3. සතිපට්ඨානසංයුත්තං | 3. සතිපට්ඨාන සංයුත්තය |
1. අම්බපාලිවග්ගො | 1. අම්බපාලි වර්ගය |
1. අම්බපාලිසුත්තං | 1. අම්බපාලි සූත්‍රය |
367
එවං
‘‘එකායනො අයං, භික්ඛවෙ, මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිදෙවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං - චත්තාරො සතිපට්ඨානා. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; චිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එකායනො අයං, භික්ඛවෙ, මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිදෙවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං - චත්තාරො සතිපට්ඨානා’’ති.
ඉදමවොච
|
367
[1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර අම්බපාලි වනයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළහ.
[2] “මහණෙනි, සත්වයන්ගේ පිරිසිදුවීම පිණිස ශෝකය, වැළපීම යන මොවුන්ගේ දුරුකිරීම පිණිස, දුක්-දොම්නස් දෙදෙනාගේ බැහැරලීම පිණිස, ආර්යඅෂ්ටාංගික මාර්ගය ලැබීම පිණිස, නිර්වාණය ප්රත්යක්ෂ කිරීම පිණිස යම් මේ සතර සතිපට්ඨාන කෙනෙක් වෙත්ද, මේ එකම මාර්ගය වෙයි.
[3] “කවර සතරෙක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කයෙහි කය අනුව බලන්නේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ මනා නුවණැත්තේ සිහි ඇත්තේ ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වාසය කරයිද? වේදනාවන්හි වේදනාව අනුව බලන්නේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ මනා නුවණැත්තේ සිහි ඇත්තේ ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වාසය කරයිද, සිතෙහි සිත අනුව බලන්නේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ මනා නුවණ ඇත්තේ සිහි ඇත්තේ ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වාසය කෙරේද, ධර්මයන්හි ධර්මය අනුව බලන්නේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ මනා නුවණැත්තේ සිහි ඇත්තේ ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වාසය කෙරේද?
[4] “මහණෙනි, සත්වයන්ගේ පිරිසිදුවීම පිණිස, ශෝකය-වැළපීම දුරුකිරීම පිණිස, දුක් දොම්නස් බැහැරලීම පිණිස, ආර්යඅෂ්ටාංගික මාර්ගය ලැබීම පිණිස, නිර්වාණය ප්රත්යක්ෂ කිරීම පිණිස, යම් මේ සතර සතිපට්ඨාන කෙනෙක් වෙත්ද, මේ එකම මාර්ගය වෙයි. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී. සතුටු වූ සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ.
|
2. සතිසුත්තං | 2. සතෝ සූත්‍රය |
368
එකං
‘‘සතො, භික්ඛවෙ, භික්ඛු විහරෙය්ය සම්පජානො. අයං වො අම්හාකං අනුසාසනී. කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු සතො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු සම්පජානො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති, සමිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති, උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති, ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු සම්පජානකාරී හොති. සතො, භික්ඛවෙ, භික්ඛු විහරෙය්ය සම්පජානො. අයං වො අම්හාකං අනුසාසනී’’ති. දුතියං.
|
368
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡේදය මෙනි)
“මහණෙනි, මහණතෙමේ සිහි ඇතිව නුවණැතිව වාසය කරන්නේය. මේ තොපට අපගේ අනුශාසනාවයි. මහණෙනි, කෙසේ මහණතෙම සිහි ඇත්තේවේද, මහණෙනි, මේ සස්නෙහි මහණතෙම කයෙහි කය අනුව බලන්නේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ මනා නුවණැත්තේ ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වාසය කරන්නේය. වේදනාවන්හි වේදනාව අනුව බලන්නේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ මනා නුවණැත්තේ සිහි ඇත්තේ ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වාසයකරයිද සිතෙහි සිත අනුව බලන්නේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ මනා නුවණැත්තේ සිහි ඇත්තේ ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වාසය කෙරේද, ධර්මයන්හි ධර්මය අනුව බලන්නේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ මනා නුවණැත්තේ සිහි ඇත්තේ ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වාසය කරයි. මහණෙනි, මෙසේ වනාහි මහණතෙමේ සිහි ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහණතෙමේ මනා නුවණැත්තේ වේද? මහණෙනි, මේ සස්නෙහි මහණතෙමේ ඉදිරියට යෑමෙහි හා පෙරළා යෑමෙහි මනා නුවණින් දැන කරන්නේ වේද, ඉදිරි බැලීමෙහි හා දෙපස බැලීමෙහි මනා නුවණින් දැන කරන්නේ වේද, අත් පා දිග හැරීමෙහි හා හැකිළීමෙහි මනා නුවණින් දැන කරන්නේ වේද දෙපට සිවුර පාත්‍ර සිවුරු දැරීමෙහි මනා නුවණින් දැන කරන්නේ වේද, අනුභව කිරීමෙහිද, බීමෙහිද, කඩා කෑමෙහිද, රස විඳීමෙහිද, මනා නුවණින් දැන කරන්නේ වේද, මළ මූත්‍ර පහ කිරීමෙහිද මනා නුවණින් දැන කරන්නේවේද, යෑමෙහිද සිටීමෙහිද, හිඳීමෙහිද, නිදාගැනීමෙහිද, නිදිවැරීමෙහිද, කීමෙහිද, නිශ්ශබ්ද වීමෙහිද, මනා නුවණින් දැන කරන්නේ වේද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙමේ මනා නුවණැත්තේ වෙයි. මහණෙනි, මහණතෙම සිහි ඇතිව, මනා නුවණැතිව වාසය කරන්නේය. මේ තොපට අපගේ අනුශාසනාවයි.
|
3. භික්ඛුසුත්තං | 3. භික්ඛු සූත්‍රය |
369
එකං
කතමෙ
අථ ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දිත්වා
|
369
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර අම්බපාලි වනයෙහි වාසය කරන සේක.
“එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසක හුන්නේය. එක්පසක හුන්නාවූ ඒ මහණතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.
“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා හුදකලාව, විවේකීව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව සංසිඳුවන ලද සිත් ඇතිව වාසය කරන්නෙම්ද, (එබඳුවූ) ධර්මයක් භාග්‍යවතුන් වහන්සේ මට සැකෙවින් දේශනා කරන්නේ නම් මැනවි” යනුයි.
“මෙපරිද්දෙන් වනාහි ඇතැම් හිස් පුරුෂයෝ මට ආරාධනා කරත්. ධර්මයද දේශනාකළ කල්හි මාම ලුහුබැඳිය යුතුයයි හඟිත්” යයි (වදාළහ.)
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට කොටින් දහම් දෙසන සේක්වා. සුගතයන් වහන්සේ කොටින් දහම් දෙසන සේක්වා. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ අර්ථය මම ඒකාන්තයෙන් දැනගන්නෙමි. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට මම ඒකාන්තයෙන් හිමි කාරයෙක් වන්නෙමියි” කීය.
“මහණ, එසේනම් මේ සස්නෙහි නුඹ කුසල ධර්මයන්හි මුලම පිරිසිදු කරව. කුසල ධර්මයන්ගේ මුල කවරේද? පිරිසිදු සීලයද, ඍජුවූ දෘෂ්ටියද වෙයි.
“මහණ, යම් විටෙක තාගේ ශීලය පිරිසිදු වන්නේද දෘෂ්ටිය ඍජු වන්නේද; මහණ, එකල නුඹ ශීලය නිසා සීලයෙහි පිහිටා සතර සතිපට්ඨානයන් තුන් ආකාරයකින් වඩන්නෙහිය.
‘කවර සතරක්ද යත්? මහණ, නුඹ මෙහිලා තමාගේ කයෙහි කය අනුව බලන්නේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ මනා නුවණැත්තේ සිහි ඇත්තේ ලෝකයෙහි ලෝභය හා ද්වේෂය දුරුකොට වාසය කරව. අනුන්ගේ කයෙහි කය අනුව බලන්නේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ මනා නුවණැත්තේ සිහි ඇත්තේ ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වාසය කරව. තමාගේද අනුන්ගේද කයෙහි කය අනුව බලන්නේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ මනා නුවණැත්තේ සිහි ඇත්තේ ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වාසය කරව. තමාගේ වේදනාවන්හි වේදනාව අනුව බලන්නේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ මනා නුවණැත්තේ සිහි ඇත්තේ ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වාසය කරව. අනුන්ගේ වේදනාවන්හි වේදනාව අනුව බලන්නේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ මනා නුවණැත්තේ සිහි ඇත්තේ ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වාසය කරව. තමාගේද අනුන්ගේද වේදනාවන්හි වේදනාව අනුව බලන්නේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ මනා නුවණැත්තේ සිහි ඇත්තේ ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වාසය කරව. තමාගේ සිතෙහි සිත අනුව බලන්නේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ මනා නුවණැත්තේ සිහි ඇත්තේ ලෝකයෙහි ලෝභය හා ද්වේෂය දුරුකොට වාසය කරව. අනුන්ගේ සිතෙහි සිත අනුව බලන්නේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ මනා නුවණැත්තේ සිහි ඇත්තේ ලෝකයෙහි ලෝභය හා ද්වේෂය දුරුකොට වාසය කරව. තමාගේද අනුන්ගේද සිතෙහි සිත අනුව බලන්නේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ මනා නුවණැත්තේ සිහි ඇත්තේ ලෝකයෙහි ලෝභය ද්වේෂය දුරුකොට වාසය කරව.
“මහණ, නුඹ මෙහිලා තමාගේ ධර්මයන් ධර්මය අනුව බලන්නේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ මනා නුවණැත්තේ සිහි ඇත්තේ ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වාසය කරව. අනුන්ගේ ධර්මයන්හි ධර්මය අනුව බලන්නේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ මනා නුවණැත්තේ සිහි ඇත්තේ ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වාසය කරව. තමාගේද අනුන්ගේද ධර්මයන්හි ධර්මය අනුව බලන්නේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ මනා නුවණැත්තේ සිහි ඇත්තේ ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වාසය කරව.
“මහණ, යම් කලෙක නුඹ ශීලය නිසා ශීලයෙහි පිහිටා සතර සතිපට්ඨානයන් මෙසේ තුන් ආකාරයකින් වඩන්නෙහිද, මහණ, එකල්හි නුඹට යම් රැයක් හෝ දහවලක් හෝ පැමිණෙන්නේද (ඒ රාත්‍රියෙහි හෝ දවාලෙහි) කුසල ධර්මයන්හි දියුණුවම කැමතිවිය යුතුයි. පිරිහීමක් කැමති නොවිය යුතුයයි” වදාළේය.
ඉක්බිති ඒ මහණතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුවී අනුමෝදන්ව අස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ගරුකොට ගියේය. එකල්හි ඒ මහණ තෙමේ හුදකලාව, විවේකීව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, සංසිදුවන ලද සිත් ඇතිව, වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් පිණිස කුල දරුවෝ මනාකොට ගිහිගෙයින් නික්ම සස්නෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවරකොට ඇති ඒ උතුම් අර්ථය මේ ආත්මයෙහිදීම තෙමේ මනා නුවණින් දැන ප්රත්යක්ෂකොට එයට පැමිණ වාසය කෙළේය. ඉපදීම නැතිකරන ලදී. බඹසර වැස නිමවන ලදී. කටයුතු දෙය කරන ලදී. මින්පසු ආත්ම භාවයක් නැත්තේයයි දැනගත්තේය. ඒ මහණතෙමේද රහතුන් වහන්සේලා අතරෙන් කෙනෙක් වූහ.
|
4. සාලසුත්තං | 4. සාලා සූත්‍රය |
370
එකං සමයං භගවා කොසලෙසු විහරති සාලාය බ්රාහ්මණගාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි...පෙ.... එතදවොච -
‘‘යෙ තෙ, භික්ඛවෙ, භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං, තෙ වො, භික්ඛවෙ, භික්ඛූ චතුන්නං සතිපට්ඨානානං භාවනාය සමාදපෙතබ්බා නිවෙසෙතබ්බා පතිට්ඨාපෙතබ්බා. කතමෙසං චතුන්නං? එථ තුම්හෙ, ආවුසො, කායෙ
‘‘යෙපි
‘‘යෙපි තෙ, භික්ඛවෙ, භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං, තෙ වො, භික්ඛවෙ, භික්ඛූ ඉමෙසං චතුන්නං සතිපට්ඨානානං භාවනාය
|
370
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් රට සාලා නම් බ්‍රාහ්මණ ගමෙහි වාසය කරන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට මෙසේ වදාළහ. “මහණෙනි, අලුත පැවිදිවූ අලුත මේ ශාසනයට ඇතුළත්වූ යම් ඒ නවක භික්ෂූහු වෙත්ද, මහණෙනි, තෙපි ඔවුන් සතර සතිපට්ඨානයන් වඩනු පිණිස සමාදන් කරවිය යුතුය. එහි ඇතුළත් කරවිය යුතුය. පිහිටුවිය යුතුය.
[2] “කවර සතරක්ද යත්? ඇවැත්නි, තෙපි එව්, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුණු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව ඇති සැටියෙන් කය අවබෝධ කරනු පිණිස කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරව්.
“කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව වේදනාවන් ඇති සැටියෙන් අවබෝධ කරනු පිණිස වේදනාවන්හි වේදනා නැවත නැවත බලමින් වාසය කරව්.
“කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුණු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව චිත්තයන් ඇති සැටියෙන් අවබෝධ කරනු පිණිස චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරව්.
“කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව ධර්මයන් ඇති සැටියෙන් අවබෝධ කරනු පිණිස ධර්මයන්හි ධර්මය නැවත නැවත බලමින් වාසය කරව්.
[3] “මහණෙනි, රහත් බවට නොපැමිණියාවූ නිරුත්තර නිර්වාණය බලාපොරොත්තු වන්නාවූ යම් ඒ ශෛක්ෂ භික්ෂූහු වෙත්ද ඔව්හුද වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව කය පිරිසිඳ දැනගැනීම පිණිස කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරත්.
“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව වේදනාව පිරිසිඳ දැනගැනීම පිණිස වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරත්.
“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව චිත්තයන් පිරිසිඳ දැනීම සඳහා චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරත්.
“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව ධර්මයන් පිරිසිඳ දැනීම පිණිස ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරත්.
[4] “මහණෙනි, ආශ්‍රවයන් ක්ෂය කළාවූ වැස නිමවන ලද බ්‍රහ්මචර්යා ඇත්තාවූ අවසාන කළ කටයුතු ඇත්තාවූ බහා තැබූ ස්කන්ධ බර ඇත්තාවූ තමාගේ අර්ථයට පැමිණියාවූ ක්ෂය කළ භව බැඳුම් ඇත්තාවූ මනාව දැනගත්තාවූ කෙලෙසුන් කෙරෙන් මිදුණාවූ රහත් භික්ෂූහු වෙත්ද, ඔව්හුද වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව කය හා බැඳීමෙන් වෙන්ව කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරත්.
“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව වේදනාවන්හි බැඳීමෙන් වෙන්ව වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරත්.
“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව චිත්තයන්හි බැඳීමෙන් වෙන්ව චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරත්.
“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව ධර්මයන්හි බැඳීමෙන් වෙන්ව ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරත්.
[5] “මහණෙනි, අලුත පැවිදිවූ අලුත මේ ශාසනයට ඇතුළත්වූ යම් ඒ නවක භික්ෂූහු වෙත්ද, මහණෙනි, තෙපි ඔවුන් මේ සතර සතිපට්ඨානයන් වැඩීම පිණිස සමාදන් කර විය යුතුය. එහි ඇතුළත් කරවිය යුතුය. පිහිටුවිය යුතුය”
|
5. අකුසලරාසිසුත්තං | 5. කුසලරාසි සූත්‍රය |
371
සාවත්ථිනිදානං
‘‘‘කුසලරාසී’ති, භික්ඛවෙ, වදමානො චත්තාරො සතිපට්ඨානෙ සම්මා වදමානො වදෙය්ය. කෙවලො හායං, භික්ඛවෙ, කුසලරාසි, යදිදං - චත්තාරො සතිපට්ඨානා. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු...පෙ.... චිත්තෙ...පෙ.... ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං
|
371
(5-8 දක්වා මේ වර්ගයේ සූත්‍රවල 1වෙනි ඡේදය මේ වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡේදය මෙනි)
“මහණෙනි, අකුශල රාශියයි මනාව කියතහොත් එය පඤ්ච නීවරණයන්ටම කියයුතු වන්නේය. මහණෙනි, මේ නීවරණ පස මුළුමනින්ම අකුසල් රැසක්මය.
“කවර පසක්ද යත්? ‘කාමච්ජන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, ථීනමිද්ධ නීවරණය, උද්ධච්චකුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය යන මොහුයි. මහණෙනි, අකුසල රැසයයි මනාව කියත්හොත් මේ පඤ්ච නීවරණයන්ටම කිය යුතු වන්නේය. මහණෙනි, මේ නීවරණ පස මුළුමනින්ම අකුසල් රැසක්මය.
“මහණෙනි, කුසල රාශියයි මනාව කියතහොත් මේ සතර සතිපට්ඨානයන්ටම කියයුතු වන්නේය. මහණෙනි, මේ සතර සතිපට්ඨානයෝ මුළුමනින්ම කුසල් රැසක්මය.
“කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරන්නේද,
“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වේදනාවන්හි වේදනා නැවත නැවත බලමින් වාසය කරන්නේද,
“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරන්නේද,
“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරන්නේද, මහණෙනි, කුසල රාශියයි මැනවින් කියතහොත් මේ සතර සතිපට්ඨානයන්ටම කියයුතු වන්නේය. මහණෙනි, මේ සතර සතිපට්ඨානයෝ මුළුමනින්ම කුසල් රැසක්මය.”
|
6. සකුණග්ඝිසුත්තං | 6. සකුණග්ඝී සූත්‍රය |
372
‘‘භූතපුබ්බං, භික්ඛවෙ, සකුණග්ඝි ලාපං සකුණං සහසා අජ්ඣප්පත්තා අග්ගහෙසි. අථ ඛො, භික්ඛවෙ, ලාපො සකුණො සකුණග්ඝියා හරියමානො එවං පරිදෙවසි - ‘මයමෙවම්හ
(මයමෙවාම්හ (ක.)) අලක්ඛිකා, මයං
‘‘අථ
‘‘තස්මාතිහ, භික්ඛවෙ, මා අගොචරෙ චරිත්ථ පරවිසයෙ. අගොචරෙ, භික්ඛවෙ, චරතං පරවිසයෙ ලච්ඡති මාරො ඔතාරං, ලච්ඡති මාරො ආරම්මණං. කො ච, භික්ඛවෙ, භික්ඛුනො අගොචරො පරවිසයො? යදිදං - පඤ්ච කාමගුණා. කතමෙ පඤ්ච? චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ්ඤෙය්යා
‘‘ගොචරෙ, භික්ඛවෙ, චරථ සකෙ පෙත්තිකෙ විසයෙ. ගොචරෙ, භික්ඛවෙ, චරතං සකෙ පෙත්තිකෙ විසයෙ න ලච්ඡති මාරො ඔතාරං, න ලච්ඡති මාරො ආරම්මණං. කො
|
372
“මහණෙනි, පෙර වූ දෙයක් කියමි. උකුස්සෙක් වේගයෙන් බැස කැටකුරුල්ලෙකු හදිසියෙන් අල්වාගත්තේය. මහණෙනි, ඉක්බිති උකුස්සා විසින් ඩැහැගෙන යනු ලබන්නාවූ කැට කුරුල්ලා මෙසේ කියමින් හැඬීය. කෙසේද? ‘අපිම කාලකණ්ණි වෙමු. අපිම අඩු පින් ඇත්තෝ වෙමු. ඒ අපි විසීමට නුසුදුසුවූ අනුන්ට අයත්වූ ස්ථානයක විසුවෙමු. ඉදින් අපි පිය පරපුරෙන් ආ තමහට අයත් වාසස්ථානයෙහි විසුවෙමු නම් මේ උකුසුතෙම (මා සමග කරන) යුද්ධයට සමර්ථ නොවේ’ යනුය.
(මෙසේ කී කල්හි) උකුසුතෙම ‘කැටකුරුල්ලා, තගේ පිය පරපුරෙන් ආ තට අයත් වාසස්ථානය නම් කවරේදැයි’ ඇසීය.
‘නගුලෙන් සාන ලද කැට ස්ථානයයි!’ හේ කීය.
“මහණෙනි, ඉක්බිති උකුස්සා ස්වකීය බලයෙහි දැඩිව සිට ස්වකීය බලය ප්‍රකාශ කරමින් ‘කැට කුරුල්ල එසේ නම් පල එහිදීද තෝ (මගෙන්) නොගැලවෙන්නෙහියයි’ කියා කැටකුරුල්ලා අතහැරියේය.
“ඉක්බිති කැට කුරුල්ලා නඟුලෙන් සාන ලද කැට ඇති තැනකට ගොස් ලොකු කැටයක් උඩට නැඟී උකුස්සාට ‘දැන් ඉතින් වර’යයි කියමින් සිටියේය.
“ඉක්බිති උකුස්සා ස්වකීය බලයෙහි පිහිටා ස්වකීය බලය ප්‍රකාශ කරමින් යුද්ධයට ඊතලය මෙන් අත්තටු හදා ක්ෂණයකින් කැට කුරුල්ලා වෙත පාත්විය. කැට කුරුල්ලා උකුස්සා තමහට ඉතාම ළංවන අවස්ථාව යම් විටෙක දැන ගත්තේද එකෙණෙහිම එම සී කැටයේ ඇතුල් පැත්තට රිංගා ගත්තේය. මහණෙනි, ඉක්බිති උකුස්සා එහිම ළය පැළී මළේය. මහණෙනි, යමෙක් තමහට නුසුදුසු ස්ථානයෙහි හැසිරේනම් මෙසේ වන්නේය.
“මහණෙනි, එහෙයින් අනුන්ට අයත්වූ නුසුදුසු ස්ථානයන්හි නොවසව්. අනුන්ට අයත් තැන්හි වසන්නහු පිළිබඳව මාරයා ඉඩ ලබන්නේය. මාරයා කරුණු ලබන්නේය. මහණෙනි, භික්ෂුවට නුසුදුසු ස්ථානය නම් කුමක්ද? මේ කාමගුණ පස වෙති.
“කවර පසක්ද? ඇසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ යම් රූපයෝ වෙත්ද,
“කනින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ යම් ශබ්දයෝ වෙත්ද,
“නැහැයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ යම් ගන්ධයෝ වෙත්ද,
“දිවෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ යම් රසයෝ වෙත්ද,
“කයින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ යම් ස්පර්ශයෝ වෙත්ද, මහණෙනි, මේ වනාහි භික්ෂුවට නුසුදුසුවූ අනුන්ට අයත් වාසස්ථානය වෙයි.
“මහණෙනි, තම පිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානයෙහි වාසය කරව. මහණෙනි, තම පිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානයෙහි වසන්නහු පිළිබඳව මාරයා ඉඩක් නොලබන්නේය. මාරයා කරුණක් නොලබන්නේය.
“මහණෙනි, සිය පිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානය නම් කවරේද? මේ සතර සතිපට්ඨානයෝයි. කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව කයෙහි කය පිරිසිඳ දැනගැනීම පිණිස කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරන්නේය.
“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව වේදනාවන්හි වේදනා නැවත නැවත බලමින් වාසය කරන්නේය.
“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරන්නේය.
