ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්තනිකායො
සළායතනවග්ගො සළායතන වර්‍ගය
1. සළායතනසංයුත්තං 1. සළායතන සංයුත්තය
1. අනිච්චවග්ගො 1. අනිච්ච වර්‍ගය
1. අජ්ඣත්තානිච්චසුත්තං 1. (අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය
2. අජ්ඣත්තදුක්ඛසුත්තං 2. (අධ්‍යාත්මායතන) දුක්ඛ සූත්‍රය
3. අජ්ඣත්තානත්තසුත්තං 3. (අධ්‍යාත්මායතන) අනාත්ම සූත්‍රය
4. බාහිරානිච්චසුත්තං 4. (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය
5. බාහිරදුක්ඛසුත්තං 5. (බාහිරායතන) දුක්ඛ සූත්‍රය
6. බාහිරානත්තසුත්තං 6. (බාහිරායතන) අනාත්ම සූත්‍රය
7. අජ්ඣත්තානිච්චාතීතානාගතසුත්තං 7. දුතිය (අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය
8. අජ්ඣත්තදුක්ඛාතීතානාගතසුත්තං 8. දුතිය (අධ්‍යාත්මායතන) දුක්ඛ සූත්‍රය
9. අජ්ඣත්තානත්තාතීතානාගතසුත්තං 9. දුතිය (අධ්‍යාත්මායතන) අනාත්ම සූත්‍රය
10. බාහිරානිච්චාතීතානාගතසුත්තං 10. දුතිය (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය
11. බාහිරදුක්ඛාතීතානාගතසුත්තං 11. දුතිය (බාහිරායතන) දුක්ඛ සූත්‍රය
12. බාහිරානත්තාතීතානාගතසුත්තං 12. දුතිය (බාහිරායතන) අනාත්ම සූත්‍රය
2. යමකවග්ගො 2. යමක වර්‍ගය
1. පඨමපුබ්බෙසම්බොධසුත්තං 1. සම්බෝධ සූත්‍රය
2. දුතියපුබ්බෙසම්බොධසුත්තං 2. දුතිය සම්බෝධ සූත්‍රය
3. පඨමඅස්සාදපරියෙසනසුත්තං 3. ආශ්වාද පර්යේෂණ සූත්‍රය
4. දුතියඅස්සාදපරියෙසනසුත්තං 4. දුතිය ආශ්වාද පර්යේෂණ සූත්‍රය
5. පඨමනොචෙඅස්සාදසුත්තං 5. නොව ආශ්වාද සූත්‍රය
6. දුතියනොචෙඅස්සාදසුත්තං 6. දුතිය නොව ආශ්වාද සූත්‍රය
7. පඨමාභිනන්දසුත්තං 7. අභිනන්‍දන සූත්‍රය
8. දුතියාභිනන්දසුත්තං 8. දුතිය අභිනන්‍දන සූත්‍රය
9. පඨමදුක්ඛුප්පාදසුත්තං 9. උප්පාද සූත්‍රය
10. දුතියදුක්ඛුප්පාදසුත්තං 10. දුතිය උප්පාද සූත්‍රය
3. සබ්බවග්ගො 3. සබ්බ වර්‍ගය
1. සබ්බසුත්තං 1. සබ්බ සූත්‍රය
2. පහානසුත්තං 2. ප්‍රහාණ සූත්‍රය
3. අභිඤ්ඤාපරිඤ්ඤාපහානසුත්තං 3. දෙවැනි ප්‍රහාණ සූත්‍රය
4. පඨමඅපරිජානනසුත්තං 4. අපරිජාන සූත්‍රය
5. දුතියඅපරිජානනසුත්තං 5. දෙවැනි අපරිජාන සූත්‍රය
6. ආදිත්තසුත්තං 6. ආදිත්තපරියාය සූත්‍රය
7. අද්ධභූතසුත්තං 7. අන්‍ධභූත සූත්‍රය
8. සමුග්ඝාතසාරුප්පසුත්තං 8. සමුග්ඝාතසාරුප්පසුත්තං
9. පඨමසමුග්ඝාතසප්පායසුත්තං 9. සප්‌පායපටිපදා සූත්‍රය
10. දුතියසමුග්ඝාතසප්පායසුත්තං 10. ද්විතීය සත්ප්‍රායප්‍රතිපදා සූත්‍රය
