ත්‍රිපිටකය
8. ගාමණිසංයුත්තං 8.ගාමණී සංයුත්තය
1. චණ්ඩසුත්තං 1. චණ්ඩගාමණී සූත්‍රය
2. තාලපුටසුත්තං 2. තාලපුට සූත්‍රය
3. යොධාජීවසුත්තං 3. යෝධාජීව සූත්‍රය
4. හත්ථාරොහසුත්තං 4. හත්‍ථාරොහ සූත්‍රය
5. අස්සාරොහසුත්තං 5. අස්සාරොහ සූත්‍රය
6. අසිබන්ධකපුත්තසුත්තං 6. අසිබන්‍ධක සූත්‍රය
7. ඛෙත්තූපමසුත්තං 7. ඛෙත්තූපම සූත්‍රය
8. සඞ්ඛධමසුත්තං 8. සංඛධම සූත්‍රය
9. කුලසුත්තං 9. කුල සූත්‍රය
10. මණිචූළකසුත්තං 10. මණිචූළක සූත්‍රය
11. භද්‍රකසුත්තං 11. භද්‍රක සූත්‍රය
12. රාසියසුත්තං 12. රාසිය සූත්‍රය
364
අථ ඛො රාසියො ගාමණි යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාසියො ගාමණි භගවන්තං එතදවොච - ‘‘සුතං මෙතං, භන්තෙ, ‘සමණො ගොතමො සබ්බං තපං ගරහති, සබ්බං තපස්සිං ලූඛජීවිං එකංසෙන උපවදති උපක්කොසතී’ති (උපක්කොසති උපවදතීති (දී. නි. 1.381)). යෙ තෙ, භන්තෙ, එවමාහංසු - ‘සමණො ගොතමො සබ්බං තපං ගරහති, සබ්බං තපස්සිං ලූඛජීවිං එකංසෙන උපවදති උපක්කොසතී’ති, කච්චි තෙ, භන්තෙ, භගවතො වුත්තවාදිනො, න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛන්ති, ධම්මස්ස චානුධම්මං බ්‍යාකරොන්ති, න ච කොචි සහධම්මිකො වාදානුවාදො ගාරය්හං ඨානං ආගච්ඡතී’’ති? ‘‘යෙ තෙ, ගාමණි, එවමාහංසු - ‘සමණො ගොතමො සබ්බං තපං ගරහති, සබ්බං තපස්සිං ලූඛජීවිං එකංසෙන උපවදති උපක්කොසතී’ති, න මෙ තෙ වුත්තවාදිනො, අබ්භාචික්ඛන්ති ච පන මං තෙ අසතා තුච්ඡා අභූතෙන’’.
‘‘ද්වෙමෙ, ගාමණි, අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා - යො චායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථසංහිතො, යො චායං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථසංහිතො. එතෙ තෙ, ගාමණි, උභො අන්තෙ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා - චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. කතමා ච සා, ගාමණි, මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා - චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි. අයං ඛො සා, ගාමණි, මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා - චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති.
‘‘තයො ඛො මෙ, ගාමණි, කාමභොගිනො සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො? ඉධ, ගාමණි, එකච්චො කාමභොගී අධම්මෙන භොගෙ පරියෙසති, සාහසෙන අධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙන න අත්තානං සුඛෙති න පීණෙති න සංවිභජති න පුඤ්ඤානි කරොති. ඉධ පන, ගාමණි, එකච්චො කාමභොගී අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙන. අධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙන අත්තානං සුඛෙති පීණෙති, න සංවිභජති න පුඤ්ඤානි කරොති. ඉධ පන, ගාමණි, එකච්චො කාමභොගී අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙන. අධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙන අත්තානං සුඛෙති පීණෙති සංවිභජති පුඤ්ඤානි කරොති.
‘‘ඉධ පන, ගාමණි, එකච්චො කාමභොගී ධම්මාධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනපි අසාහසෙනපි. ධම්මාධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙනපි අසාහසෙනපි න අත්තානං සුඛෙති, න පීණෙති, න සංවිභජති, න පුඤ්ඤානි කරොති. ඉධ පන, ගාමණි, එකච්චො කාමභොගී ධම්මාධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනපි අසාහසෙනපි. ධම්මාධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙනපි අසාහසෙනපි අත්තානං සුඛෙති පීණෙති, න සංවිභජති, න පුඤ්ඤානි කරොති. ඉධ පන, ගාමණි, එකච්චො කාමභොගී ධම්මාධම්මෙන භොගෙ පරියෙසති, සාහසෙනපි අසාහසෙනපි . ධම්මාධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙනපි අසාහසෙනපි අත්තානං සුඛෙති පීණෙති සංවිභජති පුඤ්ඤානි කරොති.
‘‘ඉධ පන, ගාමණි, එකච්චො කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙන. ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන න අත්තානං සුඛෙති, න පීණෙති, න සංවිභජති, න පුඤ්ඤානි කරොති. ඉධ පන, ගාමණි, එකච්චො කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙන. ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන අත්තානං සුඛෙති පීණෙති, න සංවිභජති, න පුඤ්ඤානි කරොති. ඉධ පන, ගාමණි, එකච්චො කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙන. ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන අත්තානං සුඛෙති පීණෙති සංවිභජති පුඤ්ඤානි කරොති. තෙ ච භොගෙ ගධිතො (ගථිතො (සී.)) මුච්ඡිතො අජ්ඣොපන්නො අනාදීනවදස්සාවී අනිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති. ඉධ පන, ගාමණි, එකච්චො කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙන. ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන අත්තානං සුඛෙති පීණෙති සංවිභජති පුඤ්ඤානි කරොති. තෙ ච භොගෙ අගධිතො අමුච්ඡිතො අනජ්ඣොපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති.
‘‘තත්‍ර , ගාමණි, ය්වායං කාමභොගී අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙන, අධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙන න අත්තානං සුඛෙති, න පීණෙති, න සංවිභජති, න පුඤ්ඤානි කරොති. අයං, ගාමණි, කාමභොගී තීහි ඨානෙහි ගාරය්හො. කතමෙහි තීහි ඨානෙහි ගාරය්හො? අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනාති, ඉමිනා පඨමෙන ඨානෙන ගාරය්හො. න අත්තානං සුඛෙති න පීණෙතීති, ඉමිනා දුතියෙන ඨානෙන ගාරය්හො. න සංවිභජති, න පුඤ්ඤානි කරොතීති, ඉමිනා තතියෙන ඨානෙන ගාරය්හො. අයං, ගාමණි, කාමභොගී ඉමෙහි තීහි ඨානෙහි ගාරය්හො.
