ත්‍රිපිටකය
2. බොජ්ඣඞ්ගසංයුත්තං 2. බොජ්ඣංග සංයුත්තය
1. පබ්බතවග්ගො 1. පබ්බත වර්ගය
1. හිමවන්තසුත්තං 1. හිමවන්ත සූත්‍රය
2. කායසුත්තං 2. කාය සූත්‍රය
3. සීලසුත්තං 3. සීල සූත්‍රය
4. වත්ථසුත්තං 4. වත්‍ථ සූත්‍රය
5. භික්ඛුසුත්තං 5. භික්ෂු සූත්‍රය
186
සාවත්ථිනිදානං. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි...පෙ.... එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘‘බොජ්ඣඞ්ගා, බොජ්ඣඞ්ගා’ති, භන්තෙ, වුච්චන්ති. කිත්තාවතා නු ඛො, භන්තෙ, ‘බොජ්ඣඞ්ගා’ති වුච්චන්තී’’ති? ‘‘බොධාය සංවත්තන්තීති ඛො, භික්ඛු, තස්මා ‘බොජ්ඣඞ්ගා’ති වුච්චන්ති. ඉධ, භික්ඛු, සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං...පෙ.... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. තස්සිමෙ සත්ත බොජ්ඣඞ්ගෙ භාවයතො කාමාසවාපි චිත්තං විමුච්චති , භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති. බොධාය සංවත්තන්තීති, භික්ඛු, තස්මා ‘බොජ්ඣඞ්ගා’ති වුච්චන්තී’’ති. පඤ්චමං.
186
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ස්වාමීනි, බොජ්ඣංගයෝ, බොජ්ඣංගයෝයයි කියනු ලැබෙත්. ස්වාමීනි, කොපමණකින් වනාහි බොජ්ඣංගයෝයයි කියනු ලැබෙත්ද?
“මහණ, නිර්වාණය අවබෝධ කිරීම පිණිස පවතින නිසා බොජ්ඣංගයෝයයි කියනු ලැබෙත්.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ පීති සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයිද, ඒ සප්ත බොජ්ඣංගයන් වඩන්නාවූ ඔහුගේ සිත කාමාශ්‍රවයන්ගෙන්ද මිදෙයි. භවාශ්‍රවයන්ගෙන්ද මිදෙයි. අවිද්‍යාශ්‍රවයන්ගෙන්ද මිදෙයි.
“මිදුණු කල්හි මිදුණේය යන ඤාණය ඇතිවෙයි. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවන ලදී. කළ යුත්ත කරන ලදී. මෙයින් මතු අනිත් කළයුත්තක් නැතැයි දැනගනියි. මහණ, නිර්වාණය අවබෝධ කිරීමට හේතුවන නිසා බොජ්ඣංගයෝ යයි කියනු ලැබෙත් යයි” වදාළසේක.
