ත්‍රිපිටකය
2. බොජ්ඣඞ්ගසංයුත්තං 2. බොජ්ඣංග සංයුත්තය
1. පබ්බතවග්ගො 1. පබ්බත වර්ගය
1. හිමවන්තසුත්තං 1. හිමවන්ත සූත්‍රය
2. කායසුත්තං 2. කාය සූත්‍රය
3. සීලසුත්තං 3. සීල සූත්‍රය
4. වත්ථසුත්තං 4. වත්‍ථ සූත්‍රය
5. භික්ඛුසුත්තං 5. භික්ෂු සූත්‍රය
6. කුණ්ඩලියසුත්තං 6. කුණ්ඩලිය සූත්‍රය
7. කූටාගාරසුත්තං 7. කූටාගාර සූත්‍රය
8. උපවානසුත්තං 8. උපවාන සූත්‍රය
9. පඨමඋප්පන්නසුත්තං 9. උප්පාද සූත්‍රය
10. දුතියඋප්පන්නසුත්තං 10. දුතිය උප්පාද සූත්‍රය
2. ගිලානවග්ගො 2. ගිලාන වර්ගය
1. පාණසුත්තං 1. පාන සූත්‍රය
2. පඨමසූරියූපමසුත්තං 2. සුරිය සූත්‍රය
3. දුතියසූරියූපමසුත්තං 3. දුතිය සුරිය සූත්‍රය
4. පඨමගිලානසුත්තං 4. ගිලාන සූත්‍රය
5. දුතියගිලානසුත්තං 5. දුතිය ගිලාන සූත්‍රය
6. තතියගිලානසුත්තං 6. තතිය ගිලාන සූත්‍රය
7. පාරඞ්ගමසුත්තං 7. අපාර සූත්‍රය
8. විරද්ධසුත්තං 8. ආරද්ධ සූත්‍රය
9. අරියසුත්තං 9. අරිය සූත්‍රය
10. නිබ්බිදාසුත්තං 10. නිබ්බිදා සූත්‍රය
3. උදායිවග්ගො 3. උදායි වර්ගය
1. බොධායසුත්තං 1. බෝධාය සූත්‍රය
2. බොජ්ඣඞ්ගදෙසනාසුත්තං 2. දේසනා සූත්‍රය
3. ඨානියසුත්තං 3. ඨානි සූත්‍රය
4. අයොනිසොමනසිකාරසුත්තං 4. යෝනිසෝ සූත්‍රය
5. අපරිහානියසුත්තං 5. අපරිහානිය සූත්‍රය
6. තණ්හක්ඛයසුත්තං 6. ඛය සූත්‍රය
7. තණ්හානිරොධසුත්තං 7. නිරෝධ සූත්‍රය
8. නිබ්බෙධභාගියසුත්තං 8. නිබ්බේධ සූත්‍රය
9. එකධම්මසුත්තං 9. ඒකධම්ම සූත්‍රය
10. උදායිසුත්තං 10. උදායි සූත්‍රය
4. නීවරණවග්ගො 4. නීවරණ වර්ගය
1. පඨමකුසලසුත්තං 1. කුසල සූත්‍රය
2. දුතියකුසලසුත්තං 2. දුතිය කුසල සූත්‍රය
3. උපක්කිලෙසසුත්තං 3. කිලේස සූත්‍රය
4. අනුපක්කිලෙසසුත්තං 4. අනාවරණ සූත්‍රය
5. අයොනිසොමනසිකාරසුත්තං 5. යෝනිසෝ සූත්‍රය
6. යොනිසොමනසිකාරසුත්තං 6. බුද්ධි සූත්‍රය
7. බුද්ධිසුත්තං 7. ආවරණ සූත්‍රය
8. ආවරණනීවරණසුත්තං 8. අනීවරණ සූත්‍රය
9. රුක්ඛසුත්තං 9. මහාරුක්ඛ සූත්‍රය
10. නීවරණසුත්තං 10. නීවරණ සූත්‍රය
5. චක්කවත්තිවග්ගො 5. චක්කවත්ති වර්ගය
1. විධාසුත්තං 1. විධා සූත්‍රය
2. චක්කවත්තිසුත්තං 2. චක්කවත්ති සූත්‍රය
3. මාරසුත්තං 3. මාර සූත්‍රය
4. දුප්පඤ්ඤසුත්තං 4. දුප්පඤ්ඤ සූත්‍රය
5. පඤ්ඤවන්තසුත්තං 5. පඤ්ඤව සූත්‍රය
