ත්‍රිපිටකය
10. අබ්‍යාකතසංයුත්තං 10. අබ්‍යාකත සංයුත්තය
1. ඛෙමාසුත්තං 1. ඛේමා සූත්‍රය
2. අනුරාධසුත්තං 2. අනුරාධ සූත්‍රය
3. පඨමසාරිපුත්තකොට්ඨිකසුත්තං 3. උපගත සූත්‍රය
4. දුතියසාරිපුත්තකොට්ඨිකසුත්තං 4. සමුදය සූත්‍රය
5. තතියසාරිපුත්තකොට්ඨිකසුත්තං 5. පෙම සූත්‍රය
6. චතුත්ථසාරිපුත්තකොට්ඨිකසුත්තං 6. ආරාම සූත්‍රය
7. මොග්ගල්ලානසුත්තං 7. ආයතන සූත්‍රය
8. වච්ඡගොත්තසුත්තං 8. ඛන්ධ සූත්‍රය
9. කුතූහලසාලාසුත්තං 9. කුතුහලශාලා සූත්‍රය
10. ආනන්දසුත්තං 10. අත්ථත්ත සූත්‍රය
419
අථ ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච - ‘‘කිං නු ඛො, භො ගොතම, අත්ථත්තා’’ති? එවං වුත්තෙ, භගවා තුණ්හී අහොසි. ‘‘කිං පන, භො ගොතම, නත්ථත්තා’’ති? දුතියම්පි ඛො භගවා තුණ්හී අහොසි. අථ ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො උට්ඨායාසනා පක්කාමි.
අථ ඛො ආයස්මා ආනන්දො අචිරපක්කන්තෙ වච්ඡගොත්තෙ පරිබ්බාජකෙ භගවන්තං එතදවොච - ‘‘කිං නු ඛො, භන්තෙ, භගවා වච්ඡගොත්තස්ස පරිබ්බාජකස්ස පඤ්හං පුට්ඨො න බ්‍යාකාසී’’ති? ‘‘අහඤ්චානන්ද, වච්ඡගොත්තස්ස පරිබ්බාජකස්ස ‘අත්ථත්තා’ති පුට්ඨො සමානො ‘අත්ථත්තා’ති බ්‍යාකරෙය්‍යං, යෙ තෙ, ආනන්ද, සමණබ්‍රාහ්මණා සස්සතවාදා තෙසමෙතං සද්ධිං (තෙසමෙතං ලද්ධි (සී.)) අභවිස්ස. අහඤ්චානන්ද, වච්ඡගොත්තස්ස පරිබ්බාජකස්ස ‘නත්ථත්තා’ති පුට්ඨො සමානො ‘නත්ථත්තා’ති බ්‍යාකරෙය්‍යං, යෙ තෙ, ආනන්ද, සමණබ්‍රාහ්මණා උච්ඡෙදවාදා තෙසමෙතං සද්ධිං අභවිස්ස. අහඤ්චානන්ද, වච්ඡගොත්තස්ස පරිබ්බාජකස්ස ‘අත්ථත්තා’ති පුට්ඨො සමානො ‘අත්ථත්තා’ති බ්‍යාකරෙය්‍යං, අපි නු මෙ තං, ආනන්ද, අනුලොමං අභවිස්ස ඤාණස්ස උප්පාදාය - ‘සබ්බෙ ධම්මා අනත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘අහඤ්චානන්ද, වච්ඡගොත්තස්ස පරිබ්බාජකස්ස ‘නත්ථත්තා’ති පුට්ඨො සමානො ‘නත්ථත්තා’ති බ්‍යාකරෙය්‍යං , සම්මූළ්හස්ස, ආනන්ද, වච්ඡගොත්තස්ස පරිබ්බාජකස්ස භිය්‍යො සම්මොහාය අභවිස්ස - ‘අහුවා මෙ නූන පුබ්බෙ අත්තා, සො එතරහි නත්ථී’’’ති. දසමං.
419
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. ඉක්බිති වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු වූ සිහි කටයුතු වූ කථාව කොට නිමවා එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන් වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේගෙන් මෙය ඇසීය.
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? ආත්මයක් ඇත්තේ දැයි” මෙසේ ඇසූ කල්හි භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූහ. ඉක්බිති “භවත් ගෞතමයන් වහන්ස ආත්මයක් නැත්තේදැයි” ඇසීය. දෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූහ. ඉක්බිති වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම අසුනෙන් නැගිට ගියේය.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ වච්ඡගොත්ත පරිබ්‍රාජකයා ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: “ස්වාමීනි, කුමක් හෙයින් භාග්‍යවතුන් වහන්සේ වච්ඡගොත්ත පරිබ්‍රාජකයා අසන ලද ප්‍රශ්නය නොවිසිදූ සේක් දැයි”
“ආනන්දය, 'වච්ඡගොත්ත පරිබ්‍රාජකයා විසින් ආත්මයක් ඇත්තේ දැයි' අසන ලද්දා වූ මම ආත්මය ඇත්තේයයි ප්‍රකාශ කරන්නෙම් නම්; ආනන්දය, යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශාස්වතවාදීහු වෙත්ද, එය ඔවුන්ගේ ලබ්ධිය හා සමාන වන්නේය. ආනන්දය, ආත්මයක් නැද්දැයි අසන ලද්දා වූ මම වච්ඡගොත්ත පරිබ්‍රාජකයාට ආත්මය නැත්තේයයි ප්‍රකාශ කරන්නෙම් නම්; ආනන්දය, යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් උච්ඡේදවාදීහු වෙත්ද, එය ඔවුන්ගේ ලබ්ධිය හා සමාන වන්නේය.
ආනන්දය, ආත්මයක් ඇත්දැයි අසන ලද මම වච්ඡගොත්ත පරිබ්‍රාජකයාට ආත්මය ඇතැයි ප්‍රකාශ කරන්නෙම් නම් කිමෙක්ද? ආනන්දය, එය සියලු ධර්මයෝ අනාත්මයහ යන ඥානය ඉපදීම පිණිස එය සුදුසුවන්නේද?” - “නැත, ස්වාමීනි.”
“ආනන්දය, ආත්මය නැත්දැයි අසන ලද්දා වූ මම වච්ඡගොත්ත පරිබ්‍රාජකයාට ආත්මයක් නැතැයි ප්‍රකාශ කරන්නේ නම්; එය මුළා වූ වච්ඡගොත්ත පරිබ්‍රාජකයාට 'මාගේ ආත්මය පෙර ඒකාන්තයෙන් වූයේය. එය දැන් නැත්තේය'යි බෙහෙවින් මුළා වීම පිණිස පවත්නේය.”
11. සභියකච්චානසුත්තං 11. සභිය සූත්‍රය