ත්‍රිපිටකය
2. බොජ්ඣඞ්ගසංයුත්තං 2. බොජ්ඣංග සංයුත්තය
1. පබ්බතවග්ගො 1. පබ්බත වර්ගය
1. හිමවන්තසුත්තං 1. හිමවන්ත සූත්‍රය
2. කායසුත්තං 2. කාය සූත්‍රය
3. සීලසුත්තං 3. සීල සූත්‍රය
4. වත්ථසුත්තං 4. වත්‍ථ සූත්‍රය
5. භික්ඛුසුත්තං 5. භික්ෂු සූත්‍රය
6. කුණ්ඩලියසුත්තං 6. කුණ්ඩලිය සූත්‍රය
7. කූටාගාරසුත්තං 7. කූටාගාර සූත්‍රය
8. උපවානසුත්තං 8. උපවාන සූත්‍රය
9. පඨමඋප්පන්නසුත්තං 9. උප්පාද සූත්‍රය
10. දුතියඋප්පන්නසුත්තං 10. දුතිය උප්පාද සූත්‍රය
2. ගිලානවග්ගො 2. ගිලාන වර්ගය
1. පාණසුත්තං 1. පාන සූත්‍රය
2. පඨමසූරියූපමසුත්තං 2. සුරිය සූත්‍රය
3. දුතියසූරියූපමසුත්තං 3. දුතිය සුරිය සූත්‍රය
4. පඨමගිලානසුත්තං 4. ගිලාන සූත්‍රය
5. දුතියගිලානසුත්තං 5. දුතිය ගිලාන සූත්‍රය
6. තතියගිලානසුත්තං 6. තතිය ගිලාන සූත්‍රය
7. පාරඞ්ගමසුත්තං 7. අපාර සූත්‍රය
8. විරද්ධසුත්තං 8. ආරද්ධ සූත්‍රය
9. අරියසුත්තං 9. අරිය සූත්‍රය
10. නිබ්බිදාසුත්තං 10. නිබ්බිදා සූත්‍රය
3. උදායිවග්ගො 3. උදායි වර්ගය
1. බොධායසුත්තං 1. බෝධාය සූත්‍රය
2. බොජ්ඣඞ්ගදෙසනාසුත්තං 2. දේසනා සූත්‍රය
3. ඨානියසුත්තං 3. ඨානි සූත්‍රය
4. අයොනිසොමනසිකාරසුත්තං 4. යෝනිසෝ සූත්‍රය
5. අපරිහානියසුත්තං 5. අපරිහානිය සූත්‍රය
6. තණ්හක්ඛයසුත්තං 6. ඛය සූත්‍රය
7. තණ්හානිරොධසුත්තං 7. නිරෝධ සූත්‍රය
8. නිබ්බෙධභාගියසුත්තං 8. නිබ්බේධ සූත්‍රය
9. එකධම්මසුත්තං 9. ඒකධම්ම සූත්‍රය
10. උදායිසුත්තං 10. උදායි සූත්‍රය
4. නීවරණවග්ගො 4. නීවරණ වර්ගය
1. පඨමකුසලසුත්තං 1. කුසල සූත්‍රය
2. දුතියකුසලසුත්තං 2. දුතිය කුසල සූත්‍රය
3. උපක්කිලෙසසුත්තං 3. කිලේස සූත්‍රය
4. අනුපක්කිලෙසසුත්තං 4. අනාවරණ සූත්‍රය
5. අයොනිසොමනසිකාරසුත්තං 5. යෝනිසෝ සූත්‍රය
6. යොනිසොමනසිකාරසුත්තං 6. බුද්ධි සූත්‍රය
7. බුද්ධිසුත්තං 7. ආවරණ සූත්‍රය
8. ආවරණනීවරණසුත්තං 8. අනීවරණ සූත්‍රය
9. රුක්ඛසුත්තං 9. මහාරුක්ඛ සූත්‍රය
10. නීවරණසුත්තං 10. නීවරණ සූත්‍රය
5. චක්කවත්තිවග්ගො 5. චක්කවත්ති වර්ගය
1. විධාසුත්තං 1. විධා සූත්‍රය
2. චක්කවත්තිසුත්තං 2. චක්කවත්ති සූත්‍රය
3. මාරසුත්තං 3. මාර සූත්‍රය
4. දුප්පඤ්ඤසුත්තං 4. දුප්පඤ්ඤ සූත්‍රය
5. පඤ්ඤවන්තසුත්තං 5. පඤ්ඤව සූත්‍රය
6. දලිද්දසුත්තං 6. දළිද්ද සූත්‍රය
7. අදලිද්දසුත්තං 7. අදළිද්ද සූත්‍රය
8. ආදිච්චසුත්තං 8. ආදිච්ච සූත්‍රය
9. අජ්ඣත්තිකඞ්ගසුත්තං 9. අංග සූත්‍රය
10. බාහිරඞ්ගසුත්තං 10. දුතිය අංග සූත්‍රය
6. සාකච්ඡවග්ගො 6.බොජ්ඣංග වර්ගය
1. ආහාරසුත්තං 1. ආහාර සූත්‍රය
2. පරියායසුත්තං 2. පරියාය සූත්‍රය
3. අග්ගිසුත්තං 3. අග්ගි සූත්‍රය
4. මෙත්තාසහගතසුත්තං 4. මෙත්ත සූත්‍රය
5. සඞ්ගාරවසුත්තං 5. සංගාරව සූත්‍රය
236
සාවත්ථිනිදානං . අථ ඛො සඞ්ගාරවො බ්‍රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සඞ්ගාරවො බ්‍රාහ්මණො භගවන්තං එතදවොච -
‘‘කො නු ඛො, භො ගොතම, හෙතු, කො පච්චයො යෙනෙකදා දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා? කො පන, භො ගොතම, හෙතු, කො පච්චයො යෙනෙකදා දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා’’ති?
