11. වලාහකසංයුත්තං | 11. වලාහක සංයුත්තය |
1. සුද්ධිකසුත්තං | 1. දේසනා සූත්‍රය |
550
සාවත්ථිනිදානං
|
550
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක.
‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
“මහණෙනි, වලාහක කොටසට අයිති දෙවියන් ගැන දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, වලාහක කොටසට අයිති දෙවියෝ කවරහුද? මහණෙනි, සීතවලාහක දෙවියෝ ඇත්තාහ. මහණෙනි, උණ්හවලාහක දෙවියෝ ඇත්තාහ. මහණෙනි, අබ්භවලාහක දෙවියෝ ඇත්තාහ. මහණෙනි වාතවලාහක දෙවියෝ ඇත්තාහ. මහණෙනි, වස්සවලාහක දෙවියෝ ඇත්තාහ. මහණෙනි, මොවුහු වලාහක කොටසට අයත් දෙවියෝයයි” කියනු ලැබේ.
|
2. සුචරිතසුත්තං | 2. සුචරිත සූත්‍රය |
551
සාවත්ථිනිදානං. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කො නු ඛො, භන්තෙ, හෙතු, කො පච්චයො, යෙන මිධෙකච්චො කායස්ස භෙදා පරං මරණා වලාහකකායිකානං දෙවානං සහබ්යතං උපපජ්ජතී’’ති? ‘‘ඉධ, භික්ඛු, එකච්චො කායෙන සුචරිතං චරති, වාචාය සුචරිතං චරති, මනසා සුචරිතං චරති. තස්ස සුතං හොති - ‘වලාහකකායිකා දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා’ති. තස්ස එවං හොති - ‘අහො වතාහං කායස්ස භෙදා පරං මරණා වලාහකකායිකානං
|
551
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය.
“ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු වලාහක කායික දෙවියන් හා එක්වීමට පැමිණෙන්නේද, (එයට) හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද?
“මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් සුචරිතයෙහි හැසිරේද, වචනයෙන් සුචරිතයෙහි හැසිරේද, සිතින් සුචරිතයෙහි හැසිරේද, ඔහු විසින් (මෙසේ) අසන ලද්දේ වෙයි. වලාහක කායික දෙවියෝ දීර්ඝායුෂ ඇත්තාහ. වර්ණ ඇත්තාහ. සැප බහුලකොට ඇත්තාහ. යනුයි.
“ඔහුට මෙබඳු සිතෙක් වෙයි. ‘මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු වලාහක කායික දෙවියන් හා එක්වීමට පැමිණෙන්නෙම් නම් හොඳය’ කියායි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු වලාහක කායික දෙවියන් හා එක්වීමට පැමිණෙයි. යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු වලාහක කායික දෙවියන් හා එක්වීමට පැමිණේද, මහණ, (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
|
3-12. සීතවලාහකදානූපකාරසුත්තදසකං | 3-12. අන්නදායක සීතවලාහක සූත්‍ර දහය |
552-561
සාවත්ථිනිදානං. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං
|
552-561
3. අන්නදායක සීතවලාහක සූත්‍රය
(මේ සූත්‍රය මේ වර්ගයේ 2 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සීත වලාහක කොටසට අයත් දෙවියන් හා එක්වීමට පැමිණේද, ස්වාමීනි, එයට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් සුචරිතයෙහි හැසිරේද, වචනයෙන් සුචරිතයෙහි හැසිරේද, සිතින් සුචරිතයෙහි හැසිරේද, සීත වලාහක කොටසට අයත් දෙවියෝ දීර්ඝායුෂ ඇත්තාහ. වර්ණ ඇත්තාහ. සැප බහුල කොට ඇත්තාහයි ඔහු විසින් අසනලද්දේ වෙයි. ඕහට මෙබඳු සිතෙක් වෙයි. ‘මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සීතවලාහක කොටසට අයිති දෙවියන් හා එක්වීමට පැමිණෙන්නෙම් නම් හොඳය’ කියායි.
‘හෙතෙම ආහාර දෙයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සීත වලාහක කොටසට අයත් දෙවියන් හා එක්වීමට පැමිණෙයි. යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සීත වලාහක කොටසට අයත් දෙවියන් හා එක්වීමට පැමිණේද, මහණ එයට මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
(3 වෙනි සූත්‍රයෙහි “හෙතෙම ආහාර දෙයි” යන වචන වෙනුවට මෙහි පහත දක්වන වචන 4 වෙනි සූත්‍රයේ පටන් 12 වෙනි සූත්‍රය දක්වා යොදාගත යුතුයි.)
