2. බොජ්ඣඞ්ගසංයුත්තං | 2. බොජ්ඣංග සංයුත්තය |
1. පබ්බතවග්ගො | 1. පබ්බත වර්ගය |
1. හිමවන්තසුත්තං | 1. හිමවන්ත සූත්‍රය |
182
සාවත්ථිනිදානං
|
182
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා ඒ භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, හිමාලය පර්වතරාජයා නිසා නාගයෝ කය වඩත්. බලගන්වත්. ඔවුන් එහි කය වඩා, බලගන්වා කුඩා වලවලට බසිත්. කුඩා වලවලට බැස, මහවලවලට බසිත්. මහ වලවලට බැස, කුඩා ගංගාවලට බසිත්. කුඩා ගංගාවලට බැස, මහ ගංගාවලට බසිත්. මහ ගංගාවලට බැස, මහා සමුද්‍රයට-සාගරයට බසිත්. එහිදී ඔවුන් කයින් මහත් බවට විශාල බවට පැමිණෙත්.
“මහණෙනි, එසේම මහණතෙම වනාහි සීලය නිසා සීලයෙහි පිහිටා, සප්තබොජ්ඣංගයන් බහුලකරන්නේ, ධර්මයන්හි මහත් බවට විපුල බවට පැමිණෙයි. මහණෙනි, මහණතෙම කෙසේනම් සීලය නිසා, සීලයෙහි පිහිටා, සප්තබොජ්ඣංගයන් වඩන්නේ සප්තබොජ්ඣංගයන් බහුල කරන්නේ, ධර්මයන්හි මහත් බවට විශාල බවට පැමිණෙයිද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩාද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩාද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ විරිය සම්බොජ්ඣංගය වඩාද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ පීති සම්බොජ්ඣංගය වඩාද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, පස්සද්ධි සම්බොජ්ඣංගය වඩාද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ, සමාධි සම්බොජ්ඣංගය වඩාද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ උපේක්ෂා සම්බොජ්ඣංගය වඩාද,
“මහණෙනි, මෙසේ වනාහි මහණතෙම සීලය නිසා, සීලයෙහි පිහිටා, සප්ත බොජ්ඣංගයන් වඩන්නේ, සප්ත බොජ්ඣංගයන් බහුල කරන්නේ ධර්මයන්හි බහුල බවට, මහත් බවට පැමිණේයයි” වදාළසේක.
|
2. කායසුත්තං | 2. කාය සූත්‍රය |
183
සාවත්ථිනිදානං
‘‘කො
‘‘කො ච, භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා බ්යාපාදස්ස උප්පාදාය, උප්පන්නස්ස වා බ්යාපාදස්ස භිය්යොභාවාය වෙපුල්ලාය? අත්ථි, භික්ඛවෙ, පටිඝනිමිත්තං. තත්ථ අයොනිසොමනසිකාරබහුලීකාරො - අයමාහාරො අනුප්පන්නස්ස වා බ්යාපාදස්ස උප්පාදාය, උප්පන්නස්ස වා බ්යාපාදස්ස භිය්යොභාවාය වෙපුල්ලාය.
‘‘කො ච, භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා ථිනමිද්ධස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ථිනමිද්ධස්ස භිය්යොභාවාය වෙපුල්ලාය? අත්ථි
‘‘කො ච, භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස භිය්යොභාවාය වෙපුල්ලාය? අත්ථි, භික්ඛවෙ, චෙතසො අවූපසමො. තත්ථ අයොනිසොමනසිකාරබහුලීකාරො - අයමාහාරො අනුප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස භිය්යොභාවාය වෙපුල්ලාය.
‘‘කො ච, භික්ඛවෙ, ආහාරො අනුප්පන්නාය වා විචිකිච්ඡාය උප්පාදාය, උප්පන්නාය වා විචිකිච්ඡාය භිය්යොභාවාය වෙපුල්ලාය? අත්ථි, භික්ඛවෙ, විචිකිච්ඡාට්ඨානීයා ධම්මා. තත්ථ අයොනිසොමනසිකාරබහුලීකාරො
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, අයං කායො ආහාරට්ඨිතිකො, ආහාරං පටිච්ච තිට්ඨති, අනාහාරො නො තිට්ඨති; එවමෙව ඛො, භික්ඛවෙ, ඉමෙ පඤ්ච නීවරණා ආහාරට්ඨිතිකා, ආහාරං පටිච්ච තිට්ඨන්ති, අනාහාරා නො තිට්ඨන්ති.
‘‘සෙය්යථාපි
‘‘කො ච, භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා? අත්ථි, භික්ඛවෙ, සතිසම්බොජ්ඣඞ්ගට්ඨානීයා ධම්මා. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො - අයමාහාරො අනුප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා.
‘‘කො
‘‘කො ච, භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා වීරියසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා වීරියසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා? අත්ථි, භික්ඛවෙ, ආරම්භධාතු
(ආරබ්භධාතු (ස්‍යා. ක.)) නික්කමධාතු පරක්කමධාතු. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො - අයමාහාරො අනුප්පන්නස්ස
‘‘කො
‘‘කො ච, භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා? අත්ථි, භික්ඛවෙ
‘‘කො ච, භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා? අත්ථි, භික්ඛවෙ, සමථනිමිත්තං
(සමාධිනිමිත්තං (ස්‍යා.)) අබ්යග්ගනිමිත්තං. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො - අයමාහාරො අනුප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා.
‘‘කො
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, අයං කායො ආහාරට්ඨිතිකො, ආහාරං පටිච්ච තිට්ඨති, අනාහාරො නො තිට්ඨති; එවමෙව ඛො, භික්ඛවෙ, ඉමෙ සත්ත බොජ්ඣඞ්ගා ආහාරට්ඨිතිකා, ආහාරං පටිච්ච තිට්ඨන්ති, අනාහාරා නො තිට්ඨන්තී’’ති. දුතියං.
|
183
(මේ සූත්‍රයද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, මේ කය ආහාරය නිසා සිටියිද, ආහාරය නැතිව නොසිටීද, මහණෙනි, එසේ වනාහි පඤ්චනීවරණයෝ ආහාරය නිසා සිටිත්, ආහාර නැතිව නොසිටිත්. මහණෙනි, නූපන්නාවූ කාමච්ඡන්දයාගේ ඉපදීම පිණිස හෝ උපන්නාවූ කාමච්ඡන්දයාගේ බහුල භාවය පිණිස, මහත් භාවය පිණිස හෝ පවතින්නාවූ ආහාරය කවරේද?
“මහණෙනි, සුභ නිමිත්තක් ඇත්තේය. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුලකොට පැවැත්මක් වේද, මෙය නූපන්නාවූ කාමච්ඡන්දයාගේ ඉපදීම පිණිස හෝ උපන්නාවූ කාමච්ඡන්දයාගේ බහුල භාවය පිණිස, මහත් භාවය පිණිස හෝ ආහාරය වේ.
“මහණෙනි, නූපන්නාවූ ව්‍යාපාදයාගේ ඉපදීම පිණිස හෝ උපන්නාවු ව්‍යාපාදයාගේ බහුල භාවය පිණිස, මහත් භාවය පිණිස හෝ පවත්නාවූ ආහාරය කවරේද? මහණෙනි, පටිඝනිමිත්තක් ඇත්තේය. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුලකොට පැවැත්මක් වේද, මෙය නූපන්නාවූ ව්‍යාපාදයාගේ ඉපදීම පිණිස හෝ උපන්නාවූ ව්‍යාපාදයාගේ බහුල භාවය, මහත් භාවය පිණිස හෝ ආහාරය වේ.
“මහණෙනි, නූපන්නාවූ ථින මිද්ධයාගේ ඉපදීම පිණිස හෝ උපන්නාවූ ථින මිද්ධයාගේ බහුලභාවය, මහත්භාවය පිණිස හෝ පවතින්නාවූ ආහාරය කවරේද? මහණෙනි, නොඇල්ම සිතේ අලස බව කයේ අලස බව බත් මදය සහ සිතේ හැකුළුණු බවක් ඇත්තේය. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුලකොට පැවැත්මක් වේද, මෙය නූපන්නාවූ ථින මිද්ධයාගේ ඉපදීම පිණිස හෝ උපන්නාවූ ථින මිද්ධයාගේ බහුල භාවය, මහත් භාවය පිණිස හෝ ආහාරයවේ.
“මහණෙනි, නූපන්නාවූ උද්ධච්චකුක්කුච්චයාගේ ඉපදීම පිණිස හෝ උපන්නාවූ උද්ධච්චකුක්කුච්චයාගේ බහුලභාවය මහත් භාවය පිණිස හෝ පවතින්නාවූ ආහාරය කවරේද? මහණෙනි, සිතේ නොසන්සිඳීමක් ඇත්තේය. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුලකොට පැවැත්මක් වේද, මෙය නූපන්නාවූ උද්ධච්චකුක්කුච්චයාගේ ඉපදීම පිණිස හෝ උපන්නාවූ උද්ධච්චකුක්කුච්චයාගේ බහුල භාවය මහත් භාවය පිණිස හෝ ආහාරය වේ.
“මහණෙනි, නූපන්නාවූ විචිකිච්ඡාවේ ඉපදීම පිණිස හෝ උපන්නාවූ විචිකිච්ඡාවේ බහුල භාවය, මහත්භාවය පිණිස හෝ පවත්නාවූ ආහාරය කවරේද? මහණෙනි, සැකයට (විචිකිච්ඡාවට) ස්ථානවූ ධර්මයෝ ඇත්තාහ. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුලකොට පැවැත්මක් වේද, මෙය නූපන්නාවූ විචිකිච්ඡාවේ ඉපදීම පිණිස හෝ උපන්නාවූ විචිකිච්ඡාවේ බහුල භාවය, මහත් භාවය පිණිස හෝ ආහාරය වේ. මහණෙනි, යම්සේ මේ කය වනාහි ආහාරයෙන් පවතින්නේ ආහාර නිසා සිටියිද, ආහාර නැතිව නොසිටියිද, මහණෙනි, එසේම මේ පඤ්චනීවරණයෝ වනාහි ආහාරයෙන් පවතින්නාහු ආහාරය නිසා සිටිත්. ආහාරය නැතිව නොසිටිත්.
“මහණෙනි, මේ කය වනාහි ආහාරයෙන් පවතින්නේ ආහාරය නිසා සිටීද, ආහාර නැතිව නොසිටීද, මහණෙනි, එසේම සප්තබොජ්ඣංගයෝ වනාහි ආහාරය නිසා පවතින්නාහු ආහාරය නිසා සිටිත්. ආහාරය නැතිව නොසිටිත්. මහණෙනි, නූපන්නාවූ සති සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිස හෝ උපන්නාවූ සති සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිස සම්පූර්ණවීම පිණිස හෝ පවතින්නාවූ ආහාරය කවරේද? මහණෙනි, සති සම්බොජ්ඣංගයට කරුණුවූ ධර්මයෝ ඇත්තාහ. එහි නුවණින් මෙනෙහි කිරීම බහුලකොට පැවැත්මක් වේද, එය නූපන්නාවූ සතිසම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ සති සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිසද සම්පූර්ණවීම පිණිසද ආහාරය වේ.
“මහණෙනි, නූපන්නාවූ ධම්ම විචය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ ධම්ම විචය සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිසද සම්පූර්ණවීම පිණිසද පවතින්නාවූ ආහාරය කවරේද? මහණෙනි, කුසලා’කුසල ධර්මයෝ, සදොස් නිදොස් ධර්මයෝ, කළු සුදු හා සමානවූ ධර්මයෝ ඇත්තාහ. එහි නුවණින් මෙනෙහි කිරීම බහුලකොට පැවැත්මක් වේද, එය නූපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිසද සම්පූර්ණවීම පිණිසද ආහාරය වේ.
“මහණෙනි, නූපන්නාවූ විරිය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ විරිය සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිසද සම්පූර්ණවීම පිණිසද පවත්නාවූ ආහාරය කවරේද? මහණෙනි, ආරම්භ ධාතුව (පටන්ගන්නා වීර්ය), නික්කම ධාතුව (කුසීතකමින් නික්මෙන වීර්ය) සහ පරක්කම ධාතුව (අතර නොනවත්න වීර්ය) ඇත්තේය. එහි නුවණින් මෙනෙහි කිරීම බහුලකොට පැවැත්මක් වේද, මෙය නූපන්නාවූ විරිය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ විරිය සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිසද සම්පූර්ණවීම පිණිසද ආහාරය වේ.
“මහණෙනි, නූපන්නාවූ පීති සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ පීති සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිසද සම්පූර්ණකිරීම පිණිසද, පවත්නාවූ ආහාරය කවරේද? මහණෙනි, පීති සම්බොජ්ඣංගයට කරුණුවූ ධර්මයෝ ඇත්තාහ. එහි නුවණින් මෙනෙහි කිරීම බහුලකොට පැවැත්මක් වේද, මෙය නූපන්නාවූ පීති සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ පීති සම්බොජ්ඣංගය වැඩීම පිණිසද සම්පූර්ණ කිරීම පිණිසද ආහාරය වේ.
“මහණෙනි, නූපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිසද සම්පූර්ණවීම පිණිසද පවත්නාවූ ආහාරය කවරේද? මහණෙනි, කාය පස්සද්ධිය සහ චිත්ත පස්සද්ධිය ඇත්තේය. එහි නුවණින් මෙනෙහි කිරීම බහුලකොට පැවැත්මක් වේද මෙය නූපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිසද සම්පූර්ණවීම පිණිසද ආහාරය වේ.
“මහණෙනි, නූපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද, උපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිසද සම්පූර්ණවීම පිණිසද පවත්නාවූ ආහාරය කවරේද? මහණෙනි, සිතේ සංසිඳීම ඇතිකරන්නාවූ සමථ නිමිත්ත ඇත්තේය. එහි නුවණින් මෙනෙහි කිරීම බහුල කොට පැවැත්මක් වේද, එය නූපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිසද සම්පූර්ණවීම පිණිසද ආහාරය වේ.
“මහණෙනි, නූපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිසද සම්පූර්ණවීම පිණිසද පවත්නාවූ ආහාරය කවරේද? මහණෙනි, උපෙක්ඛා සම්බොජ්ඣංගයට කරුණුවූ ධර්මයෝ ඇත්තාහ. එහි නුවණින් මෙනෙහි කිරීම බහුලකොට පැවැත්මක් වේද, එය නූපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිසද සම්පූර්ණවීම පිණිසද ආහාරය වේ.
“මහණෙනි, යම්සේ මේ කය වනාහි ආහාරයෙන් පවත්නේ ආහාරය නිසා සිටීද, ආහාර නැතිව නොසිටීද, මහණෙනි එසේම මේ සප්ත සම්බොජ්ඣංගයෝ වනාහි ආහාරය නිසා පවත්නාහු, ආහාරය නිසා සිටිත්. ආහාරය නැතිව නොසිටිත්යයි” (වදාළසේක.)
|
3. සීලසුත්තං | 3. සීල සූත්‍රය |
184
‘‘යෙ තෙ, භික්ඛවෙ, භික්ඛූ සීලසම්පන්නා සමාධිසම්පන්නා ඤාණසම්පන්නා විමුත්තිසම්පන්නා
‘‘යස්මිං
‘‘යස්මිං සමයෙ, භික්ඛවෙ, භික්ඛු තථා සතො විහරන්තො තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමංසමාපජ්ජති, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති; ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති; ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති. තස්ස තං ධම්මං පඤ්ඤාය පවිචිනතො පවිචරතො පරිවීමංසමාපජ්ජතො ආරද්ධං හොති වීරියං අසල්ලීනං.
‘‘යස්මිං සමයෙ, භික්ඛවෙ, භික්ඛුනො තං ධම්මං පඤ්ඤාය පවිචිනතො පවිචරතො පරිවීමංසමාපජ්ජතො ආරද්ධං හොති වීරියං අසල්ලීනං, වීරියසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති; වීරියසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති; වීරියසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති. ආරද්ධවීරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා.
‘‘යස්මිං සමයෙ, භික්ඛවෙ, භික්ඛුනො ආරද්ධවීරියස්ස උප්පජ්ජති පීති
‘‘යස්මිං
‘‘යස්මිං සමයෙ, භික්ඛවෙ, භික්ඛුනො පස්සද්ධකායස්ස සුඛිනො චිත්තං සමාධියති, සමාධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති
‘‘යස්මිං සමයෙ, භික්ඛවෙ, භික්ඛු තථාසමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති; උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති; උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
‘‘එවං භාවිතෙසු ඛො, භික්ඛවෙ, සත්තසු සම්බොජ්ඣඞ්ගෙසු එවං බහුලීකතෙසු සත්ත ඵලා සත්තානිසංසා පාටිකඞ්ඛා. කතමෙ සත්ත ඵලා
|
184
(මේ සූත්‍රයද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, යම් ඒ භික්ෂූහු සීලයෙන් යුක්තවූවාහුද, ප්‍රඥාවෙන් යුක්තවූවාහුද, විමුක්තියෙන් යුක්තවූවාහුද, විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්තවූවාහුද, මහණෙනි, මම ඒ භික්ෂූන්ගේ දැකීමද බොහෝ උපකාර ඇත්තේයයි කියමි. මහණෙනි, මම ඒ භික්ෂූන් ගැන ඇසීමද බොහෝ උපකාර ඇත්තේයයි කියමි. මහණෙනි, මම ඒ භික්ෂූන් වෙත පැමිණීමද බොහෝ උපකාර ඇත්තේයයි කියමි. මහණෙනි, මම ඒ භික්ෂූන් ආශ්‍රය කිරීමද බොහෝ උපකාර ඇත්තේයයි කියමි. මහණෙනි, මම ඒ භික්ෂූන් ගැන සිහි කිරීමද බොහෝ උපකාර ඇත්තේයයි කියමි. මහණෙනි, මම ඒ භික්ෂූන් අනුව පැවිදිවීමද බොහෝ උපකාර ඇත්තේයයි කියමි. ඊට හේතු කවරේද?
“මහණෙනි, එබඳු භික්ෂූන්ගෙන් බණ අසා, කාය විවේකයෙන්ද චිත්ත විවේකයෙන්ද යන දෙවැදෑරුම් විවේකයෙන් යුක්තව වාසය කෙරෙයි. එසේ විවේකව වාසය කරන්නාවූ හෙතෙම ඒ ධර්මය සිහි කෙරෙයි. නැවත නැවත කල්පනා කෙරෙයි. මහණෙනි යම් කලෙක එසේ විවේකව වාසය කරන්නාවූ මහණතෙම ඒ ධර්මය සිහිකෙරෙයිද, නැවත නැවත කල්පනා කෙරෙයිද, එකල්හි ඒ මහණහුගේ සති සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේවෙයි. යම් කලක මහණ තෙම සති සම්බොජ්ඣංගය වඩයිද, එකල්හි මහණහුගේ සති සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. එසේ සිහියෙන් වාසය කරන්නාවූ ඒ මහණතෙම ඒ ධර්මය නුවණින් සොයයි. පරීක්ෂා කරයි. විමසීමට පැමිණෙයි.
“මහණෙනි, යම් කාලයක එසේ සිහියෙන් වාසයකරන්නාවූ මහණතෙම ඒ ධර්මය නුවණින් සොයාද පරීක්ෂා කරයිද විමසීමට පැමිණේද, එකල්හි ඒ මහණහුගේ ධම්මවිචය සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. යම් කලක මහණතෙම ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, එකල්හි මහණහුගේ ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි. ඒ ධර්මය නුවණින් සොයන්නාවූ, පරීක්ෂාකරන්නාවූ, විමසීමට පැමිණෙන්නාවූ ඒ මහණහුගේ නොහැකිළෙන්නාවූ වීර්ය පටන් ගන්නා ලද්දේ වෙයි.
“මහණෙනි, යම් කලක ඒ ධර්මය නුවණින් සොයන්නාවූ, පරීක්ෂා කරන්නාවූ, විමසීමට පැමිණෙන්නාවූ මහණහුගේ නොහැකිළෙන්නාවූ වීර්යය පටන් ගන්නා ලද්දේවේද, එකල්හි මහණහුගේ විරිය සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේවෙයි. යම් කලෙක මහණතෙම විරිය සම්බොජ්ඣංගය වඩයිද, එකල්හි මහණහුගේ විරිය සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි. පටන් ගන්නා ලද වීර්යය ඇත්තාහට නිරාමිස ප්‍රීතිය උපදවයි.
“මහණෙනි, යම් කලක පටන් ගන්නා ලද වීර්යය ඇත්තාවූ මහණහට නිරාමිස ප්‍රීතිය උපදීද, එකල්හි මහණහුගේ පීති සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. යම් කලක මහණතෙම පීති සම්බොජ්ඣංගය වඩයිද, එකල්හි මහණහුගේ පීති සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ වීමට පැමිණෙයි. පීති සිත ඇත්තාහුගේ කයද සංසිඳෙයි. සිතද සංසිඳෙයි.
“මහණෙනි, යම් කලක ප්‍රීති සිත ඇති මහණහුගේ කයත් සංසිඳෙයිද, සිතත් සංසිඳෙයිද, එකල්හි මහණහුගේ පස්සද්ධි සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. යම් කලක මහණතෙම පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද එකල්හි මහණහුගේ පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි. සංසිඳුණු කය ඇත්තාහට සැපය ඇතිවෙයි. සැප ඇත්තාහුගේ සිත එකඟවේ.
“මහණෙනි, යම්කලෙක සංසිඳුණු කය ඇත්තාවූ, සැප ඇත්තාවූ මහණහුගේ සිත එකඟවේද, එකල්හි මහණහුගේ සමාධි සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. යම් කලක මහණතෙම සමාධි සම්බොජ්ඣංගය වඩයිද, එකල්හි මහණහුගේ සමාධි සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි. එසේ එකඟවූ සිත මනාකොට මැදහත් වන්නේ වෙයි.
“මහණෙනි, යම් කලක මහණහුගේ එසේ එකඟවූ සිත මනාකොට මැදහත්වේද, එකල්හි මහණහුගේ උපෙක්ඛා සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. යම්කලක මහණතෙම උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, එකල්හි මහණහුගේ උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි.
“මහණෙනි, මෙසේ වඩනලද්දාවූ, මෙසේ බහුලකරන ලද්දාවූ, සප්තබොජ්ඣංගයන්ගෙන් වනාහී ඵල සතක්, ආනිසංස සතක් කැමැති වියයුත්තාහුය. ඵලසත, ආනිසංස සත කවරේද? මරණයට පෙර මේ ආත්මභාවයෙහිදීම රහත් බවට පැමිණෙන්නේ වෙයි. ඉදින් මරණයට පෙර, මේ ආත්මභාවයෙහිදීම රහත් බවට නොපැමිණෙන්නේ නම් මැරෙන කාලයෙහි රහත් බවට පැමිණෙන්නේ වෙයි. ඉදින් මරණයට පෙර, මේ ආත්ම භාවයෙහිදීම රහත්බවට නොපැමිණෙන්නේ නම්, ඉදින් මැරෙන කාලයෙහි රහත් බවට නොපැමිණෙන්නේ නම්, බඹ ලොව ඉපිද (ආයු අඩක් නො ගෙවා/කල්ප පන්සියයට ප්‍රථමව) ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් පිරිනිවන් පාන්නේ (අන්තරා පරිනිබ්බායි) වන්නේය . ඉදින් මරණයට පෙර, මේ ආත්මභාවයෙහිදීම රහත් බවට නො පැමිණෙන්නේ නම්, ඉදින් මැරෙන කාලයෙහි රහත් බවට නොපැමිණෙන්නේ නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බඹලොවදී අන්තරා පරිනිබ්බායි නොවන්නේ නම්, ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බඹ ලොව ආයු අඩක් ගෙවා, කල්ප පන්සියයට පසුව පිරිනිවන් පාන්නෙක් (උපහච්චපරිනිබ්බායි) වන්නේය. ඉදින් මරණයට පෙර මේ ආත්මභාවයෙහිදීම රහත්බවට නොපැමිණෙන්නේ නම්, ඉදින් මැරෙන කාලයෙහි රහත්බවට නොපැමිණෙන්නේ නම්, ඉදින් ඔරම්භාගිය සංයෝජන පස බඹ ලොව ආයු අඩකට පෙර ක්ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායි නොවන්නේ නම්, ඉදින් ඔරම්භාගිය සංයෝජන පස බඹ ලොව ආයු අඩකට පසු ක්ෂය කිරීමෙන් උපහච්චපරිනිබ්බායි නොවන්නේ නම්, ඔරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් උත්සාහයක් නැතිව රහත් වන්නෙක් (අසංස්කාර පරිනිබ්බායී) වෙයි.
“ඉදින් මරණයට පෙර මේ ආත්මභාවයෙහිදීම රහත් බව නොලබන්නේ නම්, ඉදින් මැරෙන කාලයෙහි රහත් බව නොලබන්නේ නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායී නොවන්නේ නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් උපහච්ච පරිනිබ්බායී නොවන්නේ නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් අසංස්කාර පරිනිබ්බායී නොවන්නේ නම්, ඕරම්භාගිය සංයෝජන පස ක්ෂයකිරීමෙන් සසංඛාර පරිනිබ්බායී (උත්සාහ කිරීමෙන් රහත්වන්නෙක්) වෙයි.
“ඉදින් මරණයට පෙර මේ ආත්මභාවයෙහිදීම රහත්බව නොලබන්නේනම්, ඉදින් මැරෙන කාලයෙහි රහත්බව නොලබන්නේ නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායි නොවන්නේ නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් උපහච්ච පරිනිබ්බායී නොවන්නේ නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් අසංඛාර පරිනිබ්බායී නොවන්නේ නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් සසංඛාර පරිනිබ්බායී නොවන්නේ නම්, ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් උද්ධංසොත අකනිට්ඨගාමී (පිළිවෙළින් අකනිටා බඹලොවට පැමිණ රහත්වන්නෙක්) වෙයි.
“මහණෙනි, මෙසේ වඩනලද බහුල කරන ලද සප්ත බොජ්ඣංගයන් ගෙන් මේ ඵල සත, මේ ආනිසංස සත කැමති වියයුතු යයි වදාළසේක.
|
4. වත්ථසුත්තං | 4. වත්ථ සූත්‍රය |
185
එකං සමයං ආයස්මා සාරිපුත්තො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි - ‘‘ආවුසො, භික්ඛවො’’ති! ‘‘ආවුසො’’ති
‘‘සත්තිමෙ, ආවුසො, බොජ්ඣඞ්ගා. කතමෙ සත්ත? සතිසම්බොජ්ඣඞ්ගො, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො, වීරියසම්බොජ්ඣඞ්ගො, පීතිසම්බොජ්ඣඞ්ගො, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො, සමාධිසම්බොජ්ඣඞ්ගො, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො - ඉමෙ ඛො, ආවුසො, සත්ත බොජ්ඣඞ්ගා. ඉමෙසං ඛ්වාහං, ආවුසො, සත්තන්නං බොජ්ඣඞ්ගානං යෙන යෙන බොජ්ඣඞ්ගෙන
‘‘සෙය්යථාපි, ආවුසො, රඤ්ඤො වා රාජමහාමත්තස්ස වා නානාරත්තානං දුස්සානං දුස්සකරණ්ඩකො පූරො අස්ස. සො යඤ්ඤදෙව දුස්සයුගං ආකඞ්ඛෙය්ය
|
185
[1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ ‘ඇවැත් මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ඇවැත්නියි’ කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ මෙය වදාළසේක. “ඇවැත්නි, මේ බොජ්ඣංගයෝ සතක් වෙති. ඒ සත කවරහුද?
[2] “සති සම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය සහ උපෙක්ඛා සම්බොජ්ඣංගයයි.
[3] “ඇවැත්නි, මොවුහු සප්ත බොජ්ඣංගයෝ වෙති. ඇවැත්නි, සප්ත බොජ්ඣංගයන්ගෙන් යම් යම් බොජ්ඣංගයකින් උදය කාලයෙහි වාසය කිරීමට කැමැත්තෙම් නම් ඒ ඒ බොජ්ඣංගයන්ගෙන් යුක්තව උදය කාලයෙහි වාසය කරමි. දවල් කාලයෙහි යම් යම් බොජ්ඣංගයකින් වාසය කිරීමට කැමැත්තෙම් නම් දවල් කාලයෙහි ඒ ඒ බොජ්ඣංගයන්ගෙන් යුක්තව වාසය කරමි. සවස් කාලයෙහි යම් යම් බොජ්ඣංගයකින් වාසය කිරීමට කැමැත්තේ නම් ඒ ඒ බොජ්ඣංගයන්ගෙන් සවස් කාලයෙහි වාසය කරමි.
“ඇවැත්නි, මාගේ සති සම්බොජ්ඣංගය මෙසේ යයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන්ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ සති සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ සති සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ සති සම්බොජ්ඣංගය නැතිවේයයි දැන ගතිමි.
“ඇවැත්නි, මාගේ ධම්මවිචය සම්බොජ්ඣංගය මෙසේ යයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන්ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ ධම්මවිචය සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ ධම්මවිචය සම්බොජ්ඣංගය නැතිවේයයි දැන ගතිමි.
“ඇවැත්නි, මාගේ විරිය සම්බොජ්ඣංගය මෙසේ යයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන්ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ විරිය සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ විරිය සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ විරිය සම්බොජ්ඣංගය නැතිවේයයි දැනගතිමි.
“ඇවැත්නි, මාගේ පීති සම්බොජ්ඣංගය මෙසේ යයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන්ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ පීති සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ පීති සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ පීති සම්බොජ්ඣංගය නැතිවේයයි දැන ගතිමි.
“ඇවැත්නි, මාගේ පස්සද්ධි සම්බොජ්ඣංගය මෙසේයයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන්ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ පස්සද්ධි සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ පස්සද්ධි සම්බොජ්ඣංගය නැතිවේයයි දැනගතිමි.
“ඇවැත්නි, මාගේ සමාධි සම්බොජ්ඣංගය මෙසේ යයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන් ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ සමාධි සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ සමාධි සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ සමාධි සම්බොජ්ඣංගය නැතිවේයයි දැන ගතිමි.
“ඇවැත්නි, මාගේ උපෙක්ඛා සම්බොජ්ඣංගය මෙසේයයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන් ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය සිටීයයි දැන ගතිමි. ඉදින් මාගේ උපෙක්ඛා සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ උපෙක්ඛා සම්බොජ්ඣංගය නැතිවේයයි දැනගතිමි.
[4] “ඇවැත්නි, යම්සේ වනාහි රජෙකුගේ හෝ රජ ඇමතියෙකුගේ හෝ නොයෙක් පාටින් යුත් පිරුණාවූ වස්ත්‍ර පෙට්ටියක් වේද, උදය කාලයෙහි යම් යම් වස්ත්‍ර දෙකක් පෙරවීමට කැමතිවේනම් උදය කාලයෙහි ඒ ඒ වස්ත්‍ර දෙක පොරවන්නේය. දවල් කාලයෙහි යම් යම් වස්ත්‍ර දෙකක් පෙරවීමට කැමතිවේනම්, දවල් කාලයෙහි ඒ ඒ වස්ත්‍ර දෙක පොරවන්නේය. සවස් කාලයෙහි යම් යම් වස්ත්‍ර දෙකක් පෙරවීමට කැමතිවේ නම් සවස් කාලයෙහි ඒ ඒ වස්ත්‍ර දෙක පොරවන්නේය. ඇවැත්නි, එසේම මම වනාහි මේ සප්ත බොජ්ඣංගයන්ගෙන් යම් යම් බොජ්ඣංගයකින් උදේ කාලයෙහි වාසය කිරීමට කැමැත්තෙම් නම්, ඒ ඒ බොජ්ඣංගයෙන් උදේ කාලයෙහි වාසය කරමි. දවල් කාලයෙහි යම් යම් බොජ්ඣංගයකින් වාසය කිරීමට කැමැත්තෙම් නම් ඒ ඒ බොජ්ඣංගයෙන් දවල් කාලයෙහි වාසයකරමි. සවස් කාලයෙහි යම් යම් බොජ්ඣංගයකින් වාසයකිරීමට කැමැත්තෙම් නම්, ඒ ඒ බොජ්ඣංගයෙන් සවස් කාලයෙහි වාසය කරමි.
[5] “ඇවැත්නි, මාගේ සති සම්බොජ්ඣංගය මෙසේ යයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන් ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ සති සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ සති සම්බොජ්ඣංගය නැතිවේද, මේ හේතුවෙන් මාගේ සති සම්බොජ්ඣංගය නැතිවේයයි දැන ගතිමි.
“ඇවැත්නි, මාගේ ධම්මවිචය සම්බොජ්ඣංගය මෙසේ යයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන්ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ ධම්මවිචය සම්බොජ්ඣංගය නැතිවේද, මේ හේතුවෙන් මාගේ ධම්මවිචය සම්බොජ්ඣංගය නැතිවේයයි දැනගතිමි.
“ඇවැත්නි, මාගේ විරිය සම්බොජ්ඣංගය මෙසේ යයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන්ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ විරිය සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ විරිය සම්බොජ්ඣංගය නැතිවේද, මේ හේතුවෙන් මාගේ විරිය සම්බොජ්ඣංගය නැතිවේයයි දැනගතිමි.
“ඇවැත්නි, මාගේ පීති සම්බොජ්ඣංගය මෙසේ යයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන් ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ පීති සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ පීති සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ පීති සම්බොජ්ඣංගය නැතිවේයයි දැන ගතිමි.
“ඇවැත්නි, මාගේ පස්සද්ධි සම්බොජ්ඣංගය මෙසේයයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන් ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ පස්සද්ධි සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ පස්සද්ධි සම්බොජ්ඣංගය නැතිවේයයි දැනගතිමි.
“ඇවැත්නි, මාගේ සමාධි සම්බොජ්ඣංගය මෙසේ යයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන් ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ සමාධි සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ සමාධි සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ සමාධි සම්බොජ්ඣංගය නැතිවේයයි දැනගතිමි.
“ඇවැත්නි, මාගේ උපෙක්ඛා සම්බොජ්ඣංගය මෙසේයයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන් ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ උපෙක්ඛා සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ උපෙක්ඛා සම්බොජ්ඣංගය නැතිවේයයි දැනගතිමි.
|
5. භික්ඛුසුත්තං | 5. භික්ෂු සූත්‍රය |
186
සාවත්ථිනිදානං. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි...පෙ.... එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘‘බොජ්ඣඞ්ගා, බොජ්ඣඞ්ගා’ති, භන්තෙ, වුච්චන්ති. කිත්තාවතා නු ඛො, භන්තෙ, ‘බොජ්ඣඞ්ගා’ති වුච්චන්තී’’ති? ‘‘බොධාය සංවත්තන්තීති ඛො, භික්ඛු, තස්මා ‘බොජ්ඣඞ්ගා’ති වුච්චන්ති. ඉධ, භික්ඛු, සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං...පෙ.... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. තස්සිමෙ සත්ත බොජ්ඣඞ්ගෙ භාවයතො කාමාසවාපි චිත්තං විමුච්චති
|
186
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ස්වාමීනි, බොජ්ඣංගයෝ, බොජ්ඣංගයෝයයි කියනු ලැබෙත්. ස්වාමීනි, කොපමණකින් වනාහි බොජ්ඣංගයෝයයි කියනු ලැබෙත්ද?
“මහණ, නිර්වාණය අවබෝධ කිරීම පිණිස පවතින නිසා බොජ්ඣංගයෝයයි කියනු ලැබෙත්.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ පීති සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයිද, ඒ සප්ත බොජ්ඣංගයන් වඩන්නාවූ ඔහුගේ සිත කාමාශ්‍රවයන්ගෙන්ද මිදෙයි. භවාශ්‍රවයන්ගෙන්ද මිදෙයි. අවිද්‍යාශ්‍රවයන්ගෙන්ද මිදෙයි.
“මිදුණු කල්හි මිදුණේය යන ඤාණය ඇතිවෙයි. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවන ලදී. කළ යුත්ත කරන ලදී. මෙයින් මතු අනිත් කළයුත්තක් නැතැයි දැනගනියි. මහණ, නිර්වාණය අවබෝධ කිරීමට හේතුවන නිසා බොජ්ඣංගයෝ යයි කියනු ලැබෙත් යයි” වදාළසේක.
|
6. කුණ්ඩලියසුත්තං | 6. කුණ්ඩලිය සූත්‍රය |
187
එකං
‘‘කතමෙ පන, භො ගොතම, ධම්මා භාවිතා බහුලීකතා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්තී’’ති? ‘‘සත්ත ඛො, කුණ්ඩලිය, බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්තී’’ති. ‘‘කතමෙ පන, භො ගොතම, ධම්මා භාවිතා බහුලීකතා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්තී’’ති? ‘‘චත්තාරො ඛො, කුණ්ඩලිය, සතිපට්ඨානා භාවිතා බහුලීකතා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්තී’’ති
‘‘කථං භාවිතො ච, කුණ්ඩලිය, ඉන්ද්රියසංවරො කථං බහුලීකතො තීණි සුචරිතානි පරිපූරෙතීති? ඉධ, කුණ්ඩලිය, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා මනාපං නාභිජ්ඣති නාභිහංසති, න රාගං ජනෙති. තස්ස ඨිතො ච කායො හොති, ඨිතං චිත්තං අජ්ඣත්තං සුසණ්ඨිතං සුවිමුත්තං. චක්ඛුනා ඛො පනෙව රූපං දිස්වා අමනාපං න මඞ්කු හොති අප්පතිට්ඨිතචිත්තො අදීනමානසො අබ්යාපන්නචෙතසො. තස්ස ඨිතො ච කායො හොති ඨිතං චිත්තං අජ්ඣත්තං සුසණ්ඨිතං සුවිමුත්තං.
