ත්‍රිපිටකය
7. චිත්තසංයුත්තං 7.චිත්ත සංයුත්තය
1. සංයොජනසුත්තං 1. සංයෝජන සූත්‍රය
343
එකං සමයං සම්බහුලා ථෙරා භික්ඛූ මච්ඡිකාසණ්ඩෙ විහරන්ති අම්බාටකවනෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලානං ථෙරානං භික්ඛූනං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං මණ්ඩලමාළෙ සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරාකථා උදපාදි - ‘‘‘සංයොජන’න්ති වා, ආවුසො, ‘සංයොජනියා ධම්මා’ති වා ඉමෙ ධම්මා නානත්ථා නානාබ්‍යඤ්ජනා උදාහු එකත්ථා බ්‍යඤ්ජනමෙව නාන’’න්ති? තත්‍රෙකච්චෙහි ථෙරෙහි භික්ඛූහි එවං බ්‍යාකතං හොති - ‘‘‘සංයොජන’න්ති වා, ආවුසො, ‘සංයොජනියා ධම්මා’ති වා ඉමෙ ධම්මා නානත්ථා චෙව නානාබ්‍යඤ්ජනා චා’’ති. එකච්චෙහි ථෙරෙහි භික්ඛූහි එවං බ්‍යාකතං හොති - ‘‘‘සංයොජන’න්ති වා, ආවුසො, ‘සංයොජනියා ධම්මා’ති වා ඉමෙ ධම්මා එකත්ථා බ්‍යඤ්ජනමෙව නාන’’න්ති.
තෙන ඛො පන සමයෙන චිත්තො ගහපති මිගපථකං අනුප්පත්තො හොති කෙනචිදෙව කරණීයෙන. අස්සොසි ඛො චිත්තො ගහපති සම්බහුලානං කිර ථෙරානං භික්ඛූනං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං මණ්ඩලමාළෙ සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරාකථා උදපාදි - ‘‘‘සංයොජන’න්ති වා, ආවුසො, ‘සංයොජනියා ධම්මා’ති වා ඉමෙ ධම්මා නානත්ථා නානාබ්‍යඤ්ජනා උදාහු එකත්ථා බ්‍යඤ්ජනමෙව නාන’’න්ති? තත්‍රෙකච්චෙහි ථෙරෙහි භික්ඛූහි එවං බ්‍යාකතං - ‘‘‘සංයොජන’න්ති වා, ආවුසො , ‘සංයොජනියා ධම්මා’ති වා ඉමෙ ධම්මා නානත්ථා චෙව නානාබ්‍යඤ්ජනා චා’’ති. එකච්චෙහි ථෙරෙහි භික්ඛූහි එවං බ්‍යාකතං ‘සංයොජන’න්ති වා, ආවුසො ‘සංයොජනියා ධම්මා’ති වා ඉමෙ ධම්මා එකත්ථා බ්‍යඤ්ජනමෙව නානන්ති. අථ ඛො චිත්තො ගහපති යෙන ථෙරා භික්ඛූ තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ථෙරෙ භික්ඛූ අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො චිත්තො ගහපති ථෙරෙ භික්ඛූ එතදවොච - ‘‘සුතං මෙතං, භන්තෙ, සම්බහුලානං කිර ථෙරානං භික්ඛූනං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං මණ්ඩලමාළෙ සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරාකථා උදපාදි - ‘සංයොජන’න්ති වා, ආවුසො, ‘සංයොජනියා ධම්මා’ති වා ඉමෙ ධම්මා නානත්ථා නානාබ්‍යඤ්ජනා උදාහු එකත්ථා බ්‍යඤ්ජනමෙව නාන’’න්ති? එකච්චෙහි ථෙරෙහි භික්ඛූහි එවං බ්‍යාකතං - ‘‘‘සංයොජන’න්ති වා, ආවුසො, ‘සංයොජනියා ධම්මා’ති වා ඉමෙ ධම්මා නානත්ථා චෙව නානාබ්‍යඤ්ජනා චා’’ති. එකච්චෙහි ථෙරෙහි භික්ඛූහි එවං බ්‍යාකතං ‘‘‘සංයොජන’න්ති වා, ආවුසො, ‘සංයොජනියා ධම්මා’ති වා ඉමෙ ධම්මා එකත්ථා බ්‍යඤ්ජනමෙව නාන’’න්ති. ‘‘එවං, ගහපතී’’ති.
