10. ආනාපානසංයුත්තං | 10. ආනාපාන සංයුත්තය |
1. එකධම්මවග්ගො | 1. එකධම්ම වර්ගය |
1. එකධම්මසුත්තං | 1. ඒකධම්ම සූත්‍රය |
977
සාවත්ථිනිදානං
|
977
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ එක් ධර්මයක් මහත්ඵල ඇත්තේ මහත් ආනිසංස ඇත්තේ වෙයි. කවර නම් එක ධර්මයක්ද? ආනාපාන සතියයි.
[2] “මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත්ඵල ඇත්තේ මහත් ආනිසංස ඇත්තේ වෙත්ද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ වනයට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්‍ය්‍යංක බැඳ ශරීරය කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත් කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය. සිහියෙන්ම ප්‍රස්වාස කරන්නේය. දීර්ඝකොට ආශ්වාස කරන්නේ හෝ දීර්ඝකොට ආශ්වාස කරන්නෙමි’ යි දන්නේය. දීර්ඝකොට ප්‍රශ්වාස කරන්නේ හෝ දීර්ඝකොට ප්‍රශ්වාස කරන්නෙමි’ යි දන්නේය. හ්‍රස්ව (ලුහුඬු) කොට ආශ්වාස කරන්නේ හෝ හ්‍රස්වකොට ආශ්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්වකොට ප්‍රශ්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ප්‍රශ්වාස කරන්නෙමියි දන්නේය.
[3] “මුල මැද අග යන සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැන ගනිමියි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි හික්මෙන්නේය.
සියලු ආස්වාස ප්‍රස්වාස කය දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි.
“ප්‍රීතිය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි.
චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි.
සිත දැනගනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි.
නොඇලීම දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි.
නිරෝධය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය දක්වමින් පටිනිස්සග්ගයාගේ (හැරදැමීම) දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි.
“මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපානා සතිය මහත්ඵල ඇත්තේ මහත් අනුභාව ඇත්තේවෙයි.
|
2. බොජ්ඣඞ්ගසුත්තං | 2. බොජ්ඣංග සූත්‍රය |
978
‘‘ආනාපානස්සති, භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. කථං භාවිතා ච, භික්ඛවෙ, ආනාපානස්සති කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා? ඉධ, භික්ඛවෙ, භික්ඛු ආනාපානස්සතිසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං, ආනාපානස්සතිසහගතං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙති...පෙ.... ආනාපානස්සතිසහගතං
|
978
(මේ පළමු වෙනි ඡේද 8 වෙනි සූත්‍රය තෙක් 1 සූත්‍රයේ මෙනි.)
“මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත්ඵල ඇත්තේ මහත් ආනිසංස ඇත්තේ වෙයි. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපානා සතිය මහත්ඵල ඇත්තේ මහත් ආනිසංස ඇත්තේවේද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුනු ආනාපාන සති සහගතවූ සතිසම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ නිවනට නැමුනු ආනාපානා සති සහගතවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ නිවනට නැමුනු ආනාපානා සති සහගතවූ පීති සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ නිවනට නැමුනු ආනාපානා සති සහගතවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ නිවනට නැමුනු ආනාපානා සති සහගතවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ නිවනට නැමුනු ආනාපානා සති සහගතවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත්ඵල මහානිසංස ඇත්තේ වෙයි.
|
3. සුද්ධිකසුත්තං | 3. සුද්ධික ආනාපාන සූත්‍රය |
979
‘‘ආනාපානස්සති, භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. කථං භාවිතා ච, භික්ඛවෙ, ආනාපානස්සති කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා? ඉධ, භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති, සතොව පස්සසති...පෙ.... ‘පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති. එවං භාවිතා ඛො, භික්ඛවෙ, ආනාපානස්සති එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා’’ති. තතියං.
|
979
“මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත්ඵල මහානිසංස ඇත්තේ වෙයි. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයිද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ ආරණ්‍යයට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්‍ය්‍යංක බැඳ ශරීරය කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත් කොට තබා ගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය. සිහියෙන්ම ප්‍රශ්වාස කරන්නේය. දීර්ඝකොට ආශ්වාස කරන්නේ හෝ දීර්ඝ කොට ආශ්වාස කරන්නෙමි’ යි දන්නේය. දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නේ හෝ දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නෙමි’යි දන්නේය. හ්‍රස්ව (ලුහුඬු) කොට ආශ්වාස කරන්නේ හෝ හුස්ව කොට ආශ්වාස කරන්නෙමි’ යි දන්නේය. හ්‍රස්ව කොට ප්‍රශ්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ප්‍රශ්වාස කරන්නෙමි’ යි දන්නේය.
“මුල මැද අග යන සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමියි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි හික්මෙන්නේය. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය සුවය කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි ප්‍රීතිය සුවය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටුකරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟකරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟකරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ප්‍රශ්වාස කරමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය (හැරදැමීම්) දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයි.
|
4. පඨමඵලසුත්තං | 4. ඵලමය ආනාපාන සූත්‍රය |
980
‘‘ආනාපානස්සති
|
980
[2] “මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයි. මහණෙනි කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයිද? මහණෙනි මේ ශාසනයෙහි මහණතෙමේ ආරණ්‍යයට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්‍ය්‍යංක බැඳ ශරීරය කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත් කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය. සිහියෙන්ම ප්‍රස්වාස කරන්නේය. දීර්ඝකොට අස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ආස්වාස කරන්නෙමියි දන්නේය. දීර්ඝ කොට ප්‍රස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ප්‍රස්වාස කරන්නෙමි’ යි දන්නේය. හ්‍රස්ව (ලුහුඬු) කොට ආස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ආස්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්වකොට ප්‍රස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ප්‍රස්වාස කරන්නෙමියි දන්නේය.
[3] “මුල මැද අග යන සියලු ආස්වාස ප්‍රස්වාස කය දැනගනිමියි යන අදහසින් ආස්වාස කරන්නෙමියි හික්මෙන්නේය. සියලු ආස්වාස ප්‍රස්වාස කය දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආස්වාස ප්‍රස්වාසයන් සංසිඳුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආස්වාස ප්‍රස්වාසයන් සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්තසංස්කාරය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්තසංස්කාරය සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටුකරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟකරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය දකිමින් ආස්වාස කරන්නෙමියි ආස්වාස කරමියි හික්මෙයි. පටිනිස්සග්ගය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි ප්‍රස්වාස කරමියි හික්මෙයි.
“මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපානා සතිය මහත් ඵල මහත් ආනිසංස ඇත්තේ වෙයි. මහණෙනි මෙසේ වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපානා සතිය හේතුකොට ගෙන මේ ආත්මයෙහිම රහත් ඵලය හෝ ස්කන්ධ ශෙෂය ඇතිකල්හි අනාගාමි බව යන ඵල දෙදෙනාගෙන් එක්තරා ඵලයක් කැමතිවිය යුතුයි.
|
5. දුතියඵලසුත්තං | 5. සත්ත ඵල ආනාපාන සූත්‍රය |
981
‘‘ආනාපානස්සති, භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. කථං භාවිතා ච, භික්ඛවෙ, ආනාපානස්සති කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා? ඉධ, භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති, සතොව පස්සසති...පෙ.... ‘පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති. එවං භාවිතා ඛො, භික්ඛවෙ, ආනාපානස්සති එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා.
‘‘එවං භාවිතාය ඛො, භික්ඛවෙ, ආනාපානස්සතියා එවං බහුලීකතාය සත්ත ඵලා සත්තානිසංසා පාටිකඞ්ඛා. කතමෙ සත්ත ඵලා සත්තානිසංසා? දිට්ඨෙව ධම්මෙ පටිකච්ච අඤ්ඤං ආරාධෙති; නො චෙ දිට්ඨෙව ධම්මෙ පටිකච්ච අඤ්ඤං ආරාධෙති. අථ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති; නො චෙ දිට්ඨෙව ධම්මෙ පටිකච්ච අඤ්ඤං ආරාධෙති
|
981
(මේ ඡේදය 4 වන සූත්‍රයේ 1 ඡේදය හා සමයි.)
“මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයි. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වේද? මේ ශාසනයෙහි මහණතෙම ආරණ්‍යයට ගියේ හෝ ගහක් මුලට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්‍ය්‍යංක බැඳ ශරීරය කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත් කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආස්වාස කරන්නේය. සිහියෙන්ම ප්‍රශ්වාස කරන්නේය. දීර්ඝ කොට ආස්වාස කරන්නේ හෝ දීර්ඝ කොට ආස්වාස කරන්නෙමියි දන්නේය. දීර්ඝකොට ප්‍රස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ප්‍රස්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්ව (ලුහුඬු) කොට ආස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ආස්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්ව කොට ප්‍රස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ප්‍රස්වාස කරන්නෙමියි දන්නේය.
“මුල මැද අග යන සියලු ආස්වාස ප්‍රස්වාස කය දැනගනිමියි යන අදහසින් ආස්වාස කරන්නෙමියි හික්මෙන්නේය. සියලු ආස්වාස ප්‍රස්වාස කය දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි ඖදාරික ආස්වාස ප්‍රස්වාසයන් සංසිඳුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආස්වාස ප්‍රස්වාසයන් සංසිඳුවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැන ගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයි මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය හේතුකොට ගෙන ඵල සතක් ආනිසංස සතක් කැමතිවිය යුතුයි. කවර ඵල සතක් කවර ආනිසංස සතක්ද යත්?
“පළමුකොට මේ ආත්මයෙහිම රහත් වෙයි. ඉදින් පළමුකොට මේ ආත්මයෙහිම රහත් ඵලය නොලබයිද, නැවත මරණ කාලයෙහි රහත් ඵලය ලබයි. ඉදින් පළමුකොට මේ අත්බැව්හිම රහත් ඵලය අවබෝධ නොකෙරේද, ඉදින් මරණ කාලයෙහිත් රහත් ඵලය අවබෝධ නොකෙළේද, නැවත ඔරම්භා ගීය සංයෝජන පස නැතිකිරීමෙන් අන්තරා පරිනිබ්බයී නම් අනාගාමි වෙයි. උපහච්ච පරිනිබ්බායි නම් අනාගාමි වෙයි. අසංඛාර පරිනිබ්බායී නම් අනාගාමි වෙයි. සසංඛාර පරිනිබ්බායී නම් අනාගාමි වෙයි. උද්ධංසොත අකනිට්ඨගාමී නම් අනාගාමි වෙයි
“මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය හේතුකොට ගෙන මේ ඵල සත ආනිසංස සත කැමති විය යුතුයි.
|
6. අරිට්ඨසුත්තං | 6. අරිට්ඨ සූත්‍රය |
982
සාවත්ථිනිදානං. තත්ර ඛො භගවා...පෙ.... එතදවොච - ‘‘භාවෙථ නො තුම්හෙ භික්ඛවෙ, ආනාපානස්සති’’න්ති? එවං වුත්තෙ ආයස්මා අරිට්ඨො භගවන්තං එතදවොච - ‘‘අහං ඛො, භන්තෙ, භාවෙමි ආනාපානස්සති’’න්ති. ‘‘යථා
‘‘‘අත්ථෙසා, අරිට්ඨ, ආනාපානස්සති, නෙසා නත්ථී’ති වදාමි. අපි ච, අරිට්ඨ, යථා ආනාපානස්සති විත්ථාරෙන පරිපුණ්ණා හොති තං සුණාහි, සාධුකං මනසි කරොහි; භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා අරිට්ඨො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච -
‘‘කථඤ්ච, අරිට්ඨ, ආනාපානස්සති විත්ථාරෙන පරිපුණ්ණා හොති? ඉධ, අරිට්ඨ, භික්ඛු
|
982
“මහණෙනි, තෙපි අනාපාන සතිය භාවනා කරව්ද?” මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අරිට්ඨ භික්ෂු තෙමේ භාග්‍යවතුන්වහන්සේට මෙය කීය. “ස්වාමීනි, මම ආනාපාන සතිය වඩන්නෙමි” යනුයි. “අරිට්ඨ, නුඹ කෙසේ නම් ආනාපාන සතිය වඩන්නෙහිද?” “ස්වාමීනි, මාගේ අතීත කාම වස්තූන් කෙරෙහි කාමච්ඡන්දය පහවීය. මාගේ අනාගත කාම වස්තූන් කෙරෙහි කාමච්ඡන්දය පහවීය. මාගේ අධ්‍යාත්මික බාහිර ආයතනයන් කෙරෙහි ප්‍රතිඝ සඤ්ඤාව මනාකොට හික්මවන ලදී. ඒ මම සිහියෙන් යුක්තවම ආශ්වාස කරන්නෙමි. සිහියෙන් යුක්තවම ප්‍රශ්වාස කරන්නෙමි. ස්වාමීනි, මම මෙසේ ආනාපාන සතිය වඩමි” යනුයි.
“අරිට්ඨය, මෙසේවූ ආනාපාන සතියක්ද ඇත. මෙය ආනාපාන සතිය නොවේයයි නොකියමි. අරිට්ඨය එසේවුවත් යම්සේ ආනාපාන සතිය විස්තර වසයෙන් සම්පූර්ණ වේද, එය අසව, මනාකොට මෙනෙහි කරව කියන්නෙමි.
