ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්තනිකායො
සළායතනවග්ගො සළායතන වර්‍ගය
1. සළායතනසංයුත්තං 1. සළායතන සංයුත්තය
1. අනිච්චවග්ගො 1. අනිච්ච වර්‍ගය
1. අජ්ඣත්තානිච්චසුත්තං 1. (අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය
2. අජ්ඣත්තදුක්ඛසුත්තං 2. (අධ්‍යාත්මායතන) දුක්ඛ සූත්‍රය
3. අජ්ඣත්තානත්තසුත්තං 3. (අධ්‍යාත්මායතන) අනාත්ම සූත්‍රය
4. බාහිරානිච්චසුත්තං 4. (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය
5. බාහිරදුක්ඛසුත්තං 5. (බාහිරායතන) දුක්ඛ සූත්‍රය
6. බාහිරානත්තසුත්තං 6. (බාහිරායතන) අනාත්ම සූත්‍රය
7. අජ්ඣත්තානිච්චාතීතානාගතසුත්තං 7. දුතිය (අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය
8. අජ්ඣත්තදුක්ඛාතීතානාගතසුත්තං 8. දුතිය (අධ්‍යාත්මායතන) දුක්ඛ සූත්‍රය
9. අජ්ඣත්තානත්තාතීතානාගතසුත්තං 9. දුතිය (අධ්‍යාත්මායතන) අනාත්ම සූත්‍රය
10. බාහිරානිච්චාතීතානාගතසුත්තං 10. දුතිය (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය
11. බාහිරදුක්ඛාතීතානාගතසුත්තං 11. දුතිය (බාහිරායතන) දුක්ඛ සූත්‍රය
12. බාහිරානත්තාතීතානාගතසුත්තං 12. දුතිය (බාහිරායතන) අනාත්ම සූත්‍රය
2. යමකවග්ගො 2. යමක වර්‍ගය
1. පඨමපුබ්බෙසම්බොධසුත්තං 1. සම්බෝධ සූත්‍රය
2. දුතියපුබ්බෙසම්බොධසුත්තං 2. දුතිය සම්බෝධ සූත්‍රය
3. පඨමඅස්සාදපරියෙසනසුත්තං 3. ආශ්වාද පර්යේෂණ සූත්‍රය
4. දුතියඅස්සාදපරියෙසනසුත්තං 4. දුතිය ආශ්වාද පර්යේෂණ සූත්‍රය
5. පඨමනොචෙඅස්සාදසුත්තං 5. නොව ආශ්වාද සූත්‍රය
6. දුතියනොචෙඅස්සාදසුත්තං 6. දුතිය නොව ආශ්වාද සූත්‍රය
7. පඨමාභිනන්දසුත්තං 7. අභිනන්‍දන සූත්‍රය
8. දුතියාභිනන්දසුත්තං 8. දුතිය අභිනන්‍දන සූත්‍රය
9. පඨමදුක්ඛුප්පාදසුත්තං 9. උප්පාද සූත්‍රය
10. දුතියදුක්ඛුප්පාදසුත්තං 10. දුතිය උප්පාද සූත්‍රය
3. සබ්බවග්ගො 3. සබ්බ වර්‍ගය
1. සබ්බසුත්තං 1. සබ්බ සූත්‍රය
2. පහානසුත්තං 2. ප්‍රහාණ සූත්‍රය
3. අභිඤ්ඤාපරිඤ්ඤාපහානසුත්තං 3. දෙවැනි ප්‍රහාණ සූත්‍රය
4. පඨමඅපරිජානනසුත්තං 4. අපරිජාන සූත්‍රය
5. දුතියඅපරිජානනසුත්තං 5. දෙවැනි අපරිජාන සූත්‍රය
6. ආදිත්තසුත්තං 6. ආදිත්තපරියාය සූත්‍රය
7. අද්ධභූතසුත්තං 7. අන්‍ධභූත සූත්‍රය
8. සමුග්ඝාතසාරුප්පසුත්තං 8. සමුග්ඝාතසාරුප්පසුත්තං
9. පඨමසමුග්ඝාතසප්පායසුත්තං 9. සප්‌පායපටිපදා සූත්‍රය
10. දුතියසමුග්ඝාතසප්පායසුත්තං 10. ද්විතීය සත්ප්‍රායප්‍රතිපදා සූත්‍රය
4. ජාතිධම්මවග්ගො 4. ජාති ධම්ම වර්‍ගය
1-10. ජාතිධම්මාදිසුත්තදසකං 1-10. ජාතිධම්මාදිසුත්තදසකං
5. සබ්බඅනිච්චවග්ගො 5. සබ්‌බනිච්‌ච වර්‍ගය
1-9. අනිච්චාදිසුත්තනවකං 1-9. අනිච්චාදිසුත්තනවකං
10. උපස්සට්ඨසුත්තං 10. උපස්සට්ඨ සූත්‍රය
6. අවිජ්ජාවග්ගො 6. අවිජ්ජා වර්‍ගය
1. අවිජ්ජාපහානසුත්තං 1. අවිජ්‌ජා පහාන සූත්‍රය
2. සංයොජනපහානසුත්තං 2. සංයෝජන පහාන සූත්‍රය
3. සංයොජනසමුග්ඝාතසුත්තං 3. සංයෝජන සමුග්‌ඝාත සූත්‍රය
4. ආසවපහානසුත්තං 4. ආසව පහාන සූත්‍රය
5. ආසවසමුග්ඝාතසුත්තං 5. ආසව සමුග්‌ඝාත සූත්‍රය
6. අනුසයපහානසුත්තං 6. අනුසය පහාන සූත්‍රය
7. අනුසයසමුග්ඝාතසුත්තං 7. අනුසය සමුග්‌ඝාත සූත්‍රය
8. සබ්බුපාදානපරිඤ්ඤාසුත්තං 8. සබ්බූපාදාන පරිඤ්ඤා සූත්‍රය
9. පඨමසබ්බුපාදානපරියාදානසුත්තං 9. සබ්බූපාදාන පරියාදාන සූත්‍රය
10. දුතියසබ්බුපාදානපරියාදානසුත්තං 10. දුතිය සබ්බූපාදාන පරියාදාන සූත්‍රය
7. මිගජාලවග්ගො 7. මිගජාල වර්‍ගය
1. පඨමමිගජාලසුත්තං 1. මිගජාල සූත්‍රය
2. දුතියමිගජාලසුත්තං 2. දුතිය මිගජාල සූත්‍රය
3. පඨමසමිද්ධිමාරපඤ්හාසුත්තං 3. සමිද්‌ධි මාරපඤ්‌හ සූත්‍රය
