7. සාරිපුත්තසංයුත්තං | 7. ශාරීපුත්ත සංයුත්තය |
1. විවෙකජසුත්තං | 1. විවේකජ සූත්‍රය |
332
එකං
අථ ඛො ආයස්මා සාරිපුත්තො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන ජෙතවනං අනාථපිණ්ඩිකස්ස ආරාමො තෙනුපසඞ්කමි. අද්දසා ඛො ආයස්මා ආනන්දො ආයස්මන්තං සාරිපුත්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන ආයස්මන්තං සාරිපුත්තං එතදවොච - ‘‘විප්පසන්නානි ඛො තෙ, ආවුසො සාරිපුත්ත, ඉන්ද්රියානි; පරිසුද්ධො මුඛවණ්ණො පරියොදාතො. කතමෙනායස්මා සාරිපුත්තො අජ්ජ විහාරෙන විහාසී’’ති?
‘‘ඉධාහං, ආවුසො, විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරාමි. තස්ස මය්හං, ආවුසො, න එවං හොති - ‘අහං
|
332
[1] මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සැවැත්නුවරට නුදුරෙහිවූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ උදය කාලයෙහි හැඳපොරවා පාත්‍ර සිවුරුගෙන සැවැත්නුවරට පිඬු පිණිස පැමිණියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර බතින් පසු පිණ්ඩපාතයෙන් හැරී එන්නේ අන්ධවනය යම් තැනකද එතැන්හි දවල් කාලය ගෙවීම පිණිස පැමිණියහ. අන්ධවනයට පැමිණ එක්තරා ගසක් මුල හුන්නේය. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේකයෙන් නැගී සිටියේ ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමය යම් තැනකද එතැන්හි පැමිණියහ.
[2] ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුරදීම දැක්කේය. දැක, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙසේ කීය. “ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, ඔබවහන්සේගේ ඉන්ද්රියයෝ ප්‍රසන්නයහ. මුහුණු වර්ණය පිරිසිදුය. අතිශයින්ම පිරිසිදුය. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අද කවර විහරණයකින් වාසය කළ සේක්ද?” යනුයි.
[3] ඇවැත්නි, මම මෙහි කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරමි. ඇවැත්නි, ඒ මට ‘මම ප්‍රථම ධ්‍යානයට සමවදිමියි, කියා හෝ, මම ප්‍රථම ධ්‍යානයට පැමිණියෙමි කියා හෝ, මම ප්‍රථම ධ්‍යානයෙන් නැගී සිටියෙමි කියා හෝ’ මෙබඳු සිතක් නොවේ”යයි කීහ.
[4] “ඒ එසේමය, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි ‘මම යන හැඟීම. මගේය යන හැඟීම’ මානය, හා අනුසය ධර්ම මැනවින් නසනලදහ. එබැවින් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට ‘මම ප්‍රථමධ්‍යානයට සමවදිමියි කියා, හෝ මම ප්‍රථම ධ්‍යානයට සමවැදුණේය කියා හෝ ‘මම ප්‍රථමධ්‍යානයෙන් නැඟීසිටියෙමියි’ කියා හෝ මෙබඳු සිතක් නොවේ”යයි (ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම කීය.)
|
2. අවිතක්කසුත්තං | 2. අවිතක්ක සූත්‍රය |
333
සාවත්ථිනිදානං
‘‘ඉධාහං
|
333
(මේ සූත්‍රයේ 1, 2 වෙනි ඡේද මේ සංයුත්තයේ 1 වෙනි සූත්‍රයේ මෙනි.)
[3] “ඇවැත්නි, මෙහි මම විතර්ක විචාරයන් සන්සිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟබව ඇති විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරමි.
“ඇවැත්නි, ඒ මට මම ද්විතීයධ්‍යානයට සම වදිමියි කියා හෝ මම ද්විතීයධ්‍යානයට සමවැදුනෙමි කියා හෝ මම ද්විතීයධ්‍යානයෙන් නැගීසිටියෙමියි කියා හෝ’ මෙබඳු සිතක් නොවේයයි කීහ.