‘‘පුන
‘‘යතො ඛො, කුණ්ඩලිය, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා මනාපාමනාපෙසු රූපෙසු
‘‘කථං භාවිතානි ච, කුණ්ඩලිය, තීණි සුචරිතානි කථං බහුලීකතානි චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙන්ති? ඉධ, කුණ්ඩලිය, භික්ඛු කායදුච්චරිතං පහාය කායසුචරිතං භාවෙති, වචීදුච්චරිතං
‘‘කථං භාවිතා ච, කුණ්ඩලිය, චත්තාරො සතිපට්ඨානා කථං බහුලීකතා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති? ඉධ, කුණ්ඩලිය, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු...පෙ.... ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එවං භාවිතා ඛො, කුණ්ඩලිය, චත්තාරො සතිපට්ඨානා එවං බහුලීකතා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති.
‘‘කථං
එවං වුත්තෙ කුණ්ඩලියො පරිබ්බාජකො භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භො ගොතම, අභික්කන්තං, භො ගොතම! සෙය්යථාපි, භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය, චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති; එවමෙව භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති. ඡට්ඨං.
|
187
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවර මිගදාය සමීපයෙහි වූ අඤ්ජන වනයෙහි වාසය කරනසේක. ඉක්බිති කුණ්ඩලික නම් පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටුවිය. සතුටු විය යුතුවූ සිහි කටයුතුවූ කථාවකොට නිමකර, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ කුණ්ඩලික පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි ආරාම නිසා වාසයකරමින් පිරිස්වල හැසිරෙන්නෙක්වෙමි. භවත් ගෞතමයන් වහන්ස දවල් ආහාර අනුභව කළාවූ, මාගේ සවස් කාලයෙහි මේ හැසිරීම වෙයි. ආරාමයෙන් ආරාමයට, උයනින් උයනට, ගමන් කරමි. ඒ මම එහිදී වාදයන්ගෙන් ජයගැනීම ආනිසංස කොට ඇත්තාවූද, වාදයන්ට දොස්කීම ආනිසංස කොට ඇත්තාවූද, කථා කථා කරන්නාවූ සමහර මහණ බමුණන් දකිමි. භවත් ගෞතමයන්වහන්සේ කුමක් ආනිසංස කොට වාසය කරනසේක්ද?
“කුණ්ඩලිය, තථාගතතෙමේ විජ්ජා විමුක්ති ඵලය (අර්හත් මාර්ග ඵලය) ආනිසංසකොට වාසය කරන්නේයයි” වදාළසේක.
“භවත් ගෞතමයන් වහන්ස, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ කිනම් ධර්මයෝ විජ්ජා විමුක්තිය සම්පූර්ණ කෙරෙත්ද?”
“කුණ්ඩලිය, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ, සප්ත බොජ්ඣංගයෝ වනාහි විජ්ජා විමුක්තිය සම්පූර්ණ කෙරෙත්.’
“භවත් ගෞතමයන් වහන්ස, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ, කිනම් ධර්මයෝ සප්ත බොජ්ඣංගයන් සම්පූර්ණ කෙරෙත්ද?
“කුණ්ඩලිය, වඩන ලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ සතර සතිපට්ඨානයෝ වනාහි සප්ත බොජ්ඣංගයන් සම්පූර්ණ කෙරෙත්.”
“භවත් ගෞතමයන් වහන්ස, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ, කිනම් ධර්මයෝ සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කෙරෙත්ද?”
“කුණ්ඩලිය, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ, ත්‍රිවිධ සුචරිතයෝ වනාහි සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කෙරෙත්.”
“භවත් ගෞතමයන් වහන්ස, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ කිනම් ධර්මයෝ ත්‍රිවිධ සුචරිතයන් සම්පූර්ණ කෙරෙත්ද?”
“කුණ්ඩලිය, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ ඉන්ද්රියසංවරය ත්‍රිවිධ සුචරිතයන් සම්පූර්ණකෙරේ. කුණ්ඩලිය, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ පුරුදුකරන ලද්දාවූ ඉන්ද්රිය සංවරය වනාහි ත්‍රිවිධ සුචරිතයන් සම්පූර්ණ කෙරෙත්ද? කුණ්ඩලිය, මේ ශාසනයෙහි මහණතෙම ඇසින් රූපයක් දැක මනාපවූවකට ලෝභ නොකෙරෙයිද, නොවෙහෙසෙයිද, රාගය ඇතිනොකෙරෙයිද, ඔහුගේ නාම කය නැවතුණේද වෙයි. ඇතුළත මනාකොට සිටියාවූ, සිත මනාකොට මිදුනේවෙයිද, ඇසින්ම අමනාප රූපයක් දැක, මකු නොවෙයිද, ක්ලේශ වශයෙන් නොහැකුළුණ සිත් ඇත්තේ වෙයිද, අදීන සිත් ඇත්තේ වෙයිද, ඔහුගේ නාම කය නැවතුණේ වෙයි. ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේ වෙයි.
“කුණ්ඩලිය නැවතද මහණතෙම කනින් ශබ්දයක් අසා මනාපවූවකට ලෝභ නොකෙරෙයිද, නොවෙහෙසෙයිද, රාගය ඇතිනොකෙරෙයිද, ඔහුගේ නාම කය නැවතුණේද වෙයි. ඇතුළත මනාකොට සිටියාවූ, සිත මනාකොට මිදුනේවෙයිද, කනින් අමනාප ශබ්දයක් අසා මකු නොවෙයිද ක්ලේශ වශයෙන් නොහැකුළුණ සිත් ඇත්තේ වෙයිද, අදීන සිත් ඇත්තේවෙයිද, ඔහුගේ නාම කය නැවතුණේ වෙයි. ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේ වෙයි.
“කුණ්ඩලිය, නැවතද මහණතෙම නැහැයෙන් ගඳක් ආඝ්‍රාණයකොට, මනාපවූවකට ලෝභ නොකෙරෙයිද නොවෙහෙසෙයිද, රාගය ඇතිනොකෙරෙයිද, ඔහුගේ නාම කය නැවතුණේද වෙයි. ඇතුළත මනාකොට සිටියාවූ සිත මනාකොට මිදුනේවෙයිද, නැහැයෙන් අමනාපගඳක් ආඝ්‍රාණය කොට මකුනොවෙයිද, ක්ලේශ වශයෙන් නොහැකුළුණ සිත් ඇත්තේ වෙයිද, අදීන සිත් ඇත්තේ වෙයිද, ඔහුගේ නාම කය නැවතුණේ වෙයි. ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේවෙයි.
“කුණ්ඩලිය, නැවතද මහණතෙම දිවෙන් රසයක් විඳ මනාපවූවකට ලෝභ නොකෙරෙයිද, නොවෙහෙසෙයිද, රාගය ඇති නොකෙරෙයිද, ඔහුගේ නාම කය නැවතුණේද වෙයි. ඇතුළත මනාකොට සිටියාවූ සිත මනා කොට මිදුනේ වෙයිද, දිවෙන් අමනාපවූ රසයක් විඳ, මකු නොවෙයිද, ක්ලේශ වශයෙන් නොහැකුළුණ සිත් ඇත්තේ වෙයිද, අදීන සිත් ඇත්තේ වෙයිද, ඔහුගේ නාම කය නැවතුනේද වෙයි. ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේ වෙයි.
“කුණ්ඩලිය, නැවතද මහණතෙම කයින් ස්පර්ශයක් ස්පර්ශකොට මනාපවූවකට ලෝභ නොකෙරෙයිද, නොවෙහෙසෙයිද, රාගය ඇති නොකෙරෙයිද, ඔහුගේ නාම කය නැවතුණේ වෙයි. ඇතුළත මනාකොට සිටියාවූ සිත මනාකොට මිදුනේ වෙයිද, කයින් අමනාපවූ ස්පර්ශයක් ස්පර්ශ කොට මකු නොවෙයිද, ක්ලේශ වශයෙන් නොහැකුළුණ සිත් ඇත්තේ වෙයිද, අදීන සිත් ඇත්තේ වෙයිද, ඔහුගේ නාමකය නැවතුණේවෙයි. ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේ වෙයි.
“කුණ්ඩලිය, නැවතද මහණතෙම සිතින් ධර්මයක් දැන මනාපවූවකට ලෝභ නොකෙරෙයිද, නොවෙහෙසෙයිද, රාගය ඇති නොකෙරෙයිද, ඔහුගේ නාම කය නැවතුණේ වෙයි. ඇතුළත මනාකොට සිටියාවූ සිත මනාකොට මිදුනේ වෙයිද, සිතින් අමනාපවූ ධර්මයක් දැන මකු නොවෙයිද, ක්ලේශ වශයෙන් නොහැකුළුණ සිත් ඇත්තේ වෙයිද, අදීන සිත් ඇත්තේ වෙයිද, ඔහුගේ නාම කය නැවතුණේ වෙයි. ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේ වෙයි.
“කුණ්ඩලිය, යම්හෙයකින් ඇසින් රූපයක් දැක මනාප-අමනාපවූ රූපයන් කෙරෙහි මහණහුගේ නාමකය නැවතුණේවේද, ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේ වෙයිද,
“කනින් ශබ්දයක් අසා මනාප-අමනාපවූ ශබ්දයන් කෙරෙහි මහණහුගේ නාම කය නැවතුණේවේද, ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේවෙයිද,
“නහයෙන් ගන්ධයක් ආඝ්‍රාණයකොට මනාප-අමනාපවූ ගන්ධයන් කෙරෙහි මහණහුගේ නාම කය නැවතුණේවේද, ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේවෙයිද,
“දිවෙන් රසයක් විඳ මනාප-අමනාපවූ රසයන් කෙරෙහි මහණහුගේ නාමකය නැවතුණේවේද, ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේවෙයිද,
“කයින් ස්පර්ශයක්කොට මනාප-අමනාපවූ ස්පර්ශයන් කෙරෙහි මහණහුගේ නාම කය නැවතුණේවේද, ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේ වෙයිද,
“සිතින් ධර්මයක් දැන මනාප-අමනාපවූ ධර්මයන් කෙරෙහි මහණහුගේ නාමකය නැවතුණේවේද, ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේවෙයිද,
“කුණ්ඩලිය, මෙසේ වඩනලද, මෙසේ පුරුදුකරන ලද ඉන්ද්රිය සංවරය වනාහි ත්‍රිවිධ සුචරිතයන් සම්පූර්ණකෙරෙයි.
“කුණ්ඩලිය, කෙසේ වඩනලද්දාවූ කෙසේ පුරුදු කරන ලද්දාවූ ත්‍රිවිධ සුචරිතයෝ සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කෙරෙත්ද? කුණ්ඩලිය, මේ ශාසනයෙහි මහණතෙම කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩයිද, වාක්දුශ්චරිය හැර, වාක් සුචරිතයද වඩයිද, මනෝ දුශ්චරිතය හැර මනෝ සුචරිතයද වඩයිද, කුණ්ඩලිය, මෙසේ වඩනලද, මෙසේ පුරුදු කරනලද, ත්‍රිවිධ සුචරිතයෝ සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කෙරෙත්.
“කුණ්ඩලිය, කෙසේ වඩනලද, කෙසේ පුරුදුකරන ලද සතර සතිපට්ඨානයෝ සප්ත සම්බොජ්ඣංගයන් සම්පූර්ණ කෙරෙත්ද? කුණ්ඩලිය, මේ ශාසනයෙහි මහණතෙම කයෙහි කය අනුව දක්නේ කෙළෙස් තවන වීර්යයෙන් යුක්තවූයේ, නුවණින් යුක්තවූයේ, සිහියෙන් යුක්තවූයේ ස්කන්ධ ලෝකයෙහි ලෝභ දෝෂයන් දුරුකොට වාසය කෙරෙයිද,
“වේදනාවන්හි වේදනාවන් අනුව බලන්නේ කෙළෙස් තවන වීර්යයෙන් යුක්තවූයේ, නුවණින් යුක්තවූයේ, සිහියෙන් යුක්තවූයේ ස්කන්ධලෝකයෙහි ලෝභ දෝෂයන් දුරුකොට වාසය කෙරෙයිද,
“චිත්තයන්හි චිත්තයන් අනුව බලන්නේ කෙලෙස් තවන වීර්යයෙන් යුක්තවූයේ, නුවණින් යුක්තවූයේ, සිහියෙන් යුක්තවූයේ ස්කන්ධ ලෝකයෙහි ලෝභ දෝෂයන් දුරුකොට වාසය කරයිද,
“ධර්මයන්හි ධර්මයන් අනුව බලන්නේ කෙළෙස් තවන වීර්යයෙන් යුක්තවූයේ, නුවණින් යුක්තවූයේ, සිහියෙන් යුක්තවූයේ ස්කන්ධ ලෝකයෙහි ලෝභ, දෝෂයන් දුරුකොට වාසය කෙරෙයිද,
‘කුණ්ඩලිය මෙසේ වඩනලද, මෙසේ පුරුදුකරනලද සතර සතිපට්ඨානයෝ සප්ත සම්බොජ්ඣංගයන් සම්පූර්ණ කෙරෙත්.
“කුණ්ඩලිය, කෙසේ වඩන ලද, කෙසේ පුරුදු කරන ලද සප්ත බොජ්ඣංගයෝ විජ්ජා විමුක්තිය සම්පූර්ණ කෙරේද?
කුණ්ඩලිය, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ පීති සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ, සමාධි සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද,
“කුණ්ඩලිය, මෙසේ වඩන ලද, මෙසේ පුරුදු කරන ලද සප්ත බොජ්ඣංගයෝ විජ්ජාවිමුක්තිය සම්පූර්ණ කෙරේ.
“මෙසේ වදාළ කල කුණ්ඩලිය පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු හෝ කෙරේද, සැඟවූවක් විවෘත හෝ කෙරේද, මං මුළාවූවෙකුට මාර්ගය හෝ කියයිද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි, අන්ධකාරයෙහි තෙල් පහනක් හෝ දරාද, එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් දේශනා කරනලදී. ස්වාමීනි, ඒ මම අද පටන් දිවිහිමියෙන් භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, සංඝයාද සරණයමි. භවත් ගෞතමයන් වහන්සේ දිවිහිමිකොට සරණගිය උපාසකයෙකු කොට මා දරණ සේක්වා”
|
7. කූටාගාරසුත්තං | 7. කූටාගාර සූත්‍රය |
188
‘‘සෙය්යථාපි
‘‘කථඤ්ච
|
188
(මේ සූත්‍රය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, යම්සේ මුදුන් ගෙයක යම්කිසි ගොනැසි වෙත්ද ඒ සියල්ල මුදුනට නැමුණාහු, මුදුනට නැඹුරුවූවාහු, මුදුනට බරවූවාහු වෙත්ද මහණෙනි, එසේම සප්ත බොජ්ඣංගයන් වඩන්නාවූ සප්ත බොජ්ඣංගයන් පුරුදු කරන ලද්දාවූ මහණතෙම වනාහි නිවනට නැමුණේ, නිවනට නැඹුරුවූයේ, නිවනට බරවූයේ වෙයි. මහණෙනි, සප්ත බොජ්ඣංගයන් වඩන ලද, පුරුදු කරන ලද මහණ තෙම කෙසේ නිවනට නැමුණේ, නිවනට නැඹුරුවූයේ, නිවනට බරවූයේ වේද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට බරවූ සති සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට බරවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට බරවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට බරවූ පීති සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට බරවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට බරවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට බරවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ වනාහි සප්ත බොජ්ඣංගයන් වඩන්නාවූ බහුල කරන්නාවූ මහණතෙම නිවනට නැමුණේ, නිවනට හැරුණේ නිවනට බරවූයේ වෙයි.”
|
8. උපවානසුත්තං | 8. උපවාන සූත්‍රය |
189
එකං සමයං ආයස්මා ච උපවානො ආයස්මා ච සාරිපුත්තො කොසම්බියං විහරන්ති ඝොසිතාරාමෙ. අථ ඛො ආයස්මා සාරිපුත්තො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා උපවානො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මතා උපවානෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං උපවානං එතදවොච -
‘‘ජානෙය්ය
‘‘සතිසම්බොජ්ඣඞ්ගං ඛො, ආවුසො, භික්ඛු ආරබ්භමානො පජානාති ‘චිත්තඤ්ච මෙ සුවිමුත්තං, ථිනමිද්ධඤ්ච මෙ සුසමූහතං, උද්ධච්චකුක්කුච්චඤ්ච මෙ සුප්පටිවිනීතං, ආරද්ධඤ්ච මෙ වීරියං, අට්ඨිංකත්වා මනසි කරොමි, නො
|
189
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් උපවාණ ස්ථවිරතෙමේද ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙමේද කොසඹෑනුවර සමීපයෙහිවූ ඝෝසිතාරාමයෙහි වාසය කෙරෙත්. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙම සවස් කාලයෙහි විවේකස්ථානයෙන් නැගීසිටියේ ආයුෂ්මත් උපවාණ ස්ථවිරයන් යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් උපවාණ ස්ථවිරයන් වහන්සේ හා සමග සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ, කථාව කොට නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙම ආයුෂ්මත් උපවාණ ස්ථවිරයන්ට මෙය කීයේය.
“ආයුෂ්මත් උපවාණ ස්ථවිරයන් වහන්ස, ‘නුවණින් මෙනෙහි කිරීමෙන් මෙසේ මනාකොට වඩනලද සප්ත සම්බොජ්ඣංගයෝ වනාහි මාගේ පහසු විහරණය පිණිස පවත්නාහු යයි’ මහණතෙම තෙමේම දන්නේද?”
“ආයුෂ්මත් ශාරිපුත්‍රය, ‘නුවණින් මෙනෙහි කිරීමෙන් මෙසේ මනාකොට වඩනලද සප්ත බොජ්ඣංගයෝ වනාහි මාගේ පහසු විහරණය පිණිස පවත්නාහුයයි’ මහණ තෙම තෙමේම දන්නේය.
“ඇවැත්නි, මහණතෙම සති සම්බොජ්ඣංගය වඩන්නේම මාගේ සිතද මනාකොට මිදුනේය. මා විසින් ථින මිද්ධය උදුරන ලදී. මාගේ උද්ධච්චකුක්කුච්චයද මනාකොට දුරුකරන ලදී. මාගේ වීර්ය පටන් ගන්නා ලදී. එය හැකුළුණේ නොවෙයි. ප්‍රයෝජන ඇතියක් කොට මෙනෙහි කරමියි’ දනියි.
“ඇවැත්නි, මහණතෙම ධම්මවිචය සම්බොජ්ඣංගය වඩන්නේම ‘මාගේ සිතද මනාකොට මිදුනේය. මා විසින් ථින මිද්ධය උදුරනලදී. මාගේ උද්ධච්ච කුක්කුච්චයද මනාකොට දුරුකරනලදී. මාගේ වීර්ය පටන්ගන්නාලදී. එය හැකුළුණේ නොවෙයි. ප්‍රයෝජන ඇතියක්කොට මෙනෙහි කරමියි’ දනියි.
“ඇවැත්නි, මහණතෙම විරිය සම්බොජ්ඣංගය වඩන්නේම ‘මාගේ සිතද මනාකොට මිදුනේය. මා විසින් ථින මිද්ධය උදුරනලදී. මාගේ උද්දච්චකුක්කුච්චයද මනාකොට දුරුකරන ලදී. මාගේ වීර්ය පටන්ගන්නාලදී. එය හැකුළුණේ නොවෙයි. ප්‍රයෝජන ඇතියක්කොට මෙනෙහි කරමියි’ දනියි.
“ඇවැත්නි, මහණතෙම පීති සම්බොජ්ඣංගය වඩන්නේම ‘මාගේ සිතද මනාකොට මිදුණේය. මා විසින් ථිනමිද්ධය උදුරනලදී. මාගේ උද්ධච්චකුක්කුච්චයද මනාකොට දුරුකරන ලදී. මාගේ වීර්ය පටන්ගන්නාලදී. එය හැකුළුණේ නොවෙයි. ප්‍රයෝජන ඇතියක්කොට මෙනෙහි කරමියි’ දනියි.
“ඇවැත්නි, මහණතෙම පස්සද්ධි සම්බොජ්ඣංගය වඩන්නේම ‘මාගේ සිතද මනාකොට මිදුනේය. මා විසින් ථින මිද්ධය උදුරනලදී. මාගේ උද්ධච්චකුක්කුච්චයද මනාකොට දුරුකරනලදී. මාගේ වීර්ය පටන්ගන්නාලදී. එය හැකුළුණේ නොවෙයි. ප්‍රයෝජන ඇතියක්කොට මෙනෙහි කරමියි’ දනියි.
“ඇවැත්නි, මහණතෙම සමාධි සම්බොජ්ඣංගය වඩන්නේම ‘මාගේ සිතද මනාකොට මිදුනේය. මා විසින් ථින මිද්ධය උදුරනලදී. මාගේ උද්දච්චකුක්කුච්චයද මනාකොට දුරුකරනලදී. මාගේ වීර්ය පටන්ගන්නාලදී. එය හැකුළුණේ නොවෙයි. ප්‍රයෝජනය ඇතියක්කොට මෙනෙහි කරමියි’ දනියි.
“ඇවැත්නි, මහණතෙම උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩන්නේම මාගේ සිතද මනාකොට මිදුනේය. මා විසින් ථිනමිද්ධය උදුරනලදී. මාගේ උද්ධච්චකුක්කුච්චයද මනා කොට දුරුකරනලදී. මාගේ වීර්යය පටන්ගන්නාලදී. එය හැකුළුණේ නොවෙයි ප්‍රයෝජන ඇතියක්කොට මෙනෙහි කරමියි’ දනියි.
“ආයුෂ්මත් ශාරිපුත්‍රය, මෙසේ වනාහි ‘නුවණින් මෙනෙහි කිරීමෙන් මෙසේ මනාකොට, වඩනලද සප්ත සම්බොජ්ඣංගයෝ වනාහි මාගේ පහසු විහරණය පිණිස පවත්නාහුයයි’ මහණතෙම තෙමේම දන්නේයයි” කීහ.
|
9. පඨමඋප්පන්නසුත්තං | 9. උප්පාද සූත්‍රය |
190
‘‘සත්තිමෙ, භික්ඛවෙ, බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා අනුප්පන්නා උප්පජ්ජන්ති, නාඤ්ඤත්ර තථාගතස්ස පාතුභාවා අරහතො සම්මාසම්බුද්ධස්ස. කතමෙ සත්ත? සතිසම්බොජ්ඣඞ්ගො...පෙ....
|
190
(මෙහි මුල් ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ මෙනි.)
“මහණෙනි, වඩනලද, පුරුදුකරනලද, නූපන්නාවූ මේ සප්ත බොජ්ඣංගයෝ අර්හත් සම්මා සම්බුදු තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් හැර අන් කාලයක නොඋපදිත්. ඒ සත කවරේද?
(මේ වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡේදය මෙනි)
“මහණෙනි, වඩනලද, පුරුදුකරනලද, නූපන් මේ සප්ත සම්බොජ්ඣංගයෝ අර්හත්, සම්මා සම්බුදු, තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් හැර අන්කාලයක නොඋපදිත්යයි” වදාළසේක.
|
10. දුතියඋප්පන්නසුත්තං | 10. දුතිය උප්පාද සූත්‍රය |
191
‘‘සත්තිමෙ, භික්ඛවෙ, බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා අනුප්පන්නා උප්පජ්ජන්ති, නාඤ්ඤත්ර සුගතවිනයා. කතමෙ සත්ත? සතිසම්බොජ්ඣඞ්ගො...පෙ.... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො - ඉමෙ ඛො, භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා අනුප්පන්නා උප්පජ්ජන්ති, නාඤ්ඤත්ර සුගතවිනයා’’ති. දසමං.
|
191
(මෙහි මුල් ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ මෙනි)
“මහණෙනි, වඩනලද, පුරුදුකරනලද, නූපන් මේ සප්ත සම්බොජ්ඣංගයෝ සුගතයන් වහන්සේගේ ශාසනය හැර අන්තැනක නොඋපදිත්. ඒ සත කවරේද?
(මේ ඡේදය මේ වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡේදය මෙනි.)
“මහණෙනි, වඩනලද, පුරුදුකරනලද, නූපන් මේ සප්ත බොජ්ඣංගයෝ සුගතයන් වහන්සේගේ ශාසනය හැර අන්තැනක නූපදිත්යයි’ වදාළසේක.
|
2. ගිලානවග්ගො | 2. ගිලාන වර්ගය |
1. පාණසුත්තං | 1. පාන සූත්‍රය |
192
‘‘සෙය්යථාපි
‘‘කථඤ්ච
|
192
[1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, යම්කිසි සත්වකෙනෙක් විවේක යෑමද, විවේක සිටීමද, විවේක හිඳීමද, විවේක සයනයද යන සතර ඉරියව් පවත්වත්ද ඒ සියලු සත්වයෝම යම්සේ පොළොව නිසා, පොළොවෙහි පිහිටාම ඒ සතර ඉරියව් පවත්වත්ද මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙමේ සීලය නිසා සීලයෙහි පිහිටා සප්ත බොධ්‍යංගයන් වඩයි. සප්ත බොධ්‍යංගයන් බහුල කරයි. මහණෙනි, කෙසේනම් මහණතෙමේ සීලය නිසා සීලයෙහි පිහිටා සප්ත බොධ්‍යංගයන් වඩයිද? සප්ත බොධ්‍යංගයන් බහුල කරයිද?
[3] “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි මේ ශාසනයෙහි මහණතෙමේ විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ පීති සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මේ මහණතෙමේ විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද,
[4] “මහණෙනි, මෙසේ වනාහී මහණතෙමේ සීලය නිසා සීලයෙහි පිහිටා සප්ත බොධ්‍යංගයන් වඩයි. සප්ත බොධ්‍යංගයන් බහුල කරයි.”
|
2. පඨමසූරියූපමසුත්තං | 2. සුරිය සූත්‍රය |
193
‘‘සූරියස්ස, භික්ඛවෙ, උදයතො එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං, යදිදං - අරුණුග්ගං; එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛුනො සත්තන්නං බොජ්ඣඞ්ගානං උප්පාදාය එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං, යදිදං - කල්යාණමිත්තතා. කල්යාණමිත්තස්සෙතං, භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං - සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙස්සති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරිස්සති.
‘‘කථඤ්ච
|
193
(2, 3 වෙනි සූත්‍ර මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරනලදී.)
“මහණෙනි, යම් මේ අරුණෝද්ගමණයක් වේද, එය උදාවන සූර්යයාට පූර්වාංගම වෙයි. පූර්වනිමිත්ත වෙයි. මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුවගේ යම් ඒ කල්‍යාණ මිත්‍රයන් ඇති බවක් වේද එය සප්ත බොධ්‍යංගයන්ගේ ඉපදීමට පූර්වංගම වෙයි, පූර්ව නිමිත්ත වෙයි. මහණෙනි, කල්‍යාණ මිත්‍රයන් ඇති භික්ෂුව තමා සප්ත බොධ්‍යංගයන් වඩන්නේය. සප්ත බොධ්‍යංගයන් බහුල කරන්නේය යන මෙය කැමති විය යුතුයි. මහණෙනි, කෙසේ නම් කල්‍යාණ මිත්‍රයන් ඇති මහණතෙමේ සප්ත බොධ්‍යංගයන් වඩයිද, සප්ත බොධ්‍යංගයන් බහුල කරයිද?
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.)
“මහණෙනි, මෙසේ වනාහි කල්‍යාණ මිත්‍රයන් ඇති මහණතෙමේ සප්ත බොධ්‍යංගයන් වඩයි. සප්ත බොධ්‍යංගයන් බහුල කරන්නේයයි” වදාළේය.
|
3. දුතියසූරියූපමසුත්තං | 3. දුතිය සුරිය සූත්‍රය |
194
‘‘සූරියස්ස
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු යොනිසොමනසිකාරසම්පන්නො සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං...පෙ.... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු යොනිසොමනසිකාරසම්පන්නො සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොතී’’ති. තතියං.
|
194
“මහණෙනි, යම් මේ අරුණෝදයක්වේද, එය උදාවන සූර්යයාට පූර්වංගමය, පූර්ව නිමිත්තය. මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුවගේ යම් මේ නුවණින් මෙනෙහි කිරීමක්වේද, එය සප්තබොධ්‍යංගයන් ඉපදීම පිණිස පූර්වංගමය, පූර්වනිමිත්තය. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාවූ භික්ෂුව තමා සප්ත බොධ්‍යංගයන් වඩන්නේය. සප්තබොධ්‍යංගයන් බහුල කරන්නේය යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාවූ මහණතෙම කෙසේ සප්ත බොධ්‍යංගයන් වඩයිද? සප්තබොධ්‍යංගයන් බහුල කරයිද?
(මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි)
“මහණෙනි මෙසේ වනාහි නුවණින් මෙනෙහි කිරීමෙන් යුක්තවූ මහණතෙමේ සප්ත බොධ්‍යංගයන් වඩයි. සප්තබොධ්‍යංගයන් බහුල කරන්නේ යයි” වදාළසේක.
|
4. පඨමගිලානසුත්තං | 4. ගිලාන සූත්‍රය |
195
එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා මහාකස්සපො පිප්පලිගුහායං
(විප්ඵලිගුහායං (සී.)) විහරති ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. අථ
‘‘කච්චි තෙ, කස්සප, ඛමනීයං කච්චි යාපනීයං? කච්චි දුක්ඛා වෙදනා පටික්කමන්ති, නො අභික්කමන්ති; පටික්කමොසානං පඤ්ඤායති, නො අභික්කමො’’ති? ‘‘න
‘‘සත්තිමෙ, කස්සප, බොජ්ඣඞ්ගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති. කතමෙ සත්ත? සතිසම්බොජ්ඣඞ්ගො ඛො, කස්සප, මයා සම්මදක්ඛාතො භාවිතො බහුලීකතො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති...පෙ....
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා මහාකස්සපො භගවතො භාසිතං අභිනන්දි. වුට්ඨහි චායස්මා මහාකස්සපො තම්හා ආබාධා. තථාපහීනො චායස්මතො මහාකස්සපස්ස සො ආබාධො අහොසීති. චතුත්ථං.
|
195
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වැඩවාසය කරනසේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේ ලෙඩින් පෙළුනේ, දුකට පැමිණියේ දැඩි ගිලන්වූයේ පිප්ඵලි ගුහාවෙහි වැඩ වාසය කරන්නාහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේක සැපයෙන් නැගී සිටියේ ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණිසේක. පැමිණ පනවනලද අස්නෙහි වැඩහුන්හ. හිඳ වනාහි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේට මේ කාරණය වදාළසේක.
“කිමෙක්ද? කස්සප ඔබට ඉවසිය හැකිද? කිම යැපිය හැකිද? (ශරීරය පවත්වන්ට හැකිද?) කිම දුක් වේදනාවෝ පිරිහෙත්ද? අඩුවෙත්ද? කිම දියුණු නොවෙත්ද? ඒ දුක් වේදනාවන්ගේ කෙළවරක් නොපෙනෙත්දැයි (විචාළ සේක). ස්වාමීනි, මට ඉවසිය නොහැකිය, සතර ඉරියව්වෙහි සිරුර පැවැත්විය නොහැකිය. මාගේ දුක් වේදනාවෝ බලවත්හ, වැඩෙන්නාහ. දුක් වේදනාවන්ගේ වැඩීම පෙනෙයි. අඩුවක් නොපෙනෙයි’ යයි (පිළිතුරු දුන්හ.)
“කාශ්‍යපය, මා විසින් මැනවින් පවසන ලද, වඩන ලද, බහුල වශයෙන් කරන ලද, මේ සත්වැදෑරුම් බොධ්‍යංග ධර්මයෝ චතුස්සත්‍ය අවබෝධය පිණිස, නිවන් පිණිස පවතිත්. ඒ සප්තබොධ්‍යංගයෝ කවරහුදයත්? කාශ්‍යපය, මා විසින් මැනවින් පවසන ලද, වඩන ලද, බහුල කරන ලද සති සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද, චතුස්සත්‍යයන් අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. කාශ්‍යපය, මා විසින් මැනවින් පවසන ලද, වඩන ලද, බහුල කරන ලද ධර්මවිචය සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. කාශ්‍යපය, මා විසින් මැනවින් පවසන ලද, වඩන ලද, බහුල කරන ලද විරිය සම්බොජ්ඣංගය සතර චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද, අවබෝධ පිණිසද, නිවන් පිණිසද පවතියි. කාශ්‍යපය, මා විසින් මැනවින් පවසන ලද, වඩන ලද, බහුල කරන ලද පීති සම්බොජ්ඣංගය චතුස්සත්‍යය දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. කාශ්‍යපය මා විසින් මැනවින් පවසන ලද, වඩන ලද, බහුල වශයෙන් කරන ලද පස්සද්ධි සම්බොජ්ඣංගය චතුස්සත්‍ය දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. කාශ්‍යපය, මා විසින් මැනවින් පවසන ලද, වඩන ලද, බහුල කරන ලද සමාධි සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. කාශ්‍යපය, මා විසින් මැනවින් පවසන ලද, වඩන ලද, බහුල කරන ලද උපෙක්ඛා සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. කාශ්‍යපය, මේ මා විසින් මැනවින් පවසන ලද, වඩන ලද, බහුල කරන ලද සප්ත බෝධ්‍යංගයෝ චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතිත් යයි” (වදාළසේක).
“භාග්‍යවතුන් වහන්ස, බොධ්‍යංග ධර්මයෝ මැනව, සුගතයන් වහන්ස, බොධ්‍යංග ධර්මයෝ ඒකාන්තයෙන් මැනවැයි’ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය වදාළසේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ. ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ඒ රෝගයෙන් නැගීසිටියහ. ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ ඒ ආබාධය (යම්සේ නූපදීද) එසේ පහව ගියේය.
|
5. දුතියගිලානසුත්තං | 5. දුතිය ගිලාන සූත්‍රය |
196
එකං
‘‘කච්චි තෙ, මොග්ගල්ලාන, ඛමනීයං කච්චි යාපනීයං? කච්චි දුක්ඛා වෙදනා පටික්කමන්ති, නො අභික්කමන්ති; පටික්කමොසානං පඤ්ඤායති, නො අභික්කමො’’ති? ‘‘න මෙ, භන්තෙ, ඛමනීයං, න යාපනීයං. බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති, නො පටික්කමන්ති; අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමො’’ති.
‘‘සත්තිමෙ, මොග්ගල්ලාන, බොජ්ඣඞ්ගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති. කතමෙ සත්ත? සතිසම්බොජ්ඣඞ්ගො ඛො, මොග්ගල්ලාන, මයා සම්මදක්ඛාතො භාවිතො බහුලීකතො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති...පෙ....
ඉදමවොච
|
196
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ඇසුරුකොට කලන්දක නිවාප නම්වූ වෙළුවනයෙහි වැඩ වසන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙමේ හටගත් ආබාධ ඇත්තේ හටගත් දුක් ඇත්තේ දැඩි ගිලන්වූයේ ගිජුකුළු පව්වෙහි වැඩ වාසය කරයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේක සැපයෙන් නැගී සිටියේ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන් යම්තැනකද එතැන්හි වැඩිසේක. වැඩමවා පනවනලද අස්නෙහි වැඩහුන්සේක. හිඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන්ට මේ කාරණය වදාළසේක.
“කිම? මොග්ගල්ලානය, ඔබට ඉවසිය හැකිද? කිම, ඉරියව් පැවැත්විය හැකිද, කිම දුක්ඛවේදනාවෝ දුරුවෙත්ද? නොනැගෙත්ද? අඩුවීම පෙනේද? වැඩිවීම නොපෙනේද? “ස්වාමීනි, මට ඉවසිය නොහැක්කේය. යැපිය නොහැක්කේය. මාගේ බලවත් දුක් වේදනාවෝ වැඩෙන්නාහ. අඩු නොවන්නාහ. වැඩිවන බව පෙනෙයි. අඩුවන බව නොපෙනෙයි.”