“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව ධර්මයන්හි ධර්මයන් අනුව නැවත නැවත බලමින් වාසය කරන්නේය. මහණෙනි, මේ භික්ෂුවගේ පිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානය වෙයි.”
|
7. මක්කටසුත්තං | 7. මක්කට සූත්‍රය |
373
‘‘අත්ථි, භික්ඛවෙ, හිමවතො පබ්බතරාජස්ස දුග්ගා විසමා දෙසා, යත්ථ නෙව මක්කටානං චාරී න මනුස්සානං. අත්ථි, භික්ඛවෙ, හිමවතො පබ්බතරාජස්ස
‘‘තත්ර, භික්ඛවෙ, යෙ තෙ මක්කටා අබාලජාතිකා අලොලජාතිකා, තෙ තං ලෙපං දිස්වා ආරකා පරිවජ්ජන්ති. යො පන සො හොති
‘‘තස්මාතිහ, භික්ඛවෙ, මා අගොචරෙ චරිත්ථ පරවිසයෙ. අගොචරෙ, භික්ඛවෙ, චරතං පරවිසයෙ ලච්ඡති මාරො ඔතාරං, ලච්ඡති මාරො ආරම්මණං. කො ච, භික්ඛවෙ, භික්ඛුනො අගොචරො පරවිසයො? යදිදං - පඤ්ච කාමගුණා. කතමෙ පඤ්ච? චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ්ඤෙය්යා සද්දා...පෙ.... ඝානවිඤ්ඤෙය්යා ගන්ධා... ජිව්හාවිඤ්ඤෙය්යා රසා... කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. අයං, භික්ඛවෙ, භික්ඛුනො අගොචරො පරවිසයො.
‘‘ගොචරෙ, භික්ඛවෙ, චරථ සකෙ පෙත්තිකෙ විසයෙ. ගොචරෙ, භික්ඛවෙ
|
373
“මහණෙනි, හිමාලය පර්වතයෙහි වඳුරන්ට හෝ මිනිසුන්ට හෝ යා නොහැකි විසමවූ ප්‍රදේශයෝද ඇත්තාහ. මහණෙනි, හිමාලය පර්වතයෙහි වඳුරන්ට යා හැකි මිනිසුන්ට යා නොහැකි විසමවූ ප්‍රදේශයෝද ඇත්තාහ.
“මහණෙනි, හිමාලය පර්වතයෙහි වඳුරන්ටද යා හැකිවූ මිනිසුන්ටද යා හැකිවූ සිත්කළුවූ සමවූ භූමිභාගයෝද ඇත්තාහ. මහණෙනි, එහි වැද්දෝ වඳුරන් යන මාර්ගයන්හි වඳුරන් ඇල්ලීම පිණිස ලාටු එළවන්නාහ. මහණෙනි, එහි මෝඩ නොවූ ලොල් නොවූ වඳුරෝ වෙත්ද, ඔව්හු ඒ ලාටු දැක ඈත්ව යත්. යම් ඒ වඳුරෙක් මෝඩ වෙයිද, ලොල්වූ ස්වභාවය ඇත්තේද හෙතෙමේ ඒ ලාටුව කරා පැමිණ එය අතින් අල්වන්නේය. අත එහි ඇලෙන්නේය. අත මුදාගන්නෙමියි දෙවැනි අතින් අල්වන්නේය. ඒ අතද එහි ඇලෙන්නේය. දෙ අත් මුදාගන්නෙමියි පය තබන්නේය. පයද එහි ඇලෙන්නේය. දෙ අත්ද පයද මුදාගනිමියි දෙවෙනි පාදයද තබන්නේය. එයද එහි ඇලෙන්නේය. දෙ අත්ද දෙපාද මුදා ගනිමියි හොට තබන්නේය. එයද එහි ඇලෙන්නේය.
“මහණෙනි, ඒ වඳුරුතෙමේ පස් තැනෙකින් එල්ලී විනාශයට පැමිණ කෙඳිරිගාමින් වැටී සිටින්නේය. වැද්දාට කැමැත්තක් කළ හැකි වන්නේය. මහණෙනි, වැදිතෙමේ ඔහු විද එහිම පෙරළා දමා කැමති තැනකට යන්නේය. මහණෙනි, යමෙක් අනුන්ට අයත්වූ නුසුදුසු ස්ථානයෙහි වාසය කෙරේනම් මෙසේ වන්නේය.
“මහණෙනි, එසේ හෙයින් අනුන්ට අයත් නුසුදුසු ස්ථානයෙහි වාසය නොකරව්. මහණෙනි, අනුන්ට අයත් නුසුදුසු ස්ථානයෙහි වාසය කරන්නහු පිළිබඳ මාරයා ඉඩ ලබන්නේය. මාරයා කරුණක් ලබන්නේය.
“මහණෙනි, මහණහුගේ අනුන්ට අයත් නුසුදුසු ස්ථානය කවරේද?
“මේ පස්කම් ගුණ පසය. කවර පසක්ද? ඇසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ රූපයෝ වෙත්ද,
“කනින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ ශබ්දයෝ වෙත්ද,
“නැහැයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ ගන්ධයෝ වෙත්ද,
“දිවෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ රසයෝ වෙත්ද,
‘කයින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ ස්පර්ශයෝ වෙත්ද, මහණෙනි, මේ වනාහි භික්ෂුවගේ අනුන්ට අයත් නුසුදුසු වාසස්ථානය වෙයි.
“මහණෙනි, සිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානයෙහි වාසය කරව්. මහණෙනි, සිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානයෙහි වාසය කරන භික්ෂුව පිළිබඳව මාරයා ඉඩ නොලබන්නේය. කරුණක් නොලබන්නේය. මහණෙනි, භික්ෂුවගේ සිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානය කවරේද? මේ සතර සතිපට්ඨානයෝයි.
“කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයි.
“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව වේදනාවන්හි වේදනා නැවත නැවත බලමින් වාසය කරයි.
“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරයි.
“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරයි. මහණෙනි, මේ වනාහි භික්ෂුවගේ සිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානය වෙයි.”
|
8. සූදසුත්තං | 8. සූද සූත්‍රය |
374
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, බාලො අබ්යත්තො අකුසලො සූදො රාජානං වා රාජමහාමත්තං වා
(රාජමහාමත්තානං වා (සී.)) නානච්චයෙහි සූපෙහි පච්චුපට්ඨිතො අස්ස - අම්බිලග්ගෙහිපි, තිත්තකග්ගෙහිපි, කටුකග්ගෙහිපි, මධුරග්ගෙහිපි, ඛාරිකෙහිපි, අඛාරිකෙහිපි, ලොණිකෙහිපි, අලොණිකෙහිපි.
‘‘ස
‘‘ස ඛො සො, භික්ඛවෙ, බාලො අබ්යත්තො අකුසලො සූදො න චෙව ලාභී හොති අච්ඡාදනස්ස, න ලාභී වෙතනස්ස, න ලාභී අභිහාරානං. තං කිස්ස හෙතු? තථා හි සො, භික්ඛවෙ, බාලො අබ්යත්තො අකුසලො සූදො සකස්ස භත්තු නිමිත්තං න උග්ගණ්හාති. එවමෙව ඛො, භික්ඛවෙ, ඉධෙකච්චො බාලො අබ්යත්තො අකුසලො භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තස්ස කායෙ කායානුපස්සිනො විහරතො චිත්තං න සමාධියති, උපක්කිලෙසා න පහීයන්ති. සො තං නිමිත්තං න උග්ගණ්හාති. වෙදනාසු වෙදනානුපස්සී විහරති...පෙ.... චිත්තෙ චිත්තානුපස්සී විහරති
‘‘ස ඛො සො, භික්ඛවෙ, බාලො අබ්යත්තො අකුසලො භික්ඛු න චෙව ලාභී හොති දිට්ඨෙව ධම්මෙ සුඛවිහාරානං, න ලාභී සතිසම්පජඤ්ඤස්ස
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, පණ්ඩිතො බ්යත්තො කුසලො සූදො රාජානං
‘‘ස ඛො සො, භික්ඛවෙ, පණ්ඩිතො බ්යත්තො කුසලො සූදො සකස්ස භත්තු නිමිත්තං උග්ගණ්හාති - ‘ඉදං වා මෙ අජ්ජ භත්තු සූපෙය්යං රුච්චති, ඉමස්ස වා අභිහරති, ඉමස්ස වා බහුං ගණ්හාති, ඉමස්ස වා වණ්ණං භාසති. අම්බිලග්ගං වා මෙ අජ්ජ භත්තු සූපෙය්යං රුච්චති
‘‘ස ඛො සො, භික්ඛවෙ, පණ්ඩිතො බ්යත්තො කුසලො සූදො ලාභී චෙව හොති අච්ඡාදනස්ස, ලාභී වෙතනස්ස, ලාභී අභිහාරානං. තං කිස්ස හෙතු? තථා හි සො, භික්ඛවෙ, පණ්ඩිතො බ්යත්තො කුසලො සූදො සකස්ස භත්තු නිමිත්තං උග්ගණ්හාති. එවමෙව ඛො, භික්ඛවෙ, ඉධෙකච්චො පණ්ඩිතො බ්යත්තො කුසලො භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තස්ස කායෙ කායානුපස්සිනො විහරතො
‘‘ස ඛො සො, භික්ඛවෙ, පණ්ඩිතො බ්යත්තො කුසලො භික්ඛු ලාභී චෙව හොති දිට්ඨෙව ධම්මෙ සුඛවිහාරානං, ලාභී හොති සතිසම්පජඤ්ඤස්ස. තං කිස්ස හෙතු? තථා හි සො, භික්ඛවෙ, පණ්ඩිතො බ්යත්තො කුසලො භික්ඛු සකස්ස චිත්තස්ස නිමිත්තං උග්ගණ්හාතී’’ති. අට්ඨමං.
|
374
“මහණෙනි, බාලවූ අව්‍යක්තවූ අදක්ෂ අරක්කැමියෙක් රජුන්ට හෝ රජමහ ඇමතියන්ට හෝ ඇඹුල් රස ඇත්තාවූද තිත්ත රස ඇත්තාවූද කටුක රස ඇත්තාවූද මිහිරි රස ඇත්තාවූද කර රස ඇත්තාවූද කර රස නැත්තාවූද ලුණු රස ඇත්තාවූද කිවුල් රස ඇත්තාවූද නොයෙක් ව්‍යඤ්ජන වර්ග එළවන්නේය. ඒ බාලවූ අව්‍යක්තවූ අදක්ෂවූ අරක්කැමියා ස්වකීය ස්වාමියාගේ ලකුණු නො ම ඉගෙන ගන්නේය. අද මාගේ ස්වාමියා මෙනම් ව්‍යඤ්ජනය කැමති වෙයි. මෙයට අත දිගු කරයි. මෙය බොහෝ කොට වළඳයි. මෙහි ගුණ කියයි. අද මාගේ ස්වාමියා ඇඹුල් රස ඇති ව්‍යඤ්ජනය කැමති වෙයි. ඇඹුල් රස ව්‍යඤ්ජනයට අත දිගු කරයි. ඇඹුල්රස ව්‍යඤ්ජනය බොහෝකොට වළඳයි. ඇඹුල්රස ව්‍යඤ්ජනයෙහි ගුණ කියයි. අද මාගේ ස්වාමියා තිත්ත රස ව්‍යඤ්ජනය කැමතිවෙයි. අද කටුක රස ඇති ව්‍යඤ්ජනය අද මිහිරි රස ඇති ව්‍යඤ්ජනය අද කර රස ඇති ව්‍යඤ්ජනය අද කර රස නැති ව්‍යඤ්ජනය අද ලුණු රස ඇති ව්‍යඤ්ජනය අද කිවුල් රස ඇති ව්‍යඤ්ජනය කැමතිවෙයි. කිවුල් රස ඇති ව්‍යඤ්ජනය බොහෝකොට වළඳයි. කිවුල් රස ඇති ව්‍යඤ්ජනයෙහි ගුණ කියයි, යන අන්දමින් ලකුණු කර නොගනියි.
“මහණෙනි, මේ අඥානවූ අව්‍යක්තවූ අදක්ෂවූ අරක්කැමියා වස්ත්‍රද නොලබන්නේ වෙයි. වැටුප්ද නොලබන්නේ වෙයි. තෑගි බෝගද නොලබන්නේ වෙයි. ඊට හේතු කවරේද? ඒ බාලවූ අව්‍යක්තවූ අදක්ෂවූ අරක්කැමි තෙම ස්වකීය ස්වාමියාගේ ලකුණු ඉගෙන නොගන්නේ නම් එය එසේ වන්නේය.
“මහණෙනි, එපරිද්දෙන්ම මෙහි ඇතැම් බාලවූ අව්‍යක්තවූ අදක්ෂවූ භික්ෂුවක් වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය නොකරයිද, කයෙහි කය නැවත නැවත බලමින් වාසය නොකරන්නාවූ ඔහුගේ සිත සමාධියට නොපැමිණෙයි. ක්ලේශයෝ පහ නොවෙත්. හෙතෙම ඒ නිමිත්ත නොම ඉගෙන ගනියිද,
වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය නොකරයිද, වේදනාවන්හි වේදනා නැවත නැවත බලමින් වාසය නොකරන්නාවූ ඔහුගේ සිත සමාධියට නොපැමිණෙයි. ක්ලේශයෝ පහ නොවෙත්. හෙතෙම ඒ නිමිත්ත නොම ඉගෙන ගනියිද,
වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය නොකරයිද, චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය නොකරන්නාවූ ඔහුගේ සිත සමාධියට නොපැමිණෙයි. ක්ලේශයෝ පහ නොවෙත්. හෙතෙම ඒ නිමිත්ත නොම ඉගෙන ගනියිද,
වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය නොකරයිද, ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය නොකරන්නාවූ ඔහුගේ සිත සමාධියට නොපැමිණෙයි. ක්ලේශයෝ පහනොවෙත්. හෙතෙම ඒ නිමිත්ත නොම ඉගෙන ගනියිද,
“මහණෙනි, ඒ බාලවූ අව්‍යක්තවූ අදක්ෂවූ මහණ තෙම මේ ආත්මයෙහි සැප විහරණ නොලබන්නේ වෙයි. ලෝකෝත්තර සිහිය හා නුවණ නොලබන්නේ වෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ බාලවූ අව්‍යක්තවූ අදක්ෂවූ භික්ෂුව ස්වකීය චිත්තයාගේ නිමිත්ත නොදනී නම් එය එසේ වන්නේය.
“මහණෙනි, පණ්ඩිතවූ ව්‍යක්තවූ දක්ෂවූ අරක්කැමියෙක් රජුන්ට හෝ රජමහ ඇමතියන්ට හෝ ඇඹුල් රස ඇත්තාවූද තිත්ත රස ඇත්තාවූද කටුක රස ඇත්තාවූද මිහිරි රස ඇත්තාවූද කර රස ඇත්තාවූද කර රස නැත්තාවූද ලුණු රස ඇත්තාවූද කිවුල් රස ඇත්තාවූද නොයෙක් ව්‍යඤ්ජන වර්ග එළවන්නේය.
ඒ පණ්ඩිතවූ ව්‍යක්තවූ දක්ෂවූ අරක්කැමියා ස්වකීය ස්වාමියාගේ ලකුණු ඉගෙන ගන්නේය. අද මාගේ ස්වාමියා මේ ව්‍යඤ්ජනය කැමතිවෙයි. මෙයට අත දිගු කරයි. මෙය බොහෝකොට වළඳයි. මෙහි ගුණ කියයි. අද මාගේ ස්වාමියා ඇඹුල්රස ඇති ව්‍යඤ්ජනය කැමතිවෙයි. ඇඹුල්රස ව්‍යඤ්ජනයට අත දිගු කරයි. ඇඹුල් රස ව්‍යඤ්ජනය බොහෝකොට වළඳයි. ඇඹුල් රස ව්‍යඤ්ජනයෙහි ගුණ කියයි. අද මාගේ ස්වාමියා තිත්ත රස ව්‍යඤ්ජනය කැමතිවෙයි. අද කටුක රස ඇති ව්‍යඤ්ජනය අද මිහිරි රස ඇති ව්‍යඤ්ජනය අද කර රස ඇති ව්‍යඤ්ජනය අද කර රස නැති ව්‍යංජනය අද ලුණු රස ඇති ව්‍යඤ්ජනය අද කිවුල්රස ඇති ව්‍යඤ්ජනය කැමති වෙයි. කිවුල් රස ඇති ව්‍යඤ්ජනයට අත දිගු කරයි. කිවුල් රස ඇති ව්‍යඤ්ජනය බොහෝකොට වළඳයි. කිවුල් රස ඇති ව්‍යඤ්ජනයෙහි ගුණ කියයි යනුවෙනි.
“මහණෙනි, ඒ පණ්ඩිතවූ ව්‍යක්තවූ දක්ෂවූ අරක්කැමියා වස්ත්‍රද ලබන්නේය. වැටුප්ද ලබන්නේය. තෑගි බෝගද ලබන්නේය. ඊට හේතු කවරේද? එසේ ඒ පණ්ඩිතවූ ව්‍යක්තවූ දක්ෂවූ අරක්කැමියා ස්වාමියාගේ ලකුණු ඉගෙන ගන්නේය.
“මහණෙනි, එසේම මේ ශාසනයෙහි පණ්ඩිතවූ ව්‍යක්තවූ දක්ෂවූ මහණතෙමේ වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයිද, කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරන්නාවූ ඔහුගේ සිත සමාධියට පැමිණෙයි. ක්ලේශයෝ පහවෙත්. හෙතෙමේ ඒ නිමිත්ත උගනියි.
“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරයිද, වේදනාවන්හි වේදනා නැවත නැවත බලමින් වාසය කරන්නාවූ ඔහුගේ සිත සමාධියට පැමිණෙයි. ක්ලේශයෝ පහවෙත්. හෙතෙම ඒ නිමිත්ත උගනියි.
‘වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරයිද, චිත්තයෙහි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරන්නාවූ ඔහුගේ සිත සමාධියට පැමිණෙයි. ක්ලේශයෝ පහවෙත්. හෙතෙම ඒ නිමිත්ත උගනියි.
“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරයිද, ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරන්නාවූ ඔහුගේ සිත සමාධියට පැමිණෙයි. ක්ලේශයෝ පහවෙත්. හෙතෙමේ ඒ නිමිත්ත උගනියි.
“මහණෙනි, පණ්ඩිතවූ ව්‍යක්තවූ දක්ෂවූ ඒ මහණතෙමේ මේ ආත්මයෙහි සැපවිහරණද ලබන්නේ වෙයි. ලෝකෝත්තර සිහිය හා නුවණද ලබන්නේ වෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, එසේ ඒ පණ්ඩිතවූ ව්‍යක්තවූ දක්ෂවූ මහණතෙමේ ස්වකීය චිත්තයාගේ නිමිත්ත උගනියි” (එහෙයිනි.)
|
9. ගිලානසුත්තං | 9. ගිලාන සූත්‍රය |
375
එවං මෙ සුතං - එකං සමයං භගවා වෙසාලියං විහරති වෙළුවගාමකෙ
(බෙලුවගාමකෙ (සී. ස්‍යා. කං. පී.)). තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘එථ තුම්හෙ, භික්ඛවෙ, සමන්තා වෙසාලියා යථාමිත්තං යථාසන්දිට්ඨං යථාසම්භත්තං වස්සං උපෙථ. ඉධෙවාහං වෙළුවගාමකෙ වස්සං උපගච්ඡාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති
අථ ඛො භගවතො වස්සූපගතස්ස ඛරො ආබාධො උප්පජ්ජි, බාළ්හා වෙදනා වත්තන්ති මාරණන්තිකා. තත්ර සුදං භගවා සතො සම්පජානො අධිවාසෙසි අවිහඤ්ඤමානො. අථ ඛො භගවතො එතදහොසි - ‘‘න ඛො
අථ ඛො භගවා ගිලානා වුට්ඨිතො
(ගිලානවුට්ඨිතො (සද්දනීති)) අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා විහාරා නික්ඛමිත්වා විහාරපච්ඡායායං
(විහාරපච්ඡාඡායායං (බහූසු)) පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං
‘‘කිං පන දානි, ආනන්ද, භික්ඛුසඞ්ඝො මයි පච්චාසීසති
(පච්චාසිංසති (සී. ස්‍යා. කං. පී.))? දෙසිතො, ආනන්ද, මයා ධම්මො අනන්තරං අබාහිරං කරිත්වා. නත්ථානන්ද, තථාගතස්ස ධම්මෙසු ආචරියමුට්ඨි. යස්ස නූන, ආනන්ද, එවමස්ස - ‘අහං භික්ඛුසඞ්ඝං පරිහරිස්සාමී’ති වා, ‘මමුද්දෙසිකො භික්ඛුසඞ්ඝො’ති වා, සො නූන, ආනන්ද, භික්ඛුසඞ්ඝං ආරබ්භ කිඤ්චිදෙව උදාහරෙය්ය. තථාගතස්ස ඛො, ආනන්ද, න එවං හොති - ‘අහං භික්ඛුසඞ්ඝං පරිහරිස්සාමී’ති වා
‘‘යස්මිං
‘‘කථඤ්චානන්ද, භික්ඛු අත්තදීපො විහරති අත්තසරණො අනඤ්ඤසරණො, ධම්මදීපො ධම්මසරණො අනඤ්ඤසරණො? ඉධානන්ද, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු...පෙ.... චිත්තෙ...පෙ.... ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො
|
375
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා නුවර බෙලුව නම් ගමෙහි වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. “මහණෙනි, එව තෙපි විශාලා නුවර අවට මිත්‍රයන් යහළුවන් එකට වළඳා පුරුදු ඇතියන් ඇති ඇති සැටියෙන් වස් වසව. මම මෙහිම බෙලුව ගමෙහි වස් වසන්නෙමියි” වදාළේය.
“ස්වාමීනි, එසේයයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී විශාලා නුවර හාත්පස මිත්‍රයන් යහළුවන් එකට වළඳා පුරුදු වූවත් ඇති පරිදි වස් වැසූහ. භාග්‍යවතුන් වහන්සේ වනාහි බෙලුව ගමෙහි වස් වැසූහ.
එහි වස්වැසූ භාග්‍යවතුන් වහන්සේට කෲර ආබාධයක් උපන්නේය. මාරණාන්තිකවූ බලවත් වේදනා පවතිත්. ඒ වේදනා භාග්‍යවතුන් වහන්සේ පීඩා නොවෙමින් සිහි නුවණින් යුක්තව ඉවසූසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙසේ අදහස් විය. ‘උපස්ථායකයන්ට නොදන්වා භික්ෂු සංඝයාට අවවාද නොකොට පිරිනිවන්පාන්නෙමි නම් එය මට සුදුසු නොවේ. එහෙයින් මම මේ ආබාධය වීර්‍ය්‍යයෙන් දුරුකොට ජීවිත සංස්කාරය ආරක්ෂා කරන්නාවූ ඵල සමාපත්තිය ඉටා වාසය කරන්නෙමි නම් මැනවි කියායි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වීර්‍ය්‍යයෙන් ආබාධය දුරුකොට ජීවිතය රක්නාවූ ඵලසමාපත්තිය ඉටා වාසය කළසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ගිලන්කමින් නැගිට ගිලන්කමින් නැගිටි නොබෝකල් ඇත්තේ සවස් කාලයෙහි වැටෙන විහාර ඡායාවෙහි පණවන ලද ආසනයෙහි වැඩ හුන්හ.
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හිඳ ගත්තේය. එක් පසෙක හිඳගත් ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැල කෙළේය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට ඉවසිය හැකි බව දක්නා ලදී. භාග්‍යවතුන් වහන්සේට යැපිය හැකි බව දක්නාලදී. භාග්‍යවතුන් වහන්සේගේ ගිලන්කම නිසා මගේ කය ගල් ගැසුනාක් මෙන් විය. මට දිශාද නොවැටහෙත්. මට සතිපට්ඨාන ධර්මයන්ද නොවැටහෙත්. එහෙත්, ස්වාමීනි, මට දැන් භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසංඝයා අරබයා කිසියම් පශ්චිම අවවාදයක් නොදී පිරිනිවන් නොපාන්නේ යයි ස්වල්ප මාත්‍ර ආශ්වාදයක් ලැබිණැයි” කීය.
“ආනන්දය දැන් භික්ෂු සංඝයා මා කෙරෙහි කුමක් හෙයින් බලාපොරොත්තු වන්නෙහිද? ආනන්දය මා විසින් ඇතුළත් පිරිස, පිට පිරිස වශයෙන් වෙනසක් නොකොට ධර්මය දේශනා කරන ලදී. ආනන්දය, තථාගතයන්ගේ ධර්මයෙහි ගුරුමුෂ්ටියක් නැත්තේය.
