ත්‍රිපිටකය
3. සතිපට්ඨානසංයුත්තං 3. සතිපට්ඨාන සංයුත්තය
1. අම්බපාලිවග්ගො 1. අම්බපාලි වර්ගය
1. අම්බපාලිසුත්තං 1. අම්බපාලි සූත්‍රය
2. සතිසුත්තං 2. සතෝ සූත්‍රය
3. භික්ඛුසුත්තං 3. භික්ඛු සූත්‍රය
4. සාලසුත්තං 4. සාලා සූත්‍රය
5. අකුසලරාසිසුත්තං 5. කුසලරාසි සූත්‍රය
6. සකුණග්ඝිසුත්තං 6. සකුණග්ඝී සූත්‍රය
7. මක්කටසුත්තං 7. මක්කට සූත්‍රය
8. සූදසුත්තං 8. සූද සූත්‍රය
9. ගිලානසුත්තං 9. ගිලාන සූත්‍රය
10. භික්ඛුනුපස්සයසුත්තං 10. භික්ඛුනූපස්සය සූත්‍රය
376
අථ ඛො ආයස්මා ආනන්දො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන අඤ්ඤතරො භික්ඛුනුපස්සයො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො සම්බහුලා භික්ඛුනියො යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තා භික්ඛුනියො ආයස්මන්තං ආනන්දං එතදවොචුං -
‘‘ඉධ, භන්තෙ ආනන්ද, සම්බහුලා භික්ඛුනියො චතූසු සතිපට්ඨානෙසු සුප්පතිට්ඨිතචිත්තා (සුපට්ඨිතචිත්තා (සී. පී. ක.)) විහරන්තියො උළාරං පුබ්බෙනාපරං විසෙසං සඤ්ජානන්තී’’ති (සම්පජානන්තීති (ක.)). ‘‘එවමෙතං , භගිනියො, එවමෙතං, භගිනියො! යො හි කොචි, භගිනියො, භික්ඛු වා භික්ඛුනී වා චතූසු සතිපට්ඨානෙසු සුප්පතිට්ඨිතචිත්තො විහරති, තස්සෙතං පාටිකඞ්ඛං - ‘උළාරං පුබ්බෙනාපරං විසෙසං සඤ්ජානිස්සතී’’’ති.
අථ ඛො ආයස්මා ආනන්දො තා භික්ඛුනියො ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි. අථ ඛො ආයස්මා ආනන්දො සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිං. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච -
‘‘ඉධාහං, භන්තෙ, පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන අඤ්ඤතරො භික්ඛුනුපස්සයො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදිං. අථ ඛො, භන්තෙ, සම්බහුලා භික්ඛුනියො යෙනාහං තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො, භන්තෙ, තා භික්ඛුනියො මං එතදවොචුං - ‘ඉධ, භන්තෙ ආනන්ද, සම්බහුලා භික්ඛුනියො චතූසු සතිපට්ඨානෙසු සුප්පතිට්ඨිතචිත්තා විහරන්තියො උළාරං පුබ්බෙනාපරං විසෙසං සඤ්ජානන්තී’ති. එවං වුත්තාහං, භන්තෙ, තා භික්ඛුනියො එතදවොචං - ‘එවමෙතං, භගිනියො, එවමෙතං, භගිනියො! යො හි කොචි, භගිනියො, භික්ඛු වා භික්ඛුනී වා චතූසු සතිපට්ඨානෙසු සුප්පතිට්ඨිතචිත්තො විහරති, තස්සෙතං පාටිකඞ්ඛං - උළාරං පුබ්බෙනාපරං විසෙසං සඤ්ජානිස්සතී’’’ති.
‘‘එවමෙතං, ආනන්ද, එවමෙතං, ආනන්ද! යො හි කොචි, ආනන්ද, භික්ඛු වා භික්ඛුනී වා චතූසු සතිපට්ඨානෙසු සුප්පතිට්ඨිතචිත්තො විහරති, තස්සෙතං පාටිකඞ්ඛං - ‘උළාරං පුබ්බෙනාපරං විසෙසං සඤ්ජානිස්සති’’’ (සඤ්ජානිස්සතීති (බහූසු)).
