4. ඉන්ද්රියසංයුත්තං | 4. ඉන්ද්රිය සංයුත්තය |
1. සුද්ධිකවග්ගො | 1. සුද්ධින්ද්‍රිය වර්ගය |
1. සුද්ධිකසුත්තං | 1. සුද්ධික ඉන්ද්රිය සූත්‍රය |
471
සාවත්ථිනිදානං
|
471
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතුසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] මහණෙනි, මේ ඉන්ද්රිය පසෙක් වෙති. කවර පසෙක්ද? සද්ධිඉන්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රියයි මහණෙනි, මොහු ඉන්ද්රිය පස වෙති.”
|
2. පඨමසොතාපන්නසුත්තං | 2. සෝතාපන්න සූත්‍රය |
472
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච? සද්ධින්ද්රියං, වීරියින්ද්‍රියං, සතින්ද්රියං, සමාධින්ද්රියං, පඤ්ඤින්ද්රියං. යතො ඛො, භික්ඛවෙ, අරියසාවකො ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං අස්සාදඤ්ච
(සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච (ස්‍යා. කං. පී. ක.) සං. නි. 2.175) ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති - අයං වුච්චති, භික්ඛවෙ, අරියසාවකො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’’ති. දුතියං.
|
472
(මේ වර්ගයේ සූත්‍ර සියල්ලේ 1 වෙනි ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡේදය මෙනි.
[2] මහණෙනි, මේ ඉන්ද්රිය පසෙකි. කවර පසෙක්ද? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය, යනුයි.
[3] “මහණෙනි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ මේ පඤ්චෙන්ද්රියයන්ගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් දනීද,
[4] “මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ එතැන්පටන් සෝවාන් වූයේ අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තේ රහත් බවට නියතවූයේ රහත්බවට පරායනකොට ඇත්තේයයි කියනු ලැබේ.”
|
3. දුතියසොතාපන්නසුත්තං | 3. දුතියසෝතාපන්න සූත්‍රය |
473
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච? සද්ධින්ද්රියං, වීරියින්ද්‍රියං, සතින්ද්රියං, සමාධින්ද්රියං, පඤ්ඤින්ද්රියං. යතො ඛො, භික්ඛවෙ, අරියසාවකො ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච
|
473
[2] “මහණෙනි, මේ ඉන්ද්රිය පසෙක් වෙති. කවර පසෙක්ද? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය, යනුයි
[3] “මහණෙනි, යම්සේ වනාහි ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ යම් කලෙක මේ පඤ්චෙන්ද්රියයන්ගේ ඉපදීමද, බිඳීමද ආශ්වාදයද ආදීනවයද නිස්සරණය තත්වූ පරිද්දෙන් දනීද,
[4] “මහණෙනි, එතැන්පටන් මේ ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ සෝවාන්වූයේ අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තේ රහත් බවට නියතවූයේ රහත්බව පරායනකොට ඇත්තේයයි කියනු ලැබේ.
|
4. පඨමඅරහන්තසුත්තං | 4. අරහන්ත සූත්‍රය |
474
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච? සද්ධින්ද්රියං, වීරියින්ද්‍රියං, සතින්ද්රියං, සමාධින්ද්රියං, පඤ්ඤින්ද්රියං. යතො ඛො, භික්ඛවෙ, අරියසාවකො ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං අස්සාදඤ්ච
(සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච (ස්‍යා. කං. පී. ක.) සං. නි. 2.175) ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා
|
474
[2] “මහණෙනි, මේ ඉන්ද්රිය පසෙක්වෙති. කවර පසෙක්ද? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය, යනුයි.
[3] “මහණෙනි, යම් කලෙක පටන් මහණතෙමේ මේ පඤ්චෙන්ද්රියයන්ගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන තණ්හාදිට්ඨි මානයන්ගෙන් අල්වා ගැනීමෙන් මිදුනේවේද,
[4] “මහණෙනි, මේ මහණතෙමේ ක්ෂය කරනලද ආශ්‍රව ඇත්තාවූ බඹසර වැස නිමවන ලද්දාවූ කරනලද කටයුතු ඇත්තාවූ, බහා තැබූ කෙලෙස් බර ඇත්තාවූ, පැමිණෙන ලද තමාගේ අර්ථය ඇත්තාවූ නැතිකළ භව බැඳුම් ඇත්තාවූ මනා කොට දැනගැනීමෙන් කෙලෙසුන්ගෙන් මිදුණාවූ අර්හත් පුද්ගලයායයි කියනු ලැබේ”
|
5. දුතියඅරහන්තසුත්තං | 5. දුතිය අරහන්ත සූත්‍රය |
475
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච? සද්ධින්ද්රියං, වීරියින්ද්‍රියං, සතින්ද්රියං, සමාධින්ද්රියං, පඤ්ඤින්ද්රියං. යතො ඛො, භික්ඛවෙ, භික්ඛු ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදාවිමුත්තො හොති - අයං වුච්චති, භික්ඛවෙ, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤා විමුත්තො’’ති. පඤ්චමං.
|
475
[2] “මහණෙනි, මේ ඉන්ද්රිය පසෙක්වෙති. කවර පසෙක්ද? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය යනුයි
[3] මහණෙනි යම් කලෙක පටන් වනාහි මහණතෙමේ මේ පඤ්චෙන්ද්රියයන්ගේ ඉපදීමද බිඳීමද ආශ්වාදයද ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන තණ්හාදිට්ඨි මානයන්ගෙන් අල්වා ගැනීමෙන් මිදුනේවේද?
[4] “මහණෙනි, මේ මහණතෙම ක්ෂය කරනලද ආශ්‍රව ඇත්තාවූ බඹසර වැස නිමවන ලද්දාවූ කරනලද කටයුතු ඇත්තාවූ බහා තැබූ කෙලෙස් බර ඇත්තාවූ පැමිණෙන ලද තමාගේ අර්ථය ඇත්තාවූ නැතිකල භව බැඳුම් ඇත්තාවූ මනා කොට දැනගැනීමෙන් කෙලෙසුන්ගෙන් මිදුණාවූ අර්හත් පුද්ගලයායි කියනු ලැබේ.
|
6. පඨමසමණබ්‍රාහ්මණසුත්තං | 6. සමණ බ්‍රාහ්මණ සූත්‍රය |
476
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච? සද්ධින්ද්රියං...පෙ.... පඤ්ඤින්ද්රියං. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානන්ති, න මෙ තෙ, භික්ඛවෙ, සමණා වා
‘‘යෙ
|
476
[2] “මහණෙනි, මේ ඉන්ද්රිය පසෙක්වෙති. කවර පසෙක්ද? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය පඤ්ඤින්ද්රිය යනුයි.
[3] “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ මේ පඤ්චෙන්ද්‍රියන්ගේ ඉපදීමද, විනාශයද ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් නොදනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්රමණයන් අතරෙහි ශ්‍රමණයයි සම්මතවූවාහුද බ්‍රාහ්මණයන් අතරෙහි බ්‍රාහ්මණයයි, සම්මත වූවාහුද නොවෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණභාවයේ අර්ථය හෝ බ්‍රාහ්මණභාවයේ අර්ථය හෝ මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය නොකෙරෙත්.
[4] “මහණෙනි, ඇතැම් ශ්රමණෙයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ පඤ්චෙන්ද්‍රියන්ගේ ඉපදීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් දනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ ශ්රමණයන් අතරෙහි ශ්‍රමණයයි සම්මතවූවාහුද බ්‍රාහ්මණයන් අතරෙහි බ්‍රාහ්මණයයි සම්මතවූවාහුද වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණභාවයේ අර්ථයද, බ්‍රාහ්මණභාවයේ අර්ථයද මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කරත්.
|
7. දුතියසමණබ්‍රාහ්මණසුත්තං | 7. දුතිය සමණ බ්‍රාහ්මණ සූත්‍රය |
477
‘‘යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සද්ධින්ද්රියං නප්පජානන්ති, සද්ධින්ද්රියසමුදයං නප්පජානන්ති, සද්ධින්ද්රියනිරොධං නප්පජානන්ති, සද්ධින්ද්රියනිරොධගාමිනිං පටිපදං නප්පජානන්ති; වීරියින්ද්‍රියං නප්පජානන්ති...පෙ.... සතින්ද්රියං නප්පජානන්ති
‘‘යෙ ච ඛො කෙචි, භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සද්ධින්ද්රියං පජානන්ති, සද්ධින්ද්රියසමුදයං පජානන්ති, සද්ධින්ද්රියනිරොධං පජානන්ති, සද්ධින්ද්රියනිරොධගාමිනිං පටිපදං පජානන්ති; වීරියින්ද්‍රියං පජානන්ති, වීරියින්ද්රියසමුදයං පජානන්ති, වීරියින්ද්රියනිරොධං පජානන්ති, වීරියින්ද්රියනිරොධගාමිනිං පටිපදං පජානන්ති; සතින්ද්රියං පජානන්ති...පෙ.... සමාධින්ද්රියං පජානන්ති...පෙ.... පඤ්ඤින්ද්රියං
|
477
[2] “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සද්ධින්ද්රිය නොදනිත්ද, සද්ධින්ද්‍රියයාගේ ඉපදීම නොදනිත්ද, සද්ධින්ද්‍රියයාගේ නිරෝධය නොදනිත්ද, සද්ධින්ද්‍රියයාගේ නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව නොදනිත්ද,
“විරියින්ද්රිය නොදනිත්ද විරියින්ද්රියයාගේ ඉපදීම නොදනිත්ද, විරියින්ද්රියයාගේ නිරෝධය නොදනිත්ද, විරියින්ද්රියයාගේ නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව නොදනිත්ද,
“සතින්ද්රිය නොදනිත්ද, සතින්ද්‍රියයාගේ ඉපදීම නොදනිත්ද, සතින්ද්‍රියයාගේ නිරෝධය නොදනිත්ද, සතින්ද්‍රියයාගේ නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව නොදනිත්ද,
“සමාධින්ද්රිය නොදනිත්ද, සමාධින්ද්‍රියයාගේ ඉපදීම නොදනිත්ද, සමාධින්ද්‍රියයාගේ නිරෝධය නොදනිත්ද, සමාධින්ද්‍රියයාගේ නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව නොදනිත්ද,
“පඤ්ඤින්ද්රිය නොදනිත්ද, පඤ්ඤින්ද්‍රියයාගේ ඉපදීම නොදත්ද, පඤ්ඤින්ද්‍රියයාගේ නිරෝධය නොදනිත්ද, පඤ්ඤින්ද්‍රියයාගේ නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව නොදනිත්ද,
“මහණෙනි, මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්රමණයන් අතරෙහි ශ්‍රමණයයි සම්මත වූවාහුද, බ්‍රාහ්මණයන් අතරෙහි බ්‍රාහ්මණයයි සම්මත වූවාහුද නොවෙත්. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණභාවයාගේ අර්ථයද, බ්රාහ්මණභාවයාගේ අර්ථයද මේ ආත්මයෙහි තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂ කොට ඊට පැමිණ නොවසත්.
[3] “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රහ්මණයෝ හෝ සද්ධින්ද්රිය දනිත්ද, සද්ධින්ද්‍රියයාගේ ඉපදීම දනිත්ද, සද්ධින්ද්‍රියයාගේ නිරෝධය දනිත්ද, සද්ධින්ද්‍රියයාගේ නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව දනිත්ද,
“විරියින්ද්රිය දනිත්ද, විරියින්ද්රියයාගේ ඉපදීම දනිත්ද, විරියින්ද්රියයාගේ නිරෝධය දනිත්ද, විරියින්ද්රියාගේ නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව දනිත්ද,
සතින්ද්රිය දනිත්ද, සතින්ද්‍රියයාගේ ඉපදීම දනිත්ද, සතින්ද්‍රියයාගේ නිරෝධය දනිත්ද, සතින්ද්‍රියයාගේ නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව දනිත්ද,
සමාධින්ද්රිය දනිත්ද, සමාධින්ද්‍රියයාගේ ඉපදීම දනිත්ද, සමාධින්ද්‍රියයාගේ නිරෝධය දනිත්ද, සමාධින්ද්‍රියයාගේ නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව දනිත්ද,
“පඤ්ඤින්ද්රිය දනිත්ද, පඤ්ඤින්ද්‍රියයාගේ ඉපදීම දනිත්ද, පඤ්ඤින්ද්‍රියයාගේ නිරෝධය දනිත්ද, පඤ්ඤින්ද්‍රියයාගේ නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව දනිත්ද,
“මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්රමණයන් අතරෙහි ශ්‍රමණයයි සම්මතවූවාහුද, බ්‍රාහ්මණයන් අතරෙහි හෝ බ්‍රාහ්මණයයි සම්මතවූවාහුද වෙත් ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණභාවයාගේ අර්ථයද, බ්‍රාහ්මණ භාවයාගේ අර්ථයද මේ අත්බැව්හිම තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂකොට දැන ඊට පැමිණ වාසය කරත්.”
|
8. දට්ඨබ්බසුත්තං | 8. දට්ඨබ්බින්ද්රිය සූත්‍රය |
478
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච? සද්ධින්ද්රියං...පෙ.... පඤ්ඤින්ද්රියං. කත්ථ ච, භික්ඛවෙ, සද්ධින්ද්රියං දට්ඨබ්බං? චතූසු සොතාපත්තියඞ්ගෙසු - එත්ථ සද්ධින්ද්රියං දට්ඨබ්බං. කත්ථ ච, භික්ඛවෙ, වීරියින්ද්‍රියං දට්ඨබ්බං? චතූසු සම්මප්පධානෙසු - එත්ථ වීරියින්ද්‍රියං දට්ඨබ්බං. කත්ථ
|
478
[2] “මහණෙනි, මේ ඉන්ද්රිය පසෙක් වෙති. කවර පසෙක්ද, සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය යනුයි.
[3] මහණෙනි, සද්ධින්ද්රිය කොතැන්හි දතයුතුද? මේ සතර සොතාපත්ති අඞගයන්හි සද්ධින්ද්රියන් දතයුතුයි. මහණෙනි, විරින්ද්රිය කොතැන්හි දතයුතුද? මේ සතර සම්‍යක් ප්‍රධානයන්හි විරියින්ද්රිය දතයුතුයි. මහණෙනි, සතින්ද්රිය කොතැන්හි දත යුතුද? මේ සතර සතිපට්ඨානයන්හි සතින්ද්රිය දතයුතුයි. මහණෙනි, සමාධින්ද්රිය කොතැන්හි දත යුතුද? මේ සතර ධ්‍යානයන්හි සමාධින්ද්රිය දතයුතුයි. මහණෙනි, පඤ්ඤින්ද්රිය කොතැන්හි දතයුතුද? මේ ආර්ය සත්‍ය සතරෙහි පඤ්ඤින්ද්රිය දතයුතුයි. මහණෙනි, මොව්හු වනාහි පඤ්චෙන්ද්‍රියයෝයි.”
|
9. පඨමවිභඞ්ගසුත්තං | 9. ඉන්ද්රිය විභඞග සූත්‍රය |
479
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච? සද්ධින්ද්රියං...පෙ.... පඤ්ඤින්ද්රියං. කතමඤ්ච, භික්ඛවෙ, සද්ධින්ද්රියං? ඉධ, භික්ඛවෙ, අරියසාවකො සද්ධො හොති, සද්දහති තථාගතස්ස බොධිං
‘‘කතමඤ්ච, භික්ඛවෙ, වීරියින්ද්‍රියං? ඉධ, භික්ඛවෙ, අරියසාවකො ආරද්ධවීරියො විහරති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු - ඉදං වුච්චති, භික්ඛවෙ, වීරියින්ද්‍රියං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, සතින්ද්රියං? ඉධ, භික්ඛවෙ, අරියසාවකො සතිමා හොති පරමෙන
‘‘කතමඤ්ච, භික්ඛවෙ, සමාධින්ද්රියං? ඉධ, භික්ඛවෙ, අරියසාවකො වොස්සග්ගාරම්මණං කරිත්වා ලභති සමාධිං, ලභති චිත්තස්ස එකග්ගතං - ඉදං වුච්චති, භික්ඛවෙ, සමාධින්ද්රියං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, පඤ්ඤින්ද්රියං? ඉධ, භික්ඛවෙ, අරියසාවකො පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය, සම්මා දුක්ඛක්ඛයගාමිනියා - ඉදං වුච්චති, භික්ඛවෙ, පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො, භික්ඛවෙ, පඤ්චින්ද්රියානී’’ති. නවමං.
|
479
[2] “මහණෙනි, මේ ඉන්ද්රිය පස්දෙනෙක් වෙති කවර පසෙක්ද? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය යනුයි.
[3] “මහණෙනි, සද්ධින්ද්රිය යනු කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ශ්‍රද්ධා ඇත්තේ වේද, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ නිසා අර්හත්යහ සම්‍යක් සම්බුද්ධයහ. අෂ්ටවිද්‍යා පසළොස් චරණ ධර්මයෙන් යුක්තයහ. සුගතයහ. සියලු ලෝකයන් දන්නාහ. නිරුත්තර පුරුසදම්ම සාරථීය. දෙවි මිනිසුන්ට ශාස්තෲයහ. බුද්ධයහ භාග්‍යවත්යයි තථාගතයන් වහන්සේ බුද්ධත්වය අදහන්නේ වෙයිද, මහණෙනි, මෙය සද්ධින්ද්‍රියයයි කියනු ලැබේ.
[4] “මහණෙනි, විරියින්ද්රිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අකුසල ධර්මයන් පහකරනු පිණිස කුසල ධර්මයන් වැඩීම පිණිස දැඩි වීර්‍ය්‍ය ඇතිව පටන් ගන්නාලද වීර්‍ය්‍යය ඇතිව කුසල ධර්මයන්හි බහාතබන ලද බර ඇතිව වාසය කරයිද, මහණෙනි, මේ විරින්ද්රියයයි කියනු ලැබේ.
[5] “මහණෙනි, සතින්ද්රිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සිහියෙන් යුක්තවේද මනාකොට සිහි නුවණින් යුක්ත වූයේවේද, පෙර කරනලද පෙර කියනලද දේ සිහි කරන්නේ විශේෂයෙන් සිහි කරන්නේ වෙයිද, මහණෙනි, මෙය සතින්ද්රිය යයි කියනු ලැබේ.
[6] “මහණෙනි, සමාධින්ද්රිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ නිවන් අරමුණු කොට සමාධිය ලබයිද, සිතේ එකඟකම ලබයිද, මහණෙනි, මෙය සමාධින්ද්රිය යයි කියනු ලැබේ.
[7] “මහණෙනි, පඤ්ඤින්ද්රිය කවරේද, මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ උතුම්වූ කලකිරීම් පිණිස පවත්නාවූ මනාකොට දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ ඇතිවීම හා නැතිවීම දක්නාවූ නුවණින් යුක්තවූයේ ප්‍රඥාවත් වූයේ වේද, මහණෙනි, මෙය පඤ්ඤින්ද්රිය යයි කියනු ලැබේ. මහණෙනි, මොව්හු වනාහි පඤ්චෙන්ද්රියයෝ යයි කියනු ලැබෙත්.
|
10. දුතියවිභඞ්ගසුත්තං | 10. දුතිය ඉන්ද්රිය විභඞග සූත්‍රය |
480
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච? සද්ධින්ද්රියං...පෙ.... පඤ්ඤින්ද්රියං. කතමඤ්ච, භික්ඛවෙ, සද්ධින්ද්රියං? ඉධ, භික්ඛවෙ, අරියසාවකො සද්ධො හොති, සද්දහති තථාගතස්ස බොධිං - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති - ඉදං වුච්චති, භික්ඛවෙ, සද්ධින්ද්රියං.
‘‘කතමඤ්ච
‘‘කතමඤ්ච
‘‘කතමඤ්ච, භික්ඛවෙ, සමාධින්ද්රියං? ඉධ, භික්ඛවෙ, අරියසාවකො වොස්සග්ගාරම්මණං කරිත්වා ලභති සමාධිං, ලභති චිත්තස්ස එකග්ගතං. සො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති
‘‘කතමඤ්ච
|
480
[2] “මහණෙනි, මේ ඉන්ද්රිය පසෙක් වෙති. කවර පසෙක්ද? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය පඤ්ඤින්ද්රිය යනුයි.
[3] “මහණෙනි, සද්ධින්ද්රිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ශ්රද්ධාවත් වේද, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ නිසා අර්හත්යහ, සම්‍යක් සම්බුද්ධයහ, අෂ්ටවිද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තයහ, සුගතයහ, සියලු ලෝකයන් දන්නාහ. නිරුත්තර පුරිසදම්ම සාරථීයහ, දෙව් මිනිසුන්ට ශාස්තෲයහ. බුද්ධයහ, භාග්‍යවත්හයි තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය අදහන්නේද, මහණෙනි, මෙය සද්ධින්ද්රිය යයි කියනු ලැබේ.
[4] “මහණෙනි, විරියින්ද්රිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අකුසල ධර්මයන් පහකිරීම පිණිස කුසල ධර්මයන් වැඩීම පිණිස දැඩි වීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේ කුසල ධර්මයන්හි බහා තබන ලද බර ඇත්තේ වාසය කරයිද, හෙතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි, වීර්‍ය්‍යය පටන්ගනියි, සිතින් දැඩි උත්සාහ කරයි, ස්ථිර ලෙස පිහිටුවයි, උපන් ලාමක අකුසල ධර්මයන් පහකිරීම පිණිස කැමැත්ත උපදවයි, වෑයම් කරයි, වීර්‍ය්‍යය පටන් ගනියි, සිතින් දැඩි උත්සාහ කරයි, ස්ථිර ලෙස පිහිටුවයි, නූපන් කුසල් ධර්මයන් ඉපදවීම පිණිස කැමැත්ත උපදවයි, වෑයම් කරයි, වීර්‍ය්‍යය පටන් ගනියි, සිතින් දැඩි උත්සාහ කරයි, ස්ථිර ලෙස පිහිටුවයි, උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස නොමුළා බව පිණිස බොහෝ බව පිණිස මහත් බව පිණිස වැඩීම පිණිස සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි, වීර්‍ය්‍යය පටන්ගනියි, සිතින් දැඩි උත්සාහ කරයි, ස්ථිර ලෙස පිහිටුවයි. මහණෙනි, මෙය විරියින්ද්රිය යයි කියනු ලැබේ.
[5] “මහණෙනි, සතින්ද්රිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සිහි ඇතිව මනා සිහි නුවණින් යුක්තව පෙර කරන ලද පෙර කියන ලද දේ සිහි කරන්නේ විශේෂයෙන් සිහි කරන්නේ වෙයිද හෙතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා කයෙහි කය නැවත බලමින් වාසය කෙරේද,
“හෙතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කෙරේද,
“හෙතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව, මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙරේද,
“හෙතෙම කෙලෙස් තවන විර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා ධර්මයන්හි ධර්මය නැවත නැවත බලමින් වාසය කෙරේද, මහණෙනි, මේ සතින්ද්රිය කියනු ලැබේ.
[6] “මහණෙනි, සමාධින්ද්රිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ නිවන් අරමුණු කොට පවත්නා සමාධියක් ලබයිද, සිතේ එකඟකම ලබයිද, ඒ මහණතෙම කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතක්ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීති සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයිද, විතක්ක විචාරයන්ගේ සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම් ඇත්තාවූ එකඟ බැව් ඇති අවිතර්කවූ විචාර රහිතවූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති දුතියධ්‍යානයට පැමිණ වාසය කරයිද,
“ප්‍රීතියද දුරුකිරීමෙන් උපෙක්ෂාවෙන් යුක්තවූයේ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයිද, කායික සැපයාගේද දුක්ඛයාගේද නැතිකිරීමෙන් පූර්වයෙහිම සොම්නස් දොම්නස් දෙක දුරලීමෙන් දුකද නැති සැපද නැති උපෙක්ෂාවෙන් හටගත් පිරිසිදු සිහිය ඇති චතුර්ථධ්යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මෙය සමාධින්ද්රියයයි කියනු ලැබේ.
[7] “මහණෙනි, පඤ්ඤින්ද්රිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ උතුම්වූ කලකිරීම පිණිස පවත්නාවූද මනාකොට දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ ඇතිවීම හා නැතිවීම දක්නාවූ නුවණින් යුක්තවූයේ ප්‍රඥාවත් වූයේ වෙයිද, හෙතෙම මෙය දුක යයි තත්වූ පරිද්දෙන් දැන ගනියි. මේ දුකට හේතුව තත්වූ පරිද්දෙන් දැන ගනියි. මේ දුක් නැතිකිරීම යයි තත්වූ පරිද්දෙන් දැනගනියි. මේ දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව යයි තත්වූ පරිද්දෙන් දැනගනියි. මහණෙනි, මේ පඤ්ඤින්ද්‍රියයයි කියනු ලැබේ. මහණෙනි, මොව්හු වනාහි පඤ්චඉන්ද්රියයෝයි.”
|
2. මුදුතරවග්ගො | 2. මුදුතර වර්ගය |
1. පටිලාභසුත්තං | 1. පඤ්චෙන්ද්රිය පටිලාභ සූත්‍රය |
481
‘‘පඤ්චිමානි
‘‘කතමඤ්ච, භික්ඛවෙ, වීරියින්ද්‍රියං? යං ඛො, භික්ඛවෙ, චත්තාරො සම්මප්පධානෙ ආරබ්භ වීරියං පටිලභති - ඉදං වුච්චති, භික්ඛවෙ, වීරියින්ද්‍රියං.
‘‘කතමඤ්ච
‘‘කතමඤ්ච, භික්ඛවෙ, සමාධින්ද්රියං? ඉධ, භික්ඛවෙ, අරියසාවකො වොස්සග්ගාරම්මණං කරිත්වා ලභති සමාධිං, ලභති චිත්තස්ස එකග්ගතං - ඉදං වුච්චති, භික්ඛවෙ, සමාධින්ද්රියං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, පඤ්ඤින්ද්රියං? ඉධ, භික්ඛවෙ, අරියසාවකො පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා
|
481
[1] මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසෙක් වෙති. කවර පසෙක්ද? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය යනුයි.
