ත්‍රිපිටකය
8. අනුරුද්ධසංයුත්තං 8. අනුරුද්ධ සංයුත්තය
1. රහොගතවග්ගො 1. රහොගත වර්ගය
1. පඨමරහොගතසුත්තං 1. පඨම රහොගත සූත්‍රය
2. දුතියරහොගතසුත්තං 2. දුතිය රහොගත සූත්‍රය
3. සුතනුසුත්තං 3. සුතනු සූත්‍රය
4. පඨමකණ්ඩකීසුත්තං 4. පඨම කණ්ටකීවන සූත්‍රය
5. දුතියකණ්ඩකීසුත්තං 5. දුතිය කණ්ටකීවන සූත්‍රය
6. තතියකණ්ඩකීසුත්තං 6. තතිය කණ්ටකීවන සූත්‍රය
7. තණ්හක්ඛයසුත්තං 7. අනුරුද්ධ තණ්හාක්ඛය සූත්‍රය
8. සලළාගාරසුත්තං 8. සලළාගාර සූත්‍රය
9. අම්බපාලිවනසුත්තං 9. අම්බපාලිවන සූත්‍රය
10. බාළ්හගිලානසුත්තං 10. අනුරුද්ධ අන්ධවන සූත්‍රය
2. දුතියවග්ගො 2. දුතිය වර්ගය
1. කප්පසහස්සසුත්තං 1. කප්ප සතසහස්ස සූත්‍රය
2. ඉද්ධිවිධසුත්තං 2. අනුරුද්ධ ඉද්ධිවිධ සූත්‍රය
3. දිබ්බසොතසුත්තං 3. දිබ්බචක්ඛු සූත්‍රය
4. චෙතොපරියසුත්තං 4. චෙතොපරිච්ච සූත්‍රය
5. ඨානසුත්තං 5. ඨාන ඨාන සූත්‍රය
6. කම්මසමාදානසුත්තං 6. කම්ම විපාක සූත්‍රය
7. සබ්බත්ථගාමිනිසුත්තං 7. සබ්බථ ගාමිනී සූත්‍රය
8. නානාධාතුසුත්තං 8. නානාධාතු ලොක සූත්‍රය
9. නානාධිමුත්තිසුත්තං 9. නානාධිමුත්ති සූත්‍රය
10. ඉන්ද්‍රියපරොපරියත්තසුත්තං 10. ඉන්ද්‍රිය පරොපරියත්ත සූත්‍රය
11. ඣානාදිසුත්තං 11. ඣාන විමොක්ඛ සූත්‍රය
12. පුබ්බෙනිවාසසුත්තං 12. පුබ්බේනිවාස සූත්‍රය
13. දිබ්බචක්ඛුසුත්තං 13. චුතූපපාතඤාණ සූත්‍රය
921
‘‘ඉමෙසඤ්ච පනාහං, ආවුසො, චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සාමි චවමානෙ උපපජ්ජමානෙ...පෙ.... ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන යථාකම්මූපගෙ සත්තෙ පජානාමී’’ති. තෙරසමං.
921
“ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මිනිස් බව ඉක්මවූ පිරිසිදුවූ දිවැසින් චුතවන්නාවූද උපදින්නාවූද හීනවූද ප්‍රණීතවූද, මනා පැහැ ඇත්තාවූද, දුර්වර්ණවූද සැපයට පැමිණියාවූද දුකට පැමිණියාවූද සත්වයන් දකිමි. කර්මානුකූලව උපන් සත්වයන් දකිමි.
“මේ පින්වත් සත්වයෝ ඒකාන්තයෙන් කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. වචී දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනො දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. ආර්‍ය්‍යයන්ට නිග්‍රහ කළාවූ මිසදිටු වූවහුය. මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇත්තාවූ විවසව වැටෙන්නාවූ නිරයෙහි උපන්නාහුය.
“මේ පින්වත් සත්වයෝ ඒකාන්තයෙන් කාය සුචරිතයෙන් යුක්තවූවාහුය. වචී සුචරිතයෙන් යුක්ත වූවාහුය. මනො සුචරිතයෙන් යුක්තවූවාහුය. ආර්‍ය්‍යයන්ට නිග්‍රහ නොකළාහුය. සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවූවාහුය. සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් යුත් ස්වර්ගලෝකයෙහි උපන්නාහුයයි කර්මානුකූලව උපන් සත්වයන් දකිමි.
“මෙසේ මිනිස් බව ඉක්මවූ පිරිසිදුවූ දිව ඇසින් චුතවන්නාවූද උපදින්නාවූද හීනවූද ප්‍රණීතවූද මනා වර්ණ ඇත්තාවූද දුර්වර්ණ ඇත්තාවූද, සැප ඇත්තාවූද, සැප නැත්තාවූද සත්වයන් දකිමි. කර්මානුකූලව උපන් සත්වයන් දකිමි.”
14. ආසවක්ඛයසුත්තං 14. ආසවක්ඛයඤාණ සූත්‍රය