4. ජාතිධම්මවග්ගො 4. ජාති ධම්ම වර්‍ගය
1-10. ජාතිධම්මාදිසුත්තදසකං 1-10. ජාතිධම්මාදිසුත්තදසකං
5. සබ්බඅනිච්චවග්ගො 5. සබ්‌බනිච්‌ච වර්‍ගය
1-9. අනිච්චාදිසුත්තනවකං 1-9. අනිච්චාදිසුත්තනවකං
10. උපස්සට්ඨසුත්තං 10. උපස්සට්ඨ සූත්‍රය
6. අවිජ්ජාවග්ගො 6. අවිජ්ජා වර්‍ගය
1. අවිජ්ජාපහානසුත්තං 1. අවිජ්‌ජා පහාන සූත්‍රය
2. සංයොජනපහානසුත්තං 2. සංයෝජන පහාන සූත්‍රය
3. සංයොජනසමුග්ඝාතසුත්තං 3. සංයෝජන සමුග්‌ඝාත සූත්‍රය
4. ආසවපහානසුත්තං 4. ආසව පහාන සූත්‍රය
5. ආසවසමුග්ඝාතසුත්තං 5. ආසව සමුග්‌ඝාත සූත්‍රය
6. අනුසයපහානසුත්තං 6. අනුසය පහාන සූත්‍රය
7. අනුසයසමුග්ඝාතසුත්තං 7. අනුසය සමුග්‌ඝාත සූත්‍රය
8. සබ්බුපාදානපරිඤ්ඤාසුත්තං 8. සබ්බූපාදාන පරිඤ්ඤා සූත්‍රය
9. පඨමසබ්බුපාදානපරියාදානසුත්තං 9. සබ්බූපාදාන පරියාදාන සූත්‍රය
10. දුතියසබ්බුපාදානපරියාදානසුත්තං 10. දුතිය සබ්බූපාදාන පරියාදාන සූත්‍රය
7. මිගජාලවග්ගො 7. මිගජාල වර්‍ගය
1. පඨමමිගජාලසුත්තං 1. මිගජාල සූත්‍රය
2. දුතියමිගජාලසුත්තං 2. දුතිය මිගජාල සූත්‍රය
3. පඨමසමිද්ධිමාරපඤ්හාසුත්තං 3. සමිද්‌ධි මාරපඤ්‌හ සූත්‍රය
4. සමිද්ධිසත්තපඤ්හාසුත්තං 4. සමිද්‌ධි සත්‌තපඤ්‌හ සූත්‍රය
5. සමිද්ධිදුක්ඛපඤ්හාසුත්තං 5. සමිද්‌ධි දුක්‌ඛපඤ්‌හ සූත්‍රය
6. සමිද්ධිලොකපඤ්හාසුත්තං 6. සමිද්‌ධි ලෝකපඤ්‌හ සූත්‍රය
7. උපසෙනආසීවිසසුත්තං 7. උපසේන සූත්‍රය
8. උපවාණසන්දිට්ඨිකසුත්තං 8. උපවාණ සූත්‍රය
70
අථ ඛො ආයස්මා උපවාණො යෙන භගවා තෙනුපසඞ්කමි...පෙ.... එකමන්තං නිසින්නො ඛො ආයස්මා උපවාණො භගවන්තං එතදවොච - ‘‘‘සන්දිට්ඨිකො ධම්මො, සන්දිට්ඨිකො ධම්මො’ති, භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො, භන්තෙ, සන්දිට්ඨිකො ධම්මො හොති, අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’’ති?
‘‘ඉධ පන, උපවාණ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා රූපප්පටිසංවෙදී ච හොති රූපරාගප්පටිසංවෙදී ච. සන්තඤ්ච අජ්ඣත්තං රූපෙසු රාගං ‘අත්ථි මෙ අජ්ඣත්තං රූපෙසු රාගො’ති පජානාති. යං තං, උපවාණ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා රූපප්පටිසංවෙදී ච හොති රූපරාගප්පටිසංවෙදී ච. සන්තඤ්ච අජ්ඣත්තං රූපෙසු රාගං ‘අත්ථි මෙ අජ්ඣත්තං රූපෙසු රාගො’ති පජානාති. එවම්පි ඛො, උපවාණ, සන්දිට්ඨිකො ධම්මො හොති අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’’ති...පෙ.....
