ත්‍රිපිටකය
10. අබ්‍යාකතසංයුත්තං 10. අබ්‍යාකත සංයුත්තය
1. ඛෙමාසුත්තං 1. ඛේමා සූත්‍රය
2. අනුරාධසුත්තං 2. අනුරාධ සූත්‍රය
3. පඨමසාරිපුත්තකොට්ඨිකසුත්තං 3. උපගත සූත්‍රය
4. දුතියසාරිපුත්තකොට්ඨිකසුත්තං 4. සමුදය සූත්‍රය
5. තතියසාරිපුත්තකොට්ඨිකසුත්තං 5. පෙම සූත්‍රය
6. චතුත්ථසාරිපුත්තකොට්ඨිකසුත්තං 6. ආරාම සූත්‍රය
7. මොග්ගල්ලානසුත්තං 7. ආයතන සූත්‍රය
8. වච්ඡගොත්තසුත්තං 8. ඛන්ධ සූත්‍රය
9. කුතූහලසාලාසුත්තං 9. කුතුහලශාලා සූත්‍රය
418
අථ ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච -
‘‘පුරිමානි , භො ගොතම , දිවසානි පුරිමතරානි සම්බහුලානං නානාතිත්ථියානං සමණබ්‍රාහ්මණානං පරිබ්බාජකානං කුතූහලසාලායං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරාකථා උදපාදි - ‘අයං ඛො පූරණො කස්සපො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස. සොපි සාවකං අබ්භතීතං කාලඞ්කතං උපපත්තීසු බ්‍යාකරොති - ‘අසු අමුත්‍ර උපපන්නො, අසු අමුත්‍ර උපපන්නො’ති. යොපිස්ස සාවකො උත්තමපුරිසො පරමපුරිසො පරමපත්තිපත්තො තම්පි සාවකං අබ්භතීතං කාලඞ්කතං උපපත්තීසු බ්‍යාකරොති - ‘අසු අමුත්‍ර උපපන්නො, අසු අමුත්‍ර උපපන්නො’’’ති.
‘‘අයම්පි ඛො මක්ඛලි ගොසාලො...පෙ.... අයම්පි ඛො නිගණ්ඨො නාටපුත්තො...පෙ.... අයම්පි ඛො සඤ්චයො (සඤ්ජයො (සී. ස්‍යා. කං. පී.)) බෙලට්ඨපුත්තො...පෙ.... අයම්පි ඛො පකුධො (පකුද්ධො (පී.)) කච්චානො...පෙ.... අයම්පි ඛො අජිතො කෙසකම්බලො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස. සොපි සාවකං අබ්භතීතං කාලඞ්කතං උපපත්තීසු බ්‍යාකරොති - ‘අසු අමුත්‍ර උපපන්නො, අසු අමුත්‍ර උපපන්නො’ති. යොපිස්ස සාවකො උත්තමපුරිසො පරමපුරිසො පරමපත්තිපත්තො තම්පි සාවකං අබ්භතීතං කාලඞ්කතං උපපත්තීසු බ්‍යාකරොති - ‘අසු අමුත්‍ර උපපන්නො, අසු අමුත්‍ර උපපන්නො’’’ති.
‘‘අයම්පි ඛො සමණො ගොතමො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස. සොපි සාවකං අබ්භතීතං කාලඞ්කතං උපපත්තීසු බ්‍යාකරොති - ‘අසු අමුත්‍ර උපපන්නො, අසු අමුත්‍ර උපපන්නො’ති. යොපිස්ස (යො ච ඛ්වස්ස (පී.)) සාවකො උත්තමපුරිසො පරමපුරිසො පරමපත්තිපත්තො තඤ්ච සාවකං අබ්භතීතං කාලඞ්කතං උපපත්තීසු න බ්‍යාකරොති - ‘අසු අමුත්‍ර උපපන්නො, අසු අමුත්‍ර උපපන්නො’ති. අපි ච ඛො නං එවං බ්‍යාකරොති - ‘අච්ඡෙච්ඡි තණ්හං, විවත්තයි සංයොජනං, සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්ඛස්සා’ති. තස්ස මය්හං, භො ගොතම, අහු දෙව කඞ්ඛා, අහු විචිකිච්ඡා - ‘කථං නාම (කථඤ්හි නාම (ස්‍යා. කං. පී. ක.) කථං කථං නාම (ඡක්කඞ්ගුත්තරෙ පඤ්චමවග්ගෙ දුතියසුත්තෙ)) සමණස්ස ගොතමස්ස ධම්මො අභිඤ්ඤෙය්‍යො’’’ති (ධම්මාභිඤ්ඤෙය්‍යාති (පී. ක.) ධම්මො... අඤ්ඤෙය්‍යො (ඡක්කඞ්ගුත්තරෙ))?