6. දලිද්දසුත්තං 6. දළිද්ද සූත්‍රය
7. අදලිද්දසුත්තං 7. අදළිද්ද සූත්‍රය
8. ආදිච්චසුත්තං 8. ආදිච්ච සූත්‍රය
9. අජ්ඣත්තිකඞ්ගසුත්තං 9. අංග සූත්‍රය
10. බාහිරඞ්ගසුත්තං 10. දුතිය අංග සූත්‍රය
6. සාකච්ඡවග්ගො 6.බොජ්ඣංග වර්ගය
1. ආහාරසුත්තං 1. ආහාර සූත්‍රය
2. පරියායසුත්තං 2. පරියාය සූත්‍රය
3. අග්ගිසුත්තං 3. අග්ගි සූත්‍රය
4. මෙත්තාසහගතසුත්තං 4. මෙත්ත සූත්‍රය
5. සඞ්ගාරවසුත්තං 5. සංගාරව සූත්‍රය
6. අභයසුත්තං 6. අභය සූත්‍රය
237
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. අථ ඛො අභයො රාජකුමාරො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො අභයො රාජකුමාරො භගවන්තං එතදවොච - ‘‘පූරණො, භන්තෙ, කස්සපො එවමාහ - ‘නත්ථි හෙතු, නත්ථි පච්චයො අඤ්ඤාණාය අදස්සනාය. අහෙතු, අප්පච්චයො (අප්පච්චයා (සී.), අප්පච්චයං (?)) අඤ්ඤාණං අදස්සනං හොති. නත්ථි හෙතු, නත්ථි පච්චයො ඤාණාය දස්සනාය. අහෙතු, අප්පච්චයො ඤාණං දස්සනං හොතී’ති. ඉධ භගවා කිමාහා’’ති? ‘‘අත්ථි, රාජකුමාර, හෙතු, අත්ථි පච්චයො අඤ්ඤාණාය අදස්සනාය. සහෙතු, සප්පච්චයො (සප්පච්චයා (සී.), සප්පච්චයං (?)) අඤ්ඤාණං අදස්සනං හොති. අත්ථි , රාජකුමාර, හෙතු, අත්ථි පච්චයො ඤාණාය දස්සනාය. සහෙතු, සප්පච්චයො ඤාණං දස්සනං හොතී’’ති.
‘‘කතමො පන, භන්තෙ, හෙතු, කතමො පච්චයො අඤ්ඤාණාය අදස්සනාය? කථං සහෙතු, සප්පච්චයො අඤ්ඤාණං අදස්සනං හොතී’’ති? ‘‘යස්මිං ඛො, රාජකුමාර, සමයෙ කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං න ජානාති න පස්සති - අයම්පි ඛො, රාජකුමාර, හෙතු, අයං පච්චයො අඤ්ඤාණාය අදස්සනාය. එවම්පි සහෙතු සප්පච්චයො අඤ්ඤාණං අදස්සනං හොති.
‘‘පුන චපරං, රාජකුමාර, යස්මිං සමයෙ බ්‍යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති බ්‍යාපාදපරෙතෙන...පෙ.... ථිනමිද්ධපරියුට්ඨිතෙන... උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන... විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති විචිකිච්ඡාපරෙතෙන, උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං න ජානාති න පස්සති - අයම්පි ඛො, රාජකුමාර, හෙතු, අයං පච්චයො අඤ්ඤාණාය අදස්සනාය. එවම්පි සහෙතු සප්පච්චයො අඤ්ඤාණං අදස්සනං හොතී’’ති.