‘‘පුන චපරං, උපවාණ, භික්ඛු ජිව්හාය රසං සායිත්වා රසප්පටිසංවෙදී ච හොති රසරාගප්පටිසංවෙදී ච. සන්තඤ්ච අජ්ඣත්තං රසෙසු රාගං ‘අත්ථි මෙ අජ්ඣත්තං රසෙසු රාගො’ති පජානාති. යං තං, උපවාණ, භික්ඛු ජිව්හාය රසං සායිත්වා රසප්පටිසංවෙදී ච හොති රසරාගප්පටිසංවෙදී ච. සන්තඤ්ච අජ්ඣත්තං රසෙසු රාගං ‘අත්ථි මෙ අජ්ඣත්තං රසෙසු රාගො’ති පජානාති. එවම්පි ඛො, උපවාණ, සන්දිට්ඨිකො ධම්මො හොති අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’’ති...පෙ.....
‘‘පුන චපරං, උපවාණ, භික්ඛු මනසා ධම්මං විඤ්ඤාය ධම්මප්පටිසංවෙදී ච හොති ධම්මරාගප්පටිසංවෙදී ච. සන්තඤ්ච අජ්ඣත්තං ධම්මෙසු රාගං ‘අත්ථි මෙ අජ්ඣත්තං ධම්මෙසු රාගො’ති පජානාති. යං තං, උපවාණ, භික්ඛු මනසා ධම්මං විඤ්ඤාය ධම්මප්පටිසංවෙදී ච හොති ධම්මරාගප්පටිසංවෙදී ච. සන්තඤ්ච අජ්ඣත්තං ධම්මෙසු රාගං ‘අත්ථි මෙ අජ්ඣත්තං ධම්මෙසු රාගො’ති පජානාති. එවම්පි ඛො, උපවාණ, සන්දිට්ඨිකො ධම්මො හොති...පෙ.... පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’’ති...පෙ.....
‘‘ඉධ පන, උපවාණ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා රූපප්පටිසංවෙදී ච හොති, නො ච රූපරාගප්පටිසංවෙදී. අසන්තඤ්ච අජ්ඣත්තං රූපෙසු රාගං ‘නත්ථි මෙ අජ්ඣත්තං රූපෙසු රාගො’ති පජානාති. යං තං, උපවාණ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා රූපප්පටිසංවෙදීහි ඛො හොති, නො ච රූපරාගප්පටිසංවෙදී. අසන්තඤ්ච අජ්ඣත්තං රූපෙසු රාගං ‘නත්ථි මෙ අජ්ඣත්තං රූපෙසු රාගො’ති පජානාති. එවම්පි ඛො, උපවාණ, සන්දිට්ඨිකො ධම්මො හොති, අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’’ති...පෙ.....
‘‘පුන චපරං, උපවාණ, භික්ඛු ජිව්හාය රසං සායිත්වා රසප්පටිසංවෙදීහි ඛො හොති, නො ච රසරාගප්පටිසංවෙදී. අසන්තඤ්ච අජ්ඣත්තං රසෙසු රාගං ‘නත්ථි මෙ අජ්ඣත්තං රසෙසු රාගො’ති පජානාති...පෙ.....
‘‘පුන චපරං, උපවාණ, භික්ඛු මනසා ධම්මං විඤ්ඤාය ධම්මප්පටිසංවෙදීහි ඛො හොති, නො ච ධම්මරාගප්පටිසංවෙදී. අසන්තඤ්ච අජ්ඣත්තං ධම්මෙසු රාගං ‘නත්ථි මෙ අජ්ඣත්තං ධම්මෙසු රාගො’ති පජානාති. යං තං, උපවාණ, භික්ඛු මනසා ධම්මං විඤ්ඤාය ධම්මප්පටිසංවෙදීහි ඛො හොති, නො ච ධම්මරාගප්පටිසංවෙදී. අසන්තඤ්ච අජ්ඣත්තං ධම්මෙසු රාගං ‘නත්ථි මෙ අජ්ඣත්තං ධම්මෙසු රාගො’ති පජානාති. එවම්පි ඛො, උපවාණ, සන්දිට්ඨිකො ධම්මො හොති, අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’’ති. අට්ඨමං.
70
එකල්හි ආයුෂ්මත් උපවාණ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එකත් පසක හුන්නාවූ ආයුෂ්මත් උපවාණ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, ධර්‍මය සන්‍දිට්ඨිකයයි (මේ ආත්මයේම ලැබිය යුතු ඵල ඇත්තේයයි) කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ධර්‍මය සන්‍දිට්ඨික වේද, අකාලික වේද (කල් නොයවා දෙන විපාක ඇත්තේද), එහිඵස්සික වේද (එව, බලව යන විධියට සුදුසු වේද), ඕපනයික වේද (තමා කෙරෙහි පමුණුවා ගතයුතු වේද), නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් විසින් දත යුතු වේද?”
