සංයුත්තනිකායො | සංයුත්තනිකායො |
සළායතනවග්ගො | සළායතන වර්ගය |
1. සළායතනසංයුත්තං | 1. සළායතන සංයුත්තය |
1. අනිච්චවග්ගො | 1. අනිච්ච වර්ගය |
1. අජ්ඣත්තානිච්චසුත්තං | 1. (අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය |
1
එවං
‘‘චක්ඛුං
|
1
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ඇස අනිත්‍යය. යමක් අනිත්‍යය නම්, එය දුක් වේ. යමක් දුක නම්, එය අනාත්ම වේ. යමක් අනාත්ම නම්, එය, “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුය.
“කන අනිත්‍යය. යමක් අනිත්‍යද, එය දුක් වේ. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්මද, එය, “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි. “නාසය අනිත්‍යය. යමක් අනිත්‍යද, එය දුක් වේ. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්මද, එය, “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.
“දිව අනිත්‍යය. යමක් අනිත්‍යද, එය දුක් වේ. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්මද, එය, “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.
“කය අනිත්‍යය. යමක් අනිත්‍යද, එය දුක් වේ. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්මද, එය, “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.
“සිත අනිත්‍යය. යමක් අනිත්‍යද, එය දුක් වේ. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්මද, එය, “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.
“මහණෙනි, මෙසේ දකින්නාවූ, බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ, ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්ෂය විය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී.
කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය” යි (වදාළ සේක.)
|
2. අජ්ඣත්තදුක්ඛසුත්තං | 2. (අධ්‍යාත්මායතන) දුක්ඛ සූත්‍රය |
2
‘‘චක්ඛුං, භික්ඛවෙ, දුක්ඛං. යං දුක්ඛං තදනත්තා; යදනත්තා තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. සොතං දුක්ඛං...පෙ.... ඝානං දුක්ඛං... ජිව්හා දුක්ඛා... කායො දුක්ඛො... මනො දුක්ඛො. යං දුක්ඛං තදනත්තා; යදනත්තා තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවං පස්සං...පෙ.... නාපරං ඉත්ථත්තායාති පජානාතී’’ති. දුතියං.
|
2
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ඇස දුකය. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්ම වේද, “එය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.”
“කන දුකය, නාසය දුකය, දිව දුකය, කය දුකය, සිත දුකය, යමක් දුකද, එය අනාත්ම වේ.
“යමක් අනාත්මද, එය, “මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ, බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවක තෙම, ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්ෂය විය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය” යි (වදාළ සේක.)
|
3. අජ්ඣත්තානත්තසුත්තං | 3. (අධ්‍යාත්මායතන) අනාත්ම සූත්‍රය |
3
‘‘චක්ඛුං, භික්ඛවෙ, අනත්තා. යදනත්තා තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. සොතං අනත්තා...පෙ.... ඝානං අනත්තා... ජිව්හා අනත්තා... කායො අනත්තා... මනො අනත්තා. යදනත්තා තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවං පස්සං...පෙ.... නාපරං ඉත්ථත්තායාති පජානාතී’’ති. තතියං.
|
3
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ඇස අනාත්මය. යමක් අනාත්මද, එය “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.
“කන අනාත්මය. නාසය අනාත්මය. දිව අනාත්මය. කය අනාත්මය. සිත අනාත්මය. යමක් අනාත්ම වේද, එය “මෙය මාගේ නොවෙයි. මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි. “මහණෙනි, මෙසේ දක්නාවූ, ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවක තෙම, ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්ෂය විය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය” යි (වදාළ සේක.)
|
4. බාහිරානිච්චසුත්තං | 4. (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය |
4
‘‘රූපා
|
4
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපයෝ අනිත්‍යයහ. යමක් අනිත්‍යද, එය දුකය. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්ම වේද, එය “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.
ශබ්දයෝ, ගන්ධයෝ, රසයෝ, ස්පර්ශයෝ සහ ධර්මයෝ අනිත්‍යයෝ වෙත්. යමක් අනිත්‍ය වේද, එය දුක් වේ. යමක් දුක් වේද, එය අනාත්ම වේ. යමක් අනාත්ම වේද, එය “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ, ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, රූපයන් කෙරෙහිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. ගන්ධයන් කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශයන් කෙරෙහිද කලකිරෙයි. ධර්මයන් කෙරෙහිද කලකිරෙයි. කලකිරෙනුයේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. උත්පත්තිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය” යි (වදාළ සේක.)
|
5. බාහිරදුක්ඛසුත්තං | 5. (බාහිරායතන) දුක්ඛ සූත්‍රය |
5
‘‘රූපා
|
5
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපයෝ දුකය. යමක් දුක්වේද, එය අනාත්ම වේ. යමක් අනාත්ම වේද, එය “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.
ශබ්දයෝ, ගන්ධයෝ, රසයෝ, ස්පර්ශයෝ සහ ධර්මයෝ දුකය. යමක් දුක් වේද, එය අනාත්ම වේ. යමක් අනාත්ම වේද, එය “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ, ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, රූපයන් කෙරෙහිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. ගන්ධයන් කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශයන් කෙරෙහිද කලකිරෙයි. ධර්මයන් කෙරෙහිද කලකිරෙයි. කලකිරෙනුයේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. උත්පත්තිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය” යි (වදාළ සේක.)
|
6. බාහිරානත්තසුත්තං | 6. (බාහිරායතන) අනාත්ම සූත්‍රය |
6
‘‘රූපා, භික්ඛවෙ, අනත්තා. යදනත්තා තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. සද්දා... ගන්ධා... රසා... ඵොට්ඨබ්බා... ධම්මා අනත්තා. යදනත්තා තං
|
6
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපයෝ අනාත්මයහ. යමක් අනාත්මද, එය “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.” “ශබ්දයෝ, ගන්ධයෝ, රසයෝ, ස්පර්ශයෝ සහ ධර්මයෝ අනාත්මයහ. යමක් අනාත්මද, එය “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.
“මෙසේ දක්නාවූ, ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, රූපයන් කෙරෙහිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. ගන්ධයන් කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශයන් කෙරෙහිද කලකිරෙයි. ධර්මයන් කෙරෙහිද කලකිරෙයි. කලකිරෙනුයේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. උත්පත්තිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය” යි (වදාළ සේක.)
|
7. අජ්ඣත්තානිච්චාතීතානාගතසුත්තං | 7. දුතිය (අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය |
7
‘‘චක්ඛුං
|
7
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අතීතවූද, අනාගත වූද, ඇස, අනිත්‍ය වේ. දැන් පවත්නා ඇස ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ඇස කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ඇසක් නොපතයි. දැන් පවත්නා ඇස සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
“අතීතවූද, අනාගත වූද, කන, අනිත්‍ය වේ. දැන් පවත්නා කන ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ කන කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත කනක් නොපතයි. දැන් පවත්නා කන සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
“අතීතවූද, අනාගත වූද, නාසය, අනිත්‍ය වේ. දැන් පවත්නා නාසය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ නාසය කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත නාසයක් නොපතයි. දැන් පවත්නා නාසය සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
“අතීතවූද, අනාගත වූද, දිව, අනිත්‍ය වේ. දැන් පවත්නා දිව ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ දිව කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත දිවක් නොපතයි. දැන් පවත්නා දිව සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
“අතීතවූද, අනාගත වූද, ශරීරය, අනිත්‍ය වේ. දැන් පවත්නා ශරීරය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ශරීරය කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ශරීරයක් නොපතයි. දැන් පවත්නා ශරීරය සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
“අතීතවූද, අනාගත වූද, සිත, අනිත්‍ය වේ. දැන් පවත්නා සිත ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ සිත කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත සිතක් නොපතයි. දැන් පවත්නා සිත සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.”
|
8. අජ්ඣත්තදුක්ඛාතීතානාගතසුත්තං | 8. දුතිය (අධ්‍යාත්මායතන) දුක්ඛ සූත්‍රය |
8
‘‘චක්ඛුං
|
8
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අතීතවූද, අනාගත වූද, ඇස, දුක් වේ. දැන් පවත්නා ඇස ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ඇස කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ඇසක් නොපතයි. දැන් පවත්නා ඇස සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, කන, දුක් වේ. දැන් පවත්නා කන ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ කන කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත කනක් නොපතයි. දැන් පවත්නා කන සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
“අතීතවූද, අනාගත වූද, නාසය, දුක් වේ. දැන් පවත්නා නාසය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ නාසය කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත නාසයක් නොපතයි. දැන් පවත්නා නාසය සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
“අතීතවූද, අනාගත වූද, දිව, දුක් වේ. දැන් පවත්නා දිව ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ දිව කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත දිවක් නොපතයි. දැන් පවත්නා දිව සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
“අතීතවූද, අනාගත වූද, ශරීරය, දුක් වේ. දැන් පවත්නා ශරීරය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ශරීරය කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ශරීරයක් නොපතයි. දැන් පවත්නා ශරීරය සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
“අතීතවූද, අනාගත වූද, සිත, දුක් වේ. දැන් පවත්නා සිත ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ සිත කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත සිතක් නොපතයි. දැන් පවත්නා සිත සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේය” යි. (වදාළ සේක)
|
9. අජ්ඣත්තානත්තාතීතානාගතසුත්තං | 9. දුතිය (අධ්‍යාත්මායතන) අනාත්ම සූත්‍රය |
9
‘‘චක්ඛුං
|
9
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අතීතවූද, අනාගත වූද, ඇස, අනාත්ම වේ. දැන් පවත්නා ඇස ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ඇස කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ඇසක් නොපතයි. දැන් පවත්නා ඇස සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
“අතීතවූද, අනාගත වූද, කන, අනාත්ම වේ. දැන් පවත්නා කන ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ කන කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත කනක් නොපතයි. දැන් පවත්නා කන සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
“අතීතවූද, අනාගත වූද, නාසය, අනාත්ම වේ. දැන් පවත්නා නාසය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ නාසය කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත නාසයක් නොපතයි. දැන් පවත්නා නාසය සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
“අතීතවූද, අනාගත වූද, දිව, අනාත්ම වේ. දැන් පවත්නා දිව ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ දිව කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත දිවක් නොපතයි. දැන් පවත්නා දිව සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
“අතීතවූද, අනාගත වූද, ශරීරය, අනාත්ම වේ. දැන් පවත්නා ශරීරය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ශරීරය කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ශරීරයක් නොපතයි. දැන් පවත්නා ශරීරය සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
“අතීතවූද, අනාගත වූද, සිත, අනාත්ම වේ. දැන් පවත්නා සිත ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ සිත කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත සිතක් නොපතයි. දැන් පවත්නා සිත සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේය” යි. (වදාළ සේක)
|
10. බාහිරානිච්චාතීතානාගතසුත්තං | 10. දුතිය (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය |
10
‘‘රූපා
|
10
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අතීතවූද, අනාගත වූද, රූපයෝ අනිත්‍යයහ. දැන් පවත්නාවූ රූපයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ රූපයන් කෙරෙහි කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත රූප නොපතයි. දැන් පවත්නාවූ රූපයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ.
“අතීතවූද, අනාගත වූද, ශබ්දයෝ අනිත්‍යයහ. දැන් පවත්නාවූ ශබ්දයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ශබ්දයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ශබ්දයන් නොපතයි. දැන් පවත්නාවූ ශබ්දයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
“අතීතවූද, අනාගත වූද, ගන්ධයෝ අනිත්‍යයහ. දැන් පවත්නාවූ ගන්ධයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ගන්ධයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ගන්ධයන් නොපතයි. දැන් පවත්නාවූ ගන්ධයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
“අතීතවූද, අනාගත වූද, රසයෝ අනිත්‍යයහ. දැන් පවත්නාවූ රසයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ රසයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත රසයන් නොපතයි. දැන් පවත්නාවූ රසයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
“අතීතවූද, අනාගත වූද, ස්පර්ශයෝ අනිත්‍යයහ. දැන් පවත්නාවූ ස්පර්ශයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ස්පර්ශයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ස්පර්ශයන් නොපතයි. දැන් පවත්නාවූ ස්පර්ශයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
“අතීතවූද, අනාගත වූද, ධර්මයෝ අනිත්‍යයහ. දැන් පවත්නාවූ ධර්මයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ධර්මයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ධර්මයන් නොපතයි. දැන් පවත්නාවූ ධර්මයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේය.” යි (වදාළ සේක.)
|
11. බාහිරදුක්ඛාතීතානාගතසුත්තං | 11. දුතිය (බාහිරායතන) දුක්ඛ සූත්‍රය |
11
‘‘රූපා, භික්ඛවෙ, දුක්ඛා අතීතානාගතා; කො පන වාදො පච්චුප්පන්නානං! එවං පස්සං, භික්ඛවෙ, සුතවා අරියසාවකො අතීතෙසු රූපෙසු අනපෙක්ඛො හොති; අනාගතෙ රූපෙ නාභිනන්දති
|
11
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අතීතවූද, අනාගත වූද, රූපයෝ දුකයහ. දැන් පවත්නා රූපයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ රූපයන් කෙරෙහි කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත රූප නොපතයි. දැන් පවත්නාවූ රූපයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
“අතීතවූද, අනාගත වූද, ශබ්දයෝ දුකයහ. දැන් පවත්නාවූ ශබ්දයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ශබ්දයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ශබ්දයන් නොපතයි. දැන් පවත්නාවූ ශබ්දයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
“අතීතවූද, අනාගත වූද, ගන්ධයෝ දුකයහ. දැන් පවත්නාවූ ගන්ධයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ගන්ධයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ගන්ධයන් නොපතයි. දැන් පවත්නාවූ ගන්ධයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
“අතීතවූද, අනාගත වූද, රසයෝ දුකයහ. දැන් පවත්නාවූ රසයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ රසයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත රසයන් නොපතයි. දැන් පවත්නාවූ රසයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
“අතීතවූද, අනාගත වූද, ස්පර්ශයෝ දුකයහ. දැන් පවත්නාවූ ස්පර්ශයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ස්පර්ශයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ස්පර්ශයන් නොපතයි. දැන් පවත්නාවූ ස්පර්ශයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
“අතීතවූද, අනාගත වූද, ධර්මයෝ දුක් වෙත්. දැන් පවත්නාවූ ධර්මයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ධර්මයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ධර්මයන් නොපතයි. දැන් පවත්නාවූ ධර්මයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේය” (වදාළ සේක).
|
12. බාහිරානත්තාතීතානාගතසුත්තං | 12. දුතිය (බාහිරායතන) අනාත්ම සූත්‍රය |
12
‘‘රූපා, භික්ඛවෙ, අනත්තා අතීතානාගතා; කො පන වාදො පච්චුප්පන්නානං! එවං පස්සං, භික්ඛවෙ, සුතවා අරියසාවකො අතීතෙසු රූපෙසු අනපෙක්ඛො හොති; අනාගතෙ රූපෙ නාභිනන්දති; පච්චුප්පන්නානං රූපානං නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති. සද්දා... ගන්ධා... රසා... ඵොට්ඨබ්බා... ධම්මා අනත්තා අතීතානාගතා; කො පන වාදො පච්චුප්පන්නානං! එවං පස්සං, භික්ඛවෙ
|
12
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අතීතවූද, අනාගත වූද, රූපයෝ අනාත්ම වෙත්. දැන් පවත්නා රූපයන් පිළිබඳව කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ රූපයන් කෙරෙහි කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත රූප නොපතයි. දැන් පවත්නාවූ රූපයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.”
“අතීතවූද, අනාගත වූද, ශබ්දයෝ අනාත්ම වෙත්. දැන් පවත්නා ශබ්දයන් පිළිබඳව කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ශබ්දයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ශබ්දයන් නොපතයි. දැන් පවත්නාවූ ශබ්දයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.”
“අතීතවූද, අනාගත වූද, ගන්ධයෝ අනාත්ම වෙත්. දැන් පවත්නා ගන්ධයන් පිළිබඳව කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ගන්ධයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ගන්ධයන් නොපතයි. දැන් පවත්නාවූ ගන්ධයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.”
“අතීතවූද, අනාගත වූද, රසයෝ අනාත්ම වෙත්. දැන් පවත්නා රසයන් පිළිබඳව කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ රසයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත රසයන් නොපතයි. දැන් පවත්නාවූ රසයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.”
“අතීතවූද, අනාගත වූද, ස්පර්ශයෝ අනාත්ම වෙත්. දැන් පවත්නා ස්පර්ශයන් පිළිබඳව කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ස්පර්ශයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ස්පර්ශයන් නොපතයි. දැන් පවත්නාවූ ස්පර්ශයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.”
“අතීතවූද, අනාගත වූද, ධර්මයෝ අනාත්ම වෙත්. දැන් පවත්නාවූ ධර්මයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ධර්මයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ධර්මයන් නොපතයි. දැන් පවත්නාවූ ධර්මයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේය”යි (වදාළ සේක).
|
2. යමකවග්ගො | 2. යමක වර්ගය |
1. පඨමපුබ්බෙසම්බොධසුත්තං | 1. සම්බෝධ සූත්‍රය |
13
සාවත්ථිනිදානං
‘‘යාවකීවඤ්චාහං, භික්ඛවෙ, ඉමෙසං ඡන්නං අජ්ඣත්තිකානං ආයතනානං එවං අස්සාදඤ්ච අස්සාදතො, ආදීනවඤ්ච ආදීනවතො, නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං නාබ්භඤ්ඤාසිං, නෙව තාවාහං, භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ
|
13
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, සම්බෝධියෙන් පෙරම සම්‍යක් සම්බුද්ධ නොවූ, බෝධිසත්ත්‍වවූම මට මෙබඳු අදහසක් විය. ‘චක්ෂුසයාගේ (ඇසෙහි) ආශ්වාදය කවරේද, ආදීනවය (දෝෂය) කවරේද, නිස්සරණ (බැහැරවීම) කුමක්ද? ශ්රොතයාගේ (කනෙහි) ආශ්වාදය කවරේද, ආදීනවය (දෝෂය) කවරේද, නිස්සරණ කවරේද? ඝ්රාණයාගේ (නාසයෙහි) ආශ්වාදය කවරේද, ආදීනවය (දෝෂය) කවරේද, නිස්සරණ කවරේද? දිවෙහි ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද? කයේ ආශ්වාදය කවරේද, ආදීනවය (දෝෂය) කවරේද, නිස්සරණ කවරේද? චිත්තයාගේ ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද කියායි.
“මහණෙනි, ඒ මට මේ අදහස් විය. “ඇස නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ ඇසේ ආශ්වාදය වේ. යම් ඇසක් අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, මේ ඇසේ ආදීනවය වේ. ඇසෙහි යම් ඡන්දරාගය දුරුකිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මෙය ඇසේ නිස්සරණයයි.” “කන නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ කනෙහි ආශ්වාදය වේ. යම් කනක් අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, මේ කනෙහි ආදීනවය වේ. කනෙහි යම් ඡන්දරාගය දුරුකිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මෙය කනෙහි නිස්සරණයයි.” “නාසය නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ නාසයේ ආශ්වාදය වේ. යම් නාසයක් අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, මේ නාසයේ ආදීනවය වේ. නාසයෙහි යම් ඡන්දරාගය දුරුකිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මෙය නාසයේ නිස්සරණයයි.” “දිව නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ දිව පිළිබඳ ආශ්වාදය වේ. යම් දිවක් අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, මේ දිව පිළිබඳ ආදීනවයයි. දිව පිළිබඳ යම් ඡන්දරාගය දුරුකිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මෙය දිව පිළිබඳ නිස්සරණයයි.” “කය නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ කයේ ආශ්වාදය වේ. යම් කයක් අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, මේ කයේ ආදීනවය වේ. කයේ යම් ඡන්දරාගය දුරුකිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මෙය කයේ නිස්සරණයයි.” “සිත නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ සිත පිළිබඳ ආශ්වාදයයි. යම් සිතක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මේ සිත පිළිබඳ ආදීනවයයි. සිතෙහි යම් ඡන්දරාගය දුරුකිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මෙය සිත පිළිබඳ නිස්සරණය වේ.”
“මහණෙනි, මම යම්තාක් මේ සවැදෑරුම්වූ, අධ්‍යාත්මිකවූ, ආයතනයන්ගේ මෙසේ ආශ්වාදය ආශ්වාද වශයෙන්ද, ආදීනවය ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණ වශයෙන්ද, තත්වූ පරිද්දෙන් මනාව දැන නොගත්තෙම්ද, මහණෙනි, ඒතාක්ම මම දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්ව ප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේ වෙමියි ප්‍රකාශ නොකෙළෙමි.
“මහණෙනි, යම් කලක පටන් මම මේ සවැදෑරුම්වූ, අධ්‍යාත්මිකවූ, ආයතනයන්ගේ මෙසේ ආශ්වාදය ආශ්වාද වශයෙන්ද, ආදීනවය ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණ වශයෙන්ද, තත්වූ පරිද්දෙන් මනාකොට දැන ගත්තෙම්ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, ප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේ වෙමියි ප්‍රකාශ කෙළෙමි. “මට වනාහි මාගේ අර්හත් ඵල සමාධිය විනාශ නොවන්නීය. මේ අන්තිම ජාතිය වේ. දැන් නැවත ඉපදීමක් නැත්තේය.” යන ඥාන දර්ශනය පහළවිය.
|
2. දුතියපුබ්බෙසම්බොධසුත්තං | 2. දුතිය සම්බෝධ සූත්‍රය |
14
‘‘පුබ්බෙව
‘‘යාවකීවඤ්චාහං, භික්ඛවෙ, ඉමෙසං ඡන්නං බාහිරානං ආයතනානං එවං අස්සාදඤ්ච අස්සාදතො, ආදීනවඤ්ච ආදීනවතො, නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං නාබ්භඤ්ඤාසිං, නෙව තාවාහං, භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය ‘අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති පච්චඤ්ඤාසිං. යතො ච ඛ්වාහං, භික්ඛවෙ, ඉමෙසං ඡන්නං බාහිරානං ආයතනානං එවං අස්සාදඤ්ච අස්සාදතො, ආදීනවඤ්ච ආදීනවතො, නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං අබ්භඤ්ඤාසිං, අථාහං, භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය ‘අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති පච්චඤ්ඤාසිං. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි - ‘අකුප්පා මෙ විමුත්ති, අයමන්තිමා ජාති, නත්ථි දානි පුනබ්භවො’’’ති. දුතියං.
|
14
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, සම්බෝධියෙන් පෙරම සම්‍යක් සම්බුද්ධ නොවූ, බෝධිසත්ත්‍වවූම මට මෙබඳු අදහසක් විය. ‘රූපයන්ගේ ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද? ශබ්දයන්ගේ ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද? ගන්ධයන්ගේ ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද? රසයන්ගේ ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද? ස්පර්ශයන්ගේ ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද? ධර්මයන්ගේ ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද කියායි.
“මහණෙනි, ඒ මට මෙසේ අදහසක් විය. “රූපයන් නිසා යම් සැපක් සොම්නසක් උපදීද, මේ රූපයන්ගේ ආශ්වාදය වේ. යම් රූප කෙනෙක් අනිත්‍ය වෙත්ද, දුක් වෙත්ද, වෙනස්වන ස්වභාව ඇත්තාහුද, මේ රූපයන්ගේ ආදීනවය වේ. රූපයන් කෙරෙහි යම් ඡන්දරාගය දුරුකිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මේ රූපයන්ගේ නිස්සරණය වේ.”
“ශබ්දයන් නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ ශබ්දයන්ගේ ආශ්වාදය වේ. යම් ශබ්ද කෙනෙක් අනිත්‍ය වෙත්ද, දුක් වෙත්ද, වෙනස්වන ස්වභාව ඇත්තාහුද, මේ ශබ්දයන්ගේ ආදීනවය වේ. ශබ්දයන් කෙරෙහි යම් ඡන්දරාගය දුරුකිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මේ ශබ්දයන්ගේ නිස්සරණය වේ.”
“ගන්ධයන් නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ ගන්ධයන්ගේ ආශ්වාදය වේ. යම් ගන්ධ කෙනෙක් අනිත්‍ය වෙත්ද, දුක් වෙත්ද, වෙනස්වන ස්වභාව ඇත්තාහුද, මේ ගන්ධයන්ගේ ආදීනවය වේ. ගන්ධයන් කෙරෙහි යම් ඡන්දරාගය දුරුකිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මේ ගන්ධයන්ගේ නිස්සරණය වේ.”
“රසයන් නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ රසයන්ගේ ආශ්වාදය වේ. යම් රස කෙනෙක් අනිත්‍ය වෙත්ද, දුක් වෙත්ද, වෙනස්වන ස්වභාව ඇත්තාහුද, මේ රසයන්ගේ ආදීනවය වේ. රසයන් කෙරෙහි යම් ඡන්දරාගය දුරුකිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මේ රසයන්ගේ නිස්සරණය වේ.”
“ස්පර්ශයන් නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ ස්පර්ශයන්ගේ ආශ්වාදය වේ. යම් ස්පර්ශ කෙනෙක් අනිත්‍ය වෙත්ද, දුක් වෙත්ද, වෙනස්වන ස්වභාව ඇත්තාහුද, මේ ස්පර්ශයන්ගේ ආදීනවය වේ. ස්පර්ශයන් කෙරෙහි යම් ඡන්දරාගය දුරුකිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මේ ස්පර්ශයන්ගේ නිස්සරණය වේ.”
“ධර්මයන් නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ ධර්මයන්ගේ ආශ්වාදය වේ. යම් ධර්ම කෙනෙක් අනිත්‍ය වෙත්ද, දුක් වෙත්ද, වෙනස්වන ස්වභාව ඇත්තාහුද, මේ ධර්මයන්ගේ ආදීනවය වේ. ධර්මයන් කෙරෙහි යම් ඡන්දරාගය දුරුකිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මේ ධර්මයන්ගේ නිස්සරණය වේ.”
“මහණෙනි, මම යම්තාක් මේ සවැදෑරුම්වූ, බාහිර ආයතනයන්ගේ මෙසේ ආශ්වාදය ආශ්වාද වශයෙන්ද, ආදීනවය ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණ වශයෙන්ද, තත්වූ පරිද්දෙන් මනාව දැන නොගත්තෙම්ද, මහණෙනි, ඒතාක්ම මම දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්ව ප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේ වෙමියි ප්‍රකාශ නොකෙළෙමි.
“මහණෙනි, යම් කලක පටන් මම මේ සවැදෑරුම්වූ, බාහිර ආයතනයන්ගේ මෙසේ ආශ්වාදය ආශ්වාද වශයෙන්ද, ආදීනවය ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණ වශයෙන්ද, තත්වූ පරිද්දෙන් මනාකොට දැන ගත්තෙම්ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍වප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේ වෙමියි ප්‍රකාශ කෙළෙමි. “මට වනාහි මාගේ අර්හත් ඵල සමාධිය විනාශ නොවන්නීය. මේ අන්තිම ජාතිය වේ. දැන් නැවත ඉපදීමක් නැත්තේය.” යන ඥාන දර්ශනය පහළවිය.
|
3. පඨමඅස්සාදපරියෙසනසුත්තං | 3. ආශ්වාද පර්යේෂණ සූත්‍රය |
15
‘‘චක්ඛුස්සාහං, භික්ඛවෙ, අස්සාදපරියෙසනං අචරිං. යො චක්ඛුස්ස අස්සාදො තදජ්ඣගමං. යාවතා චක්ඛුස්ස අස්සාදො පඤ්ඤාය මෙ සො සුදිට්ඨො. චක්ඛුස්සාහං, භික්ඛවෙ
‘‘යාවකීවඤ්චාහං, භික්ඛවෙ, ඉමෙසං ඡන්නං අජ්ඣත්තිකානං ආයතනානං අස්සාදඤ්ච අස්සාදතො, ආදීනවඤ්ච ආදීනවතො, නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං නාබ්භඤ්ඤාසිං...පෙ.... පච්චඤ්ඤාසිං. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි - ‘අකුප්පා මෙ විමුත්ති, අයමන්තිමා ජාති, නත්ථි දානි පුනබ්භවො’’’ති. තතියං.
|
15
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, මම ඇස පිළිබඳ ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. ඇස පිළිබඳ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. ඇස පිළිබඳ යම්තාක් ආශ්වාදයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම ඇස පිළිබඳ ආදීනවය සෙවීමෙහි හැසුරුනෙමි. ඇස පිළිබඳ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. ඇස පිළිබඳව යම්තාක් ආදීනවය වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම ඇස පිළිබඳ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. ඇස පිළිබඳ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. ඇස පිළිබඳ යම්තාක් නිස්සරණයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී.
“මහණෙනි, මම කන පිළිබඳව ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. කන පිළිබඳ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. කන පිළිබඳ යම්තාක් ආශ්වාදයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම කන පිළිබඳ ආදීනවය සෙවීමෙහි හැසුරුනෙමි. කන පිළිබඳ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. කන පිළිබඳව යම්තාක් ආදීනවය වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම කන පිළිබඳ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. කන පිළිබඳ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. කන පිළිබඳ යම්තාක් නිස්සරණයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී.”
“මහණෙනි, මම නාසය පිළිබඳව ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. නාසය පිළිබඳ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. නාසය පිළිබඳ යම්තාක් ආශ්වාදයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම නාසය පිළිබඳ ආදීනවය සෙවීමෙහි හැසුරුනෙමි. නාසය පිළිබඳ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. නාසය පිළිබඳව යම්තාක් ආදීනවය වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම නාසය පිළිබඳ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. නාසය පිළිබඳ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. නාසය පිළිබඳ යම්තාක් නිස්සරණයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී.”
“මහණෙනි, මම දිව පිළිබඳව ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. දිව පිළිබඳ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. දිව පිළිබඳ යම්තාක් ආශ්වාදයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම දිව පිළිබඳ ආදීනවය සෙවීමෙහි හැසුරුනෙමි. දිව පිළිබඳ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. දිව පිළිබඳව යම්තාක් ආදීනවය වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම දිව පිළිබඳ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. දිව පිළිබඳ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. දිව පිළිබඳ යම්තාක් නිස්සරණයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී.
