ත්‍රිපිටකය
10. අබ්‍යාකතසංයුත්තං 10. අබ්‍යාකත සංයුත්තය
1. ඛෙමාසුත්තං 1. ඛේමා සූත්‍රය
2. අනුරාධසුත්තං 2. අනුරාධ සූත්‍රය
3. පඨමසාරිපුත්තකොට්ඨිකසුත්තං 3. උපගත සූත්‍රය
4. දුතියසාරිපුත්තකොට්ඨිකසුත්තං 4. සමුදය සූත්‍රය
5. තතියසාරිපුත්තකොට්ඨිකසුත්තං 5. පෙම සූත්‍රය
6. චතුත්ථසාරිපුත්තකොට්ඨිකසුත්තං 6. ආරාම සූත්‍රය
7. මොග්ගල්ලානසුත්තං 7. ආයතන සූත්‍රය
8. වච්ඡගොත්තසුත්තං 8. ඛන්ධ සූත්‍රය
417
අථ ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච - ‘‘කිං නු ඛො, භො ගොතම, සස්සතො ලොකො’’ති? අබ්‍යාකතං ඛො එතං, වච්ඡ, මයා - ‘සස්සතො ලොකො’ති...පෙ..... ‘‘කිං පන, භො ගොතම, ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා’’’ති? ‘‘එතම්පි ඛො, වච්ඡ, අබ්‍යාකතං මයා - ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා’’’ති.
‘‘කො නු ඛො, භො ගොතම, හෙතු, කො පච්චයො, යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං පුට්ඨානං එවං වෙය්‍යාකරණං හොති - ‘සස්සතො ලොකො’ති වා...පෙ.... ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා’ති වා? කො පන, භො ගොතම, හෙතු, කො පච්චයො, යෙන භොතො ගොතමස්ස එවං පුට්ඨස්ස න එවං වෙය්‍යාකරණං හොති - ‘සස්සතො ලොකො’තිපි...පෙ.... ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා’තිපී’’ති?
‘‘අඤ්ඤතිත්ථියා ඛො, වච්ඡ, පරිබ්බාජකා රූපං අත්තතො සමනුපස්සන්ති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං . වෙදනං අත්තතො සමනුපස්සන්ති...පෙ.... සඤ්ඤං...පෙ.... සඞ්ඛාරෙ...පෙ.... විඤ්ඤාණං අත්තතො සමනුපස්සන්ති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං. තස්මා අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං පුට්ඨානං එවං වෙය්‍යාකරණං හොති - ‘සස්සතො ලොකො’ති වා...පෙ.... ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා’ති වා. තථාගතො ච ඛො, වච්ඡ, අරහං සම්මාසම්බුද්ධො න රූපං අත්තතො සමනුපස්සති, න රූපවන්තං වා අත්තානං, න අත්තනි වා රූපං, න රූපස්මිං වා අත්තානං. න වෙදනං අත්තතො සමනුපස්සති...පෙ.... න සඤ්ඤං...පෙ.... න සඞ්ඛාරෙ...පෙ.... න විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, න විඤ්ඤාණවන්තං වා අත්තානං, න අත්තනි වා විඤ්ඤාණං, න විඤ්ඤාණස්මිං වා අත්තානං. තස්මා තථාගතස්ස එවං පුට්ඨස්ස න එවං වෙය්‍යාකරණං හොති - ‘සස්සතො ලොකො’තිපි...පෙ.... ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා’තිපී’’ති.
අථ ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො උට්ඨායාසනා යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මතා මහාමොග්ගල්ලානෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච - ‘‘කිං නු ඛො, භො මොග්ගල්ලාන, සස්සතො ලොකො’’ති? අබ්‍යාකතං ඛො එතං, වච්ඡ, භගවතා - ‘සස්සතො ලොකො’ති...පෙ..... ‘‘කිං පන, භො මොග්ගල්ලාන, ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා’’’ති? ‘‘එතම්පි ඛො, වච්ඡ, අබ්‍යාකතං භගවතා - ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා’’’ති.