‘‘තත්‍ර, ගාමණි, ය්වායං කාමභොගී අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙන, අධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙන අත්තානං සුඛෙති පීණෙති, න සංවිභජති, න පුඤ්ඤානි කරොති. අයං, ගාමණි, කාමභොගී ද්වීහි ඨානෙහි ගාරය්හො, එකෙන ඨානෙන පාසංසො. කතමෙහි ද්වීහි ඨානෙහි ගාරය්හො? අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනාති, ඉමිනා පඨමෙන ඨානෙන ගාරය්හො. න සංවිභජති, න පුඤ්ඤානි කරොතීති, ඉමිනා දුතියෙන ඨානෙන ගාරය්හො. කතමෙන එකෙන ඨානෙන පාසංසො? අත්තානං සුඛෙති පීණෙතීති, ඉමිනා එකෙන ඨානෙන පාසංසො. අයං, ගාමණි, කාමභොගී ඉමෙහි ද්වීහි ඨානෙහි ගාරය්හො, ඉමිනා එකෙන ඨානෙන පාසංසො.
‘‘තත්‍ර, ගාමණි, ය්වායං කාමභොගී අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙන, අධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙන අත්තානං සුඛෙති පීණෙති සංවිභජති පුඤ්ඤානි කරොති. අයං, ගාමණි, කාමභොගී එකෙන ඨානෙන ගාරය්හො, ද්වීහි ඨානෙහි පාසංසො. කතමෙන එකෙන ඨානෙන ගාරය්හො? අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනාති, ඉමිනා එකෙන ඨානෙන ගාරය්හො. කතමෙහි ද්වීහි ඨානෙහි පාසංසො? අත්තානං සුඛෙති පීණෙතීති, ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. සංවිභජති පුඤ්ඤානි කරොතීති, ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. අයං, ගාමණි, කාමභොගී, ඉමිනා එකෙන ඨානෙන ගාරය්හො, ඉමෙහි ද්වීහි ඨානෙහි පාසංසො.
‘‘තත්‍ර, ගාමණි, ය්වායං කාමභොගී ධම්මාධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනපි අසාහසෙනපි, ධම්මාධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙනපි අසාහසෙනපි න අත්තානං සුඛෙති, න පීණෙති, න සංවිභජති, න පුඤ්ඤානි කරොති. අයං, ගාමණි, කාමභොගී එකෙන ඨානෙන පාසංසො, තීහි ඨානෙහි ගාරය්හො. කතමෙන එකෙන ඨානෙන පාසංසො? ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙනාති, ඉමිනා එකෙන ඨානෙන පාසංසො. කතමෙහි තීහි ඨානෙහි ගාරය්හො? අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනාති, ඉමිනා පඨමෙන ඨානෙන ගාරය්හො. න අත්තානං සුඛෙති, න පීණෙතීති, ඉමිනා දුතියෙන ඨානෙන ගාරය්හො. න සංවිභජති, න පුඤ්ඤානි කරොතීති, ඉමිනා තතියෙන ඨානෙන ගාරය්හො. අයං, ගාමණි, කාමභොගී ඉමිනා එකෙන ඨානෙන පාසංසො, ඉමෙහි තීහි ඨානෙහි ගාරය්හො.
‘‘තත්‍ර, ගාමණි, ය්වායං කාමභොගී ධම්මාධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනපි අසාහසෙනපි, ධම්මාධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙනපි අසාහසෙනපි අත්තානං සුඛෙති පීණෙති, න සංවිභජති, න පුඤ්ඤානි කරොති. අයං, ගාමණි, කාමභොගී ද්වීහි ඨානෙහි පාසංසො, ද්වීහි ඨානෙහි ගාරය්හො. කතමෙහි ද්වීහි ඨානෙහි පාසංසො? ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙනාති, ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. අත්තානං සුඛෙති පීණෙතීති, ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො . කතමෙහි ද්වීහි ඨානෙහි ගාරය්හො? අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනාති, ඉමිනා පඨමෙන ඨානෙන ගාරය්හො. න සංවිභජති, න පුඤ්ඤානි කරොතීති, ඉමිනා දුතියෙන ඨානෙන ගාරය්හො. අයං, ගාමණි, කාමභොගී ඉමෙහි ද්වීහි ඨානෙහි පාසංසො, ඉමෙහි ද්වීහි ඨානෙහි ගාරය්හො.
‘‘තත්‍ර, ගාමණි, ය්වායං කාමභොගී ධම්මාධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනපි අසාහසෙනපි, ධම්මාධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙනපි අසාහසෙනපි අත්තානං සුඛෙති පීණෙති සංවිභජති පුඤ්ඤානි කරොති. අයං, ගාමණි, කාමභොගී තීහි ඨානෙහි පාසංසො, එකෙන ඨානෙන ගාරය්හො. කතමෙහි තීහි ඨානෙහි පාසංසො? ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙනාති, ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. අත්තානං සුඛෙති පීණෙතීති, ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. සංවිභජති පුඤ්ඤානි කරොතීති, ඉමිනා තතියෙන ඨානෙන පාසංසො. කතමෙන එකෙන ඨානෙන ගාරය්හො? අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනාති , ඉමිනා එකෙන ඨානෙන ගාරය්හො. අයං, ගාමණි, කාමභොගී ඉමෙහි තීහි ඨානෙහි පාසංසො, ඉමිනා එකෙන ඨානෙන ගාරය්හො.
‘‘තත්‍ර, ගාමණි, ය්වායං කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙන , ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන, න අත්තානං සුඛෙති, න පීණෙති, න සංවිභජති, න පුඤ්ඤානි කරොති. අයං, ගාමණි, කාමභොගී එකෙන ඨානෙන පාසංසො, ද්වීහි ඨානෙහි ගාරය්හො. කතමෙන එකෙන ඨානෙන පාසංසො? ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙනාති, ඉමිනා එකෙන ඨානෙන පාසංසො. කතමෙහි ද්වීහි ඨානෙහි ගාරය්හො? න අත්තානං සුඛෙති, න පීණෙතීති, ඉමිනා පඨමෙන ඨානෙන ගාරය්හො. න සංවිභජති, න පුඤ්ඤානි කරොතීති, ඉමිනා දුතියෙන ඨානෙන ගාරය්හො. අයං, ගාමණි, කාමභොගී ඉමිනා එකෙන ඨානෙන පාසංසො, ඉමෙහි ද්වීහි ඨානෙහි ගාරය්හො.
‘‘තත්‍ර , ගාමණි, ය්වායං කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙන, ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන අත්තානං සුඛෙති පීණෙති, න සංවිභජති, න පුඤ්ඤානි කරොති. අයං, ගාමණි, කාමභොගී ද්වීහි ඨානෙහි පාසංසො, එකෙන ඨානෙන ගාරය්හො. කතමෙහි ද්වීහි ඨානෙහි පාසංසො? ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙනාති, ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. අත්තානං සුඛෙති පීණෙතීති, ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. කතමෙන එකෙන ඨානෙන ගාරය්හො ? න සංවිභජති, න පුඤ්ඤානි කරොතීති, ඉමිනා එකෙන ඨානෙන ගාරය්හො. අයං, ගාමණි, කාමභොගී ඉමෙහි ද්වීහි ඨානෙහි පාසංසො, ඉමිනා එකෙන ඨානෙන ගාරය්හො.