“ආනන්දය, යමෙකුට වනාහි මමම භික්ෂු සංඝයා පරිහරණය කරන්නෙමියි හෝ භික්ෂුසංඝයා මා බලාපොරොත්තුවෙන්ම සිටීවායී හෝ හෙතෙමේම භික්ෂු සංඝයා අරබයා කිසියම් අවසාන අවවාදයක් කරන්නේයයි හෝ අදහස් වේද, ආනන්දය, තථාගතයන් වහන්සේට එවැනි වූ ‘මමම භික්ෂු සංඝයා පරිහරණය කරන්නෙමි. භික්ෂු සංඝයා මාම බලාපොරොත්තු වේවා’ යන අදහසක් නැත. ආනන්දය, ඒ තථාගතයන් වහන්සේ භික්ෂු සංඝයා අරබයා කිනම් අවසාන අවවාදයක් කරන්නේද? ආනන්දය, දැන් වනාහි මම දිරා ගියේ වෙමි. මහළු වූයේ වෙමි. කල් ගත වූයේ වෙමි. වයසට පැමිණියේ වෙමි. අසූ වයස් වෙමි. ආනන්දය, යම්සේ දිරාගිය ගැලක් උණ පතුරු බැඳ ප්‍රයෝජනයට ගනියිද, ආනන්දය, එසේම තථාගතයන් වහන්සේගේ කය උණ පතුරු තබා බඳින ලද්දාක් මෙන් හඟිමියි වදාළේය.
“ආනන්දය, යම්විටෙක තථාගත තෙමේ සියලු රූපාදී අරමුණු මෙනෙහි නොකිරීමෙන් ඇතැම් වේදනා (ලෞකික වේදනා) නිරුඞ කිරීමෙන් අනිමිත්ත චේතෝ විමුක්ති සංඛ්‍යාත අර්හත්ඵල සමාපත්තියට පැමිණ වාසය කරන්නේද, ආනන්දය, එකල්හි තථාගතයන් වහන්සේට අතිශයින් පහසු වෙයි. එහෙයින් ආනන්දය, තමා ආලෝකයක් කොට ගෙන තමා පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන ධර්මය ආලෝකයක් කොට ගෙන ධර්මය පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන වාසය කරව්.
“ආනන්දය, කෙසේ නම් මහණතෙම තමා ආලෝකයක් කොට ගෙන තමා පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන ධර්මය ආලෝකයක් කොට ගෙන ධර්මය පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන වාසය කරන්නේද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම වීර්‍ය්‍යයෙන් යුත්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයිද, “වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරයිද, “වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරයිද, ‘වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරු කොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරයිද,
“ආනන්දය, මෙසේ වනාහි මහණතෙමේ තමා ආලෝකයක් කොට ගෙන තමා පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන ධර්මය ආලෝකයක් කොට ගෙන ධර්මය පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන වාසය කරන්නේ වෙයි.
“ආනන්දය, දැන් හෝ මගෙන් පසුව හෝ යම්කිසිවෙක් තමා ආලෝකයක් කොට ගෙන තමා පිළිසරණ කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන ධර්මය ආලෝකයක් කොට ගෙන ධර්මය පිළිසරණ කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන වාසය කරන්නාහුද ආනන්දය, ඔව්හුම අග්‍ර භික්ෂූහු වෙත්. ඔව්හුම ශික්ෂාකාමීහු වෙත්යයි” වදාළේය.
|
10. භික්ඛුනුපස්සයසුත්තං | 10. භික්ඛුනූපස්සය සූත්‍රය |
376
අථ ඛො ආයස්මා ආනන්දො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන අඤ්ඤතරො භික්ඛුනුපස්සයො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො සම්බහුලා භික්ඛුනියො යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තා භික්ඛුනියො ආයස්මන්තං ආනන්දං එතදවොචුං -
‘‘ඉධ, භන්තෙ ආනන්ද, සම්බහුලා භික්ඛුනියො චතූසු සතිපට්ඨානෙසු සුප්පතිට්ඨිතචිත්තා
(සුපට්ඨිතචිත්තා (සී. පී. ක.)) විහරන්තියො උළාරං පුබ්බෙනාපරං විසෙසං සඤ්ජානන්තී’’ති
(සම්පජානන්තීති (ක.)). ‘‘එවමෙතං
අථ
‘‘ඉධාහං, භන්තෙ, පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන අඤ්ඤතරො භික්ඛුනුපස්සයො
‘‘එවමෙතං, ආනන්ද, එවමෙතං, ආනන්ද! යො හි කොචි, ආනන්ද, භික්ඛු වා භික්ඛුනී වා චතූසු සතිපට්ඨානෙසු සුප්පතිට්ඨිතචිත්තො විහරති, තස්සෙතං පාටිකඞ්ඛං - ‘උළාරං පුබ්බෙනාපරං විසෙසං සඤ්ජානිස්සති’’’
(සඤ්ජානිස්සතීති (බහූසු)).
‘‘කතමෙසු චතූසු? ඉධානන්ද, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තස්ස
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛු වෙදනාසු...පෙ.... චිත්තෙ...පෙ.... ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තස්ස ධම්මෙසු ධම්මානුපස්සිනො විහරතො ධම්මාරම්මණො වා උප්පජ්ජති කායස්මිං පරිළාහො, චෙතසො වා ලීනත්තං, බහිද්ධා වා චිත්තං වික්ඛිපති. තෙනානන්ද, භික්ඛුනා කිස්මිඤ්චිදෙව පසාදනීයෙ නිමිත්තෙ චිත්තං පණිදහිතබ්බං. තස්ස කිස්මිඤ්චිදෙව පසාදනීයෙ නිමිත්තෙ චිත්තං පණිදහතො පාමොජ්ජං ජායති
‘‘කථඤ්චානන්ද
‘‘ඉති
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති. දසමං.
|
376
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ උදය කාලයෙහි හැඳ පාත්‍ර සිව්රු ගෙන එක්තරා භික්ෂුණී ආශ්රමයක් යම් තැනෙක්හිද එතැනට ගියේය. ගොස් පනවන ලද ආසනයෙහි හිඳ ගත්තේය.
එකල්හි බොහෝ භික්ෂුණීහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද එතැනට පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වැඳ, එක්පසෙක හිඳගත්හ. එක්පසෙක හිඳගත් ඒ භික්ෂුණීහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙසේ කීහ. ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, මෙහි බොහෝ භික්ෂුණීහු සතර සතිපට්ඨානයන්හි මනාකොට පිහිටුවන ලද සිත් ඇතිව වාසය කරමින් වඩ වඩා උසස් විශේෂයන් අවබෝධ කරත්.”
‘නැගනිවරුනි, එය එසේමය. නැගනිවරුනි, එය එසේමය. නැගනිවරුනි, යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ සතර සතිපට්ඨානයන්හි මනාකොට පිහිටුවන ලද සිත් ඇතිව වාසය කෙරේද, ඔහු වඩ වඩා උසස් විශේෂ අවබෝධ කරන්නේය යන මෙය කැමතිවිය යුතුයයි” කීය.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ ඒ භික්ෂුණීන්හට දැහැමි කථාවකින් කරුණු දක්වා සමාදන් කරවා සිත් තියුණු කරවා සිත් පහදවා ආසනයෙන් නැගිට ගියේය.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ සැවැත් නුවර පිඬු පිණිස හැසිර පසු බත් කාලයෙහි පිණ්ඩපාතයෙන් ආපසු පැමිණියේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක් හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, මම උදය කාලයෙහි හැඳ පාත්‍ර සිවුරු ගෙන එක්තරා භික්ෂුණී ආශ්රමයක් යම් තැනෙකද එහි ගියෙමි. ගොස් පනවන ලද ආසනයෙහි හිඳ ගත්තෙමි. ස්වාමීනි, එකල්හි බොහෝ භික්ෂුණීහු මම යම් තැනෙක්හිද එහි පැමිණියහ. පැමිණ මාහට වැඳ එක්පසෙක හිඳගත්හ. එක්පසෙක හිඳගත් ඒ භික්ෂුණීහු මට මෙසේ කීහ. ‘ස්වාමීනි, ආනන්ද ස්ථවිරයෙනි, බොහෝ භික්ෂුණීහු සතර සතිපට්ඨානයන්හි පිහිටුවන ලද සිත් ඇතිව වාසය කිරීමෙන් වඩ වඩා උසස් විශේෂයන් අවබෝධකරත්’යි.
“ස්වාමීනි, මෙසේ කියන ලද්දාවූ මම ඒ භික්ෂුණීන්හට මෙසේ කීයෙමි. ‘නැගනිවරුනි, ඒ එසේමය. නැගනිවරුනි, ඒ එසේමය. නැගනිවරුනි, යම් භික්ෂුවක් හෝ යම් භික්ෂුණියක් හෝ සතර සතිපට්ඨානයන්හි පිහිටුවන ලද සිත් ඇතිව වාසය කෙරේද ඔහු වඩ වඩා උසස් විශේෂයන් අවබෝධ කරන්නේය යන මෙය කැමැති විය යුතුය”යි.
“ආනන්දය, ඒ එසේමය. ආනන්දය, ඒ එසේමය. ආනන්දය, යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ සතර සතිපට්ඨානයන්හි මනාව පිහිටුවන ලද සිත් ඇතිව වාසය කරයිද ඔහු වඩ වඩා උසස් විශේෂයන් අවබෝධ කරන්නේය යන මෙය කැමතිවිය යුතුයි.
“කවර සතරෙක්හිද යත්? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙමේ වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරු කොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයිද, ඒ කයෙහි කය නැවත බලමින් වාසය කරන්නා වූ ඔහුට කය අරමුණු කොට කයෙහි ක්ලේශ දාහයක් උපදින්නේ හෝ වෙයිද, සිතෙහි හැකිලීමක් උපදින්නේ හෝ වෙයිද, පිටත් අරමුණුවල සිත විසිර යන්නේ හෝ වෙයිද, ආනන්දය, ඒ භික්ෂුව විසින් යම්කිසි ප්‍රසාදය උපදින අරමුණක සිත පිහිටු විය යුතුයි. කිසියම් ප්‍රසාදය උපදින අරමුණක සිත පිහිට වූ ඔහුට තරුණ ප්‍රීතිය උපදියි, තරුණ ප්‍රීතිය උපන් ඔහුට බලවත් ප්‍රීතිය උපදියි, බලවත් ප්‍රීතියෙන් යුත් ඔහුගේ නාම කය සංසිඳෙයි. සන්සිඳුනු කය ඇත්තේ සැපය ලබයි. සැපවත් වූවහුගේ සිත සමාධියට පැමිණෙයි. හෙතෙම මෙසේ සිතයි. මම වනාහි යම් අර්ථයක් පිණිස සිත පැහැදිය යුතු අරමුණෙක්හි තැබුයෙම්ද ඒ මාගේ අර්ථය මුදුන් පැමිණියේය. දැන් එය ඉවත් කරමි’යි හෙතෙම එම අරමුණෙන් සිත ඉවත් කරන්නේද වෙයි. ක්ලේශ විතර්කයක් නොසිතන්නේද වෙයි. ක්ලේශ විචාරයක් නූපදන්නේද වෙයි. ‘ක්ලේශ විතර්ක විචාර රහිත වූයෙමි. භාවනාරම්මණයෙහි සිහියෙන් යුක්ත වෙමි. සැපයෙන් යුක්ත වෙමියි’ දැනගනියි.
“නැවත අනිකක්ද කියමි. ආනන්දය, මහණතෙම වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරයිද, වේදනාවන්හි වේදනා නැවත නැවත බලමින් වාසය කරන්නා වූ ඔහුට වේදනාව අරමුණු කොට කයෙහි ක්ලේශ දාහයක් උපදින්නේ හෝ වෙයිද, සිතෙහි හැකිලීමක් උපදින්නේ හෝ වෙයිද, පිටත් අරමුණුවල සිත විසිර යන්නේ හෝ වෙයිද. ආනන්දය, ඒ භික්ෂුව විසින් යම්කිසි ප්‍රසාදය උපදින අරමුණක සිත පිහිටවිය යුතුයි. කිසියම් ප්‍රසාදය උපදින අරමුණක සිත පිහිට වූ ඔහුට තරුණ ප්‍රීතිය උපදියි. තරුණ ප්‍රීතිය උපන් ඔහුට බලවත් ප්‍රීතිය උපදියි. බලවත් ප්‍රීතියෙන් යුත් ඔහුගේ නාම කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තේ සැපය ලබයි. සැපවත් වූවහුගේ සිත සමාධියට පැමිණෙයි. හෙතෙම මෙසේ සිතයි. ‘මම වනාහි යම් අර්ථයක් පිණිස සිත පැහැදිය යුතු අරමුණෙක්හි තැබූයෙම්ද, ඒ මාගේ අර්ථය මුදුන් පැමිණියේය, දැන් එය ඉවත් කරමි’යි හෙතෙම එම අරමුණෙන් සිත ඉවත් කරන්නේද වෙයි. ක්ලේශ විතර්කයක් නොසිතන්නේද වෙයි. ක්ලේශ විචාරයක් නූපදන්නේද වෙයි. ‘ක්ලේශ විතර්ක විචාර රහිත වූයෙමි. භාවනාරම්මණයෙහි සිහියෙන් යුක්ත වෙමි. සැපයෙන් යුක්ත වෙමියි’ දැන ගනියි.
“නැවත අනිකක්ද කියමි. ආනන්දය, මහණතෙමේ වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරයිද චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරන්නා වූ ඔහුට සිත අරමුණු කොට කයෙහි ක්ලේශ දාහයක් උපදින්නේ හෝ වෙයිද, සිතෙහි හැකිලීමක් උපදින්නේ හෝ වෙයිද පිටත් අරමුණුවල සිත විසිරයන්නේ හෝ වෙයිද ආනන්දය, ඒ භික්ෂුව විසින් යම්කිසි ප්‍රසාදය උපදින අරමුණක සිත පිහිට විය යුතුයි. කිසියම් ප්‍රසාදය උපදින අරමුණක සිත පිහිටවූ ඔහුට තරුණ ප්‍රීතිය උපදියි. තරුණ ප්‍රීතිය උපන් ඔහුට බලවත් ප්‍රීතිය උපදියි. බලවත් ප්‍රීතියෙන් යුත් ඔහුගේ නාම කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තේ සැපය ලබයි. සැපවත් වූවහුගේ සිත සමාධියට පැමිණෙයි. හෙතෙම මෙසේ සිතයි. ‘මම වනාහි යම් අර්ථයක් පිණිස සිත පැහැදිය යුතු අරමුණෙක්හි තැබූයෙම්ද ඒ මාගේ අර්ථය මුදුන්පැමිණියේය දැන් එය ඉවත් කරමියි’ හෙතෙම එම අරමුණෙන් සිත ඉවත් කරන්නේද වෙයි. ක්ලේශ විතර්කයක් නොසිතන්නේද වෙයි. ක්ලේශ විචාරයක් නූපදවන්නේද වෙයි. ක්ලේශ විතර්ක විචාර රහිත වූයෙමි. භාවනාරම්මණයෙහි සිහියෙන් යුක්ත වෙමි. සැපයෙන් යුක්ත වෙමියි’ දැනගනියි.
“නැවත අනිකක්ද කියමි. ආනන්දය මහණතෙම වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ස්කන්ධලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරයිද, ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරන්නාවූ ඔහුට ධර්මයන් අරමුණු කොට කයෙහි ක්ලේශ දාහයක් උපදින්නේ හෝ වෙයිද සිතේ හැකුළුණු බවක් උපදින්නේ හෝ වෙයිද පිටත් අරමුණක සිත දුවන්නේ හෝ වෙයිද ආනන්දය, ඒ භික්ෂුව විසින් යම්කිසි පැහැදියයුතු අරමුණක සිත පිහිට විය යුතුයි. සිත පැහැදිය යුතු අරමුණක පිහිටවූ ඔහුට තරුණ ප්‍රීතිය උපදියි. තරුණ ප්‍රීතිය උපන්නහුට බලවත් ප්‍රීතිය උපදියි. බලවත් ප්‍රීතිය උපන්නහුගේ නාම කය සංසිඳෙයි. සංසිඳුණු නාම කය ඇත්තේ සැප වේදනා ඇත්තේ වෙයි. සැප වේදනා ඇත්තහුගේ සිත සමාධියට පැමිණෙයි. හෙතෙම මෙසේ සිතයි. ‘මම යම් අර්ථයක් සඳහා සිත පැහැදිය යුතු අරමුණෙක්හි තැබුයෙම්ද මාගේ ඒ අර්ථය මුදුන් පැමිණියේය. දැන් සිත එයින් ඉවත් කරමියි’ හෙතෙම ඒ අරමුණෙන් සිත ඉවත් කරන්නේද වෙයි. ක්ලේශ විතර්කයන් නොසිතන්නේද වෙයි. ක්ලේශ විචාරයන් නූපදවන්නේද වෙයි. ක්ලේශ විතර්ක නැත්තේ වෙමි. අකුසල විචාර නැත්තේ වෙමි. භාවනාරම්මණයෙහි උපන් සිහියෙන් යුක්තවූයෙම් සැප ඇත්තෙමියි දනියි. ආනන්දය, මෙසේ වනාහි පණිධාය (කමටහන් අරමුණෙන් අන් අරමුණක සිත ටික වේලාවක් තබා) කරන භාවනාව වෙයි.
“ආනන්දය, කෙසේ නම් සිත පිටත් අරමුණක නොතබා කරන භාවනාව වෙයිද? ආනන්දය, මහණතෙම සිත පිටත් අරමුණක නොතබා ‘මා විසින් පිටත් අරමුණක සිත නොතබන ලදැයි’ දැනගනියි. ඉක්බිති පූර්වය යයි කියන ලද මුල් කර්මස්ථානයෙහිද පසුයයි කියන ලද අර්හත්වයෙහිද සිත නොහැකුළුණේය. කෙලෙසුන්ගෙන් මිදුණේය. සිත පිටත් අරමුණක නොතබන ලදැයි දැනගනියි. නැවතද වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරමි. සැපයෙන් යුක්ත වෙමියි’ දැනගනියි.
“ආනන්දය, මහණතෙම සිත පිටත් අරමුණක නොතබා ‘මා විසින් පිටත් අරමුණක සිත නොතබන ලදැයි’ දැනගනියි. ඉක්බිති පළමුව හා පසුව සිත නොහැකුළුණේය. කෙලෙසුන් කෙරෙන් මිදුණේය. පිටත් අරමුණක සිත නොතබන ලදැයි’ දැනගනියි. නැවතද වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරමි. සැපයෙන් යුක්ත වෙමියි දැනගනියි.
“ආනන්දය, මහණ තෙමේ පිටත් අරමුණෙක්හි සිත නොපිහිටුවා ‘මා විසින් පිටත් අරමුණක සිත නොතබනලදැයි’ දැනගනියි. ඉක්බිති පළමුව හා පසුව සිත නොහැකුළුණේය. කෙලෙසුන් කෙරෙන් මිදුණේය. පිටත් අරමුණක නොපිහිටුවන ලදැයි’ දැනගනියි. තවද වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරමි. සැප ඇත්තෙමියි’ දැනගනියි.
“ආනන්දය, මහණතෙම සිත පිටත් අරමුණක නොතබා ‘මා විසින් සිත පිටත් අරමුණක නොතබන ලදැයි දැනගනියි. නැවත පළමුව හා පසුව සිත නොහැකුළුණේය. කෙලෙසුන් කෙරෙන් මිදුණේය. පිටත් අරමුණක නොතබන ලදැයි’ දැනගනියි. නැවත වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ධර්මයන්හි ධර්මයන් අනුව නැවත නැවත බලමින් වාසය කරමි. සැපයෙන් යුක්තවෙමියි දැන ගනියි.
“ආනන්දය, මෙසේ වනාහි සිත අන් අරමුණක නොතබා කරන භාවනාව වේ. ආනන්දය, මෙසේ ‘මා විසින් සිත අන් අරමුණක තබා කරන භාවනාවත් අන් අරමුණක නොතබා කරන භාවනාවත් දේශනා කරන ලදහ. ආනන්දය, හිතෙසීවූ ශාස්තෘවරයෙකු විසින් ශ්රාවකයන්හට යමක් කටයුතු නම් එය මා විසින් තොපට අනුකම්පා උපදවා කරන ලදී. ආනන්දය, මේ වෘක්ෂ මූලයෝය. මේ සූන්යාගාරයෝය. ආනන්දය, ධ්‍යාන කරව්. ප්‍රමාද නොවව්. පසුව පසුතැවිලි වූවෝ නොවව්. මේ වනාහි අපගේ අනුශාසනාවයි.”
|
2. නාලන්දවග්ගො | 2. නාලන්දා වර්ගය |
1. මහාපුරිසසුත්තං | 1. මහා පුරිස සූත්‍රය |
377
සාවත්ථිනිදානං
‘‘කථඤ්ච, සාරිපුත්ත, විමුත්තචිත්තො හොති? ඉධ, සාරිපුත්ත, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තස්ස කායෙ කායානුපස්සිනො විහරතො චිත්තං විරජ්ජති, විමුච්චති අනුපාදාය ආසවෙහි. වෙදනාසු...පෙ.... චිත්තෙ...පෙ....
|
377
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, මහා පුරුෂයා මහා පුරුෂයායයි කියනු ලැබේ. ස්වාමිනි, කරුණු කීයකින් මහා පුරුෂයෙක් වන්නේද?”
“ශාරිපුත්‍රය, මම මිදුනු සිත් ඇති බැවින් මහා පුරුෂයෙකැ”යි කියමි. නොමිදුනු සිත් ඇති බැවින් මහාපුරුෂයෙකැ”යි නොකියමි. ශාරිපුත්‍රය, කෙසේ මිදුනු සිත් ඇත්තෙක් වෙයිද?
“ශාරිපුත්‍රය, මේ සස්නෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ශරීරයෙහි ලෝභයද, ක්‍රෝධයද, සංසිඳවාගෙන ශරීරයෙහි ශරීරය අනුව දක්නා ස්වභාව ඇතිව වාසය කෙරේද? ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නාවූ ඔහුගේ සිත තෘෂ්ණාවෙන් දැඩිකොට අල්වා නොගෙන ආශ්‍රවයන් කෙරෙන් මිදෙයි. නොඇලෙයි.
‘ශාරිපුත්‍රය, මේ සස්නෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ වේදනාවන්හි ලෝභයද ක්‍රෝධයද, සංසිඳවාගෙන වේදනාවෙහි වේදනාව අනුව දක්නා ස්වභාව ඇතිව වාසය කෙරේද? වේදනාවෙහි වේදනාව අනුව බලමින් වාසය කරන්නාවූ ඔහුගේ සිත තෘෂ්ණාවෙන් දැඩිකොට අල්වා නොගෙන ආශ්‍රවයන් කෙරෙන් මිදෙයි. නොඇලෙයි.
“ශාරිපුත්‍රය, මේ සස්නෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ චිත්තයන්හි ලෝභයද ක්‍රෝධයද සංසිඳවාගෙන සිත් කෙරෙහි සිත් අනුව දක්නා ස්වභාව ඇතිව වාසය කෙරේද, සිත් කෙරෙහි සිත් අනුව බලමින් වාසය කරන්නාවූ ඔහුගේ සිත තෘෂ්ණාවෙන් දැඩිකොට අල්වා නොගෙන ආශ්‍රවයන් කෙරෙන් මිදෙයි. නොඇලෙයි.
“ශාරිපුත්‍රය, මේ සස්නෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව නීවරණාදි ධර්ම රාසියෙහි ලෝභයද ක්‍රෝධයද සංසිඳවාගෙන නීවරණාදි ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව සිහි කරමින් වාසය කෙරේද, ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නාවූ ඔහුගේ සිත තෘෂ්ණාවෙන් දැඩිව අල්වා නොගෙන ආශ්‍රවයන් කෙරෙන් මිදෙයි. නො ඇලෙයි.
