ත්‍රිපිටකය
8. ගාමණිසංයුත්තං 8.ගාමණී සංයුත්තය
1. චණ්ඩසුත්තං 1. චණ්ඩගාමණී සූත්‍රය
2. තාලපුටසුත්තං 2. තාලපුට සූත්‍රය
3. යොධාජීවසුත්තං 3. යෝධාජීව සූත්‍රය
4. හත්ථාරොහසුත්තං 4. හත්‍ථාරොහ සූත්‍රය
5. අස්සාරොහසුත්තං 5. අස්සාරොහ සූත්‍රය
6. අසිබන්ධකපුත්තසුත්තං 6. අසිබන්‍ධක සූත්‍රය
7. ඛෙත්තූපමසුත්තං 7. ඛෙත්තූපම සූත්‍රය
8. සඞ්ඛධමසුත්තං 8. සංඛධම සූත්‍රය
9. කුලසුත්තං 9. කුල සූත්‍රය
10. මණිචූළකසුත්තං 10. මණිචූළක සූත්‍රය
11. භද්‍රකසුත්තං 11. භද්‍රක සූත්‍රය
363
එකං සමයං භගවා මල්ලෙසු විහරති උරුවෙලකප්පං නාම මල්ලානං නිගමො. අථ ඛො භද්‍රකො ගාමණි යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො භද්‍රකො ගාමණි භගවන්තං එතදවොච - ‘‘සාධු මෙ, භන්තෙ, භගවා දුක්ඛස්ස සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච දෙසෙතූ’’ති. ‘‘අහඤ්චෙ (අහඤ්ච (ස්‍යා. කං. ක.)) තෙ, ගාමණි, අතීතමද්ධානං ආරබ්භ දුක්ඛස්ස සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච දෙසෙය්‍යං - ‘එවං අහොසි අතීතමද්ධාන’න්ති, තත්‍ර තෙ සියා කඞ්ඛා, සියා විමති. අහං චෙ (අහඤ්ච (ස්‍යා. කං. ක.)) තෙ, ගාමණි, අනාගතමද්ධානං ආරබ්භ දුක්ඛස්ස සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච දෙසෙය්‍යං - ‘එවං භවිස්සති අනාගතමද්ධාන’න්ති, තත්‍රාපි තෙ සියා කඞ්ඛා, සියා විමති. අපි චාහං, ගාමණි, ඉධෙව නිසින්නො එත්ථෙව තෙ නිසින්නස්ස දුක්ඛස්ස සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච දෙසෙස්සාමි. තං සුණාහි , සාධුකං මනසි කරොහි; භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො භද්‍රකො ගාමණි භගවතො පච්චස්සොසි. භගවා එතදවොච -
‘‘තං කිං මඤ්ඤසි, ගාමණි, අත්ථි තෙ උරුවෙලකප්පෙ මනුස්සා යෙසං තෙ වධෙන වා බන්ධෙන වා ජානියා වා ගරහාය වා උප්පජ්ජෙය්‍යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’’ති? ‘‘අත්ථි මෙ, භන්තෙ, උරුවෙලකප්පෙ මනුස්සා යෙසං මෙ වධෙන වා බන්ධෙන වා ජානියා වා ගරහාය වා උප්පජ්ජෙය්‍යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’’ති. ‘‘අත්ථි පන තෙ, ගාමණි, උරුවෙලකප්පෙ මනුස්සා යෙසං තෙ වධෙන වා බන්ධෙන වා ජානියා වා ගරහාය වා නුප්පජ්ජෙය්‍යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’’ති? ‘‘අත්ථි මෙ, භන්තෙ, උරුවෙලකප්පෙ මනුස්සා යෙසං මෙ වධෙන වා බන්ධෙන වා ජානියා වා ගරහාය වා නුප්පජ්ජෙය්‍යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’’ති. ‘‘කො නු ඛො, ගාමණි, හෙතු, කො පච්චයො යෙන තෙ එකච්චානං උරුවෙලකප්පියානං මනුස්සානං වධෙන වා බන්ධෙන වා ජානියා වා ගරහාය වා උප්පජ්ජෙය්‍යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’’ති? ‘‘යෙසං