ය්‍ය න්‍යාය ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලද්දේ, මනාකොට අවබෝධ කරන ලද්දේ වෙයිද, හෙතෙම කැමතිවන්නේ තෙමේම තමහට ක්ෂයවූ නිරය ඇත්තෙමි. ක්ෂයවූ තිරිසන් යොනි ඇත්තෙමි, ක්ෂයවූ ප්‍රේතවිෂය ඇත්තෙමි, ක්ෂයවූ අපාය දුර්ගති නිරය ඇත්තේ වෙමි. නිරයෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ, නියතගති ඇත්තාවූ, මතුමාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් වූවෙක් වෙමියි’ ප්‍රකාශ කරන්නේය.”
|
9. දුතියභයවෙරූපසන්තසුත්තං | 9. අරියසාවක වෙරභය සූත්‍රය |
1025
සාවත්ථිනිදානං...පෙ.... ‘‘යතො ඛො, භික්ඛවෙ, අරියසාවකස්ස ඉමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති, ඉමෙහි චතූහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති, අයඤ්චස්ස අරියො ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො; සො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්යාකරෙය්ය - ‘ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනි ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො; සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’’’ති. නවමං.
|
1025
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්හ. එක්පසෙක හුන් ඒ භික්ෂූහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම්තැනක පටන් ආර්‍ය්‍යශ්‍රාවකයාහට මේ පස්බිය සහ වෛරයො සංසිඳුනාහු වෙත්ද මේ ශ්‍රොතාපත්ති අංග සතරින් යුක්තවූයේ වෙයිද, මේ ආර්‍ය්‍ය න්‍යාය ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලද්දේ, අවබෝධ කරන ලද්දේ වෙයිද, හෙතෙම කැමැති වන්නේ තෙමේම තමාහට ‘ක්ෂයවූ නිරය ඇත්තෙමි. ක්ෂයවූ තිරිසන් යොනි ඇත්තෙමි. ක්ෂයවූ ප්‍රේතවිෂය ඇත්තෙමි. ක්ෂයවූ අපාය දුර්ගති නිරය ඇත්තේ වෙමි. අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ, නියත ගති ඇත්තාවූ, මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් වූවෙක් වෙමියි’ ප්‍රකාශ කරන්නේය”
|
10. නන්දකලිච්ඡවිසුත්තං | 10. නන්දක ලිච්ඡවි සූත්‍රය |
1026
එකං
‘‘චතූහි
‘‘ඉමෙහි ච පන, නන්දක, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො ආයුනා සංයුත්තො හොති දිබ්බෙනපි මානුසෙනපි; වණ්ණෙන සංයුත්තො හොති දිබ්බෙනපි මානුසෙනපි; සුඛෙන සංයුත්තො හොති දිබ්බෙනපි මානුසෙනපි; යසෙන සංයුත්තො හොති දිබ්බෙනපි මානුසෙනපි; ආධිපතෙය්යෙන සංයුත්තො හොති දිබ්බෙනපි මානුසෙනපි. තං ඛො පනාහං, නන්දක
එවං
|
1026
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර මහා වනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වාසය කරන සේක. එකල්හි නන්දක නම් ලිච්ඡවි මහ ඇමති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ නන්දක නම් ලිච්ඡවි මහ ඇමතිහට භාග්‍යවතුන් වහන්සේ මෙය කීයේය
‘නන්දකය, ධර්ම සතරකින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම වනාහි නිරයෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වෙයි.
(මේ වර්ගයේ 8 සූත්‍රයේ 8 ඡේදයේ එන ගෘහපතිය, වෙනුවට නන්දකය, කියාද, “මේ සොතාපත්ති අංග සතරින් යුක්තවූයේ වෙයි” යනු නන්දකය, මේ ධර්ම සතරින් යුක්ත ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ නිරයට නොයන ස්වභාවයෙන් යුක්තවූ, නිවන නියතවූ, නිවන කරා ගමන් කරන්නාවූ සෝවාන් මාර්ගයට පැමිණියෙක් වෙයි” කියාද වෙනස්කොට යොදා ගැනීමෙන් මේ ඡේදය සම්පූර්ණ වේ.)
“නන්දකය, මේ ධර්ම සතරින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම වනාහි දිව්‍යමයවූද මනුෂ්‍යමයවූද, ආයුසින් යුක්තවූයේ වෙයි. දිව්‍යමය වූද, මනුෂ්‍යමයවූද වර්ණයෙන් යුක්තවූයේ වෙයි. දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද සැපයෙන් යුක්තවූයේ වෙයි. දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද යසසින් යුක්තවූයේ වෙයි. දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද අධිපතිභාවයෙන් යුක්තවූයේ වෙයි. නන්දකය, එය මම අන්‍යවූ ශ්‍රමණයෙකුගෙන් හෝ බ්‍රාහ්මණයෙකුගෙන් හෝ අසා නොකියමි. හුදෙක් මා විසින් යමක් තෙමේම අවබෝධ කරන ලද්දේද, තමාම දක්නා ලද්දේද, තමාම දැනගන්නා ලද්දේද එයම මම කියමි” යි වදාළසේක.
“මෙසේ වදාළ කල්හි එක්තරා පුරුෂයෙක් නන්දක නම් ලිච්ඡවි මහ ඇමතියාට මෙය කීයේය. ‘ස්වාමීනි, ස්නානය කරන කාලයයි.”
“පින්වත, දැන් මේ බාහිරවූ ස්නානයෙන් වැඩක් නැත. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිවූ යම් මේ ප්‍රසාදයක් වේද, මේ ප්‍රසාදය නමැති අධ්‍යාත්මික ස්නානයම ප්‍රමාණයයි” කීය.
|
4. පුඤ්ඤාභිසන්දවග්ගො | 4. පුඤ්ඤාභිසන්ද වර්ගය |
1. පඨමපුඤ්ඤාභිසන්දසුත්තං | 1. පුඤ්ඤාභිසන්ද සූත්‍රය (1) |
1027
සාවත්ථිනිදානං
‘‘පුන චපරං, භික්ඛවෙ, අරියසාවකො ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ස්වාක්ඛාතො භගවතා ධම්මො...පෙ.... පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති. අයං දුතියො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො.
‘‘පුන චපරං, භික්ඛවෙ, අරියසාවකො සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති. අයං තතියො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො.
‘‘පුන
|
1027
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, සැපයට හේතුවූ පුන්‍යගංගා කුශල ගංගා සතරකි. ඒ කවර සතරක්හුද,
[2] “මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මේ කාරණයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ. සම්‍යක් සම්බුද්ධයහ, අෂ්ට විද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්මයෙන් යුක්තයහ, සුගතයහ, සියලු ලෝකයන් දන්නාහ හික්මිය යුතු පුරුෂයන් හික්මවීමෙහි තමන්ට වඩා වැඩි කෙනකු නැත්තාහ, දෙව් මිනිසුන්ට ශාස්තෲයහ. බුද්ධයහ, භාග්‍යවත්හ යනුවෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද,
[3] “මේ සැපයට හේතුවූ පළමුවන පුන්‍ය ගංගාවය, කුසල ගංගාවය,
[4] “තවද මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය යහපත්කොට වදාරණ ලදී. ප්රත්යක්ෂව දැකියහැකි නුවණ ඇත්තේය. එවලෙහිම ලැබියහැකි ගුණ ඇත්තේය. එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. සිත්හි නිතර එළවා වැඩිය යුතු ගුණ ඇත්තේය. නුවණැතියන් විසින් වෙන වෙනම සිත්හි එළවා දතයුතුය. යනුවෙන් ධර්මය කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද,
[5] “මේ සැපයට හේතුවූ දෙවෙනි පුන්යගංගාවය, කුසල ගංගාවය.
[6] “තවද මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නිවන් පිළිවෙතට පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුදුසු පිළිවෙතට පිළිපන්නේය. යම් ඒ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයෝ අටදෙනෙක් වෙත්ද, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝතෙමේ ආගන්තුකයන් උදෙසා පිළියෙලකළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූයේය. මුදුනත් තබා වැඳීමට සුදුසුය, ලෝකයාගේ ඉතා උතුම්වූ පිංකෙතය යනුවෙන් සංඝයා කෙරෙහි නො සෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද,
[7] “මේ සැපයට හේතුවූ තුන්වැනි පුන්‍ය ගංගාවයි. කුසල ගංගාවයි.
[8] “නැවතද අනික් කරුණක් කියමි. මහණෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ කඩනොවූ, සිදුරු නොවූ, කබර නොගැසුනාවූ තිත් නොගැසුනාවූ, නිදොස්වූ, නුවණැත්තන් විසින් පසසනු ලැබුවාවූ, තණ්හා දිට්ඨි දෙකින් අල්වාගනු නොලැබුවාවූ, සමාධිය පිණිස පවත්නාවූ, ආර්‍ය්‍යයන් කැමති වන්නාවූ සීලයෙන් යුක්තවූයේ වෙයිද, මහණෙනි, මේ වනාහි සැපයට හේතුවූ සතරවැනිවූ පුන්‍ය ගංගාව කුසල ගංගාව වෙයි.
[9] “මහණෙනි, මේ වනාහි සැපයට හේතුවූ පුන්‍ය ගංගා කුසල ගංගා සතර වෙති.”
|
2. දුතියපුඤ්ඤාභිසන්දසුත්තං | 2. පුඤ්ඤාභිසන්ද සූත්‍රය (2) |
1028
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ඉතිපි සො
‘‘පුන චපරං, භික්ඛවෙ, අරියසාවකො ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.....
‘‘පුන චපරං, භික්ඛවෙ, අරියසාවකො විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති මුත්තචාගො පයතපාණි වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො. අයං චතුත්ථො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා’’ති. දුතියං.
|
1028
(මේ ඡේද හත මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1-7 වෙනි ඡේද මෙනි)
“තවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ දානය පිණිස මුදන ලද සිත් ඇත්තේ, දීමෙහි ඇලුනේ, ඉල්ලීමට සුදුසුවූයේ දන් බෙදීමෙහි ඇලුනේ, පහවූ මසුරුමළ ඇති සිතින් ගිහිගෙයි වසයිද සැපයට හේතුවූ මේ සතරවැනි පුන්‍ය ගංගාවය, කුසල ගංගාවය.
“මහණෙනි, සැපයට හේතුවූ මේ පුන්‍යගංගා කුසල ගංගා සතර වෙති.”
|
3. තතියපුඤ්ඤාභිසන්දසුත්තං | 3. පුඤ්ඤාභි සන්ද සූත්‍රය (3) |
1029
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. අයං පඨමො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො.
‘‘පුන චපරං, භික්ඛවෙ, අරියසාවකො ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.....
‘‘පුන චපරං, භික්ඛවෙ, අරියසාවකො පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. අයං චතුත්ථො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා’’ති. තතියං.
|
1029
(මේ ඡේද හත මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1-7 වෙනි ඡේද මෙනි)
“තවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ උතුම්වූ තියුණු අවබෝධයෙන් යුක්තව මනාකොට සියලු දුක් නැති කිරීමට පමුණුවන්නාවූ ඇතිවීම නැතිවීම දක්නා නුවණින් යුක්තවූයේ නුවණැත්තේ වෙයිද සැපයට හේතුවූ මේ සතර වැනි පුන්‍ය ගංගාවය කුසල ගංගාවය.
“මහණෙනි, මේ වනාහි සැපයට හේතුවූ පුන්‍ය ගංගා කුසල ගංගා සතර වෙති.”
|
4. පඨමදෙවපදසුත්තං | 4. දෙවපද සූත්‍රය. (1) |
1030
සාවත්ථිනිදානං
කතමානි
‘‘පුන
‘‘පුන චපරං, භික්ඛවෙ, අරියසාවකො අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි...පෙ.... සමාධිසංවත්තනිකෙහි. ඉදං චතුත්ථං දෙවානං දෙවපදං අවිසුද්ධානං සත්තානං විසුද්ධියා අපරියොදාතානං සත්තානං පරියොදපනාය. ඉමානි ඛො, භික්ඛවෙ, චත්තාරි දෙවානං දෙවපදානි අවිසුද්ධානං සත්තානං විසුද්ධියා අපරියොදාතානං සත්තානං පරියොදපනායා’’ති. චතුත්ථං.
|
1030
(4, 5, 6, 8 වෙනි සූත්‍රවල 1 ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡේදය මෙනි.)
“මහණෙනි, අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදු බව පිණිසත් අපවිත්‍ර සත්වයන්ගේ පවිත්‍රවීම පිණිසත් විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැසගත් මේ පාදයෝ සතරක් වෙති. කවර සතරක්ද?
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡේදය මෙනි)
“මේ අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදුවීම පිණිසත් අපවිත්‍ර සත්වයන්ගේ පවිත්‍රවීම පිණිසත් විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැස ගන්නාලද පළමුවෙනි පාදයයි.
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදය මෙනි)
“මේ අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදුවීම පිණිසත් අපවිත්‍ර සත්වයන්ගේ පවිත්‍රවීම පිණිසත් විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැස ගන්නාලද දෙවැනි පාදයයි.
(මේ ඡේදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 6 වෙනි ඡේදය මෙනි.)
“මේ අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදු බව පිණිසත් අපවිත්‍ර සත්වයන්ගේ පවිත්‍රවීම පිණිසද විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැසගන්නාලද තෙවෙනි පාදයයි.
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 8 වෙනි ඡේදය මෙනි.)
‘මේ අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදු බව පිණිසත් අපවිත්‍ර සත්වයන්ගේ පවිත්‍රවීම පිණිසත් විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැසගන්නාලද මේ සතරවෙනි පාදයයි.
|
5. දුතියදෙවපදසුත්තං | 5. දෙවපද සූත්‍රය. (2) |
1031
‘‘චත්තාරිමානි, භික්ඛවෙ, දෙවානං දෙවපදානි අවිසුද්ධානං සත්තානං විසුද්ධියා අපරියොදාතානං සත්තානං පරියොදපනාය.