“අරිට්ඨය, කෙසේනම් ආනාපාන සතිය විස්තර වසයෙන් සම්පූර්ණවේද? අරිට්ඨය, මේ සාසනයෙහි මහණතෙමේ ආරණ්‍යයකට ගියේ හෝ ගසක්මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්‍ය්‍යංක බැඳ ශරීරය කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත්කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය. සිහියෙන්ම ප්‍රශ්වාස කරන්නේය. දීර්ඝකොට ආශ්වාස කරන්නේ හෝ දීර්ඝකොට ආශ්වාස කරන්නෙමි’ යි දන්නේය. දීර්ඝකොට ප්‍රශ්වාස කරන්නේ හෝ දීර්ඝකොට ප්‍රශ්වාස කරන්නෙමි’ යි දන්නේය. හ්‍රස්ව (ලුහුඬු) කොට ආශ්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ආශ්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්ව කොට ප්‍රස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ප්‍රශ්වාස කරන්නෙමියි දන්නේය.
“මුල මැද අග යන සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැන ගනිමියි යන අදහසින් ආශ්වාසකරන්නෙමියි හික්මෙන්නේය.
“සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි සුවය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැන ගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි සිත සතුටු කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි සිත එකඟකරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි පටිනිස්සග්ගය (හැරදැමීම) දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. අරිට්ඨය, මෙසේ වනාහි ආනාපාන සතිය විස්තර වශයෙන් සම්පූර්ණ වේයයි” වදාළේය.
|
7. මහාකප්පිනසුත්තං | 7. කප්පින සූත්‍රය |
983
සාවත්ථිනිදානං. තෙන ඛො පන සමයෙන ආයස්මා මහාකප්පිනො භගවතො අවිදූරෙ
‘‘පස්සථ
‘‘යස්ස, භික්ඛවෙ, සමාධිස්ස භාවිතත්තා බහුලීකතත්තා නෙව කායස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා, න චිත්තස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා, තස්ස සො, භික්ඛවෙ, භික්ඛු සමාධිස්ස නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී. කතමස්ස
‘‘ආනාපානස්සතිසමාධිස්ස, භික්ඛවෙ, භාවිතත්තා බහුලීකතත්තා නෙව කායස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා, න චිත්තස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා. කථං භාවිතෙ ච, භික්ඛවෙ, ආනාපානස්සතිසමාධිම්හි කථං බහුලීකතෙ නෙව කායස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා, න චිත්තස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා?
‘‘ඉධ, භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති, සතොව පස්සසති...පෙ.... ‘පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති. එවං භාවිතෙ ච ඛො, භික්ඛවෙ, ආනාපානස්සතිසමාධිම්හි එවං බහුලීකතෙ නෙව කායස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා, න චිත්තස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා’’ති. සත්තමං.
|
983
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එසමයෙහි වනාහි ආයුෂ්මත් මහා කප්පින ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට නුදුරු තන්හි පළඟ බැඳ කය ඍජුව තබාගෙන සිහිය ඉදිරිපත්කොට තබාගෙන හුන්නේ වෙයි. පළඟ බැඳගෙන කය ඍජුව තබාගෙන සිහිය ඉදිරිපත් කොට තබාගෙන නුදුරු තන්හි හුන්නාවූ ආයුෂ්මත් කප්පින තෙරුන් භාග්‍යවතුන්වහන්සේ දුටුසේක. දැක, භික්ෂූන් ඇමතූසේක.
“මහණෙනි, තෙපි මේ භික්ෂුවගේ ශරීරයෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ දකින්නහුද?”
“ස්වාමීනි, අපි යම් කලෙක්හි සංඝයා මැද හුන්නාවූ හෝ හුදෙකලාව රහසිගතව හුන්නාවූ හෝ ඒ ආයුෂ්මතුන් දකිමුද ඒ කවර කලෙක්හිදු අපි ඒ ආයුෂ්මතුන්ගේ ශරීරයෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොදකිමුයි” කීහ.
“මහණෙනි, යම් සමාධියක් වැඩූ බැවින් බහුල වසයෙන් වැඩූ බැවින් ශරීරයෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේද චිත්තයාගේ සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේ නම්, මහණෙනි ආනාපාන සති සමාධිය වැඩූ බැවින් බහුල වසයෙන් වැඩූ බැවින් ශරීරයෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේ. චිත්තයාගේ සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේද, මහණෙනි, ආනාපාන සති සමාධිය කෙසේ වැඩූ කල්හි කෙසේ බහුල වසයෙන් වැඩූ කල්හි කයෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේද? සිතෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේද?
“මහණෙනි, මේ සාසනයෙහි මහණතෙමේ ආරණ්‍යයට ගියේ හෝ ගසක් මුලට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්‍ය්‍යංක බැඳ ශරීරය කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත්කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය. සිහියෙන්ම ප්‍රශ්වාස කරන්නේය. දීර්ඝකොට ආශ්වාස කරන්නේ හෝ දීර්ඝකොට ආශ්වාස කරන්නෙමි’යි දන්නේය. දීර්ඝකොට ප්‍රශ්වාස කරන්නේ හෝ දීර්ඝකොට ප්‍රශ්වාස කරන්නෙමි’යි දන්නේය. හ්‍රස්ව (ලුහුඬු) කොට ආශ්වාස කරන්නේ හෝ හ්‍රස්වකොට ආස්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්වකොට ප්‍රස්වාස කරන්නේ හෝ හ්‍රස්වකොට ප්‍රස්වාස කරන්නෙමියි දන්නේය.
“මුල මැද අග යන සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමියි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි හික්මෙන්නේය.
“සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි ප්‍රීතිය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැන ගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි සිත එකඟ කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ප්‍රස්වාසකරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය (හැරදැමීම) දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය (හැරදැමීම) දකිමින් ප්‍රස්වාසකරන්නෙමියි හික්මෙයි.
“මහණෙනි, මෙසේ ආනාපානසති සමාධිය වැඩූ කල්හි බහුල වශයෙන් වැඩූ කල්හි ශරීරයෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේ සිතෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේයයි” වදාළේය.
|
8. පදීපොපමසුත්තං | 8. කාය ජීවිත පරියන්තික සූත්‍රය |
984
‘‘ආනාපානස්සතිසමාධි
‘‘ඉධ
‘‘අහම්පි සුදං, භික්ඛවෙ, පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධො බොධිසත්තොව සමානො ඉමිනා විහාරෙන බහුලං විහරාමි. තස්ස මය්හං, භික්ඛවෙ, ඉමිනා විහාරෙන බහුලං විහරතො නෙව කායො කිලමති න චක්ඛූනි; අනුපාදාය ච මෙ ආසවෙහි චිත්තං විමුච්චි.
‘‘තස්මාතිහ, භික්ඛවෙ, භික්ඛු චෙපි ආකඞ්ඛෙය්ය - ‘නෙව මෙ කායො කිලමෙය්ය න චක්ඛූනි, අනුපාදාය ච මෙ ආසවෙහි චිත්තං විමුච්චෙය්යා’ති, අයමෙව ආනාපානස්සතිසමාධි සාධුකං මනසි කාතබ්බො.
‘‘තස්මාතිහ, භික්ඛවෙ, භික්ඛු චෙපි ආකඞ්ඛෙය්ය - ‘යෙ මෙ ගෙහසිතා සරසඞ්කප්පා තෙ පහීයෙය්යු’න්ති, අයමෙව ආනාපානස්සතිසමාධි සාධුකං මනසි කාතබ්බො.
‘‘තස්මාතිහ, භික්ඛවෙ, භික්ඛු චෙපි ආකඞ්ඛෙය්ය - ‘අප්පටිකූලෙ පටිකූලසඤ්ඤී විහරෙය්ය’න්ති, අයමෙව ආනාපානස්සතිසමාධි සාධුකං මනසි කාතබ්බො.
‘‘තස්මාතිහ
‘‘තස්මාතිහ, භික්ඛවෙ, භික්ඛු චෙපි ආකඞ්ඛෙය්ය - ‘පටිකූලෙ ච අප්පටිකූලෙ ච පටිකූලසඤ්ඤී විහරෙය්ය’න්ති, අයමෙව ආනාපානස්සතිසමාධි සාධුකං මනසි කාතබ්බො.
‘‘තස්මාතිහ, භික්ඛවෙ, භික්ඛු චෙපි ආකඞ්ඛෙය්ය - ‘පටිකූලෙ
‘‘තස්මාතිහ, භික්ඛවෙ, භික්ඛු චෙපි ආකඞ්ඛෙය්ය - ‘අප්පටිකූලඤ්ච පටිකූලඤ්ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකො විහරෙය්යං සතො සම්පජානො’ති, අයමෙව ආනාපානස්සතිසමාධි සාධුකං මනසි කාතබ්බො.
‘‘තස්මාතිහ, භික්ඛවෙ, භික්ඛු චෙපි ආකඞ්ඛෙය්ය - ‘විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරෙය්ය’න්ති, අයමෙව ආනාපානස්සතිසමාධි සාධුකං මනසි කාතබ්බො.
‘‘තස්මාතිහ, භික්ඛවෙ, භික්ඛු චෙපි ආකඞ්ඛෙය්ය - ‘විතක්කවිචාරානං
‘‘තස්මාතිහ භික්ඛවෙ, භික්ඛු චෙපි ආකඞ්ඛෙය්ය - ‘පීතියා ච
‘‘තස්මාතිහ, භික්ඛවෙ, භික්ඛු චෙපි ආකඞ්ඛෙය්ය - ‘සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා
‘‘තස්මාතිහ, භික්ඛවෙ, භික්ඛු චෙපි ආකඞ්ඛෙය්ය - ‘සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරෙය්ය’න්ති, අයමෙව ආනාපානස්සතිසමාධි සාධුකං මනසි කාතබ්බො.
‘‘තස්මාතිහ, භික්ඛවෙ, භික්ඛු චෙපි ආකඞ්ඛෙය්ය - ‘සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති
‘‘තස්මාතිහ, භික්ඛවෙ, භික්ඛු චෙපි ආකඞ්ඛෙය්ය - ‘සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරෙය්ය’න්ති, අයමෙව ආනාපානස්සතිසමාධි සාධුකං මනසි කාතබ්බො.
‘‘තස්මාතිහ
‘‘තස්මාතිහ, භික්ඛවෙ, භික්ඛු චෙපි ආකඞ්ඛෙය්ය - ‘සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරෙය්ය’න්ති, අයමෙව ආනාපානස්සතිසමාධි සාධුකං මනසි කාතබ්බො.
‘‘එවං භාවිතෙ ඛො, භික්ඛවෙ, ආනාපානස්සතිසමාධිම්හි එවං බහුලීකතෙ, සුඛං චෙ වෙදනං වෙදයති, සා ‘අනිච්චා’ති පජානාති, ‘අනජ්ඣොසිතා’ති පජානාති, ‘අනභිනන්දිතා’ති පජානාති; දුක්ඛං චෙ වෙදනං වෙදයති, ‘සා අනිච්චා’ති පජානාති, ‘අනජ්ඣොසිතා’ති පජානාති, ‘අනභිනන්දිතා’ති
‘‘සුඛං
(සො සුඛං (සී. ස්‍යා. කං. පී.) ම. නි. 3.364 අට්ඨකථාටීකා ඔලොකෙතබ්බා) චෙ වෙදනං වෙදයති, විසංයුත්තො නං වෙදයති; දුක්ඛං චෙ වෙදනං වෙදයති, විසංයුත්තො නං වෙදයති; අදුක්ඛමසුඛං චෙ වෙදනං වෙදයති, විසංයුත්තො නං වෙදයති. සො කායපරියන්තිකං වෙදනං වෙදයමානො ‘කායපරියන්තිකං වෙදනං වෙදයාමී’ති පජානාති, ජීවිතපරියන්තිකං වෙදනං වෙදයමානො ‘ජීවිතපරියන්තිකං වෙදනං වෙදයාමී’ති පජානාති, ‘කායස්ස භෙදා උද්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ්බවෙදයිතානි අනභිනන්දිතානි සීතීභවිස්සන්තී’ති පජානාති’’.
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, තෙලඤ්ච පටිච්ච, වට්ටිඤ්ච පටිච්ච තෙලප්පදීපො
|
984
(මේ ඡේදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 1 ඡේදය මෙනි.)
“මහණෙනි, වඩන ලද්දාවූ බහුල වසයෙන් වඩන ලද්දාවූ ආනාපාන සති සමාධිය මහත්ඵල මහානිසංස ඇත්තේ වෙයි. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ බහුල වසයෙන් වඩන ලද්දාවූ ආනාපාන සති සමාධිය මහත් ඵල මහානිසංස ඇත්තේ වේද
“මහණෙනි, මේ සාසනයෙහි මහණ තෙමේ ආරණ්‍යයට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්‍ය්‍යංක බැඳ ශරීරය කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත්කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආස්වාස කරන්නේය. සිහියෙන්ම ප්‍රස්වාස කරන්නේය. දීර්ඝකොට ආස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ආස්වාස කරන්නෙමි’යි දන්නේය. දීර්ඝකොට ප්‍රස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ප්‍රස්වාස කරන්නෙමි’යි දන්නේය. හ්‍රස්ව (ලුහුඬු) කොට ආස්වාස කරන්නේ හෝ හ්‍රස්වකොට ආස්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්ව කොට ප්‍රස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ප්‍රස්වාස කරන්නෙමියි දන්නේය.
“මුල මැද අග යන සියලු ආස්වාස ප්‍රස්වාස කය දැන ගනිමියි යන අදහසින්ද ආස්වාස කරන්නෙමියි හික්මෙන්නේය.
“සියලු ආස්වාස ප්‍රස්වාස කය දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආස්වාස ප්‍රස්වාසයන් සංසිඳුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආස්වාස ප්‍රස්වාසයන් සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි, ප්‍රීතිය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය (හැරදැමීම) දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය (හැරදැමීම) දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයි.
“මහණෙනි, මමද බුදුවීමට පළමුවම බුදු නොවූයේ බොධිසත්ව වූයේ බහුල වසයෙන් මේ විහරණයෙන් වාසය කෙළෙමි. මහණෙනි, මේ විහරණයෙන් බහුල වසයෙන් වාසය කරන්නාවූ මගේ කය ක්ලාන්ත නොවීය. ඇස්ද ක්ලාන්ත නොවීය. මාගේ සිත කෙලෙසුන්ගෙන් සම්පූර්ණයෙන් මිදුනේය.
