ත්‍රිපිටකය
2. වෙදනාසංයුත්තං 2. වේදනා සංයුත්තය
1. සගාථාවග්ගො 1. සගාථා වර්ගය
1. සමාධිසුත්තං 1. සමාධි සූත්‍රය
2. සුඛසුත්තං 2. සුඛ සූත්‍රය
3. පහානසුත්තං 3. පහාන සූත්‍රය
4. පාතාලසුත්තං 4. පාතාල සූත්‍රය
5. දට්ඨබ්බසුත්තං 5. දට්‌ඨබ්‌බ සූත්‍රය
6. සල්ලසුත්තං 6. සල්ල සූත්‍රය
7. පඨමගෙලඤ්ඤසුත්තං 7. ගෙලඤ්‌ඤ සූත්‍රය
8. දුතියගෙලඤ්ඤසුත්තං 8. දුතිය ගෙලඤ්‌ඤ සූත්‍රය
9. අනිච්චසුත්තං 9. අනිච්‌ච සූත්‍රය
10. ඵස්සමූලකසුත්තං 10. ඵස්‌සමූලක සූත්‍රය
2. රහොගතවග්ගො 2.රහොගත වර්ගය
1. රහොගතසුත්තං 1. රහොගත සූත්‍රය
2. පඨමආකාසසුත්තං 2. ආකාස සූත්‍රය
3. දුතියආකාසසුත්තං 3. දුතිය ආකාස සූත්‍රය
4. අගාරසුත්තං 4. අගාර සූත්‍රය
5. පඨමආනන්දසුත්තං 5. සන්තක සූත්‍රය
6. දුතියආනන්දසුත්තං 6. දුතිය සන්තක සූත්‍රය
7. පඨමසම්බහුලසුත්තං 7. අට්ඨක සූත්‍රය
8. දුතියසම්බහුලසුත්තං 8. දුතිය අට්ඨක සූත්‍රය
9. පඤ්චකඞ්ගසුත්තං 9. පඤ්‌චකඞ්‌ග සූත්‍රය
10. භික්ඛුසුත්තං 10. භික්ඛු සූත්‍රය
3. අට්ඨසතපරියායවග්ගො 3. අට්ඨසතපරියාය වර්‍ගය
1. සීවකසුත්තං 1. මොළියසීවක සූත්‍රය
269
එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො මොළියසීවකො පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මොළියසීවකො පරිබ්බාජකො භගවන්තං එතදවොච - ‘‘සන්ති, භො ගොතම, එකෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සබ්බං තං පුබ්බෙකතහෙතූ’ති. ඉධ (ඉධ පන (ස්‍යා. කං. පී. ක.)) භවං ගොතමො කිමාහා’’ති?
‘‘පිත්තසමුට්ඨානානිපි ඛො, සීවක, ඉධෙකච්චානි වෙදයිතානි උප්පජ්ජන්ති. සාමම්පි ඛො එතං, සීවක, වෙදිතබ්බං (එවං වෙදිතබ්බං (ස්‍යා. කං. ක.)) යථා පිත්තසමුට්ඨානානිපි ඉධෙකච්චානි වෙදයිතානි උප්පජ්ජන්ති; ලොකස්සපි ඛො එතං, සීවක, සච්චසම්මතං යථා පිත්තසමුට්ඨානානිපි ඉධෙකච්චානි වෙදයිතානි උප්පජ්ජන්ති. තත්‍ර, සීවක, යෙ තෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සබ්බං තං පුබ්බෙකතහෙතූ’ති. යඤ්ච සාමං ඤාතං තඤ්ච අතිධාවන්ති, යඤ්ච ලොකෙ සච්චසම්මතං තඤ්ච අතිධාවන්ති. තස්මා තෙසං සමණබ්‍රාහ්මණානං මිච්ඡාති වදාමි.