‘‘යස්මිං ඛො, බ්‍රාහ්මණ, සමයෙ කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති, පරත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති, උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති; දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා.
‘‘සෙය්‍යථාපි, බ්‍රාහ්මණ, උදපත්තො සංසට්ඨො ලාඛාය වා හලිද්දියා වා නීලියා වා මඤ්ජිට්ඨාය වා. තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං න ජානෙය්‍ය න පස්සෙය්‍ය. එවමෙව ඛො, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති, පරත්ථම්පි...පෙ.... උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති; දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා.
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ බ්‍යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති බ්‍යාපාදපරෙතෙන, උප්පන්නස්ස ච බ්‍යාපාදස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති, පරත්ථම්පි...පෙ.... උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති; දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා.
‘‘සෙය්‍යථාපි, බ්‍රාහ්මණ, උදපත්තො අග්ගිනා සන්තත්තො පක්කුථිතො (පක්කුධිතො (ක.), උක්කට්ඨිතො (සී.), උක්කුට්ඨිතො (ස්‍යා.)) උස්මුදකජාතො (උස්සදකජාතො (සී.), උස්මාදකජාතො (ස්‍යා.)). තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං න ජානෙය්‍ය න පස්සෙය්‍ය. එවමෙව ඛො, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ බ්‍යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති බ්‍යාපාදපරෙතෙන, උප්පන්නස්ස ච බ්‍යාපාදස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති, පරත්ථම්පි තස්මිං සමයෙ...පෙ.... උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති; දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා.
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ ථිනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරති ථිනමිද්ධපරෙතෙන, උප්පන්නස්ස ච ථිනමිද්ධස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති, පරත්ථම්පි...පෙ.... උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති; දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා.
‘‘සෙය්‍යථාපි, බ්‍රාහ්මණ, උදපත්තො සෙවාලපණකපරියොනද්ධො. තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං න ජානෙය්‍ය න පස්සෙය්‍ය. එවමෙව ඛො, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ ථිනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරති ථිනමිද්ධපරෙතෙන, උප්පන්නස්ස ච ථිනමිද්ධස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති, පරත්ථම්පි...පෙ.... උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති; දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා.
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන චෙතසා විහරති උද්ධච්චකුක්කුච්චපරෙතෙන, උප්පන්නස්ස ච උද්ධච්චකුක්කුච්චස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති, පරත්ථම්පි...පෙ.... උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති; දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා.
‘‘සෙය්‍යථාපි, බ්‍රාහ්මණ, උදපත්තො වාතෙරිතො චලිතො භන්තො ඌමිජාතො. තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං න ජානෙය්‍ය න පස්සෙය්‍ය. එවමෙව ඛො, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන චෙතසා විහරති උද්ධච්චකුක්කුච්චපරෙතෙන, උප්පන්නස්ස ච උද්ධච්චකුක්කුච්චස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති, පරත්ථම්පි...පෙ.... උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති; දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා.
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති විචිකිච්ඡාපරෙතෙන, උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති, පරත්ථම්පි...පෙ.... උභයත්ථම්පි... දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා.
‘‘සෙය්‍යථාපි, බ්‍රාහ්මණ, උදපත්තො ආවිලො ලුළිතො කලලීභූතො අන්ධකාරෙ නික්ඛිත්තො. තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං න ජානෙය්‍ය න පස්සෙය්‍ය. එවමෙව ඛො, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති විචිකිච්ඡාපරෙතෙන, උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති, පරත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති, උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති; දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා. අයං ඛො, බ්‍රාහ්මණ, හෙතු අයං පච්චයො යෙනෙකදා දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා.
‘‘යස්මිඤ්ච ඛො, බ්‍රාහ්මණ, සමයෙ න කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති න කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං ජානාති පස්සති, පරත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං ජානාති පස්සති, උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං ජානාති පස්සති; දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා.
‘‘සෙය්‍යථාපි , බ්‍රාහ්මණ, උදපත්තො අසංසට්ඨො ලාඛාය වා හලිද්දියා වා නීලියා වා මඤ්ජිට්ඨාය වා. තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං ජානෙය්‍ය පස්සෙය්‍ය. එවමෙව ඛො, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ න කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති න කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං පජානාති...පෙ.....
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ න බ්‍යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති න බ්‍යාපාදපරෙතෙන, උප්පන්නස්ස ච බ්‍යාපාදස්ස නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං ජානාති පස්සති, පරත්ථම්පි...පෙ.... උභයත්ථම්පි... දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා.
‘‘සෙය්‍යථාපි, බ්‍රාහ්මණ, උදපත්තො න අග්ගිනා සන්තත්තො න පක්කුථිතො න උස්මුදකජාතො, තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං ජානෙය්‍ය පස්සෙය්‍ය . එවමෙව ඛො, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ න බ්‍යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති න බ්‍යාපාදපරෙතෙන, උප්පන්නස්ස ච බ්‍යාපාදස්ස නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං ජානාති පස්සති, පරත්ථම්පි...පෙ.... උභයත්ථම්පි... දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා.