[3] “මහණෙනි, සද්ධින්ද්රිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ශ්‍රද්ධා ඇත්තේ වේද, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ නිසා අර්හත්ය. සම්‍යක් සම්බුද්ධයහ අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්මයෙන් යුක්තයහ. සුගතයහ. සියලු ලෝකයන් දන්නාහ. නිරුත්තර පුරුසදම්මසාරථියහ. දෙව් මිනිසුන්ට ශාස්තෲයහ. බුද්ධයහ. භාග්‍යවත් යයි තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය අදහන්නේ වෙයිද, මහණෙනි, මේ සද්ධින්ද්‍රියයයි කියනු ලැබේ.
[4] “මහණෙනි, විරියින්ද්රිය කවරේද? මහණෙනි, සතර සම්‍යක් ප්‍රධානයන් අරභයා යම් වීර්‍ය්‍යයක් ලබයිද, මහණෙනි, මෙය විරියින්ද්‍රියයයි කියනු ලැබේ.
[5] “මහණෙනි, සතින්ද්රිය කවරේද? මහණෙනි, සතර සතිපට්ඨානයන් අරභයා යම් සිහියක් ලබයිද? මහණෙනි, මෙය සතින්ද්‍රියයයි කියනු ලැබේ.
[6] “මහණෙනි, සමාධින්ද්රිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අරමුණුකොට ඇති සමාධියක් ලබයිද, චිත්තයාගේ එකඟ බවක් ලබයිද මහණෙනි, මෙය සමාධින්ද්රිය යයි කියනු ලැබේ.
[7] “මහණෙනි, පඤ්ඤින්ද්රිය කවරේද? මහණෙනි, මේ ශාසනයේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇතිවීම හා නැතිවීම දක්නාවූ නුවණින් යුක්තවූයේ උතුම්වූ විනිවිද දක්නාවූ මනාකොට දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ ප්‍රඥාවෙන් යුක්ත වූයේ නුවණැත්තේ වේද, මහණෙනි, මෙය පඤ්ඤින්ද්‍රියයයි කියනු ලැබේ. මහණෙනි, මොව්හු වනාහි පඤ්චෙන්ද්‍රියයෝයි.”
|
2. පඨමසංඛිත්තසුත්තං | 2. මුදුතන්ද්‍රිරිය සූත්‍රය |
482
‘‘පඤ්චිමානි
|
482
(මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 2 වෙනි ඡේද මෙනි)
[3] “මහණෙනි, මේ පඤ්චෙන්ද්රියයන් සම්පූර්ණ කිරීමෙන් පිරීමෙන් රහත් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් අනාගාමි වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සකෘදාගාමි වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සෝවාන් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් ධම්මානුසාරී නම් සෝවාන් මාර්ගස්ථයා (ප්‍රඥාව පෙරටු කොට සෝවාන් මාර්ගයට පැමිණෙන පුද්ගලයා) වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සද්ධානුසාරී නම් සෝවාන් මාර්ගස්ථයා (ශ්‍රද්ධාව පෙරටුකොට සෝවාන් මාර්ගයට පැමිණෙන පුද්ගලයා) වෙයි.
|
3. දුතියසංඛිත්තසුත්තං | 3. ඉන්ද්රිය වෙමත්ත සූත්‍රය |
483
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච? සද්ධින්ද්රියං...පෙ.... පඤ්ඤින්ද්රියං - ඉමානි ඛො, භික්ඛවෙ, පඤ්චින්ද්රියානි. ඉමෙසං ඛො, භික්ඛවෙ, පඤ්චන්නං ඉන්ද්රියානං සමත්තා පරිපූරත්තා අරහං හොති, තතො මුදුතරෙහි අනාගාමී හොති, තතො මුදුතරෙහි සකදාගාමී හොති, තතො මුදුතරෙහි සොතාපන්නො හොති, තතො මුදුතරෙහි ධම්මානුසාරී හොති, තතො මුදුතරෙහි සද්ධානුසාරී හොති. ඉති ඛො, භික්ඛවෙ, ඉන්ද්රියවෙමත්තතා ඵලවෙමත්තතා හොති, ඵලවෙමත්තතා පුග්ගලවෙමත්තතා’’ති. තතියං.
|
483
(මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 2 වෙනි ඡේද මෙනි.)
[3] “මහණෙනි, මේ පඤ්චෙන්ද්රියයන් සම්පූර්ණ කිරීමෙන් පිරීමෙන් රහත් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් අනාගාමි වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සකෘදාගාමි වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සෝවාන් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් ධම්මානුසාරී නම් මාර්ගස්ථයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සද්ධානුසාරී නම් මාර්ගස්ථයා වෙයි. මහණෙනි, මෙසේ වනාහි ඉන්ද්රියයන්ගෙන් වෙනස් කමින් ඵලයන්ගේ වෙනස් බව වෙයි. ඵලයන්ගේ වෙනස් කමින් පුද්ගලයන්ගේ වෙනස් බව ඇතිවේ.”
|
4. තතියසංඛිත්තසුත්තං | 4. පරිපූරකාරී සූත්‍රය |
484
‘‘පඤ්චිමානි
|
484
(මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 2 වෙනි ඡේද මෙනි.)
[3] “මහණෙනි, මේ පංචෙන්ද්‍රියයන් සම්පූර්ණ කිරීමෙන් පිරීමෙන් රහත් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් අනාගාමි වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සකෘදාගාමි වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සෝවාන් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් ධම්මානුසාරී නම් සෝවාන් මාර්ගස්ථයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සද්ධානුසාරී නම් මාර්ගස්ථයා වෙයි.
[4] “මහණෙනි, මෙසේ වනාහි සම්පූර්ණවූ ඉන්ද්රිය ඇති අර්හත් මාර්ගය සම්පූර්ණ කිරීමෙන් අර්හත් ඵලයට පැමිණෙයි. කොටසක්වූ ඉන්ද්රියයන් ඇති ඉතිරි මාර්ග තුන සම්පූර්ණ කිරීමෙන් ඉතිරි ඵල තුනට පැමිණෙයි. මහණෙනි, මම මෙසේ පංචෙන්ද්‍රියයෝ වඳ නොවෙත්යයි” කියමි.
|
5. පඨමවිත්ථාරසුත්තං | 5. සද්ධානුසාරී සූත්‍රය |
485
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච? සද්ධින්ද්රියං...පෙ.... පඤ්ඤින්ද්රියං - ඉමානි ඛො, භික්ඛවෙ, පඤ්චින්ද්රියානි. ඉමෙසං ඛො, භික්ඛවෙ, පඤ්චන්නං ඉන්ද්රියානං සමත්තා
|
485
(මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 2 වෙනි ඡේද මෙනි.)
[3] “මහණෙනි, මේ පංචෙන්ද්‍රියයන් සම්පූර්ණ කිරීමෙන් පිරීමෙන් රහත් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් අන්තරාපරිනිබ්බායී (පංච සුද්ධාවාසයෙහි ආයු අඩකට අතරතුර රහත් වන) අනාගාමී පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් උපහච්ච පරිනිබ්බායී (පංචසුද්ධාවාසයෙහි ආයු අඩක් ඉක්මවා රහත් බවට පැමිණෙන) අනාගාමී පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් අසඩ්ඛාර පරිනිබ්බායී (නොහොත් පංච සුද්ධාවාසයේ ඉපිද පහසුවෙන් වෙහෙස නොවී රහත්වෙන) අනාගාමී පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සසංඛාර පරිනිබ්බායී (පංච සුද්ධාවාසයේ ඉපිද වෙහෙසවී උත්සාහයෙන් රහත්වන) අනාගාමී පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් උද්ධංසොත අකනිට්ඨගාමි (ක්‍රමයෙන් අකනිටා බඹලොව දක්වා රහත්වන) අනාගාමී පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සකෘදාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සෝවාන් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් ධම්මානුසාරි නම් සෝවාන් මාර්ගස්ථයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සද්ධානුසාරී නම් සෝවාන් මාර්ගස්ථයා වෙයි.”
|
6. දුතියවිත්ථාරසුත්තං | 6. අන්තරාපරිනිබ්බායි සූත්‍රය |
486
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච? සද්ධින්ද්රියං...පෙ.... පඤ්ඤින්ද්රියං - ඉමානි ඛො, භික්ඛවෙ, පඤ්චින්ද්රියානි. ඉමෙසං ඛො, භික්ඛවෙ, පඤ්චන්නං ඉන්ද්රියානං සමත්තා පරිපූරත්තා අරහං හොති, තතො මුදුතරෙහි අන්තරාපරිනිබ්බායී හොති, තතො මුදුතරෙහි උපහච්චපරිනිබ්බායී හොති, තතො මුදුතරෙහි අසඞ්ඛාරපරිනිබ්බායී හොති, තතො මුදුතරෙහි සසඞ්ඛාරපරිනිබ්බායී හොති, තතො මුදුතරෙහි උද්ධංසොතො හොති අකනිට්ඨගාමී, තතො මුදුතරෙහි සකදාගාමී හොති
|
486
(මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 2 වෙනි ඡේද මෙනි.)
[3] “මහණෙනි, මේ පංචෙන්ද්‍රියයන් සම්පූර්ණ කිරීමෙන් පිරීමෙන් රහත් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් අන්තරාපරිනිබ්බායී අනාගාමි පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් උපහච්ච පරිනිබ්බායී අනාගාමි පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් අසංඛාර පරිනිබ්බායී අනාගාමි පුද්ගලයා වෙයි. ඊටවඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සසංඛාර පරිනිබ්බායී අනාගාමි පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් උද්ධංසොත අකනිට්ඨගාමි අනාගාමි පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සකෘදාගාමි වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සෝවාන් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් ධම්මානුසාරී සෝවාන් මර්ගස්ථයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සද්ධානුසාරී සෝවාන් මාර්ගස්ථයා වෙයි.”
[4] “මහණෙනි, මෙසේ වනාහි ඉන්ද්රියයන්ගේ වෙනස් බව හේතුකොට ගෙන ඵලයන්ගේ වෙනස් බව වෙයි. ඵලයන්ගේ වෙනස් බව හේතුකොට ගෙන පුද්ගලයන්ගේ වෙනස් බව වේ.”
|
7. තතියවිත්ථාරසුත්තං | 7. අවඤ්ඣ සූත්‍රය |
487
‘‘පඤ්චිමානි
|
487
(මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 2 වෙනි ඡේද මෙනි.)
[3] “මහණෙනි, මේ පඤ්චෙන්ද්රියයන් සම්පූර්ණ කිරීමෙන් පිරීමෙන් රහත්වෙයි. ඊට වඩා මෘදු වූ ඉන්ද්රියයන්ගෙන් අන්තරා පරිනිබ්බායී අනාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් උපහච්ච පරිනිබ්බායී අනාගාමී වෙයි.
ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් අසංඛාර පරිනිබ්බායි අනාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සංඛාර පරිනිබ්බායී අනාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් උද්ධංසොත අකනිට්ඨගාමී අනාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සකෘදාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සෝවාන් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් ධම්මානුසාරී සෝවාන් මාර්ගස්ථයා වෙයි. ඊටවඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සද්ධානුසාරී සෝවාන් මාර්ගස්ථයා වෙයි.
[4] “මහණෙනි, මෙසේ වනාහි ඉන්ද්රිය සම්පූර්ණවූ අර්හත් මාර්ගය සම්පූර්ණ කරන්නේ අර්හත් ඵලයට පැමිණෙයි. ඉන්ද්රිය කොටසක් සම්පූර්ණවූ ඉතිරි මාර්ග තුන සම්පුර්ණ කරන්නේ ඉතිරි ඵල තුනට පැමිණෙයි. මහණෙනි මම මෙසේ පඤ්චෙන්ද්රියයෝ වඳ නොවෙත්යයි කියමි.”
|
8. පටිපන්නසුත්තං | 8. පටිපන්න සූත්‍රය |
488
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච? සද්ධින්ද්රියං...පෙ.... පඤ්ඤින්ද්රියං - ඉමානි ඛො, භික්ඛවෙ, පඤ්චින්ද්රියානි. ඉමෙසං ඛො, භික්ඛවෙ, පඤ්චන්නං ඉන්ද්රියානං සමත්තා පරිපූරත්තා අරහං හොති, තතො මුදුතරෙහි අරහත්තඵලසච්ඡිකිරියාය පටිපන්නො හොති, තතො මුදුතරෙහි අනාගාමී හොති, තතො මුදුතරෙහි අනාගාමිඵලසච්ඡිකිරියාය
|
488
(මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 2 වෙනි ඡේද මෙනි.)
[3] “මහණෙනි, මේ පඤ්චෙන්ද්රියයන් සම්පූර්ණ කිරීමෙන් පිරීමෙන් රහත් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් අර්හත් ඵලය ප්රත්යක්ෂ කිරීම පිණිස පිළිපන්නේ වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් අනාගාමී වෙයි. ඊටවඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් අනාගාමී ඵලය ප්රත්යක්ෂ කිරීම පිණිස පිළිපන්නේ වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සකෘදාගාමීවෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සකෘදාගාමී ඵලය ප්රත්යක්ෂ කිරීම පිණිස පිළිපන්නේ වෙයි. ඊටවඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සෝවාන් වෙයි. ඊටවඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සෝවාන් ඵලය ප්රත්යක්ෂ කිරීම පිණිස පිළිපන්නේ වෙයි.”
[4] “මහණෙනි, යමෙකුට වනාහි මේ පඤ්චෙන්ද්රියයෝ සියල්ලම සර්වප්‍රකාරයෙන්ම නැද්ද, මම ඔහු (මෙම අෂ්ටාර්ය පුද්ගලයන්ගෙන්) බාහිරවූ පෘථග්ජන කොටසෙහි සිටියේයයි කියමි.
|
9. සම්පන්නසුත්තං | 9. ඉන්ද්රිය සම්පන්න සූත්‍රය |
489
අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච -
‘‘‘ඉන්ද්රියසම්පන්නො, ඉන්ද්රියසම්පන්නො’ති, භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො, භන්තෙ, ඉන්ද්රියසම්පන්නො හොතී’’ති? ‘‘ඉධ
|
489
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
[2] “ස්වාමීනි, ඉන්ද්රිය සම්පන්න පුද්ගලයාය, ඉන්ද්රිය සම්පන්න පුද්ගලයායයි කියනුලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ඉන්ද්රිය සම්පන්න පුද්ගලයෙක් වන්නේද?” යනුයි.
[3] “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සංසිඳීමට පමුණුවන්නාවූ මනා අවබෝධයට පමුණුවන්නාවූ සද්ධින්ද්රිය වඩන්නේද සංසිඳීමට පමුණුවන්නාවූ මනා අවබෝධයට පමුණුවන්නාවූ විරියින්ද්රිය වඩන්නේද සංසිඳීමට පමුණුවන මනා අවබෝධයට පමුණුවන සතින්ද්රිය වඩන්නේද, සංසිඳීමට පමුණුවන මනා අවබෝධයට පමුණුවන සමාධින්ද්රිය වඩන්නේද, සංසිඳීමට මනා අවබෝධයට පමුණුවන පඤ්ඤින්ද්රිය වඩන්නේද, මෙපමණකින් වනාහි මහණතෙම ඉන්ද්රිය සම්පන්නයෙක් වේ.”
|
10. ආසවක්ඛයසුත්තං | 10. ආසවක්ඛය සූත්‍රය |
490
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච? සද්ධින්ද්රියං...පෙ.... පඤ්ඤින්ද්රියං - ඉමානි ඛො, භික්ඛවෙ, පඤ්චින්ද්රියානි. ඉමෙසං ඛො, භික්ඛවෙ, පඤ්චන්නං ඉන්ද්රියානං භාවිතත්තා
|
490
[1] මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතුසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[3] “මහණෙනි, මේ ඉන්ද්රිය පසවෙති. මහණෙනි, මේ ඉන්ද්රිය පස වැඩීමෙන් බොහෝකොට කිරීමෙන් මහණතෙමේ ආශ්‍රවයන් ක්ෂයකිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධියත් අර්හත්ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තමන්ම විශේෂඥානයෙන් ප්රත්යක්ෂකොට ඊට ඥානයෙන් පැමිණ වාසය කරන්නේය.”
|
3. ඡළින්ද්රියවග්ගො | 3. ඡළින්ද්රිය වර්ගය |
1. පුනබ්භවසුත්තං | 1. න අබ්භඤ්ඤාසි සූත්‍රය |
491
‘‘පඤ්චිමානි
|
491
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතුසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසෙකි කවර පසෙක්ද? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රියයි. මහණෙනි, මම යම්තාක් මේ පඤ්චෙන්ද්රියයන්ගේ ඉපදීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් අවබෝධ නොකෙළෙම්ද, මහණෙනි, මම ඒතාක් දෙවියන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත සත්වප්රජාවට නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙම්යයි ප්‍රතිඥා නොකෙළෙමි.
[3] “මහණෙනි, යම්කලෙක වනාහි මම මේ පඤ්චෙන්ද්රියයන්ගේ ඉපදීම, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් අවබෝධ කෙළෙම්ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මාරයන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් දෙව් මිනිසුන් සහිත ප්‍රජාවට නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළෙම්යයි ප්‍රතිඥා කෙළෙමි
[4] “මාගේ අර්හත්ඵල සමාධිය නැතිකළ නොහැක. මාගේ මේ අන්තිම ජාතියවේ. දැන් නැවත ඉපදීමක් නැත්තේය. ඥාන දර්ශනයද මට පහළවිය.
|
2. ජීවිතින්ද්රියසුත්තං | 2. ජීවිතින්ද්රිය සූත්‍රය |
492
‘‘තීණිමානි
|
492
[1] (මේ වර්ගයේ සියලු සූත්‍රයන්හි මුල් ඡේද මෙහි මුල් සූත්‍රයේ මෙනි.)
[2] “මහණෙනි, මේ ඉන්ද්රියයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක්ද, ඉත්‍ථින්‍ද්‍රිය, පුරිසින්‍ද්‍රිය, ජීවිතින්ද්රිය යනුයි. මහණෙනි, මොව්හු වනාහි තුන් ඉන්ද්රියයෝයි.”
|
3. අඤ්ඤින්ද්රියසුත්තං | 3. අඤ්ඤාතාවින්‍ද්‍රිය සූත්‍රය |
493
‘‘තීණිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි තීණි? අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං
|
493
[2] “මහණෙනි, මේ ඉන්ද්රියයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක්ද, අනඤ්ඤාතස්සාමිතින්ද්රිය (සෝවාන් මාර්ග ඥානය) අඤ්ඤින්‍ද්‍රිය (සෝවාන්ඵලයේ පටන් අර්හත් මාර්ගය දක්වා ආර්‍ය්‍ය මාර්ගඵල ඥානය) අඤ්ඤාතාවින්‍ද්‍රිය (අර්හත් ඵල ඥානය) යනුයි. මහණෙනි, මේ තුන් ඉන්ද්රියයෝ වෙත්.
|
4. එකබීජීසුත්තං | 4. එකබීජ සූත්‍රය |
494
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච? සද්ධින්ද්රියං...පෙ.... පඤ්ඤින්ද්රියං - ඉමානි ඛො, භික්ඛවෙ, පඤ්චින්ද්රියානි. ඉමෙසං ඛො, භික්ඛවෙ, පඤ්චන්නං ඉන්ද්රියානං සමත්තා පරිපූරත්තා අරහං හොති, තතො මුදුතරෙහි අන්තරාපරිනිබ්බායී හොති, තතො මුදුතරෙහි උපහච්චපරිනිබ්බායී හොති, තතො මුදුතරෙහි අසඞ්ඛාරපරිනිබ්බායී හොති, තතො මුදුතරෙහි
|
494
[2] “මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසෙක් වෙත්. කවර පසෙක්ද? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය යනුයි. මහණෙනි, මොව්හු පඤ්චෙන්ද්‍රියයෝයි.
[3] “මහණෙනි, මේ පඤ්චෙන්ද්රියයන් සම්පූර්ණ කිරීමෙන් පිරීමෙන් රහත් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් අන්තරා පරිනිබ්බායී අනාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රීයයන්ගෙන් උපහච්ච පරිනිබ්බායි අනාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් අසංඛාර පරිනිබ්බායි අනාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සසංඛාර පරිනිබ්බායි අනාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් උද්ධංසොත අකනිට්ඨගාමී අනාගාමීවෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සකෘදාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් ඒකබීජි නම් සෝවාන් පුද්ගලයා වෙයි (සෝවාන්වී එකම ආත්මභාවයක ඉපිද රහත්වන පුද්ගලයා). ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් කෝලංකොල නම් සෝවාන් පුද්ගලයා වෙයි (සෝවාන්වී දෙතුන් භවයක සැරිසරා රහත්වන පුද්ගලයා). ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සත්තක්ඛත්තු පරම නම් සෝවාන් පුද්ගලයා වෙයි (සත්වරක් දෙව් මිනිස් ලෝකයන්හි සැරිසරා රහත්වන පුද්ගලයා). ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් ධම්මානුසාරි නම් සෝවාන් මාර්ගස්ථයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සද්ධානුසාරී නම් සෝවාන් මාර්ගස්ථයා වෙයි.”
|
5. සුද්ධකසුත්තං | 5. ඡළින්ද්රිය සූත්‍රය |
495
‘‘ඡයිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි ඡ? චක්ඛුන්ද්රියං, සොතින්ද්රියං, ඝානින්ද්රියං
|
495
[2] “මහණෙනි, මේ ඉන්ද්රියයෝ සයක් වෙත්. කවර සයෙක්ද? චක්ඛුන්‍ද්‍රිය, සොතින්ද්රිය, ඝානින්‍ද්‍රිය, ජිව්හින්ද්රිය, කායින්ද්රිය, මනින්‍ද්‍රිය යනුයි මහණෙනි, මොව්හු වනාහි ඉන්ද්රිය සයවෙති.”
|
6. සොතාපන්නසුත්තං | 6. ඡළින්ද්රිය සෝතාපන්න සූත්‍රය |
496
‘‘ඡයිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි ඡ? චක්ඛුන්ද්රියං...පෙ.... මනින්ද්රියං. යතො ඛො, භික්ඛවෙ, අරියසාවකො ඉමෙසං ඡන්නං ඉන්ද්රියානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං
|
496
[2] “මහණෙනි මේ ඉන්ද්රියයෝ සයක් වෙත්. කවර සයෙක්ද, චක්ඛුන්‍ද්‍රිය, සොතින්ද්රිය, ඝානින්‍ද්‍රිය, ජිව්හින්ද්රිය, කායින්ද්රිය, මනින්‍ද්‍රිය යනුයි මහණෙනි, යම් කලෙක වනාහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ මේ ෂඞ්න්ද්රියයන්ගේ ඉපදීමද නැතිවීමද ආශ්වාදයද ආදීනවයද, නිස්සරණදය තත්වූ පරිද්දෙන් දනියිද, මහණෙනි, ඒ ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ සෝවාන්වූයේ අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තේ අර්හත් මාර්ගයට නියතවූයේ නිර්වාණය පරායන කොට ඇත්තේයයි කියනු ලැබේ”
|
7. අරහන්තසුත්තං | 7. ඡළින්ද්රිය අරහන්ත සූත්‍රය |
497
‘‘ඡයිමානි
|
497
[2] “මහණෙනි, මේ ඉන්ද්රියෝ සයක් වෙත්. කවර සයෙක්ද, චක්ඛුන්‍ද්‍රිය, සොතින්ද්රිය, ඝානින්‍ද්‍රිය, ජිව්හින්ද්රිය, කායින්ද්රිය, මනින්‍ද්‍රිය යනුයි.
“මහණෙනි, යම්සේ වනාහි මහණතෙමේ මේ ෂඞ්ඉන්ද්‍රියයන්ගේ ඉපදීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන තණ්හා දිට්ඨි මානයන්ගෙන් අල්වා ගැනීමෙන් මිදුනේ වෙයිද,
[3] “මහණෙනි, ඒ භික්ෂූතෙම ක්ෂය කරන ලද ආශ්‍රවයන් ඇත්තාවූ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවූ කරන ලද කටයුතු ඇත්තාවූ බහාතැබූ කෙලෙස් බර ඇත්තාවූ තමාගේ අර්ථයට පැමිණියාවූ ක්ෂය කරනලද භව බැඳුම් ඇත්තාවූ මනාකොට දැන මිදුණාවූ අර්හත් පුද්ගලයායයි කියනු ලැබේ.”
|
8. සම්බුද්ධසුත්තං | 8. ඡළින්ද්රිය අභිසම්බුද්ධ සූත්‍රය |
498
‘‘ඡයිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි ඡ? චක්ඛුන්ද්රියං, සොතින්ද්රියං, ඝානින්ද්රියං, ජිව්හින්ද්රියං, කායින්ද්රියං, මනින්ද්රියං. යාවකීවඤ්චාහං
|
498
[2] “මහණෙනි, මේ ඉන්ද්රියයෝ සයක් වෙත්. කවර සයක්ද, චක්ඛුන්‍ද්‍රිය, සොතින්ද්රිය, ඝානින්‍ද්‍රිය, ජිව්හින්ද්රිය කායින්ද්රිය, මනින්‍ද්‍රිය යනුයි.
[3] “මහණෙනි, මම යම්තාක් මේ ෂඞ්ඉන්ද්‍රියයන්ගේ ඉපදීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් අවබෝධ නොකෙළෙම්ද,
“මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත මාරයන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාවට නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙම්යයි ප්‍රතිඥා නොකෙළෙමි.