“මොග්ගල්ලානය, මා විසින් මනාකොට කියන ලද්දාවූ, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, මේ සප්ත බොජ්ඣංගයෝ චතුස්සත්‍යයන්ගේ දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතිත්. ඒ සත කවරහුද යත්. මොග්ගල්ලානය, මා විසින් මනාකොට කියන ලද වඩනලද බහුල කරනලද සතිසම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතිත්. මොග්ගල්ලානය, මා විසින් මනාකොට කියනලද වඩන ලද බහුල කරන ලද ධම්මවිචය සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද නිවන් පිණිසද පවතියි. මොග්ගල්ලානය, මා විසින් මනාකොට කියන ලද වඩනලද බහුල කරනලද විරිය සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද අවබෝධය පිණිසද නිවන් පිණිසද පවතිත්. මොග්ගල්ලානය, මා විසින් මනාකොට කියනලද වඩන ලද බහුල කරන ලද ප්‍රීති සම්බොජ්ඣංගය චතුස්සත්‍යයෙන් දැනගැනීම පිණිසද අවබෝධය පිණිසද නිවන් පිණිසද පවතියි. මොග්ගල්ලානය, මා විසින් මනාකොට කියන ලද වඩනලද බහුල කරන ලද පස්සද්ධි සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද අවබෝධය පිණිසද නිවන් පිණිසද පවතියි. මොග්ගල්ලානය, මා විසින් මනාකොට කියන ලද වඩන ලද බහුල කරන ලද සමාධි සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද අවබෝධය පිණිසද නිවන් පිණිසද පවතියි. මොග්ගල්ලානය, මා විසින් මනාකොට කියන ලද වඩන ලද බහුල කරන ලද උපේක්ෂා සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද අවබෝධය පිණිසද නිවන් පිණිසද පවතියි. මොග්ගල්ලානය, මා විසින් මනාකොට කියනලද වඩනලද බහුල කරන ලද මේ සප්ත සම්බොජ්ඣංගයෝ (එය) චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද අවබෝධය පිණිසද නිවන් පිණිසද පවතිත්.
“භාග්‍යවතුන් වහන්ස, බොජ්ඣංගයෝ ඒකාන්තයෙන් සත්‍යයහ. සුගතයන් වහන්ස, බොජ්ඣංගයෝ ඒකාන්තයෙන් සත්‍යයහ.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුවිය. මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ ඒ රෝගයෙන් නැගිට්ටේය. මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේගේ ඒ රෝගය (නැවත නූපදීද) එපරිද්දෙන් දුරුවූයේ විය.
|
6. තතියගිලානසුත්තං | 6. තතිය ගිලාන සූත්‍රය |
197
එකං
‘‘සත්තිමෙ, භන්තෙ, බොජ්ඣඞ්ගා භගවතා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති. කතමෙ සත්ත? සතිසම්බොජ්ඣඞ්ගො ඛො, භන්තෙ, භගවතා සම්මදක්ඛාතො භාවිතො බහුලීකතො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති...පෙ....
ඉදමවොචායස්මා චුන්දො. සමනුඤ්ඤො සත්ථා අහොසි. වුට්ඨහි ච භගවා තම්හා ආබාධා. තථාපහීනො ච භගවතො සො ආබාධො අහොසීති. ඡට්ඨං.
|
197
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවාසය කරනසේක. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ ගිලන්වූවෝ, දුකට පැමිණියෝ, දැඩි ගිලන් බවට පැමිණියෝ වූහ. ඉක්බිති ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසක හුන්නේය. එක් පසක හුන්නාවූ ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. “චුන්දය, බොජ්ඣංග ධර්මයෝ තොපට වැටහෙත්වා.”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද, වඩන ලද, බහුල කරන ලද මේ සප්ත බොධ්‍යංග ධර්මයෝ චතුස්සත්‍යයන් දැන ගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතිත්. ඒ සත කවරහුද යත්? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද, වඩන ලද, බහුල කරන ලද සති සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට කියන ලද, වඩන ලද, බහුල කරන ලද ධම්මවිචය සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද, මනා අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද, වඩන ලද, බහුල කරන ලද විරිය සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැන ගැනීම පිණිසද, මනා අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද, වඩන ලද, බහුල කරන ලද පීති සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද, මනා අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද, වඩන ලද, බහුල කරන ලද පස්සද්ධි සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැන ගැනීම පිණිසද, මනා අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද, වඩන ලද, බහුල කරන ලද සමාධි සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැන ගැනීම පිණිසද, මනා අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද, වඩන ලද, බහුල කරන ලද උපෙක්ඛා සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැන ගැනීම පිණිසද, මනා අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි.
“චුන්දයනි, බොජ්ඣංගයෝ ඒකාන්තයෙන් සත්‍යයහ. චුන්දයනි, බොජ්ඣංගයෝ ඒකාන්තයෙන් සත්‍යයහ.”
ආයුෂ්මත් මහා චුන්ද තෙරණුවෝ මෙය වදාළහ: ශාස්තෘෘන් වහන්සේ (එය) පිළිගත් සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ ආබාධයෙන් නැඟී සිටි සේක. භාග්‍යවතුන් වහන්සේගේ ඒ ආබාධය (යම්සේ නූපදීද) එසේ පහව ගියේය.
|
7. පාරඞ්ගමසුත්තං | 7. අපාර සූත්‍රය |
198
‘‘සත්තිමෙ, භික්ඛවෙ, බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා අපාරා පාරං ගමනාය සංවත්තන්ති. කතමෙ සත්ත? සතිසම්බොජ්ඣඞ්ගො...පෙ.... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො - ඉමෙ ඛො, භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා අපාරා පාරං ගමනාය සංවත්තන්තී’’ති.
‘‘අප්පකා
අථායං ඉතරා පජා, තීරමෙවානුධාවති.
‘‘යෙ ච ඛො සම්මදක්ඛාතෙ, ධම්මෙ ධම්මානුවත්තිනො;
තෙ ජනා පාරමෙස්සන්ති, මච්චුධෙය්යං සුදුත්තරං.
‘‘කණ්හං ධම්මං විප්පහාය, සුක්කං භාවෙථ පණ්ඩිතො;
ඔකා අනොකමාගම්ම, විවෙකෙ යත්ථ දූරමං.
‘‘තත්රාභිරතිමිච්ඡෙය්ය
පරියොදපෙය්ය අත්තානං, චිත්තක්ලෙසෙහි පණ්ඩිතො.
‘‘යෙසං සම්බොධියඞ්ගෙසු, සම්මා චිත්තං සුභාවිතං;
ආදානප්පටිනිස්සග්ගෙ, අනුපාදාය යෙ රතා;
ඛීණාසවා ජුතිමන්තො, තෙ ලොකෙ පරිනිබ්බුතා’’ති. සත්තමං;
|
198
මහණෙනි, යම් කිසි කෙනෙකුන් විසින් මේ සප්ත බොධ්‍යංග වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නම් මෙතෙරින් එතෙරට යෑම පිණිස පවතිත්. කවර සතක්ද යත්; සති සම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය සහ උපෙක්ඛා සම්බොජ්ඣංගයයි. මහණෙනි, මේ සප්ත බොධ්‍යංග ධර්මයන් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නම් මෙතෙරින් එතෙරට යෑම පිණිස පවතිත්.
“භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළසේක. සුගතවූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා, නැවත මෙසේද වදාළසේක.
“මිනිසුන් අතුරෙහි යම් ජනයෝ පරතෙරට හෙවත් නිවනට යන්නාහු වෙත්ද, එබඳු ජනයෝ ස්වල්පයහ. නැවත අන්‍යවූ ප්‍රජාතොමෝ (සක්කාය නමැති) මෙතරටම නැවත නැවත දුවන්නීය.”
“යම් කෙනෙක් වනාහි මනාකොට වදාළ ධර්මයෙහි, ධර්මයට අනුව පවතින්නෝ වෙත්ද, ඒ ජනයෝ එතෙර වීමට ඉතා දුෂ්කරවූ කෙලෙස් මරුට අයත්වූ ත්‍රෛභූමක වෘත්තය (ඉක්මවා) නිවනට පැමිණෙන්නාහුය.”
“නුවණැත්තේ අකුසල ධර්මය හැර කුසල ධර්මය වඩන්නේය. ආලයෙන් හෙවත් ගිහි ගෙයින් නික්ම, ගෙයක් නැති පැවිද්දට පැමිණ, යම් තැනක කැමති වීමට දුෂ්කරද,
ඒ නිවනෙහි කැමතිවන්නේය. නුවණැත්තේ කාමයන් දුරුකොට රාගයෙන් කිසි පළිබෝධයක් නැත්තෙක්ව තමන් සිත කිලුටුකරන ධර්මයන්ගෙන් පිරිසිදු කරන්නේය.
“යම් කෙනෙකුන්ගේ සිත සම්බෝධි අංගයන්හි මනාකොට වඩනලදද, (කිසිවක් සිතින්) දැඩිසේ නොගෙන ග්‍රහණයට විරුද්ධවූ නිවනෙහි යම් රහත් කෙනෙක් ඇලුනාහුද කාන්තිමත්වූ, නැතිකළ ආශ්‍රව ඇති ඒ උත්තමයෝ ලෝකයෙහි පිරිනිවියාහු නම් වෙත්” යනුයි.
|
8. විරද්ධසුත්තං | 8. ආරද්ධ සූත්‍රය |
199
‘‘යෙසං කෙසඤ්චි, භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා විරද්ධා, විරද්ධො තෙසං
|
199
“මහණෙනි, යම් කිසි කෙනෙකුන් විසින් සප්ත බොධ්‍යංග ධර්මයෝ පටන් නොගන්නා (වරදන) ලද්දාහුද, ඔවුන් විසින් මනාකොට දුක් නැතිකිරීම පිණිස පවතින්නාවූ ආර්ය මාර්ගය පටන්නොගන්නා (වරදන) ලද්දේය. මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් සප්ත බොධ්‍යංග ධර්මයෝ පටන් ගන්නා ලද්දාහුද, ඔවුන් විසින් දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ ආර්ය මාර්ගය තෙම පටන් ගන්නා ලද්දේය. ඒ සත කවරේද යත්?
(මේ ඡේදය පර්වත වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡේදය මෙනි. 2689 පිට බලන්න.)
“මහණෙනි, යම් කිසිවෙකු විසින් මේ සප්ත බොධ්‍යංග ධර්මයෝ පටන්නොගන්නා ලද්දාහුද, ඔවුන් විසින් දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ ආර්ය මාර්ගය පටන් නොගන්නා ලද්දේය. මහණෙනි, යම් කිසිවෙකු විසින් මේ සප්ත බොධ්‍යංග ධර්මයෝ පටන් ගන්නා ලද්දාහුද, ඔවුන් විසින් දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ ආර්ය මාර්ගය තෙම පටන් ගන්නා ලද්දේය” යනුයි.
|
9. අරියසුත්තං | 9. අරිය සූත්‍රය |
200
‘‘සත්තිමෙ, භික්ඛවෙ, බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා අරියා නිය්යානිකා නීයන්ති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය. කතමෙ සත්ත? සතිසම්බොජ්ඣඞ්ගො...පෙ.... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො - ඉමෙ ඛො, භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා අරියා නිය්යානිකා නීයන්ති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායා’’ති. නවමං.
|
200
“මහණෙනි, වඩනලද්දාවූ, බහුල කරන ලද්දාවූ, ආර්යවූ, නෛයර්යානිකවූ මේ සප්ත බොධ්‍යංගයෝ එය කරන්නහුගේ දුක් මනාකොට නැතිකිරීමට පමුණුවත්. ඒ සත කවරේදයත්,
(මේ ඡේදය පර්වත වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡේදය මෙනි. 2689 පිට බලන්න)
"මහණෙනි, වඩනලද්දාවූ, බහුල කරන ලද්දාවූ, ආර්යවූ, නෛයර්යානිකවූ මේ සප්ත බොධ්‍යංගයෝ එය කරන්නහුගේ දුක් මනාකොට නැතිකිරීමට පමුණුවත්" යනුයි.
|
10. නිබ්බිදාසුත්තං | 10. නිබ්බිදා සූත්‍රය |
201
‘‘සත්තිමෙ
|
201
“මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ සප්තබොජ්ඣංගයෝ ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක් නැති කිරීම පිණිස, සංසිඳීම පිණිස, මනාකොට දැනගැනීම පිණිස, මනාකොට අවබෝධය පිණිස, නිවන් පිණිස පවතිත්. ඒ සත කවරේදයත්?
(මේ ඡේදය පර්වත වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡේදය මෙනි. 2689 පිට බලන්න.)
“මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ බොජ්ඣංග සත ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක් නැති කිරීම පිණිස, සන්සිඳීම පිණිස, මනාකොට දැනගැනීම පිණිස, මනාකොට අවබෝධය පිණිස, නිවන් පිණිස පවතිත්” යනුයි.
|
3. උදායිවග්ගො | 3. උදායි වර්ගය |
1. බොධායසුත්තං | 1. බෝධාය සූත්‍රය |
202
අථ
‘‘‘බොජ්ඣඞ්ගා, බොජ්ඣඞ්ගා’ති, භන්තෙ, වුච්චන්ති. කිත්තාවතා නු ඛො, භන්තෙ, ‘බොජ්ඣඞ්ගා’ති වුච්චන්තී’’ති? ‘‘‘බොධාය සංවත්තන්තී’ති ඛො, භික්ඛු, තස්මා බොජ්ඣඞ්ගාති වුච්චන්ති. ඉධ, භික්ඛු, සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං...පෙ.... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ‘බොධාය සංවත්තන්තී’ති ඛො, භික්ඛු, තස්මා ‘බොජ්ඣඞ්ගා’ති වුච්චන්තී’’ති. පඨමං.
|
202
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඬු සිටුහු විසින් කරවන ලද විහාරයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ මහණතෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. ‘ස්වාමීනි, බොජ්ඣංගයෝ බොජ්ඣංගයෝයි කියනු ලැබෙත්. ස්වාමීනි, කෙතෙක් කරුණකින් බොජ්ඣංගයෝයයි කියනු ලැබෙත්ද?” යනුයි.
“මහණ, අවබෝධය පිණිස පවතිත්ද එබැවින් බොජ්ඣංගයෝ යයි කියනු ලැබෙත්. මේ ශාසනයෙහි මහණ තෙමේ විවේකය ඇසුරුකළාවූ, නොඇලීම ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩයි. මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළාවූ, නො ඇලීම ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ ධම්ම විචය සම්බොජ්ඣංගය වඩයි. මේ ශාසනයෙහි මහණතෙමේ විවේකය ඇසුරුකළාවූ, නො ඇලීම ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ විරිය සම්බොජ්ඣංගය වඩයි. මේ ශාසනයෙහි මහණතෙමේ විවේකය ඇසුරුකළාවූ, නොඇලීම ඇසුරුකළා වූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ පීති සම්බොජ්ඣංගය වඩයි. මේ ශාසනයෙහි මහණතෙමේ විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයි. මේ ශාසනයෙහි මහණතෙමේ විවේකය ඇසුරුකළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ සමාධි සම්බොජ්ඣංගය වඩයි. මේ ශාසනයෙහි මහණතෙමේ විවේකය ඇසුරුකළාවූ, නොඇලීම ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි. මහණ, අවබෝධය පිණිස පවතිත්ද එබැවින් බොජ්ඣංගයෝයයි කියනු ලැබෙත් යයි” වදාළසේක.
|
2. බොජ්ඣඞ්ගදෙසනාසුත්තං | 2. දේසනා සූත්‍රය |
203
‘‘සත්ත
|
203
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ස්වාමීනියි කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, මේ සප්තබොධ්‍යංගයන් දේශනාකරන්නෙමි. එය මනාකොට අසව්. මහණෙනි, සප්තබොධ්‍යංගයෝ කවරහුදයත්?
(මේ ඡේදය පර්වත වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡේදය මෙනි. 2689 පිට බලන්න.)
“මහණෙනි, මොවුහු වනාහි සප්ත බොධ්යංගයෝයි.
|
3. ඨානියසුත්තං | 3. ඨානි සූත්‍රය |
204
‘‘කාමරාගට්ඨානියානං
‘‘සතිසම්බොජ්ඣඞ්ගට්ඨානියානං, භික්ඛවෙ, ධම්මානං මනසිකාරබහුලීකාරා අනුප්පන්නො චෙව සතිසම්බොජ්ඣඞ්ගො උප්පජ්ජති, උප්පන්නො ච සතිසම්බොජ්ඣඞ්ගො භාවනාපාරිපූරිං ගච්ඡති...පෙ....
|
204
(මෙතැන් සිට මේ සූත්‍ර සියල්ලේම මුල් ඡේද 2 වෙනි සූත්‍රයේ මෙනි.)
මහණෙනි, කාමරාගයට හේතුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ කාමයෙහි ආශාවද උපදියි. උපන්නාවූ කාමච්ඡන්දය ද බහුලබව පිණිස, විපුලබව පිණිසද පවතියි. මහණෙනි, ක්‍රෝධයට හේතුවූ අරමුණු මෙනෙහිකිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ ක්‍රෝධයද උපදියි. උපන්නාවූ ක්‍රෝධයද බහුල බව පිණිස, මහත් බව පිණිසද පවතියි. මහණෙනි, සිතේ හා චෛතසිකයන්ගේ අලසබවට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ සිතේ හා චෛතසිකයන්ගේ අලසබවද උපදියි. උපන්නාවූ සිතේ හා චෛතසිකයන්ගේ අලසකම බහුලබව පිණිස මහත් බව පිණිසද පවතියි.
“මහණෙනි, සිතේ නොසන්සුන්බවට හා පසුතැවීමට හේතුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ සිතේ නොසන්සුන්බව හා පසුතැවීමද උපදියි. උපන්නාවූ සිතේ නොසන්සුන් බව හා පසුතැවීම බහුලබව පිණිස, මහත් බව පිණිසද පවතියි. මහණෙනි, බුද්ධාදී අටතැන සැකයට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ බුද්ධාදි අටතැන සැකයද උපදියි. උපන්නාවූ බුද්ධාදී අටතැන සැකය බහුල බව පිණිස මහත්බව පිණිසද පවතියි.
“මහණෙනි, සති සම්බොජ්ඣංගයට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ සති සම්බොජ්ඣංගයද උපදියි. උපන්නාවූ සති සම්බොජ්ඣංගයද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. ධම්මවිචය සම්බොජ්ඣංගයට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයද උපදියි. උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. විරිය සම්බොජ්ඣංගයට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ විරිය සම්බොජ්ඣංගයද උපදියි. උපන්නාවූ විරිය සම්බොජ්ඣංගයද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. පීති සම්බොජ්ඣංගයට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ පීති සම්බොජ්ඣංගයද උපදියි. උපන්නාවූ පීති සම්බොජ්ඣංගයද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. පස්සද්ධි සම්බොජ්ඣංගයට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයද උපදියි. උපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. සමාධි සම්බොජ්ඣංගයට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින්, නූපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයද උපදියි. උපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. උපෙක්ඛා සම්බොජ්ඣංගයට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගයද උපදියි. උපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගයද වැඩීමට සම්පූර්ණබවට පැමිණෙයි” යනුයි.
|
4. අයොනිසොමනසිකාරසුත්තං | 4. යෝනිසෝ සූත්‍රය |
205
‘‘අයොනිසො, භික්ඛවෙ, මනසිකරොතො අනුප්පන්නො චෙව කාමච්ඡන්දො උප්පජ්ජති, උප්පන්නො ච කාමච්ඡන්දො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තති; අනුප්පන්නො
යොනිසො
‘‘අනුප්පන්නො චෙව සතිසම්බොජ්ඣඞ්ගො උප්පජ්ජති, උප්පන්නො ච සතිසම්බොජ්ඣඞ්ගො භාවනාපාරිපූරිං ගච්ඡති...පෙ.... අනුප්පන්නො චෙව උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො උප්පජ්ජති, උප්පන්නො ච උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො භාවනාපාරිපූරිං ගච්ඡතී’’ති. චතුත්ථං.
|
205
“මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නාවූ කාමයෙහි ආශාවද උපදියි. උපන්නාවූ කාමයෙහි ආශාවද බහුල බව පිණිස, මහත් බව පිණිස පවතියි. නූපන්නාවූ ක්‍රෝධයද උපදියි. උපන්නාවූ ක්‍රෝධයද බහුල බව පිණිස මහත් බව පිණිස පවතියි. නූපන්නාවූ ථින මිද්ධයද (සිතේ හා චෛතසිකයන්ගේ අලසකම) උපදියි. උපන්නාවූ ථින මිද්ධයද බහුලබව පිණිස මහත් බව පිණිස පවතියි. නූපන්නාවූ සිතේ නොසන්සුන් බව හා පසුතැවීම (උද්ධච්චකුක්කුච්චය) උපදියි. උපන්නාවූ සිතේ නොසන්සුන් බව හා පසුතැවීමද බහුලබව පිණිස මහත් බව පිණිස පවතියි. නූපන්නාවූ බුද්ධාදි අට තැන සැකයද උපදියි. උපන්නාවූ බුද්ධාදි අටතැන සැකයද බහුල බව පිණිස මහත් බව පිණිස පවතියි. නූපන්නාවූ සතිසම්බොජ්ඣංගයද නූපදියි. උපන්නාවූ සති සම්බොජ්ඣංගයද නැතිවෙයි. නූපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයද නූපදියි. උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයද නැතිවෙයි. නූපන්නාවූ විරිය සම්බොජ්ඣංගයද නූපදියි. උපන්නාවූ විරිය සම්බොජ්ඣංගයද නැතිවෙයි. නූපන්නාවූ පීති සම්බොජ්ඣංගයද නූපදියි. උපන්නාවූ පීති සම්බොජ්ඣංගයද නැතිවෙයි. නූපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයද නූපදියි. උපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයද නැතිවෙයි. නූපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයද නූපදියි. උපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයද නැතිවෙයි. නූපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගයද නූපදියි. උපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගයද නැතිවෙයි.
“මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නාවූ කාමච්ඡන්දය නූපදියි. උපන්නාවූ කාමච්ඡන්දය ප්‍රහීණ වෙයි. නූපන්නාවූ ව්‍යාපාදය නූපදියි. උපන්නාවූ ව්‍යාපාදය ප්‍රහීණවෙයි. නූපන්නාවූ ථිනමිද්ධය නූපදියි. උපන්නාවූ ථින මිද්ධය ප්‍රහීණවෙයි. නූපන්නාවූ උද්ධච්චකුක්කුච්චය නූපදියි. උපන්නාවූ උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණවෙයි. නූපන්නාවූ විචිකිච්ඡාව නූපදියි. උපන්නාවූ විචිකිච්ඡාව ප්‍රහීණවෙයි. නූපන්නාවූ සති සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ සති සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. නූපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. නූපන්නාවූ විරිය සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ විරිය සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. නූපන්නාවූ පීති සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ පීති සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. නූපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. නූපන්නාවූ සමාධි සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ සමාධි සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. නූපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣගය උපදියි. උපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි.” යනුයි.
|
5. අපරිහානියසුත්තං | 5. අපරිහානිය සූත්‍රය |
206
‘‘සත්ත
|
206
“මහණෙනි, (මම) නුඹලාට අපරිහානිය (පිරිහීම ඇති නොකරන) ධර්ම සතක් කියන්නෙමි. එය මැනවින් අසව්. මහණෙනි, ඒ අපරිහානිය ධර්ම සත කවරහුදයත්, යම් මේ බොධ්‍යංග ධර්ම සතෙක් වෙත්ද, (ඔව්හුය.) ඒ ධර්මසත කවරහුද යත්?
(මේ ඡේදය පර්වත වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡේදය මෙනි. 2689 පිට බලන්න.)
“මහණෙනි, මොව්හු අපරිහානිය ධර්ම සත්දෙන වෙති.”
|
6. තණ්හක්ඛයසුත්තං | 6. ඛය සූත්‍රය |
207
‘‘යො, භික්ඛවෙ, මග්ගො යා පටිපදා තණ්හක්ඛයාය සංවත්තති, තං මග්ගං තං පටිපදං භාවෙථ. කතමො ච, භික්ඛවෙ, මග්ගො කතමා ච පටිපදා තණ්හක්ඛයාය සංවත්තති? යදිදං - සත්ත බොජ්ඣඞ්ගා. කතමෙ සත්ත? සතිසම්බොජ්ඣඞ්ගො...පෙ.... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො’’ති. එවං වුත්තෙ ආයස්මා උදායී භගවන්තං එතදවොච - ‘‘කථං භාවිතා නු ඛො, භන්තෙ, සත්ත බොජ්ඣඞ්ගා, කථං බහුලීකතා තණ්හක්ඛයාය සංවත්තන්තී’’ති?
‘‘ඉධ
|
207
“මහණෙනි, යම් මාර්ගයක්, යම් පිළිවෙතක් තෘෂ්ණාව නැති කිරීම පිණිස පවතීද ඒ මාර්ගය ඒ පිළිවෙත වඩව්. මහණෙනි, කවර මාර්ගයක්, කවර පිළිවෙතක් තෘෂ්ණාව නැති කිරීම පිණිස පවතීද? යම් මේ බොධ්‍යංගයෝ සත්දෙනෙක් වෙත්ද, (ඔව්හුය) ඒ සත කවරහුදයත්?
(මේ ඡේදය පබ්බත වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡේදය මෙනි. 2689 පිට බලන්න)
මෙසේ කීකල්හි ආයුෂ්මත් උදායී ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. ‘ස්වාමීනි, කෙසේ වඩනලද්දාවූ, කෙසේ නැවත නැවත පුරුදුකරන ලද්දාවූ සප්ත බොධ්‍යංගයෝ තෘෂ්ණාව නැතිකිරීම පිණිස පවතිත්ද?”
“උදායි, මේ ශාසනයෙහි මහණතෙමේ විවේකය ඇසුරුකළාවූ, නොඇලීම ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ, මහත්බවට ගියාවූ, අප්‍රමාණවූ ව්‍යාපාද රහිතවූ සති සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළ, නිවනට නැමුණාවූ, මහත්වූ මහත් බවට ගියාවූ, අප්‍රමාණවූ ව්‍යාපාද රහිතවූ සති සම්බොජ්ඣංගය වඩන්නාවූ ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණවෙයි.
“මහණෙනි, මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ, මහත්වූ, මහත් බවට ගියාවූ, අප්‍රමාණවූ, ව්‍යාපාද රහිතවූ, ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළ, නිවනට නැමුණාවූ, මහත්වූ මහත් බවට ගියාවූ, අප්‍රමාණවූ ව්‍යාපාද රහිතවූ ධම්මවිචය සංබොජ්ඣංගය වඩන්නාවූ ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණවෙයි.
“මහණෙනි, මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ, මහත්බවට ගියාවූ, අප්‍රමාණවූ, ව්‍යාපාද රහිතවූ, විරිය සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළ, නිවනට නැමුණාවූ, මහත්වූ මහත් බවට ගියාවූ, අප්‍රමාණවූ ව්‍යාපාද රහිතවූ විරිය සංබොජ්ඣංගය වඩන්නාවූ ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණවෙයි.
“මහණෙනි, මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ, මහත්බවට ගියාවූ, අප්‍රමාණවූ, ව්‍යාපාද රහිතවූ, පීති සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ මහත් බවට ගියාවූ, අප්‍රමාණවූ ව්‍යාපාද රහිතවූ, පීති සම්බොජ්ඣංගය වඩන්නාවූ ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණවෙයි.
“මහණෙනි, මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ නිවනට නැමුණාවූ, මහත්වූ, මහත්බවට ගියාවූ, අප්‍රමාණවූ, ව්‍යාපාද රහිතවූ, පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ මහත්බවට ගියාවූ, අප්‍රමාණවූ, ව්‍යාපාද රහිතවූ, පස්සද්ධි සම්බොජ්ඣංගය වඩන්නාවූ ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණවෙයි.
“මහණෙනි, මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ, මහත්බවට ගියාවූ, අප්‍රමාණවූ, ව්‍යාපාද රහිතවූ, සමාධි සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ මහත්බවට ගියාවූ, අප්‍රමාණවූ, ව්‍යාපාද රහිතවූ, සමාධි සම්බොජ්ඣංගය වඩන්නාවූ ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණවෙයි.
“මහණෙනි, මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ, මහත් බවට ගියාවූ, අප්‍රමාණවූ, ව්‍යාපාද රහිතවූ, උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ, මහත් බවට ගියාවූ, අප්‍රමාණවූ ව්‍යාපාද රහිතවූ, උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩන්නාවූ ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණවෙයි. තෘෂ්ණාව ප්‍රහීණවීම නිසා කර්මය ප්‍රහීණවෙයි. කර්මය ප්‍රහීණවීම නිසා දුක ප්‍රහීණවෙයි. උදායි! මෙසේ වනාහි තෘෂ්ණාව, ක්ෂයවීමෙන් කර්මය ක්ෂයවෙයි. කර්මය ක්ෂයවීමෙන් දුක ක්ෂයවේයයි” වදාළසේක.
|
7. තණ්හානිරොධසුත්තං | 7. නිරෝධ සූත්‍රය |
208
‘‘යො
‘‘ඉධ, භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං...පෙ.... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතා ඛො, භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා එවං බහුලීකතා තණ්හානිරොධාය සංවත්තන්තී’’ති. සත්තමං.
|
208
[2] “මහණෙනි, යම් මාර්ගයක්, යම් පිළිවෙතක් තෘෂ්ණාව නැතිකිරීම පිණිස පවතීද ඒ මාර්ගය, ඒ පිළිවෙත වඩව්. මහණෙනි, කවර මාර්ගයක්, කවර පිළිවෙතක් තෘෂ්ණාව නැතිකිරීම පිණිස පවතීද? යම් මේ බොජ්ඣංග ධර්මයෝ සත්දෙනෙක් වෙත්ද (ඔව්හුය), ඒ සත කවරහුද?
[3] “සති සම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය, උපෙක්ඛා සම්බොජ්ඣංගය යන මොහුයි.
[4] “මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ නැවත නැවත පුරුදු කරන ලද්දාවූ බොජ්ඣංගයෝ සත්දෙන තෘෂ්ණාව නැතිකිරීම පිණිස පවතිත්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණා වූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණා වූ පීති සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ, මෙසේ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ බොධ්‍යංගයෝ සත්දෙන තෘෂ්ණාව නැති කිරීම පිණිස පවතිත් යයි” වදාළසේක.
|
8. නිබ්බෙධභාගියසුත්තං | 8. නිබ්බේධ සූත්‍රය |
209
‘‘නිබ්බෙධභාගියං වො, භික්ඛවෙ, මග්ගං දෙසෙස්සාමි; තං සුණාථ. කතමො ච, භික්ඛවෙ, නිබ්බෙධභාගියො මග්ගො? යදිදං - සත්ත බොජ්ඣඞ්ගා. කතමෙ සත්ත? සතිසම්බොජ්ඣඞ්ගො...පෙ.... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො’’ති. එවං වුත්තෙ ආයස්මා උදායී භගවන්තං එතදවොච - ‘‘කථං භාවිතා නු ඛො, භන්තෙ, සත්ත බොජ්ඣඞ්ගා කථං බහුලීකතා නිබ්බෙධාය සංවත්තන්තී’’ති?
‘‘ඉධ, උදායි, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං විපුලං මහග්ගතං අප්පමාණං
|
209
“මහණෙනි, නුඹලාට කෙලෙස් බිඳ දැමීම් පක්ෂයෙහි සිටි (නිබ්බේධ භාගිය) මාර්ගය දේශනා කරන්නෙමි, එය මනා කොට අසව්. මහණෙනි, කෙලෙස් බිඳ දැමීම් පක්ෂයෙහි සිටි මාර්ගය කවරේද? යම් මේ බොජ්ඣංගයෝ සත්දෙනෙක්වෙත්ද? (ඔව්හුය) ඒ සත කවරහුද යත්?
(මේ ඡේදය මේ වර්ගයේ 7 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි. 2722 වෙනි පිට)
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායි ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. “ස්වාමීනි, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ නැවත නැවත පුරුදු කරන ලද්දාවූ, බොජ්ඣංගයෝ සත්දෙන කෙලෙස් බිඳ දැමීම පිණිස පවත්නාහුද” යනුයි.
“උදායී, මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, මහත්වූ, මහත් බවට ගියාවූ අප්‍රමාණවූ ව්‍යාපාද රහිත සති සම්බොජ්ඣංගය වඩයිද හෙතෙම සති සම්බොජ්ඣංගය වඩනලද සිතින් පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද ලෝභ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද පෙර නොපලන ලද ද්වේෂ සමූහය බිඳ දමයි. පලාදමයි. පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද මෝහ සමූහය බිඳ දමයි, පලා දමයි.
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ මහත්වූ, මහත් බවට ගියාවූ අප්‍රමාණවූ ව්‍යාපාද රහිත ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම ධම්මවිචය සම්බොජ්ඣංගය වඩන ලද සිතින් පෙර නොබිඳින ලද පෙර නොපලන ලද ලෝභ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද පෙර නොපලන ලද ද්වේෂ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද මෝහ සමූහය බිඳ දමයි. පලා දමයි.
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ මහත්වූ, මහත් බවට ගියාවූ අප්‍රමාණවූ ව්‍යාපාද රහිත විරිය සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම විරිය සම්බොජ්ඣංගය වඩන ලද සිතින් පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද ලෝභ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද පෙර නොපලන ලද ද්වේෂ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද මෝහ සමූහය බිඳ දමයි. පලා දමයි.
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ මහත්වූ, මහත් බවට ගියාවූ අප්‍රමාණවූ ව්‍යාපාද රහිත පීති සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම පීති සම්බොජ්ඣංගය වඩන ලද සිතින් පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද ලෝභ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද පෙර නොපලන ලද ද්වේෂ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද මෝහ සමූහය බිඳ දමයි. පලා දමයි.
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ මහත්වූ, මහත් බවට ගියාවූ අප්‍රමාණවූ ව්‍යාපාද රහිත පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම පස්සද්ධි සම්බොජ්ඣංගය වඩන ලද සිතින් පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද ලෝභ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද ද්වේෂ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද මෝහ සමූහය බිඳ දමයි. පලා දමයි.
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ මහත්වූ, මහත් බවට ගියාවූ අප්‍රමාණවූ ව්‍යාපාද රහිත සමාධි සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම සමාධි සම්බොජ්ඣංගය වඩන ලද සිතින් පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද ලෝභ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද පෙර නොපලන ලද ද්වේෂ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද මෝහ සමූහය බිඳ දමයි. පලා දමයි.
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ මහත්වූ, මහත් බවට ගියාවූ අප්‍රමාණවූ ව්‍යාපාද රහිත උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩන ලද සිතින් පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද ලෝභ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද ද්වේෂ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද මෝහ සමූහය බිඳ දමයි. පලා දමයි.
උදායි, මෙසේ වඩන ලද්දාවූ, මෙසේ බහුල කරන ලද්දාවූ, සප්ත බොධ්‍යංගයෝ නිවන් පිණිස පවතින්නාහ යනුයි”
|
9. එකධම්මසුත්තං | 9. ඒකධම්ම සූත්‍රය |
210
‘‘නාහං
‘‘ඉධ, භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං...පෙ.... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතා ඛො, භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා එවං බහුලීකතා සංයොජනීයානං ධම්මානං පහානාය සංවත්තන්ති.
‘‘කතමෙ
|
210
“මහණෙනි, යම් ධර්ම කෙනෙක් වඩන ලද්දාහු නැවත නැවත පුරුදු කරන ලද්දාහු සත්වයන් සසර බැඳ තබන (සංයෝජනීය) ධර්මයන්ගේ අරමුණු නැතිකිරීම පිණිස පවතිත්ද? මහණෙනි, මේ බොධ්‍යංග ධර්මයෝ සත්දෙන යම්සේද එබඳු අන් එකම ධර්මයකුදු මම නුවණැසින් නොදකිමි. ඒ සත කවරේදයත්?
(මේ ඡේදය මේ වර්ගයේ 7 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි. 2722 පිට)
“මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ බහුල කරන ලද්දාවූ මේ බොධ්‍යංග ධර්මයෝ සත්දෙන සත්වයන් සසර බැඳ තබන ධර්මයන්ගේ අරමුණු නැතිකිරීම පිණිස පවතිත්ද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද,
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ පීති සම්බොජ්ඣංගය වඩයිද,
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද,
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි මෙසේ වඩන ලද්දාවූ, මෙසේ බහුල කරන ලද්දාවූ බොජ්ඣංගයෝ සත්දෙන සත්වයන් සසර බැඳ තබන ධර්මයන්ගේ ප්රහාණය පිණිස පවතිත්. මහණෙනි, සසර බැඳ තබන ධර්මයන්ගේ අරමුණු (සංයෝජනීය ධර්මයෝ) කවරහුද? මහණෙනි, ඇස සංයෝජනීය ධර්මයකි. මේ ඇසෙහි ඒ සංයෝජනයයි කියන ලද සත්වයන් සසර බැඳ තබන්නාවූ ඉතා තදින් අල්ලා ගන්නාවූ ධර්මයෝ උපදිත්.