[4] “ඒ එසේමය. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් විසින් බොහෝ කාලයක් මුළුල්ලේ “මම යන හැඟීම, මගේ යන හැඟීම,’ මානය හා අනුසය ධර්ම සම්පූර්ණ වශයෙන් නසන ලදහ. එම නිසා ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට ‘මම ද්විතීය ධ්‍යානයට සමවදිමියි’ කියා හෝ ‘මම ද්විතීයධ්‍යානයට සමවැදුනෙමි’ කියා හෝ ‘මම ද්විතීයධ්‍යානයෙන් නැඟීසිටියෙමි’ කියා හෝ මෙබඳු සිතක් නොවේයයි” (ආනන්ද ස්ථවිරතෙම කීය.)
|
3. පීතිසුත්තං | 3. පීති සූත්‍රය |
334
සාවත්ථිනිදානං. අද්දසා ඛො ආයස්මා ආනන්දො...පෙ.... ‘‘විප්පසන්නානි ඛො තෙ, ආවුසො සාරිපුත්ත, ඉන්ද්රියානි; පරිසුද්ධො මුඛවණ්ණො පරියොදාතො. කතමෙනායස්මා සාරිපුත්තො අජ්ජ විහාරෙන විහාසී’’ති?
‘‘ඉධාහං, ආවුසො, පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහාසිං සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙමි; යං තං අරියා ආචික්ඛන්ති ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති
|
334
(මේ සූත්‍රයේ 1, 2 වෙනි ඡේද මේ සංයුත්තයේ 1 වෙනි සූත්‍රයේ මෙනි.)
[3] “ඇවැත්නි, මම මෙහි ප්‍රීතියේද නොඇල්මෙන් සිහි ඇත්තේ, මනා නුවණැත්තේව උපෙක්ෂාවෙන් යුක්තව වාසය කරමි. කයින් සැපයද විඳිමි. ආර්යයෝ යමෙකුට උපෙක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සැපවිහරණ ඇත්තේයයි කියත්ද ඒ තෘතීයධ්‍යානයට’ පැමිණ වාසය කරමි.
‘ඇවැත්නි, ඒ මට මම තෘතීයධ්‍යානයට සමවදිමියි කියා හෝ මම තෘතීයධ්‍යානයට සම වැදුනෙමි කියා හෝ මම තෘතීය ධ්‍යානයෙන් නැගීසිටියෙමි කියා හෝ’ මෙබඳු සිතක් නොවේ යයි කීහ.
[4] “ඒ එසේමය. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි මම යන හැඟීම, මගේ යන හැඟීම,’ මානය හා අනුසය ධර්ම සම්පූර්ණ වශයෙන් නසන ලදහ. එම නිසා ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට ‘මම තෘතීය ධ්‍යානයට සමවදිමියි’ කියා හෝ ‘මම තෘතීයධ්‍යානයට සමවැදුණෙමි’ කියා හෝ ‘මම තෘතීයධ්‍යානයෙන් නැගීසිටියෙමි’ කියා හෝ මෙබඳු සිතක් නොවේයයි” (ආනන්ද ස්ථවිරතෙම කීය.)
|
4. උපෙක්ඛාසුත්තං | 4. උපෙක්ඛා සූත්‍රය |
335
සාවත්ථිනිදානං
‘‘ඉධාහං, ආවුසො, සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං
|
335
(මේ සූත්‍රයේ 1, 2 වෙනි ඡේද මේ සංයුත්තයේ 1 වෙනි සූත්‍රයේ මෙනි)
[3] “ඇවැත්නි, මම මෙහි සැපයද දුරුකිරීමෙන් දුකද දුරුකිරීමෙන් පළමු කොටම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැතිකිරීමෙන් දුක් රහිත සැප රහිත උපෙක්ෂා ස්මෘතියෙන් පිරිසිදු වූ සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කරමි.
‘ඇවැත්නි, ඒ මට මම සතරවෙනිධ්‍යානයට සම වදිමියි කියා හෝ මම සතරවෙනිධ්‍යානයට සම වැදුනෙමි කියා හෝ මම සතරවෙනිධ්යානයෙන් නැගීසිටියෙමියි කියා හෝ’ මෙබඳු සිතක් නොවේයයි කීහ.