4. සමිද්ධිසත්තපඤ්හාසුත්තං 4. සමිද්‌ධි සත්‌තපඤ්‌හ සූත්‍රය
5. සමිද්ධිදුක්ඛපඤ්හාසුත්තං 5. සමිද්‌ධි දුක්‌ඛපඤ්‌හ සූත්‍රය
6. සමිද්ධිලොකපඤ්හාසුත්තං 6. සමිද්‌ධි ලෝකපඤ්‌හ සූත්‍රය
7. උපසෙනආසීවිසසුත්තං 7. උපසේන සූත්‍රය
8. උපවාණසන්දිට්ඨිකසුත්තං 8. උපවාණ සූත්‍රය
9. පඨමඡඵස්සායතනසුත්තං 9. පඨම ඡඵස්‌සායතන සූත්‍රය
10. දුතියඡඵස්සායතනසුත්තං 10. දුතිය ඡඵස්‌සායතන සූත්‍රය
11. තතියඡඵස්සායතනසුත්තං 11. තතිය ඡඵස්‌සායතන සූත්‍රය
8. ගිලානවග්ගො 8. ගිලාන වර්‍ගය
1. පඨමගිලානසුත්තං 1. ගිලාන සූත්‍රය
2. දුතියගිලානසුත්තං 2. දුතිය ගිලාන සූත්‍රය
3. රාධඅනිච්චසුත්තං 3. අනිච්‌ච සූත්‍රය
4. රාධදුක්ඛසුත්තං 4. දුක්‌ඛ සූත්‍රය
5. රාධඅනත්තසුත්තං 5. අනත්‌ත සූත්‍රය
6. පඨමඅවිජ්ජාපහානසුත්තං 6. අවිජ්ජා සූත්‍රය
7. දුතියඅවිජ්ජාපහානසුත්තං 7. දුතිය අවිජ්‌ජා සූත්‍රය
8. සම්බහුලභික්ඛුසුත්තං 8. සම්‌බහුලභික්‌ඛු සූත්‍රය
9. ලොකපඤ්හාසුත්තං 9. ලෝක සූත්‍රය
10. ඵග්ගුනපඤ්හාසුත්තං 10. ඵග්ගුණ සූත්‍රය
9. ඡන්නවග්ගො 9. ඡන්න වර්‍ගය
1. පලොකධම්මසුත්තං 1. පලොක ධම්ම සූත්‍රය
2. සුඤ්ඤතලොකසුත්තං 2. සුඤ්ඤලෝක සූත්‍රය
3. සංඛිත්තධම්මසුත්තං 3. සංඛිත්තධම්ම සූත්‍රය
4. ඡන්නසුත්තං 4. ඡන්න සූත්‍රය
5. පුණ්ණසුත්තං 5. පුණ්ණ සූත්‍රය
6. බාහියසුත්තං 6. බාහිය සූත්‍රය
7. පඨමඑජාසුත්තං 7. ඒජා සූත්‍රය
8. දුතියඑජාසුත්තං 8. දුතිය එජා සූත්‍රය
9. පඨමද්වයසුත්තං 9. ද්වය සූත්‍රය
10. දුතියද්වයසුත්තං 10. දුතිය ද්වය සූත්‍රය
10. සළවග්ගො 10. ඡල වර්‍ගය
1. අදන්තඅගුත්තසුත්තං 1. ඡ ඵස්සායතන සූත්‍රය
2. මාලුක්‍යපුත්තසුත්තං 2. මාලුඞ්ක්‍යපුත්‍ර සූත්‍රය
3. පරිහානධම්මසුත්තං 3. පරිහානධම්‌ම සූත්‍රය
4. පමාදවිහාරීසුත්තං 4. පමාදවිහාරී සූත්‍රය
5. සංවරසුත්තං 5. සංවර සූත්‍රය
6. සමාධිසුත්තං 6. සමාධි සූත්‍රය
7. පටිසල්ලානසුත්තං 7. පටිසල්‌ලාන සූත්‍රය
8. පඨමනතුම්හාකංසුත්තං 8. න තුම්‌හාක සූත්‍රය
9. දුතියනතුම්හාකංසුත්තං 9. දුතිය නතුම්‌හාක සූත්‍රය
10. උදකසුත්තං 10. උද්දක සූත්‍රය
11. යොගක්ඛෙමිවග්ගො 11. යොගක්ඛෙමි වර්‍ගය
1. යොගක්ඛෙමිසුත්තං 1. යොගක්ඛෙමි සූත්‍රය
2. උපාදායසුත්තං 2. උපාදාය සූත්‍රය
3. දුක්ඛසමුදයසුත්තං 3. දුක්‌ඛසමුදය සූත්‍රය
4. ලොකසමුදයසුත්තං 4. ලෝකසමුදය සූත්‍රය
5. සෙය්‍යොහමස්මිසුත්තං 5. සෙය්‍ය සූත්‍රය
6. සංයොජනියසුත්තං 6. සංයෝජන සූත්‍රය
7. උපාදානියසුත්තං 7. උපාදාන සූත්‍රය
8. අජ්ඣත්තිකායතනපරිජානනසුත්තං 8. පරිජානන සූත්‍රය
9. බාහිරායතනපරිජානනසුත්තං 9. දුතිය පරිජානන සූත්‍රය
10. උපස්සුතිසුත්තං 10. උපස්සුති සූත්‍රය
12. ලොකකාමගුණවග්ගො 12. ලෝකකාමගුණ වර්‍ගය
1. පඨමමාරපාසසුත්තං 1. මාරපාස සූත්‍රය
2. දුතියමාරපාසසුත්තං 2. දුතිය මාරපාස සූත්‍රය
3. ලොකන්තගමනසුත්තං 3. ලෝකන්‌තගමන සූත්‍රය
4. කාමගුණසුත්තං 4. කාමගුණ සූත්‍රය
5. සක්කපඤ්හසුත්තං 5. සක්‌කපඤ්‌හ සූත්‍රය
6. පඤ්චසිඛසුත්තං 6. පඤ්‌චසිඛපඤ්‌හ සූත්‍රය
7. සාරිපුත්තසද්ධිවිහාරිකසුත්තං 7. සාරිපුත්‌තසද්‌ධිවිහාරික සූත්‍රය
8. රාහුලොවාදසුත්තං 8. රාහුලෝවාද සූත්‍රය
9. සංයොජනියධම්මසුත්තං 9. සංයෝජන සූත්‍රය
10. උපාදානියධම්මසුත්තං 10. උපාදාන සූත්‍රය
13. ගහපතිවග්ගො 13. ගෘහපති වර්‍ගය
1. වෙසාලීසුත්තං 1. වෙසාලි සූත්‍රය
2. වජ්ජීසුත්තං 2. වජ්ජි සූත්‍රය
3. නාළන්දසුත්තං 3. නාලන්‌දා සූත්‍රය
4. භාරද්වාජසුත්තං 4. භාරද්‌වාජ සූත්‍රය
127
