8. ගාමණිසංයුත්තං | 8.ගාමණී සංයුත්තය |
1. චණ්ඩසුත්තං | 1. චණ්ඩගාමණී සූත්‍රය |
353
සාවත්ථිනිදානං
‘‘ඉධ පන, ගාමණි, එකච්චස්ස රාගො පහීනො හොති. රාගස්ස පහීනත්තා පරෙ න කොපෙන්ති, පරෙහි කොපියමානො කොපං න පාතුකරොති. සො සොරතොත්වෙව සඞ්ඛං ගච්ඡති. දොසො පහීනො හොති. දොසස්ස පහීනත්තා පරෙ න කොපෙන්ති, පරෙහි කොපියමානො කොපං
එවං
|
353
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු මහසිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි චණ්ඩ ගාමණීතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන් ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේගෙන් ‘ස්වාමීනි, යම් කාරණයෙකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් නපුරුය යන සංඛ්‍යාවට යේද ඊට හේතු කවරේද, ඊට ප්‍රත්‍යය කවරේද, යම් කාරණයෙකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් මෘදුය යන සංඛ්‍යාවට යේද, ඊට හේතු කවරේද, ඊට ප්‍රත්‍ය කවරේදැයි?” ඇසීය.
ගාමණිය, මේ ලෝකයෙහි ඇතැමෙකුගේ රාගය දුරු නොවූයේ වේද, රාගය දුරු නොවීම නිසා අන්‍යයෝ ඔහු කෝප කරවත්. අනුන් විසින් කෝප කරවනු ලබන්නේ කෝපය පහළකරයි. හෙතෙම නපුරුය යන සංඛ්‍යාවට පැමිණෙයි. ද්වේෂය දුරු නොවූයේ වේද, ද්වේෂය දුරු නුවූ බැවින් අන්‍යයෝ ඔහු කෝප කරවත්, අනුන් විසින් කෝප කරවනු ලබන්නේ කෝපය පහළකරයි. හෙතෙම නපුරුය යන සංඛ්‍යාවට පැමිණෙයි. මෝහය දුරු නොවූයේ වෙයි. මෝහය දුරු නුවූ බැවින් අන්‍යයෝ කෝප කරවත්. අනුන් විසින් කෝපකරවනු ලබන්නේ කෝපය පහළකරයි. හෙතෙම නපුරුය යන සංඛ්‍යාවට පැමිණෙයි. ගාමිණිය, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැමෙක් චණ්ඩය යන සංඛ්‍යාවට පැමිණේද මේ ඊට හේතුවයි මේ ඊට ප්‍රත්‍යයයි.
“ගාමණිය, මේ ලෝකයෙහි ඇතැමෙකුගේ රාගය දුරු වූයේවේද රාගය දුරුවූ බැවින් අන්‍යයෝ කෝප නොකරවත්. අන්‍යයන් විසින් කෝප නොකරවනු ලබන්නේ කෝපය පහළ නොකරයි. හෙතෙම මෘදුය යන සංඛ්‍යාවට පැමිණෙයි. ද්වේෂය දුරුවූයේ වෙයි. ද්වේෂය දුරුවූ බැවින් අන්‍යයෝ කෝප නොකරවත්. අන්‍යයන් විසින් කෝප නොකරවනු ලබන්නේ කෝපය පහළ නොකරයි. හෙතෙම මෘදුය යන සංඛ්‍යාවට පැමිණෙයි. මෝහය දුරුවූයේ වෙයි. මෝහය දුරුවූ බැවින් අන්‍යයෝ කෝප නොකරවත්. අන්‍යයන් විසින් කෝප නොකරවනු ලබන්නේ කෝපය පහළ නොකරයි. හෙතෙම මෘදුය යන සංඛ්‍යාවට පැමිණෙයි. ගාමණිය, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැමෙක් මෘදුය යන සංඛ්‍යාවට පැමිණේද මේ ඊට හේතුවයි මේ ප්‍රත්‍යයයි වදාළේය.
මෙසේ වදාළකල්හි චණ්ඩ ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි, යහපත. ස්වාමීනි, යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුන දෙයක් විවෘත කරන්නේද, මුළාවූවෙකුට මගකියන්නේද ඇස් ඇත්තාහු රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය දේශනා කරනලදී. ස්වාමීනි, ඒ මම ධර්මයද භික්ෂු සංඝයාද සහිත භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට යෙමි. අද පටන් ජීවිතාන්තය දක්වා සරණගිය උපාසකයෙකු කොට මා දරන සේක්වායි කීයේය.
|
2. තාලපුටසුත්තං | 2. තාලපුට සූත්‍රය |
354
එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො තාලපුටො
(තාලපුත්තො (සී. ස්‍යා. කං.)) නටගාමණි යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො තාලපුටො නටගාමණි භගවන්තං එතදවොච - ‘‘සුතං මෙතං, භන්තෙ, පුබ්බකානං ආචරියපාචරියානං නටානං භාසමානානං - ‘යො සො නටො රඞ්ගමජ්ඣෙ සමජ්ජමජ්ඣෙ සච්චාලිකෙන ජනං හාසෙති රමෙති, සො
‘‘අද්ධා ඛො ත්යාහං, ගාමණි, න ලභාමි
(නාලත්ථං (ස්‍යා. කං. පී. ක.)) - ‘අලං, ගාමණි, තිට්ඨතෙතං, මා මං එතං පුච්ඡී’ති. අපි ච ත්යාහං බ්යාකරිස්සාමි. පුබ්බෙ ඛො, ගාමණි, සත්තා අවීතරාගා රාගබන්ධනබද්ධා. තෙසං නටො රඞ්ගමජ්ඣෙ සමජ්ජමජ්ඣෙ යෙ ධම්මා රජනීයා තෙ උපසංහරති භිය්යොසොමත්තාය. පුබ්බෙ ඛො, ගාමණි, සත්තා අවීතදොසා දොසබන්ධනබද්ධා. තෙසං නටො රඞ්ගමජ්ඣෙ සමජ්ජමජ්ඣෙ යෙ ධම්මා
එවං වුත්තෙ, තාලපුටො නටගාමණි, පරොදි, අස්සූනි පවත්තෙසි. ‘‘එතං ඛො ත්යාහං, ගාමණි, නාලත්ථං - ‘අලං, ගාමණි, තිට්ඨතෙතං; මා මං එතං පුච්ඡී’’’ති. ‘‘නාහං, භන්තෙ, එතං රොදාමි යං මං භගවා එවමාහ; අපි චාහං, භන්තෙ, පුබ්බකෙහි ආචරියපාචරියෙහි නටෙහි දීඝරත්තං නිකතො වඤ්චිතො පලුද්ධො - ‘යො සො නටො රඞ්ගමජ්ඣෙ
|
354
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප නම් වෙළුවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි තාලපුට ගාමිණී නම් නළුවෙක් (නැටුම් කරුවෙක්) භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් තාලපුට ගාමිණී නම් නළුවා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
‘ස්වාමීනි යම් නළුවෙක් රඟ මැද, නෘත්‍ය මැද, ඇත්තෙන්ද, බොරුවෙන්ද, ජනයා සතුටු කරයිද, ඇලුම් කරවයිද, හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් මතු පහාස නම් දෙවියන් හා සහභාවයට යන්නේයයි පුරාණ නාටක ආචාර්ය ප්රාචාර්යයන් කියන්නාවූ මෙය මා විසින් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයේදී කුමක් කියන්නේද යනුයි.
“ගාමිණිය, කම් නැත. මෙය තිබේවා. මෙය මගෙන් නොඅසවයි” වදාළේය. දෙවනුවත් තාලපුට ගාමිණි නම් නළුවා භාග්‍යවතුන් වහන්සේගෙන් “ස්වාමීනි, යම් ඒ නළුවෙක් රඟ මැද නෘත්‍ය මැද ඇත්තෙන්ද බොරුවෙන්ද ජනයා සතුටු කරවයිද ඇලුම්කරවයිද හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් මතු පහාස නම් දෙවියන් හා සහභාවයට යන්නේයයි පුරාණ නාටක ආචාර්ය ප්රාචාර්යයන් කියන්නාවූ මෙය මා විසින් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ මෙහිදී කුමක් කියන්නේදැ”යි ඇසීය.
“ගාමිණිය, කම් නැත. මෙය තිබේවා. මෙය මගෙන් නොඅසවයි” වදාළේය. තුන්වෙනුවත් තාලපුට ගාමිණි නළුවා භාග්‍යවතුන් වහන්සේගෙන් “ස්වාමීනි, යම් ඒ නළුවෙක් රඟ මැද නෘත්‍ය මැද ඇත්තෙන්ද බොරුවෙන්ද, ජනයා සතුටු කරවයිද ඇලුම් කරවයිද හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු පහාස නම් දෙවියන් හා සහභාවයට යන්නේයයි පුරාණ නාටක ආචාර්ය ප්රාචාර්යයන් කියන්නාවූ මෙය මා විසින් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ මෙහිදී කුමක් කියන්නේදැයි” ඇසීය.
“ගාමණිය, කම් නැත. මෙය තිබේවා. මෙය මගෙන් නොවිචාරවයි” යන මෙය ඒකාන්තයෙන් නොලබමි. එනිසා මම තොපට ප්‍රකාශ කරන්නෙමි.
ගාමණිය, පූර්වයෙහි රාගය පහ නොකළ රාගයෙන් බැඳුණ සත්වයෝ වෙත්ද, ඔවුන්හට නළුවා රඟ මැද නෘත්‍ය මැද ඇලීම පිණිස පවත්නාවූ යමක් වෙයි නම් එය බොහෝ සෙයින් දක්වත්. ගාමිණිය පූර්වයෙහි පහ නොකළ ද්වේෂ ඇත්තාවූ ද්වේෂයෙන් බැඳුණාවූ සත්වයෝ වෙත්ද, ඔවුන්ට නළුවා රඟ මැද නෘත්‍ය මැද ද්වේෂය පිණිස පවත්නා යමක් වෙත් නම් ඒ දේ බොහෝ සෙයින් පෙන්වයි. ගාමිණිය පෙර මෝහය පහ නොකළාවූ මෝහයෙන් බැඳුණ සත්වයෝ වෙත්ද, ඔවුන්ට නළුවා රඟ මැද නෘත්‍ය මැද මෝහය පිණිස පවත්නා යමක් වෙයි නම් එය බොහෝ සෙයින් පෙන්වයි. හෙතෙම තමන් මත්ව ප්‍රමාදව අන්‍යයන් මත්කොට ප්‍රමාදකොට ශරීරයේ බිඳීමෙන් මරණින් මතු පහාස නම් නිරයක් වේද, එහි උපදියි. ඉදින් වනාහි යමෙකුට යම් ඒ නළුවෙක් රඟමැද නෘත්‍ය මැද බොරු සැබෑ දෙකින් ජනයා සතුටු කරවයි නම්, ඇලුම් කරවයි නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු පහාස නම් දෙවියන් හා සහවාසයට පැමිණෙයි යන මෙවැනි දෘෂ්ටියක් වේද ඒ ඔහුගේ මිථ්‍යාදෘෂ්ටියක් වේ. ගාමණිය, මිථ්‍යාදෘෂ්ටික පුද්ගලයාට නිරය තිරිසන් අපාය යන දෙගතීන් අතුරින් එක්තරා ගතියක්යයි’මම කියමි.”
මෙසේ වදාළ කල්හි තාලපුට නම් ගාමිණිතෙම හැඬුවේය. කඳුළු හෙලුයේය. ‘ගාමණිය, කම් නැත. මෙය තිබේවා. මෙය මගෙන් නොඅසවයි’ කියන ලද්දේ මෙහෙයිනි. එය වනාහි තොපගෙන් මම නොලැබුවෙමි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීම ගැන මම ඊට නොහඬමි. ස්වාමීනි, එතකුදු වුවත් පෙර නාටක ආචාර්ය ප්රාචාර්යයන් විසින් බොහෝ කලක් මුළුල්ලෙහි යම් ඒ නළුවෙක් රඟමැද නෘත්යමැද බොරු සැබෑ දෙකින් ජනයා සතුටු කරවයිද, ඇලුම් කරවයිද, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු පහාස නම් දෙවියන් හා සහවාසයට යන්නේයයි මුළා කරන ලදී. වංචා කරන ලදී. පොළඹවන ලදී. ස්වාමීනි, යහපත. ස්වාමීනි, යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුනු දෙයක් විවෘත කරන්නේද, මුළාවූවකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරන ලදී. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, භික්ෂු සංඝයාද සරණකොට යමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදිබව ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමියයි” කීයේය.
තාලපුට ගාමණි නළුතෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදිබව ලැබුයේය. උපසම්පදාව ලැබුවේය. උපසම්පදාවූ නොබෝ කල් ඇති ආයුෂ්මත් තාලපුට තෙරණුවෝ හුදකලාව වෙන්ව අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නේ නොබෝ කලකින් යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවරකොට ඇති ඒ උතුම් අර්ථය මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කළේය.
ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්යාව වැස නිමවන ලද්දේය. සතර මගින් කළ යුත්ත කරන ලදී. මේ ආත්ම භාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැනගත්තේය. ආයුෂ්මත් තාලපුට ස්ථවිරතෙමේ වනාහි රහතුන්ගෙන් එක්තරා කෙනෙක්ද වූයේයයි වදාළේය.
|
3. යොධාජීවසුත්තං | 3. යෝධාජීව සූත්‍රය |
355
අථ ඛො යොධාජීවො ගාමණි යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා...පෙ.... එකමන්තං නිසින්නො ඛො යොධාජීවො ගාමණි භගවන්තං එතදවොච - ‘‘සුතං මෙතං, භන්තෙ, පුබ්බකානං ආචරියපාචරියානං යොධාජීවානං භාසමානානං - ‘යො සො යොධාජීවො සඞ්ගාමෙ උස්සහති වායමති, තමෙනං
‘‘අද්ධා
එවං වුත්තෙ, යොධාජීවො ගාමණි පරොදි, අස්සූනි පවත්තෙසි. ‘‘එතං ඛො ත්යාහං, ගාමණි, නාලත්ථං - ‘අලං, ගාමණි, තිට්ඨතෙතං; මා මං එතං පුච්ඡී’’’ති. ‘‘නාහං, භන්තෙ, එතං රොදාමි යං මං භගවා එවමාහ
|
355
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වසන සේක. එකල්හි යුද්ධයෙන් ජීවිකාව කරන ගාමිණිතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක්පසෙක හුන් යෝධාජීව ගාමණි තෙම භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, යම් ඒ යුද්ධයෙන් ජීවත් වන්නෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේද, වෑයම් කෙරේද උත්සාහ කරන වෑයම් කරන ඔහු අන්‍යයෝ නසත්ද මරත්ද හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දෙවියන් අතර උපදිත්යයි පෙර යුද්ධයෙන් ජීවත්වූ ආචාර්ය ප්රාචාර්යයන් කියන්නාවූ මෙය මා විසින් අසන ලදී. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ කුමක් කියන්නාහුද"
"ගාමණිය, කම් නැත, මෙය තිබේවා මෙය මගෙන් නොඅසාවා". දෙවනුවත් “ස්වාමීනි, යම් ඒ යුද්ධයෙන් ජීවත් වන්නෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේද, වෑයම් කෙරේද, උත්සාහ කරන වෑයම් කරන ඔහු අන්‍යයෝ නසත්ද, මරත්ද, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දෙවියන් අතර උපදිත්යයි පෙර යුද්ධයෙන් ජීවත්වුන ආචාර්ය ප්රාචාර්යයන් කියන්නාවූ මෙය මා විසින් අසන ලදී. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ කුමක් කියන්නාහුද"
"ගාමණිය, කම් නැත, මෙය තිබේවා. මෙය මගෙන් නොඅසාවා". තුන්වෙනුවත් යෝධාජීව ගාමණි තෙම "ස්වාමීනි, යම් ඒ යෝධාජීවයෙක් යුද්ධයෙහි උත්සාහ කරයිද, වෑයම් කරයිද, උත්සාහ කරන්නාවූ වෑයම් කරන්නාවූ ඔහු අන්‍යයන් නසත්ද, මරත්ද, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දෙවියන් අතර උපදීයයි පෙර යුද්ධයෙන් ජීවත්වුන ආචාර්ය ප්රාචාර්යයන් කියන්නාවූ මෙය මා විසින් අසන ලදී. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ කුමක් කියන්නාහුදැයි ඇසීය.
ගාමණිය, කම් නැත, මගෙන් මෙය නොවිචාරව යන මෙය නොලබමි. එනිසා තොපට මම කියන්නෙමි. ගාමණිය යම් ඒ යුද්ධයෙන් ජීවත් වන්නෙක් යුද්ධයෙහි උත්සාහ කෙරෙයිද වෑයම් කෙරෙයිද ඔහුගේ සිත පළමුව හීනය. (කෙසේද?) මේ සත්වයෝ නැසෙත්වා, බැඳෙත්වා, මැරෙත්වා, වැනසෙත්වා, නොවෙත්වායි කියායි. නපුරුකොට කරන ලදී. නපුරුකොට තබන ලදී. ඒ උත්සාහ කරන්නාවූ, වෑයම් කරන්නාවූ ඔහු අන්‍යයෝ නසත්ද, මරත්ද, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් නිරයක් වේද එහි උපදී. ඉදින් වනාහි යම් ඒ යුද්ධයෙන් ජීවත් වන්නෙක් යුද්ධයේදී උත්සාහ කෙරේද, වෑයම් කෙරේද, උත්සාහ කරන්නාවූ, වෑයම් කරන්නාවූ ඔහු අන්‍යයෝ නසත්ද, මරත්ද, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දෙවියන් අතර උපදීයයි ඔහුට මේ දෘෂ්ටිය වේද, ඒ ඔහුගේ මිථ්‍යා දෘෂ්ටියකි. ගාමණිය, මිථ්‍යා දෘෂ්ටික පුද්ගලයාට නිරය හෝ තිරිසන් අපාය හෝ දෙගතීන් අතුරෙන් එක්තරා ගතියක් කියමියි වදාළසේක.
මෙසේ වදාළ කල්හි යෝධාජීව ගාමිණි තෙම හැඬුයේය. කඳුළු හෙලුයේය. ගාමණිය මෙසේ හෙයින් මම තොපට මෙය තිබේවා මෙය මගෙන් නොඅසවයි කීයෙමි. ගාමණිය එය මම තොපගෙන් නොලැබුවෙමියි වදාළේය.
ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ වදාළ හෙයින් නොඅඬමි. එතකුදු වුවත් යම් ඒ යෝධාජීවයෙක් යුද්ධයෙහි උත්සාහ කරයිද, වෑයම් කරයිද, උත්සාහ කරන වෑයම් කරන ඔහු අන්‍යයෝ මරත්ද, නසත්ද, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දෙවියන් හා එක්වීමට පැමිණේයයි පූර්ව යෝධාජීව ආචාර්ය ප්රාචාර්යයන් විසින් මුළා කරන ලදී. වංචා කරන ලදී. පොළඹවනලදැයි කීය.
“ස්වාමීනි, ඉතා යහපති. ස්වාමීනි, ඉතා යහපති. ස්වාමීනි, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද වැසුන දෙයක් විවෘත කරන්නේද, මුළාවූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තාහු රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ මම ධර්මයද භික්ෂුසංඝයාද, සහිත භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට යෙමි. අද පටන් ජීවිතාන්තය දක්වා සරණ ගිය උපාසකයෙකු කොට මා දරන සේක්වායි” කීයේය.
|
4. හත්ථාරොහසුත්තං | 4. හත්‍ථාරොහ සූත්‍රය |
356
අථ
|
356
(මේ සූත්‍රයද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රය මෙනි. ‘යෝධාජීව’ යන තැන් ‘හත්‍ථාරොහ’ කියා වෙනස් කරගන්න.)
|
5. අස්සාරොහසුත්තං | 5. අස්සාරොහ සූත්‍රය |
357
අථ ඛො අස්සාරොහො ගාමණි යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො අස්සාරොහො ගාමණි භගවන්තං එතදවොච - ‘‘සුතං මෙතං, භන්තෙ, පුබ්බකානං ආචරියපාචරියානං අස්සාරොහානං භාසමානානං - ‘යො සො අස්සාරොහො සඞ්ගාමෙ උස්සහති වායමති, තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ හනන්ති පරියාපාදෙන්ති, සො කායස්ස භෙදා පරං මරණා පරජිතානං දෙවානං සහබ්යතං උපපජ්ජතී’ති. ඉධ භගවා කිමාහා’’ති? ‘‘අලං, ගාමණි, තිට්ඨතෙතං; මා මං එතං පුච්ඡී’’ති. දුතියම්පි ඛො...පෙ.... තතියම්පි ඛො අස්සාරොහො ගාමණි භගවන්තං එතදවොච - ‘‘සුතං මෙතං, භන්තෙ, පුබ්බකානං ආචරියපාචරියානං අස්සාරොහානං භාසමානානං - ‘යො සො අස්සාරොහො සඞ්ගාමෙ උස්සහති වායමති, තමෙනං උස්සහන්තං වායමන්තං
‘‘අද්ධා ඛො ත්යාහං, ගාමණි, න ලභාමි - ‘අලං, ගාමණි, තිට්ඨතෙතං; මා මං එතං පුච්ඡී’ති. අපි ච ඛො ත්යාහං බ්යාකරිස්සාමි. යො සො, ගාමණි, අස්සාරොහො සඞ්ගාමෙ උස්සහති වායමති තස්ස
එවං
|
357
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වසනසේක. ඉක්බිති අස්සාරොහ ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් අස්සාරොහ ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේට, "ස්වාමීනි, යම් ඒ අසුන් නගින්නෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේද වෑයම් කෙරේද, උත්සාහ කරන වෑයම් කරන ඔහු අන්‍යයෝ නසත්ද, මරත්ද හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දෙවියන් අතර උපදීයයි අසුන් පිට යන පූර්ව ආචාර්ය ප්රාචාර්යයන් කියන්නාවූ මෙය මා විසින් අසන ලදී. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ කුමක් කියන්නාහුද?” “ගාමණිය, කම් නැත, මෙය තිබේවා, මෙය මගෙන් නොඅසව.”
දෙවනුවත් “ස්වාමීනි, යම් ඒ අසුන් නගින්නෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේද, වෑයම් කෙරේද, උත්සාහ කරන වෑයම් කරන ඔහු අන්‍යයෝ නසත්ද, මරත්ද හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දෙවියන් අතර උපදීයයි කියන්නාවූ මෙය මා විසින් අසන ලදී. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ කුමක් කියන්නාහුද?” “ගාමණිය, කම් නැත මෙය තිබේවා. මෙය මගෙන් නොඅසව.”
තුන්වෙනුවත් අස්සාරොහ ගාමණිතෙම, භාග්‍යවතුන් වහන්සේගෙන්, “ස්වාමීනි, යම් ඒ අසුන් පිට නගින්නෙක් යුද්ධයෙහි උත්සාහ කරයිද, වෑයම් කරයිද උත්සාහ කරන වෑයම් කරන ඔහු අන්‍යයෝ නසත්ද මරත්ද හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත දෙවියන් අතර උපදීයයි අසුන් පිට නැගී යුද්ධකරන පූර්ව ආචාර්ය ප්රාචාර්යයන් කියන්නාවූ මෙය මා විසින් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ මෙහිලා කුමක් කියන්නාහුදැයි” ඇසීය.
“ගාමණිය, කම් නැත, මෙය තිබේවා. මෙය මගෙන් නොවිචාරවයි යන මෙය තොපගෙන් මම ඒකාන්තයෙන් නොලබමි. එනිසා මම තොපට ප්‍රකාශ කරන්නෙමි. ගාමණිය, යම් ඒ අසුන් පිට නැගී යුද්ධ කරන්නෙක් යුද්ධයෙහි උත්සාහ කරයිද, වෑයම් කරයිද, ඔහුගේ සිත පළමුකොටම හීනය. නපුරුකොට කරන ලදී. නපුරුකොට තබන ලදී. (කෙසේද?) මේ සත්වයෝ නැසෙත්වා, බැඳෙත්වා, මැරෙත්වා, නසිත්වා, නොවෙත්වා කියායි. ඒ උත්සාහ කරන්නාවූ, වෑයම් කරන්නාවූ ඔහු අන්‍යයෝ නසත්ද, මරත්ද හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් නිරයක් වේද එහි උපදී.
යම් ඒ අශ්වාරෝහකයෙක් යුද්ධයෙහි උත්සාහ කරයිද, වෑයම් කරයිද උත්සාහ කරන්නාවූ, වෑයම් කරන්නාවූ ඔහු අන්‍යයෝ නසත්ද මරත්ද හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දෙවියන් අතර උපදීයයි මෙසේ දෘෂ්ටියක් ඇත්තේද ඒ ඔහුගේ මිථ්‍යා දෘෂ්ටියයි. ගාමණිය, මිථ්‍යා දෘෂ්ටියෙන් යුත් පුද්ගලයාට නිරය තිරිසන් අපාය යන දෙගතීන් අතුරෙන් එක්තරා ගතියක් කියමි.”
මෙසේ වදාළ කල්හි අස්සාරොහ ගාමණිතෙම හැඬුයේය. කඳුළු වැගිරවූයේය. ‘ගාමණිය, මෙසේ හෙයින් කම් නැත, මෙය තිබේවා. මෙය මගෙන් නොවිචාරවයි කීයෙමි. එය මම තොපගෙන් නොලැබුවෙමි.”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ හෙයින් මම නොහඬමි. ස්වාමීනි, එසේවුවත් බොහෝ කාලයක් මුළුල්ලෙහි යම් ඒ අශ්වාරෝහකයෙක් යුද්ධයෙහි උත්සාහ කරයිද, වෑයම් කරයිද උත්සාහ කරන්නාවූ, වෑයම් කරන්නාවූ ඔහු අන්‍යයෝ නසත්ද, මරත්ද හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දෙවියන් අතර උපදීයයි පූර්ව අශ්වාරෝහක ආචාර්ය ප්රාචාර්යයන් විසින් මුළාකරන ලදී. වංචාකරන ලදී. පොළඹවන ලදී. ස්වාමීනි, යහපති. ස්වාමීනි, යහපති. ස්වාමීනි, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුන දෙයක් විවෘත කරන්නේද, මුළා වූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තාහු රූප දකිත්වායි, අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ මම ධර්මයද භික්ෂු සංඝයාද සහිත භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට යමි. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයෙකුකොට මා දරන සේක්වායි” කීය.
|
6. අසිබන්ධකපුත්තසුත්තං | 6. අසිබන්ධක සූත්‍රය |
358
එකං සමයං භගවා නාළන්දායං විහරති පාවාරිකම්බවනෙ. අථ
‘‘තං කිං මඤ්ඤසි, ගාමණි, ඉධස්ස පුරිසො පාණාතිපාතී අදින්නාදායී කාමෙසුමිච්ඡාචාරී මුසාවාදී පිසුණවාචො ඵරුසවාචො සම්ඵප්පලාපී අභිජ්ඣාලු බ්යාපන්නචිත්තො මිච්ඡාදිට්ඨිකො. තමෙනං මහා ජනකායො සඞ්ගම්ම සමාගම්ම ආයාචෙය්ය ථොමෙය්ය පඤ්ජලිකො අනුපරිසක්කෙය්ය - ‘අයං පුරිසො කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතූ’ති. තං කිං මඤ්ඤසි, ගාමණි
‘‘සෙය්යථාපි, ගාමණි, පුරිසො මහතිං පුථුසිලං ගම්භීරෙ උදකරහදෙ පක්ඛිපෙය්ය. තමෙනං මහා ජනකායො සඞ්ගම්ම සමාගම්ම ආයාචෙය්ය ථොමෙය්ය
‘‘තං කිං මඤ්ඤසි, ගාමණි, ඉධස්ස
(ඉධ (ක.), ඉධ චස්ස (?)) පුරිසො පාණාතිපාතා පටිවිරතො අදින්නාදානා පටිවිරතො කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො මුසාවාදා පටිවිරතො පිසුණාය වාචාය පටිවිරතො ඵරුසාය වාචාය පටිවිරතො
‘‘සෙය්යථාපි, ගාමණි, පුරිසො සප්පිකුම්භං වා තෙලකුම්භං වා ගම්භීරෙ උදකරහදෙ ඔගාහෙත්වා භින්දෙය්ය. තත්ර යාස්ස සක්ඛරා වා කඨලා වා සා අධොගාමී
(අධොගාමිනී (?)) අස්ස; යඤ්ච ඛ්වස්ස තත්ර සප්පි වා තෙලං වා තං උද්ධං ගාමි
|
358
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවර පාවාරික නම් අඹ වනයෙහි වාසය කරති. එකල්හි අසිබන්ධක පුත්ත ගාමණි තෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් අසිබන්ධක පුත්ත ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, පච්ඡාභූමිවාසීවූ කෙණ්ඩි දරන්නාවූ දිය සෙවෙල් මාලා දරන්නාවූ දියට බසින්නාවූ ගිනි පුදන්නාවූ බ්‍රාහ්මණයෝ වෙත්ද? ඔව්හු ස්වර්ගයට යවත්. කාලක්‍රියා කළහු මළහු ස්වර්ගය පෙන්වත්. ස්වර්ගයට නංවත්.
“ස්වාමීනි, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ යම්සේ සියලු ලෝකයා කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදින්නේ නම් එසේ කිරීමට සමර්ථ වන්නේ දැයි කීය.
“ගාමණිය, එසේනම් මෙය තොපගෙන්ම අසමි. යම් ආකාරයකින් තොපට වැටහේ නම් එය එසේ ප්‍රකාශ කරන්නෙහිය.