‘‘කතමානි චත්තාරි? ඉධ, භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. සො ඉති පටිසඤ්චික්ඛති - ‘කිං නු ඛො දෙවානං දෙවපද’න්ති? සො එවං පජානාති - ‘අබ්යාබජ්ඣපරමෙ ඛ්වාහං එතරහි දෙවෙ
‘‘පුන චපරං, භික්ඛවෙ, අරියසාවකො ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.....
‘‘පුන චපරං, භික්ඛවෙ, අරියසාවකො අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි...පෙ.... සමාධිසංවත්තනිකෙහි. සො ඉති පටිසඤ්චික්ඛති - ‘කිං නු ඛො දෙවානං දෙවපද’න්ති
|
1031
“මහණෙනි, අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදු බව පිණිසත් අපවිත්‍ර සත්වයන්ගේ පවිත්‍රවීම පිණිසත් විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැසගන්නා ලද මේ පාදයෝ සතරක් වෙති. කවර සතරක්ද?
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡේදය මෙනි.)
“හෙතෙම මෙසේ සිතා බලයි. දෙවියන්ගේ නුවණින් බැසගන්නාලද පාද යනු කුමක්ද කියායි. හෙතෙම ‘මම වනාහි දැන් දෙවියන් අවිහිංසාව උතුම්කොට ඇත්තන්යයි අසමියි මම වනාහි තැතිගන්නාවූද බිය නොගන්නාවූද කිසිවෙකුටත් කිසි හිංසාවක් නොකරමි. ඒකාන්තයෙන් මම දිව්යපාදයයි කියනලද ධර්මයෙන් යුක්තව වාසය කරමි’යි මෙසේ දනියි. අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදු බව පිණිසත් අපවිත්‍ර සත්වයන්ගේ පවිත්‍රවීම පිණිසත් දෙවියන්ගේ නුවණින් බැසගන්නාලද මේ පළමුවැනි පාදයයි.
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදය මෙනි.)
“හෙතෙම මෙසේ සිතා බලයි. දෙවියන්ගේ නුවණින් බැසගන්නාලද පාදය යනු කුමක්ද කියායි. හෙතෙම ‘මම වනාහි දැන් දෙවියන් අවිහිංසාව උතුම්කොට ඇත්තන් යයි අසමි. මම වනාහි තැති ගන්නාවූද බිය නොවන්නාවූද කිසිවෙකුටත් කිසි හිංසාවක් නොකරමි. ඒකාන්තයෙන් මම දිව්යපාද සංඛ්‍යාත ධර්මයෙන් යුක්තව වාසය කරමියි’ මෙසේ දනියි. අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදු බව පිණිසත් අපවිත්‍ර සත්වයන්ගේ පවිත්‍රවීම පිණිසත් දෙවියන්ගේ දෙවි නුවණින් බැසගන්නාලද මේ දෙවෙනි පාදයයි.
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡේදය මෙනි.)
“හෙතෙම මෙසේ සිතා බලයි. විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැසගන්නාලද පාද යනු කුමක්ද කියායි හෙතෙම ‘මම වනාහි දැන් දෙවියන් අවිහිංසාව උතුම් කොට ඇත්තන් යයි අසමි. මම වනාහි තැති නොගන්නාවූද, භය නැත්තාවූද, කිසිවෙකුටත් කිසි හිංසාවක් නොකරමි. ඒකාන්තයෙන් මම දිව්යපාද සංඛ්‍යාත ධර්මයෙන් යුක්තව වාසය කරමියි’ මෙසේ දනියි. අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදුවීම පිණිසත් අපවිත්‍ර සත්වයන්ගේ පවිත්‍රබව පිණිසත් විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැසගන්නාලද මේ තෙවෙනි පාදයයි.
“මහණෙනි, තවද ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ කඩනොවූ, සිදුරුනොවූ, කැළල්නොවූ, නිදොස්වූ, නුවණ ඇත්තන් විසින් ප්‍රසංසා කරන ලද්දාවූ තෘෂ්ණා දෘෂ්ටීන් විසින් පරාමර්ෂණය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවතින්නාවූ ආර්‍ය්‍යයන් කැමති ශීලයෙන් යුක්ත වූයේ වෙයි.
“හෙතෙම මෙසේ සිතා බලයි. විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැසගන්නාලද, පාදය කුමක්ද කියායි. හෙතෙම ‘මම වනාහි දැන් දෙවියන් අවිහිංසාව උතුම්කොට ඇත්තන් යයි අසමි. මම වනාහි තැතිගන්නාවූද, බිය නැත්තාවූද, කිසිවෙකුටත් කිසි හිංසාවක් නොකරමි. ඒකාන්තයෙන් මම දිව්යපාද සංඛ්‍යාත ධර්මයෙන් සමන්විතව වාසය කරමියි’ මෙසේ දනියි. අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදුවීම පිණිසත් අපවිත්‍ර සත්වයන්ගේ පවිත්‍ර බව පිණිසත් දෙවියන්ගේ නුවණින් බැසගන්නාලද මේ සතරවෙනා පාදයයි.”
|
6. දෙවසභාගසුත්තං | 6. සභාගත සූත්‍රය |
1032
‘‘චතූහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතං අත්තමනා දෙවා සභාගතං කථෙන්ති. කතමෙහි චතූහි? ඉධ, භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. යා තා දෙවතා බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා ඉතො චුතා තත්රූපපන්නා තාසං එවං හොති - ‘යථාරූපෙන ඛො මයං බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා තතො චුතා ඉධූපපන්නා, අරියසාවකොපි තථාරූපෙන බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො එහීති දෙවානං සන්තිකෙ’’’ති.
‘‘පුන චපරං, භික්ඛවෙ, අරියසාවකො ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි...පෙ.... සමාධිසංවත්තනිකෙහි. යා තා දෙවතා අරියකන්තෙහි සීලෙහි සමන්නාගතා ඉතො චුතා තත්රූපපන්නා තාසං එවං හොති - ‘යථාරූපෙහි ඛො මයං අරියකන්තෙහි සීලෙහි සමන්නාගතා තතො චුතා ඉධූපපන්නා, අරියසාවකොපි තථාරූපෙහි අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො එහීති දෙවානං සන්තිකෙ’ති. ඉමෙහි
|
1032
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ සතුටු සිතැති දෙවියෝ සභාවට ගියාහු මෙසේ කථාකෙරෙත්. කවර නම් සතරකින්ද?
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡේදය මෙනි.)
‘යම් ඒ දේවතාකෙනෙක් බුදුරදුන් කෙරෙහි නොසැලෙන සැදැහැයෙන් යුක්තවූවාහුය. මෙලොවින් චුතවී දෙව්ලොව උපන්නාහුද, ඒ දේවතාවන්ට මෙබඳු අදහසක් වෙයි. අපි වනාහි යම් ලෙසකින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූවාහු මෙලොවින් චුතවීමෙන් මේ දෙව්ලොව උපන්නමෝද එලෙසින් බුදුරදුන් කෙරෙහි නො සැලෙන සැදැහැයෙන් යුක්තවූයේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේද දෙවියන් වෙත එනුමැනවයි’ කියායි
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදය මෙනි.)
“යම් ඒ දේවතා කෙනෙක් ධර්මය කෙරෙහි නොසැලෙන සැදැහැයෙන් යුක්තවූවාහු මෙලොවින් චුතවීමෙන් දෙව්ලොව උපන්නාහුද ඒ දේවතාවනට මෙබඳු සිතක් වෙයි. යම් ලෙසකින් ‘අපි වනාහි ධර්මය කෙරෙහි නොසැලෙන සැදැහැයෙන් යුක්තවූවෝ එලොවින් චුතව මෙහි උපන්නමෝද එලෙසින් ධර්මය කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවූ ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේද දෙවියන් වෙත එනුමැනව’ කියායි.
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡේදය මෙනි.)
යම් ඒ දේවතා කෙනෙක් සංඝයා කෙරෙහි නොසැලෙන සැදැහැයෙන් යුක්තවූවාහු මෙලොවින් චුතවීමෙන් දෙව්ලොව උපන්නාහුද ඒ දේවතාවන්ට මෙබඳු සිතක් වෙයි. යම් ලෙසකින් ‘අපි වනාහි සංඝයා කෙරෙහි නොසැලෙන සැදැහැයෙන් යුක්තවූවාහු එලොවින් චුතවීමෙන් මෙහි උපන්නමෝද, එලෙසින් සංඝයාකෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවූයේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේද, දෙවියන් වෙත එනු මැනවි’ කියායි.
“තවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ නොකැඩුනාවූ, සිදුරු නොවූ, කබර නොවූ, කැළල්නොවූ, නිදොස්වූ, නුවණ ඇත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාවූ තෘෂ්ණාදෘෂ්ටීන් විසින් පරාමර්ෂණය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවත්නාවූ ආර්‍ය්‍යයන් කැමැති ශීලයෙන් යුක්තවූයේ වෙයිද,
“යම් ඒ දේවතා කෙනෙක් ආර්‍ය්‍යයන් කැමතිවූ සීලයෙන් යුක්තවූවාහු මෙලොවින් චුතවීමෙන් දෙව්ලොව උපන්නාහුද, ඒ දෙවතාවන්ට මෙබඳු සිතක් වෙයි. යම්බඳුවූ ‘අපි වනාහි ආර්‍ය්‍යයන් කැමැති සීලයෙන් යුක්තවූවාහුද එයින් චුතවීමෙන් මෙහි උපන්නමෝද ආර්‍ය්‍යශ්‍රාවක තෙමේද එබඳුවූ ආර්‍ය්‍යයන් කැමතිවූ සීලයෙන් යුක්තවූයේ දෙවියන් වෙත එනු මැනවි’ කියායි.
“මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූ සතුටු සිත් ඇති දෙවියෝ සභාවට ගියාහු මෙසේ කථා කෙරෙත්.”
|
7. මහානාමසුත්තං | 7. මහානාම සූත්‍රය |
1033
එකං
‘‘කිත්තාවතා
‘‘කිත්තාවතා පන, භන්තෙ, උපාසකො සීලසම්පන්නො හොතී’’ති? ‘‘යතො ඛො, මහානාම, උපාසකො පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, සුරාමෙරයමජ්ජප්පමාදට්ඨානා පටිවිරතො හොති, - එත්තාවතා ඛො, මහානාම, උපාසකො සීලසම්පන්නො හොතී’’ති.
‘‘කිත්තාවතා පන, භන්තෙ, උපාසකො සද්ධාසම්පන්නො හොතී’’ති? ‘‘ඉධ, මහානාම, උපාසකො සද්ධො හොති, සද්දහති තථාගතස්ස බොධිං - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. එත්තාවතා ඛො, මහානාම, උපාසකො සද්ධාසම්පන්නො හොතී’’ති.
‘‘කිත්තාවතා පන, භන්තෙ, උපාසකො චාගසම්පන්නො හොතී’’ති? ‘‘ඉධ, මහානාම, උපාසකො විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති මුත්තචාගො
‘‘කිත්තාවතා පන, භන්තෙ, උපාසකො පඤ්ඤාසම්පන්නො හොතී’’ති? ‘‘ඉධ, මහානාම, උපාසකො පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා - එත්තාවතා ඛො, මහානාම, උපාසකො පඤ්ඤාසම්පන්නො හොතී’’ති. සත්තමං.
|
1033
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත්පුර නිග්‍රොධාරාමයෙහි වැඩ වාසය කළහ. එකල්හි මහානාම ශාක්‍ය රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටුවිය යුතු සිහිකටයුතු කථාව කොට නිමවා එක්පසෙක උන්නේය. එක්පසෙක උන්නාවූ මහානාම ශාක්‍ය රජතෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කෙළේය.
“ස්වාමීනි, කොපමණකින් උපාසකයෙක් වෙයිදැයි” (ඇසීය.)
“මහානාමය, යම් වේලාවක පටන් බුදුන් සරණ ගියේ වෙයිද, ධර්මය සරණ ගියේ වෙයිද, සංඝායා සරණ ගියේ වෙයිද මහානාම, එතැන් පටන් උපාසකයෙක් වේයයි” (වදාළහ.)
“වහන්ස, කොපමණකින් වනාහි උපාසක තෙම සීලයෙන් යුක්ත වෙයිද?”
“මහානාම, යම් තැනක පටන් උපාසක තෙම ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයිද, සොරකමින් වැළකුණේ වෙයිද, කාමයන්හි වැරදි හැසුරුමෙන් වැළකුණේ වෙයිද, බොරු කීමෙන් වැළකුණේවෙයිද, පමාවට කරුණුවූ රහමෙර පීමෙන් වැළකුණේ වෙයිද, මහානාම, මෙපමණකින් උපාසක තෙම සිල්වතෙක් වෙයි.”
“වහන්ස, කොපමණකින් උපාසකතෙම සැදැහැවතෙක් වෙයිද?”
“මහානාම, මේ ශාසනයෙහි උපාසකතෙම මේ මේ කාරණයෙන් භාග්‍යවතුන් වහන්සේ අර්හත්ය. සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූහ, පුරුෂයන් දමනය කිරීමෙහි අතිඋතුම් රියැදුරෙකු හා සමානයහ. දෙවි මිනිසුන්ගේ ශාස්තෲහ. චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළසේක. භාග්‍යවත්හ යනුවෙන් සැදැහැ ඇත්තේ වෙයි. තථාගතයන් වහන්සේගේ බුදුබව අදහයිද, මහානාම, මෙපමණකින් උපාසකතෙම සැදැහැයෙන් යුක්තවූවෙක් වෙයි”
“වහන්ස, කොපමණකින් උපාසක තෙමේ ත්‍යාගයෙන් යුක්තවූවෙක් වෙයිද?”
“මහානාම, මේ ශාසනයෙහි උපාසකතෙම ත්‍යාගය පිණිස මුදනලද සිත් ඇත්තේ පිරිසිදු කරනලද අත් ඇත්තේ දීමෙහි ඇලුනේ ඉල්වීමට සුදුසුවූයේ දන් බෙදීමෙහි ඇලුනේ පහවූ මසුරුමල ඇති සිතින් ගිහි ගෙයි වාසය කරන්නේද මහානාමය, මෙපමණකින් උපාසක තෙම ත්‍යාගයෙන් යුක්ත වූයේ වෙයි.”