[4] “මහණෙනි, මම යම් කලෙක වනාහි මේ ෂඞ්ඉන්ද්‍රියයන්ගේ ඉපදීමද, නැතිවීමද, ආශ්වාදය, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් අවබෝධ කෙළෙම්ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මාරයන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාවට නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙම්යයි ප්‍රතිඥා කෙළෙමි. මාගේ අර්හත්ඵල සමාධිය විනාශ නොවේ. මාගේ මේ අන්තිම ජාතියයි. දැන් මගේ නැවත ඉපදීමක් නැත්තේය යන ඥාන දර්ශනය මට පහළවිය.”
|
9. පඨමසමණබ්‍රාහ්මණසුත්තං | 9. ඡළින්ද්රිය සමණ බ්‍රාහ්මණ සූත්‍රය |
499
‘‘ඡයිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි ඡ? චක්ඛුන්ද්රියං, සොතින්ද්රියං, ඝානින්ද්රියං, ජිව්හින්ද්රියං, කායින්ද්රියං, මනින්ද්රියං. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ඉමෙසං ඡන්නං ඉන්ද්රියානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානන්ති, න මෙ තෙ, භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු වා සමණසම්මතා බ්රාහ්මණෙසු වා බ්රාහ්මණසම්මතා, න ච පනෙතෙ ආයස්මන්තො සාමඤ්ඤත්ථං වා බ්රහ්මඤ්ඤත්ථං වා
|
499
[2] “මහණෙනි, මේ ඉන්ද්රියයෝ සයක් වෙත්. කවර සයක්ද? චක්ඛුන්‍ද්‍රිය, සොතින්ද්රිය, ඝානින්‍ද්‍රිය, ජිව්හින්ද්රිය, කායින්ද්රිය, මනින්‍ද්‍රිය යනුයි.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ ෂඞ්ඉන්ද්‍රියයන්ගේ ඉපදීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිද්දෙන් නොදනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ආශ්‍රවයන්ගේ නැතිකිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය නොකරත්.
[3] “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ ෂඞ්ඉන්ද්‍රියයන්ගේ ඉපදීමද, නැතිවීමද, ආශ්වාදයද ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් දනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ආශ්‍රවයන් නැති කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කරත් ”
|
10. දුතියසමණබ්‍රාහ්මණසුත්තං | 10. දුතිය ඡළින්ද්රිය සූත්‍රය |
500
‘‘යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා චක්ඛුන්ද්රියං නප්පජානන්ති, චක්ඛුන්ද්රියසමුදයං නප්පජානන්ති, චක්ඛුන්ද්රියනිරොධං නප්පජානන්ති, චක්ඛුන්ද්රියනිරොධගාමිනිං
‘‘යෙ
|
500
[2] “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ චක්ඛුන්‍ද්‍රිය නොදනිත්ද, චක්ඛුන්‍ද්‍රිය ඇතිවීමේ හේතුව නොදනිත්ද, චක්ඛුන්‍ද්‍රිය නිරෝධය නොදනිත්ද, චක්ඛුන්‍ද්‍රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව නොදනිත්ද, “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සොතින්ද්රිය නොදනිත්ද, සොතින්ද්රිය ඇතිවීමේ හේතුව නොදනිත්ද, සොතින්ද්රිය නිරෝධය නොදනිත්ද, සොතින්ද්රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව නොදනිත්ද, “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ඝානින්‍ද්‍රිය නොදනිත්ද, ඝානින්‍ද්‍රිය ඇතිවීමේ හේතුව නොදනිත්ද, ඝානින්‍ද්‍රිය නිරෝධය නොදනිත්ද, ඝානින්‍ද්‍රිය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නොදනිත්ද, “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ජිව්හින්ද්රිය නොදනිත්ද, ජිව්හින්ද්රිය ඇතිවීමේ හේතුව නොදනිත්ද, ජිව්හින්ද්රිය නිරෝධය නොදනිත්ද, ජිව්හින්ද්රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව නොදනිත්ද,
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කායින්ද්රිය නොදනිත්ද, කායින්ද්රිය ඇතිවීමේ හේතුව නොදනිත්ද, කායින්ද්රිය, කායින්ද්රිය ඇතිවීමේ හේතුව නොදනිත්ද, කායින්ද්රිය නිරෝධය නොදනිත්ද, කායින්ද්රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව නොදනිත්ද,
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනින්‍ද්‍රිය නොදනිත්ද, මනින්‍ද්‍රිය ඇතිවීමේ හේතුව නොදනිත්ද, මනින්‍ද්‍රිය නිරෝධය නොදනිත්ද, මනින්‍ද්‍රිය නිරෝධගාමිනීප්‍රතිපදාව නොදනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ආශ්‍රවයන්ගේ නැතිකිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය නොකෙරත්.
[3] “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ චක්ඛුන්‍ද්‍රිය දනිත්ද චක්ඛුන්‍ද්‍රිය ඇතිවීමේ හේතුව දනිත්ද, චක්ඛුන්‍ද්‍රිය නිරෝධය දනිත්ද, චක්ඛුන්‍ද්‍රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව දනිත්ද, සොතින්ද්රිය දනිත්ද, සොතින්ද්රිය ඇතිවීමේ හේතුව දනිත්ද, සොතින්ද්රිය නිරෝධය දනිත්ද, සොතින්ද්රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව දනිත්ද, ඝානින්‍ද්‍රිය දනිත්ද, ඝානින්‍ද්‍රිය ඇතිවීමේ හේතුව දනිත්ද, ඝානින්‍ද්‍රිය නිරෝධය දනිත්ද, ඝානින්‍ද්‍රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව දනිත්ද, ජිව්හින්ද්රිය දනිත්ද, ජිව්හින්ද්රිය ඇතිවීමේ හේතුව හේතුව දනිත්ද, ජිව්හින්ද්රිය නිරෝධය දනිත්ද, ජිව්හින්ද්රිය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දනිත්ද, මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කායින්ද්රිය නිරෝධය දනිත්ද, කායින්ද්රිය ඇතිවීමේ හේතුව දනිත්ද, කායින්ද්රිය නිරෝධය දනිත්ද, කායින්ද්රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව දනිත්ද, මනින්‍ද්‍රිය දනිත්ද, මනින්‍ද්‍රිය ඇතිවීමේ හේතුව දනිත්ද, මනින්‍ද්‍රිය නිරෝධය දනිත්ද, මනින්‍ද්‍රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව දනිත්ද,
“මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ආශ්‍රවයන්ගේ නැතිකිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධිය අර්හත්ඵල ප්‍රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කරත්.
|
4. සුඛින්ද්රියවග්ගො | 4. සුඛින්ද්රිය වර්ගය |
1. සුද්ධිකසුත්තං | 1. වෙදනින්ද්‍රිය සූත්‍රය |
501
‘‘පඤ්චිමානි
|
501
[1] මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසක් වෙත්. කවර පසක්ද? සුඛින්ද්රිය, දුක්ඛින්ද්රිය, සොමනස්සින්ද්රියය, දොමනස්සින්ද්රිය, උපෙක්ඛින්‍ද්‍රිය යනුයි. මහණෙනි, මොව්හු වනාහි ඉන්ද්රිය පස වෙත්”
|
2. සොතාපන්නසුත්තං | 2. වෙදනින්ද්‍රිය සෝතාපන්න සූත්‍රය |
502
‘‘පඤ්චිමානි
|
502
[1] (මෙතැන් සිට මේ වර්ගයේ සියලු සූත්‍රයන්හි මුල් ඡේද මෙහි මුල් සූත්‍රයේ මෙනි.)
[2] “මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසක් වෙත්. කවර පසක්ද? සුඛින්ද්රිය, දුක්ඛින්ද්රිය, සොමනස්සින්ද්රිය, දොමනස්සින්ද්රිය උපෙක්ඛින්‍ද්‍රිය යනුයි. මහණෙනි, යම් කලෙක පටන් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ මේ පඤ්චෙන්ද්රියයන්ගේ ඇතිවීමද නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැනගනියිද? මහණෙනි, ඒ ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ අර්හත් මාර්ගයට නියතවූ නිර්වාණය පිහිටකොට ඇති සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ.”
|
3. අරහන්තසුත්තං | 3. වෙදනින්ද්‍රිය අරහන්ත සූත්‍රය |
503
‘‘පඤ්චිමානි
|
503
[2] “මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසෙක් වෙත්. කවර පසෙක්ද? සුඛින්ද්රිය, දුක්ඛින්ද්රිය, සොමනස්සින්ද්රිය, දොමනස්සින්ද්රිය, උපෙක්ඛින්‍ද්‍රිය යනුයි.
“මහණෙනි, යම් කලෙක මහණතෙමේ මේ පඤ්චෙන්ද්රියයන්ගේ ඇතිවීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන තෘෂ්ණා දාෂ්ටීන්ගෙන් අල්වා නොගෙන මිදුනේවේද, මහණෙනි, මේ මහණතෙමේ ක්ෂය කරනලද ආශ්‍රවයන් ඇති වැස නිමවන මාර්ගබ්රහ්මචර්ය්යාව ඇති කරනලද කටයුතු ඇති, බහා තැබූ කෙලෙස් බර ඇති, තමාගේ අර්ථයට පැමිණියාවූ, මනාකොට දැන මිදුනාවූ අර්හත් පුද්ගලයා යයි කියනු ලැබේ.
|
4. පඨමසමණබ්‍රාහ්මණසුත්තං | 4. වෙදනීන්ද්රිය සමණ බ්‍රාහ්මණ සූත්‍රය |
504
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච? සුඛින්ද්රියං, දුක්ඛින්ද්රියං, සොමනස්සින්ද්රියං, දොමනස්සින්ද්රියං, උපෙක්ඛින්ද්රියං. යෙ
‘‘යෙ
|
504
[2] “මහණෙනි මේ ඉන්ද්රියයෝ පසෙක් වෙත්. කවර පසෙක්ද? සුඛින්ද්රිය, දුක්ඛින්ද්රිය, සොමනස්සින්ද්රිය, දොමනස්සින්ද්රිය, උපෙක්ඛින්‍ද්‍රිය යනුයි.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ පඤ්චෙන්ද්රියයන්ගේ ඇතිවීමද, නැතිවීමද, ආශ්වාදයද ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් නොදනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ආශ්‍රවයන්ගේ නැතිකිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය නොකෙරෙත්.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ පඤ්චෙන්ද්රියයන්ගේ ඇතිවීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් දනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ආශ්‍රවයන්ගේ නැති කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කෙරෙත්.
“ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ආශ්‍රවයන්ගේ නැතිකිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කරත්.
|
5. දුතියසමණබ්‍රාහ්මණසුත්තං | 5. දුතිය වෙදනින්ද්‍රිය සූත්‍රය |
505
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච? සුඛින්ද්රියං, දුක්ඛින්ද්රියං, සොමනස්සින්ද්රියං, දොමනස්සින්ද්රියං, උපෙක්ඛින්ද්රියං. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සුඛින්ද්රියං නප්පජානන්ති, සුඛින්ද්රියසමුදයං නප්පජානන්ති, සුඛින්ද්රියනිරොධං නප්පජානන්ති, සුඛින්ද්රියනිරොධගාමිනිං පටිපදං නප්පජානන්ති; දුක්ඛින්ද්රියං නප්පජානන්ති...පෙ.... සොමනස්සින්ද්රියං නප්පජානන්ති...පෙ.... දොමනස්සින්ද්රියං නප්පජානන්ති
‘‘යෙ ච ඛො කෙචි, භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සුඛින්ද්රියං පජානන්ති, සුඛින්ද්රියසමුදයං පජානන්ති, සුඛින්ද්රියනිරොධං පජානන්ති, සුඛින්ද්රියනිරොධගාමිනිං පටිපදං පජානන්ති; දුක්ඛින්ද්රියං පජානන්ති...පෙ.... සොමනස්සින්ද්රියං පජානන්ති... දොමනස්සින්ද්රියං පජානන්ති... උපෙක්ඛින්ද්රියං පජානන්ති, උපෙක්ඛින්ද්රියසමුදයං පජානන්ති, උපෙක්ඛින්ද්රියනිරොධං පජානන්ති, උපෙක්ඛින්ද්රියනිරොධගාමිනිං පටිපදං පජානන්ති, තෙ ච ඛො මෙ, භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු චෙව සමණසම්මතා බ්රාහ්මණෙසු ච බ්රාහ්මණසම්මතා, තෙ ච පනායස්මන්තො සාමඤ්ඤත්ථඤ්ච බ්රහ්මඤ්ඤත්ථඤ්ච දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තී’’ති. පඤ්චමං.
|
505
[2] “මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසක් වෙත්. කවර පසෙක්ද? සුඛින්ද්රිය, දුක්ඛින්ද්රිය, සොමනස්සින්ද්රිය දොමනස්සින්ද්රිය, උපෙක්ඛින්‍ද්‍රිය යනුයි.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සුඛින්ද්රිය නොදනිත්ද, සුඛින්ද්රිය හේතුව නොදනිත්ද, සුඛින්ද්රිය නිරෝධය නොදනිත්ද, සුඛින්ද්රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව නොදනිත්ද, දුක්ඛින්ද්රිය නොදනිත්ද, දුක්ඛින්ද්රිය හේතුව නොදනිත්ද, දුක්ඛින්ද්රිය නිරෝධය නොදනිත්ද, දුක්ඛින්ද්රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව නොදනිත්ද, සොමනස්සින්ද්රිය නොදනිත්ද, සොමනස්සින්ද්රිය හේතුව නොදනිත්ද, සොමනස්සින්ද්රිය නිරෝධය නොදනිත්ද, සොමනස්සින්ද්රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව නොදනිත්ද, දොම්නස්සින්ද්‍රිය නොදනිත්ද, දොම්නස්සින්ද්‍රිය හේතුව නොදනිත්ද, දොම්නස්සින්ද්‍රිය නිරෝධය නොදනිත්ද, දොම්නස්සින්ද්‍රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව නොදනිත්ද, උපෙක්ඛින්‍ද්‍රිය නොදනිත්ද, උපෙක්ඛින්‍ද්‍රිය හේතුව නොදනිත්ද, උපෙක්ඛින්‍ද්‍රිය නිරෝධය නොදනිත්ද, උපෙක්ඛින්‍ද්‍රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව නොදනිත්ද,
“මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ආශ්‍රවයන්ගේ නැති කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය නොකරත්
[3] “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සුඛින්ද්රිය දනිත්ද, සුඛින්ද්රිය හේතුව දනිත්ද, සුඛින්ද්රිය නිරෝධය දනිත්ද, සුඛින්ද්රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව දනිත්ද, දුක්ඛින්ද්රිය දනිත්ද, දුක්ඛින්ද්රිය හේතුව දනිත්ද, දුක්ඛින්ද්රිය නිරෝධය දනිත්ද, දුක්ඛින්ද්රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව දනිත්ද, සොමනස්සින්ද්රිය දනිත්ද, සොමනස්සින්ද්රිය හේතුව දනිත්ද, සොමනස්සින්ද්රිය නිරෝධය දනිත්ද, සොමනස්සින්ද්රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව දනිත්ද, දොමනස්සින්ද්රිය දනිත්ද, දොම්නස්සින්ද්‍රිය හේතුව දනිත්ද, දොමනස්සින්ද්රිය නිරෝධය දනිත්ද දොමනස්සින්ද්රිය නිරෝධගාමිනි ප්‍රතිපදාව දනිත්ද, උපෙක්ඛින්‍ද්‍රිය දනිත්ද උපෙක්ඛින්‍ද්‍රිය හේතුව දනිත්ද, උපෙක්ඛින්‍ද්‍රිය නිරෝධය දනිත්ද, උපෙක්ඛින්‍ද්‍රිය නිරෝධගාමිනි ප්‍රතිපදාව දනිත්ද,
“මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ ආශ්‍රවයන්ගේ නැති කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියත් අර්හත් ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තෙමේ විශේෂඥානයෙන් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කරත්.”
|
6. පඨමවිභඞ්ගසුත්තං | 6. පඨම වෙදනින්ද්‍රිය විභඞග සූත්‍රය |
506
‘‘පඤ්චිමානි
‘‘කතමඤ්ච
‘‘කතමඤ්ච, භික්ඛවෙ, දුක්ඛින්ද්රියං? යං ඛො, භික්ඛවෙ, කායිකං දුක්ඛං, කායිකං අසාතං, කායසම්ඵස්සජං දුක්ඛං අසාතං වෙදයිතං - ඉදං වුච්චති, භික්ඛවෙ, දුක්ඛින්ද්රියං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, සොමනස්සින්ද්රියං? යං ඛො, භික්ඛවෙ, චෙතසිකං සුඛං, චෙතසිකං සාතං, මනොසම්ඵස්සජං සුඛං සාතං වෙදයිතං - ඉදං වුච්චති, භික්ඛවෙ, සොමනස්සින්ද්රියං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, දොමනස්සින්ද්රියං? යං ඛො, භික්ඛවෙ, චෙතසිකං දුක්ඛං, චෙතසිකං අසාතං, මනොසම්ඵස්සජං දුක්ඛං අසාතං වෙදයිතං - ඉදං වුච්චති, භික්ඛවෙ, දොමනස්සින්ද්රියං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, උපෙක්ඛින්ද්රියං? යං ඛො, භික්ඛවෙ, කායිකං වා චෙතසිකං වා නෙවසාතං නාසාතං වෙදයිතං - ඉදං වුච්චති, භික්ඛවෙ, උපෙක්ඛින්ද්රියං. ඉමානි ඛො, භික්ඛවෙ, පඤ්චින්ද්රියානී’’ති. ඡට්ඨං.
|
506
[2] “මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසක් වෙත්. කවර පසෙක්ද? සුඛින්ද්රිය, දුක්ඛින්ද්රිය, සොමනස්සින්ද්රිය, දොමනස්සින්ද්රිය, උපෙක්ඛින්‍ද්‍රිය යනුයි.
[3] “මහණෙනි, සුඛින්ද්රිය කවරේද? මහණෙනි, යම් ඒ කායික සැපයක් වේද, කායික මිහිරක් වේද, කාය ස්පර්ශයෙන් උපන් සැපවූ මිහිරිවූ විඳීමක්වේද, මහණෙනි, මේ සුඛින්ද්රියයයි කියනු ලැබේ.
[4] මහණෙනි, දුක්ඛින්ද්රිය කවරේද? මහණෙනි, යම් ඒ කායික දුකක් වේද, කායික අවහිරයක් වේද, කාය ස්පර්ශයෙන් උපන් දුක්වූ අමිහිරිවූ විඳීමක් වේද, මහණෙනි, මෙය දුක්ඛින්ද්රියයයි කියනු ලැබේ.
[5] “මහණෙනි, සොම්නස්සින්ද්‍රිය කවරේද? මහණෙනි, යම් ඒ මානසික සැපයක් වේද, මානසික මිහිරක් වේද, මනො ස්පර්ශයෙන් උපන් සැපවූ මිහිරිවූ විඳීමක් වේද, මහණෙනි, මේ සොමනස්සින්ද්රියයයි කියනු ලැබේ.
[6] “මහණෙනි, දොමනස්සින්ද්රිය කවරේද? මහණෙනි, යම් ඒ මානසික දුකක්වේද? මානසික අමිහිරක් වේද? මනො ස්පර්ශයෙන් උපන් දුක්වූ අමිහිරිවූ විඳීමක්වේද? මහණෙනි, මේ දොමනස්සින්ද්රියයයි කියනු ලැබේ.
[7] “මහණෙනි, උපෙක්ඛින්‍ද්‍රිය කවරේද? යම් ඒ කායිකවූද, චෛතසිකවූද, මිහිරිද නොවූ අමිහිරිද නොවූ විඳීමක්වේද, මහණෙනි මේ උපෙක්ඛින්ද්රියයයි කියනුලැබේ මහණෙනි, මොව්හු වනාහි පඤ්චෙන්ද්‍රියයෝයි.”
|
7. දුතියවිභඞ්ගසුත්තං | 7. දුතිය වෙදනින්ද්‍රිය විභංග සූත්‍රය |
507
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච? සුඛින්ද්රියං, දුක්ඛින්ද්රියං, සොමනස්සින්ද්රියං, දොමනස්සින්ද්රියං, උපෙක්ඛින්ද්රියං.
‘‘කතමඤ්ච
‘‘කතමඤ්ච, භික්ඛවෙ, දුක්ඛින්ද්රියං? යං ඛො, භික්ඛවෙ, කායිකං දුක්ඛං
‘‘කතමඤ්ච, භික්ඛවෙ, සොමනස්සින්ද්රියං? යං ඛො, භික්ඛවෙ, චෙතසිකං සුඛං, චෙතසිකං සාතං, මනොසම්ඵස්සජං සුඛං සාතං වෙදයිතං - ඉදං වුච්චති, භික්ඛවෙ, සොමනස්සින්ද්රියං.
‘‘කතමඤ්ච
‘‘කතමඤ්ච, භික්ඛවෙ, උපෙක්ඛින්ද්රියං? යං ඛො, භික්ඛවෙ, කායිකං වා චෙතසිකං වා නෙවසාතං නාසාතං වෙදයිතං - ඉදං වුච්චති, භික්ඛවෙ, උපෙක්ඛින්ද්රියං.
‘‘තත්ර, භික්ඛවෙ, යඤ්ච සුඛින්ද්රියං යඤ්ච සොමනස්සින්ද්රියං, සුඛා සා වෙදනා දට්ඨබ්බා. තත්ර, භික්ඛවෙ, යඤ්ච දුක්ඛින්ද්රියං යඤ්ච දොමනස්සින්ද්රියං, දුක්ඛා සා වෙදනා දට්ඨබ්බා. තත්ර, භික්ඛවෙ, යදිදං උපෙක්ඛින්ද්රියං, අදුක්ඛමසුඛා සා වෙදනා දට්ඨබ්බා. ඉමානි ඛො, භික්ඛවෙ, පඤ්චින්ද්රියානී’’ති. සත්තමං.
|
507
[2] “මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසෙක් වෙත්. කවර පසෙක්ද? සුඛින්ද්රිය, දුක්ඛින්ද්රිය, සොමනස්සින්ද්රිය, දොමනස්සින්ද්රිය, උපෙක්ඛින්‍ද්‍රිය යනුයි.
(මේ ඡේද මේ වර්ගයේ 6 වෙනි සූත්‍රයේ 3-7 ඡේද මෙනි.)
[8] “මහණෙනි, එහි යම් සුඛින්ද්‍රියක් වේද, යම් සොමනස්සින්ද්‍රියක් වේද, ඒ සැප වේදනාව යයි දත යුතුයි. මහණෙනි, එහි යම් දුක්ඛින්ද්රියයක් වේද යම් දොමනස්සින්ද්‍රියක් වේද ඒ දුක් වේදනාව යයි දත යුතුයි මහණෙනි, එහි යම් ඒ උපෙක්ඛින්ද්රියයක් වේද? ඒ වේදනාව දුක්ද නොවූ සැපද නොවූ වේදනාවයයි දතයුතුයි. මහණෙනි, මොව්හු වනාහි පංචෙන්ද්රියයෝය.”
|
8. තතියවිභඞ්ගසුත්තං | 8. තතිය වෙදනින්ද්‍රිය විභංග සූත්‍රය |
508
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච? සුඛින්ද්රියං, දුක්ඛින්ද්රියං, සොමනස්සින්ද්රියං, දොමනස්සින්ද්රියං, උපෙක්ඛින්ද්රියං.
‘‘කතමඤ්ච
‘‘කතමඤ්ච, භික්ඛවෙ, දුක්ඛින්ද්රියං? යං ඛො, භික්ඛවෙ, කායිකං දුක්ඛං, කායිකං අසාතං, කායසම්ඵස්සජං දුක්ඛං අසාතං වෙදයිතං - ඉදං වුච්චති, භික්ඛවෙ, දුක්ඛින්ද්රියං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, සොමනස්සින්ද්රියං? යං ඛො, භික්ඛවෙ, චෙතසිකං සුඛං, චෙතසිකං සාතං, මනොසම්ඵස්සජං සුඛං සාතං වෙදයිතං - ඉදං වුච්චති, භික්ඛවෙ, සොමනස්සින්ද්රියං.
‘‘කතමඤ්ච
‘‘කතමඤ්ච, භික්ඛවෙ, උපෙක්ඛින්ද්රියං? යං ඛො, භික්ඛවෙ, කායිකං වා චෙතසිකං වා නෙව සාතං නාසාතං වෙදයිතං - ඉදං වුච්චති, භික්ඛවෙ, උපෙක්ඛින්ද්රියං.
‘‘තත්ර, භික්ඛවෙ, යඤ්ච සුඛින්ද්රියං යඤ්ච සොමනස්සින්ද්රියං, සුඛා සා වෙදනා දට්ඨබ්බා. තත්ර, භික්ඛවෙ, යඤ්ච දුක්ඛින්ද්රියං යඤ්ච දොමනස්සින්ද්රියං, දුක්ඛා සා වෙදනා දට්ඨබ්බා. තත්ර, භික්ඛවෙ, යදිදං උපෙක්ඛින්ද්රියං, අදුක්ඛමසුඛා සා වෙදනා දට්ඨබ්බා
|
508
[2] “මහණෙනි, ඉන්ද්රියයෝ පසෙක් වෙත්. කවර පසෙක්ද සුඛින්ද්රිය, දුක්ඛින්ද්රිය, සොම්නස්සින්ද්‍රිය, දොමනස්සින්ද්රිය උපෙක්ඛින්‍ද්‍රිය යනුයි.
(මේ ඡේද මේ වර්ගයේ 6 වෙනි සූත්‍රයේ 3-7 ඡේද මෙනි.)