එකං සමයං ආයස්මා පිණ්ඩොලභාරද්වාජො කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො රාජා උදෙනො යෙනායස්මා පිණ්ඩොලභාරද්වාජො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මතා පිණ්ඩොලභාරද්වාජෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා උදෙනො ආයස්මන්තං පිණ්ඩොලභාරද්වාජං එතදවොච - ‘‘කො නු ඛො, භො භාරද්වාජ, හෙතු කො පච්චයො යෙනිමෙ දහරා භික්ඛූ සුසූ (සුසු (සී. ක.)) කාළකෙසා භද්‍රෙන යොබ්බනෙන සමන්නාගතා පඨමෙන වයසා අනිකීළිතාවිනො කාමෙසු යාවජීවං පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරන්ති, අද්ධානඤ්ච ආපාදෙන්තී’’ති? ‘‘වුත්තං ඛො එතං, මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන - ‘එථ තුම්හෙ, භික්ඛවෙ, මාතුමත්තීසු මාතුචිත්තං උපට්ඨපෙථ, භගිනිමත්තීසු භගිනිචිත්තං උපට්ඨපෙථ, ධීතුමත්තීසු ධීතුචිත්තං උපට්ඨපෙථා’ති. අයං ඛො, මහාරාජ, හෙතු, අයං පච්චයො යෙනිමෙ දහරා භික්ඛූ සුසූ කාළකෙසා භද්‍රෙන යොබ්බනෙන සමන්නාගතා පඨමෙන වයසා අනිකීළිතාවිනො කාමෙසු යාවජීවං පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරන්ති, අද්ධානඤ්ච ආපාදෙන්තී’’ති.
‘‘ලොලං (ලොළං (ස්‍යා. කං.)) ඛො, භො භාරද්වාජ, චිත්තං. අප්පෙකදා මාතුමත්තීසුපි ලොභධම්මා උප්පජ්ජන්ති, භගිනිමත්තීසුපි ලොභධම්මා උප්පජ්ජන්ති, ධීතුමත්තීසුපි ලොභධම්මා උප්පජ්ජන්ති. අත්ථි නු ඛො, භො භාරද්වාජ, අඤ්ඤො ච හෙතු, අඤ්ඤො ච පච්චයො යෙනිමෙ දහරා භික්ඛූ සුසූ කාළකෙසා...පෙ.... අද්ධානඤ්ච ආපාදෙන්තී’’ති?
‘‘වුත්තං ඛො එතං, මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන - ‘එථ තුම්හෙ, භික්ඛවෙ, ඉමමෙව කායං උද්ධං පාදතලා අධො කෙසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛථ - අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො මංසං න්හාරු (නහාරු (සී. ස්‍යා. කං. පී.)) අට්ඨි අට්ඨිමිඤ්ජං (අට්ඨිමිඤ්ජා (සී.)) වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්ත’න්ති. අයම්පි ඛො, මහාරාජ, හෙතු, අයං පච්චයො යෙනිමෙ දහරා භික්ඛූ සුසූ කාළකෙසා...පෙ.... අද්ධානඤ්ච ආපාදෙන්තී’’ති. ‘‘යෙ තෙ, භො භාරද්වාජ, භික්ඛූ භාවිතකායා භාවිතසීලා භාවිතචිත්තා භාවිතපඤ්ඤා, තෙසං තං සුකරං හොති. යෙ ච ඛො තෙ , භො භාරද්වාජ, භික්ඛූ අභාවිතකායා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා, තෙසං තං දුක්කරං හොති. අප්පෙකදා, භො භාරද්වාජ, අසුභතො මනසි කරිස්සාමීති (මනසි කරිස්සාමාති (සී. ස්‍යා. කං. පී.)) සුභතොව (සුභතො වා (සී.), සුභතො ච (ස්‍යා. කං.)) ආගච්ඡති. අත්ථි නු ඛො, භො භාරද්වාජ , අඤ්ඤො ච ඛො හෙතු අඤ්ඤො ච පච්චයො යෙනිමෙ දහරා භික්ඛූ සුසූ කාළකෙසා...පෙ.... අද්ධානඤ්ච ආපාදෙන්තී’’ති?
‘‘වුත්තං ඛො එතං, මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන - ‘එථ තුම්හෙ, භික්ඛවෙ, ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරා විහරථ. චක්ඛුනා රූපං දිස්වා මා නිමිත්තග්ගාහිනො අහුවත්ථ, මානුබ්‍යඤ්ජනග්ගාහිනො. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජථ. රක්ඛථ චක්ඛුන්ද්‍රියං; චක්ඛුන්ද්‍රියෙ සංවරං ආපජ්ජථ. සොතෙන සද්දං සුත්වා...පෙ.... ඝානෙන ගන්ධං ඝායිත්වා... ජිව්හාය රසං සායිත්වා... කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා... මනසා ධම්මං විඤ්ඤාය මා නිමිත්තග්ගාහිනො අහුවත්ථ, මානුබ්‍යඤ්ජනග්ගාහිනො. යත්වාධිකරණමෙනං මනින්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජථ . රක්ඛථ මනින්ද්‍රියං; මනින්ද්‍රියෙ සංවරං ආපජ්ජථා’ති. අයම්පි ඛො, මහාරාජ, හෙතු අයං පච්චයො යෙනිමෙ දහරා භික්ඛූ සුසූ කාළකෙසා භද්‍රෙන යොබ්බනෙන සමන්නාගතා පඨමෙන වයසා අනිකීළිතාවිනො කාමෙසු යාවජීවං පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරන්ති, අද්ධානඤ්ච ආපාදෙන්තී’’ති.