“ශාරිපුත්‍රය, මෙසේ වනාහි මිදුනු සිත් ඇත්තෙක් වේ. සාරිපුත්‍රය, මම මිදුනු සිත් ඇති බැවින් මහා පුරුෂයා යයි කියමි. නොමිදුනු සිත් ඇති බැවින් මහා පුරුෂයායයි නොකියමි.
|
2. නාලන්දසුත්තං | 2. නාලන්දා සූත්‍රය |
378
එකං
‘‘කිං නු තෙ, සාරිපුත්ත, යෙ තෙ අහෙසුං අතීතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, සබ්බෙ තෙ භගවන්තො චෙතසා චෙතො පරිච්ච විදිතා - ‘එවංසීලා තෙ භගවන්තො අහෙසුං’ ඉති වා, ‘එවංධම්මා තෙ භගවන්තො අහෙසුං’ ඉති වා, ‘එවංපඤ්ඤා තෙ භගවන්තො අහෙසුං’ ඉති වා, ‘එවංවිහාරිනො තෙ භගවන්තො අහෙසුං’ ඉති වා, ‘එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං’ ඉති වා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’!
‘‘කිං පන තෙ, සාරිපුත්ත, යෙ තෙ භවිස්සන්ති අනාගතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, සබ්බෙ තෙ භගවන්තො චෙතසා චෙතො පරිච්ච විදිතා - ‘එවංසීලා තෙ භගවන්තො භවිස්සන්ති’ ඉති වා, ‘එවංධම්මා තෙ භගවන්තො භවිස්සන්ති’ ඉති වා, ‘එවංපඤ්ඤා තෙ භගවන්තො භවිස්සන්ති’ ඉති වා, ‘එවංවිහාරිනො තෙ භගවන්තො භවිස්සන්ති’ ඉති
‘‘කිං
‘‘එත්ථ ච තෙ, සාරිපුත්ත, අතීතානාගතපච්චුප්පන්නෙසු අරහන්තෙසු සම්මාසම්බුද්ධෙසු චෙතොපරියඤාණං
(චෙතොපරියායඤාණං (බහූසු)) නත්ථි. අථ කිඤ්චරහි ත්යායං, සාරිපුත්ත, උළාරා ආසභී වාචා භාසිතා, එකංසො ගහිතො, සීහනාදො නදිතො - ‘එවංපසන්නො අහං, භන්තෙ, භගවති! න චාහු, න ච භවිස්සති, න චෙතරහි විජ්ජති අඤ්ඤො සමණො වා බ්රාහ්මණො වා භගවතා’ භිය්යොභිඤ්ඤතරො, යදිදං - සම්බොධිය’’න්ති?
‘‘න
‘‘සාධු
|
378
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවර සමීපයෙහිවූ පාවාරිකා නම් අඹ වනයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ශාරිපුත්‍ර ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය.
“අර්හත් මාර්ගඥානයෙන් භාග්‍යවතුන් වහන්සේට වඩා උසස් අන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් අතීතයෙහිද නොවීය. අනාගතයෙහිද නොවන්නේය. දැනුදු නැතැයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මේ කාරණයෙන් මම පැහැදුනෙමි.”
“ශාරිපුත්‍රය, ‘අර්හත් මාර්ග ඥානයෙන් භාග්‍යවතුන් වහන්සේට වඩා උසස් අන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් අතීතයෙහි නොවීය. අනාගතයෙහි නොවන්නේය. දැනුදු නැතැයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මේ කාරණයෙන් මම පැහැදුනෙමි’ යන නුඹේ මේ වචනය (කීම) උසස්ය. ශ්‍රේෂ්ඨ වචනයකි. නිශ්චය වශයෙන් ගන්නා ලද්දකි. අභීත නාදයක් කරන ලදී.
“ශාරිපුත්‍රය, කිමෙක්ද තොප විසින් අතීතයෙහි යම් ඒ අර්හත් සම්‍යක් සම්බුදුවරයෝ වූවාහුද, ඒ බුදුවරු මෙබඳු සිල් ඇත්තෝ වූහ කියා හෝ ඒ බුදුවරු මෙබඳු සමාධි ඇත්තෝ වූහ කියා හෝ, මෙබඳු නුවණ ඇත්තෝ වූහ කියා හෝ, ඒ බුදුවරු මෙබඳු සම්පත්ති ඇත්තෝ වූහ කියා හෝ, ඒ බුදුවරු මෙබඳු මිදීම් ඇත්තෝ වූහ කියා හෝ, ඒ සියලු බුදුවරුන්ගේ සිත තොපගේ සිතින් පිරිසිඳ දැනගන්නා ලද්දාහුද?”-“ස්වාමීනි, එය එසේ නොවේමය.”
“ශාරිපුත්‍රය, කිමෙක්ද? තොප විසින් අනාගතයෙහි යම් ඒ අර්හත් සම්‍යක් සම්බුදුවරයෝ වන්නාහුද, ඒ බුදුවරු මෙබඳු සිල් ඇත්තෝ වන්නාහුය කියා හෝ, ඒ බුදුවරු මෙබඳු සමාධි ඇත්තෝ වන්නාහ කියා හෝ ඒ බුදුවරු මෙබඳු නුවණ ඇත්තෝ වන්නාහ කියා හෝ, ඒ බුදුවරු මෙබඳු විහරණ ඇත්තෝ වන්නාහ කියා හෝ, ඒ බුදුවරු මෙබඳු විමුක්ති ඇත්තෝ වන්නාහ කියා හෝ, ඒ සියලු බුදුවරයන්ගේ සිත තමන්ගේ සිතින් පිරිසිඳ දැනගන්නා ලද්දාහුද?”-“ස්වාමීනි, එය එසේ නොවේමය.”
“කිමෙක්ද? ශාරිපුත්‍රය, තොප විසින් භාග්‍යවත් තෙමේ මෙබඳු සිල් ඇත්තේය කියා හෝ, භාග්‍යවත් තෙමේ මෙබඳු සමාධි ඇත්තේය කියා හෝ, භාග්‍යවත් තෙමේ මෙබඳු නුවණ ඇත්තේය කියා හෝ, භාග්‍යවත් තෙමේ මෙබඳු විහරණ ඇත්තේය කියා හෝ, භාග්‍යවත් තෙමේ මෙබඳු මිදීමක් ඇත්තේය කියා හෝ නුඹ විසින් මෙකල අර්හත් සම්‍යක් සම්බුද්ධයන්ගේ සිත තොපගේ සිතින් පිරිසිඳ දැන ගන්නා ලද්දේද?”-“ස්වාමීනි, එය එසේ නොවේමය.”
“ශාරිපුත්‍රය, මෙහිලා නුඹට අතීත, අනාගත, වර්තමාන අර්හත් සම්‍යක් සම්බුදුවරයන්ගේ සිත් දැනීමේ නුවණක් නැත්නම්, ශාරිපුත්‍රය, එසේ ඇති කල්හි කුමක් නිසා නුඹ විසින් යම් ඒ නිර්වාණාබෝධයක් වේද එයින් භාග්‍යවතුන් වහන්සේට වඩා උසස් අන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවීය. නොවන්නේය. දැනුදු නැත කීයෙහිද?”-“ස්වාමීනි, එසේ හෙයින් මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුනෙමි යන උසස් වචනයක් කියන ලද්දේද, ඒකාන්තකොට ගන්නා ලද්දේද, ශ්‍රේෂ්ඨ නාදයක් නාද කරන ලද්දේද, ස්වාමීනි, අතීත, අනාගත, වර්තමාන අර්හත් සම්බුදුවරයන් වහන්සේලාගේ සිත් දැනගැනීමේ නුවණක් මට නොමැත. එසේ වුවද (නය ග්‍රාහ වශයෙන්) ප්රත්යක්ෂ කරන ලද ධර්මයට අනුව ලබන ලද අනුමාන ඥානයෙන් දැනගන්නා ලදී.
“ස්වාමීනි, යම්සේ දැඩි පවුරක්ද ශක්තිමත් පවුරු තොරන්ද ඇති එකම දොරටුවක් ඇති රජෙකුගේ පිටිසර නගරයක් වේද, එහි නොහඳුනන්නන් වළක්වන හඳුනන්නවුන් ඇතුල් කරන පණ්ඩිත ව්‍යක්ත නුවණැති දොරටු පාලකයෙක් වන්නේය. හෙතෙම ඒ නගරයාගේ හාත්පසින් වැටී ඇති මග ඇවිදින්නේ පවුරේ ගඩොල් දෙකක් පහවූ තැනක් හෝ යටත් පිරිසෙයින් බළලෙකුට යාහැකි සිදුරක් පමණවත් නොදකියි. ඔහුට මෙබඳු සිතක් වන්නේය. ‘මහත් ශරීර ඇති යම්කිසි සත්ව කෙනෙක් නගරයට ඇතුල්වෙත්ද, නික්මෙත්ද, ඒ සියලුම සත්වයෝ මේ දොරින්ම ඇතුල්වන්නාහුද වෙත්. නික්මෙන්නාහුද වෙත්’ යනුයි
“ස්වාමීනි, එපරිද්දෙන් මා විසින් ප්රත්යක්ෂකරන ලද ධර්මයට අනුව ලබන ලද අනුමාන ඥානයෙන් දන්නා ලදී. කෙසේද? ස්වාමිනි, අතීත කාලයෙහි යම් ඒ අර්හත් සම්‍යක් සම්බුදුවරු වූවාහුද ඒ සියලු භාග්‍යවතුන් වහන්සේලා සිත කිලුටු කරන නුවණ දුබල කරන පස්වැදෑරුම් නීවරණයන් දුරුකොට සතර සතිපට්ඨානයන්හි මනාකොට පිහිටුවන ලද සිත් ඇත්තාහු සප්ත බොධ්යඞගයන් තත්වූ පරිද්දෙන් වඩා උතුම් සම්‍යක් සම්බෝධිය අවබෝධ කළාහුය. ස්වාමීනි, අනාගතයෙහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේලා ඇත්තාහුද, ඒ සියලු භාග්‍යවතුන් වහන්සේලාද සිත කිලුටුකරන්නාවූ නුවණ දුර්වල කරන්නාවූ පඤ්ච නීවරණයන් දුරුකොට සතර සතිපට්ඨානයන්හි පිහිටුවන ලද සිත් ඇත්තාහු සප්ත බොධ්යඞගයන් තත්වූ පරිදි වඩා අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධකරන්නාහ. මෙකල අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේද සිත කිලිටු කරන නුවණ දුබල කරන පස් වැදෑරුම් නීවරණයන් දුරුකොට සතර සතිපට්ඨානයන්හි මනාකොට සිත පිහිටුවා සප්තබොධ්‍යංගයන් තත්වූපරිද්දෙන් වඩා සම්‍යක් සම්බෝධිය අවබෝධකළසේක” යනුවෙනි.
“ශාරිපුත්‍රය, යහපත, යහපත ශාරිපුත්‍රය, එසේ හෙයින් නුඹ මේ ධර්ම මාර්ගය භික්ෂූන්ටද භික්ෂුණීන්ටද උපාසකයන්ටද, උපාසිකාවන්ටද නැවත නැවත කියව. ශාරිපුත්‍රය, යම් හිස් පුරුෂයන්හට බුදුන් කෙරෙහි සැකයක් හෝ විමතියක් වන්නේද, මේ ධර්ම මාර්ගය අසා ඔවුන්ගේද තථාගතයන් වහන්සේ කෙරෙහි යම් සැකයක් හෝ විමතියක් වේද? එය දුරුවන්නේයයි” වදාළේය.
|
3. චුන්දසුත්තං | 3. චුන්ද සූත්‍රය |
379
එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො මගධෙසු
අථ ඛො ආයස්මා සාරිපුත්තො තෙනෙව ආබාධෙන පරිනිබ්බායි. අථ ඛො චුන්දො සමණුද්දෙසො ආයස්මතො සාරිපුත්තස්ස පත්තචීවරමාදාය යෙන සාවත්ථි ජෙතවනං අනාථපිණ්ඩිකස්ස ආරාමො යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො චුන්දො සමණුද්දෙසො
‘‘අත්ථි ඛො ඉදං, ආවුසො චුන්ද, කථාපාභතං භගවන්තං දස්සනාය. ආයාමාවුසො චුන්ද, යෙන භගවා තෙනුපසඞ්කමිස්සාම; උපසඞ්කමිත්වා භගවතො එතමත්ථං ආරොචෙස්සාමා’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො චුන්දො සමණුද්දෙසො ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසි.
අථ ඛො ආයස්මා ච ආනන්දො චුන්දො ච සමණුද්දෙසො යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං
‘‘කිං
‘‘නනු
‘‘කථඤ්චානන්ද, භික්ඛු අත්තදීපො විහරති අත්තසරණො අනඤ්ඤසරණො, ධම්මදීපො ධම්මසරණො අනඤ්ඤසරණො? ඉධානන්ද, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු...පෙ.... චිත්තෙ...පෙ.... ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එවං ඛො, ආනන්ද, භික්ඛු අත්තදීපො විහරති අත්තසරණො අනඤ්ඤසරණො, ධම්මදීපො ධම්මසරණො අනඤ්ඤසරණො. යෙ හි කෙචි, ආනන්ද, එතරහි වා මමච්චයෙ වා අත්තදීපා විහරිස්සන්ති අත්තසරණා අනඤ්ඤසරණා, ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා; තමතග්ගෙ මෙතෙ, ආනන්ද, භික්ඛූ භවිස්සන්ති යෙ කෙචි සික්ඛාකාමා’’ති. තතියං.
|
379
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ශාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කළහ. එසමයෙහි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මගධරට නාළක නම් ගමෙහි රෝගීව දුකට පත්ව දැඩි ගිලන්ව වාසය කළහ. චුන්ද සාමණේර තෙමේද ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්වහන්සේට උපස්ථාන කෙරෙයි. ඉක්බිති ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ඒ ආබාධයෙන්ම පිරිනිවන් පෑහ.
එකල්හි චුන්ද සාමණේර තෙමේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ පාත්‍ර සිවුරු ගෙන සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ ආරාමය යම් තැනෙකද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ චුන්ද සාමණේර තෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මේ කාරණය කීවේය. “ස්වාමීනි ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පිරිනිවන් පෑ සේක. මේ උන්වහන්සේගේ පාත්‍ර සිවුරුය.”
“ආයුෂ්මත් චුන්දයෙනි, භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස කථා පඬුරක් ඇත්තේය. ආයුෂ්මත් චුන්දයෙනි, එව්. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි යමු. ගොස් මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට කියමු” යනුයි.
ආයුෂ්මත් චුන්ද සාමණේර තෙමේ “එසේය. ස්වාමීනියි” ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්හට පිළිතුරු දුන්හ. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේද ආයුෂ්මත් චුන්ද සාමණේර තෙමේද භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ.
“ස්වාමීනි, මේ චුන්ද සාමණේර තෙමේ මෙසේ කීයේය. ‘ස්වාමීනි, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පිරිනිවන් පෑහ. මේ උන්වහන්සේගේ පාත්‍ර සිවුරුය’ යනුයි. තවද, ස්වාමීනි, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පිරිනිවන් පෑහයි අසා මගේ ශරීරය උල හිඳුවන ලද්දක් මෙන් හටගත් තද බව ඇත්තේ විය. මට දිසාවන්ද පැහැදිලි නොවෙත්. මට ධර්මයෝද නොවැටහෙත්යයි” කීය.
“කිමෙක්ද ආනන්දය, ශාරිපුත්‍ර තෙමේ නුඹගේ ශීල රාශිය හෝ ගෙන පිරිනිවන් පෑවේද? සමාධි රාශිය හෝ ගෙන පිරිනිවන් පෑවේද, නුවණ රාශිය හෝ ගෙන පිරිනිවන් පෑවේද, විමුක්ති රාශිය හෝ ගෙන පිරිනිවන් පෑවේද, විමුක්ති ඤාණදස්සන (ප්රත්යවේක්ෂා ඤාණ) රාශිය හෝ ගෙන පිරිනිවන් පෑවේද?”
“ස්වාමීනි, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙමේ මගේ ශීල රාශිය හෝ ගෙන පිරිනිවන් පෑවේ නොවෙයි. සමාධි රාශිය හෝ ගෙන පිරිනිවන් පෑවේ නොවෙයි. නුවණ රාශිය හෝ ගෙන පිරිනිවන් පෑවේ නොවෙයි. විමුක්ති රාශිය හෝ ගෙන පිරිනිවන් පෑවේ නොවෙයි. විමුක්ති ඤාණ දස්සන රාශිය හෝ ගෙන පිරිනිවන් පෑවේ නොවෙයි. එහෙත් ස්වාමීනි, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙමේ අවවාද දෙන්නෙක් විය. අවබෝධ කරන්නෙක් විය. කරුණු දක්වන්නෙක් විය. සමාදන් කරවන්නෙක් උනන්දු කරවන්නෙක් සතුටු කරවන්නෙක් සමාන බඹසර ඇත්තවුන්ට අනලස්ව බණ කීමෙන් උදව් කරන්නෙක් විය. අපි ඒ ශාරීපුත්‍ර ස්ථවිරයන්ගේ ධර්මසාරය, ධර්ම සම්පත්තිය ධර්මයෙන් කළ උදව්ව සිහි කරන්නෙමුයි” කීය.
“ආනන්දය, මා විසින් තොපට පළමුකොටම සියළු ප්‍රිය මනාප දෙයින් වෙන්වන බව වෙනස්වන බව අන් අයුරකින් වන බව කියන ලද්දේ නොවේද? ආනන්දය,යම් ඒ උපන්නාවූ පහළවූ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ විනාශවන සුළු දෙයක් වේද, එය ඒකාන්තයෙන් වෙනස් නොවේවා යන මෙය කොයින් ලැබේද? ඊට කරුණු නැත්තේය. ආනන්දය, සාරවත් මහ ගසක ගස ඉතිරිව තිබියදී මහ අත්ත විනාශ වෙයිද, ආනන්දය, එසේම මහත්වූ භික්ෂු සමූහයා ශේෂව සිටියදී හරයවූ ශාරිපුත්‍ර පිරිනිවන් පෑය. ආනන්දය, යම් ඒ උපන්නාවූ පහළවූ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ විනාශවන සුළු දෙයක් වේද, එය ඒකාන්තයෙන් විනාශ නොවේවායි යන මෙය කොයින් ලැබේද? මීට හේතු නැත්තේය. එබැවින් ආනන්දය, තමා ආලෝකයක් කොට වාසය කරව්. තමා පිහිට කොට ගෙන වාසය කරව්. අනික් සරණක් නැත. ධර්මය ආලෝකයක් කොට වාසය කරව්. ධර්මය සරණ කොට වාසය කරව්. අනෙක් සරණක් නැත.
“ආනන්දය, කෙසේ නම් මහණතෙමේ තමා ආලෝකයක් කොට ගෙන තමා පිහිට කොට ගෙන අන් පිහිටක් නොමැතිව ධර්මය ආලෝකයක් කොට ගෙන ධර්මය පිහිට කොට ගෙන අන් පිහිටක් නොමැතිව වෙසේද? ආනන්දය, මේ ශාසනයේ මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳවාගෙන කයෙහි කය අනුව දකිමින් වාසය කෙරේද
“ආනන්දය, මේ ශාසනයේ මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳවාගෙන වේදනාවෙහි වේදනාව අනුව දකිමින් වාසය කෙරේද,
“ආනන්දය, මේ ශාසනයේ මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳවාගෙන සිත් කෙරෙහි සිත් අනුව දකිමින් වාසය කෙරේද,
“ආනන්දය, මේ ශාසනයේ මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්‍රෝධයද සංසිඳවාගෙන නීවරණාදි ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව දකිමින් වාසය කෙරේද?
“ආනන්දය, මෙසේ වනාහි මහණතෙම තමා ආලෝකයක් කොට තමා පිහිටකොට අනුන් පිහිටක් නැතිව ධර්මය ආලෝකයක් කොට ධර්මය පිහිට කොට අන් පිහිටක් නැතිව වෙසේ. ආනන්දය, යම් කිසිවෙක් දැන් හෝ මගේ ඇවෑමෙන් හෝ තමා ආලෝකයක් කොට තමා පිහිට කොට අන් පිහිටක් නැතිව ධර්මය ආලෝකයක් කොට ධර්මය පිහිටකොට අන් පිහිටක් නැතිව වාසය කරන්නාහුද, ආනන්දය, යම්කිසි ශික්ෂාකාමී භික්ෂූහු වෙත්ද, ඒ භික්ෂූහු ඒ අග්‍ර අමෘතයෙහි වන්නාහුයයි’ වදාළේය.
|
4. උක්කචෙලසුත්තං | 4. උක්කචෙල සූත්‍රය |
380
එකං
අථ ඛො භගවා තුණ්හීභූතං භික්ඛුසඞ්ඝං අනුවිලොකෙත්වා භික්ඛූ ආමන්තෙසි - ‘‘අපි
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු අත්තදීපො විහරති අත්තසරණො අනඤ්ඤසරණො, ධම්මදීපො ධම්මසරණො අනඤ්ඤසරණො? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු...පෙ.... චිත්තෙ...පෙ.... ධම්මෙසු ධම්මානුපස්සී
|
380
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන තෙරුන් දෙනම පිරිනිවන් පෑ නොබෝ දිනකින් මහත් භික්ෂු සංඝයා සමග වැදෑරට උක්කචෙලා නුවර සමීපයෙහිවූ ගඩ්ගා නදී තීරයෙහි වැඩ වාසය කරන සේක. එකල භික්ෂු සංඝයා විසින් පිරිවරණ ලද්දාවූ භාග්‍යවතුන් වහන්සේ එලිමහනෙහි වැඩ සිටි සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූ භික්ෂු සංඝයා බලා භික්ෂූන් ඇමතු සේක.
“මහණෙනි, සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම පිරිනිවන්පෑ කල්හි පිරිස හිස්වූවක් මෙන් හැඟේ. යම් දිසාවක සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වසත්නම් ඒ දිශාව නොසිස්ය. මා විසින් ඒ දිසාව බැලිය යුතු නොවේ. “මහණෙනි, අතීත කාලයෙහි යම් ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා වූවාහුද, මට සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම යම්සේද, එවැනිම ශ්‍රාවක යුගලයක් ඒ භාග්‍යවතුන් වහන්සේලාටද වූහ. මහණෙනි, අනාගත කාලයෙහි යම් ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා වන්නාහුද මට සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම යම්සේද, එවැනිම ශ්‍රාවක යුගලයක් ඒ භාග්‍යවතුන් වහන්සේලාටත් වන්නාහ. මහණෙනි යම් ශ්‍රාවක කෙනෙක් ශාස්තෲන් වහන්සේට සමානවම ත්‍රිවිධ සාසනය සම්පූර්ණ කරන්නාහුද අවවාදයට අනුව පිළිපදින්නාහුද, සිව් පිරිසට ප්‍රිය මනාප වන්නාහුද, ගරු කටයුතු බවට පැමිණෙන්නාහුද එය ශ්‍රාවකයන්ගේ ආශ්චර්යයක් වෙයි. ශ්‍රාවකයන්ගේ අද්භූතයෙක් වෙයි. මෙවැනි ශ්‍රාවක දෙනමක් පිරිනිවන් පෑ කල්හි පවා තථාගතයන් වහන්සේට සෝකයක් හෝ වැළපීමක් හෝ නැත. එය තථාගතයන් වහන්සේගේ ආශ්චර්යය කාරණය අද්භූත කාරණය වෙයි.
යම් ඒ උපන්නාවූ පහළවූ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ විනාශවන සුළු දෙයක් වේද, එය ඒකාන්තයෙන් නැති නොවේවා යන මෙය කොයින් ලැබේද ඊට කරුණු නැත. මහණෙනි, යම්සේ සාරවත් මහත් ගස තිබියදී එහි අතිශයින් මහත් අතු විනාශ වන්නාහුද, මහණෙනි, එපරිද්දෙන්ම සාරවත් මහත් භික්ෂු සංඝයා සිටියදී සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම පිරිනිවන් පෑහ. මහණෙනි, යම් ඒ උපන්නාවූ පහළවූ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ විනාශවන සුළු දෙයක් වේද, එය ඒකාන්තයෙන් විනාශ නොවේවා යන මෙය කොයින් ලබන්නේද ඊට හේතු නැත. එබැවින් තමා ආලෝකයක් කොට තමා පිහිට කොට අනිකක් පිහිට නොකොට වාසය කරව්. ධර්මය ආලෝකයක් කොට ධර්මය සරණකොට අනිකක් පිහිට නොකොට වාසය කරව්.
