ත්‍රිපිටකය
2. බොජ්ඣඞ්ගසංයුත්තං 2. බොජ්ඣංග සංයුත්තය
1. පබ්බතවග්ගො 1. පබ්බත වර්ගය
1. හිමවන්තසුත්තං 1. හිමවන්ත සූත්‍රය
2. කායසුත්තං 2. කාය සූත්‍රය
3. සීලසුත්තං 3. සීල සූත්‍රය
4. වත්ථසුත්තං 4. වත්‍ථ සූත්‍රය
5. භික්ඛුසුත්තං 5. භික්ෂු සූත්‍රය
6. කුණ්ඩලියසුත්තං 6. කුණ්ඩලිය සූත්‍රය
7. කූටාගාරසුත්තං 7. කූටාගාර සූත්‍රය
8. උපවානසුත්තං 8. උපවාන සූත්‍රය
9. පඨමඋප්පන්නසුත්තං 9. උප්පාද සූත්‍රය
10. දුතියඋප්පන්නසුත්තං 10. දුතිය උප්පාද සූත්‍රය
2. ගිලානවග්ගො 2. ගිලාන වර්ගය
1. පාණසුත්තං 1. පාන සූත්‍රය
2. පඨමසූරියූපමසුත්තං 2. සුරිය සූත්‍රය
3. දුතියසූරියූපමසුත්තං 3. දුතිය සුරිය සූත්‍රය
4. පඨමගිලානසුත්තං 4. ගිලාන සූත්‍රය
5. දුතියගිලානසුත්තං 5. දුතිය ගිලාන සූත්‍රය
6. තතියගිලානසුත්තං 6. තතිය ගිලාන සූත්‍රය
7. පාරඞ්ගමසුත්තං 7. අපාර සූත්‍රය
8. විරද්ධසුත්තං 8. ආරද්ධ සූත්‍රය
9. අරියසුත්තං 9. අරිය සූත්‍රය
10. නිබ්බිදාසුත්තං 10. නිබ්බිදා සූත්‍රය
3. උදායිවග්ගො 3. උදායි වර්ගය
1. බොධායසුත්තං 1. බෝධාය සූත්‍රය
2. බොජ්ඣඞ්ගදෙසනාසුත්තං 2. දේසනා සූත්‍රය
3. ඨානියසුත්තං 3. ඨානි සූත්‍රය
4. අයොනිසොමනසිකාරසුත්තං 4. යෝනිසෝ සූත්‍රය
5. අපරිහානියසුත්තං 5. අපරිහානිය සූත්‍රය
6. තණ්හක්ඛයසුත්තං 6. ඛය සූත්‍රය
7. තණ්හානිරොධසුත්තං 7. නිරෝධ සූත්‍රය
8. නිබ්බෙධභාගියසුත්තං 8. නිබ්බේධ සූත්‍රය
9. එකධම්මසුත්තං 9. ඒකධම්ම සූත්‍රය
10. උදායිසුත්තං 10. උදායි සූත්‍රය
4. නීවරණවග්ගො 4. නීවරණ වර්ගය
1. පඨමකුසලසුත්තං 1. කුසල සූත්‍රය
2. දුතියකුසලසුත්තං 2. දුතිය කුසල සූත්‍රය
3. උපක්කිලෙසසුත්තං 3. කිලේස සූත්‍රය
4. අනුපක්කිලෙසසුත්තං 4. අනාවරණ සූත්‍රය
5. අයොනිසොමනසිකාරසුත්තං 5. යෝනිසෝ සූත්‍රය
6. යොනිසොමනසිකාරසුත්තං 6. බුද්ධි සූත්‍රය
7. බුද්ධිසුත්තං 7. ආවරණ සූත්‍රය
8. ආවරණනීවරණසුත්තං 8. අනීවරණ සූත්‍රය
9. රුක්ඛසුත්තං 9. මහාරුක්ඛ සූත්‍රය
10. නීවරණසුත්තං 10. නීවරණ සූත්‍රය
5. චක්කවත්තිවග්ගො 5. චක්කවත්ති වර්ගය
1. විධාසුත්තං 1. විධා සූත්‍රය
2. චක්කවත්තිසුත්තං 2. චක්කවත්ති සූත්‍රය
3. මාරසුත්තං 3. මාර සූත්‍රය
4. දුප්පඤ්ඤසුත්තං 4. දුප්පඤ්ඤ සූත්‍රය
5. පඤ්ඤවන්තසුත්තං 5. පඤ්ඤව සූත්‍රය
6. දලිද්දසුත්තං 6. දළිද්ද සූත්‍රය
7. අදලිද්දසුත්තං 7. අදළිද්ද සූත්‍රය
8. ආදිච්චසුත්තං 8. ආදිච්ච සූත්‍රය
9. අජ්ඣත්තිකඞ්ගසුත්තං 9. අංග සූත්‍රය
10. බාහිරඞ්ගසුත්තං 10. දුතිය අංග සූත්‍රය
6. සාකච්ඡවග්ගො 6.බොජ්ඣංග වර්ගය
1. ආහාරසුත්තං 1. ආහාර සූත්‍රය
2. පරියායසුත්තං 2. පරියාය සූත්‍රය
3. අග්ගිසුත්තං 3. අග්ගි සූත්‍රය
4. මෙත්තාසහගතසුත්තං 4. මෙත්ත සූත්‍රය
235
එකං සමයං භගවා කොලියෙසු විහරති හලිද්දවසනං නාම කොලියානං නිගමො. අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය හලිද්දවසනං පිණ්ඩාය පවිසිංසු . අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි - ‘‘අතිප්පගො ඛො තාව හලිද්දවසනෙ පිණ්ඩාය චරිතුං. යංනූන මයං යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමෙය්‍යාමා’’ති.