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ න ථිනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරති න ථිනමිද්ධපරෙතෙන, උප්පන්නස්ස ච ථිනමිද්ධස්ස නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං ජානාති පස්සති, පරත්ථම්පි...පෙ.... උභයත්ථම්පි ... දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා.
‘‘සෙය්‍යථාපි, බ්‍රාහ්මණ, උදපත්තො න සෙවාලපණකපරියොනද්ධො. තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං ජානෙය්‍ය පස්සෙය්‍ය. එවමෙව ඛො, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ න ථිනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරති න ථිනමිද්ධපරෙතෙන, උප්පන්නස්ස ච ථිනමිද්ධස්ස නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං ජානාති පස්සති, පරත්ථම්පි...පෙ.... උභයත්ථම්පි... දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා.
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ න උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන චෙතසා විහරති න උද්ධච්චකුක්කුච්චපරෙතෙන, උප්පන්නස්ස ච උද්ධච්චකුක්කුච්චස්ස නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං ජානාති පස්සති, පරත්ථම්පි...පෙ.... උභයත්ථම්පි... දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා.
‘‘සෙය්‍යථාපි, බ්‍රාහ්මණ, උදපත්තො න වාතෙරිතො න චලිතො න භන්තො න ඌමිජාතො. තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං ජානෙය්‍ය පස්සෙය්‍ය. එවමෙව ඛො, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ න උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන චෙතසා විහරති න උද්ධච්චකුක්කුච්චපරෙතෙන, උප්පන්නස්ස ච උද්ධච්චකුක්කුච්චස්ස නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං ජානාති පස්සති, පරත්ථම්පි...පෙ.... උභයත්ථම්පි... දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා.
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ න විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති න විචිකිච්ඡාපරෙතෙන, උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං පජානාති (පජානාති පස්සති (ස්‍යා.)), අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං ජානාති පස්සති, පරත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං ජානාති පස්සති; උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං ජානාති පස්සති; දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා.
‘‘සෙය්‍යථාපි , බ්‍රාහ්මණ, උදපත්තො අච්ඡො විප්පසන්නො අනාවිලො ආලොකෙ නික්ඛිත්තො. තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං ජානෙය්‍ය පස්සෙය්‍ය. එවමෙව ඛො, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ න විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති න විචිකිච්ඡාපරෙතෙන, උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං ජානාති පස්සති, පරත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං ජානාති පස්සති, උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං ජානාති පස්සති; දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා. අයං ඛො, බ්‍රාහ්මණ, හෙතු අයං පච්චයො යෙනෙකදා දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා.
‘‘සත්තිමෙ , බ්‍රාහ්මණ, බොජ්ඣඞ්ගා අනාවරණා අනීවරණා චෙතසො අනුපක්කිලෙසා භාවිතා බහුලීකතා විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියාය සංවත්තන්ති. කතමෙ සත්ත? සතිසම්බොජ්ඣඞ්ගො ඛො, බ්‍රාහ්මණ, අනාවරණො අනීවරණො චෙතසො අනුපක්කිලෙසො භාවිතො බහුලීකතො විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියාය සංවත්තති...පෙ.... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො ඛො, බ්‍රාහ්මණ, අනාවරණො අනීවරණො චෙතසො අනුපක්කිලෙසො භාවිතො බහුලීකතො විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියාය සංවත්තති. ඉමෙ ඛො, බ්‍රාහ්මණ, සත්ත බොජ්ඣඞ්ගා අනාවරණා අනීවරණා චෙතසො අනුපක්කිලෙසා භාවිතා බහුලීකතා විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියාය සංවත්තන්තී’’ති. එවං වුත්තෙ සඞ්ගාරවො බ්‍රාහ්මණො භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භො ගොතම...පෙ.... උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති. පඤ්චමං.
236
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.
එකල්හි වනාහි සංගාරව බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථාවකොට නිමවා එක්පසක හුන්නේය. එක්පසක හුන්නාවූ සංගාරව බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය. “භවත් ගෞතමය, යම් හෙයකින් ඇතැම් දිනක පළමුව නොහදාරන ලද මන්ත්‍රයෝ බොහෝ වේලාවක් හදාරන ලද්දේ නමුදු නොවැටහෙත්. මෙයට හේතු කවරේද? මෙයට කාරණා කවරේද? භවත් ගෞතමය, යම් හෙයකින් ඇතැම් දිනක පළමුව නොහදාරන ලද මන්ත්‍රයෝ බොහෝ වේලාවක් නොහදාරන ලද්දාහු නමුදු වැටහෙත්. මෙයට හේතු කවරේද? මෙයට ප්‍රත්‍ය කවරේද?”
“බ්‍රාහ්මණය, යම් කාලයක කාමරාගයෙන් මඩනා ලද කාමරාගයෙන් යුක්තවූ සිතින් වාසය කරයිද, උපන්නාවූ කාමරාගයාගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් නොදනීද, එකල්හි තමාගේ අර්ථයද තත්වූ පරිදි නොදනියි. නොදකියි. එකල්හි පරාර්ථයද තත්වූ පරිදි නොදනියි. නොදකියි. එකල්හි උභයාර්ථයම තත්වූ පරිදි නොදනියි. නොදකියි. බොහෝ කාලයක් හදාරන ලද මන්ත්‍රයෝද නොවැටහෙත්. නොහදාරන ලද මන්ත්‍රයන් කියනුම කවරේද?