‘‘කො නාමායං, භන්තෙ, ධම්මපරියායො’’ති? ‘‘නීවරණා නාමෙතෙ, රාජකුමාරා’’ති. ‘‘තග්ඝ, භගවා, නීවරණා; තග්ඝ, සුගත, නීවරණා! එකමෙකෙනපි ඛො, භන්තෙ, නීවරණෙන අභිභූතො යථාභූතං න ජානෙය්‍ය න පස්සෙය්‍ය, කො පන වාදො පඤ්චහි නීවරණෙහි?
‘‘කතමො පන, භන්තෙ, හෙතු, කතමො පච්චයො ඤාණාය දස්සනාය? කථං සහෙතු, සප්පච්චයො ඤාණං දස්සනං හොතී’’ති? ‘‘ඉධ , රාජකුමාර, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සො සතිසම්බොජ්ඣඞ්ගං භාවිතෙන චිත්තෙන යථාභූතං ජානාති පස්සති - අයම්පි ඛො, රාජකුමාර, හෙතු, අයං පච්චයො ඤාණාය දස්සනාය. එවම්පි සහෙතු, සප්පච්චයො ඤාණං දස්සනං හොති.
‘‘පුන චපරං, රාජකුමාර, භික්ඛු...පෙ.... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවිතෙන චිත්තෙන යථාභූතං ජානාති පස්සති - අයම්පි ඛො, රාජකුමාර, හෙතු, අයං පච්චයො ඤාණාය දස්සනාය. එවං සහෙතු, සප්පච්චයො ඤාණං දස්සනං හොතී’’ති.
‘‘කො නාමායං, භන්තෙ, ධම්මපරියායො’’ති? ‘‘බොජ්ඣඞ්ගා නාමෙතෙ, රාජකුමාරා’’ති. ‘‘තග්ඝ, භගවා, බොජ්ඣඞ්ගා; තග්ඝ, සුගත, බොජ්ඣඞ්ගා! එකමෙකෙනපි ඛො, භන්තෙ, බොජ්ඣඞ්ගෙන සමන්නාගතො යථාභූතං ජානෙය්‍ය පස්සෙය්‍ය, කො පන වාදො සත්තහි බොජ්ඣඞ්ගෙහි? යොපි මෙ, භන්තෙ, ගිජ්ඣකූටං පබ්බතං ආරොහන්තස්ස කායකිලමථො චිත්තකිලමථො, සොපි මෙ පටිප්පස්සද්ධො, ධම්මො ච මෙ අභිසමිතො’’ති. ඡට්ඨං.
237
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවාසය කරන සේක. ඉක්බිති අභයරාජ කුමාරයා භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ අභයරාජ කුමාරයා භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, පූරණ කාශ්‍යප තෙමේ මෙසේ කීයේය.
“නොදැනීමට නොදැක්මට හේතුවක් නැත. කාරණයක් නැත. හේතුවක් නැතිව කාරණයක් නැතිව නොදැනීම නො දැක්ම වෙයි. නුවණින් දැකීමටද හේතුවක් නැත. කාරණයක් නැත. හේතුවක් නැතිව කාරණයක් නැතිව නුවණින් දැකීම වෙයි.’ භාග්‍යවතුන් වහන්සේ මෙහිලා කුමක් වදාරන සේක්ද?” යනුයි.
“රාජකුමාරය, නොදැනීමට නොදැකීමටද හේතුවක් ඇත, කාරණයක් ඇත. හේතු සහිතව කාරණ සහිතව නොදැනීම නොදැකීම වෙයි. රාජ කුමාරය, නුවණින් දැකීමටද හේතුවක් ඇත. කාරණයක් ඇත. හේතු සහිතව කාරණ සහිතව නුවණින් දැකීම වෙයි” යනුයි.