“මහණෙනි, එසේ නම් භික්ෂුවද ‘මාගේ ශරීරය ක්ලාන්ත නොවන්නේය. ඇස්ද ක්ලාන්ත නොවන්නේය. මගේ සිත කෙලෙසුන්ගෙන් සම්පූර්ණයෙන් මිදෙන්නේයයි’ කැමැති වන්නේ නම් මේ ආනාපානසති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුයි.
“මහණෙනි, එසේනම් භික්ෂුවද යම් ඒ පඤ්චකාම නිශ්රීතවූ විතර්කයෝ වෙත්ද, ඔවුන් ප්‍රහීණ කිරීමට කැමති වන්නේ නම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුයි. මහණෙනි, එහෙයින් භික්ෂුවද නොපිළිකුලෙහි පිළිකුල් හැඟීමෙන් වාසය කරමියි කැමති වේනම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුයි.
“මහණෙනි, එහෙයින් භික්ෂුවද පිළිකුලෙහි නොපිළිකුල් හැඟීමෙන් වාසය කරමියි කැමති වේනම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළයුතුයි. මහණෙනි, එහෙයින් භික්ෂුව නොපිළිකුලෙහිද පිළිකුලෙහිද පිළිකුලෙහිද පිළිකුල් හැඟීමෙන් වාසය කරමියි කැමතිවේනම් මේ ආනාපාන සති සමාධියම මනාකොට වැඩිය යුතුයි
“මහණෙනි, එහෙයින් භික්ෂුව පිළිකුලෙහිද නොපිළිකුලෙහිද නොපිළිකුල් හැඟීමෙන් වාසය කරමියි කැමති වන්නේ නම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුයි.
“මහණෙනි, එහෙයින් භික්ෂුව නොපිළිකුලද පිළිකුලද යන දෙකම මනාකොට දුරුකොට මධ්‍යස්ථව සිහියෙන් යුක්තව මනා නුවණැතිව වාසය කරමියි කැමති වන්නේනම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුයි.
“මහණෙනි, එහෙයින්ම භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීති සුවය ඇති පඨමධ්යානයට පැමිණ වාසය කරමියි කැමති වන්නේ නම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුය.
“මහණෙනි, එහෙයින් භික්ෂුව විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති සිතෙහි එකඟ බැව් ඇති විතර්කය නැති විචාරය නැති විවේකයෙන් උපන් ප්‍රීති සැපය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරමියි කැමති වන්නේ නම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුය.
“මහණෙනි, එහෙයින්ම භික්ෂුව ප්‍රීතියෙහිද නොඇලීමෙන් මධ්‍යස්ථවද වාසය කරන්නේද? සිහියෙන් යුක්තව මනා නුවණ ඇතිව වාසය කයින් විඳියිද? “මධ්‍යස්ථව සිහියෙන් යුක්තව සැපසේ වාසය කරන්නේයයි” ආර්‍ය්‍යයෝ යමක් කියත්ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරමියි කැමති වන්නේනම් මේ ආනාපානසතිසමාධියම වැඩිය යුතුයි.
“මහණෙනි, එහෙයින්ම භික්ෂුව සැපයාගේද දුක්ඛයාගේද ප්‍රහාණයෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැති කිරීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ඛා සතියෙන් පිරිසිදුවූ චතුර්ථධ්යානයට පැමිණ වාසය කරමියි කැමති වන්නේනම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුයි.
“මහණෙනි, එහෙයින්ම භික්ෂුව සියලු ආකාරයෙන් රූප සඤ්ඤාවන්ගේ ඉක්මවීමෙන් පටිඝ සඤ්ඤාවන්ගේ නැති කිරීමෙන් නානත්ත සඤ්ඤාවන් සිහි නොකිරීමෙන් ආකාශය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරමියි කැමති වන්නේනම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුයි.
“මහණෙනි, එසේම භික්ෂුව සියලු ආකාරයෙන් ආකාසානාඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරමියි කැමතිවන්නේ නම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුයි.
“මහණෙනි, එහෙයින්ම භික්ෂුව සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරමියි කැමති වන්නේ නම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුයි.
“මහණෙනි, එහෙයින්ම භික්ෂුව සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරමියි කැමති වන්නේනම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුයි.
“මහණෙනි, එහෙයින් භික්ෂුව සියලු ආකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කරමියි කැමති වන්නේ නම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුයි.
“මහණෙනි, මෙසේ ආනාපාන සති සමාධිය වැඩූ කල්හි බහුල වශයෙන් වැඩූ කල්හි ඉදින් සුඛ වේදනාවක් විඳීද, එය අනිත්‍යයයි දැනගනියි. තණ්හාවෙන් නොබැසගත යුතුයයි දැනගනියි. සතුටු නොවිය යුතුයයි දැනගනියි. ඉදින් දුක් වේදනාවක් විඳීද? එය අනිත්‍යයයි දැනගනියි. නොබැසගත යුතුයයි දැනගනියි. සතුටු නොවිය යුතුයයි දැනගනියි. දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් විඳිනු ලැබේද, එය අනිත්‍යයයි දැනගනියි. නොබැසගත යුත්තකැයි දැනගනියි. සතුටු නොවිය යුතුයයි දැනගනියි.
“ඉදින් හෙතෙම සැප වේදනාවක් විඳියිද, එය ආශාවෙන් නොබැඳී විඳියි. දුක් වේදනාවක් විඳියිද, එය ආශාවෙන් වෙන්ව විඳියි. ඉදින් දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් විඳියිද එය ආශාවෙන් වෙන්ව විඳියි.
“හෙතෙම කය කෙළවරකොට ඇති වේදනාවක් විඳින්නේ කය කෙළවරකොට ඇති වේදනාවක් විඳිමියි දැනගනියි. ජීවිතය කෙළවරකොට ඇති වේදනාවක් විඳින්නේ ජීවිතය කෙළවරකොට ඇති වේදනාවක් විඳින්නේමියි දැනගනියි. කය බිඳීමෙන් ජීවිතය කෙළවරවීමෙන් පසු මෙහිදීම නොඇලෙන්නාවූ සියලු වේදනා සන්සිඳෙන්නාහුයයි දැනගනියි.
“මහණෙනි, යම්සේ තෙල්ද තිරයද නිසා තෙල් පහන දැල්වේද, ඒ තෙල්ද තිරයද කෙළවරවීමෙන් හේතුව නැතිව නිවෙන්නේද, මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙමේ කය කෙළවරකොට ඇති වේදනා විඳින්නේ කය කෙළවර කොට ඇති වේදනා විඳින්නෙමියි දැනගනියි. ජීවිතය කෙළවරකොට ඇති වේදනා විඳින්නේ ජීවිතය කෙළවර කොට ඇති වේදනා විඳින්නෙමියි දැනගනියි. ශරීරයාගේ බිඳීමෙන් ජීවිතයාගේ කෙළවරවීමෙන් පසු මෙහිදීම නොඇලෙන්නාවූ සියලු වේදනා සංසිඳෙන්නාහුයයි දැන ගනීයයි වදාළේය.
|
9. වෙසාලීසුත්තං | 9. (වේසාලී) සත්ථා‘හරණ සූත්‍රය |
985
එවං මෙ සුතං - එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන භගවා භික්ඛූනං අනෙකපරියායෙන අසුභකථං කථෙති, අසුභාය වණ්ණං භාසති, අසුභභාවනාය වණ්ණං භාසති.
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘ඉච්ඡාමහං, භික්ඛවෙ, අඩ්ඪමාසං පටිසල්ලීයිතුං. නාම්හි කෙනචි උපසඞ්කමිතබ්බො, අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙනා’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පටිස්සුත්වා නාස්සුධ කොචි භගවන්තං උපසඞ්කමති, අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙන.
අථ
අථ
‘‘තෙනහානන්ද, යාවතිකා භික්ඛූ වෙසාලිං උපනිස්සාය විහරන්ති තෙ සබ්බෙ උපට්ඨානසාලායං සන්නිපාතෙහී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා යාවතිකා භික්ඛූ වෙසාලිං උපනිස්සාය විහරන්ති තෙ සබ්බෙ උපට්ඨානසාලායං සන්නිපාතෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච - ‘‘සන්නිපතිතො
(සන්නිපාතිතො (සී.)), භන්තෙ, භික්ඛුසඞ්ඝො. යස්ස දානි, භන්තෙ, භගවා කාලං මඤ්ඤතී’’ති.
අථ ඛො භගවා යෙන උපට්ඨානසාලා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා
‘‘සෙය්යථාපි
‘‘ඉධ, භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති, සතොව පස්සසති...පෙ.... ‘පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති. එවං භාවිතො ඛො, භික්ඛවෙ, ආනාපානස්සතිසමාධි එවං බහුලීකතො සන්තො චෙව පණීතො ච අසෙචනකො ච
|
985
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර මහවනයෙහි කූටාගාර ශාලාවෙහි වාසය කළසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට නොයෙක් ආකාරයෙන් අසුභ කථාව දේශනාකළ සේක. අසුභයෙහි ගුණ වදාළසේක. අසුභය වැඩීමෙහි ගුණ වදාළසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ඇමතූ සේක.
“මහණෙනි, මම අඩමසක් විවේකව විසීමට කැමැත්තෙමි. පිණ්ඩපාතය ගෙනෙන්න එක් භික්ෂුවක් හැර අන්කිසිවෙකු මාවෙත නොපැමිණිය යුතුයයි” වදාළේය. ඒ භික්ෂූහු එසේය, ස්වාමීනියි” භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී පිණ්ඩපාතය
ගෙන යන භික්ෂුව හැර අන් කිසිවෙක් නොඑළඹෙයි.
එකල්හි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් අසුභ කථාව දේශනා කරන සේක. අසුභයෙහි ගුණ වදාරන්නාහ. අසුභය වැඩීමෙහි ගුණ ප්‍රකාශ කරන්නාහයි නොයෙක් ආකාරයෙන් පිළිකුල්වූ අසුභ භාවනාවෙහි යෙදී වාසය කරන්නාහු වෙත්. මේ කයෙහි පිළිකුල් කරන්නාවූ කලකිරෙන්නාවූ නොකැමැත්තාවූ ඔව්හු ආයුධයෙන් ගෙල කපාගෙන මැරෙන්නාහ. එක් දිනකට දසනමක්ද කපාගනිත් විසි නමක්ද කපා ගනිත්. තිස් නමක්ද කපා ගනිත්.
එකල්හි භාග්‍යවතුන්වහන්සේ ඒ අඩමස ඇවෑමෙන් විවේකයෙන් නැඟී සිටියේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමතූසේක. “කිමෙක්ද? ආනන්දය, භික්ෂුසංඝයා තුනීවූවාක් මෙන් පෙනේ.”
“ස්වාමීනි එසේය, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට නොයෙක් ආකාරයෙන් අසුභ කථා දේශනාකළ සේක. අසුභයෙහි ගුණ වදාළසේක. අසුභය වැඩීමෙහි ගුණ වදාළ සේක. ස්වාමීනි, ඒ භික්ෂූහුද භාග්‍යවතුන්වහන්සේ වනාහි නොයෙක් ආකාරයෙන් අසුභ කථාව දේශනා කරන සේක. අසුභයෙහි ගුණ වදාරණ සේක. අසුභය වැඩීමෙහි ගුණ ප්‍රකාශ කරනසේකැයි නොයෙක් අයුරින් පිළිකුල්කළාවූ අසුභයන් වැඩීමෙහි යෙදී වාසය කරන්නාහු වෙත්. මේ කයෙහි කලකිරෙන්නාවූ පිළිකුල් කරන්නාවූ නොකැමැත්තාවූ ඒ භික්ෂූහු ආයුධයෙන් ගෙල කපාගෙන මැරෙන්නාහ. දිනකට දස නමක්ද, විසි නමක්ද, තිස් නමක්ද කපා ගනිති. භික්ෂූහු ස්වාමීනි, මේ භික්ෂු සංඝයා යම්සේ දැනීමෙහි පිහිටත්ද, භාග්‍යවතුන්වහන්සේ එවැනි ක්‍රමයක් දේශනාකරන වදාරන්නේ නම් මැනව” යනුයි.
“ආනන්දය, එසේනම් යම් පමණ භික්ෂූහු විශාලා මහනුවර ඇසුරුකොට වෙසෙත්ද, ඒ සියලු භික්ෂූහු උපස්ථාන ශාලාවට රැස්කරවයි” වදාළේය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ “එසේය, ස්වාමීනියි” භාග්‍යවතුන්වහන්සේට උත්තර දී යම් පමණ භික්ෂූහු විශාලාමහනුවර ඇසුරුකොට වෙසෙත්ද, ඒ සියලු භික්ෂූහු උපස්ථාන ශාලාවට රැස්කරවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන්වහන්සේට මෙය කීය. “ස්වාමීනි, භික්ෂු සංඝයා රැස් වූයේය. ස්වාමීනි, යමක් සඳහා භික්ෂූන් රැස්කරවීද, දැන් ඊට කාලය භාග්‍යවතුන් වහන්සේ දන්නාසේකැයි” කීය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද එතැනට වැඩිසේක. වැඩමවා පනවන ලද ආසනයෙහි වැඩහුන් සේක. වැඩහුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ඇමතූසේක.
“මහණෙනි, මේ වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ ආනාපාන සති සමාධිය ශාන්තද වෙයි. ප්‍රණීතද වෙයි. ශාන්ත වීමට පිටතින් එක්කළ යුක්තක් නැත්තේද වෙයි. සැප විහරණ ඇත්තේද වෙයි. උපනුපන් ලාමක අකුසල ධර්මයන් කරුණු අනුව අතුරුදන් කරයි. සංසිඳුවයි.
