ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්ත නිකාය
මහාවග්ගො මහා වර්ගය
1. මග්ගසංයුත්තං 1. මාර්ග සංයුත්තය
1. අවිජ්ජාවග්ගො 1. අවිජ්ජා වර්ගය
1. අවිජ්ජාසුත්තං 1. අවිජ්ජා සූත්‍රය
2. උපඩ්ඪසුත්තං 2. උපඩ්ඪ සූත්‍රය
3. සාරිපුත්තසුත්තං 3. සාරිපුත්ත සූත්‍රය
4. ජාණුස්සොණිබ්‍රාහ්මණසුත්තං 4. බ්‍රාහ්මණ සූත්‍රය
5. කිමත්ථියසුත්තං 5. කිමත්ථිය සූත්‍රය
6. පඨමඅඤ්ඤතරභික්ඛුසුත්තං 6. භික‍්ඛු සූත්‍රය
7. දුතියඅඤ්ඤතරභික්ඛුසුත්තං 7. දුතිය භික්‍ෂු සූත්‍රය
8. විභඞ්ගසුත්තං 8. විභඞ්ග සූත්‍රය
8
සාවත්ථිනිදානං. ‘‘අරියං වො, භික්ඛවෙ, අට්ඨඞ්ගිකං මග්ගං දෙසෙස්සාමි විභජිස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ; භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘කතමො ච, භික්ඛවෙ, අරියො අට්ඨඞ්ගිකො මග්ගො? සෙය්‍යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි.
‘‘කතමා ච, භික්ඛවෙ, සම්මාදිට්ඨි? යං ඛො, භික්ඛවෙ, දුක්ඛෙ ඤාණං, දුක්ඛසමුදයෙ ඤාණං , දුක්ඛනිරොධෙ ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං - අයං වුච්චති, භික්ඛවෙ, සම්මාදිට්ඨි.
‘‘කතමො ච, භික්ඛවෙ, සම්මාසඞ්කප්පො? යො ඛො, භික්ඛවෙ, නෙක්ඛම්මසඞ්කප්පො , අබ්‍යාපාදසඞ්කප්පො, අවිහිංසාසඞ්කප්පො - අයං වුච්චති, භික්ඛවෙ, සම්මාසඞ්කප්පො.
‘‘කතමා ච, භික්ඛවෙ, සම්මාවාචා? යා ඛො, භික්ඛවෙ, මුසාවාදා වෙරමණී, පිසුණාය වාචාය වෙරමණී, ඵරුසාය වාචාය වෙරමණී, සම්ඵප්පලාපා වෙරමණී - අයං වුච්චති, භික්ඛවෙ, සම්මාවාචා.
‘‘කතමො ච, භික්ඛවෙ, සම්මාකම්මන්තො? යා ඛො, භික්ඛවෙ, පාණාතිපාතා වෙරමණී, අදින්නාදානා වෙරමණී, අබ්‍රහ්මචරියා වෙරමණී - අයං වුච්චති, භික්ඛවෙ, සම්මාකම්මන්තො.
‘‘කතමො ච, භික්ඛවෙ, සම්මාආජීවො? ඉධ, භික්ඛවෙ, අරියසාවකො මිච්ඡාආජීවං පහාය සම්මාආජීවෙන ජීවිතං කප්පෙති - අයං වුච්චති, භික්ඛවෙ, සම්මාආජීවො.
‘‘කතමො ච, භික්ඛවෙ, සම්මාවායාමො? ඉධ, භික්ඛවෙ, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති...පෙ.... අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති...පෙ.... උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්‍යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති - අයං වුච්චති, භික්ඛවෙ, සම්මාවායාමො.
‘‘කතමා ච, භික්ඛවෙ, සම්මාසති? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; චිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං - අයං වුච්චති, භික්ඛවෙ, සම්මාසති.
