ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්තනිකායො
සළායතනවග්ගො සළායතන වර්‍ගය
1. සළායතනසංයුත්තං 1. සළායතන සංයුත්තය
1. අනිච්චවග්ගො 1. අනිච්ච වර්‍ගය
1. අජ්ඣත්තානිච්චසුත්තං 1. (අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය
2. අජ්ඣත්තදුක්ඛසුත්තං 2. (අධ්‍යාත්මායතන) දුක්ඛ සූත්‍රය
3. අජ්ඣත්තානත්තසුත්තං 3. (අධ්‍යාත්මායතන) අනාත්ම සූත්‍රය
4. බාහිරානිච්චසුත්තං 4. (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය
5. බාහිරදුක්ඛසුත්තං 5. (බාහිරායතන) දුක්ඛ සූත්‍රය
6. බාහිරානත්තසුත්තං 6. (බාහිරායතන) අනාත්ම සූත්‍රය
7. අජ්ඣත්තානිච්චාතීතානාගතසුත්තං 7. දුතිය (අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය
8. අජ්ඣත්තදුක්ඛාතීතානාගතසුත්තං 8. දුතිය (අධ්‍යාත්මායතන) දුක්ඛ සූත්‍රය
9. අජ්ඣත්තානත්තාතීතානාගතසුත්තං 9. දුතිය (අධ්‍යාත්මායතන) අනාත්ම සූත්‍රය
10. බාහිරානිච්චාතීතානාගතසුත්තං 10. දුතිය (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය
11. බාහිරදුක්ඛාතීතානාගතසුත්තං 11. දුතිය (බාහිරායතන) දුක්ඛ සූත්‍රය
12. බාහිරානත්තාතීතානාගතසුත්තං 12. දුතිය (බාහිරායතන) අනාත්ම සූත්‍රය
2. යමකවග්ගො 2. යමක වර්‍ගය
1. පඨමපුබ්බෙසම්බොධසුත්තං 1. සම්බෝධ සූත්‍රය
2. දුතියපුබ්බෙසම්බොධසුත්තං 2. දුතිය සම්බෝධ සූත්‍රය
3. පඨමඅස්සාදපරියෙසනසුත්තං 3. ආශ්වාද පර්යේෂණ සූත්‍රය
4. දුතියඅස්සාදපරියෙසනසුත්තං 4. දුතිය ආශ්වාද පර්යේෂණ සූත්‍රය
5. පඨමනොචෙඅස්සාදසුත්තං 5. නොව ආශ්වාද සූත්‍රය
6. දුතියනොචෙඅස්සාදසුත්තං 6. දුතිය නොව ආශ්වාද සූත්‍රය
7. පඨමාභිනන්දසුත්තං 7. අභිනන්‍දන සූත්‍රය
8. දුතියාභිනන්දසුත්තං 8. දුතිය අභිනන්‍දන සූත්‍රය
9. පඨමදුක්ඛුප්පාදසුත්තං 9. උප්පාද සූත්‍රය
10. දුතියදුක්ඛුප්පාදසුත්තං 10. දුතිය උප්පාද සූත්‍රය
3. සබ්බවග්ගො 3. සබ්බ වර්‍ගය
1. සබ්බසුත්තං 1. සබ්බ සූත්‍රය
2. පහානසුත්තං 2. ප්‍රහාණ සූත්‍රය
3. අභිඤ්ඤාපරිඤ්ඤාපහානසුත්තං 3. දෙවැනි ප්‍රහාණ සූත්‍රය
4. පඨමඅපරිජානනසුත්තං 4. අපරිජාන සූත්‍රය
5. දුතියඅපරිජානනසුත්තං 5. දෙවැනි අපරිජාන සූත්‍රය
6. ආදිත්තසුත්තං 6. ආදිත්තපරියාය සූත්‍රය
7. අද්ධභූතසුත්තං 7. අන්‍ධභූත සූත්‍රය
8. සමුග්ඝාතසාරුප්පසුත්තං 8. සමුග්ඝාතසාරුප්පසුත්තං
9. පඨමසමුග්ඝාතසප්පායසුත්තං 9. සප්‌පායපටිපදා සූත්‍රය
10. දුතියසමුග්ඝාතසප්පායසුත්තං 10. ද්විතීය සත්ප්‍රායප්‍රතිපදා සූත්‍රය
4. ජාතිධම්මවග්ගො 4. ජාති ධම්ම වර්‍ගය
1-10. ජාතිධම්මාදිසුත්තදසකං 1-10. ජාතිධම්මාදිසුත්තදසකං
5. සබ්බඅනිච්චවග්ගො 5. සබ්‌බනිච්‌ච වර්‍ගය