“ගාමණිය, ඒ කුමකැයි සිතන්නෙහිද? මේ ලෝකයෙහි පුරුෂයෙක් සතුන් මරන්නේ වේද, නුදුන් දෙය ගන්නේවේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප කියන්නේ වේද, දැඩි ලෝභ ඇත්තේ වේද, ක්‍රෝධ සිත් ඇත්තෙක් වේද, මිථ්‍යා දෘෂ්ටියෙක් වේද, ඔහු කරා මහජන සමූහයා එක්ව රැස්වී මේ පුරුෂතෙම කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදීවායි යාඥා කරන්නේද, ස්තුති කරන්නේද, ඇඳිලි බැඳ ඔහු වට කර ගන්නේද, ඒ පුරුෂතෙම මහජනයාගේ යාඥාව නිසා හෝ ස්තුතිය නිසා හෝ ඇඳිලි බැඳ වටකර ගැනීම නිසා හෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවේ.”
“ගාමිණිය, පුරුෂයෙක් තෙම මහත්වූ ලොකු ගලක් ගැඹුරු ජලයෙහි දමන්නේද මහජන සමූහයා එක්ව රැස්ව පින්වත් ගල මතු කරව. පින්වත් මහ ගල, ඉල්පුව, පින්වත් මහගල මතුවෙව. පින්වත්, මහගල ඉල්පෙව, පින්වත් මහගල ගොඩට එව යනුවෙන් යාඥා කරන්නේ නම්, ස්තුති කරන්නේ නම්, ඇඳිලි බැඳ අනුව යන්නේ නම් ඒ මහ ගල මහජනයාගේ යාඥාව නිසා හෝ ස්තුතිය නිසා හෝ ඇඳිලිබැඳ වටකර ගැනීම නිසා හෝ මතුවන්නේද, ඉල්පෙන්නේද ගොඩට පැමිණෙන්නේද?” -“ස්වාමීනි, එසේ නොවේ.”
“ගාමණිය, එසේම යම් ඒ පුරුෂයෙක් සතුන් මරන්නේද, නුදුන් දෙය ගන්නේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේද, බොරු කියන්නේද, කේළාම් කියන්නේද, ඵරුෂ වචන කියන්නේද, ප්‍රලාප කියන්නේද, දැඩි ලෝභ ඇත්තේද, ක්‍රෝධ සිත් ඇත්තේද, මිථ්‍යා දෘෂ්ටික වන්නේද, මහජනයා ඔහුවෙත රැස්ව එක්ව මේ පුරුෂතෙම කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදීවායි ඉල්වූයේවී නමුත් ස්තුති කළේවී නමුත් ඇඳිලි බැඳ වටකර ගත්තේවී නමුත් ඒ පුරුෂතෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇත්තාවූ විසමව වැටෙන්නාවූ නිරයෙහි උපදින්නේය.
“ගාමණිය, ඒ කුමකැයි සිතන්නෙහිද? මේ ලෝකයෙහි පුරුෂයෙක් සතුන් මැරීමෙන් වැළකුණේද, නුදුන් දෙය ගැනීමෙන් වැළකුණේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණේද, බොරු කීමෙන් වැළකුණේද, කේළාම් කීමෙන් වැළකුණේද, ඵරුෂ වචන කීමෙන් වැළකුණේද, ප්‍රලාප කීමෙන් වැළකුණේද, දැඩි ලෝභය නැත්තේද, ක්‍රෝධය නැත්තේද, සම්‍යක් දෘෂ්ටික වේද ඔහු කරා මහජන සමූහයා එක්ව රැස්ව මේ පුරුෂතෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව වැටෙන්නාවූ නරකයෙහි උපදීවායි යාඥා කරන්නේද, ස්තුති කරන්නේද, ඇඳිලි බැඳ වටකර ගන්නේද? “ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද, ඒ පුරුෂතෙම මහජනයාගේ යාඥා කිරීම නිසා හෝ ස්තුති කිරීම නිසා හෝ ඇඳිලි බැඳ වටකර ගැනීම නිසා හෝ කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව වැටෙන්නාවූ නිරයෙහි උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවේය.”
“ගාමණිය, පුරුෂයෙක් තෙම ගිතෙල් කළයක් හෝ තෙල් කළයක් හෝ ගැඹුරු දියකට බැස බිඳින්නේය. එහි යම් කැට හෝ කැබලිති ඇද්ද ඒ යටට බසින්නේය. එහි යම් ගිතෙලක් හෝ තෙලක් හෝ ඇද්ද එය උඩ මතුවන්නේය. එය කරා මහජන සමූහයා එක්ව රැස්ව පින්වත් ගිතෙල තෙල ගිලෙව, පින්වත් ගිතෙල තෙල යටට කිඳෙව, පින්වත් ගිතෙල තෙල යටට යවයි යාඥා කරන්නේය. ස්තුති කරන්නේය. ඇඳිලිබැඳ පිරිවරන්නේය. ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද, මහජනයාගේ ඉල්ලීම නිසා හෝ ස්තුතිය නිසා හෝ ඇඳිලි බැඳ පිරිවැරීම නිසා හෝ ඒ ගිතෙල් තෙල් ගිලාබහින්නේද, කිඳා බහින්නේද, යටට හෝ යන්නේද?” - “ස්වාමීනි, එසේ නොවේ.”
“ගාමණිය, එසේම යම් ඒ පුරුෂයෙක් ප්‍රාණඝාතයෙන් වෙන්වූයේවේද, අදින්නාදානයෙන් වෙන්වූයේද, කාම මිථ්‍යාචාරයෙන් වෙන්වූයේද, බොරු කීමෙන් වෙන්වූයේද, කේළාම් කීමෙන් වෙන්වූයේද, ඵරුෂ වචනයෙන් වෙන්වූයේද, ප්‍රලාප කීමෙන් වෙන් වූයේද, දැඩි ලෝභය නැත්තේද, ක්‍රෝධය නැත්තේද, සම්‍යක් දෘෂ්ටිකද හුදෙක් ඔහු කරා මහජන සමූහයා එක්ව රැස්ව මේ පුරුෂතෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව වැටෙන නිරයෙහි උපදීවායි යාඥා කරන්නේවී නමුත් ස්තුති කරන්නේවී නමුත් ඇඳිලිබැඳ පිරිවරන්නේවී නමුත් ඒ පුරුෂතෙම කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදින්නේය.”
මෙසේ වදාළ කල්හි අසිබන්ධක පුත්ත ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේට, ස්වාමීනි, යහපති. ස්වාමීනි, යහපති. ස්වාමීනි, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරුකරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මුළාවූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තාහු රූප දකිත්වයි. අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය දේශනාකරන ලදී. ස්වාමීනි, ඒ මම ධර්මයද භික්ෂු සංඝයාද සහිත භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට යෙමි. අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උපාසකයෙකු කොට මං දරන සේක්වායි” කීයේය.
|
7. ඛෙත්තූපමසුත්තං | 7. ඛෙත්තූපම සූත්‍රය |
359
එකං සමයං භගවා නාළන්දායං විහරති පාවාරිකම්බවනෙ. අථ ඛො අසිබන්ධකපුත්තො ගාමණි යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො අසිබන්ධකපුත්තො ගාමණි භගවන්තං එතදවොච - ‘‘නනු, භන්තෙ, භගවා සබ්බපාණභූතහිතානුකම්පී විහරතී’’ති? ‘‘එවං, ගාමණි, තථාගතො සබ්බපාණභූතහිතානුකම්පී විහරතී’’ති. ‘‘අථ කිඤ්චරහි, භන්තෙ, භගවා එකච්චානං සක්කච්චං ධම්මං දෙසෙති, එකච්චානං නො තථා සක්කච්චං ධම්මං දෙසෙතී’’ති? ‘‘තෙන
‘‘සෙය්යථාපි, ගාමණි, යං අදුං ඛෙත්තං අග්ගං; එවමෙව මය්හං භික්ඛුභික්ඛුනියො. තෙසාහං ධම්මං දෙසෙමි - ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං, සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙමි. තං කිස්ස හෙතු? එතෙ හි, ගාමණි, මංදීපා මංලෙණා මංතාණා මංසරණා විහරන්ති. සෙය්යථාපි, ගාමණි, යං අදුං ඛෙත්තං මජ්ඣිමං; එවමෙව මය්හං උපාසකඋපාසිකායො. තෙසං පාහං ධම්මං දෙසෙමි - ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං, සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙමි. තං කිස්ස හෙතු? එතෙ හි, ගාමණි, මංදීපා මංලෙණා මංතාණා මංසරණා විහරන්ති. සෙය්යථාපි, ගාමණි, යං අදුං ඛෙත්තං හීනං ජඞ්ගලං
‘‘සෙය්යථාපි, ගාමණි, පුරිසස්ස තයො උදකමණිකා - එකො උදකමණිකො අච්ඡිද්දො අහාරී අපරිහාරී, එකො උදකමණිකො අච්ඡිද්දො හාරී පරිහාරී, එකො උදකමණිකො ඡිද්දො හාරී පරිහාරී. තං කිං මඤ්ඤසි, ගාමණි, අසු පුරිසො උදකං නික්ඛිපිතුකාමො කත්ථ පඨමං නික්ඛිපෙය්ය, යො වා සො උදකමණිකො අච්ඡිද්දො අහාරී අපරිහාරී, යො වා සො උදකමණිකො අච්ඡිද්දො හාරී පරිහාරී, යො වා සො උදකමණිකො ඡිද්දො හාරී පරිහාරී’’ති? ‘‘අසු, භන්තෙ, පුරිසො උදකං නික්ඛිපිතුකාමො, යො සො උදකමණිකො අච්ඡිද්දො අහාරී අපරිහාරී තත්ථ නික්ඛිපෙය්ය, තත්ථ නික්ඛිපිත්වා, යො සො උදකමණිකො අච්ඡිද්දො හාරී පරිහාරී තත්ථ නික්ඛිපෙය්ය, තත්ථ නික්ඛිපිත්වා, යො සො උදකමණිකො ඡිද්දො හාරී
‘‘සෙය්යථාපි, ගාමණි, යො සො උදකමණිකො අච්ඡිද්දො අහාරී අපරිහාරී; එවමෙව මය්හං භික්ඛුභික්ඛුනියො. තෙසාහං ධම්මං දෙසෙමි - ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං
|
359
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවර පාවාරික අඹ වනයෙහි වාසය කරන සේක. එකල්හි අසිබන්ධක පුත්ත ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක හුන්නේය. එකත්පසෙක හුන් අසිබන්ධකපුත්ත ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේගෙන් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරන සේක් නොවේ දැයි” ඇසීය.
ගාමණිය, එසේය. තථාගතයන් වහන්සේ සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරයි. එසේ නම් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කුමක් හෙයින් සමහරුන්ට සකස්කොට ධර්ම දේශනා කරන්නේද, ඇතැමුන්ට සකස් කොට ධර්ම දේශනා නොකරන්නේද?- එසේ වී නම් මෙහිදී තොපගෙන්ම අසමි. යම්සේ තොපට වැටහේද එසේ ප්‍රකාශ කරන්නෙහිය.
“ගාමණිය, මේ ලෝකයෙහි ගොවිතැන් කරන ගෘහපතියෙකුට කුඹුරු තුනක් වෙත්. එකක් අග්‍රය. එකක් මධ්‍යමය. එකක් කර්කශය, කරදිය සහිතය, මුඩු බිමකි. ගාමණිය, ඒ කුමකැයි සිතන්නෙහිද ඒ ගොවිතැන් කරන ගෘහපති තෙම බිජු වපුරණු කැමැත්තේ යම් ඒ කෙතක් අග්‍ර වෙයිද, යම් ඒ කෙතක් මධ්‍යමද, යම් ඒ කෙතක් කර්කශද කරදිය සහිතද, මුඩු බිමක්වේද එයින් කවර කෙතක පළමුකොට බිජු වපුරන්නේද?”
“ස්වාමීනි බිජු වපුරනු කැමැත්තාවූ ඒ ගෘහපතිතෙම යම් කෙතක් අග්‍රද, එහි පළමුව වපුරන්නේය. එහි වපුරා යම් කුඹුරක් මධ්‍යමද, එහි වපුරන්නේය. එහි වපුරා යම් කෙතක් රළුද කරදිය සහිතද, මුඩු බිමක්ද, එහි යටත් පිරිසෙයින් ගවයන්ට කෑම පිණිසවත් වන්නේයයි වපුරන්නේ හෝ වෙයි. නො වපුරන්නේ හෝ වෙයි.”
“ගාමණිය යම්සේ යම් ඒ කෙතක් අග්‍රද, මට භික්ෂු භික්ෂුණීහුද එසේමය. මම ඔවුන්ට මුල යහපත්වූද, මැද යහපත්වූද, අග යහපත්වූද, අර්ථ සහිතවූද, ව්‍යඤ්ජන සහිත වූද, සර්වප්රකාරයෙන් සම්පූර්ණවූ පිරිසිදු බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරමි. ඊට හේතු කවරේද? ගාමණිය, මොව්හු මා පිහිටකොට ඇත්තාහ. මා සැඟවෙන තැන්කොට ඇත්තාහ. මා ආරක්ෂා ස්ථාන කොට ඇත්තාහ. මා පිළිසරණ කොට ඇත්තාහ.
“ගාමණිය, යම්සේ යම් ඒ කෙතක් මධ්‍යමද, මට උපාසක උපාසිකාවෝ එසේමය. මම ඔවුන්ටද මුල යහපත්වූ, මැද යහපත්වූ, අග යහපත්වූ, අර්ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, හාත්පසින් සම්පූර්ණවූ, පිරිසිදුවූ බ්‍රහ්මචර්යාව ප්‍රකාශකරමි. ඊට හේතු කවරේද? ගාමණිය මොව්හු මා පිහිටකොට ඇත්තාහ. මා සැඟවෙන තැන්කොට ඇත්තාහ. මා ආරක්ෂා ස්ථාන කොට ඇත්තාහ. මා පිළිසරණ කොට ඇත්තාහ.
“ගාමණිය, යම්සේ යම් ඒ රළු කරදිය ඇති මුඩු බිමක්වූ කෙතක්වේද, මට අන්‍ය තීර්ථක ශ්‍රමණ බ්‍රාහ්මණ පරිබ්‍රාජකයෝත් එසේවෙත්. මම ඔවුන්ටද මුල යහපත්වූ, මැද යහපත්වූ, අග යහපත්වූ, අර්ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, හාත්පසින් සම්පූර්ණවූ, පිරිසිදු බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරමි. ඊට හේතු කවරේද? එක පදයක් නමුත් දැනගන්නේ නම් යහපත. එය ඔවුන්ට බොහෝ කාලයක් හිත පිණිසද සැප පිණිසද වන්නේය කියායි.
“ගාමණිය, යම්සේ පුරුෂයෙකුට කළගෙඩි තුනක් ඇත්තාහුද? එක් කළගෙඩියක් සිදුරු නැත්තේය. ජලය ගන්නේය. ජලය නොසිඳෙන්නේය. එක් කළයක් සිදුරු නැත්තේය. ජලය ගන්නේය. ජලය සිඳෙන්නේය. එක් කළයක් සිදුරු සහිතය. වතුර නොඅල්ලන්නේය. වතුර සිඳෙන්නේය. ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද? මේ පුරුෂතෙම ජලය වත්කරනු කැමැත්තේ යම් ඒ කළයක් සිදුරු නැත්තේද වතුර නොසිඳෙන්නේද, යම් ඒ කළයක් සිදුරු නැත්තේද වතුර ගන්නේද සිඳෙන්නේද, යම් ඒ කළයක් සිදුරු සහිතද වතුර නොඅල්ලන්නේද වතුර සිඳෙන්නේද, එයින් කවර කළයකට පළමුවෙන් වතුර වත්කරන්නේද?”
“ස්වාමීනි, ජලය වත්කරනු කැමති පුරුෂතෙම යම් ඒ කළයක් සිදුරු නැත්තේද වතුර අල්ලන්නේද වතුර නොසිඳෙන්නේද එහි වත්කරන්නේය. එහි වත්කොට යම් ඒ කළයක් සිදුරු නැත්තේද ජලය ගන්නේද ජලය සිඳෙන්නේද එහි වත්කරන්නේය. එහි වත්කොට යම් ඒ කළයක් සිදුරු සහිතද ජලය ගන්නේද ජලය සිඳෙන්නේද එහි වත්කරන්නේ හෝ වෙයි. නොවත්කරන්නේ හෝ වෙයි. ඊට හේතු කවරේද, යටත් පිරිසෙයින් භාණ්ඩ සෝදන පමණටවත් වන්නේය කියයි.”
“ගාමණිය, යම් සේ යම් ඒ කළයක් සිදුරු නැත්තේද ජලය ගන්නේද ජලය නොසිඳෙන්නේද මට භික්ෂු භික්ෂුණිහුද එසේමය. මම ඔවුන්ට මුල යහපත්වූද, මැද යහපත්වූද, අග යහපත්වූද, අර්ථ සහිතවූද, ව්‍යඤ්ජන සහිත වූද, හාත්පසින් සම්පූර්ණවූ පිරිසිදු බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරමි. ඊට හේතු කවරේද? ගාමණිය, ඔව්හු මා පිහිට කොට ඇතිව, මා සැඟවෙන තැන්කොට ඇත්තන්ව, මා ආරක්ෂා ස්ථාන කොට ඇත්තන්ව, මා පිළිසරණ කොට ඇත්තන්ව හැසිරෙත්.
“ගාමණිය, යම් සේ යම් ඒ කළයක් සිදුරු නැත්තේද, ජලය ගන්නේද, ජලය සිඳෙන්නේද, මට උපාසක උපාසිකාවෝද එසේමය. මම ඔවුන්ටද මුල යහපත් වූද, මැද යහපත්වූද, අග යහපත්වූද, අර්ථ සහිත ව්‍යඤ්ජන සහිත හාත්පසින් සම්පූර්ණවූ පිරිසිදු බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරමි. ඊට හේතු කවරේද? ගාමණිය මොව්හු මා පිහිට කොට ඇත්තන්ව, මා සැඟවෙන තැන්කොට ඇත්තන්ව, මා ආරක්ෂා ස්ථාන කොට ඇත්තන්ව, මා පිහිට කොට ඇත්තන්ව වාසය කරත්.
“ගාමණිය, යම් සේ යම් ඒ කළයක් සිදුරු සහිතද ජලය නොඅල්ලන්නේද, ජලය සිඳෙන්නේද, මට අන්‍යතීර්ථක ශ්‍රමණ බ්‍රාහ්මණ පරිබ්‍රාජකයෝද එබඳුය. මම ඔවුන්ටද මුල යහපත්වූද, මැද යහපත්වූද, අග යහපත්වූද, අර්ථ සහිතවූද ව්‍යඤ්ජන සහිතවූද, සර්වාකාරයෙන් සම්පූර්ණ පිරිසිදු බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරමි. ඊට හේතු කවරේද? එක පදයක් නමුත් දැනගන්නාහු නම් එය ඔවුන්ට බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය” කියායි.
මෙසේ වදාළ කල්හි අසිබන්ධක පුත්ත ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, යහපත. ස්වාමීනි, යහපත. ස්වාමීනි, යම් සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණ දෙයක් විවෘත කරන්නේද, මුළාවූවෙකුට මග කියන්නේද ඇස් ඇත්තාහු රූප දකිත්වයි, අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ මම ධර්මයද භික්ෂු සංඝයාද සහිත භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට යමි. අද පටන් දිවිහිමි කොට සරණ ගිය උපාසකයෙකු කොට දරන සේක්වායි’ කීය.
|
8. සඞ්ඛධමසුත්තං | 8. සංඛධම සූත්‍රය |
360
එකං සමයං භගවා නාළන්දායං විහරති පාවාරිකම්බවනෙ. අථ ඛො අසිබන්ධකපුත්තො ගාමණි නිගණ්ඨසාවකො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අසිබන්ධකපුත්තං ගාමණිං භගවා එතදවොච - ‘‘කථං නු ඛො, ගාමණි, නිගණ්ඨො නාටපුත්තො
‘‘තං
‘‘තං කිං මඤ්ඤසි, ගාමණි, යො සො පුරිසො අදින්නාදායී රත්තියා
‘‘තං කිං මඤ්ඤසි, ගාමණි, යො සො පුරිසො කාමෙසුමිච්ඡාචාරී රත්තියා වා දිවසස්ස වා සමයාසමයං උපාදාය, කතමො බහුතරො සමයො, යං වා සො කාමෙසු මිච්ඡා චරති, යං වා සො කාමෙසු මිච්ඡා න චරතී’’ති? ‘‘යො සො, භන්තෙ, පුරිසො කාමෙසුමිච්ඡාචාරී රත්තියා වා දිවසස්ස වා සමයාසමයං උපාදාය, අප්පතරො සො සමයො යං සො කාමෙසු මිච්ඡා චරති, අථ ඛො ස්වෙව බහුතරො සමයො, යං සො කාමෙසු මිච්ඡා න චරතී’’ති. ‘‘‘යංබහුලං
‘‘තං කිං මඤ්ඤසි, ගාමණි, යො සො පුරිසො මුසාවාදී රත්තියා වා දිවසස්ස වා සමයාසමයං උපාදාය, කතමො බහුතරො සමයො, යං වා සො මුසා භණති, යං වා සො මුසා න භණතී’’ති? ‘‘යො සො, භන්තෙ
‘‘ඉධ, ගාමණි, එකච්චො සත්ථා එවංවාදී හොති එවංදිට්ඨි
(එවංදිට්ඨී (ක.)) - ‘යො කොචි පාණමතිපාතෙති, සබ්බො සො ආපායිකො නෙරයිකො, යො කොචි අදින්නං ආදියති, සබ්බො සො ආපායිකො නෙරයිකො, යො කොචි කාමෙසු මිච්ඡා චරති, සබ්බො සො ආපායිකො නෙරයිකො, යො කොචි මුසා භණති, සබ්බො සො ආපායිකො නෙරයිකො’ති. තස්මිං ඛො පන, ගාමණි, සත්ථරි සාවකො අභිප්පසන්නො හොති. තස්ස එවං හොති - ‘මය්හං ඛො සත්ථා එවංවාදී එවංදිට්ඨි - යො කොචි පාණමතිපාතෙති, සබ්බො සො ආපායිකො නෙරයිකොති. අත්ථි ඛො පන මයා පාණො අතිපාතිතො, අහම්පම්හි ආපායිකො නෙරයිකොති දිට්ඨිං පටිලභති. තං, ගාමණි, වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. මය්හං ඛො සත්ථා එවංවාදී එවංදිට්ඨි - යො කොචි අදින්නං ආදියති, සබ්බො සො ආපායිකො නෙරයිකොති. අත්ථි ඛො පන මයා අදින්නං ආදින්නං අහම්පම්හි ආපායිකො නෙරයිකොති දිට්ඨිං පටිලභති. තං, ගාමණි, වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං
‘‘ඉධ
‘‘‘භගවා ඛො අනෙකපරියායෙන අදින්නාදානං ගරහති විගරහති, අදින්නාදානා විරමථාති චාහ. අත්ථි ඛො පන මයා අදින්නං ආදින්නං යාවතකං වා තාවතකං වා. යං ඛො පන මයා අදින්නං ආදින්නං යාවතකං වා තාවතකං වා තං න සුට්ඨු, තං න සාධු. අහඤ්චෙව ඛො පන තප්පච්චයා විප්පටිසාරී අස්සං, න මෙතං පාපං කම්මං අකතං භවිස්සතී’ති. සො ඉති පටිසඞ්ඛාය තඤ්චෙව අදින්නාදානං
‘‘‘භගවා ඛො පන අනෙකපරියායෙන කාමෙසුමිච්ඡාචාරං ගරහති විගරහති, කාමෙසුමිච්ඡාචාරා විරමථාති චාහ. අත්ථි ඛො පන මයා කාමෙසු මිච්ඡා චිණ්ණං යාවතකං වා තාවතකං වා. යං ඛො පන
‘‘‘භගවා ඛො පන අනෙකපරියායෙන මුසාවාදං ගරහති විගරහති, මුසාවාදා විරමථාති චාහ. අත්ථි ඛො පන මයා මුසා භණිතං යාවතකං වා තාවතකං වා. යං ඛො පන මයා මුසා භණිතං යාවතකං වා තාවතකං වා තං න සුට්ඨු, තං න සාධු. අහඤ්චෙව ඛො පන තප්පච්චයා විප්පටිසාරී අස්සං, න මෙතං පාපං කම්මං අකතං භවිස්සතී’ති. සො ඉති පටිසඞ්ඛාය තඤ්චෙව මුසාවාදං පජහති, ආයතිඤ්ච මුසාවාදා පටිවිරතො හොති. එවමෙතස්ස පාපස්ස කම්මස්ස පහානං හොති. එවමෙතස්ස පාපස්ස කම්මස්ස සමතික්කමො හොති.
‘‘සො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති. කාමෙසුමිච්ඡාචාරං පහාය කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති. මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති. පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතො හොති. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති. අභිජ්ඣං පහාය
‘‘ස ඛො සො, ගාමණි, අරියසාවකො එවං විගතාභිජ්ඣො විගතබ්යාපාදො අසම්මූළ්හො සම්පජානො පටිස්සතො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා විහරති. සෙය්යථාපි, ගාමණි, බලවා සඞ්ඛධමො අප්පකසිරෙනෙව චතුද්දිසා විඤ්ඤාපෙය්ය; එවමෙව ඛො, ගාමණි, එවං භාවිතාය මෙත්තාය චෙතොවිමුත්තියා එවං බහුලීකතාය යං පමාණකතං කම්මං, න තං තත්‍රාවසිස්සති, න තං තත්‍රාවතිට්ඨති.
‘‘ස
|
360
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවර පාවාරික අඹ වනයෙහි වාසය කරන සේක. එකල්හි නිගණ්ඨ ශ්‍රාවකවූ අසිබන්ධක පුත්ත ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් අසිබන්ධක පුත්ත ගාමණිගෙන් භාග්‍යවතුන් වහන්සේ “ගාමණිය, නිගණ්ඨනාත පුත්‍රතෙම කෙසේ ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කෙරේදැයි” ඇසූ සේක.
“ස්වාමීනි, නිගණ්ඨනාත පුත්‍රතෙම යම් කිසිවෙක් සතුන් මරයිද, ඒ හැමදෙන අපායට යන්නේය. නිරයට යන්නේය. යම් කිසිවෙක් නුදුන් දේ ගනීද, ඒ හැමදෙන අපායට යන්නේය. නිරයට යන්නේය. යම් කිසිවෙක් කාමයන්හි වරදවා හැසිරෙන්නේද, ඒ සියල්ලෝ අපායට යන්නේය. නිරයට යන්නේය. යම් කිසිවෙක් බොරු කියයිද, ඒ සියල්ලෝ අපායට යන්නෝය. නිරයට යන්නෝය. යමක් යමක් බහුලව කෙරෙමින් වාසය කරයිද, එයින් එයින් පැමිණේයයි මෙසේ ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කෙරේයයි කීයේය.
“ගාමණිය, යමක් යමක් බහුලකොට කරමින් වාසය කෙරේද, ඒ ඒ දෙයින් යන්නේ නම් එසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්‍රයාගේ වචනය පරිදි කිසිවෙක් අපායට නොයන්නේය. නිරයට නොයන්නේය. ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද?
“යම් ඒ පුරුෂයෙක් සතුන් මරන්නේ නම් කල් නොකල් දෙක අනුව බලන කල්හි රාත්‍රියෙහි හෝ දවල් හෝ යම් කලෙක ඔහු සතුන් මරන්නේද, යම් කලෙක ඔහු සතුන් නොමරන්නේද, ඒ දෙකින් වැඩි කාලය කුමක්ද?”
“ස්වාමීනි කල් නොකල් දෙක අනුව බලන කල්හි යම් ඒ පුරුෂයෙක් රාත්‍රියෙහි හෝ දවල් හෝ යම් කාලයක සතුන් මරන්නේද යම් කාලයක හෙතෙම සතුන් නොමරන්නේද ඒ කාල දෙකින් ඔහු සතුන් මරන්නාවූ කාලයම ටිකය. ඔහු සතුන් නොමරන්නාවූ කාලයම වැඩිය.” “ගාමණිය, යමක් යමක් බහුලව කරමින් වාසය කරන්නේද එයින් එයින් යන්නේයයි කියන්නේ නම් මෙසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්‍රයාගේ වචනය අනුව අපායට යන නිරයට යන කිසිවෙක් නැත.
“ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද කල් නොකල් දෙකට අනුව බලන කල්හි යම් ඒ පුරුෂයෙක් රාත්‍රියෙහි හෝ දවල් හෝ යම් කලෙක නුදුන් දෙය ගන්නේද යම් කලෙක හෙතෙම නුදුන් දෙය නොගන්නේද ඒ කාල දෙකින් කුමක් වැඩි කාලය වන්නේද?”
“ස්වාමීනි, කල් නොකල් දෙකට අනුව බලන කල්හි යම් ඒ පුරුෂයෙක් තෙම රාත්‍රියෙහි හෝ දවල් හෝ යම් කලෙක නුදුන් දෙය ගනීද, යම් කාලයක නුදුන් දෙය නොගනීද, ඒ කාල දෙකින් ඔහු නුදුන් දෙය ගන්නා කාලය ස්වල්ප වන්නේය. හෙතෙම යම් කලෙක නුදුන් දෙය නොගන්නේද ඒ කාලයම වැඩිය.”
“ගාමණිය, යමක් යමක් බහුලව කරමින් වාසය කරන්නේද එයින් එයින් යන්නේයයි කියන්නේ නම් මෙසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්‍රයාගේ වචනය අනුව අපායට යන නිරයට යන කිසිවෙක් නැත්තේය.
“ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද, කල් නොකල් දෙකට අනුව යම් ඒ පුරුෂයෙක් රාත්‍රියෙහි හෝ දවල් හෝ යම් කලක හෙතෙම කාමයන්හි වරදවා හැසිරෙන්නේද, යම් කලක හෙතෙම කාමයන්හි වරදවා නොහැසිරෙන්නේද ඒ කාල දෙකින් වැඩි කාලය කවරේද?”