‘‘කතමො ච, භික්ඛවෙ, සම්මාසමාධි? ඉධ, භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති - ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති - අයං වුච්චති, භික්ඛවෙ, සම්මාසමාධී’’ති. අට්ඨමං.
8
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවා පිළිගන්වන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, තොපට ආර්යඅෂ්ටාඩ්ගික මාර්ගය දේශනා කරන්නෙමි. බෙදා දක්වන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමි.” ඒ භික්ෂූහු “එසේය. ස්වාමීනි’යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. “මහණෙනි, ආර්යඅෂ්ටාඩ්ගික මාර්ගය නම් කුමක්ද? ඒ මෙසේයි සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය සහ සම්‍යක් සමාධියයි.
“මහණෙනි, සම්‍යක් දෘෂ්ටිය කවරීද යත්, මහණෙනි යම් දුක දන්නාවූ ඥානයක් වේද, දුකට හේතුව දන්නාවූ ඥානයක් වේද, දුක් නැතිකිරීම දන්නා ඥානයක් වේද දුක් නැති කිරීමට පැමිණෙන මාර්ගය දන්නා ඥානයක් වේද මහණෙනි මේ සම්‍යක් දෘෂ්ටියයි කියනු ලැබේ.
“මහණෙනි, සම්‍යක් සංකල්පය කුමක්ද? යම් නෛෂ්ක්‍රම්‍ය කල්පනාවක් වේද අව්‍යාපාද කල්පනාවක් වේද අවිහිංසා කල්පනාවක් වේද මහණෙනි මෙය සම්‍යක් සංකල්ප යයි කියනු ලැබේ.
“මහණෙනි, සම්‍යක් වචනය නම් කවරේද? මහණෙනි, යම් බොරුකීමෙන් වෙන්වීමක් වේද කේලාම් කීමෙන් වෙන් වීමක් වේද ඵරුස වචනයෙන් වෙන්වීමක් වේද හිස් වචන කීමෙන් වෙන්වීමක් වේද මහණෙනි, මෙය සම්‍යක් වචනයයි කියනු ලැබේ.
“මහණෙනි, සම්‍යක් කර්මාන්තය නම් කුමක්ද? මහණෙනි, යම් ප්‍රාණඝාතයෙන් වෙන්වීමක් වේද සොරකම් කිරීමෙන් වෙන්වීමක් වේද අබ්‍රහ්මචරියාවෙන් වෙන්වීමක් වේද මහණෙනි, මෙය සම්‍යක් කර්මාන්තයයි කියනු ලැබේ.
“මහණෙනි, සම්‍යක් ආජීවය නම් කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්යශ්‍රාවක තෙමේ වැරදි ජීවිකාවෙන් වෙන්ව යහපත් ජීවිකාවෙන් ජිවිකාව කෙරේද? මහණෙනි, මේ සම්‍යක් ආජීවයයි කියනු ලැබේ.
“මහණෙනි, සම්‍යක් ව්‍යායාමය නම් කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයි. වීර්ය කෙරෙයි. වීර්ය පටන් ගනියි. සිත ඔසවයි, උත්සාහ කෙරෙයි, උපන්නාවූ ලාමක අකුසල ධර්මයන්ගේ නැතිකිරීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කෙරෙයි. වීර්ය කෙරෙයි. වීර්ය පටන්ගනියි. සිත ඔසවයි. උත්සාහ කෙරෙයි. නූපන් කුසල ධර්මයන්ගේ ඉපදවීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කෙරෙයි. වීර්ය පටන් ගනියි. සිත ඔසවයි, උත්සාහ කෙරෙයි. උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස, සිහි නැතිනොවීම පිණිස, බොහෝ බව පිණිස, මහත් බව පිණිස, වැඩීම පිණිස, සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. වීර්ය පටන්ගනී. සිත ඔසවයි. උත්සාහ කරයි, මහණෙනි, මේ සම්‍යක් ව්‍යායාමයයි කියනු ලැබේ.