‘‘‘සංයොජන’න්ති වා, භන්තෙ, ‘සංයොජනියා ධම්මා’ති වා ඉමෙ ධම්මා නානත්ථා චෙව නානාබ්‍යඤ්ජනා ච. තෙන හි, භන්තෙ, උපමං වො කරිස්සාමි. උපමායපිධෙකච්චෙ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති. සෙය්‍යථාපි, භන්තෙ, කාළො ච බලීබද්දො ඔදාතො ච බලීබද්දො එකෙන දාමෙන වා යොත්තෙන වා සංයුත්තා අස්සු. යො නු ඛො එවං වදෙය්‍ය - ‘කාළො බලීබද්දො ඔදාතස්ස බලීබද්දස්ස සංයොජනං , ඔදාතො බලීබද්දො කාළස්ස බලීබද්දස්ස සංයොජන’න්ති, සම්මා නු ඛො සො වදමානො වදෙය්‍යා’’ති? ‘‘නො හෙතං, ගහපති! න ඛො, ගහපති, කාළො බලීබද්දො ඔදාතස්ස බලීබද්දස්ස සංයොජනං, නපි ඔදාතො බලීබද්දො කාළස්ස බළීබද්දස්ස සංයොජනං; යෙන ඛො තෙ එකෙන දාමෙන වා යොත්තෙන වා සංයුත්තා තං තත්ථ සංයොජන’’න්ති. ‘‘එවමෙව ඛො, භන්තෙ, න චක්ඛු රූපානං සංයොජනං, න රූපා චක්ඛුස්ස සංයොජනං; යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්දරාගො තං තත්ථ සංයොජනං. න සොතං සද්දානං... න ඝානං ගන්ධානං... න ජිව්හා රසානං... න කායො ඵොට්ඨබ්බානං සංයොජනං, න ඵොට්ඨබ්බා කායස්ස සංයොජනං; යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්දරාගො තං තත්ථ සංයොජනං. න මනො ධම්මානං සංයොජනං, න ධම්මා මනස්ස සංයොජනං; යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්දරාගො තං තත්ථ සංයොජන’’න්ති. ‘‘ලාභා තෙ, ගහපති, සුලද්ධං තෙ, ගහපති, යස්ස තෙ ගම්භීරෙ බුද්ධවචනෙ පඤ්ඤාචක්ඛු කමතී’’ති. පඨමං.
343
එක් සමයෙක්හි බොහෝ ස්ථවිර භික්ෂූහු අම්බාටක වනයෙහිවූ මච්ජිකාසණ්ඩ නම් වනලැහැබෙහි වාසය කරත්. එකල්හි වනාහි සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණාවූ මණ්ඩල මාලයෙහි රැස්ව හුන්නාවූ බොහෝ ස්ථවිර භික්ෂූන් අතර ‘ඇවැත්නි, සංයෝජන සංයෝජනීය ධර්ම යන මේ ධර්මයෝ වෙන් වෙන්වූ අර්ථ ඇත්තාහු, වෙන් වෙන්වූ ව්‍යඤ්ජන ඇත්තාහුද නැතහොත් එකම අර්ථ ඇත්තාහු, ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහුද,’යන මේ කථාව පහළ විය.
එහි ඇතැම් ස්ථවිර භික්ෂූන් විසින් ‘ඇවැත්නි, සංයෝජන නම් වූද, සංයෝජනීය ධර්ම නම් වූද, මේ ධර්මයෝ නානාර්ථ ඇත්තාහුද, නානාව්‍යඤ්ජන ඇත්තාහුද, වෙත්යයි’ කියන ලදී. ඇතැම් ස්ථවිර භික්ෂූන් විසින් ‘ඇවැත්නි, සංයෝජන නම් වූද, සංයෝජනීය ධර්ම නම් වූද මේ ධර්මයෝ එකම අර්ථ ඇත්තාහු, ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු’ වෙත් යයි කියන ලදී.
