7. ඉද්ධිපාදසංයුත්තං | 7. ඉද්ධිපාද සංයුත්තය |
1. චාපාලවග්ගො | 1. චාපාල වර්ගය |
1. අපාරසුත්තං | 1. අපාර සූත්‍රය |
813
‘‘චත්තාරොමෙ
|
813
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි, කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, මේ වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සතර ඉද්ධිපාදයෝ සසරින් එතෙරට යෑම පිණිස පවතිත්.
[3] “කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. විමංසනය (ප්‍රඥාව) අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි.
[4] “මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ සතර ඉද්ධිපාදයෝ සසරින් එතෙරට යාම පිණිස පවතිත්.
|
2. විරද්ධසුත්තං | 2. විරද්ධ සූත්‍රය |
814
‘‘යෙසං කෙසඤ්චි, භික්ඛවෙ, චත්තාරො ඉද්ධිපාදා විරද්ධා, විරද්ධො තෙසං අරියො මග්ගො සම්මා දුක්ඛක්ඛයගාමී. යෙසං කෙසඤ්චි, භික්ඛවෙ, චත්තාරො ඉද්ධිපාදා ආරද්ධා, ආරද්ධො තෙසං අරියො මග්ගො සම්මා දුක්ඛක්ඛයගාමී. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, වීරියසමාධි...පෙ.... චිත්තසමාධි...පෙ.... වීමංසාසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. යෙසං
|
814
(මේ ඡේද මෙතැන් සිට 8 සූත්‍රය තෙක් 1 සූත්‍රයේ 1 ඡේදය මෙනි.)
“මහණෙනි, යම්කිසිවෙකුන් විසින් සතරඉද්ධිපාද වැඩීමට ආරම්භ නොකරන ලද්දාහුද, ඔවුන් විසින් මනාකොට දුක් නැතිකරන්නාවූ ආර්‍ය්‍ය මාර්ගය වැඩීමට ආරම්භ නොකරනලදී. මහණෙනි, යම්කිසිවකුන් විසින් සතර ඉද්ධිපාදයෝ වැඩීමට ආරම්භ කරන ලද්දාහුද ඔවුන් විසින් මනාකොට දුක් නැති කරන්නාවූ ආර්‍ය්‍ය මාර්ගය පටන්ගන්නා ලදහ.
“කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි.
“වීර්‍ය්‍ය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධි පාදය වඩයි.
“සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධි පාදය වඩයි.
“විමසීම අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි.
“මහණෙනි, යම්කිසිවෙකුන් විසින් සතරඉද්ධිපාද වැඩීමට ආරම්භ නොකරන ලද්දාහුද, ඔවුන් විසින් මනාකොට දුක් නැතිකරන්නාවූ ආර්‍ය්‍ය මාර්ගය වැඩීමට ආරම්භ නොකරනලදී.
“මහණෙනි, යම්කිසිවකුන් විසින් සතර ඉද්ධිපාදයෝ වැඩීමට පටන්ගන්නා ලද්දාහුද ඔවුන් විසින් මනාකොට දුක් නැති කරන්නාවූ ආර්ය්යමාර්ගය වැඩීමට පටන්ගන්නා ලද්දේය.”
|
3. අරියසුත්තං | 3. අරිය සූත්‍රය |
815
‘‘චත්තාරොමෙ
|
815
“මහණෙනි, වඩනලද්දාවූ බහුලකරනලද්දාවූ ආර්‍ය්‍යවූ නෛර්‍ය්‍යාණිකවූ මේ සතර ඉද්ධිපාදයෝ එය සම්පූර්ණ කරන්නහු මනාකොට දුක් ක්ෂය කිරීමට පමුණුවත්.
“කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුතු ඉද්ධිපාදය වඩයි.
“විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි.
“සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි.
“විමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි.
“මහණෙනි, වඩනලද්දාවූ බහුලකරන ලද්දාවූ ආර්‍ය්‍යවූ නෛර්‍ය්‍යාණිකවූ මේ සතර ඉද්ධිපාදයෝ එය සම්පූර්ණ කරන්නහු මනාකොට දුක් ක්ෂය කිරීමට පමුණුවත්”
|
4. නිබ්බිදාසුත්තං | 4. නිබ්බිදා සූත්‍රය |
816
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, ඉද්ධිපාදා භාවිතා බහුලීකතා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, වීරියසමාධි...පෙ.... චිත්තසමාධි...පෙ.... වීමංසාසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්තී’’ති. චතුත්ථං.
|
816
“මහණෙනි, වඩනලද්දාවූ බහුලකරනලද්දාවූ මේ සතර ඉද්ධිපාදයෝ ඒකාන්තයෙන් කලකිරීම පිණිස නො ඇලීම පිණිස දුක් නිරුද්ධ කිරීම පිණිස සංසිඳීම පිණිස විශේෂයෙන් දැනීම පිණිස මනාකොට අවබෝධය පිණිස නිවීම පිණිස පවතිත්.
“කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි.
“වීර්‍ය්‍යය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි.
“සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි.
“විමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ සතර ඉද්ධිපාදයෝ ඒකාන්තයෙන් කලකිරීම පිණිස නොඇලීම පිණිස දුක් නිරෝධ කිරීම පිණිස සංසිඳීම පිණිස විශේෂයෙන් දැනීම පිණිස මනා අවබෝධය පිණිස නිවීම පිණිස පවතිත්.”
|
5. ඉද්ධිපදෙසසුත්තං | 5. පදෙස සූත්‍රය |
817
‘‘යෙ හි කෙචි, භික්ඛවෙ, අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා ඉද්ධිපදෙසං අභිනිප්ඵාදෙසුං සබ්බෙ තෙ චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා. යෙ හි කෙචි
‘‘කතමෙසං
|
817
“මහණෙනි, අතීතයෙහි ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ ඉද්ධිපදෙස (මාර්ග තුන හා ඵල තුන) ඉපදවූවාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ඉපදවූහ. මහණෙනි, ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ අනාගත කාලයෙහි ඉද්ධිප්පදෙස (මාර්ගතුන හා ඵල තුන) උපදවන්නාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් උපදවන්නාහ.
“මහණෙනි, ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ මේ කාලයෙහි ඉද්ධිප්පදේසයන් උපදවත්ද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් උපදවති.
“කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. විමංසය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඍද්ධිපාදය වඩයි.
“මහණෙනි, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අතීත කාලයෙහි ඉද්ධිපදෙස (මාර්ග තුන හා ඵල තුන) ඉපදවූවාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ඉපදවූහ. මහණෙනි, ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ අනාගත කාලයෙහි ඉද්ධිප්පදෙස (මාර්ගතුන හා ඵල තුන) උපදවන්නාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් උපදවන්නාහ. මහණෙනි, ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ මේ කාලයෙහි ඉද්ධිප්පදේසයන් උපදවත්ද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් උපදවති.”
|
6. සමත්තසුත්තං | 6. සමත්ත සූත්‍රය |
818
‘‘යෙ
‘‘කතමෙසං චතුන්නං? ඉධ, භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, වීරියසමාධි...පෙ.... චිත්තසමාධි...පෙ.... වීමංසාසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. යෙ හි කෙචි, භික්ඛවෙ, අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා සමත්තං ඉද්ධිං අභිනිප්ඵාදෙසුං, සබ්බෙ තෙ ඉමෙසංයෙව චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා. යෙ හි කෙචි, භික්ඛවෙ, අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා සමත්තං ඉද්ධිං අභිනිප්ඵාදෙස්සන්ති, සබ්බෙ තෙ ඉමෙසංයෙව චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා. යෙ හි කෙචි, භික්ඛවෙ, එතරහි සමණා වා බ්රාහ්මණා වා සමත්තං ඉද්ධිං අභිනිප්ඵාදෙන්ති, සබ්බෙ තෙ ඉමෙසංයෙව චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා’’ති. ඡට්ඨං.
|
818
“මහණෙනි, අතීත කාලයෙහි ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ සමත්ත ඉද්ධිය (අර්හත් ඵලය) ඉපදවූවාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ඉපදවූහ. මහණෙනි, අනාගත කාලයෙහි ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ සමත්ත ඉද්ධිය උපදවන්නාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් උපදවන්නාහ. මහණෙනි, දැන් ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රහ්මණයෝ සමත්ත ඉද්ධිය උපදවත්ද ඒ සියල්ලෝ මේ සතර ඍද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් උපදවත්.
“කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. විමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි.
“මහණෙනි, අතීත කාලයෙහි ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ සමත්ත ඉද්ධි (අර්හත් ඵලය) ඉපදවූවාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ඉපදවූහ. මහණෙනි, අනාගත කාලයෙහි ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ සමත්ත ඉද්ධිය උපදවන්නාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් උපදවන්නාහ. මහණෙනි, දැන් ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ සමත්ත ඉද්ධිය උපදවත්ද, ඒ සියල්ලෝ මේ සතර ඍද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් උපදවත්.”
|
7. භික්ඛුසුත්තං | 7. භික්ඛු සූත්‍රය |
819
‘‘යෙ
‘‘කතමෙසං
|
819
“මහණෙනි, අතීත කාලයෙහි ඇතැම් භික්ෂූහු ආශ්‍රවයන්ගේ නැතිකිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධිය අර්හත් ඵල ප්‍රඥාව මේ ආත්මයෙහි තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කළාහුද ඒ සියල්ලෝ සතර ඍද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ඊට පැමිණ වාසය කළාහුය. මහණෙනි, අනාගත කාලයෙහි ඇතැම් භික්ෂූහු ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්‍රඥාව ඒ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කරන්නාහුද, ඒ සියල්ලෝ සතර ඍද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ඊට පැමිණ වාසය කරන්නාහුය. මහණෙනි, දැන් වනාහි ඇතැම් භික්ෂූහු ආශ්‍රවයන්ගේ නැතිකිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්‍රඥාව මේ අත් බැව්හිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කෙරෙත්ද, ඒ සියල්ලෝ සතර ඍද්ධි පාදයන්ගේ වැඩීමෙන් බහුල කිරීමෙන් ඊට පැමිණ වාසය කරත්.
“කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. විමංසාව අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි.
“මහණෙනි, අතීතකාලයෙහි ඇතැම් භික්ෂූහු ආශ්‍රවයන්ගේ නැතිකිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්‍රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කළාහුද, අනාගත කාලයෙහි ඇතැම් භික්ෂූහු ආශ්‍රවයන්ගේ නැති කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්‍රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නාහුද, දැන් කාලයෙහි ඇතැම් භික්ෂූහු ආශ්‍රවයන්ගේ නැති කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්‍රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කරත්ද,
“ඒ සියල්ලෝම මේ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ඊට පැමිණ වාසය කරත්.”
|
8. බුද්ධසුත්තං | 8. අරහන්ත සූත්‍රය |
820
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, ඉද්ධිපාදා. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, වීරියසමාධි...පෙ.... චිත්තසමාධි ...පෙ.... වීමංසාසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො ඉද්ධිපාදා
|
820
“මහණෙනි, මේ සතර ඉද්ධිපාදයෝ වෙත්. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. විමංසය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි.
“මහණෙනි, මේ සතර ඉද්ධිපාදයෝයි. මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගත තෙම අර්හත් සම්‍යක් සම්බුද්ධයයි කියනු ලැබේ.”
|
9. ඤාණසුත්තං | 9. ඤාණ සූත්‍රය |
821
‘‘‘අයං
‘‘‘අයං
‘‘‘අයං චිත්තසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො’ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. ‘සො ඛො පනායං චිත්තසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො භාවෙතබ්බො’ති
‘‘‘අයං වීමංසාසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො’ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. ‘සො ඛො පනායං වීමංසාසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො භාවෙතබ්බො’ති මෙ, භික්ඛවෙ...පෙ.... ‘භාවිතො’ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං
|
821
“මහණෙනි, මේ ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදයයි පෙර නොඇසූ විරූ ධර්මයන්හි මාහට නුවණැස පහළ විය. ඥානය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළ විය. මහණෙනි, ඒ මේ ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වැඩිය යුතුයයි මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළවිය. ඥානය පහළවිය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
“මහණෙනි, වඩන ලද්දේයයි මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළවිය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළ විය.
“මහණෙනි, මේ වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදයයි පෙර නොඇසූ විරූ ධර්මයන්හි මාහට නුවණැස පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළ වීය. ආලෝකය පහළ වීය. මහණෙනි, ඒ මේ වීර්‍ය්‍යය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වැඩිය යුතුයයි මට පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළ විය. ඥානය පහළවිය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
“මහණෙනි, වඩන ලද්දේයයි මට පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළවිය. ඥානය පහළවිය. ප්‍රඥාව පහළ වීය. විද්‍යාව පහළ වීය. ආලෝකය පහළ වීය.
“මහණෙනි, මේ සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදයයි පෙර නොඇසූ විරූ ධර්මයන්හි මාහට නුවණැස පහළ විය. ඥානය පහළ වීය. ප්‍රඥාව පහළ වීය. විද්‍යාව පහළ වීය. ආලෝකය පහළ විය. මහණෙනි, ඒ මේ සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වැඩිය යුතුයයි මට පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
“මහණෙනි, වඩන ලද්දේයයි මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
“මහණෙනි, මේ විමංසය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදයයි පෙර නොඇසූ විරූ ධර්මයන්හි මාහට නුවණැස පහළ වීය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය. මහණෙනි, ඒ මේ විමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වැඩිය යුතුයයි මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ වීය. ආලෝකය පහළ විය.
“මහණෙනි, වඩන ලද්දේයයි මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
|
10. චෙතියසුත්තං | 10. චේතිය සූත්‍රය |
822
එවං මෙ සුතං - එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ
‘‘රමණීයා, ආනන්ද, වෙසාලී, රමණීයං උදෙනං චෙතියං, රමණීයං ගොතමකං චෙතියං, රමණීයං සත්තම්බං චෙතියං, රමණීයං බහුපුත්තං චෙතියං
(බහුපුත්තකචෙතියං (ස්‍යා. කං. පී. ක.)), රමණීයං සාරන්දදං චෙතියං
(ආනන්දචෙතියං (ක.), සානන්දරං (ක.)), රමණීයං චාපාලං චෙතියං. යස්ස කස්සචි, ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, සො ආකඞ්ඛමානො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා. තථාගතස්ස ඛො, ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. ආකඞ්ඛමානො, ආනන්ද, තථාගතො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා’’ති.
එවම්පි ඛො ආයස්මා ආනන්දො භගවතා ඔළාරිකෙ නිමිත්තෙ කයිරමානෙ ඔළාරිකෙ ඔභාසෙ කයිරමානෙ නාසක්ඛි පටිවිජ්ඣිතුං; න භගවන්තං යාචි - ‘‘තිට්ඨතු, භන්තෙ, භගවා කප්පං, තිට්ඨතු සුගතො කප්පං
(සුගතො කප්පාවසෙසං (පී. ක.) දී. නි. 2.167) බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සාන’’න්ති යථා තං මාරෙන පරියුට්ඨිතචිත්තො.
දුතියම්පි
එවම්පි
අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි - ‘‘ගච්ඡ ඛො ත්වං, ආනන්ද, යස්ස දානි කාලං මඤ්ඤසී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා අවිදූරෙ අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි. අථ ඛො මාරො පාපිමා, අචිරපක්කන්තෙ ආයස්මන්තෙ ආනන්දෙ, යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච - ‘‘පරිනිබ්බාතු
සන්ති ඛො පන, භන්තෙ, එතරහි භික්ඛූ භගවතො සාවකා වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මප්පටිපන්නා සාමීචිප්පටිපන්නා අනුධම්මචාරිනො, සකං ආචරියකං උග්ගහෙත්වා
‘‘භාසිතා ඛො පනෙසා, භන්තෙ, භගවතා වාචා - ‘න තාවාහං, පාපිම, පරිනිබ්බායිස්සාමි යාව මෙ භික්ඛුනියො න සාවිකා භවිස්සන්ති වියත්තා විනීතා
‘‘සන්ති ඛො පන, භන්තෙ, එතරහි භික්ඛුනියො භගවතො සාවිකා වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මප්පටිපන්නා සාමීචිප්පටිපන්නා අනුධම්මචාරිනියො, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛන්ති දෙසෙන්ති පඤ්ඤපෙන්ති පට්ඨපෙන්ති විවරන්ති විභජන්ති උත්තානීකරොන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහිතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙන්ති. පරිනිබ්බාතු දානි, භන්තෙ, භගවා, පරිනිබ්බාතු දානි, සුගතො! පරිනිබ්බානකාලො දානි, භන්තෙ, භගවතො.
‘‘භාසිතා ඛො පනෙසා, භන්තෙ, භගවතා වාචා - ‘න තාවාහං, පාපිම, පරිනිබ්බායිස්සාමි යාව මෙ උපාසකා...පෙ.... යාව මෙ උපාසිකා න සාවිකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මප්පටිපන්නා සාමීචිප්පටිපන්නා අනුධම්මචාරිනියො, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති දෙසෙස්සන්ති පඤ්ඤපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහිතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙස්සන්තී’’’ති.
‘‘සන්ති ඛො පන, භන්තෙ, එතරහි උපාසකා...පෙ.... උපාසිකා භගවතො සාවිකා වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මප්පටිපන්නා
‘‘භාසිතා ඛො පනෙසා, භන්තෙ, භගවතා වාචා - ‘න තාවාහං, පාපිම, පරිනිබ්බායිස්සාමි යාව මෙ ඉදං බ්රහ්මචරියං න ඉද්ධඤ්චෙව භවිස්සති ඵීතඤ්ච විත්ථාරිතං බාහුජඤ්ඤං පුථුභූතං යාව දෙවමනුස්සෙහි සුප්පකාසිත’න්ති. තයිදං, භන්තෙ, භගවතො බ්රහ්මචරියං ඉද්ධඤ්චෙව ඵීතඤ්ච විත්ථාරිතං බාහුජඤ්ඤං පුථුභූතං
එවං වුත්තෙ භගවා මාරං පාපිමන්තං එතදවොච - ‘‘අප්පොස්සුක්කො ත්වං, පාපිම, හොහි. න චිරං
(නචිරස්සෙව (ක.)) තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති. ඉතො තිණ්ණං මාසානං අච්චයෙන තථාගතො පරිනිබ්බායිස්සතී’’ති. අථ ඛො භගවා චාපාලෙ චෙතියෙ සතො සම්පජානො ආයුසඞ්ඛාරං ඔස්සජි. ඔස්සට්ඨෙ ච
(ඔසජ්ජෙ පන (ක.)) භගවතා ආයුසඞ්ඛාරෙ මහාභූමිචාලො අහොසි භිංසනකො ලොමහංසො, දෙවදුන්දුභියො
(දෙවදුද්රභියො (ක.)) ච ඵලිංසු. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘තුලමතුලඤ්ච
අජ්ඣත්තරතො සමාහිතො, අභින්දි කවචමිවත්තසම්භව’’න්ති. දසමං;
|
822
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලානුවර මහවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ, පොරවා විශාලා නුවරට පිණ්ඩපාතය පිණිස වැඩිසේක. විශාලා නුවර පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් හැරී වැඩියේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් ඇමතූසේක.
“ආනන්දය, නිසීදනය ගනුව, චාපාල චේතිය යම් තැනකද දිවා විහරණය සඳහා එහි යන්නෙමි”යි-ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ “එසේය, ස්වාමීනියි” භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී නිසීදනය ගෙන භාග්‍යවතුන් වහන්සේගේ පසුපසින් ගියේය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ චාපාල චේතිය යම් තැනකද එතැනට වැඩියහ. වැඩ, පැනවූ අස්නෙහි වැඩහුන් සේක. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේද භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හිඳගත්තේය. එක්පසෙක හිඳගත් ආයුෂ්මත් ආනන්දස්ථවිරයන්ට භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළසේක.
“ආනන්දය, විශාලාව සිත්කළුය, උදේන චෛත්‍යය සිත්කළුය, ගෝතමක චෛත්‍යය සිත්කළුය, සත්තම්බ චෛත්‍යය සිත්කළුය, බහුපුත්ත චෛත්‍යය සිත්කළුය. සාරන්දද චෛත්‍යය සිත්කළුය, චාපාල චෛත්‍යය සිත්කළුය.