අථ ඛො තෙ භික්ඛූ යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ භික්ඛූ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එතදවොචුං -
‘‘සමණො, ආවුසො, ගොතමො සාවකානං එවං ධම්මං දෙසෙති - ‘එථ තුම්හෙ, භික්ඛවෙ, පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරථ, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං; ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ්ජෙන ඵරිත්වා විහරථ. කරුණාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරථ, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං; ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං කරුණාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ්ජෙන ඵරිත්වා විහරථ. මුදිතාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරථ, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං; ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මුදිතාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ්ජෙන ඵරිත්වා විහරථ. උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරථ, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං; ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ්ජෙන ඵරිත්වා විහරථා’’’ති.
‘‘මයම්පි ඛො, ආවුසො, සාවකානං එවං ධම්මං දෙසෙම - ‘එථ තුම්හෙ, ආවුසො, පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරථ...පෙ.... කරුණාසහගතෙන චෙතසා... මුදිතාසහගතෙන චෙතසා... උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරථ, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං; ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ්ජෙන ඵරිත්වා විහරථා’ති. ඉධ නො, ආවුසො, කො විසෙසො, කො අධිප්පයාසො, කිං නානාකරණං සමණස්ස වා ගොතමස්ස අම්හාකං වා, යදිදං - ධම්මදෙසනාය වා ධම්මදෙසනං, අනුසාසනියා වා අනුසාසනි’’න්ති?
අථ ඛො තෙ භික්ඛූ තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං භාසිතං නෙව අභිනන්දිංසු නප්පටික්කොසිංසු. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා උට්ඨායාසනා පක්කමිංසු - ‘‘භගවතො සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමා’’ති. අථ ඛො තෙ භික්ඛූ හලිද්දවසනෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං -
‘‘ඉධ මයං, භන්තෙ, පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය හලිද්දවසනෙ පිණ්ඩාය පවිසිම්හ. තෙසං නො, භන්තෙ, අම්හාකං එතදහොසි - ‘අතිප්පගො ඛො තාව හලිද්දවසනෙ පිණ්ඩාය චරිතුං. යංනූන මයං යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමෙය්‍යාමා’’’ති.
‘‘අථ ඛො මයං, භන්තෙ, යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමිම්හ, උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදිම්හ. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිම්හ. එකමන්තං නිසින්නෙ ඛො අම්හෙ, භන්තෙ, තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එතදවොචුං -
‘‘සමණො, ආවුසො, ගොතමො සාවකානං එවං ධම්මං දෙසෙති - ‘එථ තුම්හෙ, භික්ඛවෙ, පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරථ...පෙ.... කරුණාසහගතෙන චෙතසා ... මුදිතාසහගතෙන චෙතසා... උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරථ, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං; ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ්ජෙන ඵරිත්වා විහරථා’’’ති.
‘‘මයම්පි ඛො, ආවුසො, සාවකානං එවං ධම්මං දෙසෙම - ‘එථ තුම්හෙ, ආවුසො, පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරථ...පෙ.... කරුණාසහගතෙන චෙතසා...පෙ.... මුදිතාසහගතෙන චෙතසා...පෙ.... උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරථ, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං; ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ්ජෙන ඵරිත්වා විහරථා’ති. ඉධ නො, ආවුසො, කො විසෙසො, කො අධිප්පයාසො, කිං නානාකරණං සමණස්ස වා ගොතමස්ස අම්හාකං වා, යදිදං, ධම්මදෙසනාය වා ධම්මදෙසනං, අනුසාසනියා වා අනුසාසනි’’න්ති?
