ත්‍රිපිටකය
10. ආනාපානසංයුත්තං 10. ආනාපාන සංයුත්තය
1. එකධම්මවග්ගො 1. එකධම්ම වර්ගය
1. එකධම්මසුත්තං 1. ඒකධම්ම සූත්‍රය
2. බොජ්ඣඞ්ගසුත්තං 2. බොජ්ඣංග සූත්‍රය
3. සුද්ධිකසුත්තං 3. සුද්ධික ආනාපාන සූත්‍රය
4. පඨමඵලසුත්තං 4. ඵලමය ආනාපාන සූත්‍රය
5. දුතියඵලසුත්තං 5. සත්ත ඵල ආනාපාන සූත්‍රය
6. අරිට්ඨසුත්තං 6. අරිට්ඨ සූත්‍රය
7. මහාකප්පිනසුත්තං 7. කප්පින සූත්‍රය
983
සාවත්ථිනිදානං. තෙන ඛො පන සමයෙන ආයස්මා මහාකප්පිනො භගවතො අවිදූරෙ නිසින්නො හොති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. අද්දසා ඛො භගවා ආයස්මන්තං මහාකප්පිනං අවිදූරෙ නිසින්නං පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. දිස්වාන භික්ඛූ ආමන්තෙසි -
‘‘පස්සථ නො තුම්හෙ, භික්ඛවෙ, එතස්ස භික්ඛුනො කායස්ස ඉඤ්ජිතත්තං වා ඵන්දිතත්තං වා’’ති? ‘‘යදාපි මයං, භන්තෙ, තං ආයස්මන්තං පස්සාම සඞ්ඝමජ්ඣෙ වා නිසින්නං එකං වා රහො නිසින්නං, තදාපි මයං තස්ස ආයස්මතො න පස්සාම කායස්ස ඉඤ්ජිතත්තං වා ඵන්දිතත්තං වා’’ති.
‘‘යස්ස, භික්ඛවෙ, සමාධිස්ස භාවිතත්තා බහුලීකතත්තා නෙව කායස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා, න චිත්තස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා, තස්ස සො, භික්ඛවෙ, භික්ඛු සමාධිස්ස නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී. කතමස්ස ච, භික්ඛවෙ, සමාධිස්ස භාවිතත්තා බහුලීකතත්තා නෙව කායස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා, න චිත්තස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා?
‘‘ආනාපානස්සතිසමාධිස්ස, භික්ඛවෙ, භාවිතත්තා බහුලීකතත්තා නෙව කායස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා, න චිත්තස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා. කථං භාවිතෙ ච, භික්ඛවෙ, ආනාපානස්සතිසමාධිම්හි කථං බහුලීකතෙ නෙව කායස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා, න චිත්තස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා?
‘‘ඉධ, භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති, සතොව පස්සසති...පෙ.... ‘පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති. එවං භාවිතෙ ච ඛො, භික්ඛවෙ, ආනාපානස්සතිසමාධිම්හි එවං බහුලීකතෙ නෙව කායස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා, න චිත්තස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා’’ති. සත්තමං.
983
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එසමයෙහි වනාහි ආයුෂ්මත් මහා කප්පින ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට නුදුරු තන්හි පළඟ බැඳ කය ඍජුව තබාගෙන සිහිය ඉදිරිපත්කොට තබාගෙන හුන්නේ වෙයි. පළඟ බැඳගෙන කය ඍජුව තබාගෙන සිහිය ඉදිරිපත් කොට තබාගෙන නුදුරු තන්හි හුන්නාවූ ආයුෂ්මත් කප්පින තෙරුන් භාග්‍යවතුන්වහන්සේ දුටුසේක. දැක, භික්ෂූන් ඇමතූසේක.
“මහණෙනි, තෙපි මේ භික්ෂුවගේ ශරීරයෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ දකින්නහුද?”