“ස්වාමීනි, යම් ඒ පුරුෂයෙක් තෙම රාත්‍රියෙහි හෝ දවල් හෝ යම් කලක හෙතෙම කාමයන්හි වරදවා හැසිරේද යම් කලක හෙතෙම කාමයන්හි වරදවා නොහැසිරේද, ඒ කාල දෙකින් ඔහු කාමයන්හි වරදවා හැසිරෙන කාලය ස්වල්පය. හෙතෙම කාමයන්හි වරදවා නොහැසිරෙන කාලයම අධිකය.”
“ගාමණිය, යමක් යමක් බහුලව කරමින් වාසය කරයිද, එයින් එයින් යේයයි කියන්නේ නම් එසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්‍රගේ වචනය පරිදි අපායට, නිරයට යන කිසිවෙක් නැත.
“ගාමණිය, ඒ කුමකැයි හගින්නේද, කල් නොකල් දෙක අනුව යම් ඒ පුරුෂයෙක් රාත්‍රියෙහි හෝ දවල් හෝ යම් කලෙක බොරු කියන්නේ වේද, යම් කලෙක හේ බොරු නොකියන්නේද, එයින් කවර කාලයක් වැඩි කාලය වන්නේද?”
"ස්වාමීනි, යම් ඒ පුරුෂයෙක් තෙම රාත්‍රියෙහි හෝ දවල් හෝ යම් කලක හෙතෙම බොරු කියන්නේද, යම් කලෙක හෙතෙම බොරු නොකියන්නේද, ඒ දෙකින් ඔහු බොරු කියන කාලය ටිකය. හෙතෙම යම් කාලයක බොරු නොකියන්නේද, ඒ කාලයම ඉතා වැඩිය.
“ගාමණිය, යමක් යමක් බහුලව කරමින් වාසය කරයිද, එයින් එයින් යේයයි කියන්නේනම් එසේ ඇති කල්හි මේ නිගණ්ඨනාත පුත්‍රගේ වචනය පරිදි අපායට, නිරයට යන කිසිවෙක් නැත.
“ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෲවරයෙක් යම් කිසිවෙක් ප්‍රාණඝාත කෙරෙයිද, ඒ සියල්ලම අපායට යන්නේය. නිරයට යන්නේය. යම් කිසිවෙක් සොරකම් කෙරේද, ඒ සියල්ලම අපායට යන්නේය. නිරයට යන්නේය. යම් කිසිවෙක් කාමයෙහි වරදවා හැසිරෙන්නේද, ඒ සියල්ලම අපායට යන්නේය. නිරයට යන්නේය. යම් කිසිවෙක් බොරු කියන්නේද, ඒ සියල්ලම අපායට යන්නේය. නිරයට යන්නේය යන මේ වාද ඇත්තේවේද, දෘෂ්ටි ඇත්තේවේද; ගාමණිය, ඒ ශාස්තෲවරයා කෙරෙහි ශ්‍රාවකතෙමේ පැහැදුනේ වෙයිද, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මගේ ශාස්තෲතෙමේ යම් ඒ කිසිවෙක් සතුන් මරයිද, ඒ සියල්ල අපායට යන්නේය නිරයට යන්නේය යන වාද ඇත්තේය. දෘෂ්ටි ඇත්තේය. ‘මා විසින් සතුන් මරණ ලද්දේය. මමද අපායට යන්නෙමි. නරකයට යන්නෙමි’යන දෘෂ්ටිය ඇතිවෙයි. ගාමණිය, හෙතෙම ඒ වචනය අත් නොහැර ඒ සිත අත්නොහැර ඒ දෘෂ්ටිය අත්නොහැර ගෙන එන ලද්දක් යම්සේ බිම තබන්නේද, එසේ නරකයෙහි උපදී.
මගේ ශාස්තෲතෙම යම් කිසිවෙක් නුදුන් දෙය ගනීද, ඒ සියල්ල අපායට යන්නේය. නිරයට යන්නේය යන වාද ඇත්තේ වෙයි. දෘෂ්ටි ඇත්තේ වෙයි. ‘මා විසින් නුදුන් දෙය ගන්නා ලදී. මමද අපායට යන්නෙක් වෙමි. නිරයට යන්නෙක් වෙමි’යන දෘෂ්ටිය ඇතිවෙයි. ගාමණිය, ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය අත්නොහැර, හෙතෙම ගෙන එන ලද්දක් බිම තබන්නේ යම්සේද එමෙන් නිරයෙහි උපදින්නේය.
‘මගේ ශාස්තෲ තෙම යම් කිසිවෙක් කාමයන්හි වරදවා හැසිරේද, ඒ සියල්ල අපායට යන්නේය. නිරයට යන්නේය.’යන වාද ඇත්තේ දෘෂ්ටි ඇත්තේ වෙයි. ‘මා විසින් කාමයන්හි වරදවා හැසිරෙන ලදී. මමද අපායට යන්නෙක් වෙමි. නිරයට යන්නෙක් වෙමි’යන දෘෂ්ටිය ඇත්තේ වෙයි. ගාමණිය, ඒ වචනය අත්නොහැර ඒ සිත අත්නොහැර ඒ දෘෂ්ටිය අත්නොහැර, හෙතෙම ගෙන එන ලද්දක් බිම තබන්නේ යම්සේද එමෙන් නිරයෙහි උපදින්නේය.
‘මගේ ශාස්තෲතෙමේ යම් කිසිවෙක් බොරු කියයිද, ඒ සියල්ල අපායට යන්නේය නිරයට යන්නේය’යන වාද ඇත්තේ දෘෂ්ටි ඇත්තේ වෙයි. මා විසින් බොරු කියන ලද්දේ වෙයි. මමද අපායට යන්නෙක් වෙමි නිරයට යන්නෙක් වෙමි යන දෘෂ්ටිය ඇතිවෙයි. ගාමණිය, ඒ වචනය අත්නොහැර ඒ සිත අත්නොහැර ඒ දෘෂ්ටිය බැහැර නොකර හෙතෙම ගෙන එන ලද්දක් යම්සේ බිම තබන්නේද, එමෙන් නරකයෙහි උපදියි.
“ගාමණිය, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විද්‍යාචරණ සම්පන්නවූ, සුගතවූ, ලෝකවිදූ වූ, අනුත්තර පුරිසදම්මසාරථී වූ, දෙව්මිනිසුන්ට ශාස්තෲවූ, භාග්‍යවත්වූ තථාගත තෙම මේ ලෝකයෙහි උපදී. හෙතෙම නොයෙක් ආකාරයෙන් සතුන්මැරීම ගරහයි. නින්දා කරයි. ප්‍රාණඝාතයෙන් වළකිව්යයි කියයි. සොරකම් කිරීම ගරහයි. නින්දා කරයි. සොරකම් කිරීමෙන් වළකිව්යයි කියයි. කාමයන්හි වරදවා හැසිරීම ගරහයි. නින්දා කරයි. කාමයන්හි වරදවා හැසිරීමෙන් වළකිව් යයි කියයි. බොරු කීම ගරහයි. නින්දා කරයි. බොරු කීමෙන් වළකිව්යයි කියයි.
ගාමණිය, ඒ ශාස්තෲවරයා කෙරෙහි ශ්‍රාවක තෙම පැහැදුනේ වෙයිද’ හෙතෙම මෙසේ සිතයි ‘භාග්‍යවතුන් වහන්සේ වනාහි නොයෙක් අයුරින් සතුන් මැරීම ගරහයි. නින්දා කරයි. සතුන් මැරීමෙන් වළකිව්යයි ප්‍රකාශ කරති. ‘යම් මා විසින් යම් ඒ ප්‍රමාණයකින් සතුන් මරණ ලද්දේ වේ. යම් ඒ ප්‍රමාණයකින් මා විසින් සතුන් මරණ ලද්දේ, එය නරකය, එය යහපත් නොවේයයි ඒ හේතුවෙන් මම පසුතැවෙන්නෙම් මා විසින් ඒ පාපකර්මය නොකරන ලද්දේ නොවේය’ කියායි. හෙතෙම මෙසේ සිතා ඒ සතුන් මැරීම අත්හරියි. මත්තෙහිද සතුන් මැරීමෙන් වෙන් වූයේ වේ. මෙසේ මේ පාපකර්මයාගේ ප්රහාණය වේ. මෙසේ ඒ පාපකර්මයාගේ ඉක්මීම වේ.
“භාග්‍යවතුන් වහන්සේ වනාහි නොයෙක් අයුරින් සොරකම් කිරීම ගරහයි. නින්දා කරයි. සොරකමින් වළකිව්යයි ප්‍රකාශ කරති. ‘යම් ඒ ප්‍රමාණයකින් මා විසින් සොරකම් කරන ලද්දේය. මා විසින් යම් ඒ ප්‍රමාණයකින් සොරකම් කරන ලද්දේද, එය නරකය, යහපත් නොවේයයි මම පසුතැවෙන්නෙම් නම් ඒ හේතුවෙන් මා විසින් පාපකර්මය නොකරන ලද්දේ නොවෙයි. හෙතෙම මෙසේ සිතා ඒ සොරකම අත් හරියි. මත්තෙහිද සොරකමින් වෙන්වූයේ වේ. මෙසේ මේ පාපකර්මයාගේ ප්රහාණය වේ. මෙසේ ඒ පාපකර්මයාගේ ඉක්මීම වේ.
භාග්‍යවතුන් වහන්සේ වනාහි නොයෙක් අයුරින් කාමයෙහි වරදවා හැසිරීම ගරහයි. නින්දා කරයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකිව්යයි’ප්‍රකාශ කරති. ‘යම් ඒ පරිද්දෙකින් මා විසින් කාමයන්හි වරදවා හැසිරෙන ලදී. මා විසින් යම් ඒ පරිද්දෙකින් කාමයන්හි වරදවා හැසිරෙන ලද්දේද එය නරකය, එය යහපත් නොවේයයි මම ඒ හේතුවෙන් පසුතැවෙන්නෙම් නම් මා විසින් ඒ පාපකර්මය නොකරන ලද්දේ නොවෙයි.’හෙතෙම මෙසේ සිතා ඒ කාමයෙහි වරදවා හැසිරීම අත්හරියි. මත්තෙහිද කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වූයේ වේ. මෙසේ මේ පාපකර්මය ප්‍රහීණ වේ. මෙසේ මේ පාපකර්මයාගේ ඉක්මීම වේ.
“භාග්‍යවතුන් වහන්සේ වනාහි නොයෙක් අයුරින් බොරු කීම ගරහයි. නින්දා කරයි. බොරු කීමෙන් වළකිව්යයි ප්‍රකාශ කරති. ‘මා විසින් යම් ඒ ප්‍රමාණයකින් බොරු කියා ඇත. මා විසින් යම් ඒ ප්‍රමාණයකින් බොරු කියන ලද්දේද එය නරකය, එය යහපත් නොවේයයි පසුතැවෙන්නෙම් නම් ඒ හේතුවෙන් ඒ පාපකර්මය මා විසින් නොකරන ලද්දේ නොවෙයි’ හෙතෙම මෙසේ සිතා ඒ බොරු කීම අත්හරියි. මත්තෙහිද බොරු කීමෙන් වෙන්වූයේ වේ. මෙසේ ඒ පාපකර්මයාගේ ප්රහාණය වේ. මෙසේ ඒ පාපකර්මයාගේ ඉක්මවීම වේ.
“හෙතෙම සතුන් මැරීම අත්හැර සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. සොරකම් අත්හැර සොරකමින් වෙන්වූයේ වේ. කාමයෙහි වරදවා හැසිරීම අත්හැර කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වූයේ වේ. බොරුකීම අත්හැර බොරුකීමෙන් වෙන්වූයේ වේ. කේළාම් කීම අත්හැර කේළාම් කීමෙන් වෙන්වූයේ වේ. ඵරුෂවචන කීම අත්හැර ඵරුෂවචන කීමෙන් වෙන්වූයේ වේ. ප්‍රලාපකීම අත්හැර ප්‍රලාප කීමෙන් වෙන්වූයේ වේ. දැඩි ලෝභය අත්හැර දැඩි ලෝභ නැත්තේ වේ. ව්‍යාපාදය අත්හැර ව්‍යාපාද නැත්තෙක් වේ. මිථ්‍යාදෘෂ්ටිය අත්හැර සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වේ.
“ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ අභිධ්‍යාව පහකළේ ව්‍යාපාදය පහකළේ මුළා නොවූයේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ මෛත්‍රීසහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙවෙනි දිසාවක් එසේ තුන්වෙනි දිසාවක්, එසේ සතරවෙනි දිසාවක්, මෙසේ උඩ යට සරස සර්වප්රකාරයෙන් හැමතැන සියල්ල සහිත ලෝකය විශාලවූ මහද්ගතවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ මෛත්‍රි සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“ගාමණිය, බලවත් සක්පිඹින්නෙක් අපහසුවක් නැතිවම සතර දිසාවට දන්වන්නේද, එසේම ගාමිණිය මෙසේ වඩනලද මෙසේ බහුල වශයෙන් කරන ලද මෛත්‍රීසහගත සමාධිය කාමාවචර කර්මයෙන් මැඩ පැවැත්විය නොහේ. යටකළ නොහේ.
“ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ අභිධ්‍යාව පහකළේ ව්‍යාපාදය පහකළේ මුළානොවූයේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ කරුණාසහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙවෙනි දිසාවක් එසේ තුන්වෙනි දිසාවක්, එසේ සතරවන දිසාවක්. මෙසේ උඩ යට සරස සර්වප්රකාරයෙන් හැමතැන සියල්ල සහිත ලෝකය විශාලවූ මහද්ගතවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ කරුණාසහගත සිතින් පතුරුවා වාසය කරයි.
“ගාමණිය, බලවත් සක් පිඹින්නෙක් අපහසුවක් නැතිවම සතර දිසාවට දන්වන්නේද, එසේම ගාමිණිය මෙසේ වඩන ලද, මෙසේ බහුල වශයෙන් කරන ලද කරුණාසහගත සමාධිය කාමාවචර කර්මයෙන් මැඩ පැවැත්විය නොහේ. යටකළ නොහේ.
“ගාමණිය, ඒ ආර්යශ්‍රාවක තෙම මෙසේ අභිධ්‍යාව පහකළේ ව්‍යාපාදය පහකළේ මුළානොවූයේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙවෙනි දිසාවක්, එසේ තුන්වෙනි දිසාවක්, එසේ සතරවන දිසාවක්, මෙසේ උඩ යට සරස සර්වප්රකාරයෙන් හැමතැන සියල්ල සහිත ලෝකය විශාලවූ මහද්ගතවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ, මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“ගාමණිය, බලවත් සක් පිඹින්නෙක් අපහසුවක් නැතිවම සතර දිසාවට දන්වන්නේද, එසේම ගාමිණිය මෙසේ වඩනලද මෙසේ බහුල වශයෙන් කරන ලද මුදිතාසහගත සමාධිය කාමාවචර කර්මයෙන් මැඩ පැවැත්විය නොහේ. යටකළ නොහේ.
“ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ අභිධ්‍යාව පහකළේ ව්‍යාපාදය පහකළේ මුළානොවූයේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ උපේක්ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙවන දිසාවක්, එසේ තුන්වන දිසාවක්, එසේ සතරවන දිසාවක්. මෙසේ උඩ යට සරස සර්වප්රකාරයෙන් හැම තැන සියල්ල සහිත ලෝකය විශාලවූ මහද්ගතවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ උපේක්ෂාසහගත සිතින් පතුරුවා වාසය කරයි.
“ගාමණිය, බලවත් සක් පිඹින්නෙක් අපහසුවක් නැතිවම සතර දිසාවට දන්වන්නේද, එසේම ගාමිණිය මෙසේ වඩන ලද මෙසේ බහුල වශයෙන් කරන ලද උපේක්ෂා සහගත සමාධිය කාමාවචර කර්මයෙන් මැඩපැවැත්විය නොහේ. යට කළ නොහේ.”
මෙසේ වදාළ කල්හි අසිබන්ධක පුත්‍රවූ ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, යහපත. ස්වාමීනි, යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද වැසුණ දෙයක් විවෘතකරන්නේද, මංමුළාවූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තාහු රූප දකිත්වයි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ මම ධර්මයද භික්ෂු සංඝයාද සහිත භාග්‍යවතුන් වහන්සේ පිහිට කොට යමි. අද පටන් ජීවිතාන්තය දක්වා සරණගත උපාසකයෙකු කොට මා දරන සේක්වායි” කීයේය.
|
9. කුලසුත්තං | 9. කුල සූත්‍රය |
361
එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන නාළන්දා තදවසරි
තෙන ඛො පන සමයෙන නාළන්දා දුබ්භික්ඛා හොති ද්වීහිතිකා සෙතට්ඨිකා සලාකාවුත්තා. තෙන ඛො පන සමයෙන නිගණ්ඨො නාටපුත්තො නාළන්දායං පටිවසති මහතියා නිගණ්ඨපරිසාය සද්ධිං. අථ ඛො අසිබන්ධකපුත්තො ගාමණි නිගණ්ඨසාවකො යෙන නිගණ්ඨො නාටපුත්තො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා නිගණ්ඨං නාටපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අසිබන්ධකපුත්තං ගාමණිං නිගණ්ඨො නාටපුත්තො එතදවොච - ‘‘එහි ත්වං, ගාමණි, සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙහි. එවං තෙ කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡිස්සති - ‘අසිබන්ධකපුත්තෙන ගාමණිනා සමණස්ස ගොතමස්ස එවංමහිද්ධිකස්ස එවංමහානුභාවස්ස වාදො ආරොපිතො’’’ති.
‘‘කථං පනාහං, භන්තෙ, සමණස්ස ගොතමස්ස එවංමහිද්ධිකස්ස එවංමහානුභාවස්ස වාදං ආරොපෙස්සාමී’’ති
‘‘නනු, භන්තෙ, භගවා අනෙකපරියායෙන කුලානං අනුද්දයං වණ්ණෙති, අනුරක්ඛං වණ්ණෙති, අනුකම්පං වණ්ණෙතී’’ති? ‘‘එවං, ගාමණි, තථාගතො අනෙකපරියායෙන කුලානං අනුද්දයං වණ්ණෙති, අනුරක්ඛං වණ්ණෙති, අනුකම්පං වණ්ණෙතී’’ති. ‘‘අථ කිඤ්චරහි, භන්තෙ, භගවා දුබ්භික්ඛෙ ද්වීහිතිකෙ සෙතට්ඨිකෙ සලාකාවුත්තෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං චාරිකං
|
361
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂු සමූහයක් සමග කොසොල් රට සැරිසරන සේක් නාලන්දාව යම් තැනෙක්හිද එහි වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ නාලන්දා නුවර පාවාරික අඹ වනයෙහි වාසය කරයි. ඒ කාලයෙහි නාලන්දාවෙහි (ජීවත් වෙමුද, නොවෙමුදැයි) සැක සිතෙන, (මළ මිනිසුන්ගේ) සුදුවූ ඇට (තැනින් තැන) ඇති, (වපුරණ ලද්දේ) කෝටු පමණක් ඇති දුර්භික්ෂයක් වූයේය.
ඒ කාලයෙහි නිගණ්ඨනාත පුත්‍ර තෙමේද මහත් නිගණ්ඨ පිරිසක් සමග නාලන්දා නුවර වාසය කරයි. ඉක්බිති නිගණ්ඨනාත ශ්‍රාවකවූ අසිබන්ධක පුත්‍ර ගාමණිතෙම නිගණ්ඨනාත පුත්‍රතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ නිගණ්ඨනාතපුත්‍ර වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් අසිබන්ධකපුත්ර ගාමණීට නිගණ්ඨනාත පුත්‍රතෙම “ගාමණිය, ඔබ මෙහි එව, ශ්‍රමණ භවත් ගෞතමයන් හා වාදයක් නගව, ‘මෙසේ මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති ශ්‍රමණභවත් ගෞතමයන්ට අසිබන්ධකපුත්ර ගාමණී විසින් වාදයක් නගන ලද්දේයයි’ මෙසේ තොපගේ යහපත් කීර්ති ශබ්දය පැන නගින්නේයයි කීය.
“ස්වාමීනි, මෙසේ මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති ශ්‍රමණ භවත් ගෞතමයන්ට මම කෙසේ වාදයක් නගන්නෙම්ද?"
“ගාමණිය, එම ශ්‍රමණ ගෞතමතෙම යම් තැනෙක්හිද එතැනට යව, ගොස් ශ්‍රමණ ගෞතමයන්ට ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අයුරින් කුලයන්ට දයාව, ආරක්ෂාව, අනුකම්පාව වර්ණනා කරන්නේ නොවේදැයි’ අසව. ඉදින් ගාමණිය, මෙසේ අසන ලද ශ්‍රමණ ගෞතමතෙම ‘ගාමණිය, එසේය, තථාගතතෙම නොයෙක් අයුරින් කුලයන්ට දයාව, ආරක්ෂාව, අනුකම්පාව, වර්ණනා කෙරේයයි’ මෙසේ ප්‍රකාශ කරයි නම් ඔහුට ඔබ ‘ස්වාමීනි, ඉදින් එසේ නම් භාග්‍යවතුන් වහන්සේ කුමක් හෙයින් ජීවත්වෙමුද නොවෙමුදැයි සැක සිතෙන, මළවුන්ගේ සුදු ඇට තැනින් තැන ඇති, වපුරණ ලද්දේ කෝටු පමණක් ඇති දුර්භික්ෂයෙහි මහත් භික්ෂු සමූහයක් සමග චාරිකාවෙහි හැසිරේද? භාග්‍යවතුන් වහන්සේ කුලයන්ගේ නැසීම පිණිස පිළිපන්නෝය. භාග්‍යවතුන් වහන්සේ කුලයන්ගේ විනාශය පිණිස පිළිපන්නෝය. භාග්‍යවතුන් වහන්සේ කුලයන්ගේ හානිය පිණිස පිළිපන්නෝයයි’ කියව. ගාමිණිය, තොප විසින් මේ උභතෝකෝටික ප්රශ්නය අසන ලද ශ්‍රමණ ගෞතමයන්ට ගිලින්ට හෝ වමාරන්ට හෝ නොහැකිවේයයි” කීයේය.
“ස්වාමීනි, එසේයයි” අසිබන්ධක පුත්‍ර ගාමණිතෙම නිගණ්ඨනාත පුත්‍රයාට පිළිතුරු දී හුනස්නෙන් නැගිට නිගණ්ඨනාත පුත්‍රයා වැඳ ගරු කොට භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක සිටියේය. එක්පසෙක සිටි අසිබන්ධක පුත්‍ර ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේට, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අයුරින් කුලයන්ට දයාව, ආරක්ෂාව, අනුකම්පාව වර්ණනා කරන්නේ නොවේද?”
“ගාමණිය, එසේය. තථාගතතෙමේ නොයෙක් අයුරින් කුලයන්ට දයාව, ආරක්ෂාව, අනුකම්පාව වර්ණනා කරයි.”
"ස්වාමීනි, එසේනම්, කුමක් හෙයින් භාග්‍යවතුන් වහන්සේ ජීවත් වෙමුද, නොවෙමුදැයි සැක සිතෙන, මළවුන්ගේ සුදු ඇට තැනින් තැන ඇති, වපුරණ ලද්දේ කෝටු පමණක් ඇති මේ දුර්භික්ෂයෙහි මහත් භික්ෂු සමූහයක් සමග චාරිකාවෙහි හැසිරේද, භාග්‍යවතුන් වහන්සේ කුලයන්ගේ සිඳීම පිණිස පිළිපන්නෝය. කුලයන්ගේ විනාශය පිණිස පිළිපන්නෝය. කුලයන්ගේ හානිය පිණිස පිළිපන්නෝ යයි” කීයේය.
“ගාමණිය, මම මෙයින් අනූඑක්කල්පයක් සිහිකරමි. ඒ කාලය තුළ ඉදුණු යමක් දීමෙන් විනාශවුණු එක කුලයක් වත් නොදනිමි. තවද ආඪ්‍යවූ මහත් ධන ඇති මහත් භෝග ඇති බොහෝ රන් රිදී ඇති බොහෝ උපකරණ ඇති බොහෝ ධන ධාන්‍ය ඇති යම් ඒ කුලයෝ වෙත්ද, ඒ සියලු කුලයෝ දානයෙන් ඇතිවූහ. සත්‍යයෙන් ඇතිවූහ. සංයමයෙන් ඇති වූහ.
ගාමණිය, කුලයන් විනාශයට හේතු අටක් වෙත්. ප්‍රත්‍යය අටක් වෙත්. රජුන්ගෙන් හෝ කුලයෝ විනාශයට යත්. සොරුන්ගෙන් හෝ කුලයෝ විනාශයට යත්. ගින්නෙන් හෝ කුලයෝ විනාශයට යත්. ජලයෙන් හෝ කුලයෝ විනාශයට යත්. නිදන් කරන ලද්දේ හෝ නොලැබෙත්. නපුරු කොට යොදන ලද සේවකයෝ හෝ කර්මාන්ත අත් හරිත්. ඒ වස්තු වියදම් කරන විනාශ කරන නැති කරන කුලයට අඟුරක් වැනියෙක් හෝ පහළවෙයි. අනිත්‍යතාව අටවැනි කාරණය වෙයි. ගාමිණී, කුල නැසීම පිණිස මේ හේතු අට ය. ප්‍රත්‍යය අට ය. ගාමණිය, මේ හේතු අට, ප්‍රත්‍යය අට ඇති කල්හි විද්‍යමාන කල්හි යමෙක් "භාග්‍යවත්තෙමේ කුලයන්ගේ සිඳීම පිණිස පිළිපන්නේය. භාග්‍යවත්තෙමේ කුලයන්ගේ විනාශය පිණිස පිළිපන්නේය. භාග්‍යවත්තෙමේ කුලයන්ගේ හානිය පිණිස පිළිපන්නේය"යි මට මෙසේ කියන්නේ නම් ගාමණිය, ඒ වචනය අත්නොහැර ඒ සිත අත්නොහැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට හෙතෙමේ ගෙන එන ලද්දක් බිම තබන්නේ යම්සේද එසේ නරකයෙහි උපදින්නේයයි” වදාළේය.
මෙසේ වදාළ කල්හි අසිබන්ධක ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, යහපත. ස්වාමීනි, යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණ දෙයක් විවෘත කරන්නේද, මුළාවූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තාහු රූප දකිත්වයි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ මම ධර්මයද, භික්ෂුසංඝයාද සහිත භාග්‍යවතුන් වහන්සේ පිහිට කොට යෙමි. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයෙකු කොට මා දරන සේක්වා”යි කීයේය.
|
10. මණිචූළකසුත්තං | 10. මණිචූළක සූත්‍රය |
362
එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන රාජන්තෙපුරෙ රාජපරිසාය සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරාකථා උදපාදි - ‘‘කප්පති සමණානං සක්යපුත්තියානං ජාතරූපරජතං, සාදියන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං, පටිග්ගණ්හන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජත’’න්ති!
තෙන ඛො පන සමයෙන මණිචූළකො ගාමණි තස්සං පරිසායං නිසින්නො හොති. අථ ඛො මණිචූළකො ගාමණි තං පරිසං එතදවොච - ‘‘මා අය්යො
(අය්යා (සී. පී.)) එවං අවචුත්ථ. න කප්පති සමණානං සක්යපුත්තියානං ජාතරූපරජතං, න සාදියන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං, නප්පටිග්ගණ්හන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං, නික්ඛිත්තමණිසුවණ්ණා සමණා සක්යපුත්තියා අපෙතජාතරූපරජතා’’ති. අසක්ඛි ඛො මණිචූළකො ගාමණි තං පරිසං සඤ්ඤාපෙතුං. අථ ඛො මණිචූළකො ගාමණි යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං
‘‘තග්ඝ ත්වං, ගාමණි, එවං බ්යාකරමානො වුත්තවාදී චෙව මෙ හොසි, න ච මං අභූතෙන අබ්භාචික්ඛසි, ධම්මස්ස චානුධම්මං බ්යාකරොසි, න ච කොචි සහධම්මිකො වාදානුවාදො ගාරය්හං ඨානං ආගච්ඡති. න හි, ගාමණි, කප්පති සමණානං සක්යපුත්තියානං ජාතරූපරජතං, න සාදියන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං, නප්පටිග්ගණ්හන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං, නික්ඛිත්තමණිසුවණ්ණා සමණා සක්යපුත්තියා අපෙතජාතරූපරජතා. යස්ස ඛො, ගාමණි, ජාතරූපරජතං කප්පති, පඤ්චපි තස්ස කාමගුණා කප්පන්ති. යස්ස පඤ්ච කාමගුණා කප්පන්ති ( )
((තස්සපි ජාතරූපරජතං කප්පති,) (ස්‍යා. කං.)), එකංසෙනෙතං
|
362
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප නම් වේළුවනාරාමයෙහි වාසය කරන සේක. ඒ කාලයෙහි රජුගේ ඇතුළු නුවරෙහි රාජ පිරිසෙහි රැස්වූවන් අතරෙහි මේ කථාව ඇතිවිය. ‘ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන් රිදී කහවණු කැප ය. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ රන් රිදී කහවණු ඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු පිළිගනිති'යි යනුයි.
ඒ කාලයෙහි මණිචූළක ගාමණි තෙම ඒ පිරිසෙහි හුන්නේ විය. එකල්හි මණිචූළකතෙම, “ආචාර්යයෝ මෙසේ නොකියත්වා, ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන් රිදී කහවණු කැප නැත. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු නොඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු නොපිළිගනිත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණුවලින් දුරුවූවෝයයි” කීය. මණිචූළක ගාමණි ඒ පිරිසට අවබෝධ කරවන්ට හැකි විය.