මෙ, භන්තෙ, උරුවෙලකප්පියානං මනුස්සානං වධෙන වා බන්ධෙන වා ජානියා වා ගරහාය වා උප්පජ්ජෙය්‍යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා, අත්ථි මෙ තෙසු ඡන්දරාගො . යෙසං පන, භන්තෙ, උරුවෙලකප්පියානං මනුස්සානං වධෙන වා බන්ධෙන වා ජානියා වා ගරහාය වා නුප්පජ්ජෙය්‍යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා, නත්ථි මෙ තෙසු ඡන්දරාගො’’ති. ‘‘ඉමිනා ත්වං, ගාමණි, ධම්මෙන දිට්ඨෙන විදිතෙන අකාලිකෙන පත්තෙන පරියොගාළ්හෙන අතීතානාගතෙ නයං නෙහි - ‘යං ඛො කිඤ්චි අතීතමද්ධානං දුක්ඛං උප්පජ්ජමානං උප්පජ්ජි (උප්පජ්ජති (සබ්බත්ථ)) සබ්බං තං ඡන්දමූලකං ඡන්දනිදානං. ඡන්දො හි මූලං දුක්ඛස්ස. යම්පි හි කිඤ්චි අනාගතමද්ධානං දුක්ඛං උප්පජ්ජමානං උප්පජ්ජිස්සති, සබ්බං තං ඡන්දමූලකං ඡන්දනිදානං. ඡන්දො හි මූලං දුක්ඛස්සා’’’ති . ‘‘අච්ඡරියං, භන්තෙ, අබ්භුතං, භන්තෙ! යාව සුභාසිතං චිදං (සුභාසිතමිදං (සී. පී.)), භන්තෙ, භගවතා (යඞ්කිඤ්චි අතීතමද්ධානං දුක්ඛං උප්පජ්ජමානං උප්පජ්ජති, සබ්බන්තං ඡන්දමූලකං ඡන්දනිදානං, ඡන්දො හි මූලං දුක්ඛස්සාති, යඞ්කිඤ්චි අනාගතමද්ධානං දුක්ඛං උප්පජ්ජමානං උප්පජ්ජිස්සති සබ්බන්තං ඡන්දමූලකං ඡන්දනිදානං, ඡන්දො හි මූලං දුක්ඛස්සා’’ති (ස්‍යා. කං.)) - ‘යං කිඤ්චි දුක්ඛං උප්පජ්ජමානං උප්පජ්ජති, සබ්බං තං ඡන්දමූලකං ඡන්දනිදානං. ඡන්දො හි මූලං දුක්ඛස්සා’ති. (‘‘යඞ්කිඤ්චි අතීතමද්ධානං දුක්ඛං උප්පජ්ජමානං උප්පජ්ජති, සබ්බන්තං ඡන්දමූලකං ඡන්දනිදානං, ඡන්දො හි මූලං දූක්ඛස්සාති, යඞ්කිඤ්චි අනාගතමද්ධානං දුක්ඛං උප්පජ්ජමානං උප්පජ්ජිස්සති, සබ්බන්තං ඡන්දමූලකං ඡන්දනිදානං, ඡන්දො හි මූලං දුක්ඛස්සා’’ති (ස්‍යා. කං)) අත්ථි මෙ, භන්තෙ, චිරවාසී නාම කුමාරො බහි ආවසථෙ (ආවෙසනෙ (?)) පටිවසති. සො ඛ්වාහං, භන්තෙ, කාලස්සෙව වුට්ඨාය පුරිසං උය්‍යොජෙමි (උය්‍යොජෙසිං (ක.)) - ‘ගච්ඡ, භණෙ, චිරවාසිං කුමාරං ජානාහී’ති. යාවකීවඤ්ච, භන්තෙ, සො පුරිසො නාගච්ඡති, තස්ස මෙ හොතෙව අඤ්ඤථත්තං - ‘මා හෙව චිරවාසිස්ස කුමාරස්ස කිඤ්චි ආබාධයිත්ථා’’’ති (ආබාධයෙථාති (ස්‍යා. කං. පී. ක.)).
‘‘තං කිං මඤ්ඤසි, ගාමණි, චිරවාසිස්ස කුමාරස්ස වධෙන වා බන්ධෙන වා ජානියා වා ගරහාය වා උප්පජ්ජෙය්‍යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’’ති ? ‘‘චිරවාසිස්ස මෙ, භන්තෙ, කුමාරස්ස වධෙන වා බන්ධෙන වා ජානියා වා ගරහාය වා ජීවිතස්සපි සියා අඤ්ඤථත්තං, කිං පන මෙ නුප්පජ්ජිස්සන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’’ති. ‘‘ඉමිනාපි ඛො එතං, ගාමණි, පරියායෙන වෙදිතබ්බං - ‘යං කිඤ්චි දුක්ඛං උප්පජ්ජමානං උප්පජ්ජති, සබ්බං තං ඡන්දමූලකං ඡන්දනිදානං. ඡන්දො හි මූලං දුක්ඛස්සා’’’ති.