‘‘අලඤ්හි තෙ, වච්ඡ, කඞ්ඛිතුං, අලං විචිකිච්ඡිතුං. කඞ්ඛනීයෙ ච පන තෙ ඨානෙ විචිකිච්ඡා උප්පන්නා. සඋපාදානස්ස ඛ්වාහං, වච්ඡ, උපපත්තිං පඤ්ඤාපෙමි නො අනුපාදානස්ස. සෙය්‍යථාපි , වච්ඡ, අග්ගි සඋපාදානො ජලති, නො අනුපාදානො; එවමෙව ඛ්වාහං, වච්ඡ, සඋපාදානස්ස උපපත්තිං පඤ්ඤාපෙමි, නො අනුපාදානස්සා’’ති.
‘‘යස්මිං , භො ගොතම, සමයෙ අච්චි වාතෙන ඛිත්තා දූරම්පි ගච්ඡති, ඉමස්ස පන භවං ගොතමො කිං උපාදානස්මිං පඤ්ඤාපෙතී’’ති? ‘‘යස්මිං ඛො, වච්ඡ, සමයෙ අච්චි වාතෙන ඛිත්තා දූරම්පි ගච්ඡති, තමහං වාතූපාදානං පඤ්ඤාපෙමි. වාතො හිස්ස, වච්ඡ, තස්මිං සමයෙ උපාදානං හොතී’’ති. ‘‘යස්මිඤ්ච පන, භො ගොතම, සමයෙ ඉමඤ්ච කායං නික්ඛිපති, සත්තො ච අඤ්ඤතරං කායං අනුපපන්නො හොති, ඉමස්ස පන භවං ගොතමො කිං උපාදානස්මිං පඤ්ඤාපෙතී’’ති? ‘‘යස්මිං ඛො, වච්ඡ, සමයෙ ඉමඤ්ච කායං නික්ඛිපති, සත්තො ච අඤ්ඤතරං කායං අනුපපන්නො හොති, තමහං තණ්හූපාදානං වදාමි. තණ්හා හිස්ස, වච්ඡ, තස්මිං සමයෙ උපාදානං හොතී’’ති (හොතීති...පෙ.... (ක.)). නවමං.
418
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු වූ සිහි කටයුතු වූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේය:
“භවත් ගෞතමයන් වහන්ස, පසුගිය දවස්වල කුතුහල ශාලාවෙහි (නොයෙක් දෙනා එක්වී, අසන්නන්ගේ කුහුල ඇවිස්සෙන කථා උපද්දන ශාලාවකි. (අම්බලමකි.)) රැස්ව හුන්නා වූ බොහෝ වූ නොයෙක් තීර්ථක ශ්‍රමණ බ්‍රාහ්මණ පරිබ්‍රාජකයන් අතර මේ අතුරු කථාව ඇති විය. ‘මේ පූර්ණ කාශ්‍යපතෙම සමූහයක් ඇත්තෙකි. ගණයා ඇත්තෙකි. පිරිසක ආචාර්යයෙකි. ප්‍රසිද්ධය. යසස ඇත්තේය. තීර්ථයක් මෙනි. බොහෝදෙනා විසින් යහපතැයි සම්මතය. හෙතෙමේද අසවලා අසවල් තැන උපන්නේය. අසවලා අසවල් තැන උපන්නේයයි අතීත වූ කළුරිය කළ ශ්‍රාවකයකු උපන් ස්ථාන ප්‍රකාශ කරන්නේය. උතුම් පුරුෂ වූ ශ්‍රේෂ්ඨ පුරුෂ වූ උතුම් පැමිණීමට පැමිණියා වූ ඔහුගේ ශ්‍රාවකයෙක් වේද, ඒ ශ්‍රාවක තෙමේද අසවලා අසවල් තැන උපන්නේය. අසවලා අසවල් තැන උපන්නේයයි අතීත වූ කාලක්‍රියා කළා වූ ශ්‍රාවකයෙකු උපන් ස්ථානය ප්‍රකාශ කෙරෙයි.
