ත්‍රිපිටකය
7. චිත්තසංයුත්තං 7.චිත්ත සංයුත්තය
1. සංයොජනසුත්තං 1. සංයෝජන සූත්‍රය
2. පඨමඉසිදත්තසුත්තං 2. ඉසිදත්ත සූත්‍රය
3. දුතියඉසිදත්තසුත්තං 3. දුතිය ඉසිදත්ත සූත්‍රය
4. මහකපාටිහාරියසුත්තං 4. මහක සූත්‍රය
346
එකං සමයං සම්බහුලා ථෙරා භික්ඛූ මච්ඡිකාසණ්ඩෙ විහරන්ති අම්බාටකවනෙ. අථ ඛො චිත්තො ගහපති යෙන ථෙරා භික්ඛූ තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ථෙරෙ භික්ඛූ අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො චිත්තො ගහපති ථෙරෙ භික්ඛූ එතදවොච - ‘‘අධිවාසෙන්තු මෙ, භන්තෙ ථෙරා, ස්වාතනාය ගොකුලෙ භත්ත’’න්ති. අධිවාසෙසුං ඛො ථෙරා භික්ඛූ තුණ්හීභාවෙන. අථ ඛො චිත්තො ගහපති ථෙරානං භික්ඛූනං අධිවාසනං විදිත්වා උට්ඨායාසනා ථෙරෙ භික්ඛූ අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො ථෙරා භික්ඛූ තස්සා රත්තියා අච්චයෙන පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන චිත්තස්ස ගහපතිනො ගොකුලං තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදිංසු.
අථ ඛො චිත්තො ගහපති ථෙරෙ භික්ඛූ පණීතෙන සප්පිපායාසෙන සහත්ථා සන්තප්පෙසි සම්පවාරෙසි. අථ ඛො ථෙරා භික්ඛූ භුත්තාවිනො ඔනීතපත්තපාණිනො උට්ඨායාසනා පක්කමිංසු. චිත්තොපි ඛො ගහපති ‘සෙසකං විස්සජ්ජෙථා’ති වත්වා ථෙරෙ භික්ඛූ පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි. තෙන ඛො පන සමයෙන උණ්හං හොති කුථිතං (කුට්ඨිතං (සී. ස්‍යා. කං. පී.)); තෙ ච ථෙරා භික්ඛූ පවෙලියමානෙන මඤ්ඤෙ කායෙන ගච්ඡන්ති, යථා තං භොජනං භුත්තාවිනො.
තෙන ඛො පන සමයෙන ආයස්මා මහකො තස්මිං භික්ඛුසඞ්ඝෙ සබ්බනවකො හොති. අථ ඛො ආයස්මා මහකො ආයස්මන්තං ථෙරං එතදවොච - ‘‘සාධු ඛ්වස්ස, භන්තෙ ථෙර, සීතකො ච වාතො වායෙය්‍ය, අබ්භසම්පිලාපො (අබ්භසංබිලාපො (සී.), අබ්භසංවිලාපො (පී.)) ච අස්ස, දෙවො ච එකමෙකං ඵුසායෙය්‍යා’’ති.
‘‘සාධු ඛ්වස්ස, ආවුසො මහක, යං සීතකො ච වාතො වායෙය්‍ය, අබ්භසම්පිලාපො ච අස්ස, දෙවො ච එකමෙකං ඵුසායෙය්‍යා’’ති. අථ ඛො ආයස්මා මහකො තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛරි (අභිසඞ්ඛාසි (සී.)) යථා සීතකො ච වාතො වායි, අබ්භසම්පිලාපො ච අස්ස (ආසි (?)), දෙවො ච එකමෙකං ඵුසි. අථ ඛො චිත්තස්ස ගහපතිනො එතදහොසි - ‘‘යො ඛො ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ සබ්බනවකො භික්ඛු තස්සායං එවරූපො ඉද්ධානුභාවො’’ති . අථ ඛො ආයස්මා මහකො ආරාමං සම්පාපුණිත්වා ආයස්මන්තං ථෙරං එතදවොච - ‘‘අලමෙත්තාවතා, භන්තෙ ථෙරා’’ති? ‘‘අලමෙත්තාවතා, ආවුසො මහක! කතමෙත්තාවතා, ආවුසො මහක! පූජිතමෙත්තාවතා, ආවුසො මහකො’’ති . අථ ඛො ථෙරා භික්ඛූ යථාවිහාරං අගමංසු. ආයස්මාපි මහකො සකං විහාරං අගමාසි.
