ත්‍රිපිටකය
8. ගාමණිසංයුත්තං 8.ගාමණී සංයුත්තය
1. චණ්ඩසුත්තං 1. චණ්ඩගාමණී සූත්‍රය
2. තාලපුටසුත්තං 2. තාලපුට සූත්‍රය
3. යොධාජීවසුත්තං 3. යෝධාජීව සූත්‍රය
4. හත්ථාරොහසුත්තං 4. හත්‍ථාරොහ සූත්‍රය
5. අස්සාරොහසුත්තං 5. අස්සාරොහ සූත්‍රය
6. අසිබන්ධකපුත්තසුත්තං 6. අසිබන්‍ධක සූත්‍රය
7. ඛෙත්තූපමසුත්තං 7. ඛෙත්තූපම සූත්‍රය
8. සඞ්ඛධමසුත්තං 8. සංඛධම සූත්‍රය
360
එකං සමයං භගවා නාළන්දායං විහරති පාවාරිකම්බවනෙ. අථ ඛො අසිබන්ධකපුත්තො ගාමණි නිගණ්ඨසාවකො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අසිබන්ධකපුත්තං ගාමණිං භගවා එතදවොච - ‘‘කථං නු ඛො, ගාමණි, නිගණ්ඨො නාටපුත්තො සාවකානං ධම්මං දෙසෙතී’’ති? ‘‘එවං ඛො, භන්තෙ, නිගණ්ඨො නාටපුත්තො සාවකානං ධම්මං දෙසෙති - ‘යො කොචි පාණං අතිපාතෙති, සබ්බො සො ආපායිකො නෙරයිකො, යො කොචි අදින්නං ආදියති, සබ්බො සො ආපායිකො නෙරයිකො , යො කොචි කාමෙසු මිච්ඡා චරති, සබ්බො සො ආපායිකො නෙරයිකො, යො කොචි මුසා භණති සබ්බො, සො ආපායිකො නෙරයිකො. යංබහුලං යංබහුලං විහරති, තෙන තෙන නීයතී’ති. එවං ඛො, භන්තෙ, නිගණ්ඨො නාටපුත්තො සාවකානං ධම්මං දෙසෙතී’’ති. ‘‘‘යංබහුලං යංබහුලඤ්ච, ගාමණි, විහරති, තෙන තෙන නීයති’, එවං සන්තෙ න කොචි ආපායිකො නෙරයිකො භවිස්සති, යථා නිගණ්ඨස්ස නාටපුත්තස්ස වචනං’’.
‘‘තං කිං මඤ්ඤසි, ගාමණි, යො සො පුරිසො පාණාතිපාතී රත්තියා වා දිවසස්ස වා සමයාසමයං උපාදාය, කතමො බහුතරො සමයො, යං වා සො පාණමතිපාතෙති, යං වා සො පාණං නාතිපාතෙතී’’ති? ‘‘යො සො, භන්තෙ, පුරිසො පාණාතිපාතී රත්තියා වා දිවසස්ස වා සමයාසමයං උපාදාය, අප්පතරො සො සමයො යං සො පාණමතිපාතෙති, අථ ඛො ස්වෙව බහුතරො සමයො යං සො පාණං නාතිපාතෙතී’’ති. ‘‘‘යංබහුලං යංබහුලඤ්ච, ගාමණි, විහරති තෙන තෙන නීයතී’ති, එවං සන්තෙ න කොචි ආපායිකො නෙරයිකො භවිස්සති, යථා නිගණ්ඨස්ස නාටපුත්තස්ස වචනං’’.
‘‘තං කිං මඤ්ඤසි, ගාමණි, යො සො පුරිසො අදින්නාදායී රත්තියා වා දිවසස්ස වා සමයාසමයං උපාදාය, කතමො බහුතරො සමයො, යං වා සො අදින්නං ආදියති, යං වා සො අදින්නං නාදියතී’’ති. ‘‘යො සො, භන්තෙ, පුරිසො අදින්නාදායී රත්තියා වා දිවසස්ස වා සමයාසමයං උපාදාය අප්පතරො සො සමයො, යං සො අදින්නං ආදියති, අථ ඛො ස්වෙව බහුතරො සමයො, යං සො අදින්නං නාදියතී’’ති. ‘‘‘යංබහුලං යංබහුලඤ්ච, ගාමණි, විහරති තෙන තෙන නීයතී’ති, එවං සන්තෙ න කොචි ආපායිකො නෙරයිකො භවිස්සති, යථා නිගණ්ඨස්ස නාටපුත්තස්ස වචනං’’.