“ඉක්බිති මණිචූලක ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් මණිචූලක ගාමණි තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, මෙහි රජුගේ ඇතුල් නගරයෙහි රජ පිරිසෙහි රැස්වූවන් අතර ‘ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන් රිදී කහවණු කැප ය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු ඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු පිළිගනිති'යි යන මේ කථාව පහළ විය. ස්වාමීනි, මෙසේ කී ඒ පිරිසට මම ‘ආර්යයෙනි එසේ නොකියනු මැනව. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන් රිදී කහවණු අකැපය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු නොඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු නොපිළිගනිත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ බහා තබන ලද රන් රුවන් ඇත්තාහ. ඉවත්කළ රන් රිදී කහවණු ඇත්තාහ'යි කීවෙමි. ස්වාමීනි, මට ඒ පිරිසට අවබෝධ කරවන්නට හැකි විය. ස්වාමීනි, කිමෙක්ද මෙසේ කියන්නාවූ මම භාග්‍යවතුන් වහන්සේ කියන ලද්දක් කියන්නෙක් වූයෙම්ද? භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් චෝදනා නොකෙරෙම්ද? ධර්මයට අනුකූල දෙයක් ප්‍රකාශ කෙරෙම්ද? කිසියම් කරුණු සහිත, වාදයකින් ගැරහිය යුතු තැනට නොපැමිණෙම්ද? යනුයි.
“ගාමණිය, මෙසේ ප්‍රකාශ කරනු ලැබූ ඔබ ඒකාන්තයෙන් මා විසින් කියන ලද්දක්ම කියන්නෙක් වූයෙහිය. ඔබ බොරුවෙන් චෝදනා නොකරන්නෙහිය. ධර්මයට අනුකූල දෙයක් ප්‍රකාශ කෙළෙහිය. කිසියම් කරුණු සහිත වාදයකින් ගැරහිය යුතු තැනට නොපැමිණියේයි. ගාමණිය, ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන් රිදී කහවණු අකැපය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු නොඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු පිළිනොගනිත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ බහා තබන ලද රන් රුවන් ඇත්තාහ. ඉවත්කළ රන් රිදී කහවණු ඇත්තාහ.
ගාමණිය, යමෙකුට රන් රිදී කහවණු කැප නම්, ඔහුට පස්කම් සැපම කැප වෙත්. යමෙකුට පස්කම් ගුණ කැප වේ නම්, ඒකාන්තයෙන් අශ්‍රමණ ධර්ම ඇත්තෙක. අශාක්‍යපුත්‍රීය ධර්ම ඇත්තෙකැ යි මෙය දරන්නෙහි ය. එහෙත් ගාමණිය මම මෙසේ කියමි. තෘණ කැමැත්තවුන් විසින් තෘණ සෙවිය යුතුය. ලී දඬු කැමැත්තන් විසින් ලී දඬු සෙවිය යුතුය. ගැල්වලින් ප්‍රයෝජන ඇත්තන් විසින් ගැල් සෙවිය යුතුය. පුරුෂයන්ගෙන් ප්‍රයෝජන ඇත්තන් විසින් පුරුෂයන් සෙවිය යුතුය. ගාමණිය, මම කිසිම ආකාරයකින් රන් රිදී මසු සෙවිය යුතුයයි, ඉවසිය යුතුයැයි නොකියමියි.” වදාළසේක.
|
11. භද්‍රකසුත්තං | 11. භද්‍රක සූත්‍රය |
363
එකං සමයං භගවා මල්ලෙසු විහරති උරුවෙලකප්පං නාම මල්ලානං නිගමො. අථ ඛො භද්රකො ගාමණි යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො භද්රකො ගාමණි භගවන්තං එතදවොච - ‘‘සාධු මෙ, භන්තෙ, භගවා දුක්ඛස්ස සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච දෙසෙතූ’’ති. ‘‘අහඤ්චෙ
(අහඤ්ච (ස්‍යා. කං. ක.)) තෙ, ගාමණි, අතීතමද්ධානං ආරබ්භ
‘‘තං කිං මඤ්ඤසි, ගාමණි, අත්ථි තෙ උරුවෙලකප්පෙ මනුස්සා යෙසං තෙ වධෙන වා බන්ධෙන වා ජානියා වා ගරහාය වා උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’’ති? ‘‘අත්ථි මෙ, භන්තෙ, උරුවෙලකප්පෙ මනුස්සා යෙසං මෙ වධෙන වා බන්ධෙන වා ජානියා වා ගරහාය වා උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’’ති. ‘‘අත්ථි පන තෙ, ගාමණි, උරුවෙලකප්පෙ මනුස්සා යෙසං තෙ
‘‘තං
‘‘තං කිං මඤ්ඤසි, ගාමණි, යදා තෙ චිරවාසිමාතා
(චිරවාසිස්ස මාතා (සී. පී.)) අදිට්ඨා අහොසි, අස්සුතා අහොසි, තෙ චිරවාසිමාතුයා ඡන්දො වා රාගො වා පෙමං වා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘දස්සනං වා තෙ, ගාමණි, ආගම්ම සවනං වා එවං තෙ අහොසි - ‘චිරවාසිමාතුයා ඡන්දො වා රාගො වා පෙමං වා’’’ති? ‘‘එවං, භන්තෙ’’.
‘‘තං කිං මඤ්ඤසි, ගාමණි, චිරවාසිමාතුයා තෙ වධෙන වා බන්ධෙන වා ජානියා වා ගරහාය වා උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’’ති? ‘‘චිරවාසිමාතුයා
|
363
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මල්ල ජනපදයන්හි උරුවෙල කප්ප නම් මල්ල රජවරුන්ගේ නියම් ගමෙහි වාසය කරන සේක. එකල්හි භද්‍රක ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නේය. එක්පසෙක හුන් භද්‍රක ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට දුකට හේතුවද, දුක නැතිකිරීමද, දේශනා කරන්නේ නම් යහපතැයි කීයේය.
“ඉදින් ගාමණිය, මම ඔබට අතීත කාලයෙහි මෙසේ වී යයි අතීත කාලය අරබයා දුකට හේතුවද දුක නැති කිරීමද දේශනා කරන්නෙම් නම් එහි ඔබට සැකයක් විමතියක් වන්නේය. ගාමණිය, මම ඔබට අනාගත කාලය අරබයා අනාගත කාලයෙහි මෙසේ වන්නේ යයි දුකට හේතුවත් දුක නැති කිරීමත් ඉදින් දේශනා කරන්නෙම් නම් එහිද ඔබට සැකයක් විමතියක් වන්නේය. ගාමණිය, මෙහි ඉන්නාවූ මම, මෙහි ඉන්නාවූ තොපට දුකට හේතුවද දුක නැති කිරීමද, දේශනා කරන්නෙමි. එය අසව. යහපත් සේ මෙනෙහි කරව. දේශනා කරන්නෙමි”යි වදාළේය.
“එසේයයි ස්වාමීනි, භද්‍රක ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
“ගාමණිය, ඒ කුමකැයි සිතන්නෙහිද යම් කෙනෙකුන්ගේ මරණයෙන් හෝ හිරකිරීමකින් හෝ ධන හානියකින් හෝ නින්දාවකින් හෝ ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් උපදින්නාහු නම් එවැනි මනුෂ්‍යයෝ තොපට මේ උරුවෙලකප්පයෙහි ඇත්තාහුද?”
“ස්වාමීනි, යම් කෙනෙකුන්ගේ මරණයෙන් හෝ හිර කිරීමකින් හෝ ධන හානියකින් හෝ නින්දාවකින් හෝ මට ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් උපදිත් නම් උරුවෙලකප්පයෙහි මට එබඳු මනුෂ්‍යයෝ ඇත්තාහුය.”
“ගාමණිය, යම් කෙනෙකුන්ගේ මරණයෙන් හෝ හිර කිරීමකින් හෝ ධන හානියෙන් හෝ නින්දාවකින් හෝ ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් නූපදින්නාහුද එබඳු මනුෂ්‍යයෝ තොපට මේ උරුවෙලකප්පයෙහි ඇත්තාහුද?”
“ස්වාමීනි, යම් කෙනෙකුන්ගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ මට ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් නූපදිත්ද, උරුවෙලකප්පයෙහි මට එවැනි මනුෂ්‍යයෝද ඇත.”
“ගාමණිය, ඇතැම් උරුවෙලකප්පවාසී මනුෂ්‍යයන්ගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් උපදින්නාහුද, ඊට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද? ගාමණිය, ඇතැම් උරුවෙලකප්පවාසී මනුෂ්‍යයන්ගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් නූපදින්නාහුද, ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ස්වාමීනි, මට යම් උරුවෙලකප්පවාසී මනුෂ්‍යයන්ගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ හානියෙන් හෝ නින්දාවෙන් හෝ ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් උපදින්නාහුද, ඔවුන් කෙරෙහි මගේ ආශාවක් ඇත්තේය. ස්වාමීනි, මට යම් උරුවෙලකප්පවාසී මනුෂ්‍යයන්ගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් නූපදින්නාහු නම්, ඔවුන් කෙරෙහි මට ආශාවක් නැත්තේය.”
“ගාමණිය, ඔබ දක්නා ලද, ප්‍රකට කරන ලද, පැමිණෙන ලද, බැස ගන්නා ලද මේ ධර්මයෙන් අතීත, අනාගත දෙකත් දැනගනුව. අතීත අනාගතවූ යම් දුකක් උපදීද ඒ සියල්ලද ආශාව මුල්කොට ඇත්තේය. ආශාව හේතුකොට ඇත්තේය. ආශාව දුකට මුල්වෙයි. යම් කිසි අනාගත දුකක් උපදින්නේද, ඒ සියල්ල ආශාව මුල්කොට ඇත්තේය. ආශාව හේතුකොට ඇත්තේය. ආශාව දුකට මුලයයි වදාළ සේක.
“ස්වාමීනි, ආශ්චර්යය. ස්වාමීනි, අද්භූතය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ යම්කිසි අතීත දුකක් උපදීද, ඒ සියල්ල ආශාව මුල්කොට ඇත්තේය. ආශාව හේතුකොට ඇත්තේය. ආශාව දුකට මුලයයිද; යම්කිසි අනාගත දුකක් උපදින්නේද, ඒ සියල්ල ආශාව මුල්කොට ඇත්තේය. ආශාව හේතුකොට ඇත්තේය. ආශාව දුකට මුලයයිද වදාළ වචනය ඉතා යහපත් කොට වදාරණ ලදැයි” කීය.
“ස්වාමීනි, මට නුවරින් පිට වාසය කරන්නා වූ චිරවාසී නම් කුමරෙක් ඇත. ස්වාමීනි, ඒ මම වේලාසනින්ම නැගිට ‘බොල යව, චිරවාසී කුමාරයාගේ සුවදුක් දැන එවයි’ පුරුෂයකු යවන්නෙමි. ස්වාමීනි, යම්තාක් ඒ පුරුෂතෙම නොඑයිද චිරවාසී කුමාරයාට කිසි ආබාධයක්වත් දැයි මගේ සිත වෙනස් වෙයි.
“ගාමණිය, ඒ කුමකැයි හඟින්නෙහිද, ඔබගේ චීරවාසී කුමාරයාගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් උපදින්නාහුද?”
“ස්වාමීනි, චිරවාසී කුමාරයාගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ මාගේ දිවියෙහි ද වෙනසක් වන්නේය. කුමක් හෙයින් ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් නූපදින්නාහුද?”
“ගාමණිය, මේ ආකාරයෙන්ද යම් කිසි දුකක් උපදී නම් ඒ සියල්ල ආශාව මුල් කොට ඇත්තේය. ආශාව හේතු කොට ඇත්තේය දුකට ආශාවම මුලයයි දත යුතුයි.
“ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද? යම් (කිසි) කලෙක්හි තොප විසින් චිරවාසී කුමාරයාගේ මව නොදක්නා ලද්දීද, නොඅසන ලද්දීද, එකල්හි චිරවාසී කුමාරයාගේ මව කෙරෙහි කැමැත්තක් හෝ ආශාවක් හෝ ප්‍රේමයක් හෝ වූයේද?” “ස්වාමීනි, එසේ නොවීය.”
“ගාමණිය තොපට දැකීම නිසා හෝ ගාමණිය තොපට ඇසීම නිසා හෝ චිරවාසී කුමාරයාගේ මව කෙරෙහි කැමැත්ත හෝ ආශාව හෝ ප්‍රේමය හෝ වූයේද?” “ස්වාමීනි, එසේය.”
“ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද? තොපට චිරවාසී කුමාරයාගේ මවගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් උපදින්නාහුද?”
“ස්වාමීනි, චිරවාසී කුමාරයාගේ මවගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ මාගේ දිවියෙහි ද වෙනසක් වන්නේය. කුමක් නිසා මට ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් නූපදින්නාහුද?"
‘ගාමණිය, මේ කරුණින්ද යම්කිසි දුකක් උපදී නම් ඒ සියල්ල ආශාව මුල් කොට ඇත්තේය. ආශාව හේතු කොට ඇත්තේය. දුකට ආශාවම මුලයයි දත යුතුය'යි වදාළේය.
|
12. රාසියසුත්තං | 12. රාසිය සූත්‍රය |
364
අථ
‘‘ද්වෙමෙ, ගාමණි, අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා - යො චායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථසංහිතො, යො චායං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථසංහිතො. එතෙ තෙ, ගාමණි, උභො අන්තෙ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා
‘‘තයො ඛො මෙ, ගාමණි, කාමභොගිනො සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො? ඉධ, ගාමණි, එකච්චො කාමභොගී අධම්මෙන භොගෙ පරියෙසති, සාහසෙන අධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙන න අත්තානං සුඛෙති න පීණෙති න සංවිභජති න පුඤ්ඤානි කරොති. ඉධ පන, ගාමණි, එකච්චො කාමභොගී අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙන. අධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙන අත්තානං සුඛෙති පීණෙති, න සංවිභජති න පුඤ්ඤානි කරොති. ඉධ පන, ගාමණි, එකච්චො කාමභොගී අධම්මෙන භොගෙ පරියෙසති
‘‘ඉධ පන, ගාමණි, එකච්චො කාමභොගී ධම්මාධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනපි අසාහසෙනපි. ධම්මාධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙනපි අසාහසෙනපි න
‘‘ඉධ පන, ගාමණි, එකච්චො කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙන. ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන න අත්තානං සුඛෙති, න පීණෙති, න සංවිභජති, න පුඤ්ඤානි කරොති. ඉධ පන, ගාමණි, එකච්චො කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙන. ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන අත්තානං සුඛෙති පීණෙති, න සංවිභජති, න පුඤ්ඤානි කරොති. ඉධ පන, ගාමණි, එකච්චො කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙන. ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන අත්තානං සුඛෙති පීණෙති සංවිභජති පුඤ්ඤානි කරොති. තෙ ච භොගෙ ගධිතො
(ගථිතො (සී.)) මුච්ඡිතො අජ්ඣොපන්නො අනාදීනවදස්සාවී අනිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති. ඉධ පන, ගාමණි, එකච්චො කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙන. ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන
‘‘තත්ර
‘‘තත්ර, ගාමණි, ය්වායං කාමභොගී අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙන, අධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙන අත්තානං සුඛෙති පීණෙති, න සංවිභජති, න පුඤ්ඤානි කරොති. අයං, ගාමණි, කාමභොගී ද්වීහි ඨානෙහි ගාරය්හො, එකෙන ඨානෙන පාසංසො. කතමෙහි ද්වීහි ඨානෙහි ගාරය්හො? අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනාති, ඉමිනා පඨමෙන ඨානෙන ගාරය්හො. න සංවිභජති, න පුඤ්ඤානි කරොතීති, ඉමිනා දුතියෙන ඨානෙන ගාරය්හො. කතමෙන එකෙන ඨානෙන
‘‘තත්ර, ගාමණි, ය්වායං කාමභොගී අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙන, අධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙන
‘‘තත්ර, ගාමණි, ය්වායං කාමභොගී ධම්මාධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනපි අසාහසෙනපි, ධම්මාධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙනපි අසාහසෙනපි න අත්තානං සුඛෙති, න පීණෙති, න සංවිභජති, න
‘‘තත්ර, ගාමණි, ය්වායං කාමභොගී ධම්මාධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනපි අසාහසෙනපි, ධම්මාධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙනපි අසාහසෙනපි අත්තානං සුඛෙති පීණෙති, න සංවිභජති, න පුඤ්ඤානි කරොති. අයං, ගාමණි, කාමභොගී ද්වීහි ඨානෙහි පාසංසො, ද්වීහි
‘‘තත්ර, ගාමණි, ය්වායං කාමභොගී ධම්මාධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනපි අසාහසෙනපි, ධම්මාධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙනපි අසාහසෙනපි අත්තානං සුඛෙති පීණෙති සංවිභජති පුඤ්ඤානි කරොති. අයං, ගාමණි, කාමභොගී තීහි ඨානෙහි පාසංසො, එකෙන ඨානෙන ගාරය්හො. කතමෙහි තීහි ඨානෙහි පාසංසො? ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙනාති, ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. අත්තානං සුඛෙති පීණෙතීති, ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. සංවිභජති පුඤ්ඤානි කරොතීති, ඉමිනා තතියෙන ඨානෙන පාසංසො. කතමෙන එකෙන ඨානෙන ගාරය්හො? අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනාති
‘‘තත්ර, ගාමණි, ය්වායං කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙන
‘‘තත්ර
‘‘තත්ර, ගාමණි, ය්වායං කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙන
‘‘තත්ර, ගාමණි, ය්වායං කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙන, ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන අත්තානං සුඛෙති පීණෙති සංවිභජති පුඤ්ඤානි කරොති. තෙ
‘‘තයොමෙ, ගාමණි, තපස්සිනො ලූඛජීවිනො සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො? ඉධ, ගාමණි, එකච්චො තපස්සී ලූඛජීවී සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති - ‘අප්පෙව නාම කුසලං ධම්මං අධිගච්ඡෙය්යං, අප්පෙව නාම උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං
‘‘ඉධ පන, ගාමණි, එකච්චො තපස්සී ලූඛජීවී සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති - ‘අප්පෙව නාම කුසලං ධම්මං අධිගච්ඡෙය්යං, අප්පෙව නාම උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරෙය්ය’න්ති. සො අත්තානං ආතාපෙති පරිතාපෙති, කුසලඤ්හි ඛො ධම්මං අධිගච්ඡති, උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං න සච්ඡිකරොති.
‘‘ඉධ
‘‘තත්ර, ගාමණි, ය්වායං තපස්සී ලූඛජීවී අත්තානං ආතාපෙති පරිතාපෙති, කුසලඤ්ච ධම්මං නාධිගච්ඡති, උත්තරි ච මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං න සච්ඡිකරොති. අයං, ගාමණි, තපස්සී ලූඛජීවී තීහි ඨානෙහි ගාරය්හො. කතමෙහි තීහි ඨානෙහි ගාරය්හො? අත්තානං ආතාපෙති පරිතාපෙතීති, ඉමිනා පඨමෙන ඨානෙන ගාරය්හො. කුසලඤ්ච ධම්මං නාධිගච්ඡතීති, ඉමිනා දුතියෙන ඨානෙන ගාරය්හො. උත්තරි ච මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං න සච්ඡිකරොතීති, ඉමිනා තතියෙන ඨානෙන ගාරය්හො. අයං, ගාමණි, තපස්සී ලූඛජීවී, ඉමෙහි තීහි ඨානෙහි ගාරය්හො.
‘‘තත්ර, ගාමණි, ය්වායං තපස්සී ලූඛජීවී අත්තානං ආතාපෙති පරිතාපෙති, කුසලඤ්හි ඛො ධම්මං අධිගච්ඡති, උත්තරි ච මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං න සච්ඡිකරොති. අයං, ගාමණි, තපස්සී ලූඛජීවී ද්වීහි ඨානෙහි ගාරය්හො, එකෙන ඨානෙන පාසංසො. කතමෙහි ද්වීහි ඨානෙහි ගාරය්හො? අත්තානං ආතාපෙති පරිතාපෙතීති, ඉමිනා පඨමෙන ඨානෙන ගාරය්හො. උත්තරි ච මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං න සච්ඡිකරොතීති, ඉමිනා දුතියෙන ඨානෙන ගාරය්හො. කතමෙන එකෙන ඨානෙන පාසංසො? කුසලඤ්හි ඛො ධම්මං අධිගච්ඡතීති, ඉමිනා
‘‘තත්ර
‘‘තිස්සො ඉමා, ගාමණි, සන්දිට්ඨිකා නිජ්ජරා අකාලිකා එහිපස්සිකා ඔපනෙය්‍යිකා පච්චත්තං වෙදිතබ්බා විඤ්ඤූහි. කතමා තිස්සො? යං රත්තො රාගාධිකරණං අත්තබ්‍යාබාධායපි චෙතෙති, පරබ්‍යාබාධායපි චෙතෙති, උභයබ්‍යාබාධායපි චෙතෙති. රාගෙ පහීනෙ නෙවත්තබ්‍යාබාධාය චෙතෙති, න පරබ්‍යාබාධාය චෙතෙති, න උභයබ්‍යාබාධාය චෙතෙති. සන්දිට්ඨිකා නිජ්ජරා අකාලිකා එහිපස්සිකා ඔපනෙය්‍යිකා පච්චත්තං වෙදිතබ්බා විඤ්ඤූහි. යං දුට්ඨො දොසාධිකරණං අත්තබ්‍යාබාධායපි චෙතෙති, පරබ්‍යාබාධායපි චෙතෙති, උභයබ්‍යාබාධායපි
එවං වුත්තෙ, රාසියො ගාමණි භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භන්තෙ...පෙ.... උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති. ද්වාදසමං.
|
364
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. ඉක්බිති රාසිය නම් ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් රාසිය ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ‘ශ්‍රමණ ගෞතමතෙම සියලු තපස්වලට ගර්හා කරති. රූක්ෂව ජීවත් වන සියලු තපස් ඇත්තන්ට ඒකාන්තයෙන් දොස් කියත්. ආක්‍රොශ කෙරෙත් යයි,’ මෙය මා විසින් අසන ලදී. ස්වාමීනි, යම් ඒ කෙනෙක් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සියලු තපස්වලට ගරහති. රූක්ෂව ජීවත්වන සියලු තපස් ඇත්තන්ට දොස් කියති. ආක්‍රොශ කරතිය’යි කීවාහුද, කිමෙක්ද ඔව්හු භාග්‍යවතුන් වහන්සේ කියන ලද්දක් කියන්නහුද? භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් චෝදනා නොකරන්නාහුද? ධර්මයට අනුකූල දෙයක් ප්‍රකාශ කරත්ද? කිසියම් කරුණු සහිත වාදයකින් ගැරහිය යුතු තැනට නොපැමිණේ දැයි” ඇසුයේය.
“ගාමණිය, යම් ඒ කෙනෙක් ‘ශ්‍රමණ ගෞතමතෙම සියලු තපස් ගරහති. රූක්ෂව ජීවත්වන සියලු තපස් ඇත්තන්ට ඒකාන්තයෙන් දොස් කියත්. ආක්‍රොශ කරත්”යයි මෙසේ කියන්නාහුද ඔව්හු මා විසින් කියන ලද්දක් කියන්නාහු නොවෙති. ඔව්හු මා හට බොරුවෙන් චෝදනා කරන්නාහුය.
“ගාමිණිය, පැවිද්දා විසින් සේවනය නොකළ යුතු මේ අන්ත දෙකක් වෙයි. යම් මේ හීන වූ ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන්ට අයත් ආර්ය නොවූ අනර්ථය පිණිස පවත්නා වූ කම්සැපෙහි ඇලී වාසය කිරීමක් වෙයිද, යම් මේ දුක් වූ අනාර්ය වූ අනර්ථය පිණිස පවත්නා වූ ශරීරයට දුක්දීමෙහි යෙදී වාසය කිරීමක් වෙයිද මේ අන්ත දෙක වෙයි.
“ගාමණිය, මේ අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද මධ්‍යම ප්‍රතිපදාව ප්‍රඥා චක්ෂුස ඇති කරන්නේය. ඤාණය ඇති කරන්නේය. කෙලෙස් සංසිඳුවීම පිණිස, විශේෂයෙන් දැනීම පිණිස, යහපත් අවබෝධය පිණිස, නිවන පිණිස පවත්නේය. ගාමණිය, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දා වූ ප්‍රඥා චක්ෂූස ඇති කරන්නා වූ ඤාණය උපදවන්නා වූ කෙලෙස් සංසිඳවීම පිණිස පවත්නා වූ විශේෂ ඥානය පිණිස පවත්නා වූ යහපත් අවබෝධය පිණිස පවත්නා වූ නිවන පිණිස පවත්නා වූ ඒ මධ්‍යම ප්‍රතිපදාව කවරීද; සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමය. ගාමණිය, මේ වනාහි තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ප්‍රඥා චක්ෂුස ඇති කරන්නා වූ, ඤාණය ඇති කරන්නා වූ, කෙලෙස් සංසිඳුවීම පිණිස පවත්නා වූ, විශේෂ ඥානය පිණිස පවත්නා වූ, යහපත් අවබෝධය පිණිස පවත්නා වූ, නිවන පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාවයි.
“ගාමණිය, කාමභෝගීන් තුන්දෙනෙක් ලෝකයෙහි ඇත්තාහුය. කවර තුන්දෙනෙක්ද යත්: ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක්තෙම අධාර්මිකව, සාහසිකව වස්තුව සපයයි. අධාර්මිකව, සාහසිකව වස්තුව සපයා තමාද සැප නොවිඳියි. නොපිණවයි. අනුන්ටද බෙදා නොදෙයි. පින් නොකෙරෙයි. මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක් තෙම අධාර්මිකව, සාහසිකව වස්තුව සපයයි. අධාර්මිකව, සාහසිකව වස්තුව සපයා තමා සැප විඳියි. පිණවයි. අනුන්ට බෙදා නොදෙයි. පින් නොකෙරෙයි. ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක් තෙම අධාර්මිකව, සාහසිකව වස්තුව සපයයි. අධාර්මිකව, සාහසිකව වස්තුව සපයා තමාද සුවපත් වෙයි. පිණවයි. බෙදා දෙයි. පින් කරයි.
“ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක් තෙම ධාර්මිකවද, අධාර්මිකවද, සාහසිකවද, අසාහසිකවද, වස්තුව සපයයි. ධාර්මිකවද, අධාර්මිකවද, සාහසිකවද, අසාහසිකවද වස්තුව සපයා තමාද සැප නොවිඳියි. නොපිණවයි. බෙදා නොදෙයි. පින් නොකරයි. ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක් තෙම ධාර්මිකවද, අධාර්මිකවද, සාහසිකවද, අසාහසිකවද වස්තුව සපයයි. ධාර්මිකවද, අධාර්මිකවද, සාහසිකවද, අසාහසිකවද වස්තු සපයා තමා සැප විඳියි. පිණවයි. බෙදා නොදෙයි. පින් නොකරෙයි. ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක් තෙම ධාර්මිකවද, අධාර්මිකවද, සාහසිකවද, අසාහසිකවද වස්තුව සපයා තමා සැප විඳියි. බෙදා දෙයි. පින් කෙරෙයි.
“ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක් තෙම ධාර්මිකව, අසාහසිකව වස්තුව සපයයි. ධාර්මිකව, අසාහසිකව වස්තුව සපයා තමා සැප නොවිඳියි. නොපිණවයි. බෙදා නොදෙයි. පින් නොකරයි. ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක් තෙම ධාර්මිකව, අසාහසිකව වස්තුව සපයයි. ධාර්මිකව, අසාහසිකව වස්තුව සපයා තමා සැප විඳියි. පිණවයි. බෙදා නොදෙයි. පින් නොකෙරෙයි. ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක් තෙම ධාර්මිකව, අසාහසිකව වස්තුව සපයයි. ධාර්මිකව අසාහසික වස්තුව සපයා තමා සැප විඳියි. පිණවයි. බෙදාදෙයි. පින් කරයි. ඒ වස්තුව ඇලී ගැලී මුසපත්ව ආදීනව නොදැක නිස්සරණ ප්‍රඥාවෙන් තොරව පරිභෝග කරයි. ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගී පුද්ගලයෙක් ධාර්මිකව, අසාහසිකව වස්තුව සපයයි. ධාර්මිකව, අසාහසිකකමින් වස්තුව සපයා තමා සැප විඳියි. පිණවයි. බෙදා දෙයි. පින් කරයි. ඒ වස්තුව නොඇලී නොගිලී මුසපත් නොවී පරිභෝග කරයි.
“ගාමණිය, මොවුන් අතුරෙන් යම් මේ කාමභෝගියෙක් අධාර්මිකව සාහසිකව වස්තුව සපයයිද, අධාර්මිකව සාහසිකව වස්තුව සපයා තමා සැප නොවිඳියිද, නොපිණවයිද, බෙදා නොදෙයිද, පින් නොකරයිද; ගාමණිය, මේ කාමභෝගී තෙම කරුණු තුනකින් ගැරහිය යුතු වන්නේය. කවර කරුණු තුනකින් ගැරහිය යුත්තේද යත්: අධාර්මිකව සාහසිකව වස්තුව සපයයි යන මේ පළමුවෙනි කරුණින් ගැරහිය යුතු වේ. තමා සැප නොවිඳියි, නොපිණවයි, යන මේ දෙවෙනි කරුණින් ගැරහිය යුතු වේ. බෙදා නොදෙයි. පින් නොකෙරෙයි, යන මේ තුන්වෙනි කරුණින් ගැරහිය යුතු වේ. ගාමණිය, මේ කාමභෝගි පුද්ගලතෙම මේ කරුණු තුනින් ගැරහිය යුතු වේ.