‘බ්‍රාහ්මණය, යම්සේ වනාහි ලාකඩ පාටින් හෝ කහ පාටින් හෝ නිල් පාටින් හෝ මදටිය පාටින් හෝ මිශ්‍ර කරන ලද දිය බඳුනක් වේද, එහි ඇස් ඇති මිනිසෙක් සිය මුහුණේ සටහන බලන්නේ ඇතිසැටි නොදන්නේය. නොදක්නේය. බ්‍රාහ්මණය, එසේම යම් කාලයක කාමරාගයෙන් මඩනා ලද කාමරාගයෙන් යුක්තවූ සිතින් වාසය කෙරේද, උපන්නාවූ කාමරාගයාගේ දුරුකිරීම ඇතිසැටි නොදනියිද එකල්හි තමාගේ අර්ථයද ඇතිසැටි නොදනියි. නොදකියි. එකල්හි පරාර්ථයද තත්වූ පරිදි නොදනියි. නොදකියි. උභයාර්ථයම එකල්හි තත්වූ පරිදි නොදනියි. නොදකියි. බොහෝ කාලයක් හදාරන ලද මන්ත්‍රයෝද නොවැටහෙත්. නොහදාරන ලද මන්ත්‍රයන් කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, නැවතද අනිකක් කියමි. යම් කාලයක ක්‍රෝධයෙන් මඩනා ලද, ක්‍රෝධ සිතින් වාසය කෙරේද, උපන් ක්‍රෝධයාගේ නිවීම තත්වූ පරිදි නොදනියිද, එකල්හි තමාගේ අර්ථයද තත්වූ පරිදි නොදනියි. නොදකියි. එකල්හි පරාර්ථයද තත්වූ පරිදි නොදනියි. නොදකියි. එකල්හි උභයාර්ථයද තත්වූ පරිදි නොදනියි. නොදකියි. බොහෝ කාලයක් හදාරන ලද මන්ත්‍රයෝද නොවැටහෙත්. නොහදාරන ලද මන්ත්‍රයන් කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, යම්සේ වනාහි ගින්නෙන් උණුවූ කකියන බුබුලු නගින දියබඳුනක් වේද, එහි ඇස් ඇති මිනිහෙක් මුවසටහන බලන්නේ ඇතිසැටි නොදන්නේය, නොදක්නේය, බ්‍රාහ්මණය, එසේම යම් කාලයක ක්‍රෝධයෙන් මඩනලද ක්‍රෝධයෙන් යුත් සිතින් වාසය කරයිද, උපන්නාවූ ක්‍රෝධයාගේ නිවීම ඇතිසැටි නොදනීද, නොදකීද, එකල්හි තමාගේ අර්ථයද ඇතිසැටියෙන් නොදනියි. නොදකියි. එකල්හි පරාර්ථයද ඇති සැටි නොදනී. නොදකී. එකල්හි උභයාර්ථයම ඇති සැටි නොදනියි. නොදකියි. බොහෝ කාලයක් හදාරන ලද මන්ත්‍රයෝද නොවැටහෙත්. නොහදාරන ලද මන්ත්‍රයන් කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, නැවතද අනිකක් කියමි. යම් කාලයක ථින මිද්ධයෙන් මඩන ලද ථින මිද්ධයෙන් යුත් සිතින් වාසය කෙරේද, උපන් ථින මිද්ධයාගේ නිවීම ඇතිසැටි නොදනීද එකල්හි ආත්මාර්ථයද ඇතිසැටි නොදනියි, නොදකියි. එකල්හි පරාර්ථයද ඇතිසැටි නොදනියි, නොදකියි. එකල්හි උභයාර්ථයද ඇතිසැටියෙන් නොදනියි. නොදකියි. බොහෝ කාලයක් හදාරන ලද මන්ත්‍රයෝද නොවැටහෙත්. නොහදාරන ලද මන්ත්‍රයන් කියනුම කවරේද?
“බමුණ, යම්සේ වනාහි දිය සෙවලින් වැසුණාවූ දිය බඳුනක් වේද, එහි ඇස් ඇති මිනිහෙක් ස්වකීය මුව සටහන බලන්නේ ඇතිසැටියෙන් නොදන්නේද නොදක්නේද; බ්‍රාහ්මණය, එපරිද්දෙන් වනාහි යම් කාලයක ථින මිද්ධයෙන් මඩනා ලද ථින මිද්ධයෙන් යුත් සිතින් වාසය කෙරේද, උපන් ථින මිද්ධයාගේ නිවීම ඇතිසැටි නොදනියිද නොදකියිද, එකල්හි ආත්මාර්ථයද ඇතිසැටියෙන් නොදනියි, නොදකියි. එකල්හි පරාර්ථයද ඇතිසැටියෙන් නොදනියි, නොදකියි. එකල්හි උභයාර්ථයද ඇතිසැටියෙන් නොදනියි, නොදකියි. බොහෝ කලක් හදාරන ලද මන්ත්‍රයෝද නොවැටහෙත්. නොහදාළ මන්ත්‍රයන් කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, නැවතද අනිකක් කියමි. යම් කලක උද්ධච්ච කුක්කුච්චයෙන් මඩනා ලද උද්ධච්ච කුක්කුච්චයෙන් යුත් සිතින් වාසය කෙරේද, උපන් උද්ධච්ච කුක්කුච්චයාගේ නිවීම ඇතිසැටියෙන් නොදනීද එකල්හි ආත්මාර්ථයද තත්වූ පරිදි නොදනියි, නොදකියි. එකල්හි පරාර්ථයද තත්වූ පරිදි නොදනියි, නොදකියි. එකල්හි උභයාර්ථයද තත්වූ පරිදි නොදනියි, නොදකියි. බොහෝ කාලයක් හදාළ මන්ත්‍රයෝද නොවැටහෙත්. නොහදාළ මන්ත්‍රයන් කියනුම කිම?