‘‘තත්‍ර, ගාමණි, ය්වායං කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙන , ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන අත්තානං සුඛෙති පීණෙති සංවිභජති පුඤ්ඤානි කරොති, තෙ ච භොගෙ ගධිතො මුච්ඡිතො අජ්ඣොපන්නො අනාදීනවදස්සාවී අනිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති. අයං, ගාමණි, කාමභොගී තීහි ඨානෙහි පාසංසො, එකෙන ඨානෙන ගාරය්හො. කතමෙහි තීහි ඨානෙහි පාසංසො? ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙනාති, ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. අත්තානං සුඛෙති පීණෙතීති, ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. සංවිභජති පුඤ්ඤානි කරොතීති, ඉමිනා තතියෙන ඨානෙන පාසංසො . කතමෙන එකෙන ඨානෙන ගාරය්හො? තෙ ච භොගෙ ගධිතො මුච්ඡිතො අජ්ඣොපන්නො අනාදීනවදස්සාවී අනිස්සරණපඤ්ඤො පරිභුඤ්ජතීති, ඉමිනා එකෙන ඨානෙන ගාරය්හො. අයං, ගාමණි, කාමභොගී ඉමෙහි තීහි ඨානෙහි පාසංසො, ඉමිනා එකෙන ඨානෙන ගාරය්හො.
‘‘තත්‍ර, ගාමණි, ය්වායං කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙන, ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන අත්තානං සුඛෙති පීණෙති සංවිභජති පුඤ්ඤානි කරොති. තෙ ච භොගෙ අගධිතො අමුච්ඡිතො අනජ්ඣොපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති. අයං, ගාමණි, කාමභොගී චතූහි ඨානෙහි පාසංසො. කතමෙහි චතූහි ඨානෙහි පාසංසො? ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙනාති, ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. අත්තානං සුඛෙති පීණෙතීති, ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. සංවිභජති පුඤ්ඤානි කරොතීති, ඉමිනා තතියෙන ඨානෙන පාසංසො. තෙ ච භොගෙ අගධිතො අමුච්ඡිතො අනජ්ඣොපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජතීති, ඉමිනා චතුත්ථෙන ඨානෙන පාසංසො. අයං, ගාමණි, කාමභොගී ඉමෙහි චතූහි ඨානෙහි පාසංසො.
‘‘තයොමෙ, ගාමණි, තපස්සිනො ලූඛජීවිනො සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො? ඉධ, ගාමණි, එකච්චො තපස්සී ලූඛජීවී සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති - ‘අප්පෙව නාම කුසලං ධම්මං අධිගච්ඡෙය්‍යං, අප්පෙව නාම උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරෙය්‍ය’න්ති. සො අත්තානං ආතාපෙති පරිතාපෙති, කුසලඤ්ච ධම්මං නාධිගච්ඡති, උත්තරි ච මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං න සච්ඡිකරොති.
‘‘ඉධ පන, ගාමණි, එකච්චො තපස්සී ලූඛජීවී සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති - ‘අප්පෙව නාම කුසලං ධම්මං අධිගච්ඡෙය්‍යං, අප්පෙව නාම උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරෙය්‍ය’න්ති. සො අත්තානං ආතාපෙති පරිතාපෙති, කුසලඤ්හි ඛො ධම්මං අධිගච්ඡති, උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං න සච්ඡිකරොති.
‘‘ඉධ පන, ගාමණි, එකච්චො තපස්සී ලූඛජීවී සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති - ‘අප්පෙව නාම කුසලං ධම්මං අධිගච්ඡෙය්‍යං, අප්පෙව නාම උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරෙය්‍ය’න්ති. සො අත්තානං ආතාපෙති පරිතාපෙති , කුසලඤ්ච ධම්මං අධිගච්ඡති, උත්තරි ච මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරොති.
‘‘තත්‍ර, ගාමණි, ය්වායං තපස්සී ලූඛජීවී අත්තානං ආතාපෙති පරිතාපෙති, කුසලඤ්ච ධම්මං නාධිගච්ඡති, උත්තරි ච මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං න සච්ඡිකරොති. අයං, ගාමණි, තපස්සී ලූඛජීවී තීහි ඨානෙහි ගාරය්හො. කතමෙහි තීහි ඨානෙහි ගාරය්හො? අත්තානං ආතාපෙති පරිතාපෙතීති, ඉමිනා පඨමෙන ඨානෙන ගාරය්හො. කුසලඤ්ච ධම්මං නාධිගච්ඡතීති, ඉමිනා දුතියෙන ඨානෙන ගාරය්හො. උත්තරි ච මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං න සච්ඡිකරොතීති, ඉමිනා තතියෙන ඨානෙන ගාරය්හො. අයං, ගාමණි, තපස්සී ලූඛජීවී, ඉමෙහි තීහි ඨානෙහි ගාරය්හො.
‘‘තත්‍ර, ගාමණි, ය්වායං තපස්සී ලූඛජීවී අත්තානං ආතාපෙති පරිතාපෙති, කුසලඤ්හි ඛො ධම්මං අධිගච්ඡති, උත්තරි ච මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං න සච්ඡිකරොති. අයං, ගාමණි, තපස්සී ලූඛජීවී ද්වීහි ඨානෙහි ගාරය්හො, එකෙන ඨානෙන පාසංසො. කතමෙහි ද්වීහි ඨානෙහි ගාරය්හො? අත්තානං ආතාපෙති පරිතාපෙතීති, ඉමිනා පඨමෙන ඨානෙන ගාරය්හො. උත්තරි ච මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං න සච්ඡිකරොතීති, ඉමිනා දුතියෙන ඨානෙන ගාරය්හො. කතමෙන එකෙන ඨානෙන පාසංසො? කුසලඤ්හි ඛො ධම්මං අධිගච්ඡතීති, ඉමිනා එකෙන ඨානෙන පාසංසො. අයං, ගාමණි, තපස්සී ලූඛජීවී ඉමෙහි ද්වීහි ඨානෙහි ගාරය්හො, ඉමිනා එකෙන ඨානෙන පාසංසො.
‘‘තත්‍ර , ගාමණි, ය්වායං තපස්සී ලූඛජීවී අත්තානං ආතාපෙති පරිතාපෙති, කුසලඤ්ච ධම්මං අධිගච්ඡති, උත්තරි ච මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරොති. අයං, ගාමණි, තපස්සී ලූඛජීවී එකෙන ඨානෙන ගාරය්හො, ද්වීහි ඨානෙහි පාසංසො. කතමෙන එකෙන ඨානෙන ගාරය්හො? අත්තානං ආතාපෙති පරිතාපෙතීති, ඉමිනා එකෙන ඨානෙන ගාරය්හො. කතමෙහි ද්වීහි ඨානෙහි පාසංසො? කුසලඤ්ච ධම්මං අධිගච්ඡතීති, ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. උත්තරි ච මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරොතීති, ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො . අයං, ගාමණි, තපස්සී ලූඛජීවී ඉමිනා එකෙන ඨානෙන ගාරය්හො, ඉමෙහි ද්වීහි ඨානෙහි පාසංසො.