අථ ඛො චිත්තො ගහපති යෙනායස්මා මහකො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං මහකං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො චිත්තො ගහපති ආයස්මන්තං මහකං එතදවොච - ‘‘සාධු මෙ, භන්තෙ, අය්‍යො මහකො උත්තරිමනුස්සධම්මං ඉද්ධිපාටිහාරියං දස්සෙතූ’’ති. ‘‘තෙන හි ත්වං, ගහපති, ආලින්දෙ උත්තරාසඞ්ගං පඤ්ඤපෙත්වා තිණකලාපං ඔකාසෙහී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො චිත්තො ගහපති ආයස්මතො මහකස්ස පටිස්සුත්වා ආලින්දෙ උත්තරාසඞ්ගං පඤ්ඤපෙත්වා තිණකලාපං ඔකාසෙසි. අථ ඛො ආයස්මා මහකො විහාරං පවිසිත්වා සූචිඝටිකං දත්වා තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛරි යථා තාලච්ඡිග්ගළෙන ච අග්ගළන්තරිකාය ච අච්චි නික්ඛමිත්වා තිණානි ඣාපෙසි, උත්තරාසඞ්ගං න ඣාපෙසි. අථ ඛො චිත්තො ගහපති උත්තරාසඞ්ගං පප්ඵොටෙත්වා සංවිග්ගො ලොමහට්ඨජාතො එකමන්තං අට්ඨාසි. අථ ඛො ආයස්මා මහකො විහාරා නික්ඛමිත්වා චිත්තං ගහපතිං එතදවොච - ‘‘අලමෙත්තාවතා, ගහපතී’’ති?
‘‘අලමෙත්තාවතා , භන්තෙ මහක! කතමෙත්තාවතා, භන්තෙ, මහක! පූජිතමෙත්තාවතා, භන්තෙ මහක! අභිරමතු, භන්තෙ, අය්‍යො මහකො මච්ඡිකාසණ්ඩෙ. රමණීයං අම්බාටකවනං. අහං අය්‍යස්ස මහකස්ස උස්සුක්කං කරිස්සාමි චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරාන’’න්ති. ‘‘කල්‍යාණං වුච්චති, ගහපතී’’ති. අථ ඛො ආයස්මා මහකො සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය මච්ඡිකාසණ්ඩම්හා පක්කාමි. යං මච්ඡිකාසණ්ඩම්හා පක්කාමි, තථා පක්කන්තොව අහොසි; න පුන පච්චාගච්ඡීති. චතුත්ථං.
346
එක් කාලයෙක්හි බොහෝ ස්ථවිර භික්ෂූහු අම්බාටක වනයෙහිවූ මච්ඡිකාසණ්ඩ නම් වනලැහැබෙහි වාසය කෙරෙත්. එකල්හි චිත්ත ගෘහපති තෙම ස්ථවිර භික්ෂූහු යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, ස්ථවිර භික්ෂූන් වැඳ එක්පසෙක උන්නේය. එකත් පසෙක හුන් චිත්ත ගෘහපතිතෙම ස්ථවිර භික්ෂූන්ට, “ස්වාමීනි, තෙරුන් වහන්සේලා සෙට දවස පිණිස මාගේ ගව කුලයෙහි බත ඉවසත්වායි” ආරාධනා කළේය. ස්ථවිර භික්ෂූහු තුෂ්ණිම්භාවයෙන් ඉවසූහ. ඉක්බිති චිත්ත ගෘහපතිතෙම ස්ථවිර භික්ෂූන්ගේ ඉවසීම දැන, හුනස්නෙන් නැගිට, ස්ථවිර භික්ෂූන් වැඳ ගෞරවකොට ගියේය.
ඉක්බිති ස්ථවිර භික්ෂූහු ඒ රාත්‍රියාගේ ඇවෑමෙන් උදය වරුවෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන චිත්ත ගෘහපතිහුගේ ගව කුලය යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ පණවන ලද අස්නෙහි වැඩහුන්නාහුය. ඉක්බිති චිත්ත ගෘහපතිතෙම ස්ථවිර භික්ෂූන් ප්‍රණීතවූ ගිතෙල් සහිත කිරිබතින් සියතින් වැළඳවිය. ඇතැයි ප්‍රතික්ෂේප කරවීය. ඉක්බිති වළඳා පාත්‍රයෙන් බැහැර කරන ලද අත් ඇති ස්ථවිර භික්ෂූහු හුන් අස්නෙන් නැගිට ගියාහුය. චිත්ත ගෘහපතිතෙමේද, කිරිබත් අනුභව කරමින් සිට ඉතිරිය ඉවත් කරවයි කියා ස්ථවිර භික්ෂූන් පිටුපසින් ගියේය. එකල්හි ශරීරය දැවෙන තරම් උෂ්ණය ඉතා අධිකය. ඒ යහපත් ආහාර වැළඳූ ස්ථවිර භික්ෂූහු හැකිලෙමින් යත්.
එකල්හි වනාහි ආයුෂ්මත් මහක ස්ථවිරතෙම ඒ භික්ෂු සංඝයා අතර සියල්ලන්ට බාලවූයේ වේ. එකල්හි ආයුෂ්මත් මහක ස්ථවිරතෙම ආයුෂ්මත් ප්‍රධාන ස්ථවිරයන්ට, “ස්වාමීනි, ස්ථවිරයන් වහන්ස, යම් සීත වාතයක් හමන්නේ නම් වළාකුල් නගින්නේ නම් වැහි පොද එක දෙක වැටෙන්නේ නම් හොඳනේදැයි” කීය.