‘‘තං කිං මඤ්ඤසි, ගාමණි, යදා තෙ චිරවාසිමාතා (චිරවාසිස්ස මාතා (සී. පී.)) අදිට්ඨා අහොසි, අස්සුතා අහොසි, තෙ චිරවාසිමාතුයා ඡන්දො වා රාගො වා පෙමං වා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘දස්සනං වා තෙ, ගාමණි, ආගම්ම සවනං වා එවං තෙ අහොසි - ‘චිරවාසිමාතුයා ඡන්දො වා රාගො වා පෙමං වා’’’ති? ‘‘එවං, භන්තෙ’’.
‘‘තං කිං මඤ්ඤසි, ගාමණි, චිරවාසිමාතුයා තෙ වධෙන වා බන්ධෙන වා ජානියා වා ගරහාය වා උප්පජ්ජෙය්‍යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’’ති? ‘‘චිරවාසිමාතුයා මෙ, භන්තෙ, වධෙන වා බන්ධෙන වා ජානියා වා ගරහාය වා ජීවිතස්සපි සියා අඤ්ඤථත්තං, කිං පන මෙ නුප්පජ්ජිස්සන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’’ති! ‘‘ඉමිනාපි ඛො එතං, ගාමණි, පරියායෙන වෙදිතබ්බං - ‘යං කිඤ්චි දුක්ඛං උප්පජ්ජමානං උප්පජ්ජති, සබ්බං තං ඡන්දමූලකං ඡන්දනිදානං. ඡන්දො හි මූලං දුක්ඛස්සා’’’ති. එකාදසමං.
363
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මල්ල ජනපදයන්හි උරුවෙල කප්ප නම් මල්ල රජවරුන්ගේ නියම් ගමෙහි වාසය කරන සේක. එකල්හි භද්‍රක ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නේය. එක්පසෙක හුන් භද්‍රක ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට දුකට හේතුවද, දුක නැතිකිරීමද, දේශනා කරන්නේ නම් යහපතැයි කීයේය.
“ඉදින් ගාමණිය, මම ඔබට අතීත කාලයෙහි මෙසේ වී යයි අතීත කාලය අරබයා දුකට හේතුවද දුක නැති කිරීමද දේශනා කරන්නෙම් නම් එහි ඔබට සැකයක් විමතියක් වන්නේය. ගාමණිය, මම ඔබට අනාගත කාලය අරබයා අනාගත කාලයෙහි මෙසේ වන්නේ යයි දුකට හේතුවත් දුක නැති කිරීමත් ඉදින් දේශනා කරන්නෙම් නම් එහිද ඔබට සැකයක් විමතියක් වන්නේය. ගාමණිය, මෙහි ඉන්නාවූ මම, මෙහි ඉන්නාවූ තොපට දුකට හේතුවද දුක නැති කිරීමද, දේශනා කරන්නෙමි. එය අසව. යහපත් සේ මෙනෙහි කරව. දේශනා කරන්නෙමි”යි වදාළේය.
“එසේයයි ස්වාමීනි, භද්‍රක ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
“ගාමණිය, ඒ කුමකැයි සිතන්නෙහිද යම් කෙනෙකුන්ගේ මරණයෙන් හෝ හිරකිරීමකින් හෝ ධන හානියකින් හෝ නින්දාවකින් හෝ ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් උපදින්නාහු නම් එවැනි මනුෂ්‍යයෝ තොපට මේ උරුවෙලකප්පයෙහි ඇත්තාහුද?”
“ස්වාමීනි, යම් කෙනෙකුන්ගේ මරණයෙන් හෝ හිර කිරීමකින් හෝ ධන හානියකින් හෝ නින්දාවකින් හෝ මට ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් උපදිත් නම් උරුවෙලකප්පයෙහි මට එබඳු මනුෂ්‍යයෝ ඇත්තාහුය.”
“ගාමණිය, යම් කෙනෙකුන්ගේ මරණයෙන් හෝ හිර කිරීමකින් හෝ ධන හානියෙන් හෝ නින්දාවකින් හෝ ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් නූපදින්නාහුද එබඳු මනුෂ්‍යයෝ තොපට මේ උරුවෙලකප්පයෙහි ඇත්තාහුද?”
“ස්වාමීනි, යම් කෙනෙකුන්ගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ මට ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් නූපදිත්ද, උරුවෙලකප්පයෙහි මට එවැනි මනුෂ්‍යයෝද ඇත.”
“ගාමණිය, ඇතැම් උරුවෙලකප්පවාසී මනුෂ්‍යයන්ගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් උපදින්නාහුද, ඊට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද? ගාමණිය, ඇතැම් උරුවෙලකප්පවාසී මනුෂ්‍යයන්ගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් නූපදින්නාහුද, ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ස්වාමීනි, මට යම් උරුවෙලකප්පවාසී මනුෂ්‍යයන්ගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ හානියෙන් හෝ නින්දාවෙන් හෝ ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් උපදින්නාහුද, ඔවුන් කෙරෙහි මගේ ආශාවක් ඇත්තේය. ස්වාමීනි, මට යම් උරුවෙලකප්පවාසී මනුෂ්‍යයන්ගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් නූපදින්නාහු නම්, ඔවුන් කෙරෙහි මට ආශාවක් නැත්තේය.”