‘‘අච්ඡරියං, භො භාරද්වාජ; අබ්භුතං, භො භාරද්වාජ! යාව සුභාසිතං චිදං (යාව සුභාසිතමිදං (සී.)), භො භාරද්වාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන. එසොව ඛො, භො භාරද්වාජ, හෙතු, එස පච්චයො යෙනිමෙ දහරා භික්ඛූ සුසූ කාළකෙසා භද්‍රෙන යොබ්බනෙන සමන්නාගතා පඨමෙන වයසා අනිකීළිතාවිනො කාමෙසු යාවජීවං පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරන්ති, අද්ධානඤ්ච ආපාදෙන්තීති. අහම්පි ඛො, භො (අහම්පි භො (සී. පී.)) භාරද්වාජ, යස්මිං සමයෙ අරක්ඛිතෙනෙව කායෙන, අරක්ඛිතාය වාචාය, අරක්ඛිතෙන චිත්තෙන, අනුපට්ඨිතාය සතියා, අසංවුතෙහි ඉන්ද්‍රියෙහි අන්තෙපුරං පවිසාමි, අතිවිය මං තස්මිං සමයෙ ලොභධම්මා පරිසහන්ති. යස්මිඤ්ච ඛ්වාහං, භො භාරද්වාජ, සමයෙ රක්ඛිතෙනෙව කායෙන, රක්ඛිතාය වාචාය, රක්ඛිතෙන චිත්තෙන, උපට්ඨිතාය සතියා , සංවුතෙහි ඉන්ද්‍රියෙහි අන්තෙපුරං පවිසාමි, න මං තථා තස්මිං සමයෙ ලොභධම්මා පරිසහන්ති. අභික්කන්තං, භො භාරද්වාජ; අභික්කන්තං, භො භාරද්වාජ! සෙය්‍යථාපි , භො භාරද්වාජ, නික්කුජ්ජිතං (නිකුජ්ජිතං (පී.)) වා උක්කුජ්ජෙය්‍ය , පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්‍ය, චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති; එවමෙවං භොතා භාරද්වාජෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං, භො භාරද්වාජ, තං භගවන්තං සරණං ගච්ඡාමි, ධම්මඤ්ච, භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං භාරද්වාජො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති. චතුත්ථං.
127
එක් සමයෙක්හි ආයුෂ්මත් පිණ්ඩොල භාරද්වාජ ස්ථවිරයන් වහන්සේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වැඩවසන සේක. එකල්හි උදේන නම් රජතෙම ආයුෂ්මත් පිණ්ඩොල භාරද්වාජ ස්ථවිරතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් පිණ්ඩොල භාරද්වාජ ස්ථවිරයන් වහන්සේ සමඟ සතුටුවූයේය. සතුටුවියයුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ උදේන නම් රජතෙම ආයුෂ්මත් පිණ්ඩොල භාරද්වාජ ස්ථවිරයන්ට මෙය සැල කෙළේය.
“භාරද්වාජ ස්ථවිරයන් වහන්ස, යම් හෙයකින් මේ තරුණවූ යෞවනවූ කළු හිසකේ ඇත්තා වූ යහපත් යෞවන භාවයෙන් යුක්තවූ ප්‍රථම වයසෙහි සිටියාවූ පඤ්චකාමයන්හි නොකළ ක්‍රීඩා ඇත්තාවූ භික්ෂූහු දිවිහිමියෙන් සම්පූර්‍ණකොට පිරිසිදු කොට බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙත් නම්, දිගුකලක් නොසිඳ පවත්වත් නම්, එයට හේතු කිමෙක්ද, ප්‍රත්‍යය කිමෙක්දැ යි, යනුයි.,
“මහරජ, සියල්ල දන්නා වූ ධර්‍මයන් දක්නාවූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, එව් තෙපි මව් පමණ ඇත්තියන් කෙරෙහි මව්ය යන සිත එලවව්. නැගණියන් පමණ ඇත්තියන් කෙරෙහි නැගණියන්ය යන සිත එලවව්. දියණියන් පමණ ඇත්තියන් කෙරෙහි දියණියන්ය යන සිත එලවව් යයි (උපදවව් යයි)’ මෙසේ වදාරණ ලදී. “මහරජ, යම් හෙයකින් මේ තරුණවූ යෞවනවූ කළු හිසකේ ඇත්තා වූ යහපත් යෞවන භාවයෙන් යුක්තවූ පළමුවන වයසින් යුක්තවූ පඤ්චකාමයන්හි නොකරනලද ක්‍රීඩා ඇත්තාවූ භික්‍ෂූහු දිවිහිමියෙන් සම්පූර්‍ණකොට පිරිසිදු කොට බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙත්ද, බොහෝ කාලයකුත් නොසිඳ පවත්වත්ද, මේ වනාහි ඒ හේතුව වේ, ප්‍රත්‍ය වේයයි, (කීයේය.)