අථ ඛො මයං, භන්තෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං භාසිතං නෙව අභිනන්දිම්හ නප්පටික්කොසිම්හ, අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා උට්ඨායාසනා පක්කමිම්හ - ‘භගවතො සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමා’ති.
‘‘එවංවාදිනො, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා - ‘කථං භාවිතා පනාවුසො, මෙත්තාචෙතොවිමුත්ති, කිංගතිකා හොති, කිංපරමා, කිංඵලා, කිංපරියොසානා? කථං භාවිතා පනාවුසො, කරුණාචෙතොවිමුත්ති, කිංගතිකා හොති, කිංපරමා, කිංඵලා, කිංපරියොසානා? කථං භාවිතා පනාවුසො, මුදිතාචෙතොවිමුත්ති, කිංගතිකා හොති, කිංපරමා, කිංඵලා, කිංපරියොසානා? කථං භාවිතා පනාවුසො, උපෙක්ඛාචෙතොවිමුත්ති, කිංගතිකා හොති, කිංපරමා, කිංඵලා, කිංපරියොසානා’’’ති? එවං පුට්ඨා, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා න චෙව සම්පායිස්සන්ති, උත්තරිඤ්ච විඝාතං ආපජ්ජිස්සන්ති. තං කිස්ස හෙතු? යථා තං, භික්ඛවෙ, අවිසයස්මිං. ‘‘නාහං තං, භික්ඛවෙ, පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය, යො ඉමෙසං පඤ්හානං වෙය්‍යාකරණෙන චිත්තං ආරාධෙය්‍ය, අඤ්ඤත්‍ර තථාගතෙන වා තථාගතසාවකෙන වා ඉතො වා පන සුත්වා’’.
‘‘කථං භාවිතා ච, භික්ඛවෙ, මෙත්තාචෙතොවිමුත්ති, කිංගතිකා හොති, කිංපරමා, කිංඵලා, කිංපරියොසානා? ඉධ, භික්ඛවෙ, භික්ඛු මෙත්තාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති...පෙ.... මෙත්තාසහගතං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සො සචෙ ආකඞ්ඛති ‘අප්පටිකූලෙ පටිකූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති, පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති ‘පටිකූලෙ අප්පටිකූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති, අප්පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති ‘අප්පටිකූලෙ ච පටිකූලෙ ච පටිකූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති, පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති ‘පටිකූලෙ ච අප්පටිකූලෙ ච අප්පටිකූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති, අප්පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති ‘අප්පටිකූලඤ්ච පටිකූලඤ්ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකො විහරෙය්‍යං සතො සම්පජානො’ති, උපෙක්ඛකො ච තත්ථ විහරති සතො සම්පජානො, සුභං වා ඛො පන විමොක්ඛං උපසම්පජ්ජ විහරති. සුභපරමාහං, භික්ඛවෙ, මෙත්තාචෙතොවිමුත්තිං වදාමි, ඉධපඤ්ඤස්ස භික්ඛුනො උත්තරිවිමුත්තිං අප්පටිවිජ්ඣතො.
‘‘කථං භාවිතා ච, භික්ඛවෙ, කරුණාචෙතොවිමුත්ති, කිංගතිකා හොති, කිංපරමා, කිංඵලා, කිංපරියොසානා? ඉධ, භික්ඛවෙ, භික්ඛු කරුණාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති...පෙ.... කරුණාසහගතං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං . සො සචෙ ආකඞ්ඛති ‘අප්පටිකූලෙ පටිකූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති, පටිකූලසඤ්ඤී තත්ථ විහරති...පෙ.... සචෙ ආකඞ්ඛති ‘අප්පටිකූලඤ්ච පටිකූලඤ්ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකො විහරෙය්‍යං සතො සම්පජානො’ති, උපෙක්ඛකො තත්ථ විහරති සතො සම්පජානො. සබ්බසො වා පන රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. ආකාසානඤ්චායතනපරමාහං , භික්ඛවෙ, කරුණාචෙතොවිමුත්තිං වදාමි, ඉධපඤ්ඤස්ස භික්ඛුනො උත්තරිවිමුත්තිං අප්පටිවිජ්ඣතො.
