ත්‍රිපිටකය
2. බොජ්ඣඞ්ගසංයුත්තං 2. බොජ්ඣංග සංයුත්තය
1. පබ්බතවග්ගො 1. පබ්බත වර්ගය
1. හිමවන්තසුත්තං 1. හිමවන්ත සූත්‍රය
2. කායසුත්තං 2. කාය සූත්‍රය
3. සීලසුත්තං 3. සීල සූත්‍රය
4. වත්ථසුත්තං 4. වත්‍ථ සූත්‍රය
5. භික්ඛුසුත්තං 5. භික්ෂු සූත්‍රය
6. කුණ්ඩලියසුත්තං 6. කුණ්ඩලිය සූත්‍රය
7. කූටාගාරසුත්තං 7. කූටාගාර සූත්‍රය
8. උපවානසුත්තං 8. උපවාන සූත්‍රය
9. පඨමඋප්පන්නසුත්තං 9. උප්පාද සූත්‍රය
10. දුතියඋප්පන්නසුත්තං 10. දුතිය උප්පාද සූත්‍රය
2. ගිලානවග්ගො 2. ගිලාන වර්ගය
1. පාණසුත්තං 1. පාන සූත්‍රය
2. පඨමසූරියූපමසුත්තං 2. සුරිය සූත්‍රය
3. දුතියසූරියූපමසුත්තං 3. දුතිය සුරිය සූත්‍රය
4. පඨමගිලානසුත්තං 4. ගිලාන සූත්‍රය
5. දුතියගිලානසුත්තං 5. දුතිය ගිලාන සූත්‍රය
6. තතියගිලානසුත්තං 6. තතිය ගිලාන සූත්‍රය
7. පාරඞ්ගමසුත්තං 7. අපාර සූත්‍රය
8. විරද්ධසුත්තං 8. ආරද්ධ සූත්‍රය
9. අරියසුත්තං 9. අරිය සූත්‍රය
10. නිබ්බිදාසුත්තං 10. නිබ්බිදා සූත්‍රය
3. උදායිවග්ගො 3. උදායි වර්ගය
1. බොධායසුත්තං 1. බෝධාය සූත්‍රය
2. බොජ්ඣඞ්ගදෙසනාසුත්තං 2. දේසනා සූත්‍රය
3. ඨානියසුත්තං 3. ඨානි සූත්‍රය
4. අයොනිසොමනසිකාරසුත්තං 4. යෝනිසෝ සූත්‍රය
5. අපරිහානියසුත්තං 5. අපරිහානිය සූත්‍රය
6. තණ්හක්ඛයසුත්තං 6. ඛය සූත්‍රය
7. තණ්හානිරොධසුත්තං 7. නිරෝධ සූත්‍රය
8. නිබ්බෙධභාගියසුත්තං 8. නිබ්බේධ සූත්‍රය
9. එකධම්මසුත්තං 9. ඒකධම්ම සූත්‍රය
10. උදායිසුත්තං 10. උදායි සූත්‍රය
4. නීවරණවග්ගො 4. නීවරණ වර්ගය
1. පඨමකුසලසුත්තං 1. කුසල සූත්‍රය
2. දුතියකුසලසුත්තං 2. දුතිය කුසල සූත්‍රය
3. උපක්කිලෙසසුත්තං 3. කිලේස සූත්‍රය
4. අනුපක්කිලෙසසුත්තං 4. අනාවරණ සූත්‍රය
5. අයොනිසොමනසිකාරසුත්තං 5. යෝනිසෝ සූත්‍රය
6. යොනිසොමනසිකාරසුත්තං 6. බුද්ධි සූත්‍රය
7. බුද්ධිසුත්තං 7. ආවරණ සූත්‍රය
8. ආවරණනීවරණසුත්තං 8. අනීවරණ සූත්‍රය
9. රුක්ඛසුත්තං 9. මහාරුක්ඛ සූත්‍රය
10. නීවරණසුත්තං 10. නීවරණ සූත්‍රය
5. චක්කවත්තිවග්ගො 5. චක්කවත්ති වර්ගය
1. විධාසුත්තං 1. විධා සූත්‍රය
2. චක්කවත්තිසුත්තං 2. චක්කවත්ති සූත්‍රය
3. මාරසුත්තං 3. මාර සූත්‍රය
4. දුප්පඤ්ඤසුත්තං 4. දුප්පඤ්ඤ සූත්‍රය
5. පඤ්ඤවන්තසුත්තං 5. පඤ්ඤව සූත්‍රය
6. දලිද්දසුත්තං 6. දළිද්ද සූත්‍රය
7. අදලිද්දසුත්තං 7. අදළිද්ද සූත්‍රය
8. ආදිච්චසුත්තං 8. ආදිච්ච සූත්‍රය
9. අජ්ඣත්තිකඞ්ගසුත්තං 9. අංග සූත්‍රය
10. බාහිරඞ්ගසුත්තං 10. දුතිය අංග සූත්‍රය
6. සාකච්ඡවග්ගො 6.බොජ්ඣංග වර්ගය
1. ආහාරසුත්තං 1. ආහාර සූත්‍රය
2. පරියායසුත්තං 2. පරියාය සූත්‍රය
233
අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පවිසිංසු. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි - ‘‘අතිප්පගො ඛො තාව සාවත්ථියං පිණ්ඩාය චරිතුං. යංනූන මයං යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමෙය්‍යාමා’’ති.
අථ ඛො තෙ භික්ඛූ යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ භික්ඛූ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එතදවොචුං -
‘‘සමණො, ආවුසො, ගොතමො සාවකානං එවං ධම්මං දෙසෙති - ‘එථ තුම්හෙ, භික්ඛවෙ, පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ සත්ත බොජ්ඣඞ්ගෙ යථාභූතං භාවෙථා’ති. මයම්පි ඛො, ආවුසො, සාවකානං එවං ධම්මං දෙසෙම - ‘එථ තුම්හෙ, ආවුසො, පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ සත්ත බොජ්ඣඞ්ගෙ යථාභූතං භාවෙථා’ති. ඉධ නො, ආවුසො, කො විසෙසො, කො අධිප්පයාසො, කිං නානාකරණං සමණස්ස වා ගොතමස්ස අම්හාකං වා, යදිදං - ධම්මදෙසනාය වා ධම්මදෙසනං, අනුසාසනියා වා අනුසාසනි’’න්ති?
අථ ඛො තෙ භික්ඛූ තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං භාසිතං නෙව අභිනන්දිංසු නප්පටික්කොසිංසු; අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා උට්ඨායාසනා පක්කමිංසු - ‘‘භගවතො සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමා’’ති. අථ ඛො තෙ භික්ඛූ සාවත්ථිං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං -
‘‘ඉධ මයං, භන්තෙ, පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පවිසිම්හ. තෙසං නො, භන්තෙ, අම්හාකං එතදහොසි - ‘අතිප්පගො ඛො තාව සාවත්ථියං පිණ්ඩාය චරිතුං, යංනූන මයං යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමෙය්‍යාමා’ති. අථ ඛො මයං, භන්තෙ, යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමිම්හ; උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදිම්හ. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිම්හ. එකමන්තං නිසින්නෙ ඛො අම්හෙ, භන්තෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එතදවොචුං -
‘‘සමණො, ආවුසො, ගොතමො සාවකානං එවං ධම්මං දෙසෙති ‘එථ තුම්හෙ, භික්ඛවෙ, පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ සත්ත බොජ්ඣඞ්ගෙ යථාභූතං භාවෙථා’ති. මයම්පි ඛො, ආවුසො, සාවකානං එවං ධම්මං දෙසෙම - ‘එථ තුම්හෙ, ආවුසො, පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ සත්ත බොජ්ඣඞ්ගෙ යථාභූතං භාවෙථා’ති. ඉධ නො, ආවුසො, කො විසෙසො, කො අධිප්පයාසො, කිං නානාකරණං සමණස්ස වා ගොතමස්ස අම්හාකං වා, යදිදං - ධම්මදෙසනාය වා ධම්මදෙසනං, අනුසාසනියා වා අනුසාසනි’’න්ති?