“මහණෙනි, යම්සේ ඇසල මස නැගුණු රජස් (දූලි) මහත් අකල් වැස්සක් වැස අතුරුදන් කරයිද, සංසිඳුවයිද, මහණෙනි, එපරිද්දෙන්ම වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සති සමාධිය ශාන්තද වෙයි. ප්‍රණීතද වෙයි. ශාන්තවීමට පිටතින් එක්කළ යුත්තක් නැත. සැපවිහරණ ඇත්තේදවෙයි. ලාමක අකුසල ධර්මයන් සුදුසු පරිදි අතුරුදන් කරයි, සන්සිඳවයි.
“මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වසයෙන් වඩන ලද්දාවූ ආනාපාන සති සමාධිය ශාන්ත වේද, ප්‍රණීත වේද පිටතින් එක්කළ යුත්තක් නැත්තේද සැප විහරණ ඇත්තේද උපනු‘පන් ලාමක අකුසල ධර්මයන් අතුරුදහන් කරයිද, සන්සිඳවයිද,
“මහණෙනි, මේ සාසනයෙහි මහණතෙමේ ආරණ්‍යයට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්‍ය්‍යංක බැඳ ශරීරය කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරි පත්කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආස්වාස කරන්නේය. සිහියෙන්ම ප්‍රස්වාස කරන්නේය. දීර්ඝකොට ආස්වාස කරන්නේ හෝ ‘දීර්ඝකොට ආස්වාස කරන්නෙමි’ යි දන්නේය. දීර්ඝකොට ප්‍රස්වාස කරන්නේ හෝ ‘දීර්ඝ කොට ප්‍රස්වාස කරන්නෙමි’යි දන්නේය. හ්‍රස්ව (ලුහුඬු) කොට ආස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ආස්වාස කරන්නෙමියි’ දන්නේය. හ්‍රස්ව කොට ප්‍රස්වාස කරන්නේ හෝ ‘හ්‍රස්වකොට ප්‍රස්වාස කරන්නෙමියි’ දන්නේය.
“මුල මැද අග යන සියලු ආස්වාස ප්‍රස්වාස කය දැන ගනිමියි යන අදහසින් ආස්වාස කරන්නෙමියි’ හික්මෙන්නේය.
“සියලු ආස්වාස ප්‍රස්වාස කය දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආස්වාස ප්‍රස්වාසයන් සංසිඳුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආස්වාස ප්‍රස්වාසයන් සංසිඳුවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සන්සිඳුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරයන් සන්සිඳුවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි නිරෝධය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි නිරෝධය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය (හැරදැමීම) දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය (හැරදැමීම) දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි.
“මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සති සමාධිය ශාන්තද වෙයි. ප්‍රණීතද වෙයි. පිටතින් එක්කළ යුත්තක් නැත්තේද වෙයි. සැප විහරණ ඇත්තේද වෙයි. උපනුපන් ලාමක අකුසල ධර්මයන් අතුරුදහන් කරන්නේය. සන්සිඳවන්නේයයි” වදාළේය.
|
10. කිමිලසුත්තං | 10. කිම්බිලපඤ්හ සූත්‍රය |
986
එවං මෙ සුතං - එකං සමයං භගවා කිමිලායං
(කිම්බිලායං (සී. පී.)) විහරති වෙළුවනෙ. තත්ර ඛො භගවා ආයස්මන්තං කිමිලං ආමන්තෙසි - ‘‘කථං භාවිතො නු ඛො, කිමිල, ආනාපානස්සතිසමාධි කථං බහුලීකතො මහප්ඵලො හොති මහානිසංසො’’ති?
එවං වුත්තෙ ආයස්මා කිමිලො තුණ්හී අහොසි. දුතියම්පි ඛො භගවා...පෙ.... තතියම්පි ඛො භගවා ආයස්මන්තං කිමිලං ආමන්තෙසි - ‘‘කථං භාවිතො නු ඛො, කිමිල, ආනාපානස්සතිසමාධි කථං බහුලීකතො මහප්ඵලො හොති මහානිසංසො’’ති? තතියම්පි ඛො ආයස්මා කිමිලො තුණ්හී අහොසි.
එවං
‘‘තෙනහානන්ද, සුණාහි, සාධුකං මනසි කරොහි; භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො
‘‘යස්මිං සමයෙ, ආනන්ද, භික්ඛු දීඝං වා අස්සසන්තො ‘දීඝං අස්සසාමී’ති පජානාති, දීඝං වා පස්සසන්තො ‘දීඝං පස්සසාමී’ති පජානාති; රස්සං වා අස්සසන්තො ‘රස්සං අස්සසාමී’ති පජානාති, රස්සං වා පස්සසන්තො ‘රස්සං පස්සසාමී’ති පජානාති; ‘සබ්බකායප්පටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘සබ්බකායප්පටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති; ‘පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති - කායෙ කායානුපස්සී, ආනන්ද, භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තං කිස්ස හෙතු? කායඤ්ඤතරාහං, ආනන්ද, එතං වදාමි යදිදං - අස්සාසපස්සාසං. තස්මාතිහානන්ද, කායෙ කායානුපස්සී භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
‘‘යස්මිං සමයෙ, ආනන්ද, භික්ඛු ‘පීතිප්පටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පීතිප්පටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති; ‘සුඛප්පටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘සුඛප්පටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති; ‘චිත්තසඞ්ඛාරප්පටිසංවෙදී
‘‘යස්මිං
‘‘යස්මිං සමයෙ, ආනන්ද, භික්ඛු ‘අනිච්චානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති...පෙ.... විරාගානුපස්සී...පෙ.... නිරොධානුපස්සී...පෙ.... ‘පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති - ධම්මෙසු
‘‘සෙය්යථාපි
|
986
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කිම්බිල නගරයෙහිවූ වෙළුවනයෙහි වාසය කළසේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන්ට කථා කළසේක.
“කිම්බිලය, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ, ආනාපාන සති සමාධියෙන් මහත්ඵල මහා‘නිසංස ඇත්තේ වේද?” යනුවෙනි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් කිම්බිල ස්ථවිරතෙමේ නිහඬ විය. භාග්‍යවතුන් වහන්සේ දෙවනුවත් ආයුෂ්මත් කිම්බිල තෙරුන් ඇමතූසේක.
“කිම්බිලය, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වශයෙන් වඩනලද්දාවූ ආනාපාන සති සමාධියෙන් මහත්ඵල මහානිසංස ඇත්තේ වේද?” යනුවෙනි. දෙවනුවත් ආයුෂ්මත් කිම්බිල තෙරුන් නිහඬවිය.
“භාග්‍යවතුන්වහන්සේ තුන්වෙනුවත් ආයුෂ්මත් කිම්බිල තෙරුන්ට ඇමතූසේක. “කිම්බිලය, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සති සමාධිය මහත්ඵල මහානිසංස ඇත්තේවේද?” කියායි. ආයුෂ්මත් කිම්බිල ස්ථවිරතෙමේ තුන්වෙනුවත් නිහඬ විය.
මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ මෙය කීය “භාග්‍යවතුන් වහන්සේ ආනාපාන සති සමාධිය දේශනා කරන්නේ නම්, භාග්‍යවතුන් වහන්ස, මේ ඊට කාලයයි. සුගතයන් වහන්ස මේ ඊට කාලයයි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරාගනිත්.”
“ආනන්දය, එසේනම් අසව, මනාකොට මෙනෙහි කරව, දේශනා කරන්නෙමියි” වදාළේය.
ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ “එසේය ස්වාමීනියි,’ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“ආනන්දය, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සති සමාධිය මහත් ඵල මහානිසංස ඇත්තේ වේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙමේ ආරණ්‍යයට ගියේ හෝ ගසක්මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්‍ය්‍යංක බැඳ ශරීරය කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත්කොට තබා ගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය. සිහියෙන්ම ප්‍රශ්වාස කරන්නේය. දීර්ඝකොට ආශ්වාස කරන්නේ හෝ දීර්ඝ කොට ආශ්වාස කරන්නෙමි’යි දන්නේය. දීර්ඝකොට ප්‍රශ්වාස කරන්නේ හෝ දීර්ඝකොට ප්‍රශ්වාස කරන්නෙමි’යි දන්නේය. හ්‍රස්ව (ලුහුඬු) කොට ආශ්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ආශ්වාස කරන්නෙමි’යි දන්නේය. හ්‍රස්වකොට ප්‍රශ්වාස කරන්නේ හෝ හ්‍රස්වකොට ප්‍රශ්වාස කරන්නෙමි’යි දන්නේය.
“මුල මැද අග යන සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමියි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආශ්වාසප්‍රශ්වාසයන් සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි සුවය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටුකරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟකරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ප්‍රශ්වාස කරමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය (හැරදැමීම) දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය (හැරදැමීම) දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ආනන්දය, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයි.
“ආනන්දය, යම් කලෙක මහණතෙමේ දීර්ඝව ආස්වාස කරන්නේ හෝ දීර්ඝව ආස්වාස කරන්නෙමියි දැනගනීද, දීර්ඝව ප්‍රස්වාස කරන්නේ හෝ දීර්ඝව ප්‍රස්වාස කරන්නෙමියි දැන ගනීද, කෙටිව ආස්වාස කරන්නේ හෝ කෙටිව ආස්වාස කරන්නෙමියි දැනගනියිද කෙටිව ප්‍රස්වාස කරන්නේ හෝ කෙටිව ප්‍රස්වාස කරන්නෙමියි දැනගනියිද, සියලු ආස්වාස කය දැනගනිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, සියලු ප්‍රශ්වාස කය දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද, කාය සංස්කාරය සංසිඳුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, කාය සංස්කාරය සංසිඳුවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද, ආනන්දය, එකල්හි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභය හා ද්වේෂය හික්මවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයි. එයට හේතුව කවරේද? ආනන්දය, යම් මේ ආස්වාස ප්රස්වාසයක් වේද, එය මම කයින් එක්තරා දෙයකැයි කියමි. ආනන්දය, එසේ හෙයින් මහණතෙමේ එකල්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණින් යුක්තවූ සිහි ඇතිව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයි.
“ආනන්දය, යම්කෙලක මහණතෙමේ ධ්‍යාන ප්‍රීතිය දැනගනිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, ධ්‍යාන ප්‍රීතිය දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද, සැපය දැන ගනිමින් ආස්වාසකරන්නෙමියි හික්මෙයිද, සැපය දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද, චිත්ත සංස්කාරයන් දැන ගනිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, චිත්ත සංස්කාරයන් දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද, චිත්ත සංස්කාරයන් සංසිඳුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, චිත්ත සංස්කාරයන් සංසිඳුවමින් ප්‍රස්වාසකරන්නෙමියි හික්මෙයිද, ආනන්දය එකල්හි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරයි. එයට හේතුව කවරේද? ආනන්දය යම් මේ ආස්වාස ප්රස්වාසයන්ගේ යහපත්ව මෙනෙහි කිරීමක් වේද? එය මම වේදනා අතුරෙන් එක්තරා වේදනාවක්යයි කියමි. ආනන්දය එසේ හෙයින් මහණ තෙමේ එකල්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කෙරෙයි.”
“ආනන්දය, යම් කලක මහණතෙමේ ධ්‍යාන සිත් දැනගනිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, ධ්‍යාන සිත දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද, සිත සතුටු කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයිද, සිත සතුටු කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයිද, සිත එකඟ කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, සිත එකඟ කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයිද, සිත කෙලෙසුන්ගෙන් මුදවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, සිත කෙලෙසුන්ගෙන් මුදවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද, ආනන්දය, එකල්හි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට චිත්තයෙහි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරයි. එයට හේතුව කවරේද?
“ආනන්දය මම මුළාවූ සිහිය ඇත්තහුට නුවණ නැත්තහුට ආනාපාන සති සමාධි නොකියමි. ආනන්දය එසේ හෙයින් මහණතෙමේ එකල්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරයි.
“ආනන්දය, යම් කලෙක මහණතෙමේ අනිත්‍යය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයිද, අනිත්‍යය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද, විරාගය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, විරාගය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද, නිරෝධය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, නිරෝධය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද, පටිනිස්සග්ගය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, පටිනිස්සග්ගය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද, ආනන්දය ඒ කාලයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරයි. හෙතෙම යම් ඒ ලෝභ ද්වේෂයන්ගේ පහකිරීමක් වේද, එය නුවණින් දැක මනාකොට මැදහත් වන්නේ වෙයි. ආනන්දය එසේ හෙයින් මහණතෙමේ එකල්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරයි.
