2. වෙදනාසංයුත්තං | 2. වේදනා සංයුත්තය |
1. සගාථාවග්ගො | 1. සගාථා වර්ගය |
1. සමාධිසුත්තං | 1. සමාධි සූත්‍රය |
249
‘‘තිස්සො
‘‘සමාහිතො සම්පජානො, සතො බුද්ධස්ස සාවකො;
වෙදනා ච පජානාති, වෙදනානඤ්ච සම්භවං.
‘‘යත්ථ චෙතා නිරුජ්ඣන්ති, මග්ගඤ්ච ඛයගාමිනං;
වෙදනානං ඛයා භික්ඛු, නිච්ඡාතො පරිනිබ්බුතො’’ති. පඨමං;
|
249
“මහණෙනි, මේ වේදනා තුනකි. ඒ කවර තුනක්ද යත්? සැප වේදනාය, දුක් වේදනාය, සැපද නොවූ දුකද නොවූ වේදනාය. මහණෙනි, මොව්හු ත්‍රිවිධ වේදනාවෝයි.
(1) එකඟ වූ සිත් ඇති, සම්‍යක් ප්‍රඥාවෙන් යුත්, සිහි ඇති, බුද්ධ ශ්‍රාවකතෙම වේදනාවද, වේදනාවන්ගේ හේතුවද දනියි.
(2) යම් තැනෙක්හි මේ වේදනාවෝ නිරුද්ධවෙත්ද, (වේදනාවන්) ක්ෂය කිරීමට පැමිණෙන මාර්ගය දනියිද, මහණතෙම වේදනාවන්ගේ ක්ෂය වීමෙන් තෘෂ්ණාව නැතිකොට ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවෙන්නේය.,
|
2. සුඛසුත්තං | 2. සුඛ සූත්‍රය |
250
‘‘තිස්සො ඉමා, භික්ඛවෙ, වෙදනා. කතමා තිස්සො? සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා - ඉමා ඛො, භික්ඛවෙ, තිස්සො වෙදනාති.
‘‘සුඛං
අජ්ඣත්තඤ්ච බහිද්ධා ච, යං කිඤ්චි අත්ථි වෙදිතං.
‘‘එතං
ඵුස්ස ඵුස්ස වයං පස්සං, එවං තත්ථ විරජ්ජතී’’ති. දුතියං;
|
250
“මහණෙනි, මේ වේදනා තුනකි. ඒ කවර තුනක්ද? සැප වේදනාය, දුක් වේදනාය, සැපත් නොවූ දුකත් නොවූ වේදනාය. මහණෙනි, මේ වනාහි ත්‍රිවිධ වේදනාවෝය.
(1) සැපවූ හෝ ඉදින් දුක් වූ හෝ සැප නොවූ හෝ දුක් නොවූ හෝ තමා තුළද පිටත්හිද යම්කිසි විඳීමක් ඇද්ද,
(2) නැතිවන බිඳෙන ස්වභාව ඇති එය දුකයයි දැක නුවණින් ස්පර්ශ කොට බලන්නේ මෙසේ ඒ වේදනාවන්හි නොඇලෙන්නේය.,
|
3. පහානසුත්තං | 3. පහාන සූත්‍රය |
251
‘‘තිස්සො ඉමා, භික්ඛවෙ, වෙදනා. කතමා තිස්සො? සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. සුඛාය, භික්ඛවෙ, වෙදනාය රාගානුසයො පහාතබ්බො, දුක්ඛාය වෙදනාය පටිඝානුසයො පහාතබ්බො, අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයො පහාතබ්බො. යතො
‘‘සුඛං වෙදයමානස්ස
(වෙදියමානස්ස (සී. පී.)), වෙදනං අප්පජානතො;
සො රාගානුසයො හොති, අනිස්සරණදස්සිනො.
‘‘දුක්ඛං වෙදයමානස්ස, වෙදනං අප්පජානතො;
පටිඝානුසයො හොති, අනිස්සරණදස්සිනො.
‘‘අදුක්ඛමසුඛං සන්තං, භූරිපඤ්ඤෙන දෙසිතං;
තඤ්චාපි අභිනන්දති, නෙව දුක්ඛා පමුච්චති.
‘‘යතො
තතො සො වෙදනා සබ්බා, පරිජානාති පණ්ඩිතො.
‘‘සො වෙදනා පරිඤ්ඤාය, දිට්ඨෙ ධම්මෙ අනාසවො;
කායස්ස භෙදා ධම්මට්ඨො, සඞ්ඛ්‍යං නොපෙති වෙදගූ’’ති. තතියං;
|
251
“මහණෙනි, මේ වේදනා තුනකි. ඒ කවර තුනක්ද? සැප වේදනාය, දුක් වේදනාය, සැපත් නොවූ දුකත් නොවූ වේදනාය යන තුනයි. මහණෙනි, සැප වේදනාවෙහි රාගානුසය පහ කටයුතුය. දුක් වේදනාවෙහි පටිඝානුසය පහ කටයුතුය. සැපත් නොවූ දුකත් නොවූ වේදනාවෙහි අවිද්‍යානුසය පහ කටයුතුය. මහණෙනි, යම් තැනෙක පටන් භික්ෂුවගේ සැප වේදනාවෙහි රාගානුසය ප්‍රහීණවූයේ වේද, දුක් වේදනාවෙහි පටිඝානුසය ප්‍රහීණවූයේ වේද, දුකද නැති සැපද නැති වේදනාවෙහි අවිජ්ජානුසය ප්‍රහීණවූයේ වේද, මහණෙනි, ඒ භික්ෂුව පහකළ රාගානුසය ඇත්තේයයිද, තෘෂ්ණාව සිංඳේය. (සංයෝජනය ලිහා දැම්මේය.) මනාකොට මානය දැක ප්‍රහීණ කිරීමෙන් දුක් කෙළවර කෙළේයයි කියනු ලැබේ.
වේදනාව සම්‍යක් ප්‍රඥාවෙන් නොදන්නාවූ නිවන නොදක්නා සුළු සැප විඳින්නාහට ඒ රාගානුසය වේ.
වේදනාව සම්‍යක් ප්‍රඥාවෙන් නොදන්නාවූ නිවන නොදක්නා සුළු දුක විඳින්නාහට පටිඝානුසය වේ.
මහත් ප්‍රඥා ඇති බුදුරජාණන් වහන්සේ විසින් දෙසන ලද ශාන්තවූ උපේක්ෂා වේදනාවක් වේද, ඊට හෝ සතුටුවෙත්ද, හෙතෙම දුකින් නොමිදේ.
යම් කලක පටන් කෙලෙස් තවන මහණතෙමේ සම්‍යක් ප්‍රඥාව අත්නොහරීද, එතැන් සිට ඒ පණ්ඩිතතෙම සියළු වේදනාවන් මනාසේ දනී.
හෙතෙම වේදනාවන් සම්‍යක් ප්‍රඥාවෙන් දැන මෙලොව ආශ්‍රව රහිතවූයේ, ධර්මස්ථවූයේ වේදයන්හි පරතෙරට ගියේ කරජකායයාගේ බිඳීමෙන් රාග ඇත්තෙක, දෝෂ ඇත්තෙක, මෝහ ඇත්තෙක යන සංඛ්‍යාවට නොපැමිණෙයි.
|
4. පාතාලසුත්තං | 4. පාතාල සූත්‍රය |
252
‘‘අස්සුතවා
‘‘යො
සාරීරිකා පාණහරා, යාහි ඵුට්ඨො පවෙධති.
‘‘අක්කන්දති පරොදති, දුබ්බලො අප්පථාමකො;
න සො පාතාලෙ පච්චුට්ඨාසි, අථො ගාධම්පි නාජ්ඣගා.
‘‘යො
සාරීරිකා පාණහරා, යාහි ඵුට්ඨො න වෙධති;
ස වෙ පාතාලෙ පච්චුට්ඨාසි, අථො ගාධම්පි අජ්ඣගා’’ති. චතුත්ථං;
|
252
“මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනතෙම මහා සමුද්‍රයෙහි පාතාලයක් (පතුලක් නැති තැනක්) ඇතැයි මෙබඳු වචනයක් කියයි. මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනතෙම ඒ නැති අවිද්‍යාමාන වූවක් ගැන මහා සමුද්‍රයෙහි පාතාලයක් ඇතැයි මෙබඳු වචනයක් කියයි. මහණෙනි, යම් මේ පාතාල යන වචනයක් වේද, එය ශාරීරික දුක්ඛ වේදනාවන්ට නමකි. මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනතෙම ශාරීරික දුක්ඛ වේදනාවෙන් ස්පර්ශවන ලද්දේ ශෝක කරයි. ක්ලාන්ත වෙයි. විලාප කියයි. පපුවට ගසමින් අඬයි. මුළාවට පැමිණෙයි. මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනතෙම පාතාලයෙන් නොනැගිට්ටේය. පිහිටීමකට නොපැමිණියේය.
“මහණෙනි, ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ශාරීරික දුක්ඛ වේදනාවෙන් ස්පර්ශවූයේ ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. විලාප නොකියයි. පපුවට ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි. මහණෙනි, මේ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම පාතාලයෙන් නැගිට්ටේය. පිහිටීමකට පැමිණියේය.
යමෙක් තෙම යමකින් ස්පර්ශ කරන ලද්දේ වෙවුලාද, ශාරීරිකවූ, ප්‍රාණය පැහැරගන්නාවූ උපන් මේ දුක්ඛ වේදනාවන් නොඉවසයිද,
වීර්‍ය්‍ය මඳවූ දුර්වලවූ හෙතෙම හඬයි, විලාප කියයි, හෙතෙම පාතාලයෙන් නොනැගිට්ටේය. තවද පතුලටද නොපැමිණියේය.
යමෙක් තෙම යමකින් ස්පර්ශ කරන ලද්දේ නොවෙවුලාද, ශාරීරිකවූ ප්‍රාණය පැහැරගන්නාවූ උපන් දුක්ඛ වේදනාවන් ඉවසාද, හෙතෙම ඒකාන්තයෙන් පාතාලයෙන් නැගිට්ටේය. පතුලටද පැමිණියේය.,
|
5. දට්ඨබ්බසුත්තං | 5. දට්ඨබ්බ සූත්‍රය |
253
‘‘තිස්සො ඉමා, භික්ඛවෙ, වෙදනා. කතමා තිස්සො? සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. සුඛා, භික්ඛවෙ, වෙදනා දුක්ඛතො දට්ඨබ්බා, දුක්ඛා වෙදනා සල්ලතො දට්ඨබ්බා, අදුක්ඛමසුඛා වෙදනා අනිච්චතො දට්ඨබ්බා. යතො ඛො, භික්ඛවෙ, භික්ඛුනො සුඛා වෙදනා දුක්ඛතො දිට්ඨා හොති, දුක්ඛා වෙදනා සල්ලතො දිට්ඨා හොති, අදුක්ඛමසුඛා වෙදනා අනිච්චතො
‘‘යො සුඛං දුක්ඛතො අද්ද, දුක්ඛමද්දක්ඛි සල්ලතො;
අදුක්ඛමසුඛං සන්තං, අද්දක්ඛි නං අනිච්චතො.
‘‘ස වෙ සම්මද්දසො භික්ඛු, පරිජානාති වෙදනා;
සො වෙදනා පරිඤ්ඤාය, දිට්ඨෙ ධම්මෙ අනාසවො;
කායස්ස භෙදා ධම්මට්ඨො, සඞ්ඛ්‍යං නොපෙති වෙදගූ’’ති. පඤ්චමං;
|
253
“මහණෙනි, මේ වේදනා තුනකි. කවර තුනක්ද යත්, සැප වේදනාවය, දුක් වේදනාවය, දුකද නොවූ සැපද නොවූ වේදනාවය යන තුනයි. මහණෙනි, සැප වේදනාව දුක් වශයෙන් දත යුතුය. දුක් වේදනාව හුලක් වශයෙන් දත යුතුය. උපේක්ෂා වේදනාව අනිත්‍ය වශයෙන් දතයුතුය. මහණෙනි, යම් තැනක පටන් භික්ෂුව විසින් සැප වේදනාව දුක් වශයෙන් දක්නා ලද්දේවේද, දුක් වේදනාව හුලක් වශයෙන් දක්නා ලද්දේවේද, උපේක්ෂා වේදනාව අනිත්‍ය වශයෙන් දක්නා ලද්දේවේද, මහණෙනි, මේ මහණතෙම යහපත්සේ දුටුයේ තෘෂ්ණාව සින්දේය. සංයෝජනය බහා දැම්මේය. මනාකොට මානයාගේ ප්‍රහාණයෙන් දුක් කෙළවර කෙළේය.,
යමෙක් සැප දුක වශයෙන් දුටුයේද, දුක හුලක් වශයෙන් දුටුයේද, ශාන්තවූ උපේක්ෂාව අනිත්‍ය වශයෙන් දුටුයේද,
ඒකාන්තයෙන් ඒ යහපත් සේ දක්නා භික්ෂුතෙම වේදනාවන් පිරිසිඳ දනී. හෙතෙම වේදනා පිරිසිඳ දැන මේ ආත්මයෙහි ආශ්‍රව රහිත වූයේ ධර්මයෙහි පිහිටියේ නුවණින් කෙළවරට ගියේ ශරීරයාගේ බිඳීමෙන් සත්ත්වයා යන සංඛ්‍යාවට නොපැමිණෙයි.
|
6. සල්ලසුත්තං | 6. සල්ල සූත්‍රය |
254
‘‘අස්සුතවා, භික්ඛවෙ, පුථුජ්ජනො සුඛම්පි වෙදනං වෙදයති
(වෙදියති (සී. පී.)), දුක්ඛම්පි වෙදනං වෙදයති, අදුක්ඛමසුඛම්පි වෙදනං වෙදයති. සුතවා, භික්ඛවෙ, අරියසාවකො සුඛම්පි වෙදනං වෙදයති
‘‘සුතවා ච ඛො, භික්ඛවෙ, අරියසාවකො දුක්ඛාය වෙදනාය ඵුට්ඨො සමානො න සොචති, න කිලමති, න පරිදෙවති, න උරත්තාළිං කන්දති, න
‘‘සෙය්යථාපි
‘‘න වෙදනං වෙදයති සපඤ්ඤො,
සුඛම්පි දුක්ඛම්පි බහුස්සුතොපි;
අයඤ්ච ධීරස්ස පුථුජ්ජනෙන,
මහා
(අයං (ස්‍යා. කං. ක.)) විසෙසො කුසලස්ස හොති.
‘‘සඞ්ඛාතධම්මස්ස
විපස්සතො
(සම්පස්සතො (සී. පී.)) ලොකමිමං පරඤ්ච;
ඉට්ඨස්ස ධම්මා න මථෙන්ති චිත්තං,
අනිට්ඨතො නො පටිඝාතමෙති.
‘‘තස්සානුරොධා අථවා විරොධා,
විධූපිතා අත්ථගතා න සන්ති;
පදඤ්ච ඤත්වා විරජං අසොකං,
සම්මා පජානාති භවස්ස පාරගූ’’ති. ඡට්ඨං;
|
254
“මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනතෙම සැප වේදනාවද විඳී. දුක් වේදනාවද විඳී. උපේක්ෂා වේදනාවද විඳී. මහණෙනි, ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම සැප වේදනාවද විඳී. දුක් වේදනාවද විඳී. උපේක්ෂා වේදනාවද විඳී. මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනයා හා ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ ඒ වේදනා විඳීමෙහි විශේෂය කවරේද, අදහස කවරේද, වෙනස්කම කවරේද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින් කියා දෙතොත් හොඳය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා මේ කීමේ අදහස දරන්නාහුය.
“මහණෙනි, එසේ වී නම් අසව්, මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමි, යි වදාළ සේක.
“එසේය ස්වාමීනි, කියා ඒ භික්ෂූහු වනාහි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ (එවිට) මෙය දේශනා කළසේක.
“මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනතෙම දුක්ඛ වේදනාවක් පැමිණිකල ශෝක කරයි. ක්ලාන්ත වෙයි. විලාප කියයි. පපුවේ අත් ගසමින් හඬයි. මුළාවට පැමිණෙයි. හෙතෙම කායික දුකක්ද, මානසික දුකක්ද විඳියි. මහණෙනි, යම්සේ හුලකින් අනිනලද පුරුෂයාට දෙවෙනි හුලකිනුත් අනින්නාහුද, මහණෙනි, එසේ පුරුෂතෙම උල් දෙකකින් වේදනා විඳින්නේය.
මහණෙනි, එසේම අශ්‍රුතවත් පෘථග්ජනතෙම දුක්ඛ වේදනාවක් පැමිණිකල ශෝක කරයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි. පපුවේ අත් ගසමින් හඬයි. මුළාවට පැමිණෙයි. හෙතෙම කායික වූද මානසික වූද විඳීම් දෙකක් විඳියි. ඒ දුක් වේදනාවෙන් මඩනා ලද්දාවූ හෙතෙම ක්‍රෝධ ඇත්තෙක් වෙයි. දුක් වේදනාව කරණකොටගෙන ක්‍රෝධ සහිතවූ ඔහුට දුක් වේදනාවෙහි උපදනා ක්රෝධානුසය නැවත නැවත උපදියි. දුක් වේදනාවක් ඇතිවූ හෙතෙම කම් සැපට ආශා කරයි. ඊට හේතු කවරේද? මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනතෙම කම්සැප හැර දුක් වේදනාවෙන් නික්මීමක් නොදනී. කම් සැපයට ආශා කරන්නාවූ ඔහුට සැප වේදනාවෙහි උපදනා යම් රාගානුසයක් වේද, එය නැවත නැවත උපදියි. හෙතෙම ඒ වේදනාවන්ගේ හටගැනීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නික්මීමද, තත්වූ පරිද්දෙන් නොදනී.
ඒ වේදනාවන්ගේ හටගැන්මද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නික්මීමද, තත්වූ පරිද්දෙන් නොදන්නාවූ ඔහුට උපේක්ෂා වේදනාවන්හි හටගන්නා යම් අවිද්‍යානුසයක් වේද, එය නැවත නැවත උපදියි. හෙතෙම සැප වේදනාවක් විඳීනම් කෙලෙසුන්ගෙන් යුක්තවම එය විඳියි. දුක් වේදනාවක් විඳීනම් කෙලෙසුන්ගෙන් යුක්තවම එය විඳියි. දුක්ද නුවූ, සැපද නුවූ, වේදනාවක් විඳීනම් කෙලෙසුන්ගෙන් යුක්තවම එය විඳියි. මහණෙනි, මේ අශ්‍රුතවත් පෘථග්ජන තෙමේ ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, කායික දුක්, මානසික දුක්, දැඩි වෙහෙසවීම් වලින් යුක්ත වූයේය, දුකින් යුක්ත වූයේයයි කියමි, යි වදාළසේක.
“මහණෙනි, ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දුක් වේදනාවක් පැමිණිකල සෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. පපුවේ අත් ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි. හෙතෙම කායිකවූ එක් වේදනාවක් විඳියි. මානසික වේදනාව නොවිඳියි. මහණෙනි, යම්සේ එක් හුලකින් ඇනුම් කෑ පුරුෂයෙකු, දෙවෙනි හුලකිනුත් නොඅනින්නාහුද, මහණෙනි, එසේ ඒ පුරුෂතෙම එක් හුලකින් වේදනාව විඳින්නේය. මහණෙනි, එසේම ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම දුක් වේදනාවක් පැමිණිකල ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. විලාප නොකියයි. පපුවේ අත් ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි. හෙතෙම කායික වූ එකම වේදනාවක් විඳියි. මානසික වේදනාව නොවිඳියි. ඒ දුක්ඛ වේදනාව කරණකොට ක්‍රෝධ ඇත්තෙක් නොවෙයි. දුක්ඛ වේදනාව නිසා ක්‍රෝධයෙන් තොර ඔහුට දුක් වේදනාවෙහි උපදනා යම් ක්රෝධානුසයක් වේද, ඒ අනුසය නැවත නූපදියි. හෙතෙම දුක්ඛ වේදනාව පැමිණි කළ කම් සැප නොකැමැති වෙයි. ඊට හේතු කවරේද, මහණෙනි, ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කම් සැපෙන් වෙන්ව දුකින් නික්මීම දනී.