[8] “මහණෙනි, එහි යම් සුඛීන්ද්රියක් වේද, යම් සොමනස්සින්ද්‍රියක් වේද ඒ සුඛ වේදනාව යයි දත යුතුයි මහණෙනි, එහි යම් දුක්ඛින්ද්‍රියක් වේද යම් දොමනස්සින්ද්‍රියක් වේද ඒ දුක්ඛ වේදනාවයයි දත යුතුයි. මහණෙනි, එහි යම් මේ උපෙක්ඛින්ද්රියයක් වේද? ඒ වේදනාව දුක්ද නොවූ සැපද නොවූ වේදනාවයයි දත යුතුයි. මහණෙනි, මෙසේ වනාහි මේ පංචෙන්ද්‍රියයෝ පිළිවෙලින් පසක්ව තුනක් වෙත්. තුනක්ව පසෙක් වෙත්.”
|
9. කට්ඨොපමසුත්තං | 9. තෙජොපම සූත්‍රය |
509
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච? සුඛින්ද්රියං, දුක්ඛින්ද්රියං, සොමනස්සින්ද්රියං, දොමනස්සින්ද්රියං, උපෙක්ඛින්ද්රියං. සුඛවෙදනියං, භික්ඛවෙ, ඵස්සං පටිච්ච උප්පජ්ජති සුඛින්ද්රියං. සො සුඛිතොව සමානො ‘සුඛිතොස්මී’ති පජානාති. තස්සෙව සුඛවෙදනියස්ස
‘‘දුක්ඛවෙදනියං, භික්ඛවෙ, ඵස්සං පටිච්ච උප්පජ්ජති දුක්ඛින්ද්රියං. සො දුක්ඛිතොව සමානො ‘දුක්ඛිතොස්මී’ති පජානාති. තස්සෙව දුක්ඛවෙදනියස්ස ඵස්සස්ස නිරොධා ‘යං තජ්ජං වෙදයිතං දුක්ඛවෙදනියං ඵස්සං
‘‘සොමනස්සවෙදනියං, භික්ඛවෙ, ඵස්සං පටිච්ච උප්පජ්ජති සොමනස්සින්ද්රියං. සො සුමනොව සමානො ‘සුමනොස්මී’ති පජානාති. තස්සෙව සොමනස්සවෙදනියස්ස ඵස්සස්ස නිරොධා ‘යං තජ්ජං වෙදයිතං සොමනස්සවෙදනියං ඵස්සං පටිච්ච උප්පන්නං සොමනස්සින්ද්රියං තං නිරුජ්ඣති, තං වූපසම්මතී’ති පජානාති’’.
‘‘දොමනස්සවෙදනියං, භික්ඛවෙ, ඵස්සං පටිච්ච උප්පජ්ජති දොමනස්සින්ද්රියං. සො දුම්මනොව සමානො ‘දුම්මනොස්මී’ති පජානාති. තස්සෙව දොමනස්සවෙදනියස්ස ඵස්සස්ස නිරොධා ‘යං තජ්ජං වෙදයිතං දොමනස්සවෙදනියං ඵස්සං පටිච්ච උප්පන්නං දොමනස්සින්ද්රියං තං නිරුජ්ඣති, තං
‘‘උපෙක්ඛාවෙදනියං, භික්ඛවෙ, ඵස්සං පටිච්ච උප්පජ්ජති උපෙක්ඛින්ද්රියං. සො උපෙක්ඛකොව සමානො ‘උපෙක්ඛකොස්මී’ති පජානාති. තස්සෙව උපෙක්ඛාවෙදනියස්ස ඵස්සස්ස නිරොධා ‘යං තජ්ජං වෙදයිතං උපෙක්ඛාවෙදනියං ඵස්සං පටිච්ච උප්පන්නං උපෙක්ඛින්ද්රියං තං නිරුජ්ඣති, තං වූපසම්මතී’ති පජානාති’’.
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, ද්වින්නං කට්ඨානං සඞ්ඝට්ටනසමොධානා
(සංඝට්ටනාසමොධානා (පී. ක.), සංඝටනසමොධානා (ස්‍යා. කං.)) උස්මා ජායති, තෙජො අභිනිබ්බත්තති; තෙසංයෙව කට්ඨානං නානාභාවාවිනික්ඛෙපා යා
‘‘දුක්ඛවෙදනියං, භික්ඛවෙ, ඵස්සං පටිච්ච...පෙ.... සොමනස්සවෙදනියං, භික්ඛවෙ, ඵස්සං පටිච්ච...පෙ.... දොමනස්සවෙදනියං, භික්ඛවෙ, ඵස්සං පටිච්ච...පෙ.... උපෙක්ඛාවෙදනියං, භික්ඛවෙ, ඵස්සං පටිච්ච උප්පජ්ජති උපෙක්ඛින්ද්රියං. සො උපෙක්ඛකොව සමානො ‘උපෙක්ඛකොස්මී’ති පජානාති. තස්සෙව උපෙක්ඛාවෙදනියස්ස ඵස්සස්ස නිරොධා ‘යං තජ්ජං වෙදයිතං උපෙක්ඛාවෙදනියං ඵස්සං පටිච්ච උප්පජ්ජති උපෙක්ඛින්ද්රියං තං නිරුජ්ඣති, තං වූපසම්මතී’ති පජානාති’’. නවමං.
|
509
[2] “මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසක් වෙත්. කවර පසක්ද සුඛින්ද්රිය, දුක්ඛින්ද්රිය, සොමනස්සින්ද්රිය, දොමනස්සින්ද්රිය, උපෙක්ඛින්‍ද්‍රිය යනුයි.
[3] “මහණෙනි, විඳියයුතු සැප වේදනාව ඉපදීමට සුදුසු ස්පර්ශය නිසා සුඛින්ද්රිය උපදී. හෙතෙම සැපවත් වූයේ සැපවත්වූවෙමි’ යි දැනගනියි. ඒ සුඛවේදනාවට සුදුසුවූ ස්පර්ශයාගේ නිරෝධයෙන් ඊට අනුරූප වේදනාවවූ සුඛ වේදනාව උපදින ස්පර්ශය සැප වේදනාවක් නිසා උපන් යම් සුඛින්ද්‍රියක් වේද ඒ සුඛින්ද්රියය නිරුද්ධ වේ. එය සංසිඳේයයි දැනගනියි.
[4] ‘මහණෙනි, දුක් වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශය නිසා දුක්ඛින්ද්‍රියක් උපදීද, හෙතෙම දුක්වූයේ දුක් වූයෙමි’ යි දැනගනියි. ඒ දුක් වේදනාව ඇතිවීමට හේතුවූ ස්පර්ශයාගේ නිරෝධයෙන් ඊට අනුරූප වේදනාවවූ දුක් වේදනාව උපදවන ස්පර්ශය නිසා උපන් යම් දුක්ඛින්ද්‍රියක් වේද ඒ දුක්ඛින්ද්රිය නිරුද්ධ වෙයි. එය සංසිඳේයයි දැනගනියි.
[5] ‘මහණෙනි, සොම්නස් වේදනාව ඉපදීමට සුදුසුවූ ස්පර්ශය සොමනස්සින්ද්රිය නිසා උපදී. හෙතෙම සොම්නස් වූයේ සොම්නස් වූයෙමි’යි දැනගනියි. ඒ සොම්නස් වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශයාගේ නිරෝධයෙන් ඊට අනුරූප වේදනාවවූ සොමනස්ස වේදනාව ඇතිවීමට සුදුසු ස්පර්ශය නිසා යම් සොමනස්සින්ද්‍රියක් උපන්නේද ඒ සොමනස්සින්ද්රිය නිරුද්ධවේ. එය සංසිඳේයයි දැනගනියි.
[6] “මහණෙනි, දොම්නස් වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශය නිසා දොමනස්සින්ද්රිය උපදී. හෙතෙම දොම්නස් වූයේ දොම්නස් වූවෙමි’යි දැනගනියි. ඒ දොමනස්සය ඇතිවීමට සුදුසුවූ ස්පර්ශයාගේ නිරෝධයෙන් ඊට අනුරූප වේදනාවවූ දොම්නස් ඇතිවීමට සුදුසු ස්පර්ශය නිසා යම් දොමනස්සින්ද්‍රියක් උපදීද ඒ දොමනස්සින්ද්රිය නිරුද්ධවේ එය සංසිඳේයයි දැන ගනියි.
[7] “මහණෙනි, උපෙක්ඛා වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශය නිසා උපෙක්ඛින්‍ද්‍රිය උපදී. හෙතෙම උපෙක්ෂා වූයේ උපෙක්ෂා වූවෙමි’යි දැනගනියි. ඒ උපෙක්ෂා වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශයාගේ නිරෝධයෙන් ඊට අනුරූප උපෙක්ෂා වේදනාව ඇතිවීමට සුදුසු ස්පර්ශය යම් උපෙක්ඛින්ද්රියක් උපදීද ඒ උපෙක්ඛින්‍ද්‍රිය නිරුද්ධවේ. එය සංසිඳේයයි දැනගනියි.
[8] “මහණෙනි, යම්සේ දඬු දෙකක්හුගේ ගැටීම නිසා එක්වීම නිසා උණුසුම උපදී. ගිනි උපදියි. ඒ දඬු වෙන්වීමෙන් වෙන්ව තැබීමෙන් එයින් උපන් යම් උණුසුමක් වේද ඒ උණුසුම නිරුද්ධවේ. ඒ සංසිඳේ. මහණෙනි, එපරිද්දෙන්ම සුඛ වේදනාව සුදුසුවූ ස්පර්ශය සුඛින්ද්රිය නිසා උපදී. හෙතෙම සුවපත් වූයේම සැපවත් වූයෙමියි දැනගනියි. ඒ සැප වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශයාගේ නිරෝධයෙන් ඊට අනුරූපවූ සුඛ වේදනාව උපදවන ස්පර්ශය නිසා යම් සුඛින්ද්‍රියක් උපදීද ඒ සුඛින්ද්රියය නිරුද්ධවෙයි. එය සංසිඳුනේයයි දැන ගනියි.
[9] “මහණෙනි, එපරිද්දෙන්ම දුක්ඛ වේදනාව ඇති වීමට සුදුසුවූ ස්පර්ශය නිසා දුක්ඛින්ද්රිය උපදී. හෙතෙම දුක් වූයේම දුකට පත්වූ යෙමියි දැනගනියි. ඒ දුක් වේදනාවට සුදුසුවූ ස්පර්ශයාගේ නිරෝධයෙන් ඊට අනුරූපවූ දුක්වේදනාව උපදවන්නාවූ ස්පර්ශය නිසා යම් දුක්ඛින්ද්‍රියක් උපදීද ඒ දුක්ඛින්ද්රිය නිරුද්ධවෙයි. එය සංසිඳුනේයයි දැනගනියි.
[10] “මහණෙනි, එපරිද්දෙන්ම සොම්නස් වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශය නිසා සොමනස්සින්ද්රිය උපදියි. හෙතෙම සොම්නස් වූයේ සොම්නස් වූයෙමියි දැනගනියි. ඒ සොම්නස් වේදනාව සුදුසුවූ ස්පර්ශයාගේ නිරෝධයෙන් ඊට අනුරූපවූ සොමනස්ස වේදනාව උපදවන ස්පර්ශය නිසා යම් සොමනස්සින්ද්‍රියක් වේද ඒ සොමනස්සින්ද්රිය නිරුද්ධ වෙයි. එය සංසිඳුනේ යයි දැනගනියි.
[11] “මහණෙනි, එපරිද්දෙන්ම දොම්නස් වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශය නිසා දොමනස්සින්ද්රිය උපදියි. හෙතෙම දොම්නස් වූයේම දොම්නස් වූයෙමියි දැනගනියි. ඒ දොමනස්ස වේදනාව ඇතිවීමට සුදුවූ ස්පර්ශයාගේ නිරෝධයෙන් ඊට අනුරූපවූ යම් දොම්නස්සින්ද්රියක් උපදීද ඒ දොමනස්සින්ද්රිය නිරුද්ධ වෙයි. එය සංසිඳුනේයයි දැනගනියි.
[12] “මහණෙනි, උපෙක්ඛා වේදනාවට සුදුසුවූ ස්පර්ශය නිසා උපෙක්ඛින්‍ද්‍රිය උපදියි. හෙතෙම උපෙක්ෂාවූයේ උපෙක්ෂා වූයෙමියි දැනගනියි. ඒ උපෙක්ඛා වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශයාගේ නිරෝධයෙන් ඊට අනුරූපවූ උපෙක්ඛා වේදනා උපදවන ස්පර්ශය නිසා යම් උපෙක්ඛින්ද්රියක් උපදීද, ඒ උපෙක්ඛින්‍ද්‍රිය නිරුද්ධවෙයි. එය සංසිඳුනේ යයි දැනගනියි.
|
10. උප්පටිපාටිකසුත්තං | 10. උප්පටි පාටික සූත්‍රය |
510
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච? දුක්ඛින්ද්රියං
‘‘ඉධ පන, භික්ඛවෙ, භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති දොමනස්සින්ද්රියං. සො
‘‘ඉධ පන, භික්ඛවෙ, භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති සුඛින්ද්රියං. සො එවං පජානාති - ‘උප්පන්නං ඛො මෙ ඉදං සුඛින්ද්රියං, තඤ්ච ඛො සනිමිත්තං සනිදානං සසඞ්ඛාරං සප්පච්චයං. තඤ්ච අනිමිත්තං අනිදානං අසඞ්ඛාරං අප්පච්චයං සුඛින්ද්රියං උප්පජ්ජිස්සතීති - නෙතං ඨානං විජ්ජති’. සො සුඛින්ද්රියඤ්ච පජානාති, සුඛින්ද්රියසමුදයඤ්ච පජානාති, සුඛින්ද්රියනිරොධඤ්ච පජානාති, යත්ථ චුප්පන්නං සුඛින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣති තඤ්ච පජානාති. කත්ථ චුප්පන්නං සුඛින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣති? ඉධ, භික්ඛවෙ, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති යං තං අරියා ආචික්ඛන්ති ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහරති, එත්ථ
‘‘ඉධ
‘‘ඉධ
|
510
[2] “මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසක් වෙත්. කවර පසෙක්ද? දුක්ඛින්ද්රිය, දොමනස්සින්ද්රිය, සුඛින්ද්රිය, සොමනස්සින්ද්රිය, උපෙක්ඛින්‍ද්‍රිය යනුයි.
[3] ‘මහණෙනි මේ ශාසනයෙහි අප්‍රමාදීවූ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව සංසිඳුවන ලද සිත් ඇතිව වාසය කරන්නාවූ භික්ෂුවට දුක්ඛින්ද්රිය උපදියි. හෙතෙම මෙසේ දැනගනියි මේ දුක්ඛින්ද්රිය මට උපන්නේය. එය වනාහි නිමිති සහිතය. නිදාන සහිතය. හේතු සහිතය ප්රත්යසහිතය.
“ඒ කාන්තයෙන් ඒ දුක්ඛින්ද්රිය නිමිති රහිතව නිදාන රහිතව හේතු රහිතව ප්‍රත්‍ය රහිතව උපදින්නේය යන මේ කාරණය විද්‍යමාන (සිද්ධ) නොවේ. හෙතෙම දුක්ඛින්ද්රියද දැනගනියි. දුක්ඛින්ද්රියට හේතුවද දැනගනියි. දුක්ඛින්ද්රිය නිරෝධයද දැනගනියි. යම් තැනක උපන් දුක්ඛින්ද්රිය ඉතිරි නොවී නිරුද්ධ වෙයිද, එයද දැනගනියි. කොතැන්හි උපන් දුක්ඛින්ද්රිය ඉතිරි නොවී නිරුද්ධ වේද?
[4] “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීති සුඛය ඇති ප්‍රථමධ්‍යානයට එළඹ වාසය කරයිද, මෙහි උපන් දුක්ඛින්ද්රිය ඉතිරි නැතිව නිරුද්ධ වෙයි. මහණෙනි, මේ මහණතෙම දුක්ඛින්ද්රිය නැතිකිරීම දැනගත්තේයයි ඒ සඳහාම සිත එළවන්නේයයි කියනු ලැබේ
[5] “මහණෙනි, මේ ශාසනයෙහි අප්‍රමාදීව කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව සංසිඳුවන ලද සිත් ඇතිව වාසය කරන්නාවූ භික්ෂුවට දොමනස්සින්ද්රිය උපදියි. හෙතෙම මෙසේ දැන ගනියි. මට මේ දොමනස්සින්ද්රිය උපන්නේය. එය වනාහි නිමිති සහිතය. නිදාන සහිතය. හේතු සහිතය. ප්‍රත්‍යය සහිතය. එය දොමනස්සින්ද්රිය වනාහි නිමිති රහිතව නිදාන රහිතව හේතු රහිතව ප්‍රත්‍ය රහිතව උපදින්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.
“හෙතෙම දොමනස්සින්ද්රිය දැනගනියි. දොමනස්සින්ද්රියට හේතුවද දැනගනියි. දොමනස්සින්ද්රිය නිරෝධයද දැන ගනියි. යම්තැනෙක උපන් දොමනස්සින්ද්රිය ඉතිරි නොවී නිරුද්ධ වේද එයද දැන ගනියි කොතැන්හි උපන් දොමනස්සින්ද්රිය ඉතිරි නැතිව නිරුද්ධ වේද?
[6] “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම සහිතවූ සිතෙහි ඒකීභාවයෙන් යුත් එහෙයින් අවිතර්කවූ අවිචාරවූ සමාධියෙන් උපන් ප්‍රීති සුඛයෙන් යුත් ද්විතීය ධ්‍යානයට එළඹ වාසයකරයි. මෙහි උපන් දොමනස්සින්ද්රිය ඉතිරි නොවී නිරුද්ධවේ. මහණෙනි, මේ මහණතෙම දොමනස්සින්ද්රියයාගේ නිරෝධය දැන ගත්තේයයි ඒ සිත එළවන්නේයයි කියනු ලැබේ.
[7] “මහණෙනි, මේ ශාසනයෙහි අප්‍රමාදීව කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව සංසිඳුවනලද සිත් ඇතිව වාසයකරන්නාවූ භික්ෂුවට සුඛින්ද්රිය උපදියි. හෙතෙම මෙසේ දැනගනියි. මට මේ සුඛින්ද්රියය උපන්නේය. එය වනාහි නිමිති සහිතය. නිදාන සහිතය. හේතු සහිතය ප්‍රත්‍යය සහිතය. ඒ සුඛින්ද්රිය වනාහි නිමිති රහිතව නිදාන රහිතව හේතු රහිතව ප්‍රත්‍යය රහිතව උපදින්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.’ හෙතෙම සුඛින්ද්රියද දැන ගනියි. සුඛින්ද්රියට හේතුවද දැන ගනියි. සුඛින්ද්රිය නිරෝධයද දැන ගනියි. යම්තැනක උපන් සුඛින්ද්රිය ඉතිරි නොවී නිරුද්ධවෙයිද එයද දැනගනියි.
[8] ‘කොහි උපන් සුඛින්ද්රියය ඉතිරි නොවී නිරුද්ධවේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ ප්‍රීතියගේද දුරුකිරීමෙන් සිහියෙන් යුක්තව යහපත් නුවණ ඇතිව උපෙක්ෂා සහගතව වාසය කරයිද, කයින් සුවයද මනාකොට විඳියි. උපෙක්ෂාවෙන් යුක්තවූයේ සිහියෙන් යුක්තවූයේ යම් ධ්‍යානයක් පිළිබඳව ආර්‍ය්‍යයෝ සැපසේ වාසය කරන්නේයයි කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. මෙහි උපන් සුඛින්ද්රිය ඉතිරි නැතිව නිරුද්ධවේ. මහණෙනි, මේ මහණතෙම සුඛින්ද්රියයාගේ නිරෝධය දැන ගත්තේයයි ඒ සඳහා සිත එළවන්නේයයි කියනුලැබේ.
[9] “මහණෙනි, මේ සාසනයෙහි අප්‍රමාදීව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව සංසිඳවනලද සිත් ඇතිව වාසය කරන්නාවූ භික්ෂුවට සොමනස්සින්ද්රිය උපදියි. හෙතෙම මෙසේ දැන ගනියි. ‘මට මේ සොමනස්සින්ද්රිය උපන්නේය. එය නිමිති සහිතය. නිදාන සහිතය. හේතු සහිතය ප්රත්යයසහිතය. ඒ සොමනස්සින්ද්රිය ඒකාන්තයෙන් නිමිති රහිතව නිදාන රහිතව හේතු රහිතව ප්‍රත්‍යය රහිතව උපදින්නේය’ යන මේ කරුණ විද්‍යමාන නොවේ. හෙතෙම සොමනස්සින්ද්රියද දැන ගනියි. සොමනස්සින්ද්රියට හේතුවද දැනගනියි. සොමනස්සින්ද්රිය නිරෝධයද දැනගනියි. යම්තැනක උපන් සොමනස්සින්ද්රිය ඉතිරි නොවී නිරුද්ධවේද, එයද දැනගනියි. කොතැන්හි උපන් සොමනස්සින්ද්රියය ඉතිරි නොවී නිරුද්ධවේද,
[10] “මහණෙනි මේ ශාසනයෙහි මහණතෙම සැපයාගේ හා දුක්ඛයාගේ ප්‍රහාණයෙන් පළමුව සොම්නස් දොම්නසුන්ගේ නැතිකිරීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ඛා සහිත පාරිසුද්ධියෙන් යුත් චතුර්ථධ්යානයට පැමිණ වාසය කරයි. සොමනස්සින්ද්රිය ඉතිරි නොවී නිරුද්ධවේ. මහණෙනි, මේ මහණ තෙමේ සොමනස්සින්ද්රියයාගේ නිරෝධය දැනගත්තේය. ඒ සඳහා සිත එළවන්නෙයයි කියනු ලැබේ.
[11] “මහණෙනි, මේ ශාසනයෙහි අප්‍රමාදීවූ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති සංසිඳවන ලද සිත් ඇතිව වාසය කරන්නාවූ භික්ෂුවට උපෙක්ඛින්‍ද්‍රිය උපදියි. හෙතෙම මෙසේ දැන ගනියි. මට මේ උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේය. ඒ උපෙක්ඛින්‍ද්‍රිය නිමිති සහිතය. නිදාන සහිතය. හේතු සහිතය. ප්‍රත්‍යය සහිතය.
“ඒ උපෙක්ඛින්‍ද්‍රිය වනාහි නිමිති රහිතව නිදාන රහිතව, හේතු රහිතව උපදින්නේය යන මේ කරුණ විද්‍යමාන නොවේ.
“හෙතෙම උපෙක්ඛින්ද්රියද දැනගනියි. උපෙක්ඛින්ද්රියට හේතුවද දැනගනියි. උපෙක්ඛින්‍ද්‍රිය නිරෝධයද දැනගනියි.
යම්තැනක උපන් උපෙක්ඛින්‍ද්‍රිය ඉතිරි නොවී නිරුද්ධවේද, එයද දැනගනියි. කොතැන්හි උපන් උපෙක්ඛින්ද්රියය ඉතිරි නොවී නිරුද්ධවේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ සියලු ආකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිත නිරෝධයට පැමිණ වාසය කරයි. මෙහි උපන් උපෙක්ඛින්ද්රියය ඉතිරි නොවී නිරුද්ධවේ.
“මහණෙනි, මේ භික්ෂුව උපෙක්ඛින්ද්රියයාගේ නිරෝධය දැනගත්තේයයි ඒ සඳහා සිත එළවන්නේයයි කියනුලැබේ.”
|
5. ජරාවග්ගො | 5. ජරා වර්ගය |
1. ජරාධම්මසුත්තං | 1. ජරාභිමද්දන සූත්‍රය |
511
එවං
අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා භගවතො ගත්තානි පාණිනා අනොමජ්ජන්තො භගවන්තං එතදවොච - ‘‘අච්ඡරියං, භන්තෙ
‘‘එවඤ්හෙතං
‘‘ඉදමවොච භගවා. ඉදං වත්වා ච සුගතො
‘‘ධී තං ජම්මි ජරෙ අත්ථු, දුබ්බණ්ණකරණී ජරෙ;
තාව මනොරමං බිම්බං, ජරාය අභිමද්දිතං.
‘‘යොපි වස්සසතං ජීවෙ, සොපි මච්චුපරායණො
(සබ්බෙ මච්චුපරායනා (ස්‍යා. කං. ක.));
න කිඤ්චි පරිවජ්ජෙති, සබ්බමෙවාභිමද්දතී’’ති. පඨමං;
|
511
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පූර්වරාමයෙහි මිගාරමාතු ප්‍රාසාදයෙහි වැඩ සිටි සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේකයෙන් නැඟී සිටියේ හිරු රැසින් පිට තවමින් බැස යන අව්වෙහි වැඩ සිටියේ වෙයි.
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ භාග්‍යවතුන් වහන්සේගේ අත් පා අතින් පිරිමදිමින් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ස්වාමීනි, ආශ්චර්‍ය්‍යය. ස්වාමීනි, අද්භූතය.
[3] “ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ඡවිවර්ණය පෙරමෙන් දැන් පිරිසිදුනැත. පැහැපත්නැත. සියලු ශරීර අවයව ලිහිල්ව රැලි නැඟී ඇත්තේය. සිරුර ඉදිරියට නැමී ගියේය, චක්ඛුන්‍ද්‍රිය, සොතින්ද්රිය, ඝානින්‍ද්‍රිය, ජිව්හින්ද්රිය, කායින්ද්රිය යන ඉන්ද්රියයන්ගේ වෙනස් බවක් දක්නා ලැබේ.
[4] “ආනන්දය, යෞවන භාවයෙහි ජරා ස්වභාවයද නිරෝගී බැව්හි ලෙඩවන ස්වභාවයද ජීවත්වීමෙහි මරණ ස්වභාවයද මෙසේවෙයි. දැන් එපමණ ඡවිවර්ණය පිරිසිදු නැත. පැහැපත් නැත. සියලු ශරීර අවයව ලිහිල්ව රැලි නැඟී ඇත්තේය. කය ඉදිරියට නැමුණේය. චක්ඛුන්‍ද්‍රිය. සොතින්ද්රිය, ඝානින්‍ද්‍රිය, ජිව්හින්ද්රිය, කායින්ද්රිය යන ඉන්ද්රියයන්ගේ වෙනස් බවද දක්නා ලැබේ” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. මෙය වදාරා නැවත මෙසේද වදාළහ.
“එපමණ සිත් අලවන ශරීරය ජරාව විසින් මඩන ලදී දුර්වර්ණ කරන ලාමක ජරාවට නින්දාවේවා.
