ත්‍රිපිටකය
3. සතිපට්ඨානසංයුත්තං 3. සතිපට්ඨාන සංයුත්තය
1. අම්බපාලිවග්ගො 1. අම්බපාලි වර්ගය
1. අම්බපාලිසුත්තං 1. අම්බපාලි සූත්‍රය
2. සතිසුත්තං 2. සතෝ සූත්‍රය
3. භික්ඛුසුත්තං 3. භික්ඛු සූත්‍රය
4. සාලසුත්තං 4. සාලා සූත්‍රය
5. අකුසලරාසිසුත්තං 5. කුසලරාසි සූත්‍රය
6. සකුණග්ඝිසුත්තං 6. සකුණග්ඝී සූත්‍රය
372
‘‘භූතපුබ්බං, භික්ඛවෙ, සකුණග්ඝි ලාපං සකුණං සහසා අජ්ඣප්පත්තා අග්ගහෙසි. අථ ඛො, භික්ඛවෙ, ලාපො සකුණො සකුණග්ඝියා හරියමානො එවං පරිදෙවසි - ‘මයමෙවම්හ (මයමෙවාම්හ (ක.)) අලක්ඛිකා, මයං අප්පපුඤ්ඤා, යෙ මයං අගොචරෙ චරිම්හ පරවිසයෙ. සචෙජ්ජ මයං ගොචරෙ චරෙය්‍යාම සකෙ පෙත්තිකෙ විසයෙ, න ම්‍යායං (න චායං (සී.)), සකුණග්ඝි, අලං අභවිස්ස, යදිදං - යුද්ධායා’ති. ‘කො පන තෙ, ලාප, ගොචරො සකො පෙත්තිකො විසයො’ති? ‘යදිදං - නඞ්ගලකට්ඨකරණං ලෙඩ්ඩුට්ඨාන’’’න්ති. ‘‘අථ ඛො, භික්ඛවෙ, සකුණග්ඝි සකෙ බලෙ අපත්ථද්ධා සකෙ බලෙ අසංවදමානා (අවචමානා (සී.)) ලාපං සකුණං පමුඤ්චි - ‘ගච්ඡ ඛො ත්වං, ලාප, තත්‍රපි මෙ ගන්ත්වා න මොක්ඛසී’’’ති.
‘‘අථ ඛො, භික්ඛවෙ, ලාපො සකුණො නඞ්ගලකට්ඨකරණං ලෙඩ්ඩුට්ඨානං ගන්ත්වා මහන්තං ලෙඩ්ඩුං අභිරුහිත්වා සකුණග්ඝිං වදමානො අට්ඨාසි - ‘එහි ඛො දානි මෙ, සකුණග්ඝි, එහි ඛො දානි මෙ, සකුණග්ඝී’ති. අථ ඛො සා, භික්ඛවෙ, සකුණග්ඝි සකෙ බලෙ අපත්ථද්ධා සකෙ බලෙ අසංවදමානා උභො පක්ඛෙ සන්නය්හ (සන්ධාය (සී. ස්‍යා.)) ලාපං සකුණං සහසා අජ්ඣප්පත්තා. යදා ඛො, භික්ඛවෙ, අඤ්ඤාසි ලාපො සකුණො ‘බහුආගතො ඛො ම්‍යායං සකුණග්ඝී’ති, අථ තස්සෙව ලෙඩ්ඩුස්ස අන්තරං පච්චුපාදි. අථ ඛො, භික්ඛවෙ, සකුණග්ඝි තත්ථෙව උරං පච්චතාළෙසි. එවඤ්හි තං (එවං හෙතං (සී.)), භික්ඛවෙ, හොති යො අගොචරෙ චරති පරවිසයෙ.
‘‘තස්මාතිහ, භික්ඛවෙ, මා අගොචරෙ චරිත්ථ පරවිසයෙ. අගොචරෙ, භික්ඛවෙ, චරතං පරවිසයෙ ලච්ඡති මාරො ඔතාරං, ලච්ඡති මාරො ආරම්මණං. කො ච, භික්ඛවෙ, භික්ඛුනො අගොචරො පරවිසයො? යදිදං - පඤ්ච කාමගුණා. කතමෙ පඤ්ච? චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ්ඤෙය්‍යා සද්දා...පෙ.... ඝානවිඤ්ඤෙය්‍යා ගන්ධා... ජිව්හාවිඤ්ඤෙය්‍යා රසා... කායවිඤ්ඤෙය්‍යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා - අයං, භික්ඛවෙ, භික්ඛුනො අගොචරො පරවිසයො.
‘‘ගොචරෙ, භික්ඛවෙ, චරථ සකෙ පෙත්තිකෙ විසයෙ. ගොචරෙ, භික්ඛවෙ, චරතං සකෙ පෙත්තිකෙ විසයෙ න ලච්ඡති මාරො ඔතාරං, න ලච්ඡති මාරො ආරම්මණං. කො ච, භික්ඛවෙ, භික්ඛුනො ගොචරො සකො පෙත්තිකො විසයො? යදිදං - චත්තාරො සතිපට්ඨානා. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු...පෙ.... චිත්තෙ...පෙ.... ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං - අයං, භික්ඛවෙ, භික්ඛුනො ගොචරො සකො පෙත්තිකො විසයො’’ති. ඡට්ඨං.