“වහන්ස, කොපමණකින් වනාහි උපාසකතෙම නුවණ ඇත්තෙක් වූයේ වෙයිද?”
“මහානාම, මේ ශාසනයෙහි උපාසකතෙම තියුණු අවබෝධයෙන් යුත් මනාකොට සියලු දුක් නැති කිරීමට පමුණුවන්නාවූ ඇතිවීම නැතිවීම දක්නා නුවණින් යුක්තවූ නැණවතෙක් වෙයිද, මහානාම, මෙපමණකින්ම උපාසක තෙම නුවණින් යුක්තවූවෙක් වේයයි” වදාළේය.
|
8. වස්සසුත්තං | 8. වස්සූ‘පම සූත්‍රය |
1034
‘‘සෙය්යථාපි
|
1034
මා විසින් මෙසේ අසනලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේ පිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
“මහණෙනි, කඳු මුදුනක මහඝන දිය බින්දු සහිත වැසි වසිනා කල්හි පහත් තැන් අනුව ගලාබස්නා එම වතුර පර්වත කඳුරැළි මහ බිම් විවර ශාඛා යම්සේ පුරවයිද, පර්වත කඳුරැලි මහ බිම්කුහර ශාඛා පිරීයාමෙන් කුඩා වළවල් පුරවයිද, කුඩා වළවල් පිරීමෙන් මහ වළවල් පුරවයිද, මහ වළවල් පිරීයාමෙන් කුඩා ගංගා පුරවයිද, කුඩා ගංගා පිරීයාමෙන් මහ ගංගා පුරවයිද, මහ ගංගා පිරීයාමෙන් මහමුහුදවූ සයුර යම්සේ පුරවයිද, මහණෙනි, එපරිද්දෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ බුදුරදුන් කෙරෙහි යම් ඒ නොසෙල්වෙන පැහැදීමක් වේද, ධර්මය කෙරෙහි යම් ඒ නොසෙල්වෙන පැහැදීමක් වේද, සංඝයා කෙරෙහි යම් ඒ නොසෙල්වෙන පැහැදීමක් වේද, ආර්‍ය්‍යයන් කැමතිවන යම් ඒ සීලයෝ වෙත්ද? ගලාබස්නාවූ මේ ධර්මයෝ පරතෙරට ගොස් කෙලෙසුන්ගේ නැසීම පිණිස පවතිත්යයි” වදාළහ.
|
9. කාළිගොධසුත්තං | 9. කාලිගොධා සූත්‍රය |
1035
එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන කාළිගොධාය සාකියානියා නිවෙසනං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො කාළිගොධා සාකියානී
‘‘චතූහි ඛො, ගොධෙ, ධම්මෙහි සමන්නාගතා අරියසාවිකා සොතාපන්නා හොති අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා. කතමෙහි චතූහි? ඉධ, ගොධෙ, අරියසාවිකා බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... විගතමලමච්ඡෙරෙන
‘‘යානිමානි, භන්තෙ, භගවතා චත්තාරි සොතාපත්තියඞ්ගානි දෙසිතානි, සංවිජ්ජන්තෙ තෙ ධම්මා මයි, අහඤ්ච තෙසු ධම්මෙසු සන්දිස්සාමි. අහඤ්හි, භන්තෙ, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... යං ඛො පන කිඤ්චි කුලෙ දෙය්යධම්මං සබ්බං තං අප්පටිවිභත්තං සීලවන්තෙහි කල්යාණධම්මෙහී’’ති. ‘‘ලාභා තෙ, ගොධෙ, සුලද්ධං තෙ, ගොධෙ! සොතාපත්තිඵලං තයා, ගොධෙ, බ්‍යාකත’’න්ති. නවමං.
|
1035
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහිවූ කිඹුල්වත් පුර නිග්‍රොධාරාමයෙහි වාසය කළසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍රා සිවුරු ගෙන කාලිගොධා නම්වූ ශාක්‍යාවගේ නිවෙස යම් තැනෙක්හිද එතැනට වැඩියහ. වැඩමවා පනවනලද අසුනෙහි වැඩහුන් සේක.
එකල්හි කාලිගොධා නම්වූ ශාක්‍යාව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක නම් එතැනට පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නීය. එක්පසෙක හුන්නාවූ කාලිගොධා නම් ශාක්යාවට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළහ.
“ගොධාවෙනි කරුණු සතරකින් යුක්තවූ ආර්‍ය්‍ය ශ්‍රාවිකා තොමෝ දුගතියට නොවැටීම ස්වභාවකොට ඇති නියත ගති ඇති මතු මාර්ගත්රය පිහිටකොට ඇති සෝවාන්වූ තැනැත්තියක් වන්නීය. කිනම් සතරකින්ද?
(මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 2, 4, 6, වෙනි ඡේද මෙනි. ‘මහණෙනි’ වෙනුවට ‘ගොධාවෙනි’ කියා යොදන්න.)
“ගොධාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවිකා තොම ත්‍යාගය පිණිස මුදන ලද සිත් ඇත්තී පිරිසුදු කරන අත් ඇත්තී දීමෙහි ඇලුනී ඉල්වීමට සුදුසු වූවා දන් බෙදාදීමෙහි ඇලුනි පහවූ මසුරුමළ ඇති සිතින් ගිහිගෙයි වසයිද ගොධාවෙනි මේ කියන ලද කරුණු සතරින් යුත් ආර්‍ය්‍ය ශ්‍රාවිකා තොමෝ දුගතියට නොවැටීම ස්වභාවය කොට ඇති නියත ගති ඇති මතුමාර්ගත්‍රය පිහිටකොට ඇති සෝවාන් තැනැත්තියක් වෙයි.”
‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ ශ්‍රොතාපත්තියංග සතරක් වදාළේය. ඒ ධර්මයෝ මා කෙරෙහි ඇත්තාහ. මම ඒ ධර්මයන්හි දකිනු ලබමි. ස්වාමීනි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, අෂ්ටවිද්‍යාවෙන් හා පසළොස්චරණ ධර්මයෙන් යුක්තයහ, සුගතයහ, සියලු ලෝකයන් දන්නාහ, ශ්‍රේෂ්ඨයහ, හික්මවියයුතු පුරුෂයන් හික්මවීමෙහි රියැදුරෙකු වැනියහ, දෙවිමිනිසුන්ට ගුරුවරයෙක් වූහ, බුද්ධයහ, භාග්‍යවත්හ. යනුවෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලෙන සැදැහැයෙන් යුක්තවෙමි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට වදාරණ ලදී. තමන් විසින් දැක්ක යුත්තාහ. පැවැත්මට අනතුරුව දෙන ඵල ඇත්තාහ. එව, බලව, යන විධානයට සුදුසුය, සිත්හි ඉපිද විය යුතුය. නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහි ලා වෙන් වෙන් වශයෙන් දැක්ක යුතුය යනුවෙන් ධර්මය කෙරෙහි නොසැලෙන සැදැහැයෙන් යුක්ත වෙමි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ මනාව පිළිපන්නේය. නොයෙක් පිළිවෙතට පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නිවන් පිළිවෙතට පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුදුසු පිළිවෙතට පිළිපන්නේය. යම් ඒ යුගල වශයෙන් සතර පුරුෂ කෙනෙක්වූ පුරුෂ පුද්ගලයෝ අටදෙනෙක් වෙත්ද, භගවත්හුගේ මේ ශ්‍රාවක සංඝ තෙමේ ආගන්තුකයන් උදෙසා පිළියෙලකළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූයේය. මුදුනත් තබා වැඳීමට සුදුසුය, ලෝකයාගේ ඉතා උතුම්වූ පිංකෙතය යනුවෙන් සංඝයා කෙරෙහි නොසැලෙන සැදැහැයෙන් යුක්ත වෙමි.
“ස්වාමීනි, සිය කුලයෙහි දියයුතු යම් කිසි වස්තුවක් වේද ඒ සියල්ල යහපත් ධර්මයන්ගෙන් යුත් සිල්වතුන් “විෂයෙහි බෙදන ලද්දේ වෙයි” ගොධාවෙනි, තොපට ලාභයකි. ගෙධාවෙනි, තොප විසින් යහපත් ලාභයක් ලබන ලදී. ගොධාවෙනි, තොප විසින් සෝවාන් ඵලය ප්‍රකාශ කරන ලදැයි” වදාළේය.
|
10. නන්දියසක්කසුත්තං | 10. නන්දිය සක්ක සූත්‍රය |
1036
එකං
‘‘‘යස්ස ඛො, නන්දිය, චත්තාරි සොතාපත්තියඞ්ගානි සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං නත්ථි තමහං බාහිරො පුථුජ්ජනපක්ඛෙ ඨිතො’ති වදාමි. අපි ච, නන්දිය, යථා අරියසාවකො පමාදවිහාරී චෙව හොති, අප්පමාදවිහාරී ච තං සුණාහි, සාධුකං මනසි කරොහි; භාසිස්සාමී’’ති. ‘‘එවං
‘‘කථඤ්ච, නන්දිය, අරියසාවකො පමාදවිහාරී හොති? ඉධ නන්දිය, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. සො තෙන බුද්ධෙ අවෙච්චප්පසාදෙන සන්තුට්ඨො න උත්තරි වායමති දිවා පවිවෙකාය, රත්තිං පටිසල්ලානාය. තස්ස එවං පමත්තස්ස විහරතො පාමොජ්ජං න හොති. පාමොජ්ජෙ අසති, පීති න හොති. පීතියා අසති, පස්සද්ධි න හොති. පස්සද්ධියා අසති, දුක්ඛං විහරති. දුක්ඛිනො චිත්තං න සමාධියති. අසමාහිතෙ චිත්තෙ ධම්මා න පාතුභවන්ති. ධම්මානං අපාතුභාවා පමාදවිහාරී ත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති.
‘‘පුන චපරං, නන්දිය, අරියසාවකො ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති
‘‘කථඤ්ච, නන්දිය, අරියසාවකො අප්පමාදවිහාරී හොති? ඉධ, නන්දිය, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. සො තෙන බුද්ධෙ අවෙච්චප්පසාදෙන අසන්තුට්ඨො උත්තරි වායමති දිවා පවිවෙකාය රත්තිං පටිසල්ලානාය. තස්ස එවං අප්පමත්තස්ස විහරතො පාමොජ්ජං ජායති. පමුදිතස්ස
‘‘පුන චපරං, නන්දිය, අරියසාවකො ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි...පෙ.... සමාධිසංවත්තනිකෙහි. සො තෙහි අරියකන්තෙහි සීලෙහි අසන්තුට්ඨො උත්තරි වායමති දිවා පවිවෙකාය රත්තිං පටිසල්ලානාය
|
1036
[1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත්පුර සමීපයෙහිවූ නිග්‍රොධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි නන්දිය ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක උන්නේය. එක්පසෙක උන්නාවූ නන්දිය ශාක්‍ය තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය.
[2] “ස්වාමීනි, යම් ආර්‍ය්‍යශ්‍රාවකයෙකුට ශ්‍රොතාපත්තියංග ධර්ම සතර සියලු ආකාරයෙන් සම්පූර්ණව නැත්තේද? ස්වාමීනි, ඒ ආර්‍ය්‍යශ්‍රාවකයාම ප්‍රමාදව වාසය කරන්නෙකැයි කියනු ලැබේද?
“නන්දිය යමෙකුට සොතාපත්තියංග ධර්ම සතර සියලු ආකාරයෙන් සම්පූර්ණව නැත්තේද මම ඔහු ආර්ය්යයන්ගෙන් බාහිරවූ පෘථග්ජන පක්ෂයෙහි සිටියෙකැයි කියමි. නන්දිය එතකුදු වුවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ යම්සේ ප්‍රමාදව වාසය කරන්නෙක් වෙයිද අප්‍රමාදව වාසය කරන්නෙක් වෙයිද එය අසව, නන්දිය, ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ කෙසේ නම් ප්‍රමාදව වාසය කරන්නෙක් වෙයිද?
[3] “නන්දිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, අෂ්ට විද්‍යාවෙන් හා පසලොස්චරණ ධර්මයෙන් යුක්තයහ, සුගතයහ, සියලු ලෝකයන් දන්නාහ, ශ්‍රේෂ්ඨයහ, හික්මවිය යුතු පුරුෂයන් හික්මවීමෙහි රියැදුරෙකු වැනියහ, දෙවිමිනිසුන්ට ගුරුවරයෙක් වූහ, බුද්ධයහ, භාග්‍යවත්හ යනුවෙන් බුදුන් කෙරෙහි නොසැලෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද,
[4] “හෙතෙම බුදුන් කෙරෙහිවූ ඒ නොසැලෙන ශ්‍රද්ධාවෙන් සතුටුව දහවල් කාලයෙහි විවේකය සඳහාද රාත්‍රි කාලයෙහි විවේකය සඳහාද මත්තෙහි උත්සාහ නොකරයි. මෙසේ ප්‍රමාදව වාසය කරන්නාවූ ඔහුට සතුට නූපදියි. සතුට නොමැති කල්හි ප්‍රීතිය නූපදියි. ප්‍රීතිය නොමැති කල්හි සන්සිඳීම ඇති නොවේ. සන්සිඳීම නැති කල්හි දුකසේ වාසය කරයි. දුකින් යුක්ත වූවහුගේ සිත එකඟ බවට නොපැමිණෙයි. එකඟ නොවූ සිතෙහි සමථ විදර්ශනා ධර්මයෝ පහළ නොවෙත්. සමථ විදර්ශනා ධර්මයන්ගේ පහළ නොවීමෙන් ප්‍රමාදව වාසය කරන්නේය යන සංඛ්‍යාවට පැමිණෙයි.
