ත්‍රිපිටකය
9. අසඞ්ඛතසංයුත්තං 9. අසංඛත සංයුත්තය
1. පඨමවග්ගො 1. අසංඛත වර්ගය
1. කායගතාසතිසුත්තං 1. කායගතාසති සූත්‍රය
2. සමථවිපස්සනාසුත්තං 2. සමථ විපස්සනා සූත්‍රය
3. සවිතක්කසවිචාරසුත්තං 3. සවිතක්ක සවිචාර සූත්‍රය
4. සුඤ්ඤතසමාධිසුත්තං 4. සුඤ්ඤත සමාධි සූත්‍රය
5. සතිපට්ඨානසුත්තං 5. සතිපට්ඨාන සූත්‍රය
6. සම්මප්පධානසුත්තං 6. සම්මප්පධාන සූත්‍රය
7. ඉද්ධිපාදසුත්තං 7. ඉද්ධිපාද සූත්‍රය
8. ඉන්ද්‍රියසුත්තං 8. ඉන්ද්‍රිය සූත්‍රය
9. බලසුත්තං 9. බල සූත්‍රය
10. බොජ්ඣඞ්ගසුත්තං 10. බොජ්ඣංග සූත්‍රය
11. මග්ගඞ්ගසුත්තං 11. මග්ගංග සූත්‍රය
2. දුතියවග්ගො 2. දුතිය අසංඛත වර්ගය
1. අසඞ්ඛතසුත්තං 1. අසංඛත සූත්‍ර
377
‘‘අසඞ්ඛතඤ්ච වො, භික්ඛවෙ, දෙසෙස්සාමි අසඞ්ඛතගාමිඤ්ච මග්ගං. තං සුණාථ. කතමඤ්ච, භික්ඛවෙ, අසඞ්ඛතං? යො, භික්ඛවෙ, රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො - ඉදං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතං. කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? සමථො. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො. ඉති ඛො, භික්ඛවෙ, දෙසිතං වො මයා අසඞ්ඛතං, දෙසිතො අසඞ්ඛතගාමිමග්ගො. යං, භික්ඛවෙ, සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය, කතං වො තං මයා. එතානි, භික්ඛවෙ, රුක්ඛමූලානි, එතානි සුඤ්ඤාගාරානි. ඣායථ, භික්ඛවෙ, මා පමාදත්ථ; මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ. අයං වො අම්හාකං අනුසාසනීති.
‘‘අසඞ්ඛතඤ්ච වො, භික්ඛවෙ, දෙසෙස්සාමි අසඞ්ඛතගාමිඤ්ච මග්ගං. තං සුණාථ. කතමඤ්ච, භික්ඛවෙ, අසඞ්ඛතං? යො, භික්ඛවෙ, රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො - ඉදං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතං. කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? විපස්සනා. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො. ඉති ඛො, භික්ඛවෙ, දෙසිතං වො මයා අසඞ්ඛතං...පෙ.... අයං වො අම්හාකං අනුසාසනීති.
‘‘කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? සවිතක්කො සවිචාරො සමාධි. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.... කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? අවිතක්කො විචාරමත්තො සමාධි. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.... කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? අවිතක්කො අවිචාරො සමාධි. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.....
‘‘කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? සුඤ්ඤතො සමාධි. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.... කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? අනිමිත්තො සමාධි. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.... කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? අප්පණිහිතො සමාධි. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.....
‘‘කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.... කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු වෙදනාසු වෙදනානුපස්සී විහරති...පෙ.... අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.... කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු චිත්තෙ චිත්තානුපස්සී...පෙ.... අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.... කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති...පෙ.... අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.....
‘‘කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදා ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.... කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානා ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.... කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදා ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.... කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්‍යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.....
‘‘කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො ...පෙ.... කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු වීරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.... කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.... කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු වීමංසසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.....
‘‘කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු සද්ධින්ද්‍රියං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.... කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු වීරියින්ද්‍රියං භාවෙති විවෙකනිස්සිතං...පෙ.... අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.... කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු සතින්ද්‍රියං භාවෙති...පෙ.... අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.... කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු සමාධින්ද්‍රියං භාවෙති...පෙ.... අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.... කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු පඤ්ඤින්ද්‍රියං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.....
‘‘කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු සද්ධාබලං භාවෙති විවෙකනිස්සිතං...පෙ.... අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.... කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු වීරියබලං භාවෙති...පෙ.... අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.... කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු සතිබලං භාවෙති...පෙ.... අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.... කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු සමාධිබලං භාවෙති...පෙ.... අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.... කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු පඤ්ඤාබලං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.....