“ආනන්දය යම් කිසිවෙකු විසින් මේ සතර ඉද්ධිපාදයෝ වඩනලද්දාහුද බහුලකරන ලද්දාහුද, යානාවක් මෙන් කරන ලද්දාහුද, සිටින තැනක් මෙන් කරන ලද්දාහුද පුරුදුකරන ලද්දාහුද මනාකොට පටන්ගන්නා ලද්දාහුද හෙතෙම කැමැත්තේ නම් ආයුෂ් කල්පයක් හෝ ආයුෂ් කල්පයකට අඩුව වැඩිව හෝ සිටින්නේය.
“ආනන්දය, තථාගතයන් විසින් වනාහි සතර ඉද්ධිපාදයෝ වඩන ලද්දාහුය. නැවත නැවත වඩන ලද්දාහුය, යානාවක් මෙන් කරන ලද්දාහුය. සිටින තැනක් මෙන් කරන ලද්දාහුය, අධිෂ්ඨාන කරන ලද්දාහුය, පුරුදුකරන ලද්දාහුය. මනාකොට පටන්ගන්නා ලද්දාහුය. ආනන්දය, තථාගතයන් වහන්සේ කැමති වන්නේ නම් ආයුෂ් කල්පයක් හෝ ආයුෂ් කල්පයකට අඩුව වැඩිව හෝ සිටින්නේයයි” වදාළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වනාහි ඖදාරික නිමිති කරන කල්හි ඖදාරික ඇඟවීම් කරනු ලබන කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ තේරුම් ගැනීමට අසමත් වීය.
“බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැප පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ගේ අර්ථය පිණිස හිත පිණිස සැප පිණිස ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කල්පයක් සිටිනසේක්වා!’ සුගතයන් වහන්ස, කල්පයක් සිටිනසේක්වා!’ අනික් පෘථග්ජනයෙකු මෙන් මාරයා විසින් ආවේසවූ සිත් ඇත්තේ භාග්‍යවතුන්වහන්සේට යාඥා නොකෙළේය.
භාග්‍යවතුන් වහන්සේ විසින් දෙවනුවත් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙය වදාළ සේක.
“ආනන්දය, විශාලා නුවර සිත්කළුය, උදේන චෛත්‍යය සිත්කළුය. ගෝතමක චෛත්‍යය සිත්කළුය. සත්තම්බ චෛත්‍යය සිත්කළුය. බහුපුත්ත චෛත්‍යය සිත්කළුය. සාරන්දද චෛත්‍යය සිත්කළුය. චාපාල චෛත්‍යය සිත්කළුය.
“ආනන්දය, යම්කිසිවෙකු විසින් මේ සතර ඉද්ධිපාදයෝ වඩනලද්දාහුද බහුලකරන ලද්දාහුද යානාවක් මෙන් කරන ලද්දාහුද, සිටින තැනක්මෙන් කරනලද්දාහුද පුරුදුකරන ලද්දාහුද මනාකොට පටන්ගන්නා ලද්දාහුද හෙතෙම කැමැති වන්නේ නම් ආයුෂ් කල්පයක් හෝ ආයුෂ් කල්පයකට අඩුව හෝ වැඩිව හෝ සිටින්නේය.
“ආනන්දය, තථාගතයන් විසින් වනාහි සතර ඉද්ධිපාදයෝ වඩන ලද්දාහුය. නැවත නැවත වඩන ලද්දාහුය. යානාවක් මෙන් කරන ලද්දාහුය. සිටින තැනක් මෙන් කරන ලද්දාහුය. අධිෂ්ඨාන කරන ලද්දාහුය. පුරුදුකරන ලද්දාහුය. මනාකොට පටන්ගන්නා ලද්දාහුය. ආනන්දය, තථාගතයන් වහන්සේ කැමතිවන්නේ නම් ආයුෂ් කල්පයක් හෝ ආයුෂ් කල්පයකට අඩුව වැඩිව හෝ සිටින්නේයයි” වදාළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වනාහි ඖදාරික නිමිති කරන කල්හි ඖදාරික ඇඟවීම් කරනු ලබන කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ තේරුම් ගැනීමට අසමත් විය.
“බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැප පිණිස ලෝකයාට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ගේ අර්ථය පිණිස, හිත පිණිස, සැප පිණිස, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කල්පයක් සිටින සේක්වා! සුගතයන් වහන්ස කල්පයක් සිටිනසේක්වා!’ අනික් පෘථග්ජනයෙකු මෙන් මාරයා විසින් ආවේසවූ සිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේට යාඥා නොකෙළේය.
තුන්වෙනුවත් භාග්‍යවතුන් වහන්සේ විසින් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙය වදාළසේක
“ආනන්දය, විසාලා නුවර සිත්කළුය. උදේන චෛත්‍යය සිත්කළුය. ගෝතමක චෛත්‍යය සිත්කළුය. සත්තම්බ චෛත්‍යය සිත්කළුය. බහුපුත්ත චෛත්‍යය සිත්කළුය. සාරන්දද චෛත්‍යය සිත්කළුය. චාපාල චෛත්‍යය සිත්කළුය. ආනන්දය, යම්කිසිවකු විසින් සතර ඉද්ධිපාදයෝ වඩනලද්දාහුද නැවත නැවත වඩන ලද්දාහුද යානාවක් මෙන් කරන ලද්දාහුද සිටින තැනක් මෙන් කරන ලද්දාහුද අධිෂ්ඨාන කරන ලද්දාහුද පුරුදු කරන ලද්දාහුද මනාකොට ආරම්භ කරන ලද්දාහුද ආනන්දය, හෙතෙම කැමති වන්නේනම් කල්පයක් හෝ කල්පයට අඩුව වැඩිව හෝ සිටින්නේය.
“ආනන්දය, තථාගතයන් විසින් වනාහි සතර ඉද්ධිපාදයෝ වඩන ලද්දාහුය, නැවත නැවත වඩන ලද්දාහුය, යානාවක් මෙන් කරන ලද්දාහුය, සිටීමට තැනක් මෙන් කරන ලද්දාහුය. අධිෂ්ඨාන කරන ලද්දාහුය. පුරුදු කරන ලද්දාහුය. මනාකොට ආරම්භ කරන ලද්දාහුය. ආනන්දය, තථාගතයන් කැමතිවන්නේනම්, කල්පයක් හෝ කල්පයකට අඩුව වැඩිව හෝ සිටින්නේය” යනුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ ඖදාරික නිමිති කරන කල්හි ඖදාරික ඇඟවීම කරනු ලබන කල්හි ආයුෂ්මත් ආනන්දතෙමේ තේරුම්ගැනීමට අසමත් වීය.
“බොහෝ ජනයාට හිත පිණිස බොහෝ ජනයාට සැප පිණිස ලෝකයාට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ගේ අර්ථය පිණිස සැප පිණිස ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කල්පයක් සිටින සේක්වා යයි’ අනික් පෘථග්ජනයකුමෙන් මාරයා විසින් ආවේසවූ සිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේට යාඥා නොකෙළේය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට ඇමතූසේක. “ආනන්දය, දැන් නුඹ යව, දැන් ඊට කල් දනුව.” “ස්වාමීනි, එසේ යයි” ආයුෂ්මත් ආනන්දතෙමේ භාග්‍යවතුන් වහන්සේට උත්තර දී ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ගෞරව කොට නුදුරු තැනෙක්හි වූ එක්තරා ගසක් මුල හුන්නේය.
ඉක්බිති පාපී මාරතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් පාන සේක්වා, සුගතයන් වහන්ස, පිරිනිවන් පාන සේක්වා. ස්වාමීනි, දැන් පිරිනිවන් පාන කාලයයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘යම්තාක් මාගේ ශ්‍රාවක භික්ෂූහු ව්‍යක්ත නොවූවාහුද, වීනීත නොවූවාහුද විශාරද නොවූවාදහුද, නිවනට නොපැමිණියාහුද, බහුශ්‍රැත නොවූවාහුද, ධර්මධර නොවූවාහුද, ධර්මානුධර්මයෙහි නොපිළිපන්නාහුද, සුදුසු ප්‍රතිපදාවට පිළිපන්නෝ නොවූවාහුද, ධර්මයට අනුව නොහැසුරුණහුද, ස්වකීයාචාර්ය්යවාද ඉගෙන නොකියත්ද, දේශනා නොකරත්ද, නොපණවත්ද, විවරණය නොකරද්ද, ප්‍රකට නොකෙරෙත්ද, බෙදා නොදක්වත්ද, උපන්නාවූ පරවාද හේතු සහිතව මනාකොට ගෙන නිග්‍රහ කොට නෛර්ය්යානික කොට ධර්මය දේශනා නොකරත්ද, පාපිය, මම ඒතාක් පිරිනිවන් නොපාන්නෙමි”යි යන වචනය කියන ලදී.
“ස්වාමීනි, දැන් වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂූහු ව්යක්තවූහ. විනීතවූහ. විශාරදවූහ. නිවනට පැමිණියාහුය. බහුශ්රැතවූවාහුය. ධර්මධරවූවාහුය. ආර්ය්යධර්මයට අනුව පිළිපන්නාහුය. සුදුසු පිළිවෙතට පිළිපන්නාහුය. ධර්මයට අනුකූල පැවතුම් ඇත්තාහුය. ස්වකීය ආචාර්ය්ය වාද ඉගෙන කියන්නාහුය. දේශනා කරන්නාහුය. පණවන්නාහුය. තබන්නාහුය. විවරණය කරන්නාහුය. බෙදන්නාහුය. ප්‍රකට කරන්නාහුය. උපන්පරවාද හේතු සහිතව මනාකොට නිග්‍රහකොට ධර්මය නෛර්ය්යාණිකකොට දේශනා කරන්නාහුය. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, දැන් පිරිනිවන් පානාසේක්වා. සුගතයන් වහන්ස, පිරිනිවන් පානා සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට දැන් පිරිනිවන්පානා කාලයයි.
“ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ විසින් ‘යම්තාක් මාගේ ශ්‍රාවිකා භික්ෂූණීහු ව්‍යක්ත නොවෙත්ද, විනීත නොවෙත්ද, විශාරද නොවෙත්ද, නිවනට නොපැමිණියාහුද, බහුශ්‍රැත නොවූවාහුද, ධර්මධර නොවූවාහුද, ධර්මානුධර්මයෙහි නොපිළිපන්නාවූවාහුද, සුදුසු ප්‍රතිපදාවට පිළිපන්නෝ නොවූවාහුද, ධර්මයට අනුව නොහැසුරුණාහුද, ස්වකීයාචාර්ය්යවාද ඉගෙන නොකියත්ද, දේශනා නොකරත්ද, නොපණවත්ද, විවරණය නොකරත්ද, ප්‍රකට නොකරත්ද, බෙදා නොදක්වත්ද, උපන්නාවූ පරවාද හේතු සහිතව මනාකොට ගෙන නිග්‍රහකොට නෛර්ය්යානික කොට ධර්මය දේශනා නොකරත්ද, පාපිය, මම ඒතාක් පිරිනිවන් නොපාන්නෙමි’ යි යන වචනය කියන ලදී.
“ස්වාමීනි, දැන් වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකා භික්ෂූණීහු ව්යක්තවූහ. විනීතවූහ. විශාරදවූහ. නිවනට පැමිණියාහුය. බහුශ්‍රැත වූවාහුය. ධර්මධර වූවාහුය. ආර්‍ය්‍ය ධර්මයට අනුව පිළිපන්නාහුය. ධර්මයට අනුකූල පැවතුම් ඇත්තාහුය. ස්වකීයාචාර්ය්ය වාද ඉගෙන කියත්. දේශනා කරත්. පනවත්. තබත්. විවරණය කරත්. විහරණය කරත්. ප්‍රකට කරත්. උපන් පරවාද හේතු සහිතව මනාකොට නිග්‍රහකොට නෛර්ය්යාණිකකොට ධර්මය දේශනා කරත්.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පානා සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන්පානා සේක්වා! දැන් පිරිනිවීමට කාලයයි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘යම්තාක් මාගේ ශ්‍රාවක උපාසකයෝ ව්‍යක්ත නොවූවාහුද, විනීත නොවූවාහුද, විශාරද නොවූවාහුද, නිවනට නොපැමිණියාහුද, බහුශ්‍රැත නොවූවාහුද, ධර්මධර නොවූවාහුද, ධර්මානුධර්මයෙහි නොපිළිපන්නාහුද, සුදුසු ප්‍රතිපදාවට පිළිපන්නෝ නොවූවාහුද, ධර්මයට අනුව නොහැසුරුණාහුද, ස්වකීයාචාර්ය්යවාද ඉගෙන නොකියත්ද, දේශනා නොකරත්ද, නොපණවත්ද, විවරණය නොකරත්ද, ප්‍රකට නොකරත්ද, බෙදා නොදක්වත්ද, උපන්නාවූ පරවාද හේතු සහිතව මනාකොට ගෙන නිග්‍රහ කොට නෛර්‍ය්‍යාණික කොට ධර්මය දේශනා නොකරත්ද, පාපිය, මම ඒතාක් පිරිනිවන් නොපාන්නෙමි’යි යන වචනය කියන ලදී.
“ස්වාමීනි, දැන් වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක උපාසකයෝ ව්යක්තවූහ. විනීතවූහ. විශාරදවූහ. නිවනට පැමිණියාහුය. බහුශ්‍රැත වූවාහුය. ධර්මධර වූවාහුය. ආර්‍ය්‍ය ධර්මයට අනුව පිළිපන්නාහුය. ධර්මයට අනුකූල පැවැතුම් ඇත්තාහුය. ස්වකීයාචාර්ය්ය වාද ඉගෙන කියත්. දේශනා කරත්. පනවත්. තබත්. විවරණය කරත්. විහරණය කරත්. ප්‍රකට කරත්. උපන් පරවාද හේතු සහිතව මනාකොට නිග්‍රහකොට නෛර්‍ය්‍යාණික කොට ධර්මය දේශනා කරත්.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පානා සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන්පානා සේක්වා! දැන් පිරිනිවීමට කාලය වෙයි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම්තාක් මාගේ ශ්‍රාවිකා උපාසිකාවෝ ව්‍යක්ත නොවෙත්ද, විනීත නොවෙත්ද, විශාරද නොවෙත්ද, නිවනට නොපැමිණියාහුද, බහුශ්‍රැත නොවූවාහුද, ධර්මධර නොවූවාහුද, ආර්ය්යධර්මයට අනුව නොපිළිපන්නාහුද, සුදුසු පිළිවෙතට නොපිළිපන්නාහුද, ධර්මයට අනුව පැවතුම් නැත්තාහුද, ස්වකීය ආචාර්ය්ය වාද ඉගෙන නොකියත්ද, දේශනා නොකරත්ද, නොපනවත්ද, විවරණය නොකරත්ද, ප්‍රකාශ නොකරත්ද, නොබෙදත්ද, ප්‍රකට නොකරත්ද, උපන්නාවූ පරවාද හේතු සහිතව මනාකොට නිග්‍රහකොට නෛර්‍ය්‍යාණික කොට ධර්මය දේශනා නොකෙරෙත්ද, පාපිය. ඒතාක් මම පිරිනිවන් නොපාන්නෙමි’ යන වචනය කියන ලදී.
“ස්වාමීනි, දැන් වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකා උපාසිකාවෝ ව්යක්තවූහ. විනීතවූහ. විශාරදවූහ. නිවනට පැමිණියාහුය. බහුශ්‍රැත වූවාහුය. ධර්මධරවූවාහුය. ආර්‍ය්‍ය ධර්මයට අනුව පිළිපන්නාහුය. ධර්මයට අනුකූල පැවැතුම් ඇත්තාහුය. ස්වකීයාචාර්ය්ය වාද ඉගෙන කියත්. දේශනා කරත්. පනවත්. තබත්. විවරණය කරත්. විහරණය කරත්. ප්‍රකට කරත්. උපන් පරවාද හේතු සහිතව මනාකොට නිග්‍රහකොට නෛර්‍ය්‍යාණික කොට ධර්මය දේශනා කරත්.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා! දැන් පිරිනිවීමට කාලය වෙයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘යම්තාක් මාගේ ශාසනය ධ්‍යානාදි වශයෙන්ද සමාධියට නොපැමිණෙන්නේද, අභිඥා වශයෙන් වැඩීමට නොපැමිණියේද, හැම දිශාවන්හි නොපැතුරුණේද, බොහෝ දෙනා විසින් නොදැනගන්නා ලද්දේද, විශාල බවට නොපැමිණියේද, දෙවි මිනිසුන් විසින් ප්‍රකාශ නොකරන ලද්දේද, පාපිය, මම ඒතාක් පිරිනිවන් නොපාන්නෙමි’ යි කියන ලදී.
“ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය ධ්‍යානාදි වශයෙන් සමෘද්ධියට පැමිණියේය. වැඩීමට පැමිණියේය. අභිඥා වශයෙන් හැම දිශාවන්හි පැතුරුණේය. බොහෝ දෙනා විසින් දැනගන්නා ලද්දේය. විශාල බවට පැමිණියේය. දෙව් මිනිසුන් විසින් ප්‍රකාශ කරන ලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස දැන් පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්ස, පිරිනිවන්පානා සේක්වා! ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවීමට කාලයයි.”
මෙසේ කීකල්හි භාග්‍යවතුන් වහන්සේ පාපී මාරයාට මෙසේ වදාළසේක. “පාපීය, තෝ වෙහෙස නොවෙව. නොබෝ කලකින් තථාගතයන්ගේ පිරිනිවීම වන්නේය. මෙයින් තුන් මසක්හුගේ ඇවෑමෙන් තථාගත තෙමේ පිරිනිවන් පාන්නේයයි” වදාළේය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍යයෙහි සිහි නුවණින් යුක්තව ආයුසංස්කාරය අත්හළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් ආයු සංස්කාරය අත්හළ කල්හි මහා පොළොව කම්පාවිය. භයානකවූ ලොමු ඩැහැගන්නාවූ අහස ගිගුරුම් වූහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ උදානය නිකුත් කළ සේක.
“බුද්ධ මුනි තෙමේ භවය ඇති කරන හෙයින් භව සංඛාර යන නම ඇත්තාවූද, තුල අතුලයයි කියන ලද්දාවූද, ලෞකික කර්ම අත්හළේය. යුද්ධ භූමියෙහි මහා යෝධයෙක් මෙන් ආත්මභාවය උපදවන ක්ලෙශ කවචය (යුද්ධ ඇඳුම) අධ්‍යාත්මයෙහි ඇළුණේ සමාධියෙන් යුක්තවූයේ බිඳුලුවේය.”
|
2. පාසාදකම්පනවග්ගො | 2. පාසාද කම්පන වර්ගය |
1. පුබ්බසුත්තං | 1. හේතු සූත්‍රය |
823
සාවත්ථිනිදානං
‘‘වීරියසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං
‘‘චිත්තසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං
‘‘වීමංසාසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති - ඉති මෙ වීමංසා න ච අතිලීනා භවිස්සති, න ච අතිප්පග්ගහිතා භවිස්සති, න ච අජ්ඣත්තං සංඛිත්තා භවිස්සති
‘‘එවං භාවිතෙසු ඛො, භික්ඛු, චතූසු ඉද්ධිපාදෙසු එවං බහුලීකතෙසු, අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති - එකොපි හුත්වා බහුධා හොති, බහුධාපි හුත්වා එකො හොති; ආවිභාවං, තිරොභාවං; තිරොකුට්ටං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති, සෙය්යථාපි ආකාසෙ; පථවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරොති, සෙය්යථාපි උදකෙ; උදකෙපි අභිජ්ජමානෙ
‘‘එවං භාවිතෙසු ඛො, භික්ඛු, චතූසු ඉද්ධිපාදෙසු එවං බහුලීකතෙසු දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණාති - දිබ්බෙ ච මානුසෙ ච, දූරෙ සන්තිකෙ චාති.