“මහණෙනි, මම කය පිළිබඳව ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. කය පිළිබඳ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. කය පිළිබඳ යම්තාක් ආශ්වාදයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම කය පිළිබඳ ආදීනවය සෙවීමෙහි හැසුරුනෙමි. කය පිළිබඳ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. කය පිළිබඳව යම්තාක් ආදීනවය වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම කය පිළිබඳ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. කය පිළිබඳ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. කය පිළිබඳ යම්තාක් නිස්සරණයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී.”
“මහණෙනි, මම සිත පිළිබඳ ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. සිත පිළිබඳ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. සිත පිළිබඳ යම්තාක් ආශ්වාදයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම සිත පිළිබඳ ආදීනව සෙවීමෙහි හැසුරුනෙමි. සිත පිළිබඳ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. සිත පිළිබඳ යම්තාක් ආදීනවයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම යම්තාක් මේ සවැදෑරුම්වූ අධ්‍යාත්මික ආයතනයන්ගේ ආශ්වාදය, ආශ්වාද වශයෙනුත්, ආදීනවය, ආදීනව වශයෙනුත් නිස්සරණය, නිස්සරණය වශයෙනුත්, තත්වූ පරිද්දෙන් මනාව දැන නොගත්තෙම්ද, මහණෙනි, ඒ තාක්ම මම දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්ව ප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේ වෙමියි ප්‍රකාශ නොකෙළෙමි.
“මහණෙනි, යම් කලක පටන් මම මේ සවැදෑරුම්වූ, අධ්‍යාත්මිකවූ, ආයතනයන්ගේ මෙසේ ආශ්වාදය ආශ්වාද වශයෙන්ද, ආදීනවය ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණ වශයෙන්ද, තත්වූ පරිද්දෙන් මනාකොට දැන ගත්තෙම්ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍වප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේ වෙමියි ප්‍රකාශ කෙළෙමි. “මට වනාහි මාගේ අර්හත් ඵල සමාධිය විනාශ නොවන්නීය. මේ අන්තිම ජාතිය වේ. දැන් නැවත ඉපදීමක් නැත්තේය.” යන ඥාන දර්ශනය පහළවිය.
|
4. දුතියඅස්සාදපරියෙසනසුත්තං | 4. දුතිය ආශ්වාද පර්යේෂණ සූත්‍රය |
16
‘‘රූපානාහං, භික්ඛවෙ, අස්සාදපරියෙසනං අචරිං. යො රූපානං අස්සාදො
‘‘යාවකීවඤ්චාහං, භික්ඛවෙ, ඉමෙසං ඡන්නං බාහිරානං ආයතනානං අස්සාදඤ්ච අස්සාදතො, ආදීනවඤ්ච ආදීනවතො, නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං නාබ්භඤ්ඤාසිං...පෙ.... පච්චඤ්ඤාසිං. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි - ‘අකුප්පා මෙ විමුත්ති, අයමන්තිමා ජාති, නත්ථි දානි පුනබ්භවො’’’ති. චතුත්ථං.
|
16
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, මම රූපයන්ගේ ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. රූපයන්ගේ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් රූපයන්ගේ ආශ්වාදයක් වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම රූපයන්ගේ ආදීනව සෙවීමෙහි හැසුරුනෙමි. රූපයන්ගේ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් රූපයන්ගේ ආදීනවයක් වේද, ප්‍රඥාවෙන් මා විසින් මෙය මනාව දක්නා ලදී. මහණෙනි, මම රූපයන්ගේ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. රූපයන්ගේ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් රූපයන්ගේ නිස්සරණය වේද, මා විසින් මෙය ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලදී.
“මහණෙනි, මම ශබ්දයන්ගේ ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. ශබ්දයන්ගේ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ශබ්දයන්ගේ ආශ්වාදයක් වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම ශබ්දයන්ගේ ආදීනව සෙවීමෙහි හැසුරුනෙමි. ශබ්දයන්ගේ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ශබ්දයන්ගේ ආදීනවය වේද, ප්‍රඥාවෙන් මා විසින් මෙය මනාව දක්නා ලදී. මහණෙනි, මම ශබ්දයන්ගේ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. ශබ්දයන්ගේ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ශබ්දයන්ගේ නිස්සරණය වේද, මා විසින් මෙය ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලදී.”
“මහණෙනි, මම ගන්ධයන්ගේ ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. ගන්ධයන්ගේ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ගන්ධයන්ගේ ආශ්වාදයක් වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම ගන්ධයන්ගේ ආදීනව සෙවීමෙහි හැසුරුනෙමි. ගන්ධයන්ගේ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ගන්ධයන්ගේ ආදීනවයක් වේද, ප්‍රඥාවෙන් මා විසින් මෙය මනාව දක්නා ලදී. මහණෙනි, මම ගන්ධයන්ගේ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. ගන්ධයන්ගේ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ගන්ධයන්ගේ නිස්සරණයක් වේද, මා විසින් මෙය ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලදී.”
“මහණෙනි, මම රසයන්ගේ ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. යම් රසයන්ගේ ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් රසයන්ගේ ආශ්වාදයක් වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම රසයන්ගේ ආදීනව සෙවීමෙහි හැසුරුනෙමි. රසයන්ගේ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් රසයන්ගේ ආදීනවයක් වේද, ප්‍රඥාවෙන් මා විසින් මෙය මනාව දක්නා ලදී. මහණෙනි, මම රසයන්ගේ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. රසයන්ගේ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් රසයන්ගේ නිස්සරණය වේද, මා විසින් මෙය ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලදී.
“මහණෙනි, මම ස්පර්ශයන්ගේ ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. ස්පර්ශයන්ගේ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ස්පර්ශයන්ගේ ආශ්වාදයක් වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම ස්පර්ශයන්ගේ ආදීනව සෙවීමෙහි හැසුරුනෙමි. ස්පර්ශයන්ගේ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ස්පර්ශයන්ගේ ආදීනවයක් වේද, ප්‍රඥාවෙන් මා විසින් මෙය මනාව දක්නා ලදී. මහණෙනි, මම ස්පර්ශයන්ගේ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. ස්පර්ශයන්ගේ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ස්පර්ශයන්ගේ නිස්සරණය වේද, මා විසින් මෙය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී.”
“මහණෙනි, මම ධර්මයන්ගේ ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. ධර්මයන්ගේ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ධර්මයන්ගේ ආශ්වාදයක් වේද, මා විසින් මෙය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම ධර්මයන්ගේ ආදීනව සෙවීමෙහි හැසුරුනෙමි. ධර්මයන්ගේ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ධර්මයන්ගේ ආදීනවයක් වේද, මා විසින් මෙය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම ධර්මයන්ගේ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. ධර්මයන්ගේ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ධර්මයන්ගේ නිස්සරණයක් වේද, මා විසින් මෙය ප්‍රඥාවෙන් දක්නා ලදී.
“මහණෙනි, මම යම්තාක් මේ සවැදෑරුම්වූ බාහිර ආයතනයන්ගේ ආශ්වාදය, ආශ්වාදය වශයෙන්ද, ආදීනවය, ආදීනව වශයෙන්ද, නිස්සරණය, නිස්සරණය වශයෙන්ද, තත්වූ පරිද්දෙන් දැන නොගත්තෙම්ද, මහණෙනි, ඒතාක්ම මම දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්ව ප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේ වෙමියි ප්‍රකාශ නොකෙළෙමි.
“මහණෙනි, යම් කලක පටන් මම මේ සවැදෑරුම්වූ, අධ්‍යාත්මිකවූ, ආයතනයන්ගේ මෙසේ ආශ්වාදය ආශ්වාද වශයෙන්ද, ආදීනවය ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණ වශයෙන්ද, තත්වූ පරිද්දෙන් මනාකොට දැන ගත්තෙම්ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍වප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේ වෙමියි ප්‍රකාශ කෙළෙමි. “මට වනාහි මාගේ අර්හත් ඵල සමාධිය විනාශ නොවන්නීය. මේ අන්තිම ජාතිය වේ. දැන් නැවත ඉපදීමක් නැත්තේය.” යන ඥාන දර්ශනය පහළවිය.
|
5. පඨමනොචෙඅස්සාදසුත්තං | 5. නොව ආශ්වාද සූත්‍රය |
17
‘‘නො
‘‘යාවකීවඤ්ච, භික්ඛවෙ, සත්තා ඉමෙසං ඡන්නං අජ්ඣත්තිකානං ආයතනානං
|
17
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ඇස පිළිබඳ ඉදින් මේ ආශ්වාදය නැත්තේ නම් සත්ත්වයෝ මේ ඇස කෙරෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි ඇස පිළිබඳ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ ඇස කෙරෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් ඇස පිළිබඳ මේ ආදීනවය නැත්තේ නම්, සත්ත්වයෝ මේ ඇස කෙරෙහි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් ඇස පිළිබඳ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ ඇස කෙරෙහි කළකිරෙත්. මහණෙනි, ඉදින් ඇස පිළිබඳ මේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්වයෝ මේ ඇස කෙරෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් ඇස පිළිබඳ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ ඇස කෙරෙන් මිදෙන්නාහුය.
“මහණෙනි, කන පිළිබඳ ඉදින් මේ ආශ්වාදය නැත්තේ නම් සත්ත්වයෝ මේ කන කෙරෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි කන පිළිබඳ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ කන කෙරෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් කන පිළිබඳ මේ ආදීනවය නැත්තේ නම්, සත්ත්වයෝ මේ කන කෙරෙහි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් කන පිළිබඳ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ කන කෙරෙහි කළකිරෙත්. මහණෙනි, ඉදින් කන පිළිබඳ මේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්වයෝ මේ කන කෙරෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් කන පිළිබඳ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ කන කෙරෙන් මිදෙන්නාහුය.
“මහණෙනි, නාසය පිළිබඳ ඉදින් මේ ආශ්වාදය නැත්තේ නම් සත්ත්වයෝ මේ නාසය කෙරෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි නාසය පිළිබඳ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ නාසය කෙරෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් නාසය පිළිබඳ මේ ආදීනවය නැත්තේ නම්, සත්ත්වයෝ මේ නාසය කෙරෙහි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් නාසය පිළිබඳ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ නාසය කෙරෙහි කළකිරෙත්. මහණෙනි, ඉදින් නාසය පිළිබඳ මේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්වයෝ මේ නාසය කෙරෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් නාසය පිළිබඳ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ නාසය කෙරෙන් මිදෙන්නාහුය.
“මහණෙනි, දිව පිළිබඳ ඉදින් මේ ආශ්වාදය නැත්තේ නම් සත්ත්වයෝ මේ දිව කෙරෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි දිව පිළිබඳ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ දිව කෙරෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් දිව පිළිබඳ මේ ආදීනවය නැත්තේ නම්, සත්ත්වයෝ මේ දිව කෙරෙහි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් දිව පිළිබඳ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ දිව කෙරෙහි කළකිරෙත්. මහණෙනි, ඉදින් දිව පිළිබඳ මේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්වයෝ මේ දිව කෙරෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් දිව පිළිබඳ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ දිව කෙරෙන් මිදෙන්නාහුය.
“මහණෙනි, කය පිළිබඳ ඉදින් මේ ආශ්වාදය නැත්තේ නම් සත්ත්වයෝ මේ කය කෙරෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි කය පිළිබඳ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ කය කෙරෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් කය පිළිබඳ මේ ආදීනවය නැත්තේ නම්, සත්ත්වයෝ මේ කය කෙරෙහි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් කය පිළිබඳ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ කය කෙරෙහි කළකිරෙත්. මහණෙනි, ඉදින් කය පිළිබඳ මේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්වයෝ මේ කය කෙරෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් කය පිළිබඳ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ කය කෙරෙන් මිදෙන්නාහුය.
“මහණෙනි, සිත පිළිබඳ ඉදින් මේ ආශ්වාදය නැත්තේ නම් සත්ත්වයෝ මේ සිත කෙරෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි සිත පිළිබඳ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ සිත කෙරෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් සිත පිළිබඳ මේ ආදීනවය නැත්තේ නම්, සත්ත්වයෝ මේ සිත කෙරෙහි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් සිත පිළිබඳ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ සිත කෙරෙහි කළකිරෙත්. මහණෙනි, ඉදින් සිත පිළිබඳ මේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්වයෝ මේ සිත කෙරෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් සිත පිළිබඳ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ සිත කෙරෙන් මිදෙන්නාහුය.
“මහණෙනි, යම්තාක් කල් සත්ත්වයෝ මේ සවැදෑරුම්වූ අධ්‍යාත්මිකවූ ආයතනයන්ගේ ආශ්වාදය, ආශ්වාද වශයෙන්ද, ආදීනවය, ආදීනව වශයෙන්ද, නිස්සරණය, නිස්සරණ වශයෙන්ද, තත්වූ පරිද්දෙන් දැන නොගත්තාහුද, මහණෙනි, ඒතාක්ම සත්ත්වයෝ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙන්, මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්ව ප්‍රජාවෙන් නික්මුණාහු වෙන්වුනාහු, මිදුනාහු, ලෝක සීමාව ඉක්මවූ සිතින් යුක්තවූ සිතින් යුක්තව වාසය නොකළාහුය. මහණෙනි, යම් කලක පටන් සත්ත්වයෝ මේ සවැදෑරුම්වූ, අධ්‍යාත්මිකවූ, ආයතනයන්ගේ ආශ්වාදය ආශ්වාද වශයෙන්ද, ආදීනවය ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණය වශයෙන්ද, තත්වූ පරිද්දෙන් දැනගත්තාහුද, මහණෙනි, එකල්හි සත්ත්වයෝ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙන් මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්වප්රජාවෙන් නික්මුණාහු, වෙන්වුනාහු, මිදුනාහු, ලෝක සීමාව ඉක්මවූ සිතින් යුක්තව වාසය කෙරෙත්ය” යි වදාළ සේක.
|
6. දුතියනොචෙඅස්සාදසුත්තං | 6. දුතිය නොව ආශ්වාද සූත්‍රය |
18
‘‘නො චෙදං, භික්ඛවෙ, රූපානං අස්සාදො අභවිස්ස, නයිදං සත්තා රූපෙසු සාරජ්ජෙය්යුං. යස්මා ච ඛො, භික්ඛවෙ, අත්ථි රූපානං අස්සාදො, තස්මා සත්තා රූපෙසු සාරජ්ජන්ති. නො චෙදං, භික්ඛවෙ, රූපානං ආදීනවො අභවිස්ස, නයිදං සත්තා රූපෙසු නිබ්බින්දෙය්යුං. යස්මා
‘‘යාවකීවඤ්ච, භික්ඛවෙ, සත්තා ඉමෙසං ඡන්නං බාහිරානං ආයතනානං අස්සාදඤ්ච අස්සාදතො, ආදීනවඤ්ච ආදීනවතො, නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං නාබ්භඤ්ඤංසු
|
18
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ඉදින් මේ රූපයන්ගේ ආශ්වාදයක් නැත්තේ නම්, සත්ත්වයෝ මේ රූපයන්හි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි රූපයන්ගේ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ රූපයන්හි ඇලෙත්. මහණෙනි, ඉදින් මේ රූපයන්ගේ ආදීනවයක් නැත්තේ නම්, සත්ත්වයෝ මේ රූපයන්හි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් රූපයන්ගේ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ රූපයන්හි කළකිරෙත්. මහණෙනි, ඉදින් මේ රූපයන්ගේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්වයෝ මේ රූපයන්ගෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් රූපයන්ගේ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ රූපයන් කෙරෙන් මිදෙන්නාහුය.
“මහණෙනි, ඉදින් මේ ශබ්දයන්ගේ ආශ්වාදයක් නැත්තේ නම්, සත්ත්වයෝ මේ ශබ්දයන්හි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි ශබ්දයන්ගේ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ ශබ්දයන්හි ඇලෙත්. මහණෙනි, ඉදින් මේ ශබ්දයන්ගේ ආදීනවයක් නැත්තේ නම්, සත්ත්වයෝ මේ ශබ්දයන්හි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ශබ්දයන්ගේ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ ශබ්දයන්හි කළකිරෙත්. මහණෙනි, ඉදින් මේ ශබ්දයන්ගේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්වයෝ මේ ශබ්දයන්ගෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ශබ්දයන්ගේ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ ශබ්දයන් කෙරෙන් මිදෙන්නාහුය.
“මහණෙනි, ඉදින් මේ ගන්ධයන්ගේ ආශ්වාදය නැත්තේ නම් සත්ත්වයෝ මේ ගන්ධයන්හි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි ගන්ධයන්ගේ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ ගන්ධයන්හි ඇලෙත්. මහණෙනි, ඉදින් මේ ගන්ධයන්ගේ ආදීනවයක් නැත්තේ නම්, සත්ත්වයෝ මේ ගන්ධයන්හි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ගන්ධයන්ගේ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ ගන්ධයන්හි කළකිරෙත්. මහණෙනි, ඉදින් මේ ගන්ධයන්ගේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්වයෝ මේ ගන්ධයන්ගෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ගන්ධයන්ගේ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ ගන්ධයන් කෙරෙන් මිදෙන්නාහුය.
“මහණෙනි, ඉදින් මේ රසයන්ගේ ආශ්වාදයක් නැත්තේ නම් සත්ත්වයෝ මේ රසයන්හි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් රසයන්ගේ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ රසයන්හි ඇලෙත්. මහණෙනි, ඉදින් මේ රසයන්ගේ ආදීනවයක් නැත්තේ නම්, සත්ත්වයෝ මේ රසයන්හි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් රසයන්ගේ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ රසයන්හි කළකිරෙත්. මහණෙනි, ඉදින් මේ රසයන්ගේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්වයෝ මේ රසයන්ගෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් රසයන්ගේ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ රසයන් කෙරෙන් මිදෙන්නාහුය.
“මහණෙනි, ඉදින් මේ ස්පර්ශයන්ගේ ආශ්වාදයක් නැත්තේ නම් සත්ත්වයෝ මේ ස්පර්ශයන්හි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ස්පර්ශයන්ගේ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ ස්පර්ශයන්හි ඇලෙත්. මහණෙනි, ඉදින් මේ ස්පර්ශයන්ගේ ආදීනවයක් නැත්තේ නම්, සත්ත්වයෝ මේ ස්පර්ශයන්හි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ස්පර්ශයන්ගේ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ ස්පර්ශයන්හි කළකිරෙත්. මහණෙනි, ඉදින් මේ ස්පර්ශයන්ගේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්වයෝ මේ ස්පර්ශයන්ගෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ස්පර්ශයන්ගේ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ ස්පර්ශයන් කෙරෙන් මිදෙන්නාහුය.
“මහණෙනි, ඉදින් මේ ධර්මයන්ගේ ආශ්වාදයෙක් නැත්තේ නම් සත්ත්වයෝ ධර්මයන්හි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ධර්මයන්ගේ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ ධර්මයන්හි ඇලෙත්. මහණෙනි, ඉදින් මේ ධර්මයන්ගේ ආදීනවයෙක් නැත්තේ නම්, සත්ත්වයෝ මේ ධර්මයන්හි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ධර්මයන්ගේ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ ධර්මයන්හි කළකිරෙත්. මහණෙනි, ඉදින් මේ ධර්මයන්ගේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්වයෝ මේ ධර්මයන් කෙරෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ධර්මයන්ගේ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ ධර්මයන් කෙරෙන් මිදෙන්නාහුය.
“මහණෙනි, යම්තාක් කල් සත්ත්වයෝ මේ සවැදෑරුම්වූ බාහිරවූ ආයතනයන්ගේ ආශ්වාදය, ආශ්වාද වශයෙන්ද, ආදීනවය, ආදීනව වශයෙන්ද, නිස්සරණය, නිස්සරණ වශයෙන්ද, තත්වූ පරිද්දෙන් නොදැන ගත්තාහුද, මහණෙනි, ඒතාක්ම සත්ත්වයෝ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකය කෙරෙන්, මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, ප්‍රජාව කෙරෙන් නික්මුණාහු වෙන්වූවාහු, මිදුනාහු, ලෝක සීමාව ඉක්මවූ සිතින් යුක්තවූ සිතින් යුක්තව වාසය නොකළාහුය. මහණෙනි, යම් කලක පටන් සත්ත්වයෝ මේ සවැදෑරුම්වූ, බාහිරවූ, ආයතනයන්ගේ ආශ්වාදය ආශ්වාද වශයෙන්ද, ආදීනවය ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණය වශ යෙන්ද, තත්වූ පරිද්දෙන් දැනගත්තාහුද, මහණෙනි, එකල්හි සත්ත්වයෝ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙන් මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, ප්‍රජාවෙන් නික්මුණාහු, වෙන්වූවාහු, මිදුනාහු, ලෝක සීමාව ඉක්මවූ සිතින් යුක්තව වාසය කෙරෙත්ය” යි වදාළ සේක.
|
7. පඨමාභිනන්දසුත්තං | 7. අභිනන්දන සූත්‍රය |
19
‘‘යො
‘‘යො ච ඛො, භික්ඛවෙ, චක්ඛුං නාභිනන්දති, දුක්ඛං සො නාභිනන්දති. යො දුක්ඛං නාභිනන්දති, පරිමුත්තො සො දුක්ඛස්මාති වදාමි. යො සොතං...පෙ.... යො ඝානං...පෙ.... යො ජිව්හං නාභිනන්දති, දුක්ඛං සො නාභිනන්දති. යො දුක්ඛං නාභිනන්දති, පරිමුත්තො සො දුක්ඛස්මාති වදාමි. යො කායං...පෙ.... යො මනං නාභිනන්දති, දුක්ඛං සො නාභිනන්දති. යො දුක්ඛං නාභිනන්දති, පරිමුත්තො සො දුක්ඛස්මා’’ති වදාමි. සත්තමං.
|
19
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යමෙක් ඇසට කැමතිවෙයිද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකෙන් නොමිදුනේයයි කියමි.
“මහණෙනි, යමෙක් කනට කැමතිවෙයිද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකෙන් නොමිදුනේයයි කියමි.
“මහණෙනි, යමෙක් නාසයට කැමතිවෙයිද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකෙන් නොමිදුනේයයි කියමි.
“මහණෙනි, යමෙක් දිවට කැමතිවෙයිද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකෙන් නොමිදුනේයයි කියමි.
“මහණෙනි, යමෙක් කයට කැමතිවෙයිද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකෙන් නොමිදුනේයයි කියමි.
“මහණෙනි, යමෙක් සිතට කැමතිවෙයිද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකෙන් නොමිදුනේයයි කියමි.
“මහණෙනි, යමෙක් වනාහි ඇසට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි. “යමෙක් වනාහි කනට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.
“යමෙක් වනාහි නාසයට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.
“යමෙක් වනාහි දිවට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.
“යමෙක් වනාහි කයට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.
“යමෙක් වනාහි සිතට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි” යි (වදාළ සේක.)
|
8. දුතියාභිනන්දසුත්තං | 8. දුතිය අභිනන්දන සූත්‍රය |
20
‘‘යො, භික්ඛවෙ, රූපෙ අභිනන්දති, දුක්ඛං සො අභිනන්දති. යො දුක්ඛං අභිනන්දති, අපරිමුත්තො සො දුක්ඛස්මාති වදාමි. යො සද්දෙ...පෙ.... ගන්ධෙ... රසෙ... ඵොට්ඨබ්බෙ... ධම්මෙ අභිනන්දති, දුක්ඛං සො අභිනන්දති. යො දුක්ඛං අභිනන්දති, අපරිමුත්තො සො දුක්ඛස්මා’’ති වදාමි.
‘‘යො
|
20
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යමෙක් රූපයන්ට කැමතිවේද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි.
“මහණෙනි, යමෙක් ශබ්දයන්ට කැමතිවේද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි.
“මහණෙනි, යමෙක් ගන්ධයන්ට කැමතිවේද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි. “මහණෙනි, යමෙක් රසයන්ට කැමතිවේද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි.
“මහණෙනි, යමෙක් ස්පර්ශයන්ට කැමතිවේද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි.
“මහණෙනි, යමෙක් ධර්මයන්ට කැමතිවේද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි.
“මහණෙනි, යමෙක් වනාහි රූපයන්ට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවේ. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.
“යමෙක් ශබ්දයන්ට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.
“යමෙක් ගන්ධයන්ට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.
“යමෙක් රසයන්ට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.
“යමෙක් වනාහි ස්පර්ශයන්ට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.
“යමෙක් ධර්මයන්ට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි” යි (වදාළ සේක.)
|
9. පඨමදුක්ඛුප්පාදසුත්තං | 9. උප්පාද සූත්‍රය |
21
‘‘යො
‘‘යො ච ඛො, භික්ඛවෙ, චක්ඛුස්ස නිරොධො වූපසමො අත්ථඞ්ගමො, දුක්ඛස්සෙසො නිරොධො, රොගානං වූපසමො, ජරාමරණස්ස අත්ථඞ්ගමො. යො සොතස්ස... යො ඝානස්ස... යො ජිව්හාය... යො කායස්ස... යො මනස්ස නිරොධො වූපසමො අත්ථඞ්ගමො, දුක්ඛස්සෙසො නිරොධො, රොගානං වූපසමො, ජරාමරණස්ස අත්ථඞ්ගමො’’ති. නවමං.
|
21
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ඇසේ යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ."
“කනෙහි යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ."
“නාසයේ යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ."
“දිවේ යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ."
“කයේ යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ."
“සිතේ යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ."
“මහණෙනි, ඇසේ යම් නිරුද්ධවීමක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, එය දුක්ඛයාගේ නිරුද්ධවීම, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශවීම වේ. කනෙහි යම් නිරුද්ධවීමක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, එය දුක්ඛයාගේ නිරුද්ධවීම, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශවීම වේ. නාසයේ යම් නිරුද්ධවීමක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, එය දුක්ඛයාගේ නිරුද්ධවීම, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශවීම වේ. දිවේ යම් නිරුද්ධවීමක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, එය දුක්ඛයාගේ නිරුද්ධවීම, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශවීම වේ. කයේ යම් නිරුද්ධවීමක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, එය දුක්ඛයාගේ නිරුද්ධවීම, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශවීම වේ. සිතේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශවීම වේ” යයි (වදාළ සේක.)
|
10. දුතියදුක්ඛුප්පාදසුත්තං | 10. දුතිය උප්පාද සූත්‍රය |
22
‘‘යො, භික්ඛවෙ, රූපානං උප්පාදො ඨිති අභිනිබ්බත්ති පාතුභාවො, දුක්ඛස්සෙසො උප්පාදො, රොගානං ඨිති, ජරාමරණස්ස පාතුභාවො. යො සද්දානං...පෙ.... යො ගන්ධානං... යො රසානං... යො ඵොට්ඨබ්බානං... යො ධම්මානං උප්පාදො ඨිති අභිනිබ්බත්ති පාතුභාවො, දුක්ඛස්සෙසො උප්පාදො, රොගානං ඨිති, ජරාමරණස්ස පාතුභාවො.
‘‘යො ච ඛො, භික්ඛවෙ, රූපානං නිරොධො වූපසමො අත්ථඞ්ගමො, දුක්ඛස්සෙසො නිරොධො, රොගානං වූපසමො, ජරාමරණස්ස අත්ථඞ්ගමො. යො
|
22
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උත්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ. ශබ්දයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උත්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ. ගන්ධයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උත්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ. රසයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උත්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ. ස්පර්ශයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උත්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ. ධර්මයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උත්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ.”
“මහණෙනි, රූපයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වේ. ශබ්දයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වේ. ගන්ධයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වේ. රසයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වේ. ස්පර්ශයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වේ. ධර්මයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වේ” යයි (වදාළ සේක.)
|
3. සබ්බවග්ගො | 3. සබ්බ වර්ගය |
1. සබ්බසුත්තං | 1. සබ්බ සූත්‍රය |
23
සාවත්ථිනිදානං
|
23
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, නුඹලාට සියල්ල දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සියල්ල කවරේදයත්? ඇසද, රූපයෝද, කනද, ශබ්දයෝද, නාසයද, ගන්ධයෝද, දිවද, රසයෝද, කයද, ස්පර්ශයෝද. සිතද, ධර්මයෝද, මහණෙනි, මේ සියල්ලයයි කියනු ලැබේ.
“මහණෙනි, යමෙක් ‘මම මෙම සියල්ල හැර අන්‍යවූ සියල්ලක් පණවන්නෙමියි මෙසේ කියන්නේද, ඔහුගේ ඒ කීම වචන මාත්‍රයක්ම වන්නේය. (අනික් සියල්ලක් ඇද්දැයි විචාරණ විට, මේනම් අන්‍ය සියල්ලයයි වචනයෙන් පැමිණීමට නොහැකි වන්නේය. වඩාත් වෙහෙසට පැමිණෙන්නේය.) ඊට හේතු කවරේද? මහණෙනි, විෂය නොවන හෙයිනි” යි (වදාළ සේක).
|
2. පහානසුත්තං | 2. ප්‍රහාණ සූත්‍රය |
24
‘‘සබ්බප්පහානාය
(සබ්බං පහානාය (ස්‍යා. කං. ක.)) වො, භික්ඛවෙ, ධම්මං දෙසෙස්සාමි. තං සුණාථ. කතමො ච, භික්ඛවෙ, සබ්බප්පහානාය ධම්මො? චක්ඛුං, භික්ඛවෙ, පහාතබ්බං, රූපා පහාතබ්බා, චක්ඛුවිඤ්ඤාණං පහාතබ්බං, චක්ඛුසම්ඵස්සො පහාතබ්බො
|
24
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, සියල්ල පහකිරීම පිණිස තොපට ධර්ම දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සියල්ල පහකිරීම පිණිසවූ ධර්මය කවරේද?
“මහණෙනි, ඇස දුරු කටයුතුයි. රූපයෝ දුරු කටයුත්තාහ. චක්ඛු විඤ්ඤාණය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, සැපද නොවූ, දුක්ද නොවූ වේදනාවක් හෝ උපදීද, එයද දුරු කටයුතුයි.