‘‘සෙම්හසමුට්ඨානානිපි ඛො, සීවක...පෙ.... වාතසමුට්ඨානානිපි ඛො, සීවක...පෙ.... සන්නිපාතිකානිපි ඛො, සීවක...පෙ.... උතුපරිණාමජානිපි ඛො, සීවක...පෙ.... විසමපරිහාරජානිපි ඛො, සීවක...පෙ.... ඔපක්කමිකානිපි ඛො, සීවක...පෙ.... කම්මවිපාකජානිපි ඛො, සීවක, ඉධෙකච්චානි වෙදයිතානි උප්පජ්ජන්ති. සාමම්පි ඛො එතං, සීවක, වෙදිතබ්බං. යථා කම්මවිපාකජානිපි ඉධෙකච්චානි වෙදයිතානි උප්පජ්ජන්ති; ලොකස්සපි ඛො එතං, සීවක, සච්චසම්මතං. යථා කම්මවිපාකජානිපි ඉධෙකච්චානි වෙදයිතානි උප්පජ්ජන්ති; තත්‍ර, සීවක, යෙ තෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සබ්බං තං පුබ්බෙකතහෙතූ’ති. යඤ්ච සාමං ඤාතං තඤ්ච අතිධාවන්ති යඤ්ච ලොකෙ සච්චසම්මතං තඤ්ච අතිධාවන්ති. තස්මා තෙසං සමණබ්‍රාහ්මණානං මිච්ඡාති වදාමීති. එවං වුත්තෙ, මොළියසීවකො පරිබ්බාජකො භගවන්තං එතදවොච - ‘අභික්කන්තං, භො ගොතම, අභික්කන්තං, භො ගොතම ...පෙ.... උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’’න්ති.
‘‘පිත්තං සෙම්හඤ්ච වාතො ච, සන්නිපාතා උතූනි ච;
විසමං ඔපක්කමිකං, කම්මවිපාකෙන අට්ඨමී’’ති. පඨමං;
269
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනයෙහි කලන්‍දක නිවාප නම් ස්ථානයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි මොළිය සීවක නම් පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් මොළිය සීවක පරිබ්‍රාජකතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. භවත් ගෞතමයන් වහන්ස, මේ පුරුෂ පුද්ගලතෙම සැපක් හෝ දුකක් හෝ උපේක්‍ෂාවක් හෝ විඳීනම් ඒ සියල්ල පෙර කරන ලද හේතු නිසායයි මෙසේ කියන මෙවැනි දෘෂ්ටි ඇති සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. භවත් ගෞතමතෙම මෙහිදී කුමක් කියන්නේද?,
“සීවකය, මේ ලෝකයෙහි පිත නිසා හටගන්නාවූද ත්‍රිවිධ වේදනාවෝ උපදිත්. සීවකය, මේ ලෝකයෙහි පිත නිසා හටගන්නාවූ ඇතැම් වේදනා උපදිත්යයි තමාහටමද පෙනෙන්නේය. සීවකය, ලෝකයෙහි ඇතැම් වේදනා පිත නිසා උපදිත් යන මෙය ලෝකයෙහිද සත්‍යයයි සම්මතය. සීවකය, මේ පුරුෂ පුද්ගලතෙම සැපක් හෝ දුකක් හෝ උපේක්‍ෂාවක් හෝ විඳීද, ඒ සියල්ල පූර්‍වයෙහි කරන ලද හේතූන් නිසායයි මෙසේ කියන්නාවූ මෙසේ සිතන්නාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද ඔවුහු යමක් තමා විසින්ම දන්නා ලද්දේද එයද ඉක්මවා යත්. යමක් ලෝකයෙහි සත්‍යයයි සම්මතද එයද ඉක්මවා යත්. එසේ හෙයින් එය ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බොරුයයි කියමි.
“සීවකය, මේ ලෝකයෙහි සෙම නිසා හටගන්නාවූද ත්‍රිවිධ වේදනාවෝ උපදිත්. සීවකය, මේ ලෝකයෙහි සෙම නිසා හටගන්නාවූ ඇතැම් වේදනා උපදිත්යයි තමාහටමද පෙනෙන්නේය. සීවකය, ලෝකයෙහි ඇතැම් වේදනා සෙම නිසා උපදිත් යන මෙය ලෝකයෙහිද සත්‍යයයි සම්මතය. සීවකය, මේ පුරුෂ පුද්ගලතෙම සැපක් හෝ දුකක් හෝ උපේක්‍ෂාවක් හෝ විඳීද, ඒ සියල්ල පූර්‍වයෙහි කරන ලද හේතූන් නිසායයි මෙසේ කියන්නාවූ මෙසේ සිතන්නාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද ඔවුහු යමක් තමා විසින්ම දන්නා ලද්දේද එයද ඉක්මවා යත්. යමක් ලෝකයෙහි සත්‍යයයි සම්මතද එයද ඉක්මවා යත්. එසේ හෙයින් එය ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බොරුයයි කියමි.