‘‘කථං භාවිතා ච, භික්ඛවෙ, මුදිතාචෙතොවිමුත්ති, කිංගතිකා හොති, කිංපරමා, කිංඵලා, කිංපරියොසානා? ඉධ, භික්ඛවෙ, භික්ඛු මුදිතාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති...පෙ.... මුදිතාසහගතං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සො සචෙ ආකඞ්ඛති ‘අප්පටිකූලෙ පටිකූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති, පටිකූලසඤ්ඤී තත්ථ විහරති ...පෙ.... සචෙ ආකඞ්ඛති ‘අප්පටිකූලඤ්ච පටිකූලඤ්ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකො විහරෙය්‍යං සතො සම්පජානො’ති, උපෙක්ඛකො තත්ථ විහරති සතො සම්පජානො. සබ්බසො වා පන ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. විඤ්ඤාණඤ්චායතනපරමාහං, භික්ඛවෙ, මුදිතාචෙතොවිමුත්තිං වදාමි, ඉධපඤ්ඤස්ස භික්ඛුනො උත්තරිවිමුත්තිං අප්පටිවිජ්ඣතො.
‘‘කථං භාවිතා ච, භික්ඛවෙ, උපෙක්ඛාචෙතොවිමුත්ති, කිංගතිකා හොති, කිංපරමා, කිංඵලා, කිංපරියොසානා? ඉධ, භික්ඛවෙ, භික්ඛු උපෙක්ඛාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං...පෙ.... උපෙක්ඛාසහගතං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සො සචෙ ආකඞ්ඛති ‘අප්පටිකූලෙ පටිකූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති, පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති ‘පටිකූලෙ අප්පටිකූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති, අප්පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති ‘අප්පටිකූලෙ ච පටිකූලෙ ච පටිකූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති, පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති ‘පටිකූලෙ ච අප්පටිකූලෙ ච අප්පටිකූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති, අප්පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති ‘අප්පටිකූලඤ්ච පටිකූලඤ්ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකො විහරෙය්‍යං සතො සම්පජානො’ති, උපෙක්ඛකො තත්ථ විහරති සතො සම්පජානො. සබ්බසො වා පන විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. ආකිඤ්චඤ්ඤායතනපරමාහං, භික්ඛවෙ, උපෙක්ඛාචෙතොවිමුත්තිං වදාමි, ඉධපඤ්ඤස්ස භික්ඛුනො උත්තරිවිමුත්තිං අප්පටිවිජ්ඣතො’’ති. චතුත්ථං.
235
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කෝලිය ජනපදයෙහි කෝලියවංශිකයන්ගේ හලිද්දවසන නම් නියම් ගමක්වීද එහි වැඩවාසය කරන සේක.
[2] එකල්හි වනාහි බොහෝ භික්ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පොරවා පා සිවුරු ගෙන හලිද්දවසන නම් නියම් ගමට පිඬු පිණිස ගියාහුය. එකල්හි වනාහි ඒ භික්ෂූන්ට මෙබඳු සිතක් විය. ‘හලිද්දවසනයෙහි පිඬු පිණිස හැසිරීමට තවම උදෑසන වැඩිය. අපි අන්‍යතීර්ථක පිරිවැජියන්ගේ ආරාමය යම් තැනකද එතැන්හි යන්නෙමු නම් යහපති’ කියායි. ඉක්බිති අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනකද එතැන්හි ගියාහුය. ගොස් ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටු වූවාහුය. සතුටු වියයුතුවූ සිහි කටයුතුවූ කථාවකොට නිමවා එකත්පසක හුන්හ. එකත්පසක හුන් කල්හි ඒ භික්ෂූන්ට ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ කීහ.
“ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙමේ ශ්‍රාවකයන්ට මෙසේ දහම් දෙසයි. ‘මහණෙනි, තෙපි එව්.
[3] “සිත කෙලෙසන නුවණ දුර්වලකරන පංචනීවරණයන් දුරුකොට මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එපරිද්දෙන් දෙවෙනි දිශාවද, එපරිද්දෙන් තුන්වෙනි දිශාවද, එපරිද්දෙන් සතරවෙනි දිශාවද, පතුරුවා වසව්. මෙසේ උඩ යට අනුදිග යන සියළු තන්හි සියළු සත්වයන් තමා මෙන් කොට සිතීමෙන් සියළු සත්වලෝකයා කෙරෙහි මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, ව්‍යාපාද රහිතවූ, මෛත්‍රී සහගත සිත පතුරුවා වාසය කරව්.
[4] “කරුණා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වෙනි දිශාවද එසේම සතරවෙනි දිශාවද පතුරුවා වසව්. මෙසේ උඩ යට අනුදිගයන සියළුතන්හි සියළු සත්වයන් තමා මෙන්කොට සිතීමෙන් සියළු සත්වලෝකයා කෙරෙහි මහත්වූ මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, ව්‍යාපාද රහිතවූ, කරුණා සහගත සිත පතුරුවා වාසය කරව්.