‘‘කතමෙසු චතූසු? ඉධානන්ද, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තස්ස කායෙ කායානුපස්සිනො විහරතො කායාරම්මණො වා උප්පජ්ජති කායස්මිං පරිළාහො, චෙතසො වා ලීනත්තං, බහිද්ධා වා චිත්තං වික්ඛිපති. තෙනානන්ද (තෙනහානන්ද (සී.)), භික්ඛුනා කිස්මිඤ්චිදෙව පසාදනීයෙ නිමිත්තෙ චිත්තං පණිදහිතබ්බං. තස්ස කිස්මිඤ්චිදෙව පසාදනීයෙ නිමිත්තෙ චිත්තං පණිදහතො පාමොජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදයති (වෙදියති (සී.)). සුඛිනො චිත්තං සමාධියති. සො ඉති පටිසඤ්චික්ඛති - ‘යස්ස ඛ්වාහං අත්ථාය චිත්තං පණිදහිං, සො මෙ අත්ථො අභිනිප්ඵන්නො. හන්ද, දානි පටිසංහරාමී’ති. සො පටිසංහරති චෙව න ච විතක්කෙති න ච විචාරෙති. ‘අවිතක්කොම්හි අවිචාරො, අජ්ඣත්තං සතිමා සුඛමස්මී’ති පජානාති’’.
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛු වෙදනාසු...පෙ.... චිත්තෙ...පෙ.... ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තස්ස ධම්මෙසු ධම්මානුපස්සිනො විහරතො ධම්මාරම්මණො වා උප්පජ්ජති කායස්මිං පරිළාහො, චෙතසො වා ලීනත්තං, බහිද්ධා වා චිත්තං වික්ඛිපති. තෙනානන්ද, භික්ඛුනා කිස්මිඤ්චිදෙව පසාදනීයෙ නිමිත්තෙ චිත්තං පණිදහිතබ්බං. තස්ස කිස්මිඤ්චිදෙව පසාදනීයෙ නිමිත්තෙ චිත්තං පණිදහතො පාමොජ්ජං ජායති . පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදයති. සුඛිනො චිත්තං සමාධියති. සො ඉති පටිසඤ්චික්ඛති - ‘යස්ස ඛ්වාහං අත්ථාය චිත්තං පණිදහිං, සො මෙ අත්ථො අභිනිප්ඵන්නො. හන්ද, දානි පටිසංහරාමී’ති. සො පටිසංහරති චෙව න ච විතක්කෙති න ච විචාරෙති. ‘අවිතක්කොම්හි අවිචාරො, අජ්ඣත්තං සතිමා සුඛමස්මී’ති පජානාති. එවං ඛො, ආනන්ද, පණිධාය භාවනා හොති.
‘‘කථඤ්චානන්ද , අප්පණිධාය භාවනා හොති? බහිද්ධා , ආනන්ද, භික්ඛු චිත්තං අප්පණිධාය ‘අප්පණිහිතං මෙ බහිද්ධා චිත්ත’න්ති පජානාති. අථ පච්ඡාපුරෙ ‘අසංඛිත්තං විමුත්තං අප්පණිහිත’න්ති පජානාති. අථ ච පන ‘කායෙ කායානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා සුඛමස්මී’ති පජානාති. බහිද්ධා, ආනන්ද, භික්ඛු චිත්තං අප්පණිධාය ‘අප්පණිහිතං මෙ බහිද්ධා චිත්ත’න්ති පජානාති. අථ පච්ඡාපුරෙ ‘අසංඛිත්තං විමුත්තං අප්පණිහිත’න්ති පජානාති. අථ ච පන ‘වෙදනාසු වෙදනානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා සුඛමස්මී’ති පජානාති. බහිද්ධා, ආනන්ද, භික්ඛු චිත්තං අප්පණිධාය ‘අප්පණිහිතං මෙ බහිද්ධා චිත්ත’න්ති පජානාති. අථ පච්ඡාපුරෙ ‘අසංඛිත්තං විමුත්තං අප්පණිහිත’න්ති පජානාති. අථ ච පන ‘චිත්තෙ චිත්තානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා සුඛමස්මී’ති පජානාති. බහිද්ධා, ආනන්ද, භික්ඛු චිත්තං අප්පණිධාය ‘අප්පණිහිතං මෙ බහිද්ධා චිත්ත’න්ති පජානාති. අථ පච්ඡාපුරෙ ‘අසංඛිත්තං විමුත්තං අප්පණිහිත’න්ති පජානාති. අථ ච පන ‘ධම්මෙසු ධම්මානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා සුඛමස්මී’ති පජානාති. එවං ඛො, ආනන්ද, අප්පණිධාය භාවනා හොති.