[5] “තවද නන්දිය, ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය යහපත් කොට වදාරණ ලදී. ප්රත්යක්ෂ ඤාණයෙන් තමන් විසින්ම දැක්කයුතුය. මාර්ගයාගේ පැවැත්මට අනතුරුව දෙන ඵල ඇති බැවින් කල් නොයවා දෙන ගුණ ඇත්තේය. එව, බලව, යන විධානයට සුදුසුය. සිත්හි ඉපිද විය යුතුය. නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහි ලා වෙන් වෙන් වශයෙන් දැක්ක යුතුය යනුවෙන් ධර්මය කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද,
[6] “හෙතෙම ධර්මය කෙරෙහිවූ ඒ නොසැලෙන ශ්‍රද්ධාවෙන් සතුටුව දහවල් කාලයෙහි විවේකය සඳහාද රාත්‍රි කාලයෙහි විවේකය සඳහාද මත්තෙහි උත්සාහ නොකරයි. මෙසේ ප්‍රමාදව වාසය කරන්නාවූ ඔහුට සතුට නූපදියි. සතුට නොමැති කල්හි ප්‍රීතිය නූපදියි. ප්‍රීතිය නොමැති කල්හි සන්සිඳීම ඇති නොවේ සන්සිඳීම නැති කල්හි දුකසේ වාසය කරයි. දුකින් යුක්තවූවහුගේ සිත එකඟ බවට නොපැමිණෙයි. එකඟ නොවූ සිතෙහි සමථ විදර්ශනා ධර්මයෝ පහළ නොවෙත්. සමථ විදර්ශනා ධර්මයන්ගේ පහළ නොවීමෙන් ප්‍රමාදව වාසය කරන්නේය යන සංඛ්‍යාවට පැමිණෙයි.
[7] “තවද නන්දිය, ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මනාව පිළිපන්නේය. සුදුසුව පිළිපන්නේය, ගරු බුහුමනට යොග්‍යව පිළිපන්නේය, යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙළ කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. තුටුපඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැන්මට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූයේය. ඇඳිලිකිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පින් කුඹුරය’ යනුවෙන් සංඝයා කෙරෙහි නොසෙල්වන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද.
[8] “හෙතෙම සංඝයා කෙරෙහි වූ ඒ නොසැලෙන ශ්‍රද්ධාවෙන් සතුටුව දහවල් කාලයෙහි විවේකය සඳහාද රාත්‍රි කාලයෙහි විවේකය සඳහාද මත්තෙහි උත්සාහ නොකරයි. මෙසේ ප්‍රමාදව වාසය කරන්නාවූ ඔහුට සතුට නූපදියි. සතුට නොමැති කල්හි ප්‍රීතිය නූපදියි. ප්‍රීතිය නොමැතිකල්හි සන්සිඳීම ඇතිනොවේ. සන්සිඳීම නැතිකල්හි දුකසේ වාසයකරයි. දුකින් යුක්තවූවහුගේ සිත එකාබද්ධ බවට නොපැමිණෙයි. එකඟ නොවූ සිතෙහි සමථ විදර්ශනා ධර්මයෝ පහළ නොවෙත්. සමථ විදර්ශනා ධර්මයන්ගේ පහළ නොවීමෙන් ප්‍රමාදව වාසය කරන්නේය. යන සංඛ්‍යාවට පැමිණෙයි.
‘තවද නන්දිය ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ නොකැඩුනාවූද, නො සිදුරුවූද, නො ලපවූද නො තිත්වූද, නිදොස්වූද, නුවණැත්තන් විසින් පසස්නා ලැබුවාවූද, තෘෂ්ණා දෘෂ්ටි දෙකින් අල්ලාගනු නොලැබුවාවූද, සිත එකඟ කරන්නාවූද, ආර්‍ය්‍යයන් කැමතිවූ සීලයෙන් යුක්ත වෙයිද,
[9] “හෙතෙම ඒ අරියකාන්ත සීලයෙන් සතුටුවූයේ මත්තෙහි දහවල් කාලයෙහි විවේකය පිණිසද රාත්‍රි කාලයෙහි විවේකය පිණිසද උත්සාහ නොකරයි. මෙසේ ප්‍රමාදව වාසය කරණ ඔහුට සතුට නැත. සතුට නැතිකල්හි ප්‍රීතිය නැත. ප්‍රීතිය නැතිකල්හි සංසිඳීම නැත. සංසිඳීම නැති කල්හි දුක් සහිතව වාසය කරයි. දුකින් යුක්තවූවහුගේ සිත සමාධියට නොපැමිණෙයි. සමාධිය නැති සිතෙහි ධර්මයන් පහළ නොවෙත්. ධර්මයන් පහළනොවීමෙන් ප්‍රමාදව වාසය කරන්නේය. යන සංඛ්‍යාවට පැමිණේ. නන්දිය මෙසේ වනාහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ප්‍රමාදව වාසය කරන්නෙක් වෙයි.
[10] “නන්දිය, කෙසේනම් ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ අප්‍රමාදව වාසය කරන්නෙක් වෙයිද? නන්දිය මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්යහ සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ. ලොකවිදූහ. අනුත්තර පුරිසදම්මසාරථි වනසේක. දෙවි මිනිසුන්ගේ ශාස්තෲ වනසේක. චතුස්සත්‍යය අවබෝධකළ සේක. භාග්‍යවත්සේකැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයි.
[11] “හෙතෙම බුදුරජාණන් වහන්සේ කෙරෙහිවූ අචල ශ්‍රද්ධාවෙන් සතුටු නොවී මත්තෙහි දවල් කාලයෙහි විවේකය සඳහාද රාත්‍රිකාලයෙහි විවේකය සඳහාද උත්සාහ කෙරෙයි. මෙසේ අප්‍රමාදව වාසයකරන ඔහුට සතුටු ඇතිවෙයි. සතුටු වූවාහුට ප්‍රීතිය ඇතිවෙයි. ප්‍රීතිය ඇත්තහුට සංසිඳීම ඇතිවෙයි සංසිඳුණහුට සැපය ඇතිවෙයි. සුවපත් වූවහුගේ සිත එකඟ වෙයි. සිත එකඟවූකල්හි සමථ විදර්ශනා ධර්මයෝ පහළවෙත්. ධර්මයන් පහළවීමෙන් අප්‍රමාදව වාසය කරන්නේය යන සංඛ්‍යාවට පැමිණෙයි.
[12] (මේ ඡේදය මේ සූත්‍රයේ 5 වෙනි ඡේදය මෙනි)
[13] “හෙතෙම ධර්මය කෙරෙහිවූ අචල ශ්‍රද්ධාවෙන් සතුටු නොවී මත්තෙහි දහවල් කාලයෙහි විවේකය සඳහාද රාත්‍රි කාලයෙහි විවේකය සඳහාද උත්සාහ කෙරෙයි. මෙසේ අප්‍රමාදව වාසයකරන ඔහුට සතුටු ඇතිවෙයි. සතුටු වූවහුට ප්‍රීතිය ඇතිවෙයි. ප්‍රීතිය ඇත්තහුට සංසිඳීම ඇතිවෙයි. සංසිඳුනහුට සැපය ඇතිවෙයි සුවපත්වූවහුගේ සිත එකඟවෙයි. සිත එකඟවූ කල්හි සමථ විදර්ශනා ධර්මයෝ පහළ වෙත්. ධර්මයන් පහළවීමෙන් අප්‍රමාදව වාසය කරන්නේය යන සංඛ්‍යාවට පැමිණෙයි.
[14] (මේ ඡේදය මේ සූත්‍රයේ 7 වෙනි ඡේදය මෙනි.)
[15] “හෙතෙම සංඝයා කෙරෙහිවූ ඒ නොසැලෙන ශ්‍රද්ධාවෙන් සතුටු නොවී මත්තෙහි දහවල් කාලයෙහි විවේකය සඳහාද රාත්‍රි කාලයෙහි විවේකය සඳහාද උත්සාහ කරයි. මෙසේ අප්‍රමාදව වාසය කරන්නාවූ ඔහුට සතුට උපදියි. සතුට ඇති කල්හි ප්‍රීතිය උපදියි. ප්‍රීතිය ඇතිකල්හි සන්සිඳීම ඇතිවේ. සන්සිඳීම ඇතිකල්හි සුවසේ වාසයකරයි. සැපයෙන් යුක්තවූවහුගේ සිත එකඟබවට පැමිණෙයි. එකඟවූ සිතෙහි සමථ විදර්ශනා ධර්මයෝ පහළ වෙත්. සමථ විදර්ශනා ධර්මයන්ගේ පහළවීමෙන් අප්‍රමාදව වාසය කරන්නේය, යන සංඛ්‍යාවට පැමිණෙයි.
[16] (මේ ඡේදය මේ සූත්‍රයේ 8 වෙනි ඡේදයේ දෙවෙනි කොටස මෙනි)
[17] හෙතෙම ඒ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සතුටුනොවී මත්තෙහි දවල් කාලයෙහි විවේකය පිණිසත් රාත්‍රි කාලයෙහි විවේකය පිණිසත් උත්සාහ කරයි. මෙසේ අප්‍රමාදව වාසය කරන්නාවූ ඔහුට සතුට උපදියි. සතුටුවූවහුට ප්‍රීතිය උපදියි, ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි, සංසිඳුනු කය ඇත්තේ සැපය විඳීයි, සැපවත් වූවහුගේ සිත එකඟවෙයි. එකඟ වූ සිතෙහි ධර්මයෝ පහළවෙත්, ධර්මයන් ගේ පහළවීමෙන් අප්‍රමාදව වාසය කරන්නේය යන සංඛ්‍යාවට පැමිණේ නන්දිය, මෙසේ වනාහි ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ අප්‍රමාදව වාසය කරන්නේ වේයයි” වදාළේය.
|
5. සගාථකපුඤ්ඤාභිසන්දවග්ගො | 5. සගාථක පුඤ්ඤාභිසන්ද වර්ගය |
1. පඨමඅභිසන්දසුත්තං | 1. පඨමකුසලාභිසන්ද සූත්‍රය |
1037
‘‘චත්තාරොමෙ
‘‘පුන චපරං, භික්ඛවෙ, අරියසාවකො ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.....
‘‘පුන චපරං, භික්ඛවෙ, අරියසාවකො අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි...පෙ.... සමාධිසංවත්තනිකෙහි. අයං චතුත්ථො
‘‘ඉමෙහි ඛො, භික්ඛවෙ, චතූහි පුඤ්ඤාභිසන්දෙහි කුසලාභිසන්දෙහි සමන්නාගතස්ස අරියසාවකස්ස න සුකරං පුඤ්ඤස්ස පමාණං ගණෙතුං - ‘එත්තකො පුඤ්ඤාභිසන්දො, කුසලාභිසන්දො, සුඛස්සාහාරො’ති. අථ ඛො අසඞ්ඛ්යෙය්යො අප්පමෙය්යො මහාපුඤ්ඤක්ඛන්ධො ත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති.
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, මහාසමුද්දෙ න සුකරං උදකස්ස පමාණං ගණෙතුං - ‘එත්තකානි උදකාළ්හකානී’ති වා ‘එත්තකානි උදකාළ්හකසතානී’ති වා ‘එත්තකානි උදකාළ්හකසහස්සානී’ති වා ‘එත්තකානි උදකාළ්හකසතසහස්සානී’ති වාති. අථ ඛො අසඞ්ඛ්යෙය්යො
ඉදමවොච
‘‘මහොදධිං අපරිමිතං මහාසරං,
බහුභෙරවං රතනගණානමාලයං;
නජ්ජො යථා නරගණසඞ්ඝසෙවිතා,
පුථූ සවන්තී උපයන්ති සාගරං.
‘‘එවං නරං අන්නපානවත්ථදදං,
සෙය්යානි පච්චත්ථරණස්ස
(සජ්ජත්ථරණස්ස (සී. ස්‍යා. කං. පී.)) දායකං;
පුඤ්ඤස්ස ධාරා උපයන්ති පණ්ඩිතං,
නජ්ජො යථා වාරිවහාව සාගර’’න්ති. පඨමං;
|
1037
(මේ ඡේද 4 වෙනි පුඤ්ඤාභිසන්ද වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ඡේද මෙනි.)
[10] “මහණෙනි, මේ පුන්‍ය ගංගා සතරින් කුශල ගංගා සතරින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවකයාගේ පින සැපයට හේතුවූ මෙතරම් පුන්‍ය ගංගාවකි, කුශල ගංගාවකියි ප්‍රමාණය කිරීම පහසු නොවේ. හුදෙක් අසංඛෙය්‍යව අප්‍රමෙය්‍යවූ මහා පුන්‍ය ස්කන්ධයෙක යන සංඛ්‍යාවට පැමිණෙයි.
[11] “මහණෙනි, මහා සමුද්‍රයෙහි ජලය යම්සේ මෙපමණ නැලි ගණනකි. මෙපමණ නැලි සිය ගණනකි. මෙපමණ නැලි දහස් ගණනකි. මෙපමණ නැලි ලක්ෂගණනකියි ප්‍රමාණ කිරීම පහසු නොවේ. හුදෙක් අසංඛෙය්‍ය අප්‍රමෙය්‍ය මහා ජලස්කන්ධයෙක යන සංඛ්‍යාවට පැමිණෙයි.
[12] “මහණෙනි, එසේම මේ පුන්‍ය ගංගා සතරින් කුසල ගංගා සතරින් සමන්විතවූ ආර්‍ය්‍යශ්‍රාවකයාගේ පින සැපයට කරුණුවූ මෙතරම් පුන්‍යගංගාවකි කුසල ගංගාවකියි ප්‍රමාණය කිරීම පහසු නොවේ. හුදෙක් අසංඛෙය්‍යවූ අප්‍රමෙය්‍යවූ මහා පුන්‍ය ස්කන්ධයෙක යන සංඛ්‍යාවට පැමිණෙයි” භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය. සුගතයන් වහන්සේ මෙසේ වදාරා නැවතද ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළේය.