[5] “මුදිතා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එසේම දෙවෙනි දිශාවද එසේම තුන්වෙනි දිශාවද එසේම සතරවෙනි දිශාවද පතුරුවා වාසය කරවු. මෙසේ උඩ යට අනුදිග යන සියළුතන්හි සියළු සත්වයන් තමාමෙන් සිතීමෙන් සියළු සත්ව ලෝකයා කෙරෙහි මහත්වූ මහත්ගතවූ, අප්‍රමාණවූ අවෛරවූ, ව්‍යාපාද රහිතවූ, මුදිතාසහගත සිත පතුරුවා වාසය කරවු.
[6] “උපෙක්ඛා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වෙනි දිශාවද, එසේම සතරවෙනි දිශාවද, පතුරුවා වාසයකරවූ, මෙසේ උඩ යට අනුදිග සියළු තන්හි සියළු සත්වයන් තමාමෙන් සිතීමෙන් සියළු සත්වලෝකයා කෙරෙහි මහත්වූ මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, ව්‍යාපාද රහිතවූ, උපේක්ෂා සහගත සිත පතුරුවා වාසය කරව්.”
“ඇවැත්නි, අපිදු ශ්‍රාවකයන්ට මෙසේ දහම් දේශනා කරන්නෙමු” ඇවැත්නි, තෙපි එව්.
[7-10] (මේ ඡේද මේ සූත්‍රයේ 3, 4, 5, 6 වෙනි ඡේද මෙනි)
[11] ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයන්ගේ හා අපගේ යම් ධර්මදේශනාවක් වේද, යම් අනුශාසනාවක් වේද, මෙහි කවර වෙනසක්වේද, කවර වෙනස් අදහසක්වේද, කවර නානත්වයක් වේද?”
[12] (මේ ඡේදය මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදය මෙනි)
[13] ඉක්බිති ඒ භික්ෂූහු හලිද්දවසනයෙහි පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණාහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්හ. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි, අපි මෙහි පෙරවරු කාලයෙහි හැඳ පෙරවා පා සිවුරුගෙන හලිද්දවසනයට පිඬු පිණිස ගියෙමු. ස්වාමීනි, ඒ අපට මෙබඳු සිතක් විය.
‘හලිද්දවසනයෙහි පිඬු පිණිස හැසිරීමට තවම උදෑසන වැඩිය. අපි අන්‍යතීර්ථක පිරිවැජියන්ගේ ආරාමය යම්තැනකද එතැනට යන්නෙමු නම් හොඳය කියායි. ස්වාමීනි එකල්හි වනාහි අපි අන්‍යතීර්ථක පිරිවැජියන්ගේ ආරාමය යම් තැනකද එතනට ගියෙමු. ගොස් ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටු වූයෙමු. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ, කථාවකොට නිමවා එක් පසක හුන්නෙමු. ස්වාමීනි, එක් පසක හුන්කල්හි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ අපට මෙය කීහ. ‘ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙමේ ශ්‍රාවකයන්ට මෙසේ දහම් දෙසයි. මහණෙනි, තෙපි එව්,
[14-17] (මේ ඡේද මේ සූත්‍රයේ 3, 4, 5, 6 වෙනි ඡේද මෙනි.)
[18] (මේ ඡේදය මේ සූත්‍රයේ 11 වෙනි ඡේදය මෙනි.)
[19] “ඉක්බිති ස්වාමීනි, අපි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ කීමට සතුටුද නොවීමු. ප්‍රතික්ෂේපද නොකෙළෙමු. සතුටුද නොවී ප්‍රතික්ෂේපද නොකොට අස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ වෙතින් මේ කීමේ තේරුම දැනගන්නෙමුයි ගියෙමු” යනුයි.
[20] “මහණෙනි, මෙසේ කියන්නාවූ, අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ කිය යුතුය. ‘ඇවැත්නි, කෙසේ වඩන ලද මෛත්‍රී සමාධිය කිනම් නිපදවීමක් ඇත්තේද? කුමක් පරමකොට ඇත්තේද, කුමක් අනුසස්කොට ඇත්තේද, කුමක් අවසානයකොට ඇත්තේද? කෙසේ වඩනාලද කරුණා සමාධිය කුමක් නිපදවීමකොට ඇත්තේද? කුමක් පරමකොට ඇත්තේද? කුමක් අනුසස්කොට ඇත්තේද? කුමක් අවසානය කොට ඇත්තේද? කෙසේ වඩනාලද මුදිතා සමාධිය කුමක් නිපදවීමකොට ඇත්තේද? කුමක් පරමකොට ඇත්තේද? කුමක් අනුසස්කොට ඇත්තේද? කුමක් අවසානයකොට ඇත්තේද? කෙසේ වඩනලද උපේක්ෂා සමාධිය කුමක් පරමකොට ඇත්තේද? කුමක් අනුසස්කොට ඇත්තේද? කුමක් අවසානයකොට ඇත්තේද? කියායි.