‘‘එවං භාවිතෙසු ඛො, භික්ඛු, චතූසු ඉද්ධිපාදෙසු එවං බහුලීකතෙසු, පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති. සරාගං වා චිත්තං ‘සරාගං චිත්ත’න්ති පජානාති; වීතරාගං වා චිත්තං ‘වීතරාගං චිත්ත’න්ති පජානාති; සදොසං වා චිත්තං ‘සදොසං චිත්ත’න්ති පජානාති; වීතදොසං වා චිත්තං ‘වීතදොසං චිත්ත’න්ති පජානාති; සමොහං වා චිත්තං ‘සමොහං චිත්ත’න්ති පජානාති; වීතමොහං වා චිත්තං ‘වීතමොහං චිත්ත’න්ති පජානාති; සංඛිත්තං වා චිත්තං ‘සංඛිත්තං චිත්ත’න්ති පජානාති; වික්ඛිත්තං වා චිත්තං ‘වික්ඛිත්තං චිත්ත’න්ති පජානාති; මහග්ගතං වා චිත්තං ‘මහග්ගතං චිත්ත’න්ති පජානාති; අමහග්ගතං වා චිත්තං ‘අමහග්ගතං චිත්ත’න්ති පජානාති; සඋත්තරං වා චිත්තං ‘සඋත්තරං චිත්ත’න්ති පජානාති; අනුත්තරං වා චිත්තං ‘අනුත්තරං චිත්ත’න්ති පජානාති; සමාහිතං වා චිත්තං ‘සමාහිතං චිත්ත’න්ති පජානාති; අසමාහිතං වා චිත්තං ‘අසමාහිතං චිත්ත’න්ති පජානාති; විමුත්තං වා චිත්තං ‘විමුත්තං චිත්ත’න්ති පජානාති; අවිමුත්තං වා චිත්තං ‘අවිමුත්තං චිත්ත’න්ති පජානාති’’.
‘‘එවං
‘‘එවං භාවිතෙසු ඛො භික්ඛු, චතූසු ඉද්ධිපාදෙසු එවං බහුලීකතෙසු, දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ, සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති - ‘ඉමෙ වත, භොන්තො, සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා; තෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන, භොන්තො, සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං
‘‘එවං භාවිතෙසු ඛො, භික්ඛු, චතූසු ඉද්ධිපාදෙසු එවං බහුලීකතෙසු, ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී’’ති. පඨමං.
|
823
[1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, බුදුවීමට පළමුව බුදු නොවූ බෝසත්වූ මාහට මෙබඳු අදහසක් පහළවිය. ඉද්ධිපාදයන් වැඩීමට හේතුව කවරේද, ප්‍රත්‍යය කවරේද” යනුයි.
[3] “මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘මේ ශාසනයෙහි මහණතෙමේ ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඍද්ධිපාදය වඩන්නේය. කෙසේද? මේ ආකාරයෙන් මාගේ ඡන්දය ඉතා හැකුළුණේ නොවන්නේය. ඉතා එසවුණේත් නොවන්නේය. ඇතුළත හැකුළුණේත් නොවන්නේය. පිටත විසිර ගියේත් නොවන්නේය. රහත් වීමට පෙර මෙන් රහත් වීමට පසුවද පසුව මෙන් පෙරද, ශරීරයෙහි යට මෙන් උඩද උඩ මෙන් යටද, දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද, එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය කියායි. මෙසේ නොවැසූ විවෘත කළ සිතින් බැබලීම් සහිත සිත වඩයි.
[4] “වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඍද්ධිපාදය වඩයි. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ වීර්‍ය්‍යය ඉතා හැකුළුණේත් නොවන්නේය. ඉතා එසවුණේත් නොවන්නේය. ඇතුළත හැකුළුණේත් නොවන්නේය. පිටත විසිර ගියේත් නොවන්නේය. පෙර පසු දෙක්හිම එකහා සමාන හැඟීම් ඇතිව වාසය කරයි. රහත්වීමට පළමු මෙන්ම පසුවත් පසුව මෙන්ම පෙරත් ශරීරයෙහි උඩ මෙන්ම යටත් යට මෙන්ම උඩත්, දවල් මෙන්ම රෑත් රෑ මෙන් දවල්හිත්, එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ විවෘතවූ නොවැසූ සිතින් බැබලීම් සහිත සිතක් වඩයි.
[5] “චිත්තය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඍද්ධිපාදය වඩයි. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ සිත ඉතා හැකුළුණේද නොවන්නේය. ඉතා එසවුණේද නොවන්නේය. ඇතුළත හැකුළුණේද නොවන්නේය. පිටත්හි විසිර ගියේද නොවන්නේය. පෙර හා පසුව එකහා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය. පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද, යටිකය මෙන් උඩු කයද උඩු කය මෙන් යටිකයද, දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද, එකහා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ නොවසන ලද විවෘත කළ සිතින් බැබලීම් සහිත සිත වඩයි.
[6] “විමංසය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඍද්ධිපාදය වඩයි. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ විමංසය ඉතා හැකුළුණේත් නොවන්නේය. ඉතා එසවුණේත් නොවන්නේය. ඇතුළත හැකුළුණේත් නොවන්නේය. පිටත්හි විසිර ගියේත් නොවන්නේය. පෙර පසු සමාන හැඟීම් ඇතිව වාසය කරයි. පෙර මෙන්ම පසුවද පසුව මෙන්ම පෙරද, යටි කයෙහි මෙන්ම උඩු කයෙහිද උඩුකයෙහි මෙන්ම යටි කයෙහිද, දවල් මෙන්ම රෑද රෑ මෙන්ම දවල්ද, සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ නොවසන ලද විවෘතවූ සිතින් බැබලීම් සහිත සිත වඩයි.
[7] “මහණෙනි, මහණතෙම සතර ඍද්ධිපාදයන් මෙසේ වැඩූකල්හි නැවත නැවත වැඩූ කල්හි නොයෙක් වැදෑරුම් ඍද්ධි කොටස් දක්වන්නේය. එක් කෙනෙක්ව බොහෝ දෙනෙක් වෙත්. බොහෝ දෙනෙක්ව එක්කෙනෙක්ද වේ. ප්‍රකට බවට මුවහ බවට අහසෙහි මෙන් බිත්තියෙන් ඔබට පර්වතයෙන් ඔබට ප්‍රාකාරයෙන් ඔබට නොගැටී යයි. ජලයෙහි මෙන් පොළොවෙහි ගැලීම් කිමිදීම් කරයි. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් යයි. පක්ෂියෙකු මෙන් අහසෙහි යේද පර්‍ය්‍යංකයෙන් හිඳගෙන මහත් ඍද්ධි ඇති මහත් අනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කරයි. පිරිමදියි. බ්‍රහ්මලෝක පවා කයින් වසඟ බවට පමුණුවයි.
[8] “මහණෙනි, මහණතෙමේ මෙසේ සතර ඍද්ධිපාදයන් වැඩූ කල්හි නැවත නැවත වැඩූ කල්හි මිනිස් බව ඉක්මවූ පිරිසිදුවූ දිව කණින් දිව්‍යමයවූද මනුෂ්‍යමයවූද දුරවූද ළංවූද ශබ්ද අසයි. මහණෙනි, මහණතෙමේ මෙසේ සතර ඍද්ධිපාදයන් වැඩූ කල්හි නැවත නැවත වැඩූ කල්හි අනික් සත්වයන්ගේ අනික් පුද්ගලයන්ගේ සිතින් සිත වෙන් කොට දැනගනියි. රාග සහිත සිත රාග සහිත සිතයයි දැනගනියි. රාග රහිත සිත රාග රහිත සිතයයි දැනගනියි. දොස සහිත සිත දොස සහිත සිතයයි දැනගනියි. දොස රහිත සිත දොස රහිත සිතයයි දැනගනියි. මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දැනගනියි. මෝහ රහිත සිත මෝහ රහිත සිතයයි දැනගනියි.
[9] “හැකිලුන සිත හැකිලුන සිතයයි දැනගනියි. විසිරගිය සිත විසිර ගිය සිතයයි දැනගනියි. මහග්ගත සිත මහග්ගත සිතයයි දැනගනියි. මහග්ගත නොවූ සිත මහග්ගත නොවූ සිතයයි දැනගනියි. උසස් සිත උසස් සිතයයි දැනගනියි. උසස් නොවූ සිත උසස් නොවූ සිතයයි දැනගනියි. සමාහිත නොවූ සිත සමාහිත නොවූ සිතයයි දැනගනියි. සමාහිත සිත සමාහිත සිතයයි දැනගනියි. නොමිඳුනු සිත නොමිඳුනු සිත යයි දැනගනියි. මිදුනු සිත මිදුනු සිතයයි දැනගනියි.
[10] “මහණෙනි, මහණතෙම මෙසේ සතර ඉද්ධිපාදයන් වැඩූකල්හි නැවත නැවත වැඩූකල්හි නොයෙක් වැදෑරුම් පෙරවිසූ කඳ පිළිවෙල සිහි කරයි. ඒ කෙසේදයත්?
“ජාති එකක්ද ජාති දෙකක්ද ජාති තුනක්ද ජාති සතරක්ද ජාති පහක්ද ජාති දහයක්ද ජාති විස්සක්ද ජාති තිහක්ද ජාති හතලිහක්ද ජාති පණහක්ද ජාති සියයක්ද ජාති දහසක්ද ජාති ලක්ෂයක්ද නොයෙක් සංවට්ට කල්පයන්ද නොයෙක් විවට්ට කල්පයන්ද නොයෙක් සංවට්ට විවට්ට කල්පයන් අසවල් තැන සිටියෙමි. නම මෙසේය. ගෝත්‍රය මෙසේය. වර්ණය මෙසේය. ආහාරය මෙසේය. මෙසේ සැප දුක් වින්දේ මෙසේ ආයු කෙළවර විය. හෙතෙම එයින් චුතව මෙහි උපන්නේය. මෙසේ ආකාර සහිතව කොටස් සහිතව නොයෙක් වැදෑරුම් පෙරවිසූ කඳ පිළිවෙල සිහි කරයි.
[11] “මහණෙනි, මෙසේ සතර ඉද්ධිපාදයන් වැඩූකල්හි නැවත නැවත වැඩූ කල්හි මිනිස්බව ඉක්මවූ පිරිසිදු දිව ඇසින් චුතවන්නාවූද උපදින්නාවූද හීනවූද, ප්‍රණීතවූද, මනා පැහැ ඇත්තාවූද, දුර්වර්ණවූද සැපයට පැමිණියාවූද, දුකට පැමිණියාවූද, සත්වයන් දකියි. කර්මානුකූලව උපන් සත්වයන් දකියි.
“මේ පින්වත් සත්වයෝ ඒකාන්තයෙන් කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. වචී දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. ආර්‍ය්‍යයන්ට නිග්‍රහ කළාවූ මිසදිටු වූවාහුය. මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇත්තාවූ විවසව වැටෙන්නාවූ නිරයෙහි උපන්නාහුය.
[12] “මේ පින්වත් සත්වයෝ ඒකාන්තයෙන් කාය සුචරිතයෙන් යුක්තවූවාහුය. වචී සුචරිතයෙන් යුක්තවූවාහුය. මනෝ සුචරිතයෙන් යුක්තවූවාහුය. ආර්‍ය්‍යයන්ට නිග්‍රහ නොකළාහුය. සම්‍යක්දෘෂ්ටියෙන් යුක්ත වූවාහුය. සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් යුත් ස්වර්ගලෝකයෙහි උපන්නාහුයයි කර්මානුකූලව උපන් සත්වයන් දකියි.
“මෙසේ මිනිස්බව ඉක්මවූ පිරිසිදුවූ දිවඇසින් චුතවන්නාවූද උපදින්නාවූද හීනවූද ප්‍රණීතවූද මනා වර්ණ ඇත්තාවූද, යහපත් වර්ණ ඇත්තාවූද, සැප ඇත්තාවූද සැප නැත්තාවූද සත්වයන් දකියි. කර්මානුකූලව උපන් සත්වයන් දකියි.
[13] “මහණෙනි, මහණතෙමේ මෙසේ සතර ඉද්ධිපාදයන් වැඩූකල්හි නැවත නැවත වැඩූකල්හි ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධියත් අර්හත් ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නේය.”
|
2. මහප්ඵලසුත්තං | 2. මහප්ඵල සූත්‍රය |
824
‘‘චත්තාරොමෙ
‘‘වීරියසමාධි...පෙ.... චිත්තසමාධි...පෙ.... වීමංසාසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති - ‘ඉති මෙ වීමංසා න ච අතිලීනා භවිස්සති, න ච අතිප්පග්ගහිතා
‘‘එවං භාවිතෙසු ඛො, භික්ඛවෙ, භික්ඛු චතූසු ඉද්ධිපාදෙසු එවං බහුලීකතෙසු අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති - එකොපි හුත්වා බහුධා හොති...පෙ.... යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති...පෙ.....
‘‘එවං
|
824
(මේ ඡේදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 1 ඡේදය මෙනි)
“මහණෙනි, වඩනලද්දාවූ බහුලකරන ලද්දාවූ මේ සතර ඉද්ධිපාදයෝ මහත්ඵල ඇත්තාහු වෙත්. මහානිසංස ඇත්තාහු වෙත්.
“මේ සතර ඍද්ධිපාදයෝ කෙසේ වඩන ලද්දාහු කෙසේ බහුල කරන ලද්දාහු, මහත්ඵල මහානිසංස ඇත්තාහු වෙත්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ‘මේ ආකාරයෙන් මගේ ඡන්දය ඉතා හැකුළුණේ නොවන්නේය. ඉතා එසවුණේ නොවන්නේය. අධ්‍යාත්මයෙහි හැකිලුනේ නොවන්නේය. පිටත විසිර ගියේ නොවන්නේය. පෙර පසු එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය.
“පෙර මෙන් පසුද පසුව මෙන් පෙරද, යටි කයෙහි මෙන් උඩු කයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද, දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද, සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය. මෙසේ විවෘතවූ සිතින් නොවැසුණාවූ සිතින් බැබලීම් සහිත සිත වඩන්නේයයි’ ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩන්නේද,
“මේ ආකාරයෙන් මගේ වීර්‍ය්‍යය ඉතා හැකුළුණේ නොවන්නේය. ඉතා එසවුණේ නොවන්නේය. අධ්‍යාත්මයෙහි හැකිලුනේ නොවන්නේය. පිටත විසිර ගියේ නොවන්නේය. පෙර පසු එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය.
“පෙර මෙන් පසුද පසුව මෙන් පෙරද, යටි කයෙහි මෙන් උඩු කයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද, දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද, සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය. මෙසේ විවෘතවූ සිතින් නොවැසුණාවූ සිතින් බැබලීම් සහිත සිත වඩන්නේයයි’ වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩන්නේද,
“මේ ආකාරයෙන් මගේ සිත ඉතා හැකුළුණේ නොවන්නේය. ඉතා එසවුණේ නොවන්නේය. අධ්‍යාත්මයෙහි හැකිලුනේ නොවන්නේය. පිටත විසිර ගියේ නොවන්නේය. පෙර පසු එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය.
“පෙර මෙන් පසුද පසුව මෙන් පෙරද, යටි කයෙහි මෙන් උඩු කයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද, දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද, සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය. මෙසේ විවෘතවූ සිතින් නොවැසුණාවූ සිතින් බැබලීම් සහිත සිත වඩන්නේයයි සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩන්නේද,
“මේ ආකාරයෙන් මාගේ විමංසය ඉතා හැකුළුණේත් නොවන්නේය. ඉතා එසවුණේත් නොවන්නේය. අධ්‍යාත්මයෙහි හැකිළුණේ නොවන්නේය. පිටත විසිර ගියේ නොවන්නේය. පෙර පසු එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරයි. පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද, යටි කයෙහි මෙන් උඩු කයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද, දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද, සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය.
“මෙසේ විවෘතවූ නොවැසුන සිතින් බැබලීම් සහිත සිත වඩන්නේයයි’ වීමංසය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඍද්ධිපාදය වඩයිද,
“මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සතර ඍද්ධිපාදයෝ මහත්ඵල ඇත්තාහු මහානිසංස ඇත්තාහු වෙත්. මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සතර ඍද්ධිපාදයන් ඇතිකල්හි නොයෙක් ආකාර ඍද්ධි කොටස් වළඳයි.
“එක්කෙනෙක්ව බොහෝ දෙනෙක් වෙත්. බොහෝ දෙනෙක්ව එක්කෙනෙක්ද වේ. ප්‍රකට බවට මුවහ බවට අහසෙහි මෙන් බිත්තියෙන් ඔබට පර්වතයෙන් ඔබට ප්‍රාකාරයෙන් ඔබට නොගැටී යයි. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් කිමිදීම් කරයි. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් යයි. පක්ෂියෙකු මෙන් අහසෙහි යේද පර්‍ය්‍යංකයෙන් හිඳගෙන මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳහිරු දෙදෙන පවා අතින් ස්පර්ශ කරයි. පිරිමදියි. බ්‍රහ්ම ලෝක පවා කයින් වසඟ බවට පමුණුවයි.
(මෙම කොටස මේ වර්ගයේ 1 සූත්‍රයේ 8-12 ඡේද මෙනි.)
“මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සතර ඍද්ධිපාදයන් ඇති කල්හි ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධියත් අර්හත්ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කරයි.
|
3. ඡන්දසමාධිසුත්තං | 3. ඡන්ද සූත්‍රය |
825
‘‘ඡන්දං චෙ, භික්ඛවෙ, භික්ඛු නිස්සාය ලභති සමාධිං, ලභති චිත්තස්ස එකග්ගතං - අයං වුච්චති ඡන්දසමාධි. සො අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං පාපකානං
‘‘වීරියං
‘‘චිත්තං
‘‘වීමංසං චෙ, භික්ඛවෙ, භික්ඛු නිස්සාය ලභති සමාධිං, ලභති චිත්තස්ස එකග්ගතං - අයං වුච්චති ‘වීමංසාසමාධි’. සො අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති...පෙ.... උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉමෙ වුච්චන්ති ‘පධානසඞ්ඛාරා’ති
|
825
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡේදය මෙනි)
“මහණෙනි, මහණතෙමේ ඉදින් ඡන්දය නිසා (අධිපති) සමාධියක් සිතේ එකඟකමක් ලබයිද, එය ඡන්ද සමාධියයයි කියනු ලැබේ. හෙතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම්කරයිද, වීර්‍ය්‍ය පටන් ගනියිද සිත ඔසවයිද, උත්සාහ කරයිද උපන් ලාමක අකුසල ධර්මයන්ගේ ප්රහාණය පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, නූපන් කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද වීර්‍ය්‍ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස නොමුළාවීම පිණිස බොහෝබව පිණිස මහත්බව පිණිස වැඩීම පිණිස සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද වීර්‍ය්‍ය පටන්ගනියිද සිත ඔසවයිද උත්සාහ කරයිද, මේ ප්‍රධාන සංස්කාරයෝ යයි කියනු ලැබෙත්.
“මෙසේ මේ ඡන්දය වෙයි, මේ ඡන්දසමාධිය වෙයි. මොව්හු ප්‍රධාන සංස්කාරයෝ වෙත්. මහණෙනි, මේ ඡන්ද සමාධිපධාන සංඛාර සමන්නාගත ඍද්ධිපාදයයි කියනු ලැබේ.
“මහණෙනි, මහණතෙමේ ඉදින් වීර්‍ය්‍යය නිසා (අධිපති) සමාධියක් සිතේ එකඟකමක් ලබයිද, එය වීර්‍ය්‍ය සමාධියයයි කියනු ලැබේ. හෙතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද සිත ඔසවයිද උත්සාහ කරයිද උපන් ලාමක අකුසල ධර්මයන්ගේ ප්රහාණය පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, නූපන් කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද, සිත ඔසවයිද උත්සාහ කරයිද, උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස, නොමුළාවීම පිණිස, බොහෝ බව පිණිස, මහත්බව පිණිස, වැඩීම පිණිස, සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන් ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද මේ ප්‍රධාන සංස්කාරයෝයයි කියනු ලැබෙත්.
