ත්‍රිපිටකය
2. වෙදනාසංයුත්තං 2. වේදනා සංයුත්තය
1. සගාථාවග්ගො 1. සගාථා වර්ගය
1. සමාධිසුත්තං 1. සමාධි සූත්‍රය
2. සුඛසුත්තං 2. සුඛ සූත්‍රය
3. පහානසුත්තං 3. පහාන සූත්‍රය
4. පාතාලසුත්තං 4. පාතාල සූත්‍රය
5. දට්ඨබ්බසුත්තං 5. දට්‌ඨබ්‌බ සූත්‍රය
6. සල්ලසුත්තං 6. සල්ල සූත්‍රය
7. පඨමගෙලඤ්ඤසුත්තං 7. ගෙලඤ්‌ඤ සූත්‍රය
8. දුතියගෙලඤ්ඤසුත්තං 8. දුතිය ගෙලඤ්‌ඤ සූත්‍රය
9. අනිච්චසුත්තං 9. අනිච්‌ච සූත්‍රය
10. ඵස්සමූලකසුත්තං 10. ඵස්‌සමූලක සූත්‍රය
2. රහොගතවග්ගො 2.රහොගත වර්ගය
1. රහොගතසුත්තං 1. රහොගත සූත්‍රය
2. පඨමආකාසසුත්තං 2. ආකාස සූත්‍රය
3. දුතියආකාසසුත්තං 3. දුතිය ආකාස සූත්‍රය
4. අගාරසුත්තං 4. අගාර සූත්‍රය
5. පඨමආනන්දසුත්තං 5. සන්තක සූත්‍රය
6. දුතියආනන්දසුත්තං 6. දුතිය සන්තක සූත්‍රය
7. පඨමසම්බහුලසුත්තං 7. අට්ඨක සූත්‍රය
8. දුතියසම්බහුලසුත්තං 8. දුතිය අට්ඨක සූත්‍රය
9. පඤ්චකඞ්ගසුත්තං 9. පඤ්‌චකඞ්‌ග සූත්‍රය
10. භික්ඛුසුත්තං 10. භික්ඛු සූත්‍රය
3. අට්ඨසතපරියායවග්ගො 3. අට්ඨසතපරියාය වර්‍ගය
1. සීවකසුත්තං 1. මොළියසීවක සූත්‍රය
2. අට්ඨසතසුත්තං 2. අට්ඨසතපරියාය සූත්‍රය
3. අඤ්ඤතරභික්ඛුසුත්තං 3. භික්ඛු සූත්‍රය
4. පුබ්බසුත්තං 4. පුබ්බෙ සූත්‍රය
5. ඤාණසුත්තං 5. ඤාණ සූත්‍රය
6. සම්බහුලභික්ඛුසුත්තං 6. සම්බහුලභික්ඛු සූත්‍රය
7. පඨමසමණබ්‍රාහ්මණසුත්තං 7. සමණබ්‍රාහ්මණ සූත්‍රය
8. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 8. දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
9. තතියසමණබ්‍රාහ්මණසුත්තං 9. තතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
10. සුද්ධිකසුත්තං 10. සුද්ධිකවේදනා සූත්‍රය
11. නිරාමිසසුත්තං 11. නිරාමිස සූත්‍රය
279
‘‘අත්ථි , භික්ඛවෙ, සාමිසා පීති, අත්ථි නිරාමිසා පීති, අත්ථි නිරාමිසා නිරාමිසතරා පීති; අත්ථි සාමිසං සුඛං, අත්ථි නිරාමිසං සුඛං, අත්ථි නිරාමිසා නිරාමිසතරං සුඛං; අත්ථි සාමිසා උපෙක්ඛා, අත්ථි නිරාමිසා උපෙක්ඛා, අත්ථි නිරාමිසා නිරාමිසතරා උපෙක්ඛා; අත්ථි සාමිසො විමොක්ඛො, අත්ථි නිරාමිසො විමොක්ඛො, අත්ථි නිරාමිසා නිරාමිසතරො විමොක්ඛො. කතමා ච, භික්ඛවෙ, සාමිසා පීති? පඤ්චිමෙ, භික්ඛවෙ, කාමගුණා. කතමෙ පඤ්ච? චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා...පෙ.... කායවිඤ්ඤෙය්‍යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො, භික්ඛවෙ, පඤ්ච කාමගුණා. යා ඛො, භික්ඛවෙ, ඉමෙ පඤ්ච කාමගුණෙ පටිච්ච උප්පජ්ජති පීති, අයං වුච්චති, භික්ඛවෙ, සාමිසා පීති.