‘‘ඉති ඛො, ආනන්ද, දෙසිතා මයා පණිධාය භාවනා, දෙසිතා අප්පණිධාය භාවනා. යං, ආනන්ද, සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය, කතං වො තං මයා. එතානි, ආනන්ද, රුක්ඛමූලානි, එතානි සුඤ්ඤාගාරානි! ඣායථානන්ද, මා පමාදත්ථ; මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ! අයං වො අම්හාකං අනුසාසනී’’ති.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති. දසමං.
376
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ උදය කාලයෙහි හැඳ පාත්‍ර සිව්රු ගෙන එක්තරා භික්ෂුණී ආශ්‍රමයක් යම් තැනෙක්හිද එතැනට ගියේය. ගොස් පනවන ලද ආසනයෙහි හිඳ ගත්තේය.
එකල්හි බොහෝ භික්ෂුණීහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද එතැනට පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වැඳ, එක්පසෙක හිඳගත්හ. එක්පසෙක හිඳගත් ඒ භික්ෂුණීහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙසේ කීහ. ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, මෙහි බොහෝ භික්ෂුණීහු සතර සතිපට්ඨානයන්හි මනාකොට පිහිටුවන ලද සිත් ඇතිව වාසය කරමින් වඩ වඩා උසස් විශේෂයන් අවබෝධ කරත්.”
‘නැගනිවරුනි, එය එසේමය. නැගනිවරුනි, එය එසේමය. නැගනිවරුනි, යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ සතර සතිපට්ඨානයන්හි මනාකොට පිහිටුවන ලද සිත් ඇතිව වාසය කෙරේද, ඔහු වඩ වඩා උසස් විශේෂ අවබෝධ කරන්නේය යන මෙය කැමතිවිය යුතුයයි” කීය.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ ඒ භික්ෂුණීන්හට දැහැමි කථාවකින් කරුණු දක්වා සමාදන් කරවා සිත් තියුණු කරවා සිත් පහදවා ආසනයෙන් නැගිට ගියේය.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ සැවැත් නුවර පිඬු පිණිස හැසිර පසු බත් කාලයෙහි පිණ්ඩපාතයෙන් ආපසු පැමිණියේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක් හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, මම උදය කාලයෙහි හැඳ පාත්‍ර සිවුරු ගෙන එක්තරා භික්ෂුණී ආශ්‍රමයක් යම් තැනෙකද එහි ගියෙමි. ගොස් පනවන ලද ආසනයෙහි හිඳ ගත්තෙමි. ස්වාමීනි, එකල්හි බොහෝ භික්ෂුණීහු මම යම් තැනෙක්හිද එහි පැමිණියහ. පැමිණ මාහට වැඳ එක්පසෙක හිඳගත්හ. එක්පසෙක හිඳගත් ඒ භික්ෂුණීහු මට මෙසේ කීහ. ‘ස්වාමීනි, ආනන්ද ස්ථවිරයෙනි, බොහෝ භික්ෂුණීහු සතර සතිපට්ඨානයන්හි පිහිටුවන ලද සිත් ඇතිව වාසය කිරීමෙන් වඩ වඩා උසස් විශේෂයන් අවබෝධකරත්’යි.
“ස්වාමීනි, මෙසේ කියන ලද්දාවූ මම ඒ භික්ෂුණීන්හට මෙසේ කීයෙමි. ‘නැගනිවරුනි, ඒ එසේමය. නැගනිවරුනි, ඒ එසේමය. නැගනිවරුනි, යම් භික්ෂුවක් හෝ යම් භික්ෂුණියක් හෝ සතර සතිපට්ඨානයන්හි පිහිටුවන ලද සිත් ඇතිව වාසය කෙරේද ඔහු වඩ වඩා උසස් විශේෂයන් අවබෝධ කරන්නේය යන මෙය කැමැති විය යුතුය”යි.