[21] “මහණෙනි, මෙසේ අසනලද අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ පිළිතුරු සැපයීමට නොහැකි වන්නාහ. වඩාත් වෙහෙසට පැමිණෙන්නාහ. ඊට හේතුව කවරේද? මහණෙනි, එය ඔවුන්ට අවිෂය බැවිනි. මහණෙනි, දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි, මහණ බමුණන් සහිත ප්‍රජාව අතුරෙහි, දෙව් මිනිසුන් අතුරෙහි තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ මේ සාසනයෙන් ඇසුවක් හෝ හැර යමෙක් මේ ප්‍රශ්න විසඳන්නේ නම් (එබඳුකෙනෙකු) මම නුවණැසින් නොමදකිමි.
[22] “මහණෙනි, කෙසේ වඩනා ලද මෛත්‍රී සමාධිය කුමක් නිපදවීම කොට ඇත්තේද, කුමක් පරම කොට ඇත්තේද, කුමක් අනුසස් කොට ඇත්තේද, කුමක් අවසානකොට ඇත්තේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ විවේකය ඇසුරුකළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුණු මෛත්‍රී සහගත සති සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මෛත්‍රී සහගත ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුණු මෛත්‍රී සහගත විරිය සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මෛත්‍රී සහගත පීති සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මෛත්‍රී සහගත පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මෛත්‍රී සහගත සමාධි සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මෛත්‍රී සහගත උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයිද,
“ඉදින් හෙතෙම පිළිකුල් නොවූවෙහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේ නම්, එහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරයි. ඉදින් හෙතෙම පිළිකුල් වූවෙහි පිළිකුල් හැඟීම නැතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් සංඥාව නැතිව වාසය කරයි. ඉදින් පිළිකුල් නොවූවෙහිද, පිළිකුල් වූවෙහිද පිළිකුල් හැඟීම ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරයි. ඉදින් පිළිකුල් වූවෙහිද, පිළිකුල් නොවූවෙහිද පිළිකුල් හැඟීම නැතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් සංඥාව නැතිව වාසය කරයි. ඉදින් පිළිකුල් නොවුවද පිළිකුල් වුවද යන ඒ දෙක දුරුකොට සිහි ඇතිව මනා නුවණැතිව උපේක්ෂා ඇත්තේව වාසය කරන්නෙමියි කැමැත්තේ නම් එහි සිහි ඇතිව, මනා නුවණැතිව උපේක්ෂා ඇතිව වාසය කරයි. සුභවූ විමෝක්ෂයට හෝ පැමිණ වාසය කරයි. මහණෙනි, මම ලෝකෝත්තර ධර්මය අවබෝධ නොකළාවූ මහණහට සුභය කෙළවරකොට ඇති මෛත්‍රී සමාධිය කියමි.
[23] “මහණෙනි, කෙසේ වඩනා ලද කරුණා සමාධිය කුමක් නිපදවීම කොට ඇත්තේද, කුමක් පරමකොට ඇත්තේද, කුමක් අනුසස් කොට ඇත්තේද, කුමක් කෙළවර ඇත්තේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු කරුණා සහගත සති සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු කරුණා සහගත ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු කරුණා සහගත විරිය සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු කරුණා සහගත පීති සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු කරුණා සහගත පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු කරුණා සහගත සමාධි සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු කරුණා සහගත උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයිද, ඉදින් හෙතෙම පිළිකුල් නොවූවෙහි පිළිකුල් හැඟීම ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරයි. ඉදින් පිළිකුල් වූවෙහි පිළිකුල් හැඟීම නැතිව වාසය කරන්නෙමියි කැමැත්තේ නම් එහි පිළිකුල් හැඟීම නැතිව වාසය කරයි. ඉදින් පිළිකුල් නොවූවෙහිද පිළිකුල් වූවෙහිද පිළිකුල් හැඟීම ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් හැඟීම ඇතිව වාසය කරයි. ඉදින් පිළිකුල් වූවෙහිද පිළිකුල් නොවූවෙහිද පිළිකුල් නැත්තේය යන හැඟීම ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි නොපිළිකුල් හැඟීම ඇතිව වාසය කරයි. ඉදින් පිළිකුල් නොවූවද පිළිකුල් වුවද යන දෙක දුරුකොට සිහි ඇතිව මනා නුවණැතිව උපේක්ෂාවෙන් යුක්තව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි සිහි ඇතිව මනා නුවණැතිව උපේක්ෂාවෙන් යුක්තව වාසය කරයි. සියළු ආකාරයෙන්ම රූප සංඥාවන්ගේ දුරලීමෙන් හැපීම් සහිත රූප සංඥාවන්ගේ බැහැරලීමෙන් නානත්ත සංඥාවන්ගේ මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසාඤ්චායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, මම ලෝකෝත්තර ධර්මය අවබෝධ නොකරන්නාවූ මහණහට ආකාසානඤ්චායතනය කෙළවරකොට කරුණා චේතෝ විමුක්තිය කියමි.