[13] “මහත්වූ ජලය ඇති ප්‍රමාණ නොකළහැකි මහා විලක්වූ බොහෝ බියජනක රත්නයන්ට වාසස්ථානවූ සාගරය කරා ජන සමූහයා විසින් සේවනය කරන ලද ගලාබස්නාවූ බොහෝ ගංගාවෝ යම්සේ පැමිණෙද්ද එපරිද්දෙන්ම ආහාර දෙන්නාවූද පානවර්ග හා වස්ත්‍ර දෙන්නාවූද සයන ආසන ඇඳ ඇතිරිලි දෙන්නාවූද නුවණැති මිනිසා කරා පුන්‍ය ධාරාවෝ ගලා යන ගංගා සාගරයට පැමිණෙන්නාහ.”
|
2. දුතියඅභිසන්දසුත්තං | 2. දුතිය කුසලාභිසන්ද සූත්‍රය |
1038
‘‘චත්තාරොමෙ
‘‘පුන චපරං, භික්ඛවෙ, අරියසාවකො ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.....
‘‘පුන චපරං, භික්ඛවෙ, අරියසාවකො විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති මුත්තචාගො පයතපාණි වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො. අයං චතුත්ථො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො
‘‘ඉමෙහි ඛො, භික්ඛවෙ, චතූහි පුඤ්ඤාභිසන්දෙහි කුසලාභිසන්දෙහි සමන්නාගතස්ස අරියසාවකස්ස න සුකරං පුඤ්ඤස්ස පමාණං ගණෙතුං - ‘එත්තකො පුඤ්ඤාභිසන්දො, කුසලාභිසන්දො
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, යත්ථිමා මහානදියො සංසන්දන්ති සමෙන්ති, සෙය්යථිදං - ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී, තත්ථ න සුකරං උදකස්ස පමාණං ගණෙතුං - ‘එත්තකානි උදකාළ්හකානී’ති වා ‘එත්තකානි උදකාළ්හකසතානී’ති වා ‘එත්තකානි උදකාළ්හකසහස්සානී’ති වා ‘එත්තකානි උදකාළ්හකසතසහස්සානී’ති වාති. අථ ඛො අසඞ්ඛ්යෙය්යො අප්පමෙය්යො මහාඋදකක්ඛන්ධො ත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති. එවමෙව ඛො, භික්ඛවෙ, ඉමෙහි චතූහි පුඤ්ඤාභිසන්දෙහි කුසලාභිසන්දෙහි සමන්නාගතස්ස අරියසාවකස්ස න සුකරං පුඤ්ඤස්ස පමාණං ගණෙතුං - ‘එත්තකො පුඤ්ඤාභිසන්දො, කුසලාභිසන්දො, සුඛස්සාහාරො’ති. අථ ඛො අසඞ්ඛ්යෙය්යො අප්පමෙය්යො මහාපුඤ්ඤක්ඛන්ධො ත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡතී’’ති. ඉදමවොච භගවා...පෙ.... සත්ථා -
‘‘මහොදධිං අපරිමිතං මහාසරං,
බහුභෙරවං රතනගණානමාලයං;
නජ්ජො යථා නරගණසඞ්ඝසෙවිතා,
පුථූ සවන්තී උපයන්ති සාගරං.
‘‘එවං
සෙය්යානි පච්චත්ථරණස්ස දායකං;
පුඤ්ඤස්ස ධාරා උපයන්ති පණ්ඩිතං,
නජ්ජො යථා වාරිවහාව සාගර’’න්ති. දුතියං;
|
1038
(මේ ඡේද 4 වෙනි පුඤ්ඤාභිසන්ද වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ඡේද 1-7 මෙනි.)
“තවද මහණෙනි, දානය පිණිස මුදන ලද සිත් ඇත්තේ පිරිසිදු කරන ලද අත් ඇත්තේ දීමෙහි ඇලුනේ, ඉල්ලීමට සුදුසුවූයේ දන් බෙදීමෙහි ඇලුනේ පහවූ මසුරුමළ ඇති සිතින් ගිහිගෙයි වාසය කරයිද මේ සතරවෙනි පුන්‍ය ගංගාව කුසල ගංගාවය. මහණෙනි, මේ වනාහි සැපයට හේතුවූ පුන්‍යගංගා කුශල ගංගා සතර වෙත්.
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 10 ඡේදය මෙනි.)
“මහණෙනි, යම්සේ වනාහි මේ ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන පඤ්ච මහා ගංගාවෝ යම් තැනෙක එක්වෙත්ද, සමවෙත්ද එතැන්හි ජලය මෙපමණ නැලි ගණනකි, නැලි සිය ගණනකි, නැලි දහස් ගණනකි, නැලි ලක්ෂ ගණනකියි ප්‍රමාණ කිරීමට පහසු නොවෙයි. හුදෙක් අසංඛෙය්‍යවූ අප්‍රමෙය්‍යවූ මහා ජලස්කන්ධයකි යන සංඛ්‍යාවටම පැමිණේද,
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 12, 13 වෙනි ඡේද මෙන් වෙත්)
|
3. තතියඅභිසන්දසුත්තං | 3. තතිය කුසලාභිසන්ද සූත්‍රය |
1039
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, පුඤ්ඤාභිසන්දා, කුසලාභිසන්දා, සුඛස්සාහාරා. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. අයං පඨමො පුඤ්ඤාභිසන්දො, කුසලාභිසන්දො, සුඛස්සාහාරො.
‘‘පුන චපරං, භික්ඛවෙ, අරියසාවකො ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.....
‘‘පුන
‘‘ඉමෙහි ඛො, භික්ඛවෙ, චතූහි පුඤ්ඤාභිසන්දෙහි කුසලාභිසන්දෙහි සමන්නාගතස්ස අරියසාවකස්ස න සුකරං පුඤ්ඤස්ස පමාණං ගණෙතුං - ‘එත්තකො පුඤ්ඤාභිසන්දො, කුසලාභිසන්දො, සුඛස්සාහාරො’ති. අථ ඛො අසඞ්ඛ්යෙය්යො අප්පමෙය්යො මහාපුඤ්ඤක්ඛන්ධො ත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡතී’’ති. ඉදමවොච භගවා...පෙ.... සත්ථා -
‘‘යො පුඤ්ඤකාමො කුසලෙ පතිට්ඨිතො,
භාවෙති මග්ගං අමතස්ස පත්තියා;
සො ධම්මසාරාධිගමො ඛයෙ රතො,
න වෙධති මච්චුරාජාගමනස්මි’’න්ති
(මච්චුරාජාගමිස්සතීති (සී. පී.), මච්චුජරාකම්පිස්මින්ති (ක.)). තතියං;
|
1039
(මේ ඡේද 4 වෙනි පුඤ්ඤාභි සන්ද වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ඡේද 1-7 මෙනි.)
“තවද මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ නුවණැත්තේ වෙයිද උදය ව්‍යය දක්නා නුවණින් යුක්තවූයේ වෙයිද ආර්‍ය්‍යවූ විනිවිද දක්නාවූ මනාකොට දුක් ක්ෂය කරන්නාවූ නුවණින් යුක්තවූයේ වෙයිද සැපයට හේතුවූ මේ සතරවැනි පුන්‍ය ගංගාව කුසල ගංගාවය
“මහණෙනි, මේ සැපයට හේතුවූ පුන්‍ය ගංගා කුසල ගංගා සතර වෙති. මහණෙනි, සැපයට හේතුවූ මේ පුන්‍ය ගංගා සතරින් කුසල ගංගා සතරින් සමන්විතවූ මේ ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ පින සැපයට හේතුවූ මෙතරම් පුන්‍ය ගංගාවකි කුසල ගංගාවෙකැයි ප්‍රමාණය කිරීම පහසුනොවේ. හුදෙක් අසංඛෙය්‍යවූ අප්‍රමෙය්‍යවූ මහා පුන්යස්කන්ධයෙක යන සංඛ්‍යාවට පැමිණෙයි” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත සාස්තෲන් වහන්සේ මෙසේ වදාළේය.
“සිත් කැමැත්තාවූ මාර්ග කුශලයෙහි පිහිටියාවූ යමෙක් නිවණට පැමිණීම පිණිස අර්හත් මාර්ගය වඩයිද, කෙලෙසුන් නැසීමෙහි ඇළුණු හෙතෙමේ ලැබූ අර්හත්ඵල සංඛ්‍යාත ධර්ම සාරය ඇත්තේ මරහු වෙත යන්නේයයි කම්පා නොවෙයි.”
|
4. පඨමමහද්ධනසුත්තං | 4. පඨම මහද්ධන සූත්‍රය |
1040
‘‘චතූහි
‘‘කතමෙහි චතූහි? ඉධ, භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති; ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි...පෙ.... සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛො, භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො ‘අඩ්ඪො මහද්ධනො මහාභොගො’ති වුච්චතී’’ති. චතුත්ථං.
|
1040
(4, 5, 6, 7 සහ 10 සූත්‍රයන්හි මේ ඡේදය 4 වර්ගයේ 1 සූත්‍රයේ මුල් ඡේදය මෙනි.)
“මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම ආර්‍ය්‍ය ධනයෙන් ආඪ්‍යය. මහත් ධන ඇත්තේය. මහත් භොග ඇත්තේය. මහත් යසස් ඇත්තේයයි කියනු ලැබේ. කවර සතරකින්ද,
(මේ ඡේද පුඤ්ඤාභිසන්ද වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 2, 4, 6, 8 වෙනි ඡේද මෙන් වෙත්.)
“මහණෙනි, මේ ධර්ම සතරින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම ආර්‍ය්‍ය ධනයෙන් ආඪ්‍යය. මහත් ධන ඇත්තේය. මහත් භොග ඇත්තේය. මහත් යසස් ඇත්තේයයි කියනු ලැබේ යයි” වදාළේය.
|
5. දුතියමහද්ධනසුත්තං | 5. දුතිය මහද්ධන සූත්‍රය |
1041
‘‘චතූහි
‘‘කතමෙහි චතූහි? ඉධ, භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි...පෙ.... සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛො, භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො ‘අඩ්ඪො මහද්ධනො මහාභොගො මහායසො’ති වුච්චතී’’ති. පඤ්චමං.
|
1041
(මේ ඡේදය මේ වර්ගයේ 4 සූත්‍රයේ 2 ඡේදය මෙනි.)
(මේ ඡේද පුඤ්ඤාභිසන්ද වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 2, 4, 6, 8 වෙනි ඡේද මෙනි.)
“මහණෙනි, මේ ධර්ම සතරින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ආර්‍ය්‍ය ධනයෙන් ආඪ්‍යය මහධන ඇත්තේය. මහත් භොග ඇත්තේය. මහත් යසස් ඇත්තේයයි කියනු ලැබේයයි” වදාළේය.
|
6. සුද්ධකසුත්තං | 6. අරියකන්ත සූත්‍රය |
1042
‘‘චතූහි
‘‘කතමෙහි චතූහි? ඉධ, භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි
|
1042
“මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අපායෙහි නොවැටීම ස්වභාවයකොට ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතුමාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වෙයි. කවර සතරකින්ද?
(මේ ඡේද පුඤ්ඤාභිසන්ද වර්ගයේ 1 වෙනිසූත්රයේ 2, 4, 6, 8 වෙනි ඡේද මෙනි.)
‘මහණෙනි, මේ ධර්මසතරින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන්වූයේ වේයයි” වදාළේය.
|
7. නන්දියසුත්තං | 7. නන්දිය සක්ක සූත්‍රය |
1043
කපිලවත්ථුනිදානං
‘‘කතමෙහි
|
1043
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත්පුරයෙහිවූ නිග්‍රොධාරාමයෙහි වැඩවසනසේක. එකල්හි නන්දිය නම් ශාක්‍යතෙම භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු විය යුතුවූ සිහි කටයුතු කථාව කර නිමවා එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ නන්දිය ශාක්‍යයාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
[2] “නන්දිය ධර්ම සතරකින් යුත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතුමාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වූයේ වෙයි. කවර සතරකින්ද යත්?
(මේ ඡේද පුඤ්ඤාභිසන්ද වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 2, 4, 6, 8 වෙනි ඡේද මෙනි.)
[7] “නන්දිය, මේ ධර්ම සතරින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතුමාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වේයයි” වදාළේය.
|
8. භද්දියසුත්තං | 8. භද්දිය සක්ක සූත්‍රය |
1044
කපිලවත්ථුනිදානං. එකමන්තං නිසින්නං ඛො භද්දියං සක්කං භගවා එතදවොච - ‘‘චතූහි ඛො, භද්දිය, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො.
‘‘කතමෙහි චතූහි? ඉධ, භද්දිය, අරියසාවකො බුද්ධෙ...පෙ.... ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි...පෙ.... සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛො, භද්දිය, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’’ති. අට්ඨමං.
|
1044
(මේ ඡේදය 7 වෙනි සූත්‍රයේ 1 ඡේදය මෙනි එහි “ නන්දිය” මෙහිදී “භද්දිය” කියා වෙනස් වේ.)
“භද්දිය, ධර්මසතරකින් ආර්‍ය්‍යශ්‍රාවකතෙම අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන්වූයේ වෙයි. කවර සතරකින්ද යත්?
(මේ ඡේද පුඤ්ඤාභිසන්ද වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 2, 4, 6, 8 වෙනි ඡේද මෙනි.)
“භද්දිය, මේ ධර්ම සතරින් යුත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ, නියත ගති ඇත්තාවූ මතුමාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන්වූයේ වෙයි.”
|
9. මහානාමසුත්තං | 9. මහානාම සක්ක සූත්‍රය |
1045
කපිලවත්ථුනිදානං
‘‘කතමෙහි චතූහි? ඉධ, මහානාම, අරියසාවකො බුද්ධෙ...පෙ.... ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි...පෙ.... සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛො, මහානාම, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’’ති. නවමං.
|
1045
(මේ ඡේදය 7 වෙනි සූත්‍රයේ 1 ඡේදය මෙනි. එහි “ නන්දිය” මෙහිදී “මහානාම” කියා වෙනස් වේ.)
“මහානාම, ධර්ම සතරකින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන්වූයේ වෙයි. කවර සතරකින්ද,
(මේ ඡේද පුඤ්ඤාභිසන්ද වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 2, 4, 6, 8, වෙනි ඡේද මෙනි.)