“යමෙක් අවුරුදු සියයක් ජීවත්වේද, හෙතෙමේද මරණය කෙළවරකොට ඇත්තේය. මාරයා කිසිවකු අත් නොහරින්නේය. සියල්ලම මැඩ පවත්වන්නේය.”
|
2. උණ්ණාභබ්රාහ්මණසුත්තං | 2. උණ්ණාභ සූත්‍රය |
512
සාවත්ථිනිදානං. අථ ඛො උණ්ණාභො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො උණ්ණාභො බ්රාහ්මණො භගවන්තං එතදවොච -
‘‘පඤ්චිමානි, භො ගොතම, ඉන්ද්රියානි නානාවිසයානි නානාගොචරානි, න අඤ්ඤමඤ්ඤස්ස ගොචරවිසයං පච්චනුභොන්ති. කතමානි පඤ්ච? චක්ඛුන්ද්රියං, සොතින්ද්රියං, ඝානින්ද්රියං, ජිව්හින්ද්රියං, කායින්ද්රියං
‘‘පඤ්චිමානි, බ්‍රාහ්මණ, ඉන්ද්රියානි නානාවිසයානි නානාගොචරානි න අඤ්ඤමඤ්ඤස්ස ගොචරවිසයං පච්චනුභොන්ති. කතමානි පඤ්ච? චක්ඛුන්ද්රියං, සොතින්ද්රියං
‘‘මනස්ස පන, භො ගොතම, කිං පටිසරණ’’න්ති? ‘‘මනස්ස ඛො, බ්‍රාහ්මණ, සති පටිසරණ’’න්ති. ‘‘සතියා පන, භො ගොතම, කිං පටිසරණ’’න්ති? ‘‘සතියා ඛො, බ්‍රාහ්මණ, විමුත්ති පටිසරණ’’න්ති. ‘‘විමුත්තියා පන, භො ගොතම, කිං පටිසරණ’’න්ති? ‘‘විමුත්තියා ඛො, බ්‍රාහ්මණ, නිබ්බානං පටිසරණ’’න්ති. ‘‘නිබ්බානස්ස පන, භො ගොතම, කිං පටිසරණ’’න්ති? ‘‘අච්චයාසි
(අච්චසරා (සී. ස්‍යා. කං.), අජ්ඣපරං (පී. ක.)), බ්‍රාහ්මණ, පඤ්හං, නාසක්ඛි පඤ්හස්ස පරියන්තං ගහෙතුං. නිබ්බානොගධඤ්හි, බ්‍රාහ්මණ, බ්රහ්මචරියං වුස්සති නිබ්බානපරායණං නිබ්බානපරියොසාන’’න්ති.
අථ ඛො උණ්ණාභො බ්රාහ්මණො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
අථ ඛො භගවා අචිරපක්කන්තෙ උණ්ණාභෙ බ්රාහ්මණෙ භික්ඛූ ආමන්තෙසි - ‘‘සෙය්යථාපි, භික්ඛවෙ, කූටාගාරෙ වා කූටාගාරසාලායං වා
(රස්මියො (ස්‍යා. ක.)) පාචීනවාතපානා සූරියෙ උග්ගච්ඡන්තෙ වාතපානෙන රස්මි
(කූටාගාරං වා කූටාගාරසාලං වා උත්තරාය (ක. සී.)) පවිසිත්වා ක්වාස්ස
(කාය (ස්‍යා. ක.)) පතිට්ඨිතා’’ති? ‘‘පච්ඡිමායං, භන්තෙ, භිත්තිය’’න්ති. ‘‘එවමෙව
|
512
[1] (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡේදය මෙනි.)
[2] එකල්හි උණ්ණාභ බ්‍රාහ්මණතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවිය යුතු සිහිකටයුතු කථාකොට නිමවා එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් උණ්ණාභ බ්‍රාහ්මණතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය.
[3] “භවත් ගෞතමයන් වහන්ස, වෙන් වෙන් විෂය ඇත්තාවූ වෙන් වෙන් අරමුණු ඇත්තාවූ මේ පඤ්චෙන්ද්රියයෝ ඔවුනොවුන්ගේ විෂය අරමුණු අනුභව නොකෙරෙත්. කවර පසෙක්ද චක්ඛුන්‍ද්‍රිය, සොතින්ද්රිය, ඝානින්‍ද්‍රිය, ජිව්හාන්ද්රිය, කායින්ද්රිය යනුයි.
“භවත් ගෞතමයන්වහන්ස, නොයෙක් විෂය ඇත්තාවූ නොයෙක් අරමුණු ඇත්තාවූ ඔවුනොවුන්ගේ විෂය අරමුණු අනුභව නොකරන්නාවූ මේ පඤ්චෙන්ද්රියයන්ගේ පිහිට කුමක්ද? කවරෙක් ඔවුන්ගේ අරමුණු අනුභව කරයිද?
[4] “බ්‍රාහ්මණය, නොයෙක් විෂය ඇත්තාවූ නොයෙක් අරමුණු ඇත්තාවූ ඔවුනොවුන්ගේ අරමුණු අනුභව නොකරන්නාවූ ඉන්ද්රියයෝ පසක් වෙත්. කවර පසෙක්ද? චක්ඛුන්‍ද්‍රිය සොතින්ද්රිය, ඝානින්‍ද්‍රිය, ජිව්හාන්ද්රිය, කායින්ද්රිය යනුයි. බ්‍රාහ්මණය, නොයෙක් විෂය ඇත්තාවූ නොයෙක් අරමුණු ඇත්තාවූ ඔවුනොවුන්ගේ අරමුණු අනුභව නොකරන්නාවූ පඤ්චෙන්ද්රියයන්ට සිත පිහිටය. සිතම ඔවුන්ගේ අරමුණු අනුභව කරයි.
[5] “භවත් ගෞතමයන් වහන්ස, සිතට පිහිට කුමක්ද?”
“බ්‍රාහ්මණය, සිතට වනාහි සිහිය පිහිට වෙයි.”
“භවත් ගෞතමයන් වහන්ස, මාර්ග සිහියට කුමක් පිහිට වෙයිද?”
“බ්‍රාහ්මණය, මාර්ග සිහියට අර්හත් ඵලය පිහිට වෙයි.”
“භවත් ගෞතමයන් වහන්ස අර්හත් ඵලයට කුමක් පිහිටද?”
“බ්‍රාහ්මණය, අර්හත් ඵලයට නිර්වානය පිහිටයි.”
“භවත් ගෞතමයන්වහන්ස, නිර්වාණයට පිහිට කුමක්ද?”
“බ්‍රාහ්මණය, ප්රශ්නය ඉක්මවා ගියේය. ප්‍රශ්නයාගේ කෙළවරට පැමිණීමට නොහැකිය.”
“බ්‍රාහ්මණය, නිර්වාණයට ඇතුල්වන්නාවූ නිර්වාණය පිහිට කොට ඇත්තාවූ නිර්වාණය කෙළවර කොට ඇත්තාවූ මාර්ග බ්රාහ්මචර්ය්යාවෙහි වසන්නේය.”
[6] එකල්හි උණ්ණාභ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ගරුකොට ගියේය
[7] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උණ්ණාභ බ්‍රාහ්මණයා ගිය නොබෝ වේලාවකින් භික්ෂූන් ඇමතූසේක.
“මහණෙනි, යම්සේ කූටාගාරයක හෝ කූටාගාර ශාලාවක හෝ උතුරු පෙරදිග (නිරිත) වා කවුලුවෙන් සූර්‍ය්‍යයා නැගි කල්හි වා කවුලුවෙන් රශ්මිය ඇතුල්ව කොහි පිහිටන්නේද?” “ස්වාමීනි බටහිර බිත්තියෙහිය.”
“මහණෙනි, එපරිද්දෙන්ම උණ්ණාභ බ්‍රාහ්මණයාගේ තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව බැසගත්තේය. මුල් හටගත්තේය. පිහිටියේය. දැඩිවිය. ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ ලෝකයෙහි කිසිවෙකු විසින් වෙනස් කළ නොහැකිය. මහණෙනි, මේ කාලයෙහිම උණ්ණාභ බ්‍රාහ්මණයා කළුරිය කරන්නේ නම් යම් සංයෝජනයකින් යුක්තවූ උණ්ණාභ බ්‍රාහ්මණයා නැවත මේ ලෝකයට එන්නේද, ඔහුට ඒ සංයෝජන නැත.”
|
3. සාකෙතසුත්තං | 3. සාකේත සූත්‍රය |
513
එවං
‘‘භගවංමූලකා නො, භන්තෙ, ධම්මා භගවංනෙත්තිකා භගවංපටිසරණා. සාධු වත, භන්තෙ, භගවන්තංයෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී’’ති. ‘‘අත්ථි, භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම යානි පඤ්චින්ද්රියානි තානි පඤ්ච බලානි හොන්ති, යානි පඤ්ච බලානි තානි පඤ්චින්ද්රියානි හොන්ති’’.
‘‘කතමො ච, භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම යානි පඤ්චින්ද්රියානි තානි පඤ්ච බලානි හොන්ති, යානි පඤ්ච බලානි තානි පඤ්චින්ද්රියානි හොන්ති? යං, භික්ඛවෙ, සද්ධින්ද්රියං තං සද්ධාබලං, යං සද්ධාබලං තං සද්ධින්ද්රියං; යං වීරියින්ද්‍රියං තං වීරියබලං, යං වීරියබලං තං වීරියින්ද්‍රියං; යං සතින්ද්රියං තං සතිබලං, යං සතිබලං තං සතින්ද්රියං; යං සමාධින්ද්රියං තං
‘‘කතමො
‘‘කතමො ච, භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම තස්සා නදියා ද්වෙ සොතානි ත්වෙව
|
513
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සාකෙත නුවර මිගදාය නම්වූ අඳුන්වනයෙහි වාසය කළසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක “මහණෙනි, යම් ක්‍රමයකින් පංච ඉන්ද්රියයෝ පංච බලයෝ වෙත්ද, පංච බලයෝ පංච ඉන්ද්රියයෝ වෙත්ද, එබඳු ක්‍රමයක් ඇත්තේද?”
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන්වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය.”
[2] ‘මහණෙනි, යම් ක්‍රමයකින් පංච ඉන්ද්රියයෝ පංච බලයෝ වෙත්ද පංච බලයෝ පංච ඉන්ද්රියයෝ වෙත්ද, මහණෙනි, එබඳු ක්‍රමයක් ඇත. මහණෙනි, යම් ක්‍රමයකින් පංච ඉන්ද්රියයෝ පංච බලයෝ වෙත්ද පංච බලයෝ පංච ඉන්ද්රියයෝ වෙත්ද, මහණෙනි, ඒ ක්‍රමය කවරේද?
[3] “මහණෙනි යමක් සද්ධින්ද්රිය වෙයිද, එය සද්ධා බලය වෙයි. යමක් සද්ධා බලයද වෙයිද, එය සද්ධා ඉන්ද්රිය වෙයි. යමක් විරිය ඉන්ද්රිය වෙයිද, එය විරිය බලය වෙයි. යමක් විරිය බලය වෙයිද එය විරියින්ද්රිය වෙයි. යමක් සතින්ද්රිය වෙයිද, එය සති බලය වෙයි. යමක් සති බලය වෙයිද, එය සතින්ද්රිය වෙයි. යමක් සමාධින්ද්රිවේද එය සමාධි බලය වෙයි. යමක් සමාධි බලය වෙයිද, එය සමාධින්ද්රිය වෙයි. යමක් පඤ්ඤින්ද්රිය වෙයිද, එය පඤ්ඤා බලය වෙයි. යමක් පඤ්ඤා බලය වෙයිද, එය පඤ්ඤින්ද්රිය වෙයි.
[4] “මහණෙනි, යම්සේ පෙරදිගට නැමුණාවූ පෙරදිගට බස්නාවූ පෙරදිගට ගලන්නාවූ ගඟක් වෙයිද ඒ ගඟ මැද දිවයිනක් වෙයිද මහණෙනි, යම් ක්‍රමයකින් ඒ ගඟ එකම ජල පහරක්යයි ව්යවහාරයටයයිද, මහණෙනි, එවැනි ක්රමයක්ද ඇත. යම් ක්‍රමයකින් ඒ ජල පහර දෙකකැයි ව්යවහාරයටයේද, මහණෙනි, එවැනි ක්රමයක්ද ඇත්තේය
[5] “යම් ක්‍රමයකින් ඒ ගංගාවෙහි එකම ජල පහරකැයි ව්‍යවහාරයට යෙයිද මහණෙනි ඒ ක්‍රමය කවරේද? මහණෙනි, ඒ දිවයිනේ පෙර කෙළවර යම් ජලයක් වෙයිද පසු කෙළවරෙහි යම් ජලයක් වෙයිද, යම් ක්‍රමයක් නිසා මේ ජලය එකම ජල පහරකැයි ව්‍යවහාරයට යෙත්ද, මහණෙනි, මේ වනාහි එකම ජලපාරකියි ව්‍යවහාරයට යන ක්‍රමය වෙයි.
යම් ක්‍රමයකින් ඒ ගංගාවගේ ජලපහර දෙකකැයි ව්‍යවහාරයට යේද, මහණෙනි, ඒ ක්‍රමය කවරේද, මහණෙනි, ඒ ද්වීපයාගේ උතුරු පැත්තෙන් යම් ජලයක් වෙයිද, දකුණු පැත්තෙන් යම් ජලයක් වෙයිද, ඒ දිය පාරවල් දෙකකැයි යන ව්‍යවහාරයට පැමිණෙයි. මේ වනාහි ඒ දියපාරවල් දෙකකැයි ව්‍යවහාරවන ක්‍රමය වෙයි.
[6] “මහණෙනි, යමක් සද්ධින්ද්රිය වෙයිද එය සද්ධා බලය වෙයි. යමක් සද්ධා බලය වෙයිද එය සද්ධින්ද්රිය වෙයි. යමක් විරියින්ද්රිය වෙයිද එය විරිය බලය වෙයි. යමක් විරිය බලය වෙයිද එය විරින්ද්රිය වෙයි. යමක් සතින්ද්රිය වෙයිද එය සතිබලය වෙයි. යමක් සතිබලය වෙයිද එය සතින්ද්රිය වෙයි. යමක් සමාධින්ද්රිය වේද එය සමාධිබලය වෙයි. යමක් සමාධිබලය වෙයිද එය සමාධින්ද්රිය වෙයි. යමක් පඤ්ඤින්ද්රිය වෙයිද එය පඤ්ඤා බලය වෙයි. යමක් පඤ්ඤා බලය වෙයිද එය පඤ්ඤින්ද්රියයි.
[7] “මහණෙනි, පංචෙන්ද්‍රියයන් වැඩීම හේතුකාටගෙන බහුල කිරීම හේතුකොටගෙන භික්ෂුව ආශ්‍රවයන්ගේ නැති කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියත් අර්හත් ඵල ප්‍රඥාවත් මේ අත්බැව්හිම තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කරයි.”
|
4. පුබ්බකොට්ඨකසුත්තං | 4. පුබ්බකොට්ඨක සූත්‍රය |
514
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බකොට්ඨකෙ. තත්ර ඛො භගවා ආයස්මන්තං සාරිපුත්තං ආමන්තෙසි - ‘‘සද්දහසි
(සද්දහාසි (සී. පී.)) ත්වං, සාරිපුත්ත - සද්ධින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායණං අමතපරියොසානං...පෙ.... පඤ්ඤින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායණං අමතපරියොසාන’’න්ති?
‘‘න
‘‘සාධු සාධු, සාරිපුත්ත! යෙසඤ්හෙතං, සාරිපුත්ත, අඤ්ඤාතං අස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං
|
514
[1] මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පුබ්බ කොට්ඨක නම් ස්ථානයෙහි වාසය කළ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන්වහන්සේ ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් ඇමතූසේක.
[2] “සාරිපුත්තය, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සද්ධින්ද්රිය නිර්වාණයට ඇතුළත් කරන්නාවූ නිර්වාණය පහළ කරන්නාවූ නිර්වාණය නිෂ්ටාව කොට ඇත්තාවූ ධර්මයෙකැයි නුඹ අදහන්නෙහිද?
“සාරිපුත්තය, වඩනලද්දාවූ බහුලකරන ලද්දාවූ විරියින්ද්රිය නිර්වාණයට ඇතුළත් කරන්නාවූ නිර්වාණය පහළ කරන්නාවූ නිර්වාණය නිෂ්ටාව කොට ඇත්තාවූ ධර්මයෙකැයි නුඹ අදහන්නෙහිද?
“සාරිපුත්තය, වඩනලද්දාවූ බහුල කරන ලද්දාවූ සතින්ද්රිය නිර්වාණයට ඇතුළත් කරන්නාවූ නිර්වාණය පහළ කරන්නාවූ නිර්වාණය නිෂ්ටාව කොට ඇත්තාවූ ධර්මයෙකැයි නුඹ අදහන්නෙහිද?
“සාරිපුත්තය, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සමාධිඉන්ද්රීය නිර්වාණයට ඇතුළත් කරන්නාවූ නිර්වාණය පහළ කරන්නාවූ නිර්වාණය නිෂ්ටාව කොට ඇත්තාවූ ධර්මයෙකැයි නුඹ අදහන්නෙහිද?
“සාරිපුත්තය, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ පඤ්ඤින්ද්රිය නිර්වාණයට ඇතුළත් කරන්නාවූ නිර්වාණය පහළ කරන්නාවූ නිර්වාණය නිෂ්ටාව කොට ඇත්තාවූ ධර්මයෙකැයි නුඹ අදහන්නෙහිද?”
[3] “ස්වාමීනි, වඩනලද්දාවූ බහුල කරන ලද්දාවූ සද්ධින්ද්රිය නිර්වාණයට ඇතුළත් කරන්නාවූ නිර්වාණය පහළ කරන්නාවූ නිර්වාණය නිෂ්ටාව කොට ඇත්තාවූ ධර්මයෙකැයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් මම නොඅදහමි.
“වඩනලද්දාවූ බහුල කරන ලද්දාවූ විරියින්ද්රිය නිර්වාණයට ඇතුළත් කරන්නාවූ නිර්වාණය පහළ කරන්නාවූ නිර්වාණය නිෂ්ටාව කොට ඇත්තාවූ ධර්මයෙකැයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් මම නොඅදහමි.
“වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සතින්ද්රිය නිර්වාණයට ඇතුළත් කරන්නාවූ නිර්වාණය පහළ කරන්නාවූ නිර්වාණය නිෂ්ටාව කොට ඇත්තාවූ ධර්මයෙකැයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් මම නොඅදහමි.
‘වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සමාධින්ද්රිය නිර්වාණයට ඇතුළත් කරන්නාවූ නිර්වාණය පහළ කරන්නාවූ නිර්වාණය නිෂ්ටාව කොට ඇත්තාවූ ධර්මයෙකැයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් මම නොඅදහමි.
“වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ පඤ්ඤින්ද්රිය නිර්වාණයට ඇතුළත් කරන්නාවූ නිර්වාණය පහළ කරන්නාවූ නිර්වාණය නිෂ්ටාව කොට ඇත්තාවූ ධර්මයෙකැයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් මම නොඅදහමි.
[4] ‘ස්වාමීනි, යමෙකු විසින් එය නොදන්නා ලද්දේද නොදක්නා ලද්දේද ප්‍රකට නොකරන ලද්දේද නුවණින් ප්රත්යක්ෂ නොකරන ලද්දේද ඔව්හු එහි අනුන් කෙරෙහි විශ්වාසයෙන් වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සද්ධින්ද්රිය නිවනට ඇතුල් කරන්නාවූ නිවන පහළ කරන්නාවූ නිවන නිෂ්ටාව කොට ඇත්තාවූ ධර්මයෙකැයි අදහන්නාහුය.
“වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ විරියින්ද්රිය නිවනට ඇතුල් කරන්නාවූ නිවන පහළ කරන්නාවූ නිවන නිෂ්ටාව කොට ඇත්තාවූ ධර්මයෙකැයි අදහන්නාහුය.
“වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සතින්ද්රිය නිවනට ඇතුල් කරන්නාවූ නිවන පහළ කරන්නාවූ නිවන නිෂ්ටාව කොට ඇත්තාවූ ධර්මයෙකැයි අදහන්නාහුය.
“වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සමාධින්ද්රිය නිවනට ඇතුල් කරන්නාවූ නිවන පහළ කරන්නාවූ නිවන නිෂ්ටාව කොට ඇත්තාවූ ධර්මයෙකැයි අදහන්නාහුය.
“වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ පඤ්ඤින්ද්රිය නිවනට ඇතුල් කරන්නාවූ නිවන පහළ කරන්නාවූ නිවන නිෂ්ටාව කොට ඇත්තාවූ ධර්මයෙකැයි අදහන්නාහුය.
[5] “ස්වාමීනි, යමෙකු විසින් එය දන්නා ලද්දේද, දක්නා ලද්දේද, ප්‍රකට කරන ලද්දේද, ප්රත්යක්ෂ කරන ලද්දේද, ඔව්හු එහි සැක නැත්තාහු, පහවූ විචිකිච්ඡා ඇත්තාහු, වඩන ලද්දාවූ බහුල වසයෙන් වඩන ලද්දාවූ සද්ධින්ද්රිය නිර්වාණයට ඇතුළත් වන්නාවූ, නිර්වාණය පහළ කරන්නාවූ නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේ වෙයි.
“වඩනලද්දාවූ බහුල වසයෙන් වඩන ලද්දාවූ විරියින්ද්රිය නිර්වාණයට ඇතුළත් වන්නාවූ නිර්වාණය පහළ කරන්නාවූ නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේ වෙයි.
“වඩන ලද්දාවූ බහුල වසයෙන් වඩන ලද්දාවූ සතින්ද්රිය නිර්වාණයට ඇතුළත් වන්නාවූ නිර්වාණය පහළ වන්නාවූ නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේ වෙයි.
“වඩනලද්දාවූ බහුල වසයෙන් වඩන ලද්දාවූ සමාධින්ද්රිය නිර්වාණයට ඇතුළත් වන්නාවූ නිර්වාණය පහළ කරන්නාවූ නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේ වෙයි
“වඩනලද්දාවූ බහුලවසයෙන් වඩන ලද්දාවූ පඤ්ඤින්ද්රිය නිර්වාණයට ඇතුළත් වන්නාවූ නිර්වාණය පහළකරන්නාවූ නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේ වෙයි.
[6] “ස්වාමීනි, මෙය මා විසින් ප්‍රඥාවෙන් දැනගන්නා ලද්දේය. දක්නාලද්දේය. ප්රකටකරන ලද්දේය ප්රත්යක්ෂකරන ලද්දේය. වඩනලද්දාවූ බහුලකොට වඩනලද්දාවූ සද්ධින්ද්රිය නිර්වාණයට ඇතුළත් කරන්නාවූ නිර්වාණය පහළකරන්නාවූ නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේ වෙයි. මම සැක නැත්තේ විචිකිච්ඡා නැත්තේ වෙමි.
“වඩන ලද්දාවූ බහුලකොට වඩන ලද්දාවූ විරියින්ද්රිය නිර්වාණයට ඇතුළත් කරන්නාවූ නිර්වාණය පහළ කරන්නාවූ නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේ වෙයි. එහි මම සැක නැත්තේ විචිකිච්ඡා නැත්තේ වෙමි.
“වඩනලද්දාවූ බහුලකොට වඩනලද්දාවූ සතින්ද්රිය නිර්වාණයට ඇතුළත් කරන්නාවූ නිර්වාණය පහළකරන්නාවූ නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේ වෙයි. එහි මම සැක නැත්තේ විචිකිච්ඡා නැත්තේ වෙමි.
“වඩන ලද්දාවූ බහුලකොට වඩනලද්දාවූ සමාධින්ද්රිය නිර්වාණයට ඇතුළත් කරන්නාවූ නිර්වාණය පහළකරන්නාවූ නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේ වෙයි. එහි මම සැක නැත්තේ විචිකිච්ඡා නැත්තේ වෙමි.
“වඩනලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ පඤ්ඤින්ද්රිය නිර්වාණයට ඇතුළත්කරන්නාවූ නිර්වාණය පහළකරන්නාවූ නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේයයි මම සැක නොකරමි. විචිකිච්ඡා රහිතවෙමියි” කීය.
“සාරිපුත්තය, යහපත’ යහපත’ සාරිපුත්තය, වඩන ලද්දාවූ බහුලවසයෙන් වඩනලද්දාවූ සද්ධින්ද්රිය නිර්වාණයට ඇතුළත් කරන්නේ වෙයි. නිර්වාණය පහළ කරන්නේ වෙයි. නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේවේයයි යමෙකුන් විසින් ප්‍රඥාවෙන් නොදැනගන්නා ලද්දේද,
“වඩන ලද්දාවූ බහුලවශයෙන් වඩනලද්දාවූ විරියින්ද්රිය නිර්වාණයට ඇතුළත් කරන්නේ වෙයි. නිර්වාණය පහළ කරන්නේ වෙයි. නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේ වේයයි යමෙකු විසින් ප්‍රඥාවෙන් නොදැනගන්නා ලද්දේද,
“වඩනලද්දාවූ බහුලවශයෙන් වඩනලද්දාවූ සතින්ද්රිය නිර්වාණයට ඇතුළත්කරන්නේ වෙයි. නිර්වාණය පහළකරන්නේ වෙයි නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේ වේයයි යමෙකුන් විසින් ප්‍රඥාවෙන් නොදැනගන්නා ලද්දේද,
‘වඩනලද්දාවූ බහුලවශයෙන් වඩනලද්දාවූ සමාධින්ද්රිය නිර්වාණයට ඇතුළත්කරන්නේ වෙයි. නිර්වාණය පහළකරන්නේ වෙයි නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේවේයයි යමෙකු විසින් ප්‍රඥාවෙන් නොදැනගන්නා ලද්දේද,
‘වඩනලද්දාවූ බහුලවශයෙන් වඩනලද්දාවූ පඤ්ඤින්ද්රිය ඇතුළත්කරන්නේවෙයි. නිර්වාණය පහළකරන්නේ වෙයි. නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේවේයයි නුවණින් නොදන්නා ලද්දේද නොදක්නාලද්දේද ප්‍රකට නොකරනලද්දේද ප්රත්යක්ෂ නොකරනලද්දේද ඔව්හු එහි අනුන් කෙරෙහි ඇදහීමට යන්නාහුය.