[24] “මහණෙනි, කෙසේ වඩන ලද මුදිතා සමාධිය කුමක් නිපදවීම කොට ඇත්තේද? කුමක් පරම කොට ඇත්තේද? කුමක් අනුසස් කොට ඇත්තේද? කුමක් කෙළවර කොට ඇත්තේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මුදිතා සහගත සති සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මුදිතා සහගත ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මුදිතා සහගත විරිය සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මුදිතා සහගත පීති සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මුදිතා සහගත පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මුදිතා සහගත සමාධි සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මුදිතා සහගත උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයිද,
“ඉදින් හෙතෙම පිළිකුල් නොවූවෙහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරයි. ඉදින් හෙතෙම පිළිකුල්වූවෙහි පිළිකුල් හැඟීම නැතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් සංඥාව නැතිව වාසය කරයි. ඉදින් පිළිකුල් නොවූවෙහිද, පිළිකුල් වූවෙහිද පිළිකුල් හැඟීම ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරයි. ඉදින් පිළිකුල් වූවෙහිද පිළිකුල් නොවූවෙහිද පිළිකුල් හැඟීම නැතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් හැඟීම නැතිව වාසය කරයි.
“ඉදින් පිළිකුල් නොවූවද, පිළිකුල් වුවද යන දෙක දුරු කොට සිහි ඇතිව මනා නුවණැතිව උපේක්ෂාවෙන් යුක්තව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි සිහි ඇතිව මනා නුවණැතිව උපේක්ෂාවෙන් යුක්තව වාසය කරයි. සියළු ආකාරයෙන්ම ආකාසානඤ්චායතනය දුරුකොට විඥානය අනන්තයයි විඥානඤ්චායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, මම ලෝකෝත්තර ධර්මය අවබෝධ නොකරන්නාවූ මහණහට විඥානඤ්චායතනය කෙළවර කොට ඇති මුදිතා චේතෝ විමුක්තිය කියමි.
[25] “මහණෙනි, කෙසේ වඩනා ලද උපේක්ෂා චේතෝ විමුක්තිය කුමක් නිපදවීම කොට ඇත්තේද? කුමක් පරම කොට ඇත්තේද? කුමක් අනුසස් කොට ඇත්තේද? කුමක් කෙළවර කොට ඇත්තේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණාවූ උපේක්ෂා සහගත සති සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණාවූ උපේක්ෂා සහගත ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ නිවනට නැමුණාවූ උපෙක්ඛා සහගත විරිය සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණාවූ උපේක්ෂා සහගත පීති සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණාවූ උපේක්ෂා සහගත පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණාවූ උපේක්ෂා සහගත සමාධි සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, කෙලෙස් නැතිකිරීම ඇසුරු කළ නිවන් පිණිස නැමුණාවූ උපේක්ෂා සහගත උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයිද, ඉදින් හෙතෙම පිළිකුල් නොවූවෙහි පිළිකුල් හැඟීම ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් හැඟීම ඇතිව වාසය කරයි. ඉදින් පිළිකුල් වූවෙහි පිළිකුල් හැඟීම නැතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් හැඟීම නැතිව වාසය කරයි. ඉදින් පිළිකුල් නොවූවෙහිද පිළිකුල් වූවෙහිද පිළිකුල් හැඟීම ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් හැඟීම ඇතිව වාසය කරයි. ඉදින් පිළිකුල් වූවෙහිද පිළිකුල් නොවූවෙහිද පිළිකුල් හැඟීම නැතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් හැඟීම නැතිව වාසය කරයි. ඉදින් පිළිකුල් නොවූවද, පිළිකුල් වුවද යන ඒ දෙක හැර සිහි ඇතිව මනා නුවණැතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි සිහි ඇතිව මනා නුවණැතිව උපේක්ෂාවෙන් යුක්තව වාසය කරයි. සියළු ආකාරයෙන් වනාහි විඥානඤ්චායතනය දුරුකොට කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, ලෝකෝත්තර ධර්මය අවබෝධ නොකරන්නාවූ මහණහට උපේක්ෂා සමාධිය ආකිඤ්චඤ්ඤායතනය කෙළවරකොට ඇතැයි මම කියමියි වදාළේය.