“මහානාම, මේ ධර්ම සතරින් යුත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතුමාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන්වූයේ වෙයි” කියායි.
|
10. අඞ්ගසුත්තං | 10. චතුරංග සූත්‍රය |
1046
‘‘චත්තාරිමානි
|
1046
“මහණෙනි, මේ සොතාපත්තියංග සතරක් වෙති. කවර සතරක්ද, සත්පුරුෂ සේවනය, සද්ධර්මශ්රවණය, යොනිසොමනසිකාරය ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යනුයි. මහණෙනි, මේ සොතාපත්තියංග සතර වෙති.
|
6. සප්පඤ්ඤවග්ගො | 6. සප්පඤ්ඤ වර්ගය |
1. සගාථකසුත්තං | 1. අදළිද්ද (සගාථක) සූත්‍රය |
1047
‘‘චතූහි
‘‘කතමෙහි චතූහි? ඉධ
‘‘යස්ස
සීලඤ්ච යස්ස කල්‍යාණං, අරියකන්තං පසංසිතං.
‘‘සඞ්ඝෙ පසාදො යස්සත්ථි, උජුභූතඤ්ච දස්සනං;
අදලිද්දොති තං ආහු, අමොඝං තස්ස ජීවිතං.
‘‘තස්මා සද්ධඤ්ච සීලඤ්ච, පසාදං ධම්මදස්සනං;
අනුයුඤ්ජෙථ මෙධාවී, සරං බුද්ධානසාසන’’න්ති. පඨමං;
|
1047
[1] (මේ ඡේදය 4 වෙනි වර්ගයේ 1 වෙනි සූත්‍රයේ මුල් ඡේදය මෙනි.)
[2] “මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අපායෙහි නොවැටීම ස්වභාවය කොට ඇත්තේ නියත ගති ඇත්තේ මතුමාර්ගත්‍රය නම් සම්බොධිය පිහිටකොට ඇත්තේ සෝවාන්වූයේ වෙයි. කවරනම් සතරකින්ද යත්.
(මේ ඡේද 4 වෙනි වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 2, 3, 4, 5 ඡේද මෙනි.)
[7] “මහණෙනි, මේ සතර ධර්මයෙන් යුක්තවූ ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම අපායෙහි නොවැටීම ස්වභාව කොට ඇත්තේ නියත ගති ඇත්තේ මතුමාර්ගත්‍රය පිහිටකොට ඇත්තේ සෝවාන් වූයේ වෙයි” මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක සුගතයන්වහන්සේ මෙය වදාරා නැවත ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.
[8] (මේ ඡේදය 3168 වෙනි පිටේ 21 වෙනි ඡේදය මෙනි.)
|
2. වස්සංවුත්ථසුත්තං | 2. වස්සවුත්ථ සූත්‍රය |
1048
එකං
අථ ඛො කාපිලවත්ථවා සක්යා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා තං භික්ඛුං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො කාපිලවත්ථවා සක්යා තං භික්ඛුං එතදවොචුං - ‘‘කච්චි, භන්තෙ, භගවා අරොගො චෙව බලවා චා’’ති? ‘‘අරොගො චාවුසො, භගවා බලවා චා’’ති. ‘‘කච්චි
‘‘අපරම්පි
‘‘අපරම්පි ඛො මෙ, ආවුසො, භගවතො සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං - ‘අප්පකා තෙ, භික්ඛවෙ, භික්ඛූ යෙ තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමිනො, සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා
|
1048
මා විසින් මෙසේ අසන ලදී. එකල සැවැත්නුවර වස්විසූ භික්ෂුවක් යම්කිසි කටයුත්තක් සඳහා කිඹුල්වත් පුරයට පැමිණියේ වෙයි. සැවැත්නුවරට වස්විසූ කිසියම් භික්ෂුවක් කිඹුල්වත් පුරයට පැමිණියේයයි කිඹුල්වත්පුර වාසී ශාක්‍යයෝ ඇසූහ. එකල කිඹුල්වත්පුර වැසි ශාක්‍යයෝ ඒ භික්ෂුව යම්තැනෙක්හිද, එතැනට ගියාහුය. එහි ගොස් ඒ භික්ෂුව වැඳ එක්පසෙක හුන්නාහ. එක්පසෙක හුන්නාවූ කිඹුල්වත්පුර වාසී ශාක්‍යයෝ ඒ භික්ෂුවට මේ කාරණය කීහ.
‘ස්වාමීනි, කිමෙක්ද? භාග්‍යවතුන්වහන්සේ නිරෝගිද, ශක්තිමත්ද?”
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ නිරෝගිද ශක්තිමත්ද වෙති.”
“කිමෙක්ද? ස්වාමීනි, සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ නිරෝගිද ශක්තිමත්ද?”
“ඇවැත්නි, සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ නිරෝගිද ශක්තිමත් වෙති.”
“කිමෙක්ද? ස්වාමීනි, භික්ඛු සංඝයා වහන්සේ නිරෝගිද ශක්තිමත්ද?”
“ඇවැත්නි, භික්ඛු සංඝයා වහන්සේ නිරෝගිද ශක්තිමත්ද වෙත්.”
“ස්වාමීනි, ඔබ වහන්සේ විසින් මේ වස් කාලය තුළ භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙන් අසන ලද (භාග්‍යවතුන් වහන්සේගේ) හමුවෙන් පිළිගන්නා ලද කිසිවක් ඇත්තේද?”
“ඇවැත්නි, මා විසින් භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙන් මේ කාරණය අසන ලදී. භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙන් මෙය පිළිගන්නා ලදී. (කුමක්ද?) ‘මහණෙනි, යම් භික්ෂු කෙනෙක් කෙලෙසුන් නැසීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියද, අර්හත් ඵල ප්‍රඥාවද, මේ ආත්මයේදීම තුමූම විශිෂ්ට ඥානයෙන් දැන ඊට පැමිණ වාසය කෙරෙත්ද, ඒ භික්ෂූහු ස්වල්ප වෙති. යම් ඒ භික්ෂු කෙනෙක් ඔරම්භාගිය සංයෝජන පස නැසීමෙන් ඕපපාතික වූවාහු ඒ බඹලොවින් නැවත කාමලෝකයට නොඑන එහිම පිරිනිවෙන අනාගාමීහු වෙත්ද, ඔව්හුම බොහෝවෙත්’ යනුයි.
“ඇවැත්නි, මා විසින් වනාහි වෙනත් කරුණක්ද භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී. සමීපයෙන් පිළිගන්නා ලදී. ඒ කුමක්ද? ‘යම් ඒ භික්ෂු කෙනෙක් ඔරම්භාගිය සංයෝජන පස නැසීමෙන් ඕපපාතිකව එහිම පිරිනිවෙන නැවත කාම ලෝකයට නොඑන අනාගාමීහු වෙත්ද, ඔව්හු ස්වල්ප වෙති. යම් කෙනෙක් ත්‍රිවිධ සංයෝජනයන් නැසීමෙන් රාග දෝෂ මෝහයන් තුනී කිරීමෙන් නැවත එක්වරක්ම කාම ලෝකයට අවුත් පිරිනිවෙන සකෘදාගාමීහු වෙත්ද, ඔව්හුම ඉතා බොහෝ වෙත්.’
“ඇවැත්නි, මා විසින් භාග්‍යවතුන් වහන්සේ වෙතින් අනික් කරුණක්ද අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ වෙතින් පිළිගන්නා ලදී, ‘යම් භික්ෂු කෙනෙක් සංයෝජන තුනක් තුනී කිරීමෙන් රාග දෝෂ මෝහයන් තුනීකොට උත්පත්ති වශයෙන් නැවත වරක් මේ කාම ලෝකයට පැමිණෙන්නාවූ සකෘදාගාමීහු වෙත්ද, ඔව්හු ස්වල්ප වෙත්. යමෙක් තුමූ සංයෝජන තුනක් නැසීමෙන් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇති නියත ගති ඇත්තාවූ මතුමාර්ගඥාන බොධිය පිහිටකොට ඇත්තාවූ සෝවාන්වූවාහු වෙත්ද, ඔව්හුම අතිශයින් බොහෝවෙතියි” වදාළසේක.
|
3. ධම්මදින්නසුත්තං | 3. ධම්මදින්න සූත්‍රය |
1049
එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ. අථ
‘‘තස්මාතිහ වො, ධම්මදින්නං, එවං සික්ඛිතබ්බං - ‘යෙ තෙ සුත්තන්තා තථාගතභාසිතා ගම්භීරා ගම්භීරත්ථා ලොකුත්තරා සුඤ්ඤතපටිසංයුත්තා තෙ කාලෙන කාලං උපසම්පජ්ජ විහරිස්සාමා’ති. එවඤ්හි වො, ධම්මදින්න, සික්ඛිතබ්බ’’න්ති. ‘‘න ඛො නෙතං, භන්තෙ, සුකරං අම්හෙහි පුත්තසම්බාධසයනං අජ්ඣාවසන්තෙහි කාසිකචන්දනං පච්චනුභොන්තෙහි මාලාගන්ධවිලෙපනං ධාරයන්තෙහි ජාතරූපරජතං සාදියන්තෙහි - යෙ තෙ සුත්තන්තා තථාගතභාසිතා ගම්භීරා
‘‘තස්මාතිහ
‘‘යානිමානි, භන්තෙ, භගවතා චත්තාරි සොතාපත්තියඞ්ගානි දෙසිතානි, සංවිජ්ජන්තෙ තෙ ධම්මා අම්හෙසු, මයඤ්ච තෙසු ධම්මෙසු සන්දිස්සාම. මයඤ්හි භන්තෙ, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො
|
1049
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ධම්මදින්න උපාසක තෙමේ පන්සියයක් උපාසකයන් සමග භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් ධම්මදින්න උපාසක තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැලකෙළේය.
[2] “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, අපට යමක් දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවතීද එබන්දකින් අපට අවවාද කරන සේක්වා. අපට අනුශාසනය කරණ සේක්වා.”
[3] “ධම්මදින්නයෙහි, එසේනම් මෙහිලා තොප විසින් මෙසේ හික්මවිය යුතුයි. තථාගතයන්වහන්සේ විසින් වදාළාවූ ගැඹුරු ධර්ම ඇති ගැඹුරු අර්ථ ඇති, ලොකොත්තරවූ සූන්‍යතා ධර්මයන්ගෙන් යුක්තවූ ඒ සූත්‍ර දේශනාවෙන්ද කලින් කල ඊට පැමිණ වාසය කරන්නෙමුයි ධම්මදින්නයෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයයි’ වදාළසේක
[4] “ස්වාමීනි, අඹුදරු ගැහැට සහිත ගිහිගෙයි වසන්නාවූ කසීරට උපන් සඳුන් කල්ක පරිභොග කරන්නාවූ මල් ගඳ විලවුන් දරන්නාවූ රන් රිදී පරිහරණය කරන අප විසින් තථාගතයන් වහන්සේ විසින් වදාළ ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇති සූන්‍යතා ප්‍රතිසංයුක්තවූ යම් ඒ සූත්‍රාන්ත කෙනෙක් වෙත්ද ඊට කලින් කල පැමිණ වාසය කිරීම යන මෙය පහසු නොවේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස පඤ්ච ශික්‍ෂාපදයෙහි පිහිටියාවූ අපට වැඩිමනත් ධර්මයක් දෙසන සේක්වායි කීය. ධම්මදින්නයෙනි, එසේ නම් තොප විසින් මෙසේ හික්මිය යුතුයි
(මේ ඡේද පුඤ්ඤාභිසන්ද වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 2, 4, 6 සහ 8 වෙනි ඡේද මෙනි. එහි “වෙයි” යන තැන් මෙහි “වන්නෙමු” කියා වෙයි) තොප විසින් මෙසේ හික්මිය යුත්තාහ
[9] “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ඒ සොතාපත්ති අංග සතරක් දේශනා කරන ලද්දාහුද, අප කෙරෙහි ඒ ධර්මයෝ ඇත්තාහ. ස්වාමීනි, අපි ඒ ධර්මයන්හි දක්නා ලබමු.
(මේ ඡේද පුඤ්ඤාභිසන්ද වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 2-8 වෙනි ඡේදය මෙනි. එහි “වෙයි” යනු මෙහි “වන්නෙමු” වෙයි.
[14] “ධම්මදින්නයෙනි, තොපට ලාභයකි. ධම්මදින්නයෙනි තොප විසින් යහපත් ලාභයක් ලබන ලදී. ධම්මදින්නයෙනි, සෝවාන් ඵලය ප්‍රකාශ කරන ලද්දේ වෙයි.
|
4. ගිලානසුත්තං | 4. අස්සාසනිය ධම්ම (ගිලායන) සූත්‍රය |
1050
එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ භගවතො චීවරකම්මං කරොන්ති - ‘‘නිට්ඨිතචීවරො භගවා තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සතී’’ති. අස්සොසි ඛො මහානාමො සක්කො - ‘‘සම්බහුලා කිර භික්ඛූ භගවතො චීවරකම්මං කරොන්ති - ‘නිට්ඨිතචීවරො භගවා තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සතී’’’ති
‘‘සප්පඤ්ඤෙන මහානාම, උපාසකෙන සප්පඤ්ඤො උපාසකො ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො චතූහි අස්සාසනීයෙහි ධම්මෙහි අස්සාසෙතබ්බො - ‘අස්සාසතායස්මා - අත්ථායස්මතො බුද්ධෙ අවෙච්චප්පසාදො ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති
‘‘සප්පඤ්ඤෙන
‘‘සො චෙ එවං වදෙය්ය - ‘යා මෙ මාතාපිතූසු අපෙක්ඛා සා පහීනා’ති, සො එවමස්ස වචනීයො - ‘අත්ථි පනායස්මතො පුත්තදාරෙසු අපෙක්ඛා’ති? සො චෙ එවං වදෙය්ය - ‘අත්ථි මෙ පුත්තදාරෙසු අපෙක්ඛා’ති, සො එවමස්ස වචනීයො - ‘ආයස්මා ඛො මාරිසො මරණධම්මො. සචෙ පායස්මා පුත්තදාරෙසු අපෙක්ඛං කරිස්සති, මරිස්සතෙව; නො චෙ පායස්මා පුත්තදාරෙසු අපෙක්ඛං කරිස්සති, මරිස්සතෙව. සාධායස්මා, යා තෙ පුත්තදාරෙසු අපෙක්ඛා තං පජහා’’’ති.