[4] “ඒ එසේමය ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි ‘මම යන හැඟීම, මගේ යන හැඟීම,’ මානය හා අනුසය ධර්ම සම්පූර්ණ වශයෙන් නසන ලදහ. එම නිසා ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට ‘මම සතරවෙනිධ්‍යානයට සමවදිමියි’ කියා හෝ ‘මම සතරවෙනි ධ්‍යානයට සමවැදුණෙමි’ කියා හෝ ‘මම සතරවෙනිධ්යානයෙන් නැඟී සිටියෙමි’ කියා හෝ මෙබඳු සිතක් නොවේයයි’ (ආනන්ද ස්ථවිරතෙමේ කීය.)
|
5. ආකාසානඤ්චායතනසුත්තං | 5. ආකාසානඤ්චායතන සූත්‍රය |
336
සාවත්ථිනිදානං
|
336
(මේ සූත්‍රයේ 1, 2 වෙනි ඡේද මේ සංයුත්තයේ 1 වෙනි සූත්‍රයේ මෙනි)
[3] “ඇවැත්නි, මෙහි මම සියලු ආකාරයෙන් රූප සඤ්ඤාවන්ගේ දුරුකිරීමෙන් හැඟීම් ස්වභාවය ඇති රූප සඤ්ඤාවන්ගේ බැහැරකිරීමෙන්, නානත්ත සඤ්ඤාවන්ගේ මෙනෙහි නොකිරීමෙන් ආකාශය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරමි.
“ඇවැත්නි, ඒ මට මම ආකාසානඤ්චායතන ධ්‍යානයට සම වඳිමියි කියා හෝ මම ආකාසානඤ්චායතන ධ්‍යානයට සම වැදුනෙමි කියා හෝ මම ආකාසානඤ්චායතනධ්යානයෙන් නැගීසිටියෙමියි කියා හෝ මෙබඳු සිතක් නොවේයයි කීහ.
[4] “ඒ එසේමය. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් විසින් බොහෝ කාලයක් මුළුල්ලේ ‘මම යන හැඟීම, මගේ යන හැඟීම,’ මානය හා අනුසය ධර්මයෝ සම්පූර්ණ වශයෙන් නසන ලදහ. එම නිසා ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට ‘මම ආකාශානඤ්චායතනයට සමවදිමියි’ කියා හෝ මම ආකාශානඤ්චායතනයට සමවැදුනෙමි’ කියා හෝ මම ආකාශානඤ්චායතනයෙන් නැගී සිටියෙමි’ කියා හෝ මෙබඳු සිතක් නොවේයයි” (ආනන්ද ස්ථවිර තෙම කීය.)
|
6. විඤ්ඤාණඤ්චායතනසුත්තං | 6. විඤ්ඤාණඤ්චායතන සූත්‍රය |
337
සාවත්ථිනිදානං. අද්දසා ඛො ආයස්මා ආනන්දො...පෙ.... ‘‘ඉධාහං, ආවුසො, සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරාමි...පෙ.... වුට්ඨිතොති වා’’ති. ඡට්ඨං.
|
337
(මේ සූත්‍රයේ 1, 2 වෙනි ඡේද මේ සංයුත්තයේ 1 වෙනි සූත්‍රයේ මෙනි.)
[3] ඇවැත්නි, මම මෙහි සියළු ආකාරයෙන් ආකාසානඤ්චායතනය දුරුකොට විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරමි.”
“ඇවැත්නි, ඒ මට මේ විඤ්ඤාණඤ්චායතනයට සමවදිමියි කියා හෝ මම විඤ්ඤාණඤ්චායතනයට සමවැදුනෙමි කියා හෝ මම විඤ්ඤාණඤ්චායතනයෙන් නැගී සිටියෙමියි කියා හෝ’ මෙබඳු සිතක් නොවේයයි කීහ.”