“පින්වත් භාරද්වාජ ස්ථවිරයන් වහන්ස, හිත ලොල්ය. සමහරවිටක මව් සමාන ඇත්තියක් කෙරෙහිද ලෝභසිත් උපදිත්, නැගණියන් සමාන තැනැත්තියන් කෙරෙහිද ලෝභසිත් උපදිත්, දියණියන් සමාන තැනැත්තියන් කෙරෙහිද ලෝභසිත් උපදිත්. භාරද්වාජ ස්ථවිරයන් වහන්ස, යම් හේතුවකින් මේ තරුණවූ යෞවනවූ කළු හිසකේ ඇත්තා වූ යහපත් යෞවන භාවයෙන් යුක්තවූ පළමුවන වයසින් යුක්ත පඤ්චකාමයන්හි නොකරනලද ක්‍රීඩා ඇත්තාවූ භික්‍ෂූහු දිවිහිමියෙන් සම්පූර්‍ණකොට පිරිසිදු කොට බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙත්ද, බොහෝ කාලයකුත් නොසිඳ පවත්වත්ද, ඊට අනෙක් හේතුවකුත් ඇත්තේද, අනෙක් ප්‍රත්‍යයකුත් ඇත්තේද?,
“මහරජ, සියල්ල දන්නා වූ සියලු ධර්‍මයන් දක්නාවූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ මහණෙනි, තෙපි එව් පාද තලයෙන් උඩ හිසකේ මතුයෙන් යට සම කෙළවරකොට ඇති අනේකප්‍රකාර අසූචියෙන් පිරුණාවූ මේ ශරීරයම සලකව්. මේ ශරීරයෙහි කෙස් ද, ලොම් ද, නියද, දත්ද, සමද, මසද, නහරද, ඇටද, ඇටමිදුලුද, වකුගඩුවද, හෘදයමාංශයද, අක්මාවද, දළබුවද, බඩදිවද, පපුවද, අතුණුද, අතුණුබහන්ද, නොපැසුණු ආහාරද, මළද, පිතද, සෙමද, සැරවද, ලේද, ඩහදියද, මේදයද, කඳුලුද, වුරුණු තෙල්ද, තෙලද, සොටුද, සඳමිදුලුද, මුත්‍රද, ඇත්තේයයි වදාරණ ලදී.
“මහරජ, යම් හෙයකින් මේ තරුණවූ යෞවනවූ කළු හිසකේ ඇත්තා වූ භික්‍ෂූහු යහපත් යෞවන භාවයෙන් යුක්තවූ පළමුවන වයසින් යුක්තවූ පඤ්චකාමයන්හි නොකරනලද ක්‍රීඩා ඇත්තාවූ භික්‍ෂූහු දිවිහිමියෙන් සම්පූර්‍ණකොට පිරිසිදු කොට බ්‍රහ්යචර්‍ය්‍යාවෙහි හැසිරෙත්ද, බොහෝ කාලයකුත් නොසිඳ පවත්වත්ද, මේ වනාහි ඒ හේතුව වේ, ප්‍රත්‍ය වේයයි’ කීය.
පින්වත් භාරද්වාජ ස්ථවිරයන් වහන්ස, යම් ඒ භික්‍ෂූහු වඩන ලද කය ඇත්තාවූ වඩන ලද සිල් ඇත්තාවූ වඩන ලද සිත් ඇත්තාවූ වඩන ලද නුවණ ඇත්තෝ වෙත්ද, ඔවුන්ට එය දුෂ්කර නොවෙයි. භාරද්වාජ ස්ථවිරයන් වහන්ස, යම් ඒ භික්‍ෂූහු වනාහි නොවඩනා ලද කය ඇත්තාවූ නොවඩනා ලද සිල් ඇත්තාවූ නොවඩනා ලද සිත් ඇත්තාවූ නොවඩනා ලද නුවණ ඇත්තෝ වෙත්ද, ඔවුනට එය දුෂ්කර වේ. පින්වත් භාරද්වාජ ස්ථවිරයන් වහන්ස, සමහර කලෙක අසුභවශයෙන් මෙනෙහි කරන්නෙමුයි, සුභ වශයෙන්ම (මෙනෙහි කිරීමට) පැමිණෙයි. පින්වත් භාරද්වාජ ස්ථවිරයන් වහන්ස, යම් හෙයකින් මේ තරුණවූ යෞවනවූ කළු ඉසකේ ඇත්තා වූ භික්‍ෂූහු යහපත් යෞවන භාවයෙන් යුක්තවූ පළමුවන වයසින් යුක්ත වූ පඤ්චකාමයන්හි නොකරනලද ක්‍රීඩා ඇත්තාවූ භික්‍ෂූහු දිවිහිමියෙන් සම්පූර්‍ණකොට පිරිසිදු කොට බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙත්ද, බොහෝ කාලයකුත් නොසිඳ පවත්වත්ද, එයට අන්‍යවූ හේතුවකුත් අන්‍යවූ ප්‍රත්‍යකුත් ඇත්තේද?,
“මහරජ, සියල්ල දන්නා වූ සියලු ධර්‍මයන් දක්නාවූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ මහණෙනි, තොපි එව්, ඉන්‍ද්‍රියයන්හි රක්නාලද දොරටු ඇත්තෝව වාසය කරව්.
“ඇසින් රූපයක් දැක මහසටහන් වශයෙන් ගන්නෝ නොවව්. කුඩා සටහන් වශයෙන් ගන්නෝ නොවව්. යමක් හේතුකොටගෙන මේ චක්‍ඛු ඉන්‍ද්‍රියෙහි සංවර රහිතව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ යන ලාමක වූ අකුසල ධර්‍මයෝ ලුහුබඳනාහු නම් එය සංවර කිරීම පිණිස පිළිපදිව්. චක්‍ඛු ඉන්‍ද්‍රියය රකිව්. චක්‍ඛු ඉන්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙව්.
“කනෙන් ශබ්දයක් අසා මහසටහන් වශයෙන් ගන්නෝ නොවව්. කුඩා සටහන් වශයෙන් ගන්නෝ නොවව්. යමක් හේතුකොටගෙන මේ සෝත ඉන්‍ද්‍රියෙහි සංවර රහිතව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ යන ලාමක වූ අකුසල ධර්‍මයෝ ලුහුබඳනාහු නම් එය සංවර කිරීම පිණිස පිළිපදිව්. සෝත ඉන්‍ද්‍රියය රකිව්. සෝත ඉන්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙව්.
“නාසයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණයකොට මහසටහන් වශයෙන් ගන්නෝ නොවව්. කුඩා සටහන් වශයෙන් ගන්නෝ නොවව්. යමක් හේතුකොටගෙන මේ ඝාණ ඉන්‍ද්‍රියෙහි සංවර රහිතව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ යන ලාමක වූ අකුසල ධර්‍මයෝ ලුහුබඳනාහු නම් එය සංවර කිරීම පිණිස පිළිපදිව්. ඝාණ ඉන්‍ද්‍රියය රකිව්. ඝාණ ඉන්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙව්.