‘‘අථ ඛො මයං, භන්තෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං භාසිතං නෙව අභිනන්දිම්හ නප්පටික්කොසිම්හ, අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා උට්ඨායාසනා පක්කමිම්හ - ‘භගවතො සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමා’’’ති.
‘‘එවංවාදිනො , භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා - ‘අත්ථි පනාවුසො, පරියායො, යං පරියායං ආගම්ම පඤ්ච නීවරණා දස හොන්ති, සත්ත බොජ්ඣඞ්ගා චතුද්දසා’ති. එවං පුට්ඨා, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා න චෙව සම්පායිස්සන්ති, උත්තරිඤ්ච විඝාතං ආපජ්ජිස්සන්ති. තං කිස්ස හෙතු? යථා තං, භික්ඛවෙ, අවිසයස්මිං. ‘‘නාහං තං, භික්ඛවෙ, පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය, යො ඉමෙසං පඤ්හානං වෙය්‍යාකරණෙන චිත්තං ආරාධෙය්‍ය, අඤ්ඤත්‍ර තථාගතෙන වා තථාගතසාවකෙන වා ඉතො වා පන සුත්වා’’.
‘‘කතමො ච, භික්ඛවෙ, පරියායො, යං පරියායං ආගම්ම පඤ්ච නීවරණා දස හොන්ති? යදපි, භික්ඛවෙ, අජ්ඣත්තං කාමච්ඡන්දො තදපි නීවරණං, යදපි බහිද්ධා කාමච්ඡන්දො තදපි නීවරණං. ‘කාමච්ඡන්දනීවරණ’න්ති ඉති හිදං උද්දෙසං ගච්ඡති. තදමිනාපෙතං පරියායෙන ද්වයං හොති. යදපි, භික්ඛවෙ, අජ්ඣත්තං බ්‍යාපාදො තදපි නීවරණං, යදපි බහිද්ධා බ්‍යාපාදො තදපි නීවරණං. ‘බ්‍යාපාදනීවරණ’න්ති ඉති හිදං උද්දෙසං ගච්ඡති. තදමිනාපෙතං පරියායෙන ද්වයං හොති. යදපි, භික්ඛවෙ, ථිනං තදපි නීවරණං, යදපි මිද්ධං තදපි නීවරණං. ‘ථිනමිද්ධනීවරණ’න්ති ඉති හිදං උද්දෙසං ගච්ඡති. තදමිනාපෙතං පරියායෙන ද්වයං හොති. යදපි, භික්ඛවෙ, උද්ධච්චං තදපි නීවරණං, යදපි කුක්කුච්චං තදපි නීවරණං. ‘උද්ධච්චකුක්කුච්චනීවරණ’න්ති ඉති හිදං උද්දෙසං ගච්ඡති. තදමිනාපෙතං පරියායෙන ද්වයං හොති. යදපි, භික්ඛවෙ, අජ්ඣත්තං ධම්මෙසු විචිකිච්ඡා තදපි නීවරණං, යදපි බහිද්ධා ධම්මෙසු විචිකිච්ඡා තදපි නීවරණං. ‘විචිකිච්ඡානීවරණ’න්ති ඉති හිදං උද්දෙසං ගච්ඡති. තදමිනාපෙතං පරියායෙන ද්වයං හොති. අයං ඛො, භික්ඛවෙ, පරියායො, යං පරියායං ආගම්ම පඤ්ච නීවරණා දස හොන්ති.
‘‘කතමො ච, භික්ඛවෙ, පරියායො, යං පරියායං ආගම්ම සත්ත බොජ්ඣඞ්ගා චතුද්දස හොන්ති? යදපි, භික්ඛවෙ, අජ්ඣත්තං ධම්මෙසු සති තදපි සතිසම්බොජ්ඣඞ්ගො, යදපි බහිද්ධා ධම්මෙසු සති තදපි සතිසම්බොජ්ඣඞ්ගො. ‘සතිසම්බොජ්ඣඞ්ගො’ති ඉති හිදං උද්දෙසං ගච්ඡති. තදමිනාපෙතං පරියායෙන ද්වයං හොති.