“මහණෙනි, සම්‍යක් සතිය කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්ය ඇතිව ඤාණයෙන් යුක්තව සිහියෙන් යුක්තව කාය සංඛ්‍යාත ලෝකයෙහි ලෝභ ද්වේෂයන් සන්සිඳුවා කයෙහි කය අනුව නැවත නැවත බලමින් වාසය කරයිද, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව ඤාණයෙන් යුක්තව සිහියෙන් යුක්තව වේදනා සංඛ්‍යාත ලෝකයෙහි ලෝභ දෝසයන් සන්සිඳුවා වේදනාවන්හි වේදනාව අනුව නැවත නැවත බලමින් වාසය කරයිද, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව ඤාණයෙන් යුක්තව සිහියෙන් යුක්තව චිත්ත සංඛ්‍යාත ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සන්සිඳුවන චිත්තයන්හි සිත නැවත නැවත බලමින් වාසය කරයිද, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව ඤාණයෙන් යුක්තව සිහියෙන් යුක්තව ධර්ම සංඛ්‍යාත ලෝකයෙහි ලෝභ දෝසයන් සන්සිඳුවා ධර්මයන්හි ධර්මයන් අනුව නැවත නැවත බලමින් වාසය කරයිද, මහණෙනි, මේ සම්‍යක් සතියයි කියනු ලැබේ.
“මහණෙනි, සම්‍යක් සමාධිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම පඤ්චකාමයෙන් වෙන්වම අකුසලයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත්තාවූ ප්‍රීතිය හා සැපය ඇති පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් තමා තුළ පැහැදීම කරන්නාවූ චිත්තයාගේ එකඟ බව වූ විතර්ක නැති විචාර නැති සමාධියෙන් උපන්නාවූ ප්‍රීතිය හා සැපය ඇති දෙවන ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, ප්‍රීතියෙහිද නොඇල්මෙන් ධ්‍යාන උපේක්ෂාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ නුවණ ඇත්තේ කයින් සුව විඳීද, යම් ධ්‍යානයක් උපේක්ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව සැපවිහරණ ඇත්තේයයි ආර්යයෝ කියත්, ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, සැප නැතිකිරීමෙන්ද දුක නැතිකිරීමෙන්ද ධ්‍යානය ලැබීමට පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ දුරුකිරීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ඛා සති දෙකින් පිරිසිදුවූ සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ සම්මා සමාධියයි කියනු ලැබේ යයි’ වදාළෝය.