“බමුණ යම්සේ වනාහි වාතයෙන් කැලඹුණු - සැලුණු භ්‍රමණයවුණු රළ ගසන දිය බඳුනක් වේද, එහි ඇස් ඇති මිනිහෙක් ස්වකීය මුව සටහන බලන්නේ ඇතිසැටි නොදන්නේද නොදක්නේද බමුණ එපරිද්දෙන් යම් කාලයක උද්ධච්ච කුක්කුච්චයෙන් මඩනා ලද උද්ධච්ච කුක්කුච්චයෙන් යුත් සිතින් වාසය කෙරේද, උපන් උද්ධච්ච කුක්කුච්චයාගේ නිවීම තත්වූ පරිදි නොදනියිද නොදකියිද එකල්හි ආත්මාර්ථයද ඇතිසැටියෙන් නොදනියි, නොදකියි. එකල්හි පරාර්ථයද ඇතිසැටියෙන් නොදනියි, නොදකියි. එකල්හි උභයාර්ථයද ඇතිසැටියෙන් නොදනියි, නොදකියි. බොහෝ කාලයක් හදාරන ලද මන්ත්‍රයෝද නොවැටහෙත්. නොහදාරන ලද මන්ත්‍රයන් කියනුම කිම?
“බමුණ, නැවතද අනිකක් කියමි. යම් කාලයක විචිකිච්ඡාවෙන් මඩනා ලද විචිකිච්ඡාවෙන් යුත් සිතින් වාසය කෙරේද, උපන් විචිකිච්ඡාවගේ නිවීම ඇතිසැටි නොදනීද එකල්හි ආත්මාර්ථයද නොදනියි, නොදකියි. එකල්හි පරාර්ථයද නොදනියි, නොදකියි. එකල්හි උභයාර්ථයද නොදනියි, නොදකියි. බොහෝ කාලයක් හදාරන ලද මන්ත්‍රයෝද නොවැටහෙත්. නොහදාළ මන්ත්‍ර ගැන කියනුම කවරේද?
“බ්‍රහ්මණය, යම්සේ නොපැහැදුනු කැළඹුනු මඩවූ අඳුරු තැනක තබන ලද දිය බඳුනක් වේද එහි ඇස් ඇති මිනිහෙක් ස්වකීය මුහුණ බලන්නේ ඇතිසැටි නොදන්නේද නොදක්නේද, බමුණ එපරිද්දෙන් විචිකිච්ඡාවෙන් මඩනාලද විචිකිච්ඡාවෙන් යුත් සිතින් වාසය කෙරේද, එකල්හි ආත්මාර්ථයද ඇතිසැටි නොදනියි. නොදකියි. එකල්හි පරාර්ථයද ඇතිසැටි නොදනියි. නොදකියි. එකල්හි උභයාර්ථයද ඇතිසැටි නොදනියි, නොදකියි. බොහෝ කාලයක් හදාරන ලද මන්ත්‍රයෝද නොවැටහෙත්. නොහදාළ මන්ත්‍ර ගැන කියනුම කිම?
“බ්‍රාහ්මණය, යමක් හේතුකොට ගෙන නොහදාළ මන්ත්‍ර පමණක් නොව බොහෝ කලක් හදාරන ලද මන්ත්‍ර පවා නොවැටහෙයි නම් මේ එයට හේතුවයි, මේ එයට ප්‍රත්‍යයයි.