“මෙසේ මේ වීර්ය්යයවෙයි. මේ වීර්‍ය්‍ය සමාධියවෙයි මොව්හු ප්‍රධාන සංස්කාරයෝ වෙත්. මහණෙනි, මේ වීර්ය්යසමාධිපධාන සංඛාර සමන්නාගත ඍද්ධිපාදයයි කියනු ලැබේ.
“මහණෙනි, මහණතෙමේ ඉදින් සිත නිසා (අධිපති) සමාධියක් සිතේ එකඟකමක් ලබයිද, එය සිත සමාධියයයි කියනු ලැබේ. හෙතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද සිත ඔසවයිද, උත්සාහ කරයිද, උපන් ලාමක අකුසල ධර්මයන්ගේ ප්රහාණය පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, නූපන් කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනීද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, උපන් කුසලධර්මයන්ගේ පැවැත්ම පිණිස, නොමුළාවීම පිණිස, බොහෝබව පිණිස, මහත් බව පිණිස, වැඩීම පිණිස, සම්පූර්ණවීම පිණිස, කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, මේ ප්‍රධාන සංස්කාරයෝයයි කියනු ලැබෙත්.
“මෙසේ මේ සිත වෙයි මේ සිත සමාධිය වෙයි. මොව්හු ප්‍රධාන සංස්කාරයෝ වෙත්. මහණෙනි, මේ සිත සමාධිපධාන සංඛාර සමන්නාගත ඍද්ධිපාදයයි කියනු ලැබේ.
“මහණෙනි, මහණතෙමේ ඉදින් වීමංසය නිසා (අධිපති) සමාධියක් සිතේ එකඟකමක් ලබයිද, එය වීමංසය සමාධියයයි කියනු ලැබේ. හෙතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද සිත ඔසවයිද, උත්සාහකරයිද, උපන් ලාමක අකුසල ධර්මයන්ගේ ප්රහාණය පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, නූපන් කුසලධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම්කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද, සිත ඔසවයිද උත්සාහකරයිද උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස නොමුළාවීම පිණිස බොහෝබව පිණිස මහත්බව පිණිස වැඩීම පිණිස සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයිද වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, මේ ප්‍රධාන සංස්කාරයෝයයි කියනු ලැබෙත්.
“මෙසේ මේ වීමංසය වෙයි. මේ වීමංසය සමාධිය වෙයි. මොව්හු ප්‍රධාන සංස්කාරයෝ වෙත්. මහණෙනි, මේ වීමංසය සමාධිපධාන සංඛාර සමන්නාගත ඍද්ධිපාදයයි කියනු ලැබේ.”
|
4. මොග්ගල්ලානසුත්තං | 4. මොග්ගල්ලාන සූත්‍රය |
826
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ හෙට්ඨාමිගාරමාතුපාසාදෙ විහරන්ති උද්ධතා උන්නළා චපලා මුඛරා විකිණ්ණවාචා මුට්ඨස්සතිනො අසම්පජානා අසමාහිතා භන්තචිත්තා
(විබ්භන්තචිත්තා (සී. ස්‍යා. කං.)) පාකතින්ද්රියා.
අථ
‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා මහාමොග්ගල්ලානො
අථ ඛො භගවා යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තෙ භික්ඛූ භගවා එතදවොච - ‘‘කිං නු තුම්හෙ, භික්ඛවෙ, සංවිග්ගා ලොමහට්ඨජාතා එකමන්තං ඨිතා’’ති? ‘‘අච්ඡරියං, භන්තෙ, අබ්භුතං භන්තෙ! නිවාතඤ්ච වත අයඤ්ච මිගාරමාතුපාසාදො ගම්භීරනෙමො සුනිඛාතො අචලො අසම්පකම්පී, අථ ච පන සඞ්කම්පිතො සම්පකම්පිතො සම්පචාලිතො’’ති! ‘‘තුම්හෙව ඛො, භික්ඛවෙ, සංවෙජෙතුකාමෙන මොග්ගල්ලානෙන භික්ඛුනා පාදඞ්ගුට්ඨකෙන මිගාරමාතුපාසාදො, සඞ්කම්පිතො සම්පකම්පිතො සම්පචාලිතො. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, කතමෙසං ධම්මානං භාවිතත්තා බහුලීකතත්තා මොග්ගල්ලානො භික්ඛු එවංමහිද්ධිකො එවංමහානුභාවො’’ති
‘‘තෙන
|
826
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මිගාර මාතු පාය නම්වූ පූර්වාරාමයෙහි වැඩ සිටිසේක. එකල්හි බොහෝ භික්ෂූහු මිගාරමාතු පහය තුල ඔසවාගත් හිස් මානය ඇතිව පාත්‍ර සිවුරු සැරසීම් ආදි චපලගති ඇතිව කෲර වචන ඇතිව නිරර්ථක වචන කියමින් සිහි මුළාව නුවණින් තොරව සමාධියෙන් තොරව තැතිගත් සිත් ඇතිව නොදැමුනු ඉඳුරන් ඇතිව වාසය කරත්.
“එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් ඇමතූසේක. “මොග්ගල්ලානය මේ සබ්බ්‍රහ්මචාරීහු මිගාරමාතු පහය යට හිස් මානයෙන් යුක්තව චපලව කෲර වචන ඇතිව හිස් වචන කියමින් සිහියෙන් තොරව සමාධියෙන් තොරව නුවණින් තොරව නොදැමුණු ඉඳුරන් ඇතිව වාසයකරත්. ‘මොග්ගල්ලානය, යව. ඒ භික්ෂූන් සංවේගයට පත්කරව’යයි වදාළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරතෙමේ “එසේය, ස්වාමීනියි” භාග්‍යවතුන් වහන්සේට පිළිතුරුදී යම්සේ පා සුලඟිල්ලෙන් මිගාරමාතු පහය සෙලවීද මනාකොට කම්පා කෙළේද මනාකොට සෙලවීද, එබඳු ඍද්ධිවිධියක් කළහ. ඉක්බිති ඒ භික්ෂූහු සංවේගයට පැමිණියාහු ලොමුඩැහැ ගත්තාහු එක්පසෙක හුන්නාහුය. “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයකි. පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයකි. වාතයක්ද නැත. මේ මිගාරමාතු පහය ගැඹුරු පොළොවෙහි පිහිටියේය. මනාව පිහිටුවා ඇත්තේය. නොසෙල් වෙන්නේය. කම්පා නොවන්නේය. එසේද වුවත් සෙලවුණි කම්පාවිණියි” කීහ.
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් යම් තැනකද එතැනට වැඩිසේක. වැඩ, ඒ භික්ෂූන්ට මෙසේ වදාළසේක. “මහණෙනි, තෙපි සංවේගයට පැමිණියාහු ලොමු ඩැහැගත්තාහු එක් පසෙක කුමක් නිසා සිටින්නහුද?” යනුයි.
“ස්වාමීනි, ආශ්චර්‍ය්‍යයකි, ස්වාමීනි, අද්භූතයකි. වාතයක්ද නැත. මේ මිගාරමාතු පහය ගැඹුරු පොළොවෙහි පිහිටියේය. ශක්තිමත්ව ගොඩනගා ඇත්තේය. මනාකොට පිහිටුවා ඇත්තේය. නිශ්චලය. නොසෙල් වෙන්නේය. එසේ වුවත් සෙලවුණි. කම්පාවුණියයි” කීහ.
“මහණෙනි, තොප සංවේගයට පමුණුවනු කැමතිවූ මහා මොග්ගල්ලාන භික්ෂුව විසින් පා සුලඟිල්ලෙන් මිගාර මාතු පහය කම්පා කරන ලදී. මනාකොට කම්පා කරන ලදී. මනාකොට සොලවන ලදී.
“මහණෙනි, එය කුමකැයි සිතව්ද? මහා මොග්ගල්ලාන භික්ෂුව කුමන ධර්මයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මෙසේ මහත් ඍද්ධි ඇත්තේ මහත් ආනුභාව ඇත්තේවේද?”
“ස්වාමීනි, ධර්මය භාග්‍යවතුන්වහන්සේ මුල්කොටම පවතී. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය.
“මහණෙනි සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහා මොග්ගල්ලාන භික්ෂුව මෙසේ මහත් ඍද්ධි ඇත්තේ මහත් ආනුභාව ඇත්තේ විය. කවර සතරක්ද යත්.
“මහණෙනි, මෙහි මහාමොග්ගල්ලාන භික්ෂුව ‘මේ ආකාරයෙන් මාගේ ඡන්දය අතිශයින් හැකුළුණේ නොවන්නේය. අතිශයින් එසවුණේ නොවන්නේය. අධ්‍යාත්මයෙහි හැකුළුණේ නොවන්නේය. පිටතට විසිරගියේ නොවන්නේය. පසු පෙර එක හා සමාන සඤ්ඤාවෙන් වාසය කරයි. මෙසේ නොවසන ලද විවෘතකළ සිතින් බැබලීම් සහිත සිත වඩන්නේයයි ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඍද්ධිපාදය වඩයි.
“මේ ආකාරයෙන් මාගේ වීර්‍ය්‍යයය ඉතා හැකුළුණේ නොවන්නේය. අතිශයින් එසවුනේ නොවන්නේය. අධ්‍යාත්මයෙහි හැකුළුනේ නොවන්නේය. පිටතට විසිරිගියේ නොවන්නේය. පසු පෙර එක හා සමාන සඤ්ඤාවෙන් වාසය කරයි. මෙසේ නොවසන ලද විවෘත කළ සිතින් බැබලීම් සහිත සිත වඩන්නේයයි වීර්‍ය්‍යය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි.
“මේ ආකාරයෙන් මාගේ සිත නොහැකුළුණේ වෙයි. අතිශයින් එසවුණේ නොවෙයි. අධ්‍යාත්මයෙහි හැකුළුනේ නොවෙයි. පිටතට විසිරගියේ නොවෙයි. පසු පෙර එක හා සමාන සඤ්ඤාවෙන් වාසය කරයි. මෙසේ නොවසනලද විවෘත කළ සිතින් බැබලීම් සහිත සිත වඩන්නේයයි සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඍද්ධිපාදය වඩයි.
“මේ ආකාරයෙන් මාගේ වීමංසය අතිශයින් හැකුළුණේ නොවන්නේය. අතිශයින් එසවුණේ නොවන්නේය. අධ්‍යාත්මයෙහි හැකුළුණේ නොවන්නේය. පිටතට විසිරගියේ නොවන්නේය. පසු පෙර එක හා සමාන සඤ්ඤාවෙන් වාසය කරයි. පෙර මෙන් පසුද පසුව මෙන් පෙරද, යටිකයෙහි මෙන් උඩුකයෙහිද උඩුකයෙහි මෙන් යටි කයෙහිද, දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද, සමාන හැඟීම් ඇතිව වාසය කරයි. මෙසේ විවෘතවූ නොවසනලද සිතින් බැබලීම් සහිත සිත වඩන්නේයයි වීමංසය අධිපතිකොට ඇති සමාධියෙන් සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි.
“මහණෙනි, මේ සතර ඍද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මොග්ගල්ලාන භික්ෂුව මහත් ඍද්ධි ඇත්තේ වෙයි. මහත් ආනුභාව ඇත්තේ වෙයි. මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මොග්ගල්ලාන භික්ෂුව නොයෙක් වැදෑරුම් ඉද්ධි විධි අනුභව කරයි.
“එක්කෙනෙක්ව බොහෝ දෙනෙක් වෙත් බොහෝ දෙනෙක්ව එක්කෙනෙක්ද වේ. ප්‍රකට බවට මුවහ බවට අහසෙහි මෙන් බිත්තියෙන් ඔබට පර්වතයෙන් ඔබට ප්‍රාකාරයෙන් ඔබට නොගැටී යයි. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් කිමිදීම් කරයි. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් යයි. පක්ෂියෙකු මෙන් අහසෙහියේද පර්‍ය්‍යංකයෙන් හිඳගෙන යයි. මහත් ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කරයි. පිරිමදියි. බ්‍රහ්මලෝක පවා කයින් වසඟ බවට පමුණුවයි.
“මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වනාහි වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මොග්ගල්ලාන භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධියට, අර්හත් ඵල ප්‍රඥාවට පැමිණ වාසය කෙරේයයි” වදාළසේක.
|
5. උණ්ණාභබ්රාහ්මණසුත්තං | 5. බ්‍රාහ්මණ සූත්‍රය |
827
එවං
‘‘අත්ථි
‘‘කතමො පන, භො ආනන්ද, මග්ගො කතමා පටිපදා එතස්ස ඡන්දස්ස පහානායා’’ති? ‘‘ඉධ, බ්‍රාහ්මණ, භික්ඛු ඡන්දසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, වීරියසමාධි...පෙ.... චිත්තසමාධි...පෙ.... වීමංසාසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති - අයං ඛො, බ්‍රාහ්මණ, මග්ගො අයං පටිපදා එතස්ස ඡන්දස්ස පහානායා’’ති.
‘‘එවං
‘‘එවමෙව ඛො, බ්‍රාහ්මණ, යො සො භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤා විමුත්තො, තස්ස යො පුබ්බෙ ඡන්දො අහොසි අරහත්තප්පත්තියා, අරහත්තප්පත්තෙ
(අරහත්තෙ පත්තෙ (සී. ස්‍යා. කං.)) යො තජ්ජො ඡන්දො සො පටිප්පස්සද්ධො; යං පුබ්බෙ වීරියං අහොසි අරහත්තප්පත්තියා, අරහත්තප්පත්තෙ යං තජ්ජං වීරියං තං පටිප්පස්සද්ධං; යං පුබ්බෙ චිත්තං අහොසි අරහත්තප්පත්තියා, අරහත්තප්පත්තෙ යං තජ්ජං චිත්තං තං පටිප්පස්සද්ධං; යා පුබ්බෙ වීමංසා අහොසි අරහත්තප්පත්තියා, අරහත්තප්පත්තෙ යා තජ්ජා වීමංසා සා පටිප්පස්සද්ධා. තං කිං මඤ්ඤසි, බ්‍රාහ්මණ, ඉති එවං සන්තෙ, සන්තකං වා හොති නො අසන්තකං වා’’ති?
‘‘අද්ධා, භො ආනන්ද, එවං සන්තෙ, සන්තකං හොති
|
827
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වාසය කළහ. එකල්හි උණ්ණාභ බ්‍රාහ්මණ තෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම යම්තැනකද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් සමග සතුටුවිය. සතුටු විය යුතු සිහිකටයුතු කථාවන් කොට නිමවා එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන් උණ්ණාභ බ්‍රාහ්මණ තෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් හට මෙය කීය.
“පින්වත් ආනන්ද ස්ථවිර වහන්ස, කිනම් අර්ථයක් පිණිස ශ්‍රමණ භවත් ගෞතමයන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වසන්නේදැයි?” ඇසීය.
“බ්‍රාහ්මණය, තෘෂ්ණා ඡන්දය දුරුකරනු පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වසන්නේයයි” කීය.
“පින්වත් ආනන්දයන් වහන්ස, මේ තෘෂ්ණා ඡන්දයාගේ දුරුකිරීම පිණිස මාර්ගයක් ඇත්තේද ප්‍රතිපදාවක් ඇත්තේද?”
“බ්‍රාහ්මණය, මේ තෘෂ්ණා ඡන්දයාගේ දුරුකිරීම පිණිස මාර්ගයක් ඇත්තේය ප්‍රතිපදාවක් ඇත්තේය.”
“පින්වත් ආනන්දයන් වහන්ස, මේ තෘෂ්ණා ඡන්දයාගේ දුරුකිරීම පිණිස ඇති මාර්ගය කුමක්ද ප්‍රතිපදාව කුමක්ද?”
“බ්‍රාහ්මණය, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, වීමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, බ්‍රාහ්මණය, මේ තෘෂ්ණා ඡන්දයාගේ ප්රහාණය පිණිස මේ මාර්ගය වෙයි. මේ ප්‍රතිපදාව වෙයි”
“පින්වත් ආනන්දයන් වහන්ස, මෙසේ ඇති කල්හි තමා අයත් වෙයිද? තමා අයත් නොවෙයිද? ඡන්දයෙන්ම ඡන්දය දුරුකරන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවෙයි.”
“බ්‍රාහ්මණය, එසේ නම් නුඹගෙන්ම අසන්නෙමි. යම්සේ නුඹ කැමැති වන්නේද එසේ ප්‍රකාශ කරන්නෙහිය. බ්‍රාහ්මණය, එය කුමකැයි හඟින්නෙහිද නුඹට පළමුව ආරාමයට යන්නෙමි යන ඡන්දයක් (කැමැත්තක්) විය. ඒ ආරාමයට ගියාවූ නුඹගේ ඒ යෑම උපදවන්නාවූ යම් කැමැත්තක් වීද ඒ කැමැත්ත සංසිඳුනේද?”
“පින්වතුන් වහන්ස, එසේය.”
“නුඹට පළමුව ආරාමයට යන්නෙමියි වීර්‍ය්‍යයක් වීය. ඒ ආරාමයට ගියාවූ නුඹට ඒ ආරාමයට යෑම උපදවන්නාවූ වීර්‍ය්‍යයක් වීනම් එය සංසිඳුනේද?”
“පින්වතුන් වහන්ස! එසේය.”
“නුඹට පළමුව ආරාමයට යන්නෙමි’යි සිතක් විය. ඒ ආරාමයට ගියාවූ නුඹගේ ඒ ආරාමයට යෑම උපදවන්නාවූ සිතක් වීනම් එය සංසිඳුනේද?”
“පින්වතුන් වහන්ස, එසේය.”
“නුඹටත් පළමුව ආරාමයට යන්නෙමියි නුවණෙක් වීය. ඒ ආරාමයට ගියාවූ නුඹගේ යම් ඒ ආරාමයට යෑම උපදවන්නාවූ නුවණෙක්වීද ඒ නුවණ සංසිඳුනේය.”
“පින්වතුන් වහන්ස, එසේය.”
“බ්‍රාහ්මණය, එපරිද්දෙන්ම අර්හත්වූ පහකරණ ලද කෙලෙස් ඇති වැස නිමවන ලද බඹසර ඇති කරන ලද කටයුතු ඇති බහා තැබූ බර ඇති තමාගේ අර්ථයට පැමිණි ක්ෂය කරන ලද සසර බැඳුම් ඇති අර්හත් මාර්ගයට පැමිණි විමුක්තවූ යම් මේ භික්ෂුවක් වේද, ඔහුගේ රහත්වීමට පළමුව යම් ඡන්දයක් වීද, රහත් බවට පැමිණි කල්හි එය උපදවන්නාවූ යම් ඡන්දයක් වීද එය සංසිඳුනේය. රහත්වීමට පළමුව යම් වීර්‍ය්‍යයක් වීද, රහත් බවට පැමිණි කල්හි එය උපදවන්නාවූ යම් වීර්‍ය්‍යයක් වීද එය සංසිඳුනේය. රහත්වීමට පළමුව යම් සිතක් වීද රහත් බවට පැමිණි කල්හි එය උපදවන්නාවූ සිත සංසිඳුනේය. රහත්වීමට පළමුව යම් විමසීමක් වීද, රහත් බවට පැමිණි කල්හි එය උපදවන්නට යම් විමසීමක්වීද එය සංසිඳුනේය.
“බ්‍රාහ්මණය, එය කුමකැයි හඟින්නෙහිද? මෙසේ ඇති කල්හි තමා අයත් හෝ වේද තමා අයත් හෝ නොවේද?”
“පින්වත් ආනන්දයන් වහන්ස, මෙසේ ඇති කල්හි ඒකාන්තයෙන් තමා අයත්වේ. අයත් නොවන්නේ නොවේ.