“ආනන්දය, යම්සේ සතරමං සන්ධියක මහා පස් ගොඩක් වේද පෙරදිගින් ගැලක් හෝ රියක් එන්නේද, එයිනුදු ඒ පස්ගොඩ තැලෙන්නේමය. බස්නාහිරින් ගැලක් හෝ රියක් එන්නේද, එයිනුදු ඒ පස්ගොඩ තැලෙන්නේමය. උතුරු දිගින් ගැලක් හෝ රියක් එන්නේද එයිනුදු ඒ පස්ගොඩ තැලෙන්නේමය. දකුණු දිසාවෙන්ද ගැලක් හෝ රියක් එන්නේද, එයිනුදු ඒ පස්ගොඩ තැලෙන්නේය. ආනන්දය එපරිද්දෙන්ම මහණතෙමේ කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරන්නේද, ලාමක අකුසල ධර්මයන් නසන්නේමය. මහණතෙමේ වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරන්නේද, ලාමක අකුසල ධර්මයන් නසන්නේමය. මහණතෙමේ සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරන්නේද, ලාමක අකුසල ධර්මයන් නසන්නේමය. මහණ තෙමේ ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරන්නේද, ලාමක අකුසල ධර්මයන් නසන්නේමය.
|
2. දුතියවග්ගො | 2. දුතිය ඒක ධමම වර්ගය |
1. ඉච්ඡානඞ්ගලසුත්තං | 1. ඉච්ඡානංගල සූත්‍රය |
987
එකං
අථ
‘‘යඤ්හි
‘‘යඤ්හි තං, භික්ඛවෙ, සම්මා වදමානො වදෙය්ය - ‘අරියවිහාරො’ ඉතිපි, ‘බ්රහ්මවිහාරො’ ඉතිපි, ‘තථාගතවිහාරො’ ඉතිපි. ආනාපානස්සතිසමාධිං සම්මා වදමානො වදෙය්ය - ‘අරියවිහාරො’ ඉතිපි, ‘බ්රහ්මවිහාරො’ ඉතිපි, ‘තථාගතවිහාරො’ ඉතිපී’’ති. පඨමං.
|
987
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානංගල ජනපදයෙහි ඉච්ඡානංගල වනලැහැබෙහි වැඩසිටිසේක එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට අමතා මෙසේ වදාළසේක. “මහණෙනි මම විවේකව සිටීමට කැමැත්තෙමි. පිණ්ඩපාතය ගෙනෙන්නාවූ එක් භික්ෂුවක් හැර කිසිවකු මා වෙත නොපැමිණිය යුතුයි.”
“එසේය ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී පිණ්ඩපාතය ගෙනයන එක් භික්ෂුවක් හැර භාග්‍යවතුන් වහන්සේ වෙත කිසිවෙක් නොඑළඹියේය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ තෙමස ඉක්මීමෙන් විවේකයෙන් නැගී සිටිසේක් භික්ෂූන්ට කථාකොට මෙසේ වදාළේය.
“ඉදින් මහණෙනි, නුඹලාගෙන් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ වස් කාලය තුළ කවර විහරණයකින් බහුලව විසුවේදැයි මෙසේ අසන්නාහු නම් මහණෙනි, මෙසේ විචාරණ ලද්දාවූ තෙපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ කියව්. ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ වනාහි වස්කාලය තුළ බහුලව අනාපාන සති සමාධියෙන් විසූ සේක’ කියායි.
“මහණෙනි, මම මෙහිදී සිහියෙන් යුක්තව ආශ්වාස කරමි. සිහියෙන් යුක්තව ප්‍රශ්වාස කරමි. දීර්ඝව ආශ්වාස කරන්නේ හෝ දීර්ඝව ආශ්වාස කරමියි දැනගනිමි. දීර්ඝව ප්‍රස්වාස කරන්නේ හෝ දීර්ඝව ප්‍රස්වාස කරමියි දැනගනිමි මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ආරණ්‍යයට ගියේ හෝ ගහක් මුලට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්ය්යංකබැඳ ශරීරය කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත්කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආස්වාස කරන්නේය. සිහියෙන්ම ප්‍රශ්වාස කරන්නේය. දීර්ඝ කොට ආස්වාසකරන්නේ හෝ දීර්ඝකොට ආස්වාස කරන්නෙමියි දන්නේය. දීර්ඝකොට ප්‍රස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ප්‍රස්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්ව (ලුහුඬු) කොට ආස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ආස්වාස කරන්නෙමියි දන්නේය හ්‍රස්ව කොට ප්‍රස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ප්‍රස්වාස කරන්නෙමියි දන්නේය.
“මුල මැද අග යන සියලු ආස්වාස ප්‍රස්වාස කය දැනගනිමියි යන අදහසින් ආස්වාස කරන්නෙමියි හික්මෙන්නේය. සියලු ආස්වාස ප්‍රස්වාස කය දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආස්වාස ප්‍රස්වාසයන් සංසිඳුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආස්වාස ප්‍රස්වාසයන් සංසිඳුවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැන ගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි.
“මහණෙනි, යම් විහරණයකට ආර්‍ය්‍ය විහාරය කියාද, බ්‍රහ්ම විහාරය කියාද, තථාගත විහාරය කියාද, මනාව කියන්නේ නම් ආනාපාන සති සමාධියට ආර්‍ය්‍ය විහාරයයිද බ්‍රහ්ම විහාරයයිද තථාගත විහාරයයිද කියයුතු වන්නේය.
“මහණෙනි, යම් ඒ රහත්බවට නොපැමිණියාවූ, ශෛක්ෂ භික්ෂූහු නිරුත්තරවූ නිර්වාණය ප්‍රාර්ථනා කරමින් වාසය කරත්ද, වඩනලද්දාවූ බහුල වසයෙන් වඩනලද්දාවූ ආනාපානාසතිසමාධිය ඔවුන්ගේ ආශ්‍රවයන් ක්ෂයවීම පිණිස පවත්නේය.
“මහණෙනි, යම් ඒ අර්හත්වූ ක්ෂයකළ ආශ්‍රවයන් ඇති බඹසර වැස නිමවූ කරනලද කටයුතු ඇති බහා තැබූ කෙලෙස් බර ඇති තමාගේ අර්ථයට පැමිණියාවූ සියලු සසර බැඳුම් ඇති මනාකොට දැන මිදුනාවූ භික්ෂූහු වෙත්ද, වඩන ලද්දාවූ බහුල වසයෙන් වඩන ලද්දාවූ ආනාපානසතිසමාධිය ඔවුන්ට මේ අත්බැව්හිම සැප විහරණය පිණිසද සිහි නුවණ දෙක පිණිසද පවත්නේය.
“මහණෙනි, යමකට ආර්ය්යවිහාරයයයිද බ්රහ්මවිහාරයයයිද තථාගතවිහාරයයයිද මනාව කියන්නේ නම් ආනාපානසති සමාධියටම ආර්ය්යවිහාරයයයිද බ්රහ්මවිහාරයයයිද තථාගත විහාරයයයිද මනාව කියයුතු වන්නේය.”
|
2. කඞ්ඛෙය්යසුත්තං | 2. ලොමසවඩ්ගීස සූත්‍රය |
988
එකං
‘‘න ඛො, ආවුසො මහානාම, ස්වෙව සෙඛො විහාරො, සො තථාගතවිහාරො. අඤ්ඤො ඛො, ආවුසො මහානාම, සෙඛො විහාරො, අඤ්ඤො තථාගතවිහාරො. යෙ තෙ, ආවුසො මහානාම, භික්ඛූ සෙඛා අප්පත්තමානසා අනුත්තරං යොගක්ඛෙමං පත්ථයමානා විහරන්ති, තෙ පඤ්ච නීවරණෙ පහාය විහරන්ති. කතමෙ පඤ්ච? කාමච්ඡන්දනීවරණං පහාය විහරන්ති, බ්යාපාදනීවරණං...පෙ.... ථිනමිද්ධනීවරණං...පෙ.... උද්ධච්චකුක්කුච්චනීවරණං...පෙ.... විචිකිච්ඡානීවරණං පහාය විහරන්ති.
‘‘යෙපි
‘‘යෙ ච ඛො තෙ, ආවුසො මහානාම, භික්ඛූ අරහන්තො ඛීණාසවා වුසිතවන්තො කතකරණීයා ඔහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසංයොජනා සම්මදඤ්ඤා විමුත්තා, තෙසං පඤ්ච නීවරණා පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා
(අනභාවකතා (සී. පී.)) ආයතිං අනුප්පාදධම්මා. කතමෙ පඤ්ච? කාමච්ඡන්දනීවරණං පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවංකතං ආයතිං අනුප්පාදධම්මං; බ්යාපාදනීවරණං පහීනං...පෙ.... ථිනමිද්ධනීවරණං...පෙ.... උද්ධච්චකුක්කුච්චනීවරණං...පෙ.... විචිකිච්ඡානීවරණං පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවංකතං ආයතිං
‘‘යෙ තෙ, ආවුසො මහානාම, භික්ඛූ අරහන්තො ඛීණාසවා වුසිතවන්තො
‘‘එකමිදං, ආවුසො මහානාම, සමයං භගවා ඉච්ඡානඞ්ගලෙ විහරති ඉච්ඡානඞ්ගලවනසණ්ඩෙ. තත්ර ඛො, ආවුසො මහානාම, භගවා භික්ඛූ ආමන්තෙසි - ‘ඉච්ඡාමහං, භික්ඛවෙ, තෙමාසං පටිසල්ලීයිතුං. නාම්හි කෙනචි උපසඞ්කමිතබ්බො, අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙනා’ති. ‘එවං, භන්තෙ’ති ඛො, ආවුසො මහානාම, තෙ භික්ඛූ භගවතො පටිස්සුත්වා නාස්සුධ කොචි භගවන්තං උපසඞ්කමති, අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙන.
‘‘අථ ඛො, ආවුසො, භගවා තස්ස තෙමාසස්ස අච්චයෙන පටිසල්ලානා වුට්ඨිතො භික්ඛූ ආමන්තෙසි - ‘සචෙ ඛො, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං - කතමෙනාවුසො, විහාරෙන සමණො ගොතමො වස්සාවාසං බහුලං විහාසීති, එවං පුට්ඨා තුම්හෙ, භික්ඛවෙ, තෙසං
‘‘යඤ්හි තං, භික්ඛවෙ, සම්මා වදමානො වදෙය්ය - අරියවිහාරො ඉතිපි, බ්රහ්මවිහාරො ඉතිපි, තථාගතවිහාරො ඉතිපි. ආනාපානස්සතිසමාධිං සම්මා වදමානො වදෙය්ය - අරියවිහාරො ඉතිපි, බ්රහ්මවිහාරො ඉතිපි, තථාගතවිහාරො ඉතිපි.
‘‘යෙ තෙ, භික්ඛවෙ, භික්ඛූ සෙඛා අප්පත්තමානසා අනුත්තරං යොගක්ඛෙමං පත්ථයමානා විහරන්ති, තෙසං ආනාපානස්සතිසමාධි භාවිතො බහුලීකතො ආසවානං ඛයාය සංවත්තති.
‘‘යෙ ච ඛො තෙ, භික්ඛවෙ, භික්ඛූ අරහන්තො ඛීණාසවා වුසිතවන්තො කතකරණීයා ඔහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසංයොජනා සම්මදඤ්ඤා විමුත්තා, තෙසං ආනාපානස්සතිසමාධි භාවිතො බහුලීකතො දිට්ඨෙව ධම්මෙ සුඛවිහාරාය චෙව සංවත්තති සතිසම්පජඤ්ඤාය ච.
‘‘යඤ්හි තං, භික්ඛවෙ, සම්මා වදමානො වදෙය්ය - අරියවිහාරො ඉතිපි, බ්රහ්මවිහාරො ඉතිපි, තථාගතවිහාරො ඉතිපි. ආනාපානස්සතිසමාධිං සම්මා වදමානො වදෙය්ය - අරියවිහාරො ඉතිපි, බ්රහ්මවිහාරො ඉතිපි, තථාගතවිහාරො ඉතිපී’’ති. ‘‘ඉමිනා ඛො එතං, ආවුසො මහානාම, පරියායෙන වෙදිතබ්බං, යථා - අඤ්ඤොව සෙඛො විහාරො, අඤ්ඤො තථාගතවිහාරො’’ති. දුතියං.
|
988
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ලෝමසවංගීස ස්ථවිරතෙමේ ශාක්‍යරට කිඹුල්වත් පුරයෙහි නිග්‍රොධාරාමයෙහි වාසය කරනසේක. එකල්හි මහානාම සාක්යතෙමේ ආයුෂ්මත් ලොමසවංගීස ස්ථවිරයන් යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ලෝමසවංගීස ස්ථවිරයන්ට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ මහානාම සාක්යතෙමේ ආයුෂ්මත් ලෝමසවංගීස තෙරුන්ට මෙය කීය.
“ස්වාමීනි, සෙඛ විහරණය, තථාගත විහරණය යනු එකක්මද, නොහොත් සෙඛ විහරණය අනිකක්මද? තථාගත විහරණය අනිකක්ද?” “ඇවැත් මහානාමය, ඒ සෙඛ විහරණය ඒ තථාගත විහරණය නොවන්නේමය. ඇවැත් මහානාමය සෙඛ විහරණය අනිකකි. තථාගත විහරණය අනිකකි. ඇවැත් මහානාමය, යම් මේ රහත් නොවූ ශෛක්ෂ භික්ෂූහු නිරුත්තරවූ නිර්වාණය ප්‍රාර්ථනා කරන්නාහු වෙසෙත්ද ඔවුහු පඤ්චනීවරණයන් පහකරමින් වාසය කරත්.
‘කවර නම් පසෙක්ද? කාමච්ඡන්ද නීවරණය පහකොට වෙසෙත්.
ව්‍යාපාද නීවරණය පහකොට වෙසෙත්. ථීනමිද්ධ නීවරණය පහකොට වෙසෙත්. උද්ධච්චකුක්කුච්ච නීවරණය පහකොට වෙසෙත්. විචිකිච්ඡා නීවරණය පහකොට වෙසෙත් ඇවැත් මහානාමය, යම් ඒ රහත් නොවූ ශෛක්ෂ භික්ෂූහුද, අනුත්තරවූ නිර්වාණය ප්‍රාර්ථනා කරමින් වාසය කරත්ද, ඔවුහු මේ පඤ්ච නීවරණයන් පහකරමින් වාසය කරත්.
“ඇවැත් මහානාමය, අර්හත්වූ ක්ෂය කල ආශ්‍රවයන් ඇති බඹසර වැස නිමවූ කරන ලද කටයුතු ඇති, බහා තැබූ කෙලෙස් බර ඇති තමාගේ අර්ථයට පැමිණියාවූ නැති කල සසර බැඳුම් ඇති, මනාකොට දැන මිදුනාවූ යම් ඒ භික්ෂූහු වෙත්ද ඔවුන්ගේ පඤ්ච නීවරණයෝ පහවූහ. සිඳින ලද මුල් ඇත්තාහ. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහ. විනාශ කරන ලදහ. නැවත නූපදින බවට පත්කරන ලදහ.