“ආනන්දය, ඒ එසේමය. ආනන්දය, ඒ එසේමය. ආනන්දය, යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ සතර සතිපට්ඨානයන්හි මනාව පිහිටුවන ලද සිත් ඇතිව වාසය කරයිද ඔහු වඩ වඩා උසස් විශේෂයන් අවබෝධ කරන්නේය යන මෙය කැමතිවිය යුතුයි.
“කවර සතරෙක්හිද යත්? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙමේ වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරු කොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයිද, ඒ කයෙහි කය නැවත බලමින් වාසය කරන්නා වූ ඔහුට කය අරමුණු කොට කයෙහි ක්ලේශ දාහයක් උපදින්නේ හෝ වෙයිද, සිතෙහි හැකිලීමක් උපදින්නේ හෝ වෙයිද, පිටත් අරමුණුවල සිත විසිර යන්නේ හෝ වෙයිද, ආනන්දය, ඒ භික්ෂුව විසින් යම්කිසි ප්‍රසාදය උපදින අරමුණක සිත පිහිටු විය යුතුයි. කිසියම් ප්‍රසාදය උපදින අරමුණක සිත පිහිට වූ ඔහුට තරුණ ප්‍රීතිය උපදියි, තරුණ ප්‍රීතිය උපන් ඔහුට බලවත් ප්‍රීතිය උපදියි, බලවත් ප්‍රීතියෙන් යුත් ඔහුගේ නාම කය සංසිඳෙයි. සන්සිඳුනු කය ඇත්තේ සැපය ලබයි. සැපවත් වූවහුගේ සිත සමාධියට පැමිණෙයි. හෙතෙම මෙසේ සිතයි. මම වනාහි යම් අර්ථයක් පිණිස සිත පැහැදිය යුතු අරමුණෙක්හි තැබුයෙම්ද ඒ මාගේ අර්ථය මුදුන් පැමිණියේය. දැන් එය ඉවත් කරමි’යි හෙතෙම එම අරමුණෙන් සිත ඉවත් කරන්නේද වෙයි. ක්ලේශ විතර්කයක් නොසිතන්නේද වෙයි. ක්ලේශ විචාරයක් නූපදන්නේද වෙයි. ‘ක්ලේශ විතර්ක විචාර රහිත වූයෙමි. භාවනාරම්මණයෙහි සිහියෙන් යුක්ත වෙමි. සැපයෙන් යුක්ත වෙමියි’ දැනගනියි.
“නැවත අනිකක්ද කියමි. ආනන්දය, මහණතෙම වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරයිද, වේදනාවන්හි වේදනා නැවත නැවත බලමින් වාසය කරන්නා වූ ඔහුට වේදනාව අරමුණු කොට කයෙහි ක්ලේශ දාහයක් උපදින්නේ හෝ වෙයිද, සිතෙහි හැකිලීමක් උපදින්නේ හෝ වෙයිද, පිටත් අරමුණුවල සිත විසිර යන්නේ හෝ වෙයිද. ආනන්දය, ඒ භික්ෂුව විසින් යම්කිසි ප්‍රසාදය උපදින අරමුණක සිත පිහිටවිය යුතුයි. කිසියම් ප්‍රසාදය උපදින අරමුණක සිත පිහිට වූ ඔහුට තරුණ ප්‍රීතිය උපදියි. තරුණ ප්‍රීතිය උපන් ඔහුට බලවත් ප්‍රීතිය උපදියි. බලවත් ප්‍රීතියෙන් යුත් ඔහුගේ නාම කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තේ සැපය ලබයි. සැපවත් වූවහුගේ සිත සමාධියට පැමිණෙයි. හෙතෙම මෙසේ සිතයි. ‘මම වනාහි යම් අර්ථයක් පිණිස සිත පැහැදිය යුතු අරමුණෙක්හි තැබූයෙම්ද, ඒ මාගේ අර්ථය මුදුන් පැමිණියේය, දැන් එය ඉවත් කරමි’යි හෙතෙම එම අරමුණෙන් සිත ඉවත් කරන්නේද වෙයි. ක්ලේශ විතර්කයක් නොසිතන්නේද වෙයි. ක්ලේශ විචාරයක් නූපදන්නේද වෙයි. ‘ක්ලේශ විතර්ක විචාර රහිත වූයෙමි. භාවනාරම්මණයෙහි සිහියෙන් යුක්ත වෙමි. සැපයෙන් යුක්ත වෙමියි’ දැන ගනියි.