“මහණෙනි, කන දුරු කටයුතුයි. ශබ්දයෝ දුරු කටයුත්තාහ. සෝත විඤ්ඤාණය දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, සැපද නොවූ, දුක්ද නොවූ වේදනාවක් හෝ උපදීද, එයද දුරු කටයුතුයි.
“මහණෙනි, නාසය දුරු කටයුතුයි. ගන්ධයෝ දුරු කටයුත්තාහ. ඝාණ විඤ්ඤාණය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, සැපද නොවූ, දුක්ද නොවූ වේදනාවක් හෝ උපදීද, එයද දුරු කටයුතුයි.
“මහණෙනි, දිව දුරු කටයුතුයි. රසයෝ දුරු කටයුත්තාහ. ජිව්හා විඤ්ඤාණය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, සැපද නොවූ, දුක්ද නොවූ වේදනාවක් හෝ උපදීද, එයද දුරු කටයුතුයි. “මහණෙනි, කය දුරු කටයුත්තාහ. ස්පර්ශයෝ දුරු කටයුත්තාහ. කාය විඤ්ඤාණය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, සැපද නොවූ, දුක්ද නොවූ වේදනාවක් හෝ උපදීද, එයද දුරු කටයුතුයි.
“මහණෙනි, සිත දුරු කටයුතුයි. ධර්මයෝ දුරු කටයුත්තාහ. මනෝ විඤ්ඤාණය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, සැපද නොවූ, දුක්ද නොවූ වේදනාවක් හෝ උපදීද, එයද දුරු කටයුතුයි. මහණෙනි, මේ වනාහි සියල්ල දුරුකිරීම පිණිසවූ ධර්මය වේය” යි (වදාළ සේක.)
|
3. අභිඤ්ඤාපරිඤ්ඤාපහානසුත්තං | 3. දෙවැනි ප්‍රහාණ සූත්‍රය |
25
‘‘සබ්බං අභිඤ්ඤා පරිඤ්ඤා පහානාය වො, භික්ඛවෙ, ධම්මං දෙසෙස්සාමි. තං සුණාථ. කතමො ච, භික්ඛවෙ, සබ්බං අභිඤ්ඤා පරිඤ්ඤා පහානාය ධම්මො? චක්ඛුං, භික්ඛවෙ, අභිඤ්ඤා පරිඤ්ඤා පහාතබ්බං, රූපා අභිඤ්ඤා පරිඤ්ඤා පහාතබ්බා
|
25
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, සියල්ල විශේෂයයෙන් දැන, පිරිසිඳ දැන, දුරුකිරීම පිණිස තොපට ධර්ම දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සියල්ල විශේෂයයෙන් දැන, පිරිසිඳ දැන, දුරුකිරීම පිණිස (පවත්නා) ධර්මය කවරේද?
“මහණෙනි, ඇස විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. රූපයෝ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. චක්ඛු විඤ්ඤාණය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ, දුක්ඛ වේදනාවක් හෝ, අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි.
“මහණෙනි, කන විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ශබ්දයෝ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. සෝත විඤ්ඤාණය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ, දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි.
“මහණෙනි, නාසය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ගන්ධයෝ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. ඝාණ විඤ්ඤාණය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ, දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි.
“මහණෙනි, දිව විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තීය. රසයෝ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. ජිව්හා විඤ්ඤාණය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ, දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි.
“මහණෙනි, කය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. ස්පර්ශයෝ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. කාය විඤ්ඤාණය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. කාය සම්ඵස්සය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. කාය සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ, දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි.
“මහණෙනි, සිත විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ධර්මයෝ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. මනෝ විඤ්ඤාණය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ, දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. මහණෙනි, මේ වනාහි සියල්ල දුරුකිරීම පිණිස (පවත්නාවූ) ධර්මය වේය” යි (වදාළ සේක.)
|
4. පඨමඅපරිජානනසුත්තං | 4. අපරිජාන සූත්‍රය |
26
‘‘සබ්බං
‘‘සබ්බඤ්ච ඛො, භික්ඛවෙ, අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො
|
26
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, සියල්ල විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීමට සුදුසු නොවේ. මහණෙනි, කවර නම් සියල්ලක් විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීමට නුසුදුසු වේද?”
“මහණෙනි, ඇස විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීමට සුදුසු නොවේ. රූපයන් විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීම නුසුදුසු වේ. චක්ඛු විඤ්ඤාණය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. චක්ඛුසම්ඵස්සය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක්, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ.
“මහණෙනි, කන විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීමට සුදුසු නොවේ. ශබ්දයන් විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීම නුසුදුසු වේ. සෝත විඤ්ඤාණය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. සෝතසම්ඵස්සය විශේෂයෙන් නොදන්නාවූ,
පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක්, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ.
“මහණෙනි, නාසය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීමට සුදුසු නොවේ. ගන්ධයෝ විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීම නුසුදුසු වේ. ඝාණ විඤ්ඤාණය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. ඝාණසම්ඵස්සය විශේෂයෙන් නොදන්නාවූ,
පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක්, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ.”
“මහණෙනි, දිව විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. රසයන් විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීම නුසුදුසු වේ. ජිව්හාවිඤ්ඤාණය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. ජිව්හාසම්ඵස්සය විශේෂයෙන් නොදන්නාවූ,
පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක්, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ.
“මහණෙනි, කය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. ස්පර්ශයන් විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීම නුසුදුසු වේ. කායවිඤ්ඤාණය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. කායසම්ඵස්සය විශේෂයෙන් නොදන්නාවූ,
පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක්, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ.” “මහණෙනි, සිත විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. ධර්මයන් විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීම නුසුදුසු වේ. මනෝවිඤ්ඤාණය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. මනෝසම්ඵස්සය විශේෂයෙන් නොදන්නාවූ,
පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. මනෝසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක්, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ.”
“මහණෙනි, මේ වනාහි සියල්ල විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසිමට සුදුසු නොවේ.
“මහණෙනි, සියල්ලද වනාහි විශේෂයෙන් දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසිමට සුදුසුවේ. මහණෙනි, කවරනම් සියල්ලක් මනාව පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසිමට සුදුසුවේද?”
“මහණෙනි, ඇස මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, තැනැත්තේ දුක් නැසීමට සුදුසුවේ. රූපයන් මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. චක්ෂුර්විඤ්ඤාණය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. චක්ඛුසම්ඵස්සය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ.” “මහණෙනි, කන මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, තැනැත්තේ දුක් නැසීමට සුදුසුවේ. ශබ්දයන් මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. සෝතවිඤ්ඤාණය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. සෝතසම්ඵස්සය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ.”’
“මහණෙනි, නාසය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, තැනැත්තේ දුක් නැසීමට සුදුසුවේ. ගන්ධයන් මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. ඝාණවිඤ්ඤාණය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. ඝාණසම්ඵස්සය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ.”
“මහණෙනි, දිව මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, තැනැත්තේ දුක් නැසීමට සුදුසුවේ. රසයන් මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. ජිව්හාවිඤ්ඤාණය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. ජිව්හාසම්ඵස්සය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ.”
“මහණෙනි, කය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, තැනැත්තේ දුක් නැසීමට සුදුසුවේ. ස්පර්ශයන් මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. කායවිඤ්ඤාණය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. කායසම්ඵස්සය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ.”
“මහණෙනි, සිත මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, තැනැත්තේ දුක් නැසීමට සුදුසුවේ. ධර්මයන් මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. මනෝවිඤ්ඤාණය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. මනෝසම්ඵස්සය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. මනෝසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ’” යයි (වදාළ සේක.)
|
5. දුතියඅපරිජානනසුත්තං | 5. දෙවැනි අපරිජාන සූත්‍රය |
27
‘‘සබ්බං
‘‘සබ්බං, භික්ඛවෙ, අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයාය. කිඤ්ච, භික්ඛවෙ, සබ්බං අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයාය? යඤ්ච, භික්ඛවෙ, චක්ඛු, යෙ ච රූපා, යඤ්ච චක්ඛුවිඤ්ඤාණං, යෙ ච චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා...පෙ.... යා ච ජිව්හා, යෙ ච රසා, යඤ්ච ජිව්හාවිඤ්ඤාණං, යෙ ච ජිව්හාවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා; යො ච කායො, යෙ ච ඵොට්ඨබ්බා, යඤ්ච කායවිඤ්ඤාණං, යෙ ච කායවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා; යො ච මනො, යෙ ච ධම්මා, යඤ්ච මනොවිඤ්ඤාණං, යෙ ච මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා - ඉදං ඛො, භික්ඛවෙ, සබ්බං අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයායා’’ති. පඤ්චමං.
|
27
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, සියල්ල මනාව නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට නුසුදුසුවේ. මහණෙනි, කවර නම් සියල්ලක් මනාව නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, මාර්ගයෙන් පහනොකරන්නේ, දුක් නැසීමට නුසුදුසු වේද?”
“මහණෙනි, යම් ඇසකුත් වේද, යම් රූපයෝත් වෙත්ද, යම් චක්ඛු විඤ්ඤාණයකුත් වේද, යම් චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝත් වෙත්ද, යම් කනකුත් වේද, යම් ශබ්දයෝත් වෙත්ද, යම් සෝතවිඤ්ඤාණයකුත් වේද, යම් සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝත් වෙත්ද, යම් නාසයකුත් වේද, යම් ගන්ධයෝත් වෙත්ද, යම් ඝාණ විඤ්ඤාණයකුත් වේද, යම් ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝත් වෙත්ද, යම් දිවකුත් වේද, යම් රසයෝත් වෙත්ද, යම් ජිව්හා විඤ්ඤාණයකුත් වේද, යම් ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝත් වෙත්ද, යම් කයකුත් වේද, යම් ස්පර්‍ශයෝත් වෙත්ද, යම් කාය විඤ්ඤාණයකුත් වේද, යම් කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝත් වෙත්ද, යම් සිතකුත් වේද, යම් ධර්මයෝත් වෙත්ද, යම් මනෝ විඤ්ඤාණයකුත් වේද, යම් මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝත් වෙත්ද, මහණෙනි, මේ සියල්ල වනාහි මනාව නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, මාර්ගයෙන් පහ නොකරන්නේ, දුක් නැසීමට නුසුදුසු වේ.
“මහණෙනි, සියල්ල වනාහි මනාව දන්නේ, පිරිසිඳ දන්නේ, මාර්ගයෙන් පහකරන්නේ, දුක් නැසීමට සුදුසු වේ. මහණෙනි, කවර නම් සියල්ලක් මනාව දන්නේ, පිරිසිඳ දන්නේ, මාර්ගයෙන් පහ කරන්නේ, දුක් නැසීමට සුදුසු වේද, මහණෙනි, යම් ඇසකුත් වේද, යම් රූපයෝත් වෙත්ද, යම් චක්ඛු විඤ්ඤාණයකුත් වේද, යම් චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝත් වෙත්ද, යම් කනකුත් වේද, යම් ශබ්දයෝත් වෙත්ද, යම් සෝතවිඤ්ඤාණයකුත් වේද, යම් සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝත් වෙත්ද, යම් නාසයකුත් වේද, යම් ගන්ධයෝත් වෙත්ද, යම් ඝාණ විඤ්ඤාණයකුත් වේද, යම් ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝත් වෙත්ද, යම් දිවකුත් වේද, යම් රසයෝත් වෙත්ද, යම් ජිව්හා විඤ්ඤාණයකුත් වේද, යම් ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝත් වෙත්ද, යම් කයකුත් වේද, යම් ස්පර්‍ශයෝත් වෙත්ද, යම් කාය විඤ්ඤාණයකුත් වේද, යම් කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝත් වෙත්ද, යම් සිතකුත් වේද, යම් ධර්මයෝත් වෙත්ද, යම් මනෝ විඤ්ඤාණයකුත් වේද, යම් මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝත් වෙත්ද, මහණෙනි, මේ සියල්ල වනාහි මනාව දන්නේ, පිරිසිඳ දන්නේ, මාර්ගයෙන් පහ කරන්නේ, දුක් නැසීමට සුදුසු වේය” යි (වදාළ සේක.)
|
6. ආදිත්තසුත්තං | 6. ආදිත්තපරියාය සූත්‍රය |
28
එකං සමයං භගවා ගයායං විහරති ගයාසීසෙ සද්ධිං භික්ඛුසහස්සෙන. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘සබ්බං, භික්ඛවෙ, ආදිත්තං. කිඤ්ච, භික්ඛවෙ, සබ්බං ආදිත්තං? චක්ඛු
(චක්ඛුං (සී. ස්‍යා. කං. පී.)), භික්ඛවෙ, ආදිත්තං, රූපා ආදිත්තා, චක්ඛුවිඤ්ඤාණං ආදිත්තං, චක්ඛුසම්ඵස්සො ආදිත්තො. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං
|
28
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ගයා ශීර්ෂයෙහි භික්ෂූන් දහසක් හා සමග වාසය කරන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ඇමන්ත්රණය කළ සේක. “මහණෙනි, සියල්ල ඇවිලගන්නා ලද්දේ වෙයි. මහණෙනි, කවර නම් සියල්ලක් ඇවිලගන්නා ලද්දේ වේද?
“මහණෙනි, ඇස ඇවිලගන්නා ලද්දේ වෙයි. රූපයෝ ඇවිලගන්නා ලද්දාහ. චක්ඛු විඤ්ඤාණය ඇවිලගන්නා ලද්දේ වෙයි. චක්ඛු සම්ඵස්සය ඇවිලගන්නා ලද්දේ වෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද ඇවිලගන්නා ලද්දේ වෙයි. කුමකින් ඇවිල ගන්නා ලදද යත්? රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ඇවිල ගන්නා ලදී. ජාතියෙන්, ජරා, මරණයෙන් ඇවිල ගන්නා ලදී. ශෝකයෙන්, හැඬීමෙන්, දුකින්, දොම්නසින්, දැඩිවූ වෙහෙසින් ඇවිල ගන්නා ලද්දේයයි කියමි. “මහණෙනි, කන ඇවිලගන්නා ලද්දේ වෙයි. ශබ්දයෝ ඇවිලගන්නා ලද්දාහ. සෝත විඤ්ඤාණය ඇවිලගන්නා ලද්දේ වෙයි. සෝත සම්ඵස්සය ඇවිලගන්නා ලද්දේ වෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද ඇවිලගන්නා ලද්දේ වෙයි. කුමකින් ඇවිල ගන්නා ලදද යත්? රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ඇවිල ගන්නා ලදී. ජාතියෙන්, ජරා, මරණයෙන් ඇවිල ගන්නා ලදී. ශෝකයෙන්, හැඬීමෙන්, දුකින්, දොම්නසින්, දැඩිවූ වෙහෙසින් ඇවිල ගන්නා ලද්දේයයි කියමි.
“මහණෙනි, නාසය ඇවිලගන්නා ලදී. ගන්ධයෝ ඇවිලගන්නා ලද්දාහ. ඝාණ විඤ්ඤාණය ඇවිලගන්නා ලද්දේ වෙයි. ඝාණ සම්ඵස්සය ඇවිලගන්නා ලද්දේ වෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද ඇවිලගන්නා ලද්දේ වෙයි. කුමකින් ඇවිල ගන්නා ලදද යත්? රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ඇවිල ගන්නා ලදී. ජාතියෙන්, ජරා, මරණයෙන් ඇවිල ගන්නා ලදී. ශෝකයෙන්, හැඬීමෙන්, දුකින්, දොම්නසින්, දැඩිවූ වෙහෙසින් ඇවිල ගන්නා ලද්දේයයි කියමි.
“මහණෙනි, දිව ඇවිලගන්නා ලදී. රසයෝ ඇවිලගන්නා ලද්දාහ. ජිව්හා විඤ්ඤාණය ඇවිලගන්නා ලදී. ජිව්හා සම්ඵස්සය ඇවිලගන්නා ලද්දේය. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද ඇවිලගන්නා ලද්දේ වෙයි. කුමකින් ඇවිල ගන්නා ලදද යත්? රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ඇවිල ගන්නා ලදී. ජාතියෙන්, ජරා, මරණයෙන් ඇවිල ගන්නා ලදී. ශෝකයෙන්, හැඬීමෙන්, දුකින්, දොම්නසින්, දැඩිවූ වෙහෙසින් ඇවිල ගන්නා ලද්දේයයි කියමි.
“මහණෙනි, කය ඇවිලගන්නා ලද්දේ වෙයි. ස්පර්ශයෝ ඇවිලගන්නා ලද්දාහ. කාය විඤ්ඤාණය ඇවිලගන්නා ලද්දේ වෙයි. කාය සම්ඵස්සය ඇවිලගන්නා ලද්දේ වෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද ඇවිලගන්නා ලද්දේ වෙයි. කුමකින් ඇවිල ගන්නා ලදද යත්? රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ඇවිල ගන්නා ලදී. ජාතියෙන්, ජරා, මරණයෙන් ඇවිල ගන්නා ලදී. ශෝකයෙන්, හැඬීමෙන්, දුකින්, දොම්නසින්, දැඩිවූ වෙහෙසින් ඇවිල ගන්නා ලද්දේයයි කියමි.
“මහණෙනි, සිත ඇවිලගන්නා ලද්දේ වෙයි. ධර්මයෝ ඇවිලගන්නා ලද්දාහ. මනෝවිඤ්ඤාණය ඇවිලගන්නා ලද්දේ වෙයි. මනෝ සම්ඵස්සය ඇවිලගන්නා ලද්දේ වෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද ඇවිලගන්නා ලද්දේ වෙයි. කුමකින් ඇවිල ගන්නා ලදද යත්? රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ඇවිල ගන්නා ලදී. ජාතියෙන්, ජරා, මරණයෙන් ඇවිල ගන්නා ලදී. ශෝකයෙන්, හැඬීමෙන්, දුකින්, දොම්නසින්, දැඩිවූ වෙහෙසින් ඇවිල ගන්නා ලද්දේයයි කියමි.
“මහණෙනි, මෙසේ දක්නා ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නා ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නා ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නා ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නා ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කායවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නා ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළයුතු දෙය කරන ලදී. මේ ආත්ම භාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගනීය” යි (වදාළ සේක.)
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය සතුටින් පිළිගත්තාහුය. මේ ප්‍රකාශය දේශනා කරණු ලබන කල්හි, ඒ දහසක් භික්ෂූන්ගේ සිත් උපාදාන රහිතව ආශ්‍රව කෙරෙන් මිදුනාහුය.
|
7. අද්ධභූතසුත්තං | 7. අන්ධභූත සූත්‍රය |
29
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘සබ්බං, භික්ඛවෙ, අද්ධභූතං
(අන්ධභූතං (සී. ස්‍යා. කං.)). කිඤ්ච
|
29
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර, කලන්දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. “මහණෙනි, සියල්ල මඩනා ලද්දේ වෙයි. මහණෙනි, කවර නම් සියල්ලක් මඩනා ලද්දේ වේද?
“මහණෙනි, ඇස මඩනා ලද්දේ වෙයි. රූපයෝ මඩනා ලද්දාහ. චක්ඛු විඤ්ඤාණය මඩනා ලද්දේ වෙයි. චක්ඛු සම්ඵස්සය මඩනා ලද්දේ වෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවක් උපදීද, එයද මඩනා ලද්දේ වෙයි. කුමකින් මඩනා ලද්දේද? ජාතියෙන්, ජරා මරණයෙන් මඩනා ලදී. ශෝකයෙන්, හැඬීමෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, දැඩි වෙහෙසින් මඩනා ලද්දේයයි කියමි.
“මහණෙනි, කන මඩනා ලද්දේ වෙයි. ශබ්දයෝ මඩනා ලද්දාහ. සෝතවිඤ්ඤාණය මඩනා ලද්දේ වෙයි. සෝතසම්ඵස්සය මඩනා ලද්දේ වෙයි. සෝතසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවක් උපදීද, එයද මඩනා ලද්දේ වෙයි. කුමකින් මඩනා ලද්දේද? ජාතියෙන්, ජරා මරණයෙන් මඩනා ලදී. ශෝකයෙන්, හැඬීමෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, දැඩි වෙහෙසින් මඩනා ලද්දේයයි කියමි.
“මහණෙනි, නාසය මඩනා ලද්දේ වෙයි. ගන්ධයෝ මඩනා ලද්දාහ. ඝාණවිඤ්ඤාණය මඩනා ලද්දේ වෙයි. ඝාණසම්ඵස්සය මඩනා ලද්දේ වෙයි. ඝාණසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවක් උපදීද, එයද මඩනා ලද්දේ වෙයි. කුමකින් මඩනා ලද්දේද? ජාතියෙන්, ජරා මරණයෙන් මඩනා ලදී. ශෝකයෙන්, හැඬීමෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, දැඩි වෙහෙසින් මඩනා ලද්දේයයි කියමි.
“මහණෙනි, දිව මඩනා ලද්දේ වෙයි. රසයෝ මඩනා ලද්දාහ. ජිව්හා විඤ්ඤාණය මඩනා ලද්දේය. ජිව්හා සම්ඵස්සය මඩනා ලද්දේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවක් උපදීද, එයද මඩනා ලද්දේ වෙයි. කුමකින් මඩනා ලද්දේද? ජාතියෙන්, ජරා මරණයෙන් මඩනා ලදී. ශෝකයෙන්, හැඬීමෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, දැඩි වෙහෙසින් මඩනා ලද්දේයයි කියමි.
“මහණෙනි, කය මඩනා ලද්දේ වෙයි. ස්පර්ශයෝ මඩනා ලද්දාහ. කාය විඤ්ඤාණය මඩනා ලද්දේ වෙයි. කාය සම්ඵස්සය මඩනා ලද්දේ වෙයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවක් උපදීද, එයද මඩනා ලද්දේ වෙයි. කුමකින් මඩනා ලද්දේද? ජාතියෙන්, ජරා මරණයෙන් මඩනා ලදී. ශෝකයෙන්, හැඬීමෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, දැඩි වෙහෙසින් මඩනා ලද්දේයයි කියමි.
“මහණෙනි, සිත මඩනා ලද්දේ වෙයි. ධර්මයෝ මඩනා ලද්දාහ. මනෝ විඤ්ඤාණය මඩනා ලද්දේය. මනෝ සම්ඵස්සය මඩනා ලද්දේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවක් උපදීද, එයද මඩනා ලද්දේ වෙයි. කුමකින් මඩනා ලද්දේද? ජාතියෙන්, ජරා මරණයෙන් මඩනා ලදී. ශෝකයෙන්, හැඬීමෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, දැඩි වෙහෙසින් මඩනා ලද්දේයයි කියමි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුකද නොවූ, සැපද නොවූ යම් මේ වේදනාවක් උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි.සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුකද නොවූ, සැපද නොවූ යම් මේ වේදනාවක් උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි.ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුකද නොවූ, සැපද නොවූ යම් මේ වේදනාවක් උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුකද නොවූ, සැපද නොවූ යම් මේ වේදනාවක් උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි.කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුකද නොවූ, සැපද නොවූ යම් මේ වේදනාවක් උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුකද නොවූ, සැපද නොවූ යම් මේ වේදනාවක් උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුනේය යන දැනුම ඇතිවේ. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මේ ආත්ම භාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගනීය” යි (වදාළ සේක.)
|
8. සමුග්ඝාතසාරුප්පසුත්තං | 8. සමුග්ඝාතසාරුප්පසුත්තං |
30
‘‘සබ්බමඤ්ඤිතසමුග්ඝාතසාරුප්පං වො, භික්ඛවෙ, පටිපදං
|
30
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, සියලු තෘෂ්ණාදී හැඟීම් නැසීමට සුදුසු ප්‍රතිපදාව තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, ඒ සියලු හැඟීම් නැසීමට සුදුසු ප්‍රතිපදාව කවරේද?
“මහණෙනි, ඇස (මම වෙමි යනාදී වශයෙන්) නොහඟියි. ඇස කෙරෙහි මම ඇතැයි නොහඟියි. ඇස කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ඇස මාගේ යයි නොහඟියි. රූපයන් මම යයි නොහඟියි. රූපයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. රූපය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. රූපයෝ මාගේ යයි නොහඟියි. චක්ඛු විඥානය මම යයි නොහඟියි. චක්ඛු විඥානය කෙරෙහි මම ඇතැයි නොහඟියි. චක්ඛු විඥානය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. චක්ඛු විඥානය මාගේ යයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය මම යයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය මාගේ යයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයි නොහඟියි. එය කෙරෙන් අන්‍යයක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි.
“මහණෙනි, කන (මම වෙමි යනාදී වශයෙන්) නොහඟියි. කන කෙරෙහි මම ඇතැයි නොහඟියි. කන කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. කන මාගේ යයි නොහඟියි. ශබ්දයන් මම යයි නොහඟියි. ශබ්දයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. ශබ්දය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ශබ්දයෝ මාගේ යයි නොහඟියි. සෝත විඥානය මම යයි නොහඟියි. සෝත විඥානය කෙරෙහි මම ඇතැයි නොහඟියි. සෝත විඥානය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. සෝත විඥානය මාගේ යයි නොහඟියි. සෝත සම්ඵස්සය මම යයි නොහඟියි. සෝත සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. සෝත සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. සෝත සම්ඵස්සය මාගේ යයි නොහඟියි. සෝතසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයි නොහඟියි. එය කෙරෙන් අන්‍යයක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි.
“මහණෙනි, නාසය (මම වෙමි යනාදී වශයෙන්) නොහඟියි. නාසය කෙරෙහි මම ඇතැයි නොහඟියි. නාසය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. නාසය මාගේ යයි නොහඟියි. ගන්ධයන් මම යයි නොහඟියි. ගන්ධයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. ගන්ධය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ගන්ධයෝ මාගේ යයි නොහඟියි. ඝාණ විඥානය මම යයි නොහඟියි. ඝාණ විඥානය කෙරෙහි මම ඇතැයි නොහඟියි. ඝාණ විඥානය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ඝාණ විඥානය මාගේ යයි නොහඟියි. ඝාණ සම්ඵස්සය මම යයි නොහඟියි. ඝාණ සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. ඝාණ සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ඝාණ සම්ඵස්සය මාගේ යයි නොහඟියි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයි නොහඟියි. එය කෙරෙන් අන්‍යයක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි.
“මහණෙනි, දිව (මම වෙමි යනාදී වශයෙන්) නොහඟියි. දිව කෙරෙහි මම ඇතැයි නොහඟියි. දිව කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. දිව මාගේ යයි නොහඟියි. රූපයන් මම යයි නොහඟියි. රසයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. රසය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. රසයෝ මාගේ යයි නොහඟියි. ජිව්හා විඤ්ඤාණය මම යයි නොහඟියි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. ජිව්හා විඤ්ඤාණය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ජිව්හා විඤ්ඤාණය මාගේ යයි නොහඟියි. ජිව්හා සම්ඵස්සය මම යයි නොහඟියි. ජිව්හා සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. ජිව්හා සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ජිව්හා සම්ඵස්සය මාගේ යයි නොහඟියි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයි නොහඟියි. එය කෙරෙන් අන්‍යයක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි.
“මහණෙනි, කය (මම වෙමි යනාදී වශයෙන්) නොහඟියි. කය කෙරෙහි මම ඇතැයි නොහඟියි. කය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. කය මාගේ යයි නොහඟියි. ස්පර්ශයන් මම යයි නොහඟියි. ස්පර්ශයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. ස්පර්ශය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ස්පර්ශයෝ මාගේ යයි නොහඟියි. කාය විඥානය මම යයි නොහඟියි. කාය විඥානය කෙරෙහි මම ඇතැයි නොහඟියි. කාය විඥානය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. කාය විඥානය මාගේ යයි නොහඟියි. කාය සම්ඵස්සය මම යයි නොහඟියි. කාය සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. කාය සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. කාය සම්ඵස්සය මාගේ යයි නොහඟියි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයි නොහඟියි. එය කෙරෙන් අන්‍යයක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි.
“මහණෙනි, සිත (මම වෙමි යනාදී වශයෙන්) නොහඟියි. සිත කෙරෙහි මම ඇතැයි නොහඟියි. සිත කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. සිත මාගේ යයි නොහඟියි. ධර්මයන් මම යයි නොහඟියි. ධර්මයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. ධර්මය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ධර්මයෝ මාගේ යයි නොහඟියි. මනෝවිඤ්ඤාණය මම යයි නොහඟියි. මනෝවිඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. මනෝවිඤ්ඤාණය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. මනෝවිඤ්ඤාණය මාගේ යයි නොහඟියි. මනෝ සම්ඵස්සය මම යයි නොහඟියි. මනෝ සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. මනෝ සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. මනෝ සම්ඵස්සය මාගේ යයි නොහඟියි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයි නොහඟියි. එය කෙරෙන් අන්‍යයක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි.