කවර පසෙක්ද? කාමච්ඡන්ද නීවරණය පහවිය. සිඳලු මුල් ඇත්තේය. සිඳිනලද තල් ගසක්මෙන් කරන ලදී. විනාශ කරන ලදී. නැවත නූපදින බවට පත්කරන ලදී.
“ව්‍යාපාද නීවරණය පහවිය. සිඳලු මුල් ඇත්තේය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලදී. විනාශ කරන ලදී. නැවත නූපදින බවට පත් කරන ලදී.
“ථීනමිද්ධ නීවරණය පහවිය. සිඳලු මුල් ඇත්තේය. සිඳින ලද තල්ගසක් මෙන් කරන ලදී. විනාශ කරන ලදී. නැවත නූපදින බවට පත් කරන ලදී.
“උද්ධච්චකුක්කුච්ච නීවරණය පහවිය. සිඳලු මුල් ඇත්තේය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලදී. විනාශ කරන ලදී නැවත නූපදින බවට පත්කරන ලදී.
“විචිකිච්ඡා නීවරණය පහවිය. සිඳන ලද මුල් ඇත්තේය. සිඳලු තල් ගසක් මෙන් කරන ලදී. විනාශ කරන ලදී. නැවත නූපදින බවට පත් කරන ලදී.
“ඇවැත් මහානාමය, යම් මේ භික්ෂූහු නැති කල ආශ්‍රවයන් ඇත්තාවූ බඹසර වැස නිමවූ කරන ලද කටයුතු ඇත්තාවූ බහා තැබූ කෙලෙස් බර ඇත්තාවූ තමාගේ අර්ථයට පැමිණියාවූ නැති කල භව බැඳුම් ඇත්තාවූ මනාකොට දැන මිදුණාවූ රහත්හු වෙත්ද, ඔවුන්ගේ මේ පඤ්චනීවරණයෝ ප්රහීණවූවාහුය. සිඳලු මුල් ඇත්තාහුය. සිඳිනලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලදහ. නැවත නූපදින ස්වභාවයට පමුණුවන ලදහ. ඇවැත් මහානාමය යම්සේ අනික් විහරණයක් සෙඛ විහරණය වන්නේද අනික් විහරණයක් තථාගත විහරණය වන්නේද එය මේ අකාරයෙන් දත යුතුය.
“ඇවැත් මහානාමය, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානංගල ජනපදයෙහි ඉච්ඡානංගල වන ලැහැබෙහි වාසය කළසේක. ඇවැත්නි, එහිදී වනාහි භාග්‍යවතුන්වහන්සේ භික්ෂූන්ට අමතා මෙසේ වදාළසේක.
“මහණෙනි, මම තෙමසක් විවේකව විසීමට කැමැත්තෙමි. පිණ්ඩපාතය ගෙනෙන එක් භික්ෂුවක් හැර කිසිවෙක් නොඑළඹිය යුතුය යනුයි, ඇවැත්නි, ඒ භික්ෂූහු ‘එසේය ස්වාමීනියි’ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී එක් පිණ්ඩපාතය ගෙන යන එක් භික්ෂුවක් හැර කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත නොඑළඹියේය.
“ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ තුන් මාසය ඇවෑමෙන් විවේකයෙන් නැඟී සිටිසේක් භික්ෂූන් ඇමතූසේක ‘මහණෙනි, ඉදින් අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ තොපගෙන් මෙසේ අසන්නාහු වෙත්ද, ‘ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙම කිනම් විහරණයකින් බහුලව වස්විසුවේද?’ කියායි. මහණෙනි, මෙසේ විචාරණ ලද්දාවූ තොපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්හට මෙසේ ප්‍රකාශ කරව්. (කියව්). ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ආනාපාන සති සමාධියෙන් බහුලව වස්විසූසේක.’ කියායි.
“මහණෙනි, මම මෙහිදී සිහියෙන් ආශ්වාස කරමි. සිහියෙන් ප්‍රස්වාස කරමි. දීර්ඝව හෝ ආස්වාස කරන්නේ දීර්ඝව ආස්වාස කරන්නෙමියි දනිමි. දීර්ඝව හෝ ප්‍රස්වාස කරන්නේ දීර්ඝව ප්‍රස්වාස කරන්නෙමියි දනිමි. හ්‍රස්ව (ලුහුඬු) කොට ආශ්වාස කරන්නේ හෝ හ්‍රස්වකොට ආශ්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්වකොට ප්‍රස්වාස කරන්නේ හෝ භ්රස්වකොට ප්‍රශ්වාස කරන්නෙමියි දන්නේය.
“මුල මැද අග යන සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමියි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි හික්මෙන්නේය.
“සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ආශ්වාසකරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟකරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි පටිනිස්සග්ගය (හැරදැමීම) දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි.
“මහණෙනි, යම් ඒ දෙයක් වනාහි මනාකොට කියනු ලබන්නේ ආර්‍ය්‍ය විහාරයයි කියාත්, බ්‍රහ්ම විහාරයයි කියාත්, තථාගත විහාරයයි කියාත් කියන්නේවේද. ආනාපාන සති සමාධිය වනාහි මනාකොට කියනු ලබන්නේ ආර්‍ය්‍ය විහාරයයි කියාත්, බ්‍රහ්ම විහාරයයි කියාත්, තථාගත විහාරයයි කියාත් කියන්නේ වෙයි
“මහණෙනි, යම් ඒ භික්ෂූහු හික්මෙන්නාහු, නොපැමිණි රහත් බැව් ඇත්තාහු, අති උතුම්වූ නිර්වාණය ප්‍රාර්ථනා කරන්නාහු වාසය කෙරෙද්ද, වඩන ලද්දාවූ, පුරුදු කරන ලද්දාවූ ඒ භික්ෂූන්ගේ ආනාපාන සති සමාධි භාවනාව ආශ්‍රවයන් ක්ෂයකිරීම පිණිස පවතියි.
“මහණෙනි, අර්හත්වූ ආශ්‍රවයන් ක්ෂය කළාවූ බ්‍රහ්ම චරියාවෙහි හැසිර නිමවන ලද්දාවූ කොට අවසන් කරන ලද කටයුතු ඇත්තාවූ බහා තබන ලද බර ඇත්තාවූ, නිවනට පැමිණෙන ලද්දාවූ, ක්ෂය කරන ලද භව බැඳුම් ඇත්තාවූ මනාකොට දැන මිදුනාවූ යම් ඒ භික්ෂූහු වෙත්ද, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ, ඒ භික්ෂූන්ගේ ආනාපාන සති සමාධි භාවනාව වනාහි මේ ආත්මයේදීම සුඛ විහාරණය පිණිසද සතිසම්පජඤ්ඤය පිණිසද පවතියි.
“මහණෙනි, යම් ඒ දෙයක් වනාහි මනාකොට කියනු ලබන්නේ ආර්‍ය්‍ය විහාරයයි කියාත්, බ්‍රහ්ම විහාරයයි කියාත්, තථාගත විහාරයයි කියාත් කියන්නේ වේද, ආනාපාන සති සමාධිය වනාහි මනාකොට කියනු ලබන්නේ ආර්‍ය්‍ය විහාරයයි කියාත් බ්‍රහ්ම විහාරයයි කියාත්, තථාගත විහාරයයි කියාත් කියන්නේ වෙයි. ඇවැත් මහානාමය, මේ ක්‍රමයෙන් වනාහි ‘සෙඛ’ විහාරය අනිකකි. තථාගත විහාරය අනිකකියි කියා දත යුත්තේය.”
|
3. පඨමආනන්දසුත්තං | 3. පඨම ආනන්ද එකධම්ම සූත්‍රය |
989
සාවත්ථිනිදානං. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි
‘‘අත්ථි ඛො, ආනන්ද, එකධම්මො භාවිතො බහුලීකතො චත්තාරො ධම්මෙ පරිපූරෙති, චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා සත්ත ධම්මෙ පරිපූරෙන්ති, සත්ත ධම්මා භාවිතා බහුලීකතා ද්වෙ ධම්මෙ පරිපූරෙන්තී’’ති.
‘‘කතමො පන, භන්තෙ, එකධම්මො
(එකො ධම්මො (සී.)) භාවිතො බහුලීකතො චත්තාරො ධම්මෙ පරිපූරෙති, චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා සත්ත ධම්මෙ පරිපූරෙන්ති, සත්ත ධම්මා භාවිතා බහුලීකතා ද්වෙ ධම්මෙ පරිපූරෙන්තී’’ති? ‘‘ආනාපානස්සතිසමාධි ඛො, ආනන්ද, එකධම්මො භාවිතො බහුලීකතො චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙති, චත්තාරො සතිපට්ඨානා භාවිතා බහුලීකතා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති, සත්ත බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්ති’’.
‘‘කථං භාවිතො, ආනන්ද, ආනාපානස්සතිසමාධි කථං බහුලීකතො චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙති? ඉධානන්ද, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති, සතොව පස්සසති. දීඝං වා අස්සසන්තො ‘දීඝං අස්සසාමී’ති
‘‘යස්මිං
‘‘යස්මිං සමයෙ, ආනන්ද, භික්ඛු ‘චිත්තප්පටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘චිත්තප්පටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති; අභිප්පමොදයං චිත්තං...පෙ.... සමාදහං චිත්තං...පෙ.... ‘විමොචයං චිත්තං අස්සසිස්සාමී’ති සික්ඛති, ‘විමොචයං චිත්තං පස්සසිස්සාමී’ති සික්ඛති - චිත්තෙ චිත්තානුපස්සී, ආනන්ද, භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තං කිස්ස හෙතු? නාහං, ආනන්ද, මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස ආනාපානස්සතිසමාධිභාවනං වදාමි. තස්මාතිහානන්ද, චිත්තෙ චිත්තානුපස්සී භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
‘‘යස්මිං සමයෙ, ආනන්ද, භික්ඛු අනිච්චානුපස්සී...පෙ.... විරාගානුපස්සී...පෙ.... නිරොධානුපස්සී...පෙ.... ‘පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති - ධම්මෙසු ධම්මානුපස්සී, ආනන්ද, භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. සො යං තං හොති අභිජ්ඣාදොමනස්සානං පහානං තං පඤ්ඤාය දිස්වා සාධුකං අජ්ඣුපෙක්ඛිතා
‘‘එවං භාවිතො ඛො, ආනන්ද, ආනාපානස්සතිසමාධි එවං බහුලීකතො චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙති.
‘‘කථං
‘‘සො තථා සතො විහරන්තො තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමංසමාපජ්ජති. යස්මිං සමයෙ, ආනන්ද, භික්ඛු තථා සතො විහරන්තො තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමංසමාපජ්ජති - ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
‘‘තස්ස තං ධම්මං පඤ්ඤාය පවිචිනතො පවිචරතො පරිවීමංසමාපජ්ජතො ආරද්ධං හොති වීරියං අසල්ලීනං. යස්මිං සමයෙ, ආනන්ද, භික්ඛුනො තං ධම්මං පඤ්ඤාය පවිචිනතො පවිචරතො පරිවීමංසමාපජ්ජතො ආරද්ධං
‘‘ආරද්ධවීරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා. යස්මිං සමයෙ, ආනන්ද, භික්ඛුනො ආරද්ධවීරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා - පීතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති, පීතිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති, පීතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
‘‘පීතිමනස්ස කායොපි පස්සම්භති, චිත්තම්පි පස්සම්භති. යස්මිං සමයෙ, ආනන්ද, භික්ඛුනො පීතිමනස්ස කායොපි පස්සම්භති, චිත්තම්පි පස්සම්භති - පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
‘‘පස්සද්ධකායස්ස
‘‘සො තථාසමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති. යස්මිං සමයෙ, ආනන්ද, භික්ඛු තථාසමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති - උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති
‘‘යස්මිං සමයෙ, ආනන්ද, භික්ඛු වෙදනාසු...පෙ.... චිත්තෙ...පෙ.... ධම්මෙසු ධම්මානුපස්සී විහරති - උපට්ඨිතාස්ස තස්මිං සමයෙ භික්ඛුනො සති හොති අසම්මුට්ඨා. යස්මිං
‘‘සො තථාසමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති. යස්මිං සමයෙ, ආනන්ද, භික්ඛු තථාසමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති - උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති. එවං භාවිතා ඛො, ආනන්ද, චත්තාරො සතිපට්ඨානා එවං බහුලීකතා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති.
‘‘කථං භාවිතා, ආනන්ද, සත්ත බොජ්ඣඞ්ගා කථං බහුලීකතා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්ති? ඉධානන්ද, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙති
|
989
[1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පැත්තක උන්හ. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
[2] “ස්වාමීනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ එක් ධර්මයක් ධර්ම සතරක් සම්පූර්ණ කෙරේද? වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ ධර්ම සතරක්, ධර්ම සතක් සම්පූර්ණ කෙරෙත්ද? වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ ධර්ම සතක්, ධර්ම දෙකක් සම්පූර්ණකෙරෙත්ද (එබඳුවූ ධර්මයක්) ඇත්තේද?”
“ආනන්දය, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ එක් ධර්මයක් ධර්ම සතරක් සම්පූර්ණ කෙරේද? වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ ධර්ම සතරක් ධර්ම සතක් සම්පූර්ණ කෙරෙත්ද? වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ ධර්ම සතක් ධර්ම දෙකක් සම්පූර්ණ කෙරෙත්ද? (එබඳුවූ ධර්මයක්) ඇත්තේය.”