[4] “ඒ එසේමය. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් විසින් බොහෝ කාලයක් මුළුල්ලේ “මම යන හැඟීම, මගේ යන හැඟීම,’ මානය හා අනුසය ධර්මයෝ සම්පූර්ණ වශයෙන් නසන ලදහ. එම නිසා ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට ‘මම විඤ්ඤාණඤ්චායතනයට සමවදිමියි’ කියා හෝ ‘මම විඤ්ඤාණඤ්චායතනයට සමවැදුනෙමි’ කියා හෝ ‘මම විඤ්ඤාණඤ්චායතනයෙන් නැගී සිටියෙමි’ කියා හෝ මෙබඳු සිතක් නොවේයයි” (ආනන්ද ස්ථවිරතෙම කීය.)
|
7. ආකිඤ්චඤ්ඤායතනසුත්තං | 7. ආකිඤ්චඤ්ඤායතන සූත්‍රය |
338
සාවත්ථිනිදානං. අථ ඛො ආයස්මා සාරිපුත්තො...පෙ.... ‘‘ඉධාහං, ආවුසො, සබ්බසො
|
338
(මේ සූත්‍රයේ 1, 2 වෙනි මේ සංයුත්තයේ 1 වෙනි සූත්‍රයේ මෙනි.)
[3] “ඇවැත්නි, මම මෙහි සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරමියි.”
“ඇවැත්නි, ඒ මට ‘මම ආකිඤ්චඤ්ඤායතනයට සමවදිමියි කියා හෝ මම ආකිඤ්චඤ්ඤායතනයට සමවැදුනෙමි කියා හෝ, මම අකිඤ්චාඤ්ඤායතනයයෙන් නැගී සිටියෙමියි කියා හෝ, මෙබඳු සිතක්නොවේයයි’ කීහ.
[4] “ඒ එසේමය, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි ‘මම යන හැඟීම, මගේ යන හැඟීම’ මානය හා අනුශය ධර්ම සම්පූර්ණ වශයෙන් නසන ලදහ. එමනිසා ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට ‘මම ආකිඤ්චඤ්ඤායතනයට සම වදිමියි’ කියා හෝ “මම ආකිඤ්චඤ්ඤායතනයට සමවැදුණෙමියි’ කියා හෝ ‘මම ආකිඤ්චඤ්ඤායතනයෙන් නැඟී සිටියෙමි, කියා හෝ මෙබඳු සිතක් නොවේයයි” (ආනන්ද ස්ථවිරතෙමකීය.)
|
8. නෙවසඤ්ඤානාසඤ්ඤායතනසුත්තං | 8. නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සූත්‍රය |
339
සාවත්ථිනිදානං
|
339
(මේ සූත්‍රයේ 1, 2 වෙනි ඡේද මේ සංයුත්තයේ 1 වෙනි සූත්‍රයේ මෙනි.)
[3] “ඇවැත්නි, මම මෙහි ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරමි.
ඇවැත්නි, ඒ මට ‘මම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදිමියි කියා හෝ මම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සම වැදුනෙමි කියා හෝ, මම නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයෙන් නැඟී සිටියෙමියි කියා හෝ, මෙබඳුසිතක් නොවේයයි’ කීහ.
[4] “ඒ එසේමය, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි ‘මම යන හැඟීම, මගේ යන හැඟීම’ මානය හා අනුසය ධර්මයෝ සම්පූර්ණ වශයෙන් නසන ලදහ. එම නිසා ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට ‘මම නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයට සමවදිමියි’ කියා හෝ, ‘මම නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයට සම වැදුනෙමි’ කියා හෝ, ‘මම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙන් නැඟී සිටියෙමි’ කියා හෝ මෙබඳු සිතක් නොවේයයි” (ආනන්ද ස්ථවිරතෙමකීය.)
|
9. නිරොධසමාපත්තිසුත්තං | 9. නිරෝධ සූත්‍රය |
340
සාවත්ථිනිදානං. අථ ඛො ආයස්මා සාරිපුත්තො...පෙ....
|
340
(මේ සූත්‍රයේ 1, 2 වෙනි ඡේද මේ සංයුත්තයේ 1 වෙනි සූත්‍රයේ මෙනි.)
[3] “ඇවැත්නි, මම මෙහි සියලු ආකාරයෙන් නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයන් ඉක්මවා සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරමි. මහණෙනි, ඒ මට ‘මම සඤ්ඤාවෙදයිත නිරෝධ සමවතට සමවදිමියි කියා හෝ, මම සඤ්ඤාවෙදයිත නිරෝධ සමවතට පැමිණියෙමි කියා හෝ, මම සඤ්ඤාවෙදයිත සමවතින් නැගී සිටිමි කියා හෝ මෙබඳු සිතක් නොවේයයි” කීහ.