“ඇවැත්නි, මහක සීත වාතයක් හමන්නේනම් වළාකුල් නගින්නේ නම් වැහිපොද එක දෙක වැටෙන්නේ නම් හොඳයයි කීය. ඉක්බිති ආයුෂ්මත් මහක ස්ථවීරතෙමේ යම් සේ සිහිල් වාතය හමන්නේද, වලාකුල් නගින්නේද වැහි පොද එක දෙක වැටෙන්නේද, එවැනි සෘද්ධියක් දැක්වීය.
ඉක්බිති චිත්ත ගෘහපතිහට මේ භික්ෂු සංඝයා අතර යම් මේ සියල්ලන්ට බාලවූ භික්ෂුවක් ඇද්ද ඔහුගේ ඍද්ධි ආනුභාවය මෙබඳුයයි සිත්විය. ඉක්බිති ආයුෂ්මත් මහක ස්ථවිරතෙම ආරාමයට පැමිණ ආයුෂ්මත් ප්‍රධාන ස්ථවිරයන්ට "ස්වාමීනි, ස්ථවිරයෙනි, මෙපමණක් ප්‍රමාණදැයි” කීය. “ඇවැත් මහකය, මෙපමණක් ප්‍රමාණය. ඇවැත් මහකය, මෙපමණකින් කරන ලදී. ඇවැත් මහකය, මෙපමණකින් පුදන ලදීය”යි කියන ලදී. ඉක්බිති ස්ථවිර භික්ෂූහු යම් සේ විහාරයන් කරා වැඩියාහුය. ආයුෂ්මත් මහකය තමාගේ වෙහෙරට ගියේය.
ඉක්බිති චිත්ත ගෘහපතිතෙම, ආයුෂ්මත් මහක ස්ථවිරයන් වෙත පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහක ස්ථවිරයන් වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් මහක ස්ථවිරයන්ට “ස්වාමීනි මහක ආර්යන් වහන්ස, මට මනුෂ්‍ය ධර්මයන්ට වඩා උතුම් ඍද්ධිප්‍රාතිහාර්යයක් දක්වන්නේ නම් යහපතැයි” කීයේය.
“ගෘහපතිය, ඔබ එසේ වීනම් පිලෙහි උතුරු සළුව අතුරා තණ මිටියක් විසුරුවයයි කීය. “ස්වාමීනි, එසේයයි” කියා චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් මහක ස්ථවිරයන්ගේ වචනය පිළිගෙන පිලෙහි උතුරුසළුව දමා ඊපිට තණ මිටියක් විසුරුවේය.
ඉක්බිති ආයුෂ්මත් මහක ස්ථවිරතෙම විහාරයට ප්‍රවිෂ්ටව යතුරු අගුල දමා යම්සේ යතුරු කපල්ලෙන්ද අගුල අතරින්ද ගිනි දැල් නික්ම තෘණ දැවෙන්නේද, උතුරුසළුව නොදැවෙන්නේද, එබඳු ඍද්ධියක් පෑයේය. ඉක්බිති චිත්ත ගෘහපතිතෙම උතුරුසළුව ගසා දමා සංවේගයෙන් ලොමු ඩැහැගත්තෙක්ව එක් පසෙක සිටියේය. ඉක්බිති ආයුෂ්මත් මහක ස්ථවිරතෙම විහාරයෙන් නික්ම ‘ගෘහපතිය මෙපමණක් සෑහේදැයි” කීයේය.
“ස්වාමීනි, මහක ස්ථවිරයන්වහන්ස, මෙපමණක් සෑහෙයි. ස්වාමීනි මහක ස්ථවිරයන් වහන්ස, මෙපමණකින් කරන ලද්දේ වෙයි. මෙපමණකින් පුදන ලද්දේ වෙයි. ස්වාමීනි, මහක ස්ථවිරයෙනි, ආර්යයන් වහන්සේ මච්ඡිකාසණ්ඩයෙහි විසීමට කැමැති වේවා, අම්බාටක වනය සිත්කලුය. මම ආර්යයන් වහන්සේට චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර සැපයීමට උත්සාහ කරන්නෙමි.”
“ගෘහපතිය, යහපතක් කියනු ලැබේයයි” කීය. ඉක්බිති ආයුෂ්මත් මහක ස්ථවිරතෙම සෙනසුන හකුලා පා සිවුරුගෙන මච්ඡිකාසණ්ඩයෙන් ගියේය. යම් හෙයකින් මච්ඡිකාසණ්ඩයෙන් ගියේද, එසේ ගියේම විය. ආපසු නැවත නොආයේය.
5. පඨමකාමභූසුත්තං 5. කාමභූ සූත්‍රය
6. දුතියකාමභූසුත්තං 6. දුතිය කාමභූ සූත්‍රය
7. ගොදත්තසුත්තං 7. ගෝදත්ත සූත්‍රය
8. නිගණ්ඨනාටපුත්තසුත්තං 8. නිගණ්ඨ සූත්‍රය
9. අචෙලකස්සපසුත්තං 9. අචේල සූත්‍රය
10. ගිලානදස්සනසුත්තං 10. ගිලාන සූත්‍රය