“මෙසේ නොහඟින්නාවූ හෙතෙම ලෝකයෙහි කිසිවක් මමය මාගේයයි නොගනියි. මමය මාගේ යයි නොගන්නේ ආශා නොකරන්නේය. ආශා නොකරන්නේ මේ ආත්මයෙහි පිරිනිවෙන්නේය. ජාතිය ක්ෂය විය. බඹසර වැස නිමවන ලද්දේය. කළයුත්ත කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගනියි. මහණෙනි, මේ වනාහි සියලු හැඟීම් නැසීමට සුදුසුවූ ප්‍රතිපදාව වේය” යි (වදාළ සේක.)
|
9. පඨමසමුග්ඝාතසප්පායසුත්තං | 9. සප්පායපටිපදා සූත්‍රය |
31
‘‘සබ්බමඤ්ඤිතසමුග්ඝාතසප්පායං වො, භික්ඛවෙ, පටිපදං දෙසෙස්සාමි. තං සුණාථ. කතමා ච සා, භික්ඛවෙ, සබ්බමඤ්ඤිතසමුග්ඝාතසප්පායා පටිපදා? ඉධ, භික්ඛවෙ, භික්ඛු චක්ඛුං න මඤ්ඤති, චක්ඛුස්මිං න මඤ්ඤති, චක්ඛුතො න මඤ්ඤති, චක්ඛුං මෙති න මඤ්ඤති. රූපෙ න මඤ්ඤති...පෙ.... චක්ඛුවිඤ්ඤාණං න මඤ්ඤති, චක්ඛුසම්ඵස්සං න මඤ්ඤති, යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි න මඤ්ඤති, තස්මිම්පි න මඤ්ඤති, තතොපි න මඤ්ඤති, තං මෙති න මඤ්ඤති. යඤ්හි, භික්ඛවෙ, මඤ්ඤති, යස්මිං මඤ්ඤති, යතො මඤ්ඤති, යං මෙති මඤ්ඤති, තතො තං හොති අඤ්ඤථා. අඤ්ඤථාභාවී භවසත්තො ලොකො භවමෙවාභිනන්දති...පෙ.... ජිව්හං න මඤ්ඤති, ජිව්හාය න මඤ්ඤති, ජිව්හාතො න මඤ්ඤති, ජිව්හා මෙති න මඤ්ඤති. රසෙ න මඤ්ඤති...පෙ.... ජිව්හාවිඤ්ඤාණං න මඤ්ඤති, ජිව්හාසම්ඵස්සං න මඤ්ඤති. යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං
|
31
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, සියලු (රාගාදී)ී හැඟීම් නැසීමට සුදුසු ප්‍රතිපදාව තොපට දේශනා කරමි. එය අසව්. මහණෙනි, සියලු හැඟීම් නැසීමට උපකාරවූ ඒ ප්‍රතිපදාව කවරේද?”
“මහණෙනි, මෙහි මහණතෙම ඇස මම යයි නොහඟියි. ඇස කෙරෙහි මම ඇතැයි නොහඟියි. ඇස කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ඇස මාගේ යයි නොහඟියි. රූපයන් මම යයි නොහඟියි. රූපයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. රූපය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. රූපයෝ මාගේ යයි නොහඟියි. චක්ඛු විඤ්ඤාණය මම යයි නොහඟියි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. චක්ඛු විඤ්ඤාණය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. චක්ඛු විඤ්ඤාණය මාගේ යයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය මම යයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය මාගේ යයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහිද මම ඇතැයි නොහඟියි. එය කෙරෙන්ද අන්‍යවූවක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි. මහණෙනි, යමක් මම යයි හඟීද, යමක් කෙරෙහි මම ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, යමක් මාගේ යයි හඟීද, එයින් එය අන් ආකාරයක්ම වේ. අන් ආකාරයක් වන්නාවූ භවයෙහි ඇළුනාවූ ලෝ වැසි තෙම භවයටම ඇලෙයි.
“මහණෙනි, මෙහි මහණතෙම කන මම යයි නොහඟියි. කන කෙරෙහි මම ඇතැයි නොහඟියි. කන කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. කන මාගේ යයි නොහඟියි. ශබ්දයන් මම යයි නොහඟියි. ශබ්දයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. ශබ්දයන් කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ශබ්දය මාගේ යයි නොහඟියි. සෝත විඤ්ඤාණය මම යයි නොහඟියි. සෝත විඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. සෝත විඤ්ඤාණය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. සෝත විඥානය මාගේ යයි නොහඟියි. සෝත සම්ඵස්සය මම යයි නොහඟියි. සෝත සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. සෝත සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. සෝත සම්ඵස්සය මාගේ යයි නොහඟියි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහිද මම ඇතැයි නොහඟියි. එය කෙරෙන්ද අන්‍යවූවක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි. මහණෙනි, යමක් මම යයි හඟීද, යමක් කෙරෙහි මම ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, යමක් මාගේ යයි හඟීද, එයින් එය අන් ආකාරයක්ම වේ. අන් ආකාරයක් වන්නාවූ භවයෙහි ඇළුනාවූ ලෝ වැසි තෙම භවයටම ඇලෙයි.”
“මහණෙනි, මෙහි මහණතෙම නාසය මම යයි නොහඟියි. නාසය කෙරෙහි මම ඇතැයි නොහඟියි. නාසය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. නාසය මාගේ යයි නොහඟියි. ගන්ධයන් මම යයි නොහඟියි. ගන්ධයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. ගන්ධයන් කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ගන්ධය මාගේ යයි නොහඟියි. ඝාණ විඤ්ඤාණය මම යයි නොහඟියි. ඝාණ විඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. ඝාණ විඤ්ඤාණය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ඝාණ විඤ්ඤාණය මාගේ යයි නොහඟියි. ඝාණ සම්ඵස්සය මම යයි නොහඟියි. ඝාණ සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. ඝාණ සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ඝාණ සම්ඵස්සය මාගේ යයි නොහඟියි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහිද මම ඇතැයි නොහඟියි. එය කෙරෙන්ද අන්‍යවූවක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි. මහණෙනි, යමක් මම යයි හඟීද, යමක් කෙරෙහි මම ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, යමක් මාගේ යයි හඟීද, එයින් එය අන් ආකාරයක්ම වේ. අන් ආකාරයක් වන්නාවූ භවයෙහි ඇළුනාවූ ලෝ වැසි තෙම භවයටම ඇලෙයි.”
“මහණෙනි, මෙහි මහණතෙම දිව මම යයි නොහඟියි. දිව කෙරෙහි මම ඇතැයි නොහඟියි. දිව කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. දිව මාගේ යයි නොහඟියි. රසයන් මම යයි නොහඟියි. රසයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. රසයන් කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. රස මාගේ යයි නොහඟියි. ජිව්හා විඤ්ඤාණය මම යයි නොහඟියි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. ජිව්හා විඤ්ඤාණය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ජිව්හා විඤ්ඤාණය මාගේ යයි නොහඟියි. ජිව්හා සම්ඵස්සය මම යයි නොහඟියි. ජිව්හා සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. ජිව්හා සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ජිව්හා සම්ඵස්සය මාගේ යයි නොහඟියි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයිද නොහඟියි. එය කෙරෙන් අනිකක් මම යයිද නොහඟියි. එය මාගේ යයිද නොහඟියි. මහණෙනි, යමක් මම යයි හඟීද, යමක් කෙරෙහි මම ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, යමක් මාගේ යයි හඟීද, එයින් එය අන් ආකාරයක්ම වේ. අන් ආකාරයක් වන්නාවූ භවයෙහි ඇළුනාවූ ලෝ වැසි තෙම භවයටම ඇලෙයි.”
“මහණෙනි, මෙහි මහණතෙම කය මම යයි නොහඟියි. කය කෙරෙහි මම ඇතැයි නොහඟියි. කය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. කය මාගේ යයි නොහඟියි. ස්පර්ශයන් මම යයි නොහඟියි. ස්පර්ශයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. ස්පර්ශයන් කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ස්පර්ශය මාගේ යයි නොහඟියි. කාය විඤ්ඤාණය මම යයි නොහඟියි. කාය විඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. කාය විඤ්ඤාණය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. කාය විඤ්ඤාණය මාගේ යයි නොහඟියි. කාය සම්ඵස්සය මම යයි නොහඟියි. කාය සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. කාය සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. කාය සම්ඵස්සය මාගේ යයි නොහඟියි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහිද මම ඇතැයි නොහඟියි. එය කෙරෙන්ද අන්‍යවූවක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි. මහණෙනි, යමක් මම යයි හඟීද, යමක් කෙරෙහි මම ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, යමක් මාගේ යයි හඟීද, එයින් එය අන් ආකාරයක්ම වේ. අන් ආකාරයක් වන්නාවූ භවයෙහි ඇළුනාවූ ලෝ වැසි තෙම භවයටම ඇලෙයි.”
“මහණෙනි, මෙහි මහණතෙම සිත මම යයි නොහඟියි. සිත කෙරෙහි මම ඇතැයි නොහඟියි. සිත කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. සිත මාගේ යයි නොහඟියි. ධර්මයන් මම යයි නොහඟියි. ධර්මයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. ධර්මයන් කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ධර්මය මාගේ යයි නොහඟියි. මනෝ විඤ්ඤාණය මම යයි නොහඟියි. මනෝ විඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. මනෝ විඤ්ඤාණය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. මනෝ විඤ්ඤාණය මාගේ යයි නොහඟියි. මනෝ සම්ඵස්සය මම යයි නොහඟියි. මනෝ සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. මනෝ සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. මනෝ සම්ඵස්සය මාගේ යයි නොහඟියි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහිද මම ඇතැයි නොහඟියි. එය කෙරෙන්ද අන්‍යවූවක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි. මහණෙනි, යමක් මම යයි හඟීද, යමක් කෙරෙහි මම ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, එයින් එය අන් ආකාරයක් වේ. අන් ආකාරයක්වූ, භවයෙහි ඇළුනාවූ, ලෝවැසි තෙම භවයටම ඇලෙයි. මහණෙනි, යම් පමණ සතහට ධාතු ආයතන වෙත්ද, එයද මම යයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයිද නොහඟියි. එය කෙරෙන් අනිකක් මම යයිද නොහඟියි. එය මාගේ යයිද නොහඟියි.”
“හෙතෙම මෙසේ නොහඟිනු ලබන්නේ, ලෝකයෙහි කිසිවක් මමය මාගේයයි නොගනියි. මමය මාගේ යයි නොගන්නේ නොඇලෙයි. නොඇලෙන්නේ මේ ආත්මයෙහිම පිරිනිවෙයි. ජාතිය ක්ෂය විය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගනියි. මහණෙනි, මේ වනාහි සියලු හැඟීම් නැසීමට උපකාරවූ ප්‍රතිපදාව වේය” යි (වදාළ සේක.)
|
10. දුතියසමුග්ඝාතසප්පායසුත්තං | 10. ද්විතීය සත්ප්‍රායප්‍රතිපදා සූත්‍රය |
32
‘‘සබ්බමඤ්ඤිතසමුග්ඝාතසප්පායං වො, භික්ඛවෙ, පටිපදං දෙසෙස්සාමි. තං සුණාථ. කතමා ච සා, භික්ඛවෙ, සබ්බමඤ්ඤිතසමුග්ඝාතසප්පායා
‘‘තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, චක්ඛුං නිච්චං වා අනිච්චං වා’’ති?
‘‘අනිච්චං, භන්තෙ’’.
‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති?
‘‘දුක්ඛං
‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති?
‘‘නො හෙතං භන්තෙ’’.
‘‘රූපා...පෙ.... චක්ඛුවිඤ්ඤාණං... චක්ඛුසම්ඵස්සො නිච්චො වා අනිච්චො වා’’ති?
‘‘අනිච්චො, භන්තෙ’’...පෙ.....
‘‘යම්පිදං
‘‘අනිච්චං, භන්තෙ’’.
‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති?
‘‘දුක්ඛං, භන්තෙ’’.
‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති?
‘‘නො හෙතං, භන්තෙ’’...පෙ.....
‘‘ජිව්හා නිච්චා වා අනිච්චා වා’’ති?
‘‘අනිච්චා භන්තෙ’’...පෙ.....
‘‘රසා... ජිව්හාවිඤ්ඤාණං... ජිව්හාසම්ඵස්සො...පෙ.... යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි නිච්චං වා අනිච්චං වා’’ති?
‘‘අනිච්චං, භන්තෙ’’...පෙ.... ධම්මා... මනොවිඤ්ඤාණං... මනොසම්ඵස්සො නිච්චො වා අනිච්චො වාති?
‘‘අනිච්චො, භන්තෙ’’.
‘‘යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි නිච්චං වා අනිච්චං වා’’ති?
‘‘අනිච්චං, භන්තෙ’’.
‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති?
‘‘දුක්ඛං භන්තෙ’’.
‘‘යං
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘එවං
|
32
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, සියලු හැඟීම් නැසීමට උපකාරවූ ප්‍රතිපදාව තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, ඒ සියලු හැඟීම් නැසීමට උපකාරවූ ප්‍රතිපදාව කවරීද?”
“මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය’ යි දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“රූපයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යයහ.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය’ යි දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“චක්ඛු විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය’ යි දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“චක්ඛු සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය’ යි දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“මහණෙනි, කන නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය’ යි දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“ශබ්දයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“සෝත විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“සෝත සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය’ යි දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය’ යි දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“මහණෙනි, නාසය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය’ යි දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“ගන්ධයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“ඝාණ විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය’ යි දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“ඝාණ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය’ යි දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“මහණෙනි, දිව නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය’ යි දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“රසයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය’ යි දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“ජිව්හා විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය’ යි දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“ජිව්හා සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“ජිව්හා සම්ඵස්සය හේතුකොට ගෙන සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය’ යි දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“මහණෙනි, කය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය’ යි දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“ස්පර්ශය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය’ යි දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“කාය විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“කාය සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය’ යි දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය’ යි දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“මහණෙනි, සිත නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය’ යි දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“ධර්මයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“මනෝ විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“මනෝ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය’ යි දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්ෂයවිය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගනියි. මහණෙනි, මේ වනාහි සියලු හැඟීම් නැසීමට උපකාරවූ ප්‍රතිපදාවය” යි (වදාළ සේක.)
|
4. ජාතිධම්මවග්ගො | 4. ජාති ධම්ම වර්ගය |
1-10. ජාතිධම්මාදිසුත්තදසකං | 1-10. ජාතිධම්මාදිසුත්තදසකං |
33
සාවත්ථිනිදානං
|
33
ජාති ධම්ම සූත්‍රය.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, සියල්ල ඉපදීම ස්වභාවකොට ඇත්තේය. මහණෙනි, කවර නම් සියල්ල ඉපදීම ස්වභාවකොට ඇත්තේද?
“මහණෙනි, ඇස ඉපදිම ස්වභාවකොට ඇත්තේය. රූපයෝ ඉපදිම ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ඉපදීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, කන ඉපදිම ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ ඉපදිම ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ඉපදීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, නාසය ඉපදිම ස්වභාවකොට ඇත්තේය. ගන්ධයෝ ඉපදිම ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ඉපදීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, දිව ඉපදිම ස්වභාවකොට ඇත්තේය. රසයෝ ඉපදිම ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ඉපදීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, කය ඉපදිම ස්වභාවකොට ඇත්තේය. ස්පර්ශයෝ ඉපදිම ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ඉපදීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, සිත ඉපදිම ස්වභාවකොට ඇත්තේය. ධර්මයෝ ඉපදිම ස්වභාවකොට ඇත්තාහ. මනෝ විඤ්ඤාණය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ඉපදීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කායවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. “ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)
|
34
‘‘සබ්බං
|
34
ජරා ධම්ම සූත්‍රය.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, සියල්ල දිරීම ස්වභාවකොට ඇත්තේය. කවර නම් සියල්ල දිරීම ස්වභාවකොට ඇත්තේද?
“මහණෙනි, ඇස දිරීම ස්වභාවකොට ඇත්තේය. රූපයෝ දිරීම ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය දිරීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය දිරීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දිරීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, කන දිරීම ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ දිරීම ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය දිරීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය දිරීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දිරීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, නාසය දිරීම ස්වභාවකොට ඇත්තේය. ගන්ධයෝ දිරීම ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය දිරීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය දිරීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දිරීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, දිව දිරීම ස්වභාවකොට ඇත්තේය. රසයෝ දිරීම ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය දිරීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය දිරීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දිරීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, කය දිරීම ස්වභාවකොට ඇත්තේය. ස්පර්ශයෝ දිරීම ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය දිරීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය දිරීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දිරීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, සිත දිරීම ස්වභාවකොට ඇත්තේය. ධර්මයෝ දිරීම ස්වභාවකොට ඇත්තාහ. මනෝ විඤ්ඤාණය දිරීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය දිරීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දිරීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කායවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. “ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)
|
35
‘‘සබ්බං, භික්ඛවෙ, බ්යාධිධම්මං...පෙ..... තතියං.
|
35
ව්‍යාධි ධම්ම සූත්‍රය.
“මහණෙනි, සියල්ල ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. කවර නම් සියල්ල ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේද?
“මහණෙනි, ඇස ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. රූපයෝ ව්‍යාධිය ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, කන ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ ව්‍යාධිය ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, නාසය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. ගන්ධයෝ ව්‍යාධිය ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, දිව ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. රසයෝ ව්‍යාධිය ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, කය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. ස්පර්ශයෝ ව්‍යාධිය ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, සිත ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. ධර්මයෝ ව්‍යාධිය ස්වභාවකොට ඇත්තාහ. මනෝ විඤ්ඤාණය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කායවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. “ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)
|
36
‘‘සබ්බං, භික්ඛවෙ, මරණධම්මං...පෙ..... චතුත්ථං.
|
36
මරණ ධම්ම සූත්‍රය.
“මහණෙනි, සියල්ල මරණය ස්වභාවකොට ඇත්තේය. කවර නම් සියල්ල මරණය ස්වභාවකොට ඇත්තේද?
“මහණෙනි, ඇස මරණය ස්වභාවකොට ඇත්තේය. රූපයෝ මරණය ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය මරණය ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය මරණය ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මරණය ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, කන මරණය ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ මරණය ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය මරණය ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය මරණය ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මරණය ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, නාසය මරණය ස්වභාවකොට ඇත්තේය. ගන්ධයෝ මරණය ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය මරණය ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය මරණය ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මරණය ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, දිව මරණය ස්වභාවකොට ඇත්තේය. රසයෝ මරණය ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය මරණය ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය මරණය ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මරණය ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, කය මරණය ස්වභාවකොට ඇත්තේය. ස්පර්ශයෝ මරණය ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය මරණය ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය මරණය ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මරණය ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, සිත මරණය ස්වභාවකොට ඇත්තේය. ධර්මයෝ මරණය ස්වභාවකොට ඇත්තාහ. මනෝ විඤ්ඤාණය මරණය ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය මරණය ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මරණය ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කායවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. “ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)
|
37
‘‘සබ්බං, භික්ඛවෙ, සොකධම්මං...පෙ..... පඤ්චමං.
|
37
සෝක ධම්ම සූත්‍රය.
“මහණෙනි, සියල්ල සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. කවර නම් සියල්ල සෝක කිරීම ස්වභාවකොට ඇත්තේද?
“මහණෙනි, ඇස සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. රූපයෝ සෝක කිරීම ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, කන සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ සෝක කිරීම ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, නාසය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. ගන්ධයෝ සෝක කිරීම ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, දිව සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. රසයෝ සෝක කිරීම ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, කය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. ස්පර්ශයෝ සෝක කිරීම ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, සිත සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. ධර්මයෝ සෝක කිරීම ස්වභාවකොට ඇත්තාහ. මනෝ විඤ්ඤාණය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කායවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. “ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)
|
38
‘‘සබ්බං, භික්ඛවෙ, සංකිලෙසිකධම්මං...පෙ..... ඡට්ඨං.
|
38
සංකිලෙස ධම්ම සූත්‍රය.
“මහණෙනි, සියල්ල කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. කවර නම් සියල්ල කෙලෙසීම ස්වභාවකොට ඇත්තේද?
“මහණෙනි, ඇස කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. රූපයෝ කෙලෙසීම ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, කන කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ කෙලෙසීම ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, නාසය කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. ගන්ධයෝ කෙලෙසීම ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, දිව කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. රසයෝ කෙලෙසීම ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, කය කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. ස්පර්ශයෝ කෙලෙසීම ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, සිත කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. ධර්මයෝ කෙලෙසීම ස්වභාවකොට ඇත්තාහ. මනෝ විඤ්ඤාණය කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කායවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. “ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)
|
39
‘‘සබ්බං
|
39
ඛය ධම්ම සූත්‍රය.
“මහණෙනි, සියල්ල ක්ෂයවීම ස්වභාවකොට ඇත්තේය. කවර නම් සියල්ල ක්ෂයවීම ස්වභාවකොට ඇත්තේද?
“මහණෙනි, ඇස ක්ෂයවීම ස්වභාවකොට ඇත්තේය. රූපයෝ ක්ෂයවීම ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය ක්ෂයවීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය ක්ෂයවීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ක්ෂයවීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, කන ක්ෂයවීම ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ ක්ෂයවීම ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය ක්ෂයවීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය ක්ෂයවීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ක්ෂයවීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, නාසය ක්ෂයවීම ස්වභාවකොට ඇත්තේය. ගන්ධයෝ ක්ෂයවීම ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය ක්ෂයවීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය ක්ෂයවීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ක්ෂයවීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, දිව ක්ෂයවීම ස්වභාවකොට ඇත්තේය. රසයෝ ක්ෂයවීම ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය ක්ෂයවීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය ක්ෂයවීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ක්ෂයවීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, කය ක්ෂයවීම ස්වභාවකොට ඇත්තේය. ස්පර්ශයෝ ක්ෂයවීම ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය ක්ෂයවීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය ක්ෂයවීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ක්ෂයවීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, සිත ක්ෂයවීම ස්වභාවකොට ඇත්තේය. ධර්මයෝ ක්ෂයවීම ස්වභාවකොට ඇත්තාහ. මනෝ විඤ්ඤාණය ක්ෂයවීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය ක්ෂයවීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ක්ෂයවීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කායවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. “ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)
|
40
‘‘සබ්බං, භික්ඛවෙ, වයධම්මං...පෙ..... අට්ඨමං.
|
40
වය ධම්ම සූත්‍රය.
“මහණෙනි, සියල්ල විනාශවීම ස්වභාවකොට ඇත්තේය. කවර නම් සියල්ල විනාශවීම ස්වභාවකොට ඇත්තේද?
“මහණෙනි, ඇස විනාශවීම ස්වභාවකොට ඇත්තේය. රූපයෝ විනාශවීම ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විනාශවීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, කන විනාශවීම ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ විනාශවීම ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විනාශවීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, නාසය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. ගන්ධයෝ විනාශවීම ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විනාශවීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, දිව විනාශවීම ස්වභාවකොට ඇත්තේය. රසයෝ විනාශවීම ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විනාශවීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, කය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. ස්පර්ශයෝ විනාශවීම ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විනාශවීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, සිත විනාශවීම ස්වභාවකොට ඇත්තේය. ධර්මයෝ විනාශවීම ස්වභාවකොට ඇත්තාහ. මනෝ විඤ්ඤාණය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විනාශවීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කායවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. “ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)
|
41
‘‘සබ්බං, භික්ඛවෙ, සමුදයධම්මං...පෙ..... නවමං.
|
41
සමුදය ධම්ම සූත්‍රය.
“මහණෙනි, සියල්ල හටගැනීම ස්වභාවකොට ඇත්තේය. කවර නම් සියල්ල හටගැනීම ස්වභාවකොට ඇත්තේද?
“මහණෙනි, ඇස හටගැනීම ස්වභාවකොට ඇත්තේය. රූපයෝ හටගැනීම ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද හටගැනීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, කන හටගැනීම ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ හටගැනීම ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද හටගැනීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, නාසය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. ගන්ධයෝ හටගැනීම ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද හටගැනීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, දිව හටගැනීම ස්වභාවකොට ඇත්තේය. රසයෝ හටගැනීම ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද හටගැනීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, කය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. ස්පර්ශයෝ හටගැනීම ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද හටගැනීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, සිත හටගැනීම ස්වභාවකොට ඇත්තේය. ධර්මයෝ හටගැනීම ස්වභාවකොට ඇත්තාහ. මනෝ විඤ්ඤාණය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද හටගැනීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කායවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. “ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)
|
42
‘‘සබ්බං, භික්ඛවෙ, නිරොධධම්මං...පෙ..... දසමං.
|
42
නිරෝධ ධම්ම සූත්‍රය.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, සියල්ල නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. කවර නම් සියල්ල නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේද?
“මහණෙනි, ඇස නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. රූපයෝ නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, කන නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, නාසය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ගන්ධයෝ නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, දිව නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. රසයෝ නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, කය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ස්පර්ශයෝ නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, සිත නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ධර්මයෝ නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තාහ. මනෝ විඤ්ඤාණය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කායවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. “ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)
|
5. සබ්බඅනිච්චවග්ගො | 5. සබ්බනිච්ච වර්ගය |
1-9. අනිච්චාදිසුත්තනවකං | 1-9. අනිච්චාදිසුත්තනවකං |
43
සාවත්ථිනිදානං
|
43
අනිච්චධම්ම සූත්‍රය.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, සියල්ල අනිත්‍ය වෙයි. මහණෙනි, කවර නම් සියල්ලක් අනිත්‍යද?
“මහණෙනි, ඇස අනිත්‍යය. රූපයෝ අනිත්‍යයෝය. චක්ඛු විඤ්ඤාණය අනිත්‍යය. චක්ඛු සම්ඵස්සය අනිත්‍යය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය.
“මහණෙනි, කන අනිත්‍යය. ශබ්දයෝ අනිත්‍යයෝය. සෝත විඤ්ඤාණය අනිත්‍යය. සෝත සම්ඵස්සය අනිත්‍යය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය.
“මහණෙනි, නාසය අනිත්‍යය. ගන්ධයෝ අනිත්‍යයෝය. ඝාණ විඤ්ඤාණය අනිත්‍යය. ඝාණ සම්ඵස්සය අනිත්‍යය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය.
“මහණෙනි, දිව අනිත්‍යය. රසයෝ අනිත්‍යයහ. ජිව්හා විඤ්ඤාණය අනිත්‍යය. ජිව්හා සම්ඵස්සය අනිත්‍ය වේ. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය.
“මහණෙනි, කය අනිත්‍යය. ස්පර්ශයෝ අනිත්‍යයෝය. කාය විඤ්ඤාණය අනිත්‍යය. කාය සම්ඵස්සය අනිත්‍යය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය.
“මහණෙනි, සිත අනිත්‍යය. ධර්මයෝ අනිත්‍යයෝය. මනෝ විඤ්ඤාණය අනිත්‍යය. මනෝ සම්ඵස්සය අනිත්‍යය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)
|
44
‘‘සබ්බං
|
44
දුක්ඛ ධම්ම සූත්‍රය.
“මහණෙනි, සියල්ල දුකය. මහණෙනි, කවර නම් සියල්ලක් දුකද?
“මහණෙනි, ඇස දුකය. රූපයෝ දුකය. චක්ඛු විඤ්ඤාණය දුකය. චක්ඛු සම්ඵස්සය දුකය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.
“මහණෙනි, කන දුකය. ශබ්දයෝ දුකය. සෝත විඤ්ඤාණය දුකය. සෝත සම්ඵස්සය දුකය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.
“මහණෙනි, නාසය දුකය. ගන්ධයෝ දුකය. ඝාණ විඤ්ඤාණය දුකය. ඝාණ සම්ඵස්සය දුකය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.
“මහණෙනි, දිව දුකය. රසයෝ දුකය. ජිව්හා විඤ්ඤාණය දුකය. ජිව්හා සම්ඵස්සය දුකය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.
“මහණෙනි, කය දුකය. ස්පර්ශයෝ දුකය. කාය විඤ්ඤාණය දුකය. කාය සම්ඵස්සය දුකය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.
“මහණෙනි, සිත දුකය. ධර්මයෝ දුකය. මනෝ විඤ්ඤාණය දුකය. මනෝ සම්ඵස්සය දුකය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)
|
45
‘‘සබ්බං, භික්ඛවෙ, අනත්තා...පෙ..... තතියං.
|
45
අනත්ත ධම්ම සූත්‍රය.
“මහණෙනි, සියල්ල අනාත්මය. මහණෙනි, කවර නම් සියල්ලක් අනාත්මද?
“මහණෙනි, ඇස අනාත්මය. රූපයෝ අනාත්මය. චක්ඛු විඤ්ඤාණය අනාත්මය. චක්ඛු සම්ඵස්සය අනාත්මය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය.
“මහණෙනි, කන අනාත්මය. ශබ්දයෝ අනාත්මය. සෝත විඤ්ඤාණය අනාත්මය. සෝත සම්ඵස්සය අනාත්මය.සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය.
“මහණෙනි, නාසය අනාත්මය. ගන්ධයෝ අනාත්මය. ඝාණ විඤ්ඤාණය අනාත්මය. ඝාණ සම්ඵස්සය අනාත්මය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය.
“මහණෙනි, දිව අනාත්මය. රසයෝ අනාත්මය. ජිව්හා විඤ්ඤාණය අනාත්මය. ජිව්හා සම්ඵස්සය අනාත්මය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය.
“මහණෙනි, කය අනාත්මය. ස්පර්ශයෝ අනාත්මය. කාය විඤ්ඤාණය අනාත්මය. කාය සම්ඵස්සය අනාත්මය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය.
“මහණෙනි, සිත අනාත්මය. ධර්මයෝ අනාත්මය. මනෝ විඤ්ඤාණය අනාත්මය. මනෝ සම්ඵස්සය අනාත්මය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)
|
46
‘‘සබ්බං
|
46
අභිඤ්ඤෙය්‍ය සූත්‍රය.
“මහණෙනි, සියල්ල මනා නුවණින් දත යුතුයි. මහණෙනි, කවර නම් සියල්ලක් මනා නුවණින් දත යුතුද?
“මහණෙනි, ඇස මනා නුවණින් දත යුතුයි. රූපයෝ මනා නුවණින් දත යුතුයි. චක්ඛු විඤ්ඤාණය මනා නුවණින් දත යුතුයි. චක්ඛු සම්ඵස්සය මනා නුවණින් දත යුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් දත යුතුයි.
“මහණෙනි, කන මනා නුවණින් දත යුතුයි. ශබ්දයෝ මනා නුවණින් දත යුතුයි. සෝත විඤ්ඤාණය මනා නුවණින් දත යුතුයි. සෝත සම්ඵස්සය මනා නුවණින් දත යුතුයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් දත යුතුයි.
“මහණෙනි, නාසය මනා නුවණින් දත යුතුයි. ගන්ධයෝ මනා නුවණින් දත යුතුයි. ඝාණ විඤ්ඤාණය මනා නුවණින් දත යුතුයි. ඝාණ සම්ඵස්සය මනා නුවණින් දත යුතුයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් දත යුතුයි.
“මහණෙනි, දිව මනා නුවණින් දත යුතුයි. රසයෝ මනා නුවණින් දත යුතුයි. ජිව්හා විඤ්ඤාණය මනා නුවණින් දත යුතුයි. ජිව්හා සම්ඵස්සය මනා නුවණින් දත යුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් දත යුතුයි.