1-9. අනිච්චාදිසුත්තනවකං 1-9. අනිච්චාදිසුත්තනවකං
10. උපස්සට්ඨසුත්තං 10. උපස්සට්ඨ සූත්‍රය
6. අවිජ්ජාවග්ගො 6. අවිජ්ජා වර්‍ගය
1. අවිජ්ජාපහානසුත්තං 1. අවිජ්‌ජා පහාන සූත්‍රය
2. සංයොජනපහානසුත්තං 2. සංයෝජන පහාන සූත්‍රය
3. සංයොජනසමුග්ඝාතසුත්තං 3. සංයෝජන සමුග්‌ඝාත සූත්‍රය
4. ආසවපහානසුත්තං 4. ආසව පහාන සූත්‍රය
5. ආසවසමුග්ඝාතසුත්තං 5. ආසව සමුග්‌ඝාත සූත්‍රය
6. අනුසයපහානසුත්තං 6. අනුසය පහාන සූත්‍රය
7. අනුසයසමුග්ඝාතසුත්තං 7. අනුසය සමුග්‌ඝාත සූත්‍රය
8. සබ්බුපාදානපරිඤ්ඤාසුත්තං 8. සබ්බූපාදාන පරිඤ්ඤා සූත්‍රය
9. පඨමසබ්බුපාදානපරියාදානසුත්තං 9. සබ්බූපාදාන පරියාදාන සූත්‍රය
10. දුතියසබ්බුපාදානපරියාදානසුත්තං 10. දුතිය සබ්බූපාදාන පරියාදාන සූත්‍රය
7. මිගජාලවග්ගො 7. මිගජාල වර්‍ගය
1. පඨමමිගජාලසුත්තං 1. මිගජාල සූත්‍රය
2. දුතියමිගජාලසුත්තං 2. දුතිය මිගජාල සූත්‍රය
3. පඨමසමිද්ධිමාරපඤ්හාසුත්තං 3. සමිද්‌ධි මාරපඤ්‌හ සූත්‍රය
4. සමිද්ධිසත්තපඤ්හාසුත්තං 4. සමිද්‌ධි සත්‌තපඤ්‌හ සූත්‍රය
5. සමිද්ධිදුක්ඛපඤ්හාසුත්තං 5. සමිද්‌ධි දුක්‌ඛපඤ්‌හ සූත්‍රය
6. සමිද්ධිලොකපඤ්හාසුත්තං 6. සමිද්‌ධි ලෝකපඤ්‌හ සූත්‍රය
7. උපසෙනආසීවිසසුත්තං 7. උපසේන සූත්‍රය
8. උපවාණසන්දිට්ඨිකසුත්තං 8. උපවාණ සූත්‍රය
9. පඨමඡඵස්සායතනසුත්තං 9. පඨම ඡඵස්‌සායතන සූත්‍රය
10. දුතියඡඵස්සායතනසුත්තං 10. දුතිය ඡඵස්‌සායතන සූත්‍රය
11. තතියඡඵස්සායතනසුත්තං 11. තතිය ඡඵස්‌සායතන සූත්‍රය
8. ගිලානවග්ගො 8. ගිලාන වර්‍ගය
1. පඨමගිලානසුත්තං 1. ගිලාන සූත්‍රය
2. දුතියගිලානසුත්තං 2. දුතිය ගිලාන සූත්‍රය
75
අථ ඛො අඤ්ඤතරො භික්ඛු...පෙ.... භගවන්තං එතදවොච - ‘‘අමුකස්මිං, භන්තෙ, විහාරෙ අඤ්ඤතරො භික්ඛු නවො අප්පඤ්ඤාතො ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. සාධු, භන්තෙ, භගවා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා’’ති.
අථ ඛො භගවා නවවාදඤ්ච සුත්වා ගිලානවාදඤ්ච, ‘‘අප්පඤ්ඤාතො භික්ඛූ’’ති ඉති විදිත්වා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. අද්දසා ඛො සො භික්ඛු භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන මඤ්චකෙ සමධොසි. අථ ඛො භගවා තං භික්ඛුං එතදවොච - ‘‘අලං, භික්ඛු, මා ත්වං මඤ්චකෙ සමධොසි. සන්තිමානි ආසනානි පඤ්ඤත්තානි, තත්ථාහං නිසීදිස්සාමී’’ති. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො භගවා තං භික්ඛුං එතදවොච - ‘‘කච්චි තෙ, භික්ඛු, ඛමනීයං, කච්චි යාපනීයං, කච්චි දුක්ඛා වෙදනා පටික්කමන්ති නො අභික්කමන්ති, පටික්කමොසානං පඤ්ඤායති නො අභික්කමො’’ති?