මේ මක්ඛලිගොසාලද සමූහයක් ඇත්තෙකි. ගණයා ඇත්තෙකි. පිරිසක ආචාර්යයෙකි. ප්‍රසිද්ධය. යසස ඇත්තේය. තීර්ථයක් මෙනි. බොහෝදෙනා විසින් යහපතැයි සම්මතය. හෙතෙමේද අසවලා අසවල් තැන උපන්නේය. අසවලා අසවල් තැන උපන්නේයයි අතීත වූ කළුරිය කළ ශ්‍රාවකයකු උපන් ස්ථාන ප්‍රකාශ කරන්නේය. උතුම් පුරුෂ වූ ශ්‍රේෂ්ඨ පුරුෂ වූ උතුම් පැමිණීමට පැමිණියා වූ ඔහුගේ ශ්‍රාවකයෙක් වේද, ඒ ශ්‍රාවකතෙමේද අසවලා අසවල් තැන උපන්නේය. අසවලා අසවල් තැන උපන්නේයයි අතීත වූ කාලක්‍රියා කළා වූ ශ්‍රාවකයෙකු උපන් ස්ථානය ප්‍රකාශ කෙරෙයි.
“මේ නිගණ්ඨනාතපුත්‍රද සමූහයක් ඇත්තෙකි. ගණයා ඇත්තෙකි. පිරිසක ආචාර්යයෙකි. ප්‍රසිද්ධය. යසස ඇත්තේය. තීර්ථයක් මෙනි. බොහෝදෙනා විසින් යහපතැයි සම්මතය. හෙතෙමේද අසවලා අසවල් තැන උපන්නේය. අසවලා අසවල් තැන උපන්නේයයි අතීත වූ කළුරිය කළ ශ්‍රාවකයකු උපන් ස්ථාන ප්‍රකාශ කරන්නේය. උතුම් පුරුෂ වූ ශ්‍රේෂ්ඨ පුරුෂ වූ උතුම් පැමිණීමට පැමිණියා වූ ඔහුගේ ශ්‍රාවකයෙක් වේද, ඒ ශ්‍රාවක තෙමේද අසවලා අසවල් තැන උපන්නේය. අසවලා අසවල් තැන උපන්නේයයි අතීත වූ කාලක්‍රියා කළා වූ ශ්‍රාවකයෙකු උපන් ස්ථානය ප්‍රකාශ කෙරෙයි.”
“මේ සඤ්ජයබෙල්ලට්ඨිපුත්‍රද සමූහයක් ඇත්තෙකි. ගණයා ඇත්තෙකි. පිරිසක ආචාර්යයෙකි. ප්‍රසිද්ධය. යසස ඇත්තේය. තීර්ථයක් මෙනි. බොහෝදෙනා විසින් යහපතැයි සම්මතය. හෙතෙමේද අසවලා අසවල් තැන උපන්නේය. අසවලා අසවල් තැන උපන්නේයයි අතීත වූ කළුරිය කළ ශ්‍රාවකයකු උපන් ස්ථාන ප්‍රකාශ කරන්නේය. උතුම් පුරුෂ වූ ශ්‍රේෂ්ඨ පුරුෂ වූ උතුම් පැමිණීමට පැමිණියා වූ ඔහුගේ ශ්‍රාවකයෙක් වේද, ඒ ශ්‍රාවක තෙමේද අසවලා අසවල් තැන උපන්නේය. අසවලා අසවල් තැන උපන්නේයයි අතීත වූ කාලක්‍රියා කළා වූ ශ්‍රාවකයෙකු උපන් ස්ථානය ප්‍රකාශ කෙරෙයි.”
“මේ පකුධකච්චායනද සමූහයක් ඇත්තෙකි. ගණයා ඇත්තෙකි. පිරිසක ආචාර්යයෙකි. ප්‍රසිද්ධය. යසස ඇත්තේය. තීර්ථයක් මෙනි. බොහෝ දෙනා විසින් යහපතැයි සම්මතය. හෙතෙමේද අසවලා අසවල් තැන උපන්නේය. අසවලා අසවල් තැන උපන්නේයයි අතීත වූ කළුරිය කළ ශ්‍රාවකයකු උපන් ස්ථාන ප්‍රකාශ කරන්නේය. උතුම් පුරුෂ වූ ශ්‍රේෂ්ඨ පුරුෂ වූ උතුම් පැමිණීමට පැමිණියා වූ ඔහුගේ ශ්‍රාවකයෙක් වේද ඒ ශ්‍රාවකතෙමේද අසවලා අසවල් තැන උපන්නේය. අසවලා අසවල් තැන උපන්නේයයි අතීත වූ කාලක්‍රියා කළා වූ ශ්‍රාවකයෙකු උපන් ස්ථානය ප්‍රකාශ කෙරෙයි.”