‘‘යදපි , භික්ඛවෙ, අජ්ඣත්තං ධම්මෙසු පඤ්ඤාය පවිචිනති (පවිචිනාති (ක.)) පවිචරති පරිවීමංසමාපජ්ජති තදපි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො, යදපි බහිද්ධා ධම්මෙසු පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමංසමාපජ්ජති තදපි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො. ‘ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො’ති ඉති හිදං උද්දෙසං ගච්ඡති. තදමිනාපෙතං පරියායෙන ද්වයං හොති.
‘‘යදපි, භික්ඛවෙ, කායිකං වීරියං තදපි වීරියසම්බොජ්ඣඞ්ගො, යදපි චෙතසිකං වීරියං තදපි වීරියසම්බොජ්ඣඞ්ගො. ‘වීරියසම්බොජ්ඣඞ්ගො’ති ඉති හිදං උද්දෙසං ගච්ඡති. තදමිනාපෙතං පරියායෙන ද්වයං හොති.
‘‘යදපි , භික්ඛවෙ, සවිතක්කසවිචාරා පීති තදපි පීතිසම්බොජ්ඣඞ්ගො, යදපි අවිතක්කඅවිචාරා පීති තදපි පීතිසම්බොජ්ඣඞ්ගො. ‘පීතිසම්බොජ්ඣඞ්ගො’ති ඉති හිදං උද්දෙසං ගච්ඡති. තදමිනාපෙතං පරියායෙන ද්වයං හොති.
‘‘යදපි, භික්ඛවෙ, කායප්පස්සද්ධි තදපි පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො, යදපි චිත්තප්පස්සද්ධි තදපි පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො. ‘පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො’ති ඉති හිදං උද්දෙසං ගච්ඡති. තදමිනාපෙතං පරියායෙන ද්වයං හොති.
‘‘යදපි, භික්ඛවෙ, සවිතක්කො සවිචාරො සමාධි තදපි සමාධිසම්බොජ්ඣඞ්ගො, යදපි අවිතක්කඅවිචාරො සමාධි තදපි සමාධිසම්බොජ්ඣඞ්ගො. ‘සමාධිසම්බොජ්ඣඞ්ගො’ති ඉති හිදං උද්දෙසං ගච්ඡති. තදමිනාපෙතං පරියායෙන ද්වයං හොති.
‘‘යදපි, භික්ඛවෙ, අජ්ඣත්තං ධම්මෙසු උපෙක්ඛා තදපි උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො, යදපි බහිද්ධා ධම්මෙසු උපෙක්ඛා තදපි උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො. ‘උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො’ති ඉති හිදං උද්දෙසං ගච්ඡති. තදමිනාපෙතං පරියායෙන ද්වයං හොති. අයං ඛො, භික්ඛවෙ, පරියායො, යං පරියායං ආගම්ම සත්ත බොජ්ඣඞ්ගා චතුද්දසා’’ති. දුතියං.
233
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
[2] එකල්හි වනාහි බොහෝ භික්ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පොරවා පා සිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියාහුය. ඉක්බිති ඒ භික්ෂූන්ට මෙබඳු අදහසක් පහළවිය. ‘තවම සැවැත්නුවර පිඬු පිණිස හැසිරීමට කල් වැඩිය. අපි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනකද එතැනට පැමිණෙන්නමෝ නම් යහපති’ කියායි. ඉක්බිති ඒ භික්ෂූහු අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනකද එතැනට ගියාහුය. ගොස් ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටුවූවාය. සතුටුවිය යුතු සිහිකටයුතු කථාවකොට නිමවා එක්පසෙක හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂූන්ට අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ මේ කාරණය කීහ.
[3] “ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ශ්‍රාවකයන්ට මෙසේ දහම් දෙසයි.” ‘මහණෙනි, එව්, නුඹලා නුවණ දුර්වල කරන සිත කිලුටු කරන පංච නීවරණයන් දුරුකොට සප්ත බොධ්‍යංගයන් ඇති සැටියෙන් වඩව්’ යනුයි. ඇවැත්නි, අපිද ශ්‍රාවකයන්ට මෙසේ දහම් දේශනා කරන්නෙමු. ‘ඇවැත්නි, එව්, නුඹලා නුවණ දුර්වල කරන සිත කිලුටුකරන පංචනීවරණයන් දුරුකොට සප්ත බොධ්‍යංගයන් ඇති සැටියෙන් වඩව්’ කියායි.