[4] “ඒ එසේමය, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් විසින් දීර්ඝ කාලයක් මුළුල්ලෙහි මමය. මාගේයයි ගන්නා දෘෂ්ටි මාන අනුශය ධර්මයෝ මනාකොට නසන ලදහ. එබැවින් ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට ‘මම සඤ්ඤාවෙදයිත නිරෝධයට සමවදිමියි කියා හෝ, මම සඤ්ඤාදයිත නිරෝධයට සමවැදුණෙමියි කියා හෝ, මම සඤ්ඤාවෙදයිත නිරෝධයෙන් නැඟී සිටියෙමියි කියා හෝ මෙබඳු සිතක් නොවේයයි” (ආනන්ද ස්ථවිරතෙම කීය.)
|
10. සූචිමුඛීසුත්තං | 10. සුචිමුඛී සූත්‍රය |
341
එකං සමයං ආයස්මා සාරිපුත්තො රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො ආයස්මා සාරිපුත්තො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහෙ පිණ්ඩාය පාවිසි. රාජගහෙ සපදානං පිණ්ඩාය චරිත්වා තං පිණ්ඩපාතං අඤ්ඤතරං කුට්ටමූලං
(කුඩ්ඩමූලං (සී. ස්‍යා. කං.), කුඩ්ඩං (පී.)) නිස්සාය පරිභුඤ්ජති. අථ ඛො සූචිමුඛී පරිබ්බාජිකා යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං එතදවොච
‘‘කිං
‘‘‘කිං නු, සමණ, අධොමුඛො භුඤ්ජසී’ති ඉති පුට්ඨො සමානො ‘න ඛ්වාහං, භගිනි, අධොමුඛො භුඤ්ජාමී’ති වදෙසි. ‘තෙන හි, සමණ, උබ්භමුඛො භුඤ්ජසී’ති ඉති පුට්ඨො සමානො ‘න ඛ්වාහං, භගිනි, උබ්භමුඛො භුඤ්ජාමී’ති වදෙසි. ‘තෙන හි, සමණ, දිසාමුඛො භුඤ්ජසී’ති ඉති පුට්ඨො සමානො ‘න ඛ්වාහං, භගිනි, දිසාමුඛො භුඤ්ජාමී’ති වදෙසි. ‘තෙන හි, සමණ, විදිසාමුඛො භුඤ්ජසී’ති ඉති පුට්ඨො සමානො ‘න ඛ්වාහං, භගිනි, විදිසාමුඛො භුඤ්ජාමී’ති වදෙසි’’.
‘‘කථඤ්චරහි
‘‘සො ඛ්වාහං, භගිනි, න වත්ථුවිජ්ජාතිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙමි, න නක්ඛත්තවිජ්ජාතිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙමි, න දූතෙය්යපහිණගමනානුයොගාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙමි, න අඞ්ගවිජ්ජාතිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙමි. ධම්මෙන භික්ඛං පරියෙසාමි; ධම්මෙන භික්ඛං පරියෙසිත්වා භුඤ්ජාමී’’ති.
අථ
|
341
[1] මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම්වූ වේළුවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් සැරියුත් තෙරුන්වහන්සේ උදය කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස පැමිණියහ. රජගහනුවර ගෙපිළිවලින් පිඬු පිණිස හැසිර ඒ පිණ්ඩපාතය එක්තරා බිත්ති අද්දරක හිඳ වළඳති.
[2] එකල්හි වනාහි සුචිමුඛී නම් පරිබ්රාජිකාවක් ආයුෂ්මත් සැරියුත් තෙරුන් යම් තැනකද එතැනට පැමිණියාය. පැමිණ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මේ කාරණය කීය. ‘ශ්‍රමණය කුමක් නිසා බිම බලාගෙන අනුභව කරන්නෙහිද?”
“නැගනියෙනි, මම බිම බලාගෙන නොවළඳමි.”
“එසේනම් ශ්‍රමණය, උඩ බලාගෙන වළඳන්නෙහිද?”
“නැගනියනි, මම උඩ බලාගෙන නොවළඳමි.”
“එසේ නම් ශ්‍රමණය, සතර දිශාවන් බලමින් වළඳන්නෙහිද?”