‘‘කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති...පෙ.... අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.... කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙති...පෙ.... වීරියසම්බොජ්ඣඞ්ගං භාවෙති...පෙ.... පීතිසම්බොජ්ඣඞ්ගං භාවෙති...පෙ.... පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං භාවෙති...පෙ.... සමාධිසම්බොජ්ඣඞ්ගං භාවෙති...පෙ.... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.....
‘‘කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.... කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු සම්මාසඞ්කප්පං භාවෙති ...පෙ.... සම්මාවාචං භාවෙති...පෙ.... සම්මාකම්මන්තං භාවෙති...පෙ.... සම්මාආජීවං භාවෙති...පෙ.... සම්මාවායාමං භාවෙති...පෙ.... සම්මාසතිං භාවෙති...පෙ.... අසඞ්ඛතඤ්ච වො භික්ඛවෙ, දෙසෙස්සාමි අසඞ්ඛතගාමිඤ්ච මග්ගං. තං සුණාථ. කතමඤ්ච, භික්ඛවෙ, අසඞ්ඛතං...පෙ....? කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං . අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො. ඉති ඛො, භික්ඛවෙ, දෙසිතං වො මයා අසඞ්ඛතං, දෙසිතො අසඞ්ඛතගාමිමග්ගො. යං, භික්ඛවෙ, සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය, කතං වො තං මයා. එතානි, භික්ඛවෙ, රුක්ඛමූලානි, එතානි සුඤ්ඤාගාරානි. ඣායථ, භික්ඛවෙ, මා පමාදත්ථ; මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ. අයං වො අම්හාකං අනුසාසනී’’ති. පඨමං.
377
1. සමථ සූත්‍රය
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
[2] “මහණෙනි, තොපට අසංඛතයත්, අසංඛතගාමී මාර්ගයත් දෙසන්නෙමි. එය අසව්. මහණෙනි, අසංඛතය කවරේ ද යත්: මහණෙනි යම් රාගය ක්ෂයවීමක් වේද, ද්වේෂය ක්ෂයවීමක් වේද, මෝහය ක්ෂයවීමක් වේද, මහණෙනි, මේ අසංඛතයයි කියනු ලැබේ.
[3] “මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, සමථය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
[4] “මහණෙනි, මෙසේ මම තොපට අසංඛතයත් දෙසන ලදී. අසංඛතගාමී මාර්ගයත් දේශනා කරන ලදී. මහණෙනි, ශ්‍රාවකයන්ට හිතවත් අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් යමක් කළ යුතු නම් එය මා විසින් තොපට අනුකම්පා උපදවා කරන ලදී. මහණෙනි, අර වෘක්ෂමූලයෝයි. අර ශුන්‍යාගාරයෝයි. මහණෙනි, භාවනා කරව්. ප්‍රමාද නොවව්. පසුව පසුතැවිලි නොවව්. මේ තොපට අපගේ අනුශාසනාවයි.
(මේ වර්ගයේ හැම සූත්‍රයේම 1, 2, 4 වෙනි ඡේද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 1, 2, 4 වෙනි ඡේද මෙනි. වෙනස් වන 3 වෙනි ඡේද පමණක් දක්වා ඇත.)