“මහණෙනි, කන සංයෝජනයන්ට අරමුණු වන්නාවූ ධර්මයකි. එහි සංයෝජනයන්ගෙන් බැඳ ගැනීම්, බැස ගැනීම් උපදිත්. මහණෙනි, නාසය සංයෝජනයන්ට අරමුණු වන්නාවූ ධර්මයකි. එහි සංයෝජනයන්ගෙන් බැඳ ගැනීම්, බැස ගැනීම් උපදිත්. මහණෙනි, දිව සංයෝජනයන්ට අරමුණු වන්නාවූ ධර්මයකි. එහි සංයෝජනයන්ගෙන් බැඳ ගැනීම්, බැස ගැනීම් උපදිත්. මහණෙනි, කය සංයෝජනයන්ට අරමුණුවන ධර්මයකි. එහි සංයෝජනයන්ගෙන් බැඳ ගැනීම්, බැස ගැනීම් උපදිත්. මහණෙනි, සිත සංයෝජනයන්ට අරමුණුවන ධර්මයකි. එහි සංයෝජනයන්ගෙන් බැඳ ගැනීම්, බැසගැනීම් උපදිත්. මහණෙනි, මොව්හු සංයෝජනයන්ට අරමුණු වන ධර්මයෝ යයි කියනු ලැබෙත්.”
|
10. උදායිසුත්තං | 10. උදායි සූත්‍රය |
211
එකං සමයං භගවා සුම්භෙසු විහරති සෙතකං නාම සුම්භානං නිගමො. අථ ඛො ආයස්මා උදායී යෙන භගවා තෙනුපසඞ්කමි...පෙ.... එකමන්තං නිසින්නො ඛො ආයස්මා උදායී භගවන්තං එතදවොච -
‘‘අච්ඡරියං, භන්තෙ, අබ්භුතං, භන්තෙ! යාව බහුකතඤ්ච මෙ, භන්තෙ, භගවති පෙමඤ්ච ගාරවො
‘‘සො ඛ්වාහං, භන්තෙ, සුඤ්ඤාගාරගතො ඉමෙසං පඤ්චුපාදානක්ඛන්ධානං
‘‘සතිසම්බොජ්ඣඞ්ගො මෙ, භන්තෙ, පටිලද්ධො, යො මෙ භාවිතො බහුලීකතො තථා තථා විහරන්තං තථත්තාය උපනෙස්සති යථාහං - ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානිස්සාමි...පෙ....
‘‘සාධු සාධු, උදායි! එසො හි තෙ, උදායි, මග්ගො පටිලද්ධො, යො තෙ භාවිතො බහුලීකතො තථා තථා විහරන්තං තථත්තාය උපනෙස්සති යථා ත්වං - ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං
|
211
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සුම්භ ජනපදයෙහි සුම්භයන්ගේ සේදංක නම් නියම් ගමක් වෙයි. එහි වැඩ වාසය කරන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් උදායි ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසක හුන්නේය. එක්පසක හුන්නාවූ ආයුෂ්මත් උදායි ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දන්වා සිටියේය.
“ස්වාමීනි, යම්තාක් මා විසින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රේමයද, ගෞරවයද, ලජ්ජාවද, භයද බුහුමන් වශයෙන් කරන ලද්දේද? ස්වාමීනි, (එය) ආශ්චර්යයකි. ස්වාමීනි, එය අද්භූතයකි. ස්වාමීනි, මම වනාහි පෙර ගිහියෙක් වූයේම ධර්මය කෙරෙහි නොකරන ලද බුහුමන් ඇත්තේ වීමි. සංඝයා කෙරෙහි නොකරන ලද බුහුමන් ඇත්තේ වීමි. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රේමයද, ගෞරවයද, ලජ්ජාවද, භයද දකිමින් ගිහිගෙයින් නික්ම සස්නෙහි පැවිදිවීමි.
“භාග්‍යවතුන් වහන්සේ ඒ මට මේ රූපය, මේ රූපයාගේ පහළවීමට හේතුවය, මේ රූපය දුරුකිරීමය. මේ වේදනාවය, මේ වේදනාවගේ පහළවීමට හේතුවය, මේ වේදනාව දුරුකිරීමය. මේ සංඥාවය, මේ සංඥාවගේ පහළවීමට හේතුවය, මේ සංඥාව දුරුකිරීමය. මේ සංස්කාරයන්ය, මේ සංස්කාරයන්ගේ පහළවීමට හේතුවය, මේ සංස්කාරයන් දුරුකිරීමය. මේ විඥානය, මේ විඥානයාගේ පහළවීමට හේතුවය, මේ විඥානයාගේ දුරුකිරීම යයි ධර්ම දේශනා කළසේක.
ස්වාමීනි, ඒ මම වනාහි ජනයාගෙන් තොර හිස් තැනකට ගියේ, මේ උපාදානස්කන්ධ පසෙහි ඇතිවීම හා නැතිවීම පෙරළා බලන්නේ, මේ දුකයයි තත්වූ පරිද්දෙන් දැනගතිමි. මේ දුක් ඉපදීමේ හේතුවයයි තත්වූ පරිද්දෙන් දැනගතිමි. මේ දුක් නැතිකිරීමයයි තත්වූ පරිද්දෙන් දැනගතිමි. මේ දුක් නැතිකිරීමේ මාර්ගයයි තත්වූ පරිද්දෙන් දැනගතිමි.
“ස්වාමීනි, මා විසින් විදර්ශනා ධර්මයද අවබෝධ කරන ලද්දේය. විදර්ශනා මාර්ගයද ලබන ලද්දේය. මා විසින් යමක් වඩන ලදද බහුල වශයෙන් කරන ලදද එය ඒ ඒ ආකාරයෙන් වාසය කරන්නාහ. යම්සේ ජාතිය (ඉපදීම) ක්ෂය විය, බඹසර වැස නිමවන ලදී. කටයුතු දෙය කරන ලදී. මින්මතු ආත්ම භාවයක් නැතැයි මම දැනගන්නෙම්ද, ඒ බැව් පිණිස පමුණුවන්නේය.
“ස්වාමීනි, මා විසින් සති සම්බොජ්ඣංගය ලබන ලදී. මා විසින් යම් සති සම්බොජ්ඣංගයක් වඩන ලදද, බහුල වශයෙන් කරන ලදද, ඒ ඒ ආකාරයෙන් වසන්නහු යම්සේ ඉපදීම ක්ෂය විය. බඹසර වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මින්මතු ආත්මභාවයක් නැතැයි මම දැන ගන්නෙම්ද, ඒ බැව් පිණිස පමුණුවන්නේය.
“ස්වාමීනි, මා විසින් ධම්මවිචය සම්බොජ්ඣංගය ලබන ලදී. මා විසින් යම් ධම්මවිචය සම්බොජ්ඣංගයක් වඩන ලදද බහුල වශයෙන් කරන ලදද, ඒ ඒ ආකාරයෙන් වසන්නහු යම්සේ ඉපදීම ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මින්මතු ආත්මභාවයක් නැතැයි මම දැන ගන්නෙම්ද, ඒ බැව් පිණිස පමුණුවන්නේය.
“ස්වාමීනි, මා විසින් විරිය සම්බොජ්ඣංගය ලබන ලදී. මා විසින් යම් විරිය සම්බොජ්ඣංගයක් වඩන ලදද, බහුල වශයෙන් කරන ලදද, ඒ ඒ ආකාරයෙන් වසන්නහු යම්සේ ඉපදීම ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මින්මතු ආත්ම භාවයක් නැතැයි මම දැන ගන්නෙම්ද, ඒ බැව් පිණිස පමුණුවන්නේය.
“ස්වාමීනි, මා විසින් පීති සම්බොජ්ඣංගය ලබන ලදී. මා විසින් යම් පීති සම්බොජ්ඣංගයක් වඩන ලදද, බහුල වශයෙන් කරන ලදද, ඒ ඒ ආකාරයෙන් වසන්නහු යම්සේ ඉපදීම ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මින්මතු ආත්මභාවයක් නැතැයි මම දැනගන්නෙම්ද, ඒ බැව් පිණිස පමුණුවන්නේය.
“ස්වාමීනි, මා විසින් පස්සද්ධි සම්බොජ්ඣංගය ලබන ලදී. මා විසින් යම් පස්සද්ධි සම්බොජ්ඣංගයක් වඩන ලදද, බහුල වශයෙන් කරන ලදද, ඒ ඒ ආකාරයෙන් වසන්නහු යම්සේ ඉපදීම ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මින්මතු ආත්මභාවයක් නැතැයි මම දැනගන්නෙම්ද, ඒ බැව් පිණිස පමුණුවන්නේය.
“ස්වාමීනි, මා විසින් සමාධි සම්බොජ්ඣංගය ලබන ලදී. මා විසින් යම් සමාධි සම්බොජ්ඣංගයක් වඩනලදද, බහුල වශයෙන් කරන ලදද, ඒ ඒ ආකාරයෙන් වසන්නහු යම්සේ ඉපදීම ක්ෂයවිය. බඹසර වැස නිමවනලදී. කළයුතු දෙය කරනලදී. මින් මතු ආත්මභාවයක් නැතැයි මම දැනගන්නෙම්ද, ඒ බැව් පිණිස පමුණුවන්නේය.
“ස්වාමීනි, මා විසින් උපෙක්ඛා සම්බොජ්ඣංගය ලබන ලදී. මා විසින් යම් උපෙක්ඛා සම්බොජ්ඣංගයක් වඩන ලදද, බහුල වශයෙන් කරන ලදද, ඒ ඒ ආකාරයෙන් වසන්නහු යම්සේ ඉපදීම ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මින්මතු ආත්මභාවයක් නැතැයි මම දැන ගන්නෙම්ද, ඒ බැව් පිණිස පමුණුවන්නේය.
“ස්වාමීනි, මා විසින් මේ මාර්ගය ලබන ලදී. මා විසින් යම් ධර්මයක් වඩන ලදද, බහුල වශයෙන් කරන ලදද, ඒ ඒ ආකාරයෙන් වසන්නහු යම්සේ ඉපදීම ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කටයුතු දෙය කොට නිමවන ලදී. මින්මතු ආත්මභාවයක් නැතැයි දැනගන්නෙම්ද, ඒ බැව් පිණිස පමුණුවන්නේය යනුයි.”
“උදායි, මැනවි. මැනවි, උදායි. නුඹ විසින් යම් මාර්ගයක් වඩන ලදද, බහුල වශයෙන් කරන ලදද, ඒ ඒ ආකාරයෙන් වසන්නහු යම්සේ මම ඉපදීම ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මින්මතු ආත්මභාවයක් නැතැයි දැන ගන්නෙම්ද, ඒ බැව් පිණිස පමුණුවන්නේය යන මේ මාර්ගය නුඹ විසින් ලබන ලදැයි” වදාළේය.
|
4. නීවරණවග්ගො | 4. නීවරණ වර්ගය |
1. පඨමකුසලසුත්තං | 1. කුසල සූත්‍රය |
212
‘‘යෙ
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු අප්පමත්තො සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොති
|
212
[1] මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
[2] “මහණෙනි, කුසල කොට්ඨාසයට අයත්වූ කුසල පාක්ෂිකවූ යම්කිසි කුසල ධර්ම කෙනෙක් වෙත්ද, ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදය හැසිරීම කොට ඇත්තාහ. අප්‍රමාදය ඒ ධර්මයන්ට ප්රධානයයි කියනු ලැබේ. මහණෙනි, අප්‍රමාදවූ භික්ෂුව සප්තබොධ්‍යංගයන් වඩන්නේය. සප්ත බොධ්‍යංගයන් නැවත නැවත පුරුදු කරන්නේය යන මෙය කැමතිවිය යුතුය. මහණෙනි, අප්‍රමාදවූ මහණතෙම කෙසේ සප්ත බොධ්‍යංගයන් වඩයිද? නැවත නැවත පුරුදු කරයිද?
[3] “මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවන් පිණිස නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවන් පිණිස නැමුණාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවන් පිණිස නැමුණාවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවන් පිණිස නැමුණාවූ පීති සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවන් පිණිස නැමුණාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවන් පිණිස නැමුණාවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවන් පිණිස නැමුණාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද,
[4] “මහණෙනි, මෙසේ වනාහි අප්‍රමාදවූ මහණතෙමේ සප්ත බොධ්‍යංගයන් වඩයි. සප්ත බොධ්‍යංගයන් නැවත නැවත පුරුදු කෙරේයයි” වදාළසේක.
|
2. දුතියකුසලසුත්තං | 2. දුතිය කුසල සූත්‍රය |
213
‘‘යෙ කෙචි, භික්ඛවෙ, ධම්මා කුසලා කුසලභාගියා කුසලපක්ඛිකා, සබ්බෙ තෙ යොනිසොමනසිකාරමූලකා යොනිසොමනසිකාරසමොසරණා; යොනිසොමනසිකාරො තෙසං ධම්මානං අග්ගමක්ඛායති. යොනිසොමනසිකාරසම්පන්නස්සෙතං, භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං - සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙස්සති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරිස්සති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු යොනිසොමනසිකාරසම්පන්නො සත්ත බොජ්ඣඞ්ගෙ
|
213
(මේ වර්ගයේ සූත්‍ර සියල්ලම පළමුවෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, කුසල කොට්ඨාශයෙහිවූ, කුසල පාක්ෂිකවූ යම්කිසි කුසල ධර්ම කෙනෙක් වෙත්ද, ඒ සියල්ල නුවණින් මෙනෙහි කිරීම මුල්කොට ඇත්තාහ. නුවණින් මෙනෙහි කිරීම හැසිරීම්කොට ඇත්තාහ. නුවණින් මෙනෙහි කිරීම ඒ ධර්මයන්ට ප්රධානයයි කියනු ලැබේ. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාවූ භික්ෂුව සප්ත බොධ්‍යංගයන් වඩන්නේය. සප්ත බොධ්‍යංගයන් නැවත නැවත පුරුදු කරන්නේය යන මේ කාරණය කැමතිවිය යුතුය. නුවණින් මෙනෙහි කිරීමෙන් යුක්තවූ මහණතෙම කෙසේ සප්ත බොධ්‍යංගයන් වඩන්නේද? සප්ත බොධ්‍යංගයන් නැවත නැවත පුරුදු කරන්නේද?
(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.)
“මහණෙනි, මෙසේ වනාහි නුවණින් මෙනෙහි කිරීමෙන් යුක්තවූ මහණතෙම සප්ත බොජ්ඣංගයන් වඩන්නේය. සප්ත බොධ්‍යංගයන් නැවත නැවත පුරුදු කරන්නේය.”
|
3. උපක්කිලෙසසුත්තං | 3. කිලේස සූත්‍රය |
214
‘‘පඤ්චිමෙ
‘‘එවමෙව ඛො, භික්ඛවෙ, පඤ්චිමෙ චිත්තස්ස උපක්කිලෙසා, යෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං චිත්තං න චෙව මුදු හොති න ච කම්මනියං, න ච පභස්සරං පභඞ්ගු ච, න ච සම්මා සමාධියති ආසවානං ඛයාය. කතමෙ පඤ්ච? කාමච්ඡන්දො, භික්ඛවෙ, චිත්තස්ස උපක්කිලෙසො, යෙන උපක්කිලෙසෙන උපක්කිලිට්ඨං චිත්තං න චෙව මුදු හොති න ච කම්මනියං, න ච පභස්සරං පභඞ්ගු ච, න ච සම්මා සමාධියති ආසවානං ඛයාය...පෙ.... ඉමෙ
|
214
“මහණෙනි, යම් කෙළෙසීමකින් කිලිටුවූ ස්වර්ණය මෘදුනොවේද, කටයුත්තට යෝග්‍ය නොවේද, බැබලීමක් නැත්තේද, බිඳෙන සුලුද, පහසුවෙන් වැඩකළ නොහැකිද එවැනි කිලුටු පසක් ස්වර්ණයට (රන්වලට) ඇත්තේය. ඒ පස කවරේදයත්? මහණෙනි, යකඩ ස්වර්ණයාගේ කිලුටකි. එයින් කිලුටුවූ ස්වර්ණය මෘදුද නොවෙයි. කර්මණ්‍යද නොවෙයි. බැබලීම නැත. බිඳෙන සුලුය. වැඩ කිරීමට පහසු නොවෙයි. මහණෙනි, ලෝහය ස්වර්ණයාගේ කිලුටකි. එයින් කිලුටුවූ ස්වර්ණය මෘදුද නොවෙයි, කර්මණ්‍යද නොවෙයි. බැබලීමක්ද නැත. බිඳෙන සුලුය, වැඩට පහසු නොවෙයි. මහණෙනි, සුදු ඊයම් ස්වර්ණයාගේ කිලුටකි. එයින් කිලුටුවූ ස්වර්ණය මෘදු නොවෙයි. බැබලීමක් නැත. බිඳෙන සුලුය, වැඩට පහසු නැත. මහණෙනි, කලු ඊයම් ස්වර්ණයාගේ කිලුටකි. එයින් කිලුටුවූ ස්වර්ණය මෘදුද නොවෙයි. කර්මණ්‍යද නොවෙයි. බැබලීමක්ද නැත. බිඳෙන සුලුය. වැඩට පහසු නැත. මහණෙනි රිදී ස්වර්ණයාගේ කිලුටකි. එයින් කිලුටුවූ ස්වර්ණය මෘදුද නොවෙයි, කර්මණ්‍යද නොවෙයි. බැබලීමක්ද නැත. බිඳෙන සුලුය, වැඩට පහසු නොවේ. මහණෙනි, මෙම පස ස්වර්ණයාගේ උපක්ලෙශයෝය. මේ පසින් කිලුටුවූ ස්වර්ණය මෘදුද නොවේද, කර්මණ්‍යද නොවේද, බැබලීමක් නැත්තේද, බිඳෙන සුලුද, වැඩට නොපහසුද, මහණෙනි, එපරිද්දෙන් යම් කෙලෙසුන්ගෙන් කිලුටුවූ සිත මෘදුද නොවේද, කර්මණ්ය නොවේද, පිරිසිදු නොවේද, අරමුණෙහි සුණුවිසුණු වන හෙයින් බිඳෙන සුලුද, ආශ්‍රවයන් නැතිකිරීම පිණිස මනාකොට සිත එකඟ නොවේද එවැනි සිත කිලුටු කරන්නාවූ ධර්මයෝ මේ පසකි. ඒ පස කවරේදයත්?
“මහණෙනි, කාමච්ඡන්දය සිතේ කිලුටකි. එයින් කිලුටුවූ සිත මෘදු නොවෙයි, කර්මණ්ය නොවෙයි, පිරිසිදු නොවෙයි, අරමුණෙහි නොරඳන බැවින් බිඳෙයි, ආශ්‍රවයන්ගේ නැති කිරීම පිණිස සිත එකඟ නොවෙයි.
“මහණෙනි, ව්‍යාපාදය සිතේ කිලුටකි. එයින් කිලුටුවූ සිත මෘදු නොවෙයි, කර්මණ්ය නොවෙයි, පිරිසිදු නොවෙයි, අරමුණෙහි නොරඳන බැවින් බිඳෙයි, ආශ්‍රවයන්ගේ නැති කිරීම පිණිස සිත එකඟ නොවෙයි.
“මහණෙනි, කයේ හා සිතේ අලස ගතිය (ථිනමිද්ධය) සිතේ කිලුටකි. එයින් කිලුටුවූ සිත මෘදු නොවෙයි, කර්මණ්ය නොවෙයි, පිරිසිදු නොවෙයි, අරමුණෙහි නොරඳන බැවින් බිඳෙයි, ආශ්‍රවයන්ගේ නැතිකිරීම පිණිස සිත එකඟ නොවෙයි.
“මහණෙනි, සිතේ නොසන්සුන් ගතිය හා පසුතැවීම් (උද්ධච්චකුක්කුච්චය) සිතේ කිලුටකි. එයින් කිලුටුවූ සිත මෘදු නොවෙයි, කර්මණ්ය නොවෙයි, පිරිසිදු නොවෙයි, අරමුණෙහි නොරඳන බැවින් බිඳෙයි, ආශ්‍රවයන්ගේ නැතිකිරීම පිණිස සිත එකඟ නොවෙයි.
“මහණෙනි, බුද්ධාදී අට තැන්හි සැකය සිතේ කිලුටකි. එයින් කිලුටුවූ සිත මෘදු නොවෙයි, කර්මණ්ය නොවෙයි, පිරිසිදු නොවෙයි, අරමුණෙහි නොරඳන බැවින් බිඳෙයි, ආශ්‍රවයන්ගේ නැතිකිරීම පිණිස සිත එකඟ නොවෙයි.
“මහණෙනි, මේ පස වනාහි චිත්තයාගේ උපක්ලෙශයෝය. ඒ උපක්ලෙශයන්ගෙන් කිලුටුවූ සිත මෘදු නොවෙයි, කර්මණ්ය නොවෙයි, පිරිසිදු නොවෙයි, අරමුණෙහි නොරඳන බැවින් බිඳෙන සුලුය, ආශ්‍රවයන්ගේ නැතිකිරීම පිණිස මනා කොට සිත එකඟ නොවේයයි” වදාළසේක.
|
4. අනුපක්කිලෙසසුත්තං | 4. අනාවරණ සූත්‍රය |
215
‘‘සත්තිමෙ
|
215
“මහණෙනි කුසල ධර්මයන් ආවරණය නොකරන්නාවූ කුසල ධර්මයන් නොවසන්නාවූ, සිත කිලිටු නොකරන්නාවූ, වඩන ලද්දාවූ, නැවත නැවත පුරුදු කරන ලද්දාවූ, අර්හත් මාර්ගඵල ප්රත්යක්ෂ කිරීම පිණිස පවත්නාවූ බොජ්ඣංග ධර්ම සතක් වෙත්. ඒ සත කවරේද යත්?
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ සති සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්රත්යක්ෂ කිරීම පිණිස පවතියි.
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්රත්යක්ෂ කිරීම පිණිස පවතියි.
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ විරිය සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්රත්යක්ෂ කිරීම පිණිස පවතියි.
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ පීති සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්රත්යක්ෂ කිරීම පිණිස පවතියි.
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්රත්යක්ෂ කිරීම පිණිස පවතියි.
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ සමාධි සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්රත්යක්ෂ කිරීම පිණිස පවතියි.
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්රත්යක්ෂ කිරීම පිණිස පවතියි.
මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ මේ බොධ්‍යංග ධර්ම සත අර්හත් මාර්ගඵලයන් ප්රත්යක්ෂ කිරීම පිණිස පවතිත්යයි” වදාළසේක.
|
5. අයොනිසොමනසිකාරසුත්තං | 5. යෝනිසෝ සූත්‍රය |
216
‘‘අයොනිසො, භික්ඛවෙ, මනසිකරොතො අනුප්පන්නො චෙව කාමච්ඡන්දො උප්පජ්ජති, උප්පන්නො ච කාමච්ඡන්දො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තති; අනුප්පන්නො චෙව බ්යාපාදො උප්පජ්ජති, උප්පන්නො ච බ්යාපාදො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තති; අනුප්පන්නඤ්චෙව ථිනමිද්ධං උප්පජ්ජති, උප්පන්නඤ්ච ථිනමිද්ධං භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තති; අනුප්පන්නඤ්චෙව උද්ධච්චකුක්කුච්චං උප්පජ්ජති, උප්පන්නඤ්ච උද්ධච්චකුක්කුච්චං භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තති; අනුප්පන්නා
|
216
“මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නාවූ කාමච්ඡන්දය උපදියි. උපන්නාවූ කාමච්ඡන්දයාගේ බහුලබව පිණිස මහත්බව පිණිස පවතියි. නූපන්නාවූ ව්‍යාපාදය (ක්‍රෝධය) උපදියි. උපන්නාවූ ව්‍යාපාදයාගේ බහුල බව පිණිස, මහත්බව පිණිස පවතියි. නූපන්නාවූ ථිනමිද්ධය උපදියි. උපන්නාවූ ථිනමිද්ධයාගේ බහුලබව පිණිස, මහත්බව පිණිස පවතියි. නූපන්නාවූ උද්ධච්චකුක්කුච්චය උපදියි. උපන්නාවූ උද්ධච්චකුක්කුච්චයාගේ බහුලබව පිණිස, මහත්බව පිණිස පවතියි. නූපන්නාවූ විචිකිච්ඡාව උපදියි. උපන්නාවූ විචිකිච්ඡාවේ බහුල බව පිණිස, මහත් බව පිණිස පවතියි.
“මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නාවූ සති සම්බොජ්ඣංගය උපදවයි. උපන්නාවූ සති සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණබවට පැමිණෙයි. නූපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණබවට පැමිණෙයි. නූපන්නාවූ විරිය සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ විරියසම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණබවට පැමිණෙයි. නූපන්නාවූ පීති සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ පීති සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණබවට පැමිණෙයි. නූපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණබවට පැමිණෙයි. නූපන්නාවූ සමාධි සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ සමාධි සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. නූපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේයයි” වදාළසේක.
|
6. යොනිසොමනසිකාරසුත්තං | 6. බුද්ධි සූත්‍රය |
217
‘‘යොනිසො
|
217
“මහණෙනි, වඩනලද්දාවූ නැවත නැවත පුරුදුකරන ලද්දාවූ මේ බොජ්ඣංග සත දියුණුව පිණිස නොපිරිහීම පිණිස පවතිත්. ඒ සත කවරේද යත්?
“සති සම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය සහ උපෙක්ඛා සම්බොජ්ඣංගය යන සතය. මහණෙනි, වඩන ලද පුරුදු කරන ලද මේ සප්ත බොජ්ඣංගයෝ දියුණුව පිණිස, නොපිරිහීම පිණිස පවතිත් යයි” වදාළසේක.
|
7. බුද්ධිසුත්තං | 7. ආවරණ සූත්‍රය |
218
‘‘සත්තිමෙ, භික්ඛවෙ, බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා බුද්ධියා අපරිහානාය සංවත්තන්ති. කතමෙ සත්ත? සතිසම්බොජ්ඣඞ්ගො...පෙ.... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො. ඉමෙ ඛො, භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා බුද්ධියා අපරිහානාය සංවත්තන්තී’’ති. සත්තමං.
|
218
“මහණෙනි, කුසල් ආවරණය කරන්නාවූ, කුසල් වසන්නාවූ, සිත කෙලෙසන්නාවූ, නුවණ දුර්වල කරන්නාවූ, ධර්මයෝ පසක්වෙත්. ඒ පස කවරේදයත්, මහණෙනි, කාමච්ඡන්දය කුසල් ආවරණය කරන්නාවූ, කුසල් වසන්නාවූ සිත කෙළසන්නාවූ නුවණ දුර්වල කරන්නාවූ ධර්මයකි. ව්‍යාපාදය කුසල් ආවරණය කරන්නාවූ, කුසල් වසන්නාවූ සිත කෙළසන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, ධර්මයකි.
“මහණෙනි, ථිනමිද්ධය කුසල් ආවරණය කරන්නාවූ, කුසල් වසන්නාවූ, සිත කෙළසන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ ධර්මයකි.
“මහණෙනි; උද්ධච්චකුක්කුච්චය කුසල් ආවරණය කරන්නා වූ කුසල් වසන්නාවූ සිත කෙලසන්නාවූ ප්‍රඥාව දුර්වල කරන්නා වූ ධර්මයකි.
“මහණෙනි, විචිකිච්ඡාව කුසල් ආවරණය කරන්නාවූ, කුසල් වසන්නාවූ, සිත කෙලසන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ ධර්මයකි. මහණෙනි, මොව්හු පස්දෙන කුසල් ආවරණය කරන්නාවූ, කුසල් වසන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ ධර්මයෝ වෙති.
|
8. ආවරණනීවරණසුත්තං | 8. අනීවරණ සූත්‍රය |
219
‘‘පඤ්චිමෙ, භික්ඛවෙ, ආවරණා නීවරණා චෙතසො උපක්කිලෙසා පඤ්ඤාය දුබ්බලීකරණා. කතමෙ පඤ්ච? කාමච්ඡන්දො, භික්ඛවෙ, ආවරණො නීවරණො
‘‘සත්තිමෙ
‘‘යස්මිං, භික්ඛවෙ, සමයෙ අරියසාවකො අට්ඨිං කත්වා මනසි කත්වා සබ්බං චෙතසො සමන්නාහරිත්වා ඔහිතසොතො ධම්මං සුණාති, ඉමස්ස පඤ්ච නීවරණා තස්මිං සමයෙ න හොන්ති. සත්ත බොජ්ඣඞ්ගා තස්මිං සමයෙ භාවනාපාරිපූරිං ගච්ඡන්ති.
‘‘කතමෙ පඤ්ච නීවරණා තස්මිං සමයෙ න හොන්ති? කාමච්ඡන්දනීවරණං තස්මිං සමයෙ න හොති, බ්යාපාදනීවරණං තස්මිං සමයෙ න හොති, ථිනමිද්ධනීවරණං තස්මිං සමයෙ න හොති, උද්ධච්චකුක්කුච්චනීවරණං තස්මිං සමයෙ න හොති, විචිකිච්ඡානීවරණං තස්මිං සමයෙ න හොති. ඉමස්ස පඤ්ච නීවරණා තස්මිං සමයෙ න හොන්ති.
‘‘කතමෙ සත්ත බොජ්ඣඞ්ගා තස්මිං සමයෙ භාවනාපාරිපූරිං ගච්ඡන්ති
|
219
“මහණෙනි, ආර්යශ්‍රාවක තෙමේ යම් කලෙක අර්ථයෙන් යුක්තව මෙනෙහිකොට මුළු සිත යොමුකොට කන්යොමා ධර්මය අසයිද, එකල ඔහුට පඤ්ච නීවරණයෝ නොවෙත්. එකල්හි සප්ත සම්බොජ්ඣංගයෝ වැඩීමෙන් සම්පූර්ණ වීමට පැමිණෙත්. ඔහුට එකල්හි කවර පඤ්ච නීවරණ කෙනෙක් නොවෙත්ද? කාමච්ඡන්ද නීවරණය එකල්හි නැත. ව්‍යාපාද නීවරණය එකල්හි නැත. ථින මිද්ධ නීවරණය එකල්හි නැත. උද්ධච්චකුක්කුච්ච නීවරණය එකල්හි නැත. විචිකිච්ඡා නීවරණය එකල්හි නැත. මේ පඤ්ච නීවරණයෝ එකල්හි නොවෙත්.
“කවර සප්ත බොධ්‍යංග කෙනෙක් වැඩීමට සම්පූර්ණ වීමට පැමිණෙද්ද? සති සම්බොජ්ඣංගය එකල්හි වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි. ධම්මවිචය සම්බොජ්ඣංගය එකල්හි වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි. විරිය සම්බොජ්ඣංගය එකල්හි වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි. පීති සම්බොජ්ඣංගය එකල්හි වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි. පස්සද්ධි සම්බොජ්ඣංගය එකල්හි වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි. සමාධි සම්බොජ්ඣංගය එකල්හි වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි. උපෙක්ඛා සම්බොජ්ඣංගය එකල්හි වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි.
“මහණෙනි, ආර්යශ්‍රාවකතෙම යම් කලෙක අර්ථයෙන් යුක්තව මෙනෙහිකොට මුළු සිත යොමුකොට කන් යොමා ධර්මය අසයිද, ඔහුට එකල්හි මේ පඤ්ච නීවරණයෝ ඇති නොවෙත්. එකල්හි මේ සප්ත බොධ්‍යංගයෝ වැඩීමට සම්පූර්ණ වීමට පැමිණෙත්.
|
9. රුක්ඛසුත්තං | 9. මහාරුක්ඛ සූත්‍රය |
220
‘‘සන්ති, භික්ඛවෙ, මහාරුක්ඛා අණුබීජා මහාකායා රුක්ඛානං අජ්ඣාරුහා, යෙහි රුක්ඛා අජ්ඣාරූළ්හා ඔභග්ගවිභග්ගා විපතිතා සෙන්ති. කතමෙ ච තෙ, භික්ඛවෙ, මහාරුක්ඛා අණුබීජා මහාකායා රුක්ඛානං අජ්ඣාරුහා, යෙහි රුක්ඛා අජ්ඣාරූළ්හා ඔභග්ගවිභග්ගා විපතිතා සෙන්ති
(සෙන්ති. සෙය්යථිදං (කත්ථචි))? අස්සත්ථො, නිග්රොධො, පිලක්ඛො, උදුම්බරො, කච්ඡකො, කපිත්ථනො - ඉමෙ ඛො තෙ, භික්ඛවෙ, මහාරුක්ඛා අණුබීජා මහාකායා රුක්ඛානං අජ්ඣාරුහා, යෙහි රුක්ඛා අජ්ඣාරූළ්හා ඔභග්ගවිභග්ගා විපතිතා සෙන්ති. එවමෙව ඛො, භික්ඛවෙ, ඉධෙකච්චො කුලපුත්තො යාදිසකෙ කාමෙ ඔහාය අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති, සො තාදිසකෙහි කාමෙහි තතො වා පාපිට්ඨතරෙහි ඔභග්ගවිභග්ගො විපතිතො සෙති.
‘‘පඤ්චිමෙ, භික්ඛවෙ, ආවරණා නීවරණා චෙතසො අජ්ඣාරුහා පඤ්ඤාය
‘‘සත්තිමෙ
|
220
“මහණෙනි, යම් ගසක් යටකර ගෙන වැඩුණාහුද ඒ ගස නැමී පාත්වී වැටීයේද එවැනි කුඩා බීජ ඇත්තාවූ මහත් කඳ ඇත්තාවූ ගස් යටකරගන්නාවූ මහා වෘක්ෂයෝ වෙත්. මහණෙනි, ඒ මහා වෘක්ෂයෝ කවරහුද? ඇසතුය, නුගය, පුලිලය, ඉඹුල්ය, කච්ඡකය, කපිත්ථනය (වඳුරු තන හා සමාන ඵල ඇති ගස් වර්ගයක්) යන මොහුය. මහණෙනි, මේ කුඩා බීජ ඇත්තාවූ මහත් කය ඇත්තාවූ ගස් යට කරන්නාවූ මහා වෘක්ෂයන් විසින් යටකරන ලද ගස් නැමී පාත්වී ඇදවැටෙත්ද මහණෙනි, එපරිද්දෙන් මෙහි යම් කුලපුත්‍රයෙක් යම්බඳුවූ කාමයන් හැරදමා ගිහිගෙයින් නික්ම පැවිදි වෙයිද, හෙතෙම එවැනිවූ කාමයන්ගෙන් හෝ ඊට වැඩිතරම් කාමයන්ගෙන් හෝ යටකරන ලදුව නැමී පාත්වී ඇදවැටෙන්නේය.
“මහණෙනි, සිත යටකරන්නාවූ ආවරණය කරන්නාවූ වසන්නාවූ ප්‍රඥාව දුර්වල කරන්නාවූ මේ ධර්මයෝ පස්දෙනෙක් වෙත්. ඒ පස කවරේදයත්, මහණෙනි, කාමච්ඡන්දය සිත යට කරන්නාවූ ආවරණය කරන්නාවූ වසන්නාවූ නුවණ දුර්වල කරන්නෙකි. මහණෙනි, ව්‍යාපාදය සිත යට කරන්නාවූ ආවරණය කරන්නාවූ වසන්නාවූ නුවණ දුර්වල කරන්නෙකි. මහණෙනි, ථින මිද්ධය සිත යට කරන්නාවූ ආවරණය කරන්නාවූ වසන්නාවූ නුවණ දුර්වල කරන්නකි. මහණෙනි, උද්ධච්ච කුක්කුච්චය සිත යට කරන්නාවූ ආවරණය කරන්නාවූ වසන්නාවූ නුවණ දුර්වල කරන්නකි. මහණෙනි, විචිකිච්ඡාව සිත යටකරන්නාවූ ආවරණය කරන්නාවූ වසන්නාවූ නුවණ දුර්වල කරන්නකි. මහණෙනි, මේ පස් දෙන සිත යට කරන්නාවූ ආවරණය කරන්නාවූ වසන්නාවූ නුවණ දුර්වල කරන්නාහුය.
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ සිත යට නොකරන්නාවූ ආවරණය නොකරන්නාවූ නොවසන්නාවූ මාර්ගඵල ධර්මයන් ප්රත්යක්ෂ කිරීම පිණිස පවත්නාවූ මේ බොධ්‍යංග ධර්ම සතකි. ඒ සත කවරේද යත්?
“මහණෙනි, වඩනලද්දාවූ බහුලව කරනලද්දාවූ, සිත මැඩගෙන නොසිටින්නාවූ, සතිසම්බොධ්‍යංගය අර්හත් මාර්ග ඵලයන් ප්රත්යක්ෂකිරීම පිණිස පවතියි.
“මහණෙනි, වඩනලද්දාවූ, බහුලවකරන ලද්දාවූ, සිත මැඩගෙන නොසිටින්නාවූ, ධම්මවිචය සම්බොධ්‍යංගය අර්හත් මාර්ග ඵලයන් ප්රත්යක්ෂ කිරීම පිණිස පවතියි.
“මහණෙනි, වඩනලද්දාවූ, බහුලවකරන ලද්දාවූ, සිත මැඩගෙන නොසිටින්නාවූ, විරිය සම්බොධ්‍යංගය අර්හත් මාර්ග ඵලයන් ප්රත්යක්ෂ කිරීම පිණිස පවතියි.
“මහණෙනි, වඩනලද්දාවූ, බහුලව කරන ලද්දාවූ සිත මැඩගෙන නොසිටින්නාවූ, පීති සම්බොධ්‍යංගය අර්හත් මාර්ග ඵලයන් ප්රත්යක්ෂ කිරීම පිණිස පවතියි.