‘ඇවැත්නි, මෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ අනුශාසනාව හා අපගේ අනුශාසනාවේද ඇති වෙනස කුමක්ද, වෙනස් අදහස කුමක්ද? නානත්වය කුමක්ද? යනුයි.
[4] ඉක්බිති ඒ භික්ෂූහු ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ වචනය පිළිගත්තාහුද නොවූහ. ප්‍රතික්ෂේප කළාහුද නොවූහ. සතුටුද නොවී ප්‍රතික්ෂේපද නොකොට භාග්‍යවතුන් වහන්සේ වෙතින් මේ කීමේ අර්ථය දැනගන්නෙමුයි” අස්නෙන් නැගිට ගියාහුය.
[5] ඉක්බිති ඒ භික්ෂූහු සැවැත්නුවර පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි ගියාහුය. ගොස් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසක හුන්නාහුය. එක් පසක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීහ. “ස්වාමීනි, අපි මේ පෙරවරු කාලයෙහි හැඳපොරවා පා සිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියෙමු. ස්වාමීනි, ඒ අපට මෙබඳු සිතෙක් විය. ‘සැවැත්නුවර පිඬුපිණිස හැසිරීමට තවම ඉතා උදෑසනය. (කල් වැඩිය.) අපි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනකද එතැන්හි යන්නමෝ නම් හොඳය යනුයි. ඉක්බිති ස්වාමීනි, අපි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනකද එතැනට ගියෙමු. ගොස් ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටුවූවෙමු. සතුටුවිය යුතු සිහිකටයුතු කථාවකොට ඉක්මවා එක්පසක හුන්නෙමු. ස්වාමීනි එක්පසක හුන්නාවූ අපට ඒ අන්‍යතීර්ථක පිරිවැජියෝ මෙසේ කීහ. ‘ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙමේ ශ්‍රාවකයන්ට මෙසේ දහම් දෙසයි (කෙසේද)
‘මහණෙනි, එව්, නුඹලා නුවණ දුර්වල කරන, සිත කිලුටු කරන පංච නීවරණයන් දුරුකොට සප්ත බොධ්‍යංගයන් ඇති සැටියෙන් වඩව්’ කියායි. ඇවැත්නි, අපිද ශ්‍රාවකයන්ට මෙසේ දහම් දෙසමු (කෙසේද)
‘ඇවැත්නි, එව්, නුඹලා නුවණ දුර්වල කරන සිත කිලුටු කරන, පංච නීවරණයන් දුරුකොට සප්ත බොධ්‍යංගයන් ඇති සැටියෙන් වඩව්’ කියායි. ‘ඇවැත්නි, මෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්ම දේශනාව හා අපගේ ධර්මදේශනාවේද ශ්‍රමණ ගෞතමයන්ගේ අනුශාසනාව හා අපගේ අනුශාසනාවේද ඇති වෙනස කුමක්ද? වෙනස් අදහස කුමක්ද? නානත්වය කුමක්ද? යනුයි. එකල්හි වනාහි ස්වාමීනි, අපි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ වචනය පිළිගත්තාහුද නොවෙමු. ප්‍රතික්ෂේප කළාහුද නොවෙමු. පිළිනොගෙන බැහැර නොකොට භාග්‍යවතුන් වහන්සේ වෙතින් මේ කීමේ තේරුම දැනගන්නෙමුයි’ ආසනයෙන් නැගිට ගියෙමු.’