‘‘කො නු ඛො, භො මොග්ගල්ලාන, හෙතු, කො පච්චයො, යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං පුට්ඨානං එවං වෙය්‍යාකරණං හොති - ‘සස්සතො ලොකො’ති වා...පෙ.... ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා’ති වා? කො පන, භො මොග්ගල්ලාන, හෙතු, කො පච්චයො යෙන සමණස්ස ගොතමස්ස එවං පුට්ඨස්ස න එවං වෙය්‍යාකරණං හොති - ‘සස්සතො ලොකො’තිපි...පෙ.... ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා’තිපී’’ති?
‘‘අඤ්ඤතිත්ථියා ඛො, වච්ඡ, පරිබ්බාජකා රූපං අත්තතො සමනුපස්සන්ති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. වෙදනං අත්තතො සමනුපස්සන්ති...පෙ.... සඤ්ඤං...පෙ.... සඞ්ඛාරෙ...පෙ.... විඤ්ඤාණං අත්තතො සමනුපස්සන්ති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං. තස්මා අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං පුට්ඨානං එවං වෙය්‍යාකරණං හොති - ‘සස්සතො ලොකො’ති වා...පෙ.... ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා’ති වා. තථාගතො ච ඛො, වච්ඡ, අරහං සම්මාසම්බුද්ධො න රූපං අත්තතො සමනුපස්සති, න රූපවන්තං වා අත්තානං, න අත්තනි වා රූපං, න රූපස්මිං වා අත්තානං. න වෙදනං අත්තතො සමනුපස්සති...පෙ.... න සඤ්ඤං...පෙ.... න සඞ්ඛාරෙ...පෙ.... න විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, න විඤ්ඤාණවන්තං වා අත්තානං, න අත්තනි වා විඤ්ඤාණං, න විඤ්ඤාණස්මිං වා අත්තානං. තස්මා තථාගතස්ස එවං පුට්ඨස්ස න එවං වෙය්‍යාකරණං හොති - ‘සස්සතො ලොකො’තිපි, ‘අසස්සතො ලොකො’තිපි, ‘අන්තවා ලොකො’තිපි, ‘අනන්තවා ලොකො’තිපි, ‘තං ජීවං තං සරීර’න්තිපි, ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර’න්තිපි, ‘හොති තථාගතො පරං මරණා’තිපි, ‘න හොති තථාගතො පරං මරණා’තිපි, ‘හොති ච න ච හොති තථාගතො පරං මරණා’තිපි, ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා’තිපී’’ති.
‘‘අච්ඡරියං, භො මොග්ගල්ලාන, අබ්භුතං, භො මොග්ගල්ලාන! යත්‍ර හි නාම සත්ථු ච සාවකස්ස ච අත්ථෙන අත්ථො බ්‍යඤ්ජනෙන බ්‍යඤ්ජනං සංසන්දිස්සති, සමෙස්සති, න විරොධයිස්සති, යදිදං අග්ගපදස්මිං. ඉදානාහං, භො මොග්ගල්ලාන, සමණං ගොතමං උපසඞ්කමිත්වා එතමත්ථං අපුච්ඡිං. සමණොපි මෙ ගොතමො එතෙහි පදෙහි එතෙහි බ්‍යඤ්ජනෙහි එතමත්ථං බ්‍යාකාසි, සෙය්‍යථාපි භවං මොග්ගල්ලානො. අච්ඡරියං, භො මොග්ගල්ලාන, අබ්භුතං, භො මොග්ගල්ලාන! යත්‍ර හි නාම සත්ථු ච සාවකස්ස ච අත්ථෙන අත්ථො බ්‍යඤ්ජනෙන බ්‍යඤ්ජනං සංසන්දිස්සති සමෙස්සති න විරොධයිස්සති, යදිදං අග්ගපදස්මි’’න්ති. අට්ඨමං.