“මහණෙනි, වඩන ලද්දාවූ බහුලව කරන ලද්දාවූ, සිත මැඩගෙන නොසිටින්නාවූ, පස්සද්ධි සම්බොධ්‍යංගය අර්හත් මාර්ග ඵලයන් ප්රත්යක්ෂ කිරීම පිණිස පවතියි.
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුලව කරන ලද්දාවූ, සිත මැඩගෙන නොසිටින්නාවූ, සමාධි සම්බොධ්‍යංගය අර්හත් මාර්ග ඵලයන් ප්රත්යක්ෂ කිරීම පිණිස පවතියි.
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුලව කරන ලද්දාවූ, සිත මැඩගෙන නොසිටින්නාවූ, උපෙක්ඛා සම්බොධ්‍යංගය අර්හත් මාර්ග ඵලයන් ප්රත්යක්ෂ කිරීම පිණිස පවතියි.
“මහණෙනි, වඩන ලද්දාවූ බහුලව කරනලද්දාවූ, ආවරණයක් නොවූ, වැසීමක් නොවූ, සිත මැඩගෙන නොසිටින්නාවූ මේ සප්ත බොධ්යාංගයෝ අර්හත් මාර්ග ඵලයන් ප්රත්යක්ෂ කිරීම පිණිස පවතිත්” යනුයි.
|
10. නීවරණසුත්තං | 10. නීවරණ සූත්‍රය |
221
‘‘පඤ්චිමෙ, භික්ඛවෙ, නීවරණා අන්ධකරණා අචක්ඛුකරණා අඤ්ඤාණකරණා පඤ්ඤානිරොධිකා විඝාතපක්ඛියා අනිබ්බානසංවත්තනිකා. කතමෙ පඤ්ච? කාමච්ඡන්දනීවරණං, භික්ඛවෙ, අන්ධකරණං අචක්ඛුකරණං අඤ්ඤාණකරණං පඤ්ඤානිරොධිකං විඝාතපක්ඛියං අනිබ්බානසංවත්තනිකං
‘‘සත්තිමෙ, භික්ඛවෙ, බොජ්ඣඞ්ගා චක්ඛුකරණා ඤාණකරණා පඤ්ඤාබුද්ධියා අවිඝාතපක්ඛියා නිබ්බානසංවත්තනිකා. කතමෙ සත්ත? සතිසම්බොජ්ඣඞ්ගො, භික්ඛවෙ, චක්ඛුකරණො ඤාණකරණො පඤ්ඤාබුද්ධියො අවිඝාතපක්ඛියො නිබ්බානසංවත්තනිකො...පෙ....
|
221
“මහණෙනි, අන්ධභාවය ඇති කරන්නාවූ, නුවණැස නැති කරන්නාවූ, අඥාන බව ඇති කරන්නාවූ, ප්‍රඥාව නැති කරන්නාවූ, දුක්ඛ පාක්ෂිකවූ, නිවන් පිණිස නොපවත්නාවූ මේ නීවරණ ධර්මයෝ පස්දෙනෙක් වෙත්. ඒ පස කවරේදයත්?
“මහණෙනි, කාමච්ඡන්ද නීවරණය අන්ධභාවය ඇතිකරන්නකි. නුවණැස නැතිකරන්නකි. අඥාන බව ඇතිකරන්නකි. ප්‍රඥාව දුරුකරන්නකි. දුක්ඛ පාක්ෂිකය. නිවන් පිණිස නො පවතින්නකි.
“මහණෙනි, ව්‍යාපාද නීවරණය අන්ධභාවය ඇතිකරන්නකි. නුවණැස නැති කරන්නකි. අඥානබව ඇතිකරන්නකි. ප්‍රඥාව දුරුකරන්නකි. දුක්ඛපාක්ෂිකය. නිවන් පිණිස නොපවතින්නකි.
“මහණෙනි, ථිනමිද්ධ නීවරණය අන්ධභාවය ඇතිකරන්නකි. නුවණැස නැතිකරන්නකි. අඥානබව ඇතිකරන්නකි. ප්‍රඥාව දුරුකරන්නකි. දුක්ඛපාක්ෂිකය. නිවන් පිණිස නොපවතින්නකි.
“මහණෙනි, උද්ධච්චකුක්කුච්ච නීවරණය අන්ධභාවය ඇතිකරන්නකි. නුවණැස නැතිකරන්නකි. අඥානබව ඇතිකරන්නකි. ප්‍රඥාව දුරුකරන්නකි. දුක්ඛපාක්ෂිකය. නිවන් පිණිස නොපවතින්නකි.
“මහණෙනි, විචිකිච්ඡා නීවරණය අන්ධභාවය ඇතිකරන්නකි. නුවණැස නැති කරන්නකි. අඥානබව ඇතිකරන්නකි. ප්‍රඥාව දුරුකරන්නකි. දුක්ඛ පාක්ෂිකය. නිවන් පිණිස නොපවතින්නකි.
“මහණෙනි, මේ නීවරණයෝ පස්දෙන වනාහි අන්ධභාවය ඇතිකරන, නුවණැස නැති කරන, අඥානබව ඇතිකරන ප්‍රඥාව නැතිකරන දුක්ඛපාක්ෂිකවූ නිවන් පිණිස නොපවත්නාවූ ධර්මයෝවෙති.
“මහණෙනි, නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන ප්‍රඥාව දියුණුකරන, දුක්ඛ පාක්ෂිකනොවූ නිවන් පිණිස පවත්නාවූ මේ බොධ්‍යංගයෝ සත්දෙනෙක් වෙත්. ඒ සත කවරේදයත්;
“මහණෙනි, සති සම්බොජ්ඣංගය නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන, ප්‍රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂික නොවූ නිවන් පිණිස පවතින ධර්මයකි.
“මහණෙනි, ධම්මවිචය සම්බොජ්ඣංගය නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන, ප්‍රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂික නොවූ නිවන් පිණිස පවතින ධර්මයකි.
“මහණෙනි, විරිය සම්බොජ්ඣංගය නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන, ප්‍රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂික නොවූ, නිවන් පිණිස පවතින ධර්මයකි.
“මහණෙනි, පීති සම්බොජ්ඣංගය නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන, ප්‍රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂිකනොවූ, නිවන් පිණිස පවතින ධර්මයකි.
“මහණෙනි, පස්සද්ධි සම්බොජ්ඣංගය නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන, ප්‍රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂිකනොවූ, නිවන් පිණිස පවතින ධර්මයකි.
“මහණෙනි, සමාධි සම්බොජ්ඣංගය නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන, ප්‍රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂික නොවූ නිවන් පිණිස පවතින ධර්මයකි.
“මහණෙනි, උපෙක්ඛා සම්බොජ්ඣංගය නුවණැස ඇති කරන, ඥානය ඇතිකරන, ප්‍රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂික නොවූ නිවන්පිණිස පවතින ධර්මයකි.
“මහණෙනි, මේ බොධ්‍යංගයෝ සත්දෙන නුවණැස ඇති කරන, ඥානය ඇතිකරන, ප්‍රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂික නොවූ නිවන් පිණිස පවතින ධර්මයෝ වෙත්යයි” වදාළසේක.
|
5. චක්කවත්තිවග්ගො | 5. චක්කවත්ති වර්ගය |
1. විධාසුත්තං | 1. විධා සූත්‍රය |
222
සාවත්ථිනිදානං
|
222
[1] (මේ වර්ගයේ 1, 2, 3, 8, 9, 10 සූත්‍රවල 1 වෙනි ඡේද නීවරණ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ මෙනි. 2730 පිට)
[2] “මහණෙනි, අතීතයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ වූවාහුද, (ඔව්හු) තුන්වැදෑරුම් මානය දුරුකළාහුය. ඒ, එම සියල්ලෝම සත්වැදෑරුම් බොධ්‍යංගයන් වඩනලද බැවිනි. නැවත නැවත පුරුදුකරනලද බැවිනි. මහණෙනි, අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ වෙත්ද (ඔවුහු) තෙවැදෑරුම් මානය දුරුකරන්නාහ. ඒ, එම සියල්ලෝම සත්වැදෑරුම් බොධ්‍යංගයන් වඩනලද බැවිනි. නැවත නැවත පුරුදුකරනලද බැවිනි. මහණෙනි, දැන් යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ වෙත්ද, (ඔව්හු) තෙවැදෑරුම් මානය දුරු කරත්. ඒ, එම සියල්ලෝම සත්වැදෑරුම් බොධ්‍යංගයන් වඩනලද බැවිනි. නැවත නැවත පුරුදුකරනලද බැවිනි.
[3] “කවර සතක්දයත්? සතිසම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය උපෙක්ඛා සම්බොජ්ඣංගය යන මොවුන්ය.
[4] “මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ වූවාහුද (ඔව්හු) තෙවැදෑරුම් මානය දුරුකළාහුය. ඒ, එම සියල්ලෝම මේ බොධ්‍යංගයන් සත්දෙන වඩන ලද බැවිනි. නැවත නැවත පුරුදු කරන ලද බැවිනි. අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ වෙත්ද, (ඔව්හු) තෙවැදෑරුම් මානය දුරු කරන්නාහ. ඒ, එම සියල්ලෝම මේ බොධ්‍යංගයන් සත්දෙන වඩනලද බැවිනි. නැවත නැවත පුරුදු කරන ලද බැවිනි. මේ කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ වෙත්ද, (ඔව්හු) තෙවදෑරුම් මානය දුරුකෙරෙත්. ඒ, එම සියල්ලෝම මේ සප්ත බොජ්ඣංගයන් වඩන ලද බැවිනි. නැවත නැවත පුරුදු කරන ලද බැවිනි’යි වදාළ සේක.
|
2. චක්කවත්තිසුත්තං | 2. චක්කවත්ති සූත්‍රය |
223
‘‘රඤ්ඤො
‘‘තථාගතස්ස, භික්ඛවෙ, පාතුභාවා අරහතො සම්මාසම්බුද්ධස්ස සත්තන්නං බොජ්ඣඞ්ගරතනානං පාතුභාවො හොති. කතමෙසං සත්තන්නං? සතිසම්බොජ්ඣඞ්ගස්ස රතනස්ස පාතුභාවො හොති...පෙ.... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස රතනස්ස පාතුභාවො හොති. තථාගතස්ස, භික්ඛවෙ, පාතුභාවා අරහතො සම්මාසම්බුද්ධස්ස ඉමෙසං සත්තන්නං බොජ්ඣඞ්ගරතනානං පාතුභාවො හොතී’’ති. දුතියං.
|
223
“මහණෙනි, සක්විති රජුගේ පහළවීමෙන් සප්ත රත්නයන්ගේ පහළවීම වෙයි. කවර සප්තරත්නයක්හුගේද? චක්‍රරත්නයාගේ පහළවීම වෙයි. හස්ති රත්නයාගේ පහළවීම වෙයි. අශ්වරත්නයාගේ පහළවීම වෙයි. මාණික්‍ය රත්නයාගේ පහළවීම වෙයි. ස්ත්‍රී රත්නයාගේ පහළවීම වෙයි. ගෘහපති රත්නයාගේ පහළවීම වෙයි. පරිනායක (පුත්‍ර) රත්නයාගේ පහළවීම වෙයි. මහණෙනි, සක්විති රජුගේ පහළවීමෙන් මේ සප්ත රත්නයාගේ පහලවීම වෙයි.
“මහණෙනි, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් සත් වැදෑරුම් බොධ්‍යංග රත්නයන්ගේ පහළවීම වෙයි.
කවර සතක්හුගේද යත්, සති සම්බොධ්‍යංග රත්නයාගේ පහලවීම වෙයි. ධම්ම විචය සම්බොජ්ඣංග රත්නයාගේ පහළවීම වෙයි. වීර්ය සම්බොධ්‍යංග රත්නයාගේ පහළවීමවෙයි. ප්‍රීති සම්බොධ්‍යංග රත්නයාගේ පහළවීමවෙයි. පස්සද්ධි සම්බොධ්‍යංග රත්නයාගේ පහළවීම වෙයි. සමාධි සම්බොජ්ඣංග රත්නයාගේ පහළවීම වෙයි. උපෙක්ඛා සම්බොධ්යංගරත්නයාගේ පහළවීම වෙයි. මහණෙනි, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් මේ සත් බොධ්යංගරත්නයාගේ පහළවීම වේයයි” වදාළේය.
|
3. මාරසුත්තං | 3. මාර සූත්‍රය |
224
‘‘මාරසෙනප්පමද්දනං
|
224
“මහණෙනි, මම නුඹලාට මරසෙනග මඩින මාර්ගය කියන්නෙමි. එය මනාකොට අසව්. මහණෙනි, මරසෙනග මඩින මාර්ගය කවරේද? යම් මේ සප්ත බොධ්‍යංග කෙනෙක් වෙත්ද? (ඔව්හුය.)
(මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි)
“මහණෙනි, මේ මරසෙනග මඩින මාර්ගයයි” වදාළ සේක.
|
4. දුප්පඤ්ඤසුත්තං | 4. දුප්පඤ්ඤ සූත්‍රය |
225
අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි...පෙ.... එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘‘දුප්පඤ්ඤො එළමූගො, දුප්පඤ්ඤො එළමූගො’ති
|
225
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ස්වාමීනි, කෙලතොළු මෝඩයා, කෙලතොළු මෝඩයා’ යයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් කෙලතොළු මෝඩයෙකැයි කියනු ලැබේද?”
“මහණෙනි, සප්තබොධ්‍යාංගයන් නොවඩන ලද බැවින් නැවත පුරුදු නොකරනලද බැවින් කෙලතොළු මෝඩයෙකැයි කියනු ලැබේ.
(මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.)
“මහණ, මේ බොධ්‍යාංග සත්දෙනා නොවඩනලද බැවින් නැවත නැවත පුරුදුනොකරනලද බැවින් කෙලතොළු මෝඩයෙකැයි” කියනු ලැබේ.
|
5. පඤ්ඤවන්තසුත්තං | 5. පඤ්ඤව සූත්‍රය |
226
‘‘‘පඤ්ඤවා අනෙළමූගො, පඤ්ඤවා අනෙළමූගො’ති, භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො, භන්තෙ, ‘පඤ්ඤවා අනෙළමූගො’ති වුච්චතී’’ති? ‘‘සත්තන්නං ඛො, භික්ඛු, බොජ්ඣඞ්ගානං භාවිතත්තා බහුලීකතත්තා ‘පඤ්ඤවා අනෙළමූගො’ති වුච්චති. කතමෙසං සත්තන්නං? සතිසම්බොජ්ඣඞ්ගස්ස...පෙ.... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස - ඉමෙසං ඛො, භික්ඛු, සත්තන්නං බොජ්ඣඞ්ගානං භාවිතත්තා බහුලීකතත්තා ‘පඤ්ඤවා අනෙළමූගො’ති වුච්චතී’’ති. පඤ්චමං.
|
226
(5, 6, 7 වෙනි සූත්‍ර මේ වර්ගයේ 4 වෙනි සූත්රයමෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“ස්වාමීනි, කෙලතොළු නොවූ නුවණැති පුද්ගලයා, නුවණැති පුද්ගලයා යයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් කෙලතොළු නොවූ නුවණැති පුද්ගලයා යයි කියනුලැබේද?”
“මහණ, සප්ත බොධ්‍යාංගයන් වඩන ලද බැවින් නැවත නැවත පුරුදු කරන ලද බැවින් කෙලතොළු නොවූ නුවණැති පුද්ගලයායි” කියනු ලැබේ.
(මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.)
“මහණ, මේ බොධ්‍යංග සත්දෙනා වැඩීමෙන් නැවත නැවත පුරුදු කිරීමෙන් කෙලතොළු නොවූ නුවණැති පුද්ගලයායයි” කියනු ලැබේ.
|
6. දලිද්දසුත්තං | 6. දළිද්ද සූත්‍රය |
227
‘‘‘දලිද්දො, දලිද්දො’ති, භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො, භන්තෙ, ‘දලිද්දො’ති වුච්චතී’’ති? ‘‘සත්තන්නං ඛො, භික්ඛු, බොජ්ඣඞ්ගානං අභාවිතත්තා අබහුලීකතත්තා ‘දලිද්දො’ති වුච්චති. කතමෙසං සත්තන්නං? සතිසම්බොජ්ඣඞ්ගස්ස...පෙ.... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස - ඉමෙසං ඛො, භික්ඛු, සත්තන්නං බොජ්ඣඞ්ගානං අභාවිතත්තා අබහුලීකතත්තා ‘දලිද්දො’ති වුච්චතී’’ති. ඡට්ඨං.
|
227
“ස්වාමීනි, දිළින්දා, දිළින්දා යයි කියනු ලැබේ. ස්වාමීනි, කරුණු කීයකින් දිළින්දායයි කියනුලැබේද?”
“මහණ, සප්ත සම්බොධ්‍යංගයන් නොවඩනලද බැවින් නැවත නැවත පුරුදු නොකරන ලද බැවින් දිළින්දායයි කියනු ලැබේ.
(මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.)
“මහණ, මේ සප්ත බොධ්‍යාංගයන් නොවඩන ලද බැවින් නැවත නැවත පුරුදු නොකරන ලද බැවින් දිළින්දායයි කියනුලැබේ යයි” වදාළ සේක.
|
7. අදලිද්දසුත්තං | 7. අදළිද්ද සූත්‍රය |
228
‘‘‘අදලිද්දො
|
228
“ස්වාමීනි, නොදිළින්දා, නොදිළින්දා යයි කියනු ලැබේ. ස්වාමීනි, කරුණු කීයකින් නොදිළින්දා යයි කියනු ලැබේද?”
“මහණ, සප්ත බොධ්‍යංගයන් වඩනලද බැවින් නැවත නැවත පුරුදු කරනලද බැවින් නොදිළින්දා යයි කියනු ලැබේ.”
(මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි)
“මහණ, මේ සප්ත බොධ්‍යාංගයන් වඩන ලද බැවින් නැවත නැවත පුරුදුකරනලද බැවින් නොදිළින්දා යයි කියනු ලැබේ.
|
8. ආදිච්චසුත්තං | 8. ආදිච්ච සූත්‍රය |
229
‘‘ආදිච්චස්ස
|
229
[2] “මහණෙනි, යම් මේ අරුණ නැඟීමක්වේද, එය උදාවන්නාවූ සූර්යයාට පෙරටුව ඇතිවන්නකි. ඒ පෙරනිමිත්තකි. මහණෙනි, එපරිද්දෙන් වනාහි යම් මේ කල්‍යාණමිත්‍රයන් ඇතිබවක් වේද, එය ඒ භික්ෂුවහට සප්ත බොධ්‍යංගයන් ඉපදීමට පූර්වංගම පෙරනිමිත්තකි. මහණෙනි, සප්ත බොධ්‍යාංගයන් වැඩෙන්නේය. සප්ත බොධ්‍යාංගයන් නැවත නැවත පුරුදුකරන්නේය යන මෙය කල්‍යාණ මිත්‍රයන් ඇති භික්ෂුව කැමතිවිය යුතුය.
මහණෙනි, කෙසේ නම් කල්‍යාණ මිත්‍රයන් ඇති මහණතෙම සප්ත බොධ්‍යාංගයන් වඩයිද, නැවත නැවත පුරුදු කරයිද?
[3] “මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ සතිසම්බොජ්ඣාංගය වඩයි.
“මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ ධම්මවිචය සම්බොධ්‍යංගය වඩයි.
“මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ විරිය සම්බොධ්‍යංගය වඩයි.
“මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ පීති සම්බොධ්‍යංගය වඩයි.
“මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ පස්සද්ධි සම්බොධ්‍යංගය වඩයි.
“මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ සමාධි සම්බොධ්‍යංගය වඩයි.
“මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ උපෙක්ඛා සම්බොධ්‍යංගය වඩයි.
[4] “මහණෙනි, මෙසේ වනාහි කල්‍යාණ මිත්‍රයන් ඇති මහණතෙම සප්ත බොධ්‍යංගයන් වඩයි, නැවත නැවත පුරුදු කරයි.”
|
9. අජ්ඣත්තිකඞ්ගසුත්තං | 9. අංග සූත්‍රය |
230
‘‘අජ්ඣත්තිකං, භික්ඛවෙ, අඞ්ගන්ති කරිත්වා නාඤ්ඤං එකඞ්ගම්පි සමනුපස්සාමි සත්තන්නං බොජ්ඣඞ්ගානං උප්පාදාය, යථයිදං - භික්ඛවෙ, යොනිසොමනසිකාරො. යොනිසොමනසිකාරසම්පන්නස්සෙතං, භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං - සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙස්සති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරිස්සති. කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු යොනිසොමනසිකාරසම්පන්නො සත්ත බොජ්ඣඞ්ගෙ
|
230
“මහණෙනි, අධ්‍යාත්මික අංගයක් වශයෙන් සප්ත බොධ්‍යාංගයන් ලැබීම පිණිස මේ නුවණින් මෙනෙහි කිරීම යම්සේද එබඳුවූ අන් එකම අංගයකුදු මම නුවණැසින් නොදකිමි. මහණෙනි, සප්ත බොධ්‍යාංගයන් වඩන්නේය, බහුල කරන්නේය යන මෙය නුවණින් මෙනෙහි කිරීමෙහි යෙදුනු භික්ෂුවටම කැමති විය යුතුය. මහණෙනි, කෙසේ නම් නුවණින් මෙනෙහි කිරීමෙන් යුක්ත වූ මහණතෙම සප්ත බොධ්‍යංගයන් වඩයිද? සප්ත බොධ්‍යාංගයන් බහුල කරයිද?
(මේ ඡේදය මේ වර්ගයේ අටවෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි)
“මහණෙනි, මෙසේ වනාහි නුවණින් මෙනෙහි කිරීමෙන් යුත් මහණතෙමේ සප්ත බොධ්‍යාංගයන් වඩයි. සප්ත බොධ්‍යාංගයන් බහුලකෙරේයයි” වදාළසේක.
|
10. බාහිරඞ්ගසුත්තං | 10. දුතිය අංග සූත්‍රය |
231
‘‘බාහිරං
|
231
“මහණෙනි, බාහිර අංගයක් වශයෙන් සප්ත බොධ්‍යාංගයන් ඉපදීම පිණිස මේ කල්‍යාණ මිත්‍රයන් ඇතිබව යම්සේද? එබඳුවූ අන් එකම අංගයක් නුවණැසින් මම නොදකිමි. මහණෙනි, සප්ත බොධ්‍යාංගයන් වඩන්නේය. සප්ත බොධ්‍යාංගයන් බහුල කරන්නේය යන මෙය කල්‍යාණ මිත්‍රයන් ඇති භික්ෂුවටම කැමති විය යුතුය. මහණෙනි කෙසේ නම් කල්‍යාණ මිත්‍රයන් ඇති භික්ෂුතෙම සප්ත බොධ්‍යාංගයන් වඩන්නේද?
(මේ ඡේදය මේ වර්ගයේ අටවෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි)
“මහණෙනි, මෙසේ වනාහි කල්‍යාණ මිත්‍රයන් ඇති මහණතෙම සත් බොධ්‍යාංගයන් වඩයි. බහුල කෙරේයයි” වදාළසේක.
|
6. සාකච්ඡවග්ගො | 6.බොජ්ඣංග වර්ගය |
1. ආහාරසුත්තං | 1. ආහාර සූත්‍රය |
232
සාවත්ථිනිදානං
‘‘කො ච, භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා බ්යාපාදස්ස උප්පාදාය, උප්පන්නස්ස වා බ්යාපාදස්ස භිය්යොභාවාය වෙපුල්ලාය? අත්ථි, භික්ඛවෙ, පටිඝනිමිත්තං
‘‘කො ච, භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා ථිනමිද්ධස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ථිනමිද්ධස්ස භිය්යොභාවාය වෙපුල්ලාය? අත්ථි, භික්ඛවෙ, අරති තන්දි විජම්භිතා භත්තසම්මදො චෙතසො ච ලීනත්තං. තත්ථ අයොනිසොමනසිකාරබහුලීකාරො - අයමාහාරො අනුප්පන්නස්ස වා ථිනමිද්ධස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ථිනමිද්ධස්ස භිය්යොභාවාය
‘‘කො ච, භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස භිය්යොභාවාය වෙපුල්ලාය? අත්ථි, භික්ඛවෙ, චෙතසො අවූපසමො. තත්ථ අයොනිසොමනසිකාරබහුලීකාරො - අයමාහාරො අනුප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස භිය්යොභාවාය වෙපුල්ලාය.
‘‘කො ච, භික්ඛවෙ, ආහාරො අනුප්පන්නාය වා විචිකිච්ඡාය උප්පාදාය, උප්පන්නාය වා විචිකිච්ඡාය භිය්යොභාවාය වෙපුල්ලාය? අත්ථි, භික්ඛවෙ, විචිකිච්ඡාට්ඨානීයා ධම්මා. තත්ථ අයොනිසොමනසිකාරබහුලීකාරො - අයමාහාරො අනුප්පන්නාය වා විචිකිච්ඡාය උප්පාදාය, උප්පන්නාය වා විචිකිච්ඡාය භිය්යොභාවාය වෙපුල්ලාය.
‘‘කො ච, භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා? අත්ථි, භික්ඛවෙ, සතිසම්බොජ්ඣඞ්ගට්ඨානීයා
‘‘කො
‘‘කො
‘‘කො ච, භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා? අත්ථි, භික්ඛවෙ, පීතිසම්බොජ්ඣඞ්ගට්ඨානීයා ධම්මා. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො - අයමාහාරො අනුප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා.
‘‘කො ච, භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා? අත්ථි, භික්ඛවෙ, කායප්පස්සද්ධි චිත්තප්පස්සද්ධි
‘‘කො
‘‘කො ච, භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා? අත්ථි, භික්ඛවෙ, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගට්ඨානීයා
‘‘කො ච, භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස උප්පාදාය, උප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස භිය්යොභාවාය වෙපුල්ලාය? අත්ථි, භික්ඛවෙ, අසුභනිමිත්තං
‘‘කො
‘‘කො ච, භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නස්ස වා ථිනමිද්ධස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ථිනමිද්ධස්ස භිය්යොභාවාය වෙපුල්ලාය? අත්ථි, භික්ඛවෙ, ආරම්භධාතු නික්කමධාතු පරක්කමධාතු. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො - අයමනාහාරො අනුප්පන්නස්ස වා ථිනමිද්ධස්ස උප්පාදාය
‘‘කො ච, භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස භිය්යොභාවාය වෙපුල්ලාය? අත්ථි, භික්ඛවෙ, චෙතසො වූපසමො. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො - අයමනාහාරො අනුප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස භිය්යොභාවාය වෙපුල්ලාය.
‘‘කො ච, භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නාය වා විචිකිච්ඡාය උප්පාදාය, උප්පන්නාය වා විචිකිච්ඡාය භිය්යොභාවාය වෙපුල්ලාය? අත්ථි, භික්ඛවෙ, කුසලාකුසලා ධම්මා සාවජ්ජානවජ්ජා ධම්මා හීනපණීතා ධම්මා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො
‘‘කො ච, භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා? අත්ථි, භික්ඛවෙ, සතිසම්බොජ්ඣඞ්ගට්ඨානීයා ධම්මා. තත්ථ අමනසිකාරබහුලීකාරො - අයමනාහාරො අනුප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා.
‘‘කො
‘‘කො ච, භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නස්ස වා වීරියසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා වීරියසම්බොජ්ඣඞ්ගස්ස
‘‘කො ච, භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා? අත්ථි, භික්ඛවෙ, පීතිසම්බොජ්ඣඞ්ගට්ඨානීයා ධම්මා. තත්ථ අමනසිකාරබහුලීකාරො - අයමනාහාරො අනුප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා.
‘‘කො ච, භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා? අත්ථි, භික්ඛවෙ, කායප්පස්සද්ධි චිත්තප්පස්සද්ධි. තත්ථ අමනසිකාරබහුලීකාරො - අයමනාහාරො අනුප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා.
‘‘කො
‘‘කො ච, භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නස්ස වා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස
|
232
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, මම නුඹලාට පඤ්ච නීවරණයන්ගේද සප්ත බොධ්යංගයන්ගේද ආහාරයද (හේතුවද) අනාහාරයද (හේතුවනොවන්නද) දේශනා කරන්නෙමි. එය මනාකොට අසව්. මහණෙනි, නූපන්නාවූ කාමච්ඡන්දයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ කාමච්ඡන්දයාගේ බහුල බව පිණිසද, මහත් බව පිණිසද පවත්නාවූ ආහාරය කවරේද? මහණෙනි, සුභ වශයෙන් ගන්නා අරමුණක් ඇත. ඒ සුභාරම්මණයෙහි බහුල කොට නුනුවණින් මෙනෙහි කිරීමක් වේද, මෙය නූපන්නාවූ කාමච්ඡන්දයාගේ ඉපදීම පිණිසද, උපන්නාවූ කාමච්ඡන්දයාගේ බහුල බව පිණිසද මහත් බව පිණිසද ආහාරය වෙයි. මහණෙනි, නූපන්නාවූ ව්‍යාපාදයාගේ ඉපදීම පිණිසද, උපන්නාවූ ව්‍යාපාදයාගේ බහුල බව පිණිසද මහත් බව පිණිසද පවත්නා ආහාරය කවරේද?
“මහණෙනි, ක්‍රෝධය උපදින අරමුණක් ඇත. මහණෙනි, ඒ ක්‍රෝධ (පටිඝ) නිමිත්තෙහි නුනුවණින් මෙනෙහි කිරීමක් වේද, මෙය නූපන්නාවූ ක්‍රෝධයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ ක්‍රෝධයාගේ බහුල බව පිණිස මහත් බව පිණිසද ආහාරය වෙයි.
“මහණෙනි, නූපන්නාවූ ථින මිද්ධයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ ථින මිද්ධයාගේ බහුල බව මහත් බව පිණිසද පවත්නා ආහාරය කවරේද? මහණෙනි, කුශලයෙහි නොඇල්මද, අලස ගතියද, ඇඟමැලි කැඩීමද, බත් මතද සිතේ හැකුළුනු බවද ඇත. එහි බහුලකොට නුනුවණින් මෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ ථිනමිද්ධයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ ථිනමිද්ධයාගේ බහුල බව පිණිසද මහත් බව පිණිසද ආහාරය වෙයි.
“මහණෙනි, නූපන්නාවූ උද්ධච්ච කුක්කුච්ච නීවරණයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ උද්ධච්ච කුක්කුච්ච නීවරණයාගේ බහුල බව පිණිස මහත් බව පිණිසද ආහාරය කවරේද? මහණෙනි, සිතේ නොසන්සුන් බවක් ඇත. එහි බහුලකොට නුනුවණින් මෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ උද්ධච්චකුක්කුච්ච නීවරණයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ උද්ධච්චකුක්කුච්ච නීවරණයාගේ බහුල බව පිණිස මහත් බව පිණිසද ආහාරය වෙයි.
“මහණෙනි, නූපන්නාවූ විචිකිච්ඡාවගේ ඉපදීම පිණිසද උපන්නාවූ විචිකිච්ඡාවගේ බහුල බව මහත් බව පිණිසද ආහාරය කවරේද? මහණෙනි, විචිකිච්ඡාවට කරුණු වූ ධර්මයෝ ඇත. එහි බහුලව නුනුවණින් මෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ විචිකිච්ඡාවගේ ඉපදීම පිණිසද උපන්නාවූ විචිකිච්ඡාවගේ බහුල බව පිණිසද මහත් බව පිණිසද ආහාරය වෙයි.
“මහණෙනි, නූපන්නාවූ සති සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ සති සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාරය කවරේද? මහණෙනි, සති සම්බොජ්ඣංගයට කරුණුවූ ධර්මයෝ ඇත. එහි බහුලකොට නුවණින් මෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ සති සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද, උපන්නාවූ සති සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාරය වෙයි.
“මහණෙනි, නූපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද, උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාරය කවරේද? මහණෙනි, කුසල හා අකුසල ධර්මයෝද, වරද සහිත හා වරද රහිත ධර්මයෝද හීන ප්‍රණීත ධර්මයෝද, යහපත් අයහපත් විපාක ඇත්තාවූ ධර්මයෝද ඇත. එහි නුවණින් බහුලකොට මෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාරය වෙයි.
“මහණෙනි, නූපන්නාවූ විරිය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ විරිය සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණ වීම පිණිසද ආහාරය කවරේද? මහණෙනි, පටන්ගැන්මේ වීර්යයද, කුසීතකමින් නික්මීමේ වීර්යයද දැඩි වීර්යයද ඇත. එහි බහුලකොට නුවණින් මෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ විරිය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ විරිය සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද මේ ආහාරය වෙයි.
“මහණෙනි, නූපන්නාවූ පීති සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ පීති සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාරය කවරේද? මහණෙනි, පීති සම්බොජ්ඣංගයට කරුණුවූ ධර්මයෝ ඇත. එහි බහුලකොට නුවණින් මෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ පීති සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ පීති සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද මේ ආහාරය වෙයි.
“මහණෙනි, නූපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාරය කවරේද? මහණෙනි, චෛතසිකයන්ගේ සන්සිඳීමක් හා සිතේ සන්සිඳීමක් ඇත. එහි බහුලකොට නුවණින් මෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාරය වෙයි.
“මහණෙනි, නූපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාරය කවරේද? මහණෙනි, සමථ අරමුණක්, සිත එකඟ බවට පමුණුවන අරමුණක් ඇත. එහි බහුලකොට නුවණින් මෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාරය වෙයි.
“මහණෙනි, නූපන්නාවූ උපේක්ෂා සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද, උපන්නාවූ උපේක්ෂා සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාරය කවරේද? මහණෙනි, උපේක්ෂා සම්බොජ්ඣංගයට කරුණුවූ ධර්මයෝ ඇත. එහි බහුලකොට නුවණින් මෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ උපේක්ෂා සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ උපේක්ෂා සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාරය වෙයි.
“මහණෙනි, නූපන්නාවූ කාමච්ඡන්දයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ කාමච්ඡන්දයාගේ බහුල බව පිණිස මහත් බව පිණිසද ආහාර නොවන්නේ කුමක්ද? මහණෙනි, අසුභ නිමිත්තක් ඇත. එහි නුවණින් බහුලව මෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ කාමච්ඡන්දයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ කාමච්ඡන්දයාගේ බහුල බව පිණිස මහත් බව පිණිසද මේ ආහාරය (හේතුව) නොවෙයි.
“මහණෙනි, නූපන්නාවූ ව්‍යාපාදයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ ව්‍යාපාදයාගේ බහුල බව පිණිස මහත් බව පිණිසද ආහාර නොවන්නේ කුමක්ද? මහණෙනි, මෛත්‍රී සහගත සමාධියක් ඇත. එහි බහුලව නුවණින් මෙනෙහි කිරීමක් වේද, එය නූපන්නාවූ ව්‍යාපාදයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ ව්‍යාපාදයාගේ බහුල බව පිණිස මහත් බව පිණිසද අනාහාරය වෙයි.
“මහණෙනි, නූපන්නාවූ ථින මිද්ධයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ ථින මිද්ධයාගේ බහුල බව පිණිස මහත් බව පිණිසද ආහාර නුවූයේ කුමක්ද? මහණෙනි, පටන් ගන්නාලද වීර්යය කුසීතකමින් නික්මීමේ වීර්යය, දැඩි වීර්යය ඇත. එහි බහුල කොට නුවණින් මෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ ථින මිද්ධයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ ථින මිද්ධයාගේ බහුල බව මහත් බව පිණිසද ආහාර නොවන්නේ වෙයි.
“මහණෙනි, නූපන්නාවූ උද්ධච්ච කුක්කුච්ච නීවරණයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ උද්ධච්ච කුක්කුච්ච නීවරණයාගේ බහුල බව පිණිස මහත් බව පිණිසද ආහාර නුවූයේ කුමක්ද? මහණෙනි, සිතේ සන්සිඳීමක් ඇත. එහි බහුලකොට නුවණින් මෙනෙහි කිරීමක් වේද, එය නූපන්නාවූ උද්ධච්ච කුක්කුච්චයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ උද්ධච්ච කුක්කුච්චයාගේ බහුල බව මහත් බව පිණිසද ආහාර නොවන්නේ වෙයි.
“මහණෙනි, නූපන්නාවූ විචිකිච්ඡා නීවරණයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ විචිකිච්ඡා නීවරණයාගේ බහුල බව මහත් බව පිණිසද ආහාර නොවන්නේ කුමක්ද? මහණෙනි කුසල හා අකුසල ධර්මයෝද, වරද සහිතවූ හා වරද රහිතවූ ධර්මයෝද, හීන ප්‍රණීත ධර්මයෝද යහපත් විපාක හා අයහපත් විපාක ඇති ධර්මයෝද ඇත. එහි බහුලකොට නුවණින් මෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ විචිකිච්ඡා නීවරණයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ විචිකිච්ඡා නීවරණයාගේ බහුල බව පිණිස මහත් බව පිණිසද මේ ආහාර නොවන්නේ වෙයි.
“මහණෙනි, නූපන්නාවූ සති සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ සති සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිස සම්පූර්ණවීම පිණිසද ආහාර නොවන්නේ කුමක්ද? මහණෙනි, සති සම්බොජ්ඣංගයට කරුණුවූ ධර්මයෝ ඇත. එහි බහුලකොට නොමෙනෙහි කිරීමක් වේද, එය නූපන්නාවූ සති සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද, උපන්නාවූ සති සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාර නොවන්නේ වෙයි.