[6] “මහණෙනි, මෙසේ කියන්නාවූ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ කියයුතුය. ‘ඇවැත්නි, යම් ක්‍රමයකින් නීවරණ පස දහයක් වෙත්ද, බොධ්‍යංග සත, දහහතරක් වෙත්ද, එබඳු ක්‍රමයක් ඇත්තේදැයි’ ඇසීය, මහණෙනි, මෙසේ අසන ලද අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ නොදක්නාහුය. වඩා වෙහෙසට පැමිණෙන්නාහ. ඊට හේතු කවරේද? විෂය නොවූවෙක්හි අසන ලද ප්‍රශ්නයක් බැවිනි. මහණෙනි, දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිත ප්‍රජාව කෙරෙහි දෙව් මිනිසුන් කෙරෙහි තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයකු හෝ මේ ශාසනයෙහි ඇසුවෙක් හෝ හැර යමෙක් මේ ප්‍රශ්න විසඳීමෙන් සිත්ගන්නේ වේද, එබඳු කෙනෙකු මම නොදකිමි.
[7] “මහණෙනි යම් ක්‍රමයකින් නීවරණ පස දශයක් වෙත්ද ඒ ක්‍රමය කවරේද? මහණෙනි, තමාගේ පංචස්කන්ධයන් කෙරෙහි යම් තෘෂ්ණාවක් වේද, එයද නීවරණයකි. අනුන්ගේ පංචස්කන්ධයන් කෙරෙහි යම් කාම තෘෂ්ණාවක් වේද, එයද නීවරණයකි. මේ දෙකම කාමච්ඡන්ද නීවරණ යන සංඛ්‍යාවට පැමිණෙත්. මේ ක්‍රමයෙන් කාමච්ඡන්දනීවරණය දෙකක් වෙයි. මහණෙනි, තමාගේ අත්පා ආදීන්කෙරෙහි යම් ක්‍රෝධයක්වේද, එයද නීවරණයකි. අනුන්ගේ අත් පා ආදිය කෙරෙහි යම් ක්‍රෝධයක්වේද, එයද නීවරණයකි. මේ දෙකම ව්‍යාපාද නීවරණ යන සංඛ්‍යාවට පැමිණෙයි. මේ ක්‍රමයෙන් ව්‍යාපාද නීවරණය දෙකක් වෙයි.
[8] “මහණෙනි, සිතේ යම් අලසකමක්වේද, එයද නීවරණයකි චෛතසිකයන්ගේ යම් අලසකමක්වේද, එයද නීවරණයකි. මේ දෙකම ථිනමිද්ධ නීවරණ යන සංඛ්‍යාවට පැමිණෙයි. මේ ක්‍රමයෙන් ථිනමිද්ධ නීවරණය දෙකක් වෙයි. මහණෙනි, යම් සිතේ නොසන්සුන්කමක්වේද, එයද නීවරණයකි. යම් පසුතැවීමක්වේද, එයද නීවරණයකි. මේ දෙකම උද්ධච්ච කුක්කුච්ච නීවරණයයි උදෙසීමට පැමිණෙයි. මේ ක්‍රමයෙන් උද්ධච්ච කුක්කුච්ච නීවරණය දෙකක් වෙයි.
“මහණෙනි, තමාගේ ස්කන්ධයන්හි යම් සැකයක් වේද, එයද නීවරණයකි. පිටත (අන් තැන්හි) යම් සැකයක් වේද, එයද නීවරණයකි. මේ දෙකම විචිකිච්ඡා නීවරණ සංඛ්‍යාවට පැමිණෙයි මේ ක්‍රමයෙන් විචිකිච්ඡා නීවරණය දෙකක් වෙයි. මහණෙනි යම් ක්‍රමයකින් නීවරණ පස දශයක් වෙත්ද, මේ ඒ ක්‍රමයයි.
[9] “මහණෙනි, යම් ක්‍රමයකින් බොධ්‍යංග සත දහහතරක් වෙත්ද, ඒ ක්‍රමය කවරේද? මහණෙනි, තමාගේ ස්කන්ධයන් කෙරෙහි යම් සිහියක්වේද, එයද සති සම්බොධ්‍යංගයයි. අනුන්ගේ ස්කන්ධයන් කෙරෙහි යම් සිහියක්වේද, එයද සති සම්බොධ්‍යංගයයි. මේ දෙකම සති සම්බොධ්‍යංග යන සංඛ්‍යාවට පැමිණෙයි. මේ ක්‍රමයෙන් සති සම්බොධ්‍යංගය දෙකක් වෙයි.