372
“මහණෙනි, පෙර වූ දෙයක් කියමි. උකුස්සෙක් වේගයෙන් බැස කැටකුරුල්ලෙකු හදිසියෙන් අල්වාගත්තේය. මහණෙනි, ඉක්බිති උකුස්සා විසින් ඩැහැගෙන යනු ලබන්නාවූ කැට කුරුල්ලා මෙසේ කියමින් හැඬීය. කෙසේද? ‘අපිම කාලකණ්ණි වෙමු. අපිම අඩු පින් ඇත්තෝ වෙමු. ඒ අපි විසීමට නුසුදුසුවූ අනුන්ට අයත්වූ ස්ථානයක විසුවෙමු. ඉදින් අපි පිය පරපුරෙන් ආ තමහට අයත් වාසස්ථානයෙහි විසුවෙමු නම් මේ උකුසුතෙම (මා සමග කරන) යුද්ධයට සමර්ථ නොවේ’ යනුය.
(මෙසේ කී කල්හි) උකුසුතෙම ‘කැටකුරුල්ලා, තගේ පිය පරපුරෙන් ආ තට අයත් වාසස්ථානය නම් කවරේදැයි’ ඇසීය.
‘නගුලෙන් සාන ලද කැට ස්ථානයයි!’ හේ කීය.
“මහණෙනි, ඉක්බිති උකුස්සා ස්වකීය බලයෙහි දැඩිව සිට ස්වකීය බලය ප්‍රකාශ කරමින් ‘කැට කුරුල්ල එසේ නම් පල එහිදීද තෝ (මගෙන්) නොගැලවෙන්නෙහියයි’ කියා කැටකුරුල්ලා අතහැරියේය.
“ඉක්බිති කැට කුරුල්ලා නඟුලෙන් සාන ලද කැට ඇති තැනකට ගොස් ලොකු කැටයක් උඩට නැඟී උකුස්සාට ‘දැන් ඉතින් වර’යයි කියමින් සිටියේය.
“ඉක්බිති උකුස්සා ස්වකීය බලයෙහි පිහිටා ස්වකීය බලය ප්‍රකාශ කරමින් යුද්ධයට ඊතලය මෙන් අත්තටු හදා ක්ෂණයකින් කැට කුරුල්ලා වෙත පාත්විය. කැට කුරුල්ලා උකුස්සා තමහට ඉතාම ළංවන අවස්ථාව යම් විටෙක දැන ගත්තේද එකෙණෙහිම එම සී කැටයේ ඇතුල් පැත්තට රිංගා ගත්තේය. මහණෙනි, ඉක්බිති උකුස්සා එහිම ළය පැළී මළේය. මහණෙනි, යමෙක් තමහට නුසුදුසු ස්ථානයෙහි හැසිරේනම් මෙසේ වන්නේය.
“මහණෙනි, එහෙයින් අනුන්ට අයත්වූ නුසුදුසු ස්ථානයන්හි නොවසව්. අනුන්ට අයත් තැන්හි වසන්නහු පිළිබඳව මාරයා ඉඩ ලබන්නේය. මාරයා කරුණු ලබන්නේය. මහණෙනි, භික්ෂුවට නුසුදුසු ස්ථානය නම් කුමක්ද? මේ කාමගුණ පස වෙති.
“කවර පසක්ද? ඇසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ යම් රූපයෝ වෙත්ද,
“කනින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ යම් ශබ්දයෝ වෙත්ද,
“නැහැයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ යම් ගන්ධයෝ වෙත්ද,
“දිවෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ යම් රසයෝ වෙත්ද,
“කයින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ යම් ස්පර්ශයෝ වෙත්ද, මහණෙනි, මේ වනාහි භික්ෂුවට නුසුදුසුවූ අනුන්ට අයත් වාසස්ථානය වෙයි.
“මහණෙනි, තම පිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානයෙහි වාසය කරව. මහණෙනි, තම පිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානයෙහි වසන්නහු පිළිබඳව මාරයා ඉඩක් නොලබන්නේය. මාරයා කරුණක් නොලබන්නේය.
“මහණෙනි, සිය පිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානය නම් කවරේද? මේ සතර සතිපට්ඨානයෝයි. කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව කයෙහි කය පිරිසිඳ දැනගැනීම පිණිස කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරන්නේය.
“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව වේදනාවන්හි වේදනා නැවත නැවත බලමින් වාසය කරන්නේය.
“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරන්නේය.
“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව ධර්මයන්හි ධර්මයන් අනුව නැවත නැවත බලමින් වාසය කරන්නේය. මහණෙනි, මේ භික්ෂුවගේ පිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානය වෙයි.”