‘‘තිස්සො ඉමා, ගාමණි, සන්දිට්ඨිකා නිජ්ජරා අකාලිකා එහිපස්සිකා ඔපනෙය්‍යිකා පච්චත්තං වෙදිතබ්බා විඤ්ඤූහි. කතමා තිස්සො? යං රත්තො රාගාධිකරණං අත්තබ්‍යාබාධායපි චෙතෙති, පරබ්‍යාබාධායපි චෙතෙති, උභයබ්‍යාබාධායපි චෙතෙති. රාගෙ පහීනෙ නෙවත්තබ්‍යාබාධාය චෙතෙති, න පරබ්‍යාබාධාය චෙතෙති, න උභයබ්‍යාබාධාය චෙතෙති. සන්දිට්ඨිකා නිජ්ජරා අකාලිකා එහිපස්සිකා ඔපනෙය්‍යිකා පච්චත්තං වෙදිතබ්බා විඤ්ඤූහි. යං දුට්ඨො දොසාධිකරණං අත්තබ්‍යාබාධායපි චෙතෙති, පරබ්‍යාබාධායපි චෙතෙති, උභයබ්‍යාබාධායපි චෙතෙති. දොසෙ පහීනෙ නෙවත්තබ්‍යාබාධාය චෙතෙති, න පරබ්‍යාබාධාය චෙතෙති, න උභයබ්‍යාබාධාය චෙතෙති. සන්දිට්ඨිකා නිජ්ජරා අකාලිකා එහිපස්සිකා ඔපනෙය්‍යිකා පච්චත්තං වෙදිතබ්බා විඤ්ඤූහි. යං මූළ්හො මොහාධිකරණං අත්තබ්‍යාබාධායපි චෙතෙති, පරබ්‍යාබාධායපි චෙතෙති, උභයබ්‍යාබාධායපි චෙතෙති. මොහෙ පහීනෙ නෙවත්තබ්‍යාබාධාය චෙතෙති, න පරබ්‍යාබාධාය චෙතෙති, න උභයබ්‍යාබාධාය චෙතෙති. සන්දිට්ඨිකා නිජ්ජරා අකාලිකා එහිපස්සිකා ඔපනෙය්‍යිකා පච්චත්තං වෙදිතබ්බා විඤ්ඤූහි. ඉමා ඛො, ගාමණි, තිස්සො සන්දිට්ඨිකා නිජ්ජරා අකාලිකා එහිපස්සිකා ඔපනෙය්‍යිකා පච්චත්තං වෙදිතබ්බා විඤ්ඤූහී’’ති.
එවං වුත්තෙ, රාසියො ගාමණි භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භන්තෙ...පෙ.... උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති. ද්වාදසමං.
364
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. ඉක්බිති රාසිය නම් ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් රාසිය ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ‘ශ්‍රමණ ගෞතමතෙම සියලු තපස්වලට ගර්හා කරති. රූක්ෂව ජීවත් වන සියලු තපස් ඇත්තන්ට ඒකාන්තයෙන් දොස් කියත්. ආක්‍රොශ කෙරෙත් යයි,’ මෙය මා විසින් අසන ලදී. ස්වාමීනි, යම් ඒ කෙනෙක් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සියලු තපස්වලට ගරහති. රූක්ෂව ජීවත්වන සියලු තපස් ඇත්තන්ට දොස් කියති. ආක්‍රොශ කරතිය’යි කීවාහුද, කිමෙක්ද ඔව්හු භාග්‍යවතුන් වහන්සේ කියන ලද්දක් කියන්නහුද? භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් චෝදනා නොකරන්නාහුද? ධර්මයට අනුකූල දෙයක් ප්‍රකාශ කරත්ද? කිසියම් කරුණු සහිත වාදයකින් ගැරහිය යුතු තැනට නොපැමිණේ දැයි” ඇසුයේය.
“ගාමණිය, යම් ඒ කෙනෙක් ‘ශ්‍රමණ ගෞතමතෙම සියලු තපස් ගරහති. රූක්ෂව ජීවත්වන සියලු තපස් ඇත්තන්ට ඒකාන්තයෙන් දොස් කියත්. ආක්‍රොශ කරත්”යයි මෙසේ කියන්නාහුද ඔව්හු මා විසින් කියන ලද්දක් කියන්නාහු නොවෙති. ඔව්හු මා හට බොරුවෙන් චෝදනා කරන්නාහුය.
“ගාමිණිය, පැවිද්දා විසින් සේවනය නොකළ යුතු මේ අන්ත දෙකක් වෙයි. යම් මේ හීන වූ ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන්ට අයත් ආර්ය නොවූ අනර්ථය පිණිස පවත්නා වූ කම්සැපෙහි ඇලී වාසය කිරීමක් වෙයිද, යම් මේ දුක් වූ අනාර්ය වූ අනර්ථය පිණිස පවත්නා වූ ශරීරයට දුක්දීමෙහි යෙදී වාසය කිරීමක් වෙයිද මේ අන්ත දෙක වෙයි.
“ගාමණිය, මේ අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද මධ්‍යම ප්‍රතිපදාව ප්‍රඥා චක්ෂුස ඇති කරන්නේය. ඤාණය ඇති කරන්නේය. කෙලෙස් සංසිඳුවීම පිණිස, විශේෂයෙන් දැනීම පිණිස, යහපත් අවබෝධය පිණිස, නිවන පිණිස පවත්නේය. ගාමණිය, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දා වූ ප්‍රඥා චක්ෂූස ඇති කරන්නා වූ ඤාණය උපදවන්නා වූ කෙලෙස් සංසිඳවීම පිණිස පවත්නා වූ විශේෂ ඥානය පිණිස පවත්නා වූ යහපත් අවබෝධය පිණිස පවත්නා වූ නිවන පිණිස පවත්නා වූ ඒ මධ්‍යම ප්‍රතිපදාව කවරීද; සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමය. ගාමණිය, මේ වනාහි තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ප්‍රඥා චක්ෂුස ඇති කරන්නා වූ, ඤාණය ඇති කරන්නා වූ, කෙලෙස් සංසිඳුවීම පිණිස පවත්නා වූ, විශේෂ ඥානය පිණිස පවත්නා වූ, යහපත් අවබෝධය පිණිස පවත්නා වූ, නිවන පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාවයි.