“නැවත අනිකක්ද කියමි. ආනන්දය, මහණතෙමේ වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරයිද චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරන්නා වූ ඔහුට සිත අරමුණු කොට කයෙහි ක්ලේශ දාහයක් උපදින්නේ හෝ වෙයිද, සිතෙහි හැකිලීමක් උපදින්නේ හෝ වෙයිද පිටත් අරමුණුවල සිත විසිරයන්නේ හෝ වෙයිද ආනන්දය, ඒ භික්ෂුව විසින් යම්කිසි ප්‍රසාදය උපදින අරමුණක සිත පිහිට විය යුතුයි. කිසියම් ප්‍රසාදය උපදින අරමුණක සිත පිහිටවූ ඔහුට තරුණ ප්‍රීතිය උපදියි. තරුණ ප්‍රීතිය උපන් ඔහුට බලවත් ප්‍රීතිය උපදියි. බලවත් ප්‍රීතියෙන් යුත් ඔහුගේ නාම කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තේ සැපය ලබයි. සැපවත් වූවහුගේ සිත සමාධියට පැමිණෙයි. හෙතෙම මෙසේ සිතයි. ‘මම වනාහි යම් අර්ථයක් පිණිස සිත පැහැදිය යුතු අරමුණෙක්හි තැබූයෙම්ද ඒ මාගේ අර්ථය මුදුන්පැමිණියේය දැන් එය ඉවත් කරමියි’ හෙතෙම එම අරමුණෙන් සිත ඉවත් කරන්නේද වෙයි. ක්ලේශ විතර්කයක් නොසිතන්නේද වෙයි. ක්ලේශ විචාරයක් නූපදවන්නේද වෙයි. ක්ලේශ විතර්ක විචාර රහිත වූයෙමි. භාවනාරම්මණයෙහි සිහියෙන් යුක්ත වෙමි. සැපයෙන් යුක්ත වෙමියි’ දැනගනියි.
“නැවත අනිකක්ද කියමි. ආනන්දය මහණතෙම වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ස්කන්ධලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරයිද, ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරන්නාවූ ඔහුට ධර්මයන් අරමුණු කොට කයෙහි ක්ලේශ දාහයක් උපදින්නේ හෝ වෙයිද සිතේ හැකුළුණු බවක් උපදින්නේ හෝ වෙයිද පිටත් අරමුණක සිත දුවන්නේ හෝ වෙයිද ආනන්දය, ඒ භික්ෂුව විසින් යම්කිසි පැහැදියයුතු අරමුණක සිත පිහිට විය යුතුයි. සිත පැහැදිය යුතු අරමුණක පිහිටවූ ඔහුට තරුණ ප්‍රීතිය උපදියි. තරුණ ප්‍රීතිය උපන්නහුට බලවත් ප්‍රීතිය උපදියි. බලවත් ප්‍රීතිය උපන්නහුගේ නාම කය සංසිඳෙයි. සංසිඳුණු නාම කය ඇත්තේ සැප වේදනා ඇත්තේ වෙයි. සැප වේදනා ඇත්තහුගේ සිත සමාධියට පැමිණෙයි. හෙතෙම මෙසේ සිතයි. ‘මම යම් අර්ථයක් සඳහා සිත පැහැදිය යුතු අරමුණෙක්හි තැබුයෙම්ද මාගේ ඒ අර්ථය මුදුන් පැමිණියේය. දැන් සිත එයින් ඉවත් කරමියි’ හෙතෙම ඒ අරමුණෙන් සිත ඉවත් කරන්නේද වෙයි. ක්ලේශ විතර්කයන් නොසිතන්නේද වෙයි. ක්ලේශ විචාරයන් නූපදවන්නේද වෙයි. ක්ලේශ විතර්ක නැත්තේ වෙමි. අකුසල විචාර නැත්තේ වෙමි. භාවනාරම්මණයෙහි උපන් සිහියෙන් යුක්තවූයෙම් සැප ඇත්තෙමියි දනියි. ආනන්දය, මෙසේ වනාහි පණිධාය (කමටහන් අරමුණෙන් අන් අරමුණක සිත ටික වේලාවක් තබා) කරන භාවනාව වෙයි.