“සීවකය, මේ ලෝකයෙහි වාතය නිසා හටගන්නාවූද ත්‍රිවිධ වේදනාවෝ උපදිත්. සීවකය, මේ ලෝකයෙහි වාතය නිසා හටගන්නාවූ ඇතැම් වේදනා උපදිත්යයි තමාහටමද පෙනෙන්නේය. සීවකය, ලෝකයෙහි ඇතැම් වේදනා වාතය නිසා උපදිත් යන මෙය ලෝකයෙහිද සත්‍යයයි සම්මතය. සීවකය, මේ පුරුෂ පුද්ගලතෙම සැපක් හෝ දුකක් හෝ උපේක්‍ෂාවක් හෝ විඳීද, ඒ සියල්ල පූර්‍වයෙහි කරන ලද හේතූන් නිසායයි මෙසේ කියන්නාවූ මෙසේ සිතන්නාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද, ඔවුහු යමක් තමා විසින්ම දන්නා ලද්දේද එයද ඉක්මවා යත්. යමක් ලෝකයෙහි සත්‍යයයි සම්මතද එයද ඉක්මවා යත්. එසේ හෙයින් එය ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බොරුයයි කියමි.
“සීවකය, මේ ලෝකයෙහි තුන්දොස් කිපීම නිසා නිසා හටගන්නාවූද ත්‍රිවිධ වේදනාවෝ උපදිත්. සීවකය, මේ ලෝකයෙහි තුන්දොස් කිපීම නිසා හටගන්නාවූ ඇතැම් වේදනා උපදිත්යයි තමාහටමද පෙනෙන්නේය. සීවකය, ලෝකයෙහි ඇතැම් වේදනා තුන්දොස් කිපීම නිසා උපදිත් යන මෙය ලෝකයෙහිද සත්‍යයයි සම්මතය. සීවකය, මේ පුරුෂ පුද්ගලතෙම සැපක් හෝ දුකක් හෝ උපේක්‍ෂාවක් හෝ විඳීද, ඒ සියල්ල පූර්‍වයෙහි කරන ලද හේතූන් නිසායයි මෙසේ කියන්නාවූ මෙසේ සිතන්නාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද, ඔවුහු යමක් තමා විසින්ම දන්නා ලද්දේද එයද ඉක්මවා යත්. යමක් ලෝකයෙහි සත්‍යයයි සම්මතද එයද ඉක්මවා යත්. එසේ හෙයින් එය ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බොරුයයි කියමි.
“සීවකය, මේ ලෝකයෙහි සෘතු විපර්‍ය්‍යාස නිසා හටගන්නාවූද ත්‍රිවිධ වේදනාවෝ උපදිත්. සීවකය, මේ ලෝකයෙහි සෘතු විපර්‍ය්‍යාස නිසා හටගන්නාවූ ඇතැම් වේදනා උපදිත්යයි තමාහටමද පෙනෙන්නේය. සීවකය, ලෝකයෙහි ඇතැම් වේදනා සෘතු විපර්‍ය්‍යාස නිසා උපදිත් යන මෙය ලෝකයෙහිද සත්‍යයයි සම්මතය. සීවකය, මේ පුරුෂ පුද්ගලතෙම සැපක් හෝ දුකක් හෝ උපේක්‍ෂාවක් හෝ විඳීද, ඒ සියල්ල පූර්‍වයෙහි කරන ලද හේතූන් නිසායයි මෙසේ කියන්නාවූ මෙසේ සිතන්නාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද, ඔවුහු යමක් තමා විසින්ම දන්නා ලද්දේද එයද ඉක්මවා යත්. යමක් ලෝකයෙහි සත්‍යයයි සම්මතද එයද ඉක්මවා යත්. එසේ හෙයින් එය ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බොරුයයි කියමි.
“සීවකය, මේ ලෝකයෙහි විෂම හැසිරීම නිසා හටගන්නාවූද ත්‍රිවිධ වේදනාවෝ උපදිත්. සීවකය, මේ ලෝකයෙහි විෂම හැසිරීම නිසා හටගන්නාවූ ඇතැම් වේදනා උපදිත්යයි තමාහටමද පෙනෙන්නේය. සීවකය, ලෝකයෙහි ඇතැම් වේදනා විෂම හැසිරීම නිසා උපදිත් යන මෙය ලෝකයෙහිද සත්‍යයයි සම්මතය. සීවකය, මේ පුරුෂ පුද්ගලතෙම සැපක් හෝ දුකක් හෝ උපේක්‍ෂාවක් හෝ විඳීද, ඒ සියල්ල පූර්‍වයෙහි කරන ලද හේතූන් නිසායයි මෙසේ කියන්නාවූ මෙසේ සිතන්නාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද, ඔවුහු යමක් තමා විසින්ම දන්නා ලද්දේද එයද ඉක්මවා යත්. යමක් ලෝකයෙහි සත්‍යයයි සම්මතද එයද ඉක්මවා යත්. එසේ හෙයින් එය ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බොරුයයි කියමි.