“බ්‍රාහ්මණය, යම් කාලයක වනාහි කාමරාගයෙන් නොමඩනා ලද කාමරාගයෙන් යුක්ත නොවූ සිතින් වාසය කරයිද, උපන් කාමරාගයාගේ නිවීමද ඇතිසැටියෙන් දනීද එකල්හි ආත්මාර්ථයද තත්වූ පරිදි දනියි. දකියි. එකල්හි පරාර්ථයද තත්වූ පරිදි දනියි. දකියි. එසමයෙහි උභයාර්ථයද තත්වූ පරිදි දනියි, දකියි. බොහෝ කාලයක් නොහදාරන ලද මන්ත්‍රයෝද වැටහෙත්. හදාරන ලද මන්ත්‍ර කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, යම්සේ වනාහි ලාකඩ පාටින් හෝ කහ පාටින් හෝ නිල් පාටින් හෝ මදටිය පාටින් හෝ මිශ්‍ර නොකරන ලද දිය බඳුනක් වේද, එහි ඇස් ඇති මිනිහෙක් තමාගේ මුව සටහන බලන්නේ ඇතිසැටියෙන් දන්නේය, දක්නේය. බමුණ, එපරිද්දෙන් යම් කාලයක කාමරාගයෙන් නොමඩනා ලද කාමරාගයෙන් යුක්ත නොවූ සිතින් වාසය කෙරේද උපන් කාමරාගයාගේ නිවීම ඇතිසැටියෙන් දනියි. එකල්හි ආත්මාර්ථයද තත්වූ පරිදි දනියි, දකියි. එකල්හි පරාර්ථයද තත්වූ පරිදි දනියි, දකියි. එසමයෙහි උභයාර්ථයද තත්වූ පරිදි දනියි, දකියි. බොහෝ කාලයක් නොහදාරන ලද මන්ත්‍රයෝද වැටහෙත්. හදාරන ලද මන්ත්‍ර කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, නැවතද අනිකක් කියමි. යම් කාලයක ක්‍රෝධයෙන් නොමඩනා ලද ක්‍රෝධයෙන් යුක්ත නොවූ සිතින් වාසය කෙරේද, උපන් ක්‍රෝධයාගේ නිවීම ඇතිසැටියෙන් දනියිද, එකල්හි ආත්මාර්ථයද ඇතිසැටියෙන් දනියි, දකියි. එකල්හි පරාර්ථයද ඇතිසැටියෙන් දනියි, දකියි. එකල්හි උභයාර්ථයද ඇතිසැටියෙන් දනියි, දකියි. බොහෝ කලක් නොහදාරන ලද මන්ත්‍රයෝද වැටහෙත්. හදාරන ලද මන්ත්‍ර කියනුම කිම? බ්‍රාහ්මණය, යම්සේ ගින්නෙන් රත්නොවූ කැකෑරීමක් නැති උණුසුම් නොවූ දිය බඳුනක් වේද, එහි ඇස් ඇති මිනිහෙක් තමාගේ මුව සටහන බලන්නේ ඇතිසැටියෙන් දන්නේය. දක්නේය. බමුණ, එපරිද්දෙන් යම්කාලයක ක්‍රෝධයෙන් නොමඩනා ලද ක්‍රෝධයෙන් යුක්ත නොවූ සිතින් වාසය කෙරේද, උපන් ක්‍රෝධයාගේ නිවීම ඇතිසැටියෙන් දනියි. එකල්හි ආත්මාර්ථයද තත්වූ පරිදි දනියි, දකියි. එකල්හි පරාර්ථයද තත්වූ පරිදි දනියි, දකියි. එසමයෙහි උභයාර්ථයද තත්වූ පරිදි දනියි, දකියි. බොහෝ කාලයක් නොහදාරන ලද මන්ත්‍රයෝද වැටහෙත්. හදාරන ලද මන්ත්‍ර කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, නැවතද අනිකක් කියමි. යම් කාලයක ථින මිද්ධයෙන් නොමඩනා ලද ථින මිද්ධයෙන් යුක්ත නොවූ සිතින් වාසය කෙරේද, උපන් ථින මිද්ධයාගේ නිවීම ඇතිසැටියෙන් දනියිද, එකල්හි ආත්මාර්ථයද ඇතිසැටියෙන් දනියි, දකියි. එකල්හි පරාර්ථයද ඇතිසැටියෙන් දනියි, දකියි, එකල්හි උභයාර්ථයද ඇතිසැටියෙන් දනියි, දකියි. බොහෝ කාලයක් නොහදාරන ලද මන්ත්‍රයෝද වැටහෙත්. හදාළ මන්ත්‍ර ගැන කියනුම කිම?
“බ්‍රාහ්මණය, යම්සේ වනාහි දිය සෙවලින් නොවැසුණු දිය බඳුනක් වේද, එහි ඇස් ඇති මිනිහෙක් තමාගේ මුව සටහන බලන්නේ ඇතිසැටියෙන් දන්නේය, දක්නේය. බමුණ, එපරිද්දෙන් යම් කාලයක ථින මිද්ධයෙන් නොමඩනා ලද ථින මිද්ධයෙන් යුක්ත නොවූ සිතින් වාසය කෙරේද, උපන් ථින මිද්ධයාගේ නිවීම ඇතිසැටියෙන් දනියි. එකල්හි ආත්මාර්ථයද තත්වූ පරිදි දනියි, දකියි. එකල්හි පරාර්ථයද තත්වූ පරිදි දනියි, දකියි. එසමයෙහි උභයාර්ථයද තත්වූ පරිදි දනියි, දකියි. බොහෝ කාලයක් නොහදාරන ලද මන්ත්‍රයෝද වැටහෙත්. හදාරන ලද මන්ත්‍ර කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, නැවතද අනිකක් කියමි. යම් කාලයක උද්ධච්ච කුක්කුච්චයෙන් නොමඩනා ලද සිතින් උද්ධච්ච කුක්කුච්චයෙන් යුක්ත නොවූ සිතින් වාසය කෙරේද, උපන් උද්ධච්ච කුක්කුච්චයාගේ නිවීම තත්වූ පරිදි දනියිද, එකල්හි ආත්මාර්ථයද තත්වූ පරිදි දනියි, දකියි. එකල්හි පරාර්ථයද තත්වූ පරිදි දනියි, දකියි. එකල්හි උභයාර්ථයද තත්වූ පරිදි දනියි, දකියි. බොහෝ කාලයක් නොහදාරන ලද මන්ත්‍රයෝද වැටහෙත්. හදාළ මන්ත්‍ර ගැන කියනුම කිම?