‘‘තං කිං මඤ්ඤසි, ගාමණි, යො සො පුරිසො කාමෙසුමිච්ඡාචාරී රත්තියා වා දිවසස්ස වා සමයාසමයං උපාදාය, කතමො බහුතරො සමයො, යං වා සො කාමෙසු මිච්ඡා චරති, යං වා සො කාමෙසු මිච්ඡා න චරතී’’ති? ‘‘යො සො, භන්තෙ, පුරිසො කාමෙසුමිච්ඡාචාරී රත්තියා වා දිවසස්ස වා සමයාසමයං උපාදාය, අප්පතරො සො සමයො යං සො කාමෙසු මිච්ඡා චරති, අථ ඛො ස්වෙව බහුතරො සමයො, යං සො කාමෙසු මිච්ඡා න චරතී’’ති. ‘‘‘යංබහුලං යංබහුලඤ්ච, ගාමණි, විහරති තෙන තෙන නීයතී’ති , එවං සන්තෙ න කොචි ආපායිකො නෙරයිකො භවිස්සති, යථා නිගණ්ඨස්ස නාටපුත්තස්ස වචනං’’.
‘‘තං කිං මඤ්ඤසි, ගාමණි, යො සො පුරිසො මුසාවාදී රත්තියා වා දිවසස්ස වා සමයාසමයං උපාදාය, කතමො බහුතරො සමයො, යං වා සො මුසා භණති, යං වා සො මුසා න භණතී’’ති? ‘‘යො සො, භන්තෙ , පුරිසො මුසාවාදී රත්තියා වා දිවසස්ස වා සමයාසමයං උපාදාය , අප්පතරො සො සමයො, යං සො මුසා භණති, අථ ඛො ස්වෙව බහුතරො සමයො, යං සො මුසා න භණතී’’ති. ‘‘‘යංබහුලං යංබහුලඤ්ච, ගාමණි, විහරති තෙන තෙන නීයතී’ති, එවං සන්තෙ න කොචි ආපායිකො නෙරයිකො භවිස්සති, යථා නිගණ්ඨස්ස නාටපුත්තස්ස වචනං’’.
‘‘ඉධ, ගාමණි, එකච්චො සත්ථා එවංවාදී හොති එවංදිට්ඨි (එවංදිට්ඨී (ක.)) - ‘යො කොචි පාණමතිපාතෙති, සබ්බො සො ආපායිකො නෙරයිකො, යො කොචි අදින්නං ආදියති, සබ්බො සො ආපායිකො නෙරයිකො, යො කොචි කාමෙසු මිච්ඡා චරති, සබ්බො සො ආපායිකො නෙරයිකො, යො කොචි මුසා භණති, සබ්බො සො ආපායිකො නෙරයිකො’ති. තස්මිං ඛො පන, ගාමණි, සත්ථරි සාවකො අභිප්පසන්නො හොති. තස්ස එවං හොති - ‘මය්හං ඛො සත්ථා එවංවාදී එවංදිට්ඨි - යො කොචි පාණමතිපාතෙති, සබ්බො සො ආපායිකො නෙරයිකොති. අත්ථි ඛො පන මයා පාණො අතිපාතිතො, අහම්පම්හි ආපායිකො නෙරයිකොති දිට්ඨිං පටිලභති. තං, ගාමණි, වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. මය්හං ඛො සත්ථා එවංවාදී එවංදිට්ඨි - යො කොචි අදින්නං ආදියති, සබ්බො සො ආපායිකො නෙරයිකොති. අත්ථි ඛො පන මයා අදින්නං ආදින්නං අහම්පම්හි ආපායිකො නෙරයිකොති දිට්ඨිං පටිලභති. තං, ගාමණි, වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. මය්හං ඛො සත්ථා එවංවාදී එවංදිට්ඨි - යො කොචි කාමෙසු මිච්ඡා චරති, සබ්බො සො ආපායිකො නෙරයිකො’ති. අත්ථි ඛො පන මයා කාමෙසු මිච්ඡා චිණ්ණං. ‘අහම්පම්හි ආපායිකො නෙරයිකො’ති දිට්ඨිං පටිලභති. තං, ගාමණි, වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. මය්හං ඛො සත්ථා එවංවාදී එවංදිට්ඨි - යො කොචි මුසා භණති, සබ්බො සො ආපායිකො නෙරයිකොති. අත්ථි ඛො පන මයා මුසා භණිතං. ‘අහම්පම්හි ආපායිකො නෙරයිකො’ති දිට්ඨිං පටිලභති. තං, ගාමණි, වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
‘‘ඉධ පන, ගාමණි, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො අනෙකපරියායෙන පාණාතිපාතං ගරහති විගරහති, ‘පාණාතිපාතා විරමථා’ති චාහ. අදින්නාදානං ගරහති විගරහති, ‘අදින්නාදානා විරමථා’ති චාහ. කාමෙසුමිච්ඡාචාරං ගරහති, විගරහති ‘කාමෙසුමිච්ඡාචාරා විරමථා’ති චාහ. මුසාවාදං ගරහති විගරහති ‘මුසාවාදා විරමථා’ති චාහ. තස්මිං ඛො පන, ගාමණි, සත්ථරි සාවකො අභිප්පසන්නො හොති. සො ඉති පටිසඤ්චික්ඛති - ‘භගවා ඛො අනෙකපරියායෙන පාණාතිපාතං ගරහති විගරහති, පාණාතිපාතා විරමථාති චාහ. අත්ථි ඛො පන මයා පාණො අතිපාතිතො යාවතකො වා තාවතකො වා. යො ඛො පන මයා පාණො අතිපාතිතො යාවතකො වා තාවතකො වා, තං න සුට්ඨු, තං න සාධු. අහඤ්චෙව (අහඤ්චෙ (?)) ඛො පන තප්පච්චයා විප්පටිසාරී අස්සං. න මෙතං පාපං කම්මං (පාපකම්මං (ස්‍යා. කං. පී. ක.)) අකතං භවිස්සතී’ති. සො ඉති පටිසඞ්ඛාය තඤ්චෙව පාණාතිපාතං පජහති. ආයතිඤ්ච පාණාතිපාතා පටිවිරතො හොති. එවමෙතස්ස පාපස්ස කම්මස්ස පහානං හොති. එවමෙතස්ස පාපස්ස කම්මස්ස සමතික්කමො හොති.