“මහණෙනි, නූපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාර නොවන්නේ කුමක්ද? මහණෙනි කුසල අකුසල ධර්මයෝද, වරද නිවරද ධර්මයෝද හීන ප්‍රණීත ධර්මයෝද, යහපත් අයහපත් විපාක ඇති ධර්මයෝද ඇත. එහි බහුලකොට නොමෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද, උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාර නොවන්නේ වෙයි.
“මහණෙනි, නූපන්නාවූ විරිය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ විරිය සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාර නොවන්නේ කුමක්ද? මහණෙනි පටන්ගත් වීර්යයද කෙලෙසුන්ගෙන් නික්මීමේ වීර්යයද දැඩි වීර්යයද ඇත. එහි බහුලකොට නොමෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ විරිය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ විරිය සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාර නොවන්නේ වෙයි.
“මහණෙනි, නූපන්නාවූ පීති සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ පීති සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණ වීම පිණිසද ආහාර නොවන්නේ කුමක්ද? මහණෙනි, පීති සම්බොජ්ඣංගයට කරුණු වූ ධර්මයෝ ඇත. එහි බහුලකොට නොමෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ පීති සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද, උපන්නාවූ පීති සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාර නොවන්නේ වෙයි.
“මහණෙනි, නූපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාර නොවන්නේ කුමක්ද? මහණෙනි, චෛතසිකයන්ගේ සන්සිඳීමක් හා සිතේ සන්සිඳීමක් ඇත. එහි බහුලකොට නොමෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද, උපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාර නොවන්නේ වෙයි.
“මහණෙනි, නූපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාර නොවන්නේ කුමක්ද? මහණෙනි, සමථ අරමුණක්, සිත එකඟ බවට පමුණුවන අරමුණක් ඇත. එහි බහුලකොට නොමෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාර නොවන්නේ වෙයි.
“මහණෙනි, නූපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාර නොවන්නේ කුමක්ද? මහණෙනි, උපෙක්ඛා සම්බොජ්ඣංගයට කරුණුවූ ධර්මයෝ ඇත. එහි බහුලකොට නොමෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාර නොවන්නේ වෙයි.”
|
2. පරියායසුත්තං | 2. පරියාය සූත්‍රය |
233
අථ
අථ ඛො තෙ භික්ඛූ යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ භික්ඛූ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එතදවොචුං -
‘‘සමණො, ආවුසො, ගොතමො සාවකානං එවං ධම්මං දෙසෙති - ‘එථ තුම්හෙ, භික්ඛවෙ, පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ සත්ත බොජ්ඣඞ්ගෙ යථාභූතං භාවෙථා’ති. මයම්පි ඛො, ආවුසො, සාවකානං එවං ධම්මං දෙසෙම - ‘එථ තුම්හෙ, ආවුසො, පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ සත්ත බොජ්ඣඞ්ගෙ යථාභූතං භාවෙථා’ති. ඉධ නො, ආවුසො, කො විසෙසො, කො
අථ ඛො තෙ භික්ඛූ තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං භාසිතං නෙව අභිනන්දිංසු නප්පටික්කොසිංසු; අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා උට්ඨායාසනා පක්කමිංසු - ‘‘භගවතො සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමා’’ති. අථ ඛො තෙ භික්ඛූ සාවත්ථිං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං
‘‘ඉධ
‘‘සමණො, ආවුසො, ගොතමො සාවකානං එවං ධම්මං දෙසෙති ‘එථ තුම්හෙ, භික්ඛවෙ, පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය
‘‘අථ ඛො මයං, භන්තෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං භාසිතං නෙව අභිනන්දිම්හ නප්පටික්කොසිම්හ, අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා උට්ඨායාසනා පක්කමිම්හ - ‘භගවතො සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමා’’’ති.
‘‘එවංවාදිනො
‘‘කතමො
‘‘කතමො
‘‘යදපි
‘‘යදපි, භික්ඛවෙ, කායිකං වීරියං තදපි වීරියසම්බොජ්ඣඞ්ගො, යදපි චෙතසිකං වීරියං තදපි වීරියසම්බොජ්ඣඞ්ගො. ‘වීරියසම්බොජ්ඣඞ්ගො’ති ඉති හිදං උද්දෙසං ගච්ඡති. තදමිනාපෙතං පරියායෙන ද්වයං හොති.
‘‘යදපි
‘‘යදපි, භික්ඛවෙ, කායප්පස්සද්ධි තදපි පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො, යදපි චිත්තප්පස්සද්ධි තදපි පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො. ‘පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො’ති
‘‘යදපි, භික්ඛවෙ, සවිතක්කො සවිචාරො සමාධි තදපි සමාධිසම්බොජ්ඣඞ්ගො, යදපි අවිතක්කඅවිචාරො සමාධි තදපි සමාධිසම්බොජ්ඣඞ්ගො. ‘සමාධිසම්බොජ්ඣඞ්ගො’ති ඉති හිදං උද්දෙසං ගච්ඡති. තදමිනාපෙතං පරියායෙන ද්වයං හොති.
‘‘යදපි, භික්ඛවෙ, අජ්ඣත්තං ධම්මෙසු උපෙක්ඛා තදපි උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො, යදපි බහිද්ධා ධම්මෙසු උපෙක්ඛා තදපි උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො. ‘උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො’ති ඉති හිදං උද්දෙසං ගච්ඡති. තදමිනාපෙතං පරියායෙන ද්වයං හොති. අයං ඛො, භික්ඛවෙ, පරියායො, යං පරියායං ආගම්ම සත්ත බොජ්ඣඞ්ගා චතුද්දසා’’ති. දුතියං.
|
233
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
[2] එකල්හි වනාහි බොහෝ භික්ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පොරවා පා සිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියාහුය. ඉක්බිති ඒ භික්ෂූන්ට මෙබඳු අදහසක් පහළවිය. ‘තවම සැවැත්නුවර පිඬු පිණිස හැසිරීමට කල් වැඩිය. අපි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනකද එතැනට පැමිණෙන්නමෝ නම් යහපති’ කියායි. ඉක්බිති ඒ භික්ෂූහු අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනකද එතැනට ගියාහුය. ගොස් ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටුවූවාය. සතුටුවිය යුතු සිහිකටයුතු කථාවකොට නිමවා එක්පසෙක හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂූන්ට අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ මේ කාරණය කීහ.
[3] “ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ශ්‍රාවකයන්ට මෙසේ දහම් දෙසයි.” ‘මහණෙනි, එව්, නුඹලා නුවණ දුර්වල කරන සිත කිලුටු කරන පංච නීවරණයන් දුරුකොට සප්ත බොධ්‍යංගයන් ඇති සැටියෙන් වඩව්’ යනුයි. ඇවැත්නි, අපිද ශ්‍රාවකයන්ට මෙසේ දහම් දේශනා කරන්නෙමු. ‘ඇවැත්නි, එව්, නුඹලා නුවණ දුර්වල කරන සිත කිලුටුකරන පංචනීවරණයන් දුරුකොට සප්ත බොධ්‍යංගයන් ඇති සැටියෙන් වඩව්’ කියායි.
‘ඇවැත්නි, මෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ අනුශාසනාව හා අපගේ අනුශාසනාවේද ඇති වෙනස කුමක්ද, වෙනස් අදහස කුමක්ද? නානත්වය කුමක්ද? යනුයි.
[4] ඉක්බිති ඒ භික්ෂූහු ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ වචනය පිළිගත්තාහුද නොවූහ. ප්‍රතික්ෂේප කළාහුද නොවූහ. සතුටුද නොවී ප්රතික්ෂේපද නොකොට භාග්‍යවතුන් වහන්සේ වෙතින් මේ කීමේ අර්ථය දැනගන්නෙමුයි” අස්නෙන් නැගිට ගියාහුය.
[5] ඉක්බිති ඒ භික්ෂූහු සැවැත්නුවර පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි ගියාහුය. ගොස් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසක හුන්නාහුය. එක් පසක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීහ. “ස්වාමීනි, අපි මේ පෙරවරු කාලයෙහි හැඳපොරවා පා සිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියෙමු. ස්වාමීනි, ඒ අපට මෙබඳු සිතෙක් විය. ‘සැවැත්නුවර පිඬුපිණිස හැසිරීමට තවම ඉතා උදෑසනය. (කල් වැඩිය.) අපි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනකද එතැන්හි යන්නමෝ නම් හොඳය යනුයි. ඉක්බිති ස්වාමීනි, අපි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනකද එතැනට ගියෙමු. ගොස් ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටුවූවෙමු. සතුටුවිය යුතු සිහිකටයුතු කථාවකොට ඉක්මවා එක්පසක හුන්නෙමු. ස්වාමීනි එක්පසක හුන්නාවූ අපට ඒ අන්‍යතීර්ථක පිරිවැජියෝ මෙසේ කීහ. ‘ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙමේ ශ්‍රාවකයන්ට මෙසේ දහම් දෙසයි (කෙසේද)
‘මහණෙනි, එව්, නුඹලා නුවණ දුර්වල කරන, සිත කිලුටු කරන පංච නීවරණයන් දුරුකොට සප්ත බොධ්‍යංගයන් ඇති සැටියෙන් වඩව්’ කියායි. ඇවැත්නි, අපිද ශ්‍රාවකයන්ට මෙසේ දහම් දෙසමු (කෙසේද)
‘ඇවැත්නි, එව්, නුඹලා නුවණ දුර්වල කරන සිත කිලුටු කරන, පංච නීවරණයන් දුරුකොට සප්ත බොධ්‍යංගයන් ඇති සැටියෙන් වඩව්’ කියායි. ‘ඇවැත්නි, මෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්ම දේශනාව හා අපගේ ධර්මදේශනාවේද ශ්‍රමණ ගෞතමයන්ගේ අනුශාසනාව හා අපගේ අනුශාසනාවේද ඇති වෙනස කුමක්ද? වෙනස් අදහස කුමක්ද? නානත්වය කුමක්ද? යනුයි. එකල්හි වනාහි ස්වාමීනි, අපි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ වචනය පිළිගත්තාහුද නොවෙමු. ප්‍රතික්ෂේප කළාහුද නොවෙමු. පිළිනොගෙන බැහැර නොකොට භාග්‍යවතුන් වහන්සේ වෙතින් මේ කීමේ තේරුම දැනගන්නෙමුයි’ ආසනයෙන් නැගිට ගියෙමු.’
[6] “මහණෙනි, මෙසේ කියන්නාවූ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ කියයුතුය. ‘ඇවැත්නි, යම් ක්‍රමයකින් නීවරණ පස දහයක් වෙත්ද, බොධ්‍යංග සත, දහහතරක් වෙත්ද, එබඳු ක්‍රමයක් ඇත්තේදැයි’ ඇසීය, මහණෙනි, මෙසේ අසන ලද අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ නොදක්නාහුය. වඩා වෙහෙසට පැමිණෙන්නාහ. ඊට හේතු කවරේද? විෂය නොවූවෙක්හි අසන ලද ප්‍රශ්නයක් බැවිනි. මහණෙනි, දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිත ප්‍රජාව කෙරෙහි දෙව් මිනිසුන් කෙරෙහි තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයකු හෝ මේ ශාසනයෙහි ඇසුවෙක් හෝ හැර යමෙක් මේ ප්‍රශ්න විසඳීමෙන් සිත්ගන්නේ වේද, එබඳු කෙනෙකු මම නොදකිමි.
[7] “මහණෙනි යම් ක්‍රමයකින් නීවරණ පස දශයක් වෙත්ද ඒ ක්‍රමය කවරේද? මහණෙනි, තමාගේ පංචස්කන්ධයන් කෙරෙහි යම් තෘෂ්ණාවක් වේද, එයද නීවරණයකි. අනුන්ගේ පංචස්කන්ධයන් කෙරෙහි යම් කාම තෘෂ්ණාවක් වේද, එයද නීවරණයකි. මේ දෙකම කාමච්ඡන්ද නීවරණ යන සංඛ්‍යාවට පැමිණෙත්. මේ ක්‍රමයෙන් කාමච්ඡන්දනීවරණය දෙකක් වෙයි. මහණෙනි, තමාගේ අත්පා ආදීන්කෙරෙහි යම් ක්රෝධයක්වේද, එයද නීවරණයකි. අනුන්ගේ අත් පා ආදිය කෙරෙහි යම් ක්රෝධයක්වේද, එයද නීවරණයකි. මේ දෙකම ව්‍යාපාද නීවරණ යන සංඛ්‍යාවට පැමිණෙයි. මේ ක්‍රමයෙන් ව්‍යාපාද නීවරණය දෙකක් වෙයි.
[8] “මහණෙනි, සිතේ යම් අලසකමක්වේද, එයද නීවරණයකි චෛතසිකයන්ගේ යම් අලසකමක්වේද, එයද නීවරණයකි. මේ දෙකම ථිනමිද්ධ නීවරණ යන සංඛ්‍යාවට පැමිණෙයි. මේ ක්‍රමයෙන් ථිනමිද්ධ නීවරණය දෙකක් වෙයි. මහණෙනි, යම් සිතේ නොසන්සුන්කමක්වේද, එයද නීවරණයකි. යම් පසුතැවීමක්වේද, එයද නීවරණයකි. මේ දෙකම උද්ධච්ච කුක්කුච්ච නීවරණයයි උදෙසීමට පැමිණෙයි. මේ ක්‍රමයෙන් උද්ධච්ච කුක්කුච්ච නීවරණය දෙකක් වෙයි.
“මහණෙනි, තමාගේ ස්කන්ධයන්හි යම් සැකයක් වේද, එයද නීවරණයකි. පිටත (අන් තැන්හි) යම් සැකයක් වේද, එයද නීවරණයකි. මේ දෙකම විචිකිච්ඡා නීවරණ සංඛ්‍යාවට පැමිණෙයි මේ ක්‍රමයෙන් විචිකිච්ඡා නීවරණය දෙකක් වෙයි. මහණෙනි යම් ක්‍රමයකින් නීවරණ පස දශයක් වෙත්ද, මේ ඒ ක්‍රමයයි.
[9] “මහණෙනි, යම් ක්‍රමයකින් බොධ්‍යංග සත දහහතරක් වෙත්ද, ඒ ක්‍රමය කවරේද? මහණෙනි, තමාගේ ස්කන්ධයන් කෙරෙහි යම් සිහියක්වේද, එයද සති සම්බොධ්‍යංගයයි. අනුන්ගේ ස්කන්ධයන් කෙරෙහි යම් සිහියක්වේද, එයද සති සම්බොධ්‍යංගයයි. මේ දෙකම සති සම්බොධ්‍යංග යන සංඛ්‍යාවට පැමිණෙයි. මේ ක්‍රමයෙන් සති සම්බොධ්‍යංගය දෙකක් වෙයි.
[10] “මහණෙනි, අධ්‍යාත්මික ධර්මයන් කෙරෙහි යමක් නුවණින් (ඒ ඒ ධර්මයන්ගේ ලක්ෂණ) සොයයිද, (එහි නුවණ) හසුරවයිද, විමසීමට පැමිණෙයිද එයද ධම්මවිචය සම්බොධ්‍යංගයයි. බාහිර ධර්මයන් කෙරෙහි නුවණින් යමක් සොයයිද, හසුරුවයිද, විමසීමට පැමිණෙයිද, එයද ධම්මවිචය සම්බොධ්‍යංගයයි. මේ දෙකම ධම්මවිචය සම්බොධ්‍යංග යන සංඛ්‍යාවට පැමිණෙයි. මේ ක්‍රමයෙන් ධම්මවිචය සම්බොධ්‍යංගයද දෙකක් වෙයි. මහණෙනි, යම් කායිකවීර්යයක් වේද, එයද විරිය සම්බොධ්‍යංගයයි. යම් චෛතසික වීර්යයක් වේද, එයද විරිය සම්බොධ්‍යංගයයි. මේ දෙකම විරිය සම්බොධ්‍යංග යන සංඛ්‍යාවට පැමිණෙයි. මේ ක්‍රමයෙන් විරිය සම්බොධ්‍යංගයද දෙකක් වෙයි.
[11] “මහණෙනි, විතර්ක සහිතවූ විචාර සහිතවූ යම් ප්‍රීතියක් වේද එයද පීති සම්බොධ්‍යංගයයි. විතර්ක රහිතවූ, විචාර රහිතවූ යම් ප්රීතියක්වේද, එයද පීති සම්බොධ්‍යංගයයි. මේ දෙකම පීති සම්බොධ්‍යංග යන සංඛ්‍යාවට පැමිණෙයි. මේ ක්‍රමයෙන් පීති සම්බොධ්‍යංගයද දෙකක් වෙයි. මහණෙනි, චෛතසිකයන්ගේ සන්සිඳීමක් වේද, එයද පස්සද්ධි සම්බොධ්‍යංගයයි. සිතේ යම් සන්සිඳීමක් වේද එයද පස්සද්ධි සම්බොධ්‍යංගයයි. මේ දෙකම පස්සද්ධි සම්බොධ්‍යංග යන සංඛ්‍යාවට පැමිණෙයි. මේ ක්‍රමයෙන් පස්සද්ධි සම්බොධ්‍යංගයද දෙකක් වෙයි.
[12]“මහණෙනි, විතර්ක සහිතවූ, විචාර සහිතවූ යම් සමාධියක්වේද, එයද සමාධි සම්බොධ්‍යංගයයි. විතර්ක රහිතවූ, විචාර රහිතවූ, යම් සමාධියක් වේද, එයද සමාධි සම්බොධ්‍යංගයයි. මේ දෙකම සමාධි සම්බොධ්‍යංගයයි උදෙසීමට පැමිණෙයි. මේ ක්‍රමයෙන් සමාධි සම්බොධ්‍යංගයද දෙකක් වෙයි.
[13] “මහණෙනි, අධ්‍යාත්මික ධර්මයන්හි යම් උපේක්ෂාවක්වේද, එයද උපෙක්ඛා සම්බොධ්‍යංගයයි. බාහිර ධර්මයන්හි යම් උපේක්ෂාවක්වේද, එයද උපෙක්ඛා සම්බොධ්‍යංගයයි. මේ දෙකම උපෙක්ඛා සම්බොධ්‍යංගයයි උදෙසීමට පැමිණෙයි. මේ ක්‍රමයෙන් මේ උපෙක්ඛා සම්බොධ්‍යංගය දෙකක් වෙයි. මහණෙනි, යම් ක්‍රමයකින් බොධ්‍යංග සත, දස සතරක් වෙත්ද, මේ ඒ ක්‍රමයයි” යනුයි.
|
3. අග්ගිසුත්තං | 3. අග්ගි සූත්‍රය |
234
අථ
‘‘එවංවාදිනො, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා - ‘යස්මිං, ආවුසො, සමයෙ ලීනං චිත්තං හොති, කතමෙසං තස්මිං සමයෙ බොජ්ඣඞ්ගානං අකාලො භාවනාය, කතමෙසං තස්මිං සමයෙ බොජ්ඣඞ්ගානං කාලො භාවනාය? යස්මිං පනාවුසො, සමයෙ උද්ධතං චිත්තං හොති, කතමෙසං තස්මිං සමයෙ බොජ්ඣඞ්ගානං අකාලො භාවනාය, කතමෙසං තස්මිං සමයෙ බොජ්ඣඞ්ගානං කාලො භාවනායා’ති? එවං පුට්ඨා
‘‘නාහං තං, භික්ඛවෙ, පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය යො ඉමෙසං පඤ්හානං වෙය්යාකරණෙන
‘‘යස්මිං, භික්ඛවෙ, සමයෙ ලීනං චිත්තං හොති, අකාලො තස්මිං සමයෙ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය, අකාලො සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය, අකාලො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය. තං කිස්ස හෙතු? ලීනං, භික්ඛවෙ, චිත්තං තං එතෙහි ධම්මෙහි දුස්සමුට්ඨාපයං හොති.
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, පුරිසො පරිත්තං අග්ගිං උජ්ජාලෙතුකාමො අස්ස. සො තත්ථ අල්ලානි
‘‘එවමෙව ඛො, භික්ඛවෙ, යස්මිං සමයෙ ලීනං චිත්තං හොති, අකාලො තස්මිං සමයෙ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය, අකාලො සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය, අකාලො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය. තං කිස්ස හෙතු? ලීනං, භික්ඛවෙ, චිත්තං තං එතෙහි ධම්මෙහි දුස්සමුට්ඨාපයං හොති.
‘‘යස්මිඤ්ච ඛො, භික්ඛවෙ, සමයෙ ලීනං චිත්තං හොති, කාලො තස්මිං
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, පුරිසො පරිත්තං අග්ගිං උජ්ජාලෙතුකාමො අස්ස. සො තත්ථ සුක්ඛානි චෙව තිණානි පක්ඛිපෙය්ය, සුක්ඛානි ගොමයානි පක්ඛිපෙය්ය, සුක්ඛානි කට්ඨානි පක්ඛිපෙය්ය, මුඛවාතඤ්ච දදෙය්ය, න ච පංසුකෙන ඔකිරෙය්‍ය; භබ්බො නු ඛො සො පුරිසො පරිත්තං අග්ගිං උජ්ජාලිතු’’න්ති? ‘‘එවං, භන්තෙ’’.
‘‘එවමෙව ඛො, භික්ඛවෙ, යස්මිං සමයෙ ලීනං චිත්තං හොති, කාලො තස්මිං සමයෙ ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය, කාලො වීරියසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය, කාලො පීතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය. තං කිස්ස හෙතු? ලීනං, භික්ඛවෙ, චිත්තං තං එතෙහි ධම්මෙහි සුසමුට්ඨාපයං හොති.
‘‘යස්මිං
‘‘සෙය්යථාපි
‘‘එවමෙව ඛො, භික්ඛවෙ, යස්මිං සමයෙ උද්ධතං චිත්තං හොති, අකාලො තස්මිං සමයෙ ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය, අකාලො වීරියසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය, අකාලො පීතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය. තං කිස්ස හෙතු? උද්ධතං, භික්ඛවෙ, චිත්තං තං එතෙහි ධම්මෙහි දුවූපසමයං හොති.
‘‘යස්මිඤ්ච ඛො, භික්ඛවෙ, සමයෙ උද්ධතං චිත්තං හොති, කාලො තස්මිං සමයෙ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය, කාලො සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය, කාලො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය. තං කිස්ස හෙතු? උද්ධතං, භික්ඛවෙ, චිත්තං තං එතෙහි ධම්මෙහි සුවූපසමයං හොති.
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, පුරිසො මහන්තං අග්ගික්ඛන්ධං නිබ්බාපෙතුකාමො අස්ස. සො තත්ථ අල්ලානි චෙව තිණානි පක්ඛිපෙය්ය, අල්ලානි ච ගොමයානි පක්ඛිපෙය්ය, අල්ලානි ච කට්ඨානි පක්ඛිපෙය්ය, උදකවාතඤ්ච දදෙය්ය, පංසුකෙන ච ඔකිරෙය්‍ය; භබ්බො නු ඛො සො පුරිසො මහන්තං අග්ගික්ඛන්ධං නිබ්බාපෙතු’’න්ති? ‘‘එවං, භන්තෙ’’.
‘‘එවමෙව ඛො, භික්ඛවෙ, යස්මිං සමයෙ උද්ධතං චිත්තං
|
234
(1, 2, 3, 4, 5 මේ ඡේද, මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 1, 2, 3, 4, 5 ඡේද මෙන් වේ.)
“මහණෙනි, මෙසේ කියන්නාවූ පරිබ්‍රාජකයන්ට මෙසේ කියයුතුය. ඇවැත්නි, යම් වේලාවක සිත හැකුලුණේ වෙයිද, එකල්හි කවර බොධ්‍යංගයන් වැඩීමට කාලය නොවේද? එකල්හි කවර බොධ්‍යංගයන් වැඩීමට කාලය වේද? ඇවැත්නි, යම් කාලයක සිත විසිරගියේ වේද, එකල්හි කවර බොධ්‍යංගයන් වැඩීමට කාලය නොවේද? එකල්හි කවර බොධ්‍යංගයන් වැඩීමට කාලය වේද? මහණෙනි, මෙසේ අසන ලද්දාහු අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ පිළිතුරු නොසපයන්නාහුය. වඩාත් වෙහෙසට පැමිණෙන්නාහ. ඊට හේතු කවරේද? විෂය නොවූවෙක්හි අසන ලද ප්‍රශ්නයක් බැවිනි. මහණෙනි, දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ ලෝකයෙහි, මහණ බමුණන් සහිත ප්‍රජාව කෙරෙහි දෙව් මිනිසුන් කෙරෙහි තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයකු හෝ මේ ශාසනයෙන් ඇසුවකු හෝ හැර යමෙක් මේ ප්‍රශ්න විසඳීමෙන් සිත් ගන්නේද එබඳු කෙනෙකු මම නොදකිමි.
“මහණෙනි. යම් කාලයක සිත හැකුලුණේ වේද, එකල්හි පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවේ. සමාධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවේ. උපේක්ෂා සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවේ. ඊට හේතු කවරේද? මහණෙනි, සිත හැකුළුණේ වෙයි. ඒ හැකුලුණ සිත මේ ධර්මයන්ගෙන් නගාසිටුවීමට දුෂ්කර වෙයි.
“මහණෙනි, යම්සේ වනාහි පුරුෂයෙක් තෙම ස්වල්ප ගින්නක් දල්වනු කැමැත්තේ වේද, හෙතෙම එහි අමු තණකොළද දමන්නේය. අමු ගොමද දමන්නේය. අමු දරද දමන්නේය. තෙත වාතයද දෙන්නේය. පස්ද දමන්නේය. ඒ පුරුෂ තෙම ස්වල්ප ගින්න දල්වන්නට හැකිවන්නේද?” “ස්වාමීනි, එය නොවේමය.”
“මහණෙනි, එපරිද්දෙන් යම් වේලාවක සිත හැකුලුණේද, එකල්හි පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවෙයි. සමාධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවෙයි. උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවෙයි. ඊට හේතුව කවරේද? මහණෙනි, සිත හැකුළුණේ වෙයි. ඒ හැකුළුණු සිත මේ ධර්මයන්ගෙන් නගාසිටුවීමට නොහැකි වෙයි.
“මහණෙනි, යම් කාලයක සිත හැකුලුණේ වේද, එකල්හි ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. විරිය සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. පීති සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, සිත හැකුළුණේ ඒ හැකුළුණු සිත මේ ධර්මයන්ගෙන් මනාකොට නගාසිටුවන්නේ වෙයි.
“මහණෙනි, යම්සේ වනාහි පුරුෂතෙම ස්වල්ප ගින්නක් දල්වනු කැමැත්තේ වෙයිද, හෙතෙම එහි වියලි තණද දමන්නේය. වියලුණ ගොමද දමන්නේය. වියලුණ දරද දමන්නේය. මුඛ වාතයද දෙන්නේය. පස් නොදමන්නේය. ඒ පුරුෂතෙම ස්වල්ප ගින්න දල්වන්නට හැක්කේද?” “ස්වාමීනි එසේය.”
“මහණෙනි, එපරිද්දෙන් යම් කාලයක සිත හැකුලුණේ වේද එකල්හි ධම්ම විචය සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. විරිය සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. පීති සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, සිත හැකුළුණේය. ඒ හැකුළුණු සිත මේ ධර්මයන්ගෙන් මනාකොට නගාසිටුවීමට හැකි වෙයි.
“මහණෙනි, යම් කාලයක සිත විසිරගියේ වේද, එකල්හි ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවේ. විරිය සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවේ. පීති සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවේ. ඊට හේතු කවරේද? මහණෙනි, සිත විසිර ගියේය. ඒ විසිරගිය සිත මේ ධර්මයන්ගෙන් සන්සිඳවීමට දුෂ්කර වෙයි.
“මහණෙනි, යම්සේ වනාහි මහත් ගිනි කඳක් නිවනු කැමැත්තේ වෙයිද හෙතෙම එහි වියලි තණද දමන්නේය. වියලි ගොමද දමන්නේය. වියලි දරද දමන්නේය. මුඛ වාතයද දෙන්නේය. පස් නොදමන්නේය. ඒ පුරුෂතෙම මහත් ගිනිකඳ නිවීමට හැකිවේද? - “ස්වාමීනි එය නොවේමය.”
“මහණෙනි, එපරිද්දෙන්ම යම් කාලයක සිත විසිරගියේ වේද, එකල්හි ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ වැඩීමට කාලය නොවේ. විරිය සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවේ. පීති සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවේ. ඊට හේතු කවරේද? මහණෙනි, සිත විසිර ගියේය. ඒ විසිරගිය සිත මේ ධර්මයන්ගෙන් සන්සිඳවීමට දුෂ්කරවෙයි.
“මහණෙනි, යම් කාලයක සිත විසිරගියේ වේද එකල්හි පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. සමාධි සම්බොජ්ඣංගය වැඩීමට කාලයවෙයි. උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, සිත විසිරගියේය. ඒ විසිර ගිය සිත මේ ධර්මයන්ගෙන් මනාකොට සන්සිඳුනේ වෙයි. මහණෙනි, යම්සේ වනාහි පුරුෂතෙම මහත් ගිනිකඳක් නිවනු කැමැත්තේ වන්නේද, හෙතෙම එහි අමු තණකොළද දමන්නේය. අමු ගොමද දමන්නේය. අමු දරද දමන්නේය. තෙත වාතයද දෙන්නේය. පස්ද විසුරවන්නේය. ඒ පුරුෂතෙම මහත් ගිනි කඳක් නිවන්ට හැක්කේ වේද?” - “එසේය ස්වාමීනි.”
“මහණෙනි, එපරිද්දෙන් වනාහි යම් කාලයක සිත විසිරගියේ වේද, එකල්හි පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. සමාධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, සිත විසිර ගියේය. ඒ විසිරගිය සිත මේ ධර්මයන්ගෙන් මනාකොට සන්සිඳුනේ වෙයි. මහණෙනි, සිහිය වනාහි සියළුතන්හි කැමතිවිය යුතුයයි මම කියමි.”
|
4. මෙත්තාසහගතසුත්තං | 4. මෙත්ත සූත්‍රය |
235
එකං
අථ ඛො තෙ භික්ඛූ යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ භික්ඛූ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එතදවොචුං -
‘‘සමණො, ආවුසො, ගොතමො සාවකානං එවං ධම්මං දෙසෙති - ‘එථ තුම්හෙ, භික්ඛවෙ, පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරථ, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං; ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා
‘‘මයම්පි
අථ ඛො තෙ භික්ඛූ තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං භාසිතං නෙව අභිනන්දිංසු නප්පටික්කොසිංසු. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා උට්ඨායාසනා පක්කමිංසු - ‘‘භගවතො සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමා’’ති. අථ ඛො තෙ භික්ඛූ හලිද්දවසනෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං -
‘‘ඉධ මයං, භන්තෙ, පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය හලිද්දවසනෙ පිණ්ඩාය පවිසිම්හ. තෙසං නො, භන්තෙ, අම්හාකං එතදහොසි - ‘අතිප්පගො ඛො තාව හලිද්දවසනෙ පිණ්ඩාය චරිතුං. යංනූන මයං යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමෙය්යාමා’’’ති.
‘‘අථ ඛො මයං, භන්තෙ, යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමිම්හ, උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදිම්හ. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිම්හ. එකමන්තං නිසින්නෙ ඛො අම්හෙ, භන්තෙ, තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එතදවොචුං -
‘‘සමණො, ආවුසො, ගොතමො සාවකානං එවං ධම්මං දෙසෙති - ‘එථ
‘‘මයම්පි ඛො, ආවුසො, සාවකානං එවං ධම්මං දෙසෙම - ‘එථ තුම්හෙ, ආවුසො, පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරථ...පෙ.... කරුණාසහගතෙන චෙතසා...පෙ.... මුදිතාසහගතෙන චෙතසා...පෙ.... උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරථ, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං; ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා
අථ ඛො මයං, භන්තෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං භාසිතං නෙව අභිනන්දිම්හ නප්පටික්කොසිම්හ, අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා උට්ඨායාසනා පක්කමිම්හ - ‘භගවතො සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමා’ති.
‘‘එවංවාදිනො, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා - ‘කථං භාවිතා පනාවුසො, මෙත්තාචෙතොවිමුත්ති, කිංගතිකා හොති, කිංපරමා, කිංඵලා, කිංපරියොසානා? කථං භාවිතා පනාවුසො, කරුණාචෙතොවිමුත්ති, කිංගතිකා හොති, කිංපරමා, කිංඵලා, කිංපරියොසානා? කථං භාවිතා පනාවුසො, මුදිතාචෙතොවිමුත්ති, කිංගතිකා හොති, කිංපරමා, කිංඵලා, කිංපරියොසානා? කථං භාවිතා පනාවුසො, උපෙක්ඛාචෙතොවිමුත්ති, කිංගතිකා හොති, කිංපරමා, කිංඵලා, කිංපරියොසානා’’’ති? එවං පුට්ඨා, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා
‘‘කථං
‘‘කථං භාවිතා ච, භික්ඛවෙ, කරුණාචෙතොවිමුත්ති, කිංගතිකා හොති, කිංපරමා, කිංඵලා, කිංපරියොසානා? ඉධ, භික්ඛවෙ, භික්ඛු කරුණාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති...පෙ....
‘‘කථං භාවිතා ච, භික්ඛවෙ, මුදිතාචෙතොවිමුත්ති, කිංගතිකා හොති, කිංපරමා, කිංඵලා, කිංපරියොසානා? ඉධ, භික්ඛවෙ, භික්ඛු මුදිතාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති...පෙ.... මුදිතාසහගතං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සො සචෙ ආකඞ්ඛති ‘අප්පටිකූලෙ පටිකූලසඤ්ඤී විහරෙය්ය’න්ති, පටිකූලසඤ්ඤී තත්ථ විහරති
‘‘කථං
|
235
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කෝලිය ජනපදයෙහි කෝලියවංශිකයන්ගේ හලිද්දවසන නම් නියම් ගමක්වීද එහි වැඩවාසය කරන සේක.
[2] එකල්හි වනාහි බොහෝ භික්ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පොරවා පා සිවුරු ගෙන හලිද්දවසන නම් නියම් ගමට පිඬු පිණිස ගියාහුය. එකල්හි වනාහි ඒ භික්ෂූන්ට මෙබඳු සිතක් විය. ‘හලිද්දවසනයෙහි පිඬු පිණිස හැසිරීමට තවම උදෑසන වැඩිය. අපි අන්‍යතීර්ථක පිරිවැජියන්ගේ ආරාමය යම් තැනකද එතැන්හි යන්නෙමු නම් යහපති’ කියායි. ඉක්බිති අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනකද එතැන්හි ගියාහුය. ගොස් ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටු වූවාහුය. සතුටු වියයුතුවූ සිහි කටයුතුවූ කථාවකොට නිමවා එකත්පසක හුන්හ. එකත්පසක හුන් කල්හි ඒ භික්ෂූන්ට ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ කීහ.
“ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙමේ ශ්‍රාවකයන්ට මෙසේ දහම් දෙසයි. ‘මහණෙනි, තෙපි එව්.
[3] “සිත කෙලෙසන නුවණ දුර්වලකරන පංචනීවරණයන් දුරුකොට මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එපරිද්දෙන් දෙවෙනි දිශාවද, එපරිද්දෙන් තුන්වෙනි දිශාවද, එපරිද්දෙන් සතරවෙනි දිශාවද, පතුරුවා වසව්. මෙසේ උඩ යට අනුදිග යන සියළු තන්හි සියළු සත්වයන් තමා මෙන් කොට සිතීමෙන් සියළු සත්වලෝකයා කෙරෙහි මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, ව්‍යාපාද රහිතවූ, මෛත්‍රී සහගත සිත පතුරුවා වාසය කරව්.
[4] “කරුණා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වෙනි දිශාවද එසේම සතරවෙනි දිශාවද පතුරුවා වසව්. මෙසේ උඩ යට අනුදිගයන සියළුතන්හි සියළු සත්වයන් තමා මෙන්කොට සිතීමෙන් සියළු සත්වලෝකයා කෙරෙහි මහත්වූ මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, ව්‍යාපාද රහිතවූ, කරුණා සහගත සිත පතුරුවා වාසය කරව්.
[5] “මුදිතා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එසේම දෙවෙනි දිශාවද එසේම තුන්වෙනි දිශාවද එසේම සතරවෙනි දිශාවද පතුරුවා වාසය කරවු. මෙසේ උඩ යට අනුදිග යන සියළුතන්හි සියළු සත්වයන් තමාමෙන් සිතීමෙන් සියළු සත්ව ලෝකයා කෙරෙහි මහත්වූ මහත්ගතවූ, අප්‍රමාණවූ අවෛරවූ, ව්‍යාපාද රහිතවූ, මුදිතාසහගත සිත පතුරුවා වාසය කරවු.