417
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. ඉක්බිති වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේගෙන්, “භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? ලෝකය ශාස්වතදැයි” ඇසීය.
[2,3] (මේ ඡේද මේ වර්ගයේ 7 වෙනි සූත්‍රයේ 8,9 වෙනි ඡේද මෙනි.)
[4] “වච්ඡය, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ රූපය ආත්මයයි දකිත්. රූපය ඇතියහු ආත්මයයි කියා හෝ දකිත්. ආත්මය කෙරෙහි රූපය ඇතැයි කියා හෝ දකිත්. රූපයෙහි ආත්මය ඇතැයි කියා හෝ දකිත්.
“වේදනාව ආත්මයයි දකිත්. වේදනාව ඇතියහු ආත්මයයි කියා හෝ දකිත්. ආත්මය කෙරෙහි වේදනාව ඇතැයි කියා හෝ දකිත්. වේදනාවෙහි ආත්මය ඇතැයි කියා හෝ දකිත්.
“සංඥාව ආත්මයයි දකිත්. සංඥාව ඇතියහු ආත්මයයි කියා හෝ දකිත්. ආත්මය කෙරෙහි සංඥාව ඇතැයි කියා හෝ දකිත්. සංඥාවෙහි ආත්මය ඇතැයි කියා හෝ දකිත්.
“සංස්කාරය ආත්මයයි දකිත්. සංස්කාරය ඇතියහු ආත්මයයි කියා හෝ දකිත්. ආත්මය කෙරෙහි සංස්කාරය ඇතැයි කියා හෝ දකිත්. සංස්කාරයෙහි ආත්මය ඇතැයි කියා හෝ දකිත්.
“විඤ්ඤාණය ආත්මයයි දකිත්. විඤ්ඤාණය ඇතියහු ආත්මයයි කියා හෝ දකිත්. ආත්මය කෙරෙහි විඤ්ඤාණය ඇතැයි කියා හෝ දකිත්. විඤ්ඤාණයෙහි ආත්මය ඇතැයි කියා හෝ දකිත්.
[5] “එසේ හෙයින් මෙසේ විචාරණ ලද අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ ලෝකය ශාස්වතය කියාද, ලෝකය අශාස්වතයයි කියාද, ලෝකය අන්තයක් ඇත්තේයයි කියාද, ලෝකය අන්තයක් නැත්තේයයි කියාද, එය ජීවය එයම ශරීරයයි කියාද, අනිකක් ජීවය අනිකක් ශරීරයයි කියාද, සත්වතෙමේ මරණින් මතු වේයයි කියාද, සත්වතෙමේ මරණින් මතු නොවේයයි කියාද, සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි නොවන්නේද වෙයි කියාද, සත්වතෙමේ මරණින් මතු නොවේ නොවන්නේද නොවේයයි කියාද මෙසේ ප්‍රකාශ කිරීම වෙයි.
[6] “අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේ රූපය ආත්මය වශයෙන් නොදකිත්. රූපය ඇත්තහු ආත්මයයි හෝ නොදකිත්. ආත්මය කෙරෙහි රූපය ඇතැයි හෝ නොදකිත්. රූපයෙහි ආත්මය ඇතැයි හෝ නොදකිත්.
“වේදනාව ආත්මය වශයෙන් නොදකිත්. වේදනාව ඇත්තහු ආත්මයයි හෝ නොදකිත්. ආත්මය කෙරෙහි වේදනාව ඇතැයි හෝ නොදකිත්. වේදනාවෙහි ආත්මය ඇතැයි හෝ නොදකිත්.
“සංඥාව ආත්මය වශයෙන් නොදකිත්. සංඥාව ඇත්තහු ආත්මයයි හෝ නොදකිත්. ආත්මය කෙරෙහි සංඥාව ඇතැයි හෝ නොදකිත්. සංඥාවෙහි ආත්මය ඇතැයි හෝ නොදකිත්.