“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් ඒ මේ කාමභෝගි පුද්ගලයෙක් අධාර්මිකව සාහසිකව වස්තුව සපයයිද, අධාර්මිකව සාහසිකව වස්තුව සපයා තමා සැප විඳියිද, බෙදා නොදෙයිද පින් නොකරයිද; ගාමණිය, මේ කාමභෝගිතෙම කරුණු දෙකකින් ගැරහිය යුතු වෙයි. එක් කරුණකින් පැසසිය යුතු වේ. කවර කරුණු දෙකකින් ගැරහිය යුත්තේද යත්: අධාර්මිකව සාහසිකව වස්තුව සපයයි යන මේ පළමුවෙනි කරුණින් ගැරහිය යුතු වෙයි. බෙදා නොදෙයි. පින් නොකරයි යන මේ දෙවැනි කරුණින් ගැරහිය යුතු වෙයි. කවර එක් කරුණකින් පැසසිය යුත්තේද යත්: තමා සැප විඳියි. පිණවයි යන මේ එක් කරුණකින් පැසසිය යුතු වෙයි. ගාමණිය, මේ කාමභෝගීතෙම මේ කරුණු දෙකින් ගැරහිය යුතු වෙයි. මේ එක් කරුණකින් පැසසිය යුතු වෙයි.
“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් මේ කාමභෝගියෙක් තෙම අධාර්මිකව සාහසිකව වස්තුව සපයයිද, අධාර්මිකව සාහසිකව වස්තුව සපයා තමා සැප විඳියිද, පිණවයිද, බෙදා දෙයිද, පින් කරයිද; ගාමණිය, මේ කාමභෝගීතෙම එක් කරුණකින් ගැරහිය යුතු වෙයි. කරුණු දෙකකින් පැසසිය යුතු වෙයි. කවර එක් කරුණකින් ගැරහිය යුත්තේද යත්: අධාර්මිකව සාහසිකව වස්තුව සපයයි යන මේ එක් කරුණින් ගැරහිය යුතු වෙයි. කවර කරුණු දෙකකින් පැසසිය යුත්තේද යත්: තමා සැප විඳියි. පිනවයි යන මේ පළමුවෙනි කරුණින් පැසසිය යුතු වෙයි. බෙදා දෙයි පින් කෙරෙයි මේ යන දෙවෙනි කරුණින් පැසසිය යුතු වෙයි. ගාමණිය, මේ කාමභෝගිතෙම එක් කරුණකින් ගැරහිය යුතු වෙයි. මේ කරුණු දෙකකින් පැසසිය යුතු වෙයි.
“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් මේ කාමභෝගියෙක් තෙම ධාර්මිකවද, අධාර්මිකවද, සාහසිකවද, අසාහසිකවද වස්තුව සපයයිද, තමා සැප නොවිඳියිද, නොපිණවයිද, බෙදා නොදෙයිද පින් නොකරයිද; ගාමණිය, මේ කාමභෝගීතෙම එක් කරුණකින් පැසසිය යුතු වෙයි. කරුණු තුනකින් ගැරහිය යුතු වෙයි. කවර එක් කරුණකින් පැසසිය යුත්තේද යත්: ධාර්මිකව අසාහසිකව වස්තුව සපයයි යන මේ කරුණකින් පැසසිය යුතු වේ. කවර තුන් කරුණකින් ගැරහිය යුත්තේද යත්: අධාර්මිකව සාහසිකව වස්තුව සපයයි. මේ පළමුවන කරුණින් ගැරහිය යුතු වෙයි. තමා සැප නොවිඳියි, නොපිණවයි යන දෙවෙනි කරුණින් ගැරහිය යුතු වෙයි. බෙදා නොදෙයි, පින් නොකරයි යන තුන්වෙනි කරුණින් ගැරහිය යුතු වෙයි. ගාමණිය, මේ කාමභෝගිතෙම මේ එක් කරුණකින් පැසසිය යුතු වෙයි. මේ කරුණු තුනකින් ගැරහිය යුතු වෙයි.
“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් මේ කාමභෝගියෙක් තෙම ධාර්මිකවද, අධාර්මිකවද, සැහැසිවද, නොසැහැසිවද වස්තුව සපයයිද, ධාර්මිකවද, අධාර්මිකවද, සැහැසිවද, නොසැහැසිවද වස්තුව සපයා තමා සැප විඳියිද, පිණවයිද, බෙදා නොදෙයිද, පින් නොකරයිද; ගාමණිය, මේ කාමභෝගි තෙමෙ කරුණු දෙකකින් පැසසිය යුතු වේ. කරුණු දෙකකින් ගැරහිය යුතු වේ. කවර කරුණු දෙකකින් පැසසිය යුත්තේද යත්: ධාර්මිකව නොසැහැසිව වස්තුව සපයයි යන මේ පළමුවැනි කරුණින් පැසසිය යුතු වෙයි. තමා සැපවිඳියි. පිණවයි යන මේ දෙවෙනි කරුණින් පැසසුම් ලැබිය යුතු වෙයි. කවර කරුණු දෙකකින් ගැරහිය යුත්තේද යත්: අධාර්මිකව සැහැසිව වස්තුව සපයයි යන මේ පළමුවෙනි කරුණින් ගැරහිය යුතු වේ. බෙදා නොදෙයි පින් නොකෙරේයයි යන මේ දෙවෙනි කරුණින් ගැරහිය යුතු වේ. ගාමණිය, මේ කාමභෝගි තෙම මේ කරුණු දෙකින් පැසසිය යුතු වේ. මේ කරුණු දෙකින් ගැරහිය යුතු වේ.
“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් මේ කාමභෝගියෙක් තෙම ධාර්මිකවද, අධාර්මිකවද, සැහැසිවද, නොසැහැසිවද, වස්තුව සපයයිද, ධාර්මිකවද, අධාර්මිකවද, සැහැසිවද නොසැහැසිවද වස්තුව සපයා තමා සැප විඳියිද, පිණවයිද, බෙදා දෙයිද, පින් කරයිද; ගාමණිය, මේ කාමභෝගී තෙම කරුණු තුනකින් පැසසිය යුතු වෙයි. එක් කරුණකින් ගැරහිය යුතු වෙයි. කවර කරුණු තුනකින් පැසසිය යුත්තේද යත්: ධාර්මිකව නොසැහැසිව වස්තුව සපයයි යන මේ පළමුවැනි කරුණින් පැසසිය යුතු වේ. තමා සැප විඳියි පිණවයි යන මේ දෙවැනි කරුණින් පැසසිය යුතු වෙයි. බෙදා දෙයි පින් කරයි යන මේ තුන්වැනි කරුණින් පැසසිය යුතු වෙයි. කවර එක් කරුණකින් ගැරහිය යුත්තේද යත්: අධාර්මිකව සැහැසිව වස්තුව සපයයි යන මේ එක් කරුණකින් ගැරහිය යුතු වෙයි. ගාමණිය, මේ කාමභෝගී තෙම මේ කරුණු තුනින් පැසසිය යුතු වෙයි. මේ එක් කරුණකින් ගැරහිය යුතු වෙයි.
“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් මේ කාමභෝගියෙක් තෙම ධාර්මිකව නොසැහැසිව වස්තුව සපයයිද, ධාර්මිකව නොසැහැසිව වස්තුව සපයා තමා සැප නොවිඳියිද නොපිණවයිද, බෙදා නොදෙයිද පින් නොකරයිද; ගාමණිය, මේ කාමභෝගී තෙම එක් කරුණකින් ප්‍රශංසා කටයුතු වෙයි. කරුණු දෙකකින් ගැරහිය යුතු වෙයි. කවර එක් කරුණකින් පැසසිය යුත්තේද යත්: ධාර්මිකව නොසැහැසිව වස්තුව සපයයි යන මේ එක් කරුණින් පැසසිය යුතු වෙයි. කවර කරුණු දෙකකින් ගැරහිය යුත්තේද යත්: තමා සැප නොවිඳියි නොපිණවයි යන මේ පළමුවන කරුණින් ගැරහිය යුතු වෙයි. නොබෙදයි පින් නොකෙරෙයි යන මේ දෙවෙනි කරුණින් ගැරහිය යුතු වෙයි. ගාමණිය, මේ කාමභෝගීතෙම මේ එක් කරුණකින් පැසසිය යුතු වේ. මේ කරුණු දෙකකින් ගැරහිය යුතු වේ.
“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් මේ කාමභෝගියෙක් ධාර්මිකව නොසැහැසිව වස්තුව සපයයිද, ධාර්මිකව නොසැහැසිව වස්තුව සපයා සැප විඳියිද පිණවයිද, නොබෙදයිද පින් නොකරයිද; ගාමණිය, මේ කාමභෝගීතෙම කරුණු දෙකකින් පැසසිය යුතු වේ. එක් කරුණකින් ගැරහිය යුතු වේ. කවර කරුණු දෙකකින් පැසසිය යුත්තේද යත්: ධාර්මිකව නොසැහැසිව වස්තුව සපයයි යන මේ පළමුවෙනි කරුණින් පැසසිය යුතුය. තමා සැප විඳියි පිණවයි යන දෙවෙනි කරුණින් පැසසිය යුතු වෙයි. කවර එක් කරුණකින් ගැරහිය යුත්තේද යත්: බෙදා නොදෙයි පින් නොකරයි යන මේ එක් කරුණින් ගැරහිය යුතුය. ගාමණිය, මේ කාමභෝගීතෙම මේ කරුණු දෙකකින් පැසසිය යුතුය. මේ එක් කරුණකින් ගැරහිය යුතුය.
“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් මේ කාමභෝගියෙක් තෙම ධාර්මිකව නොසැහැසිව වස්තුව සපයයිද, ධාර්මිකව නොසැහැසිව වස්තුව සපයා සුවපත්වෙයිද පිණවයිද, බෙදා දෙයිද පින් කරයිද, හෙතෙම ඒ වස්තුව ඇලීගැලී මුසපත්ව ආදීනව නොදක්නේ නිස්සරණ ප්‍රඥාවෙන් තොරව පරිභෝග කරයිද; ගාමණිය, මේ කාමභෝගීතෙම කරුණු තුනකින් පැසසිය යුතු වේ. එක් කරුණකින් ගැරහිය යුතු වේ. කවර කරුණු තුනකින් පැසසිය යුත්තේද යත්: ධාර්මිකව නොසැහැසිව වස්තුව සපයයි යන මේ පළමුවන කරුණින් පැසසිය යුතු වෙයි. තමා සැප විඳියි පිණවයි යන මේ දෙවෙනි කරුණින් පැසසිය යුතු වෙයි. බෙදයි පින් කෙරේයයි මේ තුන්වෙනි කරුණින් පැසසිය යුතු වෙයි. කවර එක් කරුණකින් ගැරහිය යුත්තේද යත්: ඒ වස්තුව ඇලී ගැලී මුසපත්ව පරිභෝග කරයි යන මේ එක් කරුණකින් ගැරහිය යුතු වෙයි. ගාමණිය, මේ කාමභෝගීතෙම මේ කරුණු තුනින් පැසසිය යුතු වෙයි. මේ එක් කරුණකින් ගැරහිය යුතු වෙයි.
“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් මේ කාමභෝගියෙක් තෙම ධාර්මිකව නොසැහැසිව වස්තුව සපයයිද, ධාර්මිකව නොසැහැසිව වස්තුව සපයා සැප විඳියිද පිණවයිද, බෙදා දෙයිද පින් කරයිද, ඒ වස්තුව නොඇලී නොගිලී මුසපත් නොවී ආදීනව දක්නේ නිස්සරණ ප්‍රඥාවෙන් යුක්තව පරිභෝග කරයිද; ගාමණිය, මේ කාමභෝගී තෙම කරුණු සතරකින් පැසසිය යුතු වෙයි. කවර කරුණු සතරකින් පැසසිය යුත්තේද යත්: ධාර්මිකව නොසැහැසිව වස්තුව සපයයි යන මේ පළමුවෙනි කරුණින් පැසසිය යුතු වෙයි. සැප විඳියි පිණවයි යන මේ දෙවෙනි කරුණින් පැසසිය යුතු වෙයි. බෙදයි, පින් කරයි යන මේ තුන්වෙනි කරුණින් පැසසිය යුතු වෙයි. ඒ වස්තුව නොඇලී නොගිලී මුසපත් නොවී ආදීනව දක්නේ නිස්සරණ ප්‍රඥාවෙන් යුක්තව පරිභෝග කෙරෙයි යන මේ සතරවෙනි කරුණින් පැසසිය යුතු වෙයි. ගාමණිය, මේ කාමභෝගීතෙම මේ කරුණු සතරින් පැසසිය යුතු වෙයි.
ගාමණිය, ලෝකයෙහි කටුක ජීවිතයක් ඇත්තාවූ තාපසයෝ තුන්දෙනෙක් ඇත්තාහුය. කවර තුන්දෙනෙක්ද යත්: ගාමණිය, මේ ලෝකයෙහි කටුකව ජීවත්වන තාපසයෙක් "කුසල ධර්ම රැස්කරගන්නෙම් නම් යහපත. මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්යභාවය සිදුකරන ඤාණ දර්ශන විශේෂයක් ප්රත්යක්ෂ කරන්නෙම් නම් යෙහෙකැ"යි සිතා ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම අනගාරිකව පැවිදි වූයේ වෙයි. හෙතෙම තමා තවයි, හාත්පසින් තවයි. කුසල ධර්මයන්ද රැස් නොකරයි. මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්යභාවය සිදුකරන ඤාණ දර්ශන විශේෂයක්ද ප්රත්යක්ෂ නොකරයි.
ගාමණිය, මේ ලෝකයෙහි කටුක ජීවිකාව ඇති එක් තාපසයෙක් "කුසල ධර්මයක් උපදවා ගන්නෙම් නම් යහපත. මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්යභාවය සිදු කිරීමට සමර්ථ ඤාණ දර්ශන විශේෂයක් ප්රත්යක්ෂ කරන්නෙම් නම් යහපතැ"යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම අනගාරිකව පැවිදි වූයේ වෙයි. හෙතෙම තමා තවයි. හාත්පස තවයි. කුසල්ද රැස්කරගනියි. මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්යභාවය සිදු කිරීමෙහි සමර්ථ ඤාණ දර්ශන විශේෂයක් ප්රත්යක්ෂ නොකරයි.
ගාමණිය, ලෝකයෙහි කටුක ජීවිතය ඇති ඇතැම් තාපසයෙක් "කුසල ධර්මයක් රැස්කරන්නෙම් නම් යෙහෙක. මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්යභාවය සිදුකිරීමෙහි සමර්ථ ඤාණ දර්ශන විශේෂයක් ප්රත්යක්ෂ කරන්නෙම් නම් මැනවැ"යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම අනගාරිකව පැවිදි වෙයි. හෙතෙම තමන් තවයි. හාත්පස තවයි. කුසල්ද රැස්කරයි. මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්යභාවයක් සිදු කිරීමට සමර්ථ ඤාණ දර්ශන විශේෂයක් ප්රත්යක්ෂ කරයි.
“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් මේ කටුක ජීවිතයක් ඇති තාපසයෙක් තමන් තවයිද විශේෂයෙන් තවයිද, කුසල ධර්ම රැස් නොකරයිද, මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්යභාවය සිදුකිරීමට සමර්ථ ඤාණ දර්ශනයක් ප්රත්යක්ෂ නොකරයිද; ගාමණිය, රූක්ෂව ජීවත්වන මේ තවුස්තෙමේ කරුණු තුනකින් ගැරහිය යුතු වේ. කවර කරුණු තුනකින් ගැරහිය යුතු වේ ද යත්: තමන් තවයි විශේෂයෙන් තවයි, යන මේ පළමුවන කරුණින් ගැරහිය යුතුය. කුසල ධර්ම රැස් නොකරයි, යන මේ දෙවෙනි කරුණින් ගැරහිය යුතුය. මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්ය භාවය සිදුකරන ඤාණ දර්ශන විශේෂයක් ප්රත්යක්ෂ නොකරයි, යන මේ තුන්වැනි කරුණින් ගැරහිය යුතුය. රුක්ෂව ජීවත්වන මේ තපස්වී තෙම මේ කරුණු තුනින් ගැරහිය යුතුය."
“ගාමණිය, එහි යම් මේ රූක්ෂව ජීවත්වන තාපසයෙක් තමන් තවයිද විශේෂයෙන් තවයිද, කුසල ධර්මයන් රැස්කරයිද, මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්ය භාවය සිදු කරන විශේෂ ඤාණයක් ප්රත්යක්ෂ නොකරයිද; ගාමණිය, රූක්ෂව ජීවත්වන මේ තපස්වීතෙම කරුණු දෙකකින් ගැරහිය යුතු වෙයි. එක් කරුණකින් පැසසිය යුතු වෙයි. කවර කරුණු දෙකකින් ගැරහිය යුතු වේ ද යත්: තමන් තවයි විශේෂයෙන් තවයි යන මේ පළමුවන කරුණින් ගැරහිය යුතු වෙයි. මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්යභාවය සිදු කරන විශේෂ ඤාණයක් ප්රත්යක්ෂ නොකෙරෙයි යන මේ දෙවැනි කරුණින් ගැරහිය යුතු වෙයි. කවර එක් කරුණකින් පැසසිය යුතු වේ ද යත්: කුසල ධර්මයන් රැස්කරයි යන මේ එක් කරුණකින් පැසසිය යුතු වෙයි. ගාමණිය, රූක්ෂව ජීවත්වන මේ තපස්වීතෙම මේ කරුණු දෙකකින් ගැරහිය යුතු වෙයි. මේ එක් කරුණකින් පැසසිය යුතු වෙයි."
“ගාමණිය, ඔවුන් අතුරෙන් රූක්ෂව ජීවත්වන යම් තපස්වියෙක් තමන් තවයිද හාත්පසින් තවයිද, කුසල ධර්මයන්ද ලබයිද, මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්යභාවය සිදු කරන විශේෂ ඤාණයක් ප්රත්යක්ෂ කරයිද; ගාමණිය, රූක්ෂව ජීවත්වන මේ තපස්වීතෙම එක් කරුණකින් ගැරහිය යුතු වෙයි. කරුණු දෙකකින් පැසසිය යුතු වෙයි. කවර එක් කරුණකින් ගැරහිය යුතු වේ ද යත්: තමන් තවයි, හාත්පසින් තවයි යන මේ එක් කරුණින් ගැරහිය යුතු වෙයි. කවර කරුණු දෙකකින් පැසසිය යුතු වේ ද යත්: කුසල ධර්ම රැස්කෙරෙයි යන මේ පළමුවන කරුණින් පැසසිය යුතු වෙයි. මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්ය භාවය සිදු කරන විශේෂ ඤාණයක් ප්රත්යක්ෂ කෙරෙයි යන මේ දෙවැනි කරුණින් පැසසිය යුතු වෙයි. ගාමණිය, රූක්ෂව ජීවත්වන මේ තපස්වීතෙම මේ එක් කරුණකින් ගැරහිය යුතු වෙයි. මේ කරුණු දෙකකින් පැසසිය යුතු වෙයි."
ගාමණිය, තමා විසින් දැක්ක යුතු වූ, කල් නොයවා දෙන, ‘එව, බලව’යයි පෙන්විය හැකි ඵල ඇත්තාවූ, නුවණැත්තන් විසින් වෙන වෙනම තමන් තුළ එළවාගත යුතුවූ මේ නිජ්ජරා (කෙලෙස් දිරවීම්) තුනක් ඇත්තාහ. කවර තුනක් ද යත්:
රාගයෙන් මත්වූ යමෙක් රාගය හේතු කොට ගෙන තමා පෙළීම පිණිසත් සිතයි. අනුන් පෙළීම පිණිසත් සිතයි. දෙපසම පෙළීම පිණිසත් සිතයි. රාගය ප්‍රහීණවූ කල්හි තමා පෙළීම පිණිසත් නොසිතයි. අනුන් පෙළීම පිණිසත් නොසිතයි. දෙපසම පෙළීම පිණිසත් නොසිතයි යන යමක් ඇද්ද, (එය) තමා විසින් දැක්ක යුතු වූ, කල් නොයවා දෙන, ‘එව, බලව’යයි පෙන්විය හැකි ඵල ඇත්තාවූ, නුවණැත්තන් විසින් වෙන වෙනම තමන් තුළ එළවාගත යුතු වූ නිජ්ජරාවෙකි (කෙලෙස් දිරවීමකි).
ද්වේෂයෙන් දුෂ්ට වූ යමෙක් ද්වේෂය හේතු කොට ගෙන තමා පෙළීම පිණිසත් සිතයි. අනුන් පෙළීම පිණිසත් සිතයි. දෙපසම පෙළීම පිණිසත් සිතයි. ද්වේෂය ප්‍රහීණ වූ කල්හි තමා පෙළීම පිණිසත් නොසිතයි. අනුන් පෙළීම පිණිසත් නොසිතයි. දෙපසම පෙළීම පිණිසත් නොසිතයි යන යමක් ඇද්ද, (එය) තමා විසින් දැක්ක යුතු වූ, කල් නොයවා දෙන, ‘එව, බලව’යයි පෙන්විය හැකි ඵල ඇත්තාවූ, නුවණැත්තන් විසින් වෙන වෙනම තමන් තුළ එළවාගත යුතු වූ නිජ්ජරාවෙකි (කෙලෙස් දිරවීමකි).
මෝහයෙන් මුළා වූ යමෙක් මෝහය හේතු කොට ගෙන තමා පෙළීම පිණිසත් සිතයි. අනුන් පෙළීම පිණිසත් සිතයි. දෙපසම පෙළීම පිණිසත් සිතයි. මෝහය ප්‍රහීණ වූ කල්හි තමා පෙළීම පිණිසත් නොසිතයි. අනුන් පෙළීම පිණිසත් නොසිතයි. දෙපසම පෙළීම පිණිසත් නොසිතයි යන යමක් ඇද්ද, (එය) තමා විසින් දැක්ක යුතු වූ, කල් නොයවා දෙන, ‘එව, බලව’යයි පෙන්විය හැකි ඵල ඇත්තාවූ, නුවණැත්තන් විසින් වෙන වෙනම තමන් තුළ එළවාගත යුතු වූ නිජ්ජරාවෙකි (කෙලෙස් දිරවීමකි).
ගාමිණී, මේ වනාහි තමා විසින් දැක්ක යුතු වූ, කල් නොයවා දෙන, ‘එව, බලව’යයි පෙන්විය හැකි ඵල ඇත්තාවූ, නුවණැත්තන් විසින් වෙන වෙනම තමන් තුළ එළවාගත යුතු වූ නිජ්ජරා (කෙලෙස් දිරවීම්) තුනයි.
මෙසේ වදාළ කල්හි රාසිය ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, යහපත. ස්වාමීනි, යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණ දෙයක් විවෘත කරන්නේද, මුළාවූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තාහු රූප දකිත්වයි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ මම ධර්මයද, භික්ෂුසංඝයාද සහිත භාග්‍යවතුන් වහන්සේ පිහිට කොට යෙමි. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයෙකු කොට මා දරන සේක්වා”යි කීයේය.
|
13. පාටලියසුත්තං | 13. පාටලිය සූත්‍රය |
365
එකං
‘‘තං කිං මඤ්ඤසි, ගාමණි, ජානාසි ත්වං කොලියානං ලම්බචූළකෙ භටෙ’’ති? ‘‘ජානාමහං, භන්තෙ, කොලියානං ලම්බචූළකෙ භටෙ’’ති. ‘‘තං කිං මඤ්ඤසි, ගාමණි, කිමත්ථියා කොලියානං ලම්බචූළකා භටා’’ති? ‘‘යෙ ච, භන්තෙ, කොලියානං චොරා තෙ ච පටිසෙධෙතුං, යානි ච කොලියානං දූතෙය්යානි තානි ච වහාතුං
(තානි ච පහාතුං (ස්‍යා. කං.), තානි ච යාතුං (කත්ථචි), තානි චාවහාතුං (?)), එතදත්ථියා, භන්තෙ, කොලියානං ලම්බචූළකා භටා’’ති. ‘‘තං කිං මඤ්ඤසි, ගාමණි, ජානාසි ත්වං කොලියානං ලම්බචූළකෙ භටෙ සීලවන්තෙ වා තෙ දුස්සීලෙ වා’’ති? ‘‘ජානාමහං, භන්තෙ, කොලියානං ලම්බචූළකෙ භටෙ දුස්සීලෙ පාපධම්මෙ
‘‘පාණාතිපාතං චාහං, ගාමණි, පජානාමි, පාණාතිපාතස්ස ච විපාකං, යථාපටිපන්නො ච පාණාතිපාතී කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති තඤ්ච පජානාමි. අදින්නාදානං චාහං, ගාමණි, පජානාමි, අදින්නාදානස්ස ච විපාකං, යථාපටිපන්නො ච අදින්නාදායී කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති තඤ්ච පජානාමි. කාමෙසුමිච්ඡාචාරං චාහං, ගාමණි, පජානාමි, කාමෙසුමිච්ඡාචාරස්ස
‘‘සන්ති
‘‘දිස්සති ඛො පන, ගාමණි, ඉධෙකච්චො මාලී කුණ්ඩලී සුන්හාතො
(සුනහාතො (සී. ස්‍යා. කං. පී.)) සුවිලිත්තො කප්පිතකෙසමස්සු ඉත්ථිකාමෙහි රාජා මඤ්ඤෙ පරිචාරෙන්තො. තමෙනං එවමාහංසු - ‘අම්භො! අයං පුරිසො කිං අකාසි මාලී කුණ්ඩලී සුන්හාතො සුවිලිත්තො කප්පිතකෙසමස්සු ඉත්ථිකාමෙහි රාජා මඤ්ඤෙ පරිචාරෙතී’ති? තමෙනං
‘‘දිස්සති ඛො, ගාමණි, ඉධෙකච්චො දළ්හාය රජ්ජුයා පච්ඡාබාහං ගාළ්හබන්ධනං බන්ධිත්වා ඛුරමුණ්ඩං කරිත්වා ඛරස්සරෙන පණවෙන රථියාය රථියං
(රථිකාය රථිකං (සී.)) සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං පරිනෙත්වා, දක්ඛිණෙන ද්වාරෙන නික්ඛාමෙත්වා, දක්ඛිණතො
‘‘තං කිං මඤ්ඤසි, ගාමණි, අපි නු තෙ එවරූපං දිට්ඨං වා සුතං වා’’ති? ‘‘දිට්ඨඤ්ච නො, භන්තෙ, සුතඤ්ච සුය්යිස්සති චා’’ති. ‘‘තත්ර, ගාමණි, යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘යො කොචි පාණමතිපාතෙති, සබ්බො සො දිට්ඨෙව ධම්මෙ දුක්ඛං දොමනස්සං පටිසංවෙදයතී’ති, සච්චං වා තෙ ආහංසු මුසා වා’’ති? ‘‘මුසා, භන්තෙ’’. ‘‘යෙ පන තෙ තුච්ඡං මුසා විලපන්ති, සීලවන්තො වා තෙ දුස්සීලා වා’’ති? ‘‘දුස්සීලා
‘‘දිස්සති ඛො පන, ගාමණි, ඉධෙකච්චො මාලී කුණ්ඩලී...පෙ.... ඉත්ථිකාමෙහි
‘‘දිස්සති ඛො, ගාමණි, ඉධෙකච්චො දළ්හාය රජ්ජුයා...පෙ.... දක්ඛිණතො නගරස්ස සීසං ඡිජ්ජමානො තමෙනං එවමාහංසු - ‘අම්භො! අයං පුරිසො කිං අකාසි දළ්හාය රජ්ජුයා...පෙ.... දක්ඛිණතො නගරස්ස සීසං ඡින්දතී’ති? තමෙනං එවමාහංසු - ‘අම්භො! අයං පුරිසො ගාමා වා අරඤ්ඤා වා අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියි. තෙන නං රාජානො ගහෙත්වා එවරූපං කම්මකාරණං කාරෙන්තී’ති. තං කිං මඤ්ඤසි, ගාමණි, අපි නු තෙ එවරූපං දිට්ඨං වා සුතං වා’’ති? ‘‘දිට්ඨඤ්ච නො, භන්තෙ, සුතඤ්ච සුය්යිස්සති චා’’ති. ‘‘තත්ර
‘‘දිස්සති ඛො පන, ගාමණි, ඉධෙකච්චො මාලී කුණ්ඩලී...පෙ.... ඉත්ථිකාමෙහි රාජා මඤ්ඤෙ පරිචාරෙන්තො. තමෙනං එවමාහංසු
‘‘දිස්සති
‘‘දිස්සති
‘‘දිස්සති ඛො, ගාමණි, ඉධෙකච්චො දළ්හාය රජ්ජුයා පච්ඡාබාහං ගාළ්හබන්ධනං බන්ධිත්වා ඛුරමුණ්ඩං කරිත්වා ඛරස්සරෙන පණවෙන රථියාය රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං පරිනෙත්වා දක්ඛිණෙන ද්වාරෙන නික්ඛාමෙත්වා දක්ඛිණතො නගරස්ස සීසං ඡිජ්ජමානො. තමෙනං එවමාහංසු - ‘අම්භො! අයං පුරිසො කිං අකාසි දළ්හාය රජ්ජුයා පච්ඡාබාහං ගාළ්හබන්ධනං බන්ධිත්වා ඛුරමුණ්ඩං කරිත්වා ඛරස්සරෙන පණවෙන රථියාය රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං පරිනෙත්වා, දක්ඛිණෙන ද්වාරෙන නික්ඛාමෙත්වා, දක්ඛිණතො නගරස්ස සීසං ඡින්දතී’ති? තමෙනං එවමාහංසු - ‘අම්භො! අයං පුරිසො ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා මුසාවාදෙන අත්ථං භඤ්ජි, තෙන නං රාජානො ගහෙත්වා එවරූපං කම්මකාරණං කාරෙන්තී’ති. තං කිං මඤ්ඤසි, ගාමණි, අපි නු තෙ එවරූපං දිට්ඨං වා සුතං වා’’ති? ‘‘දිට්ඨඤ්ච නො
‘‘අච්ඡරියං, භන්තෙ, අබ්භුතං, භන්තෙ! අත්ථි මෙ, භන්තෙ, ආවසථාගාරං. තත්ථ අත්ථි මඤ්චකානි, අත්ථි ආසනානි, අත්ථි උදකමණිකො, අත්ථි තෙලප්පදීපො. තත්ථ යො සමණො වා බ්රාහ්මණො වා වාසං උපෙති, තෙනාහං යථාසත්ති යථාබලං සංවිභජාමි. භූතපුබ්බං, භන්තෙ, චත්තාරො සත්ථාරො නානාදිට්ඨිකා නානාඛන්තිකා නානාරුචිකා, තස්මිං ආවසථාගාරෙ වාසං උපගච්ඡුං’’.