මහණෙනි, මහණ තෙමේ කෙසේනම් තමා ආලෝකයක් කොටගෙන තමා පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන ධර්මය පිහිට කොටගෙන අනිකක් පිහිට කොට නොගෙන වාසය කරන්නේද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්‍රෝධයද සංසිඳවාගෙන කයෙහි කය අනුව දකිමින් වාසය කෙරේද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්‍රෝධයද සංසිඳවාගෙන වේදනාවෙහි වේදනාව දකිමින් වාසය කෙරේද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්‍රෝධයද සංසිඳවාගෙන සිත් කෙරෙහි සිත් අනුව දකිමින් වාසය කෙරේද,
“මහණෙනි, මේ ශාසනයේ මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්‍රෝධයද සංසිඳවාගෙන නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව දකිමින් වාසය කෙරේද,
“මහණෙනි, මෙසේ වනාහි මහණතෙම තමා ආලෝකයක් කොටගෙන තමා පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන ධර්මය ආලෝකයක් කොට ගෙන ධර්මය පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන වාසය කරන්නේ වෙයි.
මහණෙනි යම් කිසිවෙක් දැන් හෝ මගේ ඇවෑමෙන් හෝ තමා ආලෝකයක් කොටගෙන තමා පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන ධර්මය ආලෝකයක් කොට ගෙන ධර්මය පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන වාසය කරන්නාහුද ඔව්හුම අතිශයින් අග්‍ර වූවාහුද වෙත්. ඔව්හුම ශික්ෂාකාමී වූවාහුද වෙත්.
|
5. බාහියසුත්තං | 5. බාහිය සූත්‍රය |
381
සාවත්ථිනිදානං
‘‘කතමෙ චත්තාරො? ඉධ, ත්වං, බාහිය, කායෙ කායානුපස්සී විහරාහි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු...පෙ.... චිත්තෙ...පෙ.... ධම්මෙසු ධම්මානුපස්සී විහරාහි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. යතො ඛො ත්වං, බාහිය, සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙස්සසි, තතො තුය්හං, බාහිය, යා රත්ති වා දිවසො වා ආගමිස්සති, වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානී’’ති.
අථ
|
381
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් බාහිය ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් බාහිය ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය.
‘ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා හුදෙකලාව විවේකීව අප්‍රමාදීව කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව සංසිඳවන ලද සිත් ඇතිව වාසය කරන්නෙම්ද එබඳු ධර්මයක් මට භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් දේශනා කරනසේක් නම් මැනවි”
“එසේනම් බාහියෙනි, නුඹ කුසල ධර්මයන්හි මුලම පිරිසිදු කරව. කුසල ධර්මයන්ගේ මුල කවරේද? පිරිසිදුවූ සීලයද ඍජුවූ දෘෂ්ටියද වෙයි. බාහිය යම් කලක පටන් නුඹගේ සීලය පිරිසිදු වන්නේද, දිට්ඨිය ඍජු වන්නේද, බාහිය එතැන් පටන් නුඹ සීලය නිසා සීලයෙහි පිහිටා සතර සතිපට්ඨානයන් වඩන්නෙහිය.
“කවර සතරෙක්ද? බාහිය, නුඹ මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්‍රෝධයද සංසිඳවාගෙන කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරව.
“බාහිය, නුඹ මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්‍රෝධයද සංසිඳවාගෙන වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කරව.
“බාහිය, නුඹ මේ ශාසනයෙහි කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්‍රෝධයද සංසිඳවාගෙන චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරව.
“බාහිය, නුඹ මේ සාසනයෙහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්‍රෝධයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරව.
“බාහිය, නුඹ යම් කලක පටන් සීලය නිසා සීලයෙහි පිහිටා මේ සතර සතිපට්ඨානයන් මෙසේ වඩන්නෙහිද ඒනිසා බාහිය, නුඹට යම් රාත්‍රියක් හෝ දාවලක් පැමිණෙන්නේද (ඒ දවාලෙහිද රාත්‍රියෙහිද) දියුණුවක්ම කැමතිවිය යුතුයි පිරිහීමක් නොවේ.
ඉක්බිති ආයුෂ්මත් බාහිය ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ගරුකොට ගියේය. ඉක්බිති ආයුෂ්මත් බාහිය ස්ථවිරතෙමේ තනිව විවේකීව අප්‍රමාදීව කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව සංසිඳවනලද සිත් ඇතිව වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම සසුනෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් වූ නිවන මේ ආත්මභාවයෙහිම තෙමේ මනා නුවණින් දැන ප්රත්යක්ෂකොට එයට පැමිණ වාසය කෙළේය.
ඉපදීම ක්ෂයවිය. බඹසර වැස නිමවනලදී. කළ යුත්ත කරන ලදී. මින්පසු ආත්මභාවයක් නැතැයි දැන ගත්තේය.
ආයුෂ්මත් බාහිය ස්ථවිරතෙමේද රහතුන් අතරින් එක්තරා රහත් කෙනෙක් විය.
|
6. උත්තියසුත්තං | 6. උත්තිය සූත්‍රය |
382
සාවත්ථිනිදානං. අථ ඛො ආයස්මා උත්තියො යෙන භගවා තෙනුපසඞ්කමි...පෙ.... එකමන්තං නිසින්නො ඛො ආයස්මා උත්තියො භගවන්තං එතදවොච - ‘‘සාධු මෙ, භන්තෙ, භගවා සංඛිත්තෙන ධම්මං දෙසෙතු, යමහං භගවතො
‘‘කතමෙ චත්තාරො? ඉධ ත්වං, උත්තිය, කායෙ කායානුපස්සී විහරාහි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු...පෙ.... චිත්තෙ...පෙ.... ධම්මෙසු ධම්මානුපස්සී විහරාහි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. යතො ඛො ත්වං, උත්තිය, සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙස්සසි, තතො ත්වං, උත්තිය, ගමිස්සසි මච්චුධෙය්යස්ස පාර’’න්ති.
අථ ඛො ආයස්මා උත්තියො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා
|
382
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් උත්තිය ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් උත්තිය ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ.
“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා හුදෙකලාව විවේකිව අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව සංසිඳවන ලද සිත් ඇතිව වාසය කරන්නෙම්ද එබඳු ධර්මයක් මට භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් දේශනා කරන සේක්නම් මැනවි.”
“උත්තිය එසේ නම් නුඹ කුසල ධර්මයන්හි මුල පිරිසිදු කරව. කුසල ධර්මයන්ගේ මුල කවරේද? සීලය පිරිසිදු කිරීමද, දෘෂ්ටිය ඍජු කිරීමද වෙයි. උත්තිය, යම් කලක පටන් නුඹගේ සීලය පිරිසිදු වන්නේද, දිට්ඨිය ඍජු වන්නේද, උත්තිය, එතැන් පටන් නුඹ සීලය නිසා සීලයෙහි පිහිටා සතර සතිපට්ඨානයන් වඩන්නෙහිය.
“කවර සතරෙක්ද? උත්තිය, නුඹ මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ කයෙහි ලෝභයද, ක්‍රෝධයද, සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරව.
“උත්තිය නුඹ මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ කයෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳවා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කරව.
“උත්තිය, නුඹ මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ශරීරයෙහි ලෝභයද ක්‍රෝධයද සංසිඳවා චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරව.
“උත්තිය, නුඹ මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්‍රෝධයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරව.
“උත්තිය, නුඹ යම් කලක පටන් සීලය නිසා සීලයෙහි පිහිටා මේ සතර සතිපට්ඨානයන් වඩන්නෙහිද එතැන් පටන් නුඹ මාරයාට අයත් ලෝකයෙන් එතෙරට යන්නෙහිය.”
ඉක්බිති ආයුෂ්මත් උත්තිය ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ගරුකොට ගියේය. ඉක්බිති ආයුෂ්මත් උත්තිය ස්ථවිරතෙමේ හුදෙකලාව විවේකීව අප්‍රමාදිව කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව සංසිඳවන ලද සිත් ඇතිව වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම සසුනෙහි පැවිදි වෙද්ද, මාර්ගබ්රහ්මචර්ය්යාව කෙළවර කොට ඇති ඒ උතුම්වූ නිවන මේ ආත්මභාවයෙහිම තෙමේ මනා නුවණින් දැන ප්රත්යක්ෂකොට එයට පැමිණ වාසය කළේය.
ඉපදීම ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළ යුත්ත කරන ලදී. මෙයින් අනික් ආත්ම භාවයක් නැතැයි මනාකොට දැනගත්තේය. ආයුෂ්මත් උත්තිය ස්ථවිරතෙමේද රහතුන්ගෙන් එක්තරා කෙනෙක් විය.
|
7. අරියසුත්තං | 7. අරිය සූත්‍රය |
383
‘‘චත්තාරොමෙ
|
383
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ උතුම්වූ නිවන් පිණිස පවත්නාවූද මේ සතර සතිපට්ඨානයෝ එය කරන්නාහු මනාකොට දුක් නැති කිරීමට පමුණුවත්.
“ඒ සතර සතිපට්ඨානයෝ කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්‍රෝධයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්‍රෝධයද සංසිඳවා වේදනාවෙහි වේදනා නැවත නැවත බලමින් වාසය කෙරේද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්‍රෝධයද සංසිඳවා චිත්තයන් කෙරෙහි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කෙරේද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්‍රෝධයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද,
“මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ උතුම්වූ නිවන් පිණිස පවත්නාවූ මේ සතර සතිපට්ඨානයෝ එය කරන්නාහු මනාකොට දුක් නැති කිරීමට පමුණුවත්.”
|
8. බ්රහ්මසුත්තං | 8. බ්‍රහ්ම සූත්‍රය |
384
එකං
‘‘කතමෙ චත්තාරො? කායෙ වා භික්ඛු කායානුපස්සී විහරෙය්ය ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු වා භික්ඛු...පෙ.... චිත්තෙ වා භික්ඛු...පෙ.... ධම්මෙසු වා භික්ඛු ධම්මානුපස්සී විහරෙය්ය ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එකායනො අයං මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිදෙවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං - චත්තාරො සතිපට්ඨානා’’ති.
අථ ඛො බ්රහ්මා සහම්පති භගවතො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය - සෙය්යථාපි නාම බලවා
‘‘කතමෙ චත්තාරො? කායෙ වා, භන්තෙ, භික්ඛු කායානුපස්සී විහරෙය්ය ආතාපී සම්පජානො සතිමා
ඉදමවොච බ්රහ්මා සහම්පති. ඉදං වත්වා අථාපරං එතදවොච -
‘‘එකායනං ජාතිඛයන්තදස්සී, මග්ගං පජානාති හිතානුකම්පී;
එතෙන මග්ගෙන තරිංසු පුබ්බෙ, තරිස්සන්ති යෙ ච තරන්ති ඔඝ’’න්ති. අට්ඨමං;
|
384
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වය ලැබූ අළුත උරුවේලාවෙහි නෙරඤ්ජා නදී තෙර අජපාල නුගරුක මුල වැඩ සිටි සේක. එකල්හි රහසිගතව විවේක සැපයෙන් සිටියාවූ භාග්‍යවතුන් වහන්සේට මෙබඳු අදහසක් පහළවීය. ‘සත්වයන්ගේ පිරිසිදු වීම පිණිසද ශෝක කිරීම වැළපීම යන මොවුන්ගේ ඉක්මවීම පිණිසද දුක් දොම්නස් පහකිරීම පිණිසද ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්ගයට පැමිණීම පිණිසද නිර්වාණය ප්රත්යක්ෂකර ගැනීම පිණිසද පවත්නාවූ යම් මේ සතර සතිපට්ඨාන කෙනෙක් වෙත්ද, මෙය එකම මාර්ගය වන්නේය’ යනුයි.
“සතර සතිපට්ඨානයෝ කවරහුද? මහණතෙම කෙලෙස්තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්‍රෝධයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද,
“මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්‍රෝධයද සංසිඳවා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කෙරේද,
“මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්‍රෝධයද සංසිඳවා චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කෙරේද,
“මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව වීර්‍ය්‍යයෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්‍රෝධයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද,
‘සත්වයන්ගේ පිරිසිදු බව පිණිසද ශෝකකිරීම වැළපීම යන මොවුන්ගේ ඉක්මවීම පිණිසද දුක් දොම්නස් පහකිරීම පිණිසද ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්ගයට පැමිණීම පිණිසද නිර්වාණය ප්රත්යක්ෂ කිරීම පිණිසද යම් ඒ සතර සතිපට්ඨාන කෙනෙක් වෙත්ද මෙය එකම මාර්ගයවෙයි.
එකල්හි සහම්පතී මහා බ්‍රහ්මතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ අදහස තමාගේ සිතින් දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුලු අතක් දිග හරින්නේද, දික්කළ අතක් හකුලන්නේද, එපරිද්දෙන් බඹලොවෙහි අතුරුදහන්වූයේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි පහළවිය. ඉක්බිති සහම්පතී මහාබ්‍රහ්මතෙමේ උතුරු සළුව එක් අංශයක කොට භාග්‍යවතුන් වහන්සේට ඇඳිලි බැඳ මෙසේ කීය.
“භාග්‍යවතුන් වහන්ස, එය එසේය. සුගතයන් වහන්ස, එය එසේය. සත්වයන්ගේ පිරිසිදුවීම පිණිස ශෝක කිරීම වැළපීම යන මොවුන්ගේ ඉක්මවීම පිණිස දුක් දොම්නස් පහකිරීම පිණිස ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්ගයට පැමිණීම පිණිස නිර්වාණය ප්රත්යක්ෂ කිරීම පිණිස යම් ඒ සතර සතිපට්ඨාන කෙනෙක් වෙත්ද, මෙය එකම මාර්ගය වන්නේය.
“ඒ සතර සතිපට්ඨානයෝ කවරහුද? ස්වාමීනි, මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්‍රෝධයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද,
“ස්වාමීනි, මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්‍රෝධයද සංසිඳවා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කෙරේද,
“ස්වාමීනි, මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්‍රෝධයද සංසිඳවා චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කෙරේද,
“ස්වාමීනි, මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්‍රෝධයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද,
“ස්වාමීනි, සත්වයන්ගේ පිරිසිදු බව පිණිස ශෝක කිරීම වැළපීම යන මොවුන්ගේ ඉක්මවීම පිණිස දුක් දොම්නස් පහකිරීම පිණිස ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්ගයට පැමිණීම පිණිස නිර්වාණය ප්රත්යක්ෂ කිරීම පිණිස යම් ඒ සතර සතිපට්ඨාන කෙනෙක් වෙත්ද, මෙය එකම මාර්ගය වන්නේය යනුයි.” සහම්පතී බ්‍රහ්මතෙම මෙසේ කීය. මෙසේ කියා නැවත මෙසේ කීය.
“හිතානුකම්පීවූ ඉපදීම ක්ෂය කිරීමයයි කියන ලද නිර්වාණය දන්නාවූ බුදුරජාණන් වහන්සේ නිවනට යා යුතු එකම මාර්ගය වන්නාවූ මාර්ගය දක්නා සේක. අතීතයෙහි යම් කෙනෙක් සතර ඕඝයන් එතෙර කළාහු නම් ඔව්හුද මේ මාර්ගයෙන්ම එතෙරවූහ. අනාගතයෙහි යම් කෙනෙක් එතෙර වන්නාහු නම් ඔව්හුද මේ මාර්ගයෙන්ම එතෙර වන්නාහ. මේ කාලයෙහි යම් කෙනෙක් එතෙර වෙත්නම් ඔව්හුද මේ මාර්ගයෙන්ම එතෙර වෙත්.”
|
9. සෙදකසුත්තං | 9. සේදක සූත්‍රය |
385
එකං සමයං භගවා සුම්භෙසු විහරති සෙදකං නාම සුම්භානං නිගමො. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භූතපුබ්බං, භික්ඛවෙ, චණ්ඩාලවංසිකො චණ්ඩාලවංසං උස්සාපෙත්වා මෙදකථාලිකං අන්තෙවාසිං ආමන්තෙසි - ‘එහි ත්වං, සම්ම මෙදකථාලිකෙ, චණ්ඩාලවංසං අභිරුහිත්වා මම උපරිඛන්ධෙ තිට්ඨාහී’ති. ‘එවං, ආචරියා’ති ඛො, භික්ඛවෙ, මෙදකථාලිකා අන්තෙවාසී චණ්ඩාලවංසිකස්ස පටිස්සුත්වා චණ්ඩාලවංසං අභිරුහිත්වා ආචරියස්ස උපරිඛන්ධෙ අට්ඨාසි. අථ ඛො, භික්ඛවෙ, චණ්ඩාලවංසිකො මෙදකථාලිකං අන්තෙවාසිං එතදවොච - ‘ත්වං, සම්ම
‘‘කථඤ්ච
|
385
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සුම්භ ජනපදයෙහි සුම්භයන්ගේ සේදක නම්වූ නියම් ගමක්වේද එහි වැඩ වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක.
“මහණෙනි, පෙර වූ දෙයක් කියමි. උණගසින් ක්‍රීඩා දක්වන්නෙක් උණගස ඔසවා මේදක ථාලිකා නම් අතවැසියා ඇමතුවේය. යහලු මේදක ථාලිකය, නුඹ මෙහි එව, උණගසට නැගී මගේ කරපිට සිටුවයි කීය. මහණෙනි, මේදක ථාලිකා නම් අතවැසියා එසේය, ආචාර්‍ය්‍යයෙනි'යි උණගසින් ක්‍රීඩා දක්වන්නාට උත්තර දී උණගසට නැගී ආචාර්‍ය්‍යයාගේ කරපිට සිටියේය. මහණෙනි, එකල්හි ක්‍රීඩා දක්වන්නා මේදක ථාලිකා නම් අතවැසියාට මෙය කීවේය. ‘යහළු මේදක ථාලිකය, නුඹ මා ආරක්ෂා කරව, මම නුඹ ආරක්ෂා කරන්නෙමි. මෙසේ අපි ඔවුනොවුන් ප්‍රවේශම් කරන්නාහු ඔවුනොවුන් රකින්නාවූ ශිල්පද දක්වන්නෙමු. ලාභද ලබන්නෙමු, සැපසේ උණගසින් බසින්නෙමු’ යනුයි.
“මහණෙනි, මෙසේ කීකල්හි මේදක ථාලිකා අතවැසි තෙම ආචාර්‍ය්‍යවරයාට මෙසේ කීය. ‘ආචාර්‍ය්‍යයෙනි, මෙය එසේ නොවන්නේය. ආචාර්‍ය්‍යයෙනි, ඔබ තමා රකින්න, මම තමා රකින්නෙමි. මෙසේ අපි තම තමාම ප්‍රවේශම් වූවාහු තම තමාම රැකුනාහු ශිල්පද දක්වන්නෙමු. ලාභද ලබන්නෙමු. සැපසේ උණගසින්ද බසින්නෙමු. එය එහි උපායයි’ (සුදුසු පිළිවෙලයි.) භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
“මහණෙනි, යම්සේ මේදක ථාලිකා අතවැසිතෙමේ ආචාර්‍ය්‍යයාට කීවේද එමෙන් තමා රකින්නෙමියිද සතිපට්ඨානය සේවනය කළ යුතුයි. අනුන් රකින්නෙමියිද සතිපට්ඨානය සේවනය කළ යුතුයි. මහණෙනි, තමා රකින්නේ අනුන්ද රකියි. අනුන් රකින්නේ තමාද රකියි. මහණෙනි, තමා රකින්නේ කෙසේ නම් අනුන් රකියිද? මහණෙනි පුරුදු කිරීමෙන්, වැඩීමෙන්, බහුල වශයෙන් කිරීමෙන්ය.
“මහණෙනි, මෙසේ වනාහි තමා රක්නේ අනුන්ද රකියි. මහණෙනි, කෙසේ නම් අනුන් රකින්නේ තමා රකියිද? ඉවසීමෙන්, හිංසා නොකිරීමෙන්, මෛත්‍රී සිතින්, කරුණාවෙන්ද වේ. මහණෙනි, මෙසේ වනාහි අනුන් රකින්නේ තෙමේ රැකෙයි. මහණෙනි, තමා රකින්නෙමියිද සතිපට්ඨානය සේවනය කළයුතුයි. අනුන් රකින්නෙමියිද සතිපට්ඨානය සේවනය කළයුතුයි. මහණෙනි තමා රකින්නේ අනුන්ද රකියි. අනුන් රකින්නේ තමාද රකියි” යනුයි.
|
10. ජනපදකල්යාණීසුත්තං | 10. ජනපදකල්යාණී සූත්‍රය |
386
එවං
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, ‘ජනපදකල්යාණී, ජනපදකල්යාණී’ති ඛො, භික්ඛවෙ, මහාජනකායො සන්නිපතෙය්ය. ‘සා ඛො පනස්ස ජනපදකල්යාණී පරමපාසාවිනී නච්චෙ, පරමපාසාවිනී ගීතෙ. ජනපදකල්යාණී නච්චති ගායතී’ති ඛො, භික්ඛවෙ, භිය්යොසොමත්තාය මහාජනකායො
‘‘උපමා ඛො ම්යායං, භික්ඛවෙ, කතා අත්ථස්ස විඤ්ඤාපනාය. අයං චෙවෙත්ථ අත්ථො - සමතිත්තිකො තෙලපත්තොති ඛො, භික්ඛවෙ, කායගතාය එතං සතියා අධිවචනං. තස්මාතිහ, භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං - ‘කායගතා සති නො භාවිතා
|
386
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සුම්භ ජනපදයෙහි සුම්භයන්ගේ සේදක නම් නියම්ගමක් වේද, එහි වාසය කළසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, යම්සේ ජනපද කල්‍යාණිය, ජනපදකල්‍යාණියයයි කීකල්හි මහජනයා රැස්වන්නේද, ඒ ජනපද කළ්‍යාණිය වනාහි නැටුමෙහි දක්ෂය. ගී කීමෙහි දක්ෂය.
“මහණෙනි, ජනපද කල්‍යාණිය නටන්නීය. ගායනා කරන්නීයයි කීකල්හි වැඩියත් මහජන සමූහයා රැස්වන්නේය. එකල්හි ජීවත්වෙනු කැමති, නොමැරෙනු කැමති, සැප කැමති, දුක් පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේය. ඔහුට මෙසේ කියන්නාහුය. ‘පින්වත් පුරුෂය, නුඹ විසින් මුවවිට දක්වා පිරුණු මේ තෙල් පාත්‍රය මහාජන සමූහයාටත් ජනපද කළ්‍යාණියටත් අතරින් ගෙනයා යුතුයි. යම් තැනකදී එයින් ස්වල්පයක්වත් හලන්නේ නම් එතැනදීම තාගේ හිස ගසන්නේයයි’ ඔහු පසු පසින් ඔසවන ලද කඩු ඇති එක් පුරුෂයෙක්ද ලුහුබඳින්නේය.
“මහණෙනි, ඒ කුමකැයි හඟින්නාහුද? ඒ පුරුෂතෙම තෙල් පාත්‍රය සිහි නොකොට පිටත ප්‍රමාදයකට පැමිණෙන්නේද?”