“මහණෙනි, කය මනා නුවණින් දත යුතුයි. ස්පර්ශයෝ මනා නුවණින් දත යුතුයි. කාය විඤ්ඤාණය මනා නුවණින් දත යුතුයි. කාය සම්ඵස්සය මනා නුවණින් දත යුතුයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් දත යුතුයි.
“මහණෙනි, සිත මනා නුවණින් දත යුතුයි. ධර්මයෝ මනා නුවණින් දත යුතුයි. මනෝ විඤ්ඤාණය මනා නුවණින් දත යුතුයි. මනෝ සම්ඵස්සය මනා නුවණින් දත යුතුයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් දත යුතුයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)
|
47
‘‘සබ්බං, භික්ඛවෙ, පරිඤ්ඤෙය්යං...පෙ..... පඤ්චමං.
|
47
පරිඤ්ඤෙය්‍ය සූත්‍රය.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, සියල්ල පිරිසිඳ දත යුතුයි. මහණෙනි, කවර නම් සියල්ලක් පිරිසිඳ දත යුතුද?
“මහණෙනි, ඇස පිරිසිඳ දත යුතුයි. රූපයෝ පිරිසිඳ දත යුතුයි. චක්ඛු විඤ්ඤාණය පිරිසිඳ දත යුතුයි. චක්ඛු සම්ඵස්සය පිරිසිඳ දත යුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පිරිසිඳ දත යුතුයි.
“මහණෙනි, කන පිරිසිඳ දත යුතුයි. ශබ්දයෝ පිරිසිඳ දත යුතුයි. සෝත විඤ්ඤාණය පිරිසිඳ දත යුතුයි. සෝත සම්ඵස්සය පිරිසිඳ දත යුතුයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පිරිසිඳ දත යුතුයි.
“මහණෙනි, නාසය පිරිසිඳ දත යුතුයි. ගන්ධයෝ පිරිසිඳ දත යුතුයි. ඝාණ විඤ්ඤාණය පිරිසිඳ දත යුතුයි. ඝාණ සම්ඵස්සය පිරිසිඳ දත යුතුයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පිරිසිඳ දත යුතුයි.
“මහණෙනි, දිව පිරිසිඳ දත යුතුයි. රසයෝ පිරිසිඳ දත යුතුයි. ජිව්හා විඤ්ඤාණය පිරිසිඳ දත යුතුයි. ජිව්හා සම්ඵස්සය පිරිසිඳ දත යුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පිරිසිඳ දත යුතුයි.
“මහණෙනි, කය පිරිසිඳ දත යුතුයි. ස්පර්ශයෝ පිරිසිඳ දත යුතුයි. කාය විඤ්ඤාණය පිරිසිඳ දත යුතුයි. කාය සම්ඵස්සය පිරිසිඳ දත යුතුයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පිරිසිඳ දත යුතුයි.
“මහණෙනි, සිත පිරිසිඳ දත යුතුයි. ධර්මයෝ පිරිසිඳ දත යුතුයි. මනෝ විඤ්ඤාණය පිරිසිඳ දත යුතුයි. මනෝ සම්ඵස්සය පිරිසිඳ දත යුතුයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පිරිසිඳ දත යුතුයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)
|
48
‘‘සබ්බං, භික්ඛවෙ, පහාතබ්බං...පෙ..... ඡට්ඨං.
|
48
පහාතබ්බ සූත්‍රය.
“මහණෙනි, සියල්ල පහකටයුතුය. මහණෙනි, කවර නම් සියල්ලක් පහකටයුතුද?
“මහණෙනි, ඇස පහකටයුතුය. රූපයෝ පහකටයුතුය. චක්ඛු විඤ්ඤාණය පහකටයුතුය. චක්ඛු සම්ඵස්සය පහකටයුතුය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පහකටයුතුය.
“මහණෙනි, කන පහකටයුතුය. ශබ්දයෝ පහකටයුතුය. සෝත විඤ්ඤාණය පහකටයුතුය. සෝත සම්ඵස්සය පහකටයුතුය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පහකටයුතුය.
“මහණෙනි, නාසය පහකටයුතුය. ගන්ධයෝ පහකටයුතුය. ඝාණ විඤ්ඤාණය පහකටයුතුය. ඝාණ සම්ඵස්සය පහකටයුතුය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පහකටයුතුය.
“මහණෙනි, දිව පහකටයුතුය. රසයෝ පහකටයුතුය. ජිව්හා විඤ්ඤාණය පහකටයුතුය. ජිව්හා සම්ඵස්සය පහකටයුතුය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පහකටයුතුය.
“මහණෙනි, කය පහකටයුතුය. ස්පර්ශයෝ පහකටයුතුය. කාය විඤ්ඤාණය පහකටයුතුය. කාය සම්ඵස්සය පහකටයුතුය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පහකටයුතුය.
“මහණෙනි, සිත පහකටයුතුය. ධර්මයෝ පහකටයුතුය. මනෝ විඤ්ඤාණය පහකටයුතුය. මනෝ සම්ඵස්සය පහකටයුතුය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පහකටයුතුය.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)
|
49
‘‘සබ්බං, භික්ඛවෙ, සච්ඡිකාතබ්බං...පෙ....
|
49
සච්ඡිකාතබ්බ සූත්‍රය.
“මහණෙනි, සියල්ල ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. මහණෙනි, කවර නම් සියල්ලක් ප්‍රත්‍යක්‍ෂකටයුතුද?
“මහණෙනි, ඇස දුකය. රූපයෝ දුකය. චක්ඛු විඤ්ඤාණය දුකය. චක්ඛු සම්ඵස්සය දුකය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.
“මහණෙනි, කන ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ශබ්දයෝ ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. සෝත විඤ්ඤාණය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. සෝත සම්ඵස්සය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ප්‍රත්‍යක්‍ෂකටයුතුයි.
“මහණෙනි, නාසය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ගන්ධයෝ ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ඝාණ විඤ්ඤාණය දුකය. ඝාණ සම්ඵස්සය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ප්‍රත්‍යක්‍ෂකටයුතුයි.
“මහණෙනි, දිව ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. රසයෝ ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ජිව්හා විඤ්ඤාණය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ජිව්හා සම්ඵස්සය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ප්‍රත්‍යක්‍ෂකටයුතුයි.
“මහණෙනි, කය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ස්පර්ශයෝ ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. කාය විඤ්ඤාණය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. කාය සම්ඵස්සය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ප්‍රත්‍යක්‍ෂකටයුතුයි.
“මහණෙනි, සිත ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ධර්මයෝ ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. මනෝ විඤ්ඤාණය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. මනෝ සම්ඵස්සය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ප්‍රත්‍යක්‍ෂකටයුතුයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)
|
50
‘‘සබ්බං, භික්ඛවෙ, අභිඤ්ඤාපරිඤ්ඤෙය්යං...පෙ..... අට්ඨමං.
|
50
අභිඤ්ඤා පරිඤ්ඤෙය්‍ය සූත්‍රය.
“මහණෙනි, සියල්ල මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. මහණෙනි, කවර නම් සියල්ලක් මනා නුවණින් පිරිසිඳ දතයුතුද?
“මහණෙනි, ඇස මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. රූපයෝ මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. චක්ඛු විඤ්ඤාණය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. චක්ඛු සම්ඵස්සය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් පිරිසිඳ දතයුතුයි.
“මහණෙනි, කන මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ශබ්දයෝ මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. සෝත විඤ්ඤාණය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. සෝත සම්ඵස්සය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් පිරිසිඳ දතයුතුයි.
“මහණෙනි, නාසය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ගන්ධයෝ මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ඝාණ විඤ්ඤාණය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ඝාණ සම්ඵස්සය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් පිරිසිඳ දතයුතුයි.
“මහණෙනි, දිව මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. රසයෝ මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ජිව්හා විඤ්ඤාණය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ජිව්හා සම්ඵස්සය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් පිරිසිඳ දතයුතුයි.
“මහණෙනි, කය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ස්පර්ශයෝ මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. කාය විඤ්ඤාණය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. කාය සම්ඵස්සය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් පිරිසිඳ දතයුතුයි.
“මහණෙනි, සිත මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ධර්මයෝ මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. මනෝ විඤ්ඤාණය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. මනෝ සම්ඵස්සය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් පිරිසිඳ දතයුතුයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)
|
51
‘‘සබ්බං
|
51
උපද්දුත සූත්‍රය.
“මහණෙනි, සියල්ල උවදුරට පැමිණෙන ලදී. මහණෙනි, කවර නම් සියල්ලක් උවදුරට පැමිණෙන ලද්දේද?
“මහණෙනි, ඇස උවදුරට පැමිණෙන ලදී. රූපයෝ උවදුරට පැමිණෙන ලදී. චක්ඛු විඤ්ඤාණය උවදුරට පැමිණෙන ලදී. චක්ඛු සම්ඵස්සය උවදුරට පැමිණෙන ලදී. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද උවදුරට පැමිණෙන ලදී.
“මහණෙනි, කන උවදුරට පැමිණෙන ලදී. ශබ්දයෝ උවදුරට පැමිණෙන ලදී. සෝත විඤ්ඤාණය උවදුරට පැමිණෙන ලදී. සෝත සම්ඵස්සය උවදුරට පැමිණෙන ලදී. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද උවදුරට පැමිණෙන ලදී.
“මහණෙනි, නාසය උවදුරට පැමිණෙන ලදී. ගන්ධයෝ උවදුරට පැමිණෙන ලදී. ඝාණ විඤ්ඤාණය උවදුරට පැමිණෙන ලදී. ඝාණ සම්ඵස්සය උවදුරට පැමිණෙන ලදී. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද උවදුරට පැමිණෙන ලදී.
“මහණෙනි, දිව උවදුරට පැමිණෙන ලදී. රසයෝ උවදුරට පැමිණෙන ලදී. ජිව්හා විඤ්ඤාණය උවදුරට පැමිණෙන ලදී. ජිව්හා සම්ඵස්සය උවදුරට පැමිණෙන ලදී. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද උවදුරට පැමිණෙන ලදී.
“මහණෙනි, කය උවදුරට පැමිණෙන ලදී. ස්පර්ශයෝ උවදුරට පැමිණෙන ලදී. කාය විඤ්ඤාණය උවදුරට පැමිණෙන ලදී. කාය සම්ඵස්සය උවදුරට පැමිණෙන ලදී. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද උවදුරට පැමිණෙන ලදී.
“මහණෙනි, සිත උවදුරට පැමිණෙන ලදී. ධර්මයෝ උවදුරට පැමිණෙන ලදී. මනෝ විඤ්ඤාණය උවදුරට පැමිණෙන ලදී. මනෝ සම්ඵස්සය උවදුරට පැමිණෙන ලදී. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද උවදුරට පැමිණෙන ලදී.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)
|
10. උපස්සට්ඨසුත්තං | 10. උපස්සට්ඨ සූත්‍රය |
52
‘‘සබ්බං
|
52
“මහණෙනි, සියල්ල විපතට පැමිණෙන ලදී. මහණෙනි, කවර නම් සියල්ලක් විපතට පැමිණෙන ලද්දේද?
“මහණෙනි, ඇස විපතට පැමිණෙන ලදී. රූපයෝ විපතට පැමිණෙන ලදී. චක්ඛු විඤ්ඤාණය විපතට පැමිණෙන ලදී. චක්ඛු සම්ඵස්සය විපතට පැමිණෙන ලදී. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විපතට පැමිණෙන ලදී.
“මහණෙනි, කන විපතට පැමිණෙන ලදී. ශබ්දයෝ විපතට පැමිණෙන ලදී. සෝත විඤ්ඤාණය විපතට පැමිණෙන ලදී. සෝත සම්ඵස්සය විපතට පැමිණෙන ලදී. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විපතට පැමිණෙන ලදී.
“මහණෙනි, නාසය විපතට පැමිණෙන ලදී. ගන්ධයෝ විපතට පැමිණෙන ලදී. ඝාණ විඤ්ඤාණය විපතට පැමිණෙන ලදී. ඝාණ සම්ඵස්සය විපතට පැමිණෙන ලදී. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විපතට පැමිණෙන ලදී.
“මහණෙනි, දිව විපතට පැමිණෙන ලදී. රසයෝ විපතට පැමිණෙන ලදී. ජිව්හා විඤ්ඤාණය විපතට පැමිණෙන ලදී. ජිව්හා සම්ඵස්සය විපතට පැමිණෙන ලදී. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විපතට පැමිණෙන ලදී.
“මහණෙනි, කය විපතට පැමිණෙන ලදී. ස්පර්ශයෝ විපතට පැමිණෙන ලදී. කාය විඤ්ඤාණය විපතට පැමිණෙන ලදී. කාය සම්ඵස්සය විපතට පැමිණෙන ලදී. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විපතට පැමිණෙන ලදී.
“මහණෙනි, සිත විපතට පැමිණෙන ලදී. ධර්මයෝ විපතට පැමිණෙන ලදී. මනෝ විඤ්ඤාණය විපතට පැමිණෙන ලදී. මනෝ සම්ඵස්සය විපතට පැමිණෙන ලදී. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විපතට පැමිණෙන ලදී.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)
|
6. අවිජ්ජාවග්ගො | 6. අවිජ්ජා වර්ගය |
1. අවිජ්ජාපහානසුත්තං | 1. අවිජ්ජා පහාන සූත්‍රය |
53
සාවත්ථිනිදානං
‘‘චක්ඛුං ඛො, භික්ඛු, අනිච්චතො ජානතො පස්සතො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. රූපෙ අනිච්චතො ජානතො පස්සතො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. චක්ඛුවිඤ්ඤාණං... චක්ඛුසම්ඵස්සං... යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චතො ජානතො පස්සතො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. සොතං... ඝානං... ජිව්හං... කායං... මනං අනිච්චතො ජානතො පස්සතො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. ධම්මෙ
|
53
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී එක්තරා භික්ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, කෙසේ දන්නහුගේ, කෙසේ දක්නහුගේ අවිද්‍යාව (චතුරාර්‍ය්‍ය සත්‍යය නොදැනීම) දුරුවේද? විද්‍යාව (අර්හත් මාර්ග ඥානය) උපදීද?”
“මහණ, ඇස අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. රූපයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. චක්ඛු විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. චක්ඛු සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි.
“මහණ, කන අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ශබ්දයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. සෝත විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. සෝත සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි.
“මහණ, නාසය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ගන්ධයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ඝාණ විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ඝාණ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි.
“මහණ, දිව අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. රසයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ජිව්හා විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ජිව්හා සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි.
“මහණ, කය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ස්පර්ශයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. කාය විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. කාය සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි.
“මහණ, සිත අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ධර්මයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මනෝ විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මනෝ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදීය” යි වදාළ සේක.
|
2. සංයොජනපහානසුත්තං | 2. සංයෝජන පහාන සූත්‍රය |
54
‘‘කථං නු ඛො, භන්තෙ, ජානතො, කථං පස්සතො, සංයොජනා පහීයන්තී’’ති? ‘‘චක්ඛුං ඛො, භික්ඛු, අනිච්චතො ජානතො පස්සතො සංයොජනා පහීයන්ති. රූපෙ...
|
54
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී එක්තරා භික්ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, කෙසේ දන්නහුගේ, කෙසේ දක්නහුගේ සංයෝජනයෝ පහවෙත්ද?”
“මහණ, ඇස අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. රූපයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. චක්ඛු විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. චක්ඛු සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.
“චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.
“මහණ, කන අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. ශබ්දයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. සෝත විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. සෝත සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.
“සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.
“මහණ, නාසය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. ගන්ධයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. ඝාණ විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. ඝාණ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.
“ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.
“මහණ, දිව අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. රසයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. ජිව්හා විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. ජිව්හා සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.
“ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.
“මහණ, කය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. ස්පර්ශයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. කාය විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. කාය සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.
“කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.
“මහණ, සිත අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. ධර්මයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. මනෝ විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. මනෝ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්” යයි වදාළ සේක.
|
3. සංයොජනසමුග්ඝාතසුත්තං | 3. සංයෝජන සමුග්ඝාත සූත්‍රය |
55
‘‘කථං නු ඛො, භන්තෙ, ජානතො, කථං පස්සතො සංයොජනා සමුග්ඝාතං ගච්ඡන්තී’’ති? ‘‘චක්ඛුං ඛො, භික්ඛු, අනත්තතො ජානතො පස්සතො සංයොජනා
|
55
“ස්වාමීනි, කෙසේ දන්නහුගේ, කෙසේ දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්ද?”
“මහණ, ඇස අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. රූපයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. චක්ඛු විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. චක්ඛු සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්.
“චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්.
“මහණ, කන අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. ශබ්දයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. සෝත විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. සෝත සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්.
“සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්.
“මහණ, නාසය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. ගන්ධයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. ඝාණ විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. ඝාණ සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්.
“ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්.
“මහණ, දිව අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. රසයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. ජිව්හා විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. ජිව්හා සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. “ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්.
“මහණ, කය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. ස්පර්ශයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. කාය විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. කාය සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්.
“කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්.
“මහණ, සිත අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. ධර්මයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මනෝ විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මනෝ සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්” යයි වදාළ සේක.
|
4. ආසවපහානසුත්තං | 4. ආසව පහාන සූත්‍රය |
56
‘‘කථං
|
56
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී එක්තරා භික්ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, කෙසේ දන්නහුගේ, කෙසේ දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීන වෙත්ද?
“මහණ, ඇස වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. රූපයන් වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. චක්ඛු විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. චක්ඛු සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.
“චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.
“මහණ, කන වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. ශබ්දයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. සෝත විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. සෝත සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.
“සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.
“මහණ, නාසය වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. ගන්ධයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. ඝාණ විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. ඝාණ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.
“ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.
“මහණ, දිව වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. රසයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. ජිව්හා විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. ජිව්හා සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.
“ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.
“මහණ, කය වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. ස්පර්ශයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. කාය විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. කාය සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.
“කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.
“මහණ, සිත වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. ධර්මයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. මනෝ විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. මනෝ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්” යයි වදාළ සේක.
|
5. ආසවසමුග්ඝාතසුත්තං | 5. ආසව සමුග්ඝාත සූත්‍රය |
57
‘‘කථං
|
57
“ස්වාමීනි, කෙසේ නම් දන්නහුගේ, කෙසේ දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්ද?
“මහණ, ඇස වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. රූපයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. චක්ඛු විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. චක්ඛු සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.
“චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.
“මහණ, කන වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. ශබ්දයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. සෝත විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. සෝත සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.
“සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.
“මහණ, නාසය වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. ගන්ධයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. ඝාණ විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. ඝාණ සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.
“ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.
“මහණ, දිව වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. රසයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. ජිව්හා විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. ජිව්හා සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.
“ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.
“මහණ, කය වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. ස්පර්ශයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. කාය විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. කාය සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.
“කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.
“මහණ, සිත වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. ධර්මයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. මනෝ විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. මනෝ සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.
“මහණ මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්” යයි වදාළ සේක.
|
6. අනුසයපහානසුත්තං | 6. අනුසය පහාන සූත්‍රය |
58
‘‘කථං නු ඛො...පෙ....
|
58
“ස්වාමීනි, කෙසේ දන්නහුගේ, කෙසේ දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්ද?”
“මහණ, ඇස වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. රූපයන් වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. චක්ඛු විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. චක්ඛු සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්.
“චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්.
“කන වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. ශබ්දයන් වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. සෝත විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. සෝත සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්.
“සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්.
“නාසය වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. ගන්ධයන් වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. ඝාණ විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. ඝාණ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්.
“ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්.
“දිව වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. රසයන් වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. ජිව්හා විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. ජිව්හා සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්.
“ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්.
“කය වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. ස්පර්ශයන් වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. කාය විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. කාය සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්.
“කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්.
“සිත වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. ධර්මයන් වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. මනෝ විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. මනෝ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්.
“මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්” යයි වදාළ සේක.
|
7. අනුසයසමුග්ඝාතසුත්තං | 7. අනුසය සමුග්ඝාත සූත්‍රය |
59
‘‘කථං නු ඛො...පෙ.... අනුසයා සමුග්ඝාතං ගච්ඡන්තී’’ති? ‘‘චක්ඛුං ඛො, භික්ඛු, අනත්තතො ජානතො පස්සතො අනුසයා සමුග්ඝාතං ගච්ඡන්ති...පෙ.... සොතං... ඝානං... ජිව්හං... කායං... මනං... ධම්මෙ... මනොවිඤ්ඤාණං... මනොසම්ඵස්සං... යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනත්තතො ජානතො පස්සතො අනුසයා සමුග්ඝාතං ගච්ඡන්ති. එවං ඛො, භික්ඛු, ජානතො එවං පස්සතො අනුසයා සමුග්ඝාතං ගච්ඡන්තී’’ති. සත්තමං.
|
59
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී එක්තරා භික්ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, කෙසේ නම් දන්නහුගේ, කෙසේ දක්නහුගේ අනුසය සහමුලින් නැසීමට පැමිණෙත්ද?
“මහණ, ඇස වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. රූපයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. චක්ඛු විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. චක්ඛු සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්.
“චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්.
“මහණ, කන වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. ශබ්දයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. සෝත විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. සෝත සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්.
“සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්.
“මහණ, නාසය වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. ගන්ධයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. ඝාණ විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. ඝාණ සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්.
“ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්.
“මහණ, දිව වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. රසයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. ජිව්හා විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. ජිව්හා සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. “ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්.
“මහණ, කය වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. ස්පර්ශයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. කාය විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. කාය සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්.
“කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්.
“මහණ, සිත වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. ධර්මයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. මනෝ විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. මනෝ සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්.
“මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්.
|
8. සබ්බුපාදානපරිඤ්ඤාසුත්තං | 8. සබ්බූපාදාන පරිඤ්ඤා සූත්‍රය |
60
‘‘සබ්බුපාදානපරිඤ්ඤාය
|
60
“මහණෙනි, සියලු උපාදානයන් පිරිසිඳ දැනීම පිණිස තොපට ධර්මය දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සියලු උපාදානයන් පිරිසිඳ දැනීම පිණිස (පවත්නාවූ) ධර්මය කවරේද? ඇසද, රූපයන්ද නිසා චක්ඛු විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය හේතුකොට ගෙන වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපයන් කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඥානය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ‘මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගනියි.
“කනද, ශබ්දයන්ද නිසා සෝත විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය හේතුකොට ගෙන වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. සෝත විඥානය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ‘මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’යි දැනගනියි.
“නාසයන්ද, ගන්ධයන්ද නිසා ඝාණ විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය හේතුකොට ගෙන වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධයන් කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඥානය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ‘මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’යි දැනගනියි.
“දිවද, රසයන්ද නිසා ජිව්හා විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය හේතුකොට ගෙන වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඥානය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ‘මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගනියි.
“කයද, ස්පර්ශයෝද නිසා කාය විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය හේතුකොට ගෙන වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශයන් කෙරෙහිද කලකිරෙයි. කාය විඥානය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ‘මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගනියි.
“සිතද, ධර්මයන්ද නිසා මනෝ විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය හේතුකොට ගෙන වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මයන් කෙරෙහිද කලකිරෙයි. මනෝ විඥානය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ‘මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගනියි. මහණෙනි, මේ වනාහි සියලු උපාදානයන් පිරිසිඳ දැනීම පිණිස (පවත්නාවූ) ධර්මය වේය” යි වදාළ සේක.
|
9. පඨමසබ්බුපාදානපරියාදානසුත්තං | 9. සබ්බූපාදාන පරියාදාන සූත්‍රය |
61
‘‘සබ්බුපාදානපරියාදානාය වො, භික්ඛවෙ, ධම්මං දෙසෙස්සාමි. තං සුණාථ. කතමො ච, භික්ඛවෙ, සබ්බුපාදානපරියාදානාය ධම්මො? චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. එවං පස්සං, භික්ඛවෙ, සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, රූපෙසුපි නිබ්බින්දති, චක්ඛුවිඤ්ඤාණෙපි නිබ්බින්දති, චක්ඛුසම්ඵස්සෙපි නිබ්බින්දති, වෙදනායපි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති; විරාගා විමුච්චති; විමොක්ඛා ‘පරියාදින්නං
(සබ්බත්ථපි එවමෙව දිස්සති දන්තජ-නකාරෙනෙව) මෙ උපාදාන’න්ති පජානාති...පෙ....
|
61
“මහණෙනි, සියලු උපාදානයන් දුරුකිරීම පිණිස (පවත්නාවූ) ධර්මය තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සියලු උපාදානයන් දුරුකිරීම පිණිස (පවත්නාවූ) ධර්මය කවරේද?
“ඇසද, රූපයන්ද නිසා චක්ඛු විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපයන් කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඥානය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ‘මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගනියි.
“කනද, ශබ්දයන්ද නිසා සෝත විඤ්ඤාණය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය වේ. ස්පර්ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. සෝත විඥානය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ‘මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගනියි.
“නාසයද, ගන්ධයන්ද නිසා ඝාණ විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධයන් කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඥානය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ‘මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගනියි.
“දිවද, රසයන්ද නිසා ජිව්හා විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඥානය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ‘මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගනියි.
“කයද, ස්පර්ශයන්ද නිසා කාය විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශයන් කෙරෙහිද කලකිරෙයි. කාය විඥ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ‘මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගනියි.
“සිතද, ධර්මයන්ද නිසා මනෝ විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මයන් කෙරෙහිද කලකිරෙයි. මනෝ විඥානය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ‘මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගනියි. මහණෙනි, මේ වනාහි සියලු උපාදානයන් දුරුකිරීම පිණිස පවත්නාවූ ධර්මය වේය” යි වදාළ සේක.
|
10. දුතියසබ්බුපාදානපරියාදානසුත්තං | 10. දුතිය සබ්බූපාදාන පරියාදාන සූත්‍රය |
62
‘‘සබ්බුපාදානපරියාදානාය වො, භික්ඛවෙ, ධම්මං දෙසෙස්සාමි. තං සුණාථ
‘‘තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, චක්ඛු නිච්චං වා අනිච්චං වා’’ති?
‘‘අනිච්චං, භන්තෙ’’.
‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති?
‘‘දුක්ඛං, භන්තෙ’’.
‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති?
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘රූපා...පෙ.... චක්ඛුවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති?
‘‘අනිච්චං, භන්තෙ’’...පෙ.....
‘‘චක්ඛුසම්ඵස්සො
‘‘අනිච්චො, භන්තෙ’’...පෙ.....
‘‘යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි නිච්චං වා අනිච්චං වා’’ති?
‘‘අනිච්චං, භන්තෙ’’...පෙ.....
‘‘සොතං... ඝානං... ජිව්හා... කායො... මනො... ධම්මා... මනොවිඤ්ඤාණං... මනොසම්ඵස්සො... යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි නිච්චං වා අනිච්චං වා’’ති?
‘‘අනිච්චං
‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති?
‘‘දුක්ඛං, භන්තෙ’’.
‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති?
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘එවං
|
62
“මහණෙනි, සියලු උපාදානයන් දුරුකිරීම පිණිස පවත්නාවූ ධර්මය තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සියලු උපාදානයන් දුරුකිරීම පිණිස පවත්නාවූ ධර්මය කවරේද යත්? “මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“රූපයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“චක්ඛු විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“චක්ඛු සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“මහණෙනි, කන නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“ශබ්දයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“සෝත විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “සෝත සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“මහණෙනි, නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“ගන්ධයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “ඝාණ විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“ඝාණ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
‘මහණෙනි, දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“රසයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“ජිව්හා විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“ජිව්හා සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “ජිව්හා සම්ඵස්සය හේතුකොටගෙන සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“මහණෙනි, කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“ස්පර්ශය (ඵොට්ඨබ්බය) නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“කාය විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “කාය සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“මහණෙනි, සිත නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“ධර්මයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“මනෝ විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“මනෝ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්ෂය විය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගනියි. මහණෙනි, මේ වනාහි සියලු හැඟීම් නැසීමට උපකාරවූ ප්‍රතිපදාවය” යි (වදාළ සේක.)
|
7. මිගජාලවග්ගො | 7. මිගජාල වර්ගය |
1. පඨමමිගජාලසුත්තං | 1. මිගජාල සූත්‍රය |
63
සාවත්ථිනිදානං
‘‘සන්ති ඛො, මිගජාල, චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය
‘‘සන්ති ච ඛො, මිගජාල, චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො නන්දී නිරුජ්ඣති. නන්දියා අසති සාරාගො න හොති; සාරාගෙ අසති සංයොගො
|
63
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. ඉක්බිති ආයුෂ්මත් මිගජාල ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් මිගජාල ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, ‘එකවිහාරි ඒකවිහාරී’ යයි හෙවත් එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි එකලාව වාසය කරන්නේ වේද? කොපමණකින් දෙවැන්නෙක් සහිතව වාසය කරන්නේ වේද?” කියායි.
“මිගජාලය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. ඉදින් මහණතෙමේ එය පතයිද, ගුණවයයිද, (එහි) ගැලී සිටී ද, එය පතන, ගුණවනන, (එහි) ගැලී සිටින ඔහුට තෘෂ්ණා සතුට උපදී. තෘෂ්ණා සතුට ඇති කල්හි, බලවත් ආශාවෙන් යුක්ත වේ. ඒ බලවත් ආශාව ඇතිකල්හි බැඳීම වේ. මිගජාලය, තෘෂ්ණාවෙන් බැඳුනාවූ මහණතෙම දෙවැන්නෙකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ.