“ස්වාමීනි, නොදැනීමට නොදැකීමට හේතු කවරේද? කරුණු කවරේද? කෙසේ හේතු සහිතව කරුණු සහිතව නොදැනීම නොදැකීම වෙයිද?”
“රාජ කුමාරය, යම් කාලයෙක කාමරාගයෙන් මඩනා ලද කාම රාගයෙන් යුත් සිතින් වාසය කෙරේද. උපන් කාමරාගයාගේ නිවීම ඇති සැටියෙන් නොදනියිද, නොදකියිද,
“රාජ කුමාරය, නොදැනීමට නොදැකීමට මෙයද හේතුවකි. මෙයද කාරණයකි. මෙසේ හේතු සහිතව කරුණු සහිතව නොදැනීම නොදැකීම වෙයි.
“රාජකුමාරය, නැවත අනිකක්ද කියමි. යම් කාලයක ක්‍රෝධයෙන් මඩනා ලද ක්‍රෝධයෙන් යුත් සිතින් වාසය කෙරේද, උපන් ක්‍රෝධයාගේ නිවීම ඇති සැටියෙන් නොදනීද, නොදකීද, රාජ කුමාරය, නොදැනීමට නොදැකීමට මෙයද හේතුවකි, මෙයද කාරණයකි. මෙසේද හේතු සහිතව කරුණු සහිතව නොදැනීම නොදැකීම වෙයි.
“රාජ කුමාරය, නැවත අනිකක්ද කියමි. යම් කාලයක ථින මිද්ධයෙන් මඩනා ලද ථින මිද්ධයෙන් යුත් සිතින් වාසය කෙරෙයිද, උපන් ථිනමිද්ධයාගේ නිවීම ඇති සැටියෙන් නොදනියිද නොදකියිද, රාජකුමාරය, නොදැනීමට නොදැකීමට මෙයද හේතුවකි. මෙයද කාරණයකි. මෙසේ හේතු සහිතව කරුණු සහිතව නොදැනීම නොදැකීම වෙයි.
“රාජකුමාරය, නැවත අනිකක්ද කියමි. යම්කාලයක උද්ධච්චකුක්කුච්චයෙන් මඩනා ලද උද්ධච්චකුක්කුච්චයෙන් යුත් සිතින් වාසය කෙරේද, උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිවීම ඇති සැටියෙන් නොදනියි, නොදකීද, රාජකුමාරය, නොදැනීමට නොදැකීමට මෙයද හේතුවකි මෙසේ හේතු සහිතව කරුණු සහිතව නොදැනීම නොදැකීම වෙයි.
“රාජකුමාරය, නැවතද අනිකක්ද කියමි. යම්කාලයක විචිකිච්ඡාවෙන් මඩනා ලද, විචිකිච්ඡාවෙන් යුත් සිතින් වාසය කෙරේද, උපන් විචිකිච්ඡාවගේ නිවීම ඇති සැටියෙන් නොදනීද, නොදකියිද, රාජ කුමාරය, නොදැනීමට නොදැකීමට මෙයද හේතුවකි. මෙයද කාරණයකි. මෙසේ හේතු සහිතව කරුණු සහිතව නොදැනීම නොදැකීම වෙයි.”
“ස්වාමීනි, මේ කිනම් ධර්ම ක්‍රමයක් වේද?”
“රාජකුමාරය, මොව්හු නීවරණයෝ නම් වෙත්.”
“භාග්‍යවතුන් වහන්ස, ඒකාන්තයෙන්ම නීවරණයෝ වෙත්. සුගතයන් වහන්ස, ඒකාන්තයෙන්ම නීවරණයෝ වෙත්. ස්වාමීනි, එක එක නීවරණයෙකින් මඩනා ලද්දේ නමුදු ඇති සැටි නොදනියි. නොදකියි. නීවරණ පසෙන්ම මඩනා කල්හි කියනුම කවරේද?”
ස්වාමීනි, නුවණින් දැකීමට හේතු කවරේද, කරුණු කවරේද? කෙසේ හේතු සහිතව ප්‍රත්‍ය සහිතව නුවණින් දැකීම වේද?”