“ගාමණිය, කාමභෝගීන් තුන්දෙනෙක් ලෝකයෙහි ඇත්තාහුය. කවර තුන්දෙනෙක්ද යත්: ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක්තෙම අධාර්මිකව, සාහසිකව වස්තුව සපයයි. අධාර්මිකව, සාහසිකව වස්තුව සපයා තමාද සැප නොවිඳියි. නොපිණවයි. අනුන්ටද බෙදා නොදෙයි. පින් නොකෙරෙයි. මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක් තෙම අධාර්මිකව, සාහසිකව වස්තුව සපයයි. අධාර්මිකව, සාහසිකව වස්තුව සපයා තමා සැප විඳියි. පිණවයි. අනුන්ට බෙදා නොදෙයි. පින් නොකෙරෙයි. ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක් තෙම අධාර්මිකව, සාහසිකව වස්තුව සපයයි. අධාර්මිකව, සාහසිකව වස්තුව සපයා තමාද සුවපත් වෙයි. පිණවයි. බෙදා දෙයි. පින් කරයි.
“ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක් තෙම ධාර්මිකවද, අධාර්මිකවද, සාහසිකවද, අසාහසිකවද, වස්තුව සපයයි. ධාර්මිකවද, අධාර්මිකවද, සාහසිකවද, අසාහසිකවද වස්තුව සපයා තමාද සැප නොවිඳියි. නොපිණවයි. බෙදා නොදෙයි. පින් නොකරයි. ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක් තෙම ධාර්මිකවද, අධාර්මිකවද, සාහසිකවද, අසාහසිකවද වස්තුව සපයයි. ධාර්මිකවද, අධාර්මිකවද, සාහසිකවද, අසාහසිකවද වස්තු සපයා තමා සැප විඳියි. පිණවයි. බෙදා නොදෙයි. පින් නොකරෙයි. ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක් තෙම ධාර්මිකවද, අධාර්මිකවද, සාහසිකවද, අසාහසිකවද වස්තුව සපයා තමා සැප විඳියි. බෙදා දෙයි. පින් කෙරෙයි.
“ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක් තෙම ධාර්මිකව, අසාහසිකව වස්තුව සපයයි. ධාර්මිකව, අසාහසිකව වස්තුව සපයා තමා සැප නොවිඳියි. නොපිණවයි. බෙදා නොදෙයි. පින් නොකරයි. ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක් තෙම ධාර්මිකව, අසාහසිකව වස්තුව සපයයි. ධාර්මිකව, අසාහසිකව වස්තුව සපයා තමා සැප විඳියි. පිණවයි. බෙදා නොදෙයි. පින් නොකෙරෙයි. ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක් තෙම ධාර්මිකව, අසාහසිකව වස්තුව සපයයි. ධාර්මිකව අසාහසික වස්තුව සපයා තමා සැප විඳියි. පිණවයි. බෙදාදෙයි. පින් කරයි. ඒ වස්තුව ඇලී ගැලී මුසපත්ව ආදීනව නොදැක නිස්සරණ ප්‍රඥාවෙන් තොරව පරිභෝග කරයි. ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගී පුද්ගලයෙක් ධාර්මිකව, අසාහසිකව වස්තුව සපයයි. ධාර්මිකව, අසාහසිකකමින් වස්තුව සපයා තමා සැප විඳියි. පිණවයි. බෙදා දෙයි. පින් කරයි. ඒ වස්තුව නොඇලී නොගිලී මුසපත් නොවී පරිභෝග කරයි.
“ගාමණිය, මොවුන් අතුරෙන් යම් මේ කාමභෝගියෙක් අධාර්මිකව සාහසිකව වස්තුව සපයයිද, අධාර්මිකව සාහසිකව වස්තුව සපයා තමා සැප නොවිඳියිද, නොපිණවයිද, බෙදා නොදෙයිද, පින් නොකරයිද; ගාමණිය, මේ කාමභෝගී තෙම කරුණු තුනකින් ගැරහිය යුතු වන්නේය. කවර කරුණු තුනකින් ගැරහිය යුත්තේද යත්: අධාර්මිකව සාහසිකව වස්තුව සපයයි යන මේ පළමුවෙනි කරුණින් ගැරහිය යුතු වේ. තමා සැප නොවිඳියි, නොපිණවයි, යන මේ දෙවෙනි කරුණින් ගැරහිය යුතු වේ. බෙදා නොදෙයි. පින් නොකෙරෙයි, යන මේ තුන්වෙනි කරුණින් ගැරහිය යුතු වේ. ගාමණිය, මේ කාමභෝගි පුද්ගලතෙම මේ කරුණු තුනින් ගැරහිය යුතු වේ.
“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් ඒ මේ කාමභෝගි පුද්ගලයෙක් අධාර්මිකව සාහසිකව වස්තුව සපයයිද, අධාර්මිකව සාහසිකව වස්තුව සපයා තමා සැප විඳියිද, බෙදා නොදෙයිද පින් නොකරයිද; ගාමණිය, මේ කාමභෝගිතෙම කරුණු දෙකකින් ගැරහිය යුතු වෙයි. එක් කරුණකින් පැසසිය යුතු වේ. කවර කරුණු දෙකකින් ගැරහිය යුත්තේද යත්: අධාර්මිකව සාහසිකව වස්තුව සපයයි යන මේ පළමුවෙනි කරුණින් ගැරහිය යුතු වෙයි. බෙදා නොදෙයි. පින් නොකරයි යන මේ දෙවැනි කරුණින් ගැරහිය යුතු වෙයි. කවර එක් කරුණකින් පැසසිය යුත්තේද යත්: තමා සැප විඳියි. පිණවයි යන මේ එක් කරුණකින් පැසසිය යුතු වෙයි. ගාමණිය, මේ කාමභෝගීතෙම මේ කරුණු දෙකින් ගැරහිය යුතු වෙයි. මේ එක් කරුණකින් පැසසිය යුතු වෙයි.
“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් මේ කාමභෝගියෙක් තෙම අධාර්මිකව සාහසිකව වස්තුව සපයයිද, අධාර්මිකව සාහසිකව වස්තුව සපයා තමා සැප විඳියිද, පිණවයිද, බෙදා දෙයිද, පින් කරයිද; ගාමණිය, මේ කාමභෝගීතෙම එක් කරුණකින් ගැරහිය යුතු වෙයි. කරුණු දෙකකින් පැසසිය යුතු වෙයි. කවර එක් කරුණකින් ගැරහිය යුත්තේද යත්: අධාර්මිකව සාහසිකව වස්තුව සපයයි යන මේ එක් කරුණින් ගැරහිය යුතු වෙයි. කවර කරුණු දෙකකින් පැසසිය යුත්තේද යත්: තමා සැප විඳියි. පිනවයි යන මේ පළමුවෙනි කරුණින් පැසසිය යුතු වෙයි. බෙදා දෙයි පින් කෙරෙයි මේ යන දෙවෙනි කරුණින් පැසසිය යුතු වෙයි. ගාමණිය, මේ කාමභෝගිතෙම එක් කරුණකින් ගැරහිය යුතු වෙයි. මේ කරුණු දෙකකින් පැසසිය යුතු වෙයි.