7. මක්කටසුත්තං 7. මක්කට සූත්‍රය
8. සූදසුත්තං 8. සූද සූත්‍රය
9. ගිලානසුත්තං 9. ගිලාන සූත්‍රය
10. භික්ඛුනුපස්සයසුත්තං 10. භික්ඛුනූපස්සය සූත්‍රය
2. නාලන්දවග්ගො 2. නාලන්දා වර්ගය
1. මහාපුරිසසුත්තං 1. මහා පුරිස සූත්‍රය
2. නාලන්දසුත්තං 2. නාලන්දා සූත්‍රය
3. චුන්දසුත්තං 3. චුන්ද සූත්‍රය
4. උක්කචෙලසුත්තං 4. උක්කචෙල සූත්‍රය
5. බාහියසුත්තං 5. බාහිය සූත්‍රය
6. උත්තියසුත්තං 6. උත්තිය සූත්‍රය
7. අරියසුත්තං 7. අරිය සූත්‍රය
8. බ්‍රහ්මසුත්තං 8. බ්‍රහ්ම සූත්‍රය
9. සෙදකසුත්තං 9. සේදක සූත්‍රය
10. ජනපදකල්‍යාණීසුත්තං 10. ජනපදකල්‍යාණී සූත්‍රය
3. සීලට්ඨිතිවග්ගො 3. සීලට්ඨිති වර්ගය
1. සීලසුත්තං 1. සීල සූත්‍රය
2. චිරට්ඨිතිසුත්තං 2. ඨිති සූත්‍රය
3. පරිහානසුත්තං 3. පරිහාන සූත්‍රය
4. සුද්ධසුත්තං 4. සුද්ධක සූත්‍රය
5. අඤ්ඤතරබ්‍රාහ්මණසුත්තං 5. බ්‍රාහ්මණ සූත්‍රය
6. පදෙසසුත්තං 6. පදෙස සූත්‍රය
7. සමත්තසුත්තං 7. සමත්ත සූත්‍රය
8. ලොකසුත්තං 8. ලෝක සූත්‍රය
9. සිරිවඩ්ඪසුත්තං 9. සිරිවඞ්ඪ සූත්‍රය
10. මානදින්නසුත්තං 10. මානදින්න සූත්‍රය
4. අනනුස්සුතවග්ගො 4. අනනුස්සුත වර්ගය
1. අනනුස්සුතසුත්තං 1. අනනුස්සුත සූත්‍රය
2. විරාගසුත්තං 2. විරාග සූත්‍රය
3. විරද්ධසුත්තං 3. විරජ්ජ සූත්‍රය
4. භාවිතසුත්තං 4. භාවිත සූත්‍රය
5. සතිසුත්තං 5. සතෝ සූත්‍රය
6. අඤ්ඤාසුත්තං 6. අඤ්ඤා සූත්‍රය
7. ඡන්දසුත්තං 7. ඡන්‍ද සූත්‍රය
8. පරිඤ්ඤාතසුත්තං 8. පරිඤ්ඤාත සූත්‍රය
9. භාවනාසුත්තං 9. භාවනා සූත්‍රය
10. විභඞ්ගසුත්තං 10. විභඞ්ග සූත්‍රය
5. අමතවග්ගො 5. අමත වර්ගය
1. අමතසුත්තං 1. අමත සූත්‍රය
2. සමුදයසුත්තං 2. සමුදය සූත්‍රය
3. මග්ගසුත්තං 3. මග්ග සූත්‍රය
4. සතිසුත්තං 4. සතෝ සූත්‍රය
5. කුසලරාසිසුත්තං 5. කුසලරාසි සූත්‍රය
6. පාතිමොක්ඛසංවරසුත්තං 6. පාතිමොක්ඛ සූත්‍රය
7. දුච්චරිතසුත්තං 7. දුච්චරිත සූත්‍රය
8. මිත්තසුත්තං 8. මිත්ත සූත්‍රය
9. වෙදනාසුත්තං 9. වේදනා සූත්‍රය
10. ආසවසුත්තං 10. ආසව සූත්‍රය
6. ගඞ්ගාපෙය්‍යාලවග්ගො 6. ගංගා පෙය්‍යාල වර්ගය
1-12. ගඞ්ගානදීආදිසුත්තද්වාදසකං 1-12. ගඞ්ගානදීආදිසුත්තද්වාදසකං
7. අප්පමාදවග්ගො 7. අප්පමාද වර්ගය
1-10. තථාගතාදිසුත්තදසකං 1-10. තථාගතාදිසුත්තදසකං
8. බලකරණීයවග්ගො 8. බලකරණීය වර්ගය
1-12. බලාදිසුත්තද්වාදසකං 1-12. බලාදිසුත්තද්වාදසකං
9. එසනාවග්ගො 9. ඒසනා වර්ගය
1-10. එසනාදිසුත්තදසකං 1-10. එසනාදිසුත්තදසකං
10. ඔඝවග්ගො 10. ඕඝ වර්ගය
1-10. උද්ධම්භාගියාදිසුත්තදසකං 1-10. උද්ධම්භාගියාදිසුත්තදසකං