“මේ අජිතකෙසකම්බලීද සමූහයක් ඇත්තෙකි. ගණයා ඇත්තෙකි. සමූහයකට ආචාර්යය. ප්‍රසිද්ධය. යසස් ඇත්තේය. තීර්ථයක් මෙනි. බොහෝ දෙනා විසින් යහපතැයි සම්මතය. හෙතෙමේද අසවලා අසවල් තැන උපන්නේය. අසවලා අසවල් තැන උපන්නේයයි අතීත වූ කළුරිය කළ ශ්‍රාවකයෙකු උපන් ස්ථානය ප්‍රකාශ කරයි. උත්තම පුරුෂ වූ පරම පුරුෂ වූ උතුම් පැමිණීමට පැමිණියා වූ ඔහුගේ යම් ශ්‍රාවකයෙක් වේද, ඒ ශ්‍රාවකතෙමේද අසවලා අසවල් තැන උපන්නේය. අසවලා අසවල් තැන උපන්නේයයි අතීත වූ කාලක්‍රියා කළා වූ ශ්‍රාවකයෙකු උපන් ස්ථානය ප්‍රකාශ කරයි.
“මේ ශ්‍රමණ ගෞතම තෙමේද සමූහයක් ඇත්තෙකි. ගණයක් ඇත්තෙකි. ගණාචාර්යය. ප්‍රසිද්ධය. යසස් ඇත්තේය. තීර්ථවරය. බොහෝදෙනා විසින් යහපතැයි සම්මතය. හෙතෙමේද කළුරිය කළ ඉකුත් ශ්‍රාවකයකු අසවලා අසවල් අසවල් තැන උපන්නේය, අසවලා අසවල් තැන උපන්නේ යයි උපන් තැන ප්‍රකාශ කරයි. උතුම් පුරුෂ වූ පරම පුරුෂ වූ උතුම් පැමිණීමට පැමිණියා වූ උන්වහන්සේගේ යම් ශ්‍රාවකයෙක් වේද, ඒ ශ්‍රාවකතෙමේද අසවලා අසවල් තැන උපන්නේය. අසවලා අසවල්තැන උපන්නේයයි අතීත වූ කාලක්‍රියා කළා වූ ශ්‍රාවකයෙකු උපන් තැන ප්‍රකාශ නොකරන්නේය. එතකුදු වුවත් ‘ඔහු තෘෂ්ණාව සින්දේය. සංයෝජනය පෙරලා දැම්මේය. මනාකොට මානය පහකිරීම් වශයෙන් අවබෝධ කොට දුක කෙළවර කෙළේයයි’ මෙසේ ප්‍රකාශ කරයි. පින්වත් ගෞතමයන් වහන්ස, ඒ මට ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ධර්මය කෙසේ නම් දැනගන්නෙම්දැයි සැකයක් වූයේය. විචිකිච්ඡාවක් වූයේයයි” කීය.
“වච්ඡය, තොප විසින් සැක කිරීමට සුදුසුය. සැක ඉපදවීමට සුදුසුය. තොපට සැක කටයුතු තැන්හි සැක උපන්නීය. වච්ඡය, මම උපාදාන සහිත වූවහුට උත්පත්තිය පනවමි. උපාදානය නැත්තහුට නොපනවමි. වච්ඡය, යම්සේ ගින්න දර ඇති කල්හිම දැල්වෙයිද දර නැති කල්හි නොදැල්වේද, වච්ඡය, එසේම මම උපාදාන සහිත වූවහුට උත්පත්තිය පනවමි. උපාදාන රහිත වූවහුට නොපනවමි.” “භවත් ගෞතමයන් වහන්ස, යම් කාලයෙක්හි ගිනිසිළු වාතයෙන් ගෙන යනු ලැබ දුරටද යන්නේය. භවත් ගෞතමතෙමේ මේ ගින්නට කුමක් උපාදානයයි පනවන්නෙහිද?”
“වච්ඡය, යම් කාලයක ගිනිසිළු වාතයෙන් ගෙන යනු ලැබ දුරටද යන්නේද, මම ඒ ගින්නට වාතය උපාදානයයි කියමි. වච්ඡය, ඒ කාලයෙහි ඊට වාතය උපාදානය වේ.” “භවත් ගෞතමන් වහන්ස, යම් වේලාවක මේ කය බහා තබයිද (චුතිය පහළවෙයිද) සත්වයා ඒ චුතික්ෂණයෙහිම අනිත් කයකට නොපැමිණේද, භවත් ගෞතමතෙමේ මොහුට කිනම් උපාදානයක් පනවයිද?” “වච්ඡය, යම් කලෙක මේ ශරීරය බහා තබයිද, සත්වයා අනික් කයකට නොපැමිණේද, ඔහුට මම තණ්හාව උපාදානයයි කියමි. වච්ඡය, ඒ අවස්ථාවෙහි ඔහුට තණ්හාව උපාදානය වේයයි” වදාළේය.
10. ආනන්දසුත්තං 10. අත්ථත්ත සූත්‍රය
11. සභියකච්චානසුත්තං 11. සභිය සූත්‍රය