“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් මේ කාමභෝගියෙක් තෙම ධාර්මිකවද, අධාර්මිකවද, සාහසිකවද, අසාහසිකවද වස්තුව සපයයිද, තමා සැප නොවිඳියිද, නොපිණවයිද, බෙදා නොදෙයිද පින් නොකරයිද; ගාමණිය, මේ කාමභෝගීතෙම එක් කරුණකින් පැසසිය යුතු වෙයි. කරුණු තුනකින් ගැරහිය යුතු වෙයි. කවර එක් කරුණකින් පැසසිය යුත්තේද යත්: ධාර්මිකව අසාහසිකව වස්තුව සපයයි යන මේ කරුණකින් පැසසිය යුතු වේ. කවර තුන් කරුණකින් ගැරහිය යුත්තේද යත්: අධාර්මිකව සාහසිකව වස්තුව සපයයි. මේ පළමුවන කරුණින් ගැරහිය යුතු වෙයි. තමා සැප නොවිඳියි, නොපිණවයි යන දෙවෙනි කරුණින් ගැරහිය යුතු වෙයි. බෙදා නොදෙයි, පින් නොකරයි යන තුන්වෙනි කරුණින් ගැරහිය යුතු වෙයි. ගාමණිය, මේ කාමභෝගිතෙම මේ එක් කරුණකින් පැසසිය යුතු වෙයි. මේ කරුණු තුනකින් ගැරහිය යුතු වෙයි.
“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් මේ කාමභෝගියෙක් තෙම ධාර්මිකවද, අධාර්මිකවද, සැහැසිවද, නොසැහැසිවද වස්තුව සපයයිද, ධාර්මිකවද, අධාර්මිකවද, සැහැසිවද, නොසැහැසිවද වස්තුව සපයා තමා සැප විඳියිද, පිණවයිද, බෙදා නොදෙයිද, පින් නොකරයිද; ගාමණිය, මේ කාමභෝගි තෙමෙ කරුණු දෙකකින් පැසසිය යුතු වේ. කරුණු දෙකකින් ගැරහිය යුතු වේ. කවර කරුණු දෙකකින් පැසසිය යුත්තේද යත්: ධාර්මිකව නොසැහැසිව වස්තුව සපයයි යන මේ පළමුවැනි කරුණින් පැසසිය යුතු වෙයි. තමා සැපවිඳියි. පිණවයි යන මේ දෙවෙනි කරුණින් පැසසුම් ලැබිය යුතු වෙයි. කවර කරුණු දෙකකින් ගැරහිය යුත්තේද යත්: අධාර්මිකව සැහැසිව වස්තුව සපයයි යන මේ පළමුවෙනි කරුණින් ගැරහිය යුතු වේ. බෙදා නොදෙයි පින් නොකෙරේයයි යන මේ දෙවෙනි කරුණින් ගැරහිය යුතු වේ. ගාමණිය, මේ කාමභෝගි තෙම මේ කරුණු දෙකින් පැසසිය යුතු වේ. මේ කරුණු දෙකින් ගැරහිය යුතු වේ.
“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් මේ කාමභෝගියෙක් තෙම ධාර්මිකවද, අධාර්මිකවද, සැහැසිවද, නොසැහැසිවද, වස්තුව සපයයිද, ධාර්මිකවද, අධාර්මිකවද, සැහැසිවද නොසැහැසිවද වස්තුව සපයා තමා සැප විඳියිද, පිණවයිද, බෙදා දෙයිද, පින් කරයිද; ගාමණිය, මේ කාමභෝගී තෙම කරුණු තුනකින් පැසසිය යුතු වෙයි. එක් කරුණකින් ගැරහිය යුතු වෙයි. කවර කරුණු තුනකින් පැසසිය යුත්තේද යත්: ධාර්මිකව නොසැහැසිව වස්තුව සපයයි යන මේ පළමුවැනි කරුණින් පැසසිය යුතු වේ. තමා සැප විඳියි පිණවයි යන මේ දෙවැනි කරුණින් පැසසිය යුතු වෙයි. බෙදා දෙයි පින් කරයි යන මේ තුන්වැනි කරුණින් පැසසිය යුතු වෙයි. කවර එක් කරුණකින් ගැරහිය යුත්තේද යත්: අධාර්මිකව සැහැසිව වස්තුව සපයයි යන මේ එක් කරුණකින් ගැරහිය යුතු වෙයි. ගාමණිය, මේ කාමභෝගී තෙම මේ කරුණු තුනින් පැසසිය යුතු වෙයි. මේ එක් කරුණකින් ගැරහිය යුතු වෙයි.
“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් මේ කාමභෝගියෙක් තෙම ධාර්මිකව නොසැහැසිව වස්තුව සපයයිද, ධාර්මිකව නොසැහැසිව වස්තුව සපයා තමා සැප නොවිඳියිද නොපිණවයිද, බෙදා නොදෙයිද පින් නොකරයිද; ගාමණිය, මේ කාමභෝගී තෙම එක් කරුණකින් ප්‍රශංසා කටයුතු වෙයි. කරුණු දෙකකින් ගැරහිය යුතු වෙයි. කවර එක් කරුණකින් පැසසිය යුත්තේද යත්: ධාර්මිකව නොසැහැසිව වස්තුව සපයයි යන මේ එක් කරුණින් පැසසිය යුතු වෙයි. කවර කරුණු දෙකකින් ගැරහිය යුත්තේද යත්: තමා සැප නොවිඳියි නොපිණවයි යන මේ පළමුවන කරුණින් ගැරහිය යුතු වෙයි. නොබෙදයි පින් නොකෙරෙයි යන මේ දෙවෙනි කරුණින් ගැරහිය යුතු වෙයි. ගාමණිය, මේ කාමභෝගීතෙම මේ එක් කරුණකින් පැසසිය යුතු වේ. මේ කරුණු දෙකකින් ගැරහිය යුතු වේ.
“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් මේ කාමභෝගියෙක් ධාර්මිකව නොසැහැසිව වස්තුව සපයයිද, ධාර්මිකව නොසැහැසිව වස්තුව සපයා සැප විඳියිද පිණවයිද, නොබෙදයිද පින් නොකරයිද; ගාමණිය, මේ කාමභෝගීතෙම කරුණු දෙකකින් පැසසිය යුතු වේ. එක් කරුණකින් ගැරහිය යුතු වේ. කවර කරුණු දෙකකින් පැසසිය යුත්තේද යත්: ධාර්මිකව නොසැහැසිව වස්තුව සපයයි යන මේ පළමුවෙනි කරුණින් පැසසිය යුතුය. තමා සැප විඳියි පිණවයි යන දෙවෙනි කරුණින් පැසසිය යුතු වෙයි. කවර එක් කරුණකින් ගැරහිය යුත්තේද යත්: බෙදා නොදෙයි පින් නොකරයි යන මේ එක් කරුණින් ගැරහිය යුතුය. ගාමණිය, මේ කාමභෝගීතෙම මේ කරුණු දෙකකින් පැසසිය යුතුය. මේ එක් කරුණකින් ගැරහිය යුතුය.