‘‘කතමා ච, භික්ඛවෙ, නිරාමිසා පීති? ඉධ, භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, භික්ඛවෙ, නිරාමිසා පීති.
‘‘කතමා ච, භික්ඛවෙ, නිරාමිසා නිරාමිසතරා පීති? යා ඛො, භික්ඛවෙ, ඛීණාසවස්ස භික්ඛුනො රාගා චිත්තං විමුත්තං පච්චවෙක්ඛතො, දොසා චිත්තං විමුත්තං පච්චවෙක්ඛතො, මොහා චිත්තං විමුත්තං පච්චවෙක්ඛතො උප්පජ්ජති පීති, අයං වුච්චති, භික්ඛවෙ, නිරාමිසා නිරාමිසතරා පීති.
‘‘කතමඤ්ච , භික්ඛවෙ, සාමිසං සුඛං? පඤ්චිමෙ, භික්ඛවෙ, කාමගුණා. කතමෙ පඤ්ච? චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා...පෙ.... කායවිඤ්ඤෙය්‍යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො, භික්ඛවෙ, පඤ්ච කාමගුණා. යං ඛො, භික්ඛවෙ, ඉමෙ පඤ්ච කාමගුණෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, ඉදං වුච්චති, භික්ඛවෙ, සාමිසං සුඛං.
‘‘කතමඤ්ච , භික්ඛවෙ, නිරාමිසං සුඛං? ඉධ, භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති - ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති, භික්ඛවෙ, නිරාමිසං සුඛං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, නිරාමිසා නිරාමිසතරං සුඛං? යං ඛො, භික්ඛවෙ, ඛීණාසවස්ස භික්ඛුනො රාගා චිත්තං විමුත්තං පච්චවෙක්ඛතො, දොසා චිත්තං විමුත්තං පච්චවෙක්ඛතො , මොහා චිත්තං විමුත්තං පච්චවෙක්ඛතො උප්පජ්ජති සුඛං සොමනස්සං, ඉදං වුච්චති, භික්ඛවෙ, නිරාමිසා නිරාමිසතරං සුඛං.
‘‘කතමා ච, භික්ඛවෙ, සාමිසා උපෙක්ඛා? පඤ්චිමෙ, භික්ඛවෙ, කාමගුණා. කතමෙ පඤ්ච? චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා...පෙ.... කායවිඤ්ඤෙය්‍යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො, භික්ඛවෙ, පඤ්ච කාමගුණා. යා ඛො, භික්ඛවෙ, ඉමෙ පඤ්ච කාමගුණෙ පටිච්ච උප්පජ්ජති උපෙක්ඛා, අයං වුච්චති, භික්ඛවෙ, සාමිසා උපෙක්ඛා.
‘‘කතමා ච, භික්ඛවෙ, නිරාමිසා උපෙක්ඛා? ඉධ, භික්ඛවෙ, භික්ඛු සුඛස්ස ච පහානා, දුක්ඛස්ස ච පහානා, පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා, අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, භික්ඛවෙ, නිරාමිසා උපෙක්ඛා.
‘‘කතමා ච, භික්ඛවෙ, නිරාමිසා නිරාමිසතරා උපෙක්ඛා? යා ඛො, භික්ඛවෙ, ඛීණාසවස්ස භික්ඛුනො රාගා චිත්තං විමුත්තං පච්චවෙක්ඛතො, දොසා චිත්තං විමුත්තං පච්චවෙක්ඛතො, මොහා චිත්තං විමුත්තං පච්චවෙක්ඛතො උප්පජ්ජති උපෙක්ඛා, අයං වුච්චති, භික්ඛවෙ, නිරාමිසා නිරාමිසතරා උපෙක්ඛා.
‘‘කතමො ච, භික්ඛවෙ, සාමිසො විමොක්ඛො? රූපප්පටිසංයුත්තො විමොක්ඛො සාමිසො විමොක්ඛො.
‘‘කතමො ච, භික්ඛවෙ, නිරාමිසො විමොක්ඛො? අරූපප්පටිසංයුත්තො විමොක්ඛො නිරාමිසො විමොක්ඛො.