“උපවාණය, මෙහි මහණ තෙම ඇසින් රූපය දැක, රූපය දැන ගත්තේද වෙයි. රූප රාගය දැන ගත්තේද වෙයි. අධ්‍යාත්මය තුළ ඇත්තාවූ රාගය, ‘මාගේ අධ්‍යාත්මය තුළ රූපයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැන ගනියි. උපවාණය, මහණතෙම ඇසින් යම් ඒ රූපයක් දැක රූපය දැනගත්තේද, යම් රූප රාගයක් දැන ගත්තේද, අධ්‍යාත්මය තුළ ඇත්තාවූ, රූපයන්හි ඇලෙන යම් රාගයක්, ‘මාගේ අධ්‍යාත්මය තුළ රූපයන්හි ඇලෙන රාගය ඇත්තේය, යි දැනගනියිද, උපවාණය, මෙසේද වනාහි ධර්‍මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.”
“උපවාණය, මෙහි මහණ තෙම කනෙන් ශබ්දය දැන, ශබ්දය දැන ගත්තේද වෙයි. ශබ්ද රාගය දැන ගන්නේද වෙයි. අධ්‍යාත්මය තුළ ඇත්තාවූ රාගය, ‘මාගේ අධ්‍යාත්මය තුළ ශබ්දයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැන ගනියි. උපවාණය, මහණතෙම කනෙන් යම් ඒ ශබ්දයක් දැක ශබ්දය දැනගත්තේද, යම් ශබ්ද රාගයක් දැන ගන්නේද, අධ්‍යාත්මය තුළ ඇත්තාවූ, ශබ්දයන්හි ඇලෙන යම් රාගයක්, මාගේ අධ්‍යාත්මය තුළ ශබ්දයන්හි ඇලෙන රාගය ඇත්තේය’ යි දැනගනියිද, උපවාණය, මෙසේද වනාහි ධර්‍මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.”
“උපවාණය, මෙහි මහණ තෙම නාසයෙන් ගන්ධය දැක, ගන්ධය දැන ගත්තේද වෙයි. ගන්ධ රාගය දැන ගත්තේද වෙයි. අධ්‍යාත්මය තුළ ඇත්තාවූ රාගය, ‘මාගේ අධ්‍යාත්මය තුළ ගන්ධයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැන ගනියි. උපවාණය, මහණතෙම නාසයෙන් යම් ඒ ගන්ධයක් දැක ගන්ධය දැනගත්තේද, යම් ගන්ධ රාගයක් දැන ගන්නේද, අධ්‍යාත්මය තුළ ඇත්තාවූ, ගන්ධන්හි ඇලෙන යම් රාගයක්, මාගේ අධ්‍යාත්මය තුළ ගන්ධයන්හි ඇලෙන රාගය ඇත්තේය’ යි දැනගනියිද, උපවාණය, මෙසේද වනාහි ධර්‍මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.”
“උපවාණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම දිවෙන් රසය විඳ, රසය දන්නේ වෙයි. රස රාගය දන්නේද වෙයි. තමා තුළ ඇත්තාවූ රසයන්හි ඇලෙන රාගයද, ‘මාගේ අධ්‍යාත්මය තුළ රසයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැන ගනියි. උපවානය, මහණතෙම දිවෙන් යම් ඒ රසයක් විඳ රස දන්නේද, යම් ඒ රස රාගයක් දන්නේ වේද, තමා තුළවූ රසයන්හි ඇලෙන රාගය, ‘මාගේ අධ්‍යාත්මය තුළ රසයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැනගනියිද, උපවාණය, මෙසේද වනාහි ධර්‍මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වෙයි.”