“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් මේ කාමභෝගියෙක් තෙම ධාර්මිකව නොසැහැසිව වස්තුව සපයයිද, ධාර්මිකව නොසැහැසිව වස්තුව සපයා සුවපත්වෙයිද පිණවයිද, බෙදා දෙයිද පින් කරයිද, හෙතෙම ඒ වස්තුව ඇලීගැලී මුසපත්ව ආදීනව නොදක්නේ නිස්සරණ ප්‍රඥාවෙන් තොරව පරිභෝග කරයිද; ගාමණිය, මේ කාමභෝගීතෙම කරුණු තුනකින් පැසසිය යුතු වේ. එක් කරුණකින් ගැරහිය යුතු වේ. කවර කරුණු තුනකින් පැසසිය යුත්තේද යත්: ධාර්මිකව නොසැහැසිව වස්තුව සපයයි යන මේ පළමුවන කරුණින් පැසසිය යුතු වෙයි. තමා සැප විඳියි පිණවයි යන මේ දෙවෙනි කරුණින් පැසසිය යුතු වෙයි. බෙදයි පින් කෙරේයයි මේ තුන්වෙනි කරුණින් පැසසිය යුතු වෙයි. කවර එක් කරුණකින් ගැරහිය යුත්තේද යත්: ඒ වස්තුව ඇලී ගැලී මුසපත්ව පරිභෝග කරයි යන මේ එක් කරුණකින් ගැරහිය යුතු වෙයි. ගාමණිය, මේ කාමභෝගීතෙම මේ කරුණු තුනින් පැසසිය යුතු වෙයි. මේ එක් කරුණකින් ගැරහිය යුතු වෙයි.
“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් මේ කාමභෝගියෙක් තෙම ධාර්මිකව නොසැහැසිව වස්තුව සපයයිද, ධාර්මිකව නොසැහැසිව වස්තුව සපයා සැප විඳියිද පිණවයිද, බෙදා දෙයිද පින් කරයිද, ඒ වස්තුව නොඇලී නොගිලී මුසපත් නොවී ආදීනව දක්නේ නිස්සරණ ප්‍රඥාවෙන් යුක්තව පරිභෝග කරයිද; ගාමණිය, මේ කාමභෝගී තෙම කරුණු සතරකින් පැසසිය යුතු වෙයි. කවර කරුණු සතරකින් පැසසිය යුත්තේද යත්: ධාර්මිකව නොසැහැසිව වස්තුව සපයයි යන මේ පළමුවෙනි කරුණින් පැසසිය යුතු වෙයි. සැප විඳියි පිණවයි යන මේ දෙවෙනි කරුණින් පැසසිය යුතු වෙයි. බෙදයි, පින් කරයි යන මේ තුන්වෙනි කරුණින් පැසසිය යුතු වෙයි. ඒ වස්තුව නොඇලී නොගිලී මුසපත් නොවී ආදීනව දක්නේ නිස්සරණ ප්‍රඥාවෙන් යුක්තව පරිභෝග කෙරෙයි යන මේ සතරවෙනි කරුණින් පැසසිය යුතු වෙයි. ගාමණිය, මේ කාමභෝගීතෙම මේ කරුණු සතරින් පැසසිය යුතු වෙයි.
ගාමණිය, ලෝකයෙහි කටුක ජීවිතයක් ඇත්තාවූ තාපසයෝ තුන්දෙනෙක් ඇත්තාහුය. කවර තුන්දෙනෙක්ද යත්: ගාමණිය, මේ ලෝකයෙහි කටුකව ජීවත්වන තාපසයෙක් "කුසල ධර්ම රැස්කරගන්නෙම් නම් යහපත. මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්යභාවය සිදුකරන ඤාණ දර්ශන විශේෂයක් ප්‍රත්‍යක්ෂ කරන්නෙම් නම් යෙහෙකැ"යි සිතා ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම අනගාරිකව පැවිදි වූයේ වෙයි. හෙතෙම තමා තවයි, හාත්පසින් තවයි. කුසල ධර්මයන්ද රැස් නොකරයි. මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්යභාවය සිදුකරන ඤාණ දර්ශන විශේෂයක්ද ප්‍රත්‍යක්ෂ නොකරයි.
ගාමණිය, මේ ලෝකයෙහි කටුක ජීවිකාව ඇති එක් තාපසයෙක් "කුසල ධර්මයක් උපදවා ගන්නෙම් නම් යහපත. මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්යභාවය සිදු කිරීමට සමර්ථ ඤාණ දර්ශන විශේෂයක් ප්‍රත්‍යක්ෂ කරන්නෙම් නම් යහපතැ"යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම අනගාරිකව පැවිදි වූයේ වෙයි. හෙතෙම තමා තවයි. හාත්පස තවයි. කුසල්ද රැස්කරගනියි. මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්යභාවය සිදු කිරීමෙහි සමර්ථ ඤාණ දර්ශන විශේෂයක් ප්‍රත්‍යක්ෂ නොකරයි.
ගාමණිය, ලෝකයෙහි කටුක ජීවිතය ඇති ඇතැම් තාපසයෙක් "කුසල ධර්මයක් රැස්කරන්නෙම් නම් යෙහෙක. මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්යභාවය සිදුකිරීමෙහි සමර්ථ ඤාණ දර්ශන විශේෂයක් ප්‍රත්‍යක්ෂ කරන්නෙම් නම් මැනවැ"යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම අනගාරිකව පැවිදි වෙයි. හෙතෙම තමන් තවයි. හාත්පස තවයි. කුසල්ද රැස්කරයි. මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්යභාවයක් සිදු කිරීමට සමර්ථ ඤාණ දර්ශන විශේෂයක් ප්‍රත්‍යක්ෂ කරයි.
“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් මේ කටුක ජීවිතයක් ඇති තාපසයෙක් තමන් තවයිද විශේෂයෙන් තවයිද, කුසල ධර්ම රැස් නොකරයිද, මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්යභාවය සිදුකිරීමට සමර්ථ ඤාණ දර්ශනයක් ප්‍රත්‍යක්ෂ නොකරයිද; ගාමණිය, රූක්ෂව ජීවත්වන මේ තවුස්තෙමේ කරුණු තුනකින් ගැරහිය යුතු වේ. කවර කරුණු තුනකින් ගැරහිය යුතු වේ ද යත්: තමන් තවයි විශේෂයෙන් තවයි, යන මේ පළමුවන කරුණින් ගැරහිය යුතුය. කුසල ධර්ම රැස් නොකරයි, යන මේ දෙවෙනි කරුණින් ගැරහිය යුතුය. මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්ය භාවය සිදුකරන ඤාණ දර්ශන විශේෂයක් ප්‍රත්‍යක්ෂ නොකරයි, යන මේ තුන්වැනි කරුණින් ගැරහිය යුතුය. රුක්ෂව ජීවත්වන මේ තපස්වී තෙම මේ කරුණු තුනින් ගැරහිය යුතුය."
