ත්‍රිපිටකය
8. ගාමණිසංයුත්තං 8.ගාමණී සංයුත්තය
1. චණ්ඩසුත්තං 1. චණ්ඩගාමණී සූත්‍රය
2. තාලපුටසුත්තං 2. තාලපුට සූත්‍රය
3. යොධාජීවසුත්තං 3. යෝධාජීව සූත්‍රය
355
අථ ඛො යොධාජීවො ගාමණි යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා...පෙ.... එකමන්තං නිසින්නො ඛො යොධාජීවො ගාමණි භගවන්තං එතදවොච - ‘‘සුතං මෙතං, භන්තෙ, පුබ්බකානං ආචරියපාචරියානං යොධාජීවානං භාසමානානං - ‘යො සො යොධාජීවො සඞ්ගාමෙ උස්සහති වායමති, තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ හනන්ති පරියාපාදෙන්ති, සො කායස්ස භෙදා පරං මරණා පරජිතානං දෙවානං සහබ්‍යතං උපපජ්ජතී’ති. ඉධ භගවා කිමාහා’’ති? ‘‘අලං , ගාමණි, තිට්ඨතෙතං; මා මං එතං පුච්ඡී’’ති. දුතියම්පි ඛො...පෙ.... තතියම්පි ඛො යොධාජීවො ගාමණි භගවන්තං එතදවොච - ‘‘සුතං මෙතං, භන්තෙ, පුබ්බකානං ආචරියපාචරියානං යොධාජීවානං භාසමානානං - ‘යො සො යොධාජීවො සඞ්ගාමෙ උස්සහති වායමති, තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ හනන්ති පරියාපාදෙන්ති, සො කායස්ස භෙදා පරං මරණා පරජිතානං දෙවානං සහබ්‍යතං උපපජ්ජතී’ති. ඉධ භගවා කිමාහා’’ති?
‘‘අද්ධා ඛො ත්‍යාහං, ගාමණි, න ලභාමි - ‘අලං, ගාමණි, තිට්ඨතෙතං; මා මං එතං පුච්ඡී’ති. අපි ච ත්‍යාහං බ්‍යාකරිස්සාමි. යො සො, ගාමණි, යොධාජීවො සඞ්ගාමෙ උස්සහති වායමති, තස්ස තං චිත්තං පුබ්බෙ ගහිතං (හීනං (සී. පී.)) දුක්කටං දුප්පණිහිතං - ‘ඉමෙ සත්තා හඤ්ඤන්තු වා බජ්ඣන්තු වා උච්ඡිජ්ජන්තු වා විනස්සන්තු වා මා වා අහෙසුං ඉති වා’ති. තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ හනන්ති පරියාපාදෙන්ති; සො කායස්ස භෙදා පරං මරණා පරජිතො නාම නිරයො තත්ථ උපපජ්ජතීති. සචෙ ඛො පනස්ස එවං දිට්ඨි හොති - ‘යො සො යොධාජීවො සඞ්ගාමෙ උස්සහති වායමති තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ හනන්ති පරියාපාදෙන්ති, සො කායස්ස භෙදා පරං මරණා පරජිතානං දෙවානං සහබ්‍යතං උපපජ්ජතී’ති, සාස්ස හොති මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨිකස්ස ඛො පනාහං, ගාමණි, පුරිසපුග්ගලස්ස ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි - නිරයං වා තිරච්ඡානයොනිං වා’’ති.
එවං වුත්තෙ, යොධාජීවො ගාමණි පරොදි, අස්සූනි පවත්තෙසි. ‘‘එතං ඛො ත්‍යාහං, ගාමණි, නාලත්ථං - ‘අලං, ගාමණි, තිට්ඨතෙතං; මා මං එතං පුච්ඡී’’’ති. ‘‘නාහං, භන්තෙ, එතං රොදාමි යං මං භගවා එවමාහ ; අපිචාහං, භන්තෙ, පුබ්බකෙහි ආචරියපාචරියෙහි යොධාජීවෙහි දීඝරත්තං නිකතො වඤ්චිතො පලුද්ධො - ‘යො සො යොධාජීවො සඞ්ගාමෙ උස්සහති වායමති, තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ හනන්ති පරියාපාදෙන්ති, සො කායස්ස භෙදා පරං මරණා පරජිතානං දෙවානං සහබ්‍යතං උපපජ්ජතී’’’ති. ‘‘අභික්කන්තං, භන්තෙ...පෙ.... අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති. තතියං.