‘‘න මෙ, භන්තෙ, ඛමනීයං, න යාපනීයං...පෙ.... න ඛො මං (මෙ (සබ්බත්ථ)), භන්තෙ, අත්තා සීලතො උපවදතී’’ති.
‘‘නො චෙ කිර තෙ, භික්ඛු, අත්තා සීලතො උපවදති, අථ කිඤ්ච තෙ කුක්කුච්චං කො ච විප්පටිසාරො’’ති?
‘‘න ඛ්වාහං, භන්තෙ, සීලවිසුද්ධත්ථං භගවතා ධම්මං දෙසිතං ආජානාමී’’ති.
‘‘නො චෙ කිර ත්වං, භික්ඛු, සීලවිසුද්ධත්ථං මයා ධම්මං දෙසිතං ආජානාසි, අථ කිමත්ථං චරහි ත්වං, භික්ඛු, මයා ධම්මං දෙසිතං ආජානාසී’’ති?
‘‘අනුපාදාපරිනිබ්බානත්ථං ඛ්වාහං, භන්තෙ, භගවතා ධම්මං දෙසිතං ආජානාමී’’ති.
‘‘සාධු සාධු, භික්ඛු! සාධු ඛො ත්වං, භික්ඛු, අනුපාදාපරිනිබ්බානත්ථං මයා ධම්මං දෙසිතං ආජානාසි. අනුපාදාපරිනිබ්බානත්ථො හි, භික්ඛු, මයා ධම්මො දෙසිතො.
‘‘තං කිං මඤ්ඤසි, භික්ඛු, චක්ඛු නිච්චං වා අනිච්චං වා’’ති?
‘‘අනිච්චං , භන්තෙ’’.
‘‘යං...පෙ.... සොතං... ඝානං... ජිව්හා... කායො... මනො... මනොවිඤ්ඤාණං... මනොසම්ඵස්සො... යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි නිච්චං වා අනිච්චං වා’’ති?
‘‘අනිච්චං, භන්තෙ’’.
‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති?
‘‘දුක්ඛං, භන්තෙ’’.
‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති?
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘එවං පස්සං, භික්ඛු, සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති...පෙ.... මනස්මිම්පි... මනොවිඤ්ඤාණෙපි... මනොසම්ඵස්සෙපි නිබ්බින්දති. යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති; විරාගා විමුච්චති; විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාතී’’ති.
ඉදමවොච භගවා. අත්තමනො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දි. ඉමස්මිඤ්ච පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤමානෙ තස්ස භික්ඛුස්ස අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චීති (විමුච්චතීති (සබ්බත්ථ)). දුතියං.
75
එකල්හි එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවු ඒ භික්‍ෂු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, අසවල් විහාරයෙහි අලුත පැවිදිවූ අප්‍රසිද්‍ධ භික්‍ෂුවක් තෙම හටගත් ආබාධ ඇත්තේ, දුකින් පෙළුනේ, දැඩි ගිලන්වූයේ වෙයි. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂු තෙම යම් තැනෙක්හිද, අනුකම්පා පිණිස එතැනට වඩින සේක් නම් යහපතියි” කියායි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අලුත පැවිදිවූවෙකැයිද, ගිලනෙකැයිද අසා අප්‍රසිද්‍ධ භික්‍ෂුවෙකැයි මෙසේ දැන, ඒ භික්‍ෂුතෙම යම් තැනෙක්හිද, එතැනට වැඩි සේක. ඒ භික්‍ෂුතෙම දුරදීම වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුවේමය. දැක ඇඳෙන් නැගිටින ආකාරයක් දැක්වීය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂුවට, “මහණ, කම් නැත. නුඹ ඇඳෙන් නොනැගිටුව. පණවන ලද මේ ආසන ඇත්තාහ. එහි මම හිඳගන්නෙමි” යි වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ, ඒ භික්‍ෂුවට මෙය වදාළ සේක. “මහණ, කිමෙක්ද, තොපට ඉවසිය හැකිද? කිම, යැපිය හැකිද, කිමෙක්ද, තොපගේ දුක්වූ වේදනාවෝ අඩුවෙත්ද? වැඩි නොවෙත්ද? අඩුවන බවක් පෙනේද? වැඩිවන බවක් නොපෙනේදැ” යි ඇසූහ.