‘‘‘භගවා ඛො අනෙකපරියායෙන අදින්නාදානං ගරහති විගරහති, අදින්නාදානා විරමථාති චාහ. අත්ථි ඛො පන මයා අදින්නං ආදින්නං යාවතකං වා තාවතකං වා. යං ඛො පන මයා අදින්නං ආදින්නං යාවතකං වා තාවතකං වා තං න සුට්ඨු, තං න සාධු. අහඤ්චෙව ඛො පන තප්පච්චයා විප්පටිසාරී අස්සං, න මෙතං පාපං කම්මං අකතං භවිස්සතී’ති. සො ඉති පටිසඞ්ඛාය තඤ්චෙව අදින්නාදානං පජහති. ආයතිඤ්ච අදින්නාදානා පටිවිරතො හොති. එවමෙතස්ස පාපස්ස කම්මස්ස පහානං හොති. එවමෙතස්ස පාපස්ස කම්මස්ස සමතික්කමො හොති.
‘‘‘භගවා ඛො පන අනෙකපරියායෙන කාමෙසුමිච්ඡාචාරං ගරහති විගරහති, කාමෙසුමිච්ඡාචාරා විරමථාති චාහ. අත්ථි ඛො පන මයා කාමෙසු මිච්ඡා චිණ්ණං යාවතකං වා තාවතකං වා. යං ඛො පන මයා කාමෙසු මිච්ඡා චිණ්ණං යාවතකං වා තාවතකං වා තං න සුට්ඨු, තං න සාධු. අහඤ්චෙව ඛො පන තප්පච්චයා විප්පටිසාරී අස්සං, න මෙතං පාපං කම්මං අකතං භවිස්සතී’ති. සො ඉති පටිසඞ්ඛාය තඤ්චෙව කාමෙසුමිච්ඡාචාරං පජහති, ආයතිඤ්ච කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති. එවමෙතස්ස පාපස්ස කම්මස්ස පහානං හොති. එවමෙතස්ස පාපස්ස කම්මස්ස සමතික්කමො හොති.
‘‘‘භගවා ඛො පන අනෙකපරියායෙන මුසාවාදං ගරහති විගරහති, මුසාවාදා විරමථාති චාහ. අත්ථි ඛො පන මයා මුසා භණිතං යාවතකං වා තාවතකං වා. යං ඛො පන මයා මුසා භණිතං යාවතකං වා තාවතකං වා තං න සුට්ඨු, තං න සාධු. අහඤ්චෙව ඛො පන තප්පච්චයා විප්පටිසාරී අස්සං, න මෙතං පාපං කම්මං අකතං භවිස්සතී’ති. සො ඉති පටිසඞ්ඛාය තඤ්චෙව මුසාවාදං පජහති, ආයතිඤ්ච මුසාවාදා පටිවිරතො හොති. එවමෙතස්ස පාපස්ස කම්මස්ස පහානං හොති. එවමෙතස්ස පාපස්ස කම්මස්ස සමතික්කමො හොති.
‘‘සො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති. කාමෙසුමිච්ඡාචාරං පහාය කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති. මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති. පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතො හොති. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති. අභිජ්ඣං පහාය අනභිජ්ඣාලු හොති. බ්‍යාපාදප්පදොසං පහාය අබ්‍යාපන්නචිත්තො හොති. මිච්ඡාදිට්ඨිං පහාය සම්මාදිට්ඨිකො හොති.