6. කුණ්ඩලියසුත්තං 6. කුණ්ඩලිය සූත්‍රය
7. කූටාගාරසුත්තං 7. කූටාගාර සූත්‍රය
8. උපවානසුත්තං 8. උපවාන සූත්‍රය
9. පඨමඋප්පන්නසුත්තං 9. උප්පාද සූත්‍රය
10. දුතියඋප්පන්නසුත්තං 10. දුතිය උප්පාද සූත්‍රය
2. ගිලානවග්ගො 2. ගිලාන වර්ගය
1. පාණසුත්තං 1. පාන සූත්‍රය
2. පඨමසූරියූපමසුත්තං 2. සුරිය සූත්‍රය
3. දුතියසූරියූපමසුත්තං 3. දුතිය සුරිය සූත්‍රය
4. පඨමගිලානසුත්තං 4. ගිලාන සූත්‍රය
5. දුතියගිලානසුත්තං 5. දුතිය ගිලාන සූත්‍රය
6. තතියගිලානසුත්තං 6. තතිය ගිලාන සූත්‍රය
7. පාරඞ්ගමසුත්තං 7. අපාර සූත්‍රය
8. විරද්ධසුත්තං 8. ආරද්ධ සූත්‍රය
9. අරියසුත්තං 9. අරිය සූත්‍රය
10. නිබ්බිදාසුත්තං 10. නිබ්බිදා සූත්‍රය
3. උදායිවග්ගො 3. උදායි වර්ගය
1. බොධායසුත්තං 1. බෝධාය සූත්‍රය
2. බොජ්ඣඞ්ගදෙසනාසුත්තං 2. දේසනා සූත්‍රය
3. ඨානියසුත්තං 3. ඨානි සූත්‍රය
4. අයොනිසොමනසිකාරසුත්තං 4. යෝනිසෝ සූත්‍රය
5. අපරිහානියසුත්තං 5. අපරිහානිය සූත්‍රය
6. තණ්හක්ඛයසුත්තං 6. ඛය සූත්‍රය
7. තණ්හානිරොධසුත්තං 7. නිරෝධ සූත්‍රය
8. නිබ්බෙධභාගියසුත්තං 8. නිබ්බේධ සූත්‍රය
9. එකධම්මසුත්තං 9. ඒකධම්ම සූත්‍රය
10. උදායිසුත්තං 10. උදායි සූත්‍රය
4. නීවරණවග්ගො 4. නීවරණ වර්ගය
1. පඨමකුසලසුත්තං 1. කුසල සූත්‍රය
2. දුතියකුසලසුත්තං 2. දුතිය කුසල සූත්‍රය
3. උපක්කිලෙසසුත්තං 3. කිලේස සූත්‍රය
4. අනුපක්කිලෙසසුත්තං 4. අනාවරණ සූත්‍රය
5. අයොනිසොමනසිකාරසුත්තං 5. යෝනිසෝ සූත්‍රය
6. යොනිසොමනසිකාරසුත්තං 6. බුද්ධි සූත්‍රය
7. බුද්ධිසුත්තං 7. ආවරණ සූත්‍රය
8. ආවරණනීවරණසුත්තං 8. අනීවරණ සූත්‍රය
9. රුක්ඛසුත්තං 9. මහාරුක්ඛ සූත්‍රය
10. නීවරණසුත්තං 10. නීවරණ සූත්‍රය
5. චක්කවත්තිවග්ගො 5. චක්කවත්ති වර්ගය
1. විධාසුත්තං 1. විධා සූත්‍රය
2. චක්කවත්තිසුත්තං 2. චක්කවත්ති සූත්‍රය
3. මාරසුත්තං 3. මාර සූත්‍රය
4. දුප්පඤ්ඤසුත්තං 4. දුප්පඤ්ඤ සූත්‍රය
5. පඤ්ඤවන්තසුත්තං 5. පඤ්ඤව සූත්‍රය
6. දලිද්දසුත්තං 6. දළිද්ද සූත්‍රය
7. අදලිද්දසුත්තං 7. අදළිද්ද සූත්‍රය
8. ආදිච්චසුත්තං 8. ආදිච්ච සූත්‍රය
9. අජ්ඣත්තිකඞ්ගසුත්තං 9. අංග සූත්‍රය
10. බාහිරඞ්ගසුත්තං 10. දුතිය අංග සූත්‍රය