“ගාමණිය, එහි යම් මේ රූක්ෂව ජීවත්වන තාපසයෙක් තමන් තවයිද විශේෂයෙන් තවයිද, කුසල ධර්මයන් රැස්කරයිද, මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්ය භාවය සිදු කරන විශේෂ ඤාණයක් ප්‍රත්‍යක්ෂ නොකරයිද; ගාමණිය, රූක්ෂව ජීවත්වන මේ තපස්වීතෙම කරුණු දෙකකින් ගැරහිය යුතු වෙයි. එක් කරුණකින් පැසසිය යුතු වෙයි. කවර කරුණු දෙකකින් ගැරහිය යුතු වේ ද යත්: තමන් තවයි විශේෂයෙන් තවයි යන මේ පළමුවන කරුණින් ගැරහිය යුතු වෙයි. මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්යභාවය සිදු කරන විශේෂ ඤාණයක් ප්‍රත්‍යක්ෂ නොකෙරෙයි යන මේ දෙවැනි කරුණින් ගැරහිය යුතු වෙයි. කවර එක් කරුණකින් පැසසිය යුතු වේ ද යත්: කුසල ධර්මයන් රැස්කරයි යන මේ එක් කරුණකින් පැසසිය යුතු වෙයි. ගාමණිය, රූක්ෂව ජීවත්වන මේ තපස්වීතෙම මේ කරුණු දෙකකින් ගැරහිය යුතු වෙයි. මේ එක් කරුණකින් පැසසිය යුතු වෙයි."
“ගාමණිය, ඔවුන් අතුරෙන් රූක්ෂව ජීවත්වන යම් තපස්වියෙක් තමන් තවයිද හාත්පසින් තවයිද, කුසල ධර්මයන්ද ලබයිද, මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්යභාවය සිදු කරන විශේෂ ඤාණයක් ප්‍රත්‍යක්ෂ කරයිද; ගාමණිය, රූක්ෂව ජීවත්වන මේ තපස්වීතෙම එක් කරුණකින් ගැරහිය යුතු වෙයි. කරුණු දෙකකින් පැසසිය යුතු වෙයි. කවර එක් කරුණකින් ගැරහිය යුතු වේ ද යත්: තමන් තවයි, හාත්පසින් තවයි යන මේ එක් කරුණින් ගැරහිය යුතු වෙයි. කවර කරුණු දෙකකින් පැසසිය යුතු වේ ද යත්: කුසල ධර්ම රැස්කෙරෙයි යන මේ පළමුවන කරුණින් පැසසිය යුතු වෙයි. මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්ය භාවය සිදු කරන විශේෂ ඤාණයක් ප්‍රත්‍යක්ෂ කෙරෙයි යන මේ දෙවැනි කරුණින් පැසසිය යුතු වෙයි. ගාමණිය, රූක්ෂව ජීවත්වන මේ තපස්වීතෙම මේ එක් කරුණකින් ගැරහිය යුතු වෙයි. මේ කරුණු දෙකකින් පැසසිය යුතු වෙයි."
ගාමණිය, තමා විසින් දැක්ක යුතු වූ, කල් නොයවා දෙන, ‘එව, බලව’යයි පෙන්විය හැකි ඵල ඇත්තාවූ, නුවණැත්තන් විසින් වෙන වෙනම තමන් තුළ එළවාගත යුතුවූ මේ නිජ්ජරා (කෙලෙස් දිරවීම්) තුනක් ඇත්තාහ. කවර තුනක් ද යත්:
රාගයෙන් මත්වූ යමෙක් රාගය හේතු කොට ගෙන තමා පෙළීම පිණිසත් සිතයි. අනුන් පෙළීම පිණිසත් සිතයි. දෙපසම පෙළීම පිණිසත් සිතයි. රාගය ප්‍රහීණවූ කල්හි තමා පෙළීම පිණිසත් නොසිතයි. අනුන් පෙළීම පිණිසත් නොසිතයි. දෙපසම පෙළීම පිණිසත් නොසිතයි යන යමක් ඇද්ද, (එය) තමා විසින් දැක්ක යුතු වූ, කල් නොයවා දෙන, ‘එව, බලව’යයි පෙන්විය හැකි ඵල ඇත්තාවූ, නුවණැත්තන් විසින් වෙන වෙනම තමන් තුළ එළවාගත යුතු වූ නිජ්ජරාවෙකි (කෙලෙස් දිරවීමකි).
ද්වේෂයෙන් දුෂ්ට වූ යමෙක් ද්වේෂය හේතු කොට ගෙන තමා පෙළීම පිණිසත් සිතයි. අනුන් පෙළීම පිණිසත් සිතයි. දෙපසම පෙළීම පිණිසත් සිතයි. ද්වේෂය ප්‍රහීණ වූ කල්හි තමා පෙළීම පිණිසත් නොසිතයි. අනුන් පෙළීම පිණිසත් නොසිතයි. දෙපසම පෙළීම පිණිසත් නොසිතයි යන යමක් ඇද්ද, (එය) තමා විසින් දැක්ක යුතු වූ, කල් නොයවා දෙන, ‘එව, බලව’යයි පෙන්විය හැකි ඵල ඇත්තාවූ, නුවණැත්තන් විසින් වෙන වෙනම තමන් තුළ එළවාගත යුතු වූ නිජ්ජරාවෙකි (කෙලෙස් දිරවීමකි).
මෝහයෙන් මුළා වූ යමෙක් මෝහය හේතු කොට ගෙන තමා පෙළීම පිණිසත් සිතයි. අනුන් පෙළීම පිණිසත් සිතයි. දෙපසම පෙළීම පිණිසත් සිතයි. මෝහය ප්‍රහීණ වූ කල්හි තමා පෙළීම පිණිසත් නොසිතයි. අනුන් පෙළීම පිණිසත් නොසිතයි. දෙපසම පෙළීම පිණිසත් නොසිතයි යන යමක් ඇද්ද, (එය) තමා විසින් දැක්ක යුතු වූ, කල් නොයවා දෙන, ‘එව, බලව’යයි පෙන්විය හැකි ඵල ඇත්තාවූ, නුවණැත්තන් විසින් වෙන වෙනම තමන් තුළ එළවාගත යුතු වූ නිජ්ජරාවෙකි (කෙලෙස් දිරවීමකි).
ගාමිණී, මේ වනාහි තමා විසින් දැක්ක යුතු වූ, කල් නොයවා දෙන, ‘එව, බලව’යයි පෙන්විය හැකි ඵල ඇත්තාවූ, නුවණැත්තන් විසින් වෙන වෙනම තමන් තුළ එළවාගත යුතු වූ නිජ්ජරා (කෙලෙස් දිරවීම්) තුනයි.
මෙසේ වදාළ කල්හි රාසිය ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, යහපත. ස්වාමීනි, යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණ දෙයක් විවෘත කරන්නේද, මුළාවූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තාහු රූප දකිත්වයි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ මම ධර්මයද, භික්ෂුසංඝයාද සහිත භාග්‍යවතුන් වහන්සේ පිහිට කොට යෙමි. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයෙකු කොට මා දරන සේක්වා”යි කීයේය.
13. පාටලියසුත්තං 13. පාටලිය සූත්‍රය