“පින්වත් ආනන්දයන් වහන්ස, ඉතා යහපති. පින්වත් ආනන්දයන් වහන්ස, ඉතා යහපති. පින්වත් ආනන්දයන් වහන්ස, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු හෝ කෙරේද, සැඟවූවක් විවෘත හෝ කෙරේද, මංමුළාවූවෙකුට මාර්ගය හෝ කියයිද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි, අන්ධකාරයෙහි තෙල් පහනක් හෝ දරාද, එපරිද්දෙන් පින්වත් ආනන්දයන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ මම අද පටන් දිවිහිමියෙන් භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, සංඝයාද සරණ යමි. භවත් ගෞතමයන් වහන්සේ දිවිහිම්කොට සරණ ගිය උපාසකයෙකු කොට මා දරණ සේක්වා”
|
6. පඨමසමණබ්‍රාහ්මණසුත්තං | 6. මහිද්ධික සූත්‍රය |
828
‘‘යෙ
‘‘කතමෙසං චතුන්නං? ඉධ
|
828
(මේ ඡේදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 1 ඡේදය මෙනි.)
“මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ මහත් ඍද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වූවාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහත් ඉද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වූහ. මහණෙනි, අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ මහත් ඉද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වන්නාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහත් ඉද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වන්නාහුය. මහණෙනි, දැන් වනාහි ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ මහත් ඉද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වෙත්ද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහත් ඉද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වෙත්. කවර සතරක්ද යත්.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, විරිය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, වීමංසය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද,
“මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මහත් ඉද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වූවාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහත් ඍද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝවූහ. මහණෙනි, අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මහත් ඉද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වන්නාහුද, ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහත් ඉද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වන්නාහුය. මහණෙනි, දැන් වනාහි ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ මහත් ඉද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වෙත්ද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහත් ඉද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වෙත්. ඒ සියල්ලෝ මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් එසේ වූහ.”
|
7. දුතියසමණබ්‍රාහ්මණසුත්තං | 7. ඉද්ධිවිධ සූත්‍රය |
829
‘‘යෙ හි කෙචි, භික්ඛවෙ, අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොසුං - එකොපි හුත්වා බහුධා අහෙසුං, බහුධාපි හුත්වා එකො අහෙසුං; ආවිභාවං, තිරොභාවං; තිරොකුට්ටං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානා අගමංසු, සෙය්යථාපි
‘‘යෙ
‘‘යෙ හි කෙචි, භික්ඛවෙ, එතරහි සමණා වා බ්රාහ්මණා වා අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොන්ති - එකොපි හුත්වා බහුධා හොන්ති, බහුධාපි හුත්වා එකො හොන්ති; ආවිභාවං, තිරොභාවං; තිරොකුට්ටං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානා ගච්ඡන්ති, සෙය්යථාපි ආකාසෙ; පථවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරොන්ති, සෙය්යථාපි උදකෙ; උදකෙපි අභිජ්ජමානෙ ගච්ඡන්ති, සෙය්යථාපි පථවියං; ආකාසෙපි පල්ලඞ්කෙන කමන්ති, සෙය්යථාපි පක්ඛී සකුණො; ඉමෙපි චන්දිමසූරියෙ එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ පාණිනා පරිමසන්ති
(පරාමසන්ති (ස්‍යා. කං.)) පරිමජ්ජන්ති; යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙන්ති, සබ්බෙ තෙ චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තාති.
‘‘කතමෙසං චතුන්නං? ඉධ, භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, වීරියසමාධි...පෙ.... චිත්තසමාධි...පෙ.... වීමංසාසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. යෙ හි කෙචි, භික්ඛවෙ, අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොසුං - එකොපි හුත්වා බහුධා අහෙසුං...පෙ....
‘‘යෙ
‘‘යෙ
|
829
(මේ ඡේදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 1 ඡේදය මෙනි)
“මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ නොයෙක් ඉර්ධි විධි වැළඳුවාහුද එකෙක්ව බොහෝ දෙනෙක් වූහ. බොහෝ දෙනෙක්ව එකෙක් විය. අහසෙහි යම්සේද එසේ ප්රකටවීම, මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් පොළවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් ගියාහුය. අහසෙහි පක්ෂියකු මෙන් පර්‍ය්‍යංකයෙන් ගියාහුය. මහත් ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව තෙක් කයින් වසඟ බව පැවැත්වූවාහුය. ඒ සියලුදෙන මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් එසේවූහ.
“මහණෙනි, අනාගත කාලයෙහි ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ නොයෙක් ඉද්ධිවිධි වළඳන්නාහුය. එක් කෙනෙක්වී බොහෝ දෙනෙක් වන්නාහුයි බොහෝදෙනෙක් වී එකෙක් වන්නේය. අහසෙහි මෙන් ප්‍රකට බවට මුවහ බවට බිත්තියෙන් පිටතට පවුරෙන් පිටතට පර්වතයෙන් හරහට නොගැටී යන්නාහුය. ජලයේ මෙන් පොළොවෙහිද ගිලීම් මතුවීම් කරන්නාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් යන්නාහුය. පක්ෂියෙකු මෙන් අහසෙහි පර්‍ය්‍යංකයෙන් යන්නාහුය. මහත් ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කරන්නාහුය. පිරිමදින්නාහුය. බඹ ලොව තෙක් කයින් වසඟ බව පවත්වන්නාහුය. ඒ සියලුදෙන සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් එසේ කරත්.
“මහණෙනි, මේ කාලයෙහි ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ නොයෙක් ඉද්ධිවිධි වළඳන්නාහුය. එකෙක්ව බොහෝ දෙනෙක් වෙත් බොහෝ දෙනෙක්වී එකෙක් වෙයි. අහසෙහි මෙන් ප්‍රකට බවට මුවහ බවට බිත්තියෙන් පිට පවුරෙන් පිට පර්වතයෙන් පිට හරහට නොගැටී යති. ජලයේ මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කරත්. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් යත්. පක්ෂියෙකු මෙන් අහසෙහි පර්‍ය්‍යංකයෙන් යත්. මහත් ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කරන්නාහුය. පිරිමදින්නාහුය. බඹලොව තෙක් කයින් වසඟෙහි පවත්වති. ඒ සියලුදෙන සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවිනුත් එසේ වෙත්.
“කවර සතරක්ද යත්. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. විරිය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීමංසය අධිපති කොට ඇති සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි.
“මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ නොයෙක් ඉද්ධි විධි වැළඳුවාහුද එකෙක්ව බොහෝ දෙනෙක් වූහ. බොහෝ දෙනෙක්ව එකෙක් විය. අහසෙහි යම්සේද එසේ ප්රකටවීම, මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිදෙමින් ගියාහුය. අහසෙහි පක්ෂියෙකු මෙන් පර්‍ය්‍යංකයෙන් ගියාහුය. මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව තෙක් කයින් වසඟ බව පැවැත්වූවාහුය. ඒ සියලු දෙන සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් එසේ කරත්.
“මහණෙනි, අනාගත කාලයෙහි ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ නොයෙක් ඉද්ධි විධි වළඳන්නාහුය. එක් කෙනෙක්වී බොහෝ දෙනෙක් වන්නාහුය. බොහෝදෙනෙක් වී එකෙක් වන්නේය. අහසෙහි මෙන් ප්‍රකට බවට මුවහ බවට බිත්තියෙන් පිටතට පවුරෙන් පිටතට පර්වතයෙන් පිටතට නොගැටී යන්නාහුය. ජලයේ මෙන් පොළොවෙහිද ගිලීම් මතුවීම් කරන්නාහුය. පොළොවෙහි මෙන් ජලයෙහිද දිය නොබිඳිමින් යන්නාහුය. පක්ෂියෙකු මෙන් අහසෙහි පර්‍ය්‍යංකයෙන් යන්නාහුය. මහත් ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කරන්නාහුය, පිරිමදින්නාහුය. බඹලොව තෙක් කයින් වසඟ බව පවත්වන්නාහුය. ඒ සියලුදෙන සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් එසේ කරත්.
“මහණෙනි, මේ කාලයෙහි ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ නොයෙක් ඉද්ධිවිධි වළඳන්නාහුය. එකෙක්ව බොහෝ දෙනෙක් වෙත්. බොහෝ දෙනෙක්වී එකෙක් වෙයි. අහසෙහි මෙන් ප්‍රකට බවට මුවහ බවට බිත්තියෙන් පිට පවුරෙන් පිට පර්වතයෙන් පිට නොගැටී යති. ජලයේ මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කරත්. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් යත්. පක්ෂියෙකු මෙන් අහසෙහි පර්‍ය්‍යංකයෙන් යත්. මහත්, ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳහිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කරන්නාහුය. පිරිමදින්නාහුය. බඹලොව තෙක් වසඟෙහි පවත්වති. ඒ සියලු දෙන සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවිනුත් එසේ වෙත්.
|
8. භික්ඛුසුත්තං | 8. භික්ඛු සූත්‍රය |
830
‘‘චතුන්නං, භික්ඛවෙ, ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
‘‘කතමෙසං චතුන්නං? ඉධ, භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, වීරියසමාධි...පෙ.... චිත්තසමාධි...පෙ.... වීමංසාසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉමෙසං ඛො, භික්ඛවෙ, චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා භික්ඛු ආසවානං ඛයා
|
830
(මේ ඡේදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 1 ඡේදය මෙනි)
“මහණෙනි, සතර ඉන්ද්රියයන් හොඳින් බහුල වශයෙන් වැඩූ මහණතෙම ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්‍රඥාව මේ ආත්මයෙහිදීම තෙමේ මනා නුවණින් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කරයි. කවර සතරක්හුගේද යත්?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. විමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි.
“මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල වශයෙන් වැඩීමෙන් මහණතෙම ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධිය හා අර්හත් ඵල ප්‍රඥාව මේ ආත්මයේම තෙමේ මනා නුවණින් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කරයි.
|
9. ඉද්ධාදිදෙසනාසුත්තං | 9. භාවනා සූත්‍රය |
831
‘‘ඉද්ධිං වො, භික්ඛවෙ, දෙසෙස්සාමි ඉද්ධිපාදඤ්ච ඉද්ධිපාදභාවනඤ්ච
‘‘කතමා ච, භික්ඛවෙ, ඉද්ධි? ඉධ, භික්ඛවෙ, භික්ඛු අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති - එකොපි හුත්වා බහුධා හොති, බහුධාපි හුත්වා එකො හොති...පෙ.... යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති - අයං වුච්චති, භික්ඛවෙ, ඉද්ධි.
‘‘කතමො
‘‘කතමා ච, භික්ඛවෙ, ඉද්ධිපාදභාවනා? ඉධ, භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, වීරියසමාධි...පෙ.... චිත්තසමාධි ...පෙ.... වීමංසාසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති - අයං වුච්චති, භික්ඛවෙ, ඉද්ධිපාදභාවනා.
‘‘කතමා
|
831
(මේ ඡේදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 1 ඡේදය මෙනි)
“මහණෙනි, නුඹලාට ඉද්ධියත් ඉද්ධිපාදයත්, ඉද්ධිපාදයන් වැඩීමත් ඉද්ධිපාදයන් වැඩීමට පැමිණෙන ප්‍රතිපදාවත් කියන්නෙමි. එය අසව්.
“මහණෙනි, ඉද්ධිය නම් කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ නොයෙක් ඉද්ධි අනුභව කරයි. එකෙක්ව බොහෝ දෙනෙක් වූහ. බොහෝ දෙනෙක්ව එකෙක් වීය. අහසෙහි යම්සේද එසේ ප්රකටවීම මුවහවීම බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් යන්නාහුය. අහසෙහි පක්ෂියකු මෙන් පර්‍ය්‍යාංකයෙන් ගියාහුය. මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙන පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව තෙක් කයින් වසඟ බව පැවැත්වූවාහුය. මහණෙනි, මෙය ඉද්ධියයි කියනු ලැබේ.
“මහණෙනි, ඉද්ධිපාදය නම් කුමක්ද? මහණෙනි යම් මාර්ගයක් යම් ප්‍රතිපදාවක් ඉද්ධිය ලැබීම පිණිස පවතියිද, මහණෙනි, එය ඉද්ධිපාදයයි කියනු ලැබේ.
“මහණෙනි, ඉද්ධිපාදයන් වැඩීමනම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපති කොට ඇති සමාධිය හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, විරිය අධිපති කොට සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, විමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, මහණෙනි, මේ ඉද්ධිපාදයන් වැඩීමයයි කියනු ලැබේ.
“මහණෙනි, ඉද්ධිපාදයන් වැඩීමට පැමිණෙන ප්‍රතිපදාව නම් කවරේද? ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය මැයි. ඒ කවරේදයත් සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් කල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යනුයි. මහණෙනි, මේ සතර ඍද්ධිපාදයන් වැඩීමට පැමිණෙන ප්‍රතිපදාවයයි කියනු ලැබේ.
|
10. විභඞ්ගසුත්තං | 10. විභංග සූත්‍රය |
832
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, ඉද්ධිපාදා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා’’.
‘‘කථං භාවිතා ච, භික්ඛවෙ, චත්තාරො ඉද්ධිපාදා කථං බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා? ඉධ, භික්ඛවෙ
‘‘කතමො ච, භික්ඛවෙ, අතිලීනො ඡන්දො? යො, භික්ඛවෙ, ඡන්දො කොසජ්ජසහගතො කොසජ්ජසම්පයුත්තො - අයං වුච්චති, භික්ඛවෙ, අතිලීනො ඡන්දො.
‘‘කතමො ච, භික්ඛවෙ, අතිප්පග්ගහිතො ඡන්දො? යො, භික්ඛවෙ, ඡන්දො උද්ධච්චසහගතො උද්ධච්චසම්පයුත්තො - අයං වුච්චති, භික්ඛවෙ, අතිප්පග්ගහිතො ඡන්දො.
‘‘කතමො
‘‘කතමො ච, භික්ඛවෙ, බහිද්ධා වික්ඛිත්තො ඡන්දො? යො, භික්ඛවෙ, ඡන්දො බහිද්ධා පඤ්ච කාමගුණෙ ආරබ්භ අනුවික්ඛිත්තො අනුවිසටො - අයං වුච්චති, භික්ඛවෙ, බහිද්ධා වික්ඛිත්තො ඡන්දො.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු පච්ඡාපුරෙසඤ්ඤී ච විහරති - යථා පුරෙ තථා පච්ඡා, යථා පච්ඡා තථා පුරෙ? ඉධ
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු යථා අධො තථා උද්ධං, යථා උද්ධං තථා අධො විහරති? ඉධ, භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා අධො කෙසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති - ‘අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො මංසං න්හාරු අට්ඨි අට්ඨිමිඤ්ජං වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්ත’න්ති. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු යථා අධො තථා උද්ධං, යථා උද්ධං තථා අධො විහරති.
‘‘කථඤ්ච
‘‘කථඤ්ච
‘‘කතමඤ්ච
‘‘කතමඤ්ච, භික්ඛවෙ, අතිප්පග්ගහිතං වීරියං? යං, භික්ඛවෙ, වීරියං උද්ධච්චසහගතං උද්ධච්චසම්පයුත්තං - ඉදං වුච්චති, භික්ඛවෙ, අතිප්පග්ගහිතං වීරියං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, අජ්ඣත්තං සංඛිත්තං වීරියං? යං, භික්ඛවෙ, වීරියං
‘‘කතමඤ්ච, භික්ඛවෙ, බහිද්ධා වික්ඛිත්තං වීරියං? යං, භික්ඛවෙ, වීරියං බහිද්ධා පඤ්ච කාමගුණෙ ආරබ්භ අනුවික්ඛිත්තං අනුවිසටං - ඉදං වුච්චති, භික්ඛවෙ, බහිද්ධා වික්ඛිත්තං වීරියං...පෙ.....
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු විවටෙන චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති
‘‘කතමඤ්ච, භික්ඛවෙ, අතිලීනං චිත්තං? යං, භික්ඛවෙ, චිත්තං කොසජ්ජසහගතං කොසජ්ජසම්පයුත්තං - ඉදං වුච්චති, භික්ඛවෙ, අතිලීනං චිත්තං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, අතිප්පග්ගහිතං චිත්තං? යං, භික්ඛවෙ, චිත්තං උද්ධච්චසහගතං උද්ධච්චසම්පයුත්තං - ඉදං වුච්චති, භික්ඛවෙ, අතිප්පග්ගහිතං චිත්තං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, අජ්ඣත්තං සංඛිත්තං චිත්තං? යං, භික්ඛවෙ, චිත්තං ථිනමිද්ධසහගතං ථිනමිද්ධසම්පයුත්තං - ඉදං වුච්චති, භික්ඛවෙ, අජ්ඣත්තං සංඛිත්තං චිත්තං.
‘‘කතමඤ්ච
‘‘කතමා ච, භික්ඛවෙ, අතිලීනා වීමංසා? යා, භික්ඛවෙ, වීමංසා කොසජ්ජසහගතා කොසජ්ජසම්පයුත්තා - අයං වුච්චති, භික්ඛවෙ, අතිලීනා වීමංසා.
‘‘කතමා
‘‘කතමා ච, භික්ඛවෙ, අජ්ඣත්තං සංඛිත්තා වීමංසා? යා, භික්ඛවෙ, වීමංසා ථිනමිද්ධසහගතා ථිනමිද්ධසම්පයුත්තා - අයං වුච්චති, භික්ඛවෙ, අජ්ඣත්තං සංඛිත්තා වීමංසා.
‘‘කතමා ච, භික්ඛවෙ, බහිද්ධා වික්ඛිත්තා වීමංසා? යා, භික්ඛවෙ, වීමංසා බහිද්ධා පඤ්ච කාමගුණෙ ආරබ්භ අනුවික්ඛිත්තා අනුවිසටා - අයං වුච්චති, භික්ඛවෙ, බහිද්ධා
‘‘එවං භාවිතෙසු ඛො, භික්ඛවෙ, භික්ඛු චතූසු ඉද්ධිපාදෙසු එවං බහුලීකතෙසු, අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති - එකොපි හුත්වා බහුධා හොති, බහුධාපි හුත්වා එකො හොති...පෙ.... යාව බ්රහ්මලොකාපි
|
832
(මේ ඡේදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 1 ඡේදය මෙනි.)
“මහණෙනි, වඩන ලද බහුල කරනලද මේ සතර ඉද්ධිපාදයෝ මහත්ඵල ඇත්තාහු මහත් ආනිශංසය ඇත්තාහු වෙත්. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල කරන ලද්දාවූ සතර ඉද්ධිපාදයෝ මහත් ඵල ඇත්තාහු මහානිසංසය ඇත්තාහු වෙත්ද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මෙසේ මාගේ ඡන්දය අතිශයින් හැකුලුණේ නොවන්නේය. අතිශයින් එසවුණේ නොවන්නේය. ඇතුළත හැකුළුණේ නොවන්නේය. පිටත විසිරගියේ නොවන්නේය.’ පෙර පසු එක හා සමාන සංඥා ඇතිව වාසය කරයි. පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද යටිකයෙහි මෙන් උඩු කයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද දවල්මෙන් රෑද රෑමෙන් දවල්ද මෙසේ විවෘතවූ නොවැසුනු සිතින් බැබලීම් සහිත සිත වඩයිද,
“විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධානවීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මෙසේ මාගේ විරිය අතිශයින් හැකුළුණේ නොවන්නේය. අතිශයින් එසවුණේ නොවන්නේය. ඇතුළත හැකුළුනේ නොවන්නේය. පිටත විසිරගියේ නොවන්නේය’ පෙර පසු එක හා සමාන සංඥා ඇතිව වාසය කරයි. පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද යටිකයෙහි මෙන් උඩු කයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද දවල් මෙන් රෑද රෑමෙන් දවල්ද මෙසේ විවෘතවූ නොවැසුනු සිතින් බැබලීම් සහිත සිත වඩයිද,
“සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මෙසේ මාගේ සිත අතිශයින් හැකුළුණේ නොවන්නේය. අතිශයින් එසවුණේ නොවන්නේය. ඇතුළත හැකුළුණක් මෙන් නොවන්නේය. පිටත විසිරිගියේ නොවන්නේය,’ පෙර පසු එක හා සමාන සංඥා ඇතිව වාසය කරයි. පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද යටිකයෙහි මෙන් උඩුකයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද මෙසේ විවෘතවූ නොවැසුනු සිතින් බැබලීම් සහිත සිත වඩයිද,
“වීමංසයන් අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි, කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ වීමංසය අතිශයින් හැකුළුණේ නොවන්නේය. අතිශයින් එසවුනේ නොවන්නේය. අධ්‍යාත්මයෙහි හැකුලුනේ නොවන්නේ පිට විසිරගියේ නොවන්නේය.’ පෙර පසු එක හා සමාන සංඥා ඇතිව වාසය කරයි. පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද යටිකයෙහි මෙන් උඩුකයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද මෙසේ විවෘතවූ නොවැසුනු සිතින් බැබලීම් සහිත සිත වඩයි.