‘ස්වාමීනි, එය එසේ නොවේ”
“මහණෙනි, අර්ථය හැඟවීම පිණිස මා විසින් උපමාවක් කරන ලදී. මෙය එහි අර්ථයයි. මහණෙනි, මුවවිට දක්වා පිරුණු තෙල් පාත්‍රය යන මෙය කායගතා සතියට නමෙකි. මහණෙනි, එසේ හෙයින් මෙහිලා මෙසේ හික්මිය යුතුයි. අප විසින් කායගතාසතිය වඩන ලද්දී, බහුලවශයෙන් කරන ලද්දී, යානාවක් මෙන් කරන ලද්දී, අනුව සිටින ලද්දී, පුරුදු කරනලද්දී, මනාකොට පටන්ගන්නා ලද්දී’ වන්නේයයි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.”
|
3. සීලට්ඨිතිවග්ගො | 3. සීලට්ඨිති වර්ගය |
1. සීලසුත්තං | 1. සීල සූත්‍රය |
387
එවං
‘‘සාධු සාධු, ආවුසො භද්ද! භද්දකො ඛො තෙ, ආවුසො භද්ද, උම්මඞ්ගො
(උම්මග්ගො (සී. ස්‍යා. කං.)), භද්දකං පටිභානං, කල්‍යාණී පරිපුච්ඡා. එවඤ්හි ත්වං, ආවුසො භද්ද, පුච්ඡසි - ‘යානිමානි ආවුසො ආනන්ද, කුසලානි සීලානි වුත්තානි භගවතා, ඉමානි කුසලානි සීලානි කිමත්ථියානි වුත්තානි භගවතා’’’ති? ‘‘එවමාවුසො’’ති. ‘‘යානිමානි, ආවුසො භද්ද, කුසලානි සීලානි වුත්තානි භගවතා, ඉමානි කුසලානි සීලානි යාවදෙව චතුන්නං සතිපට්ඨානානං භාවනාය වුත්තානි භගවතා’’.
‘‘කතමෙසං චතුන්නං? ඉධාවුසො, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං
|
387
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේද, ආයුෂ්මත් භද්‍ර ස්ථවිරතෙමේද පැළලුප් නුවර කුක්කුටාරාමයෙහි වාසය කරති. එකල්හි ආයුෂ්මත් භද්‍ර ස්ථවිරතෙමේ සවස් වේලෙහි විවේකයෙන් නැගී ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් යම්තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් සමග සතුටුවිය. සතුටු වියයුතු, සිහිකටයුතු කථාවකොට නිමවා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙසේ කීය.
[2] “ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ඒ යහපත්වූ චතුපාරිශුද්ධි සීලයක් දේශනා කරන ලද්දාහුද? මේ යහපත්වූ චතුපාරිශුද්ධි සීලයෝ කුමක් නිසා දේශනා කරන ලද්දාහුද?”
“ආයුෂ්මත් භද්‍රකය, යහපති. යහපති, ආයුෂ්මත් භද්‍රකය. ඔබගේ ප්‍රඥා මාර්ගය යහපත්ය, වැටහීම යහපත්ය, පිළිවිසීම යහපත්ය. ආයුෂ්මත් භද්‍රකය ඔබ මෙසේ විචාරන්නේ ආයුෂ්මත් ආනන්දයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ඒ යහපත් චතුපාරිශුද්ධි සීලයක් දේශනා කරන ලදද භාග්‍යවතුන් වහන්සේ විසින් මේ, චතුපාරිසුද්ධි සීලය කුමක් සඳහා දේශනා කරන ලද්දේද කියායි. ඇවැත්නි, එසේය”
[3] “ආයුෂ්මත් භද්‍රක, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් යහපත්වූ චතුපාරිශුද්ධි සීලයක් දේශනා කරන ලද්දේද භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ යහපත් චතුපාරිශුද්ධි සීලයෝ සතර සතිපට්ඨානයන්ගේ වැඩීම පිණිසම දේශනා කරන ලදහ.
[4] “ඒ සතර සතිපට්ඨානයෝ කවරහුද? ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන විර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද, සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද,
“ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳවා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කෙරේද?
“ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳවා චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කෙරේද,
“ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද,
[5] “ආයුෂ්මත් භද්‍ර, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ඒ යහපත් චතුපාරිශුද්ධි සීලයක් දේශනා කරන ලද්දේද, භාග්‍යවතුන් වහන්සේ මේ යහපත් චතුපාරිශුද්ධි සීලයෝ මේ සතර සතිපට්ඨානයන්ගේ වැඩීම පිණිසම දේශනා කරන ලදහ.”
|
2. චිරට්ඨිතිසුත්තං | 2. ඨිති සූත්‍රය |
388
තංයෙව නිදානං. එකමන්තං නිසින්නො ඛො ආයස්මා භද්දො ආයස්මන්තං ආනන්දං එතදවොච - ‘‘කො නු ඛො, ආවුසො ආනන්ද, හෙතු, කො පච්චයො යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො න චිරට්ඨිතිකො හොති? කො පනාවුසො ආනන්ද, හෙතු, කො පච්චයො යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොතී’’ති?
‘‘සාධු සාධු, ආවුසො භද්ද! භද්දකො ඛො තෙ, ආවුසො භද්ද, උම්මඞ්ගො, භද්දකං පටිභානං, කල්‍යාණී පරිපුච්ඡා. එවඤ්හි ත්වං, ආවුසො භද්ද, පුච්ඡසි - ‘කො නු ඛො, ආවුසො ආනන්ද, හෙතු, කො පච්චයො යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො න චිරට්ඨිතිකො හොති? කො පනාවුසො ආනන්ද, හෙතු, කො පච්චයො යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො
‘‘කතමෙසං චතුන්නං? ඉධාවුසො
|
388
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡේදය මෙනි.)
“ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයෙනි, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි යම් කාරණයකින් සද්ධර්මය බොහෝ කල් නොපවත්නේද එයට හේතු කවරේද ප්‍රත්‍යය කවරේද?
“ආයුෂ්මත් ආනන්දයෙනි, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්මය බොහෝ කල් පවත්නේද ආයුෂ්මත් ආනන්දය ඊට හේතු කවරේද ප්‍රත්‍ය කවරේද?
“ආයුෂ්මත් භද්‍රය, යහපති, යහපති. ආයුෂ්මත් භද්‍රය, ඔබගේ ප්‍රඥාමාර්ගය යහපත්ය. වැටහීම යහපත්ය. පිළිවිසීම යහපත්ය. ආයුෂ්මත් භද්‍රය, නුඹ මෙසේ විචාරන්නෙහිද?
‘ආයුෂ්මත් ආනන්දයෙනි, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි යම් කාරණයකින් සද්ධර්මය බොහෝ කල් නොපවත්නේද ඊට හේතු කවරේද ප්‍රත්‍යය කවරේද? තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි යම් කරුණකින් සද්ධර්මය බොහෝ කල් පවත්නේ වේද ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද, කියාද?” “ඇවැත්නි, එසේය.”
“ආයුෂ්මත්නි, සතර සතිපට්ඨානය පුරුදු නොකළ බැවින් බහුල වශයෙන් පුරුදු නොකළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්මය බොහෝ කල් පවත්නේ නොවේ. ආයුෂ්මත්නි, සතර සතිපට්ඨානයන් පුරුදු කළ බැවින් බහුල වශයෙන් පුරුදු කළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි සද්ධර්මය බොහෝ කල් පවත්නේ වේ.
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදය මෙනි.)
“ආයුෂ්මත්නි, මේ සතර සතිපට්ඨානයන්ගේ වැඩීම නොකළ බැවින් බහුල වශයෙන් වැඩීම නොකළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්මය බොහෝ කල් පවත්නේ නොවේ. ආයුෂ්මතුනි, මේ සතර සතිපට්ඨානයන්ගේ වැඩීම කළ බැවින් බහුල වශයෙන් වැඩීම කළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි සද්ධර්මය බොහෝ කල් පවත්නේ වෙයි”
|
3. පරිහානසුත්තං | 3. පරිහාන සූත්‍රය |
389
එකං
‘‘සාධු සාධු, ආවුසො භද්ද! භද්දකො ඛො තෙ, ආවුසො භද්ද, උම්මඞ්ගො, භද්දකං පටිභානං, කල්‍යාණී පරිපුච්ඡා. එවඤ්හි ත්වං, ආවුසො භද්ද, පුච්ඡසි - ‘කො නු ඛො, ආවුසො ආනන්ද, හෙතු, කො පච්චයො යෙන සද්ධම්මපරිහානං
‘‘කතමෙසං චතුන්නං? ඉධාවුසො, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු...පෙ.... චිත්තෙ...පෙ.... ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙසං ඛො, ආවුසො, චතුන්නං සතිපට්ඨානානං අභාවිතත්තා අබහුලීකතත්තා සද්ධම්මපරිහානං හොති. ඉමෙසඤ්ච ඛො, ආවුසො, චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා සද්ධම්මඅපරිහානං හොතී’’ති. තතියං.
|
389
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡේදය මෙනි.)
“ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයෙනි, යම් හේතුවකින් සද්ධර්මයාගේ පිරිහීම වේද? ඊට හේතු කවරේද ප්‍රත්‍යය කවරේද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයිනි, යම් හෙයකින් සද්ධර්මයාගේ නොපිරිහීම වේද, එයට හේතු කවරේද ප්‍රත්‍යය කවරේද?”
“ආයුෂ්මත් භද්‍රය, යහපති, යහපති. ආයුෂ්මත් භද්‍රය, ඔබගේ ප්‍රඥා මාර්ගය යහපත්ය. වැටහීම යහපත්ය. පිළිවිසීම යහපත්ය. ආයුෂ්මත් භද්‍රය, නුඹ මෙසේ විචාරන්නෙහිද? ‘ආයුෂ්මත් ආනන්දයෙනි, යම් හෙයකින් සද්ධර්මයාගේ පිරිහීම වේද, එයට හේතු කවරේද ප්‍රත්‍යය කවරේද? ආයුෂ්මත් ආනන්දයෙනි, යම් හේතුවකින් සද්ධර්මයාගේ පිරිහීම නොවේද එයට හේතු කවරේද ප්‍රත්‍යය කවරේද, කියාද?”-“ආයුෂ්මතුනි එසේය.”
“ආයුෂ්මතුනි, සතර සතිපට්ඨානය පුරුදු නොකළ බැවින් බහුල වශයෙන් පුරුදු නොකළ බැවින් සද්ධර්මයාගේ පරිහානිය වේ. ආයුෂ්මතුනි, සතර සතිපට්ඨානය පුරුදු කළ බැවින් බහුල වශයෙන් පුරුදු කළ බැවින් සද්ධර්මයාගේ පරිහානිය නොවේ.
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදය මෙනි)
“ආයුෂ්මතුනි, මේ සතර සතිපට්ඨානයන්ගේ වැඩීම නොකළ බැවින් බහුල වශයෙන් වැඩීම නොකළ බැවින් සද්ධර්මයාගේ පරිහානිය වේ. ආයුෂ්මතුනි මේ සතර සතිපට්ඨානයන්ගේ වැඩීම කළ බැවින් බහුල වශයෙන් වැඩීම කළ බැවින් සද්ධර්මයාගේ නොපිරිහීම වන්නේයි.”
|
4. සුද්ධසුත්තං | 4. සුද්ධක සූත්‍රය |
390
සාවත්ථිනිදානං. ‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, සතිපට්ඨානා. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු
|
390
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතුසේක. “ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, මේ සතිපට්ඨාන සතරකි.
“කවර සතරෙක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කෙරේද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කෙරේද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා නීවරණාදි ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද?
“මහණෙනි, මොවුහු වනාහි සතර සතිපට්ඨාන ධර්මයෝ වෙත්.”
|
5. අඤ්ඤතරබ්‍රාහ්මණසුත්තං | 5. බ්‍රාහ්මණ සූත්‍රය |
391
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො අඤ්ඤතරො බ්රාහ්මණො යෙන
‘‘චතුන්නං
‘‘කතමෙසං චතුන්නං? ඉධ, බ්‍රාහ්මණ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු...පෙ.... චිත්තෙ...පෙ.... ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙසං ඛො, බ්‍රාහ්මණ, චතුන්නං සතිපට්ඨානානං අභාවිතත්තා අබහුලීකතත්තා තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො න චිරට්ඨිතිකො හොති. ඉමෙසඤ්ච ඛො, බ්‍රාහ්මණ, චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොතී’’ති.
එවං වුත්තෙ සො බ්රාහ්මණො භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං
|
391
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු වියයුතුවූ, සිහි කටයුතුවූ, කථාවකොට නිමවා එක් පසෙක හිඳගත්තේය. එක් පසෙක හිඳගත් ඒ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙය කීය.
“භවත් ගෞතමයන් වහන්ස, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි යම් හෙයකින් සද්ධර්මය බොහෝ කල් නොපවත්නේද, එයට හේතු කවරේද, ප්‍රත්‍යය කවරේද? භවත් ගෞතමයන් වහන්ස, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි යම් හෙයකින් සද්ධර්මය බොහෝ කල් පවත්නේද එයට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“බ්‍රාහ්මණය, සතර සතිපට්ඨානය පුරුදු නොකළ බැවින් බහුල වශයෙන් පුරුදු නොකළ බැවින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය බොහෝකල් පවත්නේ නොවේ. බ්‍රාහ්මණය සතර සතිපට්ඨානය පුරුදු කළ බැවින් බහුල වශයෙන් පුරුදු කළ බැවින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය බොහෝ කල් පවත්නේ වේ.
“කවර සතරක්හුගේද යත්? බ්‍රාහ්මණය, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද, සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද,
“බ්‍රාහ්මණය, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කෙරේද,
“බ්‍රාහ්මණය, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, බ්‍රාහ්මණය මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද,
“බ්‍රාහ්මණය, මේ සතර සතිපට්ඨානයන් පුරුදු නොකළ බැවින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය බොහෝ කල් පවත්නේ නොවේ. බ්‍රාහ්මණය, මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය බොහෝ කල් පවත්නේ වෙයි යනුයි.
මෙසේ වදාළ කල්හි ඒ බ්‍රාහ්මණතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. යම්සේ යටිකුරුකර තැබූ භාජනයක් උඩුකුරු කරන්නේද, වැසුනු දෙයක් විවෘත කරන්නේද, මංමුළා වූවෙකුට මඟ කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේද එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරන ලදී. ඒ මම භාග්‍යවතුන් වහන්සේද ධර්මයද භික්ෂු සංඝයාද සරණ යමි. අද පටන් මා දිවිහිමියෙන් සරණගිය උපාසකයකු කොට දරණසේක්වායි කීය.”
|
6. පදෙසසුත්තං | 6. පදෙස සූත්‍රය |
392
එකං
‘‘කතමෙසං චතුන්නං? ඉධාවුසො, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු...පෙ....
|
392
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද සාකේත නුවර කණ්ටකී වනයෙහි වාසය කරත්. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේද සවස් කාලයෙහි විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් යම් තැනෙක්හිද එතැනට ගියාහුය. ගොස්, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් සමග සතුටු වූවාහුය. සතුටු වියයුතු සිහි කටයුතු කථාවකොට නිමවා එක් පසෙක හුන්නාහුය.
එක් පසෙක හුන් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට මෙසේ කීහ. “ආයුෂ්මත් අනුරුද්ධයෙනි, සේඛ සේඛයයි කියනු ලැබේ. ආයුෂ්මත් අනුරුද්ධයෙනි, කොපමණකින් සේඛ නම් වේද?”
“ඇවැත්නි, සතර සතිපට්ඨානයන්ගේ කොටසක් වඩන ලද හෙයින් සේඛ නම් වේ.
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදය මෙනි.)
“ඇවැත්නි, මේ සතර සතිපට්ඨානයන්ගේ කොටසක් වඩන ලද හෙයින් සේඛ නම් වන්නේ යයි කීය.
|
7. සමත්තසුත්තං | 7. සමත්ත සූත්‍රය |
393
තංයෙව නිදානං. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං අනුරුද්ධං එතදවොච - ‘‘‘අසෙඛො
‘‘කතමෙසං චතුන්නං? ඉධාවුසො, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු...පෙ.... චිත්තෙ...පෙ.... ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙසං ඛො
|
393
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද සාකේත නුවර කණ්ටකී වනයෙහි වාසය කරති. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේද සවස් කාලයෙහි විවේක සුවයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් යම් තැනකද එතැනට ගියාහුය. ගොස් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් සමග සතුටු වූවාහුය. සතුටු වියයුතු සිහිකටයුතු කථාවකොට නිමාව එක්පසෙක සිටියාහුය. එක් පසෙක සිටි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට මෙය කීය.
[2] “ඇවැත් අනුරුද්ධයෙනි, අසේඛ අසේඛයයි කියනු ලැබේ. ඇවැත්නි, කොපමණකින් අසේඛ නම් වේද?”
“ඇවැත්නි, සතර සතිපට්ඨානයන් සම්පූර්ණකොට වඩන ලද හෙයින් අසේඛ නම් වේ.
[3] (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදය මෙනි.)
[4] “ඇවැත්නි, මේ සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කොට වඩනලද බැවින් අසේඛ නම් වන්නේයයි” කීය.
|
8. ලොකසුත්තං | 8. ලෝක සූත්‍රය |
394
තංයෙව නිදානං. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං අනුරුද්ධං එතදවොච - ‘‘කතමෙසං, ආවුසො අනුරුද්ධ, ධම්මානං භාවිතත්තා බහුලීකතත්තා මහාභිඤ්ඤතං
(මහාභිඤ්ඤාතං (පී.)) පත්තො’’ති? ‘‘චතුන්නං
‘‘කතමෙසං චතුන්නං? ඉධාහං, ආවුසො, කායෙ කායානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු...පෙ.... චිත්තෙ...පෙ.... ධම්මෙසු ධම්මානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙසං ඛ්වාහං, ආවුසො
|
394
(මේ ඡේදය මේ වර්ගයේ 7 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡේදය මෙනි.)
“ආයුෂ්මත් අනුරුද්ධතෙමේ කවර නම් ධර්මයන් පුරුදු කළ බැවින් බහුල වශයෙන් පුරුදු කළ බැවින් මහත්වූ විශේෂ ඥානයට (ෂඞ්අභිඥාවන්ට) පැමිණියේද?” “ඇවැත්නි, සතර සතිපට්ඨානයන් වඩනලද බැවින් බහුල වශයෙන් පුරුදු කරනලද බැවින් මහත් විශේෂ ඥානයට (ෂඞ් අභිඥාවන්ට) පැමිණියේ වෙමි. කවර සතරෙක් ද යත්:
“ඇවැත්නි, මම මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරමි.
“ඇවැත්නි, මම මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරමි.
“ඇවැත්නි, මම මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරමි.
“ඇවැත්නි, මම මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරමි.
ඇවැත්නි, මේ සතර සතිපට්ඨානයන් වඩනලද බැවින් බහුල වශයෙන් පුරුදුකළ බැවින් මහත් විශේෂ ඥානයට (ෂඞ් අභිඥාවන්ට) පැමිණියේ වෙමි. මම මේ සතර සතිපට්ඨානයන් පුරුදුකළ බැවින් බහුල වශයෙන් පුරුදුකළ බැවින් දහසක් සක්වල විශේෂයෙන් දන්නේ වෙමියි කීය.”
|
9. සිරිවඩ්ඪසුත්තං | 9. සිරිවඞ්ඪ සූත්‍රය |
395
එකං සමයං ආයස්මා ආනන්දො රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන සිරිවඩ්ඪො
(සිරීවඩ්ඪො (ක.)) ගහපති ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො සිරිවඩ්ඪො ගහපති අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි - ‘‘එහි ත්වං, අම්භො පුරිස, යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කම; උපසඞ්කමිත්වා මම වචනෙන ආයස්මතො ආනන්දස්ස පාදෙ සිරසා වන්ද - ‘සිරිවඩ්ඪො, භන්තෙ, ගහපති ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. සො ආයස්මතො ආනන්දස්ස පාදෙ සිරසා වන්දතී’ති. එවඤ්ච වදෙහි - ‘සාධු කිර, භන්තෙ, ආයස්මා ආනන්දො යෙන සිරිවඩ්ඪස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා’’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො සො පුරිසො සිරිවඩ්ඪස්ස ගහපතිස්ස පටිස්සුත්වා යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො
අථ ඛො ආයස්මා ආනන්දො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය
‘‘තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘කායෙ කායානුපස්සී විහරිස්සාමි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු...පෙ....
‘‘යෙමෙ, භන්තෙ, භගවතා චත්තාරො සතිපට්ඨානා දෙසිතා සංවිජ්ජන්ති, තෙ ධම්මා
(සංවිජ්ජන්තෙ රතනධම්මා (සී.)) මයි, අහඤ්ච තෙසු ධම්මෙසු සන්දිස්සාමි. අහඤ්හි, භන්තෙ, කායෙ කායානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු...පෙ.... චිත්තෙ...පෙ.... ධම්මෙසු ධම්මානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. යානි චිමානි, භන්තෙ, භගවතා පඤ්චොරම්භාගියානි සංයොජනානි
|
395
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම කලන්දක නිවාප නම්වූ වේළුවනයෙහි වාසය කරයි. එකල්හි වනාහි සිරිවඞ්ඪ ගෘහපති තෙමේ රෝගාතුර වූයේ, දුක් වූයේ, දැඩිසේ ගිලන් වූයේ වෙයි.
ඉක්බිති සිරිවඞ්ඪන ගෘහපතිතෙමේ එක්තරා පුරුෂයෙකුට කථාකළේය. “පින්වත් පුරුෂය, නුඹ එව. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැනට යව, ගොස්, ‘ස්වාමීනි, සිරිවඞ්ඪන ගෘහපතිතෙමේ රෝගාතුර වූයේ දැඩි ගිලන් වූයේ වෙයි. හෙතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ගේ පා හිසින් වඳීයයි’ මගේ වචනයෙන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ පාද හිසින් වඳුව, මෙසේද කියව.
“ස්වාමීනි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, සිරිවඞ්ඪ ගෘහපතියාගේ ගෘහය යම් තැනෙක්හිද අනුකම්පා උපදවා එතැනට වඩිනු මැනව, කියායි”
[2] ඒ පුරුෂතෙමේද “ස්වාමීනි, එසේය”යයි ගෘහපතියාට පිළිතුරු දී ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් යම් තැනකද එතැනට ගියේය. ගොස්, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ පුරුෂතෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, සිරිවඞ්ඪ ගෘහපතිතෙමේ රෝගාතුර වූයේ, දුක්වූයේ, දැඩිසේ ගිලන් වූයේ වෙයි. හෙතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ පා හිසින් වඳියි මෙසේද කීවේය. ‘ස්වාමීනි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අනුකම්පා උපදවා සිරිවඞ්ඪ ගෘහපතියාගේ නිවෙස යම් තැනකද එතැනට වඩිනු මැනවයි.” ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද ආරාධනය නිශ්ශබ්දව ඉවසූහ.
[3] ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ පෙරවරු කාලයෙහි හැඳ පෙරවා පාත්‍ර සිවුරු ගෙන සිරිවඞ්ඪ ගෘහපතියාගේ නිවෙස යම් තැනකද එතැනට වැඩියේය. වැඩමවා පැනවූ අසුනෙහි වැඩහුන්නේය. වැඩහුන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ සිරිවඞ්ඪන ගෘහපතියාගෙන් මෙසේ ඇසීය. “කිම, ගෘහපතිය, නුඹට ඉවසිය හැකිද? කිම, යැපියහැකිද? කිම, දුක් වේදනාවෝ අඩුවෙත්ද? කිම, දියුණුවෙත්ද? දුක් වේදනාවන්ගේ අඩුවීමක් පෙනේද? වැඩීමක් නොපෙනේද?”
“ස්වාමීනි, මට ඉවසිය හැකි බවක් නැත. යැපිය හැකි බවක් නැත. මගේ දැඩි දුක් වේදනාවෝ දියුණු වෙත්. අඩු නොවෙත්. වැඩිවන බව පෙනේ. අඩුවන බවක් නොපෙනේ යයි” කීය.
[4] “එසේ නම්, ගෘහපතිය, නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ‘කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරමි’
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරමි.’
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරමි.’
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරමි.’
“එසේ නම් ගෘහපතිය, නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි.”
[5] “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ඒ සතර සතිපට්ඨාන කෙනෙක් දේශනා කරන ලද්දාහුද, ඒ රත්න ධර්මයෝ මා කෙරෙහි විද්‍යමාන වෙත්. මමද ඒ ධර්මයන් දකින්නෙමි. ස්වාමීනි, මම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරමි.
“ස්වාමීනි, මම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරමි.
“ස්වාමීනි, මම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරමි.
“ස්වාමීනි මම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරමි.