“රාජකුමාරය, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම සති සම්බොජ්ඣංගය වඩනා ලද සිතින් ඇති සැටියෙන් දනියි. දකියි. රාජකුමාරය, නුවණින් දැකීමට මෙයද හේතුවකි. මෙයද කාරණයකි. මෙසේ හේතු සහිතව කරුණු සහිතව නුවණින් දැකීම වෙයි.”
“රාජකුමාරය, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම ධම්මවිචය සම්බොජ්ඣංගය වඩන ලද සිතින් ඇති සැටියෙන් දනියි. දකියි. රාජකුමාරය, නුවණින් දැනීමට දැකීමට මෙයද හේතුවකි. මෙයද කාරණයකි. මෙසේ හේතු සහිතව කරුණු සහිතව නුවණින් දැකීම වෙයි.”
“රාජකුමාරය, මේ ශාසනයෙහි මහණෙතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණාවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම විරිය සම්බොජ්ඣංගය වඩනා ලද සිතින් ඇති සැටියෙන් දනියි. දකියි. රාජ කුමාරය, නුවණින් දැකීමට මෙයද හේතුවකි, මෙයද කාරණයකි. මෙසේ හේතු සහිතව කරුණු සහිතව නුවණින් දැකීම වෙයි.”
“රාජකුමාරය, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණාවූ පීති සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම පීති සම්බොජ්ඣංගය වඩනා ලද සිතින් ඇති සැටියෙන් දනියි. දකියි. රාජකුමාරය, නුවණින් දැකීමට මෙයද හේතුවකි. මෙයද කාරණයකි. මෙසේ හේතු සහිතව කරුණු සහිතව නුවණින් දැකීම වෙයි.”
“රාජකුමාරය, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම පස්සද්ධි සම්බොජ්ඣංගය වඩනා ලද සිතින් ඇති සැටියෙන් දනියි. දකියි. රාජකුමාරය, නුවණින් දැකීමට මෙයද හේතුවකි. මෙයද කාරණයකි. මෙසේ හේතු සහිතව කරුණු සහිතව නුවණින් දැකීම වෙයි.”
“රාජකුමාරය, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණාවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම සමාධි සම්බොජ්ඣංගය වඩනා ලද සිතින් ඇති සැටියෙන් දනියි. දකියි. රාජකුමාරය, නුවණින් දැකීමට මෙයද හේතුවකි. මෙයද කාරණයකි. මෙසේ හේතු සහිතව කරුණු සහිතව නුවණින් දැකීම වෙයි.”
“රාජකුමාරය, නැවත අනිකක්ද කියමි. මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩනා ලද සිතින් ඇති සැටි දනියි. දකියි. රාජකුමාරය, නුවණින් දැකීමට මෙයද හේතුවකි. මෙයද කාරණයකි. මෙසේ හේතු සහිතව කරුණු සහිතව නුවණින් දැකීම වෙයි.”
“ස්වාමීනි, මේ කිනම් ධර්ම ක්‍රමයක්ද?”
“රාජකුමාරය, මොවුහු බොජ්ඣංගයෝ නම් වෙත්”
“භාග්‍යවතුන් වහන්ස, ඒකාන්තයෙන්ම බොජ්ඣංගයෝය. සුගතයන් වහන්ස, ඒකාන්තයෙන්ම බොජ්ඣංගයෝය. ස්වාමීනි එක් එක් බොජ්ඣංගයකින් යුක්තවූයේ නමුදු ඇති සැටි දනියි. දකියි. බොජ්ඣංගයන් සත්දෙනාගෙන් යුක්තවූයේ නම් කියනුම කවරේද? ස්වාමීනි, ගිජ්ඣකූට පර්වතයට නගින්නාවූ මට ශරීරයේ යම් වෙහෙසක් වීද, සිතේ යම් වෙහෙසක් වීද, මගේ ඒ වෙහෙසද සන්සිඳුනේය. මට ධර්මයද අවබෝධ වූයේයයි” කීය.