‘‘ස ඛො සො, ගාමණි, අරියසාවකො එවං විගතාභිජ්ඣො විගතබ්‍යාපාදො අසම්මූළ්හො සම්පජානො පටිස්සතො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ්ජෙන ඵරිත්වා විහරති. සෙය්‍යථාපි, ගාමණි, බලවා සඞ්ඛධමො අප්පකසිරෙනෙව චතුද්දිසා විඤ්ඤාපෙය්‍ය; එවමෙව ඛො, ගාමණි, එවං භාවිතාය මෙත්තාය චෙතොවිමුත්තියා එවං බහුලීකතාය යං පමාණකතං කම්මං, න තං තත්‍රාවසිස්සති, න තං තත්‍රාවතිට්ඨති.
‘‘ස ඛො සො, ගාමණි, අරියසාවකො එවං විගතාභිජ්ඣො විගතබ්‍යාපාදො අසම්මූළ්හො සම්පජානො පටිස්සතො කරුණාසහගතෙන චෙතසා...පෙ.... මුදිතාසහගතෙන චෙතසා...පෙ..... උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ්ජෙන ඵරිත්වා විහරති. සෙය්‍යථාපි, ගාමණි, බලවා සඞ්ඛධමො අප්පකසිරෙනෙව චතුද්දිසා විඤ්ඤාපෙය්‍ය; එවමෙව ඛො, ගාමණි, එවං භාවිතාය උපෙක්ඛාය චෙතොවිමුත්තියා එවං බහුලීකතාය යං පමාණකතං කම්මං න තං තත්‍රාවසිස්සති, න තං තත්‍රාවතිට්ඨතී’’ති. එවං වුත්තෙ, අසිබන්ධකපුත්තො ගාමණි භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භන්තෙ, අභික්කන්තං, භන්තෙ...පෙ.... උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති. අට්ඨමං.
360
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවර පාවාරික අඹ වනයෙහි වාසය කරන සේක. එකල්හි නිගණ්ඨ ශ්‍රාවකවූ අසිබන්ධක පුත්ත ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් අසිබන්ධක පුත්ත ගාමණිගෙන් භාග්‍යවතුන් වහන්සේ “ගාමණිය, නිගණ්ඨනාත පුත්‍රතෙම කෙසේ ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කෙරේදැයි” ඇසූ සේක.
“ස්වාමීනි, නිගණ්ඨනාත පුත්‍රතෙම යම් කිසිවෙක් සතුන් මරයිද, ඒ හැමදෙන අපායට යන්නේය. නිරයට යන්නේය. යම් කිසිවෙක් නුදුන් දේ ගනීද, ඒ හැමදෙන අපායට යන්නේය. නිරයට යන්නේය. යම් කිසිවෙක් කාමයන්හි වරදවා හැසිරෙන්නේද, ඒ සියල්ලෝ අපායට යන්නේය. නිරයට යන්නේය. යම් කිසිවෙක් බොරු කියයිද, ඒ සියල්ලෝ අපායට යන්නෝය. නිරයට යන්නෝය. යමක් යමක් බහුලව කෙරෙමින් වාසය කරයිද, එයින් එයින් පැමිණේයයි මෙසේ ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කෙරේයයි කීයේය.
“ගාමණිය, යමක් යමක් බහුලකොට කරමින් වාසය කෙරේද, ඒ ඒ දෙයින් යන්නේ නම් එසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්‍රයාගේ වචනය පරිදි කිසිවෙක් අපායට නොයන්නේය. නිරයට නොයන්නේය. ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද?
“යම් ඒ පුරුෂයෙක් සතුන් මරන්නේ නම් කල් නොකල් දෙක අනුව බලන කල්හි රාත්‍රියෙහි හෝ දවල් හෝ යම් කලෙක ඔහු සතුන් මරන්නේද, යම් කලෙක ඔහු සතුන් නොමරන්නේද, ඒ දෙකින් වැඩි කාලය කුමක්ද?”
“ස්වාමීනි කල් නොකල් දෙක අනුව බලන කල්හි යම් ඒ පුරුෂයෙක් රාත්‍රියෙහි හෝ දවල් හෝ යම් කාලයක සතුන් මරන්නේද යම් කාලයක හෙතෙම සතුන් නොමරන්නේද ඒ කාල දෙකින් ඔහු සතුන් මරන්නාවූ කාලයම ටිකය. ඔහු සතුන් නොමරන්නාවූ කාලයම වැඩිය.” “ගාමණිය, යමක් යමක් බහුලව කරමින් වාසය කරන්නේද එයින් එයින් යන්නේයයි කියන්නේ නම් මෙසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්‍රයාගේ වචනය අනුව අපායට යන නිරයට යන කිසිවෙක් නැත.
“ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද කල් නොකල් දෙකට අනුව බලන කල්හි යම් ඒ පුරුෂයෙක් රාත්‍රියෙහි හෝ දවල් හෝ යම් කලෙක නුදුන් දෙය ගන්නේද යම් කලෙක හෙතෙම නුදුන් දෙය නොගන්නේද ඒ කාල දෙකින් කුමක් වැඩි කාලය වන්නේද?”
“ස්වාමීනි, කල් නොකල් දෙකට අනුව බලන කල්හි යම් ඒ පුරුෂයෙක් තෙම රාත්‍රියෙහි හෝ දවල් හෝ යම් කලෙක නුදුන් දෙය ගනීද, යම් කාලයක නුදුන් දෙය නොගනීද, ඒ කාල දෙකින් ඔහු නුදුන් දෙය ගන්නා කාලය ස්වල්ප වන්නේය. හෙතෙම යම් කලෙක නුදුන් දෙය නොගන්නේද ඒ කාලයම වැඩිය.”
“ගාමණිය, යමක් යමක් බහුලව කරමින් වාසය කරන්නේද එයින් එයින් යන්නේයයි කියන්නේ නම් මෙසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්‍රයාගේ වචනය අනුව අපායට යන නිරයට යන කිසිවෙක් නැත්තේය.
“ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද, කල් නොකල් දෙකට අනුව යම් ඒ පුරුෂයෙක් රාත්‍රියෙහි හෝ දවල් හෝ යම් කලක හෙතෙම කාමයන්හි වරදවා හැසිරෙන්නේද, යම් කලක හෙතෙම කාමයන්හි වරදවා නොහැසිරෙන්නේද ඒ කාල දෙකින් වැඩි කාලය කවරේද?”
“ස්වාමීනි, යම් ඒ පුරුෂයෙක් තෙම රාත්‍රියෙහි හෝ දවල් හෝ යම් කලක හෙතෙම කාමයන්හි වරදවා හැසිරේද යම් කලක හෙතෙම කාමයන්හි වරදවා නොහැසිරේද, ඒ කාල දෙකින් ඔහු කාමයන්හි වරදවා හැසිරෙන කාලය ස්වල්පය. හෙතෙම කාමයන්හි වරදවා නොහැසිරෙන කාලයම අධිකය.”
“ගාමණිය, යමක් යමක් බහුලව කරමින් වාසය කරයිද, එයින් එයින් යේයයි කියන්නේ නම් එසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්‍රගේ වචනය පරිදි අපායට, නිරයට යන කිසිවෙක් නැත.
“ගාමණිය, ඒ කුමකැයි හගින්නේද, කල් නොකල් දෙක අනුව යම් ඒ පුරුෂයෙක් රාත්‍රියෙහි හෝ දවල් හෝ යම් කලෙක බොරු කියන්නේ වේද, යම් කලෙක හේ බොරු නොකියන්නේද, එයින් කවර කාලයක් වැඩි කාලය වන්නේද?”
"ස්වාමීනි, යම් ඒ පුරුෂයෙක් තෙම රාත්‍රියෙහි හෝ දවල් හෝ යම් කලක හෙතෙම බොරු කියන්නේද, යම් කලෙක හෙතෙම බොරු නොකියන්නේද, ඒ දෙකින් ඔහු බොරු කියන කාලය ටිකය. හෙතෙම යම් කාලයක බොරු නොකියන්නේද, ඒ කාලයම ඉතා වැඩිය.
“ගාමණිය, යමක් යමක් බහුලව කරමින් වාසය කරයිද, එයින් එයින් යේයයි කියන්නේනම් එසේ ඇති කල්හි මේ නිගණ්ඨනාත පුත්‍රගේ වචනය පරිදි අපායට, නිරයට යන කිසිවෙක් නැත.
“ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෲවරයෙක් යම් කිසිවෙක් ප්‍රාණඝාත කෙරෙයිද, ඒ සියල්ලම අපායට යන්නේය. නිරයට යන්නේය. යම් කිසිවෙක් සොරකම් කෙරේද, ඒ සියල්ලම අපායට යන්නේය. නිරයට යන්නේය. යම් කිසිවෙක් කාමයෙහි වරදවා හැසිරෙන්නේද, ඒ සියල්ලම අපායට යන්නේය. නිරයට යන්නේය. යම් කිසිවෙක් බොරු කියන්නේද, ඒ සියල්ලම අපායට යන්නේය. නිරයට යන්නේය යන මේ වාද ඇත්තේවේද, දෘෂ්ටි ඇත්තේවේද; ගාමණිය, ඒ ශාස්තෲවරයා කෙරෙහි ශ්‍රාවකතෙමේ පැහැදුනේ වෙයිද, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මගේ ශාස්තෲතෙමේ යම් ඒ කිසිවෙක් සතුන් මරයිද, ඒ සියල්ල අපායට යන්නේය නිරයට යන්නේය යන වාද ඇත්තේය. දෘෂ්ටි ඇත්තේය. ‘මා විසින් සතුන් මරණ ලද්දේය. මමද අපායට යන්නෙමි. නරකයට යන්නෙමි’යන දෘෂ්ටිය ඇතිවෙයි. ගාමණිය, හෙතෙම ඒ වචනය අත් නොහැර ඒ සිත අත්නොහැර ඒ දෘෂ්ටිය අත්නොහැර ගෙන එන ලද්දක් යම්සේ බිම තබන්නේද, එසේ නරකයෙහි උපදී.
