ත්‍රිපිටකය
4. ජම්බුඛාදකසංයුත්තං 4. ජම්බුඛාදක සංයුත්තය
1. නිබ්බානපඤ්හාසුත්තං 1. නිබ්බාණ සූත්‍රය
2. අරහත්තපඤ්හාසුත්තං 2. අරහත්ත සූත්‍රය
3. ධම්මවාදීපඤ්හාසුත්තං 3. ධම්මවාදී සූත්‍රය
4. කිමත්ථියසුත්තං 4. කිමත්ථිය සූත්‍රය
5. අස්සාසප්පත්තසුත්තං 5. අස්සාස සූත්‍රය
6. පරමස්සාසප්පත්තසුත්තං 6. පරමස්සාස සූත්‍රය
319
‘‘‘පරමස්සාසප්පත්තො, පරමස්සාසප්පත්තො’ති, ආවුසො සාරිපුත්ත, වුච්චති. කිත්තාවතා නු ඛො, ආවුසො, පරමස්සාසප්පත්තො හොතී’’ති? ‘‘යතො ඛො, ආවුසො, භික්ඛු ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදාවිමුත්තො හොති, එත්තාවතා ඛො, ආවුසො, පරමස්සාසප්පත්තො හොතී’’ති. ‘‘අත්ථි පනාවුසො, මග්ගො අත්ථි පටිපදා, එතස්ස පරමස්සාසස්ස සච්ඡිකිරියායා’’ති? ‘‘අත්ථි ඛො, ආවුසො, මග්ගො අත්ථි පටිපදා, එතස්ස පරමස්සාසස්ස සච්ඡිකිරියායා’’ති. ‘‘කතමො පන, ආවුසො, මග්ගො කතමා පටිපදා, එතස්ස පරමස්සාසස්ස සච්ඡිකිරියායා’’ති? ‘‘අයමෙව ඛො, ආවුසො, අරියො අට්ඨඞ්ගිකො මග්ගො එතස්ස පරමස්සාසස්ස සච්ඡිකිරියාය, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. අයං ඛො, ආවුසො, මග්ගො අයං පටිපදා, එතස්ස පරමස්සාසස්ස සච්ඡිකිරියායා’’ති. ‘‘භද්දකො, ආවුසො, මග්ගො භද්දිකා පටිපදා, එතස්ස පරමස්සාසස්ස සච්ඡිකිරියාය. අලඤ්ච පනාවුසො සාරිපුත්ත, අප්පමාදායා’’ති. ඡට්ඨං.
319
“ඇවැත්නි ශාරිපුත්‍රය, අතිශයින් සැනසීමට පත්වූයේය, අතිශයින් සැනසීමට පත්වූයේයයි කියනු ලැබේ. ඇවැත්නි, කොපමණකින් අතිශයින් සැනසීමට පැමිණියේ වේද?”
“ඇවැත්නි, භික්ෂුව යම් තැනක පටන් ස්පර්ශායතන, සයදෙනාගේ පහළවීමද, දුරුවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන උපාදානයන්ගෙන් මිදුනේ වේද ඇවැත්නි, එපමණකින් අතිශයින් සැනසීමට පැමිණියේයයි කියනු ලැබේ.
“ඇවැත්නි, මේ අතිශයින් සැනසීමට පැමිණීමට මාර්ගයක් ඇත්තේද, ප්‍රතිපදාවක් ඇත්තේද?”
“ඇවැත්නි, මේ පරම සැනසීම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මාර්ගයක් ඇත. ප්‍රතිපදාවක් ඇත.”
“මේ අතිශයින් සැනසීම ප්‍රත්‍යක්ෂකර ගැනීමට මාර්ගය කවරේද, ප්‍රතිපදාව කවරේද?”
“මේ පරම සැනසීම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයම වෙයි. ඒ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේය. මේ අතිශයින් සැනසීම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මාර්ගය වෙයි, ප්‍රතිපදාව වෙයි.”
“ඇවැත්නි, මේ අතිශයින් සැනසීම ප්‍රත්‍යක්ෂකර ගැනීමට යහපත් මාර්ගයකි, යහපත් ප්‍රතිපදාවකි. ඇවැත් ශාරිපුත්‍රය, අප්‍රමාදයට සුදුසුද වේ.
7. වෙදනාපඤ්හාසුත්තං 7. වේදනා සූත්‍රය
8. ආසවපඤ්හාසුත්තං 8. ආසව සූත්‍රය
9. අවිජ්ජාපඤ්හාසුත්තං 9. අවිජ්ජා සූත්‍රය
10. තණ්හාපඤ්හාසුත්තං 10. තණ්හා සූත්‍රය
11. ඔඝපඤ්හාසුත්තං 11. ඕඝ සූත්‍රය
12. උපාදානපඤ්හාසුත්තං 12. උපාදාන සූත්‍රය
13. භවපඤ්හාසුත්තං 13. භව සූත්‍රය
14. දුක්ඛපඤ්හාසුත්තං 14. දුක්ඛ සූත්‍රය
15. සක්කායපඤ්හාසුත්තං 15. සක්කාය සූත්‍රය
16. දුක්කරපඤ්හාසුත්තං 16. දුක්කර සූත්‍රය