7. ආනාපානවග්ගො 7. ආනාපාන වර්ගය
1. අට්ඨිකමහප්ඵලසුත්තං 1. අට්ඨික සූත්‍රය
2. පුළවකසුත්තං 2. පුළවක සූත්‍රය
3. විනීලකසුත්තං 3. විනීලක සූත්‍රය
4. විච්ඡිද්දකසුත්තං 4. විච්ඡිද්දක සූත්‍රය
5. උද්ධුමාතකසුත්තං 5. උද්ධුමාතක සූත්‍රය
6. මෙත්තාසුත්තං 6. මෙත්තා සූත්‍රය
7. කරුණාසුත්තං 7. කරුණා සූත්‍රය
8. මුදිතාසුත්තං 8. මුදිතා සූත්‍රය
9. උපෙක්ඛාසුත්තං 9. උපෙක්ඛා සූත්‍රය
10. ආනාපානසුත්තං 10. ආනාපානසති සූත්‍රය
8. නිරොධවග්ගො 8. නිරෝධ වර්ගය
1. අසුභසුත්තං 1. අසුභ සූත්‍රය
2. මරණසුත්තං 2. මරණ සූත්‍රය
3. ආහාරෙපටිකූලසුත්තං 3. ආහාරේ පටික්කූල සූත්‍රය
4. අනභිරතිසුත්තං 4. සබ්බලෝකේ අනභිරත සූත්‍රය
5. අනිච්චසුත්තං 5. අනිච්ච සූත්‍රය
6. දුක්ඛසුත්තං 6. අනිච්චේ දුක්ඛ සූත්‍රය
7. අනත්තසුත්තං 7. දුක්ඛෙ අනත්ත සූත්‍රය
8. පහානසුත්තං 8. පහාන සූත්‍රය
9. විරාගසුත්තං 9. විරාග සූත්‍රය
10. නිරොධසුත්තං 10. නිරෝධ සූත්‍රය
9. ගඞ්ගාපෙය්‍යාලවග්ගො 9. ගංගාපෙය්‍යාල වර්ගය (2)
1-12. ගඞ්ගානදීආදිසුත්තං 1-12. ගඞ්ගානදීආදි සූත්‍ර
10. අප්පමාදවග්ගො 10. අප්පමාද වර්ගය (2)
1-10. තථාගතාදිසුත්තං 1-10. තථාගතාදි සූත්‍ර
11. බලකරණීයවග්ගො 11. බලකරණිය වර්ගය (2)
1-12. බලාදිසුත්තං 1-12. බලාදි සූත්‍ර
12. එසනාවග්ගො 12. ඒසනා වර්ගය (2)
1-10. එසනාදිසුත්තං 1-10. එසනාදි සූත්‍ර
13. ඔඝවග්ගො 13. ඕඝ වර්ගය (2)
1-8. ඔඝාදිසුත්තං 1-8. ඕඝාදි සූත්‍ර
10. උද්ධම්භාගියසුත්තං 10. උද්ධම්භාගිය සූත්‍රය
14. පුනගඞ්ගාපෙය්‍යාලවග්ගො 14. පුනගඞ්ගාපෙය්‍යාල වර්ගය
පුනගඞ්ගානදීආදිසුත්තං ගඞ්ගාදි සූත්‍ර
15. පුනඅප්පමාදවග්ගො 15. පුන අප්පමාද වර්ගය
තථාගතාදිසුත්තං තථාගතාදි සූත්‍ර
16. පුනබලකරණීයවග්ගො 16.පුන බලකරණීය වර්ගය
පුනබලාදිසුත්තං බලාදි සූත්‍ර
17. පුනඑසනාවග්ගො 17.පුන ඒසනා වර්ගය
පුනඑසනාදිසුත්තං එසනාදි සූත්‍ර
18. පුනඔඝවග්ගො 18. පුන ඕඝ වර්ගය
පුනඔඝාදිසුත්තං ඕඝාදි සූත්‍ර