[10] “මහණෙනි, අධ්‍යාත්මික ධර්මයන් කෙරෙහි යමක් නුවණින් (ඒ ඒ ධර්මයන්ගේ ලක්ෂණ) සොයයිද, (එහි නුවණ) හසුරවයිද, විමසීමට පැමිණෙයිද එයද ධම්මවිචය සම්බොධ්‍යංගයයි. බාහිර ධර්මයන් කෙරෙහි නුවණින් යමක් සොයයිද, හසුරුවයිද, විමසීමට පැමිණෙයිද, එයද ධම්මවිචය සම්බොධ්‍යංගයයි. මේ දෙකම ධම්මවිචය සම්බොධ්‍යංග යන සංඛ්‍යාවට පැමිණෙයි. මේ ක්‍රමයෙන් ධම්මවිචය සම්බොධ්‍යංගයද දෙකක් වෙයි. මහණෙනි, යම් කායිකවීර්යයක් වේද, එයද විරිය සම්බොධ්‍යංගයයි. යම් චෛතසික වීර්යයක් වේද, එයද විරිය සම්බොධ්‍යංගයයි. මේ දෙකම විරිය සම්බොධ්‍යංග යන සංඛ්‍යාවට පැමිණෙයි. මේ ක්‍රමයෙන් විරිය සම්බොධ්‍යංගයද දෙකක් වෙයි.
[11] “මහණෙනි, විතර්ක සහිතවූ විචාර සහිතවූ යම් ප්‍රීතියක් වේද එයද පීති සම්බොධ්‍යංගයයි. විතර්ක රහිතවූ, විචාර රහිතවූ යම් ප්‍රීතියක්වේද, එයද පීති සම්බොධ්‍යංගයයි. මේ දෙකම පීති සම්බොධ්‍යංග යන සංඛ්‍යාවට පැමිණෙයි. මේ ක්‍රමයෙන් පීති සම්බොධ්‍යංගයද දෙකක් වෙයි. මහණෙනි, චෛතසිකයන්ගේ සන්සිඳීමක් වේද, එයද පස්සද්ධි සම්බොධ්‍යංගයයි. සිතේ යම් සන්සිඳීමක් වේද එයද පස්සද්ධි සම්බොධ්‍යංගයයි. මේ දෙකම පස්සද්ධි සම්බොධ්‍යංග යන සංඛ්‍යාවට පැමිණෙයි. මේ ක්‍රමයෙන් පස්සද්ධි සම්බොධ්‍යංගයද දෙකක් වෙයි.
[12]“මහණෙනි, විතර්ක සහිතවූ, විචාර සහිතවූ යම් සමාධියක්වේද, එයද සමාධි සම්බොධ්‍යංගයයි. විතර්ක රහිතවූ, විචාර රහිතවූ, යම් සමාධියක් වේද, එයද සමාධි සම්බොධ්‍යංගයයි. මේ දෙකම සමාධි සම්බොධ්‍යංගයයි උදෙසීමට පැමිණෙයි. මේ ක්‍රමයෙන් සමාධි සම්බොධ්‍යංගයද දෙකක් වෙයි.
[13] “මහණෙනි, අධ්‍යාත්මික ධර්මයන්හි යම් උපේක්ෂාවක්වේද, එයද උපෙක්ඛා සම්බොධ්‍යංගයයි. බාහිර ධර්මයන්හි යම් උපේක්ෂාවක්වේද, එයද උපෙක්ඛා සම්බොධ්‍යංගයයි. මේ දෙකම උපෙක්ඛා සම්බොධ්‍යංගයයි උදෙසීමට පැමිණෙයි. මේ ක්‍රමයෙන් මේ උපෙක්ඛා සම්බොධ්‍යංගය දෙකක් වෙයි. මහණෙනි, යම් ක්‍රමයකින් බොධ්‍යංග සත, දස සතරක් වෙත්ද, මේ ඒ ක්‍රමයයි” යනුයි.