“මහණෙනි, ඉතා හැකුළුණාවූ ඡන්දය නම් කවරේද? මහණෙනි, යම් ඡන්දයක් කුසීත බව සමග එක්වූයේ වේද? කුසීත බව සමග යෙදුණේ වේද, මහණෙනි, මෙය ඉතා හැකුළුණාවූ ඡන්දයයි කියනු ලැබේ.
“මහණෙනි, ඉතා එසවුණාවූ ඡන්දය නම් කවරේද? මහණෙනි, යම් ඡන්දයක් උද්ධච්චය හා එක්වූයේවේද, උද්ධච්චය සමග යෙදුණේ වේද, මහණෙනි, මෙය ඉතා එසවුණු ඡන්දය යයි කියනු ලැබේ.
“මහණෙනි, ඇතුළත හැකුළුණු ඡන්දය නම් කවරේද? මහණෙනි, යම් ඡන්දයක් ථීනමිද්ධය හා එක්වූයේ වේද, ථීනමිද්ධයෙන් යුක්තවූයේද, මහණෙනි, මෙය ඇතුළත හැකුළුණු ඡන්දයයි කියනු ලැබේ.
“මහණෙනි, පිටත්හි විසිරගිය ඡන්දය නම් කවරේද? මහණෙනි, යම් ඡන්දයක් පඤ්චකාම ගුණයන් අරබයා පිටත්හි වික්ෂිප්තවූයේ වෙයිද, විසිරගියේ වෙයිද, මහණෙනි, මෙය පිටත්හි විසිරගිය ඡන්දයයි කියනු ලැබේ.
“මහණෙනි, මහණතෙමේ කෙසේනම් පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද, මෙසේ පෙර පසු දෙක්හි සමාන හැඟීම් ඇතිව වාසය කරයිද, මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විසින් රහත්වීමට පසුවද පෙරද සඤ්ඤාව නුවණින් මනාකොට ගන්නා ලද්දේද, මනාකොට මෙනෙහි කරන ලද්දේද, මනාකොට දරන ලද්දේද, මනාකොට අවබෝධ කරන ලද්දේද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද පෙර පසු දෙක්හි සමාන සංඥාව ඇතිව වාසය කරයි.
“මහණෙනි, මහණතෙම කෙසේනම් යටි කයෙහි මෙන් උඩු කයෙහිද, උඩුකයෙහි මෙන් යටිකයෙහිද, සමානව වාසය කරයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම මේ සිරුරෙහි කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩුව, හදවත, අක්මාව, දළබුව, බඩදිව, පපුමස, බඩවැල, කුඩා බඩවැල, නොපැසුණු ආහාර, මල, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේදතෙල්, කඳුලු, වුරුණුතෙල්, කෙල, සොටු, සෑමිදුළු, මුත්‍ර, ඇත්තේයයි පාතලයෙන් උඩද, කේසාන්තයෙන් යටද, සමින් වටවූද මේ ශරීරය නොයෙක් අසුචියෙන් පිරුණේයයි නුවණින් මෙනෙහි කරයිද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම යටිකයෙහි මෙන් උඩුකයෙහිද, උඩුකයෙහි මෙන් යටිකයෙහිද, සමානව වාසය කරයි.
“මහණෙනි, මහණතෙම කෙසේ නම් දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද සමානව වාසය කරයිද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම යම් ආකාරයකින් යම් සටහණකින් යම් නිමිත්තකින් දවල් කාලයෙහි ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, හෙතෙම ඒ ආකාරයෙන් ඒ සටහණින් ඒ නිමිත්තෙන් රාත්‍රියෙහිද, ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. රාත්‍රියෙහි යම් ආකාරයකින් යම් සටහණකින් යම් නිමිත්තකින් ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, හෙතෙම ඒ ආකාරයෙන් ඒ සටහණින් ඒ නිමිත්තෙන් දවල්ද, ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මහණතෙම මෙසේ වනාහි දවල් මෙන් රෑද රෑමෙන් දවල්ද සමානව වාසය කරයි.
“මහණෙනි, මහණතෙම කෙසේනම් නොවසන ලද විවෘතවූ සිතින් බැබලීම් සහිත සිත වඩයිද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විසින් ආලෝක සඤ්ඤාව මනාකොට ගන්නා ලද්දේ වෙයිද, දවල්ය යන හැඟීම මනාකොට ඉවත ලද්දේ වෙයිද, මහණෙනි, මහණතෙම මෙසේ වනාහි නොවැසුණාවූ විවෘතවූ සිතින් ආලෝක සහිත සිත වඩයි.
“මහණෙනි, ඉතා හැකුළුණාවූ වීර්‍ය්‍යය කවරේද? මහණෙනි, යම් වීර්‍ය්‍යයක් කුසීත බව හා එක්වූයේද, කුසීත බව හා යෙදුණේද, මහණෙනි, මෙය ඉතා හැකුළුණු වීර්‍ය්‍යයයි කියනු ලැබේ.
“මහණෙනි, ඉතා ඔසවන ලද වීර්‍ය්‍ය කවරේද? මහණෙනි, යම් වීර්‍ය්‍යයක් උද්ධච්චය හා එක්වූයේද, උද්ධච්චය හා යෙදුණේද, මහණෙනි, මෙය ඉතා එසවුණු වීර්‍ය්‍යයයි කියනු ලැබේ.
“මහණෙනි, ඇතුළත හැකුළුණු වීර්‍ය්‍යය කවරේද? මහණෙනි, යම් වීර්‍ය්‍යයක් ථීනමිද්ධය හා එක්වූයේද ථීනමිද්ධයෙන් යුක්තද, මහණෙනි, මෙය ඇතුළත හැකුළුණු වීර්‍ය්‍යයයි කියනු ලැබේ.
“මහණෙනි, පිටත්හි විසිරගිය වීර්‍ය්‍යය කවරේද? මහණෙනි, යම් වීර්‍ය්‍යයක් බාහිර පඤ්චකාම ගුණයන් අරබයා වික්ෂිප්තවූයේද විසිරගියේ වේද, මහණෙනි, මේ පිටත්හි විසිර ගිය වීර්‍ය්‍යයයි කියනු ලැබේ.
“මහණෙනි, මහණතෙමේ කෙසේ නම් පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද මෙසේ පෙර පසු දෙක්හි සමාන හැඟීම් ඇතිව වාසය කරයිද, මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විසින් රහත්වීමට පසුවද පෙරද සඤ්ඤාව නුවණින් මනාකොට ගන්නා ලද්දේද, මනාකොට මෙනෙහි කරන ලද්දේද, මනාකොට දරන ලද්දේද, මනාකොට අවබෝධ කරන ලද්දේද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම පෙර මෙන් පසුවද, පසුව මෙන් පෙරද පෙර පසු දෙක්හි සමාන සංඥාව ඇතිව වාසය කරයි.
“මහණෙනි, මහණතෙම කෙසේ නම් යටිකයෙහි මෙන් උඩුකයෙහිද, උඩුකයෙහි මෙන් යටිකයෙහිද සමානව වාසය කරයිද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මේ සිරුරෙහි කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හදවත, අක්මාව, දළබුව, බඩදිව, පපුමස, බඩවැල, කුඩා බඩවැල, නොපැසුණු ආහාර, මල, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේද තෙල්, කඳුළු, වුරුණු තෙල්, කෙල, සොටු, සඳමිඳුළු, මුත්‍ර ඇත්තේය. පාතලයෙන් උඩද, කේසාන්තයෙන් යටද සමින් වටවූද, මේ ශරීරය නොයෙක් අසුචියෙන් පිරුණේයයි නුවණින් මෙනෙහි කරයිද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම යටිකයෙහි මෙන් උඩුකයෙහිද උඩුකයෙහි මෙන් යටි කයෙහිද සමානව වාසය කරයි.
“මහණෙනි, මහණතෙම කෙසේනම් දවල් මෙන් රෑද රෑමෙන් දවල්ද සමානව වාසය කරයිද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම යම් ආකාරයකින් යම් සටහණකින් යම් නිමිත්තකින් දවල් කාලයෙහි විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, හෙතෙම ඒ ආකාරයෙන් ඒ සටහණින් ඒ නිමිත්තෙන් රාත්‍රියෙහිද විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. රාත්‍රියෙහි යම් ආකාරයකින් යම් සටහණකින් යම් නිමිත්තකින් විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, හෙතෙම ඒ ආකාරයෙන් ඒ සටහණින් ඒ නිමිත්තෙන් දවල්ද, විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මහණතෙම මෙසේ වනාහි දවල්මෙන් රෑද රෑමෙන් දවල්ද සමානව වාසය කරයි.
“මහණෙනි, මහණතෙම කෙසේ නම් නොවසන ලද විවෘතවූ සිතින් බැබලීම් සහිත සිත වඩයිද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විසින් ආලෝක සඤ්ඤාව මනාකොට ගන්නා ලද්දේ වෙයිද, දවල්ය යන හැඟීම මනාකොට ඉවත ලද්දේ වෙයිද, මහණෙනි, මහණතෙම මෙසේ වනාහි නොවැසුනාවූ විවෘතවූ සිතින් ආලෝකය සහිත සිත වඩයි.
“මහණෙනි, ඉතා හැකුළුණු සිත කවරේද? මහණෙනි, යම් සිතක් වනාහි කුසීතකම හා එක්වූයේද කුසීතකමින් යුක්තද, මහණෙනි, මේ ඉතා හැකුළුණු චිත්තය යයි කියනු ලැබේ.
“මහණෙනි, ඉතා ඔසවන ලද සිත කවරේද? මහණෙනි, යම් සිතක් උද්ධච්චය හා එක්වූයේද උද්ධච්චයෙන් යුක්තද මහණෙනි, මේ ඉතා ඔසවන ලද සිතයයි කියනු ලැබේ.
“මහණෙනි, අධ්‍යාත්මයෙහි හැකුළුණු සිත කවරේද? මහණෙනි, යම් සිතක් ථීන මිද්ධය හා එක්වූයේද ථීන මිද්ධයෙන් යුක්තද, මහණෙනි, මේ අධ්‍යාත්මයෙහි හැකුළුණු සිතයයි කියනු ලැබේ.
මහණෙනි, පිටත්හි විසිර ගිය සිත කවරේද? මහණෙනි, යම් සිතක් බාහිර පඤ්චකාම ගුණයන් අරබයා වික්ෂිප්ත වූයේ (විසිර ගියේ) වෙයිද, මහණෙනි, මේ පිටත්හි විසිර ගිය සිතයයි කියනු ලැබේ.
“මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද මෙසේ පෙර පසු දෙක්හි සමාන හැඟීම් ඇතිව වාසය කරයිද, මහණෙනි, මේ සාසනයෙහි භික්ෂුව විසින් රහත් වීමට පසුවද පෙරද සඤ්ඤාව නුවණින් මනා කොට ගන්නා ලද්දේද මනාකොට මෙනෙහි කරන ලද්දේද, මනාකොට දරන ලද්දේද, මනාකොට අවබෝධ කරන ලද්දේද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද, පෙර පසු දෙක්හි සමාන සංඥාව ඇතිව වාසය කරයි.
“මහණෙනි, මහණතෙම කෙසේ නම් යටි කයෙහි මෙන් උඩු කයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද සමානව වාසය කරයිද? මහණෙනි, මේ සාසනයෙහි මහණ තෙම මේ සිරුරෙහි කෙස්, ලොම්, නිය දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිඳුළු, වකුගඩුව, හදවත, අක්මාව, දළබුව, බඩදිව, පපු මස, බඩවැල, කුඩා බඩවැල, නොපැසුණු ආහාර, මල, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය මේදතෙල්, කඳුලු, වුරුණු තෙල්, කෙල, සොටු, සදමිඳුළු, මුත්‍ර, ඇත්තේයයි පාතලයෙන් උඩද කේසාන්තයෙන් යටද සමින් වටවූද මේ ශරීරය නොයෙක් අසුචියෙන් පිරුණේයයි නුවනින් මෙනෙහි කරයිද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම යටි කයෙහි මෙන් උඩු කයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද සමානව වාසය කරයි.
“මහණෙනි, මහණ තෙම කෙසේ නම් දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද සමානව වාසය කරයිද? මහණෙනි, මේ සාසනයෙහි මහණ තෙම යම් ආකාරයකින් යම් සටහණකින් යම් නිමිත්තකින් දවල් කාලයෙහි සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද හෙතෙම ඒ ආකාරයෙන් ඒ සටහණින් ඒ නිමිත්තෙන් රාත්‍රියෙහිද සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. රාත්‍රියෙහි යම් ආකාරයකින් යම් සටහණකින් යම් නිමිත්තකින් සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, හෙතෙම ඒ ආකාරයෙන් ඒ සටහණින් ඒ නිමිත්තෙන් දවල්ද, සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මහණතෙම මෙසේ වනාහි දවල් මෙන් රෑද, රෑමෙන් දවල්ද සමානව වාසය කරයි
“මහණෙනි, මහණතෙම කෙසේ නම් නොවසන ලද විවෘතවූ සිතින් බැබලීම් සහිත සිත වඩයිද? මහණෙනි, මේ සාසනයෙහි භික්ෂුව විසින් ආලෝක සඤ්ඤාව මනාකොට ගන්නා ලද්දේ වෙයිද, දවල්ය යන හැඟීම මනාකොට ඉවත ලද්දේ වෙයිද, මහණෙනි, මහණතෙම මෙසේ වනාහි නොවැසුනාවූ විවෘතවූ සිතින් ආලෝක සහිත සිත වඩයි.
“මහණෙනි, ඉතා හැකුළුණු වීමංසය නම් කවරේද? මහණෙනි යම් වීමංසයක් කුසීත බව හා එක්වූයේද කම්මැලිකමින් යුක්තද, මහණෙනි, මේ ඉතා හැකුළුණු වීමංසයයයි කියනු ලැබේ.
“මහණෙනි, ඉතා ඔසවන ලද වීමංසය නම් කවරේද? මහණෙනි, යම් වීමංසයක් උද්ධච්චය හා එක්වූයේද, උද්ධච්චයෙන් යුක්ත වූයේද, මහණෙනි, මේ ඉතා ඔසවන ලද වීමංසයයි කියනු ලැබේ.
“මහණෙනි, ඇතුළත හැකුළුණු වීමංසය නම් කවරේද? මහණෙනි, යම් වීමංසයක් ථීනමිද්ධය හා එක්වූයේද ථීනමිද්ධයෙන් යුක්ත වූයේද, මහණෙනි, මේ ඇතුළත හැකුළුණු වීමංසය යයි කියනු ලැබේ.
“මහණෙනි, පිටත්හි විසිර ගිය වීමංසය නම් කවරේද? මහණෙනි, යම් වීමංසයක් බාහිර පඤ්චකාම ගුණයන් අරබයා වික්ෂිප්ත වූයේ වෙයිද විසිරගියේ වෙයිද මහණෙනි මේ පිටත්හි විසිරගිය වීමංසය යයි කියනු ලැබේ.
“මහණෙනි, මහණ තෙමේ කෙසේනම් පෙර මෙන් පසුද පසුව මෙන් පෙරද පෙර පසු එක හා සමාන සඤ්ඤාවෙන් වාසය කරයිද, මහණෙනි, මේ සාසනයෙහි භික්ෂුව විසින් රහත්වීමට පසුද පෙරද සඤ්ඤාව නුවණින් මනාකොට ගන්නා ලද්දේද, මනාකොට මෙනෙහි කරන ලද්දේද, මනාකොට දරන ලද්දේද, මනාකොට අවබෝධ කරන ලද්දේද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙමේ පෙර මෙන් පසුද පසුව මෙන් පෙරද, පෙර පසු සමාන සඤ්ඤාවෙන් වාසය කරයි.
“මහණෙනි, මහණතෙම කෙසේ නම් යටි කයෙහි මෙන් උඩු කයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද සමානව වාසය කරයිද? මහණෙනි, මේ සාසනයෙහි මහණ තෙම මේ සිරුරෙහි කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිඳුළු, වකුගඩුව, හදවත, අක්මාව, දළබුව, බඩදිව, පපු මස, බඩවැල, කුඩා බඩවැල, නොපැසුණු ආහාර, මල, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය මේදතෙල්, කඳුලු, වුරුණු තෙල්, කෙල, සොටු, සදමිඳුළු, මුත්‍ර, ඇත්තේයයි පාතලයෙන් උඩද කේසාන්තයෙන් යටද සමින් වටවූද මේ ශරීරය නොයෙක් අසුචියෙන් පිරුණේයයි නුවනින් මෙනෙහි කරයිද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම යටි කයෙහි මෙන් උඩු කයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද සමානව වාසය කරයි.
“මහණෙනි, මහණ තෙම දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද කෙසේ වාසය කරයිද? මහණෙනි, මේ සාසනයෙහි මහණ තෙම යම් ආකාරයකින් යම් සටහණකින් යම් නිමිත්තකින් දවල් කාලයෙහි විමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, හෙතෙම එම ආකාරයෙන් ඒ සටහනින් ඒ නිමිත්තෙන් රාත්‍රියෙහිද වීමංසය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. යම් ආකාරයකින් යම් සටහණකින් යම් නිමිත්තකින් රාත්‍රියෙහි වීමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, හෙතෙම ඒ ආකාරයෙන් ඒ සටහණින් ඒ නිමිත්තෙන් දවල් කාලයෙහිද වීමංසය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි මෙසේ වනාහි මහණතෙමේ දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද වාසය කරයි.
“මහණෙනි, විවෘතවූ නොවැසුනු සිතින් ආලෝක සිත කෙසේ වඩයිද? මහණෙනි, මේ සාසනයෙහි භික්ෂුව විසින් ආලෝක සඤ්ඤාව මනාකොට ගන්නා ලද්දේ වෙයිද, දිවා සඤ්ඤාව මනාකොට ඉවත ලද්දේ වෙයිද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම නොවැසුනු විවෘතවූ සිතින් ආලෝක සහිත සිත වඩයි.
“මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ සතර ඍද්ධිපාදයෝ මහත් ඵල ඇත්තාහු වෙත්. මහානිසංස ඇත්තාහු වෙත්. මහණෙනි, මෙසේ මහණ තෙම සතර ඉද්ධිපාදයන් මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කොට වැඩූ කල්හි නොයෙක් ඉද්ධි කොටස් අනුභව කරයි. එකෙක්ව බොහෝ දෙනෙක් වූහ. බොහෝ දෙනෙක්ව එකෙක් විය. අහසෙහි යම් සේද එසේ ප්රකටවීම, මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට, පර්වතයෙන් ඔබට නොගැටී ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳීමින් ගියාහුය. අහසෙහි පක්ෂියකු මෙන් පර්‍ය්‍යාංකයෙන් ගියාහුය. මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹ ලොව තෙක් කයින් වසඟ බව පැවැත්වූවාහුය.