මගේ ශාස්තෲතෙම යම් කිසිවෙක් නුදුන් දෙය ගනීද, ඒ සියල්ල අපායට යන්නේය. නිරයට යන්නේය යන වාද ඇත්තේ වෙයි. දෘෂ්ටි ඇත්තේ වෙයි. ‘මා විසින් නුදුන් දෙය ගන්නා ලදී. මමද අපායට යන්නෙක් වෙමි. නිරයට යන්නෙක් වෙමි’යන දෘෂ්ටිය ඇතිවෙයි. ගාමණිය, ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය අත්නොහැර, හෙතෙම ගෙන එන ලද්දක් බිම තබන්නේ යම්සේද එමෙන් නිරයෙහි උපදින්නේය.
‘මගේ ශාස්තෲ තෙම යම් කිසිවෙක් කාමයන්හි වරදවා හැසිරේද, ඒ සියල්ල අපායට යන්නේය. නිරයට යන්නේය.’යන වාද ඇත්තේ දෘෂ්ටි ඇත්තේ වෙයි. ‘මා විසින් කාමයන්හි වරදවා හැසිරෙන ලදී. මමද අපායට යන්නෙක් වෙමි. නිරයට යන්නෙක් වෙමි’යන දෘෂ්ටිය ඇත්තේ වෙයි. ගාමණිය, ඒ වචනය අත්නොහැර ඒ සිත අත්නොහැර ඒ දෘෂ්ටිය අත්නොහැර, හෙතෙම ගෙන එන ලද්දක් බිම තබන්නේ යම්සේද එමෙන් නිරයෙහි උපදින්නේය.
‘මගේ ශාස්තෲතෙමේ යම් කිසිවෙක් බොරු කියයිද, ඒ සියල්ල අපායට යන්නේය නිරයට යන්නේය’යන වාද ඇත්තේ දෘෂ්ටි ඇත්තේ වෙයි. මා විසින් බොරු කියන ලද්දේ වෙයි. මමද අපායට යන්නෙක් වෙමි නිරයට යන්නෙක් වෙමි යන දෘෂ්ටිය ඇතිවෙයි. ගාමණිය, ඒ වචනය අත්නොහැර ඒ සිත අත්නොහැර ඒ දෘෂ්ටිය බැහැර නොකර හෙතෙම ගෙන එන ලද්දක් යම්සේ බිම තබන්නේද, එමෙන් නරකයෙහි උපදියි.
“ගාමණිය, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විද්‍යාචරණ සම්පන්නවූ, සුගතවූ, ලෝකවිදූ වූ, අනුත්තර පුරිසදම්මසාරථී වූ, දෙව්මිනිසුන්ට ශාස්තෲවූ, භාග්‍යවත්වූ තථාගත තෙම මේ ලෝකයෙහි උපදී. හෙතෙම නොයෙක් ආකාරයෙන් සතුන්මැරීම ගරහයි. නින්දා කරයි. ප්‍රාණඝාතයෙන් වළකිව්යයි කියයි. සොරකම් කිරීම ගරහයි. නින්දා කරයි. සොරකම් කිරීමෙන් වළකිව්යයි කියයි. කාමයන්හි වරදවා හැසිරීම ගරහයි. නින්දා කරයි. කාමයන්හි වරදවා හැසිරීමෙන් වළකිව් යයි කියයි. බොරු කීම ගරහයි. නින්දා කරයි. බොරු කීමෙන් වළකිව්යයි කියයි.