3. අග්ගිසුත්තං 3. අග්ගි සූත්‍රය
4. මෙත්තාසහගතසුත්තං 4. මෙත්ත සූත්‍රය
5. සඞ්ගාරවසුත්තං 5. සංගාරව සූත්‍රය
6. අභයසුත්තං 6. අභය සූත්‍රය
7. ආනාපානවග්ගො 7. ආනාපාන වර්ගය
1. අට්ඨිකමහප්ඵලසුත්තං 1. අට්ඨික සූත්‍රය
2. පුළවකසුත්තං 2. පුළවක සූත්‍රය
3. විනීලකසුත්තං 3. විනීලක සූත්‍රය
4. විච්ඡිද්දකසුත්තං 4. විච්ඡිද්දක සූත්‍රය
5. උද්ධුමාතකසුත්තං 5. උද්ධුමාතක සූත්‍රය
6. මෙත්තාසුත්තං 6. මෙත්තා සූත්‍රය
7. කරුණාසුත්තං 7. කරුණා සූත්‍රය
8. මුදිතාසුත්තං 8. මුදිතා සූත්‍රය
9. උපෙක්ඛාසුත්තං 9. උපෙක්ඛා සූත්‍රය
10. ආනාපානසුත්තං 10. ආනාපානසති සූත්‍රය
8. නිරොධවග්ගො 8. නිරෝධ වර්ගය
1. අසුභසුත්තං 1. අසුභ සූත්‍රය
2. මරණසුත්තං 2. මරණ සූත්‍රය
3. ආහාරෙපටිකූලසුත්තං 3. ආහාරේ පටික්කූල සූත්‍රය
4. අනභිරතිසුත්තං 4. සබ්බලෝකේ අනභිරත සූත්‍රය
5. අනිච්චසුත්තං 5. අනිච්ච සූත්‍රය
6. දුක්ඛසුත්තං 6. අනිච්චේ දුක්ඛ සූත්‍රය
7. අනත්තසුත්තං 7. දුක්ඛෙ අනත්ත සූත්‍රය
8. පහානසුත්තං 8. පහාන සූත්‍රය
9. විරාගසුත්තං 9. විරාග සූත්‍රය
10. නිරොධසුත්තං 10. නිරෝධ සූත්‍රය
9. ගඞ්ගාපෙය්‍යාලවග්ගො 9. ගංගාපෙය්‍යාල වර්ගය (2)
1-12. ගඞ්ගානදීආදිසුත්තං 1-12. ගඞ්ගානදීආදි සූත්‍ර
10. අප්පමාදවග්ගො 10. අප්පමාද වර්ගය (2)
1-10. තථාගතාදිසුත්තං 1-10. තථාගතාදි සූත්‍ර
11. බලකරණීයවග්ගො 11. බලකරණිය වර්ගය (2)
1-12. බලාදිසුත්තං 1-12. බලාදි සූත්‍ර
12. එසනාවග්ගො 12. ඒසනා වර්ගය (2)
1-10. එසනාදිසුත්තං 1-10. එසනාදි සූත්‍ර
13. ඔඝවග්ගො 13. ඕඝ වර්ගය (2)
1-8. ඔඝාදිසුත්තං 1-8. ඕඝාදි සූත්‍ර
10. උද්ධම්භාගියසුත්තං 10. උද්ධම්භාගිය සූත්‍රය
14. පුනගඞ්ගාපෙය්‍යාලවග්ගො 14. පුනගඞ්ගාපෙය්‍යාල වර්ගය
පුනගඞ්ගානදීආදිසුත්තං ගඞ්ගාදි සූත්‍ර
15. පුනඅප්පමාදවග්ගො 15. පුන අප්පමාද වර්ගය
තථාගතාදිසුත්තං තථාගතාදි සූත්‍ර
16. පුනබලකරණීයවග්ගො 16.පුන බලකරණීය වර්ගය
පුනබලාදිසුත්තං බලාදි සූත්‍ර
17. පුනඑසනාවග්ගො 17.පුන ඒසනා වර්ගය
පුනඑසනාදිසුත්තං එසනාදි සූත්‍ර
18. පුනඔඝවග්ගො 18. පුන ඕඝ වර්ගය
පුනඔඝාදිසුත්තං ඕඝාදි සූත්‍ර