“ගාමණිය, ඔබ දක්නා ලද, ප්‍රකට කරන ලද, පැමිණෙන ලද, බැස ගන්නා ලද මේ ධර්මයෙන් අතීත, අනාගත දෙකත් දැනගනුව. අතීත අනාගතවූ යම් දුකක් උපදීද ඒ සියල්ලද ආශාව මුල්කොට ඇත්තේය. ආශාව හේතුකොට ඇත්තේය. ආශාව දුකට මුල්වෙයි. යම් කිසි අනාගත දුකක් උපදින්නේද, ඒ සියල්ල ආශාව මුල්කොට ඇත්තේය. ආශාව හේතුකොට ඇත්තේය. ආශාව දුකට මුලයයි වදාළ සේක.
“ස්වාමීනි, ආශ්චර්යය. ස්වාමීනි, අද්භූතය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ යම්කිසි අතීත දුකක් උපදීද, ඒ සියල්ල ආශාව මුල්කොට ඇත්තේය. ආශාව හේතුකොට ඇත්තේය. ආශාව දුකට මුලයයිද; යම්කිසි අනාගත දුකක් උපදින්නේද, ඒ සියල්ල ආශාව මුල්කොට ඇත්තේය. ආශාව හේතුකොට ඇත්තේය. ආශාව දුකට මුලයයිද වදාළ වචනය ඉතා යහපත් කොට වදාරණ ලදැයි” කීය.
“ස්වාමීනි, මට නුවරින් පිට වාසය කරන්නා වූ චිරවාසී නම් කුමරෙක් ඇත. ස්වාමීනි, ඒ මම වේලාසනින්ම නැගිට ‘බොල යව, චිරවාසී කුමාරයාගේ සුවදුක් දැන එවයි’ පුරුෂයකු යවන්නෙමි. ස්වාමීනි, යම්තාක් ඒ පුරුෂතෙම නොඑයිද චිරවාසී කුමාරයාට කිසි ආබාධයක්වත් දැයි මගේ සිත වෙනස් වෙයි.
“ගාමණිය, ඒ කුමකැයි හඟින්නෙහිද, ඔබගේ චීරවාසී කුමාරයාගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් උපදින්නාහුද?”
“ස්වාමීනි, චිරවාසී කුමාරයාගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ මාගේ දිවියෙහි ද වෙනසක් වන්නේය. කුමක් හෙයින් ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් නූපදින්නාහුද?”
“ගාමණිය, මේ ආකාරයෙන්ද යම් කිසි දුකක් උපදී නම් ඒ සියල්ල ආශාව මුල් කොට ඇත්තේය. ආශාව හේතු කොට ඇත්තේය දුකට ආශාවම මුලයයි දත යුතුයි.
“ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද? යම් (කිසි) කලෙක්හි තොප විසින් චිරවාසී කුමාරයාගේ මව නොදක්නා ලද්දීද, නොඅසන ලද්දීද, එකල්හි චිරවාසී කුමාරයාගේ මව කෙරෙහි කැමැත්තක් හෝ ආශාවක් හෝ ප්‍රේමයක් හෝ වූයේද?” “ස්වාමීනි, එසේ නොවීය.”
“ගාමණිය තොපට දැකීම නිසා හෝ ගාමණිය තොපට ඇසීම නිසා හෝ චිරවාසී කුමාරයාගේ මව කෙරෙහි කැමැත්ත හෝ ආශාව හෝ ප්‍රේමය හෝ වූයේද?” “ස්වාමීනි, එසේය.”
“ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද? තොපට චිරවාසී කුමාරයාගේ මවගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් උපදින්නාහුද?”
“ස්වාමීනි, චිරවාසී කුමාරයාගේ මවගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ මාගේ දිවියෙහි ද වෙනසක් වන්නේය. කුමක් නිසා මට ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් නූපදින්නාහුද?"
‘ගාමණිය, මේ කරුණින්ද යම්කිසි දුකක් උපදී නම් ඒ සියල්ල ආශාව මුල් කොට ඇත්තේය. ආශාව හේතු කොට ඇත්තේය. දුකට ආශාවම මුලයයි දත යුතුය'යි වදාළේය.
12. රාසියසුත්තං 12. රාසිය සූත්‍රය
13. පාටලියසුත්තං 13. පාටලිය සූත්‍රය