[6] “උපෙක්ඛා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වෙනි දිශාවද, එසේම සතරවෙනි දිශාවද, පතුරුවා වාසයකරවූ, මෙසේ උඩ යට අනුදිග සියළු තන්හි සියළු සත්වයන් තමාමෙන් සිතීමෙන් සියළු සත්වලෝකයා කෙරෙහි මහත්වූ මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, ව්‍යාපාද රහිතවූ, උපේක්ෂා සහගත සිත පතුරුවා වාසය කරව්.”
“ඇවැත්නි, අපිදු ශ්‍රාවකයන්ට මෙසේ දහම් දේශනා කරන්නෙමු” ඇවැත්නි, තෙපි එව්.
[7-10] (මේ ඡේද මේ සූත්‍රයේ 3, 4, 5, 6 වෙනි ඡේද මෙනි)
[11] ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයන්ගේ හා අපගේ යම් ධර්මදේශනාවක් වේද, යම් අනුශාසනාවක් වේද, මෙහි කවර වෙනසක්වේද, කවර වෙනස් අදහසක්වේද, කවර නානත්වයක් වේද?”
[12] (මේ ඡේදය මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදය මෙනි)
[13] ඉක්බිති ඒ භික්ෂූහු හලිද්දවසනයෙහි පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණාහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්හ. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි, අපි මෙහි පෙරවරු කාලයෙහි හැඳ පෙරවා පා සිවුරුගෙන හලිද්දවසනයට පිඬු පිණිස ගියෙමු. ස්වාමීනි, ඒ අපට මෙබඳු සිතක් විය.
‘හලිද්දවසනයෙහි පිඬු පිණිස හැසිරීමට තවම උදෑසන වැඩිය. අපි අන්‍යතීර්ථක පිරිවැජියන්ගේ ආරාමය යම්තැනකද එතැනට යන්නෙමු නම් හොඳය කියායි. ස්වාමීනි එකල්හි වනාහි අපි අන්‍යතීර්ථක පිරිවැජියන්ගේ ආරාමය යම් තැනකද එතනට ගියෙමු. ගොස් ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටු වූයෙමු. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ, කථාවකොට නිමවා එක් පසක හුන්නෙමු. ස්වාමීනි, එක් පසක හුන්කල්හි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ අපට මෙය කීහ. ‘ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙමේ ශ්‍රාවකයන්ට මෙසේ දහම් දෙසයි. මහණෙනි, තෙපි එව්,
[14-17] (මේ ඡේද මේ සූත්‍රයේ 3, 4, 5, 6 වෙනි ඡේද මෙනි.)
[18] (මේ ඡේදය මේ සූත්‍රයේ 11 වෙනි ඡේදය මෙනි.)
[19] “ඉක්බිති ස්වාමීනි, අපි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ කීමට සතුටුද නොවීමු. ප්රතික්ෂේපද නොකෙළෙමු. සතුටුද නොවී ප්රතික්ෂේපද නොකොට අස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ වෙතින් මේ කීමේ තේරුම දැනගන්නෙමුයි ගියෙමු” යනුයි.
[20] “මහණෙනි, මෙසේ කියන්නාවූ, අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ කිය යුතුය. ‘ඇවැත්නි, කෙසේ වඩන ලද මෛත්‍රී සමාධිය කිනම් නිපදවීමක් ඇත්තේද? කුමක් පරමකොට ඇත්තේද, කුමක් අනුසස්කොට ඇත්තේද, කුමක් අවසානයකොට ඇත්තේද? කෙසේ වඩනාලද කරුණා සමාධිය කුමක් නිපදවීමකොට ඇත්තේද? කුමක් පරමකොට ඇත්තේද? කුමක් අනුසස්කොට ඇත්තේද? කුමක් අවසානය කොට ඇත්තේද? කෙසේ වඩනාලද මුදිතා සමාධිය කුමක් නිපදවීමකොට ඇත්තේද? කුමක් පරමකොට ඇත්තේද? කුමක් අනුසස්කොට ඇත්තේද? කුමක් අවසානයකොට ඇත්තේද? කෙසේ වඩනලද උපේක්ෂා සමාධිය කුමක් පරමකොට ඇත්තේද? කුමක් අනුසස්කොට ඇත්තේද? කුමක් අවසානයකොට ඇත්තේද? කියායි.
[21] “මහණෙනි, මෙසේ අසනලද අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ පිළිතුරු සැපයීමට නොහැකි වන්නාහ. වඩාත් වෙහෙසට පැමිණෙන්නාහ. ඊට හේතුව කවරේද? මහණෙනි, එය ඔවුන්ට අවිෂය බැවිනි. මහණෙනි, දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි, මහණ බමුණන් සහිත ප්‍රජාව අතුරෙහි, දෙව් මිනිසුන් අතුරෙහි තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ මේ සාසනයෙන් ඇසුවක් හෝ හැර යමෙක් මේ ප්‍රශ්න විසඳන්නේ නම් (එබඳුකෙනෙකු) මම නුවණැසින් නොමදකිමි.
[22] “මහණෙනි, කෙසේ වඩනා ලද මෛත්‍රී සමාධිය කුමක් නිපදවීම කොට ඇත්තේද, කුමක් පරම කොට ඇත්තේද, කුමක් අනුසස් කොට ඇත්තේද, කුමක් අවසානකොට ඇත්තේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ විවේකය ඇසුරුකළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුණු මෛත්‍රී සහගත සති සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මෛත්‍රී සහගත ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුණු මෛත්‍රී සහගත විරිය සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මෛත්‍රී සහගත පීති සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මෛත්‍රී සහගත පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මෛත්‍රී සහගත සමාධි සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මෛත්‍රී සහගත උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයිද,
“ඉදින් හෙතෙම පිළිකුල් නොවූවෙහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේ නම්, එහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරයි. ඉදින් හෙතෙම පිළිකුල් වූවෙහි පිළිකුල් හැඟීම නැතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් සංඥාව නැතිව වාසය කරයි. ඉදින් පිළිකුල් නොවූවෙහිද, පිළිකුල් වූවෙහිද පිළිකුල් හැඟීම ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරයි. ඉදින් පිළිකුල් වූවෙහිද, පිළිකුල් නොවූවෙහිද පිළිකුල් හැඟීම නැතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් සංඥාව නැතිව වාසය කරයි. ඉදින් පිළිකුල් නොවුවද පිළිකුල් වුවද යන ඒ දෙක දුරුකොට සිහි ඇතිව මනා නුවණැතිව උපේක්ෂා ඇත්තේව වාසය කරන්නෙමියි කැමැත්තේ නම් එහි සිහි ඇතිව, මනා නුවණැතිව උපේක්ෂා ඇතිව වාසය කරයි. සුභවූ විමෝක්ෂයට හෝ පැමිණ වාසය කරයි. මහණෙනි, මම ලෝකෝත්තර ධර්මය අවබෝධ නොකළාවූ මහණහට සුභය කෙළවරකොට ඇති මෛත්‍රී සමාධිය කියමි.
[23] “මහණෙනි, කෙසේ වඩනා ලද කරුණා සමාධිය කුමක් නිපදවීම කොට ඇත්තේද, කුමක් පරමකොට ඇත්තේද, කුමක් අනුසස් කොට ඇත්තේද, කුමක් කෙළවර ඇත්තේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු කරුණා සහගත සති සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු කරුණා සහගත ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු කරුණා සහගත විරිය සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු කරුණා සහගත පීති සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු කරුණා සහගත පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු කරුණා සහගත සමාධි සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු කරුණා සහගත උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයිද, ඉදින් හෙතෙම පිළිකුල් නොවූවෙහි පිළිකුල් හැඟීම ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරයි. ඉදින් පිළිකුල් වූවෙහි පිළිකුල් හැඟීම නැතිව වාසය කරන්නෙමියි කැමැත්තේ නම් එහි පිළිකුල් හැඟීම නැතිව වාසය කරයි. ඉදින් පිළිකුල් නොවූවෙහිද පිළිකුල් වූවෙහිද පිළිකුල් හැඟීම ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් හැඟීම ඇතිව වාසය කරයි. ඉදින් පිළිකුල් වූවෙහිද පිළිකුල් නොවූවෙහිද පිළිකුල් නැත්තේය යන හැඟීම ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි නොපිළිකුල් හැඟීම ඇතිව වාසය කරයි. ඉදින් පිළිකුල් නොවූවද පිළිකුල් වුවද යන දෙක දුරුකොට සිහි ඇතිව මනා නුවණැතිව උපේක්ෂාවෙන් යුක්තව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි සිහි ඇතිව මනා නුවණැතිව උපේක්ෂාවෙන් යුක්තව වාසය කරයි. සියළු ආකාරයෙන්ම රූප සංඥාවන්ගේ දුරලීමෙන් හැපීම් සහිත රූප සංඥාවන්ගේ බැහැරලීමෙන් නානත්ත සංඥාවන්ගේ මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසාඤ්චායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, මම ලෝකෝත්තර ධර්මය අවබෝධ නොකරන්නාවූ මහණහට ආකාසානඤ්චායතනය කෙළවරකොට කරුණා චේතෝ විමුක්තිය කියමි.
[24] “මහණෙනි, කෙසේ වඩන ලද මුදිතා සමාධිය කුමක් නිපදවීම කොට ඇත්තේද? කුමක් පරම කොට ඇත්තේද? කුමක් අනුසස් කොට ඇත්තේද? කුමක් කෙළවර කොට ඇත්තේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මුදිතා සහගත සති සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මුදිතා සහගත ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මුදිතා සහගත විරිය සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මුදිතා සහගත පීති සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මුදිතා සහගත පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මුදිතා සහගත සමාධි සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මුදිතා සහගත උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයිද,
“ඉදින් හෙතෙම පිළිකුල් නොවූවෙහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරයි. ඉදින් හෙතෙම පිළිකුල්වූවෙහි පිළිකුල් හැඟීම නැතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් සංඥාව නැතිව වාසය කරයි. ඉදින් පිළිකුල් නොවූවෙහිද, පිළිකුල් වූවෙහිද පිළිකුල් හැඟීම ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරයි. ඉදින් පිළිකුල් වූවෙහිද පිළිකුල් නොවූවෙහිද පිළිකුල් හැඟීම නැතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් හැඟීම නැතිව වාසය කරයි.
“ඉදින් පිළිකුල් නොවූවද, පිළිකුල් වුවද යන දෙක දුරු කොට සිහි ඇතිව මනා නුවණැතිව උපේක්ෂාවෙන් යුක්තව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි සිහි ඇතිව මනා නුවණැතිව උපේක්ෂාවෙන් යුක්තව වාසය කරයි. සියළු ආකාරයෙන්ම ආකාසානඤ්චායතනය දුරුකොට විඥානය අනන්තයයි විඥානඤ්චායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, මම ලෝකෝත්තර ධර්මය අවබෝධ නොකරන්නාවූ මහණහට විඥානඤ්චායතනය කෙළවර කොට ඇති මුදිතා චේතෝ විමුක්තිය කියමි.
[25] “මහණෙනි, කෙසේ වඩනා ලද උපේක්ෂා චේතෝ විමුක්තිය කුමක් නිපදවීම කොට ඇත්තේද? කුමක් පරම කොට ඇත්තේද? කුමක් අනුසස් කොට ඇත්තේද? කුමක් කෙළවර කොට ඇත්තේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණාවූ උපේක්ෂා සහගත සති සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණාවූ උපේක්ෂා සහගත ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ නිවනට නැමුණාවූ උපෙක්ඛා සහගත විරිය සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණාවූ උපේක්ෂා සහගත පීති සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණාවූ උපේක්ෂා සහගත පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණාවූ උපේක්ෂා සහගත සමාධි සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, කෙලෙස් නැතිකිරීම ඇසුරු කළ නිවන් පිණිස නැමුණාවූ උපේක්ෂා සහගත උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයිද, ඉදින් හෙතෙම පිළිකුල් නොවූවෙහි පිළිකුල් හැඟීම ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් හැඟීම ඇතිව වාසය කරයි. ඉදින් පිළිකුල් වූවෙහි පිළිකුල් හැඟීම නැතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් හැඟීම නැතිව වාසය කරයි. ඉදින් පිළිකුල් නොවූවෙහිද පිළිකුල් වූවෙහිද පිළිකුල් හැඟීම ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් හැඟීම ඇතිව වාසය කරයි. ඉදින් පිළිකුල් වූවෙහිද පිළිකුල් නොවූවෙහිද පිළිකුල් හැඟීම නැතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් හැඟීම නැතිව වාසය කරයි. ඉදින් පිළිකුල් නොවූවද, පිළිකුල් වුවද යන ඒ දෙක හැර සිහි ඇතිව මනා නුවණැතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි සිහි ඇතිව මනා නුවණැතිව උපේක්ෂාවෙන් යුක්තව වාසය කරයි. සියළු ආකාරයෙන් වනාහි විඥානඤ්චායතනය දුරුකොට කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, ලෝකෝත්තර ධර්මය අවබෝධ නොකරන්නාවූ මහණහට උපේක්ෂා සමාධිය ආකිඤ්චඤ්ඤායතනය කෙළවරකොට ඇතැයි මම කියමියි වදාළේය.
|
5. සඞ්ගාරවසුත්තං | 5. සංගාරව සූත්‍රය |
236
සාවත්ථිනිදානං
‘‘කො
‘‘යස්මිං ඛො, බ්‍රාහ්මණ, සමයෙ කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති, පරත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති, උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති; දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා.
‘‘සෙය්යථාපි, බ්‍රාහ්මණ, උදපත්තො සංසට්ඨො ලාඛාය වා හලිද්දියා වා නීලියා වා මඤ්ජිට්ඨාය වා. තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං න ජානෙය්ය න පස්සෙය්ය. එවමෙව ඛො, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි තස්මිං
‘‘පුන
‘‘සෙය්යථාපි, බ්‍රාහ්මණ, උදපත්තො අග්ගිනා සන්තත්තො පක්කුථිතො
(පක්කුධිතො (ක.), උක්කට්ඨිතො (සී.), උක්කුට්ඨිතො (ස්‍යා.)) උස්මුදකජාතො
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ ථිනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරති ථිනමිද්ධපරෙතෙන, උප්පන්නස්ස ච ථිනමිද්ධස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති, පරත්ථම්පි...පෙ.... උභයත්ථම්පි තස්මිං සමයෙ
‘‘සෙය්යථාපි, බ්‍රාහ්මණ, උදපත්තො සෙවාලපණකපරියොනද්ධො. තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන චෙතසා විහරති උද්ධච්චකුක්කුච්චපරෙතෙන, උප්පන්නස්ස ච උද්ධච්චකුක්කුච්චස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති, පරත්ථම්පි...පෙ....
‘‘සෙය්යථාපි, බ්‍රාහ්මණ, උදපත්තො වාතෙරිතො චලිතො භන්තො ඌමිජාතො. තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති විචිකිච්ඡාපරෙතෙන, උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති, පරත්ථම්පි...පෙ.... උභයත්ථම්පි... දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා.
‘‘සෙය්යථාපි, බ්‍රාහ්මණ, උදපත්තො ආවිලො ලුළිතො කලලීභූතො අන්ධකාරෙ නික්ඛිත්තො. තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං න ජානෙය්ය න
‘‘යස්මිඤ්ච ඛො, බ්‍රාහ්මණ, සමයෙ න කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති න කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ
‘‘සෙය්යථාපි
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ න බ්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති න බ්යාපාදපරෙතෙන, උප්පන්නස්ස ච
‘‘සෙය්යථාපි, බ්‍රාහ්මණ, උදපත්තො න අග්ගිනා සන්තත්තො න පක්කුථිතො න උස්මුදකජාතො, තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං ජානෙය්ය පස්සෙය්ය
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ න ථිනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරති න ථිනමිද්ධපරෙතෙන, උප්පන්නස්ස ච ථිනමිද්ධස්ස නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං ජානාති පස්සති, පරත්ථම්පි...පෙ.... උභයත්ථම්පි
‘‘සෙය්යථාපි, බ්‍රාහ්මණ, උදපත්තො න සෙවාලපණකපරියොනද්ධො. තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං
‘‘පුන
‘‘සෙය්යථාපි, බ්‍රාහ්මණ, උදපත්තො න වාතෙරිතො න චලිතො න භන්තො න ඌමිජාතො. තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං ජානෙය්ය පස්සෙය්ය. එවමෙව ඛො, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ න උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන චෙතසා විහරති න උද්ධච්චකුක්කුච්චපරෙතෙන, උප්පන්නස්ස ච උද්ධච්චකුක්කුච්චස්ස නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං ජානාති පස්සති, පරත්ථම්පි...පෙ.... උභයත්ථම්පි... දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා.
‘‘පුන
‘‘සෙය්යථාපි
‘‘සත්තිමෙ
|
236
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.
එකල්හි වනාහි සංගාරව බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථාවකොට නිමවා එක්පසක හුන්නේය. එක්පසක හුන්නාවූ සංගාරව බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය. “භවත් ගෞතමය, යම් හෙයකින් ඇතැම් දිනක පළමුව නොහදාරන ලද මන්ත්‍රයෝ බොහෝ වේලාවක් හදාරන ලද්දේ නමුදු නොවැටහෙත්. මෙයට හේතු කවරේද? මෙයට කාරණා කවරේද? භවත් ගෞතමය, යම් හෙයකින් ඇතැම් දිනක පළමුව නොහදාරන ලද මන්ත්‍රයෝ බොහෝ වේලාවක් නොහදාරන ලද්දාහු නමුදු වැටහෙත්. මෙයට හේතු කවරේද? මෙයට ප්‍රත්‍ය කවරේද?”
“බ්‍රාහ්මණය, යම් කාලයක කාමරාගයෙන් මඩනා ලද කාමරාගයෙන් යුක්තවූ සිතින් වාසය කරයිද, උපන්නාවූ කාමරාගයාගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් නොදනීද, එකල්හි තමාගේ අර්ථයද තත්වූ පරිදි නොදනියි. නොදකියි. එකල්හි පරාර්ථයද තත්වූ පරිදි නොදනියි. නොදකියි. එකල්හි උභයාර්ථයම තත්වූ පරිදි නොදනියි. නොදකියි. බොහෝ කාලයක් හදාරන ලද මන්ත්රයෝද නොවැටහෙත්. නොහදාරන ලද මන්ත්රයන් කියනුම කවරේද?
‘බ්‍රාහ්මණය, යම්සේ වනාහි ලාකඩ පාටින් හෝ කහ පාටින් හෝ නිල් පාටින් හෝ මදටිය පාටින් හෝ මිශ්‍ර කරන ලද දිය බඳුනක් වේද, එහි ඇස් ඇති මිනිසෙක් සිය මුහුණේ සටහන බලන්නේ ඇතිසැටි නොදන්නේය. නොදක්නේය. බ්‍රාහ්මණය, එසේම යම් කාලයක කාමරාගයෙන් මඩනා ලද කාමරාගයෙන් යුක්තවූ සිතින් වාසය කෙරේද, උපන්නාවූ කාමරාගයාගේ දුරුකිරීම ඇතිසැටි නොදනියිද එකල්හි තමාගේ අර්ථයද ඇතිසැටි නොදනියි. නොදකියි. එකල්හි පරාර්ථයද තත්වූ පරිදි නොදනියි. නොදකියි. උභයාර්ථයම එකල්හි තත්වූ පරිදි නොදනියි. නොදකියි. බොහෝ කාලයක් හදාරන ලද මන්ත්රයෝද නොවැටහෙත්. නොහදාරන ලද මන්ත්රයන් කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, නැවතද අනිකක් කියමි. යම් කාලයක ක්‍රෝධයෙන් මඩනා ලද, ක්‍රෝධ සිතින් වාසය කෙරේද, උපන් ක්‍රෝධයාගේ නිවීම තත්වූ පරිදි නොදනියිද, එකල්හි තමාගේ අර්ථයද තත්වූ පරිදි නොදනියි. නොදකියි. එකල්හි පරාර්ථයද තත්වූ පරිදි නොදනියි. නොදකියි. එකල්හි උභයාර්ථයද තත්වූ පරිදි නොදනියි. නොදකියි. බොහෝ කාලයක් හදාරන ලද මන්ත්රයෝද නොවැටහෙත්. නොහදාරන ලද මන්ත්රයන් කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, යම්සේ වනාහි ගින්නෙන් උණුවූ කකියන බුබුලු නගින දියබඳුනක් වේද, එහි ඇස් ඇති මිනිහෙක් මුවසටහන බලන්නේ ඇතිසැටි නොදන්නේය, නොදක්නේය, බ්‍රාහ්මණය, එසේම යම් කාලයක ක්‍රෝධයෙන් මඩනලද ක්‍රෝධයෙන් යුත් සිතින් වාසය කරයිද, උපන්නාවූ ක්‍රෝධයාගේ නිවීම ඇතිසැටි නොදනීද, නොදකීද, එකල්හි තමාගේ අර්ථයද ඇතිසැටියෙන් නොදනියි. නොදකියි. එකල්හි පරාර්ථයද ඇති සැටි නොදනී. නොදකී. එකල්හි උභයාර්ථයම ඇති සැටි නොදනියි. නොදකියි. බොහෝ කාලයක් හදාරන ලද මන්ත්රයෝද නොවැටහෙත්. නොහදාරන ලද මන්ත්රයන් කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, නැවතද අනිකක් කියමි. යම් කාලයක ථින මිද්ධයෙන් මඩන ලද ථින මිද්ධයෙන් යුත් සිතින් වාසය කෙරේද, උපන් ථින මිද්ධයාගේ නිවීම ඇතිසැටි නොදනීද එකල්හි ආත්මාර්ථයද ඇතිසැටි නොදනියි, නොදකියි. එකල්හි පරාර්ථයද ඇතිසැටි නොදනියි, නොදකියි. එකල්හි උභයාර්ථයද ඇතිසැටියෙන් නොදනියි. නොදකියි. බොහෝ කාලයක් හදාරන ලද මන්ත්රයෝද නොවැටහෙත්. නොහදාරන ලද මන්ත්රයන් කියනුම කවරේද?
“බමුණ, යම්සේ වනාහි දිය සෙවලින් වැසුණාවූ දිය බඳුනක් වේද, එහි ඇස් ඇති මිනිහෙක් ස්වකීය මුව සටහන බලන්නේ ඇතිසැටියෙන් නොදන්නේද නොදක්නේද; බ්‍රාහ්මණය, එපරිද්දෙන් වනාහි යම් කාලයක ථින මිද්ධයෙන් මඩනා ලද ථින මිද්ධයෙන් යුත් සිතින් වාසය කෙරේද, උපන් ථින මිද්ධයාගේ නිවීම ඇතිසැටි නොදනියිද නොදකියිද, එකල්හි ආත්මාර්ථයද ඇතිසැටියෙන් නොදනියි, නොදකියි. එකල්හි පරාර්ථයද ඇතිසැටියෙන් නොදනියි, නොදකියි. එකල්හි උභයාර්ථයද ඇතිසැටියෙන් නොදනියි, නොදකියි. බොහෝ කලක් හදාරන ලද මන්ත්රයෝද නොවැටහෙත්. නොහදාළ මන්ත්රයන් කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, නැවතද අනිකක් කියමි. යම් කලක උද්ධච්ච කුක්කුච්චයෙන් මඩනා ලද උද්ධච්ච කුක්කුච්චයෙන් යුත් සිතින් වාසය කෙරේද, උපන් උද්ධච්ච කුක්කුච්චයාගේ නිවීම ඇතිසැටියෙන් නොදනීද එකල්හි ආත්මාර්ථයද තත්වූ පරිදි නොදනියි, නොදකියි. එකල්හි පරාර්ථයද තත්වූ පරිදි නොදනියි, නොදකියි. එකල්හි උභයාර්ථයද තත්වූ පරිදි නොදනියි, නොදකියි. බොහෝ කාලයක් හදාළ මන්ත්රයෝද නොවැටහෙත්. නොහදාළ මන්ත්රයන් කියනුම කිම?
“බමුණ යම්සේ වනාහි වාතයෙන් කැලඹුණු - සැලුණු භ්රමණයවුණු රළ ගසන දිය බඳුනක් වේද, එහි ඇස් ඇති මිනිහෙක් ස්වකීය මුව සටහන බලන්නේ ඇතිසැටි නොදන්නේද නොදක්නේද බමුණ එපරිද්දෙන් යම් කාලයක උද්ධච්ච කුක්කුච්චයෙන් මඩනා ලද උද්ධච්ච කුක්කුච්චයෙන් යුත් සිතින් වාසය කෙරේද, උපන් උද්ධච්ච කුක්කුච්චයාගේ නිවීම තත්වූ පරිදි නොදනියිද නොදකියිද එකල්හි ආත්මාර්ථයද ඇතිසැටියෙන් නොදනියි, නොදකියි. එකල්හි පරාර්ථයද ඇතිසැටියෙන් නොදනියි, නොදකියි. එකල්හි උභයාර්ථයද ඇතිසැටියෙන් නොදනියි, නොදකියි. බොහෝ කාලයක් හදාරන ලද මන්ත්රයෝද නොවැටහෙත්. නොහදාරන ලද මන්ත්රයන් කියනුම කිම?
“බමුණ, නැවතද අනිකක් කියමි. යම් කාලයක විචිකිච්ඡාවෙන් මඩනා ලද විචිකිච්ඡාවෙන් යුත් සිතින් වාසය කෙරේද, උපන් විචිකිච්ඡාවගේ නිවීම ඇතිසැටි නොදනීද එකල්හි ආත්මාර්ථයද නොදනියි, නොදකියි. එකල්හි පරාර්ථයද නොදනියි, නොදකියි. එකල්හි උභයාර්ථයද නොදනියි, නොදකියි. බොහෝ කාලයක් හදාරන ලද මන්ත්රයෝද නොවැටහෙත්. නොහදාළ මන්ත්‍ර ගැන කියනුම කවරේද?
“බ්‍රහ්මණය, යම්සේ නොපැහැදුනු කැළඹුනු මඩවූ අඳුරු තැනක තබන ලද දිය බඳුනක් වේද එහි ඇස් ඇති මිනිහෙක් ස්වකීය මුහුණ බලන්නේ ඇතිසැටි නොදන්නේද නොදක්නේද, බමුණ එපරිද්දෙන් විචිකිච්ඡාවෙන් මඩනාලද විචිකිච්ඡාවෙන් යුත් සිතින් වාසය කෙරේද, එකල්හි ආත්මාර්ථයද ඇතිසැටි නොදනියි. නොදකියි. එකල්හි පරාර්ථයද ඇතිසැටි නොදනියි. නොදකියි. එකල්හි උභයාර්ථයද ඇතිසැටි නොදනියි, නොදකියි. බොහෝ කාලයක් හදාරන ලද මන්ත්රයෝද නොවැටහෙත්. නොහදාළ මන්ත්‍ර ගැන කියනුම කිම?
“බ්‍රාහ්මණය, යමක් හේතුකොට ගෙන නොහදාළ මන්ත්‍ර පමණක් නොව බොහෝ කලක් හදාරන ලද මන්ත්‍ර පවා නොවැටහෙයි නම් මේ එයට හේතුවයි, මේ එයට ප්‍රත්‍යයයි.
“බ්‍රාහ්මණය, යම් කාලයක වනාහි කාමරාගයෙන් නොමඩනා ලද කාමරාගයෙන් යුක්ත නොවූ සිතින් වාසය කරයිද, උපන් කාමරාගයාගේ නිවීමද ඇතිසැටියෙන් දනීද එකල්හි ආත්මාර්ථයද තත්වූ පරිදි දනියි. දකියි. එකල්හි පරාර්ථයද තත්වූ පරිදි දනියි. දකියි. එසමයෙහි උභයාර්ථයද තත්වූ පරිදි දනියි, දකියි. බොහෝ කාලයක් නොහදාරන ලද මන්ත්රයෝද වැටහෙත්. හදාරන ලද මන්ත්‍ර කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, යම්සේ වනාහි ලාකඩ පාටින් හෝ කහ පාටින් හෝ නිල් පාටින් හෝ මදටිය පාටින් හෝ මිශ්‍ර නොකරන ලද දිය බඳුනක් වේද, එහි ඇස් ඇති මිනිහෙක් තමාගේ මුව සටහන බලන්නේ ඇතිසැටියෙන් දන්නේය, දක්නේය. බමුණ, එපරිද්දෙන් යම් කාලයක කාමරාගයෙන් නොමඩනා ලද කාමරාගයෙන් යුක්ත නොවූ සිතින් වාසය කෙරේද උපන් කාමරාගයාගේ නිවීම ඇතිසැටියෙන් දනියි. එකල්හි ආත්මාර්ථයද තත්වූ පරිදි දනියි, දකියි. එකල්හි පරාර්ථයද තත්වූ පරිදි දනියි, දකියි. එසමයෙහි උභයාර්ථයද තත්වූ පරිදි දනියි, දකියි. බොහෝ කාලයක් නොහදාරන ලද මන්ත්රයෝද වැටහෙත්. හදාරන ලද මන්ත්‍ර කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, නැවතද අනිකක් කියමි. යම් කාලයක ක්‍රෝධයෙන් නොමඩනා ලද ක්‍රෝධයෙන් යුක්ත නොවූ සිතින් වාසය කෙරේද, උපන් ක්‍රෝධයාගේ නිවීම ඇතිසැටියෙන් දනියිද, එකල්හි ආත්මාර්ථයද ඇතිසැටියෙන් දනියි, දකියි. එකල්හි පරාර්ථයද ඇතිසැටියෙන් දනියි, දකියි. එකල්හි උභයාර්ථයද ඇතිසැටියෙන් දනියි, දකියි. බොහෝ කලක් නොහදාරන ලද මන්ත්රයෝද වැටහෙත්. හදාරන ලද මන්ත්‍ර කියනුම කිම? බ්‍රාහ්මණය, යම්සේ ගින්නෙන් රත්නොවූ කැකෑරීමක් නැති උණුසුම් නොවූ දිය බඳුනක් වේද, එහි ඇස් ඇති මිනිහෙක් තමාගේ මුව සටහන බලන්නේ ඇතිසැටියෙන් දන්නේය. දක්නේය. බමුණ, එපරිද්දෙන් යම්කාලයක ක්‍රෝධයෙන් නොමඩනා ලද ක්‍රෝධයෙන් යුක්ත නොවූ සිතින් වාසය කෙරේද, උපන් ක්‍රෝධයාගේ නිවීම ඇතිසැටියෙන් දනියි. එකල්හි ආත්මාර්ථයද තත්වූ පරිදි දනියි, දකියි. එකල්හි පරාර්ථයද තත්වූ පරිදි දනියි, දකියි. එසමයෙහි උභයාර්ථයද තත්වූ පරිදි දනියි, දකියි. බොහෝ කාලයක් නොහදාරන ලද මන්ත්රයෝද වැටහෙත්. හදාරන ලද මන්ත්‍ර කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, නැවතද අනිකක් කියමි. යම් කාලයක ථින මිද්ධයෙන් නොමඩනා ලද ථින මිද්ධයෙන් යුක්ත නොවූ සිතින් වාසය කෙරේද, උපන් ථින මිද්ධයාගේ නිවීම ඇතිසැටියෙන් දනියිද, එකල්හි ආත්මාර්ථයද ඇතිසැටියෙන් දනියි, දකියි. එකල්හි පරාර්ථයද ඇතිසැටියෙන් දනියි, දකියි, එකල්හි උභයාර්ථයද ඇතිසැටියෙන් දනියි, දකියි. බොහෝ කාලයක් නොහදාරන ලද මන්ත්රයෝද වැටහෙත්. හදාළ මන්ත්‍ර ගැන කියනුම කිම?
“බ්‍රාහ්මණය, යම්සේ වනාහි දිය සෙවලින් නොවැසුණු දිය බඳුනක් වේද, එහි ඇස් ඇති මිනිහෙක් තමාගේ මුව සටහන බලන්නේ ඇතිසැටියෙන් දන්නේය, දක්නේය. බමුණ, එපරිද්දෙන් යම් කාලයක ථින මිද්ධයෙන් නොමඩනා ලද ථින මිද්ධයෙන් යුක්ත නොවූ සිතින් වාසය කෙරේද, උපන් ථින මිද්ධයාගේ නිවීම ඇතිසැටියෙන් දනියි. එකල්හි ආත්මාර්ථයද තත්වූ පරිදි දනියි, දකියි. එකල්හි පරාර්ථයද තත්වූ පරිදි දනියි, දකියි. එසමයෙහි උභයාර්ථයද තත්වූ පරිදි දනියි, දකියි. බොහෝ කාලයක් නොහදාරන ලද මන්ත්රයෝද වැටහෙත්. හදාරන ලද මන්ත්‍ර කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, නැවතද අනිකක් කියමි. යම් කාලයක උද්ධච්ච කුක්කුච්චයෙන් නොමඩනා ලද සිතින් උද්ධච්ච කුක්කුච්චයෙන් යුක්ත නොවූ සිතින් වාසය කෙරේද, උපන් උද්ධච්ච කුක්කුච්චයාගේ නිවීම තත්වූ පරිදි දනියිද, එකල්හි ආත්මාර්ථයද තත්වූ පරිදි දනියි, දකියි. එකල්හි පරාර්ථයද තත්වූ පරිදි දනියි, දකියි. එකල්හි උභයාර්ථයද තත්වූ පරිදි දනියි, දකියි. බොහෝ කාලයක් නොහදාරන ලද මන්ත්රයෝද වැටහෙත්. හදාළ මන්ත්‍ර ගැන කියනුම කිම?
“බ්‍රාහ්මණය, යම්සේ වනාහි වාතයෙන් කම්පා නොවූ නොසැලුණු භ්‍රමණය නොවූ රළ හටනොගන්නාවූ දිය බඳුනක් වේද, එහි ඇස් ඇති මිනිහෙක් තමාගේ මුව සටහන බලන්නේ ඇතිසැටියෙන් දන්නේය, දක්නේය. බමුණ, එපරිද්දෙන් යම් කාලයක උද්ධච්ච කුක්කුච්චයෙන් නොමඩනා ලද උද්ධච්ච කුක්කුච්චයෙන් යුක්ත නොවූ සිතින් වාසය කෙරේද, උපන් උද්ධච්ච කුක්කුච්චයාගේ නිවීම ඇති සැටියෙන් දනියි. එකල්හි ආත්මාර්ථයද තත්වූ පරිදි දනියි, දකියි, එකල්හි පරාර්ථයද තත්වූ පරිදි දනියි. දකියි. එසමයෙහි උභයාර්ථයද තත්වූ පරිදි දනියි, දකියි. බොහෝ කාලයක් නොහදාරන ලද මන්ත්රයෝද වැටහෙත්. හදාරන ලද මන්ත්‍ර කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, නැවතද අනිකක් කියමි. විචිකිච්ඡාවෙන් නොමඩනා ලද විචිකිච්ඡාවෙන් යුක්ත නොවූ සිතින් වාසය කෙරේද, උපන් විචිකිච්ඡාවෙන් නිවීම ඇතිසැටියෙන් දනීද, එකල්හි ආත්මාර්ථයද ඇතිසැටියෙන් දනියි. දකියි. එකල්හි පරාර්ථයද ඇතිසැටියෙන් දනියි, දකියි. එකල්හි උභයාර්ථයද ඇතිසැටියෙන් දනියි, දකියි. බොහෝ කාලයක් නොහදාරන ලද මන්ත්රයෝද වැටහෙත්. හදාරන ලද මන්ත්‍ර කියනුම කිම? බ්‍රාහ්මණය, යම්සේ වනාහි පිරිසිදුවූ නිර්මලවූ නොකැළඹුනාවූ එලිමහනක තබනලද දිය බඳුනක් වේද, එහි ඇස් ඇති මිනිහෙක් සිය මුව සටහන බලන්නේ ඇතිසැටියෙන් දන්නේද දක්නේද, බ්‍රාහ්මණය, එපරිද්දෙන් වනාහි යම්කලක විචිකිච්ඡාවෙන් නොමඩනා ලද විචිකිච්ඡාවෙන් යුක්ත නොවූ සිතින් වාසය කෙරේද, උපන් විචිකිච්ඡාවගේ නිවීම ඇතිසැටියෙන් දනියිද, එකල්හි ආත්මාර්ථයද ඇතිසැටියෙන් දනියි. එකල්හි පරාර්ථයද ඇතිසැටියෙන් දනියි. එකල්හි උභයාර්ථයද ඇතිසැටියෙන් දනියි. බොහෝ කාලයක් නොහදාරන ලද මන්ත්රයෝද වැටහෙත්. බ්‍රාහ්මණය, යමක් හේතුකොට ගෙන හදාරන ලද මන්ත්‍ර පමණක් නොව නොහදාළ මන්ත්‍ර පවා වැටහෙයි නම් මේ එයට හේතුවයි, මේ එයට ප්‍රත්‍යයයි.
“බ්‍රාහ්මණය, කුසල් ආවරණය නොකරන්නාවූ නොවසන්නාවූ සිත කිලුටුනොකරන්නාවූ මේ බොධ්යාංගයෝ සත්දෙන වඩන ලද්දාහු බහුල වශයෙන් නැවත නැවත පුරුදු කරන ලද්දාහු අර්හත් මාර්ග ඵල ප්රත්යක්ෂ කිරීම පිණිස පවතිත්. ඒ සත කවරේදයත්.