එකල්හි වනාහි චිත්ත ගෘහපතිතෙම කිසියම් කටයුත්තක් සඳහා මිගපථක නම් ගමට පැමිණියේය. චිත්ත ගෘහපතිතෙම සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණාවූ මණ්ඩල මාලයෙහි රැස්වූ බොහෝ ස්ථවිර භික්ෂූන් අතර ‘ඇවැත්නි සංයෝජන නම් වූද, සංයෝජනීය ධර්ම නම් වූද මේ ධර්මයෝ වෙන් වෙන්වූ අර්ථ ඇත්තාහු, වෙන් වෙන්වූ ව්‍යඤ්ජන ඇත්තාහුද, නැතහොත් එකම අර්ථ ඇත්තාහු, ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත්ද’යන මේ අතුරු කථාව පහළවීය; එහිදී ඇතැම් තෙරුන් විසින් ‘ඇවැත්නි, සංයෝජන නම් වූද, සංයෝජනීය ධර්ම නම් වූද මේ ධර්මයෝ වෙන් වෙන්වූ අර්ථ ඇත්තාහුද, වෙන් වෙන්වූ ව්‍යඤ්ජන ඇත්තාහුද වෙත්යයි’කියන ලදී. ඇතැම් ස්ථවිර භික්ෂූන් විසින් ‘ඇවැත්නි සංයෝජන නම්වූද, සංයෝජනීය ධර්ම නම්වූද, යන මේ ධර්මයෝ එකම අර්ථ ඇත්තාහු, ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත්යයි කියන ලදැයි’ ඇසූයේය.
ඉක්බිති චිත්ත ගෘහපතිතෙම ස්ථවිර භික්ෂූහු යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, ස්ථවිර භික්ෂූන් වැඳ, එක්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් චිත්ත ගෘහපතිතෙම, ස්ථවිර භික්ෂූන්ට, “ස්වාමීනි, සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණාවූ මණ්ඩල මාලයෙහි රැස්ව වැඩ හුන් බොහෝ ස්ථවිර භික්ෂූන් අතර, ‘ඇවැත්නි, සංයෝජන නම්වූද සංයෝජනීය ධර්ම නම් වූද, ධර්මයෝ වෙන් වෙන්වූ අර්ථ ඇත්තාහු, වෙන් වෙන්වූ ව්‍යඤ්ජන ඇත්තාහුද, නැතහොත් එකම අර්ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත්ද යන මේ අතුරු කථාවක් පහළවිය. එහිදී, ඇතැම් ස්ථවිර භික්ෂූන් විසින් ‘ඇවැත්නි, සංයෝජන නම්වූද, සංයෝජනීය ධර්ම නම්වූද මේ ධර්මයෝ වෙන් වෙන්වූ අර්ථ ඇත්තාහුය. වෙන් වෙන්වූ ව්‍යඤ්ජන ඇත්තාහුයයි’ කියන ලදැයි’ද ඇතැම් ස්ථවිර භික්ෂූන් විසින් ‘ඇවැත්නි, සංයෝජන නම් වූද සංයෝජනීය ධර්ම නම් වූද මේ ධර්මයෝ එකම අර්ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත් යයිද, කියන ලදැයි මා විසින් අසන ලද්දේයයි’ කීය. "ගෘහපතිය, එසේයයි” භික්ෂූහු කීහ.