“සීවකය, මේ ලෝකයෙහි අනුන්ගේ උපක්‍රම නිසා හටගන්නාවූද ත්‍රිවිධ වේදනාවෝ උපදිත්. සීවකය, මේ ලෝකයෙහි අනුන්ගේ උපක්‍රම නිසා හටගන්නාවූ ඇතැම් වේදනා උපදිත්යයි තමාහටමද පෙනෙන්නේය. සීවකය, ලෝකයෙහි ඇතැම් වේදනා අනුන්ගේ උපක්‍රම නිසා උපදිත් යන මෙය ලෝකයෙහිද සත්‍යයයි සම්මතය. සීවකය, මේ පුරුෂ පුද්ගලතෙම සැපක් හෝ දුකක් හෝ උපේක්‍ෂාවක් හෝ විඳීද, ඒ සියල්ල පූර්‍වයෙහි කරන ලද හේතූන් නිසායයි මෙසේ කියන්නාවූ මෙසේ සිතන්නාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද, ඔවුහු යමක් තමා විසින්ම දන්නා ලද්දේද එයද ඉක්මවා යත්. යමක් ලෝකයෙහි සත්‍යයයි සම්මතද එයද ඉක්මවා යත්. එසේ හෙයින් එය ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බොරුයයි කියමි.
“සීවකය, කර්‍ම විපාක නිසාද, මේ ලෝකයෙහි ඇතැම් වේදනාවෝ උපදිත්. සීවකය, කර්‍ම විපාක නිසාද මේ ලෝකයෙහි ඇතැම් වේදනාවෝ උපදින බව තමා හටමද පෙනෙන්නේය. සීවකය, යම්සේ කර්‍ම විපාක නිසාද මේ ලෝකයෙහි ඇතැම් වේදනා උපදිත් යන මෙය ලෝකයෙහිද සත්‍යයයි සම්මතය. සීවකය, එහි යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් මේ පුරුෂ පුද්ගලතෙම යම්කිසි සැපක් හෝ දුකක් හෝ උපේක්‍ෂාවක් හෝ විඳීද, ඒ සියල්ල පෙරකළ හේතූන් නිසායයි කියත්නම් ඔවුහු තමා විසින් දන්නා ලද්දද, ඉක්මවත්. යමක් ලෝකයෙහි සත්‍යයයි සම්මතද එයද ඉක්මවත්. එසේ හෙයින් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ කීම බොරුයයි කියමි.,
මෙසේ වදාළ කල්හි මොළිය සීවක පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේට, ‘භවත් ගෞතමයන් වහන්ස, යහපත, භාග්‍යවතුන් වහන්ස, ඉතා යහපත, භාග්‍යවතුන් වහන්ස, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් හෝ උඩුකුරු කරන්නේද, වසා තබන ලද්දක් හෝ වැහුම් අරින්නේද, මංමුළාවූවෙකුට හෝ මග කියන්නේද, අන්‍ධකාරයෙහි හෝ ‘ඇස් ඇත්තෝ රූප දකිත්වායි’ තෙල් පහනක් දල්වන්නේද, එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්‍මය ප්‍රකාශ කරන ලදී. භවත් ගෞතමයන් වහන්ස, මම ඒ භාග්‍යවතුන් වහන්සේ සරණ කොට යමි. ධර්‍මයද, භික්‍ෂු සංඝයාද (සරණ කොට යමි.) භවත් ගෞතමයන් වහන්ස, මා අද පටන් දිවිහිමි කොට සරණ ගිය උපාසකයකු කොට දරන සේක්වා'යි කීයේය.
“පිතද, සෙමද, වාතයද, සන්නිපාතයද, සෘතුවද, විෂම පැවැත්මද, උපක්‍රමයද, කර්‍ම විපාකයද යන හේතු අටක් වන්නේය.
2. අට්ඨසතසුත්තං 2. අට්ඨසතපරියාය සූත්‍රය
3. අඤ්ඤතරභික්ඛුසුත්තං 3. භික්ඛු සූත්‍රය
4. පුබ්බසුත්තං 4. පුබ්බෙ සූත්‍රය
5. ඤාණසුත්තං 5. ඤාණ සූත්‍රය
6. සම්බහුලභික්ඛුසුත්තං 6. සම්බහුලභික්ඛු සූත්‍රය
7. පඨමසමණබ්‍රාහ්මණසුත්තං 7. සමණබ්‍රාහ්මණ සූත්‍රය
8. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 8. දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
9. තතියසමණබ්‍රාහ්මණසුත්තං 9. තතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
10. සුද්ධිකසුත්තං 10. සුද්ධිකවේදනා සූත්‍රය
11. නිරාමිසසුත්තං 11. නිරාමිස සූත්‍රය