“මහණෙනි, මෙසේ මහණ තෙමේ සතර ඉද්ධිපාදයන් වැඩූ කල්හි බහුලකොට වැඩූ කල්හි ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්‍රඥාව මේ අත්බැව්හිම තෙමේ මනා නුවණින් ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නේයයි” වදාළේය.
|
3. අයොගුළවග්ගො | 3. අයොගුළ වර්ගය |
1. මග්ගසුත්තං | 1. මග්ග සූත්‍රය |
833
සාවත්ථිනිදානං
‘‘එවං
(ඡපි අභිඤ්ඤායො විත්ථාරෙතබ්බා).
|
833
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනියි’ කියා ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, චතුස්සත්‍ය අවබෝධ කිරීමට පළමුවම බුදු නොවූ බෝධිසත්ව වූ මට මෙසේ සිතක් ඇතිවිය. ‘ඉද්ධිපාදයන් වැඩීම පිණිස පවත්නා මාර්ගය කවරේද ප්‍රතිපදාව කුමක්ද?’ කියායි. මහණෙනි, ඒ මට මෙසේ අදහස් ඇති විය. ‘මේ සාසනයෙහි මහණතෙම ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද වීමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, මෙසේ මාගේ වීමංසය ඉතා හැකුළුණේ නොවන්නේය. ඉතා එසවුණේ නොවන්නේය. ඇතුළත හැකුළුණේත් නොවන්නේය. පිටත්හි විසිර ගියේත් නොවන්නේය. පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද පෙර පසු සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය. යටි කයෙහි මෙන් උඩු කයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද සමානව වාසය කරන්නේය. දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද මෙසේ විවෘතවූ නොවැසුනු සිතින් ආලෝක සහිත සිත වඩයි’
“මහණෙනි, මහණතෙම සතර ඉද්ධිපාදයන් මෙසේ වැඩූ කල්හි බහුල වශයෙන් වැඩූ කල්හි නොයෙක් ඉද්ධි කොටස් අනුභව කරයි. එකෙක්ව බොහෝ දෙනෙක් වූහ. බොහෝ දෙනෙක්ව එකෙක් විය. අහසෙහි යම් සේද එසේ ප්රකටවීම, මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් ගියාහුය. අහසෙහි පක්ෂියෙකු මෙන් පර්‍ය්‍යංකයෙන් ගියාහුය. මහත් ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව කයින් වසඟ බව පැවැත්වූවාහුය.
“මහණෙනි, මහණතෙම සතර ඉද්ධිපාදයන් මෙසේ වැඩූ කල්හි බහුල වශයෙන් වැඩූ කල්හි ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියත් අර්හත් ඵල ප්‍රඥාවත් මේ අත්බැව්හිම තෙමේ විශේෂ නුවණින් ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කරයි.”
|
2. අයොගුළසුත්තං | 2. අයොගුළ සූත්‍රය |
834
සාවත්ථිනිදානං. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච - ‘‘අභිජානාති නු ඛො, භන්තෙ, භගවා ඉද්ධියා මනොමයෙන කායෙන බ්රහ්මලොකං උපසඞ්කමිතා’’ති? ‘‘අභිජානාමි ඛ්වාහං, ආනන්ද, ඉද්ධියා මනොමයෙන කායෙන බ්රහ්මලොකං උපසඞ්කමිතා’’ති. ‘‘අභිජානාති පන, භන්තෙ, භගවා ඉමිනා චාතුමහාභූතිකෙන කායෙන ඉද්ධියා බ්රහ්මලොකං උපසඞ්කමිතා’’ති
‘‘යඤ්ච ඛො, ඔමාති, භන්තෙ, භගවා ඉද්ධියා මනොමයෙන කායෙන බ්රහ්මලොකං උපසඞ්කමිතුං, යඤ්ච
‘‘යස්මිං, ආනන්ද, සමයෙ තථාගතො කායම්පි චිත්තෙ සමොදහති
(සමාදහති (සී. ස්‍යා. පී.)) චිත්තම්පි කායෙ සමොදහති, සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච කායෙ ඔක්කමිත්වා විහරති; තස්මිං, ආනන්ද, සමයෙ තථාගතස්ස කායො ලහුතරො චෙව හොති මුදුතරො ච කම්මනියතරො ච පභස්සරතරො ච.
‘‘සෙය්යථාපි, ආනන්ද, අයොගුළො දිවසං සන්තත්තො ලහුතරො චෙව හොති මුදුතරො ච කම්මනියතරො ච පභස්සරතරො ච; එවමෙව ඛො, ආනන්ද, යස්මිං සමයෙ තථාගතො කායම්පි චිත්තෙ සමොදහති, චිත්තම්පි කායෙ සමොදහති, සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච කායෙ ඔක්කමිත්වා විහරති; තස්මිං, ආනන්ද, සමයෙ තථාගතස්ස කායො ලහුතරො චෙව හොති මුදුතරො ච කම්මනියතරො ච පභස්සරතරො ච.
‘‘යස්මිං, ආනන්ද, සමයෙ තථාගතො කායම්පි චිත්තෙ සමොදහති, චිත්තම්පි කායෙ සමොදහති, සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච කායෙ ඔක්කමිත්වා විහරති; තස්මිං, ආනන්ද, සමයෙ තථාගතස්ස කායො අප්පකසිරෙනෙව පථවියා වෙහාසං අබ්භුග්ගච්ඡති, සො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති - එකොපි හුත්වා බහුධා හොති, බහුධාපි හුත්වා එකො හොති...පෙ.... යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති.
‘‘සෙය්යථාපි
|
834
(මෙතැන් සිට මේ සූත්‍ර සියල්ල ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන්වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේට ඉද්ධියෙන් සිතින් උපදවාගත් කයින් බ්‍රහ්ම ලෝකයට පැමිණිය හැක්කේද?”
“ආනන්දය, ඉද්ධියෙන් සිතින් උපදවාගත් කයින් මම බ්‍රහ්ම ලෝකයට පැමිණිය හැක්කෙමි.”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට මේ සතර මහා භූතයන්ගෙන් ඇතිවූ කයින් ඉද්ධියෙන් බ්‍රහ්ම ලෝකයට පැමිණිය හැක්කේද?”
“ආනන්දය මම මේ සතරමහා භූතයන්ගෙන් හටගත් කයින් ඉද්ධියෙන් බ්‍රහ්ම ලෝකයට පැමිණිය හැක්කේ වෙමියි” වදාළේය.
“ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේට ඉද්ධියෙන් සිතින් උපදවාගත් කයින් බ්‍රහ්මලෝකයට පැමිණිය හැකි බවත් ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේට මේ සතර මහා භූතයන් ගෙන් ඇතිවූ කයින් ඉද්ධියෙන් බ්‍රහ්මලෝකයට පැමිණිය හැකි බවත් භාග්‍යවතුන්වහන්සේගේ ආශ්චර්ය්යයක්ද අද්භූතයක්ද වේ.”
“ආනන්දය, තථාගතවරයෝ ආශ්චර්ය්යද වෙත්. ආශ්චර්‍ය්‍ය ධර්මයන්ගෙන් සමන්විතද වෙත්. ආනන්දය, තථාගතවරයෝ අද්භූතද වෙත්. අද්භූත ධර්මයන්ගෙන් සමන්විතද වෙත්. ආනන්දය, තථාගත තෙමේ යම් කලෙක්හි කය සිතෙහි පිහිටුවයිද සිත කයෙහි පිහිටුවයිද සුඛ, සඤ්ඤාවත් ලහු සඤ්ඤාවත්* කයෙහි බස්වා වාසය කරයි. ආනන්දය, එකල්හි තථාගතයන්වහන්සේගේ කය අතිශයින් සැහැල්ලුද අතිශයින් මෘදුද අතිශයින් කටයුතුවලට යෝග්‍යද අතිශයින් පැහැ විහිදුවන්නේද වෙයි.
* අභිඥා සිත සමඟ යෙදුණු සඤ්ඤාව සුඛ සඤ්ඤාව ලහු සඤ්ඤාවයයි කියනු ලැබේ.
“ආනන්දය, යම් සේ දවසක් මුළුල්ලෙහි රත්කරන ලද යකඩ ගුලියක් අතිශයින් සැහැල්ලුද අතිශයින් මෘදුද කටයුතුවලට යෝග්‍යද අතිශයින් පැහැ විහිදුවන්නේ වෙයිද, ආනන්දය, එපරිද්දෙන්ම යම් කලෙක්හි තථාගත තෙමේ කය සිතෙහි පිහිටුවයිද, සිත කයෙහි පිහිටුවයිද සුඛ සංඥාවත් ලහු සංඥාවත් කයෙහි බස්වා වාසය කරයිද ආනන්දය එකල්හි තථාගතයන් වහන්සේගේ කය අතිශයින් සැහැල්ලුද අතිශයින් මෘදුද අතිශයින් කටයුතුවලට යෝග්‍යද අතිශයින් පැහැ විහිදුවන්නේද වෙයි.
“ආනන්දය, යම් කලෙක්හි තථාගතයන් වහන්සේ කය සිතෙහි පිහිටුවයිද සිත කයෙහි පිහිටුවයිද සුඛ සඤ්ඤාවත් ලහු සඤ්ඤාවත් කයෙහි බස්වා වාසය කෙරේද, ආනන්දය එකල්හි තථාගතයන් වහන්සේගේ කය පහසුවෙන්ම පොළොවෙන් අහසට පැනනගියි. හෙතෙම නොයෙක් ඉර්ධි විධි අනුභව කරයි. එකෙක්ව බොහෝදෙනෙක් වූහ. බොහෝ දෙනෙක්ව එකෙක් විය. අහසෙහි යම් සේද එසේ ප්රකටවීම, මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් ගියාහුය. අහසෙහි පක්ෂියකු මෙන් පර්‍ය්‍යංකයෙන් ගියාහුය. මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව තෙක් කයින් වසඟ බව පැවැත්වූවාහුය.
“ආනන්දය, යම් සේ ඉඹුල් පුළුන් හෝ කපු පුළුන් සැහැල්ලු වූයේ වාතයෙන් ගන්නා ලද්දේ පහසුවෙන් පොළොවෙන් අහසට නගියි. ආනන්දය, එපරිද්දෙන්ම යම් කලෙක්හි තථාගතයන්වහන්සේ කය සිතෙහි පිහිටුවයිද සිත කයෙහි පිහිටුවයිද සුඛ සඤ්ඤාවත් ලහු සඤ්ඤාවත් කයෙහි බස්වා වාසය කෙරේද, ආනන්දය එකල්හි තථාගතයන් වහන්සේගේ කය පහසුවෙන් පොළොවෙන් අහසට නගියි. හෙතෙම නොයෙක් ඍද්ධි විධි අනුභව කරයි. එකෙක්ව බොහෝදෙනෙක් වූහ. බොහෝදෙනෙක්ව එකෙක් විය. අහසෙහි යම් සේද එසේ ප්රකටවීම. මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් ගියාහුය. අහසෙහි පක්ෂියකු මෙන් පර්‍ය්‍යංකයෙන් ගියාහුය. මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව තෙක් කයින් වසඟ බව පවත්වන්නේයයි” වදාළේය.
|
3. භික්ඛුසුත්තං | 3. භික්ඛු සූත්‍රය |
835
‘‘චත්තාරොමෙ
|
835
“මහණෙනි, මේ ඉද්ධිපාදයෝ සතරකි. කවර සතරක්ද? මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, වීමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, මහණෙනි, මේ සතර ඉද්ධිපාදයෝයි.
“මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහණ තෙම ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියත් අර්හත් ඵල ප්‍රඥාවත් මේ ආත්ම භාවයෙහිම තෙමේ විශේෂ නුවණින් ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නේය.”
|
4. සුද්ධිකසුත්තං | 4. සුද්ධක සූත්‍රය |
836
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, ඉද්ධිපාදා. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, වීරියසමාධි...පෙ.... චිත්තසමාධි...පෙ.... වීමංසාසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං
|
836
“මහණෙනි, මේ ඉද්ධිපාදයෝ සතරකි. කවර සතරක්ද? මහණෙනි, මේ සාසනයෙහි මහණ තෙම ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි, විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි, සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි, වීමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, මහණෙනි, මේ සතර ඉද්ධිපාදයෝයි.
|
5. පඨමඵලසුත්තං | 5. ඵල සූත්‍රය |
837
‘‘චත්තාරොමෙ
|
837
“මහණෙනි, මේ ඉද්ධිපාදයෝ සතරකි. කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, වීර්‍ය්‍යය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, වීමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, මහණෙනි, මේ වනාහි සතර ඉද්ධිපාදයෝයි.
“මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මේ ආත්මයෙහිම රහත් ඵලය හෝ ස්කන්ධශේෂව ඇති කල්හි අනාගාමි ඵලය හෝ යන ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයක් කැමතිවිය යුතුය.”
|
6. දුතියඵලසුත්තං | 6. දුතියඵල සූත්‍රය |
838
‘‘චත්තාරොමෙ
‘‘කතමෙ සත්ත ඵලා සත්තානිසංසා? දිට්ඨෙව ධම්මෙ පටිකච්ච
(පටිගච්ච (සී.), පටිහච්ච (පී.)) අඤ්ඤං ආරාධෙති නො චෙ දිට්ඨෙව ධම්මෙ පටිකච්ච අඤ්ඤං ආරාධෙති; අථ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති, නො චෙ දිට්ඨෙව ධම්මෙ පටිකච්ච අඤ්ඤං ආරාධෙති, නො චෙ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති; අථ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අන්තරාපරිනිබ්බායී හොති, උපහච්චපරිනිබ්බායී හොති, අසඞ්ඛාරපරිනිබ්බායී හොති, සසඞ්ඛාරපරිනිබ්බායී හොති, උද්ධංසොතො හොති අකනිට්ඨගාමී. ඉමෙසං ඛො, භික්ඛවෙ, චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා ඉමෙ සත්ත ඵලා සත්තානිසංසා පාටිකඞ්ඛා’’ති. ඡට්ඨං.
|
838
“මහණෙනි, මේ ඉද්ධිපාදයෝ සතරකි. කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, වීර්‍ය්‍යය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, වීමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, මහණෙනි, මේ වනාහි සතර ඉද්ධිපාදයෝයි.
“මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් ඵල සතක් ආනිසංස සතක් කැමතිවිය යුත්තාහ. කවර ඵල සතක් ආනිසංස සතක්ද, පළමුකොට මේ ආත්මයෙහිම රහත් ඵලය ලබයි. ඉදින් මේ ආත්මයෙහිම පළමුකොට රහත් ඵලය නොලබයිද එකල්හි මරණ සමයෙහි රහත් ඵලය ලැබෙයි. ඉදින් පළමුකොට මේ ආත්මභාවයෙහි රහත්ඵලය නොලබයිද? ඉදින් මරණ කාලයෙහි රහත්ඵලය නොලබයිද එකල්හි පඤ්ච ඔරම්භාගිය සංයෝජනයන් නැතිකිරීමෙන් අන්තරා පරිනිබ්බායී අනාගාමි වෙයි. උපහච්ච පරිනිබ්බායි අනාගාමි හෝ වෙයි. අසංඛාර පරිනිබ්බායී හෝ වෙයි. සසංඛාර පරිනිබ්බායි හෝ වෙයි. උද්ධංසොත අකනිට්ඨගාමි හෝ වෙයි.
“මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මේ ඵල සත ආනිසංස සත කැමති විය යුත්තාහ.
|
7. පඨමආනන්දසුත්තං | 7. ආනන්ද සූත්‍රය |
839
සාවත්ථිනිදානං. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා
‘‘කතමා නු ඛො, භන්තෙ
‘‘කතමො චානන්ද, ඉද්ධිපාදො? යො, ආනන්ද, මග්ගො යා පටිපදා ඉද්ධිලාභාය ඉද්ධිපටිලාභාය සංවත්තති - අයං වුච්චතානන්ද, ඉද්ධිපාදො.
‘‘කතමා
‘‘කතමා චානන්ද, ඉද්ධිපාදභාවනාගාමිනී පටිපදා? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි - අයං වුච්චතානන්ද, ඉද්ධිපාදභාවනාගාමිනී පටිපදා’’ති. සත්තමං.
|
839
[2] එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
[3] “ස්වාමීනි, ඉද්ධිය නම් කුමක්ද, ඉද්ධිපාද නම් කුමක්ද, ඉද්ධිපාදයන් වැඩීමට පැමිණෙන මාර්ගය නම් කුමක්ද? යනුයි.
“ආනන්දය මේ ශාසනයෙහි මහණතෙමෙ නොයෙක් ඉද්ධි කොටස් අනුභව කරයිද, එකෙක්ව බොහෝ දෙනෙක් වූහ. බොහෝ දෙනෙක්ව එකෙක් විය. අහසෙහි යම්සේද එසේ ප්රකටවීම මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් ගියාහුය. අහසෙහි පක්ෂියෙකු මෙන් පර්‍ය්‍යංකයෙන් ගියාහුය. මහත් ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරි මැද්දාහුය. බඹලොව තෙක් කයින් වසඟ බව පැවැත්වූවාහුය. ආනන්දය, මේ ඉද්ධියයි කියනු ලැබේ.
[4] “ආනන්දය, ඉද්ධිපාදය කවරේද? ආනන්දය, ඉද්ධිය ලැබීම පිණිස, ඉද්ධිය වැඩීම පිණිස යම් මාර්ගයක් යම් ප්‍රතිපදාවක් වෙයිද, ආනන්දය, මේ ඉද්ධිපාදයයි කියනු ලැබේ.
[5] “ආනන්දය, ඉද්ධිපාද වැඩීම නම් කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙමේ ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, විරිය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, වීමංසය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, ආනන්දය මේ ඉද්ධිපාද වැඩීම යයි කියනු ලැබේ.
[6] “ආනන්දය, ඉද්ධිපාද වැඩීමට පැමිණෙන ප්‍රතිපදාව කවරීද? මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය මැයි. ඒ කවරේද? සම්‍යක් දිට්ඨිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ආජීවය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යනුයි. ආනන්දය, මේ ඉද්ධිපාද වැඩීමට පැමිණෙන ප්‍රතිපදාවයයි කියනු ලැබේ.”
|
8. දුතියආනන්දසුත්තං | 8. දුතිය ආනන්ද සූත්‍රය |
840
එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච - ‘‘කතමා නු ඛො, ආනන්ද, ඉද්ධි, කතමො ඉද්ධිපාදො, කතමා
‘‘ඉධානන්ද, භික්ඛු අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති - එකොපි හුත්වා බහුධා හොති...පෙ.... යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති - අයං වුච්චතානන්ද, ඉද්ධි.
‘‘කතමො චානන්ද, ඉද්ධිපාදො? යො, ආනන්ද, මග්ගො යා පටිපදා ඉද්ධිලාභාය ඉද්ධිපටිලාභාය සංවත්තති - අයං වුච්චතානන්ද, ඉද්ධිපාදො.
‘‘කතමා චානන්ද, ඉද්ධිපාදභාවනා? ඉධානන්ද, භික්ඛු ඡන්දසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, වීරියසමාධි...පෙ.... චිත්තසමාධි...පෙ.... වීමංසාසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති - අයං වුච්චතානන්ද, ඉද්ධිපාදභාවනා.
‘‘කතමා චානන්ද, ඉද්ධිපාදභාවනාගාමිනී පටිපදා? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි - අයං වුච්චතානන්ද, ඉද්ධිපාදභාවනාගාමිනී පටිපදා’’ති. අට්ඨමං.
|
840
එක්පසෙක සිටියාවූ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ආනන්දය, ඉද්ධි යනු කවරේද? ඉද්ධිපාදය නම් කවරේද? ඉද්ධිපාදයන් වැඩීමට පැමිණෙන ප්‍රතිපදාව නම් කවරේද?”
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය.”
“ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම නොයෙක් ඉද්ධි විධි අනුභව කරයි. එකෙක්ව බොහෝ දෙනෙක් වූහ. බොහෝදෙනෙක්ව එකෙක් විය. අහසෙහි යම් සේද එසේ ප්රකටවීම මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් ගියාහුය. අහසෙහි පක්ෂියෙකු මෙන් පර්‍ය්‍යංකයෙන් ගියාහුය. මහත් ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව තෙක් කයින් වසඟ බව පැවැත්වූවාහුය. මහණෙනි, මේ ඉද්ධියයි කියනු ලැබේ.
(මේ ඡේද මේ වර්ගයේ 7 වෙනි සූත්‍රයේ 4, 5, 6 වෙනි ඡේද මෙන් වේ.)
|
9. පඨමභික්ඛුසුත්තං | 9. සම්බහුලභික්ඛු සූත්‍රය |
841
අථ
‘‘ඉධ, භික්ඛවෙ, භික්ඛු අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති - එකොපි හුත්වා බහුධා හොති...පෙ.... යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති - අයං වුච්චති, භික්ඛවෙ, ඉද්ධි.