ගාමණිය, ඒ ශාස්තෲවරයා කෙරෙහි ශ්‍රාවක තෙම පැහැදුනේ වෙයිද’ හෙතෙම මෙසේ සිතයි ‘භාග්‍යවතුන් වහන්සේ වනාහි නොයෙක් අයුරින් සතුන් මැරීම ගරහයි. නින්දා කරයි. සතුන් මැරීමෙන් වළකිව්යයි ප්‍රකාශ කරති. ‘යම් මා විසින් යම් ඒ ප්‍රමාණයකින් සතුන් මරණ ලද්දේ වේ. යම් ඒ ප්‍රමාණයකින් මා විසින් සතුන් මරණ ලද්දේ, එය නරකය, එය යහපත් නොවේයයි ඒ හේතුවෙන් මම පසුතැවෙන්නෙම් මා විසින් ඒ පාපකර්මය නොකරන ලද්දේ නොවේය’ කියායි. හෙතෙම මෙසේ සිතා ඒ සතුන් මැරීම අත්හරියි. මත්තෙහිද සතුන් මැරීමෙන් වෙන් වූයේ වේ. මෙසේ මේ පාපකර්මයාගේ ප්‍රහාණය වේ. මෙසේ ඒ පාපකර්මයාගේ ඉක්මීම වේ.
“භාග්‍යවතුන් වහන්සේ වනාහි නොයෙක් අයුරින් සොරකම් කිරීම ගරහයි. නින්දා කරයි. සොරකමින් වළකිව්යයි ප්‍රකාශ කරති. ‘යම් ඒ ප්‍රමාණයකින් මා විසින් සොරකම් කරන ලද්දේය. මා විසින් යම් ඒ ප්‍රමාණයකින් සොරකම් කරන ලද්දේද, එය නරකය, යහපත් නොවේයයි මම පසුතැවෙන්නෙම් නම් ඒ හේතුවෙන් මා විසින් පාපකර්මය නොකරන ලද්දේ නොවෙයි. හෙතෙම මෙසේ සිතා ඒ සොරකම අත් හරියි. මත්තෙහිද සොරකමින් වෙන්වූයේ වේ. මෙසේ මේ පාපකර්මයාගේ ප්‍රහාණය වේ. මෙසේ ඒ පාපකර්මයාගේ ඉක්මීම වේ.
භාග්‍යවතුන් වහන්සේ වනාහි නොයෙක් අයුරින් කාමයෙහි වරදවා හැසිරීම ගරහයි. නින්දා කරයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකිව්යයි’ප්‍රකාශ කරති. ‘යම් ඒ පරිද්දෙකින් මා විසින් කාමයන්හි වරදවා හැසිරෙන ලදී. මා විසින් යම් ඒ පරිද්දෙකින් කාමයන්හි වරදවා හැසිරෙන ලද්දේද එය නරකය, එය යහපත් නොවේයයි මම ඒ හේතුවෙන් පසුතැවෙන්නෙම් නම් මා විසින් ඒ පාපකර්මය නොකරන ලද්දේ නොවෙයි.’හෙතෙම මෙසේ සිතා ඒ කාමයෙහි වරදවා හැසිරීම අත්හරියි. මත්තෙහිද කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වූයේ වේ. මෙසේ මේ පාපකර්මය ප්‍රහීණ වේ. මෙසේ මේ පාපකර්මයාගේ ඉක්මීම වේ.
“භාග්‍යවතුන් වහන්සේ වනාහි නොයෙක් අයුරින් බොරු කීම ගරහයි. නින්දා කරයි. බොරු කීමෙන් වළකිව්යයි ප්‍රකාශ කරති. ‘මා විසින් යම් ඒ ප්‍රමාණයකින් බොරු කියා ඇත. මා විසින් යම් ඒ ප්‍රමාණයකින් බොරු කියන ලද්දේද එය නරකය, එය යහපත් නොවේයයි පසුතැවෙන්නෙම් නම් ඒ හේතුවෙන් ඒ පාපකර්මය මා විසින් නොකරන ලද්දේ නොවෙයි’ හෙතෙම මෙසේ සිතා ඒ බොරු කීම අත්හරියි. මත්තෙහිද බොරු කීමෙන් වෙන්වූයේ වේ. මෙසේ ඒ පාපකර්මයාගේ ප්‍රහාණය වේ. මෙසේ ඒ පාපකර්මයාගේ ඉක්මවීම වේ.
“හෙතෙම සතුන් මැරීම අත්හැර සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. සොරකම් අත්හැර සොරකමින් වෙන්වූයේ වේ. කාමයෙහි වරදවා හැසිරීම අත්හැර කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වූයේ වේ. බොරුකීම අත්හැර බොරුකීමෙන් වෙන්වූයේ වේ. කේළාම් කීම අත්හැර කේළාම් කීමෙන් වෙන්වූයේ වේ. ඵරුෂවචන කීම අත්හැර ඵරුෂවචන කීමෙන් වෙන්වූයේ වේ. ප්‍රලාපකීම අත්හැර ප්‍රලාප කීමෙන් වෙන්වූයේ වේ. දැඩි ලෝභය අත්හැර දැඩි ලෝභ නැත්තේ වේ. ව්‍යාපාදය අත්හැර ව්‍යාපාද නැත්තෙක් වේ. මිථ්‍යාදෘෂ්ටිය අත්හැර සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වේ.
“ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ අභිධ්‍යාව පහකළේ ව්‍යාපාදය පහකළේ මුළා නොවූයේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ මෛත්‍රීසහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙවෙනි දිසාවක් එසේ තුන්වෙනි දිසාවක්, එසේ සතරවෙනි දිසාවක්, මෙසේ උඩ යට සරස සර්වප්‍රකාරයෙන් හැමතැන සියල්ල සහිත ලෝකය විශාලවූ මහද්ගතවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ මෛත්‍රි සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“ගාමණිය, බලවත් සක්පිඹින්නෙක් අපහසුවක් නැතිවම සතර දිසාවට දන්වන්නේද, එසේම ගාමිණිය මෙසේ වඩනලද මෙසේ බහුල වශයෙන් කරන ලද මෛත්‍රීසහගත සමාධිය කාමාවචර කර්මයෙන් මැඩ පැවැත්විය නොහේ. යටකළ නොහේ.
“ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ අභිධ්‍යාව පහකළේ ව්‍යාපාදය පහකළේ මුළානොවූයේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ කරුණාසහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙවෙනි දිසාවක් එසේ තුන්වෙනි දිසාවක්, එසේ සතරවන දිසාවක්. මෙසේ උඩ යට සරස සර්වප්‍රකාරයෙන් හැමතැන සියල්ල සහිත ලෝකය විශාලවූ මහද්ගතවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ කරුණාසහගත සිතින් පතුරුවා වාසය කරයි.
“ගාමණිය, බලවත් සක් පිඹින්නෙක් අපහසුවක් නැතිවම සතර දිසාවට දන්වන්නේද, එසේම ගාමිණිය මෙසේ වඩන ලද, මෙසේ බහුල වශයෙන් කරන ලද කරුණාසහගත සමාධිය කාමාවචර කර්මයෙන් මැඩ පැවැත්විය නොහේ. යටකළ නොහේ.
“ගාමණිය, ඒ ආර්යශ්‍රාවක තෙම මෙසේ අභිධ්‍යාව පහකළේ ව්‍යාපාදය පහකළේ මුළානොවූයේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙවෙනි දිසාවක්, එසේ තුන්වෙනි දිසාවක්, එසේ සතරවන දිසාවක්, මෙසේ උඩ යට සරස සර්වප්‍රකාරයෙන් හැමතැන සියල්ල සහිත ලෝකය විශාලවූ මහද්ගතවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ, මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“ගාමණිය, බලවත් සක් පිඹින්නෙක් අපහසුවක් නැතිවම සතර දිසාවට දන්වන්නේද, එසේම ගාමිණිය මෙසේ වඩනලද මෙසේ බහුල වශයෙන් කරන ලද මුදිතාසහගත සමාධිය කාමාවචර කර්මයෙන් මැඩ පැවැත්විය නොහේ. යටකළ නොහේ.
“ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ අභිධ්‍යාව පහකළේ ව්‍යාපාදය පහකළේ මුළානොවූයේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ උපේක්‍ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙවන දිසාවක්, එසේ තුන්වන දිසාවක්, එසේ සතරවන දිසාවක්. මෙසේ උඩ යට සරස සර්වප්‍රකාරයෙන් හැම තැන සියල්ල සහිත ලෝකය විශාලවූ මහද්ගතවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ උපේක්‍ෂාසහගත සිතින් පතුරුවා වාසය කරයි.
“ගාමණිය, බලවත් සක් පිඹින්නෙක් අපහසුවක් නැතිවම සතර දිසාවට දන්වන්නේද, එසේම ගාමිණිය මෙසේ වඩන ලද මෙසේ බහුල වශයෙන් කරන ලද උපේක්‍ෂා සහගත සමාධිය කාමාවචර කර්මයෙන් මැඩපැවැත්විය නොහේ. යට කළ නොහේ.”
මෙසේ වදාළ කල්හි අසිබන්ධක පුත්‍රවූ ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, යහපත. ස්වාමීනි, යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද වැසුණ දෙයක් විවෘතකරන්නේද, මංමුළාවූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තාහු රූප දකිත්වයි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ මම ධර්මයද භික්ෂු සංඝයාද සහිත භාග්‍යවතුන් වහන්සේ පිහිට කොට යමි. අද පටන් ජීවිතාන්තය දක්වා සරණගත උපාසකයෙකු කොට මා දරන සේක්වායි” කීයේය.
9. කුලසුත්තං 9. කුල සූත්‍රය
10. මණිචූළකසුත්තං 10. මණිචූළක සූත්‍රය
11. භද්‍රකසුත්තං 11. භද්‍රක සූත්‍රය
12. රාසියසුත්තං 12. රාසිය සූත්‍රය
13. පාටලියසුත්තං 13. පාටලිය සූත්‍රය