[8] “සාරිපුත්තය, වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ සද්ධින්ද්රිය නිර්වාණයට ඇතුළත් කරන්නේ වෙයි. නිර්වාණය පහළ කරන්නේ වෙයි. නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේ වෙයි.
“වඩනලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ විරියින්ද්රිය නිර්වාණයට ඇතුළත් කරන්නේ වෙයි. නිර්වාණය පහළ කරන්නේ වෙයි නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේ වෙයි.
“වඩනලද්දාවූ බහුලවශයෙන් වඩනලද්දාවූ සතින්ද්රිය නිර්වාණයට ඇතුළත් කරන්නේවෙයි. නිර්වාණය පහළ කරන්නේවෙයි. නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේවෙයි.
“වඩන ලද්දාවූ බහුල වශයෙන් කරන ලද්දාවූ සමාධින්ද්රිය නිර්වාණයට ඇතුළත් කරන්නේ වෙයි. නිර්වාණය පහළ කරන්නේ වෙයි. නිර්වාණය නිෂ්ටාව කොට ඇත්තේ වෙයි.
“වඩනලද්දාවූ බහුල වශයෙන් වඩනලද්දාවූ පඤ්ඤින්ද්රිය නිර්වාණයට ඇතුල්කරන්නේ වෙයි. නිර්වාණය පහළ කරන්නේ වෙයි. නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේවෙයි යමෙකුන් විසින් නුවණින් දැනගන්නාලද්දේද දක්නාලද්දේද ප්රත්යක්ෂ කරනලද්දේද ඔව්හු එහි සැක නොකරන්නාහුය. විචිකිච්ඡා රහිත වන්නාහුය”
|
5. පඨමපුබ්බාරාමසුත්තං | 5. පුබ්බාරාම එකින්ද්රිය සූත්‍රය |
515
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘කතිනං නු ඛො, භික්ඛවෙ, ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා ඛීණාසවො භික්ඛු අඤ්ඤං බ්යාකරොති - ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාමී’’ති?
භගවංමූලකා නො, භන්තෙ, ධම්මා...පෙ.... ‘‘එකස්ස ඛො, භික්ඛවෙ, ඉන්ද්රියස්ස භාවිතත්තා බහුලීකතත්තා ඛීණාසවො භික්ඛු අඤ්ඤං බ්යාකරොති - ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාමීති. කතමස්ස එකස්ස පඤ්ඤින්ද්රියස්ස පඤ්ඤවතො
|
515
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර පූර්වාරාමයෙහි මිගාරමාතු ප්‍රාසාදයෙහි වැඩ සිටිසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනියි’ කියා ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] ‘මහණෙනි, කෙතෙක් ඉන්ද්රියයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ක්ෂීණාශ්රව භික්ෂුතෙම ‘ජාතියක්ෂය විය. බඹසරවැස නිමවනලදී. කළයුත්ත කරනලදී. මෙයින් අනික් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්‍රකාශකරයිද?”
‘ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහුය භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන්වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය”
[3] “මහණෙනි, එක් ඉන්ද්‍රියක් වැඩීමෙන් බහුල කිරීමෙන් ක්ෂීණාශ්රව භික්ෂුතෙම ‘ජාතිය ක්ෂයවිය, බඹසර වැස නිමවනලදී. කළයුත්ත කරනලදී මෙයින් පසු අනික් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්‍රකාශකරයි. කවර එක් ඉන්ද්රියයද? පඤ්ඤින්ද්‍රියයාගේ (ඉන්ද්රිය) මහණෙනි, ප්‍රඥාවත් ආර්‍ය්‍ය ශ්රාවකයාට ඊට අනුව ශ්‍රද්ධාව පිහිටයි. ඊට අනුව වීර්‍ය්‍යය පිහිටයි. ඊට අනුව සිහිය පිහිටයි. ඊට අනුව සමාධිය පිහිටයි.
[4] “මහණෙනි, මේ එක ඉන්ද්රියයක්හුගේ වැඩීමෙන් බහුල වසයෙන් වැඩීමෙන් ක්ෂීණාශ්රව භික්ෂුතෙම ‘ජාතිය ක්ෂයවිය බඹසර වැස නිමවනලදි. කළයුත්ත කරණලදී. මෙයින් පසු අනික් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්‍රකාශ කරයි.
|
6. දුතියපුබ්බාරාමසුත්තං | 6. පුබ්බාරාම ද්වින්ද්රිය සූත්‍රය |
516
තංයෙව නිදානං. ‘‘කතිනං නු ඛො, භික්ඛවෙ, ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා ඛීණාසවො භික්ඛු අඤ්ඤං බ්යාකරොති - ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාමී’’ති? භගවංමූලකා නො, භන්තෙ, ධම්මා...පෙ.... ‘‘ද්වින්නං
|
516
[1] (මේ ඡේදය මේ වර්ගයෙ 5 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡේදය මෙනි.)
[2] “මහණෙනි, කොපමණ ඉන්ද්රියයන්ගේ වැඩීමෙන් බහුල කිරීමෙන් භික්ෂුතෙම ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් ආත්මභාවයක්නැතැයි දන්නෙමියි’ රහත්බව ප්‍රකාශ කරයිද?”
ස්වාමීනි, ධර්මය භාග්‍යවතුන් වහන්සේ මුල්කොටමැයි. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය.
[3] “මහණෙනි, ඉන්ද්රියයන් දෙදෙනෙකුන්ගේ වැඩීමෙන් බහුල කිරීමෙන් ක්ෂීණාශ්රව භික්ෂුතෙම ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී, මෙයින් අනික් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්‍රකාශ කරයි. කවර දෙදෙනෙකුන්ගේද යත්. අර්හත් මාර්ග ප්‍රඥාවගේ හා අර්හත් මාර්ග සමාධියේය.
[4] “මහණෙනි, යම් මාර්ග ප්‍රඥාවක් ඇත්ද? එය ඔහුගේ පඤ්ඤින්ද්රියයි. මහණෙනි, යම් මාර්ග සමාධියක් ඇත්ද? එය ඔහුගේ සමාධින්ද්රිය වෙයි. මහණෙනි, මේ ඉන්ද්රියයන් දෙදෙන වැඩීමෙන් බහුල කිරීමෙන් ක්ෂීණාශ්රව භික්ෂුතෙම ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී, මෙයින් අනික් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්‍රකාශ කරයි.
|
7. තතියපුබ්බාරාමසුත්තං | 7. පුබ්බාරාම චතුරින්ද්රිය සූත්‍රය |
517
තංයෙව නිදානං. ‘‘කතිනං නු ඛො, භික්ඛවෙ, ඉන්ද්රියානං භාවිතත්තා
|
517
[1] (මේ ඡේදය මේ වර්ගයෙ 5 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡේදය මෙනි.)
[2] “මහණෙනි, කොපමණ ඉන්ද්රියයන්ගේ වැඩීමෙන් ක්ෂීණාශ්රව තෙමේ ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්‍රකාශ කරයිද?”
ස්වාමීනි, ධර්මය භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දන්නාහුය.
[3] “මහණෙනි, ඉන්ද්රියයන් සතර දෙනෙකුන්ගේ වැඩීමෙන් බහුල කිරීමෙන් ක්ෂීණාශ්රව භික්ෂුතෙම ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී, මෙයින් අනික් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්‍රකාශ කරයි.
“කවර සතරක්හුගේද යත්. විරියින්ද්රියගේද, සතින්ද්රියගේද, සමාධින්ද්රියගේද, පඤ්ඤින්ද්රියගේද වෙයි.
[4] “මහණෙනි, මේ සතර ඉන්ද්රියයන්ගේ වැඩීමෙන් බහුල කිරීමෙන් ක්ෂීණාශ්රව භික්ෂුතෙම ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්‍රකාශ කරයි.”
|
8. චතුත්ථපුබ්බාරාමසුත්තං | 8. පුබ්බාරාම පඤ්චින්ද්රිය සූත්‍රය |
518
තංයෙව නිදානං. ‘‘කතිනං නු ඛො, භික්ඛවෙ, ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා ඛීණාසවො භික්ඛු අඤ්ඤං බ්යාකරොති - ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාමී’’ති? භගවංමූලකා නො, භන්තෙ, ධම්මා...පෙ.... ‘‘පඤ්චන්නං ඛො, භික්ඛවෙ, ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා ඛීණාසවො භික්ඛු අඤ්ඤං බ්යාකරොති - ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාමීති. කතමෙසං පඤ්චන්නං? සද්ධින්ද්රියස්ස
|
518
[1] (මේ ඡේදය මේ වර්ගයේ 5 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡේදය මෙනි)
[2] “මහණෙනි, කොපමණ ඉන්ද්රියයන්ගේ වැඩීමෙන් බහුල කිරීමෙන් ක්ෂීණාශ්රව තෙම ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්‍රකාශ කරයිද,
“ස්වාමීනි, ධර්මය භාග්‍යවතුන්වහන්සේ මුල්කොටම පවතී. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නාකොට ඇත්තාහුය. භාග්‍යවතුන්වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය.
[3] “මහණෙනි, ඉන්ද්රියයන් පස් දෙනෙකුන්ගේ වැඩීමෙන් බහුල කිරීමෙන් ක්ෂිණාශ්රව භික්ෂුතෙම ‘ජාතිය ක්ෂය විය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්‍රකාශ කරයි කවර පසක්හුගේද යත්. සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය යන ඉන්ද්රියයන්ගේය.
[4] “මහණෙනි, මේ පඤ්චෙන්ද්‍රියන්ගේ වැඩීමෙන් බහුල කිරීමෙන් ක්ෂීණාශ්රව තෙමේ ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දනිමියි’ රහත්බව ප්‍රකාශ කරයි.”
|
9. පිණ්ඩොලභාරද්වාජසුත්තං | 9. පිණ්ඩොල භාරද්වාජ සූත්‍රය |
519
එවං මෙ සුතං - එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මතා පිණ්ඩොලභාරද්වාජෙන අඤ්ඤා බ්යාකතා හොති - ‘‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං
‘‘ආයස්මතා, භන්තෙ, පිණ්ඩොලභාරද්වාජෙන අඤ්ඤා බ්යාකතා - ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාමීති. කිං නු ඛො, භන්තෙ, අත්ථවසං සම්පස්සමානෙන ආයස්මතා පිණ්ඩොලභාරද්වාජෙන අඤ්ඤා බ්යාකතා - ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාමී’’ති?
‘‘තිණ්ණන්නං ඛො, භික්ඛවෙ, ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා පිණ්ඩොලභාරද්වාජෙන භික්ඛුනා අඤ්ඤා බ්යාකතා - ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාමීති. කතමෙසං තිණ්ණන්නං? සතින්ද්රියස්ස, සමාධින්ද්රියස්ස, පඤ්ඤින්ද්රියස්ස - ඉමෙසං
|
519
[1] මා විසින් මෙසේ අසනලදී එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝොසිතාරාමයෙහි වැඩ සිටසේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් පිණ්ඩොලභාරද්වාජ තෙරුන් විසින් ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිම වන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දනිමියි’ රහත්බව ප්‍රකාශ කරන ලද්දේ වෙයි.
[2] එකල්හි භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය. “ස්වාමීනි, ආයුෂ්මත් පිණ්ඩොල භාරද්වාජ තෙරුන් විසින් ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දනිමියි’ රහත්බව ප්‍රකාශ කරන ලදී.
“කිමෙක්ද ස්වාමීනි, කිනම් අර්ථයක් දක්නාවූ ආයුෂ්මත් පිණ්ඩොල භාරද්වාජ තෙරුන් විසින් ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවනලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දනිමියි’ රහත්බව ප්‍රකාශ කරන ලද්දේද?”
[3] “මහණෙනි, ඉන්ද්‍රියන් තුනක් වැඩීමෙන් බහුල කිරීමෙන් පිණ්ඩොල භාරද්වාජයන් විසින් ‘ජාතිය ක්ෂයවිය බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්‍රකාශ කරන ලදී. කවර තිදෙනෙකුන්ගේද යත්. සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය යන තිදෙනාගේය.
[4] “මහණෙනි, පිණ්ඩොල භාරද්වාජ භික්ෂුව විසින් මේ ඉන්ද්රියයන් තිදෙන වැඩීමෙන් බහුල කිරීමෙන් ‘ජාතිය ක්ෂය විය, බඹසර වැස නිමවන ලදී. කලයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්‍රකාශ කරන ලදී.
[5] “මහණෙනි, මේ තුන් ඉන්ද්රියයෝ කුමක් කෙළවර කොට ඇත්තාහුද? ක්ෂය කිරීම කෙළවර කොට ඇත්තාහුය. කවරක්හුගේ ක්ෂය කිරීම කෙළවරකොට ඇත්තාහුද? ජාති ජරා, මරණයන්ගේය.
“මහණෙනි, ජාති, ජරා, මරණ ක්ෂයවීයයි දක්නාවූ පිණ්ඩොල භාරද්වාජ භික්ෂුව විසින් ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්‍රකාශ කරන ලදැයි” වදාළේය.
|
10. ආපණසුත්තං | 10. ආපණ නිගම (හෝ සද්ධ) සූත්‍රය |
520
එවං
‘‘යො සො, භන්තෙ, අරියසාවකො තථාගතෙ එකන්තගතො අභිප්පසන්නො, න සො තථාගතෙ වා තථාගතසාසනෙ වා කඞ්ඛෙය්ය වා විචිකිච්ඡෙය්ය වා. සද්ධස්ස හි, භන්තෙ, අරියසාවකස්ස එවං පාටිකඞ්ඛං යං
‘‘සද්ධස්ස හි
‘‘සද්ධස්ස හි, භන්තෙ, අරියසාවකස්ස ආරද්ධවීරියස්ස උපට්ඨිතස්සතිනො එතං පාටිකඞ්ඛං යං වොස්සග්ගාරම්මණං කරිත්වා ලභිස්සති සමාධිං, ලභිස්සති චිත්තස්ස එකග්ගතං. යො හිස්ස, භන්තෙ, සමාධි තදස්ස සමාධින්ද්රියං.
‘‘සද්ධස්ස හි, භන්තෙ, අරියසාවකස්ස ආරද්ධවීරියස්ස උපට්ඨිතස්සතිනො
‘‘සද්ධො
‘‘සාධු සාධු, සාරිපුත්ත! යො සො, සාරිපුත්ත, අරියසාවකො තථාගතෙ එකන්තගතො අභිප්පසන්නො, න සො තථාගතෙ වා තථාගතසාසනෙ වා කඞ්ඛෙය්ය වා විචිකිච්ඡෙය්ය වා. සද්ධස්ස හි, සාරිපුත්ත, අරියසාවකස්ස එතං පාටිකඞ්ඛං යං ආරද්ධවීරියො විහරිස්සති - අකුසලානං
‘‘සද්ධස්ස හි, සාරිපුත්ත, අරියසාවකස්ස ආරද්ධවීරියස්ස එතං පාටිකඞ්ඛං යං සතිමා භවිස්සති, පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො, චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා. යා හිස්ස, සාරිපුත්ත, සති තදස්ස සතින්ද්රියං.
‘‘සද්ධස්ස හි, සාරිපුත්ත, අරියසාවකස්ස ආරද්ධවීරියස්ස උපට්ඨිතස්සතිනො එතං පාටිකඞ්ඛං යං වොස්සග්ගාරම්මණං කරිත්වා ලභිස්සති සමාධිං, ලභිස්සති චිත්තස්ස එකග්ගතං. යො හිස්ස, සාරිපුත්ත, සමාධි තදස්ස සමාධින්ද්රියං.
‘‘සද්ධස්ස හි, සාරිපුත්ත, අරියසාවකස්ස ආරද්ධවීරියස්ස උපට්ඨිතස්සතිනො සමාහිතචිත්තස්ස
‘‘සද්ධො සො
(ස ඛො සො (සී. ස්‍යා. කං. පී.)), සාරිපුත්ත, අරියසාවකො එවං පදහිත්වා පදහිත්වා එවං සරිත්වා සරිත්වා එවං සමාදහිත්වා සමාදහිත්වා එවං පජානිත්වා පජානිත්වා එවං අභිසද්දහති - ‘ඉමෙ ඛො තෙ
|
520
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අංග ජනපදයෙහි ආපන නම්වූ අංග වාසීන්ගේ නියම්ගම වාසය කළසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරිපුත්ත ස්ථවිරයන්ට ඇමතූ සේක. ‘ශාරිපුත්තය, තථාගතයන් වහන්සේ කෙරෙහි ඒකාන්තයෙන් පැමිණියාවූ විශේෂයෙන් පැහැදුණාවූ යම් ආර්‍ය්‍ය ශ්රාවකයෙක්වේද, හෙතෙමේ තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගත ශාසනය කෙරෙහි හෝ සැක කරයිද විචිකිච්ඡා කරයිද?”
[2] “ස්වාමීනි, තථාගතයන් වහන්සේ කෙරෙහි එකාන්තයෙන් පැමිණියාවූ විශේෂයෙන් පැහැදුණාවූ යම් ආර්ය්යශ්රාවකයෙක් වෙයිද, හෙතෙම තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගත ශාසනය කෙරෙහි හෝ සැක නොකරන්නේය. විචිකිච්ඡා නොකරන්නේය.
[3] “ස්වාමීනි, ශ්‍රද්ධාවෙන් යුත් ආර්‍ය්‍යශ්‍රාවකයා හට අකුසල ධර්මයන්ගේ ප්රහාණය පිණිස කුසල ධර්මයන්ගේ වැඩීම පිණිස වීර්‍ය්‍යය ඇතිව දැඩි උත්සාහ ඇතිව කුසල ධර්මයන්හි බහා නොතැබූ බර ඇතිව පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇතිව වාසය කරන්නේය යන මෙය කැමති විය යුතුයි. ස්වාමීනි, ඔහුගේ යම් වීර්‍ය්‍යයක් වීද, ඔහුගේ විරින්ද්රියය වෙයි.
[4] “ස්වාමීනි, ශ්රාද්ධාවත් ආර්‍ය්‍යශ්‍රාවකයා හට සිහි ඇත්තෙක් වන්නේය. උතුම්වූ සිහි නුවණින් යුක්තවූයේ බොහෝ පෙර කරන ලද බොහෝ පෙර කියන ලද දේ සිහිකරන්නෙක් වන්නේය යන මෙය කැමති විය යුතුයි ස්වාමීනි, ඔහුගේ යම් සිහියක් වේද, එය ඔහුගේ සතින්ද්‍රියයි. ස්වාමීනි, ශ්‍රද්ධාවෙන් යුත් පටන්ගත් වීර්‍ය්‍ය ඇති එළඹ සිටි සිහියෙන් යුත් ආර්‍ය්‍යශ්‍රාවකයා හට නිවන් අරමුණුකොට පවත්නා සමාධිය ලබන්නේය. සිතේ එකඟකම ලබන්නේය යන මෙය කැමැති වියයුතුයි. ස්වාමීනි, ඔහුගේ යම් සමාධියක් වීද එය ඔහුගේ සමාධින්ද්රියයි
[5] “ස්වාමීනි, ශ්‍රද්ධාවෙන් යුත් පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති එළඹ සිටි සමාධිය ඇති ආර්‍ය්‍යශ්‍රාවකයා හට සංසාරය නොදතහැකි කෙළවර ඇත්තේය. පූර්ව කෙළවරක් නොපෙනේ. අවිද්‍යාවෙන් වැසී තණ්හාවෙන් බැඳි සැරිසරන්නාවූ සත්වයන්ගේ අවිද්‍යාවයයි කියන ලද අන්ධකාර සමූහයාගේ යම් ඉතිරිනොකොට නිරුද්ධ කිරීමක් වෙද මෙය ශාන්තපදය වෙයි. ප්‍රණීත පදය වෙයි. සියලු සංස්කාරයන්ගේ සංසිඳීම වෙයි. සියලු උපධින්ගේ දුරුකිරීම වෙයි තෘෂ්ණාව ක්ෂය කළ නොඇලීමවූ නිරෝධයවූ නිර්වාණයයි, දැනගන්නේය යන මෙය කැමති විය යුතුයි. ස්වාමීනි, ඔහුගේ යම් ප්‍රඥාවක් වේද එය ඔහුගේ පඤ්ඤින්ද්රිය වෙයි. ස්වාමීනි, ඒ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ වීර්‍ය්‍ය කොට වීර්‍ය්‍ය කොට සිහිකොට සිහිකොට සමාධියට පැමිණ සමාධියට පැමිණ නුවණින් දැන දැන මා විසින් මේ ධර්මයෝ පෙර අසන ලද්දාහුමය. ඒ ධර්මයෝ දැන් වර්තමාන කයින් ස්පර්ශකොට වාසය කරමි. ප්‍රඥාවෙන්ද අවබෝධ කොට දකිමියි මෙසේ අදහන්නේය. ස්වාමීනි, ඔහුගේ යම් ශ්‍රද්ධාවක් වීද එයම ඔහුගේ සද්ධින්ද්රියයි’
[6] “සාරිපුත්තය, යහපති, යහපති, සාරිපුත්තය, තථාගතයන් වහන්සේ වෙත එකාන්තයෙන් පැමිණියාවූ විශේෂයෙන් පැහැදුණාවූ යම් මේ ආර්ය්යශ්රාවකයෙක් වේද, හෙතෙම තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගත ශාසනය කෙරෙහි හෝ සැකයක් හෝ විචිකිච්ඡාවක් නොකරයි.
[7] “සාරිපුත්තය, ශ්‍රද්ධාවෙන් යුත් ආර්‍ය්‍යශ්‍රාවකයා හට අකුසල ධර්මයන්ගේ ප්රහාණය පිණිස කුසල ධර්මයන්ගේ වැඩීම පිණිස වීර්‍ය්‍යය ඇතිව දැඩි උත්සාහ ඇතිව කුසල ධර්මයන්හි බහානොතැබූ බර ඇතිව පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇතිව වාසය කරන්නේය යන මෙය කැමති විය යුතුයි. සාරිපුත්තය, ඔහුගේ යම් වීර්‍ය්‍යයක් වීද, ඔහුගේ විරින්ද්රියය වෙයි.
[8] ‘සාරිපුත්තය, ශ්රද්ධාවත් ආර්‍ය්‍යශ්‍රාවකයා හට සිහි ඇත්තෙක් වන්නේය. උතුම්වූ සිහි නුවණින් යුක්තවූයේ බොහෝ පෙර කරන ලද බොහෝ පෙර කියන ලද දේ සිහිකරන්නෙක් වන්නේය යන මෙය කැමති විය යුතුයි. සාරිපුත්තය, ඔහුගේ යම් සිහියක් වේද, එය ඔහුගේ සතින්ද්‍රියයි. සාරිපුත්තය, ශ්‍රද්ධාවෙන් යුත් පටන් ගත් වීර්‍ය්‍ය ඇති එළඹ සිටි සිහියෙන් යුත් ආර්‍ය්‍යශ්‍රාවකයා හට නිවන් අරමුණු කොට පවත්නා සමාධිය ලබන්නේය. සිතේ එකඟකම ලබන්නේය යන මෙය කැමති විය යුතුයි. සාරිපුත්තය, ඔහුගේ යම් සමාධියක් වීද එය ඔහුගේ සමාධින්ද්රියයි.
[9] “සාරිපුත්තය, ශ්‍රද්ධාවෙන් යුත් පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත එළඹ සිටි සමාධිය ඇති ආර්‍ය්‍යශ්‍රාවකයා හට සංසාරය නොදතහැකි කෙළවර ඇත්තේය. පූර්ව කෙළවරක් නොපෙනේ. අවිද්‍යාවෙන් වැසී තණ්හාවෙන් බැඳී සැරිසරන්නාවූ සත්වයන්ගේ අවිද්‍යාව යයි කියන ලද අන්ධකාර සමූහයාගේ යම් ඉතිරි නොකොට නිරුද්ධ කිරීමක් වේද, මෙය ශාන්ත පදය වෙයි. ප්‍රණීත පදය වෙයි. සියලු සංස්කාරයන්ගේ සංසිඳීම වෙයි. සියලු උපධින්ගේ දුරුකිරීම වෙයි. තෘෂ්ණාව ක්ෂය කළ නොඇලීමවූ නිරෝධයවූ නිර්වාණයයි, දැනගන්නේය යන මෙය කැමති වියයුතුයි. සාරිපුත්තය, ඔහුගේ යම් ප්‍රඥාවක් වේද එය ඔහුගේ පඤඤින්ද්රියවෙයි. සාරිපුත්තය, ඒ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ වීර්‍ය්‍යකොට වීර්‍ය්‍යකොට, සිහිකොට සිහිකොට, සමාධියට පැමිණ, සමාධියට පැමිණ, නුවණින් දැන දැන ‘ඒ මේ ධර්මයෝ මා විසින් දැන් වර්තමාන කයින් ස්පර්ශකොට වාසය කරමි. ප්‍රඥාවෙන්ද අවබෝධකොට දකිමියි’ අදහයි. සාරිපුත්තය, ඔහුගේ යම් ශ්‍රද්ධාවක් වීද, එයම ඔහුගේ සද්ධින්ද්රිය වන්නේයයි” වදාළේය.
|
6. සූකරඛතවග්ගො | 6. ඡට්ඨ වර්ගය |
1. සාලසුත්තං | 1. සාලාගාම සූත්‍රය |
521
එවං
‘‘කතමෙ ච, භික්ඛවෙ, බොධිපක්ඛියා ධම්මා? සද්ධින්ද්රියං, භික්ඛවෙ, බොධිපක්ඛියො ධම්මො, තං බොධාය සංවත්තති; වීරියින්ද්‍රියං බොධිපක්ඛියො ධම්මො, තං බොධාය සංවත්තති; සතින්ද්රියං බොධිපක්ඛියො ධම්මො, තං බොධාය සංවත්තති; සමාධින්ද්රියං බොධිපක්ඛියො ධම්මො, තං බොධාය සංවත්තති; පඤ්ඤින්ද්රියං බොධිපක්ඛියො ධම්මො, තං බොධාය සංවත්තති. සෙය්යථාපි
|
521
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් රට සාලානම් බමුණු ගම වාසය කළසේක එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි, කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] ‘මහණෙනි, යම්සේ යම් ඒ තිරිසන්ගත සත්වයෝ වෙත්ද, ඔවුන්ගෙන් සිංහ මෘග රාජතෙමේ යම් බලයෙන් වේගයෙන් සූරකමින් අග්‍රවේද, මහණෙනි, එපරිද්දෙන් යම් බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද, ඔවුන්ගෙන් අවබෝධයෙන් පඤ්ඤින්ද්රිය අග්‍රවේ.