2. විපස්සනා සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, සිත පිරිසිදු කිරීමයි (විපස්සනාවයි). මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
3. සවිතක්ක සවිචාර සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, සවිතර්ක සවිචාර සමාධියයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
4. අවිතක්ක විචාරමත්ත සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, අවිතර්ක විචාරමාත්‍ර සමාධියයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
5. අවිතක්ක අවිචාර සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, අවිතර්ක අවිචාර සමාධියයි. මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
6. සුඤ්ඤත සමාධි සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, සුඤ්ඤත සමාධියයි. මහණෙනි, සුඤ්ඤත සමාධිය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
7. අනිමිත්ත සමාධි සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, අනිමිත්ත සමාධියයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
8. අප්පණිහිත සමාධි සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, අප්පණිහිත සමාධියයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
9. කායානුපස්සනා සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය ඇතිව සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව පඤ්චස්කන්ධ ලෝකයෙහි තෘෂ්ණා ව්‍යාපාද දෙක මැඩපවත්වා කයෙහි කය අනුව නැවත නැවත බලමින් වාසය කරයිද, මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
10. වේදනානුපස්සනා සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය ඇතිව සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව පඤ්චස්කන්ධ ලෝකයෙහි තෘෂ්ණා ව්‍යාපාද දෙක මැඩපවත්වා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කරයිද, මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
11. චිත්තානුපස්සනා සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය ඇතිව සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව පඤ්චස්කන්ධ ලෝකයෙහි තෘෂ්ණා ව්‍යාපාද දෙක මැඩපවත්වා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරයිද, මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
12. ධම්මානුපස්සනා සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය ඇතිව සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව පඤ්චස්කන්ධ ලෝකයෙහි තෘෂ්ණා ව්‍යාපාද දෙක මැඩපවත්වා ධර්මයෙහි ධර්මය නැවත නැවත බලමින් වාසය කරයිද, මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
13. පඨම සම්මප්පධාන සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නූපන් අකුසල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්යය පටන් ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
14. දුතිය සම්මප්පධාන සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම උපන් අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්යය පටන් ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
15. තතිය සම්මප්පධාන සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නූපන් කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්යය පටන් ගනියි. සිත ඔසවයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
16. චතුත්ථ සම්මප්පධාන සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම උපන් කුසල ධර්මයන්ගේ ස්ථිතිය පිණිස, නුමුළා බව පිණිස, බොහෝවීම පිණිස, භාවනාවෙන් සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
17. ඡන්දිද්ධිපාද සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන්ද, සම්‍යක් ප්‍රධාන වීර්යයෙන්ද යුත් ඍද්ධිපාදය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
18. විරියිද්ධිපාද සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම වීර්යය අධිපති කොට ඇති සමාධියෙන්ද, සම්‍යක් ප්‍රධාන වීර්යයෙන්ද යුක්ත වූ ඍද්ධිපාදය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
19. චිත්තිද්ධිපාද සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සිත අධිපති කොට ඇති සමාධියෙන්ද, සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුත් ඍද්ධිපාදය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
20. වීමංසිද්ධිපාද සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ප්‍රඥාව (විමසීම) අධිපති කොට ඇති සමාධියෙන්ද, සම්‍යක් ප්‍රධාන වීර්යයෙන්ද යුත් ඍද්ධිපාදය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
21. සද්ධින්ද්‍රිය සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සද්ධින්ද්‍රිය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
22. විරියින්ද්‍රිය සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු විරියින්ද්‍රිය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
23. සතින්ද්‍රිය සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සතින්ද්‍රිය වඩයි. මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
24. සමාධින්ද්‍රිය සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සමාධින්ද්‍රිය වඩයි. මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
25. පඤ්ඤින්ද්‍රිය සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු පඤ්ඤින්ද්‍රිය වඩයි. මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
26. සද්ධාබල සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු ශ්‍රද්ධා බලය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
27. විරියබල සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු විරිය බලය වඩයි. මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
28. සතිබල සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සති බලය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
29. සමාධිබල සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සමාධි බලය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
30. පඤ්ඤාබල සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු ප්‍රඥා බලය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
31. සතිසම්බොජ්ඣංග සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සති සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
32. ධම්මවිචයසම්බොජ්ඣංග සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
33. විරියසම්බොජ්ඣංග සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු විරිය සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
34. පීතිසම්බොජ්ඣංග සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු ප්‍රීති සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
35. පස්සද්ධිසම්බොජ්ඣංග සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
36. සමාධිසම්බොජ්ඣංග සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සමාධි සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
37. උපෙක්ඛාසම්බොජ්ඣංග සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු උපෙක්ෂා සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
38. සම්මාදිට්ඨි සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සම්‍යක් දෘෂ්ටිය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
39. සම්මාසංකප්ප සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සම්‍යක් සංකල්පනය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
40. සම්මාවාචා සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සම්‍යක් වචනය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
41. සම්මාකම්මන්ත සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සම්‍යක් කර්මාන්තය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
42. සම්මා ආජීව සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සම්‍යක් ආජීවය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
43. සම්මාවායාම සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සම්‍යක් ව්‍යායාමය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
44. සම්මාසති සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සම්‍යක් සතිය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
45. සම්මාසමාධි සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
2. අනතසුත්තං 2. අන්ත සූත්‍ර
3-32. අනාසවාදිසුත්තං 3-32. අනාසව ආදී සූත්‍ර
33. පරායනසුත්තං 33. පරායණ සූත්‍ර