“නැගනියනි, මම සතර දිශාවන් බලමින් නොවළඳමි”
“එසේ නම් ශ්‍රමණය, අනු දිශාවන් බලමින් වළඳන්නෙහිද?”
“නැගනියනි, මම අනු දිශාවන් බලමින් නොවළඳමි.”
[3] “කිමෙක්ද ශ්‍රමණය, බිම බලාගෙන වළඳන්නෙහිදැයි අසන ලද්දේ, ‘නැගනියනි, මම බිම බලාගෙන නොවළඳමි’යි කීයෙහිය.
එසේනම් ශ්‍රමණය, උඩ බලාගෙන වළඳහි දැයි අසන ලද්දේ, ‘නැගනියනි, මම උඩ බලාගෙන නොවළඳමි’යි කීයෙහිය. ‘එසේනම් ශ්‍රමණය, සතර දිශාවන් බලමින් වළඳහි දැයි අසන ලද්දේ, ‘නැගනියනි, මම සතර දිශාවන් බලමින් නොවළඳමි’යි කීයෙහිය කිමෙක්ද ශ්‍රමණය, අනු දිශාවන් බලමින් වළඳහිදැයි විචාරන ලද්දෙම්, “මම අනුදිශාවන් බලමින් නොවළඳමියි’ කීයෙහිය. ශ්‍රමණය, කෙසේ අනුභව කරහිදැයි ඇසුවාය.”
[4] “නැගනියනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ වාස්තු විද්‍යාවයයි (පොළොවෙහි හොඳ නරක කියන ශාස්ත්‍රය) කියන ලද තිරිසන් විද්‍යාවවූ වැරදි දිවි පැවැත්මෙන් ජීවිකාව කරත්ද, නැගනියනි, මේ මහණ බමුණෝ බිම බලාගෙන වළඳන්නෝ වෙත්. නැගනියෙනි, යම්කිසි මහණ බමුණු කෙනෙක් නක්ෂත්ර විද්‍යාවයි කියන ලද තිරිසන් විද්‍යාවවූ වැරදි දිවි පැවැත්මෙන් ජීවිකාව කරත්ද, ‘නැගනියනි, මේ මහණ බමුණෝ උඩ බලාගෙන කන්නෝ වෙත්’ ‘නැගනියනි යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් පණිවිඩපනත් ගෙන යෑමයයි කියන ලද තිරිසන් විද්‍යාවවූ වැරදි දිවි පැවැත්මෙන් ජීවිකාව කරත්ද, නැගනියනි, මේ මහණ බමුණෝ සතර දිශාවන් බලමින් අනුභව කරත්.
“නැගනියනි, යම්කිසි මහණ බමුණු කෙනෙක් අංග ලක්ෂණ විද්‍යාවයයි කියන ලද තිරිසන් විද්‍යාවවූ වැරදි දිවි පැවැත්මෙන් ජීවිකාව කරත්ද, නැගනියනි, මේ මහණ බමුණෝ අනුදිශාවන් බලමින් අනුභව කරත්. ‘නැගනියෙනි, වාස්තු විද්‍යාවයයි කියන ලද තිරිසන් විද්‍යාවවූ වැරදි දිවි පැවැත්මෙන් ජීවිකාව නොකරමි. නක්ෂත්ර විද්‍යාවයයි කියන ලද වැරදි දිවි පැවැත්මෙන් ජීවිකාව නොකරමි. පණිවිඩ පණත් ගෙන යෑමයයි කියන ලද වැරදි දිවි පැවැත්මෙන් ජීවිකාව නොකරමි. අංගවිද්යාවයයි කියන ලද තිරිසන් විද්යාවූ වැරදි දිවි පැවැත්මෙන් ජීවිකාව නොකරමි. දැහැමින් භික්ෂාව සොයමි. දැහැමින් භික්ෂාව සොයා අනුභව කරමි” යනුයි.
[5] ඉක්බිති සූචිමුඛී පරිබ්‍රාජිකාව රජගහනුවර වීථියෙන් වීථියට සතරමං සන්ධියෙන් සතරමං සන්ධියට ගොස් මෙසේ දැන්වූවාය. “ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ දැහැමින් ආහාර වළඳත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ නිවැරැදිව ආහාර වළඳත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට ආහාර දෙවු” යනුයි.
|