“මිගජාලය, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. ඉදින් මහණතෙමේ එය පතයිද, ගුණවයයිද, (එහි) ගැලී සිටී ද, එය පතන, ගුණවනන, (එහි) ගැලී සිටින ඔහුට තෘෂ්ණා සතුට උපදී. තෘෂ්ණා සතුට ඇති කල්හි, බලවත් ආශාවෙන් යුක්ත වේ. ඒ බලවත් ආශාව ඇතිකල්හි බැඳීම වේ. මිගජාලය, තෘෂ්ණාවෙන් බැඳුනාවූ මහණතෙම දෙවැන්නෙකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ.
“මිගජාලය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ගන්ධයෝ ඇත්තාහ. ඉදින් මහණතෙමේ එය පතයිද, ගුණවයයිද, (එහි) ගැලී සිටී ද, එය පතන, ගුණවනන, (එහි) ගැලී සිටින ඔහුට තෘෂ්ණා සතුට උපදී. තෘෂ්ණා සතුට ඇති කල්හි, බලවත් ආශාවෙන් යුක්ත වේ. ඒ බලවත් ආශාව ඇතිකල්හි බැඳීම වේ. මිගජාලය, තෘෂ්ණාවෙන් බැඳුනාවූ මහණතෙම දෙවැන්නෙකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ.
“මිගජාලය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රසයෝ ඇත්තාහ. ඉදින් මහණතෙමේ එය පතයිද, ගුණවයයිද, (එහි) ගැලී සිටී ද, එය පතන, ගුණවනන, (එහි) ගැලී සිටින ඔහුට තෘෂ්ණා සතුට උපදී. තෘෂ්ණා සතුට ඇති කල්හි, බලවත් ආශාවෙන් යුක්ත වේ. ඒ බලවත් ආශාව ඇතිකල්හි බැඳීම වේ. මිගජාලය, තෘෂ්ණාවෙන් බැඳුනාවූ මහණතෙම දෙවැන්නෙකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ.
“මිගජාලය, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ස්පර්ශයෝ ඇත්තාහ. ඉදින් මහණතෙමේ එය පතයිද, ගුණවයයිද, (එහි) ගැලී සිටී ද, එය පතන, ගුණවනන, (එහි) ගැලී සිටින ඔහුට තෘෂ්ණා සතුට උපදී. තෘෂ්ණා සතුට ඇති කල්හි, බලවත් ආශාවෙන් යුක්ත වේ. ඒ බලවත් ආශාව ඇතිකල්හි බැඳීම වේ. මිගජාලය, තෘෂ්ණාවෙන් බැඳුනාවූ මහණතෙම දෙවැන්නෙකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ.
“මිගජාලය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ධර්මයෝ ඇත්තාහ. ඉදින් මහණතෙමේ එය පතයිද, ගුණවයයිද, (එහි) ගැලී සිටී ද, එය පතන, ගුණවනන, (එහි) ගැලී සිටින ඔහුට තෘෂ්ණා සතුට උපදී. තෘෂ්ණා සතුට ඇති කල්හි, බලවත් ආශාවෙන් යුක්ත වේ. ඒ බලවත් ආශාව ඇතිකල්හි බැඳීම වේ. මිගජාලය, තෘෂ්ණාවෙන් බැඳුනාවූ මහණතෙම දෙවැන්නෙකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ.
“මිගජාලය, මෙසේ වාසය කරන්නාවූද මහණතෙම හුදෙක් වනයෙහි ශබ්ද නැත්තාවූ, ඝෝෂා නැත්තාවූ, වනය ඇසුරුකොට හමන වාතය නැත්තාවූ, මිනිසුන්ගේ රහසිගතවීමට සුදුසුවූ, සැඟවී වාසයට සුදුසුවූ, ඉතා දුරවූ වන සෙනසුන් සේවනය කෙරේද, එතකුදු වුවත් දෙවැන්නකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ. ඊට හේතු කවරේද? ඔහුට තෘෂ්ණාව දෙවැන්න වේ. මොහුගේ ඒ තෘෂ්ණාව ප්‍රහීණ නොවීය. එහෙයින් දෙවැන්නකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ.
“මිගජාලය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. ඉදින් මහණ තෙමේ එය නොපතයි ද, (ගුණ) නොවනයිද, එහි ගැලී නො සීටී ද; එය නොපතන, (ගුණ) නොවනන, එහි ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණා සතුට නිරුද්ධ වේ. තෘෂ්ණා සතුට නැති කල්හි, ඇලීම නොවේ. ඇලීම නැතිකල්හි බැඳීම නොවේ. මිගජාලය, තෘෂ්ණා බන්ධනයෙන් මිදුනාවූ මහණතෙම එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ.
“මිගජාලය, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. ඉදින් මහණ තෙමේ එය නොපතයි ද, (ගුණ) නොවනයිද, එහි ගැලී නො සීටී ද; එය නොපතන, (ගුණ) නොවනන, එහි ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණා සතුට නිරුද්ධ වේ. තෘෂ්ණා සතුට නැති කල්හි, ඇලීම නොවේ. ඇලීම නැතිකල්හි බැඳීම නොවේ. මිගජාලය, තෘෂ්ණා බන්ධනයෙන් මිදුනාවූ මහණතෙම එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ.
“මිගජාලය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ගන්ධයෝ ඇත්තාහ. ඉදින් මහණ තෙමේ එය නොපතයි ද, (ගුණ) නොවනයිද, එහි ගැලී නො සීටී ද; එය නොපතන, (ගුණ) නොවනන, එහි ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණා සතුට නිරුද්ධ වේ. තෘෂ්ණා සතුට නැති කල්හි, ඇලීම නොවේ. ඇලීම නැතිකල්හි බැඳීම නොවේ. මිගජාලය, තෘෂ්ණා බන්ධනයෙන් මිදුනාවූ මහණතෙම එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ.
“මිගජාලය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රසයෝ ඇත්තාහ. ඉදින් මහණ තෙමේ එය නොපතයි ද, (ගුණ) නොවනයිද, එහි ගැලී නො සීටී ද; එය නොපතන, (ගුණ) නොවනන, එහි ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණා සතුට නිරුද්ධ වේ. තෘෂ්ණා සතුට නැති කල්හි, ඇලීම නොවේ. ඇලීම නැතිකල්හි බැඳීම නොවේ. මිගජාලය, තෘෂ්ණා බන්ධනයෙන් මිදුනාවූ මහණතෙම එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ.
“මිගජාලය, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ස්පර්ශයෝ ඇත්තාහ. ඉදින් මහණ තෙමේ එය නොපතයි ද, (ගුණ) නොවනයිද, එහි ගැලී නො සීටී ද; එය නොපතන, (ගුණ) නොවනන, එහි ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණා සතුට නිරුද්ධ වේ. තෘෂ්ණා සතුට නැති කල්හි, ඇලීම නොවේ. ඇලීම නැතිකල්හි බැඳීම නොවේ. මිගජාලය, තෘෂ්ණා බන්ධනයෙන් මිදුනාවූ මහණතෙම එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ.
“මිගජාලය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ධර්මයෝ ඇත්තාහ. ඉදින් මහණ තෙමේ එය නොපතයි ද, (ගුණ) නොවනයිද, එහි ගැලී නො සීටී ද; එය නොපතන, (ගුණ) නොවනන, එහි ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණා සතුට නිරුද්ධ වේ. තෘෂ්ණා සතුට නැති කල්හි, ඇලීම නොවේ. ඇලීම නැතිකල්හි බැඳීම නොවේ. මිගජාලය, තෘෂ්ණා බන්ධනයෙන් මිදුනාවූ මහණතෙම එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ.
“මිගජාලය, මෙසේ වාසය කරන්නාවූ මහණතෙම හුදෙක් භික්ෂූන්ගෙන්, භික්ෂුණීන්ගෙන්, උපාසකවරුන්ගෙන්, උපාසිකාවරුන්ගෙන්, රජුන්ගෙන්, රජ මහ ඇමැතියන්ගෙන්, තීර්ත්ථකයන්ගෙන්, තීර්ත්ථක ශ්‍රාවකයන්ගෙන් ගැවසීගත්තාවූ ගම්වල වාසය කෙරේද, එතකුදුවුවත් එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ.
ඊට හේතු කවරේද? තෘෂ්ණාව වනාහි ඔහුගේ දෙවැන්න වේ. ඔහුගේ ඒ තෘෂ්ණාව ප්‍රහීණ වූවාය. එහෙයින් එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේය” යයි (වදාළ සේක.)
|
2. දුතියමිගජාලසුත්තං | 2. දුතිය මිගජාල සූත්‍රය |
64
අථ
‘‘සන්ති
‘‘සන්ති ච ඛො, මිගජාල, චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය
අථ ඛො ආයස්මා මිගජාලො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො ආයස්මා මිගජාලො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරතො නචිරස්සෙව - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව
|
64
එකල්හි ආයුෂ්මත් මිගජාල ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් මිගජාල ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා, එකලාව, සමූහයෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු ධර්මයක් දේශනා කරන්නේ නම් මැනව” කියායි.
“මිගජාලය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහුමය. ඉදින් මහණතෙම එය පතා ද, එය ප්‍රියයයි, මනාපයයි කියාද, එහි ගැලී සිටී ද, එය පතන, එය ප්‍රියයයි, මනාපයයි කියන්නාවූ, එහි ගැලී සිටින ඔහුට තෘෂ්ණාව උපදියි. මිගජාලය, තෘෂ්ණාව නිසා දුක් ඉපදීම වේ යයි කියමි.”
“මිගජාලය, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහුමය. ඉදින් මහණතෙම එය පතා ද, එය ප්‍රියයයි, මනාපයයි කියාද, එහි ගැලී සිටී ද, එය පතන, එය ප්‍රියයයි, මනාපයයි කියන්නාවූ, එහි ගැලී සිටින ඔහුට තෘෂ්ණාව උපදියි. මිගජාලය, තෘෂ්ණාව නිසා දුක් ඉපදීම වේ යයි කියමි.”
“මිගජාලය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ගන්ධයෝ ඇත්තාහුමය. ඉදින් මහණතෙම එය පතා ද, එය ප්‍රියයයි, මනාපයයි කියාද, එහි ගැලී සිටී ද, එය පතන, එය ප්‍රියයයි, මනාපයයි කියන්නාවූ, එහි ගැලී සිටින ඔහුට තෘෂ්ණාව උපදියි. මිගජාලය, තෘෂ්ණාව නිසා දුක් ඉපදීම වේ යයි කියමි.”
“මිගජාලය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රසයෝ ඇත්තාහුමය. ඉදින් මහණතෙම එය පතා ද, එය ප්‍රියයයි, මනාපයයි කියාද, එහි ගැලී සිටී ද, එය පතන, එය ප්‍රියයයි, මනාපයයි කියන්නාවූ, එහි ගැලී සිටින ඔහුට තෘෂ්ණාව උපදියි. මිගජාලය, තෘෂ්ණාව නිසා දුක් ඉපදීම වේ යයි කියමි.”
“මිගජාලය, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ස්පර්ශයෝ ඇත්තාහුමය. ඉදින් මහණතෙම එය පතා ද, එය ප්‍රියයයි, මනාපයයි කියාද, එහි ගැලී සිටී ද, එය පතන, එය ප්‍රියයයි, මනාපයයි කියන්නාවූ, එහි ගැලී සිටින ඔහුට තෘෂ්ණාව උපදියි. මිගජාලය, තෘෂ්ණාව නිසා දුක් ඉපදීම වේ යයි කියමි.”
“මිගජාලය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ධර්මයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතා ද, එය ප්‍රියයයි, මනාපයයි කියාද, එහි ගැලී සිටී ද, එය පතන, එය ප්‍රියයයි, මනාපයයි කියන්නාවූ, එහි ගැලී සිටින ඔහුට තෘෂ්ණාව උපදියි. මිගජාලය, තෘෂ්ණාව නිසා දුක් ඉපදීම වේ යයි කියමි.”
“මිගජාලය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතා ද, එය ප්‍රියයයි, මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටී ද, එය නොපතන, එය ප්‍රියයයි, මනාපයයි නොකියන, එහි ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. මිගජාලය, තෘෂ්ණාව නිරුද්ධවීමෙන් දුක් නිරුද්ධවීම වේ යයි කියමි.”
“මිගජාලය, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතා ද, එය ප්‍රියයයි, මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටී ද, එය නොපතන, එය ප්‍රියයයි, මනාපයයි නොකියන, එහි ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. මිගජාලය, තෘෂ්ණාව නිරුද්ධවීමෙන් දුක් නිරුද්ධවීම වේ යයි කියමි.”
“මිගජාලය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ගන්ධයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතා ද, එය ප්‍රියයයි, මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටී ද, එය නොපතන, එය ප්‍රියයයි, මනාපයයි නොකියන, එහි ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. මිගජාලය, තෘෂ්ණාව නිරුද්ධවීමෙන් දුක් නිරුද්ධවීම වේ යයි කියමි.”
“මිගජාලය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රසයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතා ද, එය ප්‍රියයයි, මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටී ද, එය නොපතන, එය ප්‍රියයයි, මනාපයයි නොකියන, එහි ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. මිගජාලය, තෘෂ්ණාව නිරුද්ධවීමෙන් දුක් නිරුද්ධවීම වේ යයි කියමි.”
“මිගජාලය, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ස්පර්ශයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතා ද, එය ප්‍රියයයි, මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටී ද, එය නොපතන, එය ප්‍රියයයි, මනාපයයි නොකියන, එහි ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. මිගජාලය, තෘෂ්ණාව නිරුද්ධවීමෙන් දුක් නිරුද්ධවීම වේ යයි කියමි.”
“මිගජාලය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ධර්මයෝද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතා ද, එය ප්‍රියයයි, මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටී ද, එය නොපතන, එය ප්‍රියයයි, මනාපයයි නොකියන, එහි ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. මිගජාලය, තෘෂ්ණාව නිරුද්ධවීමෙන් දුක් නිරුද්ධ වේ යයි කියමි.” යි වදාළ සේක.
ඉක්බිති ආයුෂ්මත් මිගජාල ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන, අනුමෝදන්ව, හුනස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේට වැඳ, ගෞරව දක්වා වැඩියේය. ඉක්බිති ආයුෂ්මත් මිගජාල ස්ථවිරතෙම හුදකලාව සමූහයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්මාලය දුරුකොට වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව කෙළවරකොට ඇති ඒ උතුම් අර්ථය මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කෙළේය.
“ජාතිය ක්ෂයවිය. බ්රහ්මචර්ය්යයාවෙහි හැසිර නිමවන ලද්දේය. සතර මගින් කළයුත්ත කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි විශේෂයෙන් දැනගත් සේක. ආයුෂ්මත් මිගජාල ස්ථවිර තෙමේ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක්ද වූයේයයි වදාළ සේක.
|
3. පඨමසමිද්ධිමාරපඤ්හාසුත්තං | 3. සමිද්ධි මාරපඤ්හ සූත්‍රය |
65
එකං
‘‘යත්ථ ඛො, සමිද්ධි, අත්ථි
‘‘යත්ථ ච ඛො, සමිද්ධි, නත්ථි චක්ඛු, නත්ථි රූපා, නත්ථි චක්ඛුවිඤ්ඤාණං, නත්ථි චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, නත්ථි තත්ථ මාරො වා මාරපඤ්ඤත්ති වා. නත්ථි සොතං...පෙ.... නත්ථි ඝානං...පෙ.... නත්ථි ජිව්හා, නත්ථි රසා, නත්ථි ජිව්හාවිඤ්ඤාණං, නත්ථි ජිව්හාවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, නත්ථි තත්ථ මාරො වා මාරපඤ්ඤත්ති වා. නත්ථි කායො...පෙ..... නත්ථි මනො, නත්ථි ධම්මා, නත්ථි මනොවිඤ්ඤාණං, නත්ථි මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, නත්ථි තත්ථ මාරො වා මාරපඤ්ඤත්ති වා’’ති. තතියං.
|
65
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් සමිද්ධි ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, ‘මාරයා, මාරයා’ යයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් මාරයා හෝ, මාරයා පැනවීම හෝ වන්නේද?”
“සමිද්ධිය, යම් තැනක වනාහි ඇස ඇත්තේද, රූප ඇත්තාහුද, චක්ඛුවිඤ්ඤාණය ඇත්තේද, චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි මාරයා හෝ මාරයාය යන පැනවීම හෝ ඇත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි කන ඇත්තේද, ශබ්ද ඇත්තාහුද, සෝත විඥානය ඇත්තේද, සෝතවිඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි මාරයා හෝ මාරයාය යන පැනවීම හෝ ඇත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි නාසය ඇත්තේද, ගන්ධ ඇත්තාහුද, ඝාණ විඥානය ඇත්තේද, ඝාණ විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි මාරයා හෝ මාරයාය යන පැනවීම හෝ ඇත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි දිව ඇත්තේද, රසයෝ ඇත්තාහුද, ජිව්හා විඥානය ඇත්තේද, ජිව්හා විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි මාරයා හෝ මාරයාය යන පැනවීම හෝ ඇත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි කය ඇත්තේද, ස්පර්ශ ඇත්තාහුද, කාය විඥානය ඇත්තේද, කාය විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි මාරයා හෝ මාරයාය යන පැනවීම හෝ ඇත්තේය. “සමිද්ධිය, යම් තැනක සිත ඇත්තේද, ධර්මයෝ ඇත්තාහුද, මනෝ විඥානය ඇත්තේද, මනෝ විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි මාරයා හෝ මාරයාය යන පැනවීම හෝ ඇත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි ඇස නැත්තේද, රූපයෝ නැත්තාහුද, චක්ඛු විඥානය නැත්තේද, චක්ඛු විඥානයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි මාරයා හෝ මාරයාය යන පැනවීම හෝ නැත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි කන නැත්තේද, ශබ්දයෝ නැත්තාහුද, සෝත විඥානය නැත්තේද, සෝත විඥානයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි මාරයා හෝ මාරයාය යන පැනවීම හෝ නැත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි නාසය නැත්තේද, ගන්ධයෝ නැත්තාහුද, ඝාණ විඥානය නැත්තේද, ඝාණ විඥානයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි මාරයා හෝ මාරයාය යන පැනවීම හෝ නැත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි දිව නැත්තේද, රසයෝ නැත්තාහුද, ජිව්හා විඥානය නැත්තේද, ජිව්හා විඥානයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි මාරයා හෝ මාරයාය යන පැනවීම හෝ නැත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි කය නැත්තේද, ස්පර්ශයෝ නැත්තාහුද, කාය විඥානය නැත්තේද, කාය විඥානයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි මාරයා හෝ මාරයාය යන පැනවීම හෝ නැත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි සිත නැත්තේද, ධර්මයෝ නැත්තාහුද, මනෝ විඥානය නැත්තේද, මනෝ විඥානයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි මාරයා හෝ මාරයාය යන පැනවීම හෝ නැත්තේය” යි වදාළ සේක.
|
4. සමිද්ධිසත්තපඤ්හාසුත්තං | 4. සමිද්ධි සත්තපඤ්හ සූත්‍රය |
66
‘‘‘සත්තො
|
66
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් සමිද්ධි ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, ‘සත්ත්වයා, සත්ත්වයා’ යයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් සත්ත්වයා හෝ සත්ත්වයා යන පැනවීම හෝ වන්නේද?”
“සමිද්ධිය, යම් තැනක වනාහි ඇස ඇත්තේද, රූපයෝ ඇත්තාහුද, චක්ඛුවිඤ්ඤාණය ඇත්තේද, චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි සත්ත්වයා හෝ සත්ත්වයා යන පැනවීම හෝ ඇත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි කන ඇත්තේද, ශබ්දයෝ ඇත්තාහුද, සෝත විඤ්ඤාණය ඇත්තේද, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි සත්ත්වයා හෝ සත්ත්වයා යන පැනවීම හෝ ඇත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි නාසය ඇත්තේද, ගන්ධයෝ ඇත්තාහුද, ඝාණ විඤ්ඤාණය ඇත්තේද, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි සත්ත්වයා හෝ සත්ත්වයා යන පැනවීම හෝ ඇත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි දිව ඇත්තේද, රසයෝ ඇත්තාහුද, ජිව්හා විඤ්ඤාණය ඇත්තේද, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි සත්ත්වයා හෝ සත්ත්වයා යන පැනවීම හෝ ඇත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි කය ඇත්තේද, ස්පර්ශයෝ ඇත්තාහුද, කාය විඤ්ඤාණය ඇත්තේද, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි සත්ත්වයා හෝ සත්ත්වයා යන පැනවීම හෝ ඇත්තේය.
“සමිද්ධිය, යම් තැනක සිත ඇත්තේද, ධර්මයෝ ඇත්තාහුද, මනෝ විඤ්ඤාණය ඇත්තේද, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි සත්ත්වයා හෝ සත්ත්වයා යන පැනවීම හෝ ඇත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි ඇස නැත්තේද, රූපයෝ නැත්තාහුද, චක්ඛු විඤ්ඤාණය නැත්තේද, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි සත්ත්වයා හෝ සත්ත්වයා යන පැනවීම හෝ නැත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි කන නැත්තේද, ශබ්දයෝ නැත්තාහුද, සෝත විඤ්ඤාණය නැත්තේද, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි සත්ත්වයා හෝ සත්ත්වයා යන පැනවීම හෝ නැත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි නාසය නැත්තේද, ගන්ධයෝ නැත්තාහුද, ඝාණ විඤ්ඤාණය නැත්තේද, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි සත්ත්වයා හෝ සත්ත්වයා යන පැනවීම හෝ නැත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි දිව නැත්තේද, රසයෝ නැත්තාහුද, ජිව්හා විඤ්ඤාණය නැත්තේද, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි සත්ත්වයා හෝ සත්ත්වයා යන පැනවීම හෝ නැත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි කය නැත්තේද, ස්පර්ශයෝ නැත්තාහුද, කාය විඤ්ඤාණය නැත්තේද, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි සත්ත්වයා හෝ සත්ත්වයා යන පැනවීම හෝ නැත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි සිත නැත්තේද, ධර්මයෝ නැත්තාහුද, මනෝ විඤ්ඤාණය නැත්තේද, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි සත්ත්වයා හෝ සත්ත්වයා යන පැනවීම හෝ නැත්තේය” යි වදාළ සේක.
|
5. සමිද්ධිදුක්ඛපඤ්හාසුත්තං | 5. සමිද්ධි දුක්ඛපඤ්හ සූත්‍රය |
67
‘‘‘දුක්ඛං
|
67
“ස්වාමීනි, ‘දුකය, දුකය’ යයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි දුක හෝ දුකය යන පැනවීම හෝ වන්නේද?”
“සමිද්ධිය, යම් තැනක වනාහි ඇස ඇත්තේද, රූපයෝ ඇත්තාහුද, චක්ඛු විඥානය ඇත්තේද, චක්ඛු විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ ඇත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි කන ඇත්තේද, ශබ්දයෝ ඇත්තාහුද, සෝත විඥානය ඇත්තේද, සෝත විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ ඇත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි නාසය ඇත්තේද, ගන්ධයෝ ඇත්තාහුද, ඝාණ විඥානය ඇත්තේද, ඝාණ විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ ඇත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි දිව ඇත්තේද, රසයෝ ඇත්තාහුද, ජිව්හා විඥානය ඇත්තේද, ජිව්හා විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ ඇත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි කය ඇත්තේද, ස්පර්ශයෝ ඇත්තාහුද, කාය විඥානය ඇත්තේද, කාය විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ ඇත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි සිත ඇත්තේද, ධර්මයෝ ඇත්තාහුද, මනෝ විඥානය ඇත්තේද, මනෝ විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ ඇත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි ඇස නැත්තේද, රූපයෝ නැත්තාහුද, චක්ඛු විඥානය නැත්තේද, චක්ඛු විඥානයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ නැත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි කන නැත්තේද, ශබ්දයෝ නැත්තාහුද, සෝත විඥානය නැත්තේද, සෝත විඥානයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ නැත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි නාසය නැත්තේද, ගන්ධයෝ නැත්තාහුද, ඝාණ විඥානය නැත්තේද, ඝාණ විඥානයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ නැත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි දිව නැත්තේද, රසයෝ නැත්තාහුද, ජිව්හා විඥානය නැත්තේද, ජිව්හා විඥානයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ නැත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි කය නැත්තේද, ස්පර්ශයෝ නැත්තාහුද, කාය විඥානය නැත්තේද, කාය විඥානයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ නැත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි සිත නැත්තේද, ධර්මයෝ නැත්තාහුද, මනෝ විඥානය නැත්තේද, මනෝ විඥානයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ නැත්තේය” යි වදාළ සේක.
|
6. සමිද්ධිලොකපඤ්හාසුත්තං | 6. සමිද්ධි ලෝකපඤ්හ සූත්‍රය |
68
‘‘‘ලොකො, ලොකො’ති, භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො, භන්තෙ, ලොකො වා අස්ස ලොකපඤ්ඤත්ති වා’’ති? යත්ථ ඛො, සමිද්ධි, අත්ථි චක්ඛු, අත්ථි රූපා, අත්ථි චක්ඛුවිඤ්ඤාණං, අත්ථි චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, අත්ථි තත්ථ ලොකො වා ලොකපඤ්ඤත්ති වාති...පෙ.... අත්ථි ජිව්හා...පෙ.... අත්ථි
‘‘යත්ථ ච ඛො, සමිද්ධි, නත්ථි චක්ඛු, නත්ථි රූපා, නත්ථි චක්ඛුවිඤ්ඤාණං, නත්ථි චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, නත්ථි තත්ථ ලොකො වා ලොකපඤ්ඤත්ති වා...පෙ.... නත්ථි ජිව්හා...පෙ.... නත්ථි මනො, නත්ථි ධම්මා, නත්ථි මනොවිඤ්ඤාණං, නත්ථි මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, නත්ථි තත්ථ ලොකො වා ලොකපඤ්ඤත්ති වා’’ති. ඡට්ඨං.
|
68
“ස්වාමීනි, ‘ලෝකය, ලෝකය’ යයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ වන්නේද?”
“සමිද්ධිය, යම් තැනක වනාහි ඇස ඇත්තේද, රූපයෝ ඇත්තාහුද, චක්ඛු විඥානය ඇත්තේද, චක්ඛු විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ ඇත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි කන ඇත්තේද, ශබ්දයෝ ඇත්තාහුද, සෝත විඥානය ඇත්තේද, සෝත විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ ඇත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි නාසය ඇත්තේද, ගන්ධයෝ ඇත්තාහුද, ඝාණ විඥානය ඇත්තේද, ඝාණ විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ ඇත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි දිව ඇත්තේද, රසයෝ ඇත්තාහුද, ජිව්හා විඥානය ඇත්තේද, ජිව්හා විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ ඇත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි කය ඇත්තේද, ස්පර්ශයෝ ඇත්තාහුද, කාය විඥානය ඇත්තේද, කාය විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ ඇත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි සිත ඇත්තේද, ධර්මයෝ ඇත්තාහුද, මනෝ විඥානය ඇත්තේද, මනෝ විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ ඇත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි ඇස නැත්තේද, රූපයෝ නැත්තාහුද, චක්ඛු විඥානය නැත්තේද, චක්ඛු විඥානයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ නැත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි කන නැත්තේද, ශබ්දයෝ නැත්තාහුද, සෝත විඥානය නැත්තේද, සෝත විඥානයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ නැත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි නාසය නැත්තේද, ගන්ධයෝ නැත්තාහුද, ඝාණ විඥානය නැත්තේද, ඝාණ විඥානයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ නැත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි දිව නැත්තේද, රසයෝ නැත්තාහුද, ජිව්හා විඥානය නැත්තේද, ජිව්හා විඥානයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ නැත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි කය නැත්තේද, ස්පර්ශයෝ නැත්තාහුද, කාය විඥානය නැත්තේද, කාය විඥානයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ නැත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි සිත නැත්තේද, ධර්මයෝ නැත්තාහුද, මනෝ විඥානය නැත්තේද, මනෝ විඥානයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ නැත්තේය” යි වදාළ සේක.
|
7. උපසෙනආසීවිසසුත්තං | 7. උපසේන සූත්‍රය |
69
එකං සමයං ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච උපසෙනො රාජගහෙ විහරන්ති සීතවනෙ සප්පසොණ්ඩිකපබ්භාරෙ. තෙන ඛො පන සමයෙන ආයස්මතො උපසෙනස්ස කායෙ ආසීවිසො පතිතො
එවං
‘‘තථා හි පනායස්මතො උපසෙනස්ස දීඝරත්තං අහඞ්කාරමමඞ්කාරමානානුසයො සුසමූහතො. තස්මා ආයස්මතො උපසෙනස්ස න එවං හොති - ‘අහං චක්ඛූති වා මම චක්ඛූති වා...පෙ.... අහං ජිව්හාති වා මම ජිව්හාති වා...පෙ.... අහං මනොති වා මම මනොති වා’’’ති. අථ
|
69
එක් කලෙක්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් උපසේන ස්ථවිරයන් වහන්සේද, රජගහනුවර සීතවන නම් සොහොනෙහිවූ සප්පසොණ්ඩික නම් ලෙනෙහි වැඩ වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් උපසේන ස්ථවිරයන් වහන්සේගේ ශරීරයෙහි සර්පයෙක් වැටුනේය. (ශරීරයෙහි ස්පර්ශවූ පමණින් විස නගන්නාවූ, ප්රට්ඨවිස නම් වර්ගයට අයත් සර්පයෙකි)
‘ඉක්බිති ආයුෂ්මත් උපසේන ස්ථවිරයන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය. “ඇවැත්නි, එව්. මාගේ මේ සිරුර මෙහිම බොල් මිටක් මෙන් විසිර යාමට (විනාශ වීමට) පළමු ඇඳකට නංවා පිටතට ගෙන යව්” යයි කීයේය.
මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් උපසේන ස්ථවිරයන්ට මෙය කීයේය. “ආයුෂ්මත් උපසේනයන්ගේ ශරීරයෙහි අන්ප්රකාරයක් හෝ ඉන්ද්රියයන්ගේ වෙනස්වීමක් හෝ අපි නොම දකිමු. එතකුදු වුවත් ආයුෂ්මත් උපසේන තෙම මෙසේ කියයි. “ඇවැත්නි, එව්. මාගේ මේ සිරුර මෙහිම බොල් මිටක් මෙන් විසිර යාමට පළමු ඇඳකට නංවා පිටතට ගෙන යව්” යයි කියායි.
“ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, ‘ඇස මම වෙමියි කියා හෝ, මාගේ ඇසය’ කියා හෝ, ‘කන මම වෙමියි කියා හෝ, මාගේ කනය’ කියා හෝ, ‘නාසය මම වෙමියි කියා හෝ, මාගේ නාසය’ කියා හෝ, ‘දිව මම වෙමියි කියා හෝ, මාගේ දිවය’ කියා හෝ, ‘කය මම වෙමියි කියා හෝ, මාගේ කයය’ කියා හෝ, ‘සිත මම වෙමියි කියා හෝ මාගේ සිතය’ කියා හෝ යන අදහස යමෙකුට ඇත්තේද,
“ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, ඔහුගේ ශරීරයෙහි අන්ප්රකාරයක් හෝ, ඉන්ද්රියයන්ගේ වෙනස් වීමක් හෝ වන්නේය. ආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, මට වනාහි ‘ඇස මම වෙමියි කියා හෝ, මාගේ ඇසය’ කියා හෝ, ‘කන මම වෙමියි කියා හෝ, මාගේ කනය’ කියා හෝ, ‘නාසය මම වෙමියි කියා හෝ, මාගේ නාසය’ කියා හෝ, ‘දිව මම වෙමියි කියා හෝ, මාගේ දිවය’ කියා හෝ, ‘කය මම වෙමියි කියා හෝ, මාගේ කයය’ කියා හෝ, ‘සිත මම වෙමියි කියා හෝ මාගේ සිතය’ යි යන අදහසක් නැත්තේය.
“ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, ඒ මාගේ සිරුරෙහි අන් ප්‍රකාරයක් හෝ ඉන්ද්රියයන්ගේ විපරිනාමයක් හෝ කුමක් හෙයින් වන්නේද, එසේනම් ආයුෂ්මත් උපසේන ස්ථවිරයන්ගේ බොහෝ කලක් අහංකාරය, මමායනය, (මාගේයයි සිතීම) මානය, සහ ක්ලේශයෝ හොඳින් නසන ලද්දාහු නොවෙත්ද, එහෙයින් ආයුෂ්මත් උපසේන ස්ථවිරයන්ට, ‘ඇස මම වෙමියි හෝ, මාගේ ඇසය’ යි හෝ, ‘කන මම වෙමියි හෝ, මාගේ කනය’ යි හෝ, ‘නාසය මම වෙමියි’ හෝ, මාගේ නාසයයි’ හෝ, ‘දිව මම වෙමියි හෝ, මාගේ දිවයයි’ හෝ, ‘කය මම වෙමියි හෝ, මාගේ කයයයි’ හෝ, ‘සිත මම වෙමියි’ හෝ මාගේ සිතය’ යි හෝ මෙබඳු අදහසක් නොවේය” යි කීහ.
ඉක්බිති ඒ භික්ෂූහු ආයුෂ්මත් උපසේන ස්ථවිරයන්ගේ සිරුර ඇඳකට නංවා පිටතට ගෙන ගියාහුය. ඉක්බිති ආයුෂ්මත් උපසේන ස්ථවිරයන්ගේ සිරුර බොල් මිටක් මෙන් එහිම විසුරුනේය.
|
8. උපවාණසන්දිට්ඨිකසුත්තං | 8. උපවාණ සූත්‍රය |
70
අථ ඛො ආයස්මා උපවාණො යෙන භගවා තෙනුපසඞ්කමි...පෙ.... එකමන්තං නිසින්නො ඛො ආයස්මා උපවාණො භගවන්තං එතදවොච - ‘‘‘සන්දිට්ඨිකො ධම්මො, සන්දිට්ඨිකො ධම්මො’ති, භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො, භන්තෙ, සන්දිට්ඨිකො ධම්මො හොති, අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’’ති?
‘‘ඉධ පන, උපවාණ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා රූපප්පටිසංවෙදී ච හොති රූපරාගප්පටිසංවෙදී ච. සන්තඤ්ච අජ්ඣත්තං රූපෙසු රාගං ‘අත්ථි මෙ අජ්ඣත්තං රූපෙසු රාගො’ති පජානාති. යං තං, උපවාණ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා රූපප්පටිසංවෙදී ච හොති රූපරාගප්පටිසංවෙදී
‘‘පුන
‘‘පුන චපරං, උපවාණ, භික්ඛු මනසා ධම්මං විඤ්ඤාය ධම්මප්පටිසංවෙදී ච හොති ධම්මරාගප්පටිසංවෙදී ච. සන්තඤ්ච අජ්ඣත්තං ධම්මෙසු රාගං ‘අත්ථි මෙ අජ්ඣත්තං ධම්මෙසු රාගො’ති පජානාති. යං තං, උපවාණ, භික්ඛු මනසා ධම්මං විඤ්ඤාය ධම්මප්පටිසංවෙදී ච හොති ධම්මරාගප්පටිසංවෙදී ච. සන්තඤ්ච අජ්ඣත්තං ධම්මෙසු රාගං ‘අත්ථි මෙ අජ්ඣත්තං ධම්මෙසු රාගො’ති පජානාති. එවම්පි ඛො, උපවාණ, සන්දිට්ඨිකො ධම්මො හොති...පෙ.... පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’’ති...පෙ.....
‘‘ඉධ පන, උපවාණ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා රූපප්පටිසංවෙදී ච හොති, නො ච රූපරාගප්පටිසංවෙදී. අසන්තඤ්ච අජ්ඣත්තං රූපෙසු රාගං ‘නත්ථි මෙ අජ්ඣත්තං රූපෙසු රාගො’ති පජානාති. යං තං, උපවාණ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා රූපප්පටිසංවෙදීහි ඛො හොති, නො ච රූපරාගප්පටිසංවෙදී. අසන්තඤ්ච අජ්ඣත්තං රූපෙසු රාගං ‘නත්ථි මෙ අජ්ඣත්තං රූපෙසු රාගො’ති පජානාති. එවම්පි ඛො, උපවාණ, සන්දිට්ඨිකො ධම්මො හොති, අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’’ති...පෙ.....
‘‘පුන
‘‘පුන
|
70
එකල්හි ආයුෂ්මත් උපවාණ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එකත් පසක හුන්නාවූ ආයුෂ්මත් උපවාණ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, ධර්මය සන්දිට්ඨිකයයි (මේ ආත්මයේම ලැබිය යුතු ඵල ඇත්තේයයි) කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ධර්මය සන්දිට්ඨික වේද, අකාලික වේද (කල් නොයවා දෙන විපාක ඇත්තේද), එහිඵස්සික වේද (එව, බලව යන විධියට සුදුසු වේද), ඕපනයික වේද (තමා කෙරෙහි පමුණුවා ගතයුතු වේද), නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් විසින් දත යුතු වේද?”
“උපවාණය, මෙහි මහණ තෙම ඇසින් රූපය දැක, රූපය දැන ගත්තේද වෙයි. රූප රාගය දැන ගත්තේද වෙයි. අධ්‍යාත්මය තුළ ඇත්තාවූ රාගය, ‘මාගේ අධ්‍යාත්මය තුළ රූපයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැන ගනියි. උපවාණය, මහණතෙම ඇසින් යම් ඒ රූපයක් දැක රූපය දැනගත්තේද, යම් රූප රාගයක් දැන ගත්තේද, අධ්‍යාත්මය තුළ ඇත්තාවූ, රූපයන්හි ඇලෙන යම් රාගයක්, ‘මාගේ අධ්‍යාත්මය තුළ රූපයන්හි ඇලෙන රාගය ඇත්තේය, යි දැනගනියිද, උපවාණය, මෙසේද වනාහි ධර්මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.”
“උපවාණය, මෙහි මහණ තෙම කනෙන් ශබ්දය දැන, ශබ්දය දැන ගත්තේද වෙයි. ශබ්ද රාගය දැන ගන්නේද වෙයි. අධ්‍යාත්මය තුළ ඇත්තාවූ රාගය, ‘මාගේ අධ්‍යාත්මය තුළ ශබ්දයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැන ගනියි. උපවාණය, මහණතෙම කනෙන් යම් ඒ ශබ්දයක් දැක ශබ්දය දැනගත්තේද, යම් ශබ්ද රාගයක් දැන ගන්නේද, අධ්‍යාත්මය තුළ ඇත්තාවූ, ශබ්දයන්හි ඇලෙන යම් රාගයක්, මාගේ අධ්‍යාත්මය තුළ ශබ්දයන්හි ඇලෙන රාගය ඇත්තේය’ යි දැනගනියිද, උපවාණය, මෙසේද වනාහි ධර්මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.”
“උපවාණය, මෙහි මහණ තෙම නාසයෙන් ගන්ධය දැක, ගන්ධය දැන ගත්තේද වෙයි. ගන්ධ රාගය දැන ගත්තේද වෙයි. අධ්‍යාත්මය තුළ ඇත්තාවූ රාගය, ‘මාගේ අධ්‍යාත්මය තුළ ගන්ධයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැන ගනියි. උපවාණය, මහණතෙම නාසයෙන් යම් ඒ ගන්ධයක් දැක ගන්ධය දැනගත්තේද, යම් ගන්ධ රාගයක් දැන ගන්නේද, අධ්‍යාත්මය තුළ ඇත්තාවූ, ගන්ධන්හි ඇලෙන යම් රාගයක්, මාගේ අධ්‍යාත්මය තුළ ගන්ධයන්හි ඇලෙන රාගය ඇත්තේය’ යි දැනගනියිද, උපවාණය, මෙසේද වනාහි ධර්මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.”
“උපවාණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම දිවෙන් රසය විඳ, රසය දන්නේ වෙයි. රස රාගය දන්නේද වෙයි. තමා තුළ ඇත්තාවූ රසයන්හි ඇලෙන රාගයද, ‘මාගේ අධ්‍යාත්මය තුළ රසයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැන ගනියි. උපවානය, මහණතෙම දිවෙන් යම් ඒ රසයක් විඳ රස දන්නේද, යම් ඒ රස රාගයක් දන්නේ වේද, තමා තුළවූ රසයන්හි ඇලෙන රාගය, ‘මාගේ අධ්‍යාත්මය තුළ රසයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැනගනියිද, උපවාණය, මෙසේද වනාහි ධර්මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වෙයි.”
“උපවාණය, මෙහි මහණ තෙම කයින් ස්පර්ශය දැක, ස්පර්ශය දැන ගන්නේද වෙයි. ස්පර්ශ රාගය දැන ගන්නේද වෙයි. අධ්‍යාත්මය තුළ ඇත්තාවූ රාගය, ‘මාගේ අධ්‍යාත්මය තුළ ස්පර්ශයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැන ගනියි. උපවාණය, මහණතෙම කයින් යම් ඒ ස්පර්ශයක් දැක ස්පර්ශය දැන ගන්නේද, යම් ස්පර්ශ රාගයක් දැන ගන්නේද, අධ්‍යාත්මය තුළ ඇත්තාවූ ස්පර්ශයන්හි ඇලෙන යම් රාගයක්, ‘මාගේ අධ්‍යාත්මය තුළ ස්පර්ශයන්හි ඇලෙන රාගය ඇත්තේය’ යි දැන ගනියිද, උපවාණය, මෙසේද වනාහි ධර්මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වෙයි.”
“උපවාණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සිතින් ධර්මය දැන, ධර්මය දන්නේද වෙයි. ධර්ම රාගය දන්නේද වෙයි. තමා තුළ ඇති ධර්මයන් කෙරෙහි ඇලෙන රාගය, ‘මාගේ අධ්‍යාත්මය තුළ ධර්මයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැන ගනියි. උපවාණය, මහණතෙම සිතින් යම් මේ ධර්මයක් දැන ධර්ම දන්නේ වේද, ධර්ම රාගය දන්නේත් වේද, තමා තුළ ඇති ධර්මයන් කෙරෙහි ඇලෙන රාගය, ‘මාගේ අධ්‍යාත්මය තුළ ධර්මයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය’ යි දැනගන්නේද, උපවාණය, මෙසේද වනාහි ධර්මය සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වෙයි.”
“උපවාණය, මෙහි මහණ තෙම ඇසින් රූපය දැක, රූපය දන්නේම වේ. රූප රාගය දන්නේ නොවේ. තමා තුළ නැත්තාවූ රූපයන් කෙරෙහි ඇලෙන රාගය, ‘මාගේ අධ්‍යාත්මය තුළ රූපයන් කෙරෙහි ඇලෙන රාගය නැත්තේය’ යි දැනගනියි. උපවාණය, මහණතෙම ඇසින් යම් ඒ රූපයක් දැක රූපය දන්නේම වේද, රූප රාගය දන්නේ නොවේද, අධ්‍යාත්මයෙහි නැත්තාවූ, රූපයන් කෙරෙහි ඇලෙන රාගය, ‘මාගේ අධ්‍යාත්මයෙහි රූපයන් කෙරහි ඇලෙන රාගය නැත්තේයයි දැනගනියි, උපවාණය, මෙසේද වනාහි ධර්මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.”
“උපවාණය, මෙහි මහණ තෙම කනෙන් ශබ්දය අසා, ශබ්දය දන්නේම වේ. ශබ්ද රාගය දන්නේ නොවේ. තමා තුළ නැත්තාවූ ශබ්දයන් කෙරෙහි ඇලෙන රාගය, ‘මාගේ අධ්‍යාත්මය තුළ ශබ්දයන් කෙරෙහි ඇලෙන රාගය නැත්තේය’ යි දැන ගනියි. උපවාණය, මහණතෙම කනෙන් යම් ඒ ශබ්දයක් දැන ශබ්දය දන්නේම වේද, ශබ්ද රාගය දන්නේ නොවේද, අධ්‍යාත්මයෙහි නැත්තාවූ, ශබ්දයන් කෙරෙහි ඇලෙන රාගය, මාගේ අධ්‍යාත්මයෙහි ශබ්දයන් කෙරෙහි ඇලෙන රාගය නැත්තේය’ යි දැනගනියි. උපවාණය, මෙසේද වනාහි ධර්මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.”
“උපවාණය, මෙහි මහණ තෙම නාසයෙන් ගන්ධය දැන, ගන්ධය දන්නේම වේ. ගන්ධ රාගය දන්නේ නොවේ. තමා තුළ නැත්තාවූ ගන්ධයන් කෙරෙහි ඇලෙන රාගය, ‘මාගේ අධ්‍යාත්මය තුළ ගන්ධයන් කෙරෙහි ඇලෙන රාගය නැත්තේය’ යි දැනගනියි. උපවාණය, මහණතෙම නාසයෙන් යම් ඒ ගන්ධයක් දැන ගන්ධය දන්නේම වේද, ගන්ධ රාගය දන්නේ නොවේද, අධ්‍යාත්මයෙහි නැත්තාවූ, ගන්ධයන් කෙරෙහි ඇලෙන රාගය, ‘මාගේ අධ්‍යාත්මයෙහි ගන්ධයන් කෙරහි ඇලෙන රාගය නැත්තේයයි දැනගනියි, උපවාණය, මෙසේද වනාහි ධර්මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.”
“උපවාණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම දිවෙන් රසය විඳ, රස දන්නේ වේද. රස රාගය නොදන්නේ වේද. අධ්‍යාත්මය තුළ නැති රස රාගය, මා තුළ රසයන් කෙරෙහි රාගය නැත්තේය’ යි දැනගනියි. උපවාණය, මහණතෙම දිවෙන් යම් ඒ රසයක් දැන රසය දන්නේම වේද, රස රාගය දන්නේ නොවේද, අධ්‍යාත්මයෙහි නැත්තාවූ, රසයන් කෙරෙහි ඇලෙන රාගය, ‘මාගේ අධ්‍යාත්මයෙහි රසයන් කෙරහි ඇලෙන රාගය නැත්තේයයි දැනගනියි, උපවාණය, මෙසේද වනාහි ධර්මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.”
“උපවාණය, මෙහි මහණ තෙම කයින් ස්පර්ශය දැන, ස්පර්ශය දන්නේම වේ. ස්පර්ශ රාගය දන්නේ නොවේ. තමා තුළ නැත්තාවූ ස්පර්ශයන් කෙරෙහි ඇලෙන රාගය, ‘මාගේ අධ්‍යාත්මය තුළ ස්පර්ශයන් කෙරෙහි ඇලෙන රාගය නැත්තේය’ යි දැන ගනියි. උපවාණය, මහණතෙම කයින් යම් ඒ ස්පර්ශයක් දැන ස්පර්ශය දන්නේම වේද, ස්පර්ශ රාගය දන්නේ නොවේද, අධ්‍යාත්මයෙහි නැත්තාවූ ස්පර්ශයන් කෙරෙහි ඇලෙන රාගය ‘මාගේ අධ්‍යාත්මයෙහි ස්පර්ශයන් කෙරෙහි ඇලෙන රාගය නැත්තේය’ යි දැනගනියි. උපවාණය, මෙසේද වනාහි ධර්මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.”
“උපවාණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සිතින් ධර්මයන් දැන, ධර්මය දන්නේ වේ. ධර්ම රාගය නොදන්නේ වේ. තමා තුළ නැති ධර්මයන් කෙරෙහිවූ රාගය, මා තුළ ධර්මයන් කෙරෙහි රාගය නැත්තේය’ යි දැන ගනියි. උපවාණය, මහණතෙම සිතින් යම් ඒ ධර්මයක් දැන ධර්ම දන්නේ වේද, ධර්ම රාගය නොදන්නේ වේද, තමා තුළ නැති ධර්මයන් කෙරෙහිවූ රාගය, මා තුළ ධර්මයන් කෙරෙහි රාගය නැත්තේය’ යි දැනගනියි. උපවාණය, මෙසේද වනාහි ධර්මය සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේයයි.” වදාළ සේක.
|
9. පඨමඡඵස්සායතනසුත්තං | 9. පඨම ඡඵස්සායතන සූත්‍රය |
71
‘‘යො හි කොචි, භික්ඛවෙ, භික්ඛු ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති. අවුසිතං
එවං වුත්තෙ, අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘එත්ථාහං, භන්තෙ, අනස්සසං
(අනස්සසිං (සී.), අනස්සාසං (ස්‍යා. කං.), අනස්සාසිං (පී.)). අහඤ්හි, භන්තෙ, ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාමී’’ති.
‘‘තං කිං මඤ්ඤසි, භික්ඛු, චක්ඛුං ‘එතං මම, එසොහමස්මි
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘සාධු, භික්ඛු, එත්ථ ච තෙ, භික්ඛු, චක්ඛු ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං භවිස්සති. එසෙවන්තො දුක්ඛස්ස...පෙ.... ජිව්හං ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සසී’’ති?
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘සාධු, භික්ඛු, එත්ථ ච තෙ, භික්ඛු, ජිව්හා ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං භවිස්සති. එසෙවන්තො දුක්ඛස්ස...පෙ.... මනං ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සසී’’ති?
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘සාධු, භික්ඛු, එත්ථ ච තෙ, භික්ඛු, මනො ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති
|
71
“මහණෙනි, යම්කිසි මහණෙක් වනාහි සවැදෑරුම්වූ ස්පර්‍ශායතනයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිද්දෙන් නොදනීද, ඔහු විසින් බ්‍රහ්මචර්‍ය්‍යාව නොවසන ලදී. හෙතෙම මේ ධර්ම විනයෙන් දුරවූවෙක්ම වන්නේය.
“මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, මෙහි මම නැසුනෙමි. ස්වාමීනි, මම වනාහි සවැදෑරුම්වූ ස්පර්‍ශායතනයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිද්දෙන් නොදනිමි” යි කීයේය.
“මහණ, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?” - “ස්වාමීනි, එය නොවේමැයි”.
“මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් ඇස, ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් මනාව දක්නා ලද්දේ වන්නේය. මෙයම දුක්ඛයාගේ කෙළවර වන්නේය.
“කන, ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?” - “ස්වාමීනි, එය නොවේමැයි”.
“මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් කන, ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් මනාව දක්නා ලද්දේ වන්නේය. මෙයම දුක්ඛයාගේ කෙළවර වන්නේය.
“නාසය, ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?” - “ස්වාමීනි, එය නොවේමැයි”.
“මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් නාසය, ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් මනාව දක්නා ලද්දේ වන්නේය. මෙයම දුක්ඛයාගේ කෙළවර වන්නේය.
“දිව, ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?” - “ස්වාමීනි, එය නොවේමැයි”.
“මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් දිව, ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් මනාව දක්නා ලද්දේ වන්නේය. මෙයම දුක්ඛයාගේ කෙළවර වන්නේය.
“කය, ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?” - “ස්වාමීනි, එය නොවේමැයි”.
“මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් කය, ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් මනාව දක්නා ලද්දේ වන්නේය. මෙයම දුක්ඛයාගේ කෙළවර වන්නේය.
“සිත, ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?” - “ස්වාමීනි, එය නොවේමැයි”.
“මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් සිත, ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් මනාව දක්නා ලද්දේ වන්නේය. මෙයම දුක්ඛයාගේ කෙළවර වන්නේය.
|
10. දුතියඡඵස්සායතනසුත්තං | 10. දුතිය ඡඵස්සායතන සූත්‍රය |
72
‘‘යො
එවං වුත්තෙ, අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘එත්ථාහං, භන්තෙ, අනස්සසං පනස්සසං. අහඤ්හි, භන්තෙ, ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාමී’’ති.
‘‘තං කිං මඤ්ඤසි, භික්ඛු, චක්ඛුං ‘නෙතං මම, නෙසොහමස්මි
‘‘එවං, භන්තෙ’’.
‘‘සාධු, භික්ඛු, එත්ථ ච තෙ, භික්ඛු, චක්ඛු ‘නෙතං මම, නෙසොහමස්මි න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං භවිස්සති. එවං තෙ එතං පඨමං ඵස්සායතනං පහීනං භවිස්සති
‘‘ජිව්හං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සසී’’ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘සාධු
‘‘මනං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සසී’’ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘සාධු, භික්ඛු, එත්ථ ච තෙ, භික්ඛු, මනො ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං භවිස්සති. එවං තෙ එතං ඡට්ඨං ඵස්සායතනං පහීනං භවිස්සති ආයතිං අපුනබ්භවායා’’ති. දසමං.
|
72
“මහණෙනි, යම්කිසි මහණෙක් වනාහි සවැදෑරුම්වූ ස්පර්‍ශායතනයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිද්දෙන් නොදනීද, ඔහු විසින් බ්‍රහ්මචර්‍ය්‍යාව නොවසන ලදී. හෙතෙම මේ ධර්ම විනයෙන් ඈත්වූවෙක්ම වන්නේය.”
“මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, මෙහි මම නැසුනෙමි. ස්වාමීනි, මම වනාහි සවැදෑරුම්වූ ස්පර්‍ශායතනයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිද්දෙන් නොදනිමි” යි කීයේය.
“මහණ, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙහිද?” - “එසේය, ස්වාමීනි.”
“මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් ඇස, ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේ යයි’ මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දක්නා ලද්දේ වන්නේය. මෙසේ තා විසින් මේ පළමුවන ස්පර්‍ශායතනය මත්තෙහි නැවත නොවීම පිණිස පහකරන ලද්දේ වන්නේය.
“කන, ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙහිද?” - “එසේය, ස්වාමීනි.”
“මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් කන, ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දක්නා ලද්දේ වන්නේය. මෙසේ තා විසින් මේ දෙවන ස්පර්‍ශායතනය මත්තෙහි නැවත නොවීම පිණිස පහකරන ලද්දේ වන්නේය.
“නාසය, ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙහිද?” - “එසේය, ස්වාමීනි.”
“මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් නාසය, ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දක්නා ලද්දේ වන්නේය. මෙසේ තා විසින් මේ තුන්වන ස්පර්‍ශායතනය මත්තෙහි නැවත නොවීම පිණිස පහකරන ලද්දේ වන්නේය.
“දිව, ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙහිද?” - “එසේය, ස්වාමීනි.”
“මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් දිව, ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දක්නා ලද්දේ වන්නේය. මෙසේ තා විසින් මේ සතරවන ස්පර්‍ශායතනය මත්තෙහි නැවත නොවීම පිණිස පහකරන ලද්දේ වන්නේය.
“කය, ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙහිද?” - “එසේය, ස්වාමීනි.”
“මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් කය, ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දක්නා ලද්දේ වන්නේය. මෙසේ තා විසින් මේ පස්වන ස්පර්‍ශායතනය මත්තෙහි නැවත නොවීම පිණිස පහකරන ලද්දේ වන්නේය.
“සිත, ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙහිද?” - “එසේය, ස්වාමීනි.”
“මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් සිත, ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දක්නා ලද්දේ වන්නේය. මෙසේ තා විසින් මේ සවන ස්පර්‍ශායතනය මත්තෙහි නැවත නොවීම පිණිස පහකරන ලද්දේ වන්නේය” යි (වදාළ සේක).
|
11. තතියඡඵස්සායතනසුත්තං | 11. තතිය ඡඵස්සායතන සූත්‍රය |
73
‘‘යො හි කොචි, භික්ඛවෙ, භික්ඛු ඡන්නං ඵස්සායතනානං
එවං වුත්තෙ, අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘එත්ථාහං, භන්තෙ, අනස්සසං පනස්සසං. අහඤ්හි, භන්තෙ, ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච
‘‘තං කිං මඤ්ඤසි, භික්ඛු, චක්ඛු නිච්චං වා අනිච්චං වා’’ති?
‘‘අනිච්චං, භන්තෙ’’.
‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති?
‘‘දුක්ඛං, භන්තෙ’’.
‘‘යං
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘සොතං... ඝානං... ජිව්හා... කායො... මනො නිච්චො වා අනිච්චො වා’’ති?
‘‘අනිච්චො, භන්තෙ’’.
‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති?
‘‘දුක්ඛං, භන්තෙ’’.
‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති?
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘එවං පස්සං, භික්ඛු, සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, සොතස්මිම්පි නිබ්බින්දති, ඝානස්මිම්පි නිබ්බින්දති, ජිව්හායපි නිබ්බින්දති, කායස්මිම්පි නිබ්බින්දති, මනස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති; විරාගා විමුච්චති; විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාතී’’ති. එකාදසමං.
|
73
“මහණෙනි, යම්කිසි මහණෙක් වනාහි සවැදෑරුම්වූ ස්පර්‍ශායතනයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිද්දෙන් නොදනීද, ඔහු විසින් බ්‍රහ්මචර්‍ය්‍යාව නොවසන ලදී. හෙතෙම මේ ධර්ම විනයෙන් ඈත්වූවෙක්ම වන්නේය.”
“මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, මෙහි මම නැසුනෙමි. ස්වාමීනි, මම වනාහි සවැදෑරුම්වූ ස්පර්‍ශායතනයන්ගේ හටගැනීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිද්දෙන් නොදනිමි” යි කීයේය.
“මහණ, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිතයය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.”
“කන නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිතයය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.”
“නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිතයය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.”
“දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිතයය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.”
“කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිතයය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.”
“සිත නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිතයය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.”
“මහණ, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. සතර මාර්ගයෙන් කළ යුතු දෙය කරන ලදී. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීයයි” (වදාළ සේක)
|
8. ගිලානවග්ගො | 8. ගිලාන වර්ගය |
1. පඨමගිලානසුත්තං | 1. ගිලාන සූත්‍රය |
74
සාවත්ථිනිදානං
අථ ඛො භගවා නවවාදඤ්ච සුත්වා ගිලානවාදඤ්ච, ‘‘අප්පඤ්ඤාතො භික්ඛූ’’ති ඉති විදිත්වා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. අද්දසා ඛො සො භික්ඛු භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන මඤ්චකෙ සමධොසි
(සමඤ්චොසි (සී.), සමතෙසි (ස්‍යා. කං.), සමඤ්චොපි (පී.)). අථ ඛො භගවා තං භික්ඛුං එතදවොච - ‘‘අලං, භික්ඛු, මා ත්වං මඤ්චකෙ සමධොසි. සන්තිමානි ආසනානි පඤ්ඤත්තානි, තත්ථාහං නිසීදිස්සාමී’’ති. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො භගවා තං භික්ඛුං එතදවොච - ‘‘කච්චි තෙ, භික්ඛු, ඛමනීයං, කච්චි යාපනීයං, කච්චි දුක්ඛා වෙදනා පටික්කමන්ති නො අභික්කමන්ති, පටික්කමොසානං පඤ්ඤායති නො අභික්කමො’’ති?
‘‘න මෙ, භන්තෙ, ඛමනීයං, න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති නො පටික්කමන්ති, අභික්කමොසානං පඤ්ඤායති නො පටික්කමො’’ති.
‘‘කච්චි තෙ, භික්ඛු, න කිඤ්චි කුක්කුච්චං, න කොචි විප්පටිසාරො’’ති?
‘‘තග්ඝ මෙ, භන්තෙ, අනප්පකං
‘‘කච්චි
‘‘න ඛො මං, භන්තෙ, අත්තා සීලතො උපවදතී’’ති
(නො හෙතං භන්තෙ (පී. ක.)).
‘‘නො චෙ කිර තෙ, භික්ඛු, අත්තා සීලතො උපවදති, අථ කිඤ්ච
(අථ කිස්මිඤ්ච (සී.), අථ භික්ඛු කිස්මිඤ්ච (ස්‍යා. කං. පී. ක.)) තෙ කුක්කුච්චං කො ච විප්පටිසාරො’’ති?
‘‘න ඛ්වාහං
‘‘නො චෙ කිර ත්වං, භික්ඛු, සීලවිසුද්ධත්ථං මයා ධම්මං දෙසිතං ආජානාසි, අථ කිමත්ථං චරහි ත්වං, භික්ඛු, මයා ධම්මං දෙසිතං ආජානාසී’’ති?
‘‘රාගවිරාගත්ථං ඛ්වාහං, භන්තෙ, භගවතා ධම්මං දෙසිතං ආජානාමී’’ති.