9. සූකසුත්තං 9. සූක සූත්‍රය
10. නන්දියසුත්තං 10. නන්දිය සූත්‍රය
2. විහාරවග්ගො 2. විහාර වර්ගය
1. පඨමවිහාරසුත්තං 1. විහාර සූත්‍රය
2. දුතියවිහාරසුත්තං 2. දෙවන විහාර සූත්‍රය
3. සෙක්ඛසුත්තං 3. සේඛ සූත්‍රය
4. පඨමඋප්පාදසුත්තං 4. උප්පාද සූත්‍රය
5. දුතියඋප්පාදසුත්තං 5. දෙවන උප්පාද සූත්‍රය
6. පඨමපරිසුද්ධසුත්තං 6. පරිසුද්ධ සූත්‍රය
7. දුතියපරිසුද්ධසුත්තං 7. දෙවන පරිසුද්ධ සූත්‍රය
8. පඨමකුක්කුටාරාමසුත්තං 8. පළමුවෙනි කුක්කුටාරාම සූත්‍රය
9. දුතියකුක්කුටාරාමසුත්තං 9. දෙවෙනි කුක්කුටාරාම සූත්‍රය
10. තතියකුක්කුටාරාමසුත්තං 10. තුන්වෙනි කුක්කුටාරාම සූත්‍රය
3. මිච්ඡත්තවග්ගො 3. මිච්ඡත්ත වර්ගය
1. මිච්ඡත්තසුත්තං 1. මිච්ඡත්ත සූත්‍රය
2. අකුසලධම්මසුත්තං 2. අකුසලධම්ම සූත්‍රය
3. පඨමපටිපදාසුත්තං 3. පඨම පටිපදා සූත්‍රය
4. දුතියපටිපදාසුත්තං 4. දුතිය පටිපදා සූත්‍රය
5. පඨමඅසප්පුරිසසුත්තං 5. පඨම අසප්පුරිස සූත්‍රය
6. දුතියඅසප්පුරිසසුත්තං 6. දුතිය අසප්පුරිස සූත්‍රය
7. කුම්භසුත්තං 7. කුම්භ සූත්‍රය
8. සමාධිසුත්තං 8. සමාධි සූත්‍රය
9. වෙදනාසුත්තං 9. වේදනා සූත්‍රය
10. උත්තියසුත්තං 10. උත්තිය සූත්‍රය
4. පටිපත්තිවග්ගො 4. පටිපත්ති වර්ගය
1. පඨමපටිපත්තිසුත්තං 1. පටිපත්ති සූත්‍රය
2. දුතියපටිපත්තිසුත්තං 2. පටිපන්න සූත්‍රය
3. විරද්ධසුත්තං 3. විරද්ධ සූත්‍රය
4. පාරඞ්ගමසුත්තං 4. පාරංගම සූත්‍රය
5. පඨමසාමඤ්ඤසුත්තං 5. සාමඤ්ඤ සූත්‍රය
6. දුතියසාමඤ්ඤසුත්තං 6. දෙවන සාමඤ්ඤ සූත්‍රය
7. පඨමබ්‍රහ්මඤ්ඤසුත්තං 7. බ්‍රහ්මඤ්ඤ සූත්‍රය
8. දුතියබ්‍රහ්මඤ්ඤසුත්තං 8. දෙවන බ්‍රහ්මඤ්ඤ සූත්‍රය
9. පඨමබ්‍රහ්මචරියසුත්තං 9. බ්‍රහ්මචරිය සූත්‍රය
10. දුතියබ්‍රහ්මචරියසුත්තං 10. දෙවන බ්‍රහ්මචරිය සූත්‍රය
5. අඤ්ඤතිත්ථියපෙය්‍යාලවග්ගො 5. අඤ්ඤතිත්ථිය පෙය්‍යාලය
1. රාගවිරාගසුත්තං 1. විරාග සූත්‍රය
2-7. සංයොජනප්පහානාදිසුත්තඡක්කං 2-7. සංයෝජන පහාණ ආදී සූත්‍ර හය
8. අනුපාදාපරිනිබ්බානසුත්තං 8. අනුපාදා සූත්‍රය
6. සූරියපෙය්‍යාලවග්ගො 6. සූරිය පෙය්‍යාලය
1. කල්‍යාණමිත්තසුත්තං 1. කල්‍යාණමිත්ත සූත්‍රය