[3] “මහණෙනි. බොධිපාක්ෂික ධර්මයෝ කවරේද? මහණෙනි, සද්ධින්ද්රිය, බොධිපාක්ෂික ධර්මයකි එය අවබෝධය පිණිස පවතී. විරියින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි එය අවබෝධය පිණිස පවතී. සතින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධ පිණිස පවතී. සමාධින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. පඤ්ඤින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවති.
[4] “මහණෙනි, යම්සේ තිරිසන් ගත සත්වයෝ වෙත්ද, ඔවුන්ගෙන් සිංහරාජ තෙමේ බලයෙන් වේගයෙන් සූරකමින් අග්‍රවෙයි. මහණෙනි, එපරිද්දෙන් යම් ඒ බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද, යම් ඒ අවබෝධයෙන් පඤ්ඤින්ද්රියය ඔවුන්ගෙන් අග්‍රවේ.”
|
2. මල්ලිකසුත්තං | 2. මල්ලක නිගම සූත්‍රය |
522
එවං
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, යාවකීවඤ්ච කූටාගාරස්ස කූටං න උස්සිතං හොති, නෙව තාව ගොපානසීනං සණ්ඨිති හොති, නෙව තාව ගොපානසීනං අවට්ඨිති හොති. යතො ච ඛො, භික්ඛවෙ, කූටාගාරස්ස කූටං උස්සිතං
‘‘කතමෙසං චතුන්නං? සද්ධින්ද්රියස්ස
|
522
[1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ උරුවෙල කප්පනම්වූ මල්ලයන්ගේ නියම් ගම වාසය කළ සේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ඇමතූසේක. ‘මහණෙනි, යම්තාක් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ ආර්‍ය්‍යඥානය නූපන්නේ වේද, ඒතාක් සතර ඉන්ද්රියයන්ගේ මනා පිහිටීමක් නොවෙයි. ඒතාක් සතර ඉන්ද්රියයන්ගේ පැවැත්මක් නොවෙන්නේයි
[2]“මහණෙනි, යම් කලෙක වනාහි ආර්‍ය්‍යශ්‍රාවකයාගේ ආර්‍ය්‍යඥානය උපන්නේ වෙයිද, එකල්හි සතර ඉන්ද්රියයන්ගේ මනා පිහිටීම වෙයි. එකල්හි සතර ඉන්ද්රියයන්ගේ පැවැත්ම වෙයි. මහණෙනි, යම්සේ කුළුගෙයක කොත (වහල් මුදුන) ඔසවන ලද්දේ නොවෙයිද? ඒතාක් ගොනැසුන්ගේ මනා පිහිටීම නොවෙයි. එතෙක් ගොනැසුන්ගේ පැවැත්ම නොවෙයි. මහණෙනි, යම් කලෙක වනාහි කුළුගෙයි කොත ඔසවන ලද්දේ වෙයිද, එකල්හි ගොනැසුන්ගේ මනා පිහිටීම වෙයි. එකල්හි ගොනැසුන්ගේ පැවැත්ම වෙයි.
“මහණෙනි එපරිද්දෙන් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ ආර්‍ය්‍යඥානය නොඋපන්නේ වෙයිද, ඒ තාක් සතර ඉන්ද්රියයන්ගේ මනා පිහිටීම නොවෙයි. ඒ තාක් සතර ඉන්ද්රියයන්ගේ පැවැත්ම නොවෙයි.
“ආර්‍ය්‍යශ්‍රාවකයාගේ ආර්‍ය්‍යඥානය උපන්නේ වෙයිද, එකල්හි සතර ඉන්ද්රියයන්ගේ මනා පිහිටීම වෙයි. එකල්හි සතර ඉන්ද්රියයන්ගේ පැවැත්ම වෙයි. මහණෙනි යම්සේ කුළුගෙයක කොත (වහල් මුදුන) ඔසවන ලද්දේ නොවෙයිද, ඒ තාක් ගොනැසුන්ගේ මනා පිහිටීම නොවෙයි. එතෙක් ගොනැසුන්ගේ පැවැත්ම නොවෙයි. මහණෙනි, යම් කලෙක වනාහි කුළුගෙයි කොත ඔසවන ලද්දේ වෙයිද, එකල්හි ගොනැසුන්ගේ මනා පිහිටීම වෙයි. එකල්හි ගොනැසුන්ගේ පැවැත්ම වෙයි.
[3] “කවර සතරක්හුගේද යත් සද්ධින්ද්රිය විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, යන ඉන්ද්රියන්ගේය. මහණෙනි, ප්‍රඥාවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ ඒ ප්‍රඥාවට අනුව සද්ධින්ද්රිය පිහිටයි. ඊට අනුව විරියින්ද්රිය පිහිටයි. ඊට අනුව සතින්ද්රිය පිහිටයි. ඊට අනුව සමාධින්ද්රිය පිහිටයි.”
|
3. සෙඛසුත්තං | 3. සෙඛපරියාය සූත්‍රය |
523
එවං
භගවංමූලකා
‘‘කතමො ච, භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම සෙඛො භික්ඛු සෙඛභූමියං ඨිතො ‘සෙඛොස්මී’ති පජානාති? ඉධ, භික්ඛවෙ, සෙඛො භික්ඛු ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති - අයම්පි ඛො, භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම සෙඛො භික්ඛු සෙඛභූමියං ඨිතො ‘සෙඛොස්මී’ති පජානාති’’.
‘‘පුන චපරං, භික්ඛවෙ, සෙඛො භික්ඛු ඉති පටිසඤ්චික්ඛති - ‘අත්ථි නු ඛො ඉතො බහිද්ධා අඤ්ඤො සමණො වා බ්රාහ්මණො වා යො එවං භූතං තච්ඡං තථං ධම්මං
‘‘පුන චපරං, භික්ඛවෙ, සෙඛො භික්ඛු පඤ්චින්ද්රියානි පජානාති - සද්ධින්ද්රියං, වීරියින්ද්‍රියං, සතින්ද්රියං, සමාධින්ද්රියං, පඤ්ඤින්ද්රියං - යංගතිකානි යංපරමානි යංඵලානි යංපරියොසානානි. න හෙව ඛො කායෙන ඵුසිත්වා විහරති; පඤ්ඤාය ච අතිවිජ්ඣ පස්සති. අයම්පි ඛො, භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම සෙඛො භික්ඛු සෙඛභූමියං ඨිතො ‘සෙඛොස්මී’ති පජානාති’’.
‘‘කතමො ච, භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම අසෙඛො භික්ඛු අසෙඛභූමියං ඨිතො ‘අසෙඛොස්මී’ති පජානාති? ඉධ, භික්ඛවෙ, අසෙඛො භික්ඛු පඤ්චින්ද්රියානි පජානාති - සද්ධින්ද්රියං, වීරියින්ද්‍රියං, සතින්ද්රියං, සමාධින්ද්රියං, පඤ්ඤින්ද්රියං - යංගතිකානි යංපරමානි යංඵලානි යංපරියොසානානි. කායෙන ච ඵුසිත්වා විහරති; පඤ්ඤාය ච අතිවිජ්ඣ
‘‘පුන චපරං, භික්ඛවෙ, අසෙඛො භික්ඛු ඡ ඉන්ද්රියානි පජානාති. ‘චක්ඛුන්ද්රියං, සොතින්ද්රියං, ඝානින්ද්රියං, ජිව්හින්ද්රියං, කායින්ද්රියං, මනින්ද්රියං - ඉමානි ඛො ඡ ඉන්ද්රියානි සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං
|
523
[1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝොෂිතාරාමයෙහි වැඩ සිටි සේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ඇමතූ සේක.
[2] “යම් ක්‍රමයකින් ශෛක්ෂ භික්ෂුව ශෛක්ෂභූමියේ සිටියේ මම ශෛක්ෂවෙමියි දන්නේද? අශෛක්ෂව භික්ෂුව අශෛක්ෂභූමියේ සිටියේ මම අශෛක්ෂ වෙමියි දන්නේද, මහණෙනි, එවැනි ක්‍රමයක් ඇත්තේද?
[3] “ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන්වහන්සේ මුල් කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය.”
[4] “මහණෙනි, යම් ක්‍රමයකින් ශෛක්ෂ භික්ෂුව ශෛක්ෂ භූමියෙහි සිටියේ මම ශෛක්ෂ වෙමියි දන්නේද, අශෛක්ෂ භික්ෂුව අශෛක්ෂ භූමියෙහි සිටියේ මම අශෛක්ෂ වෙමියි දන්නේද, එවැනි ක්‍රමයක් ඇත
“මහණෙනි, යම් ක්‍රමයකින් ශෛක්ෂ භික්ෂුව ශෛක්ෂ භූමියේ සිටියේ මම ශෛක්ෂ වෙමියි දැනගනියිද, ඒ ක්‍රමය කවරේද? ශෛක්ෂ භික්ෂුතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනියිද, මේ දුකට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනියිද, මේ දුක්ඛ නිරෝධයයයි තත්වූ පරිද්දෙන් දනියිද, මේ දුක නැති කිරීමේ මගයයි තත්වූ පරිද්දෙන් දනියිද,
[5] “මහණෙනි, යම් ක්‍රමයකින් ශෛක්ෂ භික්ෂුව ශෛක්ෂව භූමියේ සිටියේ මම ශෛක්ෂ වෙමියි දැනගනියිද, ඊට මෙයද ක්‍රමයක් වන්නේය.
“මහණෙනි, අනික් ක්රමයක්ද කියමි ‘යම්සේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ විද්‍යමානවූ සත්‍යවූ ධර්මයක් දේශනා කරයිද. මෙයින් පිටත්හි එසේ දේශනා කරන අන්‍ය ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ඇත්තේදැයි’ මෙසේ කල්පනා කරයි.
“යම්සේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ විද්‍යමානවූ සත්‍යවූ ධර්මයක් දේශනා කරන සේක්ද මෙයින් පිටත්හි එසේ දේශනා කරන අන්‍ය ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නැතැයි’ හෙතෙම දැනගනියි. යම් ක්‍රමයකින් ශෛක්ෂ භික්ෂු තෙම ශෛක්ෂ භූමියෙහි සිටියේ ‘මම ශෛක්ෂ වෙමියි’ දැන ගනියිද, මහණෙනි, ඊට මෙයද ක්රමයකි.
[6] “මහණෙනි, නැවත අනිකක්ද කියමි. ශෛක්ෂ භික්ෂු තෙම පඤ්චෙන්ද්රියයන් දැනගනියි. සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය යනුයි.
යම් ස්වභාවයක් ඇත්තාවූ යමක් පරමකොට ඇත්තාවූ යම් බලයක් ඇත්තාවූ යම් පරියොසානයක් ඇත්තාවූ ඒ ඉන්ද්රියයන් කයින් ස්පර්ශ නොකොට වාසය කරයි. ප්‍රඥාවෙන් විනිවිද නොදකියි. ශෛක්ෂ භික්ෂුව යම් ක්‍රමයකින් ශෛක්ෂ භූමියේ සිටියේ ශෛක්ෂ වෙමියි දැනගනියිද, මහණෙනි, මෙයද ඊට ක්රමයකි.
[7] “මහණෙනි, අශෛක්ෂ භික්ෂුතෙම යම් ක්‍රමයකින් අශෛක්ෂ භූමියෙහි සිටියේ මම අශෛක්ෂ වෙමියි දැනගනියිද, මහණෙනි, ඒ ක්‍රමය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුතෙම පඤ්චෙන්ද්රියන් දැනගනියි. සද්ධින්ද්රිය, විරියින්ද්රිය සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය යනුයි.
යම් ස්වභාවයක් ඇත්තාවූ යමක් පරමකොට ඇත්තාවූ, යම් බලයක් ඇත්තාවූ, යම් අවසානයක් ඇත්තාවූ පඤ්ච ඉන්ද්රියයන් කයින්ද ස්පර්ශකොට වාසය කරයි. ප්‍රඥාවෙන්ද විනිවිද දකියි. අශෛක්ෂ භික්ෂූතෙම යම් ක්‍රමයකින් අශෛක්ෂ භූමියෙහි සිටියේ මම අශෛක්ෂ භූමියෙහි සිටියේ මම අශෛක්ෂ වෙමියි දැනගනියිද? මහණෙනි, මෙයද ඊට ක්රමයකි.
[8] “මහණෙනි, නැවත අනිකක් කියමි. අශෛක්ෂ භික්ෂු තෙම ෂඞ්ඉන්ද්රියයන් දැනගනියි. චක්ඛුන්‍ද්‍රිය, සොතින්ද්රිය, ඝානින්‍ද්‍රිය, ජිව්හින්ද්රිය, කායින්ද්රිය, මනින්‍ද්‍රිය යනුයි මේ ෂඩෙන්ද්රියයන් සියලු ආකාරයෙන් ඉතිරිනොවී නිරුද්ධවෙත්ද, අනික් ෂඩෙන්ද්‍රිය කෙනෙක් කිසි තැනක නූපදිතියි දැනගනියි. අශෛක්ෂ භික්ෂුතෙම යම් ක්‍රමයකින් අශෛක්ෂ භූමියෙහි සිටියේ මම අශෛක්ෂ වෙමියි දැනගනියිද මහණෙනි, මෙයද ඊට ක්‍රමයක් වෙයි.”
|
4. පදසුත්තං | 4. හත්ථිපදොපම සූත්‍රය |
524
‘‘සෙය්යථාපි
|
524
[2] “මහණෙනි, යම්සේ හැවිදින්නාවූ සත්වයන්ගේ පියවර වෙත්ද, ඒ සියලු පියවර ඇත් පියවරෙහි ඇතුළත් බවට යෙත්. ඔවුන් අතුරෙන් මහත් බැවින් ඇත් පියවර අග්‍රවෙයි.
[3] “මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසි පද කෙනෙක් අවබෝධය පිණිස පවතිත්ද, අවබෝධ කිරීම අතින් ඔවුන් අතුරෙන් පඤ්ඤා පදය අග්‍රවේ. මහණෙනි, කවර පද කෙනෙක් අවබෝධය පිණිස පවතීද, මහණෙනි, සද්ධින්ද්රිය පදයද එය අවබෝධය පිණිස පවතී. විරියින්ද්රිය පදයද එය අවබෝධය පිණිස පවතී. සතින්ද්රිය පදයද එය අවබෝධය පිණිස පවතී. සමාධින්ද්රිය පදයද එය අවබෝධය පිණිස පවතී. පඤ්ඤින්ද්රිය පදයද එය අවබෝධය පිණිස පවතී.
[4] “මහණෙනි, යම්සේ ඇවිදින සත්වයන්ගේ පියවර වෙත්ද, ඒ සියළු පියවර ඇත් පාදයෙහි ඇතුළත් වෙත්ද, යම්සේ මහත් බැවින් ඇත් පාදය ඔවුන්ගේ අග්‍ර බවට යේද, මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසි පද කෙනෙක් අවබෝධය පිණිස පවතිත්ද, අවබෝධය අතින් පඤ්ඤින්ද්රිය ඔවුන්ගෙන් අග්‍රවේ.”
|
5. සාරසුත්තං | 5. සාරගන්ධොපම සූත්‍රය |
525
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, යෙ කෙචි සාරගන්ධා, ලොහිතචන්දනං තෙසං අග්ගමක්ඛායති; එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛියා ධම්මා
|
525
[2] “මහණෙනි, යම්කිසි සාරගන්ධයෝ වෙත්ද, ඔවුන් ගෙන් රත්සඳුන් අග්‍රවේ. මහණෙනි, එපරිද්දෙන් යම්කිසි බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද, ඔවුන්ගෙන් අවබෝධ කිරීම වශයෙන් පඤ්ඤින්ද්රිය අග්‍රවේ.
[3] “මහණෙනි, බොධිපාක්ෂික ධර්මයෝ කවරේද? මහණෙනි, සද්ධින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. විරියින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. සතින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. සමාධින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි එය අවබෝධය පිණිස පවතී. පඤ්ඤින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී.
[4] “මහණෙනි, යම්සේ යම්කිසි සාරගන්ධයෝ වෙත්ද, ඔවුන්ගෙන් රත්සඳුන් අග්‍රවේ. මහණෙනි, එපරිද්දෙන් යම්කිසි බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද, ඔවුන් අතුරෙන් අවබෝධය වශයෙන් පඤ්ඤින්ද්රිය අග්‍රවේ.
|
6. පතිට්ඨිතසුත්තං | 6. එකධම්ම පතිට්ඨිත සූත්‍රය |
526
‘‘එකධම්මෙ
|
526
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනියි’ කියා ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, එක් ධර්මයෙක්හි පිහිටියාවූ භික්ෂුවගේ පඤ්ච ඉන්ද්රියයෝ වඩන ලද්දාහු වෙත්. මනාකොට වඩන ලද්දාහු වෙත්.
[3] “කවර එක් ධර්මයෙක්හිද? අප්රමාදයෙහිය. මහණෙනි, අප්‍රමාදය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ආශ්‍රව ධර්මයන්හිද ආශ්‍රව සහිත ධර්මයන්හිද සිත රකියිද ඒ ආශ්‍රව ධර්මයන්හිද සාශ්‍රව ධර්මයන්හිද සිත රක්නා භික්ෂුවට සද්ධින්ද්රියද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. විරියින්ද්රියද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. සතින්ද්රියද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. සමාධින්ද්රියද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. පඤ්ඤින්ද්රියද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි”
[4] “මහණෙනි, මෙසේ වනාහි එක් ධර්මයෙක් පිහිටියාවූ භික්ෂුවගේ පඤ්ච ඉන්ද්රියයෝ වඩනලද්දාහුද වෙත්. මනාකොට වඩන ලද්දාහුද වෙත්.
|
7. සහම්පතිබ්රහ්මසුත්තං | 7. සහම්පති බ්‍රහ්ම සූත්‍රය |
527
එකං
අථ ඛො බ්රහ්මා සහම්පති භගවතො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය - සෙය්යථාපි නාම බලවා
‘‘භූතපුබ්බාහං
|
527
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බුදුවූ අළුත උරුවේලාවෙහි නෙරඤ්ජරා නදී තීරයෙහි අජපාල නිග්රොධ මූලයෙහි වැඩ සිටි සේක. ඉක්බිති රහසිගතව විවේක සුවයෙන් වැඩසිටි භාග්‍යවතුන් වහන්සේට මෙසේ සිතෙහි අදහසක් පහළ විය.
“වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ පඤ්ච ඉන්ද්රියයෝ නිවනට ඇතුල් කරන්නාහු නිවන උපදවන්නාහු නිවන අවසාන කොට ඇත්තාහුය යනුයි.
[2] “කවර පසක්ද? වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සද්ධින්ද්රිය නිවනට ඇතුල් කරන්නේ නිවන උපදවන්නේ නිවන අවසාන කොට ඇත්තේ වෙයි.
“වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ විරියින්ද්රිය නිවනට ඇතුල් කරන්නේ නිවන උපදවන්නේ නිවන අවසාන කොට ඇත්තේ වෙයි.
“වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සතින්ද්රිය නිවනට ඇතුල් කරන්නේ නිවන උපදවන්නේ නිවන අවසාන කොට ඇත්තේ වෙයි.
“වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සමාධින්ද්රිය නිවනට ඇතුල් කරන්නේ නිවන උපදවන්නේ නිවන අවසාන කොට ඇත්තේ වෙයි.
“වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ පඤ්ඤින්ද්රිය නිවනට ඇතුල් කරන්නේ නිවන උපදවන්නේ නිවන කෙළවරකොට ඇත්තේ වෙයි.
“වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ පඤ්චෙන්ද්රියයෝ නිවනට ඇතුල් කරන්නාහු නිවන උපදවන්නාහු නිවන කෙළවරකොට ඇත්තාහු වෙත්.
[3] ඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ අදහස ඔහුගේ සිතින් දැන යම්සේ බලවත් පුරුෂයෙක් වක්කළ අතක් දික්කරන්නේද දික්කළ අතක් වක් කරන්නේද එපරිද්දෙන් බඹලොවින් අතුරුදන් වූයේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි පහළ විය. ඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙමේ උතුරු සළුව එකාංශකොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය.
[4] “භාග්‍යවතුන් වහන්ස, එය එසේය. සුගතයන් වහන්ස, එය එසේය. වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ පඤ්චෙන්ද්රියයෝ නිර්වාණයට ඇතුල්කරන්නාහු නිර්වාණය උපදවන්නාහු නිර්වාණය කෙළවර කොට ඇත්තාහු වෙත්.
[5] “කවර පසක්ද, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සද්ධින්ද්රිය නිර්වාණයට ඇතුල් කරන්නේ නිර්වාණය උපද වන්නේ නිර්වාණය කෙළවර කොට ඇත්තේ වෙයි.
“වඩනලද්දාවූ බහුල කරන ලද්දාවූ විරියින්ද්රිය නිර්වාණයට ඇතුල් කරන්නේ නිර්වාණය උපදවන්නේ නිර්වාණය කෙළවර කොට ඇත්තේ වෙයි.
“වඩනලද්දාවූ බහුල කරන ලද්දාවූ සතින්ද්රිය නිර්වාණයට ඇතුල් කරන්නේ නිර්වාණය උපදවන්නේ නිර්වාණය කෙළවර කොට ඇත්තේ වෙයි.
“වඩනලද්දාවූ බහුලකරන ලද්දාවූ සමාධින්ද්රිය නිර්වාණයට ඇතුල් කරන්නේ නිර්වාණය උපදවන්නේ නිර්වාණය කෙළවර කොට ඇත්තේ වෙයි.
“වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ පඤ්ඤින්ද්රිය නිර්වාණයට ඇතුල් කරන්නේ නිර්වාණය උපදවන්නේ නිර්වාණය කෙළවරකොට ඇත්තේ වෙයි. වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ පඤ්චෙන්ද්රියයෝ නිර්වාණයට ඇතුල් කරන්නාහු නිර්වාණය උපදවන්නාහු නිර්වාණය කෙළවර කොට ඇත්තාහු වෙත්.
[6] “ස්වාමීනි, පෙර වූ දෙයක් කියමි. මම කාශ්‍යප සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසුරුණෙමි එහිදී මා සහක භික්ෂුවය, සහකභික්ෂුවයයි හඳුන්වත්. ස්වාමීනි, ඒ මම මේ පඤ්චෙන්ද්රියයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් කාමයන්හි කාමච්ඡන්දය (කැමැත්ත) අතහැර කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති බඹලොව උපන්නෙමි. එහිදී මා සහම්පති බ්‍රහ්මයා, සහම්පති බ්රහ්මයායයි හඳුන්වත්ත. භාග්‍යවතුන් වහන්ස, එය එසේය. සුගතයන් වහන්ස එය එසේය.
[7] “යම්සේ මේ පඤ්චෙන්ද්රියයෝ වඩන ලද්දාහුද බහුල කරන ලද්දාහුද නිර්වාණයට ඇතුල් කරන්නාහු නිර්වාණය උපදවන්නාහු නිර්වාණය කෙළවර කොට ඇත්තාහු වෙත්ද මම එසේ මෙය දනිමි, මම එසේ මෙය දකිමියි” කීය.
|
8. සූකරඛතසුත්තං | 8. සූකරඛත සූත්‍රය |
528
එකං
‘‘කතමො ච, සාරිපුත්ත, අනුත්තරො යොගක්ඛෙමො යං සම්පස්සමානො
‘‘කතමො ච, සාරිපුත්ත, පරමනිපච්චකාරො යං ඛීණාසවො භික්ඛු තථාගතෙ වා තථාගතසාසනෙ වා පරමනිපච්චකාරං පවත්තමානො පවත්තතී’’ති? ‘‘ඉධ, භන්තෙ, ඛීණාසවො භික්ඛු සත්ථරි සගාරවො විහරති සප්පතිස්සො
(සප්පටිස්සො (ස්‍යා. කං. ක.)), ධම්මෙ සගාරවො විහරති සප්පතිස්සො, සඞ්ඝෙ සගාරවො විහරති සප්පතිස්සො, සික්ඛාය සගාරවො විහරති සප්පතිස්සො, සමාධිස්මිං සගාරවො විහරති සප්පතිස්සො. අයං ඛො, භන්තෙ, පරමනිපච්චකාරො යං ඛීණාසවො භික්ඛු තථාගතෙ වා තථාගතසාසනෙ වා පරමනිපච්චකාරං පවත්තමානො පවත්තතී’’ති. ‘‘සාධු
|
528
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළුපව්වෙහි සූකරඛත ලෙණෙහි වාසය කළ සේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් ඇමතූසේක.
[2] “කිමෙක්ද, ශාරිපුත්‍රය, ක්ෂීණාශ්රව භික්ෂුතෙම කිනම් කරුණක් දකිමින් තථාගතයන් වහන්සේ කෙරෙහිද තථාගත ශාසනය කෙරෙහිද ඉතා ගෞරවයක් දක්වන්නේද?
“ස්වාමීනි, ක්ෂීණාශ්රව භික්ෂුතෙම නිරුත්තරවූ රහත් බව දකිමින් තථාගතයන් වහන්සේ කෙරෙහිද තථාගත ශාසනයද කෙරෙහි අතිශයින් ගෞරව දක්වන්නේයයි කීය.