“ස්වාමීනි, සංයෝජන නම්වූද, සංයෝජනීය ධර්ම නම් වූද, මේ ධර්මයෝ වෙන් වෙන්වූ අර්ථ ඇත්තාහුය. වෙන් වෙන්වූ ව්‍යඤ්ජන ඇත්තාහුය. ස්වාමීනි, එහෙයින් ඔබවහන්සේලාට උපමාවක් දක්වන්නෙමි. උපමාවෙන්ද මේ ලෝකයෙහි ඤාණවන්ත පුරුෂයෝ කියන ලද කාරණයාගේ අර්ථය දැනගනිත්. “ස්වාමීනි යම් කළු ගොනෙක්ද සුදු ගොනෙක්ද එක දම්වැලකින් හෝ ලණුවකින් හෝ බඳින ලද්දාහු වෙත්ද, යමෙක් කළු ගොනා සුදු ගොනාගේ බැම්මය සුදු ගොනා කළු ගොනාගේ බැම්මය'යි මෙසේ කියන්නේනම් ඔහු මනාව කියන්නේද?” “ගෘහපතිය, එය එසේ නොවේ. ගෘහපතිය, කළු ගොනා සුදු ගොනාගේ බැම්ම නොවේ. සුදු ගොනා කළු ගොනාගේ බැම්ම නොවේ. ඔවුහු යම් එක දම්වැලකින් හෝ ලණුවකින් හෝ බඳින ලද්දාහුද එය එහි බැම්මයි.”
“ස්වාමීනි. එසේම ඇස රූපයෙහි සංයෝජනය නොවේ. රූප ඇසේ සංයෝජනය නොවේ. එහි ඒ දෙක නිසා යම් ඡන්දරාගයක් උපදීද එය සංයෝජනයයි.
“කන ශබ්දයන්ගේ සංයෝජනය නොවේ. ශබ්ද කනේ සංයෝජනය නොවේ. එහි ඒ දෙක නිසා යම් ඡන්දරාගයක් උපදීද, එය සංයෝජනයයි.
“නාසය ගන්ධයන්ගේ සංයෝජනය නොවේ. ගන්ධ නාසයේ සංයෝජනය නොවේ. එහි ඒ දෙක නිසා යම් ඡන්දරාගයක් උපදීද, එය සංයෝජනයයි.
“දිව රසයන්ගේ සංයෝජනය නොවේ. රස දිවෙහි සංයෝජනය නොවේ. එහි ඒ දෙක නිසා යම් ඡන්දරාගයක් උපදීද, එය සංයෝජනයයි.
“කය ස්පර්ශයන්ගේ සංයෝජන නොවේ. ස්පර්ශ කයේ සංයෝජන නොවේ. එහි ඒ දෙක නිසා යම් ඡන්දරාගයක් උපදීද එය සංයෝජනයයි.
“සිත ධර්මයන්ගේ සංයෝජනය නොවේ. ධර්මය සිතේ සංයෝජනය නොවේ. එහි ඒ දෙක නිසා යම් ඡන්දරාගයක් උපදීද, එය එහි සංයෝජනයයි කීය.
‘ගෘහපතිය, ගැඹුරු බුද්ධ වචනයෙහි තොපගේ ප්‍රඥා චක්ෂුස පැවැත්මෙන් තොපට මහත් ලාභයක් විය. තොප විසින් යහපත් ලාභයක් ලබන ලදැයි’ ඒ භික්ෂූහු කීහ.
2. පඨමඉසිදත්තසුත්තං 2. ඉසිදත්ත සූත්‍රය
3. දුතියඉසිදත්තසුත්තං 3. දුතිය ඉසිදත්ත සූත්‍රය
4. මහකපාටිහාරියසුත්තං 4. මහක සූත්‍රය
5. පඨමකාමභූසුත්තං 5. කාමභූ සූත්‍රය
6. දුතියකාමභූසුත්තං 6. දුතිය කාමභූ සූත්‍රය
7. ගොදත්තසුත්තං 7. ගෝදත්ත සූත්‍රය
8. නිගණ්ඨනාටපුත්තසුත්තං 8. නිගණ්ඨ සූත්‍රය
9. අචෙලකස්සපසුත්තං 9. අචේල සූත්‍රය
10. ගිලානදස්සනසුත්තං 10. ගිලාන සූත්‍රය