2-6. සීලසම්පදාදිසුත්තපඤ්චකං 2-6. සීලසම්පදා ආදී සූත්‍ර පහ
7. යොනිසොමනසිකාරසම්පදාසුත්තං 7. යෝනිසෝ සූත්‍රය
1. කල්‍යාණමිත්තසුත්තං 8. දුතිය කල්‍යාණමිත්ත සූත්‍රය
2-6. සීලසම්පදාදිසුත්තපඤ්චකං 9-13. සීල පුබ්බංගම ආදී සූත්‍ර පහ
7. යොනිසොමනසිකාරසම්පදාසුත්තං 14. දුතිය යෝනිසෝ සූත්‍රය
7. එකධම්මපෙය්‍යාලවග්ගො 7. ඒකධම්ම පෙය්‍යාලය
1. කල්‍යාණමිත්තසුත්තං 1. කල්‍යාණමිත්ත සූත්‍රය
2-6. සීලසම්පදාදිසුත්තපඤ්චකං 2-6. සීලවිවෙක ආදී සූත්‍ර පහ
7. යොනිසොමනසිකාරසම්පදාසුත්තං 7. යෝනිසෝ සූත්‍රය
1. කල්‍යාණමිත්තසුත්තං 8. දුතිය කල්‍යාණමිත්ත සූත්‍රය
2-6. සීලසම්පදාදිසුත්තපඤ්චකං 9-13. සීලවිරාග ආදී සූත්‍ර පහ
7. යොනිසොමනසිකාරසම්පදාසුත්තං 14. දුතිය යෝනිසෝ සූත්‍රය
8. දුතියඑකධම්මපෙය්‍යාලවග්ගො 8. දුතිය ඒකධම්ම පෙය්‍යාලය
1. කල්‍යාණමිත්තසුත්තං 1. කල්‍යාණමිත්ත සූත්‍රය
2-6. සීලසම්පදාදිසුත්තපඤ්චකං 2-6. සීල සම්පදා ආදී සූත්‍ර පහ
7. යොනිසොමනසිකාරසම්පදාසුත්තං 7. යෝනිසෝ සූත්‍රය
1. කල්‍යාණමිත්තසුත්තං 8. දුතිය කල්‍යාණමිත්ත සූත්‍රය
2-6. සීලසම්පදාදිසුත්තපඤ්චකං 9-13. සීලසම්පදා ආදී සූත්‍ර පහ
7. යොනිසොමනසිකාරසම්පදාසුත්තං 14. දුතිය යෝනිසෝ සූත්‍රය
1. ගඞ්ගාපෙය්‍යාලවග්ගො 9. ගංගා පෙය්‍යාලය
1. පඨමපාචීනනින්නසුත්තං 1. පාචීනනින්න සූත්‍රය
2-5. දුතියාදිපාචීනනින්නසුත්තචතුක්කං 2-5. දුතිය පාචීනනින්න ආදී වූ සූත්‍ර හතර
6. ඡට්ඨපාචීනනින්නසුත්තං 6. ඡට්ඨ පාචීනනින්න සූත්‍රය
1. පඨමසමුද්දනින්නසුත්තං 7. සමුද්දනින්න සූත්‍රය
2-6. දුතියාදිසමුද්දනින්නසුත්තපඤ්චකං 8-12. දුතිය සමුද්දනින්න ආදී වූ සූත්‍ර පහ
2. දුතියගඞ්ගාපෙය්‍යාලවග්ගො 10. දුතිය ගංගා පෙය්‍යාලය
1. පඨමපාචීනනින්නසුත්තං 1. පාචීනනින්න සූත්‍රය
2-6. දුතියාදිපාචීනනින්නසුත්තපඤ්චකං 2-6. දුතිය පාචීනනින්න ආදී වූ සූත්‍ර පහ
1. පඨමසමුද්දනින්නසුත්තං 7. සමුද්දනින්න සූත්‍රය
2-6. දුතියාදිසමුද්දනින්නසුත්තපඤ්චකං 8-12. දුතිය සමුද්දනින්න ආදී වූ සූත්‍ර පහ
1. පඨමපාචීනනින්නසුත්තං 1. පාචීනනින්න සූත්‍රය
2-6. දුතියාදිපාචීනනින්නසුත්තපඤ්චකං 2-6. දුතිය පාචීනනින්න ආදී වූ සූත්‍ර පහ