“දිවෙන් රසයක් විඳ මහසටහන් වශයෙන් ගන්නෝ නොවව්. කුඩා සටහන් වශයෙන් ගන්නෝ නොවව්. යමක් හේතුකොටගෙන මේ ජිව්හා ඉන්‍ද්‍රියෙහි සංවර රහිතව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ යන ලාමක වූ අකුසල ධර්‍මයෝ ලුහුබඳනාහු නම් එය සංවර කිරීම පිණිස පිළිපදිව්. ජිව්හා ඉන්‍ද්‍රියය රකිව්. ජිව්හා ඉන්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙව්.
“කයින් ස්පර්‍ශයක් කොට මහසටහන් වශයෙන් ගන්නෝ නොවව්. කුඩා සටහන් වශයෙන් ගන්නෝ නොවව්. යමක් හේතුකොටගෙන මේ කාය ඉන්‍ද්‍රියෙහි සංවර රහිතව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ යන ලාමක වූ අකුසල ධර්‍මයෝ ලුහුබඳනාහු නම් එය සංවර කිරීම පිණිස පිළිපදිව්. කාය ඉන්‍ද්‍රියය රකිව්. කාය ඉන්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙව්.
“සිතින් ධර්‍මයක් දැන මහසටහන් වශයෙන් ගන්නෝ නොවව්. කුඩා සටහන් වශයෙන් ගන්නෝ නොවව්. යමක් හේතුකොටගෙන මේ මනින්‍ද්‍රියෙහි සංවර රහිතව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ යන ලාමක වූ අකුසල ධර්‍මයෝ ලුහුබඳනාහු නම් එය සංවර කිරීම පිණිස පිළිපදිව්. මනින්‍ද්‍රිය රකිව්. මනින්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙව් යයි’ මෙසේ වදාරණ ලද්දේමය.
“මහරජ, යම් හේතුවකින් මේ තරුණවූ යෞවනවූ කළු හිසකේ ඇත්තා වූ භික්‍ෂූහු යහපත් යෞවනභාවයෙන් යුක්තවූ පළමුවන වයසින් යුක්තවූ පඤ්චකාමයන්හි නොකරනලද ක්‍රීඩා ඇත්තාවූ භික්‍ෂූහු දිවිහිමියෙන් සම්පූර්‍ණකොට පිරිසිදු කොට බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙත්ද, බොහෝ කාලයකුත් නොසිඳ පවත්වත්ද, එයට මේද හේතුව වේ, ප්‍රත්‍යය වේයයි, (වදාළේය.)
“පින්වත් භාරද්වාජ ස්ථවිරයන් වහන්ස, ආශ්චර්‍ය්‍යයකි. පින්වත් භාරද්වාජ ස්ථවිරයන් වහන්ස, පුදුමයකි. පින්වත් භාරද්වාජ ස්ථවිරයන් වහන්ස, සියල්ල දන්නාවූ සියලු ධර්‍මය දක්නාවූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් හේතුවකින් මේ තරුණවූ යෞවනවූ කළු හිසකේ ඇත්තා වූ යහපත් යෞවනභාවයෙන් යුක්තවූ පළමු වයසින් යුක්තවූ පඤ්චකාමයන්හි නොකරනලද ක්‍රීඩා ඇත්තාවූ භික්‍ෂූහු දිවිහිමියෙන් සම්පූර්‍ණකොට පිරිසිදු කොට බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙත්ද, දීර්‍ඝ කාලයකුත් නොසිඳ පවත්වත්ද, මෙය ඊට හේතුව වේ, මෙය ප්‍රත්‍යය වේයයි වදාරන ලද්දේද එය මනාකොට වදාරණ ලද්දකි.
“පින්වත් භාරද්වාජ ස්ථවිරයන් වහන්ස, යම් කලෙක්හි මමද නොරක්නා ලද්දාවූම කයින් යුක්තව නොරක්නා ලද වචනයෙන් යුක්තව නොරක්නා ලද සිතින් යුක්තව නොඑළඹ සිටියාවූ සිහියෙන් යුක්තව සංවර නොවූ ඉන්‍ද්‍රියයන්ගෙන් යුක්තව අන්තඃපුරයට ඇතුල්වෙම්ද, එකල්හි ලෝභ ධර්‍මයෝ අතිශයින්ම මා මැඩපවත්වත්. පින්වත් භාරද්වාජ ස්ථවිරයන් වහන්ස, යම් කලෙක්හි මමද රක්නා ලද්දාවූම කයින් යුක්තව රක්නා ලද වචනයෙන් යුක්තව රක්නා ලද සිතින් යුක්තව එළඹ සිටියාවූ සිහියෙන් යුක්තව සංවර වූ ඉන්‍ද්‍රියයන්ගෙන් යුක්තව අන්තඃපුරයට ඇතුල්වෙම්ද, එකල්හි එහි ලෝභ ධර්‍මයෝ මා නොමැඩපවත්වත්.
“පින්වත් භාරද්වාජ ස්ථවිරයන් වහන්ස, ඉතා යහපත, පින්වත් භාරද්වාජ ස්ථවිරයන් වහන්ස, ඉතා යහපත, පින්වත් භාරද්වාජ ස්ථවිරයන් වහන්ස, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේද, වසා තබන ලද්දක් වැහුම් අරින්නේද, මංමුළාවූවෙකුට මඟ කියන්නේද, අන්‍ධකාරයෙහි ‘ඇස් ඇත්තෝ රූප දකිත්වායි,’ තෙල් පහනක් දල්වන්නේද, එපරිද්දෙන්ම පින්වත් භාරද්වාජ ස්ථවිරයන් විසින් නොයෙක් ආකාරයෙන් ධර්‍මය ප්‍රකාශ කරන ලදී. පින්වත් භාරද්වාජ ස්ථවිරයන් වහන්ස, ඒ මම ඒ භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්‍මයද භික්‍ෂු සංඝයාද, (සරණ කොට යමි)පින්වත් භාරද්වාජ ස්ථවිරතෙමේ මා අද පටන් දිවිහිමිකොට සරණ ගියාවූ උපාසකයෙකැයි දරණු මැනවැයි, කීය.