5. සඞ්ගාරවසුත්තං 5. සංගාරව සූත්‍රය
6. අභයසුත්තං 6. අභය සූත්‍රය
7. ආනාපානවග්ගො 7. ආනාපාන වර්ගය
1. අට්ඨිකමහප්ඵලසුත්තං 1. අට්ඨික සූත්‍රය
2. පුළවකසුත්තං 2. පුළවක සූත්‍රය
3. විනීලකසුත්තං 3. විනීලක සූත්‍රය
4. විච්ඡිද්දකසුත්තං 4. විච්ඡිද්දක සූත්‍රය
5. උද්ධුමාතකසුත්තං 5. උද්ධුමාතක සූත්‍රය
6. මෙත්තාසුත්තං 6. මෙත්තා සූත්‍රය
7. කරුණාසුත්තං 7. කරුණා සූත්‍රය
8. මුදිතාසුත්තං 8. මුදිතා සූත්‍රය
9. උපෙක්ඛාසුත්තං 9. උපෙක්ඛා සූත්‍රය
10. ආනාපානසුත්තං 10. ආනාපානසති සූත්‍රය
8. නිරොධවග්ගො 8. නිරෝධ වර්ගය
1. අසුභසුත්තං 1. අසුභ සූත්‍රය
2. මරණසුත්තං 2. මරණ සූත්‍රය
3. ආහාරෙපටිකූලසුත්තං 3. ආහාරේ පටික්කූල සූත්‍රය
4. අනභිරතිසුත්තං 4. සබ්බලෝකේ අනභිරත සූත්‍රය
5. අනිච්චසුත්තං 5. අනිච්ච සූත්‍රය
6. දුක්ඛසුත්තං 6. අනිච්චේ දුක්ඛ සූත්‍රය
7. අනත්තසුත්තං 7. දුක්ඛෙ අනත්ත සූත්‍රය
8. පහානසුත්තං 8. පහාන සූත්‍රය
9. විරාගසුත්තං 9. විරාග සූත්‍රය
10. නිරොධසුත්තං 10. නිරෝධ සූත්‍රය
9. ගඞ්ගාපෙය්‍යාලවග්ගො 9. ගංගාපෙය්‍යාල වර්ගය (2)
1-12. ගඞ්ගානදීආදිසුත්තං 1-12. ගඞ්ගානදීආදි සූත්‍ර
10. අප්පමාදවග්ගො 10. අප්පමාද වර්ගය (2)
1-10. තථාගතාදිසුත්තං 1-10. තථාගතාදි සූත්‍ර
11. බලකරණීයවග්ගො 11. බලකරණිය වර්ගය (2)
1-12. බලාදිසුත්තං 1-12. බලාදි සූත්‍ර
12. එසනාවග්ගො 12. ඒසනා වර්ගය (2)
1-10. එසනාදිසුත්තං 1-10. එසනාදි සූත්‍ර
13. ඔඝවග්ගො 13. ඕඝ වර්ගය (2)
1-8. ඔඝාදිසුත්තං 1-8. ඕඝාදි සූත්‍ර
10. උද්ධම්භාගියසුත්තං 10. උද්ධම්භාගිය සූත්‍රය
14. පුනගඞ්ගාපෙය්‍යාලවග්ගො 14. පුනගඞ්ගාපෙය්‍යාල වර්ගය
පුනගඞ්ගානදීආදිසුත්තං ගඞ්ගාදි සූත්‍ර
15. පුනඅප්පමාදවග්ගො 15. පුන අප්පමාද වර්ගය
තථාගතාදිසුත්තං තථාගතාදි සූත්‍ර
16. පුනබලකරණීයවග්ගො 16.පුන බලකරණීය වර්ගය
පුනබලාදිසුත්තං බලාදි සූත්‍ර
17. පුනඑසනාවග්ගො 17.පුන ඒසනා වර්ගය
පුනඑසනාදිසුත්තං එසනාදි සූත්‍ර
18. පුනඔඝවග්ගො 18. පුන ඕඝ වර්ගය
පුනඔඝාදිසුත්තං ඕඝාදි සූත්‍ර