[6] “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ඕරම්භාගීය සංයෝජන පසක් දේශනා කරන ලද්දාහුද, මම ඔවුන්ගෙන් කිසිවක් තමා කෙරෙහි ප්‍රහීණ නොවූයේයයි නොදකිමි.” ගෘහපතිය, නුඹට ලාභයකි. ගෘහපතිය, නුඹ විසින් අනාගාමී ඵලය ප්‍රකාශ කරන ලදැයි” කීය.
|
10. මානදින්නසුත්තං | 10. මානදින්න සූත්‍රය |
396
තංයෙව
|
396
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ කලන්දකනිවාප නම්වූ වේළුවනයෙහි වාසය කරයි. එසමයෙහි මානදින්න ගෘහපති තෙමේ රෝගාතුර වූයේ දුක් වූයේ දැඩි ගිලන් වූයේ වෙයි. ඉක්බිති මානදින්න ගෘහපති තෙමේ එක්තරා පුරුෂයෙකුට කථා කෙළේය.
“පින්වත් පුරුෂය නුඹ එව. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එහි යව. ගොස් ‘ස්වාමීනි, මානදින්න ගෘහපති තෙමේ රෝගාතුර වූයේ දුක්වූයේ දැඩි ගිලන් වූයේ වෙයි. හෙතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ පාද හිසින් වඳීයයි’ මගේ වචනයෙන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ පාද හිසින් වඳුව. මෙසේද කියව. ‘ස්වාමීනි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, මානදින්න ගෘහපතියාගේ ගෙදර යම් තැනකද අනුකම්පා උපදවා එතැනට වඩිනු මැනව’ කියායි.
ඒ පුරුෂ තෙමේද, ස්වාමීනි එසේයයි ගෘහපතියාට පිළිතුරු දී ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම යම් තැනකද එහි ගියේය. ගොස්, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙය කීවේය. “ස්වාමීනි, මානදින්න ගෘහපති තෙමේ රෝගාතුර වූයේ දුක්වූයේ දැඩි ගිලන්වූයේ වෙයි. හෙතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ පාද හිසින් වඳියි.’ වැඳ මෙසේද කීවේය. ‘ස්වාමීනි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අනුකම්පා උපදවා මානදින්න ගෘහපතියාගේ නිවෙස යම් තැනකද එතැනට වඩිනු මැනවයි” ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද ආරාධනය නිශ්ශබ්දව ඉවසූහ.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පා සිවුරු ගෙන මානදින්න ගෘහපතියාගේ ගෘහය යම් තැනකද එතැනට වැඩියේය. වැඩමවා පැනවූ අසුනෙහි වැඩ හුන්නේය. වැඩහුන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ මානදින්න ගෘහපතියාට මෙසේ කීය. “කිම, ගෘහපතිය, නුඹට ඉවසිය හැකිද? කිම, යැපිය හැකිද? කිම, දුක් වේදනාවෝ අඩුවෙත්ද? කිම දියුණු වෙත්ද? දුක් වේදනාවන්ගේ අඩුවීමක් පෙනේද? වැඩීමක් නොපෙනේද?”
“ස්වාමීනි, මට ඉවසියහැකි නොවේ. යැපියහැකි නොවේ. මගේ දැඩි දුක් වේදනාවෝ දියුණු වෙත්. අඩු නොවෙත්. වැඩිවන බව පෙනේ. අඩුවන බවක් නොපෙනෙයි.”
(මේ ඡේද තුන මේ වර්ගයේ 9 වෙනි සූත්‍රයේ. 4, 5, 6 වෙනි ඡේද මෙන් වේ.)
|
4. අනනුස්සුතවග්ගො | 4. අනනුස්සුත වර්ගය |
1. අනනුස්සුතසුත්තං | 1. අනනුස්සුත සූත්‍රය |
397
සාවත්ථිනිදානං
‘‘‘අයං
‘‘‘අයං චිත්තෙ චිත්තානුපස්සනා’ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. ‘සා ඛො පනායං චිත්තෙ චිත්තානුපස්සනා භාවෙතබ්බා’ති මෙ, භික්ඛවෙ...පෙ.... භාවිතා’ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි.
‘‘‘අයං
|
397
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතුසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, මේ කයෙහි කායානුපස්සනාවයයි මම පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළවිය. ඥානය ඇතිවිය, විද්‍යාව ඇතිවිය, ආලෝකය පහළවිය. මහණෙනි, මේ කයෙහි කායානුපස්සනාව වැඩිය යුතුයයිද පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළවිය, ඥානය පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය. මහණෙනි, මේ කයෙහි කායානුපස්සනාව වඩන ලද්දේයයිද මට පෙර නොඇසූවිරූ ධර්මයන් කෙරෙහි නුවණැස පහළ විය, ඥානය ඇතිවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.
[3] “මහණෙනි, මේ වේදනාවෙහි වේදනානුපස්සනාව යයි මට පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළ විය, ඥානය පහළ විය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළ විය. මහණෙනි මේ වේදනාවෙහි වේදනානුපස්සනාව වැඩිය යුතු යයි මට පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළ විය, ඥානය පහළවිය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. මහණෙනි, මේ වේදනාවෙහි වේදනානුපස්සනාව වඩන ලදැයි මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළ විය, ඥානය පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.
[4] “මහණෙනි, මේ චිත්තයන්හි චිත්තානුපස්සනාව යයි මට පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළවිය, ඥානය පහළ විය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළ විය. මහණෙනි, මේ චිත්තයන්හි චිත්තානුපස්සනාව වැඩිය යුතුයයි මට නුවණැස පහළවිය, ඥානය පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. මහණෙනි, චිත්තයන්හි චිත්තානුපස්සනාව වඩන ලද්දේයයි මට පෙර නොඇසූවිරූ ධර්මයන් කෙරෙහි නුවණැස පහළ විය, ඥානය පහළ විය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළ විය.
[5] මහණෙනි, මේ ධර්මයන්හි ධම්මානුපස්සනාව යයි මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළවිය, ඥානය පහළවිය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළවිය. මහණෙනි, මේ ධර්මයන්හි ධම්මානුපස්සනාව වැඩිය යුතුයයි මට නුවණැස පහළවිය, ඥානය පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. මහණෙනි, මේ ධර්මයන්හි ධම්මානුපස්සනාව වඩන ලදැයි මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළ විය, ඥානය පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.”
|
2. විරාගසුත්තං | 2. විරාග සූත්‍රය |
398
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, සතිපට්ඨානා භාවිතා බහුලීකතා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති.
‘‘කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු...පෙ.... චිත්තෙ...පෙ.... ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො සතිපට්ඨානා භාවිතා බහුලීකතා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්තී’’ති. දුතියං.
|
398
(මෙතැන් සිට මේ වර්ගයේ සියලු සූත්‍රවල 1 ඡේද මේ වර්ගයේ මුල් සූත්‍රයේ මෙනි.)
[2] “මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ සතර සතිපට්ඨානයෝ ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශේෂයෙන් දැනගැනීම පිණිස, චතුස්සත්‍යාවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතිත්.
[3] “කවර සතරක්දයත්? මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද,
“මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කෙරේද,
“මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙරේද,
“මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා ධර්මයෙහි ධර්මය නැවත නැවත බලමින් වාසය කෙරේද,
[4] “මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ සතර සතිපට්ඨානයෝ ඒකාන්තයෙන් කලකිරීම පිණිස නොඇලීම පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස විශේෂ ඥානය පිණිස චතුස්සත්‍ය අවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතිත්.”
|
3. විරද්ධසුත්තං | 3. විරජ්ජ සූත්‍රය |
399
‘‘යෙසං
‘‘කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො
|
399
“මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් සතර සතිපට්ඨානයෝ පටන් නොගන්නා ලද්දාහුද ඔවුන් විසින් මනාකොට දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ ආර්ය්යමාර්ගය පටන් නොගන්නා ලදී. මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් සතර සතිපට්ඨානයෝ පටන්ගන්නා ලද්දාහුද, ඔවුන් විසින් මනාකොට දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ ආර්ය්යමාර්ගය පටන්ගන්නා ලදී.
(මේ ඡේදය මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.)
“මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් මේ සතර සතිපට්ඨානයෝ පටන් නොගන්නා ලද්දාහුද? ඔවුන් විසින් මනාකොට දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ ආර්‍ය්‍ය මාර්ගය පටන්නොගන්නා ලදී. මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් මේ සතර සතිපට්ඨානයෝ පටන් ගන්නා ලද්දාහුද ඔවුන් විසින් මනාකොට දුක් නැති කිරීම පිණිස පවත්නාවූ ආර්‍ය්‍ය මාර්ගය පටන්ගන්නා ලදී.”
|
4. භාවිතසුත්තං | 4. භාවිත සූත්‍රය |
400
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, සතිපට්ඨානා භාවිතා බහුලීකතා අපාරා පාරං ගමනාය සංවත්තන්ති.
‘‘කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු...පෙ.... චිත්තෙ...පෙ.... ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො සතිපට්ඨානා භාවිතා බහුලීකතා අපාරා පාරං ගමනාය සංවත්තන්තී’’ති. චතුත්ථං.
|
400
“මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ සතර සතිපට්ඨානයෝ (සංසාර සාගරයෙන්) මෙතරින් එතෙරට යෑම පිණිස පවතිත්.
(මේ ඡේදය මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.)
මහණෙනි, පුරුදු කරන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ සතර සතිපට්ඨානයෝ (සංසාර සාගරයෙන්) මෙතෙරින් එතෙරට යෑම පිණිස පවතිත්.
|
5. සතිසුත්තං | 5. සතෝ සූත්‍රය |
401
සාවත්ථිනිදානං. ‘‘සතො, භික්ඛවෙ, භික්ඛු විහරෙය්ය සම්පජානො. අයං වො අම්හාකං අනුසාසනී’’.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු සතො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං
‘‘කථඤ්ච
|
401
“මහණෙනි, මහණ තෙමේ සිහියෙන් යුක්තව නුවණින් යුක්තව වාසය කරන්නේය. මේ වනාහි තොපට අපගේ අනුශාසනාවයි. මහණෙනි, මහණතෙමේ කෙසේනම් සිහි ඇත්තේ වෙයිද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ කයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ කයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කෙරේද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ කයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙරේද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ කයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා ධර්මයෙහි ධර්මය නැවත නැවත බලමින් වාසය කෙරේද,
“මහණෙනි, මෙසේ වනාහි මහණතෙමේ සිහි ඇත්තේ වේ. මහණෙනි, මහණතෙම කෙසේ නම් නුවණ ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණහට ප්රකටව වේදනාවෝ උපදිත්ද, ප්රකටව වේදනාවෝ එළඹ සිටිත්ද, ප්රකටව වේදනාවෝ විනාශයට යෙත්ද ප්රකටව විතර්කයෝ උපදිත්ද ප්රකටව විතර්කයෝ එළඹ සිටිත්ද, ප්රකටව විතර්කයෝ විනාශයට යත්ද,
“ප්රකටව සඤ්ඤාවෝ උපදිත්ද, ප්රකටව සඤ්ඤාවෝ එළඹ සිටිත්ද, ප්රකටව සඤ්ඤාවෝ විනාශයට යත්ද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙමේ නුවණ ඇත්තේ වේ. මහණෙනි, මහණතෙම සිහි ඇතිව නුවණ ඇතිව වාසය කරන්නේය. මේ වනාහි තොපට අපගේ අනුශාසනාවයි.”
|
6. අඤ්ඤාසුත්තං | 6. අඤ්ඤා සූත්‍රය |
402
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, සතිපට්ඨානා. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු...පෙ.... චිත්තෙ...පෙ.... ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො සතිපට්ඨානා. ඉමෙසං ඛො, භික්ඛවෙ, චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං - දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා’’ති. ඡට්ඨං.
|
402
“මහණෙනි, මේ සතර සතිපට්ඨානයෝ වෙත්.
(මේ ඡේදය මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.)
“මහණෙනි, මේ සතර සතිපට්ඨානයන් පුරුදු කළ බැවින් බහුල වශයෙන් කරනලද බැවින් මේ ආත්මයෙහි රහත්වීම හෝ ස්කන්ධ ශේෂව ඇතිකල්හි අනාගාමී බව හෝ යන මේ ඵල දෙක අතරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි.”
|
7. ඡන්දසුත්තං | 7. ඡන්ද සූත්‍රය |
403
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, සතිපට්ඨානා. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තස්ස කායෙ කායානුපස්සිනො විහරතො යො කායස්මිං ඡන්දො සො පහීයති. ඡන්දස්ස පහානා අමතං සච්ඡිකතං හොති.
‘‘වෙදනාසු
‘‘චිත්තෙ
‘‘ධම්මෙසු
|
403
“මහණෙනි, මේ සතර සතිපට්ඨානයෝ වෙත්. කවර සතරක්ද යත්.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද, කයෙහි කය නැවත නැවත බලමින් වාසයකරන්නාවූ ඔහුගේ කයෙහි යම් ආශාවක් වේද ඒ ආශාව ප්‍රහීණ වේ. ආශාව ප්‍රහීණකිරීමෙන් (අමෘතය) නිර්වාණය ප්රත්යක්ෂ කරන ලද්දේ වේ.
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා වේදනාවෙහි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කෙරේද, වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසයකරන්නාවූ ඔහුගේ වේදනාවන් කෙරෙහි යම් ආශාවක් වේද, ඒ ආශාව ප්‍රහීණ වේ. ආශාව ප්‍රහීණකිරීමෙන් (අමෘතය) නිර්වාණය ප්රත්යක්ෂ කරන ලද්දේ වේ.
“කෙළෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙරේද, සිතෙහි සිත නැවත නැවත බලමින් වාසයකරන්නාවූ ඔහුගේ සිතෙහි යම් ආශාවක් වේද, ඒ ආශාව ප්‍රහීණ වේ. ආශාව ප්‍රහීණ කිරීමෙන් (අමෘතය) නිර්වාණය ප්රත්යක්ෂ කරන ලද්දේ වේ.
“කෙළෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, නීවරණාදී ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරන්නා වූ ඔහුගේ ධර්මයන් කෙරෙහි යම් ආශාවක් වේද ඒ ආශාව ප්‍රහීණවේ. ඒ ආශාව ප්‍රහීණ කිරීමෙන් නිර්වාණය ප්රත්යක්ෂ කරන ලද්දේ වෙයි”
|
8. පරිඤ්ඤාතසුත්තං | 8. පරිඤ්ඤාත සූත්‍රය |
404
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, සතිපට්ඨානා. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තස්ස කායෙ කායානුපස්සිනො විහරතො කායො පරිඤ්ඤාතො හොති. කායස්ස පරිඤ්ඤාතත්තා අමතං සච්ඡිකතං හොති.
‘‘වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තස්ස වෙදනාසු වෙදනානුපස්සිනො විහරතො වෙදනා පරිඤ්ඤාතා හොන්ති. වෙදනානං පරිඤ්ඤාතත්තා
‘‘චිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තස්ස චිත්තෙ චිත්තානුපස්සිනො විහරතො චිත්තං පරිඤ්ඤාතං හොති. චිත්තස්ස පරිඤ්ඤාතත්තා අමතං සච්ඡිකතං හොති.
‘‘ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තස්ස ධම්මෙසු ධම්මානුපස්සිනො විහරතො ධම්මා පරිඤ්ඤාතා හොන්ති. ධම්මානං පරිඤ්ඤාතත්තා අමතං සච්ඡිකතං හොතී’’ති. අට්ඨමං.
|
404
“මහණෙනි, මේ සතර සතිපට්ඨානයෝ වෙත්.
“කවර සතරක්දයත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද, කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරන්නාහු විසින් කය මනාකොට දැනගන්නා ලද්දේ වේ. කය මනාකොට දැන ගත් බැවින් නිවන ප්රත්යක්ෂ කරන ලද්දේ වේ.
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා වේදනාවෙහි වේදනා නැවත නැවත බලමින් වාසය කෙරේද, වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කරන්නහු විසින් වේදනාව මනාකොට දැන ගන්නා ලද්දේ වේ. වේදනාව මනාකොට දැනගත් බැවින් නිවන ප්රත්යක්ෂ කරන ලද්දේ වේ.
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙරේද, සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරන්නාහු විසින් සිත මනාකොට දැනගන්නා ලද්දේ වේ. සිත මනාකොට දැනගත් බැවින් නිවන ප්රත්යක්ෂ කරන ලද්දේ වේ.
“කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරන්නාහු විසින් ධර්මයෝ මනාකොට දැන ගන්නා ලද්දේ වේ. ධර්මයන් මනාකොට දත් බැවින් නිවන ප්රත්යක්ෂ කරන ලද්දේ වන්නේය.”
|
9. භාවනාසුත්තං | 9. භාවනා සූත්‍රය |
405
‘‘චතුන්නං
|
405
“මහණෙනි, සතර සතිපට්ඨානයන්ගේ වැඩීම දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සතර සතිපට්ඨානයන්ගේ වැඩීම කවරේද?
(මේ ඡේදය මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.)
“මහණෙනි, මේ සතර සතිපට්ඨානයන්ගේ වැඩීමයි.
|
10. විභඞ්ගසුත්තං | 10. විභඞ්ග සූත්‍රය |
406
‘‘සතිපට්ඨානඤ්ච වො, භික්ඛවෙ, දෙසෙස්සාමි සතිපට්ඨානභාවනඤ්ච සතිපට්ඨානභාවනාගාමිනිඤ්ච පටිපදං. තං සුණාථ’’. ‘‘කතමඤ්ච, භික්ඛවෙ, සතිපට්ඨානං? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු වෙදනානුපස්සී විහරති...පෙ.... චිත්තෙ චිත්තානුපස්සී විහරති...පෙ.... ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී
‘‘කතමා ච, භික්ඛවෙ, සතිපට්ඨානභාවනා? ඉධ, භික්ඛවෙ, භික්ඛු සමුදයධම්මානුපස්සී කායස්මිං විහරති, වයධම්මානුපස්සී කායස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී කායස්මිං විහරති, ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. සමුදයධම්මානුපස්සී වෙදනාසු විහරති...පෙ.... සමුදයධම්මානුපස්සී චිත්තෙ විහරති... සමුදයධම්මානුපස්සී ධම්මෙසු විහරති, වයධම්මානුපස්සී ධම්මෙසු විහරති, සමුදයවයධම්මානුපස්සී ධම්මෙසු විහරති, ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අයං වුච්චති, භික්ඛවෙ, සතිපට්ඨානභාවනා.
‘‘කතමා ච, භික්ඛවෙ, සතිපට්ඨානභාවනාගාමිනී පටිපදා? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං - සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පො, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මාවායාමො, සම්මාසති, සම්මාසමාධි. අයං වුච්චති, භික්ඛවෙ, සතිපට්ඨානභාවනාගාමිනී පටිපදා’’ති. දසමං.
|
406
“මහණෙනි, මම නුඹලාට සතිපට්ඨානයද, සතිපට්ඨාන භාවනාද, සතිපට්ඨාන භාවනා ගාමිණී ප්‍රතිපදාවද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සතිපට්ඨානය නම් කවරේද?
(මේ ඡේදය මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.)
“මහණෙනි, මේ සතිපට්ඨානයයි කියනු ලැබේ.
“මහණෙනි, සතිපට්ඨාන භාවනාව නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්‍රෝධයද, සංසිඳවාගෙන කයෙහි ඉපදීම ස්වභාව බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා කයෙහි නැතිවීම් ස්වභාව බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා කයෙහි ඇතිවීම් ස්වභාවයද නැතිවීම් ස්වභාවයද බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳවාගෙන වේදනාවෙහි ඉපදීම් ස්වභාව බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා වේදනාවෙහි නැතිවීම් ස්වභාව බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා වේදනාවෙහි ඇතිවීම් ස්වභාවයද නැතිවීම් ස්වභාවයද, බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳවා ගෙන සිතෙහි ඉපදීම් ස්වභාව බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා සිතෙහි නැතිවීම් ස්වභාව බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා සිතෙහි ඇතිවීම් ස්වභාවයද නැතිවීම් ස්වභාවයද බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳවා ගෙන ධර්මයෙහි ඉපදීම් ස්වභාව බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා ධර්මයෙහි නැතිවීම් ස්වභාව බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා ධර්මයෙහි ඇතිවීම් ස්වභාවයද නැතිවීම් ස්වභාවයද බලමින් වාසය කෙරේද,
මහණෙනි, මේ සතිපට්ඨාන භාවනාවයයි කියනු ලැබේ.
මහණෙනි, සතිපට්ඨාන භාවනාවට පැමිණෙන ප්‍රතිපදාව කවරීද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමය. ඒ කවරේද?
සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුයි.
“මහණෙනි, මේ සතිපට්ඨාන භාවනාවට පැමිණෙන ප්‍රතිපදාවයයි කියනු ලැබේ.”
|
5. අමතවග්ගො | 5. අමත වර්ගය |
1. අමතසුත්තං | 1. අමත සූත්‍රය |
407
සාවත්ථිනිදානං
|
407
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතුසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, සතර සතිපට්ඨානයන්හි මනාකොට පිහිටුවන ලද සිත් ඇත්තෝව වාසය කරව්. නැතහොත් නුඹලාට නිවනක් නොවන්නේය. කවර සතරෙක්හිද?
(මේ ඡේදය 4 වෙනි අනනුස්සුත වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 3 ඡේදය මෙනි.)
“මහණෙනි, මේ සතර සතිපට්ඨානයන්හි මනාකොට පිහිටුවන ලද සිත් ඇත්තෙක්ව වාසය කරව්. (නැතහොත්) නුඹලාට නිවනක් නොවන්නේය.”
|
2. සමුදයසුත්තං | 2. සමුදය සූත්‍රය |
408
‘‘චතුන්නං, භික්ඛවෙ, සතිපට්ඨානානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච දෙසෙස්සාමි. තං සුණාථ. කො ච, භික්ඛවෙ, කායස්ස සමුදයො? ආහාරසමුදයා කායස්ස සමුදයො; ආහාරනිරොධා කායස්ස අත්ථඞ්ගමො. ඵස්සසමුදයා වෙදනානං සමුදයො; ඵස්සනිරොධා වෙදනානං අත්ථඞ්ගමො. නාමරූපසමුදයා චිත්තස්ස සමුදයො; නාමරූපනිරොධා චිත්තස්ස අත්ථඞ්ගමො. මනසිකාරසමුදයා ධම්මානං සමුදයො; මනසිකාරනිරොධා ධම්මානං අත්ථඞ්ගමො’’ති. දුතියං.
|
408
“මහණෙනි, සතර සතිපට්ඨානයන්ගේ ඇතිවීමට හේතුවද නැතිවීමද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, කයේ ඇතිවීමට හේතුව කවරේද? ආහාරය හේතු කොටගෙන කයේ හටගැනීම වේ. ආහාරය නැතිවීමෙන් කයේ නැතිවීම වේ. ස්පර්ශය හේතුකොටගෙන වේදනාවේ හට ගැනීම වේ. ස්පර්ශය නැතිවීමෙන් වේදනාවේ නැතිවීම වෙයි. නාම රූපයන් හේතුකොටගෙන චිත්තයාගේ හටගැනීම වේ. නාම රූපයන් නැතිවීමෙන් චිත්තයාගේ නැතිවීම වෙයි. මනසිකාරය හේතුකොටගෙන ධර්මයන්ගේ හටගැනීම වේ. මනසිකාරය නැතිවීමෙන් ධර්මයන්ගේ නැතිවීම වේ.”
|
3. මග්ගසුත්තං | 3. මග්ග සූත්‍රය |
409
සාවත්ථිනිදානං
‘‘කතමෙ චත්තාරො? කායෙ වා භික්ඛු කායානුපස්සී විහරෙය්ය ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු වා භික්ඛු වෙදනානුපස්සී විහරෙය්ය...පෙ.... චිත්තෙ වා භික්ඛු චිත්තානුපස්සී විහරෙය්ය...පෙ.... ධම්මෙසු වා භික්ඛු ධම්මානුපස්සී විහරෙය්ය ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එකායනො අයං මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිදෙවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං - චත්තාරො සතිපට්ඨානා’’ති.