‘‘කතමො ච, භික්ඛවෙ, නිරාමිසා නිරාමිසතරො විමොක්ඛො? යො ඛො, භික්ඛවෙ, ඛීණාසවස්ස භික්ඛුනො රාගා චිත්තං විමුත්තං පච්චවෙක්ඛතො, දොසා චිත්තං විමුත්තං පච්චවෙක්ඛතො, මොහා චිත්තං විමුත්තං පච්චවෙක්ඛතො උප්පජ්ජති විමොක්ඛො, අයං වුච්චති, භික්ඛවෙ, නිරාමිසා නිරාමිසතරො විමොක්ඛො’’ති. එකාදසමං.
279
“මහණෙනි, සාමිස (කෙලෙස් සහිතවූ) ප්‍රීතියක් ඇත. නිරාමිස (කෙලෙස් රහිතවූ) ප්‍රීතියක් ඇත. නිරාමිසයෙනුත් අතිශයින් නිරාමිස (නිරාමිසතර) ප්‍රීතියක් ඇත්තේය. සාමිස සැපයක් ඇත්තේය, නිරාමිස සැපයක් ඇත්තේය, නිරාමිස සැපයෙනුත් අතිශයින් නිරාමිස (නිරාමිසතර) සැපයක් ඇත්තේය, සාමිස උපේක්‍ෂාවක් ඇත්තේය, නිරාමිස උපේක්‍ෂාවක් ඇත්තේය, නිරාමිස උපේක්‍ෂාවෙනුත් අතිශයින් නිරාමිස (නිරාමිසතර) උපේක්‍ෂාවක් ඇත්තේය, සාමිස විමොක්‍ෂයක් ඇත්තේය, නිරාමිස විමොක්‍ෂයක් ඇත්තේය, නිරාමිස විමොක්‍ෂයෙනුත් අතිශයින් නිරාමිස (නිරාමිසතර) විමොක්‍ෂයක් ඇත්තේය.
“මහණෙනි, සාමිස ප්‍රීතිය කවරේද? මහණෙනි, මේ කාම බන්‍ධන පසෙකි. කවර පහක්ද යත්, ඇසින් දැක්කයුතු වූ, ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ වෙත්. කනින් ඇසියයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ වෙත්. නාසයෙන් ආඝ්‍රාණය කළයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ගන්‍ධයෝ වෙත්. දිවෙන් රස විඳියයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ රසයෝ වෙත්. කයින් දතයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝ වෙත්. මහණෙනි, මේ පස්කම් සැපයෝයි. මහණෙනි, මේ පස්කම් ගුණ නිසා යම් ප්‍රීතියක් උපදීද මේ සාමිස ප්‍රීතියයි.
“මහණෙනි, නිරාමිස ප්‍රීතිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍කය සහිත විචාරය සහිත විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද, විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති සිතේ එකඟබව ඇතිකරන විතර්‍ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ නිරාමිස ප්‍රීතියයි.
“මහණෙනි, නිරාමිස ප්‍රීතියෙනුත් අතිශයින් නිරාමිස ප්‍රීතිය කවරේද? මහණෙනි, ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවහට රාගයෙන් මිදුන සිත ප්‍රත්‍යවේක්‍ෂා කරන කල්හි ද්වේෂයෙන් මිදුන සිත ප්‍රත්‍යවේක්‍ෂා කරන කල්හි මෝහයෙන් මිදුන සිත ප්‍රත්‍යවේක්‍ෂා කරන කල්හි යම් ප්‍රීතියක් උපදීද, මහණෙනි, මේ නිරාමිස ප්‍රීතියෙනුත් අතිශයින් නිරාමිස ප්‍රීතියයි.
“මහණෙනි, සාමිස සැපය කවරේද? මහණෙනි, මේ පස්කම් ගුණයෝ පස් දෙනෙකි. ඇසින් දැක්කයුතු වූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වරූපවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. කනින් ඇසියයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. නාසයෙන් ආඝ්‍රාණය කළයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ගන්‍ධයෝ ඇත්තාහ. දිවෙන් රස විඳියයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ රසයෝ ඇත්තාහ. කයින් දතයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝ ඇත්තාහ. මහණෙනි, මේ පස්කම් ගුණයෝ වෙත්. මහණෙනි, මේ පස්කම් ගුණ නිසා යම් සැපක් සොම්නසක් උපදීද මහණෙනි, මේ සාමිස සැපයයි කියනු ලැබේ.