6. සාකච්ඡවග්ගො 6.බොජ්ඣංග වර්ගය
1. ආහාරසුත්තං 1. ආහාර සූත්‍රය
2. පරියායසුත්තං 2. පරියාය සූත්‍රය
3. අග්ගිසුත්තං 3. අග්ගි සූත්‍රය
4. මෙත්තාසහගතසුත්තං 4. මෙත්ත සූත්‍රය
5. සඞ්ගාරවසුත්තං 5. සංගාරව සූත්‍රය
6. අභයසුත්තං 6. අභය සූත්‍රය
7. ආනාපානවග්ගො 7. ආනාපාන වර්ගය
1. අට්ඨිකමහප්ඵලසුත්තං 1. අට්ඨික සූත්‍රය
2. පුළවකසුත්තං 2. පුළවක සූත්‍රය
3. විනීලකසුත්තං 3. විනීලක සූත්‍රය
4. විච්ඡිද්දකසුත්තං 4. විච්ඡිද්දක සූත්‍රය
5. උද්ධුමාතකසුත්තං 5. උද්ධුමාතක සූත්‍රය
6. මෙත්තාසුත්තං 6. මෙත්තා සූත්‍රය
7. කරුණාසුත්තං 7. කරුණා සූත්‍රය
8. මුදිතාසුත්තං 8. මුදිතා සූත්‍රය
9. උපෙක්ඛාසුත්තං 9. උපෙක්ඛා සූත්‍රය
10. ආනාපානසුත්තං 10. ආනාපානසති සූත්‍රය
8. නිරොධවග්ගො 8. නිරෝධ වර්ගය
1. අසුභසුත්තං 1. අසුභ සූත්‍රය
2. මරණසුත්තං 2. මරණ සූත්‍රය
3. ආහාරෙපටිකූලසුත්තං 3. ආහාරේ පටික්කූල සූත්‍රය
4. අනභිරතිසුත්තං 4. සබ්බලෝකේ අනභිරත සූත්‍රය
5. අනිච්චසුත්තං 5. අනිච්ච සූත්‍රය
6. දුක්ඛසුත්තං 6. අනිච්චේ දුක්ඛ සූත්‍රය
7. අනත්තසුත්තං 7. දුක්ඛෙ අනත්ත සූත්‍රය
8. පහානසුත්තං 8. පහාන සූත්‍රය
9. විරාගසුත්තං 9. විරාග සූත්‍රය
10. නිරොධසුත්තං 10. නිරෝධ සූත්‍රය
9. ගඞ්ගාපෙය්‍යාලවග්ගො 9. ගංගාපෙය්‍යාල වර්ගය (2)
1-12. ගඞ්ගානදීආදිසුත්තං 1-12. ගඞ්ගානදීආදි සූත්‍ර
10. අප්පමාදවග්ගො 10. අප්පමාද වර්ගය (2)
1-10. තථාගතාදිසුත්තං 1-10. තථාගතාදි සූත්‍ර
11. බලකරණීයවග්ගො 11. බලකරණිය වර්ගය (2)
1-12. බලාදිසුත්තං 1-12. බලාදි සූත්‍ර
12. එසනාවග්ගො 12. ඒසනා වර්ගය (2)
1-10. එසනාදිසුත්තං 1-10. එසනාදි සූත්‍ර
13. ඔඝවග්ගො 13. ඕඝ වර්ගය (2)
1-8. ඔඝාදිසුත්තං 1-8. ඕඝාදි සූත්‍ර
10. උද්ධම්භාගියසුත්තං 10. උද්ධම්භාගිය සූත්‍රය
14. පුනගඞ්ගාපෙය්‍යාලවග්ගො 14. පුනගඞ්ගාපෙය්‍යාල වර්ගය
පුනගඞ්ගානදීආදිසුත්තං ගඞ්ගාදි සූත්‍ර
15. පුනඅප්පමාදවග්ගො 15. පුන අප්පමාද වර්ගය
තථාගතාදිසුත්තං තථාගතාදි සූත්‍ර
16. පුනබලකරණීයවග්ගො 16.පුන බලකරණීය වර්ගය
පුනබලාදිසුත්තං බලාදි සූත්‍ර
17. පුනඑසනාවග්ගො 17.පුන ඒසනා වර්ගය
පුනඑසනාදිසුත්තං එසනාදි සූත්‍ර
18. පුනඔඝවග්ගො 18. පුන ඕඝ වර්ගය
පුනඔඝාදිසුත්තං ඕඝාදි සූත්‍ර