“ස්වාමීනි, මට ඉවසිය හැකි නොවේ. යැපිය හැකි නොවේ. මාගේ දැඩිවූ දුක් වේදනාවෝ වැඩිවෙති. අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේය” යයි කිය.
“මහණ, කිමෙක්ද, තොපට කිසි කුකුසක් නැත්තේද, පසුතැවිමක් නැත්තේද?”
“ස්වාමීනි, මට ඒකාන්තයෙන් ස්වල්ප නොවූ කුකුසක් ඇත්තේය. ස්වල්ප නොවූ පසුතැවීමක් ඇත්තේය” යි කීය.
“මහණ, කිමෙක්ද, නුඹ තමාම ශීලයෙන් චෝදනා කෙරේද?” - “ස්වාමීනි, මට තමාම ශීලයෙන් චෝදනා නොකෙරේයයි” කීය.
“මහණ, ඉදින් වනාහි නුඹ තමාම ශීලයෙන් චෝදනා නොකෙරේනම් එසේ ඇති කල්හි කවර කරුණකින් කුකුසක් වේද, පසුතැවිමක් වේද?” - “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් ශීලවිසුද්‍ධිය පිණිස ධර්මය දේශනා නොකරන ලද බව දනිමි”
“මහණ, ඉදින් වනාහි නුඹ මා විසින් ශීලවිසුද්‍ධිය පිණිස ධර්මය දේශනා නොකරන ලද බව දන්නෙහි නම්, මහණ, එකල්හි කුමක් සඳහා මා විසින් ධර්මය දේශනා කරන ලදැයි දන්නෙහිද?” - “ස්වාමීනි, මම උපාදාන රහිතව පිරිණිවීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය දේශනා කරන ලදැයි දනිමි” යි කීය.
“යහපත, යහපත, මහණ, මහණ, නුඹ උපාදාන රහිතව පිරිණිවීම පිණිස මා විසින් ධර්මය දේශනා කරන ලදැයි දන්නෙහි. එය මැනව. මහණ, මා විසින් උපාදාන රහිතව පිරිණිවීම පිණිස ධර්මය දේශනා කරන ලදී.”
“මහණ, නුඹ ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙය මම වෙමියි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, එය සුදුසු නොවේමැයි”
“රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?” - “ස්වාමීනි, අනිත්‍යයහ.”
“යමක් වනාහි අනිත්‍යයද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“චක්ඛුවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“චක්ඛුසම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, එය සුදුසු නොවේමැයි”
“චක්ඛුසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“මහණෙනි, කන නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි” “ශබ්දයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?” - “ස්වාමීනි, අනිත්‍යයහ.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“සෝතවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“සෝතසම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“සෝතසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“මහණෙනි, නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“ගන්‍ධයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යයහ.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“ඝාණවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“ඝාණසම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“ඝාණසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“මහණෙනි, දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“රසයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යයහ.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“ජිව්හාවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“ජිව්හාසම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“ජිව්හාසම්ඵස්සය හේතුකොටගෙන සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“මහණෙනි, කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි” “ස්පර්‍ශයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යයහ.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“කායවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“කායසම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“කායසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“මහණෙනි, සිත නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“ධර්‍මයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යයහ.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“මනෝවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“මනෝ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුණේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. සතර මාර්‍ගයෙන් කළ යුත්ත කරන ලදී. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනී” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාව සතුටින් පිළිගත්තේය. මේ දේශනාව කරණු ලබන කල්හි ඒ භික්‍ෂූහුගේ සිත උපාදාන රහිතව ආශ්‍රවයන්ගෙන් මිදුනේයයි වදාළ සේක.”
3. රාධඅනිච්චසුත්තං 3. අනිච්‌ච සූත්‍රය
4. රාධදුක්ඛසුත්තං 4. දුක්‌ඛ සූත්‍රය
5. රාධඅනත්තසුත්තං 5. අනත්‌ත සූත්‍රය
6. පඨමඅවිජ්ජාපහානසුත්තං 6. අවිජ්ජා සූත්‍රය
7. දුතියඅවිජ්ජාපහානසුත්තං 7. දුතිය අවිජ්‌ජා සූත්‍රය
8. සම්බහුලභික්ඛුසුත්තං 8. සම්‌බහුලභික්‌ඛු සූත්‍රය