5. සොණසුත්තං 5. සොණ සූත්‍රය
6. ඝොසිතසුත්තං 6. ඝෝසිත සූත්‍රය
7. හාලිද්දිකානිසුත්තං 7. හාලිද්‌දිකානි සූත්‍රය
8. නකුලපිතුසුත්තං 8. නකුලපිතු සූත්‍රය
9. ලොහිච්චසුත්තං 9. ලොහිච්‌ච සූත්‍රය
10. වෙරහච්චානිසුත්තං 10. වෙරහච්‌චානි සූත්‍රය
14. දෙවදහවග්ගො 14. දෙවදහ වර්‍ගය
1. දෙවදහසුත්තං 1. දෙවදහ සූත්‍රය
2. ඛණසුත්තං 2. ඛණ (ක්‍ෂණ) සූත්‍රය
3. පඨමරූපාරාමසුත්තං 3. සගය්හ සූත්‍රය
4. දුතියරූපාරාමසුත්තං 4. ගය්හ සූත්‍රය
5. පඨමනතුම්හාකංසුත්තං 5. පලාස සූත්‍රය
6. දුතියනතුම්හාකංසුත්තං 6. දුතිය පලාස සූත්‍රය
7. අජ්ඣත්තානිච්චහෙතුසුත්තං 7. අජ්‌ඣත්‌ත (අධ්‍යාත්මික) අනිච්‌ච සූත්‍රය
8. අජ්ඣත්තදුක්ඛහෙතුසුත්තං 8. අජ්‌ඣත්‌ත (අධ්‍යාත්මික) දුක්‌ඛ සූත්‍රය
9. අජ්ඣත්තානත්තහෙතුසුත්තං 9. අජ්‌ඣත්‌ත (අධ්‍යාත්මික) අනත්‌ත සූත්‍රය
10. බාහිරානිච්චහෙතුසුත්තං 10. බාහිර අනිච්‌ච සූත්‍රය
11. බාහිරදුක්ඛහෙතුසුත්තං 11. බාහිර දුක්‌ඛ සූත්‍රය
12. බාහිරානත්තහෙතුසුත්තං 12. බාහිර අනත්‌ත සූත්‍රය
15. නවපුරාණවග්ගො 15. නවපුරාණ වර්‍ගය
1. කම්මනිරොධසුත්තං 1. කම්‌ම සූත්‍රය
2. අනිච්චනිබ්බානසප්පායසුත්තං 2.සප්‌පාය සූත්‍රය
3. දුක්ඛනිබ්බානසප්පායසුත්තං 3. දුතිය සප්‌පාය සූත්‍රය
4. අනත්තනිබ්බානසප්පායසුත්තං 4. තතිය සප්‌පාය සූත්‍රය
5. නිබ්බානසප්පායපටිපදාසුත්තං 5. චතුත්ථ සප්‌පාය සූත්‍රය
6. අන්තෙවාසිකසුත්තං 6. අනන්තෙවාසික සූත්‍රය
7. කිමත්ථියබ්‍රහ්මචරියසුත්තං 7. කිමත්‍ථිය සූත්‍රය
8. අත්ථිනුඛොපරියායසුත්තං 8. අත්‍ථිනුඛොපරියාය සූත්‍රය
9. ඉන්ද්‍රියසම්පන්නසුත්තං 9. ඉන්‌ද්‍රියසම්‌පන්‌න සූත්‍රය
10. ධම්මකථිකපුච්ඡසුත්තං 10. ධම්‌මකථික සූත්‍රය
16. නන්දික්ඛයවග්ගො 16. නන්‍දික්ඛය වර්‍ගය
1. අජ්ඣත්තනන්දික්ඛයසුත්තං 1. අජ්‌ඣත්‌තනන්‌දික්‌ඛය අනිච්ච සූත්‍රය
2. බාහිරනන්දික්ඛයසුත්තං 2. බාහිද්ධානන්‌දික්‌ඛය අනිච්ච සූත්‍රය
3. අජ්ඣත්තඅනිච්චනන්දික්ඛයසුත්තං 3. අජ්‌ඣත්‌ත නන්‌දික්‌ඛයයොනිසො සූත්‍රය
4. බාහිරඅනිච්චනන්දික්ඛයසුත්තං 4. බාහිර නන්‌දික්‌ඛයයොනිසො සූත්‍රය
5. ජීවකම්බවනසමාධිසුත්තං 5. සමාධි සූත්‍රය
6. ජීවකම්බවනපටිසල්ලානසුත්තං 6. පටිසල්‌ලාන සූත්‍රය
7. කොට්ඨිකඅනිච්චසුත්තං 7. කොට්‌ඨිත අනිච්‌ච සූත්‍රය
8. කොට්ඨිකදුක්ඛසුත්තං 8. කොට්‌ඨිත දුක්‌ඛ සූත්‍රය
9. කොට්ඨිකඅනත්තසුත්තං 9. කොට්‌ඨිත අනත්‌ත සූත්‍රය
10. මිච්ඡාදිට්ඨිපහානසුත්තං 10. මිච්‌ඡාදිට්‌ඨිප්පහාන සූත්‍රය
11. සක්කායදිට්ඨිපහානසුත්තං 11. සක්‌කායදිට්‌ඨිප්පහාන සූත්‍රය
12. අත්තානුදිට්ඨිපහානසුත්තං 12. අත්‌තානුදිට්‌ඨිප්පහාන සූත්‍රය
17. සට්ඨිපෙය්‍යාලවග්ගො 17. සට්ඨි පෙය්‍යාලො (පෙය්‍යාල සැට)
1. අජ්ඣත්තඅනිච්චඡන්දසුත්තං 1. අනිච්‌ච ඡන්‌ද සූත්‍රය
2. අජ්ඣත්තඅනිච්චරාගසුත්තං 2. අනිච්‌චරාග සූත්‍රය
3. අජ්ඣත්තඅනිච්චඡන්දරාගසුත්තං 3. අනිච්‌ච ඡන්‌දරාග සූත්‍රය
4-6. දුක්ඛඡන්දාදිසුත්තං 4-6. දුක්ඛඡන්දාදි සූත්‍ර
7-9. අනත්තඡන්දාදිසුත්තං 7-9. අනත්තඡන්දාදි සූත්‍ර
10-12. බාහිරානිච්චඡන්දාදිසුත්තං 10-12. බාහිරානිච්චඡන්දාදි සූත්‍ර