‘‘කතමො ච, භික්ඛවෙ, ඉද්ධිපාදො? යො, භික්ඛවෙ, මග්ගො, යා පටිපදා ඉද්ධිලාභාය ඉද්ධිපටිලාභාය සංවත්තති - අයං වුච්චති, භික්ඛවෙ, ඉද්ධිපාදො.
‘‘කතමා ච, භික්ඛවෙ, ඉද්ධිපාදභාවනා? ඉධ, භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, වීරියසමාධි...පෙ.... චිත්තසමාධි...පෙ.... වීමංසාසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති - අයං වුච්චති, භික්ඛවෙ, ඉද්ධිපාදභාවනා.
‘‘කතමා ච, භික්ඛවෙ, ඉද්ධිපාදභාවනාගාමිනී පටිපදා? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි - අයං වුච්චති, භික්ඛවෙ, ඉද්ධිපාදභාවනාගාමිනී පටිපදා’’ති. නවමං.
|
841
එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක උන්නාහුය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය. ස්වාමීනි, ඉද්ධි යනු කවරේද? ඉද්ධිපාදය කවරේද? ඉද්ධිපාද වැඩීම කවරේද? ඉද්ධිපාද වැඩීමට පැමිණෙන ප්‍රතිපදාව කවරීද?” කියායි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නොයෙක් ඉද්ධි කොටස් අනුභව කරයි. එකෙක්ව බොහෝදෙනෙක් වූහ. බොහෝ දෙනෙක්ව එකෙක් විය. අහසෙහි යම්සේද එසේ ප්රකටවීම, මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් ගියාහුය. අහසෙහි පක්ෂියෙකු මෙන් පර්‍ය්‍යංකයෙන් ගියාහුය. මහත් ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව තෙක් කයින් වසඟ බව පැවැත්වූවාහුය. මහණෙනි, මේ ඉද්ධියයි කියනු ලැබේ.
(මේ ඡේද මේ වර්ගයේ 7 වෙනි සූත්‍රයේ 4, 5, 6 වෙනි ඡේද මෙන් වේ.)
|
10. දුතියභික්ඛුසුත්තං | 10. දුතියසම්බහුලභික්ඛු සූත්‍රය |
842
අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු...පෙ.... එකමන්තං නිසින්නෙ ඛො තෙ භික්ඛූ භගවා එතදවොච - ‘‘කතමා නු ඛො, භික්ඛවෙ, ඉද්ධි, කතමො ඉද්ධිපාදො, කතමා ඉද්ධිපාදභාවනා, කතමා ඉද්ධිපාදභාවනාගාමිනී පටිපදා’’ති? භගවංමූලකා නො, භන්තෙ, ධම්මා භගවංනෙත්තිකා...පෙ.....
‘‘කතමා
‘‘කතමො ච, භික්ඛවෙ, ඉද්ධිපාදො? යො, භික්ඛවෙ, මග්ගො, යා පටිපදා ඉද්ධිලාභාය ඉද්ධිපටිලාභාය සංවත්තති - අයං වුච්චති, භික්ඛවෙ, ඉද්ධිපාදො.
‘‘කතමා ච, භික්ඛවෙ, ඉද්ධිපාදභාවනා? ඉධ, භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, වීරියසමාධි...පෙ.... චිත්තසමාධි...පෙ.... වීමංසාසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං
‘‘කතමා
|
842
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නාහුය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහණෙනි, ඉද්ධිය යනු කවරේද? ඉද්ධිපාදය කවරේද? ඉද්ධිපාද වැඩීම කවරේද? ඉද්ධිපාද වැඩීමට පැමිණෙන ප්‍රතිපදාව කවරේද?” යනුයි.
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය.”
“මහණෙනි, ඉද්ධිය කවරේද? මහණෙනි, මේ සාසනයෙහි මහණ තෙම නොයෙක් ඉද්ධි කොටස් අනුභව කරයිද එකෙක්ව බොහෝදෙනෙක් වූහ. බොහෝදෙනෙක්ව එකෙක් විය. අහසෙහි යම්සේද එසේ ප්රකටවීම, මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් ගිලීම් මතුවීම් පොළොවෙහි කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් ගියාහුය. අහසෙහි පක්ෂියකු මෙන් පර්‍ය්‍යංකයෙන් ගියාහුය. මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව තෙක් කයින් වසඟ බව පැවැත්වූවාහුය. මහණෙනි, මේ ඉද්ධියයයි කියනු ලැබේ.
“මහණෙනි, ඉද්ධිපාදය කවරේද? මහණෙනි, ඉද්ධිය ලැබීම පිණිස, ඉද්ධිය වැඩීම පිණිස යම් මාර්ගයක් යම් ප්‍රතිපදාවක් පවතියිද, මහණෙනි, මේ ඉද්ධිපාදයයි කියනු ලැබේ.
“මහණෙනි, ඉද්ධිපාදයන්ගේ වැඩීම කවරේද? මහණෙනි, මේ සාසනයෙහි මහණ තෙම ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, වීමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, මහණෙනි, මේ ඉද්ධිපාදයන්ගේ වැඩීමයයි කියනු ලැබේ.
“මහණෙනි, ඉද්ධිපාදයන්ගේ වැඩීමට පැමිණෙන ප්‍රතිපදාව කවරීද? මේ ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්ගයමැයි. ඒ කවරේදයත්? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් කල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ආජීවය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යනුයි. මහණෙනි, මේ ඉද්ධිපාදයන්ගේ වැඩීමට පැමිණෙන ප්‍රතිපදාවයයි කියනු ලැබේ.”
|
11. මොග්ගල්ලානසුත්තං | 11. මොග්ගල්ලාන සූත්‍රය |
843
තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, කතමෙසං ධම්මානං භාවිතත්තා බහුලීකතත්තා මොග්ගල්ලානො භික්ඛු එවංමහිද්ධිකො එවංමහානුභාවො’’ති? භගවංමූලකා නො, භන්තෙ, ධම්මා භගවංනෙත්තිකා...පෙ.... ‘‘චතුන්නං ඛො, භික්ඛවෙ, ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා
‘‘කතමෙසං චතුන්නං? ඉධ, භික්ඛවෙ, මොග්ගල්ලානො භික්ඛු ඡන්දසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති - ‘ඉති මෙ ඡන්දො න ච අතිලීනො භවිස්සති, න ච අතිප්පග්ගහිතො භවිස්සති, න ච අජ්ඣත්තං සංඛිත්තො භවිස්සති, න ච බහිද්ධා වික්ඛිත්තො භවිස්සති’. පච්ඡාපුරෙසඤ්ඤී ච විහරති - ‘යථා පුරෙ තථා පච්ඡා, යථා පච්ඡා තථා පුරෙ; යථා අධො තථා උද්ධං, යථා උද්ධං තථා අධො; යථා දිවා තථා රත්තිං, යථා රත්තිං තථා දිවා’. ඉති
‘‘ඉමෙසඤ්ච පන, භික්ඛවෙ, චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා මොග්ගලානො භික්ඛු එවං අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති - එකොපි හුත්වා බහුධා හොති, බහුධාපි හුත්වා එකො හොති...පෙ.... යාව
|
843
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි,’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
[2] ‘මහණෙනි, ඒ කුමකැයි සිතව්ද, කවර ධර්මයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මොග්ගල්ලාන භික්ෂු තෙම මෙසේ මහත් ඉද්ධි ඇත්තේ මහත් ආනුභාව ඇත්තේ වෙයිද?
[3] “ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය.”
[4] “මහණෙනි, සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මොග්ගල්ලාන භික්ෂුව මෙසේ මහත් ඍද්ධි ඇත්තෙක් මහත් ආනුභාව ඇත්තෙක් වෙයි.
[5] “කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මොග්ගල්ලාන භික්ෂුව ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩන්නේය. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ ඡන්දය ඉතා හැකුළුණේ නොවන්නේය. ඉතා එසවුණේත් නොවන්නේය. ඇතුළත හැකුළුණේත් නොවන්නේය. පිටත විසිර ගියේත් නොවන්නේය. රහත්වීමට පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද, ශරීරයෙහි යට මෙන් උඩද උඩ මෙන් යටද, දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද, එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ නොවැසූ විවෘතකළ සිතින් බැබලීම් සහිත සිත වඩයි.
[6] “වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ වීර්‍ය්‍යය ඉතා හැකුළුණේත් නොවන්නේය. ඉතා එසවුණේත් නොවන්නේය. ඇතුළත හැකුළුණේත් නොවන්නේය. පිටත විසිර ගියේත් නොවන්නේය. පෙර පසු දෙක්හිම එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරයි. පෙර මෙන්ම පසුවත් පසුව මෙන්ම පෙරත් ශරීරයෙහි උඩ මෙන්ම යටත් යට මෙන්ම උඩත්, දවල් මෙන් රෑත් රෑ මෙන් දවල්හිත්, එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ විවෘතවූ නොවැසූ සිතින් බැබලීම් සහිත සිතක් වඩයි.
[7] “චිත්තය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ සිත ඉතා හැකුළුණේද නොවන්නේය. ඉතා එසවුණේද නොවන්නේය. ඇතුළත හැකුළුණේද නොවන්නේය. පිටත්හි විසිර ගියේද නොවන්නේය. පෙර හා පසුව එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය. පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද, යටිකය මෙන් උඩු කයද උඩු කය මෙන් යටිකයද, දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද, එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ නොවසන ලද විවෘත කළ සිතින් බැබලීම් සහිත සිත වඩයි.
[8] “වීමංසය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ වීමංසය ඉතා හැකුළුණේත් නොවන්නේය. ඉතා එසවුණේත් නොවන්නේය. ඇතුළත හැකුළුණේත් නොවන්නේය. පිටත්හි විසිර ගියේත් නොවන්නේය. පෙර පසු සමාන හැඟීම් ඇතිව වාසය කරයි. පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද, යටි කයෙහි මෙන් උඩු කයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද, දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද, සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ නොවසන ලද විවෘත වූ සිතින් බැබලීම් සහිත සිත වඩයි.
[9] “මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහා මොග්ගල්ලාන භික්ෂුව මෙසේ නොයෙක් ඉද්ධි කොටස් අනුභව කරයි. එක් කෙනෙක්ව බොහෝ දෙනෙක් වෙත්. බොහෝ දෙනෙක්ව එක්කෙනෙක්ද වේ. ප්‍රකට බවට මුවග බවට අහසෙහි මෙන් බිත්තියෙන් ඔබට පර්වතයෙන් ඔබට ප්‍රාකාරයෙන් ඔබට නොගැටී යයි. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් කිමිදීම් කරයි. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් යයි. පක්ෂියෙකු මෙන් අහසෙහියේද, පර්‍ය්‍යංකයෙන් හිඳගෙන මහත් ඉද්ධි ඇති මහත් අනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කරයි. පිරිමදියි. බ්‍රහ්මලෝක පවා කයින් වසඟ බවට පමුණුවයි.
[10] “මහණෙනි, මේ සතර ඍද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මොග්ගල්ලාන භික්ෂුව ආශ්‍රවයන් නැති කිරීමෙන් ආශ්‍රව රහිත වූ අර්හත්ඵල සමාධියත් අර්හත්ඵල ප්‍රඥාවත් මේ ආත්මභාවයෙහි තෙමේ විශේෂ නුවණින් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කරන්නේයයි” වදාළේය.
|
12. තථාගතසුත්තං | 12. තථාගත සූත්‍රය |
844
තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, කතමෙසං ධම්මානං භාවිතත්තා බහුලීකතත්තා තථාගතො එවංමහිද්ධිකො එවංමහානුභාවො’’ති? භගවංමූලකා නො, භන්තෙ, ධම්මා...පෙ.... ‘‘චතුන්නං ඛො, භික්ඛවෙ, ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා තථාගතො එවංමහිද්ධිකො එවංමහානුභාවො’’.
‘‘කතමෙසං චතුන්නං? ඉධ, භික්ඛවෙ, තථාගතො ඡන්දසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති - ‘ඉති මෙ ඡන්දො න ච අතිලීනො භවිස්සති, න ච අතිප්පග්ගහිතො භවිස්සති, න ච අජ්ඣත්තං සංඛිත්තො භවිස්සති, න ච බහිද්ධා වික්ඛිත්තො භවිස්සති’. පච්ඡාපුරෙසඤ්ඤී ච විහරති - ‘යථා පුරෙ තථා පච්ඡා, යථා පච්ඡා තථා පුරෙ; යථා අධො තථා උද්ධං, යථා උද්ධං තථා අධො; යථා දිවා තථා රත්තිං, යථා රත්තිං තථා දිවා’. ඉති විවටෙන චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති. වීරියසමාධි...පෙ.... චිත්තසමාධි...පෙ.... වීමංසාසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති - ‘ඉති මෙ වීමංසා
‘‘ඉමෙසඤ්ච පන, භික්ඛවෙ, චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා තථාගතො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති - එකොපි හුත්වා බහුධා හොති...පෙ....
(ඡපි අභිඤ්ඤායො විත්ථාරෙතබ්බා).
|
844
(මේ ඡේදය මේ වර්ගයේ 11 සූත්‍රයේ 1 ඡේදය මෙනි)
“මහණෙනි, එය කුමකැයි සිතව්ද? කවර ධර්මයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් තථාගතතෙම මෙසේ මහත් ඉද්ධි ඇත්තේ මහත් ආනුභාව ඇත්තේ වේද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නාකොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය.”
“මහණෙනි, සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් තථාගත තෙම මෙසේ මහත් ඉර්ධි ඇත්තේ මහත් ආනුභාව ඇත්තේ වේ.
“කවර සතරක්ද යත්? මහණෙනි, මෙහි තථාගත තෙමේ ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩන්නේය. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ ඡන්දය ඉතා හැකුළුණේ නොවන්නේය. ඉතා එසවුණේත් නොවන්නේය. ඇතුළත හැකුළුණේත් නොවන්නේය. පිටත විසිර ගියේත් නොවන්නේය. පෙර මෙන් පසුවද, පසුව මෙන් පෙරද, ශරීරයෙහි යට මෙන් උඩද, උඩ මෙන් යටද, දවල් මෙන් රෑද, රෑ මෙන් දවල්ද එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ විවෘත කළ සිතින් බැබලීම් සහිත සිත වඩයි.
“වීර්‍ය්‍යය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ වීර්‍ය්‍යය ඉතා හැකුළුණේත් නොවන්නේය. ඉතා එසවුණේත් නොවන්නේය. ඇතුළත හැකුළුණේත් නොවන්නේය. පිටත විසිරගියේත් නොවන්නේය. පෙර පසු දෙක්හිම එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරයි. පෙර මෙන් පසුවත් පසුව මෙන්ම පෙරත් ශරීරයෙහි උඩ මෙන් යටත් යට මෙන්ම උඩත්, දවල් මෙන්ම රෑත් රෑමෙන් දවල්හිත්, එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ විවෘතවූ නොවැසූ සිතින් බැබලීම් සහිත සිත වඩයි.
“චිත්තය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ සිත ඉතා හැකුළුණේද නොවන්නේය. ඉතා එසවුණේද නොවන්නේය. ඇතුළත හැකුළුණේද නොවන්නේය. පිටත්හි විසිරගියේද නොවන්නේය. පෙර හා පසුව එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය. පෙර මෙන් පසුවද, පසුව මෙන් පෙරද, යටිකය මෙන් උඩු කයද උඩු කය මෙන් යටි කයද, දවල් මෙන් රෑද, රෑ මෙන් දවල්ද, එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ නොවසන ලද විවෘත කළ සිතින් බැබලීම් සහිත සිත වඩයි.
“විමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ වීමංසය ඉතා හැකුළුණේත් නොවන්නේය. ඉතා එසවුණේත් නොවන්නේය. ඇතුළත හැකුළුණේත් නොවන්නේය. පිටත්හි විසිර ගියේත් නොවන්නේය. පෙර පසු සමාන හැඟීම් ඇතිව වාසය කරයි. පෙර මෙන් පසුවද, පසුව මෙන් පෙරද, යටි කයෙහි මෙන් උඩුකයෙහිද, උඩු කයෙහි මෙන් යටි කයෙහිද, දවල් මෙන් රෑද, රෑ මෙන් දවල්ද, සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ නොවසන ලද විවෘත වූ සිතින් බැබලීම් සහිත සිත වඩයි.
“මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් තථාගත තෙමේ මෙසේ මහත් ඉද්ධි ඇත්තේ මහත් ආනුභාව ඇත්තේ වේ. මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල කරන ලද බැවින් නොයෙක් ඉර්ධි කොටස් අනුභව කරයි. එක් කෙනෙක්ව බොහෝ දෙනෙක් වෙත්. බොහෝ දෙනෙක්ව එක් කෙනෙක් ද වේ. ප්‍රකට බවට මුවහ බවට අහසෙහි මෙන් බිත්තියෙන් ඔබට පර්වතයෙන් ඔබට ප්‍රාකාරයෙන් ඔබට නොගැටී යයි. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් කිමිදීම් කරයි. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් යයි. පක්ෂියෙකු මෙන් අහසෙහි යේද, පර්‍ය්‍යංකයෙන් හිඳගෙන මහත් ඉර්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කරයි. පිරිමදියි. බ්‍රහ්මලෝක පවා කයින් වසඟ බවට පමුණුවයි.
“මහණෙනි, සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් තථාගත තෙමේ ආශ්‍රවයන් නැති කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධියත් අර්හත්ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තෙමේ විශේෂ නුවණින් ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නේය.” (ෂඞ්අභිඥාවන්ට මෙසේ විස්තර කළ යුතුයි)
|
4. ගඞ්ගාපෙය්යාලවග්ගො | 4. ගංගා පෙය්යාල වර්ගය |
1-12. ගඞ්ගානදීආදිසුත්තද්වාදසකං | 1-12. ගඞ්ගානදීආදිසුත්තද්වාදසකං |
845-856
‘‘සෙය්යථාපි
‘‘එවං ඛො, භික්ඛවෙ, භික්ඛු චත්තාරො ඉද්ධිපාදෙ
|
845-856
1.
[2]“මහණෙනි, යම්සේ ගංගා නදිය පෙරදිගට නැමීයේද පෙරදිගට වක්ව යේද පෙරදිගට අවනතව යේද....” (යනාදී වශයෙන් විස්තර කටයුතුය)
2-12.
ගංගා පෙය්යාලය ඉර්ධිපාදය වශයෙන් විස්තර කළයුතුයි.
|
8. ඔඝවග්ගො | 8. ඕඝ වර්ගය |
1-10. ඔඝාදිසුත්තදසකං | 1-10. ඕඝාදිසුත්තදසකං |
889-898
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, උද්ධම්භාගියානි සංයොජනානි. කතමානි පඤ්ච
(යථා
|
889-898
උද්ධම්භාගිය සූත්‍රය
[2] “මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජනයෝ පසක් වෙත්. කවර පසෙක්ද? රූප රාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිජ්ජාවය යනුයි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස වෙත්. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස විශේෂයෙන් දැනීම පිණිස පිරිසඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණීස පහ කිරීම පිණිස සතර ඉර්ධිපාදයෝ වැඩිය යුත්තාහ.
[3] “කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉර්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉර්ධිපාදය වඩයි. වීමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉර්ධිපාදය වඩයි.
[4] “මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස විශේෂයෙන් දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂයකිරීම පිණිස පහකිරීම පිණිස මේ සතර ඉද්ධිපාදයන් වැඩිය යුත්තාහ.
2-10.
“මහණෙනි, මේ ඕඝ සතරකි කවර සතරක්ද? කාම ඕඝය, භව ඕඝය, දිට්ඨි ඕඝය, අවිජ්ජා ඕඝය යනුයි. (විස්තර කළ යුතුයි)
(ඕඝ වර්ගය ඉද්ධිපාද වශයෙන් විස්තර කළ යුතුයි. මෙසේ සතිපට්ඨානය දක්වා විස්තර කළ යුතුයි.)
|