‘‘එකො සත්ථා එවංවාදී එවංදිට්ඨි - ‘නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො. නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’’’ති.
‘‘එකො සත්ථා එවංවාදී එවංදිට්ඨි - ‘අත්ථි දින්නං, අත්ථි යිට්ඨං
‘‘එකො සත්ථා එවංවාදී එවංදිට්ඨි - ‘කරොතො කාරයතො, ඡින්දතො ඡෙදාපයතො, පචතො පාචාපයතො, සොචයතො සොචාපයතො, කිලමතො කිලමාපයතො, ඵන්දතො ඵන්දාපයතො, පාණමතිපාතයතො, අදින්නං ආදියතො, සන්ධිං ඡින්දතො, නිල්ලොපං හරතො, එකාගාරිකං
‘‘එකො සත්ථා එවංවාදී එවංදිට්ඨි - ‘කරොතො කාරයතො, ඡින්දතො ඡෙදාපයතො, පචතො පාචාපයතො, සොචයතො සොචාපයතො, කිලමතො කිලමාපයතො, ඵන්දතො ඵන්දාපයතො, පාණමතිපාතයතො, අදින්නං ආදියතො, සන්ධිං
‘‘තස්ස මය්හං, භන්තෙ, අහුදෙව කඞ්ඛා, අහු විචිකිච්ඡා - ‘කොසු නාම ඉමෙසං භවතං සමණබ්රාහ්මණානං සච්චං ආහ, කො මුසා’’’ති?
‘‘අලඤ්හි තෙ, ගාමණි, කඞ්ඛිතුං, අලං විචිකිච්ඡිතුං. කඞ්ඛනීයෙ ච පන තෙ ඨානෙ විචිකිච්ඡා උප්පන්නා’’ති. ‘‘එවං පසන්නොහං, භන්තෙ, භගවති. පහොති මෙ භගවා තථා ධම්මං දෙසෙතුං යථාහං ඉමං කඞ්ඛාධම්මං පජහෙය්ය’’න්ති.
‘‘අත්ථි, ගාමණි, ධම්මසමාධි. තත්ර චෙ ත්වං චිත්තසමාධිං පටිලභෙය්යාසි. එවං ත්වං ඉමං කඞ්ඛාධම්මං පජහෙය්යාසි. කතමො ච, ගාමණි, ධම්මසමාධි? ඉධ, ගාමණි, අරියසාවකො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො
‘‘ස ඛො සො, ගාමණි, අරියසාවකො එවං විගතාභිජ්ඣො විගතබ්යාපාදො අසම්මූළ්හො සම්පජානො පටිස්සතො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා විහරති. සො ඉති පටිසඤ්චික්ඛති - ‘ය්වායං සත්ථා එවංවාදී එවංදිට්ඨි - නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා, සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති. ‘සචෙ තස්ස භොතො සත්ථුනො සච්චං වචනං, අපණ්ණකතාය මය්හං, ය්වාහං
(යොහං (සී. ස්‍යා. කං. පී.)) න කිඤ්චි
‘‘ස ඛො සො, ගාමණි, අරියසාවකො එවං විගතාභිජ්ඣො විගතබ්යාපාදො අසම්මූළ්හො සම්පජානො පටිස්සතො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා
‘‘ස ඛො සො, ගාමණි, අරියසාවකො එවං විගතාභිජ්ඣො විගතබ්යාපාදො අසම්මූළ්හො සම්පජානො පටිස්සතො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන
‘‘ස
‘‘ස ඛො සො, ගාමණි, අරියසාවකො එවං විගතාභිජ්ඣො විගතබ්යාපාදො අසම්මූළ්හො සම්පජානො පටිස්සතො කරුණාසහගතෙ
‘‘ස ඛො සො, ගාමණි, අරියසාවකො එවං විගතාභිජ්ඣො විගතබ්යාපාදො අසම්මූළ්හො සම්පජානො පටිස්සතො උපෙක්ඛාසහගතෙ චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන
‘‘ස ඛො සො, ගාමණි, අරියසාවකො එවං විගතාභිජ්ඣො විගතබ්යාපාදො අසම්මූළ්හො සම්පජානො පටිස්සතො උපෙක්ඛාසහගතෙ චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන
‘‘ස
‘‘ස ඛො සො, ගාමණි, අරියසාවකො එවං විගතාභිජ්ඣො විගතබ්යාපාදො අසම්මූළ්හො සම්පජානො පටිස්සතො උපෙක්ඛාසහගතෙ චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා විහරති. සො ඉති පටිසඤ්චික්ඛති - ‘ය්වායං සත්ථා එවංවාදී එවංදිට්ඨි - කරොතො කාරයතො, ඡින්දතො
එවං
|
365
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කෝලිය දනව්වෙහි උත්තරක නම් කෝලියයන්ගේ නියම්ගම්හි වැඩ වසන සේක. එකල්හි පාටලිය නම් ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් පාටලිය ගාමිණිතෙම ‘ස්වාමීනි, මා විසින් ශ්‍රමණ ගෞතමතෙම මායා දනීයයි අසන ලදී. ස්වාමීනි, යම් ඒ කෙනෙක් ශ්‍රමණ ගෞතමතෙම මායා දනීයයි කීවාහුද, ස්වාමීනි, කිමෙක්ද ඔව්හු භාග්‍යවතුන් වහන්සේ වදාරණ ලද්දක් කියන්නාහුද, භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් චෝදනා කරන්නාහු නොවෙත්ද, ධර්මයට අනුකූලවූ දෙයක් කියන්නාහුද, කරුණු සහිත වාදයකින් ගැරහිය යුතු තැනට නොපැමිණෙයිද? ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේට චෝදනා කිරීමට නොකැමැත්තෝ වෙමුයි” කීය.
“ගාමණිය, යම් ඒ කෙනෙක් ‘ශ්‍රමණ ගෞතමතෙම මායා දනී යයි’කීවාහුද, ඔව්හු මා විසින් කියන ලද්දක්ම කියන්නාහුය. මට බොරුවෙන් චෝදනා කරන්නාහු නොවෙත්. ධර්මයට අනුකූල දෙයක් කියන්නාහුය. කිසියම් කරුණු සහිත වාදයකින් ගැරහිය යුතු තැනට නොපැමිණෙයි. ‘පින්වත්නි, ශ්‍රමණ ගෞතමතෙම මායා දනිති'යි ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ කීම ඇත්තක්ම වුවත්, අපි නො අදහමු. පින්වත්නි, ශ්‍රමණ ගෞතමතෙම ඒකාන්තයෙන් මායා ඇත්තෙකැ'යි. ගාමණිය, මම මායා දනිමි'යි යමෙක් කියයි නම්, හෙතෙම මම මායා ඇත්තෙකැයිද, (මෙසේද) කියන්නේද? “භාග්‍යවතුන් වහන්ස, එය එසේමය. සුගතයන් වහන්ස, එය එසේම වෙයි”.“ගාමණිය, එසේනම් මෙය තගෙන්ම අසමි. තොපට යම්සේ වැටහේ නම් එසේ ප්‍රකාශ කරන්නෙහිය."
“ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද? ගාමණිය, ඔබ කෝලිය රජදරුවන්ගේ ලම්බචූලක නම් භටයන් දන්නෙහිද?” “ස්වාමීනි, මම කෝලිය රජ දරුවන්ගේ ලම්බචූලක භටයන් දන්නෙමි.”
“ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද? කෝලිය රජදරුවන්ගේ ලම්බචූලක භටයෝ කුමක් සඳහාද?” - “ස්වාමීනි, යම් කෝලිය රට සොරුන් වෙත්ද, ඔවුන් වැළැක්වීමත්, කෝලිය රජදරුවන්ගේ යම් පණිවුඩ පනත් ඇත්ද එය ගෙනයාම සඳහාත් යන මේ කරුණු පිණිස කෝලියයන්ගේ ලම්බචූලක භටයෝ වෙති.”
“ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද? කෝලියයන්ගේ ලම්බචූලක භටයන් සීලවන්තද, දුශ්ශීලදැයි ඔබ දන්නෙහිද?” “ස්වාමීනි, මම කෝලියයන්ගේ ලම්බචූලක භටයන් දුශ්ශීල පාපයන් යයි දනිමි. ලෝකයෙහි දුශ්ශීලවූ ලාමක ස්වභාව ඇති යම් කෙනෙක්වේද කෝලියයන්ගේ ලම්බචූලක භටයෝ ඔවුන්ගෙන් එක්තරා කොටසකි.”
ගාමණිය, යමෙක් 'පාටලිය ගාමණිතෙම කෝලියයන්ගේ දුශ්ශීලවූ ලාමක ස්වභාව ඇති ලම්බචූලක භටයන් දනී. පාටලී ගාමණි තෙමේද දුශ්ශීල ලාමක ධර්ම ඇත්තෙකැ'යි මෙසේ කියන්නේ නම් ඔහුගේ කීම හරිදැ'යි ඇසූහ. "ස්වාමීනි, නැත. කෝලියයන්ගේ ලම්බචූලක භටයෝ අන්‍යයෝය. මම අනිකෙක් වෙමි. කෝලියයන්ගේ ලම්බචූලක භටයෝ අන්‍ය ස්වභාව ඇත්තාහ. මම අනික් ස්වභාවයක් ඇත්තෙක්මි”. ගාමණිය, ඔබ 'දුශ්ශීලවූ ලාමක ස්වභාව ඇත්තාවූ කෝලිය භටයන් පාටලිය ගාමණිතෙම දනියි. පාටලිය ගාමණිතෙම දුශ්ශීල නොවූ ලාමක ස්වභාව නැත්තෙක' යන මෙය ලබන්නෙහි නම් 'තථාගත තෙමේ මායා දනී. තථාගත තෙමේ මායා ඇත්තෙක් නොවේය' යන මෙය කුමක් හෙයින් තථාගතතෙම නොලබන්නේද?
“ගාමණිය, මම මායාද දනිමි. මායාවගේ විපාකත් දනිමි. යම්සේ පිළිපන් මායා සහිත පුද්ගලතෙමේ කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති දුකට පැමිණෙන නිරයෙහි උපදීද, එයද දනිමි. ගාමණිය මම ප්‍රාණඝාතයද දනිමි. ප්‍රාණඝාතයාගේ විපාකත් දනිමි. යම්සේ පිළිපන් ප්‍රාණඝාතක පුද්ගලතෙමේ කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති දුකට පැමිණෙන නිරයෙහි උපදීද එයද දනිමි. ගාමණිය, මම අදින්නාදානයද දනිමි. අදින්නාදානයේ විපාකත් දනිමි. යම්සේ පිළිපන් අදින්නාදානයෙන් යුත් පුද්ගලයා කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති දුකට පැමිණෙන නිරයෙහි උපදීද, එයද දනිමි. ගාමණිය, මම කාමයන්හි වරදවා හැසිරීමත් දනිමි. කාමමිථ්‍යාචාරයාගේ විපාකත් දනිමි. යම්සේ පිළිපන් කාමමිථ්‍යාචාරී පුද්ගල තෙමේ කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති දුකට පැමිණෙන නිරයෙහි උපදීද, එයද දනිමි.
ගාමණිය, මම මුසාවාදයද දනිමි. මුසාවාදයේ විපාකත් දනිමි. යම්සේ පිළිපන් මුසාවාදී පුද්ගලතෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති දුකට පැමිණෙන, නිරයෙහි උපදීද, එයද දනිමි. ගාමණිය, මම කේළාම් කීමද දනිමි. කේළාම් කීමේ විපාකත් දනිමි. යම්සේ පිළිපන් කේළාම් කියන පුරුෂතෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති දුකට පැමිණෙන නිරයෙහි උපදීද, එයද දනිමි. ගාමණිය, මම ඵරුෂ වචනයද දනිමි. ඵරුෂ වචනයේ විපාකත් දනිමි. යම්සේ පිළිපන් ඵරුෂ වචන කියන පුද්ගලතෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති දුකට පැමිණෙන නිරයෙහි උපදීද, එයද දනිමි. ගාමණිය, මම ප්‍රලාප කීමද දනිමි. ප්‍රලාප කීමේ විපාකත් දනිමි. යම්සේ පිළිපන් ප්‍රලාප කියන පුද්ගලතෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති දුකට පැමිණෙන නිරයෙහි උපදීද, එයද දනිමි.
ගාමණිය, මම දැඩි ලෝභයත් දනිමි. දැඩි ලෝභයාගේ විපාකත් දනිමි. යම්සේ පිළිපන් දැඩි ලෝභයාගෙන් යුත් පුද්ගලතෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති දුකට පැමිණෙන නිරයෙහි උපදීද, එයද දනිමි. ගාමණිය, මම ව්‍යාපාද ද්වේෂයත් දනිමි. ව්‍යාපාද ද්වේෂයේ විපාකත් දනිමි. යම්සේ පිළිපන් ව්‍යාපාද ද්වේෂයෙන් යුත් පුද්ගලතෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති දුකට පැමිණෙන නිරයෙහි උපදීද, එයද දනිමි. ගාමණිය, මම මිථ්‍යාදෘෂ්ටියද දනිමි. මිථ්‍යාදෘෂ්ටියේ විපාකත් දනිමි. යම්සේ පිළිපන් මිථ්‍යාදෘෂ්ටියෙන් යුත් පුද්ගලතෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති දුකට පැමිණෙන නිරයෙහි උපදීද, එයද දනිමි.
“ගාමණිය, යම් කිසිවෙක් සතුන් මරයිද ඒ හැමදෙනා මෙලොවම දුකත් දොම්නසත් විඳිත්. යම් කිසිවෙක් සොරකම් කරයිද ඒ හැමදෙන මෙලොවම දුකත් දොම්නසත් විඳිත්. යම් කිසිවෙක් කාමයන්හි වරදවා හැසිරෙයිද, ඒ හැමදෙන මෙලොවම දුකත් දොම්නසත් විඳිත්. යමෙක් බොරු කියයිද ඒ හැමදෙන මෙලොවම දුකත් දොම්නසත් විඳිත්. මෙසේ කියන්නාවූ, මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහුය.
“ගාමණිය, මේ ලෝකයෙහි මාලා පැළඳගෙන, කුණ්ඩලාභරණ පැළඳගෙන, මනාකොට ස්නානය කළ, සුවඳ විලවුන් ගැල්වූ, කපන ලද හිසකෙස් දැලිරැවුල් ඇතිව, රජුන් මෙන් ස්ත්‍රීන් සමග කම්සැප විඳින පුරුෂයෙක් දක්නා ලැබේ. ඔහු ගැන ‘පින්වත්නි, මේ පුරුෂතෙම මාලා පැළඳ, කුණ්ඩලාභරණ පැළඳ, මනාකොට ස්නානය කොට, සුවඳ විලවුන් ගල්වා, කපන ලද කෙස් දැලිරැවුල් ඇතිව, රජෙකු මෙන් ස්ත්‍රීන් සමග සැප විඳියි. (හෙතෙමේ පෙර) කුමක් කෙළේ දැ යි අසන්නහු නම් ‘පින්වත්නි, මේ පුරුෂතෙම රජහුගේ සතුරෙකු යටත් කර ජීවිතයෙන් තොර කළේ යයි’ කියන්නාහුය. ‘රජු ඔහුට සතුටුව වස්තුව දුන්නේය. එහෙයින් මේ පුරුෂතෙම මාලා පැළඳ, කුණ්ඩලාභරණ පැළඳ, මනාකොට ස්නානය කොට, සුවඳ විලවුන් ගල්වා, කපන ලද කෙස් දැලිරැවුල් ඇතිව, රජකු මෙන් ස්ත්‍රීන් සමග සැප විඳින්නේයයි’ කියන්නාහුය.
“ගාමණිය, මේ ලෝකයෙහි ඇතැමෙක් දැඩි රැහැණින් දෙඅත් පිටිකරට දැඩිකොට බැඳ හිස මුඩුකොට රළු ශබ්දය ඇති බෙර හඬින් වීථියෙන් වීථියට සන්ධියෙන් සන්ධියට ගෙන ගොස් දකුණු දොරටුවෙන් නික්මවා නුවරට දකුණු දිසාවෙහි හිස සිඳිනු ලබන්නෙක් දක්නා ලැබේ. “පින්වත්නි, දැඩි රැහැණින් අත් පිටිකරට තබා බැඳ හිස මුඩුකොට රළු ශබ්ද ඇති බෙර හඬින් වීථියෙන් වීථියට සන්ධියෙන් සන්ධියට ගෙන ගොස් දකුණු දොරටුවෙන් නික්මවා නුවරට දකුණු දිශාවෙහි හිස සිඳිනු ලබන මේ පුරුෂයා කුමක් කෙළේදැයි කියන්නාහු නම්; පින්වත්නි, මේ පුරුෂතෙම රජුගේ සතුරෙකි. ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ ජීවිතයෙන් තොර කළේය. එහෙයින් ඔහු රජහු අල්වා ගෙන මෙබඳු දඬුවමක් කරවත්යයි කියන්නාහුය.
“ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද? තොප විසින් මෙබන්දක් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වෙයිද?” - “ස්වාමීනි, අප විසින් දක්නා ලද්දේද වෙයි. අසන ලද්දේද වෙයි. අසනු ලබන්නේද වේයයි” කීය.
“ගාමණිය, යම් කිසිවෙක් ප්‍රාණඝාත කරයිද, ඒ හැමදෙන මෙලොවම දුක් දොම්නස් විඳිත්යයි මෙසේ කියන්නාවූ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද, ඔව්හු සත්‍යයක් හෝ බොරුවක් හෝ කීවාහුද?” - “ස්වාමීනි. බොරුවකි.”
“යම්බඳු ඔව්හු හිස්වූවක් මුසාවක් කියත් නම් ඔව්හු සීලවන්තයෝද, දුශ්ශීලයෝද?” - “ස්වාමීනි, දුශ්ශීලයෝය.”
“දුශ්ශීල ලාමක ස්වභාව ඇති ඔව්හු වරදවා පිළිපන්නාහුද, යහපත්ව පිළිපන්නාහුද?” - “ස්වාමීනි, වරදවා පිළිපන්නාහුය.”
“වරදවා පිළිපන් ඔව්හු මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහුද සම්‍යක් දෘෂ්ටි ඇත්තාහුද?” - “ස්වාමීනි, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහුය.”
“යම් කෙනෙක් මිථ්‍යාදෘෂ්ටික නම් ඔවුන් කෙරෙහි පහදින්නට සුදුසුද?” - “ස්වාමීනි, නුසුදුසුය.”
“ගාමණිය, මේ ලෝකයෙහි මාලා පැළඳ, කුණ්ඩලාභරණ පැළඳ, මනාකොට ස්නානය කළ, සුවඳවලින් ගැල්වූ, කපන ලද හිස කෙස් දැලි රැවුල් ඇති රජකු මෙන් ස්ත්‍රීන් හා පස්කම් සැප විඳින ඇතැම් පුද්ගලයෙක් දක්නා ලැබේ.‘පින්වත, මාලා පැළඳ, කුණ්ඩලාභරණ පැළඳ, මනා කොට සුවඳවලින් ගැල්වූ, කපන ලද හිසකෙස් දැලිරැවුල් ඇති, රජකු මෙන් ස්ත්‍රීන් හා කම්සැප විඳින ඒ පුරුෂතෙමේ කුමක් කෙළේදැයි අසන්නාහු නම්; පින්වත්නි, මේ පුරුෂතෙම රජුගේ සතුරකු යටපත්කර ධනය ගත්තේය.‘රජතෙම ඔහුට සතුටුව වස්තුව දුන්නේය. එහෙයින් මේ පුරුෂතෙම මාලා පැළඳ, කුණ්ඩලාභරණ පැළඳ, මනාකොට සුවඳවලින් ගැල්වූ, කපන ලද හිස කෙස් දැලිරැවුල් ඇති රජකු මෙන් ස්ත්‍රීන් සමග කම්සැප විඳින්නේ යයි’ කියන්නාහුය.
“ගාමණිය, මේ ලෝකයෙහි ඇතැමෙක් දැඩි රැහැණින් දෙඅත් පිටිකරට දැඩිකොට බැඳ, හිස් මුඩුකොට, රළු ශබ්දය ඇති බෙරහඬින්, වීථියෙන් වීථියට, සන්ධියෙන් සන්ධියට, ගෙන ගොස් දකුණු දොරටුවෙන් නික්මවා නුවරට දකුණු දිශාවෙහි හිස සිඳිනු ලබන්නෙක් දක්නා ලැබේ.‘පින්වත්නි, දැඩි රැහැණින් අත් පිටිකරට තබා බැඳ, හිස මුඩුකොට, රළු ශබ්ද ඇති බෙර හඬින්, වීථියෙන් වීථියට, සන්ධියෙන් සන්ධියට ගෙන ගොස් දකුණු දොරටුවෙන් නික්මවා නුවරට දකුණු දිශාවෙහි හිස සිඳිනු ලබන මේ පුරුෂයා කුමක් කෙළේදැයි’ කියන්නාහු නම් ‘පින්වත්නි මේ පුරුෂතෙම ගමින් හෝ වනයෙන් හෝ නුදුන් දෙය හොරෙන් ගත්තේය. එහෙයින් රජහු ඔහු අල්වා ගෙන මෙබඳු දඬුවමක් කරවත්යයි’ කියන්නාහුය.
“ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද? තොප විසින් මෙබන්දක් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වෙයිද?” - “ස්වාමීනි, අප විසින් දක්නා ලද්දේද වෙයි. අසන ලද්දේද වෙයි. අසනු ලබන්නේද වේයයි” කීය.
“ගාමණිය, යම් කිසිවෙක් සොරකම් කරයිද, ඒ හැමදෙන මෙලොවම දුක් දොම්නස් විඳිත්යයි මෙසේ කියන්නාවූ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද, ඔව්හු සත්‍යයක් හෝ බොරුවක් හෝ කීවාහුද?” - “ස්වාමීනි. බොරුවකි.”
“යම්බඳු ඔව්හු හිස්වූවක් මුසාවක් කියත් නම් ඔව්හු ශීලවන්තයෝද, දුශ්ශීලයෝද?” - “ස්වාමීනි දුශ්ශීලයෝය.”
“දුශ්ශීල ලාමක ස්වභාව ඇති ඔව්හු වරදවා පිළිපන්නාහුද, යහපත්ව පිළිපන්නාහුද?” - “ස්වාමීනි, වරදවා පිළිපන්නාහුය.”
“වරදවා පිළිපන් ඔව්හු මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහුද, සම්‍යක් දෘෂ්ටි ඇත්තාහුද?” - “ස්වාමීනි, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහුය.”
“යම් කෙනෙක් මිථ්‍යාදෘෂ්ටික නම් ඔවුන් කෙරෙහි පහදින්නට සුදුසුද?” - “ස්වාමීනි නුසුදුසුය.”
“ගාමණිය, මේ ලෝකයෙහි මාලා පැළඳ, කුණ්ඩලාභරණ පැළඳ, මනාකොට ස්නානය කළ, සුවඳවලින් ගැල්වූ කපන ලද හිස කෙස් දැලිරැවුල් ඇති රජකු මෙන් ස්ත්‍රීන් හා කම්සැප විඳින ඇතැම් පුරුෂයෙක් දක්නා ලැබේ. “පින්වත්නි, මාලා පැළඳ, කුණ්ඩලාභරණ පැළඳ, මනා කොට ස්නානය කළ, සුවඳවලින් ගැල්වූ, කපන ලද හිසකෙස් දැලි රැවුල් ඇති රජකු මෙන් ස්ත්‍රීන් හා කම්සැප විඳින මේ පුරුෂයා කුමක් කෙළේදැයි’ අසන්නාහු නම්; පින්වත්නි, මේ පුරුෂතෙම රජුගේ පසමිතුරන්ගේ භාර්යාවන් දූෂ්‍ය කෙළේය. රජු ඔහුට සතුටුව වස්තුව දුන්නේයයි” කියන්නාහුය. “එහෙයින් මේ පුරුෂතෙම මාලා පැළඳ, කුණ්ඩලාභරණ පැළඳ, මනාකොට ස්නානය කළ, සුවඳවලින් ගැල්වූ, කපන ලද හිසකෙස් දැලිරැවුල් ඇති රජකු මෙන් ස්ත්‍රීන් සමග කම්සැප විඳින්නේයයි’ කියන්නාහුය.
“ගාමණිය මේ ලෝකයෙහි දැඩි රැහැණින් දෙඅත් පිටිකරට දැඩිකොට බැඳ, හිස මුඩුකොට, රළුශබ්දය ඇති බෙර හඬින් වීථියෙන් වීථියට, සන්ධියෙන් සන්ධියට ගෙන ගොස් දකුණු දොරටුවෙන් නික්මවා නුවරට දකුණු දෙස හිස සිඳිනු ලබන ඇතැම් පුරුෂයෙක් දක්නා ලැබේ. “පින්වත්නි, දැඩි රැහැණින් දෙඅත් පිටිකරට තබා බැඳ, හිස මුඩුකොට, ක්‍රෑර ශබ්ද ඇති බෙර හඬින්, වීථියෙන් වීථියට, සන්ධියෙන් සන්ධියට ගෙන ගොස් දකුණු දොරටුවෙන් නික්මවා නුවරට දකුණු දෙස හිස සිඳිනු ලබන මේ පුරුෂයා කුමක් කෙළේදැයි අසන්නාහු නම් ‘මේ පුරුෂතෙම කුල ස්ත්‍රීන්, කුල කුමාරිකාවන් දූෂ්‍ය කෙළේය. එහෙයින් රජහු ඔහු අල්වාගෙන මෙබඳු දඬුවම් කරවත්යයි” කියන්නාහුය.
“ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද? තොප විසින් මෙබන්දක් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වෙයිද?” - “ස්වාමීනි, අප විසින් දක්නා ලද්දේද වෙයි. අසන ලද්දේද වෙයි. අසනු ලබන්නේද වේයයි” කීය.
“ගාමණිය, එහි යම් කිසිවෙක් කාමයන්හි වරදවා හැසිරෙයිද, ඒ හැමදෙන මෙලොවම දුක් දොම්නස් විඳිත්යයි මෙසේ කියන්නාවූ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත්ද, ඔව්හු සත්‍යයක් කීවාහුද, බොරුවක් කීවාහුද?” - “ස්වාමීනි, බොරුවකි.”
“යම්බඳු ඔව්හු හිස්වූවක් මුසාවක් කියත් නම් ඔව්හු ශීලවන්තයෝද, දුශ්ශීලයෝද?” - “ස්වාමීනි, දුශ්ශීලයෝය.”
“දුශ්ශීල ලාමක ස්වභාව ඇති ඔව්හු වරදවා පිළිපන්නාහුද, යහපත්ව පිළිපන්නාහුද?” - “ස්වාමීනි, වරදවා පිළිපන්නාහුය.”
“වරදවා පිළිපන් ඔව්හු මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහුද, සම්‍යක් දෘෂ්ටි ඇත්තාහුද?” - “ස්වාමීනි, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහුය.”
“යම් කෙනෙක් මිථ්‍යාදෘෂ්ටික නම් ඔවුන් කෙරෙහි පහදින්නට සුදුසුද?” - “ස්වාමීනි, සුදුසු නැත.”
“ගාමණිය, මේ ලෝකයෙහි මාලා දරන්නාවූ, කුණ්ඩලාභරණ පළදින්නාවූ, මනාකොට ස්නානය කළාවූ, මනාකොට සුවඳ විලවුන් ගැලවූ කපනලද කෙස් හා රැවුල් ඇත්තාවූ රජෙකු මෙන් ස්ත්‍රීන් හා කම් සැප විඳින්නාවූ ඇතැම් පුරුෂයෙක් දක්නා ලැබේ. “පින්වත, මේ මාලාදරන්නාවූ, කුණ්ඩලාභරණ පළදින්නාවූ, මනාකොට ස්නානය කළාවූ, මනාකොට සුවඳ විලවුන් ගැල්වූ කපන ලද කෙස් හා රැවුල් ඇත්තාවූ රජකු මෙන් ස්ත්‍රීන් හා කම් සැප විඳින්නාවූ මේ පුරුෂතෙමේ කුමක් කෙළේදැයි’ අසන්නාහු නම්; ‘පින්වත්නි, මේ පුරුෂතෙම බොරු කීමෙන් රජුන් සතුටුකළේය (සිනාසෙවීය). රජු ඔහුට සතුටුව වස්තුව දුන්නේය. එහෙයින් මේ පුරුෂතෙම මාලා පැළඳගෙන, කුණ්ඩලාභරණ පැළඳගෙන, මනාකොට ස්නානයකොට, මනාකොට සුවඳ විලවුන් ගල්වා, කපන ලද කෙස් හා රැවුල් ඇතිව රජෙකු මෙන් ස්ත්‍රීන් හා කම් සැප විඳින්නේයයි’ කියන්නාහුය.