13-15. බාහිරදුක්ඛඡන්දාදිසුත්තං 13-15. බාහිරදුක්ඛඡන්දාදි සූත්‍ර
16-18. බාහිරානත්තඡන්දාදිසුත්තං 16-18. බාහිරානත්තඡන්දාදි සූත්‍ර
19. අජ්ඣත්තාතීතානිච්චසුත්තං 19. අතීතානිච්‌ච සූත්‍රය
20. අජ්ඣත්තානාගතානිච්චසුත්තං 20. අනාගතානිච්‌ච සූත්‍රය
21. අජ්ඣත්තපච්චුප්පන්නානිච්චසුත්තං 21. පච්‌චුප්‌පන්‌නානිච්‌ච සූත්‍රය
22-24. අජ්ඣත්තාතීතාදිදුක්ඛසුත්තං 22-24. අජ්ඣත්තාතීතාදිදුක්ඛ සූත්‍ර
25-27. අජ්ඣත්තාතීතාදිඅනත්තසුත්තං 25-27. අජ්ඣත්තාතීතාදිඅනත්ත සූත්‍ර
28-30. බාහිරාතීතාදිඅනිච්චසුත්තං 28-30. බාහිරාතීතාදිඅනිච්ච සූත්‍ර
31-33. බාහිරාතීතාදිදුක්ඛසුත්තං 31-33. බාහිරාතීතාදිදුක්ඛ සූත්‍ර
34-36. බාහිරාතීතාදිඅනත්තසුත්තං 34-36. බාහිරාතීතාදිඅනත්ත සූත්‍ර
37. අජ්ඣත්තාතීතයදනිච්චසුත්තං 37. අතීත යදනිච්‌ච සූත්‍රය
38. අජ්ඣත්තානාගතයදනිච්චසුත්තං 38. අනාගත යදනිච්‌ච සූත්‍රය
39. අජ්ඣත්තපච්චුප්පන්නයදනිච්චසුත්තං 39. පච්‌චුප්‌පන්‌න යදනිච්‌ච සූත්‍රය
40-42. අජ්ඣත්තාතීතාදියංදුක්ඛසුත්තං 40-42. අජ්ඣත්තාතීතාදියංදුක්ඛ සූත්‍ර
43-45. අජ්ඣත්තාතීතාදියදනත්තසුත්තං 43-45. අජ්ඣත්තාතීතාදියදනත්ත සූත්‍ර
46-48. බාහිරාතීතාදියදනිච්චසුත්තං 46-48. බාහිරාතීතාදියදනිච්ච සූත්‍ර
49-51. බාහිරාතීතාදියංදුක්ඛසුත්තං 49-51. බාහිරාතීතාදියංදුක්ඛ සූත්‍ර
52-54. බාහිරාතීතාදියදනත්තසුත්තං 52-54. බාහිරාතීතාදියදනත්ත සූත්‍ර
55. අජ්ඣත්තායතනඅනිච්චසුත්තං 55. අජ්‌ඣත්‌තායතන අනිච්‌ච සූත්‍රය
56. අජ්ඣත්තායතනදුක්ඛසුත්තං 56. අජ්‌ඣත්‌තායතන දුක්‌ඛ සූත්‍රය
57. අජ්ඣත්තායතනඅනත්තසුත්තං 57. අජ්‌ඣත්‌තායතන අනත්‌ත සූත්‍රය
58. බාහිරායතනඅනිච්චසුත්තං 58. බාහිරායතන අනිච්‌ච සූත්‍රය
59. බාහිරායතනදුක්ඛසුත්තං 59. බාහිරායතන දුක්‌ඛ සූත්‍රය
60. බාහිරායතනඅනත්තසුත්තං 60. බාහිරායතන අනත්‌ත සූත්‍රය
18. සමුද්දවග්ගො 18. සමුද්ද වර්‍ගය
1. පඨමසමුද්දසුත්තං 1. සමුද්‌ද සූත්‍රය
2. දුතියසමුද්දසුත්තං 2. දුතිය සමුද්‌ද සූත්‍රය
3. බාළිසිකොපමසුත්තං 3. බාලිසිකොපම සූත්‍රය
4. ඛීරරුක්ඛොපමසුත්තං 4. ඛීරරුක්‌ඛොපම සූත්‍රය
5. කොට්ඨිකසුත්තං 5. කොට්ඨිත සූත්‍රය
6. කාමභූසුත්තං 6. කාමභූ සූත්‍රය
7. උදායීසුත්තං 7. උදායී සූත්‍රය
8. ආදිත්තපරියායසුත්තං 8. ආදිත්‌තපරියාය සූත්‍රය
9. පඨමහත්ථපාදොපමසුත්තං 9. හත්‌ථපාදූපම සූත්‍රය
10. දුතියහත්ථපාදොපමසුත්තං 10. දුතිය හත්‌ථපාදූපම සූත්‍රය
19. ආසීවිසවග්ගො 19. ආසිවිස වර්‍ගය
1. ආසීවිසොපමසුත්තං 1. ආසිවිසොපම සූත්‍රය
2. රථොපමසුත්තං 2. රථූපම සූත්‍රය
3. කුම්මොපමසුත්තං 3. කුම්‌මොපම සූත්‍රය
4. පඨමදාරුක්ඛන්ධොපමසුත්තං 4. දාරුක්‌ඛන්‌ධොපම සූත්‍රය
5. දුතියදාරුක්ඛන්ධොපමසුත්තං 5. දුතිය දාරුක්‌ඛන්‌ධොපම සූත්‍රය
6. අවස්සුතපරියායසුත්තං 6. අවස්‌සුතපරියාය සූත්‍රය
7. දුක්ඛධම්මසුත්තං 7. දුක්ඛධම්ම සූත්‍රය
8. කිංසුකොපමසුත්තං 8. කිංසුකොපම සූත්‍රය
9. වීණොපමසුත්තං 9. වීණොපම සූත්‍රය
10. ඡප්පාණකොපමසුත්තං 10. ඡප්පාණක සූත්‍රය
11. යවකලාපිසුත්තං 11. යවකලාපී සූත්‍රය