ත්‍රිපිටකය
4. ජම්බුඛාදකසංයුත්තං 4. ජම්බුඛාදක සංයුත්තය
1. නිබ්බානපඤ්හාසුත්තං 1. නිබ්බාණ සූත්‍රය
314
එකං සමයං ආයස්මා සාරිපුත්තො මගධෙසු විහරති නාලකගාමකෙ. අථ ඛො ජම්බුඛාදකො පරිබ්බාජකො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජම්බුඛාදකො පරිබ්බාජකො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච -
‘‘‘නිබ්බානං, නිබ්බාන’න්ති, ආවුසො සාරිපුත්ත, වුච්චති. කතමං නු ඛො, ආවුසො, නිබ්බාන’’න්ති? ‘‘යො ඛො, ආවුසො, රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො - ඉදං වුච්චති නිබ්බාන’’න්ති. ‘‘අත්ථි පනාවුසො, මග්ගො අත්ථි පටිපදා එතස්ස නිබ්බානස්ස සච්ඡිකිරියායා’’ති? ‘‘අත්ථි ඛො, ආවුසො, මග්ගො අත්ථි පටිපදා එතස්ස නිබ්බානස්ස සච්ඡිකිරියායා’’ති. ‘‘කතමො පනාවුසො, මග්ගො කතමා පටිපදා එතස්ස නිබ්බානස්ස සච්ඡිකිරියායා’’ති? ‘‘අයමෙව ඛො, ආවුසො, අරියො අට්ඨඞ්ගිකො මග්ගො එතස්ස නිබ්බානස්ස සච්ඡිකිරියාය, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. අයං ඛො, ආවුසො, මග්ගො අයං පටිපදා එතස්ස නිබ්බානස්ස සච්ඡිකිරියායා’’ති. ‘‘භද්දකො, ආවුසො, මග්ගො භද්දිකා පටිපදා එතස්ස නිබ්බානස්ස සච්ඡිකිරියාය. අලඤ්ච පනාවුසො සාරිපුත්ත, අප්පමාදායා’’ති. පඨමං.
314
එක් කලෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මගධ ජනපදයෙහි නාලක ගම වාසය කෙරෙති. එකල්හි ජම්බුඛාදක පරිබ්‍රාජකතෙම ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් ජම්බුඛාදක පරිබ්‍රාජකතෙම ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය සැළකෙළේය.
“ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, නිර්වාණය නිර්වාණයයි කියනු ලැබේ. ඇවැත්නි, කුමක් නිර්වාණය වේද” යනුයි.
“ඇවැත්නි, රාගය ක්ෂය කිරීමට හේතුවූ යමක් වේද, ද්වේෂය ක්ෂය කිරීමට හේතුවූ යමක් වේද, මෝහය ක්ෂය කිරීමට හේතුවූ යමක් වේද, මේ නිර්වාණයයි කියනු ලැබේ.
“ඇවැත්නි, මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීමට මාර්ගයක් ඇත්තේද? ප්‍රතිපදාවක් ඇත්තේද?”
“ඇවැත්නි, මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මාර්ගයක් ඇත්තේය. ප්‍රතිපදාවක් ඇත්තේය.”
“ඇවැත්නි, මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවත්නාවූ මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කවරීද?”
“ඇවැත්නි, මේ අංග අටකින් යුත් ආර්යමාර්ගයම නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස වන්නේය. ඒ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මොවුහුය, ඇවැත්නි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවත්නේය.
“ඇවැත්නි, මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීමට යහපත් මාර්ගයකි. යහපත් ප්‍රතිපදාවකි. ඇවැත් ශාරීපුත්‍රය අප්‍රමාදයට සුදුසුය.”
2. අරහත්තපඤ්හාසුත්තං 2. අරහත්ත සූත්‍රය
3. ධම්මවාදීපඤ්හාසුත්තං 3. ධම්මවාදී සූත්‍රය
4. කිමත්ථියසුත්තං 4. කිමත්ථිය සූත්‍රය
5. අස්සාසප්පත්තසුත්තං 5. අස්සාස සූත්‍රය
6. පරමස්සාසප්පත්තසුත්තං 6. පරමස්සාස සූත්‍රය
7. වෙදනාපඤ්හාසුත්තං 7. වේදනා සූත්‍රය
8. ආසවපඤ්හාසුත්තං 8. ආසව සූත්‍රය
9. අවිජ්ජාපඤ්හාසුත්තං 9. අවිජ්ජා සූත්‍රය
10. තණ්හාපඤ්හාසුත්තං 10. තණ්හා සූත්‍රය
11. ඔඝපඤ්හාසුත්තං 11. ඕඝ සූත්‍රය
12. උපාදානපඤ්හාසුත්තං 12. උපාදාන සූත්‍රය
13. භවපඤ්හාසුත්තං 13. භව සූත්‍රය
14. දුක්ඛපඤ්හාසුත්තං 14. දුක්ඛ සූත්‍රය
15. සක්කායපඤ්හාසුත්තං 15. සක්කාය සූත්‍රය
16. දුක්කරපඤ්හාසුත්තං 16. දුක්කර සූත්‍රය