“උපවාණය, මෙහි මහණ තෙම කයින් ස්පර්‍ශය දැක, ස්පර්‍ශය දැන ගන්නේද වෙයි. ස්පර්‍ශ රාගය දැන ගන්නේද වෙයි. අධ්‍යාත්මය තුළ ඇත්තාවූ රාගය, ‘මාගේ අධ්‍යාත්මය තුළ ස්පර්‍ශයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැන ගනියි. උපවාණය, මහණතෙම කයින් යම් ඒ ස්පර්‍ශයක් දැක ස්පර්‍ශය දැන ගන්නේද, යම් ස්පර්‍ශ රාගයක් දැන ගන්නේද, අධ්‍යාත්මය තුළ ඇත්තාවූ ස්පර්‍ශයන්හි ඇලෙන යම් රාගයක්, ‘මාගේ අධ්‍යාත්මය තුළ ස්පර්‍ශයන්හි ඇලෙන රාගය ඇත්තේය’ යි දැන ගනියිද, උපවාණය, මෙසේද වනාහි ධර්‍මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වෙයි.”
“උපවාණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සිතින් ධර්‍මය දැන, ධර්‍මය දන්නේද වෙයි. ධර්‍ම රාගය දන්නේද වෙයි. තමා තුළ ඇති ධර්‍මයන් කෙරෙහි ඇලෙන රාගය, ‘මාගේ අධ්‍යාත්මය තුළ ධර්‍මයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැන ගනියි. උපවාණය, මහණතෙම සිතින් යම් මේ ධර්‍මයක් දැන ධර්‍ම දන්නේ වේද, ධර්‍ම රාගය දන්නේත් වේද, තමා තුළ ඇති ධර්‍මයන් කෙරෙහි ඇලෙන රාගය, ‘මාගේ අධ්‍යාත්මය තුළ ධර්‍මයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැනගන්නේද, උපවාණය, මෙසේද වනාහි ධර්‍මය සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වෙයි.”
“උපවාණය, මෙහි මහණ තෙම ඇසින් රූපය දැක, රූපය දන්නේම වේ. රූප රාගය දන්නේ නොවේ. තමා තුළ නැත්තාවූ රූපයන් කෙරෙහි ඇලෙන රාගය, ‘මාගේ අධ්‍යාත්මය තුළ රූපයන් කෙරෙහි ඇලෙන රාගය නැත්තේය’ යි දැනගනියි. උපවාණය, මහණතෙම ඇසින් යම් ඒ රූපයක් දැක රූපය දන්නේම වේද, රූප රාගය දන්නේ නොවේද, අධ්‍යාත්මයෙහි නැත්තාවූ, රූපයන් කෙරෙහි ඇලෙන රාගය, ‘මාගේ අධ්‍යාත්මයෙහි රූපයන් කෙරහි ඇලෙන රාගය නැත්තේයයි දැනගනියි, උපවාණය, මෙසේද වනාහි ධර්‍මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.”
“උපවාණය, මෙහි මහණ තෙම කනෙන් ශබ්දය අසා, ශබ්දය දන්නේම වේ. ශබ්ද රාගය දන්නේ නොවේ. තමා තුළ නැත්තාවූ ශබ්දයන් කෙරෙහි ඇලෙන රාගය, ‘මාගේ අධ්‍යාත්මය තුළ ශබ්දයන් කෙරෙහි ඇලෙන රාගය නැත්තේය’ යි දැන ගනියි. උපවාණය, මහණතෙම කනෙන් යම් ඒ ශබ්දයක් දැන ශබ්දය දන්නේම වේද, ශබ්ද රාගය දන්නේ නොවේද, අධ්‍යාත්මයෙහි නැත්තාවූ, ශබ්දයන් කෙරෙහි ඇලෙන රාගය, මාගේ අධ්‍යාත්මයෙහි ශබ්දයන් කෙරෙහි ඇලෙන රාගය නැත්තේය’ යි දැනගනියි. උපවාණය, මෙසේද වනාහි ධර්‍මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.”
“උපවාණය, මෙහි මහණ තෙම නාසයෙන් ගන්‍ධය දැන, ගන්‍ධය දන්නේම වේ. ගන්‍ධ රාගය දන්නේ නොවේ. තමා තුළ නැත්තාවූ ගන්‍ධයන් කෙරෙහි ඇලෙන රාගය, ‘මාගේ අධ්‍යාත්මය තුළ ගන්‍ධයන් කෙරෙහි ඇලෙන රාගය නැත්තේය’ යි දැනගනියි. උපවාණය, මහණතෙම නාසයෙන් යම් ඒ ගන්‍ධයක් දැන ගන්‍ධය දන්නේම වේද, ගන්‍ධ රාගය දන්නේ නොවේද, අධ්‍යාත්මයෙහි නැත්තාවූ, ගන්‍ධයන් කෙරෙහි ඇලෙන රාගය, ‘මාගේ අධ්‍යාත්මයෙහි ගන්‍ධයන් කෙරහි ඇලෙන රාගය නැත්තේයයි දැනගනියි, උපවාණය, මෙසේද වනාහි ධර්‍මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.”
“උපවාණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම දිවෙන් රසය විඳ, රස දන්නේ වේද. රස රාගය නොදන්නේ වේද. අධ්‍යාත්මය තුළ නැති රස රාගය, මා තුළ රසයන් කෙරෙහි රාගය නැත්තේය’ යි දැනගනියි. උපවාණය, මහණතෙම දිවෙන් යම් ඒ රසයක් දැන රසය දන්නේම වේද, රස රාගය දන්නේ නොවේද, අධ්‍යාත්මයෙහි නැත්තාවූ, රසයන් කෙරෙහි ඇලෙන රාගය, ‘මාගේ අධ්‍යාත්මයෙහි රසයන් කෙරහි ඇලෙන රාගය නැත්තේයයි දැනගනියි, උපවාණය, මෙසේද වනාහි ධර්‍මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.”
“උපවාණය, මෙහි මහණ තෙම කයින් ස්පර්‍ශය දැන, ස්පර්‍ශය දන්නේම වේ. ස්පර්‍ශ රාගය දන්නේ නොවේ. තමා තුළ නැත්තාවූ ස්පර්‍ශයන් කෙරෙහි ඇලෙන රාගය, ‘මාගේ අධ්‍යාත්මය තුළ ස්පර්‍ශයන් කෙරෙහි ඇලෙන රාගය නැත්තේය’ යි දැන ගනියි. උපවාණය, මහණතෙම කයින් යම් ඒ ස්පර්‍ශයක් දැන ස්පර්‍ශය දන්නේම වේද, ස්පර්‍ශ රාගය දන්නේ නොවේද, අධ්‍යාත්මයෙහි නැත්තාවූ ස්පර්‍ශයන් කෙරෙහි ඇලෙන රාගය ‘මාගේ අධ්‍යාත්මයෙහි ස්පර්‍ශයන් කෙරෙහි ඇලෙන රාගය නැත්තේය’ යි දැනගනියි. උපවාණය, මෙසේද වනාහි ධර්‍මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.”
“උපවාණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සිතින් ධර්‍මයන් දැන, ධර්‍මය දන්නේ වේ. ධර්‍ම රාගය නොදන්නේ වේ. තමා තුළ නැති ධර්‍මයන් කෙරෙහිවූ රාගය, මා තුළ ධර්‍මයන් කෙරෙහි රාගය නැත්තේය’ යි දැන ගනියි. උපවාණය, මහණතෙම සිතින් යම් ඒ ධර්‍මයක් දැන ධර්‍ම දන්නේ වේද, ධර්‍ම රාගය නොදන්නේ වේද, තමා තුළ නැති ධර්‍මයන් කෙරෙහිවූ රාගය, මා තුළ ධර්‍මයන් කෙරෙහි රාගය නැත්තේය’ යි දැනගනියි. උපවාණය, මෙසේද වනාහි ධර්‍මය සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේයයි.” වදාළ සේක.
9. පඨමඡඵස්සායතනසුත්තං 9. පඨම ඡඵස්‌සායතන සූත්‍රය
10. දුතියඡඵස්සායතනසුත්තං 10. දුතිය ඡඵස්‌සායතන සූත්‍රය
11. තතියඡඵස්සායතනසුත්තං 11. තතිය ඡඵස්‌සායතන සූත්‍රය
8. ගිලානවග්ගො 8. ගිලාන වර්‍ගය
1. පඨමගිලානසුත්තං 1. ගිලාන සූත්‍රය
2. දුතියගිලානසුත්තං 2. දුතිය ගිලාන සූත්‍රය
3. රාධඅනිච්චසුත්තං 3. අනිච්‌ච සූත්‍රය
4. රාධදුක්ඛසුත්තං 4. දුක්‌ඛ සූත්‍රය
5. රාධඅනත්තසුත්තං 5. අනත්‌ත සූත්‍රය
6. පඨමඅවිජ්ජාපහානසුත්තං 6. අවිජ්ජා සූත්‍රය
7. දුතියඅවිජ්ජාපහානසුත්තං 7. දුතිය අවිජ්‌ජා සූත්‍රය
8. සම්බහුලභික්ඛුසුත්තං 8. සම්‌බහුලභික්‌ඛු සූත්‍රය