‘‘සො චෙ එවං වදෙය්ය - ‘යා මෙ පුත්තදාරෙසු අපෙක්ඛා සා පහීනා’ති, සො එවමස්ස වචනීයො - ‘අත්ථි පනායස්මතො මානුසකෙසු පඤ්චසු කාමගුණෙසු අපෙක්ඛා’ති? සො චෙ එවං වදෙය්ය - ‘අත්ථි මෙ මානුසකෙසු පඤ්චසු කාමගුණෙසු අපෙක්ඛා’ති, සො එවමස්ස වචනීයො - ‘මානුසකෙහි ඛො, ආවුසො, කාමෙහි දිබ්බා කාමා අභික්කන්තතරා ච පණීතතරා ච. සාධායස්මා, මානුසකෙහි කාමෙහි චිත්තං වුට්ඨාපෙත්වා චාතුමහාරාජිකෙසු
(චාතුම්මහාරාජිකෙසු (සී. ස්‍යා. කං. පී.)) දෙවෙසු චිත්තං අධිමොචෙහී’’’ති.
‘‘සො චෙ එවං වදෙය්ය - ‘මානුසකෙහි මෙ කාමෙහි චිත්තං වුට්ඨිතං, චාතුමහාරාජිකෙසු දෙවෙසු චිත්තං අධිමොචිත’න්ති, සො එවමස්ස වචනීයො - ‘චාතුමහාරාජිකෙහි ඛො, ආවුසො
‘‘සො
‘‘සො චෙ එවං වදෙය්ය - ‘බ්රහ්මලොකා මෙ චිත්තං වුට්ඨිතං, සක්කායනිරොධෙ චිත්තං උපසංහරාමී’ති; එවං විමුත්තචිත්තස්ස ඛො, මහානාම, උපාසකස්ස ආසවා
(වස්සසත (සී. ස්‍යා.)) විමුත්තචිත්තෙන භික්ඛුනා න කිඤ්චි නානාකරණං වදාමි, යදිදං - විමුත්තියා විමුත්ත’’න්ති. චතුත්ථං.
|
1050
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත්පුර සමීපයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවසනසේක. එකල වනාහි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිවුරු මැසීම කරත්. සිව්රු මැසීම නිමවූ කල්හි භාග්‍යවතුන් වහන්සේ තුන්මසකින් චාරිකාවෙහි වඩින්නේය කියායි. මහානාම ශාක්‍යතෙම වනාහි බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ සිව්රු මැසීම කරත්. නිමවූ සිවුර ඇති භාග්‍යවතුන් වහන්සේ තුන් මසකින් චාරිකාවෙහි වඩින්නේයයි ඇසුවේය.
එකල මහානාම ශාක්‍යතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ ස්වාමීනි, බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ සිවුරු මැසීම කරත්. නිමවන ලද සිවුර ඇති භාග්‍යවතුන් වහන්සේ තෙමසකින් චාරිකාවෙහි වඩින්නේය. යන මෙය මා විසින් අසනලදී. ස්වාමීනි නුවණැති (සෝවාන්වූ) උපාසකයෙක් විසින් රෝගීවූ දුක්ඛිතවූ දැඩි ගිලන්වූ නුවණැති (සෝවාන්වූ) උපාසකතෙම අවවාද කටයුතුය යන මෙය භාග්‍යවතුන් වහන්සේ වෙතින් නොම අසනලදී. භාග්‍යවතුන් වහන්සේ හමුවෙන් නොම පිළිගන්නා ලදී.” කියායි.
“මහානාමයෙනි, නුවණැති (සෝවාන්වූ) උපාසකයෙකු විසින් රෝගීවූ දුකට පැමිණියාවූ දැඩි ගිලන්වූ (සෝවාන්වූ) උපාසකතෙම අස්වැසියයුතු දහම් සතරෙන් අස්වැසිය යුත්තේය, ආයුෂ්මතුන්හට (මේ ඡේදයේ ඉතුරු කොටස පුඤ්ඤාභිසන්ද වර්ගයෙහි 1 වන සූත්‍රයේ 2, 4, 6, 8 වෙනි ඡේදය මෙනි) එනිසා ආයුෂ්මත්තෙම සැනසෙනු මැනවි කියායි.
මහානාමයෙනි, නුවණැති උපාසකයා විසින් රෝගීවූ දුක්ඛිතවූ දැඩි ගිලන්වූ උපාසකතෙමේ මේ සතර වැදෑරුම් අස්වැසීම් ධර්මයන්ගෙන් අස්වසා මෙසේද කියයුත්තේය, ‘ආයුෂ්මතුන් තුළ මව්පියන් කෙරෙහි අපෙක්ෂාවක් ඇත්තේද?” කියායි. ඉදින් හෙතෙම ‘මාතුළ මව්පියන් කෙරේ අපෙක්ෂාව ඇත්තේයයි’ මෙසේ කීයේ නම් මෙසේ කියයුතු වන්නේය. ආයුෂ්මත් තෙමේද මරණය ස්වභාවකොට ඇත්තෙකි, ඉදින් ‘ආයුෂ්මත් තෙමේ මව්පියන් කෙරේ අපෙක්ෂා කරන්නේද ඒත් මැරෙන්නේමය. ඉදින් ආයුෂ්මත්තෙමේ මව්පියන් කෙරේ අපෙක්ෂාවක් ඇතිකර නොගන්නේද ඒත් මැරෙන්නේමය. ඉදින් මව්පියන් කෙරේ ආයුෂ්මතුන්ගේ යම් අපෙක්ෂාවක් ඇත්නම් එය දුරුකරව’ කියායි.
“හෙතෙම ඉදින් මා තුළ මව්පියන් කෙරේ යම් අපෙක්ෂාවක් වීනම් එය ප්‍රහීනවූයේ යයි කියයි නම් ඔහුට මෙසේ කිවයුතු වන්නේය. ‘ආයුෂ්මතුන්ට අඹු දරුවන් කෙරෙහි අපෙක්ෂාවක් ඇත්තේද?’ කියායි. ඔහු ‘මට අඹු දරුවන් කෙරෙහි අපෙක්ෂාවක් ඇත්තේයයි’ ඉදින් කියන්නේ නම් ඔහුට මෙසේ කියයුතු වන්නේය. ‘නිදුකාණනි, ආයුෂ්මත් තෙමේ මරණය ස්වභාවය කොට ඇත්තේය. ආයුෂ්මත් තෙමේ අඹු දරුවන් කෙරෙහි අපෙක්ෂා කරන්නේ නමුදු මැරෙන්නේමය. ආයුෂ්මත් තෙමේ අඹු දරුවන් කෙරේ අපෙක්ෂා නොකරන්නේ නමුදු මැරෙන්නේමය. ඉදින් අඹු දරුවන් කෙරේ ආයුෂ්මත්හුගේ යම් අපෙක්ෂාවක් වන්නීද, එය දුරුකරව’ කියායි. ‘අඹු දරුවන් කෙරේ මාගේ යම් අපෙක්ෂාවක් වූවාද එය ප්රහීනවූයේයයි’ ඉදින් හෙතෙම කියන්නේ නම් ඔහුට මෙසේ කිය යුතුය. ‘ආයුෂ්මතුන්ට මිනිස් පස් කම් සැපයෙහි අපෙක්ෂාවක් ඇත්තේද?’ කියායි. ‘ඉදින් මට මිනිස් පස්කම් සැපයෙහි අපෙක්ෂාව ඇත්තේයයි’ ඉදින් හෙතෙම කියන්නේ නම් ඔහුට මෙසේ කිය යුතුය. ‘ඇවැත්නි මනුෂ්‍ය කාමගුණයන්ට වඩා දිව්‍යමයවූ කාමගුණයෝ
අතිශයින් උසස්ය. අතිශයින් ප්‍රණීතය. ආයුෂ්මත් තෙමේ මනුෂ්‍ය කාම ගුණයන් කෙරෙන් සිත ඉවත්කොට චාතුර්මහාරාජික දෙවියන් කෙරේ සිත පිහිටවනු යෙහෙක’ කියායි.
“හෙතෙම ‘මා විසින් මනුෂ්‍ය කාම ගුණයන්ගෙන් සිත ඉවත් කරන ලදී. චාතුර්මහාරාජික දෙවියන් කෙරෙහි සිත පිහිටුවන ලදැයි’ ඉදින් මෙසේ කියන්නේ නම් ඔහුට මෙසේ කියයුතු වන්නේය. ‘ඇවැත්නි, චාතුර්මහාරාජික දෙවියන්ට වඩා තව්තිසා වැසි දෙවියෝ අතිශයින් උසස්ය අතිශයින් ප්‍රණීතය, ආයුෂ්මත් තෙමේ චාතුර්මහාරාජික දෙවියන් කෙරෙන් සිත ඉවත්කොට තව්තිසා වැසි දෙවියන් කෙරෙහි සිත පිහිටුවනු මැනව’ කියායි
“හෙතෙම ඉදින් ‘මාගේ සිත චාතුර්මහාරාජික දෙවියන් කෙරෙන් ඉවත් කරන ලදී. තව්තිසා දෙවියන් කෙරෙහි සිත පිහිටුවන ලදැයි’ ඉදින් මෙසේ කියන්නේ නම් ඔහුට මෙසේ කියයුතු වන්නේය. ‘ඇවැත්නි, තව්තිසා වැසි දෙවියන්ට වඩා යාම දෙවියෝ අතිශයින් උසස්ය, ප්‍රණීතතරය. ආයුෂ්මත් තෙමේ තව්තිසා දෙවියන් කෙරෙන් සිත ඉවත්කොට යාම දෙවියන් කෙරෙහි සිත පිහිටුවනු මැනව’ කියායි.
“හෙතෙම ‘මාගේ සිත තව්තිසා වැසි දෙවියන් කෙරෙන් ඉවත් කරන ලද්දේය. යාම දෙවියන් කෙරෙහි මාගේ සිත පිහිටුවන ලදැයි’ ඉදින් මෙසේ කියන්නේ නම් ඔහුට මෙසේ කියයුතු වන්නේය. ‘ඇවැත්නි, යාම දෙවියන්ට වඩා තුසිත දෙවියෝ අතිශයින් උසස්ය, අතිශයින් ප්‍රණීතය. ආයුෂ්මත් තෙමේ යාම දෙවියන් කෙරෙන් සිත ඉවත්කොට තුසිත දෙවියන් කෙරෙහි සිත පිහිටුවනු මැනව’ කියායි.
“හෙතෙමේ ‘මාගේ සිත යාම දෙවියන් කෙරෙන් ඉවත් කරන ලදී. තුසිත දෙවියන් කෙරෙහි සිත පිහිටුවන ලද්දේ යයි’ ඉදින් මෙසේ කියන්නේ නම් ඔහුට මෙසේ කිවයුතු වන්නේය. ‘ඇවැත්නි, තුසිත දෙවියන්ට වඩා නිර්මාණරතී දෙවියෝ වඩා උසස්ය වඩා ප්‍රණීතය. ආයුෂ්මත් තෙමේ තුසිත දෙවියන් කෙරෙන් සිත ඉවත්කොට නිර්මාණරතී දෙවියන් කෙරෙහි සිත පිහිටුවනු මැනව’ කියායි.
“හෙතෙමේ ‘මාගේ සිත තුසිත දෙවියන් කෙරෙන් ඉවත් කරන ලදී නිර්මාණරතී දෙවියන් කෙරෙහි මාගේ සිත පිහිටුවන ලදැයි’ ඉදින් මෙසේ කියන්නේ නම් ඔහුට මෙසේ කියයුතු වන්නේය. ‘ඇවැත්නි, නිර්මාණරතී දෙවියන්ට වඩා පරනිර්මිත වසවර්තී දෙවියෝ විශේෂයෙන් උසස්ය. විශේෂයෙන් ප්‍රණීතය. ආයුෂ්මත් තෙමේ නිර්මාණරතී දෙවියන් කෙරෙන් සිත ඉවත්කොට පරනිර්මිත වසවර්තී දෙවියන් කෙරෙහි පිහිටුවනු මැනව’ කියායි.
“හෙතෙමේ ‘මාගේ සිත නිර්මාණරතී දෙවියන් කෙරෙන් ඉවත් කරන ලදී. පරනිර්මිත වසවර්තී දෙවියන් කෙරෙහි මාගේ සිත පිහිටුවන ලද්දේයයි’ ඉදින් කියන්නේ නම් ඔහුට මෙසේ කියයුතු වන්නේය. ‘ඇවැත්නි, පරනිර්මිත වසවර්තී දෙවියන්ට වඩා බඹලොව අතිශයින් උසස්ය, අතිශයින් ප්‍රණීතය. ආයුෂ්මත් තෙමේ පරනිර්මිත වසවර්තී දෙවියන් කෙරෙන් සිත ඉවත්කොට බඹලොව සිත පිහිටුවනු මැනව’ කියායි.
“හෙතෙමේ ‘මාගේ සිත පරනිර්මිත වසවර්තී දෙවියන් කෙරෙන් ඉවත් කරන ලදී. බඹලොව සිත පිහිටුවන ලදැයි’ ඉදින් මෙසේ කියන්නේ නම් ඔහුට මෙසේ කියයුතු වන්නේය. ‘ඇවැත්නි, බ්‍රහ්ම ලෝකයද අනිත්‍යය. අස්ථීරය. පඤ්චස්කන්ධයට ඇතුළත්ය. (එහෙයින්) ආයුෂ්මත් තෙමේ බඹලොවින් සිත ඉවත්කොට පඤ්චස්කන්ධය නිරෝධයෙහි සිත යොමු කරව’ යනුයි.