“ගාමණිය, මේ ලෝකයෙහි දැඩි රැහැණින් අත් පිටිකරට දැඩි බැම්මෙන් බැඳ මුඩු කර රළු ශබ්ද ඇති බෙර හඬින් වීථියෙන් වීථියට සන්ධියෙන් සන්ධියට ගෙන ගොස් දකුණු දොරින් නික්මවා නුවරට දකුණුදෙස හිස සිඳිනු ලබන ඇතැමෙක් දක්නට ලැබේ. පින්වත්නි, දැඩි රැහැණින් දෙඅත් පිටිකරට දැඩි බැම්මෙන් බැඳ හිස මුඩුකර රළු ශබ්ද ඇති බෙර හඬින් වීථියෙන් වීථියට සන්ධියෙන් සන්ධියට ගෙන ගොස් දකුණු දොරින් නික්මවා නුවරට දකුණුදෙස හිස සිඳිනු ලබන මේ පුරුෂයා කුමක් කෙළේදැයි අසන්නාහුය. ‘පින්වත්නි, මේ පුරුෂතෙමේ බොරු කීමෙන් ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ අර්ථය විනාශ කළේය. එහෙයින් රජහු ඔහු අල්වාගෙන මෙබඳු දඬුවම් කරවත්යයි’ කියන්නාහුය. ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද? තොප විසින් මෙබන්දක් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වෙයිද?” - “ස්වාමීනි, අප විසින් දක්නා ලද්දේද වෙයි. අසන ලද්දේද වෙයි. අසනු ලබන්නේද වෙයි.”
“ගාමණිය, එහි යම් කිසිවෙක් බොරු කියයිද, ඒ හැමදෙන මෙලොව දුක් දොම්නස් විඳිත්යයි මෙසේ කියන්නාවූ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත්ද, ඔව්හු සත්‍යයක් කීවාහුද, බොරුවක් කීවාහුද?” - “ස්වාමීනි, බොරුවකි.”
“යම් කෙනෙක් හිස්වූ බොරු කීවාහුද, ඔව්හු සීලවන්තයෝද, දුශ්ශීලයෝද?” - “ස්වාමීනි, දුශ්ශීලයෝය.”
“දුශ්ශීලවූ ලාමක ධර්ම ඇති ඔව්හු වරදවා පිළිපන්නාහුද, මනාව පිළිපන්නාහුද?” - “ස්වාමීනි, වරදවා පිළිපන්නාහුය.”
“යම් කෙනෙක් වනාහි වරදවා පිළිපන්නාහුද, ඔව්හු මිථ්‍යා දෘෂ්ටිකයෝද? සම්‍යක් දෘෂ්ටිකයෝද?” - “ස්වාමීනි, මිථ්‍යා දෘෂ්ටිකයෝය.
“යම් ඒ කෙනෙක් මිථ්‍යාදෘෂ්ටිකද, ඔවුන් කෙරෙහි පැහැදීමට සුදුසුද?” - “ස්වාමීනි නැත.”
ස්වාමීනි, ආශ්චර්යය. පුදුමය. ස්වාමීනි, මගේ විවේක ගෘහයක් ඇත්තේය. එහි ඇඳන් ඇත. ආසන ඇත. පැන් සැළි ඇත. තෙල් පහන් ඇත. එහි යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වාසයට පැමිණේද, මම එයින් ශක්තිය ඇති පමණින්, පුළුවන් පමණින් සංග්‍රහ කරමි.
“ස්වාමීනි, පෙර සිදුවූවක් කියමි. නොයෙක් දෘෂ්ටිගත්, නොයෙක් මත ඇති, නොයෙක් අදහස් ඇති, ශාස්තෲවරයෝ සතර දෙනෙක් ඒ විවේකාගාරයෙහි වාසයට පැමිණියාහුය. එක් ශාස්තෲවරයෙක් මෙවැනි වාද, මෙවැනි දෘෂ්ටි ඇත්තේය: දීමෙහි විපාක නැත. පිදීමෙහි විපාක නැත. සත්කාරයෙහි විපාක නැත. යහපත්කොට කරන ලද, අයහපත්කොට කරන ලද කර්මයන්ගේ ඵලයක් විපාකයක් නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. මවු නැත. පියා නැත. ඕපපාතික සත්වයෝ නැත. යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට ප්‍රකාශ කෙරෙත්ද, එවැනි මනාව පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකයෙහි නැත්තේයයි.
“එක් ශාස්තෲවරයෙක් මෙවැනි වාද, මෙවැනි දෘෂ්ටි ඇත්තේය: දීමෙහි විපාක ඇත. පිදීමෙහි විපාක ඇත. සත්කාරයෙහි විපාක ඇත. මනාකොට කරන ලද නපුරුකොට කරන ලද කර්මයන්ගේ ඵලවිපාක ඇත. මෙලොවක් ඇත. පරලොවක් ඇත. මවු ඇත. පියා ඇත. ඕපපාතික සත්වයෝ ඇත. යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට ප්‍රකාශ කෙරෙත්ද මනාව පිළිපන් එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකයෙහි ඇත්තේයයි.
“එක් ශාස්තෲවරයෙක් මෙවැනි වාද, මෙවැනි දෘෂ්ටි ඇත්තේය: කරන්නාහට, කරවන්නාහට, සිඳින්නාහට, සිඳුවන්නාහට, පිසන්නාට, පිසවන්නාට, ශෝක කරවන්නාහට, ක්ලාන්ත කරන්නාහට, කම්පා කරන්නාහට, කම්පා කරවන්නාහට, සතුන් මරන්නාහට, සොරකම් කරන්නාහට, ගෙවල් බිඳින්නාහට, මං පහරන්නාහට, එක් ගෙයක්වටකර බඩු පැහැරගන්නාහට, මාර්ගයෙහි රැකසිට පැහැරගන්නාහට, පරදාරාවන් කරා යන්නාහට, බොරු කියන්නාහට (එසේ) කිරීමෙන් පාපයක් නොවේ. ආයුධ සහිත චක්රයකින් යමෙක් මේ පෘථිවියෙහි ප්‍රාණින් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේ නම් ඒ හේතුවෙන් පාපයක් නැත. පව් රැස්වීමක් නැත. හිංසා කරමින්, මරමින්, සිඳිමින්, සිඳුවමින්, පිසමින්, පිසවමින්, ගංගා නදියෙහි දකුණු තෙරට ගියත් ඒ හේතුවෙන් පව් නැත. පාපයන්ගේ පැමිණීමක් නැත. දෙමින්, දෙවමින්, පුදමින්, පුදවමින් ගංගා නදියෙහි උතුරු තෙරට ගියත් ඒ හේතුවෙන් පිනක් නැත. පින් රැස්වීමක් නැත. දීමෙන්, ඉන්ද්රිය දමනයෙන්, සීල සංයමයෙන්, සත්‍ය වචනයෙන් පිනක් නැත. පින් රැස්වීමක් නැත්තේයයි.
“එක් ශාස්තෲවරයෙක් මෙවැනි වාද, මෙවැනි දෘෂ්ටි ඇත්තේය: කරන්නාහට, කරවන්නාහට, සිඳින්නාහට, සිඳුවන්නාහට, පිසන්නාට, පිසවන්නාට, ශෝක කරවන්නාහට, ක්ලාන්ත කරන්නාහට, කම්පා කරන්නාහට, කම්පා කරවන්නාහට, සතුන් මරන්නාහට, සොරකම් කරන්නාහට, ගෙවල් බිඳින්නාහට, මං පහරන්නාහට, එක් ගෙයක්වටකර බඩු පැහැරගන්නාහට, මාර්ගයෙහි රැකසිට පැහැරගන්නාහට, පරදාරාවන් කරා යන්නාහට, බොරු කියන්නාහට (එසේ) කිරීමෙන් පාපයක් වේ. ආයුධ සහිත චක්රයකින් යමෙක් මේ පෘථිවියෙහි ප්‍රාණින් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේ නම් ඒ හේතුවෙන් පාපයක් ඇත. පව් රැස්වීමක් ඇත. හිංසා කරමින්, මරමින්, සිඳිමින්, සිඳුවමින්, පිසමින්, පිසවමින්, ගංගා නදියෙහි දකුණු තෙරට යන්නේය. ඒ හේතුවෙන් පාපයක් ඇත. පාපයන්ගේ පැමිණීමක් ඇත. දෙමින්, දෙවමින්, පුදමින්, පුදවමින් ගංගා නදියෙහි උතුරු තෙරට යන්නේය. ඒ හේතුවෙන් පිනක් ඇත. පින් රැස්වීමක් ඇත. දීමෙන්, ඉන්ද්රිය දමනයෙන්, සීල සංයමයෙන්, සත්‍ය වචනයෙන් පිනක් ඇත. පින් රැස්වීමක් ඇත්තේයයි.
“ස්වාමීනි, ඒ මට මේ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතුරින් කවරෙක් සත්‍යයක් කීයේද, කවරෙක් මුසා කීයේදැයි විමතියක් විය. විචිකිච්ඡාවක් පහළ වූයේමය.”
“ගාමණිය, තොප විසින් විමති ඉපදවීමට, සැක කිරීමට සුදුසුය. සැක කළ යුතු තැන තොපට සැක පහළ විය.”
“ස්වාමීනි, යම් සේ මම මේ සැකය දුරුකරන්නෙම්ද, මට භාග්‍යවතුන් වහන්සේ එසේ ධර්ම දේශනා කිරීමට සමර්ථ වේ නම් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මම එසේ පැහැදුනේ වෙමි.”
“ගාමණිය, දශ කුසල ධර්ම සමාධිය ඇත්තේය. ධර්ම සමාධියෙහි සිටි ඔබ චිත්ත සමාධිය ලබන්නෙහිය. මෙසේ ඔබ මේ සැකකරන ස්වභාවය දුරු කරන්නෙහිය. ගාමණිය, ධර්ම සමාධිය නම් කවරේද: ගාමණිය, මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවකතෙම සතුන් මැරීම අත්හැර, සතුන් මැරීමෙන් වෙන්වූයේ වෙයි. බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ, පාපයෙහි ලජ්ජා ඇත්තේ, දයාවට පැමිණියේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කරයි. නුදුන් දෙය ගැනීමෙන් වෙන්ව, නුදුන් දෙය ගැනීමෙන් වැළකුණේ වෙයි. කාමයන්හි වරදවා හැසිරීම අත්හැර කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණේ වෙයි. මුසාවාදය අත්හැර මුසාවාදයෙන් වැළකුණේ වෙයි. කේලාම් කීම අත්හැර කේලාම් කීමෙන් වැළකුණේ වෙයි. ඵරුෂ වචනය අත්හැර ඵරුෂ වචනයෙන් වැළකුණේ වෙයි. ප්‍රලාප කීම අත්හැර ප්‍රලාප කීමෙන් වැළකුණේ වෙයි. දැඩි ලෝභය අත්හැර දැඩි ලෝභය නැත්තේ වෙයි. ව්‍යාපාද සංඛ්‍යාත ද්වේෂය හැර අව්‍යාපාද සිත් ඇත්තේ වෙයි. මිථ්‍යාදෘෂ්ටිය අත්හැර සම්‍යක් දෘෂ්ටිය ඇත්තේ වෙයි.
ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ පහකළ දැඩි ලෝභ ඇත්තේ, පහවූ ව්‍යාපාද ඇත්තේ, නොමුළාවූයේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, සිහි ඇත්තේ මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙදිසාවක්, එසේ තුන් දිසාවක්, එසේ සතර දිසාවක් මෙසේ උඩ යට සරස හැමතැන සර්වප්රකාරයෙන් සියල්ල සහිත ලෝකය මහත්වූ මහද්භාවයට ගියාවූ අප්‍රමාණවූ අවෛරවූ ව්‍යාපාද නැත්තාවූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි. හේ මෙසේ නුවණින් සලකා බලයි. යම් මේ ශාස්තෲවරයෙක් "දීමෙහි විපාක නැත. පිදීමෙහි විපාක නැත. සත්කාරයෙහි විපාක නැත. යහපත්කොට කරන ලද, අයහපත්කොට කරන ලද කර්මයන්ගේ ඵලයක් විපාකයක් නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. මවු නැත. පියා නැත. ඕපපාතික සත්වයෝ නැත. යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට ප්‍රකාශ කෙරෙත්ද, එවැනි මනාව පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකයෙහි නැතැ”යි මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද, ඉදින් ඒ භවත් ශාස්තෲවරයාගේ වචනය සත්‍ය නම් ඒ මම භය සහිතවූ හෝ භය නැත්තාවූ හෝ කිසිවෙකුට පීඩා නොකෙළෙම් නම් එය මට අපරාධයක් නොවීම පිණිස වෙයි. මම කයින් සංවර වූයෙමි, වචනයෙන් සංවර වූයෙමි, සිතින් සංවර වූයෙමි'යි යන යමෙක් ඇද්ද, කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නෙම් යන යමකුත් ඇද්ද මේ දෙකට බැසගත්තේ වෙමියි ඔහුට ප්‍රමෝදය (තරුණ ප්‍රීතිය) උපදී. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය (බලවත් සතුට) පහළවේ. ප්‍රීති සිත ඇත්තාගේ නාම කය සංසිඳුනේ වේ. නාමකය සංසිඳුනේ සැප විඳී. සැප ඇත්තාගේ සිත සමාධියට පැමිණෙයි. ගාමණිය, ඒ මේ වනාහි ධර්ම සමාධියයි. ඉදින් ඔබ එහි චිත්ත සමාධිය ලබන්නෙහි නම් මෙසේ ඔබ ඒ සැක කරන ස්වභාවය දුරුකරන්නෙහිය.
ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ පහකළ දැඩි ලෝභ ඇත්තේ, පහවූ ව්‍යාපාද ඇත්තේ, නොමුළාවූයේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, සිහි ඇත්තේ මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙදිසාවක්, එසේ තුන් දිසාවක්, එසේ සතර දිසාවක් මෙසේ උඩ යට සරස හැමතැන සර්වප්රකාරයෙන් සියල්ල සහිත ලෝකය මහත්වූ මහද්භාවයට ගියාවූ අප්‍රමාණවූ අවෛරවූ ව්‍යාපාද නැත්තාවූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි. හේ මෙසේ නුවණින් සලකා බලයි. යම් මේ ශාස්තෲවරයෙක් "දීමෙහි විපාක ඇත. පිදීමෙහි විපාක ඇත. සත්කාරයෙහි විපාක ඇත. මනාකොට කරන ලද නපුරුකොට කරන ලද කර්මයන්ගේ ඵලවිපාක ඇත. මෙලොවක් ඇත. පරලොවක් ඇත. මවු ඇත. පියා ඇත. ඕපපාතික සත්වයෝ ඇත. යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට ප්‍රකාශ කෙරෙත්ද මනාව පිළිපන් එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකයෙහි ඇතැ”යි මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද, ඉදින් ඒ භවත් ශාස්තෲවරයාගේ වචනය සත්‍ය නම් ඒ මම භය සහිතවූ හෝ භය නැත්තාවූ හෝ කිසිවෙකුට පීඩා නොකෙළෙම් නම් එය මට අපරාධයක් නොවීම පිණිස වෙයි. මම කයින් සංවර වූයෙමි, වචනයෙන් සංවර වූයෙමි, සිතින් සංවර වූයෙමි'යි යන යමෙක් ඇද්ද, කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නෙම් යන යමකුත් ඇද්ද මේ දෙකට බැසගත්තේ වෙමියි ඔහුට ප්‍රමෝදය (තරුණ ප්‍රීතිය) උපදී. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය (බලවත් සතුට) පහළ වේ. ප්‍රීති සිත ඇත්තාගේ නාම කය සංසිඳුනේ වේ. නාමකය සංසිඳුනේ සැප විඳී. සැප ඇත්තාගේ සිත සමාධියට පැමිණෙයි. ගාමණිය, ඒ මේ වනාහි ධර්ම සමාධියයි. ඉදින් ඔබ එහි චිත්ත සමාධිය ලබන්නෙහි නම් මෙසේ ඔබ ඒ සැක කරන ස්වභාවය දුරුකරන්නෙහිය.
ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ පහකළ දැඩි ලෝභ ඇත්තේ, පහවූ ව්‍යාපාද ඇත්තේ, නොමුළාවූයේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, සිහි ඇත්තේ මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙදිසාවක්, එසේ තුන් දිසාවක්, එසේ සතර දිසාවක් මෙසේ උඩ යට සරස හැමතැන සර්වප්රකාරයෙන් සියල්ල සහිත ලෝකය මහත්වූ මහද්භාවයට ගියාවූ අප්‍රමාණවූ අවෛරවූ ව්‍යාපාද නැත්තාවූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි. හේ මෙසේ නුවණින් සලකා බලයි.යම් මේ ශාස්තෲවරයෙක් "කරන්නාහට, කරවන්නාහට, සිඳින්නාහට, සිඳුවන්නාහට, පිසන්නාට, පිසවන්නාට, ශෝක කරවන්නාහට, ක්ලාන්ත කරන්නාහට, කම්පා කරන්නාහට, කම්පා කරවන්නාහට, සතුන් මරන්නාහට, සොරකම් කරන්නාහට, ගෙවල් බිඳින්නාහට, මං පහරන්නාහට, එක් ගෙයක්වටකර බඩු පැහැරගන්නාහට, මාර්ගයෙහි රැකසිට පැහැරගන්නාහට, පරදාරාවන් කරා යන්නාහට, බොරු කියන්නාහට (එසේ) කිරීමෙන් පාපයක් නොවේ. ආයුධ සහිත චක්රයකින් යමෙක් මේ පෘථිවියෙහි ප්‍රාණින් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේ නම් ඒ හේතුවෙන් පාපයක් නැත. පව් රැස්වීමක් නැත. හිංසා කරමින්, මරමින්, සිඳිමින්, සිඳුවමින්, පිසමින්, පිසවමින්, ගංගා නදියෙහි දකුණු තෙරට ගියත් ඒ හේතුවෙන් පව් නැත. පාපයන්ගේ පැමිණීමක් නැත. දෙමින්, දෙවමින්, පුදමින්, පුදවමින් ගංගා නදියෙහි උතුරු තෙරට ගියත් ඒ හේතුවෙන් පිනක් නැත. පින් රැස්වීමක් නැත. දීමෙන්, ඉන්ද්රිය දමනයෙන්, සීල සංයමයෙන්, සත්‍ය වචනයෙන් පිනක් නැත. පින් රැස්වීමක් නැතැ”යි මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද, ඉදින් ඒ භවත් ශාස්තෲවරයාගේ වචනය සත්‍ය නම් ඒ මම භය සහිතවූ හෝ භය නැත්තාවූ හෝ කිසිවෙකුට පීඩා නොකෙළෙම් නම් එය මට අපරාධයක් නොවීම පිණිස වෙයි. මම කයින් සංවර වූයෙමි, වචනයෙන් සංවර වූයෙමි, සිතින් සංවර වූයෙමි'යි යන යමෙක් ඇද්ද, කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නෙම් යන යමකුත් ඇද්ද මේ දෙකට බැසගත්තේ වෙමියි ඔහුට ප්‍රමෝදය (තරුණ ප්‍රීතිය) උපදී. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය (බලවත් සතුට) පහළ වේ. ප්‍රීති සිත ඇත්තාගේ නාම කය සංසිඳුනේ වේ. නාමකය සංසිඳුනේ සැප විඳී. සැප ඇත්තාගේ සිත සමාධියට පැමිණෙයි. ගාමණිය, ඒ මේ වනාහි ධර්ම සමාධියයි. ඉදින් ඔබ එහි චිත්ත සමාධිය ලබන්නෙහි නම් මෙසේ ඔබ ඒ සැක කරන ස්වභාවය දුරු කරන්නෙහිය.
ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ පහකළ දැඩි ලෝභ ඇත්තේ, පහවූ ව්‍යාපාද ඇත්තේ, නොමුළාවූයේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, සිහි ඇත්තේ මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙදිසාවක්, එසේ තුන් දිසාවක්, එසේ සතර දිසාවක් මෙසේ උඩ යට සරස හැමතැන සර්වප්රකාරයෙන් සියල්ල සහිත ලෝකය මහත්වූ මහද්භාවයට ගියාවූ අප්‍රමාණවූ අවෛරවූ ව්‍යාපාද නැත්තාවූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි. හේ මෙසේ නුවණින් සලකා බලයි. යම් මේ ශාස්තෲවරයෙක් "කරන්නාහට, කරවන්නාහට, සිඳින්නාහට, සිඳුවන්නාහට, පිසන්නාට, පිසවන්නාට, ශෝක කරවන්නාහට, ක්ලාන්ත කරන්නාහට, කම්පා කරන්නාහට, කම්පා කරවන්නාහට, සතුන් මරන්නාහට, සොරකම් කරන්නාහට, ගෙවල් බිඳින්නාහට, මං පහරන්නාහට, එක් ගෙයක්වටකර බඩු පැහැරගන්නාහට, මාර්ගයෙහි රැකසිට පැහැරගන්නාහට, පරදාරාවන් කරා යන්නාහට, බොරු කියන්නාහට (එසේ) කිරීමෙන් පාපයක් වේ. ආයුධ සහිත චක්රයකින් යමෙක් මේ පෘථිවියෙහි ප්‍රාණින් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේ නම් ඒ හේතුවෙන් පාපයක් ඇත. පව් රැස්වීමක් ඇත. හිංසා කරමින්, මරමින්, සිඳිමින්, සිඳුවමින්, පිසමින්, පිසවමින්, ගංගා නදියෙහි දකුණු තෙරට යන්නේය. ඒ හේතුවෙන් පාපයක් ඇත. පාපයන්ගේ පැමිණීමක් ඇත. දෙමින්, දෙවමින්, පුදමින්, පුදවමින් ගංගා නදියෙහි උතුරු තෙරට යන්නේය. ඒ හේතුවෙන් පිනක් ඇත. පින් රැස්වීමක් ඇත. දීමෙන්, ඉන්ද්රිය දමනයෙන්, සීල සංයමයෙන්, සත්‍ය වචනයෙන් පිනක් ඇත. පින් රැස්වීමක් ඇතැ”යි මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද, ඉදින් ඒ භවත් ශාස්තෲවරයාගේ වචනය සත්‍ය නම් ඒ මම භය සහිතවූ හෝ භය නැත්තාවූ හෝ කිසිවෙකුට පීඩා නොකෙළෙම් නම් එය මට අපරාධයක් නොවීම පිණිස වෙයි. මම කයින් සංවර වූයෙමි, වචනයෙන් සංවර වූයෙමි, සිතින් සංවර වූයෙමි'යි යන යමෙක් ඇද්ද, කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නෙම් යන යමකුත් ඇද්ද මේ දෙකට බැසගත්තේ වෙමියි ඔහුට ප්‍රමෝදය (තරුණ ප්‍රීතිය) උපදී. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය (බලවත් සතුට) පහළ වේ. ප්‍රීති සිත ඇත්තාගේ නාම කය සංසිඳුනේ වේ. නාමකය සංසිඳුනේ සැප විඳී. සැප ඇත්තාගේ සිත සමාධියට පැමිණෙයි. ගාමණිය, ඒ මේ වනාහි ධර්ම සමාධියයි. ඉදින් ඔබ එහි චිත්ත සමාධිය ලබන්නෙහි නම් මෙසේ ඔබ ඒ සැක කරන ස්වභාවය දුරුකරන්නෙහිය.
ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ පහකළ දැඩි ලෝභ ඇත්තේ, පහවූ ව්‍යාපාද ඇත්තේ, නොමුළා වූයේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වූයේ, සිහි ඇත්තේ කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙදිසාවක්, එසේ තුන් දිසාවක්, එසේ සතර දිසාවක් මෙසේ උඩ යට සරස හැමතැන සර්වප්රකාරයෙන් සියල්ල සහිත ලෝකය මහත් වූ මහද්භාවයට ගියා වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාපාද නැත්තා වූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
හේ මෙසේ නුවණින් සලකා බලයි. යම් මේ ශාස්තෲවරයෙක් "දීමෙහි විපාක නැත. පිදීමෙහි විපාක නැත. සත්කාරයෙහි විපාක නැත. යහපත් කොට කරන ලද, අයහපත් කොට කරන ලද කර්මයන්ගේ ඵලයක් විපාකයක් නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. මවු නැත. පියා නැත. ඕපපාතික සත්වයෝ නැත. යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත්ද, එවැනි මනාව පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකයෙහි නැතැ”යි මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද, ඉදින් ඒ භවත් ශාස්තෲවරයාගේ වචනය සත්‍ය නම්, ඒ මම භය සහිත වූ හෝ භය නැත්තා වූ හෝ කිසිවෙකුට පීඩා නොකෙළෙම් නම්, එය මට අපරාධයක් නොවීම පිණිස වෙයි. මම කයින් සංවර වූයෙමි, වචනයෙන් සංවර වූයෙමි, සිතින් සංවර වූයෙමි'යි යන යමෙක් ඇද්ද, කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නෙම් යන යමකුත් ඇද්ද මේ දෙකට බැසගත්තේ වෙමියි ඔහුට ප්‍රමෝදය (තරුණ ප්‍රීතිය) උපදී. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය (බලවත් සතුට) පහළ වේ. ප්‍රීති සිත ඇත්තාගේ නාම කය සංසිඳුනේ වේ. නාමකය සංසිඳුනේ සැප විඳී. සැප ඇත්තාගේ සිත සමාධියට පැමිණෙයි. ගාමණිය, ඒ මේ වනාහි ධර්ම සමාධියයි. ඉදින් ඔබ එහි චිත්ත සමාධිය ලබන්නෙහි නම් මෙසේ ඔබ ඒ සැක කරන ස්වභාවය දුරු කරන්නෙහිය.
ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ පහකළ දැඩි ලෝභ ඇත්තේ, පහවූ ව්‍යාපාද ඇත්තේ, නොමුළා වූයේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වූයේ, සිහි ඇත්තේ කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙදිසාවක්, එසේ තුන් දිසාවක්, එසේ සතර දිසාවක් මෙසේ උඩ යට සරස හැමතැන සර්වප්රකාරයෙන් සියල්ල සහිත ලෝකය මහත් වූ මහද්භාවයට ගියා වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාපාද නැත්තා වූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
හේ මෙසේ නුවණින් සලකා බලයි. යම් මේ ශාස්තෲවරයෙක් "දීමෙහි විපාක ඇත. පිදීමෙහි විපාක ඇත. සත්කාරයෙහි විපාක ඇත. මනාකොට කරන ලද නපුරුකොට කරන ලද කර්මයන්ගේ ඵලවිපාක ඇත. මෙලොවක් ඇත. පරලොවක් ඇත. මවු ඇත. පියා ඇත. ඕපපාතික සත්වයෝ ඇත. යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට ප්‍රකාශ කෙරෙත්ද මනාව පිළිපන් එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකයෙහි ඇතැ”යි මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද, ඉදින් ඒ භවත් ශාස්තෲවරයාගේ වචනය සත්‍ය නම් ඒ මම භය සහිත වූ හෝ භය නැත්තා වූ හෝ කිසිවෙකුට පීඩා නොකෙළෙම් නම් එය මට අපරාධයක් නොවීම පිණිස වෙයි. මම කයින් සංවර වූයෙමි, වචනයෙන් සංවර වූයෙමි, සිතින් සංවර වූයෙමි'යි යන යමෙක් ඇද්ද, කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නෙම් යන යමකුත් ඇද්ද මේ දෙකට බැසගත්තේ වෙමියි ඔහුට ප්‍රමෝදය (තරුණ ප්‍රීතිය) උපදී. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය (බලවත් සතුට) පහළ වේ. ප්‍රීති සිත ඇත්තාගේ නාම කය සංසිඳුනේ වේ. නාමකය සංසිඳුනේ සැප විඳී. සැප ඇත්තාගේ සිත සමාධියට පැමිණෙයි. ගාමණිය, ඒ මේ වනාහි ධර්ම සමාධියයි. ඉදින් ඔබ එහි චිත්ත සමාධිය ලබන්නෙහි නම් මෙසේ ඔබ ඒ සැක කරන ස්වභාවය දුරු කරන්නෙහිය.
ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ පහකළ දැඩි ලෝභ ඇත්තේ, පහවූ ව්‍යාපාද ඇත්තේ, නොමුළා වූයේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වූයේ, සිහි ඇත්තේ කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙදිසාවක්, එසේ තුන් දිසාවක්, එසේ සතර දිසාවක් මෙසේ උඩ යට සරස හැමතැන සර්වප්රකාරයෙන් සියල්ල සහිත ලෝකය මහත් වූ මහද්භාවයට ගියා වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාපාද නැත්තා වූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
හේ මෙසේ නුවණින් සලකා බලයි.යම් මේ ශාස්තෲවරයෙක් "කරන්නාහට, කරවන්නාහට, සිඳින්නාහට, සිඳුවන්නාහට, පිසන්නාට, පිසවන්නාට, ශෝක කරවන්නාහට, ක්ලාන්ත කරන්නාහට, කම්පා කරන්නාහට, කම්පා කරවන්නාහට, සතුන් මරන්නාහට, සොරකම් කරන්නාහට, ගෙවල් බිඳින්නාහට, මං පහරන්නාහට, එක් ගෙයක්වටකර බඩු පැහැරගන්නාහට, මාර්ගයෙහි රැකසිට පැහැරගන්නාහට, පරදාරාවන් කරා යන්නාහට, බොරු කියන්නාහට (එසේ) කිරීමෙන් පාපයක් නොවේ. ආයුධ සහිත චක්රයකින් යමෙක් මේ පෘථිවියෙහි ප්‍රාණින් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේ නම් ඒ හේතුවෙන් පාපයක් නැත. පව් රැස්වීමක් නැත. හිංසා කරමින්, මරමින්, සිඳිමින්, සිඳුවමින්, පිසමින්, පිසවමින්, ගංගා නදියෙහි දකුණු තෙරට ගියත් ඒ හේතුවෙන් පව් නැත. පාපයන්ගේ පැමිණීමක් නැත. දෙමින්, දෙවමින්, පුදමින්, පුදවමින් ගංගා නදියෙහි උතුරු තෙරට ගියත් ඒ හේතුවෙන් පිනක් නැත. පින් රැස්වීමක් නැත. දීමෙන්, ඉන්ද්රිය දමනයෙන්, සීල සංයමයෙන්, සත්‍ය වචනයෙන් පිනක් නැත. පින් රැස්වීමක් නැතැ”යි මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද; ඉදින් ඒ භවත් ශාස්තෲවරයාගේ වචනය සත්‍ය නම්, ඒ මම භය සහිතවූ හෝ භය නැත්තාවූ හෝ කිසිවෙකුට පීඩා නොකෙළෙම් නම්, එය මට අපරාධයක් නොවීම පිණිස වෙයි. මම කයින් සංවර වූයෙමි, වචනයෙන් සංවර වූයෙමි, සිතින් සංවර වූයෙමි'යි යන යමෙක් ඇද්ද, කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නෙම් යන යමකුත් ඇද්ද මේ දෙකට බැසගත්තේ වෙමියි ඔහුට ප්‍රමෝදය (තරුණ ප්‍රීතිය) උපදී. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය (බලවත් සතුට) පහළ වේ. ප්‍රීති සිත ඇත්තාගේ නාම කය සංසිඳුනේ වේ. නාමකය සංසිඳුනේ සැප විඳී. සැප ඇත්තාගේ සිත සමාධියට පැමිණෙයි. ගාමණිය, ඒ මේ වනාහි ධර්ම සමාධියයි. ඉදින් ඔබ එහි චිත්ත සමාධිය ලබන්නෙහි නම් මෙසේ ඔබ ඒ සැක කරන ස්වභාවය දුරු කරන්නෙහිය.
ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ පහකළ දැඩි ලෝභ ඇත්තේ, පහවූ ව්‍යාපාද ඇත්තේ, නොමුළා වූයේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වූයේ, සිහි ඇත්තේ කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙදිසාවක්, එසේ තුන් දිසාවක්, එසේ සතර දිසාවක් මෙසේ උඩ යට සරස හැමතැන සර්වප්රකාරයෙන් සියල්ල සහිත ලෝකය මහත්වූ මහද්භාවයට ගියාවූ අප්‍රමාණවූ අවෛරවූ ව්‍යාපාද නැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
හේ මෙසේ නුවණින් සලකා බලයි. යම් මේ ශාස්තෲවරයෙක් "කරන්නාහට, කරවන්නාහට, සිඳින්නාහට, සිඳුවන්නාහට, පිසන්නාට, පිසවන්නාට, ශෝක කරවන්නාහට, ක්ලාන්ත කරන්නාහට, කම්පා කරන්නාහට, කම්පා කරවන්නාහට, සතුන් මරන්නාහට, සොරකම් කරන්නාහට, ගෙවල් බිඳින්නාහට, මං පහරන්නාහට, එක් ගෙයක්වටකර බඩු පැහැරගන්නාහට, මාර්ගයෙහි රැකසිට පැහැරගන්නාහට, පරදාරාවන් කරා යන්නාහට, බොරු කියන්නාහට (එසේ) කිරීමෙන් පාපයක් වේ. ආයුධ සහිත චක්රයකින් යමෙක් මේ පෘථිවියෙහි ප්‍රාණින් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේ නම් ඒ හේතුවෙන් පාපයක් ඇත. පව් රැස්වීමක් ඇත. හිංසා කරමින්, මරමින්, සිඳිමින්, සිඳුවමින්, පිසමින්, පිසවමින්, ගංගා නදියෙහි දකුණු තෙරට යන්නේය. ඒ හේතුවෙන් පාපයක් ඇත. පාපයන්ගේ පැමිණීමක් ඇත. දෙමින්, දෙවමින්, පුදමින්, පුදවමින් ගංගා නදියෙහි උතුරු තෙරට යන්නේය. ඒ හේතුවෙන් පිනක් ඇත. පින් රැස්වීමක් ඇත. දීමෙන්, ඉන්ද්රිය දමනයෙන්, සීල සංයමයෙන්, සත්‍ය වචනයෙන් පිනක් ඇත. පින් රැස්වීමක් ඇතැ”යි මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද, ඉදින් ඒ භවත් ශාස්තෲවරයාගේ වචනය සත්‍ය නම් ඒ මම භය සහිතවූ හෝ භය නැත්තාවූ හෝ කිසිවෙකුට පීඩා නොකෙළෙම් නම් එය මට අපරාධයක් නොවීම පිණිස වෙයි. මම කයින් සංවර වූයෙමි, වචනයෙන් සංවර වූයෙමි, සිතින් සංවර වූයෙමි'යි යන යමෙක් ඇද්ද, කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නෙම් යන යමකුත් ඇද්ද මේ දෙකට බැසගත්තේ වෙමියි ඔහුට ප්‍රමෝදය (තරුණ ප්‍රීතිය) උපදී. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය (බලවත් සතුට) පහළ වේ. ප්‍රීති සිත ඇත්තාගේ නාම කය සංසිඳුනේ වේ. නාමකය සංසිඳුනේ සැප විඳී. සැප ඇත්තාගේ සිත සමාධියට පැමිණෙයි. ගාමණිය, ඒ මේ වනාහි ධර්ම සමාධියයි. ඉදින් ඔබ එහි චිත්ත සමාධිය ලබන්නෙහි නම් මෙසේ ඔබ ඒ සැක කරන ස්වභාවය දුරුකරන්නෙහිය.
ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ පහකළ දැඩි ලෝභ ඇත්තේ, පහවූ ව්‍යාපාද ඇත්තේ, නොමුළා වූයේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වූයේ, සිහි ඇත්තේ මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙදිසාවක්, එසේ තුන් දිසාවක්, එසේ සතර දිසාවක් මෙසේ උඩ යට සරස හැමතැන සර්වප්රකාරයෙන් සියල්ල සහිත ලෝකය මහත්වූ මහද්භාවයට ගියාවූ අප්‍රමාණවූ අවෛරවූ ව්‍යාපාද නැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
හේ මෙසේ නුවණින් සලකා බලයි. යම් මේ ශාස්තෲවරයෙක් "දීමෙහි විපාක නැත. පිදීමෙහි විපාක නැත. සත්කාරයෙහි විපාක නැත. යහපත්කොට කරන ලද, අයහපත්කොට කරන ලද කර්මයන්ගේ ඵලයක් විපාකයක් නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. මවු නැත. පියා නැත. ඕපපාතික සත්වයෝ නැත. යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට ප්‍රකාශ කෙරෙත්ද, එවැනි මනාව පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකයෙහි නැතැ”යි මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද, ඉදින් ඒ භවත් ශාස්තෲවරයාගේ වචනය සත්‍ය නම්, ඒ මම භය සහිතවූ හෝ භය නැත්තාවූ හෝ කිසිවෙකුට පීඩා නොකෙළෙම් නම්, එය මට අපරාධයක් නොවීම පිණිස වෙයි. මම කයින් සංවර වූයෙමි, වචනයෙන් සංවර වූයෙමි, සිතින් සංවර වූයෙමි'යි යන යමෙක් ඇද්ද, කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නෙම් යන යමකුත් ඇද්ද මේ දෙකට බැසගත්තේ වෙමියි ඔහුට ප්‍රමෝදය (තරුණ ප්‍රීතිය) උපදී. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය (බලවත් සතුට) පහළ වේ. ප්‍රීති සිත ඇත්තාගේ නාම කය සංසිඳුනේ වේ. නාමකය සංසිඳුනේ සැප විඳී. සැප ඇත්තාගේ සිත සමාධියට පැමිණෙයි. ගාමණිය, ඒ මේ වනාහි ධර්ම සමාධියයි. ඉදින් ඔබ එහි චිත්ත සමාධිය ලබන්නෙහි නම් මෙසේ ඔබ ඒ සැක කරන ස්වභාවය දුරු කරන්නෙහිය.
ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ පහකළ දැඩි ලෝභ ඇත්තේ, පහවූ ව්‍යාපාද ඇත්තේ, නොමුළා වූයේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වූයේ, සිහි ඇත්තේ මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙදිසාවක්, එසේ තුන් දිසාවක්, එසේ සතර දිසාවක් මෙසේ උඩ යට සරස හැමතැන සර්වප්රකාරයෙන් සියල්ල සහිත ලෝකය මහත්වූ මහද්භාවයට ගියාවූ අප්‍රමාණවූ අවෛරවූ ව්‍යාපාද නැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
හේ මෙසේ නුවණින් සලකා බලයි. යම් මේ ශාස්තෲවරයෙක් "දීමෙහි විපාක ඇත. පිදීමෙහි විපාක ඇත. සත්කාරයෙහි විපාක ඇත. මනාකොට කරන ලද නපුරුකොට කරන ලද කර්මයන්ගේ ඵලවිපාක ඇත. මෙලොවක් ඇත. පරලොවක් ඇත. මවු ඇත. පියා ඇත. ඕපපාතික සත්වයෝ ඇත. යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත්ද මනාව පිළිපන් එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකයෙහි ඇතැ”යි මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද, ඉදින් ඒ භවත් ශාස්තෲවරයාගේ වචනය සත්‍ය නම්; ඒ මම භය සහිතවූ හෝ භය නැත්තාවූ හෝ කිසිවෙකුට පීඩා නොකෙළෙම් නම්, එය මට අපරාධයක් නොවීම පිණිස වෙයි. මම කයින් සංවර වූයෙමි, වචනයෙන් සංවර වූයෙමි, සිතින් සංවර වූයෙමි'යි යන යමෙක් ඇද්ද, කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නෙම් යන යමකුත් ඇද්ද මේ දෙකට බැසගත්තේ වෙමියි ඔහුට ප්‍රමෝදය (තරුණ ප්‍රීතිය) උපදී. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය (බලවත් සතුට) පහළ වේ. ප්‍රීති සිත ඇත්තාගේ නාම කය සංසිඳුනේ වේ. නාමකය සංසිඳුනේ සැප විඳී. සැප ඇත්තාගේ සිත සමාධියට පැමිණෙයි. ගාමණිය, ඒ මේ වනාහි ධර්ම සමාධියයි. ඉදින් ඔබ එහි චිත්ත සමාධිය ලබන්නෙහි නම් මෙසේ ඔබ ඒ සැක කරන ස්වභාවය දුරු කරන්නෙහිය.
ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ පහකළ දැඩි ලෝභ ඇත්තේ, පහවූ ව්‍යාපාද ඇත්තේ, නොමුළා වූයේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වූයේ, සිහි ඇත්තේ මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙදිසාවක්, එසේ තුන් දිසාවක්, එසේ සතර දිසාවක් මෙසේ උඩ යට සරස හැමතැන සර්වප්රකාරයෙන් සියල්ල සහිත ලෝකය මහත්වූ මහද්භාවයට ගියාවූ අප්‍රමාණවූ අවෛරවූ ව්‍යාපාද නැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
හේ මෙසේ නුවණින් සලකා බලයි. යම් මේ ශාස්තෲවරයෙක් "කරන්නාහට, කරවන්නාහට, සිඳින්නාහට, සිඳුවන්නාහට, පිසන්නාට, පිසවන්නාට, ශෝක කරවන්නාහට, ක්ලාන්ත කරන්නාහට, කම්පා කරන්නාහට, කම්පා කරවන්නාහට, සතුන් මරන්නාහට, සොරකම් කරන්නාහට, ගෙවල් බිඳින්නාහට, මං පහරන්නාහට, එක් ගෙයක්වටකර බඩු පැහැරගන්නාහට, මාර්ගයෙහි රැකසිට පැහැරගන්නාහට, පරදාරාවන් කරා යන්නාහට, බොරු කියන්නාහට (එසේ) කිරීමෙන් පාපයක් නොවේ. ආයුධ සහිත චක්රයකින් යමෙක් මේ පෘථිවියෙහි ප්‍රාණින් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේ නම් ඒ හේතුවෙන් පාපයක් නැත. පව් රැස්වීමක් නැත. හිංසා කරමින්, මරමින්, සිඳිමින්, සිඳුවමින්, පිසමින්, පිසවමින්, ගංගා නදියෙහි දකුණු තෙරට ගියත් ඒ හේතුවෙන් පව් නැත. පාපයන්ගේ පැමිණීමක් නැත. දෙමින්, දෙවමින්, පුදමින්, පුදවමින් ගංගා නදියෙහි උතුරු තෙරට ගියත් ඒ හේතුවෙන් පිනක් නැත. පින් රැස්වීමක් නැත. දීමෙන්, ඉන්ද්රිය දමනයෙන්, සීල සංයමයෙන්, සත්‍ය වචනයෙන් පිනක් නැත. පින් රැස්වීමක් නැතැ”යි මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද, ඉදින් ඒ භවත් ශාස්තෲවරයාගේ වචනය සත්‍ය නම්; ඒ මම භය සහිතවූ හෝ භය නැත්තාවූ හෝ කිසිවෙකුට පීඩා නොකෙළෙම් නම්, එය මට අපරාධයක් නොවීම පිණිස වෙයි. මම කයින් සංවර වූයෙමි, වචනයෙන් සංවර වූයෙමි, සිතින් සංවර වූයෙමි'යි යන යමෙක් ඇද්ද, කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නෙම් යන යමකුත් ඇද්ද මේ දෙකට බැසගත්තේ වෙමියි ඔහුට ප්‍රමෝදය (තරුණ ප්‍රීතිය) උපදී. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය (බලවත් සතුට) පහළ වේ. ප්‍රීති සිත ඇත්තාගේ නාම කය සංසිඳුනේ වේ. නාමකය සංසිඳුනේ සැප විඳී. සැප ඇත්තාගේ සිත සමාධියට පැමිණෙයි. ගාමණිය, ඒ මේ වනාහි ධර්ම සමාධියයි. ඉදින් ඔබ එහි චිත්ත සමාධිය ලබන්නෙහි නම් මෙසේ ඔබ ඒ සැක කරන ස්වභාවය දුරු කරන්නෙහිය.
ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ පහකළ දැඩි ලෝභ ඇත්තේ, පහවූ ව්‍යාපාද ඇත්තේ, නොමුළා වූයේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වූයේ, සිහි ඇත්තේ මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙදිසාවක්, එසේ තුන් දිසාවක්, එසේ සතර දිසාවක් මෙසේ උඩ යට සරස හැමතැන සර්වප්රකාරයෙන් සියල්ල සහිත ලෝකය මහත්වූ මහද්භාවයට ගියාවූ අප්‍රමාණවූ අවෛරවූ ව්‍යාපාද නැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
හේ මෙසේ නුවණින් සලකා බලයි. යම් මේ ශාස්තෲවරයෙක් "කරන්නාහට, කරවන්නාහට, සිඳින්නාහට, සිඳුවන්නාහට, පිසන්නාට, පිසවන්නාට, ශෝක කරවන්නාහට, ක්ලාන්ත කරන්නාහට, කම්පා කරන්නාහට, කම්පා කරවන්නාහට, සතුන් මරන්නාහට, සොරකම් කරන්නාහට, ගෙවල් බිඳින්නාහට, මං පහරන්නාහට, එක් ගෙයක්වටකර බඩු පැහැරගන්නාහට, මාර්ගයෙහි රැකසිට පැහැරගන්නාහට, පරදාරාවන් කරා යන්නාහට, බොරු කියන්නාහට (එසේ) කිරීමෙන් පාපයක් වේ. ආයුධ සහිත චක්රයකින් යමෙක් මේ පෘථිවියෙහි ප්‍රාණින් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේ නම් ඒ හේතුවෙන් පාපයක් ඇත. පව් රැස්වීමක් ඇත. හිංසා කරමින්, මරමින්, සිඳිමින්, සිඳුවමින්, පිසමින්, පිසවමින්, ගංගා නදියෙහි දකුණු තෙරට යන්නේය. ඒ හේතුවෙන් පාපයක් ඇත. පාපයන්ගේ පැමිණීමක් ඇත. දෙමින්, දෙවමින්, පුදමින්, පුදවමින් ගංගා නදියෙහි උතුරු තෙරට යන්නේය. ඒ හේතුවෙන් පිනක් ඇත. පින් රැස්වීමක් ඇත. දීමෙන්, ඉන්ද්රිය දමනයෙන්, සීල සංයමයෙන්, සත්‍ය වචනයෙන් පිනක් ඇත. පින් රැස්වීමක් ඇතැ”යි මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද, ඉදින් ඒ භවත් ශාස්තෲවරයාගේ වචනය සත්‍ය නම්; ඒ මම භය සහිතවූ හෝ භය නැත්තාවූ හෝ කිසිවෙකුට පීඩා නොකෙළෙම් නම්, එය මට අපරාධයක් නොවීම පිණිස වෙයි. මම කයින් සංවර වූයෙමි, වචනයෙන් සංවර වූයෙමි, සිතින් සංවර වූයෙමි'යි යන යමෙක් ඇද්ද, කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නෙම් යන යමකුත් ඇද්ද මේ දෙකට බැසගත්තේ වෙමියි ඔහුට ප්‍රමෝදය (තරුණ ප්‍රීතිය) උපදී. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය (බලවත් සතුට) පහළ වේ. ප්‍රීති සිත ඇත්තාගේ නාම කය සංසිඳුනේ වේ. නාමකය සංසිඳුනේ සැප විඳී. සැප ඇත්තාගේ සිත සමාධියට පැමිණෙයි. ගාමණිය, ඒ මේ වනාහි ධර්ම සමාධියයි. ඉදින් ඔබ එහි චිත්ත සමාධිය ලබන්නෙහි නම් මෙසේ ඔබ ඒ සැක කරන ස්වභාවය දුරු කරන්නෙහිය.
ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ පහකළ දැඩි ලෝභ ඇත්තේ, පහවූ ව්‍යාපාද ඇත්තේ, නොමුළා වූයේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වූයේ, සිහි ඇත්තේ උපේක්ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙදිසාවක්, එසේ තුන් දිසාවක්, එසේ සතර දිසාවක් මෙසේ උඩ යට සරස හැමතැන සර්වප්රකාරයෙන් සියල්ල සහිත ලෝකය මහත්වූ මහද්භාවයට ගියාවූ අප්‍රමාණවූ අවෛරවූ ව්‍යාපාද නැත්තාවූ උපේක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
හේ මෙසේ නුවණින් සලකා බලයි. යම් මේ ශාස්තෲවරයෙක් "දීමෙහි විපාක නැත. පිදීමෙහි විපාක නැත. සත්කාරයෙහි විපාක නැත. යහපත්කොට කරන ලද, අයහපත්කොට කරන ලද කර්මයන්ගේ ඵලයක් විපාකයක් නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. මවු නැත. පියා නැත. ඕපපාතික සත්වයෝ නැත. යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත්ද, එවැනි මනාව පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකයෙහි නැතැ”යි මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද, ඉදින් ඒ භවත් ශාස්තෲවරයාගේ වචනය සත්‍ය නම්; ඒ මම භය සහිතවූ හෝ භය නැත්තාවූ හෝ කිසිවෙකුට පීඩා නොකෙළෙම් නම්, එය මට අපරාධයක් නොවීම පිණිස වෙයි. මම කයින් සංවර වූයෙමි, වචනයෙන් සංවර වූයෙමි, සිතින් සංවර වූයෙමි'යි යන යමෙක් ඇද්ද, කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නෙම් යන යමකුත් ඇද්ද මේ දෙකට බැසගත්තේ වෙමියි ඔහුට ප්‍රමෝදය (තරුණ ප්‍රීතිය) උපදී. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය (බලවත් සතුට) පහළ වේ. ප්‍රීති සිත ඇත්තාගේ නාම කය සංසිඳුනේ වේ. නාමකය සංසිඳුනේ සැප විඳී. සැප ඇත්තාගේ සිත සමාධියට පැමිණෙයි. ගාමණිය, ඒ මේ වනාහි ධර්ම සමාධියයි. ඉදින් ඔබ එහි චිත්ත සමාධිය ලබන්නෙහි නම් මෙසේ ඔබ ඒ සැක කරන ස්වභාවය දුරු කරන්නෙහිය.
ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ පහකළ දැඩි ලෝභ ඇත්තේ, පහවූ ව්‍යාපාද ඇත්තේ, නොමුළා වූයේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වූයේ, සිහි ඇත්තේ උපේක්ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙදිසාවක්, එසේ තුන් දිසාවක්, එසේ සතර දිසාවක් මෙසේ උඩ යට සරස හැමතැන සර්වප්රකාරයෙන් සියල්ල සහිත ලෝකය මහත්වූ මහද්භාවයට ගියාවූ අප්‍රමාණවූ අවෛරවූ ව්‍යාපාද නැත්තාවූ උපේක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
හේ මෙසේ නුවණින් සලකා බලයි. යම් මේ ශාස්තෲවරයෙක් "දීමෙහි විපාක ඇත. පිදීමෙහි විපාක ඇත. සත්කාරයෙහි විපාක ඇත. මනාකොට කරන ලද නපුරුකොට කරන ලද කර්මයන්ගේ ඵලවිපාක ඇත. මෙලොවක් ඇත. පරලොවක් ඇත. මවු ඇත. පියා ඇත. ඕපපාතික සත්වයෝ ඇත. යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත්ද මනාව පිළිපන් එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකයෙහි ඇතැ”යි මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද, ඉදින් ඒ භවත් ශාස්තෲවරයාගේ වචනය සත්‍ය නම්; ඒ මම භය සහිතවූ හෝ භය නැත්තාවූ හෝ කිසිවෙකුට පීඩා නොකෙළෙම් නම්, එය මට අපරාධයක් නොවීම පිණිස වෙයි. මම කයින් සංවර වූයෙමි, වචනයෙන් සංවර වූයෙමි, සිතින් සංවර වූයෙමි'යි යන යමෙක් ඇද්ද, කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නෙම් යන යමකුත් ඇද්ද මේ දෙකට බැසගත්තේ වෙමියි ඔහුට ප්‍රමෝදය (තරුණ ප්‍රීතිය) උපදී. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය (බලවත් සතුට) පහළ වේ. ප්‍රීති සිත ඇත්තාගේ නාම කය සංසිඳුනේ වේ. නාමකය සංසිඳුනේ සැප විඳී. සැප ඇත්තාගේ සිත සමාධියට පැමිණෙයි. ගාමණිය, ඒ මේ වනාහි ධර්ම සමාධියයි. ඉදින් ඔබ එහි චිත්ත සමාධිය ලබන්නෙහි නම් මෙසේ ඔබ ඒ සැක කරන ස්වභාවය දුරු කරන්නෙහිය.
ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ පහකළ දැඩි ලෝභ ඇත්තේ, පහවූ ව්‍යාපාද ඇත්තේ, නොමුළා වූයේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වූයේ, සිහි ඇත්තේ උපේක්ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙදිසාවක්, එසේ තුන් දිසාවක්, එසේ සතර දිසාවක් මෙසේ උඩ යට සරස හැමතැන සර්වප්රකාරයෙන් සියල්ල සහිත ලෝකය මහත්වූ මහද්භාවයට ගියාවූ අප්‍රමාණවූ අවෛරවූ ව්‍යාපාද නැත්තාවූ උපේක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
හේ මෙසේ නුවණින් සලකා බලයි. යම් මේ ශාස්තෲවරයෙක් "කරන්නාහට, කරවන්නාහට, සිඳින්නාහට, සිඳුවන්නාහට, පිසන්නාට, පිසවන්නාට, ශෝක කරවන්නාහට, ක්ලාන්ත කරන්නාහට, කම්පා කරන්නාහට, කම්පා කරවන්නාහට, සතුන් මරන්නාහට, සොරකම් කරන්නාහට, ගෙවල් බිඳින්නාහට, මං පහරන්නාහට, එක් ගෙයක්වටකර බඩු පැහැරගන්නාහට, මාර්ගයෙහි රැකසිට පැහැරගන්නාහට, පරදාරාවන් කරා යන්නාහට, බොරු කියන්නාහට (එසේ) කිරීමෙන් පාපයක් නොවේ. ආයුධ සහිත චක්රයකින් යමෙක් මේ පෘථිවියෙහි ප්‍රාණින් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේ නම් ඒ හේතුවෙන් පාපයක් නැත. පව් රැස්වීමක් නැත. හිංසා කරමින්, මරමින්, සිඳිමින්, සිඳුවමින්, පිසමින්, පිසවමින්, ගංගා නදියෙහි දකුණු තෙරට ගියත් ඒ හේතුවෙන් පව් නැත. පාපයන්ගේ පැමිණීමක් නැත. දෙමින්, දෙවමින්, පුදමින්, පුදවමින් ගංගා නදියෙහි උතුරු තෙරට ගියත් ඒ හේතුවෙන් පිනක් නැත. පින් රැස්වීමක් නැත. දීමෙන්, ඉන්ද්රිය දමනයෙන්, සීල සංයමයෙන්, සත්‍ය වචනයෙන් පිනක් නැත. පින් රැස්වීමක් නැතැ”යි මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද, ඉදින් ඒ භවත් ශාස්තෲවරයාගේ වචනය සත්‍ය නම්; ඒ මම භය සහිතවූ හෝ භය නැත්තාවූ හෝ කිසිවෙකුට පීඩා නොකෙළෙම් නම්, එය මට අපරාධයක් නොවීම පිණිස වෙයි. මම කයින් සංවර වූයෙමි, වචනයෙන් සංවර වූයෙමි, සිතින් සංවර වූයෙමි'යි යන යමෙක් ඇද්ද, කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නෙම් යන යමකුත් ඇද්ද මේ දෙකට බැසගත්තේ වෙමියි ඔහුට ප්‍රමෝදය (තරුණ ප්‍රීතිය) උපදී. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය (බලවත් සතුට) පහළ වේ. ප්‍රීති සිත ඇත්තාගේ නාම කය සංසිඳුනේ වේ. නාමකය සංසිඳුනේ සැප විඳී. සැප ඇත්තාගේ සිත සමාධියට පැමිණෙයි. ගාමණිය, ඒ මේ වනාහි ධර්ම සමාධියයි. ඉදින් ඔබ එහි චිත්ත සමාධිය ලබන්නෙහි නම් මෙසේ ඔබ ඒ සැක කරන ස්වභාවය දුරු කරන්නෙහිය.
ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ පහකළ දැඩි ලෝභ ඇත්තේ, පහවූ ව්‍යාපාද ඇත්තේ, නොමුළා වූයේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වූයේ, සිහි ඇත්තේ උපේක්ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙදිසාවක්, එසේ තුන් දිසාවක්, එසේ සතර දිසාවක් මෙසේ උඩ යට සරස හැමතැන සර්වප්රකාරයෙන් සියල්ල සහිත ලෝකය මහත්වූ මහද්භාවයට ගියාවූ අප්‍රමාණවූ අවෛරවූ ව්‍යාපාද නැත්තාවූ උපේක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
හේ මෙසේ නුවණින් සලකා බලයි. යම් මේ ශාස්තෲවරයෙක් "කරන්නාහට, කරවන්නාහට, සිඳින්නාහට, සිඳුවන්නාහට, පිසන්නාට, පිසවන්නාට, ශෝක කරවන්නාහට, ක්ලාන්ත කරන්නාහට, කම්පා කරන්නාහට, කම්පා කරවන්නාහට, සතුන් මරන්නාහට, සොරකම් කරන්නාහට, ගෙවල් බිඳින්නාහට, මං පහරන්නාහට, එක් ගෙයක්වටකර බඩු පැහැරගන්නාහට, මාර්ගයෙහි රැකසිට පැහැරගන්නාහට, පරදාරාවන් කරා යන්නාහට, බොරු කියන්නාහට (එසේ) කිරීමෙන් පාපයක් වේ. ආයුධ සහිත චක්රයකින් යමෙක් මේ පෘථිවියෙහි ප්‍රාණින් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේ නම් ඒ හේතුවෙන් පාපයක් ඇත. පව් රැස්වීමක් ඇත. හිංසා කරමින්, මරමින්, සිඳිමින්, සිඳුවමින්, පිසමින්, පිසවමින්, ගංගා නදියෙහි දකුණු තෙරට යන්නේය. ඒ හේතුවෙන් පාපයක් ඇත. පාපයන්ගේ පැමිණීමක් ඇත. දෙමින්, දෙවමින්, පුදමින්, පුදවමින් ගංගා නදියෙහි උතුරු තෙරට යන්නේය. ඒ හේතුවෙන් පිනක් ඇත. පින් රැස්වීමක් ඇත. දීමෙන්, ඉන්ද්රිය දමනයෙන්, සීල සංයමයෙන්, සත්‍ය වචනයෙන් පිනක් ඇත. පින් රැස්වීමක් ඇතැ”යි මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද, ඉදින් ඒ භවත් ශාස්තෲවරයාගේ වචනය සත්‍ය නම්; ඒ මම භය සහිතවූ හෝ භය නැත්තාවූ හෝ කිසිවෙකුට පීඩා නොකෙළෙම් නම්, එය මට අපරාධයක් නොවීම පිණිස වෙයි. මම කයින් සංවර වූයෙමි, වචනයෙන් සංවර වූයෙමි, සිතින් සංවර වූයෙමි'යි යන යමෙක් ඇද්ද, කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නෙම් යන යමකුත් ඇද්ද මේ දෙකට බැසගත්තේ වෙමියි ඔහුට ප්‍රමෝදය (තරුණ ප්‍රීතිය) උපදී. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය (බලවත් සතුට) පහළ වේ. ප්‍රීති සිත ඇත්තාගේ නාම කය සංසිඳුනේ වේ. නාමකය සංසිඳුනේ සැප විඳී. සැප ඇත්තාගේ සිත සමාධියට පැමිණෙයි. ගාමණිය, ඒ මේ වනාහි ධර්ම සමාධියයි. ඉදින් ඔබ එහි චිත්ත සමාධිය ලබන්නෙහි නම් මෙසේ ඔබ ඒ සැක කරන ස්වභාවය දුරුකරන්නෙහිය.
මෙසේ වදාළ කල්හි පාටලිය ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, යහපත. ස්වාමීනි, යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණ දෙයක් විවෘත කරන්නේද, මංමුළාවූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තාහු රූප දකිත්වයි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ මම ධර්මයද භික්ෂු සංඝයාද සහිත භාග්‍යවතුන් වහන්සේ පිහිට කොට යමි. අද පටන් ජීවිතාන්තය දක්වා සරණගත උපාසකයෙකු කොට මා දරන සේක්වායි” කීයේය.
|