“මහණෙනි, නිරාමිස සැපය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද, විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති සිතේ එකඟබව ඇති විතර්‍කය නැති විචාරය නැති සමාධියෙන් උපන් ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ප්‍රීතියෙන් වෙන්ව උපේක්‍ෂා සහිතව වාසය කරයිද, සිහි ඇත්තේ නුවණ ඇත්තේ සැපයක් කයින් විඳියිද, උපේක්‍ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව සැප විහරණ ඇත්තෙකැයි යම් ධ්‍යානයක් පිළිබඳ ආර්‍ය්‍යයෝ කියත් නම් ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ නිරාමිස සැපයයි කියන ලදී.
“මහණෙනි, නිරාමිස සැපයෙනුත් අතිශයින් නිරාමිස සැපය කවරේද? මහණෙනි, රාගයෙන් මිදුන සිත ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාවූ, ද්වේෂයෙන් මිදුන සිත ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාවූ, මෝහයෙන් මිදුන සිත ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාවූ, ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවට යම් සැපක් සොම්නසක් උපදීද, මහණෙනි, මේ නිරාමිස සැපයෙනුත් අතිශයින් නිරාමිස සැපයයි කියනු ලැබේ.
“මහණෙනි, සාමිස උපේක්‍ෂාව කවරේද? මහණෙනි, මේ පස්කම් ගුණයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක්ද යත් ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වරූපවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ඇසින් දැක්කයුතු වූ, රූපයෝ වෙත්. කනින් ඇසියයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ වෙත්. නාසයෙන් ආඝ්‍රාණය කළයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ගන්‍ධයෝ වෙත්. දිවෙන් රස විඳියයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ රසයෝ වෙත්. ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ, කයින් දතයුතුවූ, ස්පර්‍ශයෝ වෙත්. මහණෙනි, මේ පස්කම් ගුණයෝයි. මහණෙනි, මේ පස්කම් ගුණ නිසා යම් උපේක්‍ෂාවක් උපදීද මහණෙනි, මේ සාමිස උපේක්‍ෂාවයි කියන ලදී.
“මහණෙනි, නිරාමිස උපේක්‍ෂාව කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සැපයාගේ ප්‍රහාණයෙන්ද, දුක්ඛයාගේ ප්‍රහාණයෙන්ද, පළමුව සොම්නස් දොම්නස් දෙදෙනා දුරුකිරීමෙන් සැපද නොවූ, දුක්ද නොවූ උපේක්‍ෂාවගේ සහ ස්මෘතියගේ පිරිසිදු බව ඇති චතුර්ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ නිරාමිස උපේක්‍ෂාවයයි කියනු ලැබේ.
“මහණෙනි, නිරාමිස උපේක්‍ෂාවෙනුත් අතිශයින් නිරාමිස උපේක්‍ෂාව කවරේද? මහණෙනි, රාගයෙන් මිදුන සිත ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාවූ, ද්වේෂයෙන් මිදුන සිත ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාවූ, මෝහයෙන් මිදුන සිත ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාවූ, ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවට යම් උපේක්‍ෂාවක් උපදීද, මහණෙනි, මේ නිරාමිස උපේක්‍ෂාවෙනුත් අතිශයින් නිරාමිස උපේක්‍ෂාවයයි කියනු ලැබේ.
“මහණෙනි, සාමිස විමොක්‍ෂය කවරේද? රූපයෙන් යුක්තවූ විමොක්‍ෂය සාමිස විමොක්‍ෂයයි. අරූපයෙන් යුක්තවූ විමොක්‍ෂය නිරාමිස විමොක්‍ෂයයි.
“මහණෙනි, නිරාමිස විමොක්‍ෂයෙනුත් අතිශයින් නිරාමිස විමොක්‍ෂය කවරේද? මහණෙනි, රාගයෙන් මිදුන සිත ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාවූ, ද්වේෂයෙන් මිදුන සිත ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාවූ, මෝහයෙන් මිදුන සිත ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාවූ, ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවට යම් විමොක්‍ෂයක් උපදීද, මහණෙනි, මේ නිරාමිසයෙනුත් අතිශයින් නිරාමිසවූ විමොක්‍ෂයයි කියනු ලැබේ.