4. හෙතෙම පානය කළයුතු දේ දෙයි - පානදායක සූත්‍රය
5. ” වස්ත්‍ර ” - වත්ථ ” ”
6. ” යානාවන් ” - යානා ” ”
7. ” මාලාවන් ” - මාලා ” ”
8. ” සුවඳ ” - ගන්ධ ” ”
9. ” විලවුන් ” - විලෙපන ”
10. ” සයනයන් ” - සෙය්‍ය ” ”
11. ” ආවාස ” - ආවසථ ” ”
12. ” පහන් ” - පදීපෙය්‍ය සූත්‍රය
|
13-52. උණ්හවලාහකදානූපකාරසුත්තචාලීසකං | 13-52. උණ්හවලාහක ආදී වූ සූත්‍ර සතලිහ |
562-601
සාවත්ථිනිදානං. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කො නු ඛො, භන්තෙ, හෙතු, කො පච්චයො, යෙන මිධෙකච්චො කායස්ස භෙදා පරං මරණා උණ්හවලාහකානං දෙවානං...පෙ.... අබ්භවලාහකානං
|
562-601
13. (මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ “සීත වලාහක කොටසට අයත් දෙවියන්” යන වචන වෙනුවට “උණ්හවලාහක කොටසට අයත් දෙවියන්’ යන වචන යෙදීමෙන් ඇතිවන්නේ 13 වෙනි සූත්‍රයයි.)
(ඉන්පසු තුන්වෙනි සූත්‍රයෙහි “හෙතෙම ආහාර දෙයි” යන වචන වෙනුවට 4 සිට 12 දක්වා යෙදූ වචන යෙදීමෙන් 14 වෙනි සූත්‍රයේ පටන් 22 වෙනි සූත්‍රය දක්වා සාදාගතයුතුයි.)
23. (මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ “සීත වලාහක කොටසට අයත් දෙවියන්” යන වචන වෙනුවට “අබ්භවලාහක කොටසට අයත් දෙවියන්’ යන වචන යෙදීමෙන් ඇතිවන්නේ 23 වෙනි සූත්‍රයයි.)
(ඉන්පසු තුන්වෙනි සූත්‍රයෙහි “හෙතෙම ආහාර දෙයි” යන වචන වෙනුවට 4 සිට 12 දක්වා යෙදූ වචන යෙදීමෙන් 24 වෙනි සූත්‍රයේ පටන් 32 වෙනි සූත්‍රය දක්වා සාදාගත යුතුයි.)
33. (මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ “සීත වලාහක කොටසට අයත් දෙවියන්” යන වචන වෙනුවට “වාත වලාහක කොටසට අයත් දෙවියන්” යන වචන යෙදීමෙන් ඇතිවන්නේ 23 වෙනි සූත්‍රයයි.)
(ඉන්පසු තුන්වෙනි සූත්‍රයෙහි “හෙතෙම ආහාර දෙයි” යන වචන වෙනුවට 4 සිට 12 දක්වා යෙදූ වචන යෙදීමෙන් 34 වෙනි සූත්‍රයේ පටන් 42 වෙනි සූත්‍රය දක්වා සාදාගත යුතුයි.)
43. (මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ “සීත වලාහක කොටසට අයත් දෙවියන්” යනවචන වෙනුවට “වස්සවලාහක කොටසට අයත් දෙවියන්” යන වචන යෙදීමෙන් ඇති වන්නේ 43 වෙනි සූත්‍රයයි.)
(ඉන්පසු තුන්වෙනි සූත්‍රයෙහි “හෙතෙම ආහාර දෙයි” යන වචන වෙනුවට 4 සිට 12 දක්වා යෙදූ වචන යෙදීමෙන් 44 වෙනි සූත්‍රයේ පටන් 52 වෙනි සූත්‍රය දක්වා සාදාගත යුතුයි.)