“ආනන්දය, කෙසේ නම් සිත පිටත් අරමුණක නොතබා කරන භාවනාව වෙයිද? ආනන්දය, මහණතෙම සිත පිටත් අරමුණක නොතබා ‘මා විසින් පිටත් අරමුණක සිත නොතබන ලදැයි’ දැනගනියි. ඉක්බිති පූර්වය යයි කියන ලද මුල් කර්මස්ථානයෙහිද පසුයයි කියන ලද අර්හත්වයෙහිද සිත නොහැකුළුණේය. කෙලෙසුන්ගෙන් මිදුණේය. සිත පිටත් අරමුණක නොතබන ලදැයි දැනගනියි. නැවතද වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරමි. සැපයෙන් යුක්ත වෙමියි’ දැනගනියි.
“ආනන්දය, මහණතෙම සිත පිටත් අරමුණක නොතබා ‘මා විසින් පිටත් අරමුණක සිත නොතබන ලදැයි’ දැනගනියි. ඉක්බිති පළමුව හා පසුව සිත නොහැකුළුණේය. කෙලෙසුන් කෙරෙන් මිදුණේය. පිටත් අරමුණක සිත නොතබන ලදැයි’ දැනගනියි. නැවතද වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරමි. සැපයෙන් යුක්ත වෙමියි දැනගනියි.
“ආනන්දය, මහණ තෙමේ පිටත් අරමුණෙක්හි සිත නොපිහිටුවා ‘මා විසින් පිටත් අරමුණක සිත නොතබනලදැයි’ දැනගනියි. ඉක්බිති පළමුව හා පසුව සිත නොහැකුළුණේය. කෙලෙසුන් කෙරෙන් මිදුණේය. පිටත් අරමුණක නොපිහිටුවන ලදැයි’ දැනගනියි. තවද වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරමි. සැප ඇත්තෙමියි’ දැනගනියි.
“ආනන්දය, මහණතෙම සිත පිටත් අරමුණක නොතබා ‘මා විසින් සිත පිටත් අරමුණක නොතබන ලදැයි දැනගනියි. නැවත පළමුව හා පසුව සිත නොහැකුළුණේය. කෙලෙසුන් කෙරෙන් මිදුණේය. පිටත් අරමුණක නොතබන ලදැයි’ දැනගනියි. නැවත වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ධර්මයන්හි ධර්මයන් අනුව නැවත නැවත බලමින් වාසය කරමි. සැපයෙන් යුක්තවෙමියි දැන ගනියි.
“ආනන්දය, මෙසේ වනාහි සිත අන් අරමුණක නොතබා කරන භාවනාව වේ. ආනන්දය, මෙසේ ‘මා විසින් සිත අන් අරමුණක තබා කරන භාවනාවත් අන් අරමුණක නොතබා කරන භාවනාවත් දේශනා කරන ලදහ. ආනන්දය, හිතෙසීවූ ශාස්තෘවරයෙකු විසින් ශ්‍රාවකයන්හට යමක් කටයුතු නම් එය මා විසින් තොපට අනුකම්පා උපදවා කරන ලදී. ආනන්දය, මේ වෘක්ෂ මූලයෝය. මේ සූන්‍යාගාරයෝය. ආනන්දය, ධ්‍යාන කරව්. ප්‍රමාද නොවව්. පසුව පසුතැවිලි වූවෝ නොවව්. මේ වනාහි අපගේ අනුශාසනාවයි.”