‘‘සාධු සාධු, භික්ඛු! සාධු ඛො ත්වං, භික්ඛු, රාගවිරාගත්ථං මයා ධම්මං දෙසිතං ආජානාසි. රාගවිරාගත්ථො හි, භික්ඛු, මයා ධම්මො දෙසිතො. තං කිං මඤ්ඤසි භික්ඛු, චක්ඛු නිච්චං වා අනිච්චං වා’’ති?
‘‘අනිච්චං, භන්තෙ’’.
‘‘යං...පෙ.... සොතං... ඝානං... ජිව්හා... කායො... මනො නිච්චො වා අනිච්චො වා’’ති?
‘‘අනිච්චො, භන්තෙ’’.
‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති?
‘‘දුක්ඛං, භන්තෙ’’.
‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති?
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘එවං පස්සං, භික්ඛු, සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, සොතස්මිම්පි නිබ්බින්දති...පෙ.... මනස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති; විරාගා විමුච්චති; විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං නාපරං ඉත්ථත්තායා’ති පජානාතී’’ති.
ඉදමවොච
|
74
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති එක්තරා භික්ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවු ඒ භික්ෂු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, අසවල් විහාරයෙහි අලුත පැවිදිවූ අප්‍රසිද්ධ භික්ෂුවක් තෙම හටගත් ආබාධ ඇත්තේ. දුකින් පෙළුනේ, දැඩි ගිලන්වූයේ වේ. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂු තෙම යම් තැනෙක්හිද, අනුකම්පා පිණිස එතැනට වඩින සේක් නම් මැනවැ” යි කියායි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අලුත පැවිදිවූවෙකැයිද, ගිලනෙකැයිද අසා අප්‍රසිද්ධ භික්‍ෂුවෙකැයි මෙසේ දැන, ඒ භික්ෂුතෙම යම් තැනෙක්හිද, එතැනට වැඩි සේක. ඒ භික්ෂුතෙම දුරදීම වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක ඇඳෙන් නැගිටින ආකාරයක් දැක්වීය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවට, “මහණ, කම් නැත. නුඹ ඇඳෙන් නොනැගිටුව. පනවන ලද මේ ආසන ඇත්තාහ. එහි මම ඉඳගන්නෙමි” යි වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ පනවන ලද ආසනයෙහි වැඩහුන්හ. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ, ඒ භික්ෂුවට මෙය වදාළ සේක. “මහණ, කිමෙක්ද, තොපට ඉවසිය හැක්කේද? කිම, යැපිය හැක්කේද, කිමෙක්ද, දුක්වූ වේදනාවෝ අඩුවෙත්ද? වැඩි නොවෙත්ද? අඩුවන බවක් පෙනේද? වැඩිවන බවක් නොපෙනේද” කියායි.
“ස්වාමීනි, මට ඉවසිය නොහැක. යැපිය නොහැක. මාගේ දැඩිවූ දුක් වේදනාවෝ වැඩිවෙත්. අඩු නොවෙත්. වැඩිවන බවම පෙනෙයි. අඩුවන බවක් නොපෙනේය” යයි කිය. “මහණ, කිමෙක්ද, තොපට කිසියම් කුකුසක් නැත්තේද, පසුතැවිමක් නැත්තේද?” - “ස්වාමීනි, මට ඒකාන්තයෙන් ස්වල්ප නොවූ කුකුසක් ඇත්තේය. ස්වල්ප නොවූ පසුතැවීමක් ඇත්තේය” යි කීය.
“මහණ, කිමෙක්ද, නුඹ තමාම ශීලයෙන් චෝදනා කරන්නේද?” - “ස්වාමීනි, මට තමාම ශීලයෙන් චෝදනා නොකරන්නේය.”
“මහණ, ඉදින් වනාහි නුඹ තමාම ශීලයෙන් චෝදනා නොකෙරේනම් එකල්හි කවර කරුණෙකින් නුඹට කුකුසක් වේද, පසුතැවිමක් වේද?”
“ස්වාමීනි, මම ශීලයෙන් පිරිසිදුවීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය දේශනා නොකරන ලද බව දනිමි” යි කීය.
“මහණ, ඉදින් වනාහි නුඹ ශීලයෙන් පිරිසිදුවීම පිණිස මා විසින් ධර්මය දේශනා නොකරන ලද බව දන්නෙහි නම්, මහණ, එසේ ඇති කල්හි කුමක් සඳහා මා විසින් ධර්මය දේශනා කරන ලදැයි දන්නෙහිද?”
“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් රාගය දුරුකිරීම පිණිස ධර්මය දේශනා කරන ලදැයි දනිමි” යි කීය.
“මහණ,යහපත යහපත, මහණ, නුඹ වනාහි මා විසින් රාගය දුරුකිරීම පිණිස ධර්මය දේශනා කරන ලදැයි දන්නෙහි. එය යහපත. මහණ, මා විසින් රාගය දුරු කිරීම පිණිස ධර්මය දේශනා කරන ලදී.”
“මහණ, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, එය සුදුසු නොවේමැයි” “කන නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, එය සුදුසු නොවේමැයි”
“නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, එය සුදුසු නොවේමැයි”
“දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, එය සුදුසු නොවේමැයි”
“කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, එය සුදුසු නොවේමැයි”
“සිත නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, එය සුදුසු නොවේමැයි”
“මහණ, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුණේය යන දැනීම වේ. “ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. සතර මාර්ගයෙන් කළ යුත්ත කරන ලදී. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනී” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය. මේ දේශනාව කරනු ලබන කල්හි ඒ භික්ෂුවහට කෙලෙස් රජස් රහිතවූ, පහවූ කෙලෙස් මල ඇති, යම් කිසිවක් ඉපදීම ස්වභාවකොට ඇත්තේද, ඒ සියල්ල නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය යන දහම් ඇස පහළවිය.
|
2. දුතියගිලානසුත්තං | 2. දුතිය ගිලාන සූත්‍රය |
75
අථ
අථ ඛො භගවා නවවාදඤ්ච සුත්වා ගිලානවාදඤ්ච, ‘‘අප්පඤ්ඤාතො භික්ඛූ’’ති ඉති විදිත්වා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. අද්දසා ඛො සො භික්ඛු භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන මඤ්චකෙ සමධොසි. අථ ඛො භගවා තං භික්ඛුං එතදවොච - ‘‘අලං, භික්ඛු, මා ත්වං මඤ්චකෙ සමධොසි. සන්තිමානි ආසනානි පඤ්ඤත්තානි, තත්ථාහං නිසීදිස්සාමී’’ති. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො භගවා තං භික්ඛුං එතදවොච - ‘‘කච්චි තෙ, භික්ඛු, ඛමනීයං, කච්චි යාපනීයං, කච්චි දුක්ඛා වෙදනා පටික්කමන්ති නො අභික්කමන්ති, පටික්කමොසානං
‘‘න මෙ, භන්තෙ, ඛමනීයං, න යාපනීයං...පෙ.... න ඛො මං
(මෙ (සබ්බත්ථ)), භන්තෙ, අත්තා සීලතො උපවදතී’’ති.
‘‘නො චෙ කිර තෙ, භික්ඛු, අත්තා සීලතො උපවදති, අථ කිඤ්ච තෙ කුක්කුච්චං කො ච විප්පටිසාරො’’ති?
‘‘න ඛ්වාහං, භන්තෙ, සීලවිසුද්ධත්ථං භගවතා ධම්මං දෙසිතං ආජානාමී’’ති.
‘‘නො
‘‘අනුපාදාපරිනිබ්බානත්ථං ඛ්වාහං, භන්තෙ, භගවතා ධම්මං දෙසිතං ආජානාමී’’ති.
‘‘සාධු සාධු, භික්ඛු! සාධු ඛො ත්වං, භික්ඛු, අනුපාදාපරිනිබ්බානත්ථං මයා ධම්මං දෙසිතං ආජානාසි. අනුපාදාපරිනිබ්බානත්ථො හි, භික්ඛු, මයා ධම්මො දෙසිතො.
‘‘තං කිං මඤ්ඤසි, භික්ඛු, චක්ඛු නිච්චං වා අනිච්චං වා’’ති?
‘‘අනිච්චං
‘‘යං...පෙ.... සොතං... ඝානං... ජිව්හා... කායො... මනො... මනොවිඤ්ඤාණං... මනොසම්ඵස්සො... යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි නිච්චං වා අනිච්චං වා’’ති?
‘‘අනිච්චං, භන්තෙ’’.
‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති?
‘‘දුක්ඛං, භන්තෙ’’.
‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති?
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘එවං පස්සං, භික්ඛු, සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති...පෙ.... මනස්මිම්පි... මනොවිඤ්ඤාණෙපි... මනොසම්ඵස්සෙපි නිබ්බින්දති. යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති; විරාගා විමුච්චති; විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාතී’’ති.
ඉදමවොච භගවා. අත්තමනො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දි. ඉමස්මිඤ්ච පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ තස්ස භික්ඛුස්ස අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චීති
(විමුච්චතීති (සබ්බත්ථ)). දුතියං.
|
75
එකල්හි එක්තරා භික්ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවු ඒ භික්ෂු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, අසවල් විහාරයෙහි අලුත පැවිදිවූ අප්‍රසිද්ධ භික්ෂුවක් තෙම හටගත් ආබාධ ඇත්තේ, දුකින් පෙළුනේ, දැඩි ගිලන්වූයේ වෙයි. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂු තෙම යම් තැනෙක්හිද, අනුකම්පා පිණිස එතැනට වඩින සේක් නම් යහපතියි” කියායි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අලුත පැවිදිවූවෙකැයිද, ගිලනෙකැයිද අසා අප්‍රසිද්ධ භික්‍ෂුවෙකැයි මෙසේ දැන, ඒ භික්ෂුතෙම යම් තැනෙක්හිද, එතැනට වැඩි සේක. ඒ භික්ෂුතෙම දුරදීම වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුවේමය. දැක ඇඳෙන් නැගිටින ආකාරයක් දැක්වීය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවට, “මහණ, කම් නැත. නුඹ ඇඳෙන් නොනැගිටුව. පණවන ලද මේ ආසන ඇත්තාහ. එහි මම හිඳගන්නෙමි” යි වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ, ඒ භික්ෂුවට මෙය වදාළ සේක. “මහණ, කිමෙක්ද, තොපට ඉවසිය හැකිද? කිම, යැපිය හැකිද, කිමෙක්ද, තොපගේ දුක්වූ වේදනාවෝ අඩුවෙත්ද? වැඩි නොවෙත්ද? අඩුවන බවක් පෙනේද? වැඩිවන බවක් නොපෙනේදැ” යි ඇසූහ.
“ස්වාමීනි, මට ඉවසිය හැකි නොවේ. යැපිය හැකි නොවේ. මාගේ දැඩිවූ දුක් වේදනාවෝ වැඩිවෙති. අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේය” යයි කිය.
“මහණ, කිමෙක්ද, තොපට කිසි කුකුසක් නැත්තේද, පසුතැවිමක් නැත්තේද?”
“ස්වාමීනි, මට ඒකාන්තයෙන් ස්වල්ප නොවූ කුකුසක් ඇත්තේය. ස්වල්ප නොවූ පසුතැවීමක් ඇත්තේය” යි කීය.
“මහණ, කිමෙක්ද, නුඹ තමාම ශීලයෙන් චෝදනා කෙරේද?” - “ස්වාමීනි, මට තමාම ශීලයෙන් චෝදනා නොකෙරේයයි” කීය.
“මහණ, ඉදින් වනාහි නුඹ තමාම ශීලයෙන් චෝදනා නොකෙරේනම් එසේ ඇති කල්හි කවර කරුණකින් කුකුසක් වේද, පසුතැවිමක් වේද?” - “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් ශීලවිසුද්ධිය පිණිස ධර්මය දේශනා නොකරන ලද බව දනිමි”
“මහණ, ඉදින් වනාහි නුඹ මා විසින් ශීලවිසුද්ධිය පිණිස ධර්මය දේශනා නොකරන ලද බව දන්නෙහි නම්, මහණ, එකල්හි කුමක් සඳහා මා විසින් ධර්මය දේශනා කරන ලදැයි දන්නෙහිද?” - “ස්වාමීනි, මම උපාදාන රහිතව පිරිණිවීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය දේශනා කරන ලදැයි දනිමි” යි කීය.
“යහපත, යහපත, මහණ, මහණ, නුඹ උපාදාන රහිතව පිරිණිවීම පිණිස මා විසින් ධර්මය දේශනා කරන ලදැයි දන්නෙහි. එය මැනව. මහණ, මා විසින් උපාදාන රහිතව පිරිණිවීම පිණිස ධර්මය දේශනා කරන ලදී.”
“මහණ, නුඹ ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙය මම වෙමියි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, එය සුදුසු නොවේමැයි”
“රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?” - “ස්වාමීනි, අනිත්‍යයහ.”
“යමක් වනාහි අනිත්‍යයද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“චක්ඛුවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“චක්ඛුසම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, එය සුදුසු නොවේමැයි”
“චක්ඛුසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“මහණෙනි, කන නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි” “ශබ්දයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?” - “ස්වාමීනි, අනිත්‍යයහ.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“සෝතවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“සෝතසම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“සෝතසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“මහණෙනි, නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“ගන්ධයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යයහ.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“ඝාණවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“ඝාණසම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“ඝාණසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“මහණෙනි, දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“රසයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යයහ.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“ජිව්හාවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“ජිව්හාසම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“ජිව්හාසම්ඵස්සය හේතුකොටගෙන සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“මහණෙනි, කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි” “ස්පර්ශයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යයහ.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“කායවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“කායසම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“කායසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“මහණෙනි, සිත නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“ධර්මයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යයහ.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“මනෝවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“මනෝ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
“සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මයන් කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුණේය යන දැනීම වේ. “ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. සතර මාර්ගයෙන් කළ යුත්ත කරන ලදී. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනී” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාව සතුටින් පිළිගත්තේය. මේ දේශනාව කරණු ලබන කල්හි ඒ භික්ෂූහුගේ සිත උපාදාන රහිතව ආශ්රවයන්ගෙන් මිදුනේයයි වදාළ සේක.”
|
3. රාධඅනිච්චසුත්තං | 3. අනිච්ච සූත්‍රය |
76
අථ
|
76
එකල්හි ආයුෂ්මත් රාධ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවු ආයුෂ්මත් රාධ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා, හුදකලාව, සමූහයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු ධර්මයක් සැකෙවින් දේශනා කරන සේක් නම් මැනවැ” යි කීය.
“රාධය, යමක් වනාහි අනිත්‍යද, එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රාධය, කුමක් අනිත්‍යද? රාධය, ඇස වනාහි අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රූපයෝ අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු විඤ්ඤාණය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.
“කන වනාහි අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ශබ්දයෝ අනිත්‍යයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත විඤ්ඤාණය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.
“නාසය වනාහි අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ගන්ධයෝ අනිත්‍යයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ විඤ්ඤාණය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය අනිත්‍යය වේ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.
“දිව අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රසයෝ අනිත්‍යයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා විඤ්ඤාණය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.
“කය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ස්පර්ශයෝ අනිත්‍යයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය විඤ්ඤාණය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.
“සිත අනිත්‍යය වේ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ධර්මයෝ අනිත්‍යයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ විඤ්ඤාණය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රාධය, යමක් වනාහි අනිත්‍යයද, එහි තොප විසින් ආලය දුරු කටයුත්තේය” යි වදාළ සේක.
|
4. රාධදුක්ඛසුත්තං | 4. දුක්ඛ සූත්‍රය |
77
‘‘යං ඛො, රාධ, දුක්ඛං තත්ර තෙ ඡන්දො පහාතබ්බො. කිඤ්ච, රාධ, දුක්ඛං? චක්ඛු ඛො, රාධ, දුක්ඛං. තත්ර තෙ ඡන්දො පහාතබ්බො. රූපා... චක්ඛුවිඤ්ඤාණං... චක්ඛුසම්ඵස්සො... යම්පිදං චක්ඛුසම්ඵස්ස...පෙ.... අදුක්ඛමසුඛං වා තම්පි දුක්ඛං. තත්ර තෙ ඡන්දො පහාතබ්බො...පෙ.... මනො දුක්ඛො... ධම්මා... මනොවිඤ්ඤාණං... මනොසම්ඵස්සො... යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං
|
77
“රාධය, යමක් වනාහි දුකද, එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රාධය, කුමක් දුකද? රාධය, ඇස වනාහි දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රූපයෝ දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු විඤ්ඤාණය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.
“කන වනාහි දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ශබ්දයෝ දුකයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත විඤ්ඤාණය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.
“නාසය වනාහි දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ගන්ධයෝ දුකයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ විඤ්ඤාණය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය දුකවේ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.
“දිව දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රසයෝ දුකයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා විඤ්ඤාණය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.
“කය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ස්පර්ශයෝ දුකයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය විඤ්ඤාණය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.
“සිත දුක වේ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ධර්මයෝ දුකයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ විඤ්ඤාණය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රාධය, යමක් වනාහි දුකද, එහි තොප විසින් ආලය දුරු කටයුත්තේය” යි වදාළ සේක.
|
5. රාධඅනත්තසුත්තං | 5. අනත්ත සූත්‍රය |
78
‘‘යො ඛො, රාධ, අනත්තා තත්ර තෙ ඡන්දො පහාතබ්බො. කො ච, රාධ, අනත්තා? චක්ඛු ඛො, රාධ, අනත්තා. තත්ර තෙ ඡන්දො පහාතබ්බො. රූපා... චක්ඛුවිඤ්ඤාණං... චක්ඛුසම්ඵස්සො... යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා...පෙ.... මනො අනත්තා... ධම්මා... මනොවිඤ්ඤාණං... මනොසම්ඵස්සො... යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනත්තා. තත්ර තෙ ඡන්දො පහාතබ්බො. යො ඛො, රාධ, අනත්තා තත්ර තෙ ඡන්දො පහාතබ්බො’’ති. පඤ්චමං.
|
78
එකල්හි ආයුෂ්මත් රාධ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවු ආයුෂ්මත් රාධ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා, හුදකලාව, සමූහයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු ධර්මයක් සැකෙවින් දේශනා කරන සේක් නම් මැනවැ” යි කීය.
“රාධය, යමක් වනාහි අනාත්මද, එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රාධය, කුමක් අනාත්මද? රාධය, ඇස වනාහි අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රූපයෝ අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු විඤ්ඤාණය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.
“කන වනාහි අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ශබ්දයෝ අනාත්මයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත විඤ්ඤාණය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.
“නාසය වනාහි අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ගන්ධයෝ අනාත්මයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ විඤ්ඤාණය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය අනාත්ම වේ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.
“දිව අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රසයෝ අනාත්මයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා විඤ්ඤාණය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.
“කය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ස්පර්ශයෝ අනාත්මයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය විඤ්ඤාණය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.
“සිත අනාත්ම වේ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ධර්මයෝ අනාත්මයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ විඤ්ඤාණය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රාධය, යමක් වනාහි අනිත්‍යයද, එහි තොප විසින් ආලය දුරු කටයුත්තේය” යි වදාළ සේක.
|
6. පඨමඅවිජ්ජාපහානසුත්තං | 6. අවිජ්ජා සූත්‍රය |
79
අථ
‘‘අත්ථි ඛො, භික්ඛු, එකො ධම්මො යස්ස පහානා භික්ඛුනො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජතී’’ති.
‘‘කතමො පන, භන්තෙ, එකො ධම්මො යස්ස පහානා භික්ඛුනො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජතී’’ති?
‘‘අවිජ්ජා
‘‘කථං පන, භන්තෙ, ජානතො, කථං පස්සතො භික්ඛුනො අවිජ්ජා
‘‘චක්ඛුං ඛො, භික්ඛු, අනිච්චතො ජානතො පස්සතො භික්ඛුනො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. රූපෙ... චක්ඛුවිඤ්ඤාණං... චක්ඛුසම්ඵස්සං... යම්පිදං, චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චතො ජානතො පස්සතො භික්ඛුනො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති...පෙ.... මනං අනිච්චතො ජානතො පස්සතො භික්ඛුනො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. ධම්මෙ... මනොවිඤ්ඤාණං... මනොසම්ඵස්සං... යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චතො ජානතො පස්සතො භික්ඛුනො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. එවං ඛො, භික්ඛු, ජානතො එවං පස්සතො භික්ඛුනො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජතී’’ති. ඡට්ඨං.
|
79
එකල්හි එක්තරා භික්ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, යමක්හු දුරුකිරීමෙන් භික්ෂුවට අවිද්‍යාව ප්‍රහීණ වේද, විද්‍යාව උපදීද, එබඳු එක් ධර්මයක් ඇත්තේදැ” යි ඇසීය.
“මහණ, යමක්හු දුරුකිරීමෙන් භික්ෂුවට අවිද්‍යාව දුරුවේද, විද්‍යාව උපදීද, එබඳු එක් ධර්මයක් ඇත්තේය” යි වදාළ සේක.
“ස්වාමීනි, යමක්හු දුරුකිරීමෙන් භික්ෂුවට අවිද්‍යාව දුරු වේද, විද්‍යාව උපදීද, ඒ නම් කවර එක ධර්මයක්දැ” යි ඇසීය.
“මහණ, යමක්හු දුරුකිරීමෙන් භික්ෂුවට අවිද්‍යාව ප්‍රහීණවේද, විද්‍යාව උපදීද, අවිද්‍යාව වනාහි ඒ එක ධර්මය වේ” යයි වදාළ සේක.
“ස්වාමීනි, කෙසේ දන්නාවූ, කෙසේ දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව ප්‍රහීණවේද, විද්‍යාව උපදීද?”
“මහණ, ඇස වනාහි අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. රූපයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. චක්ඛු විඥානය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. චක්ඛු සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී” යයි වදාළ සේක.
“මහණ, කන වනාහි අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ශබ්දයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. සෝත විඥානය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. සෝත සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී” යයි වදාළ සේක.
“මහණ, නාසය වනාහි අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ගන්ධයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ඝාණ විඥානය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ඝාණ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී” යයි වදාළ සේක.
“මහණ, දිව වනාහි අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. රසයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ජිව්හා විඥානය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ජිව්හා සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී” යයි වදාළ සේක.
“මහණ, කය වනාහි අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ස්පර්ශයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. කාය විඥානය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. කාය සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී” යයි වදාළ සේක.
“මහණ, සිත වනාහි අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ධර්මයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මනෝ විඥානය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මනෝ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී” යයි වදාළ සේක.
|
7. දුතියඅවිජ්ජාපහානසුත්තං | 7. දුතිය අවිජ්ජා සූත්‍රය |
80
අථ
‘‘අත්ථි ඛො, භික්ඛු, එකො ධම්මො යස්ස පහානා භික්ඛුනො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජතී’’ති.
‘‘කතමො පන, භන්තෙ, එකො ධම්මො යස්ස පහානා භික්ඛුනො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජතී’’ති?
‘‘අවිජ්ජා ඛො, භික්ඛු, එකො ධම්මො යස්ස පහානා භික්ඛුනො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජතී’’ති.
‘‘කථං පන, භන්තෙ, ජානතො, කථං පස්සතො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජතී’’ති?
‘‘ඉධ, භික්ඛු, භික්ඛුනො සුතං හොති - ‘සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායා’ති. එවඤ්චෙතං, භික්ඛු, භික්ඛුනො සුතං හොති - ‘සබ්බෙ ධම්මා
|
80
එකල්හි එක්තරා භික්ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, යමක්හු දුරුකිරීමෙන් භික්ෂුවහට අවිද්‍යාව දුරුවේද, විද්‍යාව උපදීද, එබඳු එක් ධර්මයක් ඇත්තේද?”
“මහණ, යමක්හු දුරුකිරීමෙන් භික්ෂුවට අවිද්‍යාව දුරුවේද, විද්‍යාව උපදීද, එබඳු එක් ධර්මයක් ඇත්තේය” යි වදාළ සේක.
“ස්වාමීනි, යමක්හු දුරුකිරීමෙන් භික්ෂුවට අවිද්‍යාව දුරු වේද, විද්‍යාව උපදීද, ඒ නම් කවර එක ධර්මයක්ද?”
“මහණ, යමක්හු දුරුකිරීමෙන් භික්ෂුවට අවිද්‍යාව දුරුවේද, විද්‍යාව උපදීද, අවිද්‍යාව වනාහි ඒ එක ධර්මය වේ”.
“ස්වාමීනි, කෙසේ දන්නාවූ, කෙසේ දක්නාවූ භික්ෂුවහට අවිද්‍යාව ප්‍රහීණවේද, විද්‍යාව උපදීද?”
“මහණ, මෙහි භික්ෂූහු විසින් සියලු ධර්මයෝ තමායයි ඇතුළත්කොට ගැනීමට නුසුදුසුයයි අසන ලද්දේ වෙයි. මහණ, ඉදින් මෙසේ සියලු ධර්මයෝ තමායයි ඇතුළත්කොට ගැනීමට නුසුදුසුයයි භික්ෂූහු විසින් අසන ලද්දේද, හෙතෙම ඒ සියලු ධර්මය දනියි. සියලු ධර්මය දැන, සියලු ධර්මය පිරිසිඳ දනියි. සියලු ධර්මය පිරිසිඳ දැන, සියලු නිමිති අන් දෙයක් වශයෙන් දකියි. ඇස අන් දෙයක් වශයෙන් දකියිද, රූපයන් අන් දෙයක් වශයෙන් දකීද, චක්ඛු විඤ්ඤාණය අන් දෙයක් වශයෙන් දකීද, චක්ඛු සම්ඵස්සය අන් දෙයක් වශයෙන් දකීද, චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද,
“කන අන් දෙයක් වශයෙන් දකීද, ශබ්දයන් අන් දෙයක් වශයෙන් දකීද, සෝත විඤ්ඤාණය අන් දෙයක් වශයෙන් දකීද, සෝත සම්ඵස්සය අන් දෙයක් වශයෙන් දකීද, සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද,
“නාසය අන් දෙයක් වශයෙන් දකීද, ගන්ධය අන් දෙයක් වශයෙන් දකීද, ඝාණ විඤ්ඤාණය අන් දෙයක් වශයෙන් දකීද, ඝාණ සම්ඵස්සය අන් දෙයක් වශයෙන් දකීද, ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද,
“දිව අන් දෙයක් වශයෙන් දකීද, රසය අන් දෙයක් වශයෙන් දකීද, ජිව්හා විඤ්ඤාණය අන් දෙයක් වශයෙන් දකීද, ජිව්හා සම්ඵස්සය අන් දෙයක් වශයෙන් දකීද, ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද,
“කය අන් දෙයක් වශයෙන් දකීද, ස්පර්ශය අන් දෙයක් වශයෙන් දකීද, කාය විඤ්ඤාණය අන් දෙයක් වශයෙන් දකීද, කාය සම්ඵස්සය අන් දෙයක් වශයෙන් දකීද, කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද,
“සිත අන් දෙයක් වශයෙන් දකීද, ධර්මය අන් දෙයක් වශයෙන් දකීද, මනෝ විඤ්ඤාණය අන් දෙයක් වශයෙන් දකීද, මනෝ සම්ඵස්සය අන් දෙයක් වශයෙන් දකීද, මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද, මහණ, මෙසේ වනාහි දන්නාවූ, මෙසේ දක්නාවූ භික්ෂුවට අවිද්‍යාව ප්‍රහීණ වේ. විද්‍යාව උපදීයයි වදාළ සේක.
|
8. සම්බහුලභික්ඛුසුත්තං | 8. සම්බහුලභික්ඛු සූත්‍රය |
81
අථ
‘‘තග්ඝ තුම්හෙ, භික්ඛවෙ, එවං පුට්ඨා එවං බ්‍යාකරමානා වුත්තවාදිනො චෙව මෙ හොථ, න ච මං අභූතෙන අබ්භාචික්ඛථ, ධම්මස්ස චානුධම්මං බ්යාකරොථ, න ච
|
81
එකල්හි බොහෝ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, මෙහි අන්යතීර්ත්ථක පරිව්‍රාජකයෝ අපගෙන් මෙසේ අසන්නාහුය. ‘ඇවැත්නි, කිනම් අර්ථයක් පිණිස ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මහණකම් කරන්නේද’ කියායි. ස්වාමීනි, මෙසේ අසන ලද්දාවූ ඒ අපි අන්යතීර්ත්ථක පරිව්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරමු. ‘ඇවැත්නි, දුක පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය යනුයි.
“ස්වාමීනි, කිමෙක්ද, මෙසේ අසන ලද්දාවූ අපි මෙසේ ප්‍රකාශ කරන්නමෝ භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නෝ වෙමුද, භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරන්නමෝ නොවෙමුද, ධර්මයට එකඟව ප්‍රකාශ කරමුද, කිසියම් කරුණු සහිතවූ කීමක් ගැරහියයුතු කරුණකට නොපැමිණේදැ” යි ඇසූහ.
“මහණෙනි, තෙපි මෙසේ අසන ලද්දාහු, මෙසේ ප්‍රකාශ කරන්නාහු නම් මා විසින් කියන ලද්දක් කියන්නාහුද වෙත්. මට අභූතයෙන් චෝදනා කරන්නාහුද නොවෙත්. ධර්මයට එකඟව ප්‍රකාශ කරන්නාහුද වෙත්. කිසියම් කරුණු සහිතවූ කීමක් ගැරහියයුතු තැනට පැමිණෙන්නේද නොවේ. මහණෙනි, මා කෙරෙහි දුක පිරිසිඳ දැනිම පිණිසම මහණකම් කරන්නේය.
“මහණෙනි, ඉදින් තොපගෙන් අන්යතීර්ත්ථක පරිව්‍රාජකයෝ, ‘ඇවැත්නි, යමක් පිරිසිඳ දැනගැනීම පිණිස ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මහණකම් කරන්නේද, ඒ දුක කවරේදැ’ යි අසන්නාහු නම්, මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්යතීර්ත්ථක පරිව්රාජකයන |