[3] “යහපති, යහපති, ශාරිපුත්‍රය, ක්ෂීණාශ්රව භික්ෂුතෙම නිරුත්තරවූ රහත් බව දකිමින් තථාගතයන් වහන්සේ කෙරෙහිද තථාගත ශාසනය කෙරෙහිද අතිශයින් ගෞරව දක්වයි. යමක් දකිමින් ක්ෂීණාශ්රව භික්ෂූතෙම තථාගතයන් වහන්සේ කෙරෙහිද, තථාගත ශාසනය කෙරෙහිද අතිශයින් ගෞරව දක්වන්නේද, ඒ උතුම්වූ රහත් බව කවරේද?
[4] “ස්වාමීනි, මේ ශාසනයෙහි ක්ෂීණාශ්රව භික්ෂුතෙම සංසිඳීමට පැමිණෙන්නාවූ අවබෝධයට පැමිණෙන්නාවූ සද්ධින්ද්රිය වඩයිද, සංසිඳීමට පැමිණෙන්නාවූ අවබෝධයට පැමිණෙන්නාවූ විරියින්ද්රිය වඩයිද, සංසිඳීමට පැමිණෙන්නාවූ අවබෝධයට පැමිණෙන්නාවූ සතින්ද්රිය වඩයිද, සංසිඳීමට පැමිණෙන්නාවූ අවබෝධයට පැමිණෙන්නාවූ සමාධින්ද්රිය වඩයිද, සංසිඳීමට පැමිණෙන්නාවූ අවබෝධයට පැමිණෙන්නාවූ පඤ්ඤින්ද්රිය වඩයිද, ස්වාමීනි, ඒ උතුම්වූ රහත්බව දකිමින් ක්ෂීණාශ්රව භික්ෂුතෙම තථාගතයන් වහන්සේ කෙරෙහිද, තථාගත ශාසනය කෙරෙහිද අතිශයින් ගෞරව දක්වන්නේය.
[5] “යහපති, යහපති, ශාරිපුත්‍රය, උතුම්වූ රහත්බව දකිමින් මේ ක්ෂීණාශ්රව භික්ෂුතෙමේ තථාගතයන් වහන්සේ කෙරෙහිද තථාගත ශාසනය කෙරෙහිද අතිශයින් ගෞරව දක්වන්නේය. ක්ෂීණාශ්රව භික්ෂුතෙම තථාගතයන් වහන්සේ කෙරෙහිද තථාගත ශ්‍රාවකයන් කෙරෙහිද යම්හෙයකින් අතිශයින් ගෞරව දක්වන්නේද,
සාරිපුත්තය, මේ අතිශයින් ගෞරව දැක්වීම යනු කවරේද?
[6] “ස්වාමීනි, මේ ශාසනයෙහි ක්ෂීණාශ්රව භික්ෂුතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව සහිතව උසස්කොට සලකමින් වාසය කරයිද, ධර්මය කෙරෙහි ගෞරව සහිතව උසස්කොට සලකමින් වාසයකරයිද, සංඝයා කෙරෙහි ගෞරව සහිතව උසස්කොට සලකමින් වාසය කරයිද, ශික්ෂාවන් කෙරෙහි ගෞරව සහිතව උසස්කොට සලකමින් වාසය කරයිද, සමාධිය කෙරෙහි ගෞරව සහිතව උසස්කොට සලකමින් වාසය කරයිද, (ස්වාමීනි) ක්ෂීණාශ්රව භික්ෂුතෙම තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ යම් හේතුවකින් ගෞරව දක්වන්නේද ස්වාමීනි, මෙය වනාහි ඒ ගෞරවයයි.
[7] “යහපති, යහපති, සාරිපුත්තය, මේ ක්ෂීණාශ්රව භික්ෂු තෙම තථාගතයන් වහන්සේ කෙරෙහිද තථාගත ශාසනය කෙරෙහිද අතිශයින් ගෞරව පවත්වයිද, මේ වනාහි ඒ ගෞරවයයි.”
|
9. පඨමඋප්පාදසුත්තං | 9. පඨම ඉන්ද්රිය උප්පාද සූත්‍රය |
529
සාවත්ථිනිදානං. ‘‘පඤ්චිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි භාවිතානි බහුලීකතානි අනුප්පන්නානි උප්පජ්ජන්ති, නාඤ්ඤත්ර තථාගතස්ස පාතුභාවා අරහතො සම්මාසම්බුද්ධස්ස. කතමානි පඤ්ච? සද්ධින්ද්රියං, වීරියින්ද්‍රියං, සතින්ද්රියං, සමාධින්ද්රියං, පඤ්ඤින්ද්රියං - ඉමානි ඛො, භික්ඛවෙ, පඤ්චින්ද්රියානි භාවිතානි බහුලීකතානි අනුප්පන්නානි උප්පජ්ජන්ති, නාඤ්ඤත්ර තථාගතස්ස පාතුභාවා අරහතො සම්මාසම්බුද්ධස්සා’’ති. නවමං.
|
529
[1] (මේ ඡේදය මේ වර්ගයේ 6 සූත්‍රයේ 1 ඡේදය මෙනි.)
[2] “මහණෙනි, වඩනලද්දාවූ, බහුල කරන ලද්දාවූ නූපන් පඤ්චෙන්ද්රියයෝ අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළවීමෙන් හැර නූපදිත්.
[3] ‘කවර පසක්ද? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය පඤ්ඤින්ද්රිය යනුයි. මහණෙනි, වඩනලද්දාවූ, බහුල කරනලද්දාවූ නූපන් පඤ්ච ඉන්ද්රියයෝ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් හැර නූපදිත්.
|
10. දුතියඋප්පාදසුත්තං | 10. දුතිය ඉන්ද්රිය උප්පාද සූත්‍රය |
530
‘‘පඤ්චිමානි
|
530
[1] (මේ ඡේදය මේ වර්ගයේ 6 සූත්‍රයේ 1 ඡේදය මෙනි.)
[2] “මහණෙනි, සුගත විනයෙහි හැර අන්තැනෙක වඩනා ලද්දාවූ
බහුල කරන ලද්දාවූ නූපන්නාවූ මේ පඤ්ච ඉන්ද්රියයෝ නූපදිත්.
[3] කවර පසක්ද, සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය, යනුයි. මහණෙනි, සුගත විනය හැර අන්තැනෙක වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ නූපන් පඤ්ච ඉන්ද්රියයෝ නූපදිත්.
|
7. බොධිපක්ඛියවග්ගො | 7. බොධිපක්ඛිය වර්ගය |
1. සංයොජනසුත්තං | 1. සංයෝජන පහාණ සූත්‍රය |
531
සාවත්ථිනිදානං
|
531
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, මේ වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ පඤ්චෙන්ද්රියෝ සංයෝජනයන් පහකිරීම පිණිස පවතිත්.
[3] “කවර පසක්ද යත්? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය යනුයි.
‘මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ, මේ පඤ්චෙන්ද්රියයෝ සංයෝජනයන් පහකිරීම පිණිස පවතිත්.”
|
2. අනුසයසුත්තං | 2. අනුස්සයමුග්ඝාත සූත්‍රය |
532
‘‘පඤ්චිමානි
|
532
[1] (මේ වර්ගයේ 1 ඡේද සියල්ලම මෙහි 1 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡේදය මෙනි.)
[2] “මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ පඤ්ච ඉන්ද්රියයෝ අනුසය නැසීම පිණිස පවතිත්.
[3] “කවර පසක්ද යත්? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය යනුයි.
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, මේ පඤ්චෙන්ද්රියයෝ සංයෝජනයන් පහකිරීම පිණිස පවතිත්.”
|
3. පරිඤ්ඤාසුත්තං | 3. අද්ධානපරිඤ්ඤා සූත්‍රය |
533
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි භාවිතානි බහුලීකතානි අද්ධානපරිඤ්ඤාය සංවත්තන්ති. කතමානි පඤ්ච? සද්ධින්ද්රියං...පෙ.... පඤ්ඤින්ද්රියං - ඉමානි ඛො, භික්ඛවෙ, පඤ්චින්ද්රියානි භාවිතානි බහුලීකතානි අද්ධානපරිඤ්ඤාය සංවත්තන්තී’’ති. තතියං.
|
533
[2] “මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ පඤ්ච ඉන්ද්රියයෝ සංසාරය පිරිසිඳ දැනීම පිණිස පවතිත්.
[3] “කවර පසක්ද යත්? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය යනුයි.
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, මේ පඤ්චෙන්ද්රියයෝ සංයෝජනයන් පහකිරීම පිණිස පවතිත්.”
|
4. ආසවක්ඛයසුත්තං | 4. ආසවක්ඛය සූත්‍රය |
534
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි භාවිතානි බහුලීකතානි ආසවානං ඛයාය සංවත්තන්ති. කතමානි පඤ්ච? සද්ධින්ද්රියං...පෙ.... පඤ්ඤින්ද්රියං - ඉමානි ඛො, භික්ඛවෙ, පඤ්චින්ද්රියානි භාවිතානි බහුලීකතානි ආසවානං ඛයාය සංවත්තන්තී’’ති.
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි භාවිතානි බහුලීකතානි සංයොජනප්පහානාය සංවත්තන්ති, අනුසයසමුග්ඝාතාය සංවත්තන්ති, අද්ධානපරිඤ්ඤාය
|
534
[2] “මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ පංචඉන්ද්රියයෝ ආශ්‍රවයන් ක්ෂයකිරීම පිණිස පවතිත්.
[3] කවර පසෙක්ද යත්? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය යනුයි. මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ පඤ්චෙන්ද්රියයෝ ආශ්‍රවයන්ගේ ක්ෂයකිරීම පිණිස පවතිත්.”
|
5. පඨමඵලසුත්තං | 5. ද්විඵල සූත්‍රය |
535
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච? සද්ධින්ද්රියං...පෙ.... පඤ්ඤින්ද්රියං - ඉමානි ඛො, භික්ඛවෙ, පඤ්චින්ද්රියානි. ඉමෙසං ඛො, භික්ඛවෙ, පඤ්චන්නං ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං - දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා’’ති. පඤ්චමං.
|
535
[2] “මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසෙක් වෙත්. කවර පසෙක්ද? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය පඤ්ඤින්ද්රිය යනුයි.
[3] “මහණෙනි, මේ පඤ්චෙන්ද්රියයන් වැඩීමෙන් බහුල කිරීමෙන් මේ ආත්මයෙහි රහත් බව හෝ ස්කන්ධ ශෙෂය ඇති කල්හි අනාගාමි බව හෝ යන ඵලදෙක අතරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි.”
|
6. දුතියඵලසුත්තං | 6. සත්තානිසංස සූත්‍රය |
536
‘‘පඤ්චිමානි
|
536
[2] “මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසෙක් වෙත්. කවර පසෙක්ද? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය යනුයි.
[3] “මහණෙනි, මේ පඤ්ච ඉන්ද්රියයෝයි මහණෙනි, මේ පඤ්චෙන්ද්රියයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ඵල සතක් ආනිසංස සතක් කැමති විය යුතුයි.
[4] “කවර ඵල සතක් ආනිසංස සතක්ද? මේ ආත්මයෙහි කෙලෙසුන් නසා රහත් බව අවබෝධ කරයි. ඉදින් මේ ආත්මයෙහිම කෙලෙසුන් නසා රහත් බව අවබෝධ නොකෙළේද, ඉක්බිති මරණ කාලයෙහි රහත් බව අවබෝධ කරයි. ඉදින් මේ ආත්මයෙහිම කෙලෙසුන් නසා රහත් බව අවබෝධ නොකරයිද මරණ කාලයෙහිත් රහත් බව අවබෝධ නොකරයිද?
[5] ඉක්බිති පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමෙන් අන්තරා පරිනිබ්බායි නම් අනාගාමි වෙයි. උපභච්ච පරිනිබ්බායී නම් අනාගාමි වෙයි. අසංඛාර පරිනිබ්බායී නම් අනාගාමි වෙයි. සසංඛාර පරිනිබ්බායි නම් අනාගාමි වෙමි. උද්ධංසොත අකනිට්ඨාගාමි නම් අනාගාමි වෙයි. මහණෙනි මේ පඤ්චෙන්ද්රියයන් වැඩීමෙන් බහුල කිරීමෙන් මේ ඵල සත ආනිසංස සත කැමති විය යුත්තේය.
|
7. පඨමරුක්ඛසුත්තං | 7. ජම්බුරුක්ඛොපම සූත්‍රය |
537
‘‘සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි ජම්බුදීපකා රුක්ඛා, ජම්බූ තෙසං අග්ගමක්ඛායති; එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛියා ධම්මා, පඤ්ඤින්ද්රියං තෙසං අග්ගමක්ඛායති, යදිදං - බොධාය. කතමෙ ච, භික්ඛවෙ, බොධිපක්ඛියා ධම්මා? සද්ධින්ද්රියං, භික්ඛවෙ, බොධිපක්ඛියො ධම්මො, තං බොධාය සංවත්තති. වීරියින්ද්‍රියං...පෙ.... සතින්ද්රියං...පෙ.... සමාධින්ද්රියං...පෙ.... පඤ්ඤින්ද්රියං බොධිපක්ඛියො ධම්මො, තං බොධාය සංවත්තති. සෙය්යථාපි, භික්ඛවෙ, යෙ කෙචි ජම්බුදීපකා රුක්ඛා, ජම්බූ තෙසං අග්ගමක්ඛායති; එවමෙව ඛො, භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛියා ධම්මා, පඤ්ඤින්ද්රියං තෙසං අග්ගමක්ඛායති, යදිදං - බොධායා’’ති. සත්තමං.
|
537
[2] “මහණෙනි, යම්සේ දඹදිව යම්කිසි ගස් වර්ග ඇත්තාහුද දඹගස ඔවුන්ගෙන් අග්‍රවේ. මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසි බොධි පාක්ෂික ධර්මයෝ වෙත්ද අවබෝධය පිණිස ඔවුන්ගේ පඤ්ඤින්ද්රිය අග්‍රවේ. මහණෙනි බොධිපාක්ෂික ධර්මයෝ කවරහුද?
[3] “මහණෙනි, සද්ධින්ද්රිය බොධිපාක්ෂික ධර්මයෙකි. එය අවබෝධය පිණිස පවතී. විරියින්ද්රිය බොධිපාක්ෂික ධර්මයෙකි. එය අවබෝධය පිණිස පවතී. සතින්ද්රිය බොධිපාක්ෂික ධර්මයෙකි. එය අවබෝධය පිණිස පවතී. සමාධින්ද්රිය බොධිපාක්ෂික ධර්මයෙකි. එය අවබෝධය පිණිස පවතී. පඤ්ඤින්ද්රිය බොධිපාක්ෂික ධර්මයෙකි. එය අවබෝධය පිණිස පවතී.
[4] “මහණෙනි, යම්සේ දඹදිව යම්කිසි ගස් වර්ග ඇත්තාහුද දඹගස ඔවුන්ගෙන් අග්‍රවේ. මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසි බොධි පාක්ෂික ධර්මයෝ වෙත්ද? ඔවුන්ගෙන් අවබෝධය පිණිස පඤ්ඤින්ද්රිය අග්‍රවේ.”
|
8. දුතියරුක්ඛසුත්තං | 8. පාරිච්ඡත්තක සූත්‍රය |
538
‘‘සෙය්යථාපි
|
538
[2] “මහණෙනි, යම්සේ තාවතිංස දෙවියන්ගේ වෘක්ෂයෝ වෙත්ද, පරසතු රුක ඔවුන්ගෙන් අග්‍රවේ. මහණෙනි එපරිද්දෙන්ම යම්කිසි බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද, ඔවුන්ගෙන් අවබෝධය පිණිස පඤ්ඤින්ද්රිය අග්‍රවේ.
[3] “මහණෙනි, බොධිපාක්ෂික ධර්මයෝ කවරේද? මහණෙනි, සද්ධින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. විරින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි එය අවබෝධය පිණිස පවතී. සතින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. සමාධින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී පඤ්ඤින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී.
[4] “මහණෙනි, යම්සේ තාවතිංස දෙවියන්ගේ වෘක්ෂයෝ වෙත්ද, ඔවුන්ගෙන් පරසතු රුක අග්‍රවේ. මහණෙනි, එපරිද්දෙන්ම යම් කිසි බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද, ඔවුන් අතුරෙන් අවබෝධය පිණිස පඤ්චෙන්ද්රිය අග්‍රවේ.
|
9. තතියරුක්ඛසුත්තං | 9. චිත්තපාටලී සූත්‍රය |
539
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, යෙ කෙචි අසුරානං රුක්ඛා, චිත්තපාටලි තෙසං අග්ගමක්ඛායති; එවමෙව ඛො, භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛියා ධම්මා, පඤ්ඤින්ද්රියං තෙසං අග්ගමක්ඛායති, යදිදං - බොධාය. කතමෙ ච, භික්ඛවෙ, බොධිපක්ඛියා ධම්මා? සද්ධින්ද්රියං, භික්ඛවෙ, බොධිපක්ඛියො ධම්මො, තං බොධාය සංවත්තති...පෙ.... පඤ්ඤින්ද්රියං බොධිපක්ඛියො ධම්මො, තං බොධාය සංවත්තති. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි අසුරානං රුක්ඛා, චිත්තපාටලි තෙසං අග්ගමක්ඛායති; එවමෙව ඛො, භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛියා ධම්මා, පඤ්ඤින්ද්රියං තෙසං අග්ගමක්ඛායති, යදිදං - බොධායා’’ති. නවමං.
|
539
[2] “මහණෙනි, යම් සේ අසුරයන්ගේ යම්කිසි වෘක්ෂයෝ වෙත්ද, ඔවුන්ගෙන් චිත්තපාටලී රුක අග්‍රවේ. මහණෙනි, එපරිද්දෙන් යම්කිසි බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද, ඔවුන්ගෙන් අවබෝධය පිණිස පඤ්චෙන්ද්රිය අග්‍රවේ.
[3] “මහණෙනි, බොධිපාක්ෂික ධර්මයෝ කවරහුද? සද්ධින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී.
“විරින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. සතින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. සමාධින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. පඤ්ඤින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී
[4] යම්සේ අසුරයන්ගේ යම්කිසි වෘක්ෂයෝ වෙත්ද ඔවුන්ගෙන් චිත්තපාටලී රුකම අග්‍රවේ. මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසි බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද ඔවුන්ගෙන් අවබෝධය පිණිස පඤ්ඤින්ද්රිය අග්‍රවේ.”
|
10. චතුත්ථරුක්ඛසුත්තං | 10. කූටසිම්බලී සූත්‍රය |
540
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, යෙ කෙචි සුපණ්ණානං රුක්ඛා, කූටසිම්බලී
(කොටසිම්බලි (ස්‍යා. කං.)) තෙසං අග්ගමක්ඛායති; එවමෙව ඛො, භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛියා ධම්මා, පඤ්ඤින්ද්රියං තෙසං අග්ගමක්ඛායති, යදිදං - බොධාය. කතමෙ
|
540
[2] “මහණෙනි, යම්සේ නාගයන්ගේ යම් වෘක්ෂයෝ වෙත්ද, කූටසිම්බලී වෘක්ෂය ඔවුන්ගෙන් අග්‍රවේ. මහණෙනි, එපරිද්දෙන්ම යම් බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද ඔවුන්ගෙන් අවබෝධය පිණිස පඤ්ඤින්ද්රිය අග්‍රවේ.
[3] “මහණෙනි, බොධිපාක්ෂික ධර්මයෝ කවරහුද? මහණෙනි, සද්ධින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී.
“විරියින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. සද්ධින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. සමාධින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි එය අවබෝධය පිණිස පවතී. පඤ්ඤින්ද්රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී.
[4] ‘මහණෙනි, යම්සේ නාගයන්ගේ යම් වෘක්ෂයෝ වෙත්ද ඔවුන්ගෙන් කූටසිම්බලී වෘක්ෂය අග්‍රවේ. එපරිද්දෙන්ම යම් බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද ඔවුන්ගෙන් අවබෝධය පිණිස පඤ්ඤින්ද්රිය අග්‍රවේ” යනුයි.
|
8. ගඞ්ගාපෙය්යාලවග්ගො | 8. ගංගා පෙය්යාල වර්ගය |
1-12. පාචීනාදිසුත්තද්වාදසකං | 1-12. පාචීනාදිසුත්තද්වාදසකං |
541-552
‘‘සෙය්යථාපි
|
541-552
(මෙතැන් සිට “මග්ග සංයුත්තයේ මෙන් ගංගා පෙය්යාල වර්ගයේ සිට ඕඝ වර්ගය තෙක් ඇති වර්ග පස මෙහිදී පඤ්චෙන්ද්රිය වර්ගයෙන් වෙනස්කොට මෙහි ඕඝ වර්ගයේ අන්තිම සූත්‍රය’ මෙන් යොදාගත යුතුයි.)
මග්ගසංයුත්තයේ ගංගා පෙය්යාල වර්ගයට පංචෙන්ද්‍රිය යොදා ගැනීමෙන් මෙහි සූත්‍ර දොළස සම්පූර්ණවේ.
|
12. ඔඝවග්ගො | 12. ඕඝ වර්ගය |
1-10. ඔඝාදිසුත්තදසකං | 1-10. ඕඝාදිසුත්තදසකං |
587-596
‘‘පඤ්චිමානි
|
587-596
(මේ වර්ගයේ දහවෙනි සූත්‍රයට මෙන් මුල් සූත්‍ර නවයටත් පංචෙන්ද්‍රිය යෙදාගැනීමෙන් මග්ගසංයුත්තයේ ඕඝ වර්ගයේ මෙන් මෙහිද සූත්‍ර දහය සම්පූර්ණවේ)
“මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසක් වෙත්. කවර පසෙක්ද? රූපරාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිද්‍යාව යනුයි. මහණෙනි, මේ පස උද්ධම්භාගිය සංයෝජනයෝයි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස විශේෂයෙන් දැනගැනීම පිණිස පිරිසිඳ දැනගැනීම පිණිස නැති කිරීම පිණිස ප්රහාණය පිණිස පඤ්චෙන්ද්රියයෝ වැඩිය යුත්තාහ. කවර පසෙක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම රාගය දුරුකිරීම කෙළවර කොට දෝසය දුරුකිරීම කෙළවර කොට මෝහය දුරුකිරීම කෙළවර කොට ඇති අමෘතයට බැසගන්නාවූ අමෘතය උපදවන්නාවූ අමෘතය කෙළවර කොට ඇත්තාවූ නිවනට බැසගන්නාවූ නිවන පහළ කරන්නාවූ නිවන කෙළවර කොට ඇත්තාවූ නිවනට නැමුණාවූ නිවනට හැරුණාවූ සද්ධින්ද්රිය වඩයි.
“රාගය දුරුකිරීම කෙළවරකොට දෝසය දුරුකිරීම කෙළවර කොට මෝහය දුරුකිරීම කෙළවර කොට ඇති අමෘතයට බැසගන්නාවූ අමෘතය උපදවන්නාවූ අමෘතය කෙළවර කොට ඇත්තාවූ නිවනට බැසගන්නාවූ නිවන පහළ කරන්නාවූ නිවන කෙළවර කොට ඇත්තාවූ නිවනට නැමුණාවූ නිවනට හැරුණාවූ විරියින්ද්රිය වඩයි.
“රාගය දුරුකිරීම කෙළවරකොට ද්වේෂය දුරුකිරීම කෙළවර කොට මෝහය දුරුකිරීම කෙළවර කොට ඇති අමෘතයට බැසගන්නාවූ අමෘතය උපදවන්නාවූ අමෘතය කෙළවර කොට ඇත්තාවූ නිවනට බැසගන්නාවූ නිවන පහළ කරන්නාවූ නිවන කෙළවර කොට ඇත්තාවූ නිවනට නැමුණාවූ නිවනට හැරුණාවූ සතින්ද්රිය වඩයි
“රාගය දුරුකිරීම කෙළවරකොට ද්වේෂය දුරුකිරීම කෙළවර කොට මෝහය දුරුකිරීම කෙළවර කොට ඇති අමෘතයට බැසගන්නාවූ අමෘතය උපදවන්නාවූ අමෘතය කෙළවර කොට ඇත්තාවූ නිවනට බැසගන්නාවූ නිවන පහළ කරන්නාවූ නිවන කෙළවර කොට ඇත්තාවූ නිවනට නැමුණාවූ නිවනට හැරුණාවූ සමාධින්ද්රිය වඩයි.
“රාගය දුරුකිරීම කෙළවරකොට ද්වේෂය දුරුකිරීම කෙළවර කොට මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති අමෘතයට බැසගන්නාවූ අමෘතය උපදවන්නාවූ අමෘතය කෙළවර කොට ඇත්තාවූ නිවනට බැසගන්නාවූ නිවන පහළ කරන්නාවූ නිවන කෙළවර කොට ඇත්තාවූ නිවනට නැමුණාවූ නිවනට හැරුණාවූ පඤ්ඤින්ද්රිය වඩයි.
මහණෙනි, මේ පසක්වූ උද්ධම්භාගිය සංයෝජනයන් විශේෂයෙන් දැනගැනීම පිණිස පිරිසිඳ දැනගැනීම පිණිස ක්ෂය කිරීම පිණිස පහකිරීම පිණිස මේ පඤ්ච ඉන්ද්රියයෝ වැඩිය යුත්තාහ.
|
13. ගඞ්ගාපෙය්යාලවග්ගො | 13. ගඞ්ගාපෙය්යාලවග්ගො |
1-12. පාචීනාදිසුත්තද්වාදසකං | 1-12. පාචීනාදිසුත්තද්වාදසකං |
597-608
‘‘සෙය්යථාපි
|
597-608 |
17. ඔඝවග්ගො | 17. ඕඝවග්ගො |
1-10. ඔඝාදිසුත්තදසකං | 1-10. ඕඝාදිසුත්තදසකං |
641-650
‘‘පඤ්චිමානි
|
641-650 |