|
53. සීතවලාහකසුත්තං | 53. සීත සූත්‍රය |
602
සාවත්ථිනිදානං
|
602
(මේ සූත්‍රය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“ස්වාමීනි, යම් හෙයකින් සමහර දිනක සීත වේද (එයට) හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ, සීත වලාහක නම් දෙවියෝ ඇත්තාහ. ඔවුනට යම් කලක මෙබඳු සිතක් වෙයි. ‘අපි ඒකාන්තයෙන් ස්වකීය ඇල්මෙන් ප්‍රීතිවන්නෙමු කියායි.’ ඔවුන්ගේ ඒ සිතේ පැතීම අනුවම සීතවෙයි. යම් හෙයකින් ඇතැම් කලක සීත වේද, මහණ එයට මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
|
54. උණ්හවලාහකසුත්තං | 54. උණ්හ සූත්‍රය |
603
සාවත්ථිනිදානං
|
603
(මේ සූත්‍රය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“ස්වාමීනි, යම් හෙයකින් ඇතැම් දිනක උණුසුම වේද, එයට හේතුව කවරේද? එයට ප්‍රත්‍ය කවරේද?”
“මහණ උෂ්ණ වලාහක නම් දෙවියෝ ඇත්තාහ. ඔවුන්ට යම් කලක මෙබඳු සිතෙක් වෙයි. ‘අපි ඒකාන්තයෙන් ස්වකීය ඇල්මෙන් ප්‍රීතිවන්නෙමු’ කියායි. ඔවුන්ගේ ඒ පැතීම අනුවම උණුසුම් වෙයි. යම් හෙයකින් ඇතැම් කලක උණුසුම් වේද, මහණ (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
|
55. අබ්භවලාහකසුත්තං | 55. අබ්භ සූත්‍රය |
604
සාවත්ථිනිදානං. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කො නු ඛො, භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනෙකදා අබ්භං හොතී’’ති? ‘‘සන්ති, භික්ඛු, අබ්භවලාහකා නාම දෙවා. තෙසං යදා එවං හොති - ‘යංනූන මයං සකාය රතියා වසෙය්‍යාමා’ති, තෙසං තං චෙතොපණිධිමන්වාය අබ්භං හොති. අයං ඛො, භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනෙකදා අබ්භං හොතී’’ති. පඤ්චපඤ්ඤාසමං.
|
604
(මේ සූත්‍රය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“ස්වාමීනි, යම් හෙයකින් ඇතැම් කලක වැසි වලාකුල්වේද, එයට හේතුව කවරේද? එයට ප්‍රත්‍ය කවරේද?”
“මහණ, ‘අබ්භ’ වලාහක නම් දෙවියෝ ඇත්තාහ. ඔවුනට යම් කලක (මෙබඳු) සිතක් වෙයි. ‘අපි ඒකාන්තයෙන් ස්වකීය ඇල්මෙන් ක්‍රීඩා කරන්නෙමු’ කියායි. ඔවුන්ගේ ඒ සිතේ පැතීම අනුවම වැසි වලාකුල් වෙයි යනුයි. යම් හෙයකින් ඇතැම් කලක වැසි වලාකුල් වේද, මහණ (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
|
56. වාතවලාහකසුත්තං | 56. වාත සූත්‍රය |
605
සාවත්ථිනිදානං
|
605
(මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“ස්වාමීනි, ඇතැම් දිනක වාතය වෙයි, (එයට) හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ ‘වාත’ වලාහක නම් දෙවියෝ ඇත්තාහ. ඔවුනට යම් කලක (මෙබඳු) සිතක් වෙයි. ‘අපි ස්වකීය ඇල්මෙන් ක්‍රීඩා කරන්නෙමු’ කියායි. ඔවුන්ගේ ඒ සිතේ පැතීම අනුවම වාතය වෙයි. යම් හෙයකින් ඇතැම් දිනක වාතය වේද, මහණ (එයට) මේ හේතුවයි, මේ ප්‍රත්‍යයයි.”
|
57. වස්සවලාහකසුත්තං | 57. වස්ස සූත්‍රය |
606
සාවත්ථිනිදානං. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච
|
606
(මේ සූත්‍රය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“ස්වාමීනි, යම් හෙයකින් ඇතැම් දිනක අධික වර්ෂාව ඇතිවේද, එයට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ, වස්ස වලාහක නම් දේවතාවෝ ඇත්තාහ. ඔවුන්ට යම් කලක (මෙබඳු) සිතෙක් වෙයි. ‘අපි ස්වකීය ඇල්මෙන් ක්‍රීඩා කරන්නෙමු’ යනුයි. ඔවුන්ගේ ඒ සිතේ පැතීම සමගම මහා වැසි වසියි, යම් හෙයකින් ඇතැම් දිනක මහ වැසි වසියිද, මහණ (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
|