“බ්‍රාහ්මණය, යම්සේ වනාහි වාතයෙන් කම්පා නොවූ නොසැලුණු භ්‍රමණය නොවූ රළ හටනොගන්නාවූ දිය බඳුනක් වේද, එහි ඇස් ඇති මිනිහෙක් තමාගේ මුව සටහන බලන්නේ ඇතිසැටියෙන් දන්නේය, දක්නේය. බමුණ, එපරිද්දෙන් යම් කාලයක උද්ධච්ච කුක්කුච්චයෙන් නොමඩනා ලද උද්ධච්ච කුක්කුච්චයෙන් යුක්ත නොවූ සිතින් වාසය කෙරේද, උපන් උද්ධච්ච කුක්කුච්චයාගේ නිවීම ඇති සැටියෙන් දනියි. එකල්හි ආත්මාර්ථයද තත්වූ පරිදි දනියි, දකියි, එකල්හි පරාර්ථයද තත්වූ පරිදි දනියි. දකියි. එසමයෙහි උභයාර්ථයද තත්වූ පරිදි දනියි, දකියි. බොහෝ කාලයක් නොහදාරන ලද මන්ත්‍රයෝද වැටහෙත්. හදාරන ලද මන්ත්‍ර කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, නැවතද අනිකක් කියමි. විචිකිච්ඡාවෙන් නොමඩනා ලද විචිකිච්ඡාවෙන් යුක්ත නොවූ සිතින් වාසය කෙරේද, උපන් විචිකිච්ඡාවෙන් නිවීම ඇතිසැටියෙන් දනීද, එකල්හි ආත්මාර්ථයද ඇතිසැටියෙන් දනියි. දකියි. එකල්හි පරාර්ථයද ඇතිසැටියෙන් දනියි, දකියි. එකල්හි උභයාර්ථයද ඇතිසැටියෙන් දනියි, දකියි. බොහෝ කාලයක් නොහදාරන ලද මන්ත්‍රයෝද වැටහෙත්. හදාරන ලද මන්ත්‍ර කියනුම කිම? බ්‍රාහ්මණය, යම්සේ වනාහි පිරිසිදුවූ නිර්මලවූ නොකැළඹුනාවූ එලිමහනක තබනලද දිය බඳුනක් වේද, එහි ඇස් ඇති මිනිහෙක් සිය මුව සටහන බලන්නේ ඇතිසැටියෙන් දන්නේද දක්නේද, බ්‍රාහ්මණය, එපරිද්දෙන් වනාහි යම්කලක විචිකිච්ඡාවෙන් නොමඩනා ලද විචිකිච්ඡාවෙන් යුක්ත නොවූ සිතින් වාසය කෙරේද, උපන් විචිකිච්ඡාවගේ නිවීම ඇතිසැටියෙන් දනියිද, එකල්හි ආත්මාර්ථයද ඇතිසැටියෙන් දනියි. එකල්හි පරාර්ථයද ඇතිසැටියෙන් දනියි. එකල්හි උභයාර්ථයද ඇතිසැටියෙන් දනියි. බොහෝ කාලයක් නොහදාරන ලද මන්ත්‍රයෝද වැටහෙත්. බ්‍රාහ්මණය, යමක් හේතුකොට ගෙන හදාරන ලද මන්ත්‍ර පමණක් නොව නොහදාළ මන්ත්‍ර පවා වැටහෙයි නම් මේ එයට හේතුවයි, මේ එයට ප්‍රත්‍යයයි.
“බ්‍රාහ්මණය, කුසල් ආවරණය නොකරන්නාවූ නොවසන්නාවූ සිත කිලුටුනොකරන්නාවූ මේ බොධ්‍යාංගයෝ සත්දෙන වඩන ලද්දාහු බහුල වශයෙන් නැවත නැවත පුරුදු කරන ලද්දාහු අර්හත් මාර්ග ඵල ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතිත්. ඒ සත කවරේදයත්.
“බ්‍රාහ්මණය, වඩන ලද්දාවූ නැවත නැවත පුරුදු කරන ලද්දාවූ කුසල් ආවරණය නොකරන්නාවූ නොවසන්නාවූ සිත කිලුටු නොකරන්නාවූ සති සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂකිරීම පිණිස පවතිත්.
“බ්‍රාහ්මණය, වඩන ලද්දාවූ නැවත නැවත පුරුදු කරන ලද්දාවූ කුසල් ආවරණය නොකරන්නාවූ නොවසන්නාවූ සිත කිලුටු නොකරන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතිත්.
“බ්‍රාහ්මණය, වඩන ලද්දාවූ නැවත නැවත පුරුදු කරන ලද්දාවූ කුසල් ආවරණය නොකරන්නාවූ නොවසන්නාවූ සිත කිලුටු නොකරන්නාවූ විරිය සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතිත්.
“බ්‍රාහ්මණය, වඩන ලද්දාවූ නැවත නැවත පුරුදු කරන ලද්දාවූ කුසල් ආවරණය නොකරන්නාවූ නොවසන්නාවූ සිත කිලුටු නොකරන්නාවූ පීති සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතිත්.
“බ්‍රාහ්මණය, වඩන ලද්දාවූ නැවත නැවත පුරුදුකරන ලද්දාවූ කුසල් ආවරණය නොකරන්නාවූ නොවසන්නාවූ සිත කිලුටු නොකරන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතිත්.