“ස්වාමීනි, අපි යම් කලෙක්හි සංඝයා මැද හුන්නාවූ හෝ හුදෙකලාව රහසිගතව හුන්නාවූ හෝ ඒ ආයුෂ්මතුන් දකිමුද ඒ කවර කලෙක්හිදු අපි ඒ ආයුෂ්මතුන්ගේ ශරීරයෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොදකිමුයි” කීහ.
“මහණෙනි, යම් සමාධියක් වැඩූ බැවින් බහුල වසයෙන් වැඩූ බැවින් ශරීරයෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේද චිත්තයාගේ සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේ නම්, මහණෙනි ආනාපාන සති සමාධිය වැඩූ බැවින් බහුල වසයෙන් වැඩූ බැවින් ශරීරයෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේ. චිත්තයාගේ සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේද, මහණෙනි, ආනාපාන සති සමාධිය කෙසේ වැඩූ කල්හි කෙසේ බහුල වසයෙන් වැඩූ කල්හි කයෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේද? සිතෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේද?
“මහණෙනි, මේ සාසනයෙහි මහණතෙමේ ආරණ්‍යයට ගියේ හෝ ගසක් මුලට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්‍ය්‍යංක බැඳ ශරීරය කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත්කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය. සිහියෙන්ම ප්‍රශ්වාස කරන්නේය. දීර්ඝකොට ආශ්වාස කරන්නේ හෝ දීර්ඝකොට ආශ්වාස කරන්නෙමි’යි දන්නේය. දීර්ඝකොට ප්‍රශ්වාස කරන්නේ හෝ දීර්ඝකොට ප්‍රශ්වාස කරන්නෙමි’යි දන්නේය. හ්‍රස්ව (ලුහුඬු) කොට ආශ්වාස කරන්නේ හෝ හ්‍රස්වකොට ආස්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්වකොට ප්‍රස්වාස කරන්නේ හෝ හ්‍රස්වකොට ප්‍රස්වාස කරන්නෙමියි දන්නේය.
“මුල මැද අග යන සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමියි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි හික්මෙන්නේය.
“සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි ප්‍රීතිය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැන ගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි සිත එකඟ කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ප්‍රස්වාසකරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය (හැරදැමීම) දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය (හැරදැමීම) දකිමින් ප්‍රස්වාසකරන්නෙමියි හික්මෙයි.
“මහණෙනි, මෙසේ ආනාපානසති සමාධිය වැඩූ කල්හි බහුල වශයෙන් වැඩූ කල්හි ශරීරයෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේ සිතෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේයයි” වදාළේය.
8. පදීපොපමසුත්තං 8. කාය ජීවිත පරියන්තික සූත්‍රය
9. වෙසාලීසුත්තං 9. (වේසාලී) සත්ථා‘හරණ සූත්‍රය
10. කිමිලසුත්තං 10. කිම්බිලපඤ්හ සූත්‍රය
2. දුතියවග්ගො 2. දුතිය ඒක ධමම වර්ගය
1. ඉච්ඡානඞ්ගලසුත්තං 1. ඉච්ඡානංගල සූත්‍රය
2. කඞ්ඛෙය්‍යසුත්තං 2. ලොමසවඩ්ගීස සූත්‍රය
3. පඨමආනන්දසුත්තං 3. පඨම ආනන්ද එකධම්ම සූත්‍රය
4. දුතියආනන්දසුත්තං 4. දුතිය ආනන්ද එකධර්ම සූත්‍රය
5. පඨමභික්ඛුසුත්තං 5. පඨම භික්ඛු එකධම්ම සූත්‍රය
6. දුතියභික්ඛුසුත්තං 6. දුතිය භික්ඛු එකධම්ම සූත්‍රය
7. සංයොජනප්පහානසුත්තං 7. සංයෝජන පහාණ සූත්‍රය
8. අනුසයසමුග්ඝාතසුත්තං 8. අනුසය සමුග්ඝාත සූත්‍රය
9. අද්ධානපරිඤ්ඤාසුත්තං 9. අද්ධානපරිඤ්ඤා සූත්‍රය
10. ආසවක්ඛයසුත්තං 10. ආසවක්ඛය සූත්‍රය