“සංස්කාරය ආත්මය වශයෙන් නොදකිත්. සංස්කාරය ඇත්තහු ආත්මයයි හෝ නොදකිත්. ආත්මය කෙරෙහි සංස්කාරය ඇතැයි හෝ නොදකිත්. සංස්කාරයෙහි ආත්මය ඇතැයි හෝ නොදකිත්.
“විඤ්ඤාණය ආත්ම වශයෙන් හෝ නොදකිත්. විඤ්ඤාණ ඇත්තහු ආත්මය වශයෙන් හෝ නොදකිත්. ආත්මයෙහි විඤ්ඤාණය ඇතැයි හෝ නොදකිත්. විඤ්ඤාණයෙහි ආත්මය ඇතැයි හෝ නොදකිත්.
[7] “එසේ හෙයින් මෙසේ අසන ලද තථාගතයන් වහන්සේගේ ලෝකය ශාස්වතයයි කියාද, ලෝකය අශාස්වතයයි කියාද, ලෝකය අන්තයක් ඇත්තේයයි කියාද, ලෝකය අන්තයක් නැත්තේයයි කියාද, එය ශරීරය එයම ජීවයයි කියාද, ජීවය අනිකකි ශරීරය අනිකකැයි කියාද, සත්ව තෙමේ මරණින් මතු වේයයි කියාද, සත්ව තෙමේ මරණින් මතු නොවේයයි කියාද, සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි නොවන්නේද වෙයි කියාද, සත්වතෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේද නොවෙයි කියාද මෙසේ ප්‍රකාශ නොකිරීම වේ”යයි කීය.
[8] ඉක්බිති වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම අසුනෙන් නැගිට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහා මුගලන් ස්ථවිරයන් සමග සතුටු විය. සතුටු විය යුතු වූ සිහි කටයුතු වූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්ගෙන් “පින්වත් මොග්ගල්ලානයෙනි, ලෝකය ශාස්වතදැයි ඇසීය.
[9, 10] (මේ ඡේද මේ වර්ගයේ 7 වෙනි සූත්‍රයේ 2, 3 ඡේද මෙනි.)
[11, 12, 13, 14] (මේ ඡේද මේ සූත්‍රයේ 4, 5, 6, 7 ඡේද මෙන් වේ.)
[15] “පින්වත් මොග්ගල්ලානයෙනි, ආශ්චර්යය. පින්වත් මොග්ගල්ලානයෙනි, අද්භූතය. යම් කරුණෙක්හි ශාස්තෲහුගේද ශ්‍රාවකයාගේද යම් මේ ධර්මපදයෙහි අර්ථයෙන් අර්ථය, ව්‍යංජනයෙන් ව්‍යංජනය සැසඳෙයි. සමවෙයි. වෙන් නොවෙයි. පින්වත් මොග්ගල්ලානයෙනි, දැන් මම ශ්‍රමණ ගෞතමයන් කරා පැමිණ මේ කාරණය විචාළෙමි. මට පින්වත් මොග්ගල්ලාන තෙමේ යම්සේද එමෙන් ශ්‍රමණ ගෞතම තෙමේද මේ පදයන්ගෙන් මේ ව්‍යංජනයන්ගෙන් මේ කාරණය ප්‍රකාශ කෙළේය. පින්වත් මොග්ගල්ලානය, ආශ්චර්යයි. පින්වත් මොග්ගල්ලානය, අද්භූතයි. යම් මේ ධර්ම පදයෙක්හි ශාස්තෲහුගේද, ශ්‍රාවකයාගේද අර්ථයෙන් අර්ථය ව්‍යංජනයෙන් ව්‍යංජනය වචනයෙන් වචනය සැසඳෙන්නේය. සමවන්නේය. වෙන් නොවන්නේය”යි කීය.
9. කුතූහලසාලාසුත්තං 9. කුතුහලශාලා සූත්‍රය
10. ආනන්දසුත්තං 10. අත්ථත්ත සූත්‍රය
11. සභියකච්චානසුත්තං 11. සභිය සූත්‍රය