355
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වසන සේක. එකල්හි යුද්ධයෙන් ජීවිකාව කරන ගාමිණිතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක්පසෙක හුන් යෝධාජීව ගාමණි තෙම භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, යම් ඒ යුද්ධයෙන් ජීවත් වන්නෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේද, වෑයම් කෙරේද උත්සාහ කරන වෑයම් කරන ඔහු අන්‍යයෝ නසත්ද මරත්ද හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දෙවියන් අතර උපදිත්යයි පෙර යුද්ධයෙන් ජීවත්වූ ආචාර්ය ප්‍රාචාර්යයන් කියන්නාවූ මෙය මා විසින් අසන ලදී. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ කුමක් කියන්නාහුද"
"ගාමණිය, කම් නැත, මෙය තිබේවා මෙය මගෙන් නොඅසාවා". දෙවනුවත් “ස්වාමීනි, යම් ඒ යුද්ධයෙන් ජීවත් වන්නෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේද, වෑයම් කෙරේද, උත්සාහ කරන වෑයම් කරන ඔහු අන්‍යයෝ නසත්ද, මරත්ද, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දෙවියන් අතර උපදිත්යයි පෙර යුද්ධයෙන් ජීවත්වුන ආචාර්ය ප්‍රාචාර්යයන් කියන්නාවූ මෙය මා විසින් අසන ලදී. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ කුමක් කියන්නාහුද"
"ගාමණිය, කම් නැත, මෙය තිබේවා. මෙය මගෙන් නොඅසාවා". තුන්වෙනුවත් යෝධාජීව ගාමණි තෙම "ස්වාමීනි, යම් ඒ යෝධාජීවයෙක් යුද්ධයෙහි උත්සාහ කරයිද, වෑයම් කරයිද, උත්සාහ කරන්නාවූ වෑයම් කරන්නාවූ ඔහු අන්‍යයන් නසත්ද, මරත්ද, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දෙවියන් අතර උපදීයයි පෙර යුද්ධයෙන් ජීවත්වුන ආචාර්ය ප්‍රාචාර්යයන් කියන්නාවූ මෙය මා විසින් අසන ලදී. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ කුමක් කියන්නාහුදැයි ඇසීය.
ගාමණිය, කම් නැත, මගෙන් මෙය නොවිචාරව යන මෙය නොලබමි. එනිසා තොපට මම කියන්නෙමි. ගාමණිය යම් ඒ යුද්ධයෙන් ජීවත් වන්නෙක් යුද්ධයෙහි උත්සාහ කෙරෙයිද වෑයම් කෙරෙයිද ඔහුගේ සිත පළමුව හීනය. (කෙසේද?) මේ සත්වයෝ නැසෙත්වා, බැඳෙත්වා, මැරෙත්වා, වැනසෙත්වා, නොවෙත්වායි කියායි. නපුරුකොට කරන ලදී. නපුරුකොට තබන ලදී. ඒ උත්සාහ කරන්නාවූ, වෑයම් කරන්නාවූ ඔහු අන්‍යයෝ නසත්ද, මරත්ද, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් නිරයක් වේද එහි උපදී. ඉදින් වනාහි යම් ඒ යුද්ධයෙන් ජීවත් වන්නෙක් යුද්ධයේදී උත්සාහ කෙරේද, වෑයම් කෙරේද, උත්සාහ කරන්නාවූ, වෑයම් කරන්නාවූ ඔහු අන්‍යයෝ නසත්ද, මරත්ද, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දෙවියන් අතර උපදීයයි ඔහුට මේ දෘෂ්ටිය වේද, ඒ ඔහුගේ මිථ්‍යා දෘෂ්ටියකි. ගාමණිය, මිථ්‍යා දෘෂ්ටික පුද්ගලයාට නිරය හෝ තිරිසන් අපාය හෝ දෙගතීන් අතුරෙන් එක්තරා ගතියක් කියමියි වදාළසේක.
මෙසේ වදාළ කල්හි යෝධාජීව ගාමිණි තෙම හැඬුයේය. කඳුළු හෙලුයේය. ගාමණිය මෙසේ හෙයින් මම තොපට මෙය තිබේවා මෙය මගෙන් නොඅසවයි කීයෙමි. ගාමණිය එය මම තොපගෙන් නොලැබුවෙමියි වදාළේය.
ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ වදාළ හෙයින් නොඅඬමි. එතකුදු වුවත් යම් ඒ යෝධාජීවයෙක් යුද්ධයෙහි උත්සාහ කරයිද, වෑයම් කරයිද, උත්සාහ කරන වෑයම් කරන ඔහු අන්‍යයෝ මරත්ද, නසත්ද, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දෙවියන් හා එක්වීමට පැමිණේයයි පූර්ව යෝධාජීව ආචාර්ය ප්‍රාචාර්යයන් විසින් මුළා කරන ලදී. වංචා කරන ලදී. පොළඹවනලදැයි කීය.
“ස්වාමීනි, ඉතා යහපති. ස්වාමීනි, ඉතා යහපති. ස්වාමීනි, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද වැසුන දෙයක් විවෘත කරන්නේද, මුළාවූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තාහු රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ මම ධර්මයද භික්ෂුසංඝයාද, සහිත භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට යෙමි. අද පටන් ජීවිතාන්තය දක්වා සරණ ගිය උපාසකයෙකු කොට මා දරන සේක්වායි” කීයේය.
4. හත්ථාරොහසුත්තං 4. හත්‍ථාරොහ සූත්‍රය
5. අස්සාරොහසුත්තං 5. අස්සාරොහ සූත්‍රය
6. අසිබන්ධකපුත්තසුත්තං 6. අසිබන්‍ධක සූත්‍රය
7. ඛෙත්තූපමසුත්තං 7. ඛෙත්තූපම සූත්‍රය
8. සඞ්ඛධමසුත්තං 8. සංඛධම සූත්‍රය
9. කුලසුත්තං 9. කුල සූත්‍රය
10. මණිචූළකසුත්තං 10. මණිචූළක සූත්‍රය
11. භද්‍රකසුත්තං 11. භද්‍රක සූත්‍රය
12. රාසියසුත්තං 12. රාසිය සූත්‍රය
13. පාටලියසුත්තං 13. පාටලිය සූත්‍රය