‘‘අථ ඛො, භික්ඛවෙ, බ්රහ්මා සහම්පති මම චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය - සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය, එවමෙව - බ්රහ්මලොකෙ අන්තරහිතො මම පුරතො පාතුරහොසි. අථ ඛො, භික්ඛවෙ, බ්රහ්මා සහම්පති එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙනාහං තෙනඤ්ජලිං පණාමෙත්වා මං එතදවොච - ‘එවමෙතං, භගවා, එවමෙතං, සුගත! එකායනො අයං, භන්තෙ, මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිදෙවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං - චත්තාරො
‘‘කතමෙ චත්තාරො? කායෙ
‘‘ඉදමවොච, භික්ඛවෙ, බ්රහ්මා සහම්පති. ඉදං වත්වා අථාපරං එතදවොච -
‘එකායනං ජාතිඛයන්තදස්සී, මග්ගං පජානාති හිතානුකම්පී;
එතෙන මග්ගෙන තරිංසු පුබ්බෙ, තරිස්සන්ති යෙ ච තරන්ති ඔඝ’’’න්ති. තතියං;
|
409
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහුගේ ජේතවන නම්වූ ආරාමයෙහි වැඩ වාසය කළසේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, එක්කලෙක මම බුදුවූ මුල් කාලයෙහි උරුවෙලාවෙහි නෙරඤ්ජරා නදී තීරයෙහි අජපාල නුගරුක මුල වැඩසිටියෙමි.
“මහණෙනි, රහසිගතව විවේක සුවයෙන් වැඩ සිටි ඒ මට මෙබඳු අදහසක් පහළවිය. ‘යම් මේ සතර සතිපට්ඨාන කෙනෙක් ඇද්ද ඒ සතර සතිපට්ඨාන ධර්මයෝ සත්වයන්ගේ පිරිසිදුවීම පිණිසද, සෝක කිරීම වැළපීම යන මොවුන්ගේ ඉක්මවීම පිණිසද, දුක් දොම්නස් ඉක්මවීම පිණිසද, ආර්ය මාර්ගයට පැමිණීම පිණිසද, නිර්වාණය අවබෝධකරගැනීම පිණිසද එකම මාර්ගය වන්නේය කියායි. ඒ සතර කවරේද?
(මේ ඡේදය 4 වෙනි අනනුස්සුත වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.)
“යම් මේ සතර සතිපට්ඨාන කෙනෙක් ඇද්ද, ඒ සතිපට්ඨාන ධර්මයෝ සත්වයන්ගේ පිරිසිදුවීම පිණිසද, ශෝක කිරීම වැළපීම යන මොවුන්ගේ ඉක්මවීම පිණිසද දුක් දොම්නස් ඉක්මවීම පිණිසද, ආර්ය මාර්ගයට පැමිණීම පිණිසද නිර්වාණය අවබෝධ කිරීම පිණිසද එකම මාර්ගය වන්නේය කියායි.
“මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්මතෙමේ ඔහුගේ සිතින් මගේ සිත දැන යම්සේ බලවත් පුරුෂයෙක් වක්කරන ලද අතක් දිගු කරන්නේද දිගුකළ අතක් වක් කරන්නේද, එපරිද්දෙන් බඹලොවින් අතුරුදහන්ව මගේ ඉදිරියෙහි පහළවිය.
“ඉක්බිති සහම්පතී බ්‍රහ්මතෙමේ උතුරු සළුව ඒකාංශ කොට පෙරවා මම යම්තැනෙක්හිද එතැන්හි ඇඳිලි බැඳ මට මෙසේ කීවේය. ‘භාග්‍යවතුන් වහන්ස, එය එසේය. සුගතයන් වහන්ස, එය එසේය. යම් මේ සතර සතිපට්ඨාන කෙනෙක් ඇද්ද, ඒ සතිපට්ඨාන ධර්මයෝ සත්වයන්ගේ පිරිසිදුවීම පිණිසද, ශෝක කිරීම වැළපීම යන මොවුන්ගේ ඉක්මවීම පිණිසද, දුක් දොම්නස් ඉක්මවීම පිණිසද ආර්ය මාර්ගයට පැමිණීම පිණිසද නිර්වාණය අවබෝධකරගැනීම පිණිසද එකම මාර්ගය වන්නේය.
(මේ ඡේදය 4 වෙනි අනනුස්සුත වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි. ආමන්ත්රණ වචනය ‘ස්වාමීනි’ විය යුතුයි.)
“ස්වාමීනි, යම් මේ සතර සතිපට්ඨාන කෙනෙක් ඇද්ද, ඒ සතර සතිපට්ඨාන ධර්මයෝ සත්වයන්ගේ පිරිසිදුවීම පිණිසද, ශෝක කිරීම වැළපීම යන මොවුන්ගේ ඉක්මවීම පිණිසද, දුක් දොම්නස් ඉක්මවීම පිණිසද, ආර්ය මාර්ගයට පැමිණීම පිණිසද නිර්වාණය අවබෝධකර ගැනීම පිණිසද එකම මාර්ගය වන්නේය.
මහණෙනි, සහම්පතී බ්‍රහ්මතෙමේ මෙසේ කීවේය. මෙසේ කියා නැවත මෙසේද කීය.
“ජාතිය ක්ෂයකිරීම් සංඛ්‍යාත නිර්වාණය දක්නාවූ හිතානුකම්පීවූ තථාගතයන් වහන්සේ ඒකායන මාර්ගය දන්නා සේක. යම් කෙනෙක් සසරින් එතෙරවූවාහු නම් ඔව්හුද මේ මාර්ගයෙන්ම එතෙරවූහ. අනාගතයෙහි යම් කෙනෙක් සසරින් එතෙර වන්නාහු නම් ඔව්හුද, මේ මාර්ගයෙන්ම එතෙර වන්නාහ. දැන් (මේ කාලයෙහි) යම් කෙනෙක් එතෙරවෙත් නම් ඔව්හුද මේ මාර්ගයෙන්ම එතෙර වෙත්” යනුයි.
|
4. සතිසුත්තං | 4. සතෝ සූත්‍රය |
410
‘‘සතො
|
410
“මහණෙනි, භික්ෂුතෙම සිහියෙන් යුක්තව වාසය කරන්නේය. මේ නුඹලාට අපගේ අනුශාසනයයි.
“මහණෙනි, මහණතෙම කෙසේනම් සිහියෙන් යුක්තව වාසය කරන්නේද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරන්නේය.
“කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කරන්නේය.
“කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරන්නේය.
“කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා නීවරණාදි ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරන්නේය.
“මහණෙනි, මහණතෙමේ මෙසේ වනාහි සිහියෙන් යුක්තවූයේවෙයි. මහණෙනි, මහණතෙමේ සිහියෙන් යුක්තව වාසය කරන්නේය. මේ නුඹලාට අපගේ අනුශාසනය වන්නේය.”
|
5. කුසලරාසිසුත්තං | 5. කුසලරාසි සූත්‍රය |
411
‘‘‘කුසලරාසී’ති, භික්ඛවෙ, වදමානො චත්තාරො සතිපට්ඨානෙ සම්මා වදමානො වදෙය්ය. කෙවලො හායං, භික්ඛවෙ, කුසලරාසි, යදිදං - චත්තාරො සතිපට්ඨානා.
‘‘කතමෙ චත්තාරො? ඉධ
|
411
“මහණෙනි, කුසල රාසිය යයි කියන්නේ නම් සතර සතිපට්ඨානයන්ට කීම ම යහපත්කොට කීම වන්නේය. මහණෙනි, යම් මේ සතර සතිපට්ඨාන ධර්ම කෙනෙක් වෙත්ද, ඔව්හු සම්පූර්ණයෙන්ම කුසල රාශියකි. ඒ සතර කවරේද?
(මේ ඡේදය 4 වෙනි අනනුස්සුත වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.)
“මහණෙනි, කුසල රාශිය යයි කියන්නේ නම් මේ සතර සතිපට්ඨානයට කීම ම යහපත් කීම වන්නේය. යම් ඒ සතර සතිපට්ඨාන ධර්ම කෙනෙක් වෙත්ද, ඔව්හු සම්පූර්ණයෙන්ම කුසල රාශියකි.”
|
6. පාතිමොක්ඛසංවරසුත්තං | 6. පාතිමොක්ඛ සූත්‍රය |
412
අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි...පෙ.... එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච -
‘‘සාධු මෙ, භන්තෙ, භගවා සංඛිත්තෙන ධම්මං දෙසෙතු, යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්ය’’න්ති. ‘‘තස්මාතිහ ත්වං, භික්ඛු, ආදිමෙව විසොධෙහි කුසලෙසු ධම්මෙසු. කො චාදි කුසලානං ධම්මානං? ඉධ ත්වං, භික්ඛු, පාතිමොක්ඛසංවරසංවුතො විහරාහි ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛස්සු සික්ඛාපදෙසු. යතො ඛො ත්වං, භික්ඛු, පාතිමොක්ඛසංවරසංවුතො විහරිස්සසි ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු
‘‘කතමෙ චත්තාරො? ඉධ ත්වං, භික්ඛු, කායෙ කායානුපස්සී විහරාහි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු...පෙ.... චිත්තෙ...පෙ.... ධම්මෙසු ධම්මානුපස්සී විහරාහි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං
අථ ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ
|
412
[2] “එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසක හුන්නේය. එක්පසක හුන්නාවූ ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට සැකෙවින් ධර්මය දේශනා කරන සේක්වා. මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා හුදකලාව තනිව අප්‍රමාදව කෙලෙස්තවන වීර්‍ය්‍ය ඇතිව සංසිඳුවන ලද සිත් ඇතිව වාසය කරන්නෙමි” කියායි.
[3] “මහණ, එසේනම් නුඹ කුසල ධර්මයන්හි මුලම පිරිසිදු කරව. කුසල ධර්මයන්හි මුල කුමක්ද? මහණ, එසේනම් නුඹ මෙහිදී ප්රාතිමොක්ෂ සංවර ශීලයෙන් යුක්තව වාසය කරව. ආචාරගෝචර දෙකින් සමන්විතව සුළු වරදෙහි පවා භය දක්නා සුළුව ශික්ෂාපදයන් දැඩිකොට සමාදන්ව හික්මෙව. මහණ, නුඹ යම් කලෙක පටන් ප්රාතිමොක්ෂ සංවර ශීලයෙන් යුක්තව වාසය කරන්නේ, ආචාරගෝචර දෙකින් යුක්තව සුළු වරදෙහි පවා භය දක්නාසුළුව ශික්ෂා පදයන් දැඩිකොට සමාදන්ව හික්මෙන්නෙහිද,
[4] “මහණ, නුඹ මෙතැන් පටන් සීලය නිසා සීලයෙහි පිහිටා සතර සතිපට්ඨානයන් වඩන්නෙහිය.
“කවර සතරක්ද යත්? මහණ, නුඹ මේ ශාසනයෙහි කෙලෙස්තවන වීර්‍ය්‍ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරව.
“කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කරව.
“කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරව.
“කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා ධර්මයෙහි ධර්මය නැවත නැවත බලමින් වාසය කරව.
[5] “මහණ, නුඹ යම්කලෙක පටන් ශීලය නිසා ශීලයෙහි පිහිටා මේ සතර සතිපට්ඨානයන් මෙසේ වඩන්නෙහිද, මහණ, එතැන් පටන් නුඹට යම් රාත්‍රියක් හෝ දවාලක් පැමිණෙන්නේද, එය කුසල් ධර්මයන්ගේ දියුණුවක්ම කැමති විය යුත්තේය. කුසල ධර්මයන්හි පිරිහීමක් නොවන්නේය.
[6] ඉක්බිති ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුවී අනුමෝදන්ව ආසනයෙන් නැගිට වැඳ ගරුකොට ගියේය.
ඉක්බිති ඒ භික්ෂුතෙම හුදෙකලාව විවේකීව අප්‍රමාදීව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව සංසිඳවන ලද සිත් ඇතිව වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් සඳහා කුල පුත්‍රයෝ මනාකොට ගිහි ගෙයින් නික්ම සසුනෙහි පැවිදි වෙත්ද, බඹසර කෙළවරකොට ඇති ඒ උතුම්වූ නිවන මේ ආත්මභාවයෙහිම දැන එයට පැමිණ වාසය කළේය. ඉපදීම ක්ෂයවීය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනික් ආත්මභාවයක් නැතැයි මනාකොට දැනගත්තේය. ඒ භික්ෂූන් වහන්සේද රහතුන් වහන්සේලා අතරින් එක්තරා කෙනෙක් වූහ.
|
7. දුච්චරිතසුත්තං | 7. දුච්චරිත සූත්‍රය |
413
අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි...පෙ.... ‘‘සාධු මෙ, භන්තෙ, භගවා සංඛිත්තෙන ධම්මං දෙසෙතු, යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්ය’’න්ති. ‘‘තස්මාතිහ ත්වං, භික්ඛු, ආදිමෙව විසොධෙහි කුසලෙසු ධම්මෙසු. කො චාදි කුසලානං ධම්මානං? ඉධ ත්වං, භික්ඛු, කායදුච්චරිතං පහාය කායසුචරිතං භාවෙස්සසි. වචීදුච්චරිතං පහාය වචීසුචරිතං
‘‘කතමෙ
|
413
එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට සැකෙවින් ධර්මය දේශනා කරන සේක්වා. මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා හුදෙකලාව තනිව අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව සංසිඳවන ලද සිත් ඇතිව වාසය කරන්නෙමි” යනුයි.
“මහණ, එසේ නම් නුඹ කුසල ධර්මයන්හි මුලම පිරිසිදු කරව. කුසල ධර්මයන්හි මුල කවරේද? මහණ, නුඹ මෙහි කාය දුශ්චරිතය දුරුකොට කාය සුචරිතය වඩන්නෙහිය. වාක් දුශ්චරිතය දුරුකොට වාක් සුචරිතය වඩන්නෙහිය. මනෝ දුශ්චරිතය දුරුකොට මනෝ සුචරිතය වඩන්නෙහිය. මහණ නුඹ යම් කලෙක පටන් කාය දුශ්චරිතය දුරුකොට කාය සුචරිතය වඩන්නෙහිද වාක් දුශ්චරිතය දුරුකොට වාක් සුචරිතය වඩන්නෙහිද මනෝ දුශ්චරිතය දුරුකොට මනෝ සුචරිතය වඩන්නෙහිද, මහණ, නුඹ එතැන් පටන් සීලය නිසා සීලයෙහි පිහිටා සතර සතිපට්ඨානයන් වඩන්නෙහිය.
(මේ ඡේදය මේ වර්ගයේ 6 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදය මෙනි.)
මහණ, නුඹ යම් කලෙක පටන් සීලය නිසා සීලයෙහි පිහිටා මේ සතර සතිපට්ඨානයන් මෙසේ වඩන්නෙහිද එතැන් පටන් මහණ නුඹට යම් රාත්‍රියක් හෝ දාවලක් පැමිණෙන්නේද කුසල ධර්මයන්හි වෘද්ධියම කැමති විය යුතුයි. පිරිහීමක් කැමති නොවිය යුතුයි.”
“ඉක්බිති ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව ආසනයෙන් නැගිට වැඳ ගරු කොට ගියේය. ඉක්බිති ඒ භික්ෂුතෙම හුදෙකලාව විවේකීව කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව සංසිඳවන ලද සිත් ඇතිව වාසය කරන්නේ නොබෝකලකින්ම යමක් සඳහා කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම සසුනෙහි පැවිදි වෙත්ද, බඹසර කෙළවර කොට ඇති ඒ උතුම්වූ නිවන මේ අත්බැව්හිම දැන එයට පැමිණ වාසය කළේය.
ඉපදීම ක්ෂය විය. බඹසර වැස නිමවන ලදි. කළයුත්ත කරන ලදී. මෙයින් අනික් ආත්ම භාවයක් නැතැයි දැන ගත්තේය.
ඒ භික්ෂූන් වහන්සේද රහතන් වහන්සේලා අතරින් එක්තරා කෙනෙක් වූහ.
|
8. මිත්තසුත්තං | 8. මිත්ත සූත්‍රය |
414
‘‘යෙ
‘‘කතමෙසං, චතුන්නං? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු...පෙ.... චිත්තෙ...පෙ.... ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. යෙ, භික්ඛවෙ, අනුකම්පෙය්යාථ, යෙ ච සොතබ්බං මඤ්ඤෙය්යුං මිත්තා වා
|
414
“මහණෙනි, යම් කෙනෙකුන්ට අනුකම්පා කරව්ද, මිත්‍රවූ හෝ හිතවත්වූ හෝ සහලේ නෑවූ හෝ යම් කිසිවකු ඇසියයුත්තකු කොට සිතන්නහුද, මහණෙනි, ඒ තොප විසින් ඔවුහු සතර සතිපට්ඨානයන්ගේ වැඩීම පිණිස සමාදන් කරවිය යුත්තාහ. වැස්විය යුත්තාහ. පිහිටවිය යුත්තාහ.
(මේ ඡේදය 4 වෙනි අනනුස්සුත වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.)
“මහණෙනි, යම් කෙනෙකුන්ට අනුකම්පා කරව්ද, මිත්‍රවූ හෝ හිතවත්වූ හෝ සහලේ නෑවූ හෝ යම්කිසිවකු ඇසියයුත්තක් කොට සිතන්නහුද, මහණෙනි, තොප විසින් ඔවුහු සතර සතිපට්ඨානයන්ගේ වැඩීම පිණිස සමාදන් කර විය යුත්තාහ. වැස්විය යුත්තාහ. පිහිටවිය යුත්තාහ.
|
9. වෙදනාසුත්තං | 9. වේදනා සූත්‍රය |
415
‘‘තිස්සො ඉමා, භික්ඛවෙ, වෙදනා. කතමා තිස්සො? සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා - ඉමා ඛො, භික්ඛවෙ, තිස්සො වෙදනා. ඉමාසං ඛො, භික්ඛවෙ, තිස්සන්නං වෙදනානං පරිඤ්ඤාය චත්තාරො සතිපට්ඨානා භාවෙතබ්බා.
‘‘කතමෙ චත්තාරො? ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු...පෙ.... චිත්තෙ...පෙ.... ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමාසං ඛො, භික්ඛවෙ, තිස්සන්නං වෙදනානං පරිඤ්ඤාය ඉමෙ චත්තාරො සතිපට්ඨානා භාවෙතබ්බා’’ති. නවමං.
|
415
“මහණෙනි, වේදනාවෝ තිදෙනෙකි. කවර තිදෙනෙක්ද යත්? සුඛ වේදනාවය, දුක්ඛ වේදනාවය, උපේක්ෂා වේදනාවය. මහණෙනි, මොව්හු වේදනාවෝ තිදෙනය. මහණෙනි, මේ වේදනා තිදෙනාගේ මනාකොට දැනගැනීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.
(මේ ඡේදය 4 වෙනි අනනුස්සුත වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.)
“මහණෙනි, මේ වේදනාවන් තිදෙනාගේ මනාකොට දැනගැනීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.”
|
10. ආසවසුත්තං | 10. ආසව සූත්‍රය |
416
‘‘තයොමෙ
‘‘කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු...පෙ.... චිත්තෙ...පෙ.... ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ
|
416
“මහණෙනි, මේ ආශ්‍රවයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක්ද? කාමාශ්‍රවය, භවාශ්‍රවය, අවිද්‍යාශ්‍රවය යනුයි. මහණෙනි මේ ආශ්‍රවයන් තිදෙනාය. මේ ආශ්‍රවයන් තිදෙනාගේ ප්රහාණය පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.
(මේ ඡේදය 4 වෙනි අනනුස්සුත වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි)
“මහණෙනි, මේ ආශ්‍රවයන් තිදෙනාගේ ප්රහාණය කිරීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.”
|
6. ගඞ්ගාපෙය්යාලවග්ගො | 6. ගංගා පෙය්යාල වර්ගය |
1-12. ගඞ්ගානදීආදිසුත්තද්වාදසකං | 1-12. ගඞ්ගානදීආදිසුත්තද්වාදසකං |
417-428
‘‘සෙය්යථාපි
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු චත්තාරො සතිපට්ඨානෙ භාවෙන්තො චත්තාරො සතිපට්ඨානෙ බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු
|
417-428
(මෙතැන් සිට “මග්ග සංයුත්තයේ මෙන් ගංගා පෙය්යාල වර්ගයේ සිට ඕඝ වර්ගය තෙක් ඇති වර්ග පස මෙහිදී සතර සතිපට්ඨාන වශයෙන් වෙනස්කොට මෙහි ඕඝ වර්ගයේ අන්තිම සූත්‍රය මෙන් යොදාගත යුතුයි)
(මග්ගසංයුත්තයේ ගංගා පෙය්යාල වර්ගයට සතර සතිපට්ඨානය යොදාගැනීමෙන් මෙහි සූත්‍ර දොළස සම්පූර්ණවේ.)
|
7. අප්පමාදවග්ගො | 7. අප්පමාද වර්ගය |
1-10. තථාගතාදිසුත්තදසකං | 1-10. තථාගතාදිසුත්තදසකං |
429-438
යාවතා, භික්ඛවෙ, සත්තා අපදා වා ද්විපදා වා චතුප්පදා වා බහුප්පදා වාති විත්ථාරෙතබ්බං.
|
429-438
(මග්ගසංයුත්තයේ අප්පමාද වර්ගයට සතර සතිපට්ඨානය යොදා ගැනීමෙන් මෙහි සූත්‍ර දහය සම්පූර්ණවේ.)
|
8. බලකරණීයවග්ගො | 8. බලකරණීය වර්ගය |
1-12. බලාදිසුත්තද්වාදසකං | 1-12. බලාදිසුත්තද්වාදසකං |
439-450
සෙය්යථාපි
|
439-450
(මග්ගසංයුත්තයේ බලකරණීය වර්ගයට සතර සතිපට්ඨානය යොදාගැනීමෙන් මෙහි සූත්‍ර දොළස සම්පූර්ණවේ.)
|
9. එසනාවග්ගො | 9. ඒසනා වර්ගය |
1-10. එසනාදිසුත්තදසකං | 1-10. එසනාදිසුත්තදසකං |
451-460
තිස්සො ඉමා, භික්ඛවෙ, එසනා. කතමා තිස්සො? කාමෙසනා, භවෙසනා, බ්රහ්මචරියෙසනාති විත්ථාරෙතබ්බං.
|
451-460
(මග්ගසංයුත්තයේ ඒසනා වර්ගයට සතර සතිපට්ඨානය යොදාගැනීමෙන් මෙහි සූත්‍ර දොළස සම්පූර්ණවේ.)
|
10. ඔඝවග්ගො | 10. ඕඝ වර්ගය |
1-10. උද්ධම්භාගියාදිසුත්තදසකං | 1-10. උද්ධම්භාගියාදිසුත්තදසකං |
461-470
‘‘පඤ්චිමානි
‘‘කතමෙ
(යථා මග්ගසංයුත්තං තථා සතිපට්ඨානසංයුත්තං විත්ථාරෙතබ්බං).
|
461-470
(මේ වර්ගයේ දහවෙනි සූත්‍රයට මෙන් සූත්‍ර නවයටත් සතර සතිපට්ඨානය යොදාගැනීමෙන් මග්ග සංයුත්තයේ ඕඝ වර්ගයේ මෙන් මෙහිද සූත්‍ර දහය සම්පූර්ණ වේ.)
“මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසකි. කවර පසක්දයත්, රූප රාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිද්‍යාව යනුයි. මහණෙනි, මේ පස්දෙන උද්ධම්භාගිය සංයෝජනයෝයි.
“මහණෙනි, මේ උද්ධම්භාගීය සංයෝජන ධර්මයන්ගේ මනා දැනුම පිණිස, සම්පූර්ණයෙන් දැනගැනීම පිණිස, විනාශය පිණිස, සම්පූර්ණයෙන් පහකිරීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.
(මේ ඡේදය 4 වෙනි අනනුස්සුත වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.)
“මහණෙනි, මේ උද්ධම්භාගීය සංයෝජන ධර්මයන්ගේ මනා දැනුම පිණිස, සම්පූර්ණයෙන් දැනගැනීම පිණිස, විනාශය පිණිස, සම්පූර්ණයෙන් පහකිරීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.”
|