“බ්‍රාහ්මණය, වඩන ලද්දාවූ නැවත නැවත පුරුදු කරන ලද්දාවූ කුසල් ආවරණය නොකරන්නාවූ නොවසන්නාවූ සිත කිලුටු නොකරන්නාවූ සති සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්රත්යක්ෂකිරීම පිණිස පවතිත්.
“බ්‍රාහ්මණය, වඩන ලද්දාවූ නැවත නැවත පුරුදු කරන ලද්දාවූ කුසල් ආවරණය නොකරන්නාවූ නොවසන්නාවූ සිත කිලුටු නොකරන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්රත්යක්ෂ කිරීම පිණිස පවතිත්.
“බ්‍රාහ්මණය, වඩන ලද්දාවූ නැවත නැවත පුරුදු කරන ලද්දාවූ කුසල් ආවරණය නොකරන්නාවූ නොවසන්නාවූ සිත කිලුටු නොකරන්නාවූ විරිය සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්රත්යක්ෂ කිරීම පිණිස පවතිත්.
“බ්‍රාහ්මණය, වඩන ලද්දාවූ නැවත නැවත පුරුදු කරන ලද්දාවූ කුසල් ආවරණය නොකරන්නාවූ නොවසන්නාවූ සිත කිලුටු නොකරන්නාවූ පීති සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්රත්යක්ෂ කිරීම පිණිස පවතිත්.
“බ්‍රාහ්මණය, වඩන ලද්දාවූ නැවත නැවත පුරුදුකරන ලද්දාවූ කුසල් ආවරණය නොකරන්නාවූ නොවසන්නාවූ සිත කිලුටු නොකරන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්රත්යක්ෂ කිරීම පිණිස පවතිත්.
“බ්‍රාහ්මණය, වඩන ලද්දාවූ නැවත නැවත පුරුදුකරන ලද්දාවූ කුසල් ආවරණය නොකරන්නාවූ නොවසන්නාවූ සිත කිලුටු නොකරන්නාවූ සමාධි සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්රත්යක්ෂ කිරීම පිණිස පවතිත්.
“බ්‍රාහ්මණය, වඩන ලද්දාවූ නැවත නැවත පුරුදුකරන ලද්දාවූ කුසල් ආවරණය නොකරන්නාවූ නොවසන්නාවූ සිත කිලුටු නොකරන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්රත්යක්ෂ කිරීම පිණිස පවතියි.
“බ්‍රාහ්මණය, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ කුසල් ආවරණය නොකරන්නාවූ නොවසන්නාවූ සිත කිලුටු නොකරන්නාවූ මේ සප්ත බොජ්ඣංගයෝ අර්හත් මාර්ගඵල ප්රත්යක්ෂ කිරීම පිණිස, ලබාගැනීම පිණිස පවතිත්” යනුයි.
මෙසේ වදාළ කල්හි සංගාරව බ්‍රාහ්මණතෙමේ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරුකරන ලද්දක් උඩුකුරු හෝ කෙරේද, සැඟවූවක් විවෘත හෝ කෙරේද, මංමුළාවූවෙකුට මාර්ගය හෝ කියයිද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි, අන්ධකාරයෙහි තෙල් පහනක් හෝ දරාද, එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ මම අද පටන් දිවි හිමියෙන් භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, සංඝයාද සරණ යමි. භවත් ගෞතමයන් වහන්සේ දිවිහිමිකොට සරණගිය උපාසකයෙකු කොට මා දරන සේක්වා.”
|
6. අභයසුත්තං | 6. අභය සූත්‍රය |
237
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. අථ ඛො අභයො රාජකුමාරො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො අභයො රාජකුමාරො භගවන්තං එතදවොච - ‘‘පූරණො, භන්තෙ, කස්සපො එවමාහ - ‘නත්ථි හෙතු, නත්ථි පච්චයො අඤ්ඤාණාය අදස්සනාය. අහෙතු, අප්පච්චයො
(අප්පච්චයා (සී.), අප්පච්චයං (?)) අඤ්ඤාණං අදස්සනං හොති. නත්ථි හෙතු, නත්ථි පච්චයො ඤාණාය දස්සනාය. අහෙතු, අප්පච්චයො ඤාණං දස්සනං හොතී’ති. ඉධ භගවා කිමාහා’’ති? ‘‘අත්ථි, රාජකුමාර, හෙතු, අත්ථි පච්චයො අඤ්ඤාණාය අදස්සනාය. සහෙතු, සප්පච්චයො
(සප්පච්චයා (සී.), සප්පච්චයං (?)) අඤ්ඤාණං අදස්සනං හොති. අත්ථි
‘‘කතමො පන, භන්තෙ, හෙතු, කතමො පච්චයො අඤ්ඤාණාය අදස්සනාය? කථං සහෙතු, සප්පච්චයො අඤ්ඤාණං අදස්සනං හොතී’’ති? ‘‘යස්මිං ඛො, රාජකුමාර, සමයෙ කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං න ජානාති න පස්සති - අයම්පි ඛො, රාජකුමාර, හෙතු, අයං
‘‘පුන චපරං, රාජකුමාර, යස්මිං සමයෙ බ්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති බ්යාපාදපරෙතෙන...පෙ.... ථිනමිද්ධපරියුට්ඨිතෙන... උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන... විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති විචිකිච්ඡාපරෙතෙන, උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං න ජානාති න පස්සති - අයම්පි ඛො, රාජකුමාර, හෙතු, අයං
‘‘කො
‘‘කතමො පන, භන්තෙ, හෙතු, කතමො පච්චයො ඤාණාය දස්සනාය? කථං සහෙතු, සප්පච්චයො ඤාණං දස්සනං හොතී’’ති? ‘‘ඉධ
‘‘පුන චපරං, රාජකුමාර, භික්ඛු...පෙ.... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවිතෙන චිත්තෙන යථාභූතං ජානාති පස්සති - අයම්පි ඛො, රාජකුමාර, හෙතු, අයං පච්චයො ඤාණාය දස්සනාය. එවං සහෙතු, සප්පච්චයො ඤාණං දස්සනං හොතී’’ති.
‘‘කො නාමායං, භන්තෙ, ධම්මපරියායො’’ති? ‘‘බොජ්ඣඞ්ගා නාමෙතෙ, රාජකුමාරා’’ති. ‘‘තග්ඝ, භගවා, බොජ්ඣඞ්ගා; තග්ඝ, සුගත, බොජ්ඣඞ්ගා! එකමෙකෙනපි ඛො, භන්තෙ, බොජ්ඣඞ්ගෙන සමන්නාගතො යථාභූතං
|
237
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවාසය කරන සේක. ඉක්බිති අභයරාජ කුමාරයා භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ අභයරාජ කුමාරයා භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, පූරණ කාශ්‍යප තෙමේ මෙසේ කීයේය.
“නොදැනීමට නොදැක්මට හේතුවක් නැත. කාරණයක් නැත. හේතුවක් නැතිව කාරණයක් නැතිව නොදැනීම නො දැක්ම වෙයි. නුවණින් දැකීමටද හේතුවක් නැත. කාරණයක් නැත. හේතුවක් නැතිව කාරණයක් නැතිව නුවණින් දැකීම වෙයි.’ භාග්‍යවතුන් වහන්සේ මෙහිලා කුමක් වදාරන සේක්ද?” යනුයි.
“රාජකුමාරය, නොදැනීමට නොදැකීමටද හේතුවක් ඇත, කාරණයක් ඇත. හේතු සහිතව කාරණ සහිතව නොදැනීම නොදැකීම වෙයි. රාජ කුමාරය, නුවණින් දැකීමටද හේතුවක් ඇත. කාරණයක් ඇත. හේතු සහිතව කාරණ සහිතව නුවණින් දැකීම වෙයි” යනුයි.
“ස්වාමීනි, නොදැනීමට නොදැකීමට හේතු කවරේද? කරුණු කවරේද? කෙසේ හේතු සහිතව කරුණු සහිතව නොදැනීම නොදැකීම වෙයිද?”
“රාජ කුමාරය, යම් කාලයෙක කාමරාගයෙන් මඩනා ලද කාම රාගයෙන් යුත් සිතින් වාසය කෙරේද. උපන් කාමරාගයාගේ නිවීම ඇති සැටියෙන් නොදනියිද, නොදකියිද,
“රාජ කුමාරය, නොදැනීමට නොදැකීමට මෙයද හේතුවකි. මෙයද කාරණයකි. මෙසේ හේතු සහිතව කරුණු සහිතව නොදැනීම නොදැකීම වෙයි.
“රාජකුමාරය, නැවත අනිකක්ද කියමි. යම් කාලයක ක්‍රෝධයෙන් මඩනා ලද ක්‍රෝධයෙන් යුත් සිතින් වාසය කෙරේද, උපන් ක්‍රෝධයාගේ නිවීම ඇති සැටියෙන් නොදනීද, නොදකීද, රාජ කුමාරය, නොදැනීමට නොදැකීමට මෙයද හේතුවකි, මෙයද කාරණයකි. මෙසේද හේතු සහිතව කරුණු සහිතව නොදැනීම නොදැකීම වෙයි.
“රාජ කුමාරය, නැවත අනිකක්ද කියමි. යම් කාලයක ථින මිද්ධයෙන් මඩනා ලද ථින මිද්ධයෙන් යුත් සිතින් වාසය කෙරෙයිද, උපන් ථිනමිද්ධයාගේ නිවීම ඇති සැටියෙන් නොදනියිද නොදකියිද, රාජකුමාරය, නොදැනීමට නොදැකීමට මෙයද හේතුවකි. මෙයද කාරණයකි. මෙසේ හේතු සහිතව කරුණු සහිතව නොදැනීම නොදැකීම වෙයි.
“රාජකුමාරය, නැවත අනිකක්ද කියමි. යම්කාලයක උද්ධච්චකුක්කුච්චයෙන් මඩනා ලද උද්ධච්චකුක්කුච්චයෙන් යුත් සිතින් වාසය කෙරේද, උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිවීම ඇති සැටියෙන් නොදනියි, නොදකීද, රාජකුමාරය, නොදැනීමට නොදැකීමට මෙයද හේතුවකි මෙසේ හේතු සහිතව කරුණු සහිතව නොදැනීම නොදැකීම වෙයි.
“රාජකුමාරය, නැවතද අනිකක්ද කියමි. යම්කාලයක විචිකිච්ඡාවෙන් මඩනා ලද, විචිකිච්ඡාවෙන් යුත් සිතින් වාසය කෙරේද, උපන් විචිකිච්ඡාවගේ නිවීම ඇති සැටියෙන් නොදනීද, නොදකියිද, රාජ කුමාරය, නොදැනීමට නොදැකීමට මෙයද හේතුවකි. මෙයද කාරණයකි. මෙසේ හේතු සහිතව කරුණු සහිතව නොදැනීම නොදැකීම වෙයි.”
“ස්වාමීනි, මේ කිනම් ධර්ම ක්‍රමයක් වේද?”
“රාජකුමාරය, මොව්හු නීවරණයෝ නම් වෙත්.”
“භාග්‍යවතුන් වහන්ස, ඒකාන්තයෙන්ම නීවරණයෝ වෙත්. සුගතයන් වහන්ස, ඒකාන්තයෙන්ම නීවරණයෝ වෙත්. ස්වාමීනි, එක එක නීවරණයෙකින් මඩනා ලද්දේ නමුදු ඇති සැටි නොදනියි. නොදකියි. නීවරණ පසෙන්ම මඩනා කල්හි කියනුම කවරේද?”
ස්වාමීනි, නුවණින් දැකීමට හේතු කවරේද, කරුණු කවරේද? කෙසේ හේතු සහිතව ප්‍රත්‍ය සහිතව නුවණින් දැකීම වේද?”
“රාජකුමාරය, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම සති සම්බොජ්ඣංගය වඩනා ලද සිතින් ඇති සැටියෙන් දනියි. දකියි. රාජකුමාරය, නුවණින් දැකීමට මෙයද හේතුවකි. මෙයද කාරණයකි. මෙසේ හේතු සහිතව කරුණු සහිතව නුවණින් දැකීම වෙයි.”
“රාජකුමාරය, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම ධම්මවිචය සම්බොජ්ඣංගය වඩන ලද සිතින් ඇති සැටියෙන් දනියි. දකියි. රාජකුමාරය, නුවණින් දැනීමට දැකීමට මෙයද හේතුවකි. මෙයද කාරණයකි. මෙසේ හේතු සහිතව කරුණු සහිතව නුවණින් දැකීම වෙයි.”
“රාජකුමාරය, මේ ශාසනයෙහි මහණෙතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණාවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම විරිය සම්බොජ්ඣංගය වඩනා ලද සිතින් ඇති සැටියෙන් දනියි. දකියි. රාජ කුමාරය, නුවණින් දැකීමට මෙයද හේතුවකි, මෙයද කාරණයකි. මෙසේ හේතු සහිතව කරුණු සහිතව නුවණින් දැකීම වෙයි.”
“රාජකුමාරය, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණාවූ පීති සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම පීති සම්බොජ්ඣංගය වඩනා ලද සිතින් ඇති සැටියෙන් දනියි. දකියි. රාජකුමාරය, නුවණින් දැකීමට මෙයද හේතුවකි. මෙයද කාරණයකි. මෙසේ හේතු සහිතව කරුණු සහිතව නුවණින් දැකීම වෙයි.”
“රාජකුමාරය, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම පස්සද්ධි සම්බොජ්ඣංගය වඩනා ලද සිතින් ඇති සැටියෙන් දනියි. දකියි. රාජකුමාරය, නුවණින් දැකීමට මෙයද හේතුවකි. මෙයද කාරණයකි. මෙසේ හේතු සහිතව කරුණු සහිතව නුවණින් දැකීම වෙයි.”
“රාජකුමාරය, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණාවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම සමාධි සම්බොජ්ඣංගය වඩනා ලද සිතින් ඇති සැටියෙන් දනියි. දකියි. රාජකුමාරය, නුවණින් දැකීමට මෙයද හේතුවකි. මෙයද කාරණයකි. මෙසේ හේතු සහිතව කරුණු සහිතව නුවණින් දැකීම වෙයි.”
“රාජකුමාරය, නැවත අනිකක්ද කියමි. මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩනා ලද සිතින් ඇති සැටි දනියි. දකියි. රාජකුමාරය, නුවණින් දැකීමට මෙයද හේතුවකි. මෙයද කාරණයකි. මෙසේ හේතු සහිතව කරුණු සහිතව නුවණින් දැකීම වෙයි.”
“ස්වාමීනි, මේ කිනම් ධර්ම ක්රමයක්ද?”
“රාජකුමාරය, මොවුහු බොජ්ඣංගයෝ නම් වෙත්”
“භාග්‍යවතුන් වහන්ස, ඒකාන්තයෙන්ම බොජ්ඣංගයෝය. සුගතයන් වහන්ස, ඒකාන්තයෙන්ම බොජ්ඣංගයෝය. ස්වාමීනි එක් එක් බොජ්ඣංගයකින් යුක්තවූයේ නමුදු ඇති සැටි දනියි. දකියි. බොජ්ඣංගයන් සත්දෙනාගෙන් යුක්තවූයේ නම් කියනුම කවරේද? ස්වාමීනි, ගිජ්ඣකූට පර්වතයට නගින්නාවූ මට ශරීරයේ යම් වෙහෙසක් වීද, සිතේ යම් වෙහෙසක් වීද, මගේ ඒ වෙහෙසද සන්සිඳුනේය. මට ධර්මයද අවබෝධ වූයේයයි” කීය.
|
7. ආනාපානවග්ගො | 7. ආනාපාන වර්ගය |
1. අට්ඨිකමහප්ඵලසුත්තං | 1. අට්ඨික සූත්‍රය |
238
සාවත්ථිනිදානං
|
238
(මේ සූත්‍ර සියල්ලේම 1 වෙනි ඡේද බොජ්ඣංග වර්ගයේ 1 සූත්‍රයේ 1 වෙනි ඡේදය මෙනි.)
“මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ අට්ඨික සඤ්ඤාව (ඇටය යන හැඟීම) මහත් ඵල ඇත්තී වෙයි. මහත් අනුසස් ඇත්තීවෙයි. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල කරන ලද්දාවූ අට්ඨික සඤ්ඤාව මහත්ඵල ඇත්තී වෙයිද, මහත් අනුසස් ඇත්තී වෙයිද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ සති සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ පීති සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ අට්ඨිකසඤ්ඤාව මහත්ඵල ඇත්තී වෙයි. මහත් අනුසස් ඇත්තීවෙයි.
|
2. පුළවකසුත්තං | 2. පුළවක සූත්‍රය |
239
‘‘පුළවකසඤ්ඤා
(පුළුවකසඤ්ඤා (ක.)), භික්ඛවෙ, භාවිතා...පෙ....
|
239
(මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ අට්ඨික සංඥාව වෙනුවට පුළවක සඤ්ඤාව (පණුවන් පිරුණාවූ මළසිරුර යන හැඟීම) යෙදිය යුතුයි.)
|
3. විනීලකසුත්තං | 3. විනීලක සූත්‍රය |
240
‘‘විනීලකසඤ්ඤා, භික්ඛවෙ...පෙ.... තතියං.
|
240
(මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට) විනීලක සඤ්ඤාව (වෙනස්වූ වර්ණ ඇති මළ සිරුර යන හැඟීම) යෙදිය යුතුයි.
|
4. විච්ඡිද්දකසුත්තං | 4. විච්ඡිද්දක සූත්‍රය |
241
‘‘විච්ඡිද්දකසඤ්ඤා, භික්ඛවෙ...පෙ....
|
241
(මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට) විච්ඡිද්දක සඤ්ඤාව (දෙකඩකොට වෙන්කරන ලද මළසිරුරය යන හැඟීම) යෙදිය යුතුය.
|
5. උද්ධුමාතකසුත්තං | 5. උද්ධුමාතක සූත්‍රය |
242
‘‘උද්ධුමාතකසඤ්ඤා, භික්ඛවෙ...පෙ.... පඤ්චමං.
|
242
(මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට ‘උද්ධුමාතක සඤ්ඤාව’ (ඉදිමුනු මළසිරුර යන හැඟීම) යෙදිය යුතුයි.
|
6. මෙත්තාසුත්තං | 6. මෙත්තා සූත්‍රය |
243
‘‘මෙත්තා, භික්ඛවෙ, භාවිතා...පෙ....
|
243
(මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට) ‘මෛත්‍රිය’ යෙදිය යුතුයි.
|
7. කරුණාසුත්තං | 7. කරුණා සූත්‍රය |
244
‘‘කරුණා, භික්ඛවෙ, භාවිතා...පෙ.... සත්තමං.
|
244
(මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට) ‘කරුණාව’ යෙදිය යුතුය.
|
8. මුදිතාසුත්තං | 8. මුදිතා සූත්‍රය |
245
‘‘මුදිතා, භික්ඛවෙ, භාවිතා...පෙ....
|
245
(මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට) ‘මුදිතාව’ (සුඛිත සත්වයන් දැක සතුටුවීම) යෙදිය යුතුයි.
|
9. උපෙක්ඛාසුත්තං | 9. උපෙක්ඛා සූත්‍රය |
246
‘‘උපෙක්ඛා
|
246
(මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට) ‘උපෙක්ඛා’ (සියළු සත්වයන් කෙරෙහි මැදහත් බව) යෙදිය යුතුයි.
|
10. ආනාපානසුත්තං | 10. ආනාපානසති සූත්‍රය |
247
‘‘ආනාපානස්සති
|
247
(මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව වෙනුවට) ‘ආනාපාන සතිය’ (ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ සිහිය) යෙදිය යුතුයි.
|
8. නිරොධවග්ගො | 8. නිරෝධ වර්ගය |
1. අසුභසුත්තං | 1. අසුභ සූත්‍රය |
248
‘‘අසුභසඤ්ඤා
|
248
(ආනාපාන වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට ‘අසුභ සඤ්ඤාව’ යෙදිය යුතුයි.)
|
2. මරණසුත්තං | 2. මරණ සූත්‍රය |
249
‘‘මරණසඤ්ඤා
|
249
(ආනාපාන වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට ‘මරණ සඤ්ඤාව’ යෙදිය යුතුයි.)
|
3. ආහාරෙපටිකූලසුත්තං | 3. ආහාරේ පටික්කූල සූත්‍රය |
250
‘‘ආහාරෙ පටිකූලසඤ්ඤා, භික්ඛවෙ...පෙ.... තතියං.
|
250
(ආනාපාන වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට ‘ආහාරයෙහි පිළිකුල් සඤ්ඤාව’ යෙදිය යුතුයි.)
|
4. අනභිරතිසුත්තං | 4. සබ්බලෝකේ අනභිරත සූත්‍රය |
251
‘‘සබ්බලොකෙ අනභිරතිසඤ්ඤා, භික්ඛවෙ...පෙ....
|
251
(ආනාපාන වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට සියළු ලෝකයෙහි ‘නොඇලෙන සඤ්ඤාව’ යෙදිය යුතුයි.)
|
5. අනිච්චසුත්තං | 5. අනිච්ච සූත්‍රය |
252
‘‘අනිච්චසඤ්ඤා, භික්ඛවෙ...පෙ.... පඤ්චමං.
|
252
(ආනාපාන වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට සියල්ල ‘අනිත්‍යය යන සඤ්ඤාව’ යෙදිය යුතුයි)
|
6. දුක්ඛසුත්තං | 6. අනිච්චේ දුක්ඛ සූත්‍රය |
253
‘‘අනිච්චෙ දුක්ඛසඤ්ඤා, භික්ඛවෙ...පෙ....
|
253
(ආනාපාන වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට ‘අනිත්‍යයෙහි දුක යන හැඟීම’ යෙදිය යුතුයි.)
|
7. අනත්තසුත්තං | 7. දුක්ඛෙ අනත්ත සූත්‍රය |
254
‘‘දුක්ඛෙ
|
254
(ආනාපාන වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට) දුකෙහි අනාත්මය යන හැඟීම යෙදිය යුතුයි.
|
8. පහානසුත්තං | 8. පහාන සූත්‍රය |
255
‘‘පහානසඤ්ඤා, භික්ඛවෙ...පෙ.... අට්ඨමං.
|
255
(ආනාපාන වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට) කෙලෙස් දුරුකිරීමේ හැඟීම යෙදිය යුතුයි.)
|
9. විරාගසුත්තං | 9. විරාග සූත්‍රය |
256
‘‘විරාගසඤ්ඤා, භික්ඛවෙ...පෙ....
|
256
(ආනාපාන වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට) නොඇලීමේ හැඟීම යෙදිය යුතුයි.
|
10. නිරොධසුත්තං | 10. නිරෝධ සූත්‍රය |
257
‘‘නිරොධසඤ්ඤා, භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. කථං භාවිතා ච, භික්ඛවෙ, නිරොධසඤ්ඤා කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා? ඉධ, භික්ඛවෙ, භික්ඛු නිරොධසඤ්ඤාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති...පෙ.... නිරොධසඤ්ඤාසහගතං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතා ඛො, භික්ඛවෙ, නිරොධසඤ්ඤා එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසාති.
‘‘නිරොධසඤ්ඤාය, භික්ඛවෙ, භාවිතාය බහුලීකතාය ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං - දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා. කථං භාවිතාය, භික්ඛවෙ, නිරොධසඤ්ඤාය කථං බහුලීකතාය ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං - දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා? ඉධ, භික්ඛවෙ, භික්ඛු
‘‘නිරොධසඤ්ඤා, භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහතො අත්ථාය සංවත්තති, මහතො යොගක්ඛෙමාය සංවත්තති, මහතො සංවෙගාය සංවත්තති, මහතො ඵාසුවිහාරාය සංවත්තති. කථං භාවිතා ච, භික්ඛවෙ, නිරොධසඤ්ඤා කථං බහුලීකතා
|
257
“මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් කරන ලද්දාවූ නිරෝධ සඤ්ඤාව මහත් ඵල ඇත්තී වෙයි. මහත් අනුසස් ඇත්තී වෙයි. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල කරන ලද්දාවූ නිරෝධ සඤ්ඤාව මහත්ඵල ඇත්තී වෙයිද, මහත් අනුසස් ඇත්තී වෙයිද?
“මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු නිරෝධ සඤ්ඤාවෙන් යුක්තවූ සති සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු නිරෝධ සඤ්ඤාවෙන් යුක්තවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු නිරෝධ සඤ්ඤාවෙන් යුක්තවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු නිරෝධ සඤ්ඤාවෙන් යුක්තවූ පීති සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු නිරෝධ සඤ්ඤාවෙන් යුක්තවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු නිරෝධ සඤ්ඤාවෙන් යුක්තවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු නිරෝධ සඤ්ඤාවෙන් යුක්තවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ, මෙසේ බහුල කරන ලද්දාවූ නිරෝධ සඤ්ඤාව මහත් ඵල ඇත්තීවෙයි. මහත් අනුසස් ඇත්තී” වෙයි.
“මහණෙනි, නිරෝධ සඤ්ඤාව වැඩීමෙන් බහුල කිරීමෙන් ඵල දෙකක් අතරෙන් එක් ඵලයක් කැමතිවිය යුතුයි. මේ ආත්මභාවයෙහිදීම රහත්වීම හෝ පඤ්චස්කන්ධය ඉතිරිව ඇතිකල්හි අනාගාමි බව හෝ යන දෙකයි.
“මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුලකරන ලද්දාවූ නිරෝධ සඤ්ඤාවෙන් මේ ආත්මභාවයෙහිදීම රහත්වීම හෝ පඤ්චස්කන්ධය ඉතිරිව ඇතිකල්හි අනාගාමිබව හෝ යන දෙකින් එකක් කැමතිවිය යුතු ද යත්: මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු නිරෝධ සඤ්ඤාවෙන් යුක්තවූ සතිසම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු නිරෝධ සඤ්ඤාවෙන් යුක්තවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු නිරෝධ සඤ්ඤාවෙන් යුක්තවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු නිරෝධ සඤ්ඤාවෙන් යුක්තවූ පීති සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු නිරෝධ සඤ්ඤාවෙන් යුක්තවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු නිරෝධ සඤ්ඤාවෙන් යුක්තවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු නිරෝධ සඤ්ඤාවෙන් යුක්තවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ නිරෝධ සඤ්ඤාවෙන් මේ ආත්මභාවයෙහිදීම රහත්වීම හෝ පංචස්කන්ධය ඉතිරිව ඇතිකල්හි අනාගාමි බව හෝ යන ඵල දෙකින් එක්තරා ඵලයක් කැමතිවිය යුතුය.
“මහණෙනි, වඩනා ලද්දාවූ බහුල කරන ලද්දාවූ නිරෝධ සඤ්ඤාව මහත්වූ අර්ථය පිණිස පවතියි. මහත්වූ යෝගයන්ගේ ක්ෂය කිරීමයයි කියන ලද නිවන් පිණිස පවතියි. මහත්වූ සංවේගය පිණිස පවතියි. මහත්වූ පහසු විහරණය පිණිස පවතියි. කෙසේ වඩනා ලද කෙසේ බහුල කරන ලද නිරෝධ සඤ්ඤාව මහත්වූ අර්ථය පිණිස පවතීද, මහත්වූ යෝගයන්ගේ ක්ෂය කිරීමයයි කියන ලද නිවන් පිණිස පවතීද, මහත්වූ සංවේගය පිණිස පවතීද, මහත්වූ පහසු විහරණය පිණිස පවතීද?
“මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ නිරෝධ සඤ්ඤාවෙන් යුත් සති සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ නිරෝධ සඤ්ඤාවෙන් යුත් ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ නිරෝධ සඤ්ඤාවෙන් යුත් විරිය සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ නිරෝධ සඤ්ඤාවෙන් යුත් පීති සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ නිරෝධ සඤ්ඤාවෙන් යුත් පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ නිරෝධ සඤ්ඤාවෙන් යුත් සමාධි සම්බොජ්ඣංගය වඩයිද,
“මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ නිරෝධ සඤ්ඤාවෙන් යුත් උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද මහණෙනි, මෙසේ වඩනා ලද්දාවූ, මෙසේ බහුල කරන ලද්දාවූ නිරෝධ සඤ්ඤාව මහත්වූ අර්ථය පිණිස පවතියි. මහත්වූ යෝගයන්ගේ ක්ෂය කිරීමයයි කියන ලද නිවන් පිණිස පවතියි. මහත්වූ සංවේගය පිණිස පවතියි. මහත්වූ පහසු විහරණය පිණිස පවතියි”
|
9. ගඞ්ගාපෙය්යාලවග්ගො | 9. ගංගාපෙය්‍යාල වර්ගය (2) |
1-12. ගඞ්ගානදීආදිසුත්තං | 1-12. ගඞ්ගානදීආදි සූත්‍ර |
258-269
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, ගඞ්ගා නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා; එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛු සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙන්තො සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො
|
258-269
(මග්ග සංයුත්තයේ තිබෙන මෙහි පහත දක්වන වර්ගයන්හි ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙනුවට සප්තබොජ්ඣංගය යොදා විස්තර කළයුතුයි.)
මග්ගසංයුත්තයේ ගංගාපෙය්‍යාල වර්ගයේ මෙන් මෙහි සූත්‍ර දොළසක් වෙත්.
|
10. අප්පමාදවග්ගො | 10. අප්පමාද වර්ගය (2) |
1-10. තථාගතාදිසුත්තං | 1-10. තථාගතාදි සූත්‍ර |
270-279
‘‘යාවතා, භික්ඛවෙ, සත්තා අපදා වා ද්විපදා වා චතුප්පදා වා බහුප්පදා වාති විත්ථාරෙතබ්බං
|
270-279
මග්ගසංයුත්තයේ අප්පමාදවර්ගයේ මෙන් මෙහි සූත්‍ර දහයක් වෙත්.
|
11. බලකරණීයවග්ගො | 11. බලකරණිය වර්ගය (2) |
1-12. බලාදිසුත්තං | 1-12. බලාදි සූත්‍ර |
280-291
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, යෙ කෙචි බලකරණීයා කම්මන්තා කරීයන්ති...පෙ....
|
280-291
මග්ගසංයුත්තයේ බලකරණිය වර්ගයේ මෙන් මෙහි සූත්‍ර දොළසකි.
|
12. එසනාවග්ගො | 12. ඒසනා වර්ගය (2) |
1-10. එසනාදිසුත්තං | 1-10. එසනාදි සූත්‍ර |
292-301
‘‘තිස්සො
|
292-301
මග්ගසංයුත්තයේ මෙන් මෙහි සූත්‍ර දොළොසකි. බොජ්ඣංග සංයුත්තයාගේ එසනා පෙය්යාලය විවේකනිශ්‍රිත වශයෙන් විස්තර කටයුතුය.
|
13. ඔඝවග්ගො | 13. ඕඝ වර්ගය (2) |
1-8. ඔඝාදිසුත්තං | 1-8. ඕඝාදි සූත්‍ර |
302-310
‘‘චත්තාරොමෙ භික්ඛවෙ
|
302-310
මග්ගසංයුත්තයේ මෙන් මෙහි සූත්‍ර දොළොසකි.
|
10. උද්ධම්භාගියසුත්තං | 10. උද්ධම්භාගිය සූත්‍රය |
311
සාවත්ථිනිදානං. ‘‘පඤ්චිමානි, භික්ඛවෙ, උද්ධම්භාගියානි සංයොජනානි. කතමානි පඤ්ච? රූපරාගො, අරූපරාගො, මානො, උද්ධච්චං, අවිජ්ජා
|
311 |
14. පුනගඞ්ගාපෙය්යාලවග්ගො | 14. පුනගඞ්ගාපෙය්‍යාල වර්ගය |
පුනගඞ්ගානදීආදිසුත්තං | ගඞ්ගාදි සූත්‍ර |
312-323 |
312-323
මග්ගසංයුත්තයේ තිබෙන පහත දැක්වෙන වර්ගයන්හි ඇති සූත්‍රයෙහි 18 වෙනි වර්ගයේ ඇති දහවෙනි සූත්‍රය මෙන් යොදාගත යුතුයි.
මග්ගසංයුත්තයේ මෙන් මෙහි සූත්රදොළොසක් වෙති. බොජ්ඣංග සංයුත්තයේ ගංගාපෙය්යාලය රාග විනය වශයෙන් විස්තර කටයුතුයි.
|
15. පුනඅප්පමාදවග්ගො | 15. පුන අප්පමාද වර්ගය |
තථාගතාදිසුත්තං | තථාගතාදි සූත්‍ර |
324-333 |
324-333
මග්ගසංයුත්තයේ මෙන් සූත්‍ර දහයකි.
බොජ්ඣංග සංයුත්තයේ අප්‍රමාද වර්ගය රාග විනය වශයෙන් විස්තර කටයුතුයි.
|
16. පුනබලකරණීයවග්ගො | 16.පුන බලකරණීය වර්ගය |
පුනබලාදිසුත්තං | බලාදි සූත්‍ර |
334-345 |
334-345
බොජ්ඣංග සංයුත්තයේ බලකරණිය වර්ගය රාග විනය වශයෙන් විස්තර කටයුතුයි. මග්ගසංයුත්තයේ මෙන් මෙහි සූත්‍ර දොළොසක් වෙති.
|
17. පුනඑසනාවග්ගො | 17.පුන ඒසනා වර්ගය |
පුනඑසනාදිසුත්තං | එසනාදි සූත්‍ර |
346-356 |
346-356
මග්ගසංයුත්තයේ මෙන් මෙහි සූත්‍ර දහයකි. බොජ්ඣංග සංයුත්තයේ එසනා වර්ගය රාග විනය වශයෙන් විස්තර කටයුතුයි.
|
18. පුනඔඝවග්ගො | 18. පුන ඕඝ වර්ගය |
පුනඔඝාදිසුත්තං | ඕඝාදි සූත්‍ර |
357-366 |
357-366
මග්ගසංයුත්තයේ මෙන් මෙහි සූත්‍ර දහයක් වෙත්.
“මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජනයෝ පස්දෙනෙකි. ඒ පස කවරේදයත්. රූප රාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිජ්ජාව, යන මොහුයි. මහණෙනි, මේ පස උද්ධම්භාගීය සංයෝජනයෝ වෙත්. මහණෙනි, මේ පස්වැදෑරුම් උද්ධම්භාගීය සංයෝජනයන්ගේ දැනගැනීම පිණිස, වෙසෙසින් දැනීම පිණිස, නැති කිරීම පිණිස, සප්ත බොධ්‍යංගයෝ වැඩිය යුත්තාහ.
ඒ සත කවරහුදයත්; මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම රාගය දුරුකිරීම කෙළවර කොට ඇති, ද්වේෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවර කොට ඇති, නිවන ඇතුළත් කොට ඇති, නිවන පිහිටකොට ඇති, නිවන කෙළවරකොට ඇති, නිවනට නැමුනු, නිවනට අවනත, නිවනට බරවූ සති සම්බොජ්ඣංගය වඩයිද,
“රාගය දුරුකිරීම කෙළවර කොට ඇති, ද්වේෂය දුරු කිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති, නිවන ඇතුළත්කොට ඇති, නිවන පිහිටකොට ඇති, නිවන කෙළවරකොට ඇති, නිවනට නැමුනු, නිවනට අවනත, නිවනට බරවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,
“රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වේෂය දුරු කිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති, නිවන ඇතුළත්කොට ඇති, නිවන පිහිටකොට ඇති, නිවන කෙළවරකොට ඇති, නිවනට නැමුනු, නිවනට අවනත, නිවනට බරවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද,
“රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වේෂය දුරු කිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති, නිවන ඇතුළත්කොට ඇති, නිවන පිහිටකොට ඇති, නිවන කෙළවරකොට ඇති, නිවනට නැමුනු, නිවනට අවනත, නිවනට බරවූ පීති සම්බොජ්ඣංගය වඩයිද,
“රාගය දුරුකිරීම කෙළවර කොට ඇති ද්වේෂය දුරු කිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති නිවන ඇතුළත්කොට ඇති, නිවන පිහිටකොට ඇති නිවන කෙළවරකොට ඇති, නිවනට නැමුනු නිවනට අවනත, නිවනට බරවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,
“රාගය දුරුකිරීම කෙළවර කොට ඇති, ද්වේෂය දුරු කිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති නිවන ඇතුළත්කොට ඇති, නිවන පිහිටකොට ඇති, නිවන කෙළවරකොට ඇති, නිවනට නැමුනු, නිවනට අවනත, නිවනට බරවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද
“රාගය දුරුකිරීම, කෙළවරකොට ඇති, ද්වේෂය දුරු කිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති, නිවන ඇතුළත්කොට ඇති නිවන පිහිටකොට ඇති, නිවන කෙළවරකොට ඇති, නිවනට නැමුනු, නිවනට අවනත, නිවනට බරවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මේ පස් වැදෑරුම් උද්ධම්භාගිය සංයෝජනයන්ගේ අවබෝධය පිණිස, වෙසෙසින් දැනගැනීම පිණිස, නැතිකිරීම පිණිස, දුරුකිරීම පිණිස, මේ සප්තබොධ්‍යංගයෝ වැඩිය යුත්තාහ’යි
|