“හෙතෙම ‘මාගේ සිත බඹලොවින් ඉවත් කරන ලදී. සක්කාය නිරෝධයෙහි සිත යොමු කරන ලදැයි’ ඉදින් කියන්නේ නම් මහානාමයෙනි, මෙසේ වනාහි කෙලෙසුන් කෙරෙන් මිදුනු සිත් ඇති, රහත් ඵලයට පැමිණි උපාසකයාගේද සියක් වස් ගිය මිදුණු සිත් ඇති භික්ෂුවගේද විමුක්තිය අතර කිසියම් වෙනසක් නොකියමිය” වදාළේය.
|
5. සොතාපත්තිඵලසුත්තං | 5. සොතාපත්ති ඵල සූත්‍රය |
1051
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා සොතාපත්තිඵලසච්ඡිකිරියාය සංවත්තන්ති. කතමෙ චත්තාරො? සප්පුරිසසංසෙවො
|
1051
(මේ ඡේදය 4 වෙනි වර්ගයේ 1 වෙනි සූත්‍රයේ මුල් ඡේදය මෙනි)
“මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර සෝවාන් ඵලයාගේ ප්රත්යක්ෂ කිරීම පිණිස පවතිත්. කවර සතරක්ද? සත්පුරුෂ සේවනය සද්ධර්මශ්රවණය, නුවණින් මෙනෙහි කිරීම හා ධර්මානුධර්ම ප්රතිපත්තියද වෙති. මහණෙනි වඩන ලද්දාවූ නැවත නැවත පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර සෝවාන් ඵලය ප්රත්යක්ෂ කිරීම පිණිස පවතිත්.”
|
6. සකදාගාමිඵලසුත්තං | 6. සකෘදාගාමි ඵල සූත්‍රය |
1052
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා සකදාගාමිඵලසච්ඡිකිරියාය සංවත්තන්ති. කතමෙ චත්තාරො? ...පෙ.... සංවත්තන්තී’’ති. ඡට්ඨං.
|
1052
(මෙතැන් සිට ඇති මේ වර්ගයේ සූත්‍ර සියල්ලම මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1 ඡේදය මෙනි.)
“මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර සකෘදාගාමි ඵලයාගේ ප්රත්යක්ෂ කිරීම පිණිස පවතිත්, කවර සතරක්ද? සත්පුරුෂ සේවනය සද්ධර්මශ්රවණය, නුවණින් මෙනෙහි කිරීම ධර්මානුධර්ම ප්රතිපත්තියද වෙති. මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර සකෘදාගාමි ඵලයාගේ ප්රත්යක්ෂ කිරීම පිණිස පවතිත්.”
|
7. අනාගාමිඵලසුත්තං | 7. අනාගාමි ඵල සූත්‍රය |
1053
...පෙ....
|
1053
“මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර අනාගාමි ඵලයාගේ ප්රත්යක්ෂ කිරීම පිණිස පවතිත්, කවර සතරක්ද? සත්පුරුෂ සේවනය සද්ධර්මශ්රවණය, යෝනිසොමනස්කාරය, ධර්මානුධර්ම ප්රතිපත්තියද වෙති. මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර අනාගාමි ඵලයාගේ ප්රත්යක්ෂ කිරීම පිණිස පවතිත්.”
|
8. අරහත්තඵලසුත්තං | 8. අරහන්ත ඵල සූත්‍රය |
1054
...පෙ.... අරහත්තඵලසච්ඡිකිරියාය...පෙ.... සංවත්තන්තී’’ති. අට්ඨමං.
|
1054
“මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ, මේ ධර්ම සතර අර්හත් ඵලයාගේ ප්රත්යක්ෂ කිරීම පිණිස පවතිත්, කවර නම් සතරක්ද? සත්පුරුෂ සේවනය, සද්ධර්මශ්රවණය, යෝනියෝමනස්කාරය හා ධර්මානුධර්ම ප්රතිපත්තියද වෙති. මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර අර්හත් ඵලයාගේ ප්රත්යක්ෂ කිරීම පිණිස පවතිත්.”
|
9. පඤ්ඤාපටිලාභසුත්තං | 9. පඤ්ඤා පටිලාභ සූත්‍රය |
1055
...පෙ.... පඤ්ඤාපටිලාභාය...පෙ.... සංවත්තන්තී’’ති. නවමං.
|
1055
“මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර ප්‍රඥාව ලැබීම පිණිස පවතිත්. කවර සතරක්ද? සත්පුරුෂ සේවනය. සද්ධර්මශ්රවණය, යෝනිසෝමනස්කාරය හා ධර්මානුධර්ම ප්රතිපත්තියද වෙති. මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර ප්‍රඥාවගේ ලැබීම පිණිස පවතිත්.”
|
10. පඤ්ඤාවුද්ධිසුත්තං | 10. පඤ්ඤාබුද්ධි සූත්‍රය |
1056
...පෙ.... පඤ්ඤාවුද්ධියා
|
1056
“මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර ප්‍රඥාවගේ වැඩීම පිණිස පවතිත් කවර සතරක්ද? සත්පුරුෂයන් සේවනය, සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝමනස්කාරය හා ධර්මානුධර්ම ප්රතිපත්තියද වෙති. මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර ප්‍රඥාවගේ වැඩීම පිණිස පවතිත්.”
|
11. පඤ්ඤාවෙපුල්ලසුත්තං | 11. පඤ්ඤාවෙපුල්ලතා සූත්‍රය |
1057
...පෙ..... පඤ්ඤාවෙපුල්ලාය...පෙ.... සංවත්තන්තී’’ති. එකාදසමං.
|
1057
“මහණෙනි වඩන ලද්දාවූ බහුල වශයෙන් නැවත නැවත පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර ප්‍රඥාවගේ මහත් බව පිණිස පවතිත්, කවර සතරක්ද? සත්පුරුෂ සේවනය, සද්ධර්මශ්රවණය, යෝනිසෝමනස්කාරය හා ධර්මානුධර්ම ප්රතිපත්තියද වෙති, මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර ප්‍රඥාවගේ මහත් බව පිණිස පවතිත්” යයි වදාළසේක.
|
7. මහාපඤ්ඤවග්ගො | 7. මහාප්‍රඥා වර්ගය |
1. මහාපඤ්ඤාසුත්තං | 1. මහා පඤ්ඤතා සූත්‍රය |
1058
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා මහාපඤ්ඤතාය
|
1058
[1] (මේ වර්ගයේ 1 වෙනි ඡේද සියල්ල පුඤ්ඤාභිසන්ද වර්ගයේ 1 වෙනි ඡේදය මෙනි. පිට 3179)
[2] “මහණෙනි, වඩනලද්දාවූ බහුලවශයෙන් පුරුදුකරන ලද මේ ධර්ම සතර මහා ප්‍රඥාව ඇතිබව පිණිස පවතිත්.
[3] “කවර සතරක්ද? සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යොනිසොමනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යන මේ සතරය.
[4] “මහණෙනි, වඩනලද්දාවූ, පුරුදුකරනලද්දාවූ මේ ධර්ම සතර මහා ප්‍රඥාව ඇතිබව පිණිස පවතිත්යයි” වදාළසේක.
|
2. පුථුපඤ්ඤාසුත්තං | 2. පුථුපඤ්ඤතා සූත්‍රය |
1059
... පුථුපඤ්ඤතා සංවත්තන්තී’’ති. දුතියං.
|
1059
“මහණෙනි, වඩනලද්දාවූ බහුලවශයෙන් පුරුදුකරන ලද්දාවූ මේ ධර්ම සතර පුථුපඤ්ඤභාවය පිණිස පවතිත්.
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.)
“මහණෙනි, වඩනලද්දාවූ, පුරුදුකරනලද්දාවූ, මේ ධර්ම සතර පුථුපඤ්ඤතාභාවය පිණිස පවතිත්යයි” වදාළසේක.
|
3. විපුලපඤ්ඤාසුත්තං | 3. විපුලපඤ්ඤතා සූත්‍රය |
1060
... විපුලපඤ්ඤතා සංවත්තන්තී’’ති. තතියං.
|
1060
‘මහණෙනි, වඩනලද්දාවූ පුරුදුකරනලද්දාවූ මේ ධර්ම සතර විපුලපඤ්ඤභාවය පිණිස පවතිත්.
(මේ ඡේදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 3 ඡේදය මෙනි.)
“මහණෙනි, වඩනලද්දාවූ, පුරුදුකරනලද්දාවූ මේ ධර්ම සතර විපුලපඤ්ඤභාවය පිණිස පවතිත්යයි” වදාළසේක.
|
4. ගම්භීරපඤ්ඤාසුත්තං | 4. ගම්භිර පඤ්ඤතා සූත්‍රය |
1061
... ගම්භීරපඤ්ඤතා සංවත්තන්තී’’ති. චතුත්ථං.
|
1061
“මහණෙනි, වඩනලද්දාවූ පුරුදුකරනලද්දාවූ මේ ධර්ම සතර ගම්භිර පඤ්ඤභාවය පිණිස පවතිත්.
(මේ ඡේදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 3 ඡේදය මෙනි.)
“මහණෙනි, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ මේ ධර්ම සතර ගම්භිර පඤ්ඤාභාවය පිණිස පවතිත්යයි” වදාළසේක.
|
5. අප්පමත්තපඤ්ඤාසුත්තං | 5. අසාමන්ත පඤ්ඤතා සූත්‍රය |
1062
...
|
1062
“මහණෙනි, වඩනලද්දාවූ, පුරුදුකරනලද්දාවූ, මේ ධර්ම සතර අසාමන්ත පඤ්ඤභාවය පිණිස පවතිත්.
(මේ ඡේදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 3 ඡේදය මෙනි.)
“මහණෙනි, වඩනලද්දාවූ පුරුදුකරන ලද්දාවූ මේ ධර්ම සතර අසාමන්ත පඤ්ඤභාවය පිණිස පවතිත්යයි” වදාළසේක.
|
6. භූරිපඤ්ඤාසුත්තං | 6. භූරිපඤ්ඤතා සූත්‍රය |
1063
... භූරිපඤ්ඤතා සංවත්තන්තී’’ති. ඡට්ඨං.
|
1063
“මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර භූරිපඤ්ඤභාවය පිණිස පවතිත්.
(මේ ඡේදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 3 ඡේදය මෙනි.)
“මහණෙනි, වඩනලද්දාවූ පුරුදු කරනලද්දාවූ මේ ධර්ම සතර භූරිපඤ්ඤභාවය පිණිස පවතිත්යයි” වදාළසේක.
|
7. පඤ්ඤාබාහුල්ලසුත්තං | 7. පඤ්ඤා බාහුල්ලතා සූත්‍රය |
1064
... පඤ්ඤාබාහුල්ලා සංවත්තන්තී’’ති. සත්තමං.
|
1064
“මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ ධර්ම සතර ප්‍රඥාවගේ බහුල බව පිණිස පවතිත්.
(මේ ඡේදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 3 ඡේදය මෙනි.)
“මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර ප්‍රඥාවගේ බහුල බව පිණිස පවතිත්යයි” වදාළසේක.
|
8. සීඝපඤ්ඤාසුත්තං | 8. සීඝ පඤ්ඤතා සූත්‍රය |
1065
... සීඝපඤ්ඤතා සංවත්තන්තී’’ති. අට්ඨමං.
|
1065
“මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර සීඝ පඤ්ඤා භාවය පිණිස පවතිත්.
(මේ ඡේදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 3 ඡේදය මෙනි.)
“මහණෙනි, වඩන ලද්දාවූ, පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර සීඝපඤ්ඤාභාවය පිණිස පවතිත්යයි” වදාළසේක.
|
9. ලහුපඤ්ඤාසුත්තං | 9. ලහු පඤ්ඤතා සූත්‍රය |
1066
... ලහුපඤ්ඤතා සංවත්තන්තී’’ති. නවමං.
|
1066
“මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර ලහු පඤ්ඤා භාවය පිණිස පවතිත්.
(මේ ඡේදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 3 ඡේදය මෙනි.)
“මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර ලහුපඤ්ඤාභාවය පිණිස පවතිත්යයි” වදාළසේක.
|
10. හාසපඤ්ඤාසුත්තං | 10. හාසු පඤ්ඤතා සූත්‍රය |
1067
... හාසපඤ්ඤතා සංවත්තන්තී’’ති. දසමං.
|
1067
“මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර හාසු පඤ්ඤාභාවය පිණිස පවතිත්.
(මේ ඡේදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 3 ඡේදය මෙනි.)
‘මහණෙනි වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර හාසු පඤ්ඤාභාවය පිණිස පවතිත්යයි” වදාළසේක.
|
11. ජවනපඤ්ඤාසුත්තං | 11. ජවන පඤ්ඤතා සූත්‍රය |
1068
... ජවනපඤ්ඤතා
|
1068
“මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර ජවන පඤ්ඤා භාවය පිණිස පවතිත්.
(මේ ඡේදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 3 ඡේදය මෙනි.)
“මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර ජවන පඤ්ඤාභාවය පිණිස පවතිත්යයි” වදාළසේක.
|
12. තික්ඛපඤ්ඤාසුත්තං | 12. තික්ඛ පඤ්ඤතා සූත්‍රය |
1069
...
|
1069
“මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර තික්ඛ පඤ්ඤාභාවය පිණිස පවතිත්.
(මේ ඡේදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 3 ඡේදය මෙනි.)
“මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර තික්ඛ පඤ්ඤාභාවය පිණිස පවතිත්යයි” වදාළසේක.
|
13. නිබ්බෙධිකපඤ්ඤාසුත්තං | 13. නිබ්බෙධික පඤ්ඤතා සූත්‍රය |
1070
... නිබ්බෙධිකපඤ්ඤතා සංවත්තන්ති. කතමෙ චත්තාරො? සප්පුරිසසංසෙවො, සද්ධම්මස්සවනං, යොනිසොමනසිකාරො, ධම්මානුධම්මප්පටිපත්ති - ඉමෙ
|
1070
‘මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර නිබ්බේධික පඤ්ඤා භාවය පිණිස පවතිත්.
“මහණෙනි, කවර සතරක්ද? සත්පුරුෂ සේවනය, සද්ධර්මශ්රවණය, යෝනිසොමනසිකාරය හා ධර්මානුධර්ම ප්රතිපත්තියද වෙති
“මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර නිබ්බේධික පඤ්ඤා භාවය පිණිස පවතී”
|