[3] “ස්වාමීනි, එක් ධර්මයක් වඩන ලද්දාවූ බහුල කරන ලද්දේ ධර්ම සතරක් සම්පූර්ණ කෙරේද? ධර්ම සතරක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු ධර්ම සතක් සම්පූර්ණ කෙරෙත්ද? ධර්ම සතක් වඩන ලද්දාවූ බහුල කරන ලද්දාහු ධර්ම දෙකක් සම්පූර්ණ කෙරෙත්ද? (එබඳුවූ ධර්මය) කවරේද?”
[4] “ආනන්දය, එකම ආනාපාන සතිසමාධිය වනාහි වඩන ලද්දේ බහුල කරන ලද්දේ සතර සතිපට්ඨාන ධර්මයන් සම්පූර්ණ කෙරෙයි. සතර සතිපට්ඨාන ධර්මයෝ වඩන ලද්දාහු, බහුල කරන ලද්දාහු සත්තබොජ්ඣංගයන් සම්පූර්ණ කෙරෙත්. සත්ත බොජ්ඣංගයෝ වඩන ලද්දාහු, බහුල කරන ලද්දාහු අර්හත්මාර්ගය හා ඵලය සම්පූර්ණ කෙරෙත්.
[5] “ආනන්දය, කෙසේ වඩනලද්දාවූ, කෙසේ බහුල කරන ලද්දාවූ ආනාපාන සතිසමාධිය සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කෙරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම ආරණ්‍යයට ගියේ හෝ රුක් මුලට ගියේ හෝ සූන්‍යාගාරයට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්‍ය්‍යංක බැඳ ශරීරය කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත් කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය. සිහියෙන්ම ප්‍රස්වාස කරන්නේය. දීර්ඝකොට ආස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ආස්වාස කරන්නෙමියි දන්නේය. දීර්ඝ කොට ප්‍රස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ප්‍රස්වාස කරන්නෙමි’යි දන්නේය. හ්‍රස්ව (ලුහුඬු) කොට ආස්වාස කරන්නේ හෝ භ්‍රස්ව කොට ආස්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්වකොට ප්‍රස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ප්‍රස්වාස කරන්නෙමියි දන්නේය.
“මුල මැද අග යන සියලු ආස්වාස ප්‍රස්වාස කය දැන ගනිමියි යන අදහසින් ආස්වාස කරන්නෙමියි හික්මෙන්නේය. සියලු ආස්වාස ප්‍රස්වාස කය දැනගනිමින් ප්‍රස්වාසකරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආස්වාස ප්‍රස්වාසයන් සංසිඳුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආස්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකටකරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකටකරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි චිත්තසංස්කාරය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්තසංස්කාරය සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟකරමින් ප්රශ්වාසකරන්නෙමියි හික්මෙයි සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි අනිත්‍ය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය (හැරදැමීම) දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි.
[6] “ආනන්දය, යම් කලෙක්හි මහණතෙම වනාහි දීර්ඝව ආශ්වාස කරන්නේ, දීර්ඝව ආශ්වාස කරන්නෙමියි, දනියි. දීර්ඝව ප්‍රශ්වාස කරන්නේ දීර්ඝව ප්‍රශ්වාස කරන්නෙමියි දනියි. හ්‍රස්ව (ලුහුඬු) කොට ආශ්වාස කරන්නේ හෝ හ්‍රස්වකොට ආශ්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්වකොට ප්‍රශ්වාස කරන්නේ හෝ හ්‍රස්වකොට ප්‍රශ්වාස කරන්නෙමියි දන්නේය.
“මුල මැද අග යන සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමියි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි හික්මෙන්නේය.
සියලු ආස්වාස ප්‍රස්වාස කය දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි.
[7] “ආනන්දය, එකල්හි කෙලෙස්තවන වීර්‍ය්‍යය ඇත්තාවූ, නුවණින් යුක්තවූ සිහියෙන් යුක්තවූ භික්ෂුව ස්කන්ධ ලෝකයෙහි ලෝභය හා ද්වේෂය දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසයකෙරෙයි. ඊට හේතු කවරේද? ආනන්දය, මම මේ ආස්වාසය ප්‍රස්වාසය එක්තරා කයක්යයි කියමි. ආනන්දය, එහෙයින් මහණතෙම එකල්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, නුවණින් යුක්තවූයේ සිහි ඇත්තේ ස්කන්ධ ලෝකයෙහි ලෝභය සහ ද්වේෂය දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරෙයි.
[8] “ආනන්දය, යම් කලෙක මහණතෙම ප්‍රීතිය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි.
“චිත්තසංස්කාරය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි.
“ආනන්දය එකල්හි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, නුවණින් යුක්තවූයේ සිහි ඇත්තේ ස්කන්ධලෝකයෙහි ලෝභය සහ ද්වේෂය දුරුකොට වේදනාවන්හි වේදනා නැවත නැවත බලමින් වාසය කෙරෙයි. ඊට හේතු කවරේද? ආනන්දය, මම මේ ආස්වාස ප්‍රස්වාසයන් මනාකොට මෙනෙහි කිරීම එක්තරා වේදනාවක්යයි කියමි. ආනන්දය, එහෙයින් මහණතෙම එකල්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, නුවණින් යුක්තවූයේ සිහි ඇත්තේ ස්කන්ධ ලෝකයෙහි ලෝභය සහ ද්වේෂය දුරුකොට වේදනාවන්හි වේදනා නැවත නැවත බලමින් වාසය කෙරෙයි.
[9] “ආනන්දය, යම් කලක මහණතෙම ධ්‍යාන සිත දැන ගනිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, ධ්‍යාන සිත සංසිඳුවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද,
“සිත අතිශයින් සතුටු කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, සිත සංසිඳුවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද,
අරමුණෙහි සිත පිහිටුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද,
(නීවරණයන් කෙරෙන්) සිත මුදමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයිද, ආනන්දය, මහණතෙම එකල්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, නුවණින් යුක්තවූයේ, සිහි ඇත්තේ ස්කන්ධ ලෝකයෙහි ලෝභය සහ ද්වේෂය දුරුකොට චිත්තයෙහි චිත්තය නැවත නැවත බලමින් වාසය කෙරෙයි. ඊට හේතු කවරේද? ආනන්දය, මම සිහි මුළාවූ නුවණ නැත්තාට ආනාපාන සතිසමාධි භාවනාව නොවදාරමි.
[10] “ආනන්දය, එහෙයින් මෙහි මහණතෙම එකල්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, නුවණින් යුක්තවූයේ සිහි ඇත්තේ ස්කන්ධ ලෝකයෙහි ලෝභය සහ ද්වේෂය දුරුකොට චිත්තයන්හි චිත්තය නැවත නැවත බලමින් වාසය කෙරෙයි.
[11] “ආනන්දය, යම් කලෙක මහණතෙම අනිත්‍යය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍යය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය සිත සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය සිත සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. විරාගය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. විරාගය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. විරාගය සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි විරාගය සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ආනන්දය, මහණතෙම එකල්හි කෙලෙස්තවන වීර්‍ය්‍යය ඇත්තේ, නුවණින් යුක්තවූයේ සිහි ඇත්තේ ස්කන්ධ ලෝකයෙහි ලෝභය සහ ද්වේෂය දුරුකොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරෙයි. හෙතෙම ඒ ලෝභ ද්වේෂයන්ගේ යම් පහකිරීමක් වේද එය නුවණින් බල බලා මනාකොට මැදහත් වූයේ වෙයි.
[12] “ආනන්දය, එහෙයින් මෙහි මහණතෙම එකල්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ නුවණින් යුක්තවූයේ සිහි ඇත්තේ ස්කන්ධ ලෝකයෙහි ලෝභය සහ ද්වේෂය දුරු කොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරෙයි. ආනන්දය, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ ආනාපාන සතිසමාධිය වනාහි සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කෙරෙයි.
[13] “ආනන්දය, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල කරන ලද්දාවූ සතර සතිපට්ඨානයෝ සත්ත බොජ්ඣංගයන් සම්පූර්ණ කෙරෙත්ද? ආනන්දය, යම් කලක මහණතෙම කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද, එකල්හි ඒ මහණහුගේ සිහිය එළඹ සිටියේ වෙයි. මුළානොවූයේ වෙයි. ආනන්දය, යම් කලක මහණහුගේ සිහිය එළඹ සිටියේ වේද, මුළානොවූයේ වේද, එකල්හි භික්ෂුව විසින් සති සම්බොජ්ඣංගය සම්පූර්ණ කරන ලද්දේ වෙයි. එකල්හි මහණතෙම සති සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ සතිසම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ වීමට පැමිණෙයි. එසේ සිහියෙන් වාසය කරන්නාවූ ඒ මහණතෙම ඒ ධර්මය නුවණින් සොයයි. හැසිරෙයි. විමසීමට පැමිණෙයි.
[14] “ආනන්දය, යම් කලෙක එසේ සිහියෙන් වාසය කරන්නාවූ මහණතෙම ඒ ධර්මය නුවණින් සොයාද, හැසිරේද විමසීමට පැමිණේද එකල්හි මහණහු විසින් ධම්මවිචය සම්බොජ්ඣංගය සම්පූර්ණ කරනලද්දේ වෙයි. එකල්හි මහණ තෙම ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. ඒ ධර්මය නුවණින් සොයන්නාවූ, හැසිරෙන්නාවූ විමසීමට පැමිණෙන්නාවූ ඒ මහණහුගේ වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ වෙයි. පසුබට නොවූයේ වෙයි.
[15] ආනන්දය, යම් කලක ඒ ධර්මය නුවණින් සොයන්නාවූ හැසිරෙන්නාවූ විමසීමට පැමිණෙන්නාවූ මහණහුගේ වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ වේද, පසුබට නොවූයේ වේද එකල්හි මහණහු විසින් විරිය සම්බොජ්ඣංගය සම්පූර්ණ කරන ලද්දේ වෙයි. එකල්හි මහණතෙම විරිය සම්බොජ්ඣංගය වඩයි
[16] “ආනන්දය, යම් කලක ඒ ධර්මය නුවණින් සොයන්නාවූ, හැසිරෙන්නාවූ, විමසීමට පැමිණෙන්නාවූ මහණහුගේ වීර්‍ය්‍යය පටන් ගන්නා ලද්දේ වේද, පසුබට නොවූයේ වේද, එකල්හි මහණහු විසින් විරිය සම්බොජ්ඣංගය සම්පූර්ණ කරන ලද්දේ වෙයි. එකල්හි මහණතෙම විරිය සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ විරියසම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇති මහණහට නිරාමිස (නික්ලෙශ) ප්‍රීතිය උපදියි. එකල්හි මහණහු විසින් පීති සම්බොජ්ඣංගය සම්පූර්ණ කරන ලද්දේ වෙයි. එකල්හි මහණතෙම පීති සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ පීති සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. ප්‍රීති සිත් ඇත්තාහුගේ කයද සංසිඳෙයි. සිතද සංසිඳෙයි.
“ආනන්දය, යම් කලක ප්‍රීති සිත් ඇති මහණහුගේ කයද සංසිඳෙයිද සිතද සංසිඳෙයිද එකල්හි මහණහු විසින් පස්සද්ධි සම්බොජ්ඣංගය සම්පූර්ණ කරන ලද්දේ වෙයි. එකල්හි මහණතෙම පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. සංසිඳුණු කය ඇතිව සැපවත්වූවහුගේ සිත සමාධි ගතවේ. (එකඟවේ.)
“ආනන්දය, යම් කලක සංසිඳුණු කය ඇතිව සැපවත්වූ මහණහුගේ සිත සමාධිගතවේද, එකල්හි මහණහු, විසින් සමාධි සම්බොජ්ඣංගය සම්පූර්ණ කරන ලද්දේ වෙයි. එකල්හි මහණතෙම සමාධි සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ සමාධි සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. ඒ මහණතෙම එසේ එකඟවූ සිත මනාකොට මැදහත්ව බලන්නේවෙයි.
[17] “ආනන්දය, යම් කලක මහණතෙම එසේ එකඟවූ, සිත මැදහත්ව බලන්නේවේද, එකල්හි මහණහු විසින් උපෙක්ඛා සම්බොජ්ඣංගය සම්පූර්ණ කරන ලද්දේවෙයි. එකල්හි මහණ තෙම උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි.
[18] “ආනන්දය, යම් කලෙක මහණතෙම වීර්‍ය්‍යයෙන් යුක්තව යහපත් නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයිද කයෙහි කය නැවත නැවත, බලමින් වාසය කරන්නාවූ ඔහුගේ සිත සමාධියට පැමිණෙයි. ක්ලෙශයෝ පහවෙත්. හෙතෙමේ ඒ නිමිත්ත උගනියි.
“වීර්‍ය්‍යයෙන් යුක්තව යහපත් නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරයිද, වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරන්නාවූ ඔහුගේ සිත සමාධියට පැමිණෙයි. ක්ලෙශයෝ පහවෙත්. හෙතෙම ඒ නිමිත්ත උගනියි.
“වීර්‍ය්‍යයෙන් යුක්තව යහපත් නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරයිද, සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරන්නාවූ ඔහුගේ සිත සමාධියට පැමිණෙයි. ක්ලෙශයෝ පහවෙත්. හෙතෙම ඒ නිමිත්ත උගනියි.
“වීර්‍ය්‍යයෙන් යුක්තව යහපත් නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරයිද, ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරන්නාවූ ඔහුගේ සිත සමාධියට පැමිණෙයි. ක්ලෙශයෝ පහවෙත්. හෙතෙම ඒ නිමිත්ත උගනියි.
“ආනන්දය, මෙසේ වඩන ලද්දාවූ, මෙසේ බහුල කරන ලද්දාවූ සතර සතිපට්ඨානයෝ වනාහි සත්තබොජ්ඣංගයන් සම්පූර්ණ කෙරෙත්.