1. පඨමසමුද්දනින්නසුත්තං 7. සමුද්දනින්න සූත්‍රය
2-6. දුතියාදිසමුද්දනින්නසුත්තපඤ්චකං 8-12. දුතිය සමුද්දනින්න ආදී වූ සූත්‍ර පහ
1. පඨමපාචීනනින්නසුත්තං 1. පාචීනනින්න සූත්‍රය
2-6. දුතියාදිපාචීනනින්නසුත්තපඤ්චකං 2-6. දුතිය පාචීනනින්න ආදී වූ සූත්‍ර පහ
1. පඨමසමුද්දනින්නසුත්තං 7. සමුද්දනින්න සූත්‍රය
2-6. දුතියාදිසමුද්දනින්නසුත්තපඤ්චකං 8-12. දුතිය සමුද්දනින්න ආදී වූ සූත්‍ර පහ
5. අප්පමාදපෙය්‍යාලවග්ගො 13. අප්පමාද වර්ගය
1. තථාගතසුත්තං 1. පඨම අප්පමාද සූත්‍රය
2. පදසුත්තං 2. දුතිය අප්පමාද සූත්‍රය
3-7. කූටාදිසුත්තපඤ්චකං 3-7. කූටාගාර ආදී වූ සූත්‍ර පහ
8-10. චන්දිමාදිසුත්තතතියකං 8-10. චන්දිම ආදී වූ සූත්‍ර තුන
6. බලකරණීයවග්ගො 14. බලකරණීය වර්ගය
1. බලසුත්තං 1. බල සූත්‍ර
2. බීජසුත්තං 2. බීජ සූත්‍ර
3. නාගසුත්තං 3. නාග සූත්‍ර
4. රුක්ඛසුත්තං 4. රුක්ඛ සූත්‍ර
5. කුම්භසුත්තං 5. කුම්භ සූත්‍ර
6. සූකසුත්තං 6. සූඛ සූත්‍ර
7. ආකාසසුත්තං 7. ආකාස සූත්‍ර
8. පඨමමෙඝසුත්තං 8. මේඝ සූත්‍ර
9. දුතියමෙඝසුත්තං 9. දුතිය මේඝ සූත්‍ර
10. නාවාසුත්තං 10. නාවා සූත්‍ර
11. ආගන්තුකසුත්තං 11. ආගන්තුක සූත්‍ර
12. නදීසුත්තං 12. නදී සූත්‍ර
7. එසනාවග්ගො 15. ඒසනා වර්ගය
1. එසනාසුත්තං 1. ඒසනා සූත්‍ර
2. විධාසුත්තං 2. විධා සූත්‍ර
3. ආසවසුත්තං 3. ආසව සූත්‍ර
4. භවසුත්තං 4. භව සූත්‍ර
5. දුක්ඛතාසුත්තං 5. දුක්ඛතා සූත්‍ර
6. ඛිලසුත්තං 6. ඛීල සූත්‍ර
7. මලසුත්තං 7. මල සූත්‍ර
8. නීඝසුත්තං 8. නීඝ සූත්‍ර
9. වෙදනාසුත්තං 9. වේදනා සූත්‍ර
10. තණ්හාසුත්තං 10. තණ්හා සූත්‍ර
11. තසිනාසුත්තං 11. තසිනාසුත්තං
8. ඔඝවග්ගො 16. ඕඝ වර්ගය
1. ඔඝසුත්තං 1. ඕඝ සූත්‍ර
2. යොගසුත්තං 2. යෝග සූත්‍ර
3. උපාදානසුත්තං 3. උපාදාන සූත්‍ර
4. ගන්ථසුත්තං 4. ගන්ථ සූත්‍ර
5. අනුසයසුත්තං 5. අනුසය සූත්‍ර
6. කාමගුණසුත්තං 6. කාමගුණ සූත්‍ර
7. නීවරණසුත්තං 7. නීවරණ සූත්‍ර
8. උපාදානක්ඛන්ධසුත්තං 8. උපාදානස්ඛන්ධ සූත්‍ර
9. ඔරම්භාගියසුත්තං 9. ඕරම්භාගියසංයෝජන සූත්‍ර
10. උද්ධම්භාගියසුත්තං 10. උද්ධම්භාගියසංයෝජන සූත්‍ර