“බ්‍රාහ්මණය, වඩන ලද්දාවූ නැවත නැවත පුරුදුකරන ලද්දාවූ කුසල් ආවරණය නොකරන්නාවූ නොවසන්නාවූ සිත කිලුටු නොකරන්නාවූ සමාධි සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතිත්.
“බ්‍රාහ්මණය, වඩන ලද්දාවූ නැවත නැවත පුරුදුකරන ලද්දාවූ කුසල් ආවරණය නොකරන්නාවූ නොවසන්නාවූ සිත කිලුටු නොකරන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතියි.
“බ්‍රාහ්මණය, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ කුසල් ආවරණය නොකරන්නාවූ නොවසන්නාවූ සිත කිලුටු නොකරන්නාවූ මේ සප්ත බොජ්ඣංගයෝ අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස, ලබාගැනීම පිණිස පවතිත්” යනුයි.
මෙසේ වදාළ කල්හි සංගාරව බ්‍රාහ්මණතෙමේ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරුකරන ලද්දක් උඩුකුරු හෝ කෙරේද, සැඟවූවක් විවෘත හෝ කෙරේද, මංමුළාවූවෙකුට මාර්ගය හෝ කියයිද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි, අන්ධකාරයෙහි තෙල් පහනක් හෝ දරාද, එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ මම අද පටන් දිවි හිමියෙන් භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, සංඝයාද සරණ යමි. භවත් ගෞතමයන් වහන්සේ දිවිහිමිකොට සරණගිය උපාසකයෙකු කොට මා දරන සේක්වා.”
6. අභයසුත්තං 6. අභය සූත්‍රය
7. ආනාපානවග්ගො 7. ආනාපාන වර්ගය
1. අට්ඨිකමහප්ඵලසුත්තං 1. අට්ඨික සූත්‍රය
2. පුළවකසුත්තං 2. පුළවක සූත්‍රය
3. විනීලකසුත්තං 3. විනීලක සූත්‍රය
4. විච්ඡිද්දකසුත්තං 4. විච්ඡිද්දක සූත්‍රය
5. උද්ධුමාතකසුත්තං 5. උද්ධුමාතක සූත්‍රය
6. මෙත්තාසුත්තං 6. මෙත්තා සූත්‍රය
7. කරුණාසුත්තං 7. කරුණා සූත්‍රය
8. මුදිතාසුත්තං 8. මුදිතා සූත්‍රය
9. උපෙක්ඛාසුත්තං 9. උපෙක්ඛා සූත්‍රය
10. ආනාපානසුත්තං 10. ආනාපානසති සූත්‍රය
8. නිරොධවග්ගො 8. නිරෝධ වර්ගය
1. අසුභසුත්තං 1. අසුභ සූත්‍රය
2. මරණසුත්තං 2. මරණ සූත්‍රය
3. ආහාරෙපටිකූලසුත්තං 3. ආහාරේ පටික්කූල සූත්‍රය
4. අනභිරතිසුත්තං 4. සබ්බලෝකේ අනභිරත සූත්‍රය
5. අනිච්චසුත්තං 5. අනිච්ච සූත්‍රය
6. දුක්ඛසුත්තං 6. අනිච්චේ දුක්ඛ සූත්‍රය
7. අනත්තසුත්තං 7. දුක්ඛෙ අනත්ත සූත්‍රය
8. පහානසුත්තං 8. පහාන සූත්‍රය
9. විරාගසුත්තං 9. විරාග සූත්‍රය
10. නිරොධසුත්තං 10. නිරෝධ සූත්‍රය
9. ගඞ්ගාපෙය්‍යාලවග්ගො 9. ගංගාපෙය්‍යාල වර්ගය (2)
1-12. ගඞ්ගානදීආදිසුත්තං 1-12. ගඞ්ගානදීආදි සූත්‍ර
10. අප්පමාදවග්ගො 10. අප්පමාද වර්ගය (2)
1-10. තථාගතාදිසුත්තං 1-10. තථාගතාදි සූත්‍ර
11. බලකරණීයවග්ගො 11. බලකරණිය වර්ගය (2)
1-12. බලාදිසුත්තං 1-12. බලාදි සූත්‍ර
12. එසනාවග්ගො 12. ඒසනා වර්ගය (2)
1-10. එසනාදිසුත්තං 1-10. එසනාදි සූත්‍ර
13. ඔඝවග්ගො 13. ඕඝ වර්ගය (2)
1-8. ඔඝාදිසුත්තං 1-8. ඕඝාදි සූත්‍ර
10. උද්ධම්භාගියසුත්තං 10. උද්ධම්භාගිය සූත්‍රය
14. පුනගඞ්ගාපෙය්‍යාලවග්ගො 14. පුනගඞ්ගාපෙය්‍යාල වර්ගය
පුනගඞ්ගානදීආදිසුත්තං ගඞ්ගාදි සූත්‍ර
15. පුනඅප්පමාදවග්ගො 15. පුන අප්පමාද වර්ගය
තථාගතාදිසුත්තං තථාගතාදි සූත්‍ර
16. පුනබලකරණීයවග්ගො 16.පුන බලකරණීය වර්ගය
පුනබලාදිසුත්තං බලාදි සූත්‍ර
17. පුනඑසනාවග්ගො 17.පුන ඒසනා වර්ගය
පුනඑසනාදිසුත්තං එසනාදි සූත්‍ර
18. පුනඔඝවග්ගො 18. පුන ඕඝ වර්ගය
පුනඔඝාදිසුත්තං ඕඝාදි සූත්‍ර