2. නාලන්දවග්ගො 2. නාලන්දා වර්ගය
1. මහාපුරිසසුත්තං 1. මහා පුරිස සූත්‍රය
2. නාලන්දසුත්තං 2. නාලන්දා සූත්‍රය
3. චුන්දසුත්තං 3. චුන්ද සූත්‍රය
4. උක්කචෙලසුත්තං 4. උක්කචෙල සූත්‍රය
5. බාහියසුත්තං 5. බාහිය සූත්‍රය
6. උත්තියසුත්තං 6. උත්තිය සූත්‍රය
7. අරියසුත්තං 7. අරිය සූත්‍රය
8. බ්‍රහ්මසුත්තං 8. බ්‍රහ්ම සූත්‍රය
9. සෙදකසුත්තං 9. සේදක සූත්‍රය
10. ජනපදකල්‍යාණීසුත්තං 10. ජනපදකල්‍යාණී සූත්‍රය
3. සීලට්ඨිතිවග්ගො 3. සීලට්ඨිති වර්ගය
1. සීලසුත්තං 1. සීල සූත්‍රය
2. චිරට්ඨිතිසුත්තං 2. ඨිති සූත්‍රය
3. පරිහානසුත්තං 3. පරිහාන සූත්‍රය
4. සුද්ධසුත්තං 4. සුද්ධක සූත්‍රය
5. අඤ්ඤතරබ්‍රාහ්මණසුත්තං 5. බ්‍රාහ්මණ සූත්‍රය
6. පදෙසසුත්තං 6. පදෙස සූත්‍රය
7. සමත්තසුත්තං 7. සමත්ත සූත්‍රය
8. ලොකසුත්තං 8. ලෝක සූත්‍රය
9. සිරිවඩ්ඪසුත්තං 9. සිරිවඞ්ඪ සූත්‍රය
10. මානදින්නසුත්තං 10. මානදින්න සූත්‍රය
4. අනනුස්සුතවග්ගො 4. අනනුස්සුත වර්ගය
1. අනනුස්සුතසුත්තං 1. අනනුස්සුත සූත්‍රය
2. විරාගසුත්තං 2. විරාග සූත්‍රය
3. විරද්ධසුත්තං 3. විරජ්ජ සූත්‍රය
4. භාවිතසුත්තං 4. භාවිත සූත්‍රය
5. සතිසුත්තං 5. සතෝ සූත්‍රය
6. අඤ්ඤාසුත්තං 6. අඤ්ඤා සූත්‍රය
7. ඡන්දසුත්තං 7. ඡන්‍ද සූත්‍රය
8. පරිඤ්ඤාතසුත්තං 8. පරිඤ්ඤාත සූත්‍රය
9. භාවනාසුත්තං 9. භාවනා සූත්‍රය
10. විභඞ්ගසුත්තං 10. විභඞ්ග සූත්‍රය
5. අමතවග්ගො 5. අමත වර්ගය
1. අමතසුත්තං 1. අමත සූත්‍රය
2. සමුදයසුත්තං 2. සමුදය සූත්‍රය
3. මග්ගසුත්තං 3. මග්ග සූත්‍රය
4. සතිසුත්තං 4. සතෝ සූත්‍රය
5. කුසලරාසිසුත්තං 5. කුසලරාසි සූත්‍රය
6. පාතිමොක්ඛසංවරසුත්තං 6. පාතිමොක්ඛ සූත්‍රය
7. දුච්චරිතසුත්තං 7. දුච්චරිත සූත්‍රය
8. මිත්තසුත්තං 8. මිත්ත සූත්‍රය
9. වෙදනාසුත්තං 9. වේදනා සූත්‍රය
10. ආසවසුත්තං 10. ආසව සූත්‍රය
6. ගඞ්ගාපෙය්‍යාලවග්ගො 6. ගංගා පෙය්‍යාල වර්ගය
1-12. ගඞ්ගානදීආදිසුත්තද්වාදසකං 1-12. ගඞ්ගානදීආදිසුත්තද්වාදසකං
7. අප්පමාදවග්ගො 7. අප්පමාද වර්ගය
1-10. තථාගතාදිසුත්තදසකං 1-10. තථාගතාදිසුත්තදසකං
8. බලකරණීයවග්ගො 8. බලකරණීය වර්ගය
1-12. බලාදිසුත්තද්වාදසකං 1-12. බලාදිසුත්තද්වාදසකං
9. එසනාවග්ගො 9. ඒසනා වර්ගය
1-10. එසනාදිසුත්තදසකං 1-10. එසනාදිසුත්තදසකං
10. ඔඝවග්ගො 10. ඕඝ වර්ගය
1-10. උද්ධම්භාගියාදිසුත්තදසකං 1-10. උද්ධම්භාගියාදිසුත්තදසකං