[19] “ආනන්දය, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ බහුල කරන ලද්දාවූ සත්ත බොජ්ඣංගයෝ (අර්හත් මාර්ගය හා ඵලය) විජ්ජාවිමුත්තිය සම්පූර්ණ කෙරෙද්ද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ නිවනට නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩාද,
“මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසරුකළාවූ නිවනට නැමුණාවූ ධම්ම විචය සම්බොජ්ඣංගය වඩාද,
“මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ නිවනට නැමුණාවූ විරිය සම්බොජ්ඣංගය වඩාද,
“මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ නිවනට නැමුණාවූ පීති සම්බොජ්ඣංගය වඩාද,
“මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ නිවනට නැමුණාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩාද,
“මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ නිවනට නැමුණාවූ සමාධි සම්බොජ්ඣංගය වඩාද,
‘මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ නිවනට නැමුණාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩාද,
“ආනන්දය, මෙසේ වඩන ලද්දාවූ, මෙසේ බහුල කරන ලද්දාවූ සත්තබොජ්ඣගයෝ විජ්ජාවිමුත්තිය (අර්හත් මාර්ගය හා ඵලය) සම්පූර්ණ කරත්.
|
4. දුතියආනන්දසුත්තං | 4. දුතිය ආනන්ද එකධර්ම සූත්‍රය |
990
අථ
‘‘කතමො චානන්ද, එකධම්මො භාවිතො බහුලීකතො චත්තාරො ධම්මෙ පරිපූරෙති, චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා සත්ත ධම්මෙ පරිපූරෙන්ති, සත්ත ධම්මා භාවිතා බහුලීකතා ද්වෙ ධම්මෙ පරිපූරෙන්ති? ආනාපානස්සතිසමාධි, ආනන්ද, එකධම්මො භාවිතො බහුලීකතො චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙති, චත්තාරො සතිපට්ඨානා භාවිතා බහුලීකතා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති, සත්ත බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්තී’’ති. ‘‘කථං
|
990
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වාසය කරනසේක.
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක උන්හ. එක් පැත්තක හුන්නාවූ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“ආනන්දය, එක් ධර්මයක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ ධර්ම සතරක් සම්පූර්ණ කෙරේද, ධර්ම සතරක් වඩන ලද්දාහු පුරුදු කරන ලද්දාහු ධර්ම සතක් සම්පූර්ණ කෙරෙද්ද, ධර්ම සතක් වඩන ලද්දාහු, පුරුදු කරන ලද්දාහු ධර්ම දෙකක් සම්පූර්ණ කෙරෙද්ද (එබඳුවූ ධර්මයක්) ඇත්තේද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් හොඳය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ ගෙන් අසා දරන්නාහුය.”
(මේ ඡේදය මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 2 ඡේදයේ 2 වෙනි කොටස මෙනි.)
(මේ ඡේද මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 4-19 ඡේද මෙනි.)
|
5. පඨමභික්ඛුසුත්තං | 5. පඨම භික්ඛු එකධම්ම සූත්‍රය |
991
අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං - ‘‘අත්ථි නු ඛො, භන්තෙ, එකධම්මො භාවිතො බහුලීකතො චත්තාරො ධම්මෙ පරිපූරෙති, චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා සත්ත ධම්මෙ පරිපූරෙන්ති, සත්ත ධම්මා භාවිතා
‘‘කතමො
‘‘කථං භාවිතො ච, භික්ඛවෙ, ආනාපානස්සතිසමාධි කථං බහුලීකතො චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙති? ඉධ, භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා...පෙ.... එවං භාවිතා ඛො, භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා එවං බහුලීකතා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්තී’’ති. පඤ්චමං.
|
991
“එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය.
“එක් ධර්මයක් වඩන ලද්දේ, බහුල කරන ලද්දේ ධර්ම සතරක් සම්පූර්ණ කෙරේද, ධර්ම සතරක් වඩන ලද්දාහු පුරුදු කරන ලද්දාහු ධර්ම සතක් සම්පූර්ණ කෙරෙද්ද, ධර්ම සතක් වඩන ලද්දාහු, පුරුදු කරන ලද්දාහු ධර්ම දෙකක් සම්පූර්ණ කෙරෙත්ද (එබඳුවූ ධර්මයක්) ඇත්තේද?
(මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 3-19 ඡේද මෙනි. ආමන්ත්‍රන වචනය ‘ආනන්දය’ වෙනුවට ‘මහණෙනි’ වියයුතුයි)
|
6. දුතියභික්ඛුසුත්තං | 6. දුතිය භික්ඛු එකධම්ම සූත්‍රය |
992
අථ
‘‘කතමො ච, භික්ඛවෙ, එකධම්මො භාවිතො බහුලීකතො චත්තාරො ධම්මෙ පරිපූරෙති, චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා සත්ත ධම්මෙ පරිපූරෙන්ති, සත්ත ධම්මා භාවිතා බහුලීකතා ද්වෙ ධම්මෙ පරිපූරෙන්ති? ආනාපානස්සතිසමාධි, භික්ඛවෙ, එකධම්මො භාවිතො බහුලීකතො චත්තාරො
‘‘කථං
‘‘යස්මිං සමයෙ, භික්ඛවෙ, භික්ඛු දීඝං වා අස්සසන්තො ‘දීඝං අස්සසාමී’ති පජානාති, දීඝං වා පස්සසන්තො ‘දීඝං පස්සසාමී’ති පජානාති, රස්සං වා අස්සසන්තො ‘රස්සං අස්සසාමී’ති පජානාති...පෙ.... සබ්බකායප්පටිසංවෙදී...පෙ.... ‘පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති - කායෙ කායානුපස්සී, භික්ඛවෙ, භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තං කිස්ස හෙතු? කායඤ්ඤතරාහං, භික්ඛවෙ, එතං වදාමි, යදිදං - අස්සාසපස්සාසං. තස්මාතිහ, භික්ඛවෙ, කායෙ කායානුපස්සී භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
‘‘යස්මිං සමයෙ, භික්ඛවෙ, භික්ඛු පීතිප්පටිසංවෙදී...පෙ.... සුඛප්පටිසංවෙදී...පෙ.... චිත්තසඞ්ඛාරප්පටිසංවෙදී...පෙ.... ‘පස්සම්භයං චිත්තසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පස්සම්භයං චිත්තසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති - වෙදනාසු වෙදනානුපස්සී, භික්ඛවෙ, භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තං කිස්ස හෙතු? වෙදනාඤ්ඤතරාහං, භික්ඛවෙ, එතං වදාමි, යදිදං - අස්සාසපස්සාසානං සාධුකං මනසිකාරං. තස්මාතිහ
‘‘යස්මිං සමයෙ, භික්ඛවෙ, භික්ඛු චිත්තප්පටිසංවෙදී...පෙ.... අභිප්පමොදයං චිත්තං...පෙ.... ‘සමාදහං චිත්තං අස්සසිස්සාමී’ති සික්ඛති, ‘සමාදහං චිත්තං පස්සසිස්සාමී’ති
‘‘යස්මිං සමයෙ, භික්ඛවෙ, භික්ඛු අනිච්චානුපස්සී...පෙ.... විරාගානුපස්සී...පෙ.... නිරොධානුපස්සී...පෙ.... ‘පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති - ධම්මෙසු ධම්මානුපස්සී, භික්ඛවෙ, භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. සො යං තං හොති අභිජ්ඣාදොමනස්සානං පහානං තං පඤ්ඤාය දිස්වා සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති. තස්මාතිහ, භික්ඛවෙ, ධම්මෙසු ධම්මානුපස්සී භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
‘‘එවං භාවිතො ඛො, භික්ඛවෙ, ආනාපානස්සතිසමාධි එවං බහුලීකතො චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙති.
‘‘කථං භාවිතා ච, භික්ඛවෙ, චත්තාරො සතිපට්ඨානා කථං බහුලීකතා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති? යස්මිං සමයෙ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති - උපට්ඨිතාස්ස තස්මිං සමයෙ භික්ඛුනො සති හොති අසම්මුට්ඨා. යස්මිං සමයෙ, භික්ඛවෙ, භික්ඛුනො උපට්ඨිතා
‘‘සො තථා සතො විහරන්තො තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමංසමාපජ්ජති. යස්මිං සමයෙ, භික්ඛවෙ, භික්ඛු තථා සතො විහරන්තො තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමංසමාපජ්ජති - ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
‘‘තස්ස
‘‘ආරද්ධවීරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා. යස්මිං සමයෙ, භික්ඛවෙ, භික්ඛුනො ආරද්ධවීරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා - පීතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති, පීතිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති, පීතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
‘‘පීතිමනස්ස කායොපි පස්සම්භති, චිත්තම්පි පස්සම්භති. යස්මිං සමයෙ, භික්ඛවෙ, භික්ඛුනො පීතිමනස්ස කායොපි පස්සම්භති, චිත්තම්පි පස්සම්භති - පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං
‘‘පස්සද්ධකායස්ස සුඛිනො චිත්තං සමාධියති. යස්මිං සමයෙ, භික්ඛවෙ, භික්ඛුනො පස්සද්ධකායස්ස සුඛිනො චිත්තං සමාධියති - සමාධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති, සමාධිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති, සමාධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
‘‘සො තථාසමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති. යස්මිං සමයෙ, භික්ඛවෙ, භික්ඛු තථාසමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති - උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
‘‘යස්මිං සමයෙ, භික්ඛවෙ, භික්ඛු වෙදනාසු...පෙ.... චිත්තෙ...පෙ.... ධම්මෙසු ධම්මානුපස්සී විහරති - උපට්ඨිතාස්ස තස්මිං සමයෙ භික්ඛුනො සති හොති
සො තථාසමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති. යස්මිං සමයෙ, භික්ඛවෙ, භික්ඛු තථාසමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති - උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති. එවං භාවිතා ඛො, භික්ඛවෙ, චත්තාරො සතිපට්ඨානා එවං බහුලීකතා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති.
‘‘කථං
|
992
ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නා වූ ඒ භික්ෂූන් හට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
“එක් ධර්මයක් වඩන ලද්දේ, බහුල කරන ලද්දේ ධර්ම සතරක් සම්පූර්ණ කෙරේද, ධර්ම සතරක් වඩන ලද්දාහු, පුරුදු කරන ලද්දාහු ධර්ම සතක් සම්පූර්ණ කෙරෙත්ද, ධර්ම සතක් වඩන ලද්දාහු, පුරුදු කරන ලද්දාහු ධර්ම දෙකක් සම්පූර්ණ කෙරෙත්ද, (එබඳුවූ ධර්මයක්) ඇත්තේද?
(මේ ඡේදය මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 3-19 ඡේදය මෙනි) ආමන්ත්‍රන වචනය ‘ආනන්දය’ වෙනුවට ‘මහණෙනි’ විය යුතුයි.
|
7. සංයොජනප්පහානසුත්තං | 7. සංයෝජන පහාණ සූත්‍රය |
993
ආනාපානස්සතිසමාධි, භික්ඛවෙ, භාවිතො බහුලීකතො සංයොජනප්පහානාය
|
993
[2] “මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ ආනාපාන සති සමාධිය සංයෝජනයන් පහකිරීම පිණිස පවතියි. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල කරන ලද්දාවූ ආනාපාන සති සමාධිය සංයෝජනයන් පහකිරීම පිණිස පවතීද?
[3] (මේ ඡේදය ඒක ධම්ම වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡේදයේ ‘මහණෙනි, මේ ශාසනයෙහි’..... සිට, 3 වෙනි ඡේදයේ ‘පටිනිස්සග්ගය..... හික්මෙයි’ දක්වා යොදා ගතයුතුයි.
[4] ‘මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ ආනාපාන සති සමාධිය වනාහි සංයෝජනයන් පහකිරීම පිණිස පවතියි.”
|
8. අනුසයසමුග්ඝාතසුත්තං | 8. අනුසය සමුග්ඝාත සූත්‍රය |
994
...අනුසයසමුග්ඝාතාය සංවත්තති.... අට්ඨමං.
|
994
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ ආනාපාන සති සමාධිය අනුසය නැසීම පිණිස පවතියි. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ ආනාපාන සති සමාධිය අනුසයන් නැසීම පිණිස පවතීද?
(මේ ඡේදය මේ වර්ගයේ 7 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.)
“මහණෙනි මෙසේ වඩනලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ ආනාපාන සති සමාධිය වනාහි අනුසය නැසීම පිණිස පවතියි.”
|
9. අද්ධානපරිඤ්ඤාසුත්තං | 9. අද්ධානපරිඤ්ඤා සූත්‍රය |
995
...අද්ධානපරිඤ්ඤාය සංවත්තති.... නවමං.
|
995
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, ආනාපාන සති සමාධිය අතීත අනාගත වර්තමාන කාලත්රය දැනීම පිණිස පවතියි මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ ආනාපාන සති සමාධිය අතීත අනාගත වර්තමාන කාලත්රය දැනීම පිණිස පවතීද?
(මේ ඡේදය මේ වර්ගයේ 7 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.)
“මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ ආනාපාන සති සමාධිය වනාහි අතීත අනාගත වර්තමාන කාලත්රය දැනීම පිණිස පවතියි.”
|
10. ආසවක්ඛයසුත්තං | 10. ආසවක්ඛය සූත්‍රය |
996
ආසවානං
|
996
“මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ ආනාපාන සති සමාධිය ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස පවතියි. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ බහුල කරන ලද්දාවූ ආනාපාන සති සමාධිය ආශ්‍රවයන් ක්ෂයකිරීම පිණිස පවතීද?
(මේ ඡේදය මේ වර්ගයේ 7 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි)
“මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ, මෙසේ බහුල කරන ලද්දාවූ ආනාපාන සති සමාධිය වනාහි ආශ්‍රවයන් ක්ෂයකිරීම පිණිස පවතියි”
|