කම් සැපට ප්‍රිය නොවන්නාවූ ඔහුට සැප වේදනාවෙහි යම් රාගානුසයක් වේද, එය නැවත නැවත නූපදියි. හෙතෙම ඒ වේදනාවන්ගේ පහළවීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නික්මීමද, තත්වූ පරිද්දෙන් දනී. ඒ වේදනාවන්ගේ හටගැනීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නික්මීමද, තත්වූ පරිද්දෙන් දන්නා ඔහුට උපේක්ෂා වේදනාවෙහි යම් අවිද්‍යානුසයක් වේද, එය නැවත නැවත නූපදියි. හෙතෙම සැප වේදනාවක් විඳීනම් එය කෙලෙසුන්ගෙන් වෙන්වම විඳියි. දුක් වේදනාවක් විඳීනම් එය කෙලෙසුන්ගෙන් වෙන්වම විඳියි. උපේක්ෂා වේදනාවක් විඳීනම් එය කෙලෙසුන්ගෙන් වෙන්වම විඳියි.
“මහණෙනි, මේ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, (කායික) දුක්, මානසික දුක්, දැඩි වෙහෙසීම්වලින් වෙන්වූයේයයි කියනු ලැබේ. දුකින් මිදුණේයයි කියමි. මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනයා හා ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ වෙනසයි. මේ අදහසයි. මේ වෙන් කිරීමයි.,
බහුශ්‍රුතවූ ඥානවන්තයා සැප වේදනාවද දුක් වේදනාවද නොවිඳියි. පෘථග්ජනයා හා දක්ෂවූ ඥානවන්තයාගේ මහත් වෙනස මෙය වෙයි.
මෙලොවද, පරලොවද නුවණින් දක්නා තීරණය කරන ලද ධර්මය ඇති බහුශ්රුතයාගේ සිත ඉෂ්ටාරම්මණයෝ කම්පා නොකරත්. අනිෂ්ටාරම්මණය හේතුකොටගෙන ද්වේෂයටද නොපැමිණෙයි.
ඇලීම හේතුකොටගෙන හෝ කිපීම හේතුකොටගෙන හෝ ඔහුගේ අර්ථයෝ විනාශ නොවෙත්. භවයාගේ පරතෙරට ගියාවූ හෙතෙම කෙලෙස් මළ රහිතවූ ශෝක නොකරන්නාවූ නිර්වාණ පදය මනාව දන්නේය.”
|
7. පඨමගෙලඤ්ඤසුත්තං | 7. ගෙලඤ්ඤ සූත්‍රය |
255
එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන ගිලානසාලා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි
‘‘සතො, භික්ඛවෙ, භික්ඛු සම්පජානො කාලං ආගමෙය්ය. අයං වො අම්හාකං අනුසාසනී.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු සතො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු වෙදනානුපස්සී
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු සම්පජානො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති, සමිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති, උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති, ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ
‘‘තස්ස චෙ, භික්ඛවෙ, භික්ඛුනො එවං සතස්ස සම්පජානස්ස අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති සුඛා වෙදනා, සො එවං පජානාති - ‘උප්පන්නා ඛො ම්යායං සුඛා වෙදනා. සා ච ඛො පටිච්ච, නො අප්පටිච්ච. කිං පටිච්ච? ඉමමෙව කායං පටිච්ච. අයං ඛො පන කායො අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො. අනිච්චං ඛො පන සඞ්ඛතං පටිච්චසමුප්පන්නං කායං පටිච්ච උප්පන්නා සුඛා වෙදනා කුතො නිච්චා භවිස්සතී’ති! සො කායෙ ච සුඛාය ච වෙදනාය අනිච්චානුපස්සී විහරති, වයානුපස්සී විහරති, විරාගානුපස්සී විහරති, නිරොධානුපස්සී විහරති, පටිනිස්සග්ගානුපස්සී විහරති. තස්ස කායෙ ච සුඛාය ච වෙදනාය අනිච්චානුපස්සිනො විහරතො, වයානුපස්සිනො විහරතො, විරාගානුපස්සිනො විහරතො, නිරොධානුපස්සිනො විහරතො, පටිනිස්සග්ගානුපස්සිනො
‘‘තස්ස චෙ, භික්ඛවෙ, භික්ඛුනො එවං සතස්ස සම්පජානස්ස අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති දුක්ඛා වෙදනා. සො එවං පජානාති - ‘උප්පන්නා ඛො ම්යායං දුක්ඛා වෙදනා. සා ච ඛො පටිච්ච, නො අප්පටිච්ච. කිං පටිච්ච? ඉමමෙව කායං පටිච්ච. අයං ඛො පන කායො අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො. අනිච්චං ඛො පන සඞ්ඛතං පටිච්චසමුප්පන්නං කායං පටිච්ච උප්පන්නා දුක්ඛා වෙදනා කුතො නිච්චා භවිස්සතී’ති! සො කායෙ ච දුක්ඛාය වෙදනාය
‘‘තස්ස චෙ, භික්ඛවෙ, භික්ඛුනො එවං සතස්ස සම්පජානස්ස අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති අදුක්ඛමසුඛා වෙදනා, සො එවං පජානාති - ‘උප්පන්නා ඛො ම්යායං අදුක්ඛමසුඛා වෙදනා. සා ච ඛො පටිච්ච, නො අප්පටිච්ච. කිං පටිච්ච? ඉමමෙව කායං පටිච්ච. අයං ඛො පන කායො අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො. අනිච්චං ඛො පන සඞ්ඛතං පටිච්චසමුප්පන්නං කායං
‘‘සො
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, තෙලඤ්ච පටිච්ච වට්ටිඤ්ච පටිච්ච තෙලප්පදීපො ඣායෙය්ය, තස්සෙව තෙලස්ස ච වට්ටියා ච පරියාදානා අනාහාරො නිබ්බායෙය්ය; එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛු කායපරියන්තිකං
|
255
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහ වනයෙහි වූ කූටාගාර ශාලාවෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵලසමවතින් නැගිට ගිලන්හල යම් තැනෙක්හිද එතැන්හි වැඩිසේක. වැඩ, පණවන ලද අස්නෙහි වැඩහුන්සේක. වැඩහිඳ, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, මහණතෙම සිහියෙන් යුක්තව යහපත් ප්‍රඥාවෙන් යුක්තව කාලය ගෙවන්නේය. මේ තොපට අපගේ අනුශාසනාවයි.
“මහණෙනි, මහණතෙම කෙසේ සිහි ඇත්තේවේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කයෙහි කය අනුව නුවණින් බලමින්, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව සම්‍යක් ප්‍රඥා ඇතිව සිහියෙන් යුක්තව සත්ත්ව ලෝකයෙහි ලෝභ, දෝස දෙක දුරුකොට වාසය කෙරෙයි. වේදනාවන්හි වේදනාව අනුව නුවණින් බලමින්, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, සම්‍යක් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව සත්ත්ව ලෝකයෙහි ලෝභ,දෝස දෙක දුරුකොට වාසය කෙරෙයි. සිතෙහි සිත අනුව නුවණින් බලමින්, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, සම්‍යක් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, සත්ත්ව ලෝකයෙහි ලෝභ, දෝස දෙක දුරුකොට වාසය කෙරෙයි. ධර්මයන්හි ධර්මයන් අනුව බලමින් කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූ සිහියෙන් යුක්තව සත්ත්‍වලෝකයෙහි ලෝභ, දෝස දෙක දුරුකොට වාසය කෙරෙයි. මහණෙනි, මහණතෙම මෙසේ වනාහි සිහි ඇත්තේ වේ.
“මහණෙනි, මහණතෙම කෙසේ වනාහි යහපත් ප්‍රඥා ඇත්තේවේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඉදිරියට යාමෙහිද, ආපසු යාමෙහිද, නුවණින් යුක්තවූයේ වෙයි. ඉදිරිපිට බැලීමෙහිද, අවට බැලීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. අත්පා හැකිලීමෙහිද, දිගුකිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. සඟල සිවුරු, පාත්‍ර, සිවුරු දැරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. කෑමෙහිද, බීමෙහිද, කඩා කෑමෙහිද, රස විඳගැනීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. වැසිකිළි, කැසිකිළි කර්මයෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. යාමෙහිද, සිටීමෙහිද, හිඳීමෙහිද, නිදීමෙහිද, නිදි දුරුකිරීමෙහිද, කථාවෙහිද, තුෂ්ණිම්භාවයෙහිද, නුවණින් යුක්තවූයේ වෙයි. මහණෙනි, මහණතෙම මෙසේ වනාහි යහපත් නුවණින් යුක්තවූයේ වෙයි. මහණෙනි, මහණතෙම සිහියෙන් යුක්තව, මනා නුවණින් යුක්තව, කාලය ගෙවන්නේය. මෙය තොපට අපගේ අනුශාසනාවයි.
“මහණෙනි, මෙසේ සිහියෙන් යුක්තව, නුවණින් යුක්තව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, නිවන කරා යැවූ සිත් ඇතිව වාසය කරන ඒ මහණහට, සැප වේදනාවක් උපදීද, හෙතෙම මට මේ සැප වේදනාවක් උපන්නීය. එය වනාහි හේතුවක් ඇතිවය. හේතුවක් නැතිව නොවේ. කිනම් හේතුවක් නිසාද? මේ ශරීරය හේතුකොටගෙන ඇතිවිය. මේ කය වනාහි අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්ව කරන ලද්දේය. හේතුවෙන් උපන්නේය. අනිත්‍යවූ, ප්‍රත්‍යයන් එක්ව කරන ලද්දාවූ, හේතූන් නිසා උපන්, කය නිසා හටගත් සැප වේදනාව කෙසේ නිත්‍ය වන්නේදැයි සිතයි. හෙතෙම ශරීරයෙහිද, සැප වේදනාවෙහිද, අනිත්‍යය අනුව බලමින් වාසය කරයි. විනාශය අනුව බලමින් වාසය කරයි. නොඇලීම අනුව බලමින් වාසය කරයි. නිරෝධය අනුව බලමින් වාසය කරයි. අත්හැරීම අනුව බලමින් වාසය කරයි. ශරීරයෙහිද සැප වේදනාවෙහිද අනිත්‍යය අනුව බලමින් වාසය කරන්නාවූ, විනාශය අනුව බලමින් වාසය කරන්නාවූ, නොඇලීම අනුව බලමින් වාසය කරන්නාවූ, නිරෝධය අනුව බලමින් වාසය කරන්නාවූ, අත්හැරීම අනුව බලමින් වාසය කරන්නාවූ, ඔහුට කයෙහිද, සැප වේදනාවෙහිද, යම් රාගානුසයක් වේද එය ප්‍රහීණ වෙයි.
“මහණෙනි, මෙසේ සිහියෙන් යුක්තව නුවණින් යුක්තව අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, නිවන කරා යැවූ සිත් ඇතිව, වාසය කරන්නාවූ ඔහුට දුක් වේදනාවක් උපදීද, හෙතෙම මට මේ දුක් වේදනාවක් උපන්නීය. ඕ වනාහි හේතුවක් නිසා ඇතිවිය. හේතුවක් නැතිව නොවේ. කිනම් හේතුවක් නිසාද? මේ ශරීරය නිසාම ඇතිවිය. මේ ශරීරය වනාහි අනිත්‍යය. ප්රත්යයන්ගෙන් කරන ලද්දේය. හේතුවක් නිසා උපන්නේය. අනිත්‍යවූ, සංඛතවූ, හේතුවක් නිසා හටගත් කය නිසා උපන්, දුක් වේදනාවක් වේද, එය කෙසේ නිත්‍ය වන්නේදැයි මෙසේ දනී. හෙතෙම ශරීරයෙහිද, දුක් වේදනාවෙහිද අනිත්‍යය අනුව බලමින් වාසය කරයි. විනාශය අනුව බලමින් වාසය කරයි. නොඇලීම අනුව බලමින් වාසය කරයි. නිරෝධය අනුව බලමින් වාසය කරයි. අත්හැරීම අනුව බලමින් වාසය කරයි. ශරීරයෙහිද දුක් වේදනාවෙහිද අනිත්‍යය අනුව බලමින් වාසය කරන්නාවූ, විනාශය අනුව බලමින් වාසය කරන්නාවූ, නොඇලීම අනුව බලමින් වාසය කරන්නාවූ, නිරෝධය අනුව බලමින් වාසය කරන්නාවූ, අත්හැරීම අනුව බලමින් වාසය කරන්නාවූ, ඔහුට ශරීරයෙහිද දුක් වේදනාවෙහිද යම් පටිඝානුසයක් වේද එය ප්‍රහීණ වෙයි.
“මහණෙනි, සිහියෙන් යුක්තව, නුවණින් යුක්තව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, නිවනට යැවූ සිත් ඇතිව, වාසය කරන ඒ මහණහට උපේක්ෂා වේදනාවක් උපදීද, හෙතෙම මට මේ උපේක්ෂා වේදනාවක් උපන්නීය. ඕ වනාහි යම් හේතුවකින් ඇතිවිය. හේතුවක් නැතිව නොවේ. කුමක් හේතුකොටගෙනද, මේ ශරීරය හේතුකොටගෙනය. මේ ශරීරය වනාහි අනිත්‍යය. ප්‍රත්‍යයෙන් සකස් කරන ලදී. හේතූන් නිසා උපන්නේය. අනිත්‍යවූ, ප්‍රත්‍යයන් විසින් සකස් කරන ලද, හේතූන්ගෙන් හටගත් ශරීරය නිසා උපන්, උපේක්ෂා වේදනාව කෙසේ නිත්‍ය වන්නේදැයි මෙසේ දනී. හෙතෙම ශරීරයෙහිද, උපේක්ෂා වේදනාවෙහිද, අනිත්‍යය අනුව බලමින් වාසය කරයි. විනාශය අනුව බලමින් වාසය කරයි. නොඇලීම අනුව බලමින් වාසය කරයි. නිරෝධය අනුව බලමින් වාසය කරයි. අත්හැරීම අනුව බලමින් වාසය කරයි. ශරීරයෙහිද උපේක්ෂා වේදනාවේද අනිත්‍යය අනුව බලමින් වාසය කරන, විනාශය අනුව බලමින් වාසය කරන, නොඇලීම අනුව බලමින් වාසය කරන, නිරුද්ධය අනුව බලමින් වාසය කරන, අත්හැරීම අනුව බලමින් වාසය කරන ඔහුට ශරීරයේද උපේක්ෂා වේදනාවෙහිද යම් අවිද්‍යානුසයක් වේද, එය ප්‍රහීණ වෙයි.
හෙතෙම සැප වේදනාවක් විඳීනම් එය අනිත්‍යයයි දනී. තෘෂ්ණාවෙන් බැස නොගන්නා ලද්දේයයි දනී. ප්‍රිය නොවන ලද්දේයයි දනී. දුක් වේදනාවක් විඳීනම් එය අනිත්‍යයයි දනී. තෘෂ්ණාවෙන් බැස නොගන්නා ලද්දේයයි දනී. ප්‍රිය නොවන ලද්දේයයි දනී. උපේක්ෂා වේදනාවක් විඳීනම් ඕතොමෝ අනිත්‍යයයි දනී. තෘෂ්ණාවෙන් බැස නොගන්නා ලද්දේයයි දනී. ප්‍රිය නොවන ලද්දේයයි දනී. හෙතෙම සැප වේදනාවක් විඳීද එය කෙලෙසුන්ගෙන් වෙන්ව විඳියි. දුක් වේදනාවක් විඳීනම් එය කෙලෙසුන්ගෙන් වෙන්ව විඳියි. උපේක්ෂා වේදනාවක් විඳීනම් එය කෙලෙසුන්ගෙන් වෙන්ව විඳියි. හෙතෙම කය කෙළවරකොට ඇති වේදනාව විඳින්නේ, කය කෙළවරකොට ඇති වේදනාව විඳිමියි දනියි. ජීවිතය කෙළවරකොට ඇති වේදනාව විඳින්නේ, ජීවිතය කෙළවරකොට ඇති වේදනාව විඳිමියි දනියි. මෙහිම විඳින ප්‍රිය වන සියළු වේදනා කය බිඳීමෙන් ජීවිතය කෙළවර වීමෙන් පසු සංසිඳෙන්නාහුයයි දැනගනීයයි වදාළේය.
“මහණෙනි, යම්සේ තෙලද වැටියද නිසා තෙල් පහන දැල්වෙන්නේද, ඒ තෙලත් වැටියත් කෙළවර වීමෙන් ප්‍රත්‍යය නොලැබීමෙන් නිවෙන්නේද, මහණෙනි, එසේම මහණතෙමේ කය කෙළවරකොට ඇති වේදනාව විඳින්නේ, කය කෙළවරකොට ඇති වේදනාව විඳිමියි දනියි. ජීවිතය කෙළවරකොට ඇති වේදනාව විඳින්නේ, ජීවිතය කෙළවරකොට ඇති වේදනාව විඳිමියි දනියි. මෙහිම විඳින ප්‍රිය වන වේදනා කය බිඳීමෙන්, ජීවිතය කෙළවර වීමෙන්, සංසිඳෙන්නාහුයයි දනීයයි වදාළ සේක.
|
8. දුතියගෙලඤ්ඤසුත්තං | 8. දුතිය ගෙලඤ්ඤ සූත්‍රය |
256
එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන ගිලානසාලා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි -
‘‘සතො
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු සතො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු වෙදනානුපස්සී විහරති... චිත්තෙ චිත්තානුපස්සී විහරති... ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු සතො හොති.
‘‘කථඤ්ච
‘‘තස්ස චෙ, භික්ඛවෙ, භික්ඛුනො එවං සතස්ස සම්පජානස්ස අප්පමත්තස්ස
‘‘තස්ස චෙ, භික්ඛවෙ, භික්ඛුනො එවං සතස්ස...පෙ.... විහරතො උප්පජ්ජති දුක්ඛා වෙදනා...පෙ.... උප්පජ්ජති අදුක්ඛමසුඛා වෙදනා. සො එවං පජානාති - ‘උප්පන්නා ඛො ම්යායං අදුක්ඛමසුඛා වෙදනා; සා ච ඛො පටිච්ච, නො අප්පටිච්ච. කිං පටිච්ච? ඉමමෙව ඵස්සං පටිච්ච...පෙ.... කායස්ස
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, තෙලඤ්ච පටිච්ච වට්ටිඤ්ච පටිච්ච තෙලප්පදීපො ඣායෙය්ය
|
256
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහ වනයෙහි වූ කූටාගාර ශාලාවෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵලසමවතින් නැගිට ගිලන්හල යම් තැනෙක්හිද එතැන්හි වැඩිසේක. වැඩ, පණවන ලද අස්නෙහි වැඩහුන්සේක. වැඩහිඳ, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, මහණතෙම සිහියෙන් යුක්තව යහපත් ප්‍රඥාවෙන් යුක්තව කාලය ගෙවන්නේය. මේ තොපට අපගේ අනුශාසනාවයි.
“මහණෙනි, මහණතෙම කෙසේ සිහි ඇත්තේවේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කයෙහි කය අනුව නුවණින් බලමින්, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව සම්‍යක් ප්‍රඥා ඇතිව සිහියෙන් යුක්තව සත්ත්ව ලෝකයෙහි ලෝභ, දෝස දෙක දුරුකොට වාසය කෙරෙයි. වේදනාවන්හි වේදනාව අනුව නුවණින් බලමින්, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, සම්‍යක් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව සත්ත්ව ලෝකයෙහි ලෝභ, දෝස දෙක දුරුකොට වාසය කෙරෙයි. සිතෙහි සිත අනුව නුවණින් බලමින්, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, සම්‍යක් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, සත්ත්ව ලෝකයෙහි ලෝභ, දෝස දෙක දුරුකොට වාසය කෙරෙයි. ධර්මයන්හි ධර්මයන් අනුව බලමින් කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූ සිහියෙන් යුක්තව සත්ත්‍වලෝකයෙහි ලෝභ, දෝස දෙක දුරුකොට වාසය කෙරෙයි. මහණෙනි, මහණතෙම මෙසේ වනාහි සිහි ඇත්තේ වේ.
“මහණෙනි, මහණතෙම කෙසේ වනාහි යහපත් ප්‍රඥා ඇත්තේවේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඉදිරියට යාමෙහිද, ආපසු යාමෙහිද, නුවණින් යුක්තවූයේ වෙයි. ඉදිරිපිට බැලීමෙහිද, අවට බැලීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. අත්පා හැකිලීමෙහිද, දිගුකිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. සඟල සිවුරු, පාත්‍ර, සිවුරු දැරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. කෑමෙහිද, බීමෙහිද, කඩා කෑමෙහිද, රස විඳගැනීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. වැසිකිළි, කැසිකිළි කර්මයෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. යාමෙහිද, සිටීමෙහිද, හිඳීමෙහිද, නිදීමෙහිද, නිදි දුරුකිරීමෙහිද, කථාවෙහිද, තුෂ්ණිම්භාවයෙහිද, නුවණින් යුක්තවූයේ වෙයි. මහණෙනි, මහණතෙම මෙසේ වනාහි යහපත් නුවණින් යුක්තවූයේ වෙයි. මහණෙනි, මහණතෙම සිහියෙන් යුක්තව, මනා නුවණින් යුක්තව, කාලය ගෙවන්නේය. මෙය තොපට අපගේ අනුශාසනාවයි.
“මහණෙනි, මෙසේ සිහියෙන් යුක්තවූ, ප්‍රඥාවෙන් යුක්තවූ, අප්‍රමාදවූ, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත, නිවනට යොමුකළ සිත් ඇතිව වාසය කරන්නාවූ ඒ භික්ෂුවට සැප වේදනාවක් උපදීද, හෙතෙම මට සැප වේදනාවක් උපන්නීය. එය හේතුවක් නිසා ඇතිවිය. හේතුවක් නැතිව නොවේ. කුමක් නිසාද? මේ ස්පර්ශය නිසාය. මේ ස්පර්ශය අනිත්‍යය. කර්මාදී ප්‍රත්‍යයෙන් උපන්නේය. අනිත්‍යවූ, සංඛතවූ, හේතුවෙන් උපන්නාවූ ස්පර්ශය නිසා උපන්, සැප වේදනාව කෙසේ නිත්‍ය වන්නේදැයි දැනගනියි. හෙතෙම ස්පර්ශයෙහිද, සැප වේදනාවෙහිද, අනිත්‍යය අනුව බලමින් වාසය කරයි. විනාශය අනුව බලමින් වෙසෙයි. නොඇලීම අනුව බලමින් වෙසෙයි. නිරෝධය අනුව බලමින් වෙසෙයි. වෙන්වීම අනුව බලමින් වෙසෙයි. ස්පර්ශයෙහිද, සැප වේදනාවෙහිද, අනිත්‍යය අනුව බලමින් වාසය කරන්නාවූ, විනාශය අනුව බලමින් වාසය කරන්නාවූ, නොඇලීම අනුව බලමින් වාසය කරන්නාවූ, නිරෝධය අනුව බලමින් වාසය කරන්නාවූ, වෙන්වීම අනුව බලමින් වාසය කරන්නාවූ, ඔහුට ස්පර්ශයෙහිද සැප වේදනාවෙහිද යම් රාගානුසයක් වේද එය ප්‍රහීණ වේ.
“මහණෙනි, මෙසේ සිහියෙන් යුක්තවූ, යහපත් නුවණින් යුක්තවූ, අප්‍රමාදවූ, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, නිවනට යොමුකළ සිත් ඇතිව වාසය කරන ඒ මහණහට දුක් වේදනාවක් උපදීද, හෙතෙම මට මේ දුක් වේදනාවක් උපන්නීය. ඒ වනාහි හේතුවක් නිසා ඇතිවිය. හේතුවක් නැතිව නොවේ. කුමක් නිසාද? මේ ස්පර්ශය නිසාය. මේ ස්පර්ශය වනාහි අනිත්‍යය, සංඛතය, ප්‍රත්‍යයෙන් උපන්නේය. අනිත්‍යවූ, සංඛතවූ, ප්‍රත්‍යයෙන් උපන්නාවූ, ස්පර්ශය නිසා උපන්, දුක් වේදනාව කෙසේ නිත්‍ය වන්නේදැයි දනී. හෙතෙම ස්පර්ශයෙහිද, දුක් වේදනාවෙහිද, අනිත්‍යය අනුව බලමින් වෙසෙයි. විනාශය අනුව බලමින්, නොඇලීම අනුව බලමින්, නිරෝධය අනුව බලමින්, වෙන්වීම අනුව බලමින් වාසය කරයි. ස්පර්ශයෙහිද, දුක් වේදනාවෙහිද අනිත්‍යය අනුව බලමින් වාසය කරන්නාවූ, විනාශය අනුව බලමින් වාසය කරන්නාවූ, නොඇලීම අනුව බලමින් වාසය කරන්නාවූ, නිරුද්ධවීම අනුව බලමින් වාසය කරන්නාවූ ඔහුට ස්පර්ශයෙහිද, දුක් වේදනාවෙහිද, යම් පටිඝානුසයක් වේද එය ප්‍රහීණ වෙයි.
“මහණෙනි, මෙසේ සිහියෙන් යුක්තව, නුවණින් යුක්තව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, නිවනට යොමුකළ සිත් ඇතිව වාසය කරන්නාවූ ඒ මහණහට, උපේක්ෂා වේදනාවක් උපදීද, හෙතෙම මට මේ උපේක්ෂා වේදනාවක් උපන්නීය. එය හේතුවක් නිසා ඇතිවිය. හේතුවක් නැතිව නොවේ. කුමක් නිසාද? මේ ස්පර්ශයන් නිසාය. මේ ස්පර්ශය අනිත්‍යය, සංඛතය, ප්‍රත්‍යයෙන් හට ගත්තේය. අනිත්‍යවූ, සංඛතවූ, ප්‍රත්‍යයෙන් උපන්නාවූ, ස්පර්ශය නිසා උපන්, උපේක්ෂා වේදනාව කෙසේ නිත්‍ය වන්නේදැයි දනියි. හෙතෙම ස්පර්ශයෙහිද, උපේක්ෂා වේදනාවෙහිද අනිත්‍යය අනුව බලමින් වෙසෙයි. විනාශය අනුව බලමින් වෙසෙයි. විරාගය අනුව බලමින් වෙසෙයි. වෙන්වීම අනුව බලමින් වෙසෙයි. ස්පර්ශයෙහිද, උපේක්ෂා වේදනාවෙහිද අනිත්‍යය අනුව බලමින් වාසය කරන්නාවූ, විනාශය අනුව බලමින්, නොඇලීම අනුව බලමින්, නිරෝධය අනුව බලමින්, වෙන්වීම අනුව බලමින් වාසය කරන්නාවූ ඔහුට ස්පර්ශයෙහිද, උපේක්ෂා වේදනාවෙහිද යම් අවිද්‍යානුසයක් වේද, එය ප්‍රහීණ වේ.
හෙතෙම සැප වේදනාවක් විඳීද, එය අනිත්‍යයයි දනී. තෘෂ්ණාවෙන් බැස නොගන්නා ලද්දීයයි දනී. සතුටු නොවන ලද්දීයයි දනී. දුක් වේදනාවක් විඳීද, එය අනිත්‍යයයි දනී. තෘෂ්ණාවෙන් බැස නොගන්නා ලද්දීයයි දනී. සතුටු නොවන ලද්දීයයි දනී. උපේක්ෂා වේදනාවක් විඳීද, එය අනිත්‍යයයි දනී. තෘෂ්ණාවෙන් බැස නොගන්නා ලද්දීයයි දනී. සතුටු නොවන ලද්දීයයි දනී. හෙතෙම සැප වේදනාවක් විඳීද, කෙලෙසුන්ගෙන් වෙන්වම එය විඳී. දුක් වේදනාවක් විඳීද, කෙලෙසුන්ගෙන් වෙන්වම එය විඳී. උපේක්ෂා වේදනාවක් විඳීද, කෙලෙසුන්ගෙන් වෙන්වම එය විඳියි. හෙතෙම කය කෙළවරකොට ඇති වේදනාවක් විඳින්නේ, කය කෙළවරකොට ඇති වේදනාවක් විඳිමියි දනී. ජීවිතය කෙළවරකොට ඇති වේදනාවක් විඳින්නේ, ජීවිතය කෙළවරකොට ඇති වේදනාවක් විඳිමියි දනී. මෙහිම වින්දයුතුවූ සියළු වේදනා ශරීරය බිඳීමෙන් ජීවිතය කෙළවර වීමෙන් පසු සිසිල් වන්නාහුයයි දැනගනී.
“මහණෙනි, යම්සේ තෙලද වැටියද නිසා තෙල් පහන දැල්වෙන්නේද, ඒ තෙලත් වැටියත් කෙළවර වීමෙන් ප්‍රත්‍යය නොලැබීමෙන් නිවෙන්නේද, මහණෙනි, එසේම මහණතෙමේ කය කෙළවරකොට ඇති වේදනාව විඳින්නේ කය කෙළවරකොට ඇති වේදනාව විඳිමියි දනියි. ජීවිතය කෙළවරකොට ඇති වේදනාව විඳින්නේ ජීවිතය කෙළවරකොට ඇති වේදනාව විඳිමියි දනියි. මෙහිම විඳින ප්‍රිය වන වේදනා කය බිඳීමෙන් ජීවිතය කෙළවර වීමෙන් සංසිඳෙන්නාහුයයි දනීයයි වදාළ සේක.
|
9. අනිච්චසුත්තං | 9. අනිච්ච සූත්‍රය |
257
‘‘තිස්සො ඉමා, භික්ඛවෙ, වෙදනා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා. කතමා තිස්සො? සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා - ඉමා ඛො, භික්ඛවෙ, තිස්සො වෙදනා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා’’ති. නවමං.
|
257
“මහණෙනි, අනිත්යවූද, ප්‍රත්‍යයන් විසින් එක්ව සකස් කරන ලද්දාවූද, හේතූන් නිසා පහළවූද, ක්ෂයවන ස්වභාව ඇත්තාවූද, විනාශවන ස්වභාවය ඇත්තාවූද, නොඇලියයුතු ස්වභාවය ඇත්තාවූද, නිරුද්ධ කළයුතු ස්වභාවය ඇත්තාවූද, වේදනා තිදෙනෙකි. ඒ කවරහුද? සැප වේදනාව, දුක් වේදනාව, සැපද නොවූ දුක්ද නොවූ වේදනාව යන තුනයි. මහණෙනි, මොවුහු අනිත්යවූද, ප්‍රත්‍යයන් විසින් සකස් කරන ලද්දාවූද, නොඇලියයුතු ස්වභාවය ඇත්තාවූද, හේතූන් නිසා පහළවූද, ක්ෂයවන ස්වභාවය ඇත්තාවූද, විනාශවන ස්වභාව ඇත්තාවූද, නිරුද්ධ කළයුතු ස්වභාවය ඇත්තාවූද, වේදනාවෝ වෙත්.
|
10. ඵස්සමූලකසුත්තං | 10. ඵස්සමූලක සූත්‍රය |
258
‘‘තිස්සො
|
258
“මහණෙනි, ස්පර්ශයෙන් හටගත්තාවූ, ස්පර්ශය මුල්කොට ඇත්තාවූ, ස්පර්ශය නිදානකොට ඇත්තාවූ, ස්පර්ශය ප්‍රත්‍යයකොට ඇත්තාවූ මේ වේදනාවෝ තිදෙනෙකි. කවර තිදෙනෙක්ද යත්? සැප වේදනාය, දුක් වේදනාය, සැපත් නොවූ දුකත් නොවූ වේදනාය යන මොහුයි.
“මහණෙනි, සැප වේදනාවට හේතුවන ස්පර්ශය නිසා සැප වේදනාව උපදී. ඒ සැප වේදනාවට හේතුවන ස්පර්ශයාගේ නිරුද්ධ වීමෙන් ඊට අනුරූපවූ සැප වේදනාවට හේතුවන ස්පර්ශය නිසා උපන් යම් සැප වේදනාවක් වේද, එය නිරුද්ධ වෙයි, සන්සිඳෙයි.
“මහණෙනි, දුක් වේදනාවට හේතුවන ස්පර්ශය නිසා දුක් වේදනාව උපදී. ඒ දුක් වේදනාවට හේතුවන ස්පර්ශයාගේ නිරුද්ධ වීමෙන් ඊට අනුරූපවූ දුක් වේදනාවට හේතුවන ස්පර්ශය නිසා උපන් යම් දුක් වේදනාවක් වේද, එය නිරුද්ධ වෙයි, සංසිඳෙයි.
“මහණෙනි, උපේක්ෂා වේදනාවට හේතුවන ස්පර්ශය නිසා උපේක්ෂා වේදනාව උපදී. ඒ උපේක්ෂා වේදනාවට හේතුවන ස්පර්ශයාගේ නිරුද්ධ වීමෙන් ඊට අනුරූපවූ උපේක්ෂා වේදනාවට හේතුවන ස්පර්ශය නිසා උපන් යම් උපේක්ෂා වේදනාවක් වේද, එය නිරුද්ධ වෙයි, සන්සිඳෙයි.
“මහණෙනි, යම්සේ ලී දෙකක් ගැටීම, එක්වීම හේතුකොටගෙන උණුසුම හටගනියිද, ගින්න පහළවෙයිද, ඒ ලී දඬු දෙක වෙන් කිරීම, ඈත් කිරීම නිසා එයින් උපන් උණුසුම නිරුද්ධවේද, සන්සිඳේද, මහණෙනි, එමෙන් ඒ ත්‍රිවිධ වේදනාවෝ ස්පර්ශයෙන් හටගත්තාහුය. ස්පර්ශය මුල්කොට ඇත්තාහ. ස්පර්ශය නිදානකොට ඇත්තාහ. ස්පර්ශය ප්‍රත්‍යයකොට ඇත්තාහ. ඊට සුදුසු සුදුසුවූ ස්පර්ශය නිසා ඊට සුදුසු සුදුසුවූ වේදනා උපදිත්. ඊට සුදුසු සුදුසුවූ ස්පර්ශයාගේ නිරුද්ධවීම හේතුකොටගෙන සුදුසු සුදුසුවූ වේදනා නිරුද්ධවෙත්ය, යි වදාළ සේක.
|
2. රහොගතවග්ගො | 2.රහොගත වර්ගය |
1. රහොගතසුත්තං | 1. රහොගත සූත්‍රය |
259
අථ
‘‘සාධු සාධු, භික්ඛු! තිස්සො ඉමා, භික්ඛු, වෙදනා වුත්තා මයා. සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා - ඉමා තිස්සො වෙදනා වුත්තා මයා. වුත්තං ඛො පනෙතං, භික්ඛු, මයා - ‘යං කිඤ්චි වෙදයිතං, තං දුක්ඛස්මි’න්ති. තං ඛො පනෙතං, භික්ඛු, මයා සඞ්ඛාරානංයෙව අනිච්චතං සන්ධාය භාසිතං - ‘යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මි’න්ති
|
259
ඉක්බිති එක්තරා භික්ෂු නමක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. “ස්වාමීනි, මෙහි රහසිගතවූ, හුදකලාවූ මට මෙසේ සිතට විතර්කයක් පහළවිය. භාග්‍යවතුන් වහන්සේ විසින් සැප වේදනාය, දුක් වේදනාය, උපේක්ෂා වේදනාය'යි වේදනා තුනක් වදාරන ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වේදනා තුන වදාරන ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් යම්කිසි විඳීමක් ඇද්ද, ඒ සියල්ල දුකයයිද වදාරන ලදී. යම්කිසි විඳීමක් ඇද්ද, ඒ සියල්ල දුකයයි මෙය කුමක් සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේද?"යි, කියායි.
“යහපත, යහපත, මහණ. මහණ. මා විසින් සැප වේදනාය, දුක් වේදනාය, උපේක්ෂා වේදනායයි යන මේ වේදනා තුන මා විසින් වදාරන ලදහ. මහණ, මා විසින්, යම්කිසි විඳීමක් ඇද්ද ඒ සියල්ල දුකය යන මෙයද කියන ලදී. මහණ, මා විසින් සංස්කාරයන්ගේම අනිත්‍යය සඳහා යම්කිසි විඳීමක් ඇද්ද ඒ සියල්ල දුකය යන මෙය කියන ලදී. මහණ, මා විසින් සංස්කාරයන්ගේම ක්ෂයවන ස්වභාවය සඳහා යම් කිසි විඳීමක් ඇද්ද ඒ සියල්ල දුකය, යන මෙය කියන ලදී. මහණ, මා විසින් සංස්කාරයන්ගේම විනාශවන ස්වභාවය සඳහා යම්කිසි විඳීමක් ඇද්ද, ඒ සියල්ල දුකය යන මෙය කියන ලදී. මහණ, මා විසින් සංස්කාරයන්ගේම විරාග ස්වභාවය සඳහා යම්කිසි විඳීමක් ඇද්ද, ඒ සියල්ල දුකය යන මෙය කියන ලදී. මහණ, මා විසින් සංස්කාරයන්ගේම නිරෝධ ස්වභාවය සඳහා යම්කිසි විඳීමක් ඇද්ද, ඒ සියල්ල දුකය යන මෙය කියන ලදී. මහණ, මා විසින් සංස්කාරයන්ගේම විපරිණාම ස්වභාවය සඳහා යම්කිසි විඳීමක් ඇද්ද, ඒ සියල්ල දුකය යන මෙය කියන ලදී.
“තවද මහණ, මා විසින් පිළිවෙලින් සංස්කාරයන්ගේ නිරෝධයද කියන ලදී. ප්‍රථම ධ්‍යානයට සමවන්නහුට වචනය නිරුද්ධවූයේ වේ. ද්විතීයධ්‍යානයට සමවන්නහුට විතර්කවිචාරයෝ නිරුද්ධවෙත්. තෘතීයධ්‍යානයට සමවන්නහුට ප්‍රීතිය නිරුද්ධවූයේ වෙයි. චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නහුට ආශ්වාස ප්‍රශ්වාසයෝ නිරුද්ධවෙත්. ආකාසානඤ්චායතනයට සමවන්නහුට රූප සංඥාව නිරුද්ධවෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට ආකාසානඤ්චායතන සංඥාව නිරුද්ධවෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතන සංඥාව නිරුද්ධවෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධවෙයි. සංඥාවෙදයිත නිරෝධයට සමවන්නහුට සංඥාවද වේදනාවද නිරුද්ධවෙත්. ක්ෂීණාශ්රව භික්ෂුවට රාගය නිරුද්ධවූයේ වෙයි. ද්වේෂය නිරුද්ධවූයේ වෙයි. මෝහය නිරුද්ධවූයේ වෙයි.,
“තවද මහණ, මා විසින් පිළිවෙළින් සංස්කාරයන්ගේ සංසිඳීම කියන ලදී. ප්‍රථම ධ්‍යානයට සමවන්නහුට වචනය සන්සිඳුනේ වේ. ද්විතීයධ්‍යානයට සමවන්නහුට විතර්කවිචාරයෝ සංසිඳුනාහු වෙත්. තෘතීයධ්‍යානයට සමවන්නහුට ප්‍රීතිය සන්සිඳුනේ වෙයි. චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නහුට ආශ්වාස ප්‍රශ්වාසයෝ සංසිඳුනාහු වෙත්. ආකාසානඤ්චායතනයට සමවන්නහුට රූප සංඥාව සංසිඳුනේ වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට ආකාසානඤ්චායතන සංඥාව සංසිඳුනේ වෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතන සංඥාව සන්සිඳුනේ වෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතන සංඥාව සන්සිඳුනේ වෙයි. සංඥාවෙදයිත නිරෝධයට සමවන්නහුට සංඥාවද, වේදනාවද සංසිඳුනාහු වෙත්. ක්ෂීණාශ්රව භික්ෂුවට රාගය සංසිඳුනේ වෙයි. ද්වේෂය සංසිඳුනේ වෙයි. මෝහය සංසිඳුනේ වෙයි.
“මහණෙනි, මේ සංසිඳීම් (ශාන්තවීම්) සයකි. ප්‍රථම ධ්‍යානයට සමවැදුනහුට වචනය සංසිඳුනේ වේ. ද්විතීයධ්‍යානයට සමවැදුනහුට විතර්කවිචාරයෝ සංසිඳුනාහු වෙත්. තෘතීයධ්‍යානයට සමවැදුනහුට ප්‍රීතිය සංසිඳුනේ වෙයි. චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැදුනහුට ආශ්වාස ප්‍රශ්වාසයෝ සංසිඳුනාහු වෙත්. සංඥාවෙදයිත නිරෝධයට සමවැදුනහුට සංඥාවද, වේදනාවද සංසිඳුනාහු වෙත්. ක්ෂීණාශ්රව භික්ෂුවට රාගය සංසිඳුනේ වෙයි. ද්වේෂය සංසිඳුනේ වෙයි. මෝහය සංසිඳුනේ වේයයි, වදාළ සේක.
|
2. පඨමආකාසසුත්තං | 2. ආකාස සූත්‍රය |
260
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, ආකාසෙ විවිධා වාතා වායන්ති. පුරත්ථිමාපි වාතා වායන්ති, පච්ඡිමාපි වාතා වායන්ති, උත්තරාපි වාතා වායන්ති, දක්ඛිණාපි වාතා වායන්ති, සරජාපි වාතා වායන්ති, අරජාපි වාතා වායන්ති, සීතාපි වාතා වායන්ති, උණ්හාපි වාතා වායන්ති, පරිත්තාපි වාතා වායන්ති, අධිමත්තාපි වාතා
‘‘යථාපි වාතා ආකාසෙ, වායන්ති විවිධා පුථූ;
පුරත්ථිමා පච්ඡිමා චාපි, උත්තරා අථ දක්ඛිණා.
‘‘සරජා අරජා චපි, සීතා උණ්හා ච එකදා;
අධිමත්තා පරිත්තා ච, පුථූ වායන්ති මාලුතා.
‘‘තථෙවිමස්මිං කායස්මිං, සමුප්පජ්ජන්ති වෙදනා;
සුඛදුක්ඛසමුප්පත්ති, අදුක්ඛමසුඛා ච යා.
‘‘යතො
තතො සො වෙදනා සබ්බා, පරිජානාති පණ්ඩිතො.
‘‘සො
කායස්ස භෙදා ධම්මට්ඨො, සඞ්ඛ්‍යං නොපෙති වෙදගූ’’ති. දුතියං;
|
260
“මහණෙනි, යම්සේ අහසෙහි නොයෙක් වාතයෝ හමත්ද, පෙරදිගින්ද වාතයෝ හමත්. අපරදිගින්ද වාතයෝ හමත්. උතුරුදිගින්ද වාතයෝ හමත්. දකුණුදිගින්ද වාතයෝ හමත්. දූවිලි සහිත වාතයෝද හමත්. දූවිලි නැති වාතයෝද හමත්. ශීත වාතයෝද හමත්. උෂ්ණ වාතයෝද හමත්. ස්වල්ප වූ වාතයෝද හමත්. මහත් වූ වාතයෝද හමත්. මහණෙනි, එසේම මේ ශරීරයෙහි නොයෙක් වේදනාවෝ උපදිත්. සැප වේදනාවෝද උපදිත්, දුක් වේදනාවෝද උපදිත්, උපේක්ෂා වේදනාවෝද උපදිත්යයි, වදාළසේක.
අහසෙහි යම්සේ නානාප්‍රකාරවූ, බොහෝ වාතයෝ හමත්ද, පෙරදිගින්ද, අවරදිගින්ද, උතුරුදිගින්ද නැවත දකුණු දිගින්ද වාතයෝ හමත්.
කලෙක ධූලි සහිතවූද, ධූලි රහිතවූද, ශිතවූද, උෂ්ණවූද, මහත්වූද, ස්වල්පවූද, බොහෝ වාතයෝ හමත්.
එසේම මේ ශරීරයෙහි සැපවූද, දුක්වූද, සැපද නොවූ, දුක්ද නොවූ නොයෙක් වේදනාවෝ උපදිත්.
කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති මහණ, යම් හෙයකින් සම්‍යක් ප්‍රඥාව අත් නොහරීද, එහෙයින්ම සියලු වේදනා පිරිසිඳ දැනගනියි.
හෙතෙම වේදනා පිරිසිඳ දැන මේ ආත්මයෙහිම ආශ්‍රව රහිතවූයේ, ධර්මයෙහි පිහිටියේ, අර්හත්වයට පැමිණියේ, ශරීරයාගේ භේදයෙන් පහත් සත්ත්වයා යන සංඛ්‍යාවට නොපැමිණෙයි.,
|
3. දුතියආකාසසුත්තං | 3. දුතිය ආකාස සූත්‍රය |
261
‘‘සෙය්යථාපි
|
261
“මහණෙනි, යම්සේ අහසෙහි නොයෙක් වාතයෝ හමත්ද, පෙරදිගින්ද වාතයෝ හමත්. අපරදිගින්ද වාතයෝ හමත්. උතුරුදිගින්ද වාතයෝ හමත්. දකුණුදිගින්ද වාතයෝ හමත්. දූවිලි සහිත වාතයෝද හමත්. දූවිලි නැති වාතයෝද හමත්. ශීත වාතයෝද හමත්. උෂ්ණ වාතයෝද හමත්. ස්වල්ප වූ වාතයෝද හමත්. මහත් වූ වාතයෝද හමත්. මහණෙනි, එසේම මේ ශරීරයෙහි නොයෙක් වේදනාවෝ උපදිත්. සැප වේදනාවෝද උපදිත්, දුක් වේදනාවෝද උපදිත්, උපේක්ෂා වේදනාවෝද උපදිත්යයි, වදාළසේක.
|
4. අගාරසුත්තං | 4. අගාර සූත්‍රය |
262
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, ආගන්තුකාගාරං. තත්ථ පුරත්ථිමායපි දිසාය ආගන්ත්වා වාසං කප්පෙන්ති, පච්ඡිමායපි දිසාය ආගන්ත්වා වාසං කප්පෙන්ති, උත්තරායපි දිසාය ආගන්ත්වා වාසං කප්පෙන්ති, දක්ඛිණායපි දිසාය ආගන්ත්වා වාසං කප්පෙන්ති. ඛත්තියාපි ආගන්ත්වා වාසං කප්පෙන්ති, බ්රාහ්මණාපි ආගන්ත්වා වාසං කප්පෙන්ති, වෙස්සාපි ආගන්ත්වා වාසං කප්පෙන්ති, සුද්දාපි ආගන්ත්වා වාසං කප්පෙන්ති. එවමෙව ඛො, භික්ඛවෙ, ඉමස්මිං කායස්මිං විවිධා වෙදනා
|
262
“මහණෙනි, ආගන්තුක ශාලාවක් යම්සේ වේද? එහි පෙරදිගින්ද අවුත් වාසය කරත්. අපරදිගින්ද අවුත් වාසය කරත්. උතුරුදිගින්ද අවුත් වාසය කරත්. දකුණුදිගින්ද අවුත් වාසය කරත්. ක්ෂත්රියයෝද පැමිණ වෙසෙත්. බ්‍රාහ්මණයෝද පැමිණ වෙසෙත්. වෛශ්‍යයෝද පැමිණ වෙසෙත්. ශුද්‍රයෝද පැමිණ වසත්.
“මහණෙනි, එසේම මේ ශරීරයෙහි නොයෙක් වේදනාවෝ උපදිත්. සැප වේදනාවෝද උපදිත්. දුක් වේදනාවෝද උපදිත්. උපේක්ෂා වේදනාවෝද උපදිත්. සාමිස සැප වේදනාද උපදිත්. නිරාමිස සැප වේදනාද උපදිත්. සාමිස දුක් වේදනාද උපදිත්. නිරාමිස දුක් වේදනාද උපදිත්. සාමිස උපේක්ෂා වේදනාද උපදිත්. නිරාමිස උපේක්ෂා වේදනාද උපදිත්යයි, වදාළසේක.
|
5. පඨමආනන්දසුත්තං | 5. සන්තක සූත්‍රය |
263
අථ
|
263
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටිසේක්ද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.
“ස්වාමීනි, වේදනාව කුමක්ද? වේදනාවන්ගේ හේතුව කුමක්ද? වේදනා නිරෝධය කුමක්ද? වේදනාවන් නිරෝධයට පැමිණෙන මාර්ගය කුමක්ද? වේදනාවන්ගේ ආශ්වාදය කුමක්ද? වේදනාවන්ගේ ආදීනවය කුමක්ද? නිස්සරණය කුමක්ද?, කියායි.
“ආනන්දය, සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනායි වේදනා තුනකි. ආනන්දය, මොවුහු වේදනායයි කියනු ලැබෙත්. ස්පර්ශය නිසා වේදනාව උපදී. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වේ. මේ ආර්‍ය්‍ය අෂ්ටාඬගික මාර්ගය වේදනා නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව වෙයි. එනම් සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධියයි. වේදනාව නිසා යම් සැපක් සොම්නසක් උපදීද, මේ වේදනාවන්ගේ ආශ්වාදයයි. යම් වේදනාවක් අනිත්‍යද, දුක්ද, පෙරළෙන ස්වභාව ඇත්තේද මේ වේදනාවෙහි ආදීනවයයි. වේදනාවෙහි යම් ඡන්දරාග දුරුකිරීමක්, ඡන්දරාග ප්රහාණයක් ඇද්ද මේ වේදනාවේ නිස්සරණයයි.
“තවද ආනන්දය, මා විසින් පිළිවෙලින් සංස්කාරයන්ගේ නිරෝධයද කියන ලදී. ප්‍රථම ධ්‍යානයට සමවැදුනුහට වචනය නිරුද්ධවූයේ වේ. ද්විතීය ධ්‍යානයට සමවැදුනුහට විතර්කවිචාරයෝ නිරුද්ධවෙත්. තෘතීය ධ්‍යානයට සමවැදුනුහට ප්‍රීතිය නිරුද්ධවූයේ වෙයි. චතුර්ත්ථ ධ්‍යානයට සමවැදුනුහට ආශ්වාස ප්‍රශ්වාසයෝ නිරුද්ධවෙත්. ආකාසානඤ්චායතනයට සමවැදුනුහට රූප සංඥාව නිරුද්ධවෙයි. විඤ්ඤාණඤචායතනයට සමවැදුනුහට ආකාසානඤ්චායතන සංඥාව නිරුද්ධවෙයි. ආකිඤචඤ්ඤායතනයට සමවැදුනුහට විඤ්ඤාණඤ්චායතන සංඥාව නිරුද්ධවෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදුනුහට ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධවෙයි. සංඥාවෙදයිත නිරෝධයට සමවැදුනුහට සංඥාවද වේදනාවද නිරුද්ධවෙත්. ක්ෂීණාශ්රව භික්ෂුවට රාගය නිරුද්ධවූයේ වෙයි. ද්වේෂය නිරුද්ධවූයේ වෙයි. මෝහය නිරුද්ධවූයේ වෙයි.,
“තවද ආනන්දය, මා විසින් පිළිවෙලින් සංස්කාරයන්ගේ සංසිඳීම කියන ලදී. ප්‍රථම ධ්‍යානයට සමවන්නහුට වචනය සන්සිඳුනේ වේ. ද්විතීය ධ්‍යානයට සමවන්නහුට විතර්කවිචාරයෝ සංසිඳුනාහු වෙත්. තෘතීය ධ්‍යානයට සමවන්නහුට ප්‍රීතිය සන්සිඳුනේ වෙයි. චතුර්ත්ථ ධ්‍යානයට සමවන්නහුට ආශ්වාස ප්‍රශ්වාසයෝ සංසිඳුනාහු වෙත්. ආකාසානඤ්චායතනයට සමවැදුනුහට රූප සංඥාව සංසිඳුනේ වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවැදුනුහට ආකාසානඤ්චායතන සංඥාව සංසිඳුනේවෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතන සංඥාව සන්සිඳුනේ වෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතන සංඥාව සන්සිඳුනේ වෙයි. සංඥාවෙදයිත නිරෝධයට සමවන්නහුට සංඥාවද වේදනාවද සංසිඳුනාහු වෙත්. ක්ෂීණාශ්රව භික්ෂුවට රාගය සංසිඳුනේ වෙයි. ද්වේෂය සංසිඳුනේ වෙයි. මෝහය සංසිඳුනේ වෙයි.
“තවද ආනන්දය, මා විසින් පිළිවෙළින් සංස්කාරයන්ගේ පස්සද්ධිය කියන ලද්දේය. ප්‍රථම ධ්‍යානයට සමවන්නහුට වචන සන්සිඳුනේ වේ. ද්විතීය ධ්‍යානයට සමවන්නහුට විතර්කවිචාරයෝ සංසිඳුනාහු වෙත්. තෘතීය ධ්‍යානයට සමවන්නහුට ප්‍රීතිය සන්සිඳුනේ වෙයි. චතුර්ත්ථ ධ්‍යානයට සමවන්නහුට ආශ්වාස ප්‍රශ්වාසයෝ සංසිඳුනාහු වෙත්. ආකාසානඤ්චායතනයට සමවන්නහුට රූප සංඥාව සංසිඳුනේ වෙයි. විඤ්ඤාණඤචායතනයට සමවන්නහුට ආකාසානඤ්චායතන සංඥාව සංසිඳුනේවෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතන සංඥාව සන්සිඳුනේ වෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතන සංඥාව සන්සිඳුනේ වෙයි. සංඥාවෙදයිත නිරෝධයට සමවන්නහුට සංඥාවද වේදනාවද සංසිඳුනාහු වෙත්. ක්ෂීණාශ්රව භික්ෂුවට රාගය සංසිඳුනේ වෙයි. ද්වේෂය සංසිඳුනේ වෙයි. මෝහය සංසිඳුනේ වේයයි වදාළ සේක.
|
6. දුතියආනන්දසුත්තං | 6. දුතිය සන්තක සූත්‍රය |
264
අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච - ‘‘කතමා නු ඛො, ආනන්ද, වෙදනා, කතමො වෙදනාසමුදයො, කතමො වෙදනානිරොධො
|
264
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටිසේක්ද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “ආනන්ද, වේදනාව කුමක්ද? වේදනාවන්ගේ හේතුව කුමක්ද? වේදනා නිරෝධය කුමක්ද? වේදනාවන් නිරෝධයට පැමිණෙන මාර්ගය කුමක්ද? වේදනාවන්ගේ ආශ්වාදය කුමක්ද? වේදනාවන්ගේ ආදීනවය කුමක්ද? නිස්සරණය කුමක්ද?, කියායි.
ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නායකකොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේම පිළිසරණකොට ඇත්තාහ. මේ කියන ලද්දෙහි තේරුම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනසේක් නම් ඒකාන්තයෙන් යහපති. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහුය, යි කීය. ආනන්දය, එසේනම් අසව, යහපත්සේ මෙනෙහි කරව, කියන්නෙමි, යි වදාළසේක.
“එසේය ස්වාමීනි, යි කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“ආනන්දය, සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනායි වේදනා තුනකි. ආනන්දය, මොවුහු වේදනායයි කියනු ලැබෙත්. ස්පර්ශය නිසා වේදනාව උපදී. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වේ. මේ ආර්‍ය්‍ය අෂ්ටාඬගික මාර්ගය වේදනා නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව වෙයි. එනම් සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධියයි. වේදනාව නිසා යම් සැපක් සොම්නසක් උපදීද, මේ වේදනාවන්ගේ ආශ්වාදයයි. යම් වේදනාවක් අනිත්‍යද, දුක්ද, පෙරළෙන ස්වභාව ඇත්තේද මේ වේදනාවගේ ආදීනවයයි. වේදනාවෙහි යම් ඡන්දරාග දුරුකිරීමක්, ඡන්දරාග ප්රහාණයක් ඇද්ද මේ වේදනාවෙහි නිස්සරණයයි.
“තවද ආනන්දය, මා විසින් පිළිවෙලින් සංස්කාරයන්ගේ නිරෝධයද කියන ලදී. ප්‍රථම ධ්‍යානයට සමවැදුනුහට වචනය නිරුද්ධවූයේ වේ. ද්විතීය ධ්‍යානයට සමවැදුනුහට විතර්කවිචාරයෝ නිරුද්ධවෙත්. තෘතීය ධ්‍යානයට සමවැදුනුහට ප්‍රීතිය නිරුද්ධවූයේ වෙයි. චතුර්ත්ථ ධ්‍යානයට සමවැදුනුහට ආශ්වාස ප්‍රශ්වාසයෝ නිරුද්ධවෙත්. ආකාසානඤ්චායතනයට සමවැදුනුහට රූප සංඥාව නිරුද්ධවෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවැදුනුහට ආකාසානඤ්චායතන සංඥාව නිරුද්ධවෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවැදුනුහට විඤ්ඤාණඤ්චායතන සංඥාව නිරුද්ධවෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදුනුහට ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධවෙයි. සංඥාවෙදයිත නිරෝධයට සමවැදුනුහට සංඥාවද වේදනාවද නිරුද්ධවෙත්. ක්ෂීණාශ්රව භික්ෂුවට රාගය නිරුද්ධවූයේ වෙයි. ද්වේෂය නිරුද්ධවූයේ වෙයි. මෝහය නිරුද්ධවූයේ වෙයි.,
“තවද ආනන්දය, මා විසින් පිළිවෙලින් සංස්කාරයන්ගේ සංසිඳීම කියන ලදී. ප්‍රථම ධ්‍යානයට සමවන්නහුට වචනය සන්සිඳුනේ වේ. ද්විතීය ධ්‍යානයට සමවන්නහුට විතර්කවිචාරයෝ සංසිඳුනාහු වෙත්. තෘතීය ධ්‍යානයට සමවන්නහුට ප්‍රීතිය සන්සිඳුනේ වෙයි. චතුර්ත්ථ ධ්‍යානයට සමවන්නහුට ආශ්වාස ප්‍රශ්වාසයෝ සංසිඳුනාහු වෙත්. ආකාසානඤ්චායතනයට සමවැදුනුහට රූප සංඥාව සංසිඳුනේ වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවැදුනුහට ආකාසානඤ්චායතන සංඥාව සංසිඳුනේවෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතන සංඥාව සන්සිඳුනේ වෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතන සංඥාව සන්සිඳුනේ වෙයි. සංඥාවෙදයිත නිරෝධයට සමවන්නහුට සංඥාවද වේදනාවද සංසිඳුනාහු වෙත්. ක්ෂීණාශ්රව භික්ෂුවට රාගය සංසිඳුනේ වෙයි. ද්වේෂය සංසිඳුනේ වෙයි. මෝහය සංසිඳුනේ වෙයි.
“තවද ආනන්දය, මා විසින් පිළිවෙළින් සංස්කාරයන්ගේ පස්සද්ධිය කියන ලද්දේය. ප්‍රථම ධ්‍යානයට සමවන්නහුට වචනය සන්සිඳුනේ වේ. ද්විතීය ධ්‍යානයට සමවන්නහුට විතර්කවිචාරයෝ සංසිඳුනාහු වෙත්. තෘතීය ධ්‍යානයට සමවන්නහුට ප්‍රීතිය සන්සිඳුනේ වෙයි. චතුර්ත්ථ ධ්‍යානයට සමවන්නහුට ආශ්වාස ප්‍රශ්වාසයෝ සංසිඳුනාහු වෙත්. ආකාසානඤ්චායතනයට සමවන්නහුට රූප සංඥාව සංසිඳුනේ වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට ආකාසානඤ්චායතන සංඥාව සංසිඳුනේවෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතන සංඥාව සන්සිඳුනේ වෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතන සංඥාව සන්සිඳුනේ වෙයි. සංඥාවෙදයිත නිරෝධයට සමවන්නහුට සංඥාවද වේදනාවද සංසිඳුනාහු වෙත්. ක්ෂීණාශ්රව භික්ෂුවට රාගය සංසිඳුනේ වෙයි. ද්වේෂය සංසිඳුනේ වෙයි. මෝහය සංසිඳුනේ වේයයි වදාළ සේක.
|
7. පඨමසම්බහුලසුත්තං | 7. අට්ඨක සූත්‍රය |
265
අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං - ‘‘කතමා නු ඛො, භන්තෙ, වෙදනා, කතමො වෙදනාසමුදයො, කතමො වෙදනානිරොධො, කතමා වෙදනානිරොධගාමිනී පටිපදා? කො වෙදනාය අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණ’’න්ති? ‘‘තිස්සො
‘‘අථ ඛො පන, භික්ඛවෙ, මයා අනුපුබ්බසඞ්ඛාරානං නිරොධො අක්ඛාතො. පඨමං ඣානං සමාපන්නස්ස වාචා නිරුද්ධා හොති...පෙ.... ඛීණාසවස්ස භික්ඛුනො රාගො නිරුද්ධො හොති, දොසො නිරුද්ධො හොති, මොහො නිරුද්ධො හොති. අථ ඛො පන, භික්ඛවෙ, මයා අනුපුබ්බසඞ්ඛාරානං වූපසමො අක්ඛාතො. පඨමං ඣානං සමාපන්නස්ස වාචා වූපසන්තා හොති...පෙ.... ඛීණාසවස්ස භික්ඛුනො රාගො වූපසන්තො හොති, දොසො වූපසන්තො හොති, මොහො වූපසන්තො හොති. ඡයිමා, භික්ඛවෙ, පස්සද්ධියො. පඨමං ඣානං සමාපන්නස්ස වාචා පටිප්පස්සද්ධා හොති. දුතියං ඣානං සමාපන්නස්ස විතක්කවිචාරා පටිප්පස්සද්ධා හොන්ති. තතියං ඣානං සමාපන්නස්ස පීති පටිප්පස්සද්ධා හොති. චතුත්ථං ඣානං සමාපන්නස්ස අස්සාසපස්සාසා පටිප්පස්සද්ධා හොන්ති. සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච පටිප්පස්සද්ධා හොන්ති. ඛීණාසවස්ස භික්ඛුනො රාගො පටිප්පස්සද්ධො හොති, දොසො පටිප්පස්සද්ධො හොති, මොහො පටිප්පස්සද්ධො හොතී’’ති. සත්තමං.
|
265
එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක හුන්නාහුය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළහ.
“ස්වාමීනි, වේදනාව කවරේද? වේදනාවන්ගේ හේතුව කවරේද? වේදනා නිරෝධය කවරේද? වේදනා නිරෝධයට පැමිණෙන මාර්ගය කවරේද? වේදනාවගේ ආශ්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කවරේද? කියායි.
“මහණෙනි, සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනායි වේදනා තුනකි. මහණෙනි, මොවුහු වේදනායයි කියනු ලැබෙත්. ස්පර්ශය නිසා වේදනාව උපදී. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වේ. මේ ආර්‍ය්‍ය අෂ්ටාඬගික මාර්ගය වේදනා නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව වෙයි. එනම් සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධියයි. වේදනාව නිසා යම් සැපක් සොම්නසක් උපදීද, මේ වේදනාවෙහි ආශ්වාදයයි. යම් වේදනාවක් අනිත්‍යද, දුක්ද, පෙරළෙන ස්වභාව ඇත්තේද මේ වේදනාවෙහි ආදීනවයයි. වේදනාවෙහි යම් ඡන්දරාග දුරුකිරීමක්, ඡන්දරාග ප්රහාණයක් ඇද්ද මේ වේදනාවෙහි නිස්සරණයයි.
“තවද මහණෙනි, මා විසින් පිළිවෙලින් සංස්කාරයන්ගේ නිරෝධයද කියන ලදී. ප්‍රථම ධ්‍යානයට සමවැදුනුහට වචනය නිරුද්ධවූයේ වේ. ද්විතීය ධ්‍යානයට සමවැදුනුහට විතර්කවිචාරයෝ නිරුද්ධවෙත්. තෘතීය ධ්‍යානයට සමවැදුනුහට ප්‍රීතිය නිරුද්ධවූයේ වෙයි. චතුර්ත්ථ ධ්‍යානයට සමවැදුනුහට ආශ්වාස ප්‍රශ්වාසයෝ නිරුද්ධවෙත්. ආකාසානඤ්චායතනයට සමවැදුනුහට රූප සංඥාව නිරුද්ධවෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවැදුනුහට ආකාසානඤ්චායතන සංඥාව නිරුද්ධවෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවැදුනුහට විඤ්ඤාණඤ්චායතන සංඥාව නිරුද්ධවෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදුනුහට ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධවෙයි. සංඥාවෙදයිත නිරෝධයට සමවැදුනුහට සංඥාවද වේදනාවද නිරුද්ධවෙත්. ක්ෂීණාශ්රව භික්ෂුවට රාගය නිරුද්ධවූයේ වෙයි. ද්වේෂය නිරුද්ධවූයේ වෙයි. මෝහය නිරුද්ධවූයේ වෙයි.,
“තවද මහණෙනි, මා විසින් පිළිවෙලින් සංස්කාරයන්ගේ සංසිඳීම කියන ලදී. ප්‍රථම ධ්‍යානයට සමවන්නහුට වචනය සන්සිඳුනේ වේ. ද්විතීය ධ්‍යානයට සමවන්නහුට විතර්කවිචාරයෝ සංසිඳුනාහු වෙත්. තෘතීය ධ්‍යානයට සමවන්නහුට ප්‍රීතිය සන්සිඳුනේ වෙයි. චතුර්ත්ථ ධ්‍යානයට සමවන්නහුට ආශ්වාස ප්‍රශ්වාසයෝ සංසිඳුනාහු වෙත්. ආකාසානඤ්චායතනයට සමවැදුනුහට රූප සංඥාව සංසිඳුනේ වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවැදුනුහට ආකාසානඤ්චායතන සංඥාව සංසිඳුනේවෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතන සංඥාව සන්සිඳුනේ වෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතන සංඥාව සන්සිඳුනේ වෙයි. සංඥාවෙදයිත නිරෝධයට සමවන්නහුට සංඥාවද වේදනාවද සංසිඳුනාහු වෙත්. ක්ෂීණාශ්රව භික්ෂුවට රාගය සංසිඳුනේ වෙයි. ද්වේෂය සංසිඳුනේ වෙයි. මෝහය සංසිඳුනේ වෙයි.
“මහණෙනි, මේ ඵසසද්ධි සයකි. ප්‍රථම ධ්‍යානයට සමවන්නහුට වචනය සන්සිඳුනේ වේ. ද්විතීය ධ්‍යානයට සමවන්නහුට විතර්කවිචාරයෝ සංසිඳුනාහු වෙත්. තෘතීය ධ්‍යානයට සමවන්නහුට ප්‍රීතිය සන්සිඳුනේ වෙයි. චතුර්ත්ථ ධ්‍යානයට සමවන්නහුට ආශ්වාස ප්‍රශ්වාසයෝ සංසිඳුනාහු වෙත්. සංඥා වෙදයිත නිරෝධයට පැමිණියහුට සංඥාවද වේදනාවද සංසිඳුනාහු වෙත්. ක්ෂීණාශ්රව භික්ෂුවට රාගය සංසිඳුනේ වෙයි. ද්වේෂය සංසිඳුනේ වෙයි. මෝහය සංසිඳුනේයයි, වදාළසේක.
|
8. දුතියසම්බහුලසුත්තං | 8. දුතිය අට්ඨක සූත්‍රය |
266
අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු...පෙ.... එකමන්තං
|
266
එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක හුන්නාහුය. එකත්පස් ව හුන් ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:
“මහණෙනි, වේදනාව කවරේද? වේදනාවන්ගේ හේතුව කවරේද? වේදනා නිරෝධය කවරේද? වේදනා නිරෝධයට පැමිණෙන පිළිවෙත කවරේද? වේදනාවගේ ආශ්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කවරේදැයි ඇසූහ.
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කිීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියාදෙතොත් හොඳය. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහුය.
“මහණෙනි, එසේනම් අසව්, මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමි, යි වදාළසේක.
“එසේය ස්වාමීනි, යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
“මහණෙනි, සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනායි වේදනා තුනකි. මහණෙනි, මොවුහු වේදනායයි කියනු ලැබෙත්. ස්පර්ශය නිසා වේදනාව උපදී. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වේ. මේ ආර්‍ය්‍ය අෂ්ටාඬගික මාර්ගය වේදනා නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව වෙයි. එනම් සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධියයි. වේදනාව නිසා යම් සැපක් සොම්නසක් උපදීද, මේ වේදනාවන්ගේ ආශ්වාදයයි. යම් වේදනාවක් අනිත්‍යද, දුක්ද, පෙරළෙන ස්වභාව ඇත්තේද මේ වේදනාවෙහි ආදීනවයයි. වේදනාවෙහි යම් ඡන්දරාග දුරුකිරීමක්, ඡන්දරාග ප්රහාණයක් ඇද්ද මේ වේදනාවෙහි නිස්සරණයයි.
“තවද මහණෙනි, මා විසින් පිළිවෙලින් සංස්කාරයන්ගේ නිරෝධයද කියන ලදී. ප්‍රථම ධ්‍යානයට සමවැදුනුහට වචනය නිරුද්ධවූයේ වේ. ද්විතීය ධ්‍යානයට සමවැදුනුහට විතර්කවිචාරයෝ නිරුද්ධවෙත්. තෘතීය ධ්‍යානයට සමවැදුනුහට ප්‍රීතිය නිරුද්ධවූයේ වෙයි. චතුර්ත්ථ ධ්‍යානයට සමවැදුනුහට ආශ්වාස ප්‍රශ්වාසයෝ නිරුද්ධවෙත්. ආකාසානඤ්චායතනයට සමවැදුනුහට රූප සංඥාව නිරුද්ධවෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවැදුනුහට ආකාසානඤ්චායතන සංඥාව නිරුද්ධවෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවැදුනුහට විඤ්ඤාණඤ්චායතන සංඥාව නිරුද්ධවෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදුනුහට ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධවෙයි. සංඥාවෙදයිත නිරෝධයට සමවැදුනුහට සංඥාවද වේදනාවද නිරුද්ධවෙත්. ක්ෂීණාශ්රව භික්ෂුවට රාගය නිරුද්ධවූයේ වෙයි. ද්වේෂය නිරුද්ධවූයේ වෙයි. මෝහය නිරුද්ධවූයේ වෙයි.,
“තවද මහණෙනි, මා විසින් පිළිවෙලින් සංස්කාරයන්ගේ සංසිඳීම කියන ලදී. ප්‍රථම ධ්‍යානයට සමවන්නහුට වචනය සන්සිඳුනේ වේ. ද්විතීය ධ්‍යානයට සමවන්නහුට විතර්කවිචාරයෝ සංසිඳුනාහු වෙත්. තෘතීය ධ්‍යානයට සමවන්නහුට ප්‍රීතිය සන්සිඳුනේ වෙයි. චතුර්ත්ථ ධ්‍යානයට සමවන්නහුට ආශ්වාස ප්‍රශ්වාසයෝ සංසිඳුනාහු වෙත්. ආකාසානඤ්චායතනයට සමවැදුනුහට රූප සංඥාව සංසිඳුනේ වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවැදුනුහට ආකාසානඤ්චායතන සංඥාව සංසිඳුනේවෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතන සංඥාව සන්සිඳුනේ වෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතන සංඥාව සන්සිඳුනේ වෙයි. සංඥාවෙදයිත නිරෝධයට සමවන්නහුට සංඥාවද වේදනාවද සංසිඳුනාහු වෙත්. ක්ෂීණාශ්රව භික්ෂුවට රාගය සංසිඳුනේ වෙයි. ද්වේෂය සංසිඳුනේ වෙයි. මෝහය සංසිඳුනේ වෙයි.
“මහණෙනි, මේ ඵසසද්ධි සයකි. ප්‍රථම ධ්‍යානයට සමවන්නහුට වචනය සන්සිඳුනේ වේ. ද්විතීය ධ්‍යානයට සමවන්නහුට විතර්කවිචාරයෝ සංසිඳුනාහු වෙත්. තෘතීය ධ්‍යානයට සමවන්නහුට ප්‍රීතිය සන්සිඳුනේ වෙයි. චතුර්ත්ථ ධ්‍යානයට සමවන්නහුට ආශ්වාස ප්‍රශ්වාසයෝ සංසිඳුනාහු වෙත්. සංඥා වෙදයිත නිරෝධයට පැමිණියහුට සංඥාවද වේදනාවද සංසිඳුනාහු වෙත්. ක්ෂීණාශ්රව භික්ෂුවට රාගය සංසිඳුනේ වෙයි. ද්වේෂය සංසිඳුනේ වෙයි. මෝහය සංසිඳුනේයයි, වදාළසේක.
|
9. පඤ්චකඞ්ගසුත්තං | 9. පඤ්චකඞ්ග සූත්‍රය |
267
අථ
අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො යාවතකො
‘‘සන්තමෙව, ආනන්ද, පරියායං පඤ්චකඞ්ගො
‘‘පඤ්චිමෙ, ආනන්ද, කාමගුණා. කතමෙ පඤ්ච? චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා...පෙ.... කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො, ආනන්ද, පඤ්ච කාමගුණා
‘‘කතමඤ්චානන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච? ඉධානන්ද, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො, ආනන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච. යෙ
‘‘කතමඤ්චානන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච? ඉධානන්ද, භික්ඛු, විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො, ආනන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච. යෙ ඛො, ආනන්ද, එවං වදෙය්යුං - ‘එතංපරමං සන්තං සුඛං සොමනස්සං පටිසංවෙදෙන්තී’ති - ඉදං
‘‘කතමඤ්චානන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච? ඉධානන්ද, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති - ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො, ආනන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච. යෙ ඛො, ආනන්ද, එවං වදෙය්යුං - ‘එතංපරමං සන්තං සුඛං සොමනස්සං පටිසංවෙදෙන්තී’ති - ඉදං නෙසාහං නානුජානාමි. තං කිස්ස හෙතු? අත්ථානන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
‘‘කතමඤ්චානන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච? ඉධානන්ද
‘‘කතමඤ්චානන්ද
‘‘කතමඤ්චානන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච? ඉධානන්ද, භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම, ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො, ආනන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච. යෙ ඛො, ආනන්ද, එවං වදෙය්යුං - ‘එතංපරමං සන්තං සුඛං සොමනස්සං පටිසංවෙදෙන්තී’ති - ඉදං නෙසාහං නානුජානාමි. තං කිස්ස හෙතු? අත්ථානන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
‘‘කතමඤ්චානන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච? ඉධානන්ද, භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම, ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො, ආනන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච
‘‘කතමඤ්චානන්ද
‘‘කතමඤ්චානන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච? ඉධානන්ද, භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො, ආනන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
‘‘ඨානං ඛො පනෙතං, ආනන්ද, විජ්ජති යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං - ‘සඤ්ඤාවෙදයිතනිරොධං සමණො ගොතමො ආහ, තඤ්ච සුඛස්මිං
|
267
එකල්හි පඤ්චකඞ්ග නම් වඩුවෙක් ආයුෂ්මත් උදායී ස්ථවිරයන් යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් උදායී ස්ථවිරයන් වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ පඤ්චකඞ්ග (වෑය, පොරව, යවුල, මුගුර සහ දැලි නූල යන මේවායින් යුක්තව හැසුරුණ හෙයින්, “පඤ්චකඞ්ග වඩු” යයි ව්‍යවහාර විය.) නම් වඩුතෙම, ආයුෂ්මත් උදායී තෙරුන්ට මෙය කීය. ස්වාමීනි, උදායී ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා කෙතෙක් වදාරණ ලද්දාහුද?”
“ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් සැප වේදනාය, දුක් වේදනාය, උපේක්ෂා වේදනායයි කියා වේදනා තුනක් වදාරන ලදහ. ගෘහපතිය මේ වේදනා තුන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහයි කීය.
මෙසේ කී කල්හි පඤ්චකඞ්ග නම් වඩුතෙම, ආයුෂ්මත් උදායී ස්ථවිරයන්ට, “ස්වාමීනි, උදායී ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වේදනා තුනක් නොවදාරන ලද්දේය” යි කීයේය. “භාග්‍යවතුන් වහන්සේ විසින් සැප වේදනාය, දුක් වේදනායයි වේදනා දෙකක් වදාරන ලදී. ස්වාමීනි, යම් මේ උපේක්ෂා වේදනාවක් ඇද්ද, එය ශාන්ත ප්‍රණීත සැපයෙහිලා භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.”
දෙවනුවත් ආයුෂ්මත් උදායී ස්ථවිරතෙම පඤ්චකඞ්ග නම් වඩුවාට මෙය කීහ: 'ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා දෙකක් නොවදාරන ලදී. වේදනා තුනක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. සැප වේදනාය, දුක් වේදනාය, උපේක්ෂා වේදනායයි මේ වේදනාවන් තිදෙන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. දෙවනුවත් පඤ්චකඞ්ග වඩුතෙම, ආයුෂ්මත් උදායී තෙරුන්ට මෙය කීහ: 'ස්වාමීනි, උදායී ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනාවන් තිදෙනෙක් නොවදාරන ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් සැප වේදනාය, දුක් වේදනාය යන මේ වේදනා දෙකක් වදාරන ලදී. ස්වාමීනි, යම් උපේක්ෂා වේදනාවක් ඇද්ද, එය භාග්‍යවතුන් වහන්සේ විසින් ශාන්ත, ප්‍රණීත, සැපයෙහිලා වදාරන ලදී.'
තුන්වෙනුවත් ආයුෂ්මත් උදායී ස්ථවිරතෙම පඤ්චකඞ්ග නම් වඩුවාට මෙය කීහ: 'ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා දෙකක් නොවදාරන ලදී. වේදනා තුනක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. සැප වේදනාය, දුක් වේදනාය, උපේක්ෂා වේදනායයි මේ වේදනාවන් තිදෙන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ.,
තුන්වෙනුවත් පඤ්චකඞ්ග නම් වඩුතෙම, ආයුෂ්මත් උදායී තෙරුන්ට මෙය කීහ: ස්වාමීනි, උදායී ස්ථවිරයන් වහන්ස, වේදනා තුනක් භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදහ. සැප වේදනා දුක් වේදනා යන වේදනා දෙකක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. ස්වාමීනි, යම් මේ උපේක්ෂා වේදනාවක් ඇද්ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය ශාන්ත, ප්‍රණීත, සැපයෙහි වදාරන ලදැයි, කීය. ආයුෂ්මත් උදායී තෙරුන්ට, පඤ්චකඞ්ග නම් වඩුවාට අවබෝධ කරවන්නට නොහැකිවිය. පඤ්චකඞ්ග නම් වඩුවාද, ආයුෂ්මත් උදායී තෙරුන්ට හඟවන්නට නොහැකි විය.
ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් උදායී ස්ථවිරයන් වහන්සේ හා පඤ්චකඞ්ග නම් වඩුවා අතර සිදුවූ මේ කතාබහ ඇසූසේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ, යම්තාක් ආයුෂ්මත් උදායී ස්ථවිරයන් හා පඤ්චකඞ්ග නම් වඩුවා සමගවූ කතාබහක් වේද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැල කෙළේය.
“ආනන්දය, පඤ්චකඞ්ග වඩුතෙම කරුණක් ඇතිවම උදායී භික්ෂුව සමග එකඟ නොවූයේය. ආනන්දය, උදායී භික්ෂුවද කරුණක් ඇතිවම පඤ්චකඞ්ග වඩුවා සමග එකඟ නොවූයේය. ආනන්දය, මා විසින් කාරණා වශයෙන් වේදනා දෙකක් වදාරන ලදී. මා විසින් කාරණා වශයෙන් වේදනා තුනක් ද වදාරන ලදී. මා විසින් කාරණා වශයෙන් වේදනා පහක්ද වදාරන ලදී. මා විසින් කාරණා වශයෙන් වේදනා සයක්ද වදාරන ලදී. මා විසින් කාරණා වශයෙන් වේදනා දහ අටක්ද වදාරන ලදී. මා විසින් කාරණා වශයෙන් වේදනා තිස් හයක්ද වදාරන ලදී. මා විසින් කාරණා වශයෙන් වේදනා එකසිය අටක්ද වදාරන ලදී.
ආනන්දය, මෙසේ ධර්මය මා විසින් කාරණා වශයෙන් වදාරන ලදී. ආනන්දය, මෙසේ මා විසින් කාරණා වශයෙන් දේශනා කරන ලද ධර්මය ඇති කල්හි, යමක් ඔවුනොවුන් මනාකොට කියන ලද්ද, යහපත්කොට කියන ලද්ද, ඔවුනොවුන් එකඟව නොහඟිත්ද, එකඟව නොදැනගනිත්ද, එකඟව සතුටු නොවෙත්ද, මනාව නොදනිත්ද, මනාව අනුමෝදන් නොවෙත්ද, ඔවුන්ට හටගත් කොලාහල ඇත්තාහු, කලහ ඇත්තාහු, හටගත් විවාද ඇත්තාහු, ඔවුනොවුන් මුව නමැති අවියෙන් විදිමින් හැසිරෙත් යන මෙය කැමැති විය යුතුයි.
ආනන්දය, මා විසින් කාරණා වශයෙන් වදාරන ලද ධර්මය ඇති කල්හි යම් කෙනෙක් ඔවුනොවුන් විසින් මනාව කියන ලද්ද යහපත්කොට කියන ලද්ද එකඟව හඟිත්ද, එකඟව දනිත්ද, එකඟව සතුටුවෙත්ද, ඔවුහු සමගි වූවාහු සතුටු වූවාහු විවාද නොකරන්නාහු කිරි හා දිය මෙන් වූවාහු ඔවුනොවුන් ප්‍රිය ඇස් වලින් බලමින් වාසය කෙරෙත් යන මෙය බලාපොරොත්තු විය යුතුය.
“ආනන්දය, මේ කාමගුණයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක්ද යත්, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාවය ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලෙන්නාවූ, ඇසින් දැක්කයුතු රූපයෝය. ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාවය ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලෙන්නාවූ කනින් දතයුතු ශබ්දයෝය. ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාවය ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලෙන්නාවූ, නාසයෙන් දතයුතු ගන්ධයෝය. ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාවය ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලෙන්නාවූ, දිවෙන් දතයුතු රසයෝය. ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාවය ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලුම් කරන්නාවූ කයින් දතයුතු ස්පර්ශයෝය යන මේ පස පඤ්චකාම ගුණයෝ වෙත්.
“ආනන්දය, මේ පස්කම් ගුණයන් නිසා යම් සැපක් සොම්නසක් උපදීද, මේ කාම සැපයයි කියනු ලැබේ. ආනන්දය, යම් කෙනෙක්, මේ අතිශයින් ශාන්තවූ සැපවූ සොම්නසක් විඳිත්යයි, මෙසේ කියන්නාහු නම් මම ඔවුන්ගේ කීම අනුමත නොකරමි. හේතු කවරේද? ආනන්දය, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපයක් ඇත්තේය. ආනන්දය, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, ප්‍රණීතවූද, අනෙක් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසේද, ආනන්දය, මේ වනාහි මේ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපය වෙයි.
“ආනන්දය, යම් කෙනෙක් වනාහි, මේ අතිශයින් ශාන්තවූ සැපවූ සොම්නසක් විඳිත්යයි, කියන්නාහු නම් මම ඔවුන්ගේ කීම අනුමත නොකරමි. ඊට හේතු කවරේද? ආනන්දය, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපයක් ඇත්තේය. ආනන්දය, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන්, අධ්‍යාත්මයෙහි පැහැදීම, සිතේ එකඟබව ඇති විතර්කය නැති, විචාරය නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති, ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ආනන්දය, මේ වනාහි ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, ප්‍රණීතවූද, අනෙක් සැපය වෙයි.
“ආනන්දය, යම් කෙනෙක් මේ අතිශයින් ශාන්තවූ සැපක් සොම්නසක් විඳිත්යයි, කියන්නාහු නම් මම ඔවුන්ගේ කීම අනුමත නොකරමි. ඊට හේතු කවරේද, ආනන්දය, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපයක් ඇත්තේය. ආනන්දය, ඒ සැපයට වඩා අන්‍යවූ අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම ප්‍රීතිය දුරු කිරීමෙන්, උපේක්ෂාවෙන් යුක්තවූයේ, සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයෙන් සැපයක් විඳීද, යම් ධ්‍යානයක් උපේක්ෂාවෙන් යුක්තවූයේ, සිහි ඇත්තේ, සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරත්ද, ආනන්දය, මේ ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, ප්‍රණීතවූද, අනික් සැපය වෙයි.
“ආනන්දය, යම් කෙනෙක් මේ අතිශයින් ශාන්තවූ සැපක් සොම්නසක් විඳිත්යයි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ ඒ කීම මම අනුමත නොකරමි. ඊට හේතු කවරේද? ආනන්දය, මේ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපයක් ඇත්තේය. ආනන්දය, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි භික්ෂුතෙම සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද, පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනා පහ කිරීමෙන්ද, දුක්ද නොවූ, සැපද නොවූ, උපේක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති, චතුර්ත්ථ ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ආනන්දය, මේ වනාහි ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනික් සැපය වෙයි.
“ආනන්දය, යම් කෙනෙක් මේ අතිශයින් ශාන්ත සැපක් සොම්නසක් විඳිත්යයි කියන්නාහු නම් මම ඔවුන්ගේ ඒ කීම අනුමත නොකරමි. ඊට හේතු කවරේද? ආනන්දය, මේ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපයක් ඇත්තේය. ආනන්දය, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම සර්වප්රකාරයෙන් රූප සංඥා ඉක්මවීමෙන්, පටිඝ (කෝප) සංඥාව දුරුකිරීමෙන්, නානත්ත සංඥාව මෙනෙහි නොකිරීමෙන්, ආකාසය අනන්තයයි, ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ආනන්දය, මේ වනාහි ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනික් සැපය වෙයි.
“ආනන්දය, යම් කෙනෙක් මේ අතිශයින් ශාන්ත සැපක් සොම්නසක් විඳිත්යයි කියන්නාහු නම් මම ඔවුන්ගේ ඒ කීම අනුමත නොකරමි. ඊට හේතු කවරේද? ආනන්දය, මේ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපතක් ඇත්තේය. ආනන්දය, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා, විඤ්ඤාණය අනන්තයයි, විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරත්ද, ආනන්දය, මේ වනාහි ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනික් සැපය වෙයි.
“ආනන්දය, යම් කෙනෙක් මේ අතිශයින් ශාන්ත සැපක් සොම්නසක් විඳිත්යයි කියන්නාහු නම් මම ඔවුන්ගේ ඒ කීම අනුමත නොකරමි. ඊට හේතු කවරේද? ආනන්දය, මේ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපයක් ඇත්තේය. ආනන්දය, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා, කිසිවෙක් නැතැයි, ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ආනන්දය, මේ වනාහි ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනික් සැපය වෙයි.
“ආනන්දය, යම් කෙනෙක් මේ අතිශයින් ශාන්ත සැපක් සොම්නසක් විඳිත්යයි කියන්නාහු නම් මම ඔවුන්ගේ ඒ කීම අනුමත නොකරමි. ඊට හේතු කවරේද? ආනන්දය, මේ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපයක් ඇත්තේය. ආනන්දය, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම සර්වප්රකාරයෙන් ආකිඤ්චඤඤායතනය ඉක්මවා, නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ආනන්දය, මේ වනාහි ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනික් සැපය වෙයි.,
“ආනන්දය, යම් කෙනෙක් මේ අතිශයින් ශාන්ත සැපක් සොම්නසක් විඳිත්යයි කියන්නාහු නම් මම ඔවුන්ගේ ඒ කීම අනුමත නොකරමි. ඊට හේතු කවරේද? ආනන්දය, මේ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපයක් ඇත්තේය. ආනන්දය, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම සර්වප්රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා, සඤ්ඤාවෙදයිත නිරෝධයට පැමිණ වාසය කරත්ද, ආනන්දය, මේ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනික් සැපය වෙයි.,
“ආනන්දය, අන්යතීර්ත්ථක පරිබ්‍රාජකයෝ, ‘ශ්‍රමණ භවත් ගෞතම තෙමේ සඤ්ඤාවෙදයිත නිරෝධය කියන ලදී. එය සැපයෙහි පනවයි. එය කුමක් වන්නේද, එය කෙසේ වන්නේදැයි’ කියන්නාහුය යන මේ කරුණ විද්‍යාමාන වේ. ආනන්දය, මෙසේ කියන්නාවූ අන්යතීර්ත්ථක පරිබ්‍රාජකයන්ට, ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ සැප වේදනාව සඳහාම සැපයයි නොපණවත්. ඇවැත්නි, යම් යම් තැනක යම් යම් සැපක් ලැබේද, ඒ ඒ සැපය තථාගතයන් වහන්සේ සැපයෙහි පණවත්යයි’ මෙසේ කිව යුත්තාහ.,
|
10. භික්ඛුසුත්තං | 10. භික්ඛු සූත්‍රය |
268
‘‘ද්වෙපි මයා, භික්ඛවෙ, වෙදනා වුත්තා පරියායෙන, තිස්සොපි මයා වෙදනා වුත්තා පරියායෙන, පඤ්චපි මයා වෙදනා වුත්තා පරියායෙන, ඡපි මයා වෙදනා වුත්තා පරියායෙන, අට්ඨාරසාපි මයා වෙදනා වුත්තා පරියායෙන, ඡත්තිංසාපි මයා වෙදනා වුත්තා පරියායෙන, අට්ඨසතම්පි මයා වෙදනා වුත්තා පරියායෙන. එවං පරියායදෙසිතො, භික්ඛවෙ, මයා ධම්මො. එවං පරියායදෙසිතෙ ඛො, භික්ඛවෙ, මයා ධම්මෙ යෙ අඤ්ඤමඤ්ඤස්ස සුභාසිතං සුලපිතං න සමනුමඤ්ඤිස්සන්ති, න සමනුජානිස්සන්ති, න සමනුමොදිස්සන්ති, තෙසං එතං පාටිකඞ්ඛං
‘‘පඤ්චිමෙ, භික්ඛවෙ, කාමගුණා...පෙ.... ඨානං ඛො පනෙතං, භික්ඛවෙ, විජ්ජති යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං - ‘සඤ්ඤාවෙදයිතනිරොධං
|
268
“මහණෙනි, මා විසින් කරුණු වශයෙන් වේදනා දෙකක්ද වදාරන ලදී. මා විසින් කරුණු වශයෙන් වේදනා තුනක් ද වදාරන ලදී. මා විසින් කරුණු වශයෙන් වේදනා පසක්ද වදාරන ලදී. මා විසින් කරුණු වශයෙන් වේදනා සයක්ද වදාරන ලදී. මා විසින් කරුණු වශයෙන් වේදනා දහ අටක්ද වදාරන ලදී. මා විසින් කරුණු වශයෙන් වේදනා තිස් හයක්ද වදාරන ලදී. මා විසින් කරුණු වශයෙන් වේදනා එකසිය අටක්ද වදාරන ලදී. මහණෙනි, මෙසේ මා විසින් ධර්මය කරුණු වශයෙන් දෙසන ලදී.
“මහණෙනි, මා විසින් ධර්මය කරුණු වශයෙන් වදාළ කල්හි යමෙක් ඔවුනොවුන් විසින් යහපත්කොට කියන ලද්ද මනාකොට කියන ලද්ද, අනුමත නොකරද්ද, මනාව නොදනිද්ද, සතුටු නොවෙද්ද, ඔවුහු හටගත් ඩබර ඇත්තාහු කලහ ඇත්තාහු විවාදයට පැමිණියාහු ඔවුනොවුන් මුව නමැති ආයුධ වලින් විදිනු ලබන්නාහු වාසය කරන්නාහුය යන මෙය කැමති විය යුත්තේය. මහණෙනි, මෙසේ මා විසින් ධර්මය කාරණානුකූලව වදාරන ලදී. මෙසේ මා විසින් කාරණානුකූලව වදාළ කල්හි යමෙක් ඔවුනොවුන් විසින් යහපත්කොට කියන ලද්ද මනාකොට කියන ලද්ද, අනුමත කරත්ද, සතුටු වෙත්ද, ඔවුන් විසින් සමගි වූවාහු සතුටු වූවාහු විවාද නොකරන්නාහු කිරි හා දිය මෙන් එක්වූවාහු ඔවුනොවුන් ප්‍රිය ඇස් වලින් බලන්නාහු වාසය කෙරෙත් යන මෙය කැමති විය යුත්තේය.
“මහණෙනි, මේ කාමගුණයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක්ද යත්, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාවය ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලෙන්නාවූ ඇසින් දැක්කයුතු රූපයෝය. ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාවය ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලෙන්නාවූ කනින් දතයුතු ශබ්දයෝය. ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාවය ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලෙන්නාවූ නාසයෙන් දතයුතු ගන්ධයෝය. ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාවය ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලෙන්නාවූ දිවෙන් දතයුතු රසයෝය. ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාවය ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලුම් කරන්නාවූ කයින් දතයුතු ස්පර්ශයෝය යන මේ පස පඤ්චකාම ගුණයෝ වෙත්.
“මහණෙනි, මේ පස්කම් ගුණයන් නිසා යම් සැපක් සොම්නසක් උපදීද, මේ කාම සැපයයි කියනු ලැබේ. මහණෙනි, යම් කෙනෙක්, මේ අතිශයින් ශාන්තවූ සැපවූ සොම්නසක් විඳිත්යයි, මෙසේ කියන්නාහු නම් මම ඔවුන්ගේ කීම අනුමත නොකරමි. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපයක් ඇත්තේය. මහණෙනි, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, ප්‍රණීතවූද, අනෙක් සැපය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත, විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසේද, මහණෙනි, මේ වනාහි මේ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපය වෙයි.
“මහණෙනි, යම් කෙනෙක් වනාහි, මේ අතිශයින් ශාන්තවූ සැපවූ සොම්නසක් විඳිත්යයි, කියන්නාහු නම් මම ඔවුන්ගේ කීම අනුමත නොකරමි. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපයක් ඇත්තේය. මහණෙනි, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම සිතේ එකඟබව ඇති විතර්කය නැති විචාරය නැති සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ වනාහි ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, ප්‍රණීතවූද, අනෙක් සැපය වෙයි.
“මහණෙනි, යම් කෙනෙක් මේ අතිශයින් ශාන්තවූ සැපක් සොම්නසක් විඳිත්යයි, කියන්නාහු නම් මම ඔවුන්ගේ කීම අනුමත නොකරමි. ඊට හේතු කවරේද, මහණෙනි, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපයක් ඇත්තේය. මහණෙනි, ඒ සැපයට වඩා අන්‍යවූ අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ප්‍රීතිය දුරු කිරීමෙන් උපේක්ෂාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ කයෙන් සැපයක් විඳීද, යම් ධ්‍යානයක් උපේක්ෂාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරත්ද, මහණෙනි, මේ ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, ප්‍රණීතවූද, අනික් සැපය වෙයි.
“මහණෙනි, යම් කෙනෙක් මේ අතිශයින් ශාන්තවූ සැපක් සොම්නසක් විඳිත්යයි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ ඒ කීම මම අනුමත නොකරමි. ඊට හේතු කවරේද? මහණෙනි, මේ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපයක් ඇත්තේය. මහණෙනි, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුතෙම සැපය දුරු කිරීමෙන්ද දුක දුරු කිරීමෙන්ද, පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනා පහ කිරීමෙන්ද, දුක්ද නොවූ සැපද නොවූ උපේක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති චතුර්ත්ථ ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ වනාහි ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනික් සැපය වෙයි.
“මහණෙනි, යම් කෙනෙක් මේ අතිශයින් ශාන්ත සැපක් සොම්නසක් විඳිත්යයි කියන්නාහු නම් මම ඔවුන්ගේ ඒ කීම අනුමත නොකරමි. ඊට හේතු කවරේද? මහණෙනි, මේ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපයක් ඇත්තේය. මහණෙනි, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සර්වප්රකාරයෙන් රූප සංඥා ඉක්මවීමෙන් පටිඝ (කෝප) සංඥාව දුරුකිරීමෙන් නානතත සංඥාව මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ වනාහි ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනික් සැපය වෙයි.
“මහණෙනි, යම් කෙනෙක් මේ අතිශයින් ශාන්ත සැපක් සොම්නසක් විඳිත්යයි කියන්නාහු නම් මම ඔවුන්ගේ ඒ කීම අනුමත නොකරමි. ඊට හේතු කවරේද? මහණෙනි, මේ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපතක් ඇත්තේය. මහණෙනි, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරත්ද, මහණෙනි, මේ වනාහි ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනික් සැපය වෙයි.
“මහණෙනි, යම් කෙනෙක් මේ අතිශයින් ශාන්ත සැපක් සොම්නසක් විඳිත්යයි කියන්නාහු නම් මම ඔවුන්ගේ ඒ කීම අනුමත නොකරමි. ඊට හේතු කවරේද? මහණෙනි, මේ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපයක් ඇත්තේය. මහණෙනි, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවෙක් නැතැයි ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ වනාහි ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනික් සැපය වෙයි.
“මහණෙනි, යම් කෙනෙක් මේ අතිශයින් ශාන්ත සැපක් සොම්නසක් විඳිත්යයි කියන්නාහු නම් මම ඔවුන්ගේ ඒ කීම අනුමත නොකරමි. ඊට හේතු කවරේද? මහණෙනි, මේ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපයක් ඇත්තේය. මහණෙනි, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ වනාහි ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනික් සැපය වෙයි.,
“මහණෙනි, යම් කෙනෙක් මේ අතිශයින් ශාන්ත සැපක් සොම්නසක් විඳිත්යයි කියන්නාහු නම් මම ඔවුන්ගේ ඒ කීම අනුමත නොකරමි. ඊට හේතු කවරේද? මහණෙනි, මේ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපයක් ඇත්තේය. මහණෙනි, ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනෙක් සැපය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සර්වප්රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිත නිරෝධයට පැමිණ වාසය කරත්ද, මහණෙනි, මේ වනාහි ඒ සැපයට වඩා අතිශයින් උසස්වූද, අතිශයින් ප්‍රණීතවූද, අනික් සැපය වෙයි.,
“මහණෙනි, අන්යතීර්ත්ථක පරිබ්‍රාජකයෝ, ‘ශ්‍රමණ භවත් ගෞතමතෙමේ සඤ්ඤාවෙදයිත නිරෝධය කියන ලදී. එය සැපයෙහි පනවයි. එය කුමක් වන්නේද, එය කෙසේ වන්නේදැයි’ කියන්නාහුය යන මේ කරුණ විද්‍යාමාන වේ. මහණෙනි, මෙසේ කියන්නාවූ අන්යතීර්ත්ථක පරිබ්‍රාජකයන්ට ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ සැප වේදනාව සඳහාම සැපයයි නොපණවත්. ඇවැත්නි, යම් යම් තැනක යම් යම් සැපක් ලැබේද, ඒ ඒ සැපය තථාගතයන් වහන්සේ සැපයෙහි පණවත්යයි’ මෙසේ කිව යුත්තාහ.,
|
3. අට්ඨසතපරියායවග්ගො | 3. අට්ඨසතපරියාය වර්ගය |
1. සීවකසුත්තං | 1. මොළියසීවක සූත්‍රය |
269
එකං
‘‘පිත්තසමුට්ඨානානිපි
‘‘සෙම්හසමුට්ඨානානිපි ඛො, සීවක...පෙ.... වාතසමුට්ඨානානිපි ඛො, සීවක...පෙ....
‘‘පිත්තං සෙම්හඤ්ච වාතො ච, සන්නිපාතා උතූනි ච;
විසමං ඔපක්කමිකං, කම්මවිපාකෙන අට්ඨමී’’ති. පඨමං;
|
269
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනයෙහි කලන්දක නිවාප නම් ස්ථානයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි මොළිය සීවක නම් පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් මොළිය සීවක පරිබ්‍රාජකතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. භවත් ගෞතමයන් වහන්ස, මේ පුරුෂ පුද්ගලතෙම සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් හෝ විඳීනම් ඒ සියල්ල පෙර කරන ලද හේතු නිසායයි මෙසේ කියන මෙවැනි දෘෂ්ටි ඇති සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. භවත් ගෞතමතෙම මෙහිදී කුමක් කියන්නේද?,
“සීවකය, මේ ලෝකයෙහි පිත නිසා හටගන්නාවූද ත්‍රිවිධ වේදනාවෝ උපදිත්. සීවකය, මේ ලෝකයෙහි පිත නිසා හටගන්නාවූ ඇතැම් වේදනා උපදිත්යයි තමාහටමද පෙනෙන්නේය. සීවකය, ලෝකයෙහි ඇතැම් වේදනා පිත නිසා උපදිත් යන මෙය ලෝකයෙහිද සත්‍යයයි සම්මතය. සීවකය, මේ පුරුෂ පුද්ගලතෙම සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් හෝ විඳීද, ඒ සියල්ල පූර්වයෙහි කරන ලද හේතූන් නිසායයි මෙසේ කියන්නාවූ මෙසේ සිතන්නාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද ඔවුහු යමක් තමා විසින්ම දන්නා ලද්දේද එයද ඉක්මවා යත්. යමක් ලෝකයෙහි සත්‍යයයි සම්මතද එයද ඉක්මවා යත්. එසේ හෙයින් එය ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බොරුයයි කියමි.
“සීවකය, මේ ලෝකයෙහි සෙම නිසා හටගන්නාවූද ත්‍රිවිධ වේදනාවෝ උපදිත්. සීවකය, මේ ලෝකයෙහි සෙම නිසා හටගන්නාවූ ඇතැම් වේදනා උපදිත්යයි තමාහටමද පෙනෙන්නේය. සීවකය, ලෝකයෙහි ඇතැම් වේදනා සෙම නිසා උපදිත් යන මෙය ලෝකයෙහිද සත්‍යයයි සම්මතය. සීවකය, මේ පුරුෂ පුද්ගලතෙම සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් හෝ විඳීද, ඒ සියල්ල පූර්වයෙහි කරන ලද හේතූන් නිසායයි මෙසේ කියන්නාවූ මෙසේ සිතන්නාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද ඔවුහු යමක් තමා විසින්ම දන්නා ලද්දේද එයද ඉක්මවා යත්. යමක් ලෝකයෙහි සත්‍යයයි සම්මතද එයද ඉක්මවා යත්. එසේ හෙයින් එය ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බොරුයයි කියමි.
“සීවකය, මේ ලෝකයෙහි වාතය නිසා හටගන්නාවූද ත්‍රිවිධ වේදනාවෝ උපදිත්. සීවකය, මේ ලෝකයෙහි වාතය නිසා හටගන්නාවූ ඇතැම් වේදනා උපදිත්යයි තමාහටමද පෙනෙන්නේය. සීවකය, ලෝකයෙහි ඇතැම් වේදනා වාතය නිසා උපදිත් යන මෙය ලෝකයෙහිද සත්‍යයයි සම්මතය. සීවකය, මේ පුරුෂ පුද්ගලතෙම සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් හෝ විඳීද, ඒ සියල්ල පූර්වයෙහි කරන ලද හේතූන් නිසායයි මෙසේ කියන්නාවූ මෙසේ සිතන්නාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද, ඔවුහු යමක් තමා විසින්ම දන්නා ලද්දේද එයද ඉක්මවා යත්. යමක් ලෝකයෙහි සත්‍යයයි සම්මතද එයද ඉක්මවා යත්. එසේ හෙයින් එය ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බොරුයයි කියමි.
“සීවකය, මේ ලෝකයෙහි තුන්දොස් කිපීම නිසා නිසා හටගන්නාවූද ත්‍රිවිධ වේදනාවෝ උපදිත්. සීවකය, මේ ලෝකයෙහි තුන්දොස් කිපීම නිසා හටගන්නාවූ ඇතැම් වේදනා උපදිත්යයි තමාහටමද පෙනෙන්නේය. සීවකය, ලෝකයෙහි ඇතැම් වේදනා තුන්දොස් කිපීම නිසා උපදිත් යන මෙය ලෝකයෙහිද සත්‍යයයි සම්මතය. සීවකය, මේ පුරුෂ පුද්ගලතෙම සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් හෝ විඳීද, ඒ සියල්ල පූර්වයෙහි කරන ලද හේතූන් නිසායයි මෙසේ කියන්නාවූ මෙසේ සිතන්නාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද, ඔවුහු යමක් තමා විසින්ම දන්නා ලද්දේද එයද ඉක්මවා යත්. යමක් ලෝකයෙහි සත්‍යයයි සම්මතද එයද ඉක්මවා යත්. එසේ හෙයින් එය ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බොරුයයි කියමි.
“සීවකය, මේ ලෝකයෙහි සෘතු විපර්‍ය්‍යාස නිසා හටගන්නාවූද ත්‍රිවිධ වේදනාවෝ උපදිත්. සීවකය, මේ ලෝකයෙහි සෘතු විපර්‍ය්‍යාස නිසා හටගන්නාවූ ඇතැම් වේදනා උපදිත්යයි තමාහටමද පෙනෙන්නේය. සීවකය, ලෝකයෙහි ඇතැම් වේදනා සෘතු විපර්‍ය්‍යාස නිසා උපදිත් යන මෙය ලෝකයෙහිද සත්‍යයයි සම්මතය. සීවකය, මේ පුරුෂ පුද්ගලතෙම සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් හෝ විඳීද, ඒ සියල්ල පූර්වයෙහි කරන ලද හේතූන් නිසායයි මෙසේ කියන්නාවූ මෙසේ සිතන්නාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද, ඔවුහු යමක් තමා විසින්ම දන්නා ලද්දේද එයද ඉක්මවා යත්. යමක් ලෝකයෙහි සත්‍යයයි සම්මතද එයද ඉක්මවා යත්. එසේ හෙයින් එය ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බොරුයයි කියමි.
“සීවකය, මේ ලෝකයෙහි විෂම හැසිරීම නිසා හටගන්නාවූද ත්‍රිවිධ වේදනාවෝ උපදිත්. සීවකය, මේ ලෝකයෙහි විෂම හැසිරීම නිසා හටගන්නාවූ ඇතැම් වේදනා උපදිත්යයි තමාහටමද පෙනෙන්නේය. සීවකය, ලෝකයෙහි ඇතැම් වේදනා විෂම හැසිරීම නිසා උපදිත් යන මෙය ලෝකයෙහිද සත්‍යයයි සම්මතය. සීවකය, මේ පුරුෂ පුද්ගලතෙම සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් හෝ විඳීද, ඒ සියල්ල පූර්වයෙහි කරන ලද හේතූන් නිසායයි මෙසේ කියන්නාවූ මෙසේ සිතන්නාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද, ඔවුහු යමක් තමා විසින්ම දන්නා ලද්දේද එයද ඉක්මවා යත්. යමක් ලෝකයෙහි සත්‍යයයි සම්මතද එයද ඉක්මවා යත්. එසේ හෙයින් එය ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බොරුයයි කියමි.
“සීවකය, මේ ලෝකයෙහි අනුන්ගේ උපක්‍රම නිසා හටගන්නාවූද ත්‍රිවිධ වේදනාවෝ උපදිත්. සීවකය, මේ ලෝකයෙහි අනුන්ගේ උපක්‍රම නිසා හටගන්නාවූ ඇතැම් වේදනා උපදිත්යයි තමාහටමද පෙනෙන්නේය. සීවකය, ලෝකයෙහි ඇතැම් වේදනා අනුන්ගේ උපක්‍රම නිසා උපදිත් යන මෙය ලෝකයෙහිද සත්‍යයයි සම්මතය. සීවකය, මේ පුරුෂ පුද්ගලතෙම සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් හෝ විඳීද, ඒ සියල්ල පූර්වයෙහි කරන ලද හේතූන් නිසායයි මෙසේ කියන්නාවූ මෙසේ සිතන්නාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද, ඔවුහු යමක් තමා විසින්ම දන්නා ලද්දේද එයද ඉක්මවා යත්. යමක් ලෝකයෙහි සත්‍යයයි සම්මතද එයද ඉක්මවා යත්. එසේ හෙයින් එය ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බොරුයයි කියමි.
“සීවකය, කර්ම විපාක නිසාද, මේ ලෝකයෙහි ඇතැම් වේදනාවෝ උපදිත්. සීවකය, කර්ම විපාක නිසාද මේ ලෝකයෙහි ඇතැම් වේදනාවෝ උපදින බව තමා හටමද පෙනෙන්නේය. සීවකය, යම්සේ කර්ම විපාක නිසාද මේ ලෝකයෙහි ඇතැම් වේදනා උපදිත් යන මෙය ලෝකයෙහිද සත්‍යයයි සම්මතය. සීවකය, එහි යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් මේ පුරුෂ පුද්ගලතෙම යම්කිසි සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් හෝ විඳීද, ඒ සියල්ල පෙරකළ හේතූන් නිසායයි කියත්නම් ඔවුහු තමා විසින් දන්නා ලද්දද, ඉක්මවත්. යමක් ලෝකයෙහි සත්‍යයයි සම්මතද එයද ඉක්මවත්. එසේ හෙයින් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ කීම බොරුයයි කියමි.,
මෙසේ වදාළ කල්හි මොළිය සීවක පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේට, ‘භවත් ගෞතමයන් වහන්ස, යහපත, භාග්‍යවතුන් වහන්ස, ඉතා යහපත, භාග්‍යවතුන් වහන්ස, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් හෝ උඩුකුරු කරන්නේද, වසා තබන ලද්දක් හෝ වැහුම් අරින්නේද, මංමුළාවූවෙකුට හෝ මග කියන්නේද, අන්ධකාරයෙහි හෝ ‘ඇස් ඇත්තෝ රූප දකිත්වායි’ තෙල් පහනක් දල්වන්නේද, එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරන ලදී. භවත් ගෞතමයන් වහන්ස, මම ඒ භාග්‍යවතුන් වහන්සේ සරණ කොට යමි. ධර්මයද, භික්ෂු සංඝයාද (සරණ කොට යමි.) භවත් ගෞතමයන් වහන්ස, මා අද පටන් දිවිහිමි කොට සරණ ගිය උපාසකයකු කොට දරන සේක්වා'යි කීයේය.
“පිතද, සෙමද, වාතයද, සන්නිපාතයද, සෘතුවද, විෂම පැවැත්මද, උපක්‍රමයද, කර්ම විපාකයද යන හේතු අටක් වන්නේය.
|
2. අට්ඨසතසුත්තං | 2. අට්ඨසතපරියාය සූත්‍රය |
270
‘‘අට්ඨසතපරියායං වො, භික්ඛවෙ, ධම්මපරියායං දෙසෙස්සාමි. තං සුණාථ. කතමො
|
270
“මහණෙනි, තොපට කරුණු එකසිය අටක් ඇති ධර්ම ක්‍රමයක් දෙසන්නෙමි. එය අසව්. මහණෙනි, කරුණු එකසිය අටක් ඇති ධර්ම ක්‍රමය කවරේද? මහණෙනි, මා විසින් කරුණු අනුව වේදනා දෙකක් වදාරන ලදී. මා විසින් කරුණු අනුව වේදනා තුනක්ද වදාරන ලදී. මා විසින් කරුණු අනුව වේදනා පසක්ද වදාරන ලදී. මා විසින් කරුණු අනුව වේදනා සයක්ද වදාරන ලදී. මා විසින් කරුණු අනුව වේදනා දහඅටක්ද වදාරන ලදී. මා විසින් කරුණු අනුව වේදනා තිස්හයක්ද වදාරන ලදී. මා විසින් කරුණු අනුව වේදනා එකසියඅටක්ද වදාරන ලදී.
“මහණෙනි, වේදනා දෙක කවරේද, කායික වේදනාය, චෛතසික වේදනාය යන දෙකයි. මහණෙනි, මොවුහු දෙවැදෑරුම් වේදනාවෝයයි කියනු ලැබෙත්.
“මහණෙනි, ත්‍රිවිධ වේදනාවෝ කවරහුද, සැප වේදනාය, දුක් වේදනාය, උපේක්ෂා වේදනාය යනුයි. මහණෙනි, මොවුහු ත්‍රිවිධ වේදනාවෝයයි කියනු ලැබෙත්.
“මහණෙනි, පඤ්චවිධ වේදනාවෝ කවරහුද, සැප ඉන්ද්රිය, දුක් ඉන්ද්රිය, සොමනස්සින්ද්රිය, දොමනස්සින්ද්රිය, උපෙක්ඛින්‍ද්‍රිය යන මොහුයි. මහණෙනි, මොවුහු පඤ්චවිධ වේදනාවෝයයි කියනු ලැබෙත්.
“මහණෙනි, සවැදෑරුම් වේදනාවෝ කවරහුද, චකඛු සම්ඵස්සජ වේදනාය, සෝත සම්ඵස්සජ වේදනාය, ඝාණ සම්ඵස්සජ වේදනාය, ජිව්හා සම්ඵස්සජ වේදනාය, කාය සම්ඵස්සජ වේදනාය, මනෝ සම්ඵස්සජ වේදනාය යන මොහුයි. මහණෙනි, මොවුහු හය ආකාර වේදනාවෝයයි කියනු ලැබෙත්.
“මහණෙනි, අටළොස් වේදනාවෝ කවරහුද, සොම්නස සමග හැසිරෙන්නාවූ වේදනා සයය, දොම්නස සමග හැසිරෙන්නාවූ වේදනා සයය, උපේක්ෂාව සමග හැසිරෙන්නාවූ වේදනා සයය යන මොවුහුය. මහණෙනි, මොවුහු අටළොස් වේදනායයි කියනු ලැබෙත්.
“මහණෙනි, සතිස් වේදනාවෝ කවරහුද, ගෘහය ඇසුරු කළ (පස්කම් ගුණ ඇසුරු කළ) සොම්නස් සයය, හික්මීම ඇසුරු කළ (නෙක්ඛම්මය ඇසුරු කළ) සොම්නස් සයය, ගෘහය ඇසුරු කළ (පස්කම් ගුණ ඇසුරු කළ) දොම්නස් සයය, හික්මීම ඇසුරු කළ (නෙක්ඛම්මය ඇසුරු කළ) දොම්නස් සයය, ගෘහය ඇසුරු කළ (පස්කම් ගුණ ඇසුරු කළ) උපේක්ෂා සයය, හික්මීම ඇසුරු කළ (නෙක්ඛම්මය ඇසුරු කළ) උපේක්ෂා සයය. මහණෙනි, මොවුහු සතිස් වේදනාවෝයයි කියනු ලැබෙත්.
“මහණෙනි, එකසිය අටක් වේදනාවෝ කවරහුද? අතීතවූ සතිස් වේදනාය, අනාගතවූ සතිස් වේදනාය, වර්තමානවූ සතිස් වේදනාය යන මොහුය. මහණෙනි, මොවුහු එකසිය අටක් වේදනාවෝයයි කියනු ලැබෙත්. මහණෙනි, මේ වනාහි එකසිය අට ආකාරයක් ඇති ධර්ම ක්‍රමයයි කියනු ලැබේ.
|
3. අඤ්ඤතරභික්ඛුසුත්තං | 3. භික්ඛු සූත්‍රය |
271
අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කතමා නු ඛො, භන්තෙ, වෙදනා, කතමො වෙදනාසමුදයො, කතමා වෙදනාසමුදයගාමිනී පටිපදා? කතමො වෙදනානිරොධො, කතමා වෙදනානිරොධගාමිනී පටිපදා? කො වෙදනාය අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණ’’න්ති?
‘‘තිස්සො
|
271
එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය.
“ස්වාමීනි, වේදනාව කවරේද? වේදනාවෙහි හේතුව කවරේද, වේදනාව පහළවීම පිණිස පවත්නා ප්‍රතිපදාව කවරේද, වේදනාවෙහි නිරෝධය කවරේද, වේදනා නිරුද්ධයට යන ප්‍රතිපදාව කවරේද, වේදනාවෙහි ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද?,
“මහණෙනි, මේ වේදනා තුනකි. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා යන මේ තුනය. මහණ, මොවුහු වේදනාවෝයයි කියනු ලැබෙත්. ස්පර්ශයාගේ හටගැනීමෙන් වේදනාව පහළවේ. තෘෂ්ණාව, වේදනාව ඉපදීම කරා පැමිණෙන ප්‍රතිපදාවය. ස්පර්ශය නිරුද්ධවීම හේතුකොටගෙන වේදනාවන්ගේ නිරෝධය වෙයි. මේ සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්‍ය්‍ය අෂ්ටාඞගික මාර්ගය වේදනා නිරෝධයට යන ප්‍රතිපදාවයි. වේදනාව නිසා යම් සැපක් සොම්නසක් උපදීද, මේ වේදනාවෙහි ආශ්වාදයයි. යම් වේදනාවක් අනිත්‍යද දුක්ද, පෙරළෙන ස්වභාව ඇත්තේද මේ වේදනාවෙහි ආදීනවයයි. වේදනාවෙහි යම් ආශාව දුරුකිරීමක් වේද යම් ආශාව පහකිරීමක් වේද මේ වේදනාවෙහි නිස්සරණයයි.,
|
4. පුබ්බසුත්තං | 4. පුබ්බෙ සූත්‍රය |
272
‘‘පුබ්බෙව
|
272
“මහණෙනි, මට බුදුවීමට පෙර චතුස්සත්‍ය අවබෝධ කිරීමට පළමු බොධිසත්ත්ව කාලයේම වේදනාවෝ කවරහුද? වේදනාවට හේතු කවරේද, වේදනා පහළවීම කරා පැමිණෙන ප්‍රතිපදාව කවරේද, වේදනා නිරෝධය කවරේද, වේදනා නිරුද්ධයට පැමිණෙන ප්‍රතිපදාව කවරේද, වේදනාවගේ ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද යන මේ අදහස පහළවිය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය.
“මහණෙනි, මේ වේදනා තුනකි. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා යන මේ තුනය. මහණ, මොවුහු වේදනාවෝයයි කියනු ලැබෙත්. ස්පර්ශයාගේ හටගැනීමෙන් වේදනාව පහළවේ. තෘෂ්ණාව, වේදනාව ඉපදීම කරා පැමිණෙන ප්‍රතිපදාවය. ස්පර්ශය නිරුද්ධවීම හේතුකොටගෙන වේදනාවන්ගේ නිරෝධය වෙයි. මේ සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්‍ය්‍ය අෂ්ටාඞගික මාර්ගය වේදනා නිරෝධයට යන ප්‍රතිපදාවයි. වේදනාව නිසා යම් සැපක් සොම්නසක් උපදීද, මේ වේදනාවෙහි ආශ්වාදයයි. යම් වේදනාවක් අනිත්‍යද දුක්ද, පෙරළෙන ස්වභාව ඇත්තේද මේ වේදනාවෙහි ආදීනවයයි. වේදනාවෙහි යම් ආශාව දුරුකිරීමක් වේද යම් ආශාව පහකිරීමක් වේද මේ වේදනාවෙහි නිස්සරණයයි.,
|
5. ඤාණසුත්තං | 5. ඤාණ සූත්‍රය |
273
‘‘‘ඉමා
|
273
“මහණෙනි, මට මේ වේදනාවෝයයි පෙර නොඇසූවිරූ ධර්මයෙහි ප්රඥාචක්ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය. මහණෙනි, මට මේ වේදනාවට හේතුවයයි පෙර නොඇසූවිරූ ධර්මයෙහි ප්රඥාචක්ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.
“මහණෙනි, මට මේ වේදනා පහළවීම කරා පැමිණෙන ප්‍රතිපදාවයයි පෙර නොඇසූවිරූ ධර්මයෙහි ප්රඥාචක්ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය. මහණෙනි, මට මේ වේදනා නිරෝධයයි පෙර නොඇසූවිරූ ධර්මයෙහි ප්රඥාචක්ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.
“මහණෙනි, මට මේ වේදනා නිරෝධයට යන ප්‍රතිපදාවයයි පෙර නොඇසූවිරූ ධර්මයෙහි ප්රඥාචක්ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.
“මහණෙනි, මට මේ වේදනාවෙහි ආශ්වාදයයි පෙර නොඇසූවිරූ ධර්මයෙහි ප්රඥාචක්ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.
“මහණෙනි, මට මේ වේදනාවෙහි ආදීනවයයි, පෙර නොඇසූවිරූ ධර්මයෙහි ප්රඥාචක්ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.
“මහණෙනි, මට මේ වේදනාවෙහි නිස්සරණයයි පෙර නොඇසූවිරූ ධර්මයෙහි ප්රඥාචක්ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.
|
6. සම්බහුලභික්ඛුසුත්තං | 6. සම්බහුලභික්ඛු සූත්‍රය |
274
අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා...පෙ.... එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං - ‘‘කතමා නු ඛො, භන්තෙ, වෙදනා, කතමො වෙදනාසමුදයො, කතමා වෙදනාසමුදයගාමිනී පටිපදා? කතමො වෙදනානිරොධො, කතමා වෙදනානිරොධගාමිනී පටිපදා? කො වෙදනාය අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණ’’න්ති? ‘‘තිස්සො ඉමා, භික්ඛවෙ, වෙදනා - සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. ඉමා වුච්චන්ති, භික්ඛවෙ, වෙදනා. ඵස්සසමුදයා වෙදනාසමුදයො. තණ්හා වෙදනාසමුදයගාමිනී පටිපදා. ඵස්සනිරොධා...පෙ.... යො වෙදනාය ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං. ඉදං වෙදනාය නිස්සරණ’’න්ති. ඡට්ඨං.
|
274
එකල්හි වනාහි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නාහුය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: ස්වාමීනි, වේදනාවෝ කවරහුද, වේදනාවන්ගේ හේතුව කවරේද, වේදනාවන්ගේ හටගැනීම කරා පැමිණෙන ප්‍රතිපදාව කවරේද, වේදනා නිරෝධය කවරේද, වේදනා නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව කවරේද, වේදනාවෙහි ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේදැ?යි.
“මහණෙනි, මේ වේදනා තුනෙකි. සැප වේදනාය, දුක් වේදනාය, උපේක්ෂා වේදනාය යන තුනයි. මහණෙනි, මොවුහු වේදනාවෝයයි කියනු ලැබෙත්. ස්පර්ශයාගේ පහළවීමෙන් වේදනාවන්ගේ පහළවීම වේ. තෘෂ්ණාව වේදනා හටගැනීමට පැමිණෙන පටිපදාවයි. ස්පර්ශයාගේ නිරෝධය හේතුකොටගෙන වේදනාවන්ගේ නිරෝධය වේ. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්‍ය්‍ය අෂ්ටාඞගික මාර්ගය වේදනා නිරෝධයට යන ප්‍රතිපදාවයි. වේදනාව නිසා යම් සැපක් සොම්නසක් උපදීද, මේ වේදනාවෙහි ආශ්වාදයයි. යම් වේදනාවක් අනිත්‍යද දුක්ද, පෙරළෙන ස්වභාව ඇත්තේද මේ වේදනාවෙහි ආදීනවයයි. වේදනාවෙහි යම් ආශාව දුරුකිරීමක් වේද යම් ආශාව පහකිරීමක් වේද මේ වේදනාවෙහි නිස්සරණයයි.,
|
7. පඨමසමණබ්‍රාහ්මණසුත්තං | 7. සමණබ්‍රාහ්මණ සූත්‍රය |
275
‘‘තිස්සො ඉමා, භික්ඛවෙ, වෙදනා. කතමා තිස්සො? සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා
|
275
“මහණෙනි, මේ වේදනා තිදෙනෙකි. කවර තිදෙනෙක්ද යත් සැප වේදනාවය, දුක් වේදනාවය, උපේක්ෂා වේදනාවය යන තිදෙනය. මහණෙනි, යම් ශ්‍රමණකෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ ත්‍රිවිධ වේදනාවන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් නොදනිත්ද,
“මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද නොවෙත්. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ භාවයේ අර්ත්ථය හෝ බ්‍රාහ්මණ භාවයේ අර්ත්ථය හෝ මේ ආත්මයෙහිදීම තෙමේ දැන, ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය නොකෙරෙත්.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ ත්‍රිවිධ වේදනාවන්ගේ පහළවීමද, විනාශවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණභාවයේ අර්ත්ථය හෝ බ්‍රාහ්මණභාවයේ අර්ත්ථය හෝ මේ ආත්මයෙහිදීම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කෙරෙත්යයි, වදාළ සේක.
|
8. දුතියසමණබ්‍රාහ්මණසුත්තං | 8. දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය |
276
‘‘තිස්සො
|
276
“මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනක්ද යත් සැප වේදනාය, දුක් වේදනාය, උපේක්ෂා වේදනාය යන තිදෙනාය. මහණෙනි, යම්කිසි ශ්‍රමණකෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ ත්‍රිවිධ වේදනාවන්ගේ පහළවීමද, විනාශවීමද, ආශ්වාදයද, ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් නොදනිත්ද,
“මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද නොවෙත්. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ භාවයේ අර්ත්ථය හෝ බ්‍රාහ්මණ භාවයේ අර්ත්ථය හෝ මේ ආත්මයෙහිදීම තෙමේ (විශිෂ්ට ඥානයෙන්) දැන, ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය නොකෙරෙත්.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ ත්‍රිවිධ වේදනාවන්ගේ පහළවීමද, විනාශවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් දනිත්ද,
“මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණභාවයේ අර්ත්ථය හෝ බ්‍රාහ්මණභාවයේ අර්ත්ථය හෝ මේ ආත්මයෙහිදීම තෙමේ (විශිෂ්ට ඥානයෙන්) දැන ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කෙරෙත්යයි, වදාළ සේක.
|
9. තතියසමණබ්‍රාහ්මණසුත්තං | 9. තතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය |
277
‘‘යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා වෙදනං නප්පජානන්ති, වෙදනාසමුදයං නප්පජානන්ති, වෙදනානිරොධං නප්පජානන්ති, වෙදනානිරොධගාමිනිං පටිපදං නප්පජානන්ති...පෙ.... පජානන්ති...පෙ.... සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තී’’ති. නවමං.
|
277
“මහණෙනි, යම්කිසි ශ්‍රමණකෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ වේදනාව නොදනිත්ද, වේදනාවන්ගේ හටගැනීම නොදනිත්ද, වේදනා නිරෝධය නොදනිත්ද, වේදනා නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව නොදනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද නොවෙත්. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ භාවයේ අර්ත්ථය හෝ බ්‍රාහ්මණ භාවයේ අර්ත්ථය හෝ මේ ආත්මයෙහිදීම තෙමේ දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ වාසය නොකෙරෙත්.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ වේදනාව දනිත්ද, වේදනාවන්ගේ හටගැනීම දනිත්ද, වේදනා නිරෝධය දනිත්ද, වේදනා නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව දනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණභාවයේ අර්ත්ථය හෝ බ්‍රාහ්මණභාවයේ අර්ත්ථය හෝ මේ ආත්මයෙහිදීම තෙමේ (විශිෂ්ට ඥානයෙන්) දැන ප්රත්යක්ෂකොට ඊට පැමිණ වෙසෙත්.
|
10. සුද්ධිකසුත්තං | 10. සුද්ධිකවේදනා සූත්‍රය |
278
‘‘තිස්සො
|
278
“මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනක්ද යත් සැප වේදනාය, දුක් වේදනාය, දුක්ද නොවූ සැපද නොවූ වේදනාය යන තුනයි. මහණෙනි, මොවුහු ත්‍රිවිධ වේදනාවෝ වෙත්.
|
11. නිරාමිසසුත්තං | 11. නිරාමිස සූත්‍රය |
279
‘‘අත්ථි
‘‘කතමා
‘‘කතමා
‘‘කතමඤ්ච
‘‘කතමඤ්ච
‘‘කතමඤ්ච, භික්ඛවෙ, නිරාමිසා නිරාමිසතරං සුඛං? යං ඛො, භික්ඛවෙ, ඛීණාසවස්ස භික්ඛුනො රාගා චිත්තං විමුත්තං පච්චවෙක්ඛතො, දොසා චිත්තං විමුත්තං පච්චවෙක්ඛතො
‘‘කතමා ච, භික්ඛවෙ, සාමිසා උපෙක්ඛා? පඤ්චිමෙ, භික්ඛවෙ, කාමගුණා. කතමෙ පඤ්ච? චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා...පෙ.... කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො, භික්ඛවෙ, පඤ්ච කාමගුණා. යා ඛො, භික්ඛවෙ, ඉමෙ පඤ්ච කාමගුණෙ පටිච්ච උප්පජ්ජති උපෙක්ඛා, අයං වුච්චති, භික්ඛවෙ, සාමිසා උපෙක්ඛා.
‘‘කතමා ච, භික්ඛවෙ, නිරාමිසා උපෙක්ඛා? ඉධ, භික්ඛවෙ, භික්ඛු සුඛස්ස ච පහානා, දුක්ඛස්ස ච පහානා, පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා, අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං
‘‘කතමා ච, භික්ඛවෙ, නිරාමිසා නිරාමිසතරා උපෙක්ඛා? යා ඛො, භික්ඛවෙ, ඛීණාසවස්ස භික්ඛුනො රාගා චිත්තං විමුත්තං පච්චවෙක්ඛතො, දොසා චිත්තං විමුත්තං පච්චවෙක්ඛතො, මොහා චිත්තං විමුත්තං පච්චවෙක්ඛතො උප්පජ්ජති උපෙක්ඛා, අයං වුච්චති, භික්ඛවෙ, නිරාමිසා නිරාමිසතරා උපෙක්ඛා.
‘‘කතමො ච, භික්ඛවෙ, සාමිසො විමොක්ඛො? රූපප්පටිසංයුත්තො විමොක්ඛො සාමිසො විමොක්ඛො.
‘‘කතමො
‘‘කතමො
|
279
“මහණෙනි, සාමිස (කෙලෙස් සහිතවූ) ප්‍රීතියක් ඇත. නිරාමිස (කෙලෙස් රහිතවූ) ප්‍රීතියක් ඇත. නිරාමිසයෙනුත් අතිශයින් නිරාමිස (නිරාමිසතර) ප්‍රීතියක් ඇත්තේය. සාමිස සැපයක් ඇත්තේය, නිරාමිස සැපයක් ඇත්තේය, නිරාමිස සැපයෙනුත් අතිශයින් නිරාමිස (නිරාමිසතර) සැපයක් ඇත්තේය, සාමිස උපේක්ෂාවක් ඇත්තේය, නිරාමිස උපේක්ෂාවක් ඇත්තේය, නිරාමිස උපේක්ෂාවෙනුත් අතිශයින් නිරාමිස (නිරාමිසතර) උපේක්ෂාවක් ඇත්තේය, සාමිස විමොක්ෂයක් ඇත්තේය, නිරාමිස විමොක්ෂයක් ඇත්තේය, නිරාමිස විමොක්‍ෂයෙනුත් අතිශයින් නිරාමිස (නිරාමිසතර) විමොක්ෂයක් ඇත්තේය.
“මහණෙනි, සාමිස ප්‍රීතිය කවරේද? මහණෙනි, මේ කාම බන්ධන පසෙකි. කවර පහක්ද යත්, ඇසින් දැක්කයුතු වූ, ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ වෙත්. කනින් ඇසියයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ වෙත්. නාසයෙන් ආඝ්‍රාණය කළයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ගන්ධයෝ වෙත්. දිවෙන් රස විඳියයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ රසයෝ වෙත්. කයින් දතයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ස්පර්ශයෝ වෙත්. මහණෙනි, මේ පස්කම් සැපයෝයි. මහණෙනි, මේ පස්කම් ගුණ නිසා යම් ප්‍රීතියක් උපදීද මේ සාමිස ප්‍රීතියයි.
“මහණෙනි, නිරාමිස ප්‍රීතිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්කය සහිත විචාරය සහිත විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද, විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති සිතේ එකඟබව ඇතිකරන විතර්ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ නිරාමිස ප්‍රීතියයි.
“මහණෙනි, නිරාමිස ප්‍රීතියෙනුත් අතිශයින් නිරාමිස ප්‍රීතිය කවරේද? මහණෙනි, ක්ෂීණාශ්රව භික්ෂුවහට රාගයෙන් මිදුන සිත ප්රත්යවේක්ෂා කරන කල්හි ද්වේෂයෙන් මිදුන සිත ප්රත්යවේක්ෂා කරන කල්හි මෝහයෙන් මිදුන සිත ප්රත්යවේක්ෂා කරන කල්හි යම් ප්‍රීතියක් උපදීද, මහණෙනි, මේ නිරාමිස ප්‍රීතියෙනුත් අතිශයින් නිරාමිස ප්‍රීතියයි.
“මහණෙනි, සාමිස සැපය කවරේද? මහණෙනි, මේ පස්කම් ගුණයෝ පස් දෙනෙකි. ඇසින් දැක්කයුතු වූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වරූපවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. කනින් ඇසියයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. නාසයෙන් ආඝ්‍රාණය කළයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ගන්ධයෝ ඇත්තාහ. දිවෙන් රස විඳියයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ රසයෝ ඇත්තාහ. කයින් දතයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ස්පර්ශයෝ ඇත්තාහ. මහණෙනි, මේ පස්කම් ගුණයෝ වෙත්. මහණෙනි, මේ පස්කම් ගුණ නිසා යම් සැපක් සොම්නසක් උපදීද මහණෙනි, මේ සාමිස සැපයයි කියනු ලැබේ.
“මහණෙනි, නිරාමිස සැපය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද, විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති සිතේ එකඟබව ඇති විතර්කය නැති විචාරය නැති සමාධියෙන් උපන් ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ප්‍රීතියෙන් වෙන්ව උපේක්ෂා සහිතව වාසය කරයිද, සිහි ඇත්තේ නුවණ ඇත්තේ සැපයක් කයින් විඳියිද, උපේක්ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව සැප විහරණ ඇත්තෙකැයි යම් ධ්‍යානයක් පිළිබඳ ආර්‍ය්‍යයෝ කියත් නම් ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ නිරාමිස සැපයයි කියන ලදී.
“මහණෙනි, නිරාමිස සැපයෙනුත් අතිශයින් නිරාමිස සැපය කවරේද? මහණෙනි, රාගයෙන් මිදුන සිත ප්රත්යවේක්ෂා කරන්නාවූ, ද්වේෂයෙන් මිදුන සිත ප්රත්යවේක්ෂා කරන්නාවූ, මෝහයෙන් මිදුන සිත ප්රත්යවේක්ෂා කරන්නාවූ, ක්ෂීණාශ්රව භික්ෂුවට යම් සැපක් සොම්නසක් උපදීද, මහණෙනි, මේ නිරාමිස සැපයෙනුත් අතිශයින් නිරාමිස සැපයයි කියනු ලැබේ.
“මහණෙනි, සාමිස උපේක්ෂාව කවරේද? මහණෙනි, මේ පස්කම් ගුණයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක්ද යත් ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වරූපවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ඇසින් දැක්කයුතු වූ, රූපයෝ වෙත්. කනින් ඇසියයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ වෙත්. නාසයෙන් ආඝ්‍රාණය කළයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ගන්ධයෝ වෙත්. දිවෙන් රස විඳියයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ රසයෝ වෙත්. ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ, කයින් දතයුතුවූ, ස්පර්ශයෝ වෙත්. මහණෙනි, මේ පස්කම් ගුණයෝයි. මහණෙනි, මේ පස්කම් ගුණ නිසා යම් උපේක්ෂාවක් උපදීද මහණෙනි, මේ සාමිස උපේක්ෂාවයි කියන ලදී.
“මහණෙනි, නිරාමිස උපේක්ෂාව කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සැපයාගේ ප්‍රහාණයෙන්ද, දුක්ඛයාගේ ප්‍රහාණයෙන්ද, පළමුව සොම්නස් දොම්නස් දෙදෙනා දුරුකිරීමෙන් සැපද නොවූ, දුක්ද නොවූ උපේක්ෂාවගේ සහ ස්මෘතියගේ පිරිසිදු බව ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ නිරාමිස උපේක්ෂාවයයි කියනු ලැබේ.
“මහණෙනි, නිරාමිස උපේක්ෂාවෙනුත් අතිශයින් නිරාමිස උපේක්ෂාව කවරේද? මහණෙනි, රාගයෙන් මිදුන සිත ප්රත්යවේක්ෂා කරන්නාවූ, ද්වේෂයෙන් මිදුන සිත ප්රත්යවේක්ෂා කරන්නාවූ, මෝහයෙන් මිදුන සිත ප්රත්යවේක්ෂා කරන්නාවූ, ක්ෂීණාශ්රව භික්ෂුවට යම් උපේක්ෂාවක් උපදීද, මහණෙනි, මේ නිරාමිස උපේක්ෂාවෙනුත් අතිශයින් නිරාමිස උපේක්ෂාවයයි කියනු ලැබේ.
“මහණෙනි, සාමිස විමොක්ෂය කවරේද? රූපයෙන් යුක්තවූ විමොක්ෂය සාමිස විමොක්ෂයයි. අරූපයෙන් යුක්තවූ විමොක්ෂය නිරාමිස විමොක්ෂයයි.
“මහණෙනි, නිරාමිස විමොක්‍ෂයෙනුත් අතිශයින් නිරාමිස විමොක්ෂය කවරේද? මහණෙනි, රාගයෙන් මිදුන සිත ප්රත්යවේක්ෂා කරන්නාවූ, ද්වේෂයෙන් මිදුන සිත ප්රත්යවේක්ෂා කරන්නාවූ, මෝහයෙන් මිදුන සිත ප්රත්යවේක්ෂා කරන්නාවූ, ක්ෂීණාශ්රව භික්ෂුවට යම් විමොක්ෂයක් උපදීද, මහණෙනි, මේ නිරාමිසයෙනුත් අතිශයින